You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 09:31 AM by  Prasad Maduranga
ප්‍රහේලිකාවන් තෝරමු
 45 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
31 Jan 2019 07:13 PM
Posted By indika76 on 31 Jan 2019 05:25 PM
Posted By Udari on 31 Jan 2019 12:23 PM
10 පහලට

අතකණකර
එහෙමනම් අයකණකර විය යුතුයි.. කලින් වචනයේදී දෙවන අකුර ය එනවානේ...

ඔව් අය්ය  .......අය්ය  කියන විදිය හරි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
31 Jan 2019 07:16 PM
මම දැනට හිතුව ඒව, වැරදි හදන්න දන්න අය හරිදෝ

[url=https://postimg.cc/dZtp9F1g][/url]
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
01 Feb 2019 05:49 AM
1 පහළට හොයා ගත්ත නම් නියමයි...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
01 Feb 2019 02:41 PM
Posted By chamaramind on 01 Feb 2019 05:49 AM
1 පහළට හොයා ගත්ත නම් නියමයි...

ඒකනේ......ඒ සර්පය හොයාගන්න උදව් පීස්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
01 Feb 2019 03:16 PM
Posted By Udari on 31 Jan 2019 07:16 PM
මම දැනට හිතුව ඒව, වැරදි හදන්න දන්න අය හරිදෝ

[url=https://postimg.cc/dZtp9F1g][/url]
මේ අත් අකුරු ඔයාගේද?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
02 Feb 2019 01:59 AM
Posted By maduranga001 on 01 Feb 2019 03:16 PM
Posted By Udari on 31 Jan 2019 07:16 PM
මම දැනට හිතුව ඒව, වැරදි හදන්න දන්න අය හරිදෝ

[url=https://postimg.cc/dZtp9F1g][/url]
මේ අත් අකුරු ඔයාගේද?

යෑස්.....අය්ය  සෑත්තරයක් වත් කියන්නද ......කියන්නකු ,මම් හරි ආසයි ඒව අහන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
03 Feb 2019 10:23 AM
මේකේ සර්පයා තාමත් හොයාගන්න බෑනේ...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Feb 2019 12:08 PM
මේ සර්පයාගේ නම සොයන්නට වෑයම් කරද්දී මට ලැබුනා කාලෙකට කලින් කියවපු වැදගත් ලිපියක්. මේ ප්‍රහේලිකාවේ අදාළ ප්‍රශ්නයට පිළිතුර ඒ තුල නැතත් මම කල්පනා කළා ඒ ලිපිය හැමගේම හිතසුව පිණිසත්, දැනුම වැඩි කරලනු පිණිසත් පහතින් එකතු කරන්න. ප්‍රහේලිකාව විසඳන අතරතුර මේ ලිපියෙන් ගත යුත්තතක් ඇතොත් ගන්න. ප්‍රහේලිකාව සම්පුර්ණ කිරීමත් කරන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
03 Feb 2019 12:09 PM

අපේ රටේ විෂඝෝර සර්පයන්

අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්පයන් අතරින් 7 දෙනයි ඉතාම මාරාන්තික.

01. තෙල් කරවලා. Indian krait blue krait (Bungarus caeruleus)

ශ්‍රී ලංකාවේ මාරාන්තික විෂ ඇති සර්පයෝ 7 දෙනාගෙනුත් උග්‍රම විෂ ඇත්තා .
මෙයාගේ මතුපිට තෙල් ගාලා වගේ දිලිසෙනවා. රෑට තමයි වැඩිපුර ක්‍රියාකාරී. මිනිස් වාසස්ථාන ළඟ වේලිච්ච කොලරොඩු ගොඩවල් වල තමයි බහුලව සිටින්නේ. වැඩිපුරම ඉන්නේ වියලි කලාපිය ශුෂ්ක ප්‍රදේශ වල. තෙල් කරවලාගේ විෂ වලට මිනිස් ස්නායු පද්ධතිය විනාශ කරලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවලු.

02. නයා Cobra (Naja Naja)

අපි කව්රුත් දන්නා කියන නයා .
අපේ රටේ සීත අධික මධ්‍යම කඳුකරේ ඇරුනාම හැම තැනම ඉන්නවා. නයාගේ විෂ වලටත් මිනිස්සුන්ගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය නතර කරන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා. දෂ්ට කලොත් පැය 36ක් ඇතුලත බෙහෙත් නොකළොත් රෝගියා මැරෙනවා.

03. වැලි පොළගා Saw-scaled Viper (Echis carinatus carinatus)

වැලි පොළඟාගේ ඔලුව ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. මෙයාව හම්බවෙන්න පුළුවන් වැඩිපුරම වියලි කලාපේ වෙරළබඩ (වැලි සහිත ප්‍රදේශ )පැති වලදී තමයි. රෑට තමයි ක්‍රියාකාරී. දවල්ට කොළ රොඩු ගොඩක් ඇතුලේ, පඳුරක් අස්සේ, බුරුල් වැලි පසේ හැංගිලා ඉන්නවා.ලෝකේ සර්ප විෂ ශරීර ගත වීමෙන් ලෝකයේ සිද්ද වෙන ගොඩක් මරණ වලට වග කියන්න ඕනේ වැලි පොළඟා යැයි කියැවේ.

04. තිත් පොළගා Russell's Viper (Daboia russelli)

තිත් පොළඟා අපිට උස සීත අධික කඳුකර ප්‍රදේශ වල ඇරෙන්න වෙන ඕනෙම තැනකදී හම්බවෙන්න පුළුවන්. මෙයා රෑට වගේම සමහර වෙලාවට දවල්ටත් දකින්න පුළුවන්. විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිද්ධ වෙන්න වග කියන්න ඕනේ තිත් පොළඟා යැයි කියැවේ.

05. පොළොන් තෙලිස්සා නැත්නම් කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)

මේ එක එක පාට තියෙන වර්ග කිහිපයක සිටිනවාලු. ලංකාවේ හැම පළාතකම ඉන්නවලු. රෑට තමයි ක්‍රියාකාරී. දවල්ට කුණුගොඩවල් , ගල් යට වගේ තැන් වල සැඟවී සිටී. පන්න පන්නා දෂ්ඨ කරයි. ලංකාවේ සර්ප විෂ වලින් සිද්ධ වෙන මරණ වලින් 02% කට වග කියන්න ඕනේ මොවුන්.

06. මුදු කරවලා Ceylon krait (Bungarus ceylonicus)

මෙයා අපේ රටටම ආවේනික සත්වයෙකි. තද දම් නැත්නම් කළු පාට ඒ වගේම ඇගේ හරස් අතට සුදු පාට ඉරි තියෙන සතෙක්. මේ මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.

07. දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)

වැලි පැහැයට හුරු කහ පැහැයක් ගන්නවා. රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වේ. දවල් වෙලාවට කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඉන්නේ වියළි කලාපයේ. එත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගන්න පුළුවන්.

ඉතින් මෙන්න මේ සතුන් තමයි අපේ රටේ ඉන්නා උග්‍ර විෂ සර්පයින් වන්නේ. එහෙනම් අපි දැන් බලමු සර්ප දෂ්ඨනයකදී කෙසේ ක්‍රියා කළ යුතුද කියලා.

1. විෂ අධික හෝ නැතුවා අනිවාර්‍යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

2. සර්ප දෂ්ඨනයක්දැයි නොදනීනම්, ඇස් ඇරීමට අපහසුවීම, රූප බොඳවී පෙනීම, සිහිකල්පනාව මඳ බවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මාංශ පේෂි වේදනාව සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණයි. ඊට අමතරව දළ ලකුණු පිහිටි තැන ඉදිමීම, බඩේ කැක්කුම වමනයත් ඇති විය හැකියි. කරවලා දෂ්ට කළ විට තදින් ම බලපාන්නේ ස්නායු පද්ධතියටයි. මේ නිසා හුස්ම ගැනීමේ අපහසුව වඩාත් දැනෙනවා. ඒ වගේ ම පොළඟා, නයා වැනි සර්පයන් සපා කෑ විට දළ ස්ථානවලින් රුධිරය වහනය වීමේ හැකියාව වැඩියි. එමෙන්ම මුත්‍රා සමඟ ලේ පිටවීමත් සිදුවෙන්න පුළුවන්.

සර්ප විෂ ශරීරගත වූ විට විනාඩි 20 – 30ක් වැනි කාලයක් ඇතුළත වුණත් ඉක්මනින් මෙම රෝග ලකුණු පහළ වෙනවා.

3. රෝගියාගේ මානසික තත්ත්වය බිඳ නොවැටීමට අන් අය වගබලා ගත යුතුයි. ඒ කියන්නේ රෝගියා අනවශ්‍ය විදිහට බය කරන්න එපා. බය වුණාම හෘද ස්පන්ධනය වැඩිවෙනවා. එවිට ශරීරයේ රුධිරය ගලනයත් වැඩිවෙනවා. රෝගියා රෝහලට ගෙනෙනතුරු කිසිම අත් බෙහෙතක් දෙන්න එපා. ඒ වගේම තුවාලය තැවීම, වෙනත් කෙනෙක් මුඛයෙන් විෂ උරා ඉවත් කිරීම කිසි විටෙකත් නොකළ යුතුයි.

කළ යුත්තේ පිරිසුදු ඇල් දියෙන් තුවාල වුණු තැන සෝදා පිරිසුදු රෙදිකඩකින් වෙලා රෝගියා කාලය නාස්ති නොකර හැකි ඉක්මනින් රෝහලට ගෙනඒමයි. තවද තුවාලය මැදි වන සේ රෙදි පටිවලින් තද කර බඳින්න එපා. රෝගියාගේ පාදය සෙළවෙන විට තුවාලයේ ලේ ගැලීම නැවැත්වීමට පමණක් ආධාරකයක් යෙදුවාට කමක් නෑ.

4. රෝහලට ගෙනයන තෙක් කන්න බොන්න කිසිවක් දෙන්න එපා.

5. විශේෂයෙන් වමනය යා හැකි නිසා සහ සිහිකල්පනාව අඩුනම් පැත්තකට හරවා රෝගියා ගෙන ඒම සුදුසුයි.

6. හැකි ඉක්මනට රෝහලට රැගෙන යායුතු වන අතර බොහෝ ප්‍රමාද වුණොත් තුවාල ඉදිමී පටක විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ ම වකුගඩුවල හෘදය වස්තුවට, ස්නායු පද්ධතියට, මාංශපේෂිවලට බලපෑ හැකිය. ඒ නිසයි හැකි ඉක්මනින් රෝගියා ළඟම ඇති රෝහලට රැගෙන යා යුත්තේ.

සර්පයින් දෂ්ඨ කිරීම් වලක්වාගන්නට

ඒ ඒ පරිසර ලක්ෂණවලට අනුගතව ජීවත්වන සර්ප විශේෂ සිටියත් බොහොමයක් පුද්ගලයන් සර්පයන්ගේ සපා කෑමට ලක්වන්නේ ගෘහාශ්‍රිතව සහ ගොවි බිම්වලදීයි. නිදසුනක් හැටියට ගතහොත් කරවලා නැමති විෂ අධික සර්පයන් බොහෝ විට මිනිසුන්ට දෂ්ට කරන්නේ රාත්‍රි කාලයේ දී නිදි පැදුරේදියි. උන් මැටි ගෑ නිවෙස්වල, පොල්අතු, පිදුරු සෙවිලි ආශ්‍රිත නිවෙස්වල බහුලයි. දොර ජනෙල්වල හිඩැස් ආදි අනාරක්ෂිත තැන්වලින් උන් නිවෙස් තුළට, නිවැසියන් නිදන ඇද, කොට්ට මෙට්ට තුළට පහසුවෙන් ඇතුළු විය හැකියි.

තිත් පොළඟා රාත්‍රි කාලයේ බොහෝ විට හේන්, කුඹුරුවල ගැවසෙනවා. තණකොළ සහිත බිම්වලට උන් කැමැතියි. විශේෂයෙන් උතුරු මැද පළාතේ තිත් පොළඟා දෂ්ට කිරීම වැඩියි.

පෙබරවාරි, මාර්තු, වැනි අස්වනු නෙළන සමයේ උන්ගෙන් අනතුරු විය හැකිය. කුණ කටුවා රොඩු ගොඩවල් ආශ්‍රිතව සිටිනවා. ඒ වගේ ම වැලි පොළඟා වැලි පස සහිත මන්නාරම, යාපනය වැනි කලාපවල ජීවත්වෙනවා.

අපගේ පැරණි සර්ප වෙදුන් "ඛන්ධ" පිරිතෙන් බෙහෙත් මතුරා සර්පයින් දෂ්ඨ කළ රෝගීන්ට දෙන්නට පුරුදුව තිබෙනවා. ඒ පමණක් නොවෙ අපගේ පැරැන්නෝ ඛන්ධ පිරිතෙන් වැලි සහ පැන් 108 වරක් මතුරා සර්ප උවදුරු ඇති ගෙවතු වල, හේන් වල කුඹුරු වල ඉස තිබෙනවා.

පිරිත් දේශනා මන්ත්‍ර නොවුනත්. යම් මන්ත්‍රයකින් යම් ඵලයක් ලැබෙනවානම් ඊට වඩා බලයක් මේ පිරිත තුළ නොතිබෙන්නට බැහැ. එක් දිනක් සර්පයෙක් දෂ්ඨ කළ භික්ෂුවක් කළු්‍රිය කිරීම අසා භාග්‍යවතුන් වහන්සේ සර්පරාජ කුළ හතරට මෙත් සිත වැඩීම ඇතුළත් මේ ඛන්ධ පිරිත ආරක්ෂක් පිරිතක් ලෙස දේශනා කළ සේක.

විශේෂයෙන්ම මතක තාබාගත යුතු

මෙම පිරිතෙන් ගුණ ලැබීමටනම් කිසිම සර්පයෙක් මැරීමෙන් වලකින්න. සර්පයා අල්ලාගෙන කිසිවෙකුට අනතුරක් නැති තැනකට ඈතර ගොස් දමන්න. එහෙම නැතිව සර්පයින් මැරුවොත් මේ පිරිතෙන් කිසිම ගුණයක් ලැබිය නොහැක. මෙත් සිතේ බලය තමයි මෙම පිරිතේ හරය.

ඛන්ධ පිරිත

සබ්බාසිවිසජාතිනං
දිබ්බමන්තාගදං විය
යං නාසෙසී විසං ඝොරං
සෙසං චාපි පරිස්ස යං
ආණක්ඛෙත්තමහි
සබ්බත්‍ථ සබ්බදා සබ්බපාණි නං
සබ්බසොපි විනාසෙති,
පරිත්තං තං භණාමහෙ

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ තෙන ඛො පන, සමයෙන සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දටෙඨා කාලකතො හොති. අථ ඛො සමබහුලා භික්ඛු. යෙන භගවා තෙනූපසංකමිංසු, උප සංකමිත්වා. භගවන්තං අභිවාදෙත්වා, එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචූං. ඉධ භන්තේ සාවත්ථි යං අඤ්ඤතරො භික්ඛු අහිනා දිට්ඨෙ කාලකතො. ති නහ නූන සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන එරී. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු චත්තාරී අභි රාජකුලානි මෙත්තේන චිත්තේන එරෙය්‍ය. න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨෙ කාලං කරෙය්‍ය - කතමානි, චත්තාරි අහිරාජකුලානි - විරුක්පක්ඛං අහිරාජකුලං - එරාපථං, අහිරාජකුලං ඡබ්බ්‍යාපුත්තං, අහිරාජකුලං- කණහාගොතමකං, අහිරාජකුලං - නහ නූන සො, භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තෙන එරි - සචෙහි සො භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජනකුලානි- මෙත්තේන චිත්තෙන එරෙය්‍ය, නහිසො භික්ඛවෙ භික්ඛූ - අහිනා දට්ඨෙ කාලංකරෙය්‍ය - අනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි අහිරාජකුලානි - මෙත්තේන චිත්තේන එරිතුං - අත්තගුත්තියා, අත්තරකඛාය අත්තපරිත්තයාති ඉදමමොච භගවා - ඉදං වත්වා සුගතො අථාපරං ඒතදවොච සත්‍ථා -

විරූපකේඛහි මෙ මෙත්තං , මෙත්තං එරාපථෙහි මෙ – ඡබ්බ්‍යාපුත්තේහි මෙ මෙත්තං, මෙත්තං කණහාගොතම කෙහි ච. අපාදකෙ හි මෙ මෙත්තං, මෙත්තං දිපාදකෙහි මෙ – චතුප්පදෙහි මෙ මෙත්ත මෙත්තං බහුප්පදෙහි මෙ – මා මං අපාදකො හිංසි, මා මං හිංසි දිපාදකො - මාමං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො - සබ්බෙ සත්තා, සබ්බේ පාණා සබ්බේ භූතා ච කේවලා - සබ්බේ භද්‍රානි පස්සන්තු මා කඤචි පාපමාගමා - අප්පමාණො බුද්ධෝ - අප්පමාණො ධම්මො - අප්පමාණො සංඝෝ පමාණවන්තාති සිරිංසපානි, අහි විචඡිකා සතපදි උණ්ණානාභි- සරබූ මූසිකා , කතා මෙ රක්ඛා, කතා මෙ පරිත්තා - පටික්කමන්තු භූතානි, සො හං නමො භගවතො, නමො සත්තාන්නං සම්මා සම්බුද්ධානන්ති

ඛන්ධ පිරිත :තේරුම

මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. හේ කෙසේද, එක් කාලයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් ලද අනේපිඬු මහසිටුන් ආරම්භි වැඩ වාසයක කරන සේක. එසමයෙහි දී සැවැත් නුවර එක්තරා භික්ෂූ කෙනෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය කළේ වේ.

එකල්හි බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා එළඹ බුදුන් වැද එකත් පසෙක වැඩ උන්නාහුව එකත් පසෙකම උන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළාහුය. ඒ කෙසේද? ස්වාමින් වහන්ස, මේ සැවැත්නුවර එක් භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ඨ කරන ලදුව කලුරිය කළේය කියායි.

මහණෙනි, ඒ කලුරිය කළ මහණ තෙම මේ සිව් සර්ප කුලයත් මෙත් සිතත් නො පැතිර විය. මහණෙනි ඉදින් ඒ මහණතෙම සතර නාරදි කුලයත් මෙත් සිතින් පහළ වී නම් මහණෙනි ඒ මහණතෙම නාරදහු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය නො කරන්නේ ය. ඒ සිව්සස් රාජ කුලයෝ කවරහුද? යත් විරූපාක්ෂ නම් සර්පරාජ කුලය ඒරාවත නම් සර්පරාජ කුලය ඡභ්‍යා පුත්ත නම් සර්පරාජ කුලය කණ්හා ගෝතවක නම් සර්පරාජ කුලය යන මොහු ය.

මහණෙනි, ඒ මහණ තෙම ඒකාන්තයෙන් මේ සප්රජ කුලයත් මෙත් සිතින් නො පැතිර විය. මහණෙනි ඉදින්ඒ මහණතෙම මේ සිව් සර්ප රාජ කුලයන් මෙත්සිත් පැතිර වූයේය.

මහණෙනි ඒ මහණතෙම නාරද වියන් ඔතන ලද්දේ කලුරිය නො කරන්නේ ය. මහණෙනි තමහට ආවරණය පිණිසද තමනට ආරක්ෂා පිණිසද තමන්හට මෙත් පිරිත් පිණිසද මේ සජ් සර්ප රාජ කුලයත් මෙත් සිතින් මතුරුවන්නට අනුදමිනි හෙවත් නියම කරමි. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක.

සුගත නම් ලද ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත මතු මත්තෙහි ‘විරූපක්ඛෙහි මේ මෙත්තං’ යනාදී මේ පරිත්‍රාණ ධර්මය දේශනා කර වදාළ සේක.

විරූපාක්ෂ නම් නාගකුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,
එරාපත නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,
ඡබ්‍යා පුත්ත නම් නාග කුලයට මාගේ මෛත්‍රිය වේවා.
කන්හාක ගෝතමක නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා

මෙසේ මේ සිව් නාග කුලයන් දක්වා සාමාන්‍යයෙන් මෛත්‍රි භාවනාව දක්වන්නහුට පා රහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, දෙපා සහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, සිව් පා සතුන් හා සමග මාගේ මෛත්‍රිය වේවා, බොහෝ පා ඇති සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා.

මෙසේ මෛත්‍රි භාවනාවෙහි ස්වරූපය දක්වා දැන් භාවනා වශයෙන් රක්ෂා විධිය දක්වන්නාහු, පා නැත්තා වූ සත්වයෙක් මා නොපොළවා- දෙපා සහිත වූ සත්ත්වයෙක් මා නොපොළාවා, සතරපාද ඇත්තා වූ සත්වයෙක් හෝ බොහෝ පා ඇත්තාවූද සත්වයෝ මා නො පොළාවා සියලු සත්වහුද, සියලු ප්‍රානීහුද සියලු භූතයෝ ද යන මේ සියල්ලෝ යහපත් කාරණයන් දකිත්වා, ඒ කිසි පුද්ගලයෙකුට දුකක් කරදරයක් නො පැමිණේවා, බුදු ගුණය ක්ලෙසාදිය නැති බැවින් පමණ නැත්තේ ය. දහම් ගුණය පමණ නැත්තේ ය.

සංඝ ගුණය පමණ නැත්තේ ය. දීඝ ජාති හුය සර්පයෝ ය. ගෝනුස්සෝ ය, පත්තෑයෝ ය, මකුළුවෝ ය, සිකනන්ලු ය, මීයෝ ය යන මොහු පමණ ඇත්තාහුය. මා විසින් ආරක්ෂා කරන ලද්දෝ ය. අභිත අදහස් ඇති සත්වයෝ පහ වෙත්වා ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. පෙර කාලයෙහි වූ විපස්සී ආදී සත් බුදුවරයන් වහන්සේලාට මම නමස්කාර කරමි.

මේ තොරතුරු බොහෝ ජනයාට හිත සුව පිණිස සර්පයින්ගෙන් සිදු වන දුක් පීඩා වලින් දුරු වීම පිණිස උපකාර වේවා.

තෙරුවන් සරණයි..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
03 Feb 2019 02:58 PM
ඒ් ලිපිය ගොඩක් වටිනවා...
ගොඩ දෙනෙක් සර්පයින්ව හදුන්නේ නැහැ..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Feb 2019 02:10 AM
Posted By indika76 on 03 Feb 2019 10:23 AM
මේකේ සර්පයා තාමත් හොයාගන්න බෑනේ...

ඒකනේ අය්ය .....වැඩේ ඉවරකරගන්න බැරි උනාම කිසි ගතියක් නෑ

( අය්ය  පිළිවෙලට හැඩට දාල , දැන් බලන්න ලේසියි )

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Feb 2019 02:14 AM
Posted By maduranga001 on 03 Feb 2019 12:09 PM

ගොඩක් දේවල් දැනගත්ත. ස්තුතියි අය්ය  මේකට

අපේ සීයත්  සර්පයො කාපු අයට බෙහෙත් කරා කියනව මතකයි  ඉස්සර

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
04 Feb 2019 02:16 AM
ප්‍රෙහෙලිකාවෙ අහන සර්පය ආ යන්නෙන්.

ආහරකුක්ක කියල එකෙක් නම් අහල තියෙනෝ. ඒක මැච් වෙන්නෙ නෑනි.

ඉන්දියන් සර්පයෙක් ද දන්නෙත් නෑ මූ 😅
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
04 Feb 2019 07:44 AM
සර්පයාගේ නම හොයාගන්න තියේ නම් නියමයි....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
04 Feb 2019 10:58 AM
ආහරකුක්ක කියල එකෙක් නම් අහල තියෙනෝ. ඒක මැච් වෙන්නෙ නෑනි.
මටත් මතක් උනේ නම් ඒ නම තමයි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
04 Feb 2019 04:19 PM
අරණිදත්කැටියා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
04 Feb 2019 04:20 PM
අලු රදනකයා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
05 Feb 2019 01:32 AM
Posted By chamaramind on 04 Feb 2019 04:19 PM
අරණිදත්කැටියා

එතකොට අපි අනිත් පුරවපු ඒව මැච් වෙන්නෙ නෑනි නේද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
05 Feb 2019 04:23 AM
Posted By Udari on 05 Feb 2019 01:32 AM
Posted By chamaramind on 04 Feb 2019 04:19 PM
අරණිදත්කැටියා

එතකොට අපි අනිත් පුරවපු ඒව මැච් වෙන්නෙ නෑනි නේද

ඔය උත්තරේ නෙමෙයි...ආ යන්නෙන් තියෙන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
05 Feb 2019 08:49 AM
පුරවපු අනෙත් වචන හරියටම හරිද? සමහර විට ඒවා නිසා ටැපලිලා වෙන්න පුළුවන්.

(චාමර මල්ලි. මේ ප්‍රහේලිකාව කොහෙන්ද හොයා ගත්තෙ? පිළිතුරු තිබ්බේ නැද්ද? )
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>