You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 3 of 31 << < 12345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Mar 2016 06:43 AM
  •  Quote
  •  Reply
Poems ටික නං ගොඩක් ලස්සනයි
Poems නැතුවා හරි කමක් නැහැ මේ පැත්තට ඔලව දාලා යනවනං
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 06:46 AM
  •  Quote
  •  Reply
මාරයි ආ.......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Mar 2016 07:38 AM
  •  Quote
  •  Reply
හරිම ලස්සන නිසදැස් පෙළක්. ස්තුතියි නංගි.

ඉඩකඩ තියෙන විදියට ඔයාගේ ලස්සන නිර්මාණ අපිත් එක්ක බෙදා හදා ගන්න. අපි ගොඩක් කැමතියි තවත් කෙනෙකුගේ රසවත් නිර්මාණ කියවන්න. රසවිඳින්න. 

අපේ ෂා මලය කියනව වගේ කාලය ඉඩකඩ සීමිත නම් හැකි විදියකට ඇවිල්ල මොනවා හරි ත්‍රෙඩ් එකක කොම්න්ටුවක් දෙකක් කොටලා යන එක උනත් ගොඩක් වටිනවා.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Mar 2016 10:22 PM
  •  Quote
  •  Reply
ලස්සන නිසදැස් කවියක්.. මෙවා කියවන්න අපි හරි ආසවෙන් බලාගෙන ඉන්නේ..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Mar 2016 04:29 AM
  •  Quote
  •  Reply

LOVE U DAD


- මහා ගුණ කද ඔබ -


මහා ගගකි ඔබ
නිහඩ නිසල ලෙස ගලන ...

මහා වෘක්ෂයයි ඔබ
අතු පතර සීරුවට දරන ...

මහා කෙත් වත්ත ඔබ
කුසගින්න සන්සිදුවාලන ...

දිදුලන හිරු ඔබ
මුළු ලොවක් එකලු කරන ...

සද සිසිල ඔබ
ගිමන් වූ හද නිවන ...

විශ්වාසනීය පුරුෂයා ඔබ
ලෙන්ගතුව ළග හිදින ...

සොදුරු ප්‍රේමය ඔබ
මා කිසිදා මුලා නොකරන ...

මහා වරුසාව ඔබ
රළු බිම සරුසාර කරන ...

සිසිල් පීන්න ඔබ
මගේ මුව දොවන ...

මහමෙර පර්වතය ඔබ
අපමණ සෙනෙහෙ දරන...

මහා මිහි මඩල ඔබ
දුක සතුට උහුලන ....

දොළොස් මහා පහන ඔබ
නොනිමි මගේ ලොව දැල්වෙන ...

බුදුනට පමණක් දෙවැනි ඔබ
මගේ ලොව අග රජිදු වන ...

යනෙන සසර මග ඔබ
මගේම පියාණන් වන ...

ගයා නිම කල නොහැක ඔබ
උතුම් මිනිසායි ලොවේ හිදින ...

පාරමී පුරනු ඔබ
සසර දුක නිවා බුදු වෙන්න ...

- ඩිලීකා මධුශානි -
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Mar 2016 04:58 PM
  •  Quote
  •  Reply
පියාණන් වෙනුවෙන් ලියවුනු ලස්සන පද එකතුවක් ...ස්තුතු නන්ගෝ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Mar 2016 05:21 PM
  •  Quote
  •  Reply
පියානන් ගැන කවි ගී ලියවුනා මදි ..........නියමයි පොඩ්ඩි ...හරිම ලස්සනයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Mar 2016 09:43 PM
  •  Quote
  •  Reply
තවත් ලස්සණ පැදි පෙලක්.. තව තවත් ලියන්න දිරිය ලැබේවා !!
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Mar 2016 12:36 AM
  •  Quote
  •  Reply
පියාණන් ගැන කියවෙන අපුරැ පද පෙලක්. හරි ලස්සනයි පොඩ්ඩියෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Mar 2016 06:17 PM
  •  Quote
  •  Reply
sthuthiyi hamotama.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Mar 2016 08:53 PM
  •  Quote
  •  Reply
මහා ගගකි ඔබ
නිහඩ නිසල ලෙස ගලන ...


තාත්තා කියන්නේ නිහඬවම හිඳිමින් දරුවන්ට ආදරය රැකවරණය දෙන චරිතයක්. බොහොම ස්තූතියි පොඩ්ඩි මේ ලස්සන නිසදැස් පෙළට.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Mar 2016 09:37 PM
  •  Quote
  •  Reply
ඇත්තටම මව්ගුණ ගී වලට සාපේක්ෂව පිය ගුණ ගී හරි අඩුයි..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Apr 2016 05:01 AM
  •  Quote
  •  Reply
...වැදූ දෙමාපියන් ගැන අමතක කරනු එපා .....

දස මසක් පුරා දරා කුස මත්තේ
උහුලනා දුක දන්නේ මවක්මයි
සිත පුරා බෝ සෙනෙහස දරා
හෙළනා දා කදුළු දන්නේ පියෙක්මයි ....

ලොකු මහත් කරනට විදි දුක්
නොකා නොබී ඔවුන් හැමවිට
ඔබ වෙනුවෙනුයි කල ඉතුරුම්
ඒ ලෝබකමට නම් නෙවෙයි ....

උස මහත් වූ කරදඩු හෙබි පුතු
නිල්මිණි රු සිරි සපිරූ සුදු දුව
පෙම්වත් පෙම්වතියන් වෙලානේ
මවුපියන්ගේ බසටත් පිටුපාගෙන ....

කියනා බස් ගන්නේ නෑ කිසි කනකට
සැර වැර කරමින් අඩි හප්පාගෙන
රන්ඩුයි හිස අත ගා කිවොත් නම්
හැදෙන්න යහ ගුණ දම් දු පුතුනට ....

මවටත් වැඩියෙන් විශ්වාසය කෙල්ලට
පියාටත් වැඩියෙන් විශ්වාසය කොල්ලට
කෑවද බීවද යන එන හැම තැන් හැමවිට
හොයන්න මවුපිය ගැන නම් නෑ ගානක්....

සැබෑ ආදරේ හදුනන පෙම්වත් පෙම්වතියන්
ඉන්නේ අතලොස්සයි අපේ මිහිපිට නම්
රූපෙට,මුදලට වහ වැටිලා උන්මාද වෙලා
ඉන්නා පිස්සන් ගොන්නයි හිත් රවටාලා ....

හැදිච්චකම් ලැජ්ජා බියකම් නම් දැන් නෑ
ඉන්නේ යන්නේ කොතනද දන්නේ නෑ
වැරදුනොතින් නම් ඒවා යලි හදන්න බෑ
පසුතැවිලා අඩලා දොඩලා හිත්‍ හදන්න බෑ ....

මේ හැම දේටම මුල මරණයමයි සිතනවනේ
ප්‍රශ්න වලින් හනික පැනලා යන්න දුවනවනේ
වැදූ දෙමාපියන් ගැන අමතක කර දමනවනේ
ජිවිතයෙන් පලා ගිහින් හැමට දුක් දෙවනවනේ ....

එපා එපා මවුපිය වදනට පිටු පාන්න
එපා එපා ආගම දහමට පිටු පාන්න
එපා එපා බොරු පෙමට රැවටෙන්න
එපා එපා මේ ජිවිත බිල්ලට දෙන්න ....

- ඩිලීකා මධුශානි-
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
01 Apr 2016 05:02 AM
  •  Quote
  •  Reply
ලස්සනට ලියැවුණු පද දැන් දැන් ලියන්න වෙලාවක් නැද්ද පොඩ්ඩි නංගි ..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Apr 2016 05:27 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 01 Apr 2016 05:02 AM
ලස්සනට ලියැවුණු පද දැන් දැන් ලියන්න වෙලාවක් නැද්ද පොඩ්ඩි නංගි ..
welawa thiyena widihata liyanawa aiye...  sthuthiyi aiyata agaya kirimata

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Apr 2016 08:05 AM
  •  Quote
  •  Reply
අද පොඩ්ඩිත් ඇවිත් ඉන්නේ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Apr 2016 08:07 AM
  •  Quote
  •  Reply
බොහොම අගෙයි. හැකියාව තමයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2016 09:50 AM
  •  Quote
  •  Reply
දෙමාපියන්ට නිසි ලෙස ගරු කරන සලකන කෙනා තමයි තමාගේ සහකරු හෝ සහකාරියටත් හොඳින් සලකන්නේ. දෙමාපියන් නොසලකා හරින කෙනා සහකරු/සහකාරිය ටත් පසු කාලීනව සලකන්නේ එහෙමම තමයි. මුල් කාලේ දෙමාපියන්ගේ වචනයටත් පිටුපා බෙල්ලේ බැඳගෙන වගේ ඉන්න හැදුවට පස්සේ තමන්ටත් වෙන්නේ ඒ ටිකමයි කියල තේරුම් යන්න කාලයක් යනවා. එතකොට ප්‍රමාද වැඩියි.
පොඩ්ඩිගේ නිසදැස හරිම අගෙයි. ඔයාගේ නිසදසට මම තව පොඩි අදහසක් එකතු කළේ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Apr 2016 04:19 PM
  •  Quote
  •  Reply
නගා ගෙන් තවත් ලස්සන කවියක් ...මදුරංග ගේ කතාවට මාත් එකගයි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Apr 2016 07:41 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 01 Apr 2016 09:50 AM
දෙමාපියන්ට නිසි ලෙස ගරු කරන සලකන කෙනා තමයි තමාගේ සහකරු හෝ සහකාරියටත් හොඳින් සලකන්නේ. දෙමාපියන් නොසලකා හරින කෙනා සහකරු/සහකාරිය ටත් පසු කාලීනව සලකන්නේ එහෙමම තමයි. මුල් කාලේ දෙමාපියන්ගේ වචනයටත් පිටුපා බෙල්ලේ බැඳගෙන වගේ ඉන්න හැදුවට පස්සේ තමන්ටත් වෙන්නේ ඒ ටිකමයි කියල තේරුම් යන්න කාලයක් යනවා. එතකොට ප්‍රමාද වැඩියි.
පොඩ්ඩිගේ නිසදැස හරිම අගෙයි. ඔයාගේ නිසදසට මම තව පොඩි අදහසක් එකතු කළේ.


… …මල්ලි හරි මල්ලි
0
Add Reply
Page 3 of 31 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below