Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Aug 2017 08:59 AM by hasitha dhananjaya වකුගඩු නරක් වෙලානම් මෙන්න මෙ රෝග ලක්ෂණ හටගන්නවා වකුගඩු රෝගය මාරන්තිකයි දැන්ම දැනුවත් වෙන්න. 105 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 6 << < 12345 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 01 Oct 2016 07:10 PM Posted By hasithad on 30 Sep 2016 09:02 AM ඇත්තටම ඊයේ රෑට අපි කෑවේ රොටී කුරක්කන් නොදමා. හැබැයි ලුනුමිරිස් එක්ක නෙමෙයි පොලොස් එක්ක. කියනවට කාලා බලන්නකෝ කොහොමද කියලා. හී මාත් කෑවනේ කුරක්කන් රොටී පොලොස් එක්ක... පොලොස් හැදුවෙ මම 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 01 Oct 2016 07:11 PM Posted By hasithad on 30 Sep 2016 09:02 AM ඇත්තටම ඊයේ රෑට අපි කෑවේ රොටී කුරක්කන් නොදමා. හැබැයි ලුනුමිරිස් එක්ක නෙමෙයි පොලොස් එක්ක. කියනවට කාලා බලන්නකෝ කොහොමද කියලා. හී මාත් කෑවනේ කුරක්කන් රොටී පොලොස් එක්ක... පොලොස් හැදුවෙ මම 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 01 Oct 2016 07:21 PM නියමයි 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Nov 2016 01:35 AM උදෑසන අවදි වූ වහා ජලය පානය කිරීමෙන් ලැබෙන වාසි 5ක් අපේ ශරීරය සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගී තිබෙන්නේ ජලයෙන්. පේශි වලින් 75%ක්, අස්ථි වලින් 22%ක්, රුධිරයේ 83%ක් සහ හොඳම දේ, මොළයෙන් සියයට 90ක් ම ජලය! ඒ හින්දා මේකෙන් ගන්න තීරණ වලට වතුරත් වගකියන්න ඕන. ඒ කොහොම නමුත්, මේ ඉලක්කම් වලින් පැහැදිලි වෙන්නේ හොඳ සෞඛ්‍යයක් පවත්වා ගන්නට සහ ශරීරයට අහිතකර දේවල් වලින් ආරක්‍ෂා වෙන්නට වැඩිපුර වතුර බොන්නට සිද්ධ වෙන බවයි. ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක වතුර බොන්න අමතක වෙනවා ඇති. ඒත් මේ කියන්නට යන්නේ උදේ නැගිට්ට ගමන් ම කරන දෙයක් නිසා, මුලදී අතපසු වුණත් පස්සේ ඒක පුරුද්දකට යන නිසා පහසුවෙන් ලබාගන්නට පුළුවන් වාසි රැසක් ගැන යි. මෙය අපිට ජපානයෙන් හමුවන පුරුද්දක්. බොහෝ ජපන් කාන්තාවන් උදෑසන පිබිදුණු වහා හිස්බඩම ජලය පානය කරන අතර එම චාරිත්‍රය ජපාන සංස්කෘතියේ ඈත අතීතයේ සිටන්ම පැවත එන එකක්. දැන් විද්‍යාත්මකවද තහවුරුවී ඇත්තේ ඔවුන්ගේ ඒ පුරුද්ද නිසා තරබාරුකම, දියවැඩියාව වැනි රෝග රැසක්ම වැළකෙන බවයි. ඒ කියන්නේ, දිය වැඩියෙන් බිව්වොත් දිය වැඩියාව අඩු වෙනවා. කරන හැටි කියන්නට කලින් ලැබෙන දේවල් කියලා ඉන්නම්. එතකොට ජලය පානය කරන්න ඕන ඇයි කියන එක මුලින් ම පැහැදිලි වේවි. ලැබෙන වාසි 1 – පරිවෘත්තීය ක්‍රියා වැඩි දියුණු වීම (wdy.h-cdn.co) පරිවෘත්තීය ක්‍රියා හෙවත් ආහාරවල පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය සඳහා බිඳැලීමට හිස්බඩ ජලය පානය කිරීමෙන් සියයට විසි හතරක දායකත්වයක් ලැබෙනවා. එමගින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වන නිසා ආහාර ජීර්ණ අපහසුතා අවම වෙනවා. ඉතින් අපි දවසේ කන ආහාර ඉතා ඉක්මණින් දිරවන නිසා ආහාර ගැනීමෙන් බොහෝ වේලාවක් යනතුරු තිබෙන හිසේ අමාරුව, බඩ පිරුණු ගතිය සහ නිදිමත අවම වෙනවා. එවිට ඔබේ දෛනික වැඩ කටයුතු වලට විශාල පහසුවක් ලැබෙනවා වගේම ආහාරවල පෝෂක කොටස් ඉතා හොඳින් ඇඟට අවශෝෂණය වන නිසා ගන්නා ලද ආහාරවල උපරිම ප්‍රයෝජනය ලැබෙනවා. මෙසේ ආහාර හොඳින් ජීර්ණය වීම නිසා මළපහ කිරීමේදීත් අපහසුතා ඇති වීම බෙහෙවින් අවම වෙනවා. 2 – ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඉවත් වීම (3.bp.blogspot.com) ජලය පානය කරද්දී එමගින් ස්වාභාවිකවම බඩවැල් ක්‍රියාකාරීත්වයට පත් කරනවා. අපි නිදාගන්නාවිට රාත්‍රියේදී ශරීරයේ අලුත්වැඩියා කිරීම් ඇරඹෙන අතර එහිදී ශරීරයට අනවශ්‍ය සහ අහිතකර කොටස් නිපදවෙනවා. මේ නිසා උදේම හිස්බඩ ජලය පානය කළාම මේ සියළු විෂද්‍රව්‍යයන් ඉවත් කරවන අතර ඉන් නැවුම් සහ නීරෝගී ශරීරයක් ඔබට ලැබෙන අතරම පේශී සෛල සහ නව රුධිර සෛල නිපදවීමේ ප්‍රමාණය ද ඉහළ යනවා. 3 – තරබාරු බව අඩුවීම (s3.amazonaws.com) මෙය නම් ජලයේ තිබෙන අපූර්ව හැකියාවක් නිසා සිදුවෙන දෙයක් නෙවෙයි, ඒත් ඕනම නම් අවකාශයේ ඉඩක් අත්පත් කරගන්නා නිසා කියලා කියන්නත් පුළුවන්. කොහොමහරි, අපි උදෑසන සහ අනෙකුත් කෑම වේල් වලට පෙර ජලය ස්වල්පයක් පානය කළාම හිතුමතේ අපි ආහාර හෙවත් කැලරි ගොඩගසා ගැනීම නවතිනවා. ජලය නිසා බඩ පිරී ඇති බවක් දැනෙන නිසා අපි ආහාර ගන්නා ප්‍රමාණය අඩු වෙනවා. මෙය රසය නිසා ආහාර ගැනීමට පෙළඹී ඇති අයට බොහෝ වැදගත් වේවි. 4 – සම පැහැපත් වීමට සහ ලස්සන කෙස් කළඹක් සඳහා (carliescuttingedgesalon.com) ජලය පානය නොකොට සිටීම නිසා ශරීරය විජලනය වීමෙන් සම වියළීමට පත් වෙනවා. එමගින් අකාලයේ සමේ සිදුරුමය ස්වභාවයක් සහ රැළි වැටීමට පටන් ගන්නවා. එම නිසා හොඳින් ජලය පානය කිරීමෙන් සමේ පිරුණු ස්වභාවයක් ඇතිවීමට සහ දීප්තිමත්, හොඳ පැහැයක් ලැබීම සිදුවෙනවා. කොණ්ඩයටත් එහෙමයි. කෙස්ගසකින් 1/4කම ජලය අඩංගු වන අතර ජලය නිසිව නොලැබීමෙන් කෙස් ගැලවී යන සහ කැඩී යන ප්‍රමාණය ඉහළ යනවා. 5 – මුත්‍රාගල් සහ මුත්‍රාශයේ ආසාදන වැළැක්වීම (comiterpa.com) පිබිදුනු වහා හිස්බඩ ජලය පානය කිරීමෙන් උදරයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි අම්ලකාරී තත්වයන් තනුක කරලන නිසා වකුගඩුවල ගල් ඇතිවීම වළකිනවා. එසේම නිතර ජලය පානය කරන්නට හුරුවීමෙන් විවිධ අහිතකර ද්‍රව්‍ය නිසා මුත්‍රාශයේ ඇතිවිය හැකි ආසාදන තත්වයන්ද වැළකී යන නිසා වැළඳීමෙන් පසු සිදු කිරීමට සිදුවන සැත්කම් රැසක් ඔබට සම්පූර්ණයෙන්ම වළකා දෙන්නට, කාලය හා ධනය ඉතුරු කර දෙන්නට ජලයට හැකියාව තිබෙනවා. ජල ප්‍රතිකාරය සිදුකරන ආකාරය නිතර අව්වේ යාම, වායු සමීකරණ ආසන්නයේ බොහෝ කාලයක් සිටීම කියන්නේ ජලය සිරුරෙන් වැඩිපුර ඉවත්වී යාමට බලපාන දේවල්. ඉතින් දවසේ සිදුවන එම විජලනය සඳහා උදේ පාන්දරින් ම එයට සූදානම් වීම සහ ඉහත සඳහන් කළ සියළු වාසි ලබා ගැනීම සඳහාත් මේ විධියට අපිට ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්නට පුළුවන්. ඔබ උදෑසන පිබිදුනු වහා කිසිවක් ආහාරයට ගැනීමට හෝ දත් මැදීමට පෙර ජලය වීදුරු (මිලි ලීටර 160) හතරක උපරිමය තෙක් පානය කරන්න. ඉදිරි විනාඩි 45 දී කිසිවක් ආහාරයට ගන්න එපා. අනිකුත් වේල් වලදී ආහාර ගැනීමට විනාඩි 30කට පමණ පෙර ජලය පානය කරන්න. ඒත් ප්‍රවේශමෙන් (upload.wikimedia.org) ඔබට ජලය වීදුරු හතරක් පානය කිරීම අපහසු නම් ටිකෙන් ටික ඊට හුරු වෙන්න. හැබැයි, එය ඉක්මවා යන්නට එපා. ඉන්දියාවේත් මේ ආකාරයේ ‘ඌෂ පාන චිකිත්සාව’ නමින් ජල ප්‍රතිකාර ක්‍රමයක් තිබෙන අතර එහි කියවෙන්නේ ජලය ලීටර් 1.5ක් පානය කරන ලෙස යි. එහෙත් අපේ වකුගඩුවලට පැයකදී දැරිය හැකි උපරිම ජල පරිමාව වෙන්නේ මිලි ලීටර් 800ත්, 1000ත් අතර ප්‍රමාණය පමණ යි. ඒ වගේ ම ඉතා අධිකව ජලය පානය කිරීමෙන් රුධිරයේ සෝඩියම් මට්ටමද අඩුව යන නිසා සෛල විස්තාරණයවී මැරුණු ස්වභාවයකට එන්න පුළුවන්. ඒ කියන්නේ, අර “මම නම් ගගේ පනිනවා – වතුර බීලා මැරෙනවා” කියන සින්දුවේ තියෙන කතාව විහිළුවක් විතරක්ම නෙවෙයි. කොතරම් කාලයක් කරන්නට ඕනෑද? සාමාන්‍ය අයට වගේ ම දැනටමත් රෝගී වුණු අයටත් මේ ක්‍රමය මෙසේ නිර්දේශ කොට තිබෙනවා: දියවැඩියා සහ අධි රුධිර පීඩනය ඇති අය: දින 30ක් උදරයේ ආම්ලිකතාව (ගැස්ට්‍රයිටීස්): දින 10ක් ක්‍ෂය රෝගය: දින 90ක් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 Nov 2016 02:04 AM වතුර බොන එකත් බලාගෙන ගියාම බොහෙතක් නේද ස්තූතියි අයියේ මේ වැදගත ලිපියට 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Nov 2016 03:07 AM මම නම් දිනපතා මේ වැඩේ කරනවා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 Nov 2016 05:12 AM Mamath karanawa ayye habai hamadaama karanne naha. Godak welawata amathaka wenawa 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Nov 2016 05:17 AM අමතක වෙනවා අය්යො 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Nov 2016 05:21 AM මේ වැඩේ නම් මාත් නැගිට්ට ගමන් කරනවා ... ඊට පස්සෙ තමයි ටිකක් පෙවෙනව අඩු වතුර... වතුර බීමෙන් මේවගේ වාසි ලබන්න නම් උදේට බොන්න ඕනෙ ඇල් වතුරද නැත්නම් ටිකක් රස්නෙන්ද ? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Nov 2016 12:02 PM මෙහෙම දෙයක් ගැන අහලා තිබුනට විස්තර සහිතව දැන ගත්තෙ අද....... ස්තූතියි අයියේ ලිපියට. 0 chamara duleepMost Senior MemberPosts:13471 01 Nov 2016 04:41 PM Posted By samantha on 01 Nov 2016 01:35 AM උදෑසන අවදි වූ වහා ජලය පානය කිරීමෙන් ලැබෙන වාසි 5ක් අපේ ශරීරය සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගී තිබෙන්නේ ජලයෙන්. පේශි වලින් 75%ක්, අස්ථි වලින් 22%ක්, රුධිරයේ 83%ක් සහ හොඳම දේ, මොළයෙන් සියයට 90ක් ම ජලය! ඒ හින්දා මේකෙන් ගන්න තීරණ වලට වතුරත් වගකියන්න ඕන. ඒ කොහොම නමුත්, මේ ඉලක්කම් වලින් පැහැදිලි වෙන්නේ හොඳ සෞඛ්‍යයක් පවත්වා ගන්නට සහ ශරීරයට අහිතකර දේවල් වලින් ආරක්‍ෂා වෙන්නට වැඩිපුර වතුර බොන්නට සිද්ධ වෙන බවයි. ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක වතුර බොන්න අමතක වෙනවා ඇති. ඒත් මේ කියන්නට යන්නේ උදේ නැගිට්ට ගමන් ම කරන දෙයක් නිසා, මුලදී අතපසු වුණත් පස්සේ ඒක පුරුද්දකට යන නිසා පහසුවෙන් ලබාගන්නට පුළුවන් වාසි රැසක් ගැන යි. මෙය අපිට ජපානයෙන් හමුවන පුරුද්දක්. බොහෝ ජපන් කාන්තාවන් උදෑසන පිබිදුණු වහා හිස්බඩම ජලය පානය කරන අතර එම චාරිත්‍රය ජපාන සංස්කෘතියේ ඈත අතීතයේ සිටන්ම පැවත එන එකක්. දැන් විද්‍යාත්මකවද තහවුරුවී ඇත්තේ ඔවුන්ගේ ඒ පුරුද්ද නිසා තරබාරුකම, දියවැඩියාව වැනි රෝග රැසක්ම වැළකෙන බවයි. ඒ කියන්නේ, දිය වැඩියෙන් බිව්වොත් දිය වැඩියාව අඩු වෙනවා. කරන හැටි කියන්නට කලින් ලැබෙන දේවල් කියලා ඉන්නම්. එතකොට ජලය පානය කරන්න ඕන ඇයි කියන එක මුලින් ම පැහැදිලි වේවි. ලැබෙන වාසි 1 – පරිවෘත්තීය ක්‍රියා වැඩි දියුණු වීම (wdy.h-cdn.co) පරිවෘත්තීය ක්‍රියා හෙවත් ආහාරවල පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය සඳහා බිඳැලීමට හිස්බඩ ජලය පානය කිරීමෙන් සියයට විසි හතරක දායකත්වයක් ලැබෙනවා. එමගින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වන නිසා ආහාර ජීර්ණ අපහසුතා අවම වෙනවා. ඉතින් අපි දවසේ කන ආහාර ඉතා ඉක්මණින් දිරවන නිසා ආහාර ගැනීමෙන් බොහෝ වේලාවක් යනතුරු තිබෙන හිසේ අමාරුව, බඩ පිරුණු ගතිය සහ නිදිමත අවම වෙනවා. එවිට ඔබේ දෛනික වැඩ කටයුතු වලට විශාල පහසුවක් ලැබෙනවා වගේම ආහාරවල පෝෂක කොටස් ඉතා හොඳින් ඇඟට අවශෝෂණය වන නිසා ගන්නා ලද ආහාරවල උපරිම ප්‍රයෝජනය ලැබෙනවා. මෙසේ ආහාර හොඳින් ජීර්ණය වීම නිසා මළපහ කිරීමේදීත් අපහසුතා ඇති වීම බෙහෙවින් අවම වෙනවා. 2 – ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඉවත් වීම (3.bp.blogspot.com) ජලය පානය කරද්දී එමගින් ස්වාභාවිකවම බඩවැල් ක්‍රියාකාරීත්වයට පත් කරනවා. අපි නිදාගන්නාවිට රාත්‍රියේදී ශරීරයේ අලුත්වැඩියා කිරීම් ඇරඹෙන අතර එහිදී ශරීරයට අනවශ්‍ය සහ අහිතකර කොටස් නිපදවෙනවා. මේ නිසා උදේම හිස්බඩ ජලය පානය කළාම මේ සියළු විෂද්‍රව්‍යයන් ඉවත් කරවන අතර ඉන් නැවුම් සහ නීරෝගී ශරීරයක් ඔබට ලැබෙන අතරම පේශී සෛල සහ නව රුධිර සෛල නිපදවීමේ ප්‍රමාණය ද ඉහළ යනවා. 3 – තරබාරු බව අඩුවීම (s3.amazonaws.com) මෙය නම් ජලයේ තිබෙන අපූර්ව හැකියාවක් නිසා සිදුවෙන දෙයක් නෙවෙයි, ඒත් ඕනම නම් අවකාශයේ ඉඩක් අත්පත් කරගන්නා නිසා කියලා කියන්නත් පුළුවන්. කොහොමහරි, අපි උදෑසන සහ අනෙකුත් කෑම වේල් වලට පෙර ජලය ස්වල්පයක් පානය කළාම හිතුමතේ අපි ආහාර හෙවත් කැලරි ගොඩගසා ගැනීම නවතිනවා. ජලය නිසා බඩ පිරී ඇති බවක් දැනෙන නිසා අපි ආහාර ගන්නා ප්‍රමාණය අඩු වෙනවා. මෙය රසය නිසා ආහාර ගැනීමට පෙළඹී ඇති අයට බොහෝ වැදගත් වේවි. 4 – සම පැහැපත් වීමට සහ ලස්සන කෙස් කළඹක් සඳහා (carliescuttingedgesalon.com) ජලය පානය නොකොට සිටීම නිසා ශරීරය විජලනය වීමෙන් සම වියළීමට පත් වෙනවා. එමගින් අකාලයේ සමේ සිදුරුමය ස්වභාවයක් සහ රැළි වැටීමට පටන් ගන්නවා. එම නිසා හොඳින් ජලය පානය කිරීමෙන් සමේ පිරුණු ස්වභාවයක් ඇතිවීමට සහ දීප්තිමත්, හොඳ පැහැයක් ලැබීම සිදුවෙනවා. කොණ්ඩයටත් එහෙමයි. කෙස්ගසකින් 1/4කම ජලය අඩංගු වන අතර ජලය නිසිව නොලැබීමෙන් කෙස් ගැලවී යන සහ කැඩී යන ප්‍රමාණය ඉහළ යනවා. 5 – මුත්‍රාගල් සහ මුත්‍රාශයේ ආසාදන වැළැක්වීම (comiterpa.com) පිබිදුනු වහා හිස්බඩ ජලය පානය කිරීමෙන් උදරයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි අම්ලකාරී තත්වයන් තනුක කරලන නිසා වකුගඩුවල ගල් ඇතිවීම වළකිනවා. එසේම නිතර ජලය පානය කරන්නට හුරුවීමෙන් විවිධ අහිතකර ද්‍රව්‍ය නිසා මුත්‍රාශයේ ඇතිවිය හැකි ආසාදන තත්වයන්ද වැළකී යන නිසා වැළඳීමෙන් පසු සිදු කිරීමට සිදුවන සැත්කම් රැසක් ඔබට සම්පූර්ණයෙන්ම වළකා දෙන්නට, කාලය හා ධනය ඉතුරු කර දෙන්නට ජලයට හැකියාව තිබෙනවා. ජල ප්‍රතිකාරය සිදුකරන ආකාරය නිතර අව්වේ යාම, වායු සමීකරණ ආසන්නයේ බොහෝ කාලයක් සිටීම කියන්නේ ජලය සිරුරෙන් වැඩිපුර ඉවත්වී යාමට බලපාන දේවල්. ඉතින් දවසේ සිදුවන එම විජලනය සඳහා උදේ පාන්දරින් ම එයට සූදානම් වීම සහ ඉහත සඳහන් කළ සියළු වාසි ලබා ගැනීම සඳහාත් මේ විධියට අපිට ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්නට පුළුවන්. ඔබ උදෑසන පිබිදුනු වහා කිසිවක් ආහාරයට ගැනීමට හෝ දත් මැදීමට පෙර ජලය වීදුරු (මිලි ලීටර 160) හතරක උපරිමය තෙක් පානය කරන්න. ඉදිරි විනාඩි 45 දී කිසිවක් ආහාරයට ගන්න එපා. අනිකුත් වේල් වලදී ආහාර ගැනීමට විනාඩි 30කට පමණ පෙර ජලය පානය කරන්න. ඒත් ප්‍රවේශමෙන් (upload.wikimedia.org) ඔබට ජලය වීදුරු හතරක් පානය කිරීම අපහසු නම් ටිකෙන් ටික ඊට හුරු වෙන්න. හැබැයි, එය ඉක්මවා යන්නට එපා. ඉන්දියාවේත් මේ ආකාරයේ ‘ඌෂ පාන චිකිත්සාව’ නමින් ජල ප්‍රතිකාර ක්‍රමයක් තිබෙන අතර එහි කියවෙන්නේ ජලය ලීටර් 1.5ක් පානය කරන ලෙස යි. එහෙත් අපේ වකුගඩුවලට පැයකදී දැරිය හැකි උපරිම ජල පරිමාව වෙන්නේ මිලි ලීටර් 800ත්, 1000ත් අතර ප්‍රමාණය පමණ යි. ඒ වගේ ම ඉතා අධිකව ජලය පානය කිරීමෙන් රුධිරයේ සෝඩියම් මට්ටමද අඩුව යන නිසා සෛල විස්තාරණයවී මැරුණු ස්වභාවයකට එන්න පුළුවන්. ඒ කියන්නේ, අර “මම නම් ගගේ පනිනවා – වතුර බීලා මැරෙනවා” කියන සින්දුවේ තියෙන කතාව විහිළුවක් විතරක්ම නෙවෙයි. කොතරම් කාලයක් කරන්නට ඕනෑද? සාමාන්‍ය අයට වගේ ම දැනටමත් රෝගී වුණු අයටත් මේ ක්‍රමය මෙසේ නිර්දේශ කොට තිබෙනවා: දියවැඩියා සහ අධි රුධිර පීඩනය ඇති අය: දින 30ක් උදරයේ ආම්ලිකතාව (ගැස්ට්‍රයිටීස්): දින 10ක් ක්‍ෂය රෝගය: දින 90ක් මේ තොරතුරු ටික මට වැදගත්. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 02 Nov 2016 12:41 AM මේ ලිපිය නම් ගොඩක් වටිනවා අයියේ ස්තුති 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Nov 2016 02:35 AM Posted By kingD on 01 Nov 2016 05:21 AM මේ වැඩේ නම් මාත් නැගිට්ට ගමන් කරනවා ... ඊට පස්සෙ තමයි ටිකක් පෙවෙනව අඩු වතුර... වතුර බීමෙන් මේවගේ වාසි ලබන්න නම් උදේට බොන්න ඕනෙ ඇල් වතුරද නැත්නම් ටිකක් රස්නෙන්ද ? ඇල් ජලය නේද පානය කරන්න කියන්නේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 Nov 2016 08:20 AM ඇල් වතුර තමයි මෙතනදි හිස්බඩ බොන්න හොදයි කියලා තියෙන්නේ. කොලස්ටරෝල් එහෙම තියේ නම් මද රස්නෙ වතුර වීදුරුවක් බිව්වත් ඇති. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 02 Nov 2016 10:22 AM මන් නම් මේක හැමදාම කරනවා .....මන් නම් බොන්නේ ලා රස්නේන් ..එක පුරුද්දක් මට නම් දැන් . ලිපියට නම් ගොඩක් ස්තුති .. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 02 Nov 2016 11:57 AM මට නම් උදේම තේ එක තමා ................ඇත්තටම වතුර එලෙස බොනවානම් හොදා තමා 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 Nov 2016 02:17 AM Posted By Rosi on 02 Nov 2016 10:22 AM මන් නම් මේක හැමදාම කරනවා .....මන් නම් බොන්නේ ලා රස්නේන් ..එක පුරුද්දක් මට නම් දැන් . ලිපියට නම් ගොඩක් ස්තුති .. ඇයි නංගි ඔයාට කොලෙස්ට්රෝල් වත් ද ...ලා රස්නෙට වතුර බොන්නෙ ...හසිත මල්ලි දන්න විදිහට කොලේස්ට්‍රෝල් තියන අයලු රස්නෙන් වතුර බොන්නෙ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Nov 2016 08:43 AM Posted By kingD on 04 Nov 2016 02:17 AM Posted By Rosi on 02 Nov 2016 10:22 AM මන් නම් මේක හැමදාම කරනවා .....මන් නම් බොන්නේ ලා රස්නේන් ..එක පුරුද්දක් මට නම් දැන් . ලිපියට නම් ගොඩක් ස්තුති .. ඇයි නංගි ඔයාට කොලෙස්ට්රෝල් වත් ද ...ලා රස්නෙට වතුර බොන්නෙ ...හසිත මල්ලි දන්න විදිහට කොලේස්ට්‍රෝල් තියන අයලු රස්නෙන් වතුර බොන්නෙ අයි අවුල් ද මට නම් ඔය ලෙඩ මුකුත් නැ ,,ලා රස්නේනේ බිවුවා කියලා වරදකුත් වෙලා නැ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Nov 2016 09:45 AM මටනං ඒ ලෙඩ තියෙනවා නමුත් මේ දේ හරියට වෙන්නෙ නැහැ ඒකනේ වැඩේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Nov 2016 10:33 AM මටත් නං හිස් බඩට වතුර බොන්න බැ.ඒත් පුරුදු වෙන එක හොදයි. 0 You are not authorized to post a reply. Page 3 of 6 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner