You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Dileeka Madushani
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 3 of 11 << < 12345 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Jan 2016 08:41 PM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය - 3 කොටස ...



බටහිර අහස තද රත් පැහැයක් ගනිමින් හැන්දෑව උදා වුණු හැටි වෙනදාටත් වඩා හරිම අපුරු යැයි මට දැනුණි .. මගේ හිතට ගොඩක් නිදහස් බවක් දැනුණි . රෑ කෑම පිසින්නට අම්මාට (නැන්දා) උදවු වී පසුව මම ආලින්දය වෙත ඇදුණේ බුදුන් වැදීමටයි. බුදුන් වැද තාත්තා (මාමා) රුපවාහිණිය නරඹමින් සිටි දිශාවට යොමු වූයේ ඒ වන විටත් රාත්‍රී පුවත් විකාශනය වෙමින් තිබු නිසාවෙනි .. ඒ අතරතුර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සදහා වූ වෙළද දැන්වීම් රාශියකි .

'' දෝණි '' ....
ඒ ලෙන්ගතු වු හඩ තාත්තාගේය ...

මගේම මවත් පියත් අහිමි වුණු දා සිට කිසිදු අඩුවක්වත් නොකර පුරා අවුරුදු 20 ක පමණ කාලයක් මා රැක බලා ගත්තේ ඔහුය ... මගේ මවත් පියත් මා මෙලොව තනිකර දමා යනවිට මම බහ තෝරන වියේ පසු වුයෙමි . එවිට මට අවුරුදු 3ක් පමණ විය .

''ඇයි තාත්තේ ? ...''

තාත්තා කුමක් පවසන්නේ දැයි මම විමසුවෙමි ..

''අද දවල් ලොක්කෙ අයියා කථා කළා...

මිනිහටත් දැන් ඒ රටේ ඉදලා එපා වෙලාද කොහෙද ? ... ලබන අවුරුද්ද දිහා ලංකාවට එන කථාවක් කීවා . ''

''ඔව් තාත්තේ මටත් ඊයේ අයියා call කළා ... එන කතාවක් නම් කිවේ නෑ .. එත් එහෙ එපා වෙලා කියල නම් කිවා ''

එත් සමගම නැන්දා පැමිණියේ රාත්‍රී කෑම බෙදාගෙන මාමාට පිළිගැන්වීමටය ...

'' ළගදීම එනවා නම් කොච්චර හොදද ? කොලු පැටියා ළග නැතිව කොච්චර වේදනාවෙන්ද ඉන්නේ ? ඇහැට දැක ගන්නකන් ඉස්පාසුවක් නෑ ''

නැන්දා සෝ සුසුම් පෑවේ තම එකම පුතු තමාගෙන් දුරක සිටින නිසාවෙනි.

''ලංකාවට ආවහම මිනිහගේ කටයුතුත් පිළියෙලක් කරලා දාන්න ඕනි ''

මාමාත් නැන්දාත් ලොක්කෙ අයියා ගැන ලොකු කථාවකය ..

දෝණි කෑම කන්න යමු ''

''අම්මේ දැන්ම කන්න තරම් බඩගින්නක් නෑ .... අම්මා කන්නකෝ ...''

''හා එහෙනම් මම කන්න යනවා .දෝණි කාලා ඉවර වෙලා ඉතුරු බත් වලට වතුර දාන්න ''

නැන්දා එසේ පැවසුවේ තාත්තා ට උදේට දිය බත් සාදා දීමටය. තාත්තාට ඉද හිට gastric හැදෙන නිසාවෙනි ,,

මගේ දුරකථනය නාද වූ නිසාවෙන් මම කාමරය වෙත ගියෙමි ..

1 missed call ...

ඒ තත්සර අයියාගෙනි ...

මම ඇදේ හාන්සිවීගෙනම fb log වුණෙමි .

මැට්ටි හොරෙන්ම fb ඇවිත් නේද? මට msg එකක්වත් එවුවේ නෑ ගෙදර ගියා කියලවත් ..

තත්සර අයියා chat කරන්නට පටන් ගත්තේය .

අයියෝ අම්මා කෑම කන්න කථා කරනවා නගෝ මට ...

මම - monawada kanna thiyenne

ඔහු - bath ekka monavada danne na.oyatath kavannada

මම - ha . badagini .he

ඔහු - ehemada.ehenam bath ekak evannada?

මම - haaaaaaaaaa

ඔහු - ennako ape gedara avoth kavannam

මම - aiyo

ඔහු - ehenam adress eka denna post karanna

මම - heee

ඔහු - ela ela.mama kala ennam nangi.

මම - හා .බුදු සරණයි අයියේ

ඔහු - බුදු සරණයි නංගි . මන් කාලා ඇවිත් phone ekata msg එකක් දාන්නම්කො .

මම - ok අයියා . මමත් කෑම කාලා එන්නම්කෝ .

ටික වෙලාවකට පසුව ඔහුගෙන් msg එකක් ලැබුණි ..

''මම කෑවා ..මැට්ටි කෑවද ?''

''හ්ම්ම් ..මම කෑවා .. අයියා මොනවද කෑවේ ?''

''හැමදාම කන පරිප්පු තමයි . heee ''

දිගින් දිගටම ඔහු msg එවන්නට විය . ඔහු ගැන සියලු විස්තර මා සමග පැවසීය .

ඔහු බාහිර උපාධි කරන්නට ගොස් ඇති අතර ඒ exam එක කාලයේදීම ඔහුගේ පියා ඔහුව තනිකොට දමා යන්නට ගිය නිසාවෙන් ඔහුට exam එක හරි හැටි කර ගන්න නොහැකිව තිබුණි. ඔහුගේ පියා රණවිරුවෙකි... පවුලේ බර ඔහු ට තනිව දරන්නට සිදුව ඇත ..

මම මගේ විස්තරත් ඔහු සමග කීවෙමි ..

ඔහු - fb eken godak yaluvo set venava.samahara aya harima hoda aya neda nangi .. hariyata oyayi maayi wage ..

මම -Ow Aiye.eke Anith Peththa Wedi Hebei.hoda Aya Ekai.naraka Aya 1000k.

ඔහු -ekanam aththa.mama 1000n ekkenekda

මම - Eka Nam Dan Ne Aiya

ඔහු -ai hitha ganna barida.he heee tika dawasak asuru karala kiyanna Amarui.hee

ඔහු -aniva.minissu jeevitha kalema laga hitiyath samahara velavata therum ganna ba neda?

මම - Ow Aiye.sinahawen Ho Kathawen Be.godakma Wala Kapanne Lagin Inna Ayamai.

ඔහු - eka aththa. mama photo ekak damma fb ekata heta balanna

මම - Ha Aiye Heta Blnnamko

ඔහු - මැට්ටි මටත් photo එකක් එවනවා නේද ?

මම - හී ,, නෑ .

ජිවිතේ ගැන ගොඩාරියක් දේවල් ගැන msg පාන්දර 1, 2 වෙනකන්ම ...

අයියේ මට නම් දැන් දොයිමතයි ..

හලි හලි දොයියමු මැට්ටි ...

good night ...
budu saranayi ....!!!! ok aiyaaa
good night ...
budu saranayi . tc..!!

- මතු සම්බන්ධයි -
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jan 2016 12:12 AM
  •  Quote
  •  Reply
"good night ...
budu saranayi . Tc..!!" මෙ ටික තමයි මම නම් ආසම ටික
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jan 2016 12:27 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 27 Jan 2016 12:12 AM
"good night ...
budu saranayi . Tc..!!" මෙ ටික තමයි මම නම් ආසම ටික
ඔය කෑල්ල විතරක් තිබුනත් ඇති වගේද ඔයා ඔහොම චැට් කළා නම්. 

පොඩ්ඩි නංගිගේ කතාවේ තෙවෙනි කොටසට ස්තූතියි. බලමුකෝ හතරවෙනි කොටස ආවහම.


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Jan 2016 01:20 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 27 Jan 2016 12:12 AM
"good night ...
budu saranayi . Tc..!!" මෙ ටික තමයි මම නම් ආසම ටික
hee e moko aiye

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2016 04:31 AM
  •  Quote
  •  Reply
මට නිකන් පිස්සු වගේ.............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jan 2016 08:53 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නාග මොකෝ මේ අපේ ශා මල්ලිට පිස්සු හැදුවේ ..පවුනේ කොල්ලා

මේ කොටසත් කියෙවුවා ... ඊලග කොටස එනකම් ඉන්නේ නගෝ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Jan 2016 09:02 PM
  •  Quote
  •  Reply
නියමයි පොඩ්ඩි කථාව ............
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Jan 2016 09:15 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 27 Jan 2016 04:31 AM
මට නිකන් පිස්සු වගේ.............

ඇයි කළු අයියේ පිස්සු වගේ හි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Jan 2016 09:19 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 27 Jan 2016 09:02 PM
නියමයි පොඩ්ඩි කථාව ............
ස්තුති අයියේ

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Jan 2016 10:15 PM
  •  Quote
  •  Reply
කොටස් 3 නම බැලුවා ..ගොඩක් ලස්සනයි... 4 වෙනි කොටස එනකම් බලා සිටිමි 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Jan 2016 10:53 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 27 Jan 2016 08:53 AM
පොඩ්ඩි නාග මොකෝ මේ අපේ ශා මල්ලිට පිස්සු හැදුවේ ..පවුනේ කොල්ලා

මේ කොටසත් කියෙවුවා ... ඊලග කොටස එනකම් ඉන්නේ නගෝ
එක තමයි අක්කි .. ඔන්න ඕවට මම නම් වග කියන්නේ නෑ හැබැයි

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Jan 2016 10:54 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 27 Jan 2016 10:15 PM
කොටස් 3 නම බැලුවා ..ගොඩක් ලස්සනයි... 4 වෙනි කොටස එනකම් බලා සිටිමි 

ස්තුති අයියේ.. ඊලග කොටස ලගදීම . හි හි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Jan 2016 10:57 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 27 Jan 2016 09:02 PM
නියමයි පොඩ්ඩි කථාව ............
ස්තුති අයියේ..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Jan 2016 02:49 AM
  •  Quote
  •  Reply
හැදුන පිස්සුව තව ටිකක් මෝරන්නත් එක්ක තව හිතට කථා කරන අකුරැ ටිකක් දාන්නකෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Jan 2016 02:57 AM
  •  Quote
  •  Reply



4 කොටස

කාලය මෙලෙස ගෙවී ගියේ ය . තත්සර අයියා ඕනෑවටත් වඩා මම ගැන සිතන බවක් මට හැගුණි . දිනපතාම ඔහුගෙන් කෝල් එකක් අනිවාර්යයෙන්ම මට ලැබුණි . මා හට වෙනදා තිබුණි පාළු තනිකම් නොදැනුණේ තත්සර අයියා නිසාවෙනි .
මම වැඩට ගියාද ? කෑම කෑවාද ? මොකද කරන්නේ මේ හැමදේම නිරතුරුවම ඔහු විසින් සොයා බලන්නට විය.

අපේ කම්පැනි එකෙන් සංවිධානය කරනු ලබන අත්කම් හා චිත්‍ර ප්‍රදර්ශනය ලබන මාසේ පැවැත්විමට යොදාගෙන තිබුණි.
තත්සර අයියටත් මම ඒ ගැන පවසා තිබුණි.

''මැට්ටි මම ලබන මාසේ නුවර එනවා පොඩි වැඩ වගයකට .ඒ ගමන්ම මම එන්නම්කෝ ප්‍රදර්ශනයත් බලලා මැට්ටිවත් බලලම යන්න .'' හා නේද ?

හා අයියේ එන්නකෝ ..
කොච්චර හොදද?...
...................................................
මම ඇගිලි ගනිමින් සිටි දින උදා විණි.තත්සර අයියා උදෑසනම මට sms පණිවිඩයක් එවා තිබුණි .

''මැට්ටි මම දැන් දඹුල්ල ටවුන් එකේ ඉන්නේ. මම නුවරට ඇවිත් කෝල් එකක් දෙන්නම්කෝ ...''

''හා අයියේ පරිස්සමින් එන්න ...''

නැවතත් ඔහුගෙන් sms එකකි .

''ඔයාගේ අතින් උයාගෙන කෑම එකක් ගෙන්න මටත් එක්ක මගේ මැට්ටියේ ..''

මම හා නැන්දා (අම්මා) ඒ වන විටත් කෑම පිලියල කර අවසන් වී තිබුණි.

මම උදේට නොකා කෑම පාර්සල් 2 ක් ද පිළියෙළ කරගෙන වෙනදාටත් වඩා වේලාසනින් පිටත් වුයේ ප්‍රදර්ශනයේ වැඩ කටයුතු අධික වූ නිසාවෙන් එදින කාර්යබහුල දිනයක් වූ නිසාවෙනි .
10 ට පමණ තත්සර අයියගෙන් දුරකථන පණිවිඩයක් ලැබුණි . මැට්ටි මම දැන් නුවර ටවුන් එකේ ඉන්නේ.. ,, කොතනද කියන්නකෝ කම්පැනි එක තියෙන්නේ . කොයි බස් එකේද මන් එන්න ඕනි.

මම ඔහුට එන්න ඕනි විදිහ පවසා දුරකථනය විසන්දී කළේ තරමක් ගැහෙන හදින් යුතුවමය.

ටික වෙලාවකින් පසුව ඔහු පැමිණ ඔහුගේ විමසිලිමත් දෙනෙත් මාව හොයන සැටි දැක මම ඔහු වෙත ගියෙමි. ඔහු මාව කිසිදිනක ඡයාරුපයකින්වත් නොදැක තිබු අතර මට ඔහුව දුටු විගසම හදුනාගන්නට හැකිවිණි .
'' එන්න තත්සර අයියේ ...''

'' තරු "

''අර කටකාර කෙල්ල තරුෂි විහංගනා ඔයාද ?''
කියමින් ඔහු මාගේ දෑස් ළග මොහොතක් නතර විණි.

මම ලැජ්ජාවෙන් අහක බලා ගත් හින්දමද මන්දා ... ''ආඩම්බර කෙල්ල '' කියමින් ඔහු මුමුණන්ට විය ..

''මැට්ටි මේ මම පොඩි තෑග්ගක් ගෙනාවා මාව හැමදාටම මතක් වෙන්න .. '' කියමින් ඔහු අත වු පාර්සලයක් මා වෙත පෑවේය ..

මම ඔහුට ස්තුතිය පල කරමින් එය අතට ගනිමින්ම .. ''යමු තත්සර අයියේ එන්නකෝ .
ඔයා කාලා අවේ නැනි ගිහින් කෑම කාලම එමු.. .''

''හා යමු මැට්ටි ''

මගේ මිතුරියක වු දිනුකිට ද තත්සර අයියාව හදුන්වා දෙමින් තිදෙනාම එක්ව කෑම සදහා ගියෙමු.

'' මැට්ටිට රසට උයන්න පුළුවන් නේද ?

'' මම මොකුත් නොකියාම ඔහුට සිනහවකින් පිළිතුරු දුන්නෙමි ..

තත්සර අයියා මන් හිතුවටත් වඩා ගොඩක් හොද නිහතමානී කෙනෙක් බව ඔහුගේ දෑස් දුටු විටම මට හැගුණි ..

'' මේ අහිංසක නිහතමානී ඇස් මගේම කර ගන්නට ඇත්නම් ...''

මගේ සිතුවිලි අතර මම මොහොතක් අතරමං වුණෙමි ...

'' තරු ඔයා කාලා ඉවරද ?''

දිනුකි විමසන්නට වුයෙන් .. '' ඔව්'' කියමින් පිළිතුරු දෙමින් නැගිට්ටේ අත සෝදා ගැනීමට යාමටයි ..

එත් සමගම මගේ සාරිය පුටුවක් සමග පැටලවි වැටෙන්නට ගොස් තත්සර අයියා මා අල්ලා ගත්තේය.
'' මේ කෙල්ලට කෑම කෑවම තියෙන ශක්තිය නහි වෙනවද මන්ද '' කියමින් ඔහු සිනාසුණි .. දිනුකිද ඔහු හා සමගින් සිනාසෙන්නට විය .

'' කෙනෙක්ට කරදරයක් වුණාම ඉතින් යාළුවෝ හිනා වෙනවද ඔහොමත් '' කියමින් අත සෝදාගෙන ආවේ ප්‍රදර්ශනය නැරඹීමට තත්සර අයියාත් සමග යාමට ය.

යමු තත්සර අයියේ එන්න .. දිනුකි අපි යමු එන්නකෝ ..
'' හරි බන් යමු. මේකිට තියෙන හදිස්සියක් '' ඇය නොරිස්සුම් සහගතව පැවසුවාය .
කාලය ඉතාමත් ඉක්මනින් ගෙවී ගොසිනි .

සිත්තම් කර තිබු සිතුවම් නරඹමින් යන අතරමග දිනුකි මා විසින් සිත්තම් කර තිබු සිතුවම් කිහිපයක් ළග නතර වෙමින් ..

'' මේක තරු ඇදපු ඒවා අයියේ ..'' තත්සර අයියාට පැවසිය ...

''ෂා නියමයිනේ මැට්ටි ..''

''කවිකාරිට ලස්සනට චිත්‍රත් අදින්න පුලුවන්නි.
ඇත්තටම ගොඩක් ලස්සනයි.''

' ස්තුති අයියේ '' මම ඔහුට නිහතමානිව ස්තුතිය පුද කර සිටියෙමි .

ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව ටික වේලාවක් අප සමග රැදී සිටි තත්සර අයියා වෙන්නව යන්නට සැරසුණේ ඒ වන විටත් හැන්දෑව උදා වෙමින් පැවතුණු නිසාවෙනි.

ඔහුට සමු දෙන්නට මත්තෙන් මා විසින් සිත්තම් කර තිබු සිත්තමක් තත්සර අයියගේ දෑත් මත තැබුවෙමි....

'' ගොඩක් ස්තුති මැට්ටි ''
''ඔයාව මතක් වෙන්න මම මේක මගේ කාමරේන්ම එල්ල ගන්නම්කො .''
''දිනුකි නගෝ මම යනවා ''

''එහෙනම් මම යනවා මැට්ටියේ ''

හා පරිස්සමින් යන්න තත්සර අයියේ . ''බුදු සරණයි ''

'' බුදු සරණයි තරු .. මම ගිහින් කෝල් එකක් දෙන්නම් මැට්ටිට '' පරිස්සමින් ගෙදර යන්න රැ වෙනකන්ම ඉන්න එපා මගේ මැට්ටිත් ''
කියමින් ඔහු අපට සමු දෙන්නට විය .

ඔහු බොහෝ දුරක් යනතුරු මම බලා සිටියෙමි ....

- මතු සම්බන්ධයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Jan 2016 04:08 AM
  •  Quote
  •  Reply
එන්න එන්නම කතාව සුන්දට වෙනවා ...
ස්තූතියි මැට්ටි සොරි සොරි පොඩ්ඩි..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Jan 2016 10:09 AM
  •  Quote
  •  Reply
සුන්දරව ගලාගෙන යනවා කථාව පොඩ්ඩි. ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jan 2016 10:42 AM
  •  Quote
  •  Reply
තවත් කොටසක් නේද..? රස වින්දා කොටසත්. බොහොම ස්තුතියි.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Feb 2016 04:04 AM
  •  Quote
  •  Reply



.............තත්සර ප්‍රේමය .....................
5 කොටස.



ප්‍රදර්ශනයේ වැඩ කටයුතු නිම වීමෙන් අනතුරුව මම ගෙදර ගොස් නොයිසිලිමත්ව මා ඇත වූ පාර්සලය දිග හැර බැලුවේ තත්සර අයියා විසින් මට තෑගී කළේ කුමක්දැයි යන්න දන ගැනීමටයි. ලස්සනම ලස්සන රෝස මල් වලින් පිරුණු විදුරු මල් වාස් එකක් .ඒ අතරේ පොඩි කොළයක් විණි . මම එය දිග හැර බැලුවෙමි .

'' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''.

මට මහත් වු සතුටක් දැනුණි.

තත්සර අයියා මිට පෙර එකම එකදු දවසකවත් ඔහු මට ආදරය කරන බවක් නිකමටවත් පවසා නොමැත. එත් ඇත්තටම තත්සර අයියගේ හිත මේ මට ගොඩක් ආදරේද ?

මගේ දුරකථනය නාද විය .. දුරකථන ඇමතුම තත්සර අයියගෙනි.

'' මැට්ටි මම දැන් ගෙදර ආවේ . ඔයා කෑම කැවද ?..''

'' නෑ අයියේ මමත් මේ දැන් ටිකකට කලින් අවේ. අද ඉතින් වැඩ ගොඩයිනි . එතන වැඩ ටික ඉවර වෙන්න ටිකක් පරක්කු වුණා .''

'' හරි තරු ,එහෙනම් මම පස්සේ කෝල් එකක් ගන්නම්, මට හෙට ක්ලාස් එකේ වැඩ වගයකුත් තියෙනවා .''

''හා අයියේ . බුදු සරණයි ..!!

'' බුදු සරණයි '' මැට්ටිටත් '' කියමින් තත්සර අයියා විසින්ම දුරකථන ඇමතුම විසන්ධි කෙරිණි.

මම මොහොතක් ඇදේ හාන්සි වීගෙන කල්පනා කළේ තත්සර අයියා ගැනය ..

'' දෝණි මොකද ? අද මහන්සිද ගොඩක් ... තව රෑ වෙන්න කලින් නාගෙන එන්න ගිහින් ''

ඒ අම්මාගේ හඩය ..

'' හා අම්මේ '' මම පිළිතුරු දුනිමි ...

- මතු සම්බන්ධයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Feb 2016 10:28 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තූතියි තවත් කොටසකින් ත්‍රෙඩ් එක රස ගැන්වුවාට නංගි. ඉඩ ලැබුනහම ඊලග කොටසකුත් ලියන්නකෝ.
0
Add Reply
Page 3 of 11 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below