You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Dec 2015 08:11 AM by  Rosi
වයස්ගත වීම ප්‍රමාද කරවන ආහාර..
 9 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Dec 2015 09:38 PM

    වයස්ගත වීම ප්‍රමාද කරවන ආහාර..

    සෞඛ්‍යමත් දින චර්යාවක් අනුගමනය කිරීමෙන්, කාර්යශීලීව වැඩ කිරීමෙන් හා සෞඛ්‍යමත් ආහාර වේලක් ලබා ගැනීමෙන් වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර ගැනීමට හැකි වේ. මේ ලෙස නීරෝගී ආහාර වේලක් ලබා ගැනීම මඟින් ප්‍රතිශක්තිය වැඩි කර වයස්ගත වීම ප්‍රමාද කරවයි.

    තරුණ පෙනුම රැක දී සමේ ඇති වන රැළි වැටීම් වළක්වා ගැනීමට හොඳ ආහාර වේලකට හැකියාව ඇත. ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු ආහාර මඟින් සමේ වර්ණය පැහැපත් කරගැනීමටත්, සම පැහැදිළි කරගැනීමටත් මෙන්ම සමේ රැළි වැටීම් වළක්වාගැනීමටත් හැකියාව ලැබේ. මෙම ලිපියෙන් වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරවන සුපිරි ආහාර වර්ග 6ක් ගෙන ඒ.

    01. දොඩම්

    දොඩම් වල ජලය අඩංගු වේ. මේ ජලය මඟින් සම හා සෛල සජලනය කිරීමට උපකාරී වේ. දොඩම් වල අඩංගු Vitamin C මඟින් කොලැජන් වැඩි කිරීමට දායක වේ. මෙමඟින් සමේ ඇදීමේ හැකියාව හා සැපයුම  වැඩි කරවයි.

    o

    02. අලිගැටපේර

    මේවායේ සංතෘප්ත මේදය අඩංගු වේ. මෙම මෙද මඟින් සම සජලනය කරන අතර, සමට අවශ්‍ය විටමින් හා පෝෂකයන් අවශෝෂණය කිරීම සිදු කරයි. වැඩි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මයෝනීස් සෝස් සමඟ අලිගැටපේර මදය මිශ්‍ර කොට ආහාරයට ගන්න.

    a

    03. සැමන්

    සැමන් යනු omega-3 මේද අම්ලය අඩංගු ආහාරයකි. මෙම omega-3 මේද අම්ලය චර්ම පිළිකා ඇති කරවන පිළිකා සෛල ඇති වීම වළක්වන අතර, වයස්ගත වීමද ප්‍රමාද කරවයි. මෙම මේද අම්ලය ලබා ගැනීමට මාළු, walnuts, බිත්තර හා කිරි දෛනික ආහාරයට එක්කර ගන්න.

    s

    04. යෝගට්

    යෝගට් වල ශරීරයට හිතකර වන බැක්ටීරියා අඩංගු වන අතර, මේවා වයස්ගත වීම ප්‍රමාද කරවන අතරම, ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇති වීමද වළක්වයි.

    y

    05. චොකලට්

    චොකලට් වල lavanol අඩංගු වේ. මෙමඟින් රුධිර නාල වල ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන අතර, අධ්‍යයන්ගෙන් හෙළි වී ඇත්තේ සෞඛ්‍යමත් රුධිර නාල අධික රුධිර පීඩන අවධානමෙන් හා dementiaවෙන් ඔබ මුදන බවත්, වයස්ගත වීම ප්‍රමාද කරන බවත්ය.

    c

    06. වයින්

    සීමිත ප්‍රමාණයක් වයින් පානය කිරීම හෘදය ආරක්ෂා කරන අතර දියවැඩියාව හා වයස්ගත වීමේදී ඇතිවන අමතක වීම වැනි තත්වයන් වළක්වාලයි. රතු වයින් වල resveratrol අඩංගු වන අතර, එය හදවතට හා සමට වැදගත් වේ.

    w

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Dec 2015 09:39 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Dec 2015 09:46 PM
    කවුද ඉතින් වයසට යන්න කැමති.. නේද..? කවුරුත් කැමති කොල්ල වගේ නැත්නම් කෙල්ල වගේ ඉන්න නේ..

    අර සැමන් කියල තියෙන්නේ අලුත් සැමන් මත්ස්‍යයා විය යුතුයි.. සැමන් ටින් වලින් නම් ආහාරයට ගත්තොත් ඇට දිරවලයි මැරෙන්නේ.. අස්ථි දියවීමට හේතු වෙන්න පුළුවන් කියලයි කියන්නේ ටින් මාළු කල්පැවැත්මට එකතු කරන රසායනික ද්‍රව්‍ය නිසා..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Dec 2015 03:07 AM
    හොඳ ආහාර වේලක් ගන්න තියෙනවනම් ගොඩක් හොදයි..
    ඒත් දැන් ආර්ථිකයත් එක්ක ඒක කරන්න හරිම අමාරුයි..
    දැන් තියෙන දොඩං කෑවෙත් තව ලෙඩක් හැදේවි..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    11 Dec 2015 03:25 AM
    අපෙ රටෙ සල්ලි දීලා ගන්න තියෙන කොයි එලවලුවත් පලතුරත් ඉතින් වස තමයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    11 Dec 2015 08:22 AM
    Posted By Ind007ka on 11 Dec 2015 03:25 AM
    අපෙ රටෙ සල්ලි දීලා ගන්න තියෙන කොයි එලවලුවත් පලතුරත් ඉතින් වස තමයි
    කථාව සහතික ඇත්ත .

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Dec 2015 09:46 PM
    ඉසුරු වගේ තවම පොඩි කොල්ලන්ට වයස යන එක නවත්ත ගන්න වැදගත් වෙයි..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    14 Dec 2015 08:35 AM
    Godak sthuthiyi samantha ayiye mea wisthara walata........ meka matayi isuru mallitayi thama godakma wedagath isthuthiyi ayiye post kalata meka
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    14 Dec 2015 09:04 AM
    Posted By kingD on 14 Dec 2015 08:35 AM
    Godak sthuthiyi samantha ayiye mea wisthara walata........ meka matayi isuru mallitayi thama godakma wedagath isthuthiyi ayiye post kalata meka


    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    15 Dec 2015 08:11 AM
    දොඩම් ගහක්,අලිපේර ගහක් හිටවා ගත්තොත් නම් වස විසෙන් තොරව කන්න පුළුවන් .... මේ ජාති ටික නම් මේහේ උදවිය නිතරම කෑමට එකතු කර ගන්නවා .
    0
    You are not authorized to post a reply.