You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Aug 2017 08:59 AM by  hasithad
වකුගඩු නරක් වෙලානම් මෙන්න මෙ රෝග ලක්ෂණ හටගන්නවා වකුගඩු රෝගය මාරන්තිකයි දැන්ම දැනුවත් වෙන්න.
 105 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
27 Nov 2016 11:18 PM
මමත් වසර 3ක් පමණ මහරගම පිළිකා ආයතනය අසල ජීවත් වුණ කෙනෙක් හැටියට මම මේ රෝගය පිළිබඳව හොඳ අත්දැකීම් ලබා ගත්තා. නිතරම වගේ රෝහලට ගියා. මගෙත් මාමා කෙනෙක් සහ කුඩා කල මගේ පංතියේ ඉගෙනුම ලබන අතර පසුව මහන දම් පුරපු අපේ පන්සලේ නායක හාමුදුරුවන් මේ රෝහලේ ප්‍රථිකාර ලැබුවා. ඒ දවස් වල මම මේ දෙදෙනාටම උවටැන් කලා. ඒ කාලයේ තමයි ප්‍රවීන නිළි රෙබෙකා නිර්මලී ප්‍රථිකාර ගත්තෙත්. මම දිනපතාම වාගේ ඇයවත් බලන්න ගියා. මේ රෝහලට ගියාම නම් සසර කළකිරෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
28 Nov 2016 05:55 AM
මහරගම පිලිකා රෝහල කියන්නේ නිකං මිහිපිට අපාය වගේ තමයි.
කියන්න බෑහැ කොයි මොහොතක හෝ මේ මටත් යන්න වෙයිද දන්නේ නැහැ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
01 Jan 2017 09:05 PM

ඩෙංගු නිවැරදිව හඳුනාගන්නා අයුරු

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කෙතරම් පියවර ගත්තද එය නිතරම හිස ඔසවන රෝගයක්‌ බවට පත්ව ඇත.

වෛරස්‌ රෝගයක්‌ වන මෙය නිවැරදිව හඳුනාගත හොත් මාරාන්තික තත්ත්වයට පත්වීම වලක්‌වා ගෙන නිසි ප්‍රතිකාර තුලින් සුවපත්විය හැකිය.

එබැවින් ඩෙංගු රෝගය නිවැරදිව හඳුනාගන්නා අයුරු පිළිබඳව අපි දැනුවත් වෙමු.

වෛරසයක්‌ මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරිරගතවූ අයෙකු බොහෝ විට රෝග ලක්‌ෂණ නොපෙන්වන අතර රෝග ලක්‌ෂණ මතුවූවහොත් එය

* සාමාන්‍ය සුළු උණ තත්ත්වය

* ඩෙංගු උණ (Dengue Fever - DF))

* ඩෙංගු රක්‌තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF))

* අසමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය ( ඉතා කලාතුරකින් ) විය හැක.

ඩෙංගු බෝවන්නේ කෙසේද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැනු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරිර ගතවූ පුද්ගලයෙකු දෂ්ට කිරීමෙනි.

ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

අසාදිත ඩෙංගු මදුරුවකු විසින් දෂ්aට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක්‌ පවතී. තවද පුද්ගලයෙකුගෙ වයස හා ප්‍රතිශක්‌තිය මත රෝගයේ ස්‌වභාවය වෙනස්‌ විය හැකිය.

උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම ඩෙංගු රක්‌තපාත උණ (DHF) වැනි අවදානම් අවස්‌ථා වලටද පත්විය හැකිය. මෙම අවදානම් අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසුවේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්‌මණින් සුව වන අතර අවදානම් අවස්‌ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මණින් හඳුනාගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‌ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ.

ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

උණ සමඟ පහත රෝග ලක්‌ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය හැකි බවට සැක කළ යුතුය.

* හිසරදය හා ඇස්‌ යට වේදනාව

* මස්‌පිඬු හා සන්ධි වේදනාව

* ඔක්‌කාරය හා වමනය

* සමෙහි රතු පැහැ හට ගැනීම

* රුධිර වහනය තත්ත්වයන්

ඉහත රෝග ලක්‌ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්aනේ අවදානම් අවස්‌ථාවට පත්වන රෝගීන් ඉක්‌මණින් හඳුනා ගැනීමය (උදා: ඩෙංගු රක්‌තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සැදී දින 2 කට පසුව කරනු ලබන සම්පුර්ණ රුධිර පරීක්‌ෂාව FBC - Full Blood Count වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරික්‌ෂාවන් මඟින් ඩෙංගු උණ DF හා ඩෙංගු රක්‌තපාත උණ DHF වෙන්කර හඳුනා ගත නොහැකිය.

ඩෙංගු රෝගය කිහිපවරක්‌ සෑදිය හැකිද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක්‌ ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක්‌ ගොදුරු වූ විට ප්‍රතිශක්‌තිය ඇති වන්නේ එක්‌ ප්‍රභේදයකට පමණක්‌ බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක්‌ ඩෙංගු රෝගය සැදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්‌ථාවේ) වැඩිවේ.

ඩෙංගු උණ වැළඳුන විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?

ඩෙංගු වෛරසය ශරීරගත වන බෙහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන ඒ අනුව කටයුතු කිරිම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරික්‌ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතු ද යන්න තීරණය කරනු ඇත.

ඩෙංගු රක්‌තපාත උණ (DHF) යනුq කුමක්‌ද?

ඩෙංගු රක්‌තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වය ඇතිවිය හැකි අවදානම් අවස්‌ථාවකි. උණත් සමඟ ඇතිවන අනිකුත් රෝග ලක්‌ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්‌තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීsම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්‌ෂණය වන රුධිර වාහිනි වලින් පිටතට ( විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට ) ප්ලාස්‌මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදි 03 වන දින හො ඊට පසුව සිදුවන අතර රුධිර පරික්‌ෂා FBC වල වෙනස්‌කම් මඟින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්‌මාව කාන්දු වීම මඟින් කම්පන අවස්‌ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්‌ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‌ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්‌ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.

අවදානම් ලක්‌ෂණ මොනවාද?

* උදරයේ ඇතිවන තද වේදනාව

* නොනවත්වා වමනය පැවතීම

* අධික නිදිමත, නොසන්සුන්බව, අප්‍රාණික බව

* විදුරු මසෙන්, නාසයෙන් රුධිරය වහනය, දුඹුරු පැහැ වමනය සහ කළු පැහැ මළපහ පිටවීම

* පැය 06 කට වැඩි කාලයක්‌ මුත්‍රා පිට නොවීම සහ මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම

අවදානම් ලක්‌ෂණ නොමැතිවද රෝහල් ගත විය යුතු පුද්ගලයින් කවුරුන්ද?

* ගර්භනී මව්වරුන්

* අධි බර සහිත රෝගීන්

* අවුරුදු 1 ට අඩු ළදරුවන්

* වැඩිහිටි පුද්ගලයින්

උණ ඇති විට කුමක්‌ කළ යුතුද?

* වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න.

* උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න. (උපරිම මාත්‍රාව 60mg/kg/24h)) තදින් උණ පවතී. නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරිය තැවීම සිදු කරන්න.

* වේදනා නාශක ඖෂධ Non Steroidal Anti inflammatory Druges (NSAIDS) කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටීරොයිඩ් (steroids) භාවිතයෙන් වලකින්න.

* සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාගන්න

* උණ පවතින කාලය තුළ මදුරු දෂ්aට කිරීමෙන් හැකිතාක්‌ ප්‍රවේසම් වන්න.

උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර මොනවාද?

* උණ හා වමනය නිසා ඇතිවන විජලනය තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න තැඹිලි වතුර, කැඳ, කිරි, ජිවනි වැනි මුඛ සජලන පානය (Oral Rehydration Solution - ORS) පලතුරු යුෂ වඩාත් සුදුසුය.

* ළමුන්ට ග්ලුකෝස්‌ වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.

* රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක්‌ ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.

* අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/ දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළපහ) හඳුනා ගැනීම අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වලකින්න.

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකුලතා මොනවද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකුලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්‌තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්‌ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්‌මාව අකර්මන්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකුලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

ඩෙංගු රෝගය ඇති විට මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්‌ෂා විය යුතු වන්නේ ඇයි? ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‌ෂණයක්‌ නොපෙන්වයි. මෙම බීජෞෂණ සමය දින 3 - 14 අතර කාලයක්‌ පවතී..

ඉන්පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2 - 10 අතර කාලයක්‌ පවති. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර එමඟින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

සාමාන්‍යයෙන් ඊඩිස්‌ මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක්‌ යන තුරුද, සවස්‌ කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුරද දෂ්ට කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ඨන වලින් ආරක්‌ෂා විය යුතුය.

තොරතුරු - ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
01 Jan 2017 10:55 PM
මේ කාලයේ බහුලව පවතින රෝගයක් සම්බන්ධව ඉතා වැදගත් දැනුවත් කිරීමක්..
ගොඩක් අය රෝගය වැඩිකර ගන්නේ නොදැනුවත් කමින්..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
02 Jan 2017 02:31 AM
Posted By samantha on 01 Jan 2017 09:05 PM

බොහෝම ස්තුතියි සමන්ත අයියේ.මේ ගැන විස්තරයට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
02 Jan 2017 04:51 AM
මේ කාලයේ වැදගත්ම වන කරැණු ටිකක් අයියේ
ගොඩක් ස්තූතියි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
02 Jan 2017 07:34 AM
විශේෂයෙන්ම කොලඹ මේ ප්‍රශ්නය ගොඩක්ම වැඩි වෙලා තියෙන්නේ.
ගිය සතියෙත් ඩෙංගු මරණ 2ක් වෙලා තියෙනවා.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
01 Feb 2017 01:51 AM
වකුගඩු නරක් වෙලානම් මෙන්න මෙ රෝග ලක්ෂණ හටගන්නවා වකුගඩු රෝගය මාරන්තිකයි දැන්ම දැනුවත් වෙන්න.

අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වකුගඩු රෝග ව්‍යප්තිය. මෙහි පවතින බරපතලම කරුණ වන්නේ මෙම රෝගය සිඝ්‍රයෙන් පැතිරීමට හේතුවන කරුණු පැහැදිලි ලෙස හඳුනාගැනීමට අපොහසත් වීමයි. කෙසේවුවත් රෝගය වළක්වා ගැනීම සඳහා යොමුවන අවධානය අඩු නිසා ඒ පිළිබඳ සැලකිල්ලක් යොමු කිරීම අවශ්‍යයි. ඒ යටතේ ක්‍රියාකාරී දිවි පෙවෙතක් කෙසේ වකුගඩු රෝගයෙන් වැළකීමට හේතු වන්නේ ද යන්න වගේම දියවැඩියා රෝගීන් තමන්ගේ වකුගඩු කෙසේද ආරක්ෂා කර ගන්නේ යන්න පිළිබඳවත් දැනුවත් වීම වැදගත්.

නිවැරදි දිවි පෙවෙත යන්නෙන් අදහස් වන්නේ ක්‍රියාශීලි දිවි පෙවෙතක් යන්නයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ගන්නා ආහාර ප්‍රමාණය වැය කරන ශක්ති ප්‍රමාණය අතර සමබරතාවක් පවත්වා ගත යුතුයි. එසේ නොවුණුහොත් ශරීරය මඟින් වැය නොකරන ශක්තිය නිසා අප රෝගීන් බවට පත්විය හැකි වේ.

ඒ නිසා තරබාරු බව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය වැනි රෝග ඇතිවිය හැකි අතර මේ හේතු නිසාම ඔබගේ වකුගඩුවලට ද අහිතකර බලපෑම් ඇති විය හැකියි. එබැවින් අපි ලබා ගන්නා ආහාර දහනය කිරීම හරහා බර නියමිතව පවත්වාගෙන ක්‍රියාශීලි දිවි පෙවෙතක් මඟින් වකුගඩුවලට ඇතිවන අවදානම අඩු කර ගත හැකියි. එහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, ඇඟ වෙහෙසා වැඩ කිරීම ආදී කරුණු අපගේ දිවියේ සාමාන්‍ය වැඩ කොටසක් බවට පත් කරගත යුතුයි. අප කාර්යාලවල සිදු කරන වැඩ මඟින් අප තෙහෙට්ටුවට පත් වීමක් පමණයි සිදුවන්නේ.

ශරීර ශක්තිය වැය කරමින් කටයුතු කිරීම හරහා ඉහත රෝග කල්තබා වළක්වා ගත හැකියි. එදිනෙදා ජීවිතයේදී සිදු කරගත හැකි ශරීරය වෙහෙසවා කටයුතු කිරීම ඉතා වැදගත්.

දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවල බලපෑම

ලෝකයේ ඕනෑම රටක් ගතහොත් වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ දියවැඩියාවයි. අංක දෙක අධික රුධිර පීඩනයයි. මෙම රෝග දෙක වැළඳී ඇති බව හඳුනා ගන්නා විට ඔබගේ වකුගඩුවලට හානි වී තිබිය හැකියි. නමුත් කාලයක් තිස්සේ මෙම රෝගය පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි. බොහෝවිට දියවැඩියාව වැළඳී ඇති තරුණ අය බේත් වේල මඟ හරිනු ලැබේ. එසේ බේත් වේල මඟහැරියත් ඔවුන්ට අපහසුතාවක් නොදැනෙන නිසා ඒවා මඟහරිනු ලැබේ.

මේ දිනවල භාවිතා වන දියවැඩියාවට ඒ වගේම අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ නිසා කිසිවිටෙක වකුගඩු නරක් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ එම රෝග තත්ත්ව නිසිලෙස පාලනය නොකිරීම නිසයි.

මෙට්ෆොමින් නිසා වකුගඩු නරක් වෙනවාද?

මෙට්ෆොමින් දියවැඩියාවට පමණක් නොවෙයි තවත් බොහෝ ලෙඩ රෝග අඩු කර ගැනීම සඳහා භාවිතා වන ඉතා හොඳ ඖෂධයක්. නමුත් වකුගඩු රෝගී වූ පසු මෙට්ෆොමීන් භාවිතය කළ නොහැකියි.

ස්ථුල භාවය

ස්ථුල භාවය ආකාර කිහිපයකින් වකුගඩුවලට හානි කළ හැකියි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් තැන්පත් වීම ආදී බොහෝ හේතු නිසා විවිධාකාර වශයෙන් වකුගඩුවල රෝගී තත්ත්ව ස්ථුලභාවය මුල් කරගෙන ඇතිවිය හැකියි.

වතුර හා වකුගඩු අතර සබඳතාව

වකුගඩු රෝග වළක්වා ගැනීමේ පහසුව හා ලාභදායී ක්‍රමවේදය වන්නේ නිසිලෙස ජලය පානයයි. මෙහිදී නිසිලෙස ජලය පානය යන්නෙන් අදහස් වන්නේ මෙම ජලය ලබා ගන්නා මූලාශ්‍රය පිළිබඳ සැලකිලිමත් වීමයි. මෙහිදී එම වතුර උතුරුවා නිවාගත් ඒවා වීම මෙන්ම පෙරා ගන්නා ලද ජලය වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම අපි පානය කරන වතුර ප්‍රමාණයත් ඉතා වැදගත්. ඒ වගේම පෙරණයේ නිර්දේශිත වතුර ප්‍රමාණයක් පෙරා ඉවර වූ පසුව එය ඉවත් කර දැමීම හෝ අලුත්වැඩියා කළ යුතුයි. මෙය සදාකාලිකව භාවිතා කළ හැකි දෙයක් නොවේ. එහි කාලය හා පෙරීමේ හැකියාව නැතහොත් නියමිත කාලය ඉක්මවා ගිය පසු එහි කොටස් අලුත්වැඩියා කිරීමට බලා ගන්නවා නම් වඩාත් හොඳයි.

ජලය කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතු ද යන ගැටලුවේදී සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව දිනකට පානය කළ යුතු වතුර ලීටර් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් ලෙස දක්වා තිබේ. නමුත් අප ඝර්ම කලාපිය රටක් වශයෙන් අප ලීටර් 2 1/2ක් වුවත් පානය කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් ඔබ දහඩිය පිටකරමින් වැඩ කරන අයෙක් නම් ඊට සාපේක්ෂව වතුර ප්‍රමාණය වෙනස් විය යුතුයි. මෙම වතුර පානය කළ යුතු ආකාරය පිළිබඳ විමසා බැලීමත් ඉතා වැදගත්.

අපි දිනය පුරා බෙදී යන ආකාරයෙන් ජලය පානය කළ යුතුයි. එක්වර ජලය විශාල ප්‍රමාණයක් පානය කරනවාට වඩා බෙදී යන ලෙස පානය ඉතා වැදගත්. ඒ වගේම මුත්‍රාවල සාන්ද්‍රණය අධික නොවන ලෙස ජලය පාලනය මඟින් එය පාලනයකට ලක් කර එහි පැහැය ළා පැහැයට හුරු ලෙස පවත්වා ගත යුතුයි. එක්වර වතුර විශාල ප්‍රමාණයක් පානය තේරුමක් නොමැති දෙයක්.

ලුණු යනු ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුවත් ලංකාවේ ආහාර වේලේ ලුණු අධික ආහාර බහුල වශයෙන් තිබෙනවා. දිනකට ග්රෑම් 5ක් හෝ 6ක් ආහාරයට ගත යුතුයි. එය තේ හැන්දක ප්‍රමාණයකි. ඔබ ඔබගේ ප්‍රධාන ආහාරයට ලුණු එකතු නොකළ යුතුයි. ලුණු අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම හරහා වකුගඩු ආරක්ෂා කරගත හැකියි. ඒ වගේම මෑතකාලීනව පැමිණි ක්ෂණික ආහාර බිස්කට්, පොටේටෝ චිප්ස්, සුප්කැට, විවිධ බැදපු මස් වර්ග ආදියේ ඉතා අධිකව ලුණු අඩංගු වේ. සොසේජස්, හැම්, බේකන් ආදී දේවල අධික ලෙස ලුණු අඩංගු නිසා මෙම ආහාර ඔබ ආහාරයට නොගත වගේම ඔබේ දුවා දරුවන්ට ලබා නොදිය යුතු ආහාර වේ.

වකුගඩු නරක් වීමට බලපාන ඉතිරි කරුණු

දුම්පානය මඟින් වකුගඩුවට හානි සිදුවන ආකාර දෙකකි. ඒ යටතේ කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ රුධිරය සැපයීමේ නාළ හීනි වීම නිසා වකුගඩුවලට රුධිරය සපයන නාළ හීනි විය හැකියි.

ඊට අමතරව වකුගඩු සම්බන්ධ පිළිකා තත්ත්වයටත් දුම්පානය හේතුවිය හැකියි. ඔබ දුම්පානය නොකර සිටියොත් වකුගඩු රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකියි.

දියවැඩියා රෝගීන් නිසි පරිදි ඖෂධ පානය, රුධිරගත දියවැඩියා පරීක්ෂාව ඩ්ඕඒ1ඛ් පරීක්ෂණයේ අගය 7ට වඩා අඩු අගයක පවත්වා ගත යුතුයි. ඒ වගේම අධි රුධිර පීඩනය තිබෙනවා නම් එහි අගය 140 - 80 ට වඩා අඩු අගයකට පවත්වා ගත යුතුයි. දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන අයෙක් නම් 130 -80 ට අඩු මට්ටමට රුධිර පීඩනය පවත්වා ගත යුතුයි. එසේ නොවුණහොත් ඔබේ වකුගඩු ඉක්මනින් නරක් විය හැකියි.

තවද වකුගඩුවල ගල් තිබෙන අය මාස 6කට අවුරුද්දකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී වකුගඩුවේ තත්ත්වය පරීක්ෂා කරගත යුතුයි. තවද ප්‍රවේණික වකුගඩු රෝග තිබෙන අය (පවුලේ කාටහරි වකුගඩු රෝග තිබෙන අය) තමාගේ වකුගඩුවල තත්ත්වය පරික්ෂා කරගත යුතුයි.

වකුගඩු නරක් වී ඇති බවට පහළ වන රෝග ලක්ෂණ

මෙම රෝගයේදී රෝග ලක්ෂණ පහළ වන තෙක් සිටියහොත් සැලකිය යුතු මට්ටමින් වකුගඩු නරක් වී තිබිය හැකියි. වකුගඩු රෝග ඉතා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම ඉතාම අපහසු වේ. නමුත් මුත්‍රා සමඟ පෙණ වැඩිපුර පිටවීම, වැනි ලක්ෂණ මඟින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බව දැකගත හැකියි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම, ඉදිමුණු කකුල් ද රෝග ලක්ෂණ වේ.

උපදෙස් : ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
01 Feb 2017 03:08 AM
බුදු අම්මො දෙක පරිස්සම් කරගනිල්ලා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
01 Feb 2017 03:13 AM
ලංකාවේ වැඩි දෙනෙක් දැන් මිය යන්නෙ මේ වකුගඩු රෝගය නිසා. ඉතා වැදගත් මේ තොරතුරු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973

--
01 Feb 2017 03:29 AM
Posted By maduranga001 on 01 Feb 2017 03:13 AM
ලංකාවේ වැඩි දෙනෙක් දැන් මිය යන්නෙ මේ වකුගඩු රෝගය නිසා. ඉතා වැදගත් මේ තොරතුරු.

 ඒ නම් අයියේ කෘෂිකාර්මිකව භාවිතා කරන විෂ රසායනික ද්‍රව්‍ය නිසා. සමහර වර්ග තහනම් කලත් එක්ක මම හිතන්නේ.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973

--
01 Feb 2017 03:29 AM
ස්තූතියි සමන්ත අයියේ විස්තරයට.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
01 Feb 2017 03:31 AM
මේකට නම් ඉතිං වතුර තමයි බොන්න තියෙන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
01 Feb 2017 05:20 AM
අනුරාධපුර, පොලොන්නරු පැති වල අය මේකෙන් කොච්චර දුක් විඳිනවද.....
අපිවත් දැනුවත් කලාට ස්තූතියි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
01 Feb 2017 10:31 AM
එක නේ වතුර වුනත් එකපාරට බිලා හරි යන්නේ නැ .
.හොද ලිපියක්.ගොඩක් ස්තුති
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
02 Feb 2017 07:09 PM
හරිම වැදගත් ලිපියක්.. මමත් කියෙව්වා ඔන්න...
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
03 Feb 2017 06:57 AM
අපි ඉන්න පැත්තටත් පොඩි අවදානමක් තියෙනවා වකුගඩු රෝගය පිලිබද.
වතුර බොන්න කිවුවට වතුර බෙන්නත් බැහැ ටිකක් කිවුල්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
03 Feb 2017 08:02 AM
ඒ අතින් අපි හුගක් වාසනාවන්තයි මල්ලි.
මේ පැති වල අයට ඔය වගේ ප්‍රශ්න අඩුයිනෙ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
01 Aug 2017 02:51 AM

පිළිකාව ගැන අසා නැති ලොව වැඩිම ආයු කාලය හිමි මිනිසුන් පිරිසක්

පකිස්තානයේ දකුණු ප්‍රදේශයේ ජීවත් වන කුඩා ජනවර්ගයක් තමයි මේ හුන්සා “Hunza” මිනිසුන් කියන්නේ. අද වනවිට ලෝකයේ සතුටින්ම සහ නිරෝගීව වැඩිම ආයුෂ ප්‍රමාණයකට හිමිකම් කියන මිනිසුන් ලෙස මේ හුන්සාවන් සැලකෙනවා. පිළිකාව ගැන නොදත් එකම මිනිසුන් කොට්ඨාශය ලෙස සැලකෙන්නේද මේ හුන්සාවන්ම තමයි. මොවුන් වයස අවුරුදු 65 දීත් කිසිදු අපහසුවකින් තොරව දරුවන් බිහිකරනවා. ඒවගේම, මොවුන්ට තියෙන හරිම අපුරු පුරුද්දක් තමයි දිනපතා ශීත ජලය ස්නානය කිරීම

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
01 Aug 2017 05:37 AM
65 දිත් ලමයි
ඒකනං පුදුමයි තමා
0
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>