You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 04:23 PM by  Prasad Maduranga
හිතුවක්කාරයා ගේ නිර්මාණ
 75 Replies
Sort:
Page 2 of 4 << < 1234 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Aug 2015 02:18 AM
  •  Quote
  •  Reply
පෝය දිනයටම ගැලපෙන නිසදැස් සිතුවිල්ලක් පහළ වෙලා තියෙන්නේ..

හරිම අපුරුයි..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Aug 2015 09:08 AM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 29 Aug 2015 02:16 AM
පියමැන යන්න ධර්මය මත දිවි ගමන .......



පුර පොහොය සඳ…..………… කිරණ
පිංසාරා පැතුමන් .………………පුබුදන
මෙත් මල් කැළු ………….විකසිතවන
පිංබර
පොහොයක සිත සනහාලන


පැතුම් පහාන් …………………දැල්වෙන
දුක් ගිණි දැල්……………..…… නිවාලන
සිතගට සැනසුම් ……………………දෙන
පොහෝ සද කිරණ දුක් සිත පහාදන


සඝ රුවන දෙසුවන………………… බණ
අසමින දරනවා සිතද………………. මන
අට ලොව දහම හදුනා ……………. දැන
නිවන් යන්නට කෙලෙසුන් මග හරින


විවර කරගෙන කරුණා…..…… නයන
බෙදමින් මෙත් ගුණ……………. දැහැන
වඩවා සිතගට පිං දම් …………….නුවන
පියමැන යන්න ධර්මය මත දිවි ගමන



____හිතුවක්කාරයා___
අද දවසට ගැලපෙන අගනා නිසදැස් සිතුවිල්ලක්

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2015 01:54 AM
  •  Quote
  •  Reply
නිර්මාණ ටික ගොඩක් ලස්සනයි. ගොඩක් හිතට කා වදිනවා
සමහර ඒවගේ වචනවල අදහස දාල තිබුන එකනං ලොකු දෙයක් නැත්තං ඒක හොයාගන්න මහාචාර්ය කෙනෙක් හොයාලෙන යන්න වෙනවා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Aug 2015 06:10 PM
  •  Quote
  •  Reply
සදහම් සිත් පහන් කරන පොහොදා නිසදැසක් ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Aug 2015 06:41 AM
  •  Quote
  •  Reply
නිර්මාණ ටික නම් ඇත්තටම හිතුවක්කාරයි... ස්තුති අපි එක්ක බෙදාගත්තට
0

erandika irshan
New Member
New Member
Posts:25






--
07 Sep 2015 05:11 AM
  •  Quote
  •  Reply
වාසිටියේ මිතුරන් දෙන්නෙක් පුංචි අඩියක් ගහාන්න් සෙට් වෙලා ... හීනියට වැදුන වෙලාවේ දාන පොඩි ටොකාක් .
__________________________________________

" සිත උඹේ හරි කුහකයි බං "

ඇයි ඒ බං

" නෑ උඹ පට්ට කුහක චරිතයක් "

මොකෝ බං ඒ කියහාන් කෝ

"මොකද උඹට අරකී love කියලා දැන දැන දැනත් උඹ එකිව මග හරිනවා .... "

හුටා ඒකද .... ඒකට වෙන සීන් එකාක් තියනවා බන් සහෝ ....

"මොකාද්ද බං ඒ "

හිටහාන් මම කියන්නම් කෝ .... එහෙනම් අහාගනින්... ඈ

දුටුවා පෙර දිනක පෙම්බර සිහිනයක්
පැතුවා පැතුම් හිනා වෙන්න ආලයක්
තැනුවා සිහින ප්‍රේමය මැද මලිගයක්
පිරුවා හැගුම් සසරේ බැදුන පුරුද්දක්

" ෂා මරුනේ බං කොල්ලො දැන් ලව නැගලා යනවා ඇති නේ හෙනම් ඈ .... Sory මචෝ ..."

දැන් මොන මගුලටද බං sory ...ගාන්නෙ .

" නෑ ඉතින් ඔබට කෑල්ලක් ඉන්න නිසානේ අරකිව මගහරින්නෙ ... මම දැන් හේතුව දැනගත්තා නේ බං ... එකනේ සමාව ඉල්ලුවේ කුහකයා කීව එකට "

මගුල අහාපන් තවම ඉවර නෑ මම කියලා අහාපන් මැදින් පයින්නෙ නැතුව ... රෙද්ද

" ආ කියහාන් කෝ හෙනම් ඉතුරු ටිකාත්... එකෙම්ම බොක්ක "

හරි අහාපං

දින සති මාස ගෙවුනා ආදරයෙන් බැදිලා
ටික ටික දුරස් වෙන්නට දැන් සිද්ද වෙලා
සතුට රැදුන හිතවල දුක දැන් ඉතිරි වෙලා
ඇස් කෙවිනි තෙමෙනව කදුළු ඉතිරි වෙලා

පෙරුම් පුරා බැදුන පෙම දුරස් වෙලා
පැතු පැතුමන් සිහින අතරේ සැගවීලා
මහාද පුරා මතකය දැන් ඉතිරි වෙලා
ඈ සද හෙට දැන යනවලු පිට ගම් බලා

කෙරුවත් ආදරය පෙරදා ලග ඉදලා
දුරට ගියා වෙන හඳකට මුවා වෙලා
දුන්න සිනා ඇ සඳ වෙන හදකට දීලා
මතකය මත මේ ලොකය මට නැති කලා

" හෝ..... හෝ..... ඇති ඇති මචෝ මට තේරුනා සින් කෝන් එක දැන් උඹ මාරයි ඈ .... පට්ට පොරක් නේ බං ..... දැන් ඇත් උඹට වැඩි . "

හරි..... හරි ඒනම් හෙට රෑටත් අපි සෙට් වෙමු ... ඉතුරුටික කියන්නම් එතකොට .ඈ ඔන්න අන්තිම ශොට් එක . චියස් ඈ .........

_____හිතුවක්කාරයා_____
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Sep 2015 05:16 AM
  •  Quote
  •  Reply
මෙ ශොට් එකෙන් පස්සෙ එවත් දැම්මා නම් තමයි මරු
1

erandika irshan
New Member
New Member
Posts:25






--
07 Sep 2015 05:20 AM
  •  Quote
  •  Reply
සහෝ එක දෙවැනි කොටසේ දකින්න පුළුවන් ඈ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Sep 2015 07:35 AM
  •  Quote
  •  Reply
නියමයි සහෝදරයා.. චියර්ස් ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Sep 2015 09:00 PM
  •  Quote
  •  Reply
හිතුවක්කාර නිර්මාණය රස වින්දා.. ස්තුතියි..

හෙට ෂොට් එක දා ගත්තම "ඊ ළග කෑල්ල තවත් හිතුවක්කාරයි" කියල හිතනවා..
0

erandika irshan
New Member
New Member
Posts:25






--
09 Sep 2015 12:24 AM
  •  Quote
  •  Reply
වාසිටි මිතුරෝ දෙදෙනා නැවතත් මුනගැසුනා .... බෝතලයක් කඩලා ලාවට වැදුනු දෙවැනි දවස
______________________________________________

මචං කොහෝමද බන් ඉතින් ඈ ...

"හොදින් කොල්ලො උඹ හොදින් නේ බං "

පට්ට ඈ පෙරේදා පොඩ්ඩක් වැඩි වුනා බං සොරී වෙන්න ඔනේ ආතල් එක කැඩුනානම් හොදේ ... මේ ඒක නෙමේ අදත් ලාවට අපි දාමුද පොඩි සොමියක් බෝතලයක් කඩලා හේම බං .

" අද නේ ..... හ්ම් ...හ්ම්... හ්ම් "

මොකෝ අවුලක් ද බං උඹට අද

"නෑ බං "

හෙනම් ඇයි බන් නිකන් මන්ද කයිප්පුව ගහාලා වගේ වරෙන්... වරෙන් අද මා ගානේ .

" සිරාවටම ද ඈ .. මගේ අතේ සතේ නෑ බන් එකයි අදි මදි කරේ. සිරාවටම "

(දෙන්නම් දැන් සෙටිවිය ලාවට වැදිලා ඉන්න මොහෝතේ නැවතාත් ආදරය පිලිබදව කථිකාව පට ගනී මෙසේ .)

"දැන් උඹ අරකිව සෙට් කරගන්නෙ නැද්ද කියහාන්..දාලා ගිය එකී ගැන නැහෙන්නෙ . මොන මගුලක්ද බං ඔවා අත හැරලා අරකව දාගනින් යකෝ පට්ට කෑල්ලනේ "

යකෝ බං ඒකී පට්ට උනතාත් මහේ ලව වගේ නෑ බං . මගේ ආදරේ මාව දාලා ගියත් මට එකිගෙ මතකය තවම ජිවත් කරනවා ඒක උඹට කියන්න තේරෙන්නෙ නෑ බන් මට .

" කියහාන් උඹේ ලව ගැන හෙනම් ....''

ඔන්න හේනම් ආගනින් ඈ අපි ආදරය කල හැටි හීන ගොන්නක් මැද්දෙ.

"හරි කියහාන් බලන්න "

නාබර හැගූමන් හද මඩලේ විකසිත වෙලා
සුපුරැදු සිනහාව හද විමනට මායමක් කලා
ආශා ගගක් පෙමි විදිනා සද කිදුරො වෙලා
විදිනා මිහිරි සුවය රෑ සිහිනයක් සැල කලා

අනොතාත්ත විල මැද යහානක් තනලා
පිපුන තඹර පුෂ්ප සුවත් යහාමින් ඉසලා
සේද වලා වස්ත්‍ර රෙදි යහානේ සරසවලා
සිහනය ගෙනවා අසිරිය හද සනසවලා

සකි සද අදුර රෑ ජාමේ එකට වෙලා
නොඉදුල් හංස යුවලට තුරැල් වෙලා
පෙම් රස මැදින් හද ගැබ වසග වෙලා
ශුංගාර රැයක් සිහිනයකි එළිය කලා

ලප සද ලෙසට ආල මිහිරි සුව විදලා
මල් සර දෙව් දුන් වරමට හිත බැදිලා
පෙම් සැප මා හද මඩලට සිහින වෙලා
සැලකරා මේලෙස හිනය මායමක් වෙලා

"මේ උඹ මාර පොරක් නේ බන් අනේ ඇයි ඔය තරම් හීන දැක්කෙ . හීන බොදවෙනවා කියලා දැන දැන ... "

මොනා කරන්නද බං කරුමෙට උරුම වුන දේ භාරගන්න ඔනේ නෑ එක්කෙම . ඔන්න එකායි මහෙ හිත තවම හදාගන්න බැරි බං සහෝ . ඇති අපි ඔය දැන් නවත්‍තමු බං බෝතලයත් ඉවරයි නේ දැන් . අපි කැපෙමු බං දැන් .

" පොඩ්ඩක.... පොඩ්ඩක් හිටහාන් කෝ පොඩි ප්‍රශණයක් තියනවා .. බන් "

ඒ පාර මොකාක්ද බං .....

"දැන් ඔය කෙල්ල කෝ බං"

අනේ අහාන්න එපා බං ඒ ගැන විතරක් වදින්නම් .

"ඇයි .... ඇයි ... ඇයි ... කියහන් බං "

එපා ... කිව්වා නේ එපා

"නෑ ඔනේ ඔනේ ඔනේ "

මේ අද උඹට ඩෝප් යමන් ගෙදර ඇරලවන්න ... කොහේද ගෙවල් අම්මා මටත් ගහාලා එලවයි ද දන්නෙ නෑ ... කමක් නෑ යමන්

" මොකා අම්මා ... අම්මා නෑ බං . මම බැදලා ගෑනී තමා පොඩ්ඩක් සතරවරම් ... ගනන් ගන්න එපා .. බං මොනවා හරි කීවොත් ඈ...

(දෙදනා ගෙදර ගියහ ගේ දොර ලගට ගොස් තට්ටු කරමින් මිතුරා ගේ බිරිය එනකන් හිටිහ. බිරිද දුටු මිතුරා මෙසේ කිවාය .)

ඇහි දාර අතර හුරු පුරුදු තනියට
ආදරය මැද පැණ ආවා හොරහට
සුපුරුදු ආලයේ සෙනෙහස අගට
කදුලක් ඉනුවා හද පාරා ඔච්චමට

පෙම් වලා සේ පාවෙති ගගන යට
කදුල විරහා දිය උරුමය නෙත් යට
සරා සද සිසල නැ කරුමය උරුමෙට
ආලය විරාහා විජිතයකි හද ගැහුමට


යන්න ගිහින් ඔබ මගෙ මිතුරා ලගට
විදනවා පෙමක හිනාව මැද තාලයට
මගෙ හඳ මරා හිනා වුනත් මිහිරියට
දුකාක් දෙන්න එපා කවදාවත් මයේ මිතුරට

____හිතුවක්කාරයා_____
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2015 06:37 AM
  •  Quote
  •  Reply
හොද අදහස් එන්නත් ඇත්ත කියවෙන්නත් මේ යාලුවොන්ට ෂොට් එකක් දාගන්නම ඕනේ වගේ..

හිතුවක්කාර කතාවට සහ පද ගැළපුමට බොහොම ස්තුතියි..

ආයෙත් දෙකක් දා ගත්ත වෙලාවක යාළුවො මොනවා හරි කිව්වොත් අපටත් කියන්න ඕනේ ඔන්න.
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Sep 2015 06:51 AM
  •  Quote
  •  Reply
කථා 2කනම් මරේ මරු ....
1

erandika irshan
New Member
New Member
Posts:25






--
09 Sep 2015 08:11 AM
  •  Quote
  •  Reply
ඔය මගේම කතාව අනේ අයියේ....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Sep 2015 08:27 AM
  •  Quote
  •  Reply
තව ඒ වගේ සැඟවුන කතා එකතු කරන්න. අපටත් බලන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2015 03:13 AM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 09 Sep 2015 08:11 AM
ඔය මගේම කතාව අනේ අයියේ....
එහෙමද ඔයාගේ වදන් ටික වගේම යාලුවගේ වදන් ටිකත් එලම තමා. 
ලාවට වගේ එදා එහෙනං ගුටි නොකා බේරෙන්න ඇති නේද බිරිදගෙන්


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Sep 2015 11:23 PM
  •  Quote
  •  Reply
කෝ මේ හිතුවක්කාරය.. ටිකදවසකින් දැක්කේ නැහැ ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Sep 2015 06:38 PM
  •  Quote
  •  Reply
හිතුවක්කාර ගමනක් ගිහින් වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2015 08:15 PM
  •  Quote
  •  Reply
හිතුවක්කාර වැඩමයි කරන්නේ.. හිතුවක්කාර නිර්මාණයක් අරං ඒවි කියල හිතනවා ඉක්මනින්ම.
0

erandika irshan
New Member
New Member
Posts:25






--
16 Sep 2015 09:32 PM
  •  Quote
  •  Reply
ලිංගික අතවර හෝරාව ......

නලියන කුපාඩීකම්
සැගවිච්ච වලත්තකම්
ශුක්‍රාණු වී මෘගයකුගේ
මිනිසත්කම් උගස් කර
ආත්මයට නිගා කර
ක්‍ෂණික සුව විදින්නට හඳ
පශ්චාත් තැවුලෙන්
විඳවා නොමරා මරණ
වියුරු උම්මත්තකයන්ගේ
කාමුකත්වයට හෙණ ඉල්ලන
අවදියේ ඇරඹුමට පෙර අවදියයි ...

____හිතුවක්කාරයා____
0
Add Reply
Page 2 of 4 << < 1234 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below