You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:52 PM by  Indika Kodithuwakku
මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න
 173 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 9 << < 56789 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Nov 2019 07:20 PM
ඉන්දික මතුකළ ගීතයට මමත් ඇලුම් කරනවා, නමුත් මම වඩාත් ම කැමති එඩ්වඩ් ජයකොඩි මහත්මාගේ 
ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ  ගීතයටයි 
එහි ඇති ගැමි ජීවන රටාව හා සබැඳි කතන්දරය වඩාත් සිත්ගන්නාසුළු නිසා මගේ කැමතිම ගීතය ලෙස මෙසේ සටහන් කරන්නම් 
මෑතදී අපෙන් සමුගත්.....අනුවේදනීය ගීත කතන්දර ගණනාවකට ප්‍රාණය පෙවූ.....ආදරණීය කුසුම් පීරිස් මහත්මියගේ පන්හිඳෙන් බිහිවුන යුගයේ මහා සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයෙන් වඩාත් ඔපවත් වී ඇත 

 

0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
06 Nov 2019 07:41 PM
math asama geethayak meka tawa tiyenne me ira handa yata
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2019 08:21 PM
එඩ්වර්ඩ් ජයකොඩි ගේ මම ආසම කරන ගීතය "නෙතු දැහැන් බිඳී.."
මෙහි පද රචකයා ලියා ඇති වෙනත් ගීත ගැන සඳහනක් නැහැ.

නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ඝණදුරෙන් මිදී
තරු ‍රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී...

හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී...


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - කළණි පෙරේරා
ගී පද - සරත් ආනන්ද ඩිරෙක්ස්

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Dec 2019 02:55 PM
එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයගෙ මාත් ආසම ගීයක් තියෙනවා 

අහලම බලන්න මේකත් එහෙනම් 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Dec 2019 08:44 AM
Posted By maduranga001 on 06 Nov 2019 08:21 PM
එඩ්වර්ඩ් ජයකොඩි ගේ මම ආසම කරන ගීතය "නෙතු දැහැන් බිඳී.."
මෙහි පද රචකයා ලියා ඇති වෙනත් ගීත ගැන සඳහනක් නැහැ.

නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ඝණදුරෙන් මිදී
තරු ‍රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී...

හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී...


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - කළණි පෙරේරා
ගී පද - සරත් ආනන්ද ඩිරෙක්ස්


මේ ගීතය 80 දශකයේ ගුවන් විදුලියේ තිබූ ගීත රචනා බැංකුවට ලැබුණු ගීතයක්.

"නෙතු දැහැන්" ගීතය දෙහි ඕවිට සරත් ආනන්ද සහ "කැරකෙන රෝදේ" ගීතය අනුරාධපුරයේ සිරිල් සමරකෝන් විසින් රචිත ගීත.

මෙම ගීත දෙකම මුල් වරට එඩ්වඩ් ජයකොඩි නව නිර්මාණ වැඩසටහනට ගායනා කලා...

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Dec 2019 08:52 AM
Posted By kingD on 13 Dec 2019 02:55 PM
එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයගෙ මාත් ආසම ගීයක් තියෙනවා 

අහලම බලන්න මේකත් එහෙනම් 


වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ළවැලි තලාවක විසුල කුසුම් මත

අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු 

ළා සඳ නැඟෙනා හෝරාවේ


ගිමන් නිවන්නට ජීවිතයේ යලි කෙදින ද ඉඩ සැලසෙන්නේ 

නොදනිමු එය අප නොවී පමා පියවර මැන යමු යොදුන් ගෙවා

 

දොරගුළු හැරලමු අපි දෙහදේ හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ 

කිසිවෙකු නොදකින නිහඬ පැයේ තනිවෙමු මොහොතක් අපේ ලොවේ

 

 

 

 

 

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Dec 2019 09:00 AM
Posted By Imalka on 06 Nov 2019 07:20 PM
ඉන්දික මතුකළ ගීතයට මමත් ඇලුම් කරනවා, නමුත් මම වඩාත් ම කැමති එඩ්වඩ් ජයකොඩි මහත්මාගේ 
ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ  ගීතයටයි 
එහි ඇති ගැමි ජීවන රටාව හා සබැඳි කතන්දරය වඩාත් සිත්ගන්නාසුළු නිසා මගේ කැමතිම ගීතය ලෙස මෙසේ සටහන් කරන්නම් 
මෑතදී අපෙන් සමුගත්.....අනුවේදනීය ගීත කතන්දර ගණනාවකට ප්‍රාණය පෙවූ.....ආදරණීය කුසුම් පීරිස් මහත්මියගේ පන්හිඳෙන් බිහිවුන යුගයේ මහා සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයෙන් වඩාත් ඔපවත් වී ඇත 

 


මට මේ ගීතයේ තාමත් නොතේරෙන තැන තමයි..

ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ...
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Dec 2019 11:35 AM
මට නම් තෙරෙනව බන්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Dec 2019 12:10 PM
Posted By indika76 on 14 Dec 2019 09:00 AM
Posted By Imalka on 06 Nov 2019 07:20 PM
ඉන්දික මතුකළ ගීතයට මමත් ඇලුම් කරනවා, නමුත් මම වඩාත් ම කැමති එඩ්වඩ් ජයකොඩි මහත්මාගේ 
ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ  ගීතයටයි 
එහි ඇති ගැමි ජීවන රටාව හා සබැඳි කතන්දරය වඩාත් සිත්ගන්නාසුළු නිසා මගේ කැමතිම ගීතය ලෙස මෙසේ සටහන් කරන්නම් 
මෑතදී අපෙන් සමුගත්.....අනුවේදනීය ගීත කතන්දර ගණනාවකට ප්‍රාණය පෙවූ.....ආදරණීය කුසුම් පීරිස් මහත්මියගේ පන්හිඳෙන් බිහිවුන යුගයේ මහා සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයෙන් වඩාත් ඔපවත් වී ඇත 

 


මට මේ ගීතයේ තාමත් නොතේරෙන තැන තමයි..

ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ...
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ


ඇයි මචන්  තේරුනේ නැත්තේ...
මේ ගීතය මම කලින් කිව්වා වගේම ගැමි පරිසරය ආශ්‍රිත ජීවන රටාව හා බැඳුනු පදවැලක් නේ.
කටුක වුනත් ජීවිත ගමන සතුටින් ගතකරනා ආකාරය මේ පදවැල් වලින් ලියලා තියෙන්නේ 
ගංගාව ගැන ඉවුර වැලි තීරය ගස් වැල් ආශ්‍රිතව ළමා කාලය ගතකල දරුවෙකු හා දැරිවියක ළමා වින් යොවුන් වියට පත්වී ආදරය කර චාරිත්‍රානුකූලව විවාහ වී දරු සම්පත් ලබා දුක් කම්කටොලු විඳ දරා ගනිමින් ජීවත් වීම. මේ විග්‍රග කර ඇත්තේ. ඇත්තෙන්ම මේ කියන්නේ සැබෑ ජීවන රටාව 

ආදරගී විය ජයමංගල ගී - ඒ කියන්නේ ආදරයෙන් ජයගෙන විවාහ වීම 
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ - ඔවුන්ගේ නිවස එනම් පුංචි පැල කුරුළු කැදැල්ලකි ඒ කිව්වේ ආදර,රැකවරණය මෙන්ම උණුසුම අඩු නැති බවයි.
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී -යළි ඉපදුණු හැටි හරිම අගේ    මේ කියන්නේ විවාහය යනු  ජීවිතයේ තවත් උපතක් කියන එක, යුගදිවියට පත්වීම  කොච්චර අගනේද...කොපමණ මිහිරිද 

ඔන්න ඔය ටික මේ කියන්නේ...
ඒ වගේම ඇත්තටම කුරුළු ජෝඩුවකටත් මේ ගීතයේ හැම දේ ම අදාලයි....කුරුල්ලන් උනත් මිනිසුන් උනත් ජීවිතේ බොහෝ දේවල් සමානයි 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Dec 2019 12:19 PM
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී -යළි ඉපදුණු හැටි හරිම අගේ මේ කියන්නේ විවාහය යනු ජීවිතයේ තවත් උපතක් කියන එක, යුගදිවියට පත්වීම කොච්චර අගනේද...කොපමණ මිහිරිද

ස්තූතියි මචං.. දැන් තමයි මට හරි විදියට අර්ථය වැටහුනේ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Dec 2019 09:05 PM
මා කැමති ගීතය- එච්වඩ් ජයකොඩි(නිහඩ කල්පනා)

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්

අසරණයි මෙ‍මා වැරදි නෑ කලේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ලදේ මා කෙරේ
හදවතින් මිදී වේදනා සුසුම් පාවුනේ
නැතිව දෝ අපේ සි‍ත් එදා ලෙසින් යා වුනේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Dec 2019 08:48 AM
සුභාවිත ගීතයන් පිළිබඳ නොතේරෙන කාලයේදීත් ඉතාම ආසාවෙන් ඇහුව ගීතයක්...
මට හිතෙන්න අප ප්‍රිය කලේ මේ ගීතයේ රිද්මයට විය යුතුයි..
නිහඩ කල්පනා සහ මේ මල් යායේ වැනි ගීත තමයි ඒ කාලේ අපේ සිත් තුළ රජකලේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Dec 2019 08:11 AM
ඒක හරි
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
22 Dec 2019 02:05 PM
Posted By Imalka on 06 Nov 2019 07:20 PM
ඉන්දික මතුකළ ගීතයට මමත් ඇලුම් කරනවා, නමුත් මම වඩාත් ම කැමති එඩ්වඩ් ජයකොඩි මහත්මාගේ 
ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ  ගීතයටයි 
එහි ඇති ගැමි ජීවන රටාව හා සබැඳි කතන්දරය වඩාත් සිත්ගන්නාසුළු නිසා මගේ කැමතිම ගීතය ලෙස මෙසේ සටහන් කරන්නම් 
මෑතදී අපෙන් සමුගත්.....අනුවේදනීය ගීත කතන්දර ගණනාවකට ප්‍රාණය පෙවූ.....ආදරණීය කුසුම් පීරිස් මහත්මියගේ පන්හිඳෙන් බිහිවුන යුගයේ මහා සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයෙන් වඩාත් ඔපවත් වී ඇත 

 


මේ ගීතය ඇහෙනකොට පොඩි කාලේ මතකයට එනවා. ඒ කාලේ මේ ගීත රෙඩියෝ එකෙන් ඇහෙන්නේ.  හරිම ලස්සන ගීත

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Dec 2019 09:09 AM
මා කැමති ගීතය

09. හරූන් කුමාර් ලන්ත්‍රා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Dec 2019 09:11 AM
හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොමූ
මගේ හිත උදුරා ගනූ

ඉගිල්ලෙන්නට තටු සලා
පියාපත් සවිබල වෙලා
අඳුර ආලෝකය වෙලා
සොඳුරු හීනය එළිවෙලා

ආදරේ මල් ඵල දරයි
දුගී පැල රස මුසු කරයි
රිදී මිණි මුතු මිල නොවෙයි
මාළිගය සිත ගිය තැනයි

ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව හා සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
1968 දී තිරගත වූ "හැංගි හොරා" සිනමා කෘතිය සඳහා නිර්මානය විය.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Dec 2019 08:53 PM
සුළං කුරුල්ලෝ - හරූන් ලන්ත්‍රා

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//

සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..

සුළං කුරුල්ලෝ...

මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..

සුළං කුරුල්ලෝ...

ගායනය - හරූන් ලන්ත්‍රා
‍‍‍‍‍පදරචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

“සැනසුම කොතැනද“ චිත්‍රපටයේ ගීතයක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jan 2020 11:18 PM
මගෙත් ආසම ගීතය "සුළං කුරුල්ලෝ" ගීතය තමා... හදවතට ඉතා ළයාන්විතව දැනෙන ගීතයක්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jan 2020 08:36 AM
Thursday, අප්‍රේල් 23, 2015 දිනමිණ පුවත්පතෙන් උපුටාගත් ලිපියකි...

සුළං කුරුල්ලෝ සමඟ හෙමින් ඉගිල්ලී ගිය මල් සුවඳ

ලන්ත්‍රා උපදින්න තිබුණේ ඉන්දියාවේ එහෙමවුණානම් ඔබ තමා භාරතයේ මහා ගායකයා’.. හරූන් ලන්ත්‍රාට මොහොමඩ් රාෆි එසේ කීවේය. එවන් ඔහු දැන් අප අතර නැත. පසුගිය විසි එක්වැනිදා (2015.04.21)  දැයෙන් සමුගත් හරූන් ලන්ත්‍රාගේ දේහයට ජාතික කලාභවනේදී මහජන ගෞරව දැක්වීමෙන් අනතුරුව එදිනම කැලණියේදී මේ ප්‍රවීණ ගායන ශිල්පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණේ සුවිශාල කලාකරුවන් සහ රසික පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුවය.

ගුවන් විදුලියේ සරල ගී ගායනයෙන් කලා ලොවට පිවිසි හරූන් ලන්ත්‍රා කුමාර් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිස තිබුණේ ප්‍රේම තරගය චිත්‍රපටයෙනි. මුල් අවදියේදී ගොපලු හඬ චිත්‍රපටයට ගැයූ ‘මගෙ නාමලී’ සහ සැනසුම කොතැනද චිත්‍රපටයට ගායනා කළ ‘සුළං කුරුල්ලෝ’ ගීත නිසා අතිශය ජනාදරයට පත් ලන්ත්‍රාගේ එම ගීත ඇතුළු ගී රැසක්ම අදටත් අතිශය ජනප්‍රියය.

මැව්වාද කවුරු ප්‍රේමේ, පිරුණා හද සන්තානේ, හදමල් පඳුරේ හසරාණි ආදරේ, ආනන්ද මේ රෑ හරි හැඩයිනේ, බටලී තාලේ මගේ ආදී ගී රැසක් ඒ අතර වෙයි.

අශෝකා, මා ආලය කළ තරුණිය, හැංගි හොරා, හිතට හිත, රන්රසී, සීගිරි කාශ්‍යප, සෝබන සිත, පුංචි බබා, වීදුරු ගෙවල්, සුදු දුව ආදී ලන්ත්‍රාගේ මධුර මනෝහර ගායනයෙන් රසවත් වූ චිත්‍රපට රාශියක් බව පවසන විචාරකයින්ම බොහෝ චිත්‍රපටවල සාර්ථකත්වයට හරූන් ලන්ත්‍රාගේ ගායනය ද අතිශයින් බලපෑ බවත් අවධාරණයකොට තිබිණ.

‘මගෙ නාමලී’ නමින් මුල්ම කැසට් පටය 1994 වර්ෂයේදී නිකුත් කළ ඔහු ඊට තෙවසරකට පසුව ‘සුළං කුරුල්ලෝ’ ද ඉනික්බිතිව රන්රස කැසට් පටයෙන් ද සිය ගායන කෞශල්‍ය විදහා පෑවේය. තෝට්ටකාරි ද්‍රවිඩ චිත්‍රපටයට ගීත ගායනය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වූ හරූන් අතිදක්ෂ තබ්ලා වාදන ශිල්පියකුද විය.

මාධ්‍ය සහයෝගිතා පදනමෙන් පිරිනැමූ සම්මානයට (1991) අමතරව ‘ගීත කෝකිලයා’ අරුත දෙන ‘මූෂික්නූරි’ සම්මානයෙන්ද කතෝලික සිනමා පර්ෂද (1993) මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් පිරිනැමූ ජනාධිපති පුරෝගාමී සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර සිංහල සිනමාවට පිදූ දායකත්වය උදෙසා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීමට අමතරව සංස්කෘතික අමාත්‍යාශය මඟින් ප්‍රදානය කෙරුණු කලාභූෂණ සම්මානයෛන්ද පිදුම් ලබා සිටියෙකි. මං හිතන්නේ මට මීට වඩා සළකන්න තිබුණා. ඒත් දැන් ඒකටත් පරක්කු වැඩියි.

මං ජීවිතේ හුඟක් කඩඉම්වලින් පැරදිච්ච මිනිහෙක්, මට දැන් කොයි දේත් එපාවෙලා......? ඒ ගායනයෙන් හරිහම්බකරගැනීමට නොසිතූ මේ සරල සැහැල්ලු ජීවිතයක් ගත කළ දරුමල්ලන් ද ‍ නොවූ කලාකරුවා සිය සැඳෑසමයේදී ජාතික පුවත්පතකට කළ ප්‍රකාශයකි.

ඉනික්බිතිව පෙනීම දුබල බිරිය සමඟ හුදෙකලා ජීවිතයක් ගත කළ හරූන්ගේ දුක සැප බලන මුවාවෙන් පැමිණි පිරිසක් ඔහුට ආධාර උපකාර වශයෙන් ලැබී තිබූ මුදල් ද සොරාගැනීමෙන් පසුව ඔහු බලවත් කලකිරීමකට පත්ව සිටි බවත් හරූන් ලන්ත්‍රාගේ වියෝවෙන් ශෝකවන බොහෝ දෙනා අවධාරණය කරති. ලංකාවේ බිහිවූ ප්‍රේමණීයම හඬකට හිමිකම් කියූ ලන්ත්‍රා, අපේ රටේ රසිකයන්ට නොනිමි මතක පෙළක් හිත තුළ තැන්පත් කළේය. ජීවත් වූ ලන්ත්‍රාට වඩා මිය ගිය ලන්ත්‍රා හෙට දිනයේ වැදගත් වනු ඇත්තේ එවැන්නකු යළි බිහි නොවන නිසාමය.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jan 2020 10:00 AM
පට්ටා cool සින්දුව
0
You are not authorized to post a reply.
Page 8 of 9 << < 56789 > >>