You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Aug 2017 08:59 AM by  hasithad
වකුගඩු නරක් වෙලානම් මෙන්න මෙ රෝග ලක්ෂණ හටගන්නවා වකුගඩු රෝගය මාරන්තිකයි දැන්ම දැනුවත් වෙන්න.
 105 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Jul 2016 10:13 PM

මද්‍යසාරයෙන් නිදහස් වෙමු…

වර්තමානයේ ඇතැම් මිනිසුන් සතුට සැමරීම හා දුක සමනය කරගන්නට මද්‍යසාර නැතිවම බැරි පානයක් බව සලකන්නට පුරුදුව ඇත. කෙසේ වුවද පැහැදිලිව කිව යුතු කාරණාව වන්නේ ඔබ මද්‍යසාර සඳහා ඇබ්බැහිවීම යනු අහක යන නයි රෙද්ද අස්සේ දමා ගෙන කනවෝ කනවෝ යැයි කෑ ගැසීමට කදිම නිදසුනක් බවය. සහනය හෝ සතුට ලැබෙන බව සිතා ඔබ ලං කරගන්නා මද්‍යසාරම ඔබ ප්‍රපාතයකට ඇද දමනු ඇත.

අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, බියර්, කසිප්පු ආදී නොයෙකුත් නම් වලින් විවිධ පෙළපත් දරමින් වටිනාකම අනුව නොයෙකුත් මත් පැන් වර්ග ඇත. කෙසේ වුවද වඩාත්ම ප්‍රචලිතම මධ්‍යසාර වර්ගය ලෙස අරක්කු සැලකිය හැකිය. පොල්මල්, උක්, සහල් හෝ වෙනත් පළතුරු වර්ගයක් භාවිතා කොට අරක්කු නිෂ්පාදනය කෙරේ. එතිල් ඇල්කොහොල් හෝ එතනෝල් සේ රසායන විද්‍යානුකූලව හඳුන්වන කාබන් ,හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු එකතුවෙන් නිර්මාණය වී ඇති මේ සංයෝගය වාෂ්පශීලී, අවර්ණ, ගිනි ගන්නා සුළු එයටම ආවේණික ඝන්ධයකින් යුත් ද්‍රවයකි.

මත්පැන් ගත් විට ශරීරයේදී සිදුවන්නේ කුමක්ද?

මද්‍යසාර ආමාශය සහ බඩවැල් මඟින් අවශෝෂණය කරගැනීමෙන් පසුව අක්මාව හරහා සිදුකෙරෙන බහිශ්‍රාවී ක්‍රියාවලිය මඟින් මද්‍යසාර විශාල ප්‍රතිශතයක් ශරීරයෙන් බැහැර කරවයි. අක්මාව මඟින් මද්‍යසාර වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමේ කාර්යයභාරය සිදු කරන බැවින් රුධිරයේ මද්‍යසාර සාන්ද්‍රණය ක්ෂණිකව වැඩිවීම්ක් සිදුනොවේ. විද්‍යඥයන්ගේ පිළිගැනීම මද්‍යසාර මොළය වෙත ගමන් කිරීමට අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ගත වන බවය.

එසේම මිනිසාගේ ආහාර ජීර්ණයේදී පද්ධතියේ දිනකට ඇල්කොහොල් ඉතා සුළු ප්‍රමාණයක් නිෂ්පාදනයවේ. නිරෝගී ජිවිතයක් සඳහා මෙසේ ශරීරය තුල නිෂ්පාදනය වන එතනෝල් බිඳ හෙලීමට ලක්ව අවසන් ප්‍රතිඵලය ලෙස ජල අණුවක් හා කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් බවට පත්වේ. මද්‍යසාර භාවිත කරන්නන්ගේ සිරුර තුළ මධ්‍යසාර බිඳ හෙලීමේ ක්‍රියාවලිය හා මධ්‍යසාර බිඳහෙලීමේ අතුරුඵල සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය යන ක්‍රියාවලීන් දෙක සෑම පුද්ගලයකුගේම සමානව සිදු නොවේ. එනම් සමහරුන් තුළ මෙම ක්‍රියාවලිය වේගවත්ව සිදුවන අතර සමහරුන් තුළ මෙම ක්‍රියාවලිය සෙමෙන් සිදුවේ. එවිට සිදුවන්නේ ඉහත ක්‍රියාවලීන් වල අතුරුඵල වන විෂ රසායනික ද්‍රව්‍ය ශරීරය තුළ එකතුවීමයි. එසේම මද්‍යසාර බිඳහෙලීමේ ක්‍රියාවලියට ජානමය බලපෑමක් හා ස්ත්‍රී පුරුෂභාවය බලපානු ලබයි.

ඒ අනුව මද්‍යසාර අවශෝෂණය වීමෙන් අනතුරුව මෙම එතනෝල් නම් රසායනික ද්‍රව්‍ය රුධිරය හරහා මොළයේ ස්නායු වෙත ගමන් කරයි. ඒ අනුව මෙම රසායනිකය මඟින් මතිෂ්ක අවපීඩනයක් ඇති කරවයි. එනම් මොළයේ ක්‍රියාකාරීත්වය අඩු කරවයි. ඔබ නිදි පෙති කෙදිනක හෝ භාවිතා කර තිබේද? සාමාන්‍යයෙන් මද්‍යසාර භාවිතයෙන් පසු ප්‍රතිඵලය නිදි පෙති පානය කල පසු දැනෙන දැඩි අලසබව නිදි බර බව ක්‍රියාශීලී බව අඩු වීම ආදිය බව කියවේ.

මොනවා !!! එහෙනම් ඔය මද්‍යසාර පානය කරපු අය අපූරුවට දඟලලා සින්දු කියලා නටන්නේ?

මොළය කරා මද්‍යසාර ගමන් කිරීමට විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ගතවන බව විද්‍යානුකූල පිළිගැනීම වුවද බොහෝ දෙනා මද්‍යසාර පානය ආරම්භයත් සමඟම වෙනසකමක් දක්වයි. මෙය මනස හා ආකල්පමය වශයෙන් සිදුවන තත්ත්වයක් බව අවධාරණය කළ යුතුය. ඔබේ මනස ඔබවම රැවටීමකට ලක් කරයි. එයට කදිම නිදසුන රුසියානු ජාතික විද්‍යාඥ අයිවන් පැව්ලෝ විසින් බල්ලෙක් යොදා ගෙන කළ පරීක්ෂණය දැක්විය හැකිය. මෙම පරික්ෂණයේදී පළමුව සීනුවක් නාදකොට ඉන්පසුව බල්ලාට මස් කැබැල්ලක් දෙන ලදී. නැවත නැවත සීනුව නාද කරන සෑම අවස්ථාවකම බල්ලාට මස් කැබැල්ලක් හිමිවිය. සීනු හඬ සහ මස් කැබැල්ල අතර සම්බන්ධතාවය හරහා බල්ලාගේ හැසිරීම් නිරීක්ෂණය කරන ලදි. සීනුව නාදකොට මස් කැබැල්ල දෙන සෑම අවස්ථාවකම බල්ලාගේ කටින් කෙළ උනන්නට විය. ටික වේලාවකට පසුව සීනුව නාදවූ සැනින් බල්ලාගේ කටින් කෙළ උනන්නට විය. නමුත් මස් කැබැල්ලක් නම් හිමි නොවීය. සීනුව නාද කිරීම සහ බල්ලාගේ කෙළ ඉණීම එකවිට සිදුවූ බව නිරීක්ෂණය කරන ලදි. සීනුව නාදකරන්නේ මස් ලබා දෙන්නටය යන අදහස බල්ලාගේ මනසට කාවැදී තිබුණු නිසාවෙන් සීනු හඬ ඇසූ පමණින් බල්ලාගේ කටට කෙළ උනන්නට වූ බව ප්‍රත්‍යක්ෂ විය. මස් නැතිව වුවද සීනුව නාද කළ විට කෙළ ඉනීම සිදුවිය. සීනුව නාදවීම සහ කෙළ ඉනීම කිහිපවරක් එකවර සිදුවීම නිසා සීනුව නාදවූ විට කෙළ ගැලීම බල්ලා පුරුදුවූ අලූත් හැසිරීමයි. මේ අනුව අලූත් හැසිරිම් පමණක් නොව අලූත් චිත්තවේගයන් ද ඉගෙන ගැනීමට හැකිවේ.

මිනිසාට සිදුව ඇත්තේද බල්ලාට සිදු වූ දෙයමය. මද්‍යසාර ගත් පසු උත්තේජනය වී ඉතා ක්‍රියාශීලී විය හැකි බවට පුද්ගල මනසට දීර්ඝ කාලයක් ඒත්තු ගැන්වූ පසු සිතෙහි මුල් බැස ගත් මෙම වැරදි ආකල්පන් අනුවම ඔවුන් ක්‍රියාකරයි. දුබල වන ගතට බලෙන් ශක්තිය නංවා නිදිමත පසෙකලා ගීත ගයමින් රඟමින් කෑකෝ ගසමින් රණ්ඩු සරුවල් කරමින් කලබලකාරී ලෙස හැසිරෙන්නේ මෙම ආකල්ප නිසා මිස මද්‍යසාර වල සැබෑ ක්‍රියාකාරීත්වය මත නොවන බව ඔබ අවබෝධ කරගන්න.

මද්‍යසාර වලට ඇබ්බැහිවීමක් සිදුවෙනවද?

මද්‍යසාර භාවිත කරන පුද්ගලයන්ගෙන් සළු පිරිසක් මද්‍යසාර වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ජීව විද්‍යාත්මකව එකම රසායනිකයක් නොකඩවා ශරීර ගත වීමේදී රුධිරය හරහා මොළය වෙත මෙම රසායනිකයන් ගලා යාමක් සිදුවේ. මෙසේ දීර්ඝ කාලීනව නොකඩවාම එම රසායනිකය ලැබෙන විට මොළය මෙම රසායනික ද්‍රව්‍යයට මොළය හුරුවේ. එම නිසා යම් පුද්ගලයකු දීර්ඝ කාලීනව භාවිතා කළ මද්‍යසාර හිටි හැටියේ නතර කළ පසු ඔහුට විරමන ලක්ෂණ පහළවේ. දීර්ඝ කාලීනව මද්‍යසාර භාවිතා කළ පුද්ගලයෙක් එකවරම මද්‍යසාර නතර කළ පසු මොළයේ ක්‍රියාකාරීත්වයද වෙනසකට බඳුන්වේ. අතපය වෙව්ලීම නින්ද නොයෑම විකාර මායා රූප පෙනීම වලිප්පුව වගේම මරණය වුවත් සිදුවීමේ අවදානමක් ඇතිවේ. එනිසා මද්‍යසාර දිනපතාම බොන්නට පුරුදු වූ පුද්ගයකු මද්‍යසාර වලින් ඈත් විය යුත්තේ වෛද්‍ය උපදෙස් මත මොළයට බලපෑමක් නොවන ලෙසය. බොහෝ පුද්ගලයන්ට මද්‍යසාර වලින් මිදීමේ අවශ්‍යතාවය ඇති වුවද විරමන ලක්ෂණ දරාගත නොහැකි නිසාවෙන් නැවත මද්‍යසාර වෙත බොන්නට පෙළඹේ. එනිසා වෛද්‍යවරයකු වෙත යොමුවීම තුලින් ඔබගේ විරමන ලක්ෂණ මඟහරවා ගැනීමට වෛද්‍යවරයා ඔබට සහය වනු ඇත.

මද්‍යසාර පානයෙන් වැළඳෙන රෝග මොනවාද?

  • මොළය ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග

දිගුකාලීනව මද්‍යසාර භාවිතය මොළයේ වර්ධනය හීන කරවයි. තුරුණු වියේදීම මද්‍යසාර වලට ඇබ්බැහි වීම තුලින් මොළයේ නව සෛල පරිපත සෑදීම අඩපණ වේ. මතක ශක්තිය දුර්වලතාවීම සේම මොළයේ වර්ධනය අඩපණ කර එය හකුළුවා මානසික රෝග ඇති කිරීමට එය සමත්ය. හදිසියේ ඇති වන අතපය වෙව්ලීමද නින්දට බාධා ඇති වීමද මාංශපේශී ක්‍රියාකාරීත්වය දුර්වල වීමද අනෙකුත් ආබාධ ලෙස පෙන්වා දිය හැකිය.

  • අක්මාව හා අග්න්‍යාශය විනාශ කරයි

මද්‍යසාර ආමාශය සහ බඩවැල් මඟින් අවශෝෂණය කරගැනීමෙන් පසුව අක්මාව හරහා විශාල වශයෙන් සිදුකෙරෙන බහිශ්‍රාවී ක්‍රියාවලිය නිසා අක්මාවට හානි සිදුවේ. මද්‍යසාර නිසා ආමාශයේ තුවාල අක්මා ප්‍රදාහය අග්න්‍යාශය ඉදිමීම සහ සිරෝසිස් ඇති විය හැක. අක්මාවේ ඇති වන පිළිකාවලින් සඳහා මද්‍යසාර සෘජුවම බලපායි. මද්‍යසාර අග්න්‍යාශයට දැඩි හානි පමුණුවයි. අග්න්‍යාශ ප්‍රදාහය මඟින් උදරයේ ඉතා දරුණු වේදනාවක් ඇති කිරීමට හේතු වේ. අවසානයේ අග්න්‍යාශය විනාශ වීම නිසා ආහාර දිරවීමේ ගැටළු මෙන්ම දියවැඩියාවට ගොදුරුවන්නටද සිදුවේ.

  • හෘදය හා රුධිරය ආශ්‍රිත රෝග
  • ආඝාතය හෙවත් අංශභාග තත්ත්වය ඇති වීම. අංශභාග තත්ත්වය ඇති වීමට මද්‍යසාර සෘජු බලපෑමක් කරනු ලබන බව සොයාගෙන තිබේ.
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග
  • ලිංගික බෙලහීනතාවය: ලිංගික බෙලහීනතාවයද හෝමෝන අසමතුලිතතාවය එනම් පුරුෂයන්ගේ කාන්තා හෝමෝන ප්‍රමාණය වර්ධනය වන අතර පියයුරු විශාලවී වෘෂණ කෝෂ අක්‍රීය තත්ත්වයට පත්වේ.

මද්‍යසාර වලින් මිදෙන්නේ කෙසේද?

මද්‍යසාර වලට ඇබ්බැහි නොවූ පුද්ගලයෙකුට එනම් දිනපතා පානය නොකරන අයෙකුට ඕනෑම අවස්ථාවක මද්‍යසාර වලින් මිදී නිදහස් වන්නට හැකිය. මද්‍යසාර වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට එනම් දිනපතා මද්‍යසාර පානය කරන අයෙකු නම් වෛද්‍යවරයකු වෙත යොමුව මද්‍යසාර වලින් මිදී නිදහස් වන්නට කටයුතු කිරීම වැදගත්ය. එවිට වෛද්‍යවරයා විරමන ලක්ෂණ මඟහරවා ගැනීමට අවශ්‍ය උපදෙස් මෙන්ම ඖෂධ ආදියද නියම කරනු ඇත. එසේම මද්‍යසාර අත්හැරීමට දැඩි ආත්ම විශ්වාසයක් තමන් තුල තිබිය යුතුය. මද්‍යසාර නැවැත්වීමට වඩා දෙයක් ඔබ කළ යුතුය. එනම් මද්‍යසාරයෙන් නිදහස් වීමය. උදාහරණය ලෙස විනෝද චාරිකාවක් සාදයක් යැයි පැවසු සැනින් ඔබට සිහියට නැඟෙන්නේ මද්‍යසාර නම් ඔබ සත්තකින්ම මද්‍යසාර වලින් නිදහස්ව නැත. කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර අංක 36 ට බ්‍රහස්පතින්දා සවස 2ට ගියහොත් මද්‍යසාර වලින් නිදහස් වන්නට ප්‍රථම අඩිතාලම යෙදිය හැකිය.

ඔබේ බුද්ධිය නිද්‍රාවට පත් කොට මෝඩකම පමණක් අවදි කළහොත් විද්‍යාඥ අයිවන් පැව්ලෝ මහතා පර්යේෂණයට ලක් කළ බල්ලා හා ඔබ අතර වෙනසක් නොවනු ඇත.එහෙයින් ඔබ ලෙහෙසියෙන් මද්‍යසාර කර්මාන්තයේ ගැට වලට හසුවීම වෙනුවට ඔබේ බුද්ධිය අවදිකරන්න. එවිට කිසි දිනක ඔබ මද්‍යසාර කර්මාන්තයේ උගුල් වලට හසු නොවනු ඇත. එසේම මද්‍යසාරයෙන් ඔබට නිදහස් වන්නට හැකි වනු ඇත.

…..

කොළඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි.

සටහන දිශාන්ති වෙදගේ

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Jul 2016 01:27 AM
ලිපිය කියෙව්වා ස්තුත්යි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jul 2016 02:01 PM
කිසිදා ක ජිවිතයට සෙතක් නැති බිමක් ...ස්තුති අයියා ලිපියට .
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Jul 2016 04:24 PM
කාලෙට ඔඹින ලිපියක් අයියේ.
මම නම් මේකෙන් නිදහස් පුද්ගලයෙක්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 03:11 AM
මමනං විශ්වාස කරන්නෙ නැහැ ඔය විනාඩි 30 කථාව ඒක බොරැවත්. විනාඩි 5ක් වගේ යනකොට බඩු බනිස්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Sep 2016 12:23 AM

1. තම්බපු බතල, මඤ්ඤොක්කා

Image Credits : zimbokitchen.com

දැන් වගේ නෙවෙයි, ඉස්සර අපේ අත්තම්මලා, සීයලා එහෙම තමන්ගේ උදේ වේල සරි කරගන්නේ මේ වගේ කෑමකින්. රතු ළූණු ටිකක් පොඩි කරලා, ලුණු, මිරිස්, ඇඹුල් පදමට දාලා හැදෙන ලුණු මිරිසකුත් මේකට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, හීනියට ගාගත්ත පොල් ටිකකුත් තියෙනවනම් තවත් මරු.

2. ආප්ප

දුම් දදා මේසෙට එන ආප්ප කන්නත් හොඳටම ගැළපෙන්නේ හොඳ සැරට හදපු කට්ට සම්බෝලයක් තමයි. ඒ නැත්තන් හොඳ කිතුල් හකුරු කෑල්ලක් තියෙන්න ඕනේ.

3. ඉඳි ආප්ප

රතු හාලෙන් වගේම සුදු හාලෙන් හැදෙන ඉඳි ආප්ප කන්න, උණු කිරි හොද්දක්, අල හොද්දක්, මාළු හොද්දක් එහෙම වරදින්නේ නැහැ. ලුණු, ඇඹුල් යහමින් දාපු පොල් සම්බෝලෙකුත් මේකට එක්කාසු වුණාම ඉඳි ආප්ප සීයකට වුණත් වග කියයි අපේ කට්ටිය.

4. පිට්ටු

පොල් කිරි චුට්ටක් එකතු කරපු කුරක්කන් පිට්ටු කෑල්ලක රස දන්නේ ඒක කාලා තියෙන කෙනෙක් විතරයි. දියවැඩියාව තියෙන අයටත් ගුණයි මේවා. කුරක්කන් පිටිවලින් විතරක් නෙවෙයි, හාල් පිටිවලිනුත් පිට්ටු හදනවනේ. කරපිංචා, උළුහාල් එහෙම දාලා හදපු කිරි හොදි ටිකකුත් වත්කරගත්තම මේකෙන් එන්නේ කොහොමවත්ම බැහැයි කියන්න බැරි රසක්.

5. තම්බපු කඩල/මුං ඇට/කව්පි

Image Credits : Aasai Rasai ආසයි රසයි

දැන් කාලේ පොඩ්ඩෝ ධාන්‍ය කන්නේ සීරියල් විදියට වුණත්, අපි ඒවා කෑවේ තම්බලා. කඩල, මුං ඇට, කව්පි වගේ ඇට වර්ග පැයක් දෙකක් වතුරේ පෙඟේන්න තියලා තමයි තම්බන්න ගන්නේ. තම්බපු පමණින් නම් මේවයෙන් හොඳ රසක් එන්නේ නැහැ. ඒ නිසා හීනියට ගාගත්ත පොල් ටිකක්, ලුණු මිරිස් ටිකක් මේවට එකතු කරගන්න අපි පුරුදු වෙලා හිටියා. සමහර වෙලාවට අපේ අම්මලා හැදුවේ තෙම්පරාදු කරපු කඩල. වියළි මිරිස්, ළූණු, කරපිංචා, අබ, වගේම පොල් කෑලි කපලා දාලා හැදෙන මේ තෙම්පරාදු කඩලවල හොඳින්ම රස එන්නේ උණුවෙන් තියෙද්දී තමයි.

6. පොල් රොටි

යස කට්ට සම්බෝලයක් එක්ක කැපෙන තවත් කෑමක් විදියට පොල් රොටි හඳුන්වන්න පුළුවන්. පාන් පිටි රොටි වගේම  කුරක්කන් පිටි රොටිත් ඒ දවස්වල අපේ ගෙවල්වල හැදුණා. කුරක්කන් රොටි ගොඩක් වෙලාවට දෙන්නේ දියවැඩියාව හැදිලා ඉඳපු අපේ ආච්චිලට සීයලට.

7. කිරි බත්

පොල් කිරි වැඩිවෙන තරමට රස වැඩිවෙන කිරිබත් කන්නත් හරියන්නේ කට්ට සම්බෝලයක්ම තමයි. කිතුල් හකුරු කෑල්ලකුත් තිබුණම තවත් රස හොඳයි. මාළු ඇඹුල් තියල් එක්කත් කිරිබත් කන්න පුරුදු වුණු අය ඉන්නවා මේ අතරේ. ඒ විතරක් නෙවෙයි, කිරිබත් කියන්නේ සීනි සම්බෝල එක්කත් කන්න පුළුවන් උදේ කෑමක්නේ.

Image Credits : cukbook.blogspot.com​

හැමදාම කන කිරිබත එපා නොවෙන්න, ඒකට පොඩි විවිධත්වයක් දෙන්න තමයි අපේ අම්මලා ඉඹුල් කිරිබත්, මුං ඇට කිරිබත් එහෙම හැදුවේ. ඉඹුල් කිරිබත් හදන්නේ කිරිබත මැද්දට පොල් පැණි තට්ටුවක් දාලා. මේ පොල් පැණි එක කිතුල් හකුරුවලින් හැදුවම එන්නේ දිව්‍යලෝක රසක්.

Image Credits : srilankanfoodforever.blogspot.com

කිරිබත හදද්දිම, මුං ඇට එකතු කරලා හැදෙන මුං ඇට කිරිබත් එකේ රස වගේම හොඳ ගුණයකුත් තිබුණා.

8. වණ්ඩු ආප්ප

Image Credits : TheCulinarycorner

වණ්ඩු ආප්ප කියලා කිව්වට මේක තවත් ආප්ප වර්ගයක් නෙවෙයි. පොල්, උණු කරපු සීනි, හාල් පිටි මිශ්‍රණයක් පැහෙන්න තියලා, කැන්ද කොළ ගොටුවලට පුරවලා, හුමාලයෙන් තම්බලා හදන වණ්ඩු ආප්පවල රස මතක් වෙද්දී අදටත් අපේ කටවල්වලට කෙළ උනනවා.

9. කුරක්කන් තලප

Image Credits : sinhalajanakavi.com

හැට පැන්නත් කිසි මහන්සියක් නැතුව ගෙදරදොරේ වැඩ කරන්න, කුඹුරු යායක් වුණත් අස්වද්දන්න අපේ ආච්චිලා සීයලාට හයි හත්තිය ලබා දුන්නේ මෙන්න මේ වගේ කෑම වර්ග. ඉතින් ඉඳලා හිටලා අපේ ගෙවල්වලත් කුරක්කන් තලප හැදුණේ ඒ නිසාම වෙන්නැති. මේකත් එක්ක කන්න, කොරළි මාළු හොද්දක්, තිබ්බොටු මැල්ලුමක් එහෙම වරදින්නේ නැහැ.

10. රතු හාලේ බත්

Image Credits : karma.lk

හොඳ පොල් සම්බෝලයක්, මිරිස් මාළු හොද්දක් තියෙනවා නම්, අපේ උන්දැලා රතු හාලේ බත් මුට්ටියකට වුණත් වග කියයි. පොල් සම්බෝලේ නැත්තන්, නිකන් පොල් ටිකක් වුණත් මේකට මරු.

මේ කොයි කෑම වර්ගයක් වුණත් කෑවට පස්සේ, හොඳ උණු ප්ලේන්ටියක් බොන්නම ඕනේ. මොකද තේ තියන්නේ අපේ ජාතික බීම වගේනේ. උදේට එන කම්මැලිකම, නිදිමත ගතිය ක්ෂණයෙන් නැති කරන්න වගේම, උදේ කෑම වේල සම්පූර්ණ වුණා කියලා අපට දැනෙන්නෙත් ප්ලේන්ටියක් බිව්වම තමයි.   

"උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ"; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති. දැන් කාලේ උදේට කන ගොඩක් කෑම වර්ගවලින් අපේ බඩ පිරෙන්නේ ඒ වෙලාවට විතරයි. කොච්චර ෂෝට්-ඊට්ස්, පරාටා, බිත්තර රොටි කෑවත් දවල් එකොළහ, දොළහ වෙද්දී අපට බඩගිනි වෙන්නෙත් මේ නිසයි. ඒ විතරක් නෙවෙයි, මේවයේ ඒ හැටි ගුණයකුත් නැහැනේ.

ඉතින් සතියට දවසක් දෙකක් හරි මේ කිව්ව කෑම වර්ගයක් උදේ කෑමට එකතු කරගන්න පුළුවන් නම්, ඔයාලගේ හිතයි බඩයි දෙකම පුරවගන්න පුළුවන් වෙයි. අනික කඩෙන් කන්න වියදම් නොවෙන නිසා, අතෙත් කීයක් හරි ඉතුරු වෙනවනේ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
29 Sep 2016 01:02 AM
පොල් රොටි වගේ නම් මරු ඉතින් උදේට
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 06:17 AM
මමනං ගොඩක්ම උදේට කැමති ඉඹුල් කිරිබත්, මුං ඇට කිරිබත් තමයි
කුරක්කන් තලප වලට එකරම් කැමැත්තක් නැහැ, අනිත් දේවල් වලටනං සාමානයයයෙන් කැමතියි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Sep 2016 10:24 AM
අපි නම් මේ වගේ කන්නේ රෑට.
උදේට ඉතින් බත් තමයි.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 11:41 AM

නියම කෑම ටිකක් නේ.

කුරක්කන් තලප ගැන මටත් ලස්සන අද්දැකීමක්  තියේ.

මේලෝකේ රසක් නෑනේ.

කාපු ගමන් තේ බොන ඒකනම් හොද පුරුද්දක් නෙමේ .

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Sep 2016 02:24 PM
katata kela unanawa mewa dakkama
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

ගීත්
New Member
New Member
Posts:55






--
29 Sep 2016 03:54 PM
ම් රස කෑම ටිකක්. ගුන වුනාට කුරක්කන් තලප තමයි කන්න ටිකක් අමාරු
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
29 Sep 2016 09:05 PM
ඔව් ඔය කිව්වට කුරක්කන් කන්න අමාරු දෙයක් ..නමුත් ඉතා ගුනයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Sep 2016 09:09 PM
කුරක්කන් දාපු හැලප කන්න නම් මම හරි ආසයි...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Sep 2016 09:13 PM
Posted By samantha on 29 Sep 2016 12:23 AM

6. පොල් රොටි

යස කට්ට සම්බෝලයක් එක්ක කැපෙන තවත් කෑමක් විදියට පොල් රොටි හඳුන්වන්න පුළුවන්. පාන් පිටි රොටි වගේම  කුරක්කන් පිටි රොටිත් ඒ දවස්වල අපේ ගෙවල්වල හැදුණා. කුරක්කන් රොටි ගොඩක් වෙලාවට දෙන්නේ දියවැඩියාව හැදිලා ඉඳපු අපේ ආච්චිලට සීයලට.

7. කිරි බත්

පොල් කිරි වැඩිවෙන තරමට රස වැඩිවෙන කිරිබත් කන්නත් හරියන්නේ කට්ට සම්බෝලයක්ම තමයි. කිතුල් හකුරු කෑල්ලකුත් තිබුණම තවත් රස හොඳයි. මාළු ඇඹුල් තියල් එක්කත් කිරිබත් කන්න පුරුදු වුණු අය ඉන්නවා මේ අතරේ. ඒ විතරක් නෙවෙයි, කිරිබත් කියන්නේ සීනි සම්බෝල එක්කත් කන්න පුළුවන් උදේ කෑමක්නේ.

Image Credits : cukbook.blogspot.com​

හැමදාම කන කිරිබත එපා නොවෙන්න, ඒකට පොඩි විවිධත්වයක් දෙන්න තමයි අපේ අම්මලා ඉඹුල් කිරිබත්, මුං ඇට කිරිබත් එහෙම හැදුවේ. ඉඹුල් කිරිබත් හදන්නේ කිරිබත මැද්දට පොල් පැණි තට්ටුවක් දාලා. මේ පොල් පැණි එක කිතුල් හකුරුවලින් හැදුවම එන්නේ දිව්‍යලෝක රසක්.

Image Credits : srilankanfoodforever.blogspot.com

කිරිබත හදද්දිම, මුං ඇට එකතු කරලා හැදෙන මුං ඇට කිරිබත් එකේ රස වගේම හොඳ ගුණයකුත් තිබුණා.

8. වණ්ඩු ආප්ප

Image Credits : TheCulinarycorner

වණ්ඩු ආප්ප කියලා කිව්වට මේක තවත් ආප්ප වර්ගයක් නෙවෙයි. පොල්, උණු කරපු සීනි, හාල් පිටි මිශ්‍රණයක් පැහෙන්න තියලා, කැන්ද කොළ ගොටුවලට පුරවලා, හුමාලයෙන් තම්බලා හදන වණ්ඩු ආප්පවල රස මතක් වෙද්දී අදටත් අපේ කටවල්වලට කෙළ උනනවා.

9. කුරක්කන් තලප

Image Credits : sinhalajanakavi.com

හැට පැන්නත් කිසි මහන්සියක් නැතුව ගෙදරදොරේ වැඩ කරන්න, කුඹුරු යායක් වුණත් අස්වද්දන්න අපේ ආච්චිලා සීයලාට හයි හත්තිය ලබා දුන්නේ මෙන්න මේ වගේ කෑම වර්ග. ඉතින් ඉඳලා හිටලා අපේ ගෙවල්වලත් කුරක්කන් තලප හැදුණේ ඒ නිසාම වෙන්නැති. මේකත් එක්ක කන්න, කොරළි මාළු හොද්දක්, තිබ්බොටු මැල්ලුමක් එහෙම වරදින්නේ නැහැ.

10. රතු හාලේ බත්

Image Credits : karma.lk

හොඳ පොල් සම්බෝලයක්, මිරිස් මාළු හොද්දක් තියෙනවා නම්, අපේ උන්දැලා රතු හාලේ බත් මුට්ටියකට වුණත් වග කියයි. පොල් සම්බෝලේ නැත්තන්, නිකන් පොල් ටිකක් වුණත් මේකට මරු.

මේ කොයි කෑම වර්ගයක් වුණත් කෑවට පස්සේ, හොඳ උණු ප්ලේන්ටියක් බොන්නම ඕනේ. මොකද තේ තියන්නේ අපේ ජාතික බීම වගේනේ. උදේට එන කම්මැලිකම, නිදිමත ගතිය ක්ෂණයෙන් නැති කරන්න වගේම, උදේ කෑම වේල සම්පූර්ණ වුණා කියලා අපට දැනෙන්නෙත් ප්ලේන්ටියක් බිව්වම තමයි.   

"උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ"; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති. දැන් කාලේ උදේට කන ගොඩක් කෑම වර්ගවලින් අපේ බඩ පිරෙන්නේ ඒ වෙලාවට විතරයි. කොච්චර ෂෝට්-ඊට්ස්, පරාටා, බිත්තර රොටි කෑවත් දවල් එකොළහ, දොළහ වෙද්දී අපට බඩගිනි වෙන්නෙත් මේ නිසයි. ඒ විතරක් නෙවෙයි, මේවයේ ඒ හැටි ගුණයකුත් නැහැනේ.

ඉතින් සතියට දවසක් දෙකක් හරි මේ කිව්ව කෑම වර්ගයක් උදේ කෑමට එකතු කරගන්න පුළුවන් නම්, ඔයාලගේ හිතයි බඩයි දෙකම පුරවගන්න පුළුවන් වෙයි. අනික කඩෙන් කන්න වියදම් නොවෙන නිසා, අතෙත් කීයක් හරි ඉතුරු වෙනවනේ.


Posted By samantha on 29 Sep 2016 12:23 AM 

6. පොල් රොටි

යස කට්ට සම්බෝලයක් එක්ක කැපෙන තවත් කෑමක් විදියට පොල් රොටි හඳුන්වන්න පුළුවන්. පාන් පිටි රොටි වගේම  කුරක්කන් පිටි රොටිත් ඒ දවස්වල අපේ ගෙවල්වල හැදුණා. කුරක්කන් රොටි ගොඩක් වෙලාවට දෙන්නේ දියවැඩියාව හැදිලා ඉඳපු අපේ ආච්චිලට සීයලට.

 

 

මේක දැක්කම නම් කටට කෙළ ලීටරයක් විතර උනනවා...

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Sep 2016 09:02 AM
ඇත්තටම ඊයේ රෑට අපි කෑවේ රොටී කුරක්කන් නොදමා.
හැබැයි ලුනුමිරිස් එක්ක නෙමෙයි පොලොස් එක්ක.

කියනවට කාලා බලන්නකෝ කොහොමද කියලා.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Sep 2016 09:44 AM
උණුවෙන් තියෙනවනම් රොටි නිකන් කන්න පුළුවන්...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Sep 2016 09:52 AM
හැලප නං සීනි පොල් කවලම් හින්ද කන්න පුලුවන්
මේ තලපෙ කිරි හොදිත් එක්කනේ කන්න තියෙන්නේ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Sep 2016 12:52 PM
අනේ මේ වගේ කෑම දවස ගානේ කන්න ලැබේනවානම් කොච්චර ෂෝක් ද ...ආසම  කෑම ලැයිස්තුවක් ,,,ස්තුති අයියා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2016 09:44 AM
Posted By Rosi on 30 Sep 2016 12:52 PM
අනේ මේ වගේ කෑම දවස ගානේ කන්න ලැබේනවානම් කොච්චර ෂෝක් ද ...ආසම  කෑම ලැයිස්තුවක් ,,,ස්තුති අයියා
ඇයි අක්කේ මේ දේවල් ඔය පැත්තෙ හදා ගන්න අමාරැද.

0
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>