You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 14 << < 23456 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
01 Feb 2015 07:31 PM

හෝටල් හිමියාට පරණ පිනක් කඩාවැටිලා

2015 පෙබරවාරි මස 02 00:02:40 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (තිහගොඩ උපසේන ලියනගම)

දකුණු පළාතේ ප‍්‍රධාන නගරයට නුදුරු උපනගරයක ඇති ආපන ශාලා දෙකක හිමිකරුවන් වූයේ එකම නාමය සහිත ඥාති සොයුරන් දෙදෙනෙකි. එකිනෙකා ළඟම ඥාතීන් වුවත් දෙදෙනා ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක ප‍්‍රබල ආධාරකරුවෝ වූහ.

පසුගියදා බාල සොහොයුරාගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට බීම වර්ග ගබඩා කරන අධිශීතකරණයක් එවන ලෙස ඔහුගේ දේශපාලන ප‍්‍රබලයකු සමාගමකට මුදල් බැන්දේය. සමාගම එම ශීතකරණය රැගෙන යනවිට එම ආපන ශාලාව වසා තිබුණත් අනෙක් ආපන ශාලාව විවෘතව තිබිණි.

නම් දෙකේ සමානතාව මත එය අදාළ ආපන ශාලාව යැයි සිතා සේවකයින්ගෙන් විමසූ විට ඔවුන්ද කීවේ ශීතකරණයක් එවන බව කලින් කියූ බවකි.

ශීතකරණය එහි සවිකොට සමාගමේ නිලධාරිහු ආපසු ගියහ. තමාට හිතවත් දේශපාලකයා සවස නියමිත ආපන ශාලාවට ගිය විට සිදුවී ඇති දේ දැනගෙන අන්දමන්ද වුවත් එම ශීතකරණය ආපසු දීමට එහි ආපන ශාලා හිමියා එකඟවුයේ නැති ලූ.

Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
01 Feb 2015 08:34 PM

මේක නම් මාර සීන් එක..

දේශපාලකතුමා මුදල් බැන්ද නිසා සමාගම වගකිව යුතුයි..

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
01 Feb 2015 08:48 PM

එකම නම උනාට ඇඩ්රස් වෙනස් ඇතිනෙ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
02 Feb 2015 03:22 AM

eka ne ..oka therila nedaa

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
03 Feb 2015 06:45 AM
ඇඩ්රස් නැහැ .......වෙච්ච් වැඩේට
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
03 Feb 2015 05:51 PM

ගෙදරින් ටවුමට ආ හැටි අමතක වී මුදලාලි අලි අමාරුවක වැටිලා

(මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර)
මාවනැල්ල නගරයේ ව්‍යාපාරික මහතකු හදිසියේ කෑගල්ල නගරයට තම වාහනයේ ගොස් එහිදී තමාගේ අවශ්‍ය කටයුතු හා බඩු බාහිරාදිය රැුගෙන වාහනය අමතක කර ලංගම බස්රථයක  පැමිණි සිද්ධියක් වාර්තා විය.

දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
වසර ගණනාවක් මාවනැල්ල නගරයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා නගරයේ කා අතරත් ප‍්‍රසිද්ධ වී ඇත්තේ ගුණපාල නමිනි. ව්‍යාපාර කටයුතු වලින් තරමක් ඉහළ නමක් දිනා සිටියත් ඔහුට තිබූ එක් රෝග ලක්ෂණයක් වූයේ විටින් විට අමතක වීමේ අඩුපාඩුව පමණ

පසුගියදා තමන්ගේ කඩයට අවශ්‍ය බඩු කිහිපයක් රැුගෙන ඒමට තම වෑන් රථයෙන් කෑගල්ල නගරයට ගියේ අතරමගදී තමන්ගේ හිතවතෙකු ද කෑගල්ලේ යෑමට මහ මග සිටිනු දැක වාහනයට නංවා ගෙනයි. කෑගල්ල නගරයේදී වාහනය නවතා දෙදෙනා තම වැඩ කටයුතු සඳහා වෙන්වී යන්නට විය.

ගුණපාලද තමන්ට අවශ්‍ය කළමනා සියල්ල නගරයෙන් මිලයට ගෙන පොලිතින් මල්ලක බඩු මුට්ටු සියල්ල දමා ගත්තේය. පසුව ඒ සියල්ල අතැතිව හනිකට පැමිණ කෑගල්ල මාවනැල්ල බස් රථයට ගොඩවිය. බසයද තම ගමන ආරම්භ කළේ බස් රථයේ මගීන් විශාල ප‍්‍රමාණයක් ඒ වනවිටත් සිටි හෙයිනි. කෑගල්ල පසුකර මීපිටිය පල්ලම ළඟා වෙන විට බසයේ වම් පසින් දකුණු පසට ගිය ගුණපාලට කෙනෙකු තට්ටු කරනු දැක බැලීය. එවිට ගුණපාලට තම වාහනය මතක් විය. ඒ තට්ටු දමා ඇත්තේ උදේ තමන්ගේ වාහනයේ පැමිණි මිතුරාය.

කෝ වෑන් එක ගරාජ් එකට දැම්මාද? කියා ඔහු ගුණපාලගෙන් ඇසීය.

නෑ. නෑ. නෑ. මම බහිනවා කියූ ඔහු බසයෙන් බැස ගත්තේ. තමන් ගැනම කෝපයෙනි.

ඔහු බසයට ගොඩවී ඇත්තේ තමන් වෑන් රථයේ පැමිණි බව ඔහුට අමතක වූ නිසාය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
03 Feb 2015 05:58 PM
mhemath amathaka vimak.............
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
04 Feb 2015 01:07 PM
මඟුල්ගෙදර ජරමරයක්

පන්සියයකට ආරාධනා කර තුන්සියයකට කෑම බීම සූදානම් කිරීම නිසා පිරිසක් අපහසුතාවට පත් වූ සිද්ධියක් වයඹ පළාතෙන් වාර්තා විය.

ජයටම මංගල උත්සවය සූදානම් කිරීම ඔවුන්ගේ අරමුණ විය.

ඒ අනුව නගරයේ උත්සව ශාලාවක් ද වෙන් කරවාගෙන විවාහ මංගලෝත්සවයට සූදානම් විය. උත්සවයට 500කට ආරාධනා කළ අතර එතරම් පිරිසකට ආරාධනා කළත් ඉන් කොටසක් පමණක් එතියි නිවැසියෝ සිතූහ. ඒ අනුව තුන්සියයක් සඳහා පමණක් හෝටලයේ ඉඩ කඩ වෙන්කළේය. කෑම ඇනවුම් කළේ ද තුන්සියයකට පමණි. මංගලෝත්සවය දා නිවැසියන් නොසිතූ පරිදි ආරාධනා කළ සියල්ලෝම ආහ. මුලින්ම ආ පිරිසට ඉඳගැනීමට ආසන තිබුණත් පසුව ආ පිරිසට ආසන නොතිබිණි. ඔවුහු නගරයේ කඩයකින් දිවා ආහාරය ගෙන නැවත නිවෙස් බලා ආහ.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
04 Feb 2015 08:13 PM
Posted By isurusam on 04 Feb 2015 01:07 PM
මඟුල්ගෙදර ජරමරයක්

පන්සියයකට ආරාධනා කර තුන්සියයකට කෑම බීම සූදානම් කිරීම නිසා පිරිසක් අපහසුතාවට පත් වූ සිද්ධියක් වයඹ පළාතෙන් වාර්තා විය.

ජයටම මංගල උත්සවය සූදානම් කිරීම ඔවුන්ගේ අරමුණ විය.

ඒ අනුව නගරයේ උත්සව ශාලාවක් ද වෙන් කරවාගෙන විවාහ මංගලෝත්සවයට සූදානම් විය. උත්සවයට 500කට ආරාධනා කළ අතර එතරම් පිරිසකට ආරාධනා කළත් ඉන් කොටසක් පමණක් එතියි නිවැසියෝ සිතූහ. ඒ අනුව තුන්සියයක් සඳහා පමණක් හෝටලයේ ඉඩ කඩ වෙන්කළේය. කෑම ඇනවුම් කළේ ද තුන්සියයකට පමණි. මංගලෝත්සවය දා නිවැසියන් නොසිතූ පරිදි ආරාධනා කළ සියල්ලෝම ආහ. මුලින්ම ආ පිරිසට ඉඳගැනීමට ආසන තිබුණත් පසුව ආ පිරිසට ආසන නොතිබිණි. ඔවුහු නගරයේ කඩයකින් දිවා ආහාරය ගෙන නැවත නිවෙස් බලා ආහ.

kema nati nisa sallith nodi danne ne giye

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
05 Feb 2015 03:42 PM
සූර්පිට පැල් රකිද්දී ඇඳිවතත් ගිනි අරන්

තිහගොඩ උපසේන ලියනගම)
තම වගාව ඌරන්ගෙන් බේරාගැනීම සඳහා රාත‍්‍රී පැල් රැුකීමට ගිය ගොවි මහතකු තම ඇඳිවතත් අහිමිව මහ ? නිවෙසට දිව ඒමේ අපූරු සිදුවීමක් පසුගියදා දකුණු ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.

ප‍්‍රදේශයේ මේ වන විට පවතින වල් ඌරු උවදුර නිසා රතික්‍ද්ක්‍දා පත්තුකරමින් උන් පලවා හැරීමට ගිය ඔහු පෙර දින පැලේ සඟවා තිබූ මත් බෝතලයෙන් මඳක් පානය කොට බිරිය දුන් බත් පාර්සලයද අනුභව කොට පැලේ දිගාවූවත් තද සීතල හා මදුරු උවදුර මහා වදයක් විය.

පසෙකින් මහා ගිනිගොඩක් අවුලූවා ඒ අසල දිගාවූ ඔහුට මඳ සුුවයක් ලැබිණ. මොහොතකින් ඔහුට අහැරුණේ ප‍්‍රදේශය මහා ගිනි ජාලාවක් බවට පත්ව තම ඇඳි වතද ගිනි ගත් බව දැනුන හෙයිනි. දෙවියන් සිහිවූ ඔහු ඇඳි වත කඩා දමා පරණ කමිසයකින් විලි වසාගෙන ගෙදරට දිව ගියත් මහ ? ගෙදර අය අවදිකර ගැනීමට නම් සෑහෙන වේලාවක් ගත වුණාලූ
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
05 Feb 2015 07:36 PM
Posted By samantha on 03 Feb 2015 05:51 PM

ගෙදරින් ටවුමට ආ හැටි අමතක වී මුදලාලි අලි අමාරුවක වැටිලා

(මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර)
මාවනැල්ල නගරයේ ව්‍යාපාරික මහතකු හදිසියේ කෑගල්ල නගරයට තම වාහනයේ ගොස් එහිදී තමාගේ අවශ්‍ය කටයුතු හා බඩු බාහිරාදිය රැුගෙන වාහනය අමතක කර ලංගම බස්රථයක  පැමිණි සිද්ධියක් වාර්තා විය.

දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
වසර ගණනාවක් මාවනැල්ල නගරයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා නගරයේ කා අතරත් ප‍්‍රසිද්ධ වී ඇත්තේ ගුණපාල නමිනි. ව්‍යාපාර කටයුතු වලින් තරමක් ඉහළ නමක් දිනා සිටියත් ඔහුට තිබූ එක් රෝග ලක්ෂණයක් වූයේ විටින් විට අමතක වීමේ අඩුපාඩුව පමණ

පසුගියදා තමන්ගේ කඩයට අවශ්‍ය බඩු කිහිපයක් රැුගෙන ඒමට තම වෑන් රථයෙන් කෑගල්ල නගරයට ගියේ අතරමගදී තමන්ගේ හිතවතෙකු ද කෑගල්ලේ යෑමට මහ මග සිටිනු දැක වාහනයට නංවා ගෙනයි. කෑගල්ල නගරයේදී වාහනය නවතා දෙදෙනා තම වැඩ කටයුතු සඳහා වෙන්වී යන්නට විය.

ගුණපාලද තමන්ට අවශ්‍ය කළමනා සියල්ල නගරයෙන් මිලයට ගෙන පොලිතින් මල්ලක බඩු මුට්ටු සියල්ල දමා ගත්තේය. පසුව ඒ සියල්ල අතැතිව හනිකට පැමිණ කෑගල්ල මාවනැල්ල බස් රථයට ගොඩවිය. බසයද තම ගමන ආරම්භ කළේ බස් රථයේ මගීන් විශාල ප‍්‍රමාණයක් ඒ වනවිටත් සිටි හෙයිනි. කෑගල්ල පසුකර මීපිටිය පල්ලම ළඟා වෙන විට බසයේ වම් පසින් දකුණු පසට ගිය ගුණපාලට කෙනෙකු තට්ටු කරනු දැක බැලීය. එවිට ගුණපාලට තම වාහනය මතක් විය. ඒ තට්ටු දමා ඇත්තේ උදේ තමන්ගේ වාහනයේ පැමිණි මිතුරාය.

කෝ වෑන් එක ගරාජ් එකට දැම්මාද? කියා ඔහු ගුණපාලගෙන් ඇසීය.

නෑ. නෑ. නෑ. මම බහිනවා කියූ ඔහු බසයෙන් බැස ගත්තේ. තමන් ගැනම කෝපයෙනි.

ඔහු බසයට ගොඩවී ඇත්තේ තමන් වෑන් රථයේ පැමිණි බව ඔහුට අමතක වූ නිසාය.

ඒක නම් මහ භයානක ලෙඩක් නේ අම්මෝ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
06 Feb 2015 03:58 PM
‘සර්කස් විජේගේ’’ කොණ්ඩෙ ඉඩෝරයට පැහිලා

(මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර)
හෙම්මාතගම පෙතිගම්මන ජිවත්වන සර්කස් විජේ නමින් කාඅතරත් ප‍්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකි. ඔහුට ”සර්කස් විජේ” ලෙස නම් තබා ඇත්තේ ඔහු කාලයක් තිස්සේ රට පුරා ගොස් ට‍්‍රැක්ටරයක් උදරය මතින් ධාවනය කිරීම හා තම උදරය මත ගල් තබා කුලිගෙඩියෙන් පහරදී කැඞීම ඇතුලූ අසාමාන්‍ය දක්‍ෂතා පෙන්වීම නිසාය. නිතරම කාටත් සිනා මුසු මුහුණින් කතා බහ කරන ඔහුගේ එක් විශේෂ ලක්‍ෂණයක් වන්නේ තමන් සිනා නොවී අන් අය සිනා ගැන්වීමය.

පසුගිය දිනක සර්කස් විජේ තමන්ගේ කොණ්ඩය කැපීම සඳහා හෙම්මාතගම නගරයේ එක්තරා කොණ්ඩා කැපීමේ ස්ථානයකට ගොස් කොණ්ඩය කැපීම සඳහා තමන්ගේ වාරය එළඹෙන තෙක් එහි තිබූ පුවත්පත් කියවමින් ඒ අතරේ අන් අය සමග විහිළු තහලූ කරමින් කාලය ගත කරමින් සිටියේය. පසුව තමන්ගේ වාරය එළඹීමත් සමග කොණ්ඩය කැපීමට තමන්ට හිමි අසුනේ ඉඳ ගත්තේ සිනා මුසු මුහුණිනි.

සුපුරුදු පරිදි අන් අයගේ මෙන් ඔහුගේ කොණ්ඩය කපමින් සිටි කරනවැමියා ටික වේලාවකින් පසු ඔහුට පැනයක් යොමු කළේය.

”ආ විජේ අයියා කොණ්ඩය ගොඩක් පැහිලා නේද?”

” ඔව් මල්ලි මේ දවස්වල ඉඩෝරයනේ”

සර්කස් විජේ කී දේයින් කරන වෑමියාට සේම එහි සිටි බොහෝ දෙනෙකු බඩ අල්ලාගෙන සිනා සුනේ මේ අපූරු කතාව නිසයි.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
07 Feb 2015 01:17 AM
Posted By isurusam on 06 Feb 2015 03:58 PM

අනේ මන්දා ..මේවත් කතා ද කියල හිතෙනවා  

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
07 Feb 2015 07:56 AM
 
අනේ මන්දා ..මේවත් කතා ද කියල හිතෙනවා  

ඔව් බන්...මේවා stun නිවුස් නෙමෙයි,,,,,,,,,, මෙගාබයිට්, සර්වර් ස්පේස් වගේම කාලයත් අපරාදේ.

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
09 Feb 2015 02:53 AM

වැඩ අතරේ හොරපොළට රිංගුවාට අපූරු දඬුවමක්

2015 පෙබරවාරි මස 09 00:00:27 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (වියලූව වාර්තාකරු)

රාජකාරි ගමන පසෙක ලා හොර තිප්පොළකට රිංගා පදමට සප්පායම් වෙමින් සිටි එක්තරා ආයතනයක වාහන රියැදුරකුට එම වාහනය අයත් ආයතනයේ අධ්‍යක්ෂවරයකු විසින් ලබා දුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තා විය.

සිද්ධිය මෙසේය.
ඔහු එක්තරා ආයතනයක වාහනයක රියැදුරෙකි. රාජකාරි ගමනක් ගොස් ආපසු එමින් සිටි ඔහු තම වාහනය ප‍්‍රධාන මාර්ගය අසල නවතා ඒ අසල තිබූ අරක්කු තිප්පොළකට රිංගා ගත්තේ පුරුදුපරිදි හීන් අඩියක් ගැසීමටය.

ගිය කාරිය නිමා කළ ඔහු අඩහෝරාවකින් පමණ මාර්ගයට පැමිණ වට පිට බලද්දී ඔහුට තරු පෙණුනේ තමාගේ වාහනය එහි නැති බව දැකීමෙනි.
මේ අවස්ථාවේ රියැදුරුට කතා කළ ඒ අසල වෙළෙඳ සැලක අයිතිකරුවකු පවසා ඇත්තේ ටයි පටියක් පැළඳ තරමක් වටිනා කැබ් රථයකින් පැමිණි උසස් යැයි සිතිය හැකි නිලයක් දරන මහත්තයකු නවතා තිබූ වාහනය ඔහු පැමිණි වාහනයේ ගැට ගසාගෙන ඇදගෙන ගිය බවකි.

එම වාහනයේ පැමිණියේ අහවල් ආයතනයේ අධ්‍යක්ෂකවරයා යැයිද තමාට පැවැසූ බව වෙළෙඳ සැල් හිමියා පවසද්දී රියැදුරුගේ වෙරිමත ද හිඳී ගිය අර ඉහින් කනින් දාඩිය දමන්නට ද විය.

කෙසේ වෙතත් ආයතන ප‍්‍රධානියාගේ හිත උණුවීම නිසා සුළු අවවාද කිරීමකින් පසුව ඔහු තවමත් සේවයේ නිරතවෙතැයි එම ආයතනයේ සේවකයෝ කියති.

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
09 Feb 2015 12:16 PM
hoda wade bonna giyata....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
09 Feb 2015 02:06 PM

hodawade.....

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
09 Feb 2015 09:45 PM
horen genihin wahane tikak baya karanna thibbe driver wa
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
10 Feb 2015 04:13 PM

උපන් දිනේට කේක් හදන්න ගෙනා පාන්පිටිවලින් රොටි පුච්චන් කාලා

(තිහගොඩ උපසේන ලියනගම)
සියනෑ කෝරලයේ පිටිසරබද ගමක සිටි ඇය පවුලේ වැඩිමලාය. ප‍්‍රදේශයේ අග නගරයට ඇය දිනපතා ආවේ ගියේ රැකියාවකටය. පසුගිය දිනක යෙදී තිබුණු ඇයගේ උපන් දිනයට කාර්යාල මිතුරෝ විශේෂ සංග‍්‍රහයක් ඉල්ලූහ.

” ඕකට එච්චර වියදම් කරන්න එපා. ගෙදරින් කේක් එකක් හදාගෙන වරෙන්. මාත් උදව් කරන්නම්”  ආසන්න නිවසක වූ හිතවත්ම සෙහෙළිය කීවාය.
ඇය දුන් බඩු ලැයිස්තුවට අනුව කළමනා රැුගෙන ගිය ඇය පසුවදාට කේක් එක හැදීමට කතා කර ගත්තාය.

පසුවදා යෙහෙළිය සමග ගෙදර ගිය ඇය දුටුවේ සෙසු බඩු භාණ්ඩ ඇතත් පාන්පිටි කිලෝ දෙක එහි නැති බවය.

මේ ගැන සොයා බලනවිට නංගී කී දෙයින් ඇයට තරු පෙණිනි. ”මල්ලියි මමයි හවස ටියුෂන් ඉවර වෙලා ගෙදර ආවේ හරිම බඩගින්නෙන් අක්කේ. අපි පිටි ටිකෙන් රොටි  පුච්චගෙන කෑවා. කේක් හදන  කතාවක් අපි දන්නේ නෑ.”

මහ ? පිටි සෙවීම අත්හැරිය ඇය නංගී කළ වරදට  තාත්තාට දඩයක් ගසා කඩෙන් කේක් එකක් රැගෙන කාර්යාලයට ගියාලූ.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
10 Feb 2015 04:15 PM

වැන්දඹුවගේ හිත ගන්න 5000 ක් දී ගත් සුරය කිල්ලට අහුවෙලා

ඔහු ආයතනයක සේවකයෙකි. දිනක් පුවත්පත් දැන්වීමකට ඔහුගේ දෙනෙත් ඇදී ගියේය. වශී ගුරුකම් - තමා හැරගිය පෙම්වතා, පෙම්වතිය, දින හතකින් දෙපා මුලට කැමති අයකුගේ හිත දිනාගැනීමට නම රැුගෙන එන්න, එහි සඳහන් විය. ලිපිනය සොයා ගිය ඔහුට රතු වස්ත‍්‍රයකින් සැරසුණ කාන්තාවක් නිවසේ සාදන ලද දේවාලයකදී හමුවිය. පරල වූ ඇය, ‘‘දරුවාගේ වුවමනාව මොකක්දැයි” විමසුවාය. ‘‘මෑණියෝ, මට සල්ලි තියෙන කාන්තාවකගේ හිත දිනාගන්න  ඕනේ’’ ඔහු පැවසීය. ‘‘දරුවෝ  ඕක මට සුළු දෙයක් එයාගේ තොරතුරු කියන්න” ඇය පැවසූ විට ඔහු පිළිතුරු දෙමින්, ”එයා වැදගත් රක්ෂාවක් කරන්නේ, මහත්තයා මැරිලා, දරුවන් නැහැ වයස ටිකක් වැඩියි. මාත් එක්ක හිතවත්” යැයි කීය. ‘‘ඒ තැනැත්තියගේ නම ගෙනාවද?” ඇය විමසූ විට හෙතෙම කාන්තාවගේ නම ලියා ඇය අත තැබීය. ”මම මේ වැඬේ කරලා දෙන්නම්, ඔය වගේ දේවල් මම කොච්චර කරලා තියනවාද? දැන් රුපියල් පන්දාහක් දෙන්න. ඉතිරි පන්දහ වැඬේ කෙරුනාට පස්සේ,” ඇය කීවාය. ඔහු රුපියල් පන්දහසක් දුන්විට ඇය කුඩා සුරයක් ගෙලේ පැළඳුවාය. දින හතකින් ඉටුවන බව පැවසූවත් මාස තුනක් ගතවූවත් කාරණය ඉටුවුණේ නැත. ඔහු දේවාලයට දුරකතනයෙන් කතා කළවිට ඇය පැවසුවේ සුරය කිල්ලට අසුවී ඇති නිසා නැවත ජීවම් කළ යුතු බවය. නැවත ඉක්මණින්ම ඇය මූණ ගැසෙන බව ඔහු මෙම ලියුම්කරුට පැවසීය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 4 of 14 << < 23456 > >>