You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Apr 2019 06:15 PM by  Dilki kapuge
අවුරුදු රබන් පද
 140 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 8 << < 45678 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 08:56 PM
හොඳ රබන් පදයක් දෙකක් කියලා රබාන ගහලා බලන්න. දැන් රත් වෙලා හොඳ පදමට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 10:37 PM
කොකෝ කොක්‌කු දෙදහසයි
කොකෝ කොක්‌කු දෙදහසයි
කොක්‌කු දෙදහසක්‌ ඇවිදින්
අම්බලමක දොයි
කෙකී කරපු නින්දාවට
කොකා ගොසින් බෙංගාලෙට
කොකෝ කොකෝ හඬාපන්
කොකෝ කොකෝ හඬාපන්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 10:37 PM
කොක්‌කු දෙදහසක්‌ ඇවිදින්
පුත්තලමේ දොං
තවත් දෙදහසක්‌ ඇවිදින්
අතරමගදි දොං
කොකා කරපු නින්දාවට
කෙකී ගොසින් බොම්බායට
කොක්‌කු පුතේ
කොක්‌ වැල්ලේ
ටිකක්‌ නටාපන් බලන්න.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2017 06:30 PM
දැන් කාලේ රබන් පද ඇහෙන්නේ නැහැ.ඒ තමයි අද සමාජයේ හැටි.මේවාට වග කියන්න ඕන මාධ්‍යයි.මොකද රබන් පද නෙමෙයි පෙන්නන්නේ අලුතින් ආපු මල ජරා සිංදුනේ පෙන්නන්නේ.නැත්තන් විකාර ෆිල්ම්ස් පෙන්නනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2017 08:44 PM
Posted By chamaramind on 11 Apr 2017 06:30 PM
දැන් කාලේ රබන් පද ඇහෙන්නේ නැහැ.ඒ තමයි අද සමාජයේ හැටි.මේවාට වග කියන්න ඕන මාධ්‍යයි.මොකද රබන් පද නෙමෙයි පෙන්නන්නේ අලුතින් ආපු මල ජරා සිංදුනේ පෙන්නන්නේ.නැත්තන් විකාර ෆිල්ම්ස් පෙන්නනවා
ඇත්ත මල්ලි. මල ජරා සිංදු පෙන්නුවත් තව කමක් නැහැ. විනාඩි කිහිපයයි නේ. ඔක්කොමත් හරි රටෙත් නැති චාටර් හින්දි ෆිල්ම් හරි ටැමිල් ෆිල්ම් හරි වලින් තමයි දවස අදින්නේ සමහර චැනල්. ඒවා පෙන්නන්න අවුරුද්දේ ඕන තරම් දවස් තියෙද්දී අවුරුදු දවසට ඕව චැනල් වලට ඔබන්නෙ මොන කෙහෙල් මලකටද කියල තමයි මටත් ප්‍රශ්නෙ.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Apr 2017 09:11 PM
තේක්ක නැන්දේ ‍ තේක්ක නැන්දේ ‍
තේක්ක මාමා කොයි
ගහෙන් වැටීලා කොන්ද කැඩීලා
කුල්ලෙන් වහලා දොයි

උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩ පල ගත්තත් බිම පල ගත්තත්
පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්න වර පෙත්තප්පු

ඵගෙඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත් රත්තරන්
ඵගෙඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරන්

තත් තරිකිට රදා තොටේ නයෙක් නටනවා
දිත් තරිකිට කැත්ත ගෙනත් නයා මරනවා
නාග මාළු රස කර කර තෙලෙන් බදිනවා
නාග මාළු හොරෙන් ගෙනත් හිමිට කවනවා තකදොන් හිමිට කවනවා

ඔන්න ඔන්න මල්
මෙන්න මෙන්න මල්
දෙමට දෙමට මල්
සමන් පිච්ච මල්

රං රබුටන් ගස් දෙකයි
වලි කුකුලන් පස් දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සනයි

රන් තැඹිලි ගස් දෙකයි
ගොන් තැඹිලි ගස් දෙකයි
ගස් දෙකට මල් දෙකයි
මල් දෙකට ගෙඩි දෙකයි

බොලං පොඩි නංගි ටිකක් හිඳපන්
බුලත්විට කන්න ටිකක් හිඳපන්

දොන්ත බබක්කට දෙන්න දෙයක් ඇත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 Apr 2017 10:32 PM
ඉද්දමලයි
මල්වඩමයි
දොමිට තකිට තා
දොමිට තකිට තා
අගලවත්ත කොටු කුඩැල්ල
මකළුදැල්ල - ගති ගුදං
බතල වත්තෙ මල් පිපිලා
බමරු රොන් අරන්
තරිකිට බමරු රොන් අරන්
නෙළුම් මලයි
මල්වඩමයි
දොමිට තකිට තා
දොමිට තකිත - දොමිට තකිත
දොමිට තකිත තා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2018 10:32 PM
මදුරංගයා රබාන රත් කරනවා මා හිතෙ ..ටියුන් කරලා ගෙනෙයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2018 03:07 AM
මදුරංගයා රබාන රත් කරනවා මා හිතෙ ..ටියුන් කරලා ගෙනෙයි
ටීන්.. ගාන ගානට උණාම මැද්දෙන් තියන්නම්. රබාන පලන්න හරි හොඳ රබන් පද ටිකක් ගහපල්ල.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Mar 2018 04:12 AM
කෝ මේ රබන් ගහන අය......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Mar 2018 05:29 AM
පොඩ්ඩක් ඉන්න අලුත් රබන්පද ටිකක් හොයනවා...
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
02 Apr 2018 08:30 PM
කැත්තත් අරගෙන
වත්තට යනකොට
පෙත්තෙක් ඉඳගෙන
කජු කනවා
අංගො මංගො මල්වඩම්
ජම්බු ගහට ආවඩං
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Apr 2018 10:21 PM
ස්ටන් එකේ ඔක්කොම හනිකට ඇවිදින් පොස්ට් දමති - සුරතින්...
තනියම ...පොස්ට් දමති සුරතින්...

ගෙදර දොරේ වැඩ කොපමණ තිබුනත්   පොස්ට් දමති - සුරතින්...
හිටගෙන...පොස්ට් දමති සුරතින්...

කොපි කර අලවා - හැඩ වැඩ දමලා         පොස්ට් දමති - සුරතින්...
දවසෙම...පොස්ට් දමති සුරතින්..

වැඩ කිඩ දමලා - තනියම ලියලා ..............පොස්ට් දමති සුරතින්...
හනිකට   ...පොස්ට් දමති සුරතින්... 




0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2018 10:46 PM
තරිකිට දොමි තරිකිට දොං .......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2018 09:11 PM

අවුරුදු රබන් පද





බක්‌ මහේ නැවුම් පරිසරය, අවුරුදු සිරියෙන් ඔකඳවත් වෙත්ම ඈත එපිට පිටිසර ගම්මානයන්හි ගැමි සුරතලියන් ගේ, සුකොමල සිව්මැලි දැත් වල සුමුදු සිනිඳු රතැඟිලි තුඩුවලින් හැඩවෙන ඉමිහිරි සුමිහිරි රබන්හඬ රාවයත්, ඔවුන්ගේ මුවින් ගිළිහෙන රබන් කවියේ ගීත නාදයත්, බක්‌ මහේදී මුළු ගම සිසාරා පැතිරී යන්නේය. මේ රබන් පද හා රබන් කවි බොහොමයකින් කියෑවෙන්නේ බක්‌ මහේ නැවුම් අවුරුදු සිරියයි. 

සුන්දර වසන්තයේ ගස්‌ - වැල් පලබර වන්නේ අවුරුදු සිරිය පෙන්වීමට මෙන්ය. මාස්‌ මෝසමේ ගස්‌ පිරි මල් පිපී පල පිරී අතු නැමී ඉතිරී යන තරම්ය. හෙරලි, වලින් ගස්‌ පිරී ඇත. අවුරුදු සමය ආසන්න වෙත්ම වැල - වරකා ඉදී පැණි බේරෙන බව එහි සුවඳ හා මුසුව හමන මඳ නලින් කියෑවෙයි.
වැල - වරකා රස විඳ, කොස්‌ කටු කුල්ලක්‌ රැගෙන, ගව ගාලට කිට්‌ටුවන ආකාරය ද සුරතලියන්ගේ රබන් කවියට හා පදයට විෂය විය. මුසු විය. 

කොස්‌ කටු කුල්ලක්‌
ඉනේ තියාගෙන
ගාලට කිට්‌ටු වෙතෙයි
මදු කොළ ගාලක්‌
මිටට කඩාගෙන
ඉදඃ ඉදඃ කියතෙයි
තෙතෙයි තෙයි
ඉදඃ ඉදඃ කියතෙයි.

රාම කිතෙයි
රා දොමිතෙයි
දබර වෙතෙයි
රෑට කතෙයි
හෙරලි කතෙයි
ඇට දමතෙයි
උඩලිපතෙයි - තෙයි 

ගමේ කජු වාරය එළඹෙන්නේ ද අවුරුදු සමයට සමගාමීවයි. පැසී, ඉදී, රසින් පිරි ඉතිරි, රතු සහ කහ වර්ණයෙන් ඔපවත් වී ඇති කජු පුහුලන් සියොතුන්ට ද අවුරුදු ගෙනෙන්නා වැනිය.
කජු පුහුලන් එල්ලී ඇති පලබර කජු ගස්‌ දරුවන්ට පෙනෙන්නේ ගස පුරා කහකුරුල්ලන් සිටින්නා සේය.
ගිරවුන්ට නම් නාඹර කජු ඇට හොටින් කපා, එහි ඇති කිරි කජුවල රසයත්, ඉදී ඇති කජු පුහුලන් වල රසයත්, අනෙක්‌ සියතුන්ට වඩා පහසුවෙන් විඳිය හැකිය. උන්ගේ හොට ඒ සඳහාම සැදුනා වැන්න. එම විසිතුර රබන් හඬින් හා රබන් කවියෙන් කියෑවෙන ආකාරය අවුරුදු සමයේදී ගම් මැද්දේ සිටින ඕනෑම කෙනෙකුට දැකිය හැකි වන්නේ මේ ආකාරයෙනි. 

කැත්තක්‌ අරගෙන
වත්තට යන කොට
පෙත්තෙක්‌ ඉඳගෙන
කජු කනවා

උඩින් උඩින් වර
පෙත්තප්පු
බිමින් බිමින් වර
පෙත්තප්පු

උඩින් උඩින් වර
බිමින් බිමින් වර
කඡ්ජ කන්න වර
පෙත්තප්පු 

කිරිකජු මාලුව තරම් රසවත් වූ මාළුවක්‌ ගැමි දිවිය තුළ තවත් නැත. එය කන්ට කන්ටම රසවත්ය. හරිම රසය. සිතත් කටත් බඩත් පිරෙන්නේ. කජු මාලුව දුටු විටය. රබන් පදයක්‌ වැයීමෙන් එබඳු අවස්‌ථාවක්‌ මතකයට නැගූ ආකාරය බලන්න.

ඔන්න උමංගොඩයා
ගොඩැල්ලේ
කඡ්ජු පතක්‌ කනවා
තොපටත් අපටත්
ඉන් මින් කම්නැත
බැද්දට පැනපිය
තාකු තකුඳ තත්
කුද - කුද
තාකු තකුඳ තත්.

ගමේ නෙල්ලිගස්‌ පලබර වන්නේ ද අවුරුදු කාලයටය.

වැල්ලවත්තෙ
වැලිකඳ පිට
නෙල්ලි කඩනවා
නෙල්ලි පොත්ත
බිම තිය තිය
මල්ල බඳිනවා
තක දොං
මල්ල බඳිනවා 

ගම්මානයේ තැඹිලි ගස්‌වල ද අවුරුදු සිරිය නොඅඩුව ඇත්තා සේය.

රන් තැඹිලි ගස්‌ දෙකයි
ගොන් තැඹිලි ගස්‌ දෙකයි
ගස්‌ දෙකට මල් දෙකයි
මල් දෙකට ගෙඩි දෙකයි

රන් තැඹිලි රන් තැඹිලි
රන් තැඹිලි වල්ලයි
ගොන් තැඹිලි ගොන් තැඹිලි
ගොන් තැඹිලි වල්ලයි
රන් තැඹිලි වල්ලයි
ගොන් තැඹිලි වල්ලයි

තුඹ, කැකිරි, වට්‌ටක්‌කා වැනි, වැල් එළවළු වර්ග ඵල දරන්නේ අවුරුදු කාලයටය. එමෙන්ම මාස්‌ කන්නයේදී හේන් ගොවිතැන් සරුඵල දරන්නේ ද අවුරුදු සිරිය පෙන්වීමට මෙනි.
ඵල දරා ඇති තුඹ - කැකිරි කරිවිල සහ වට්‌ටක්‌කා වැනි භෝග දකින විට, ගෙවිලියන්ට ඇතිවන්නේ කිව නොහැකි තරම් වූ ප්‍රීති ප්‍රමෝදයකි. මෙම අසීමිත ප්‍රීතිය රබානට අත තබනවිට වුවද, සුරතලියන්ගේ මතකයට නැඟුණා වැන්න.

තුන් තුඹ ගෙඩි
තුනයි - තුනයි
තිත්ත කැකිරි
දෙකයි - දෙකයි
තුන් තුඹ ගෙඩි දෙක
නැන්දට දීපන්
තිත්ත කැකිරි දෙක
මාමට දීපන්

තිත්ත කැකිරි ගෙඩි
මාමට දීපන්
නෙලං කැකිරි ගෙඩි
නැන්දට දීපන්
පුංචි රබානේ
ගින්දර දාපන්
ගහන රබන් පද
හරියට ගහපන්

තුන් තුඹගෙඩි
තුනට කපන්
තිත්ත කැකිරි
දෙකට කපන්

උඩපල ගත්තත්
වට්‌ටක්‌කා
බිම පල ගත්තත්
වට්‌ටක්‌කා
උඩපල ගත්තත්
බිම පල ගත්තත්
පුංචි - පුංචි ගෙඩි
වට්‌ටක්‌කා

තිත්ත කරවිල
තෙලෙන් බැද්දත්
පුංචි බණ්‌ඩට
කන්ඩ බෑ
තෙලෙන් බැද්දත්
තෙලෙන් බැද්දත්
පුංචි බණ්‌ඩට
කන්ඩ බෑ.

අවුරුදු සමයේදී ගැමි පරිසරයේ බැලූ බැලූ හැම පැත්තකම මල්වලින් පිරී ඇත.

ඔන්න ඔන්න මල්
මෙන්න මෙන්න මල්
දෙමට - දෙමට මල්
සමන් පිච්ච මල්

අත්තක සුදු මල්
අත්තක රතු මල්
අල්ලපු වත්තේ
පිපිච්ච සුදු මල්

අත්තක සුදු මල්
අත්තක රතු මල්
පිපිච්ච මදු මල්
තකදොං පිපිච්ච මදුමල්

ගස්‌ මල්වලින් පිරුණු විට ඒවා පෙනෙන්නේ මල්වඩම් සාදා තැබුවාක්‌ මෙනි. පිච්චමල්, කුරුඳු මල් පමණක්‌ නොව, ඉද්දමල් හා නෙළුම් මල් ද පිපී ඇත්තේ මල්වඩම් සැදුවාක්‌ මෙනි.

කුරුඳු පොපිල
කුරුඳු පොපිල
කුරුඳු මල් වඩම්
සකි සඳ පිච්චමල් වඩම්
සකිසඳ පිච්චමල් වඩම්

ඉද්දමලයි
මල්වඩමයි
දොමිට තකිට තා
දොමිට තකිට තා

අගලවත්ත කොටු කුඩැල්ල
මකළුදැල්ල - ගති ගුදං
බතල වත්තෙ මල් පිපිලා
බමරු රොන් අරන්
තරිකිට බමරු රොන් අරන්

නෙළුම් මලයි
මල්වඩමයි
දොමිට තකිට තා
දොමිට තකිත - දොමිට තකිත
දොමිට තකිත තා

මේ රබාන වැයුනේ තේක්‌ක සෙවනැල්ලකදී විය හැකිය. තේක්‌ක ගස්‌ දෙස බැලූ යව්වනියකට අලුත් රබන් පදයක්‌ කියෑවුණා වැනිය. තේක්‌ක ගස්‌ ද මල් පිපී අවුරුදු සිරියට එක්‌විය.

තාක්‌ක තරිකිට
තේක්‌ක නැන්දේ
තේක්‌ක මල් පිපිලා
අන්න බලන් සකි
මෙන්න බලන් සකි
පාරට මල් නැමිලා

තාක්‌ක තෙයි තෙයි
තාක්‌ක තෙයි තෙයි
තේක්‌ක මල් පිපිලා
ඔන්න බලන් සකි
මෙන්න බලන් සකි
පාරට මල් නැමිලා
තෙතෙයි තෙයි
පාරට මල් නැමිලා

අවුරුදු සමයේදී ගම්බද පරිසරයේ ඇතිවන මේ අසිරිමත් සිරියාවෙන් එහි වෙසෙන බිඟු කැලටත් සියොතුන්ටත්, සිවුපාවුන්ටත්, ඇතිවන්නේ ද අපට මෙන් ම අසීමිත ප්‍රීතියකි. ඔවුන්ගේ ප්‍රීති විලාශයෙන් ද දැනෙන්නේ ගම්බද අවුරුදු සිරියේ නිර්මල සුන්දරත්වයයි.
මල් රොන් උරන බමරුන්, පිල් විදහාගත් රණ මොනරුන්, මිහිරි නද පතුරන වලි කුකුළන් ද, ගැමි සුරතලියන් අතින් වැයෙන රබන් හඬින් කුල්මත් වූවා වැන්න.

මලින් මලේ රොන් ගන්නා
බමරු බමන්නා
රළින් රළේ මොනරුන් සිට
පිල් විදහන්නා
මලින් ගොසින් වළිකුකුළන්
නද පතුරන්නා
රබන් ගසන්නා අන්දම්
බලා සිටින්නා

මොනරුන්ගේ ඒ අසහාය ප්‍රීති නැටුම් විලාශය දුටු කපුටන්ට ද ප්‍රීතිය ගෙන දුන්නා සේය.

මොනරුන් දෙන්නෙක්‌
පිල් විදහාගෙන
ඉරු සේවය කරතෙයි
කපුටන් දෙන්නෙක්‌
ඒක බලාගෙන
කාක්‌ කාක්‌ කියතෙයි
උඩ ඉඳ
කාක්‌ කාක්‌ කියතෙයි

රන් රඹුටන් ගස්‌ දෙකයි
ගිනිකුකුළන් පස්‌දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලස්‌aසනයි
රන් රඹුටන් ගස්‌ දෙක යට
ගිණි කුකුළන් පස්‌දෙනයි
උන්ට කන්න බත් දෙනකොට
උනුත් එක්‌ක ලස්‌සනයි

මාස්‌ කන්නයේදී සරු ගොයමේ නැවුම් අස්‌වනු නෙලා ගෙට ගෙන අටු කොටු පිරවූ පසු, කුඹුරු යාය ඉපනැල්ලෙන් පිරී යයි. එහි තැනින් තැන මඩ කඩිති තිත්ත පැටවුන්ගෙන් පිරී යයි. මේ නිසා වෙල්යාය කරා ඇදෙන කොක්‌කු රෑන් අවුරුදු සමයේදී අහසේ පියාසර කරනු හා වෙල්යායේ සැරිසරනු නිතර නිතර දැකිය හැකි සුන්දර දසුනකි. එම අවුරුදු සිරිය රබන් හඬින් කියෑවෙන්නේ මේ අයුරිනි.

කොකෝ කොක්‌කු දෙදහසයි
කොකෝ කොක්‌කු දෙදහසයි
කොක්‌කු දෙදහසක්‌ ඇවිදින්
අම්බලමක දොයි
කෙකී කරපු නින්දාවට
කොකා ගොසින් බෙංගාලෙට
කොකෝ කොකෝ හඬාපන්
කොකෝ කොකෝ හඬාපන්

එයම තවත් ආකාරයකට වැයෙන්නේ මෙලෙසිනි.

කොක්‌කු දෙදහසක්‌ ඇවිදින්
පුත්තලමේ දොං
තවත් දෙදහසක්‌ ඇවිදින්
අතරමගදි දොං
කොකා කරපු නින්දාවට
කෙකී ගොසින් බොම්බායට
කොක්‌කු පුතේ
කොක්‌ වැල්ලේ
ටිකක්‌ නටාපන් බලන්න.

පොල් අත්තක්‌ උඩ
පොල් කිච්චෙක්‌ ඉඳ
කිචිං බිචිං බොල
කිචිං බිචිං
වළලු කුට්‌ටම්
හතක්‌ දමාගෙන
සිලිං සිලිං බොල
සිලිං බිලිං.


ඉතා පිවිතුරු වූ අලංකාර අත්තටු විදහාගත් සියොතුන් අතු අග නටනු පෙනෙයි. උන්ගේ මේ රැඟුම වඳුරන්ට ද රිලවුන්ටද ඉවසිල්ලෙන් බලා සිටිය නොහැකි විය. එනිසාම උන්ද අලුත් ඇඳුම් මසාගෙන ඇඳගැනීමට අදහස්‌ කළා වැන්න.

වඳුරත්තා බොල වැඳිරිත්තා
වඳුරත් වැඳිරිත්තා
වැඳිරිගෙ හැත්තට
හැට්‌ට මහන්නට
වඳුරත් වැඳිරිත්
ඉඳගත්තා.

අවුරුදු සමයේදී ගස්‌වැල්වල ඵලබර වී මෝරා ඉදෙන විට වඳුරන්ටද අවුරුදු ආවා වැන්න.

වඳුරත් අත්තක
පැන පැන යන්නං
වැඳිරිත් අත්තක
පැන පැන යන්නං
වඳුරත් වැඳිරිත්
අත්ත කඩාගෙන
ගුන්ද තරිකිට
ගුන්ද දොං දොං

සඳුන් කැලේ
අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක්‌
බඩ බැඳගෙන
පිනුම් ගහනවා
තකදොං
පිනුම් ගහනවා

ගැමි පරිසරයට අවුරුදු රබන් පද හා බැඳී ඇති ආකාරය මෙම රබන් පදවලින් හෙළිවේ.

කලාසූරි
නෝමන් සිරිපාල

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2018 06:43 PM
12න් පස්සෙ රබාන අල්ලවත් නැහැ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Apr 2018 10:13 PM
රබාන රත් කරන්න වෙලාවක් නැතුව ඇති....අද කාලේ ගෙවල් වල නෝනලාගේ කටවල් ඇරියහම රබන් පරාදයි බන්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Apr 2018 03:27 AM
මල්ලි හරි මල්ලි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 10:08 PM
දොන්ත බබක්කට දෙන්ට දෙයක් නෑ.. මිත්‍රවරුණි..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Apr 2019 11:44 PM
උඩින් උඩින් වර කීවොත් පෙත්තප්පුට සයිඩ් එක අප්සට් යයිද ....
0
You are not authorized to post a reply.
Page 7 of 8 << < 45678 > >>