You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 14 << < 12345 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
16 Jan 2015 10:03 PM
Posted By samantha on 16 Jan 2015 05:36 PM

ඡන්ද කාඞ්පතේ පීනන එක හොයලා

(මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර)
පසුගිය අටවැනිදා ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා කා අතරත් තිබුණේ පුදුම විදිහේ උනන්දුවකි. රෝහලේ ලෙඩ ඇඳේ සිටි රෝගී අය පවා උස්සාගෙන විත් ඡන්දය දමා තම ජනාධිපති අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නට ඇතැම්හු උනන්දු වූහ.

මාවනැල්ල හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයෙත් එම උනන්දුව ඒ ආකාරයෙන්ම තිබෙනු දැක ගත හැකිවිය. උදේ කාලයේ කවුරුත් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම තිබෙනු දැකගත හැකිවිය. උදේ කාලයේ කවුරුත් තම  ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිටිනු දැකගත හැකිවූ අතර එම පෝලිමේ වැඩි වශයෙන් කාන්තාවන් සිටිනු දැක ගත හැකිවිය.  මේ අතර වයස අවුරුදු 70ක් පමණ කාන්තාවක් වුවාය. විටින් විට පෝලිමේ සිටින අතරවාරයේදී පවා තම අතේ තිබූ ඡන්දකාඞ් පත බලමින් කාලය ගත කළ අතර ඇස් පෙනීම තරමක් අඩු මට්ටමක තිබුණු බව ඇය ඡන්දකාඞ් පත බලන ආකාරයෙන්ම අන් අයට නිරීක්‍ෂණය විය. තමන්ට ඡන්දය දැමීමේ වාරය එළඹිණි. අන් අය සේම එහි සිටින පක්‍ෂ විපක්‍ෂ හා රාජ්‍ය නිලධාරීන්ට තම ඡන්දකාඞ් පත හා  හැඳුනුම්පත ඉදිරිපත් කර ඡන්දය දැමීමට  ගියේ එහි තිබුණු ඡන්ද පති‍්‍රකාවක් අතැතිවය. එහෙත් ඇය ඡන්දය දැම්මේ ප‍්‍රමාදයක් ඇති බව තේරුම් ගත් එහි සිටි රජයේ නිලධාරියෙක් මෙසේ විමසීය.

”මොකද අම්මේ  පේන්නේ නැද්ද?”

”ඔව් පුතේ කණ්ණාඩිය ගේන්නත් බැරිවුණා මට මේකේ අර පීනන එකා ඉන්න තැනයි බුලත් කොළයයි පෙන්වනවද?

වහාම කි‍්‍රයාත්මක වූ නිලධාරියා එම සලකුණු දෙක පෙන්වා එම මව අසලම සිටියේ තවත් යමක් අසයි දෝ කියා වන්නට ඇත.

එකවරම ඇය මෙසේ පවසන්නට  විය.

”හරි පුතේ දැන් යන්න මම දැන් මාගේ වැඬේ කරන්නම්” කියා ඇය තම මනාපය ලබා දුන්නේ එම මධ්‍යස්ථානයේ බොහෝ දෙනෙකු සිනා ගන්වමිනි.

අම්මලා කියනේ ඇස නොපෙනුනත් දුර පෙනෙන අය...එකනේ ඒ අම්මත් පී- නාන එකාව කොයල තියෙන්නේ.....(ඉංගිරිසි   පන්නයෙන් කිඉවොත්  පී බාත් එකක් ගන්න කෙනා)

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
19 Jan 2015 09:57 PM

ඡන්ද ඔට්ටුව පැරදී ගෙදර ටී.වී. බැලීමත් නැවතිලා

2015 ජනවාරි මස 20 10:06:52 | (වියලූව වර්තාකරු)

ඡුන්ද ඔට්ටුවක් පැරදීම නිසා රසවත් ටෙලි නාට්‍ය කීපයක් බැලීමේ වරම අහිමි වූ කාන්තාවකට අල්ලපු ගෙදරට ගොස් එම කටයුත්ත ඉටුකර ගන්නට සිදු වූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.

දැනගත් අන්දමට සිදුවීම මෙසේය.

ඔහුත් ඇයත් අඹු සැමියෝය. එක නිවසේ කොපමණ සතුටින් ජීවත්වුවත් ඔවුහු දේශපාලනය කළේ මේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකටය.
”මගේ අම්ම තාත්ත, පරම්පරාවම අහවල් පක්ෂයේ” කාන්තාව කීවාය.

අපෝ අපිනම් කැපුවත් ඔය පක්ෂයට ඡුන්දේ දෙන්නේ නැහැ. සැමියාද කීවේය.

මවගේත් පියාගේත් මේ දේශපාලනය දරුවන්ට ද සතුටක් ගෙන දුන්නේ ඔවුන් දෙදෙනා විටෙක කරන තර්ක විතර්ක නිසාය.
ඔය අතරේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වෙද්දී මේ දෙදෙනාම තම පක්ෂ දෙකේ අපේක්ෂකයන් ජය ගන්නා බවට උදම් ඇල්ලූහ.
‘‘හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’. ඔය අතරේ බිරිය අපූරු ඔට්ටුවක්ද ඇල්ලූවාය.

බිරියගේ ටෙලි නාට්‍ය බැලිල්ල කරදරයක් සේ සිතූ සැමියාට ද එය අපූරු ඔට්ටුවක් විය.

‘‘හරි මගේ අපේක්ෂකයා පැරදුණොත් මම කවදාවත් මේ ටී.වී. එක ළග වාඩි වෙන්නේවත් නැහැ’’. සැමියා ද එක පයින් ඔට්ටුව බාර ගත්තේය.
පාසල් වියේ පසු වූ දරුවෝ සාක්ෂිකාරයෝ වූහ.

ප‍්‍රතිඵල ප‍්‍රකාශවීමත් සමඟම බිරිය පරාජය බාර ගත්තාය. දින කීපයක් රූපවාහිනිය අසලටවත් ඇය නොආවාය.

බිරිය ගැන දුක සිතූ සැමියා ඇයට ඔට්ටුව පසෙක තබා රූපවාහිනිය බලන්න කීවත් ඇය ඒ අසලටවත් නොආවාය. එහෙත් දැන් ඇය හිමින් සීරුවේ තම ප‍්‍රියතම ටෙලි නාට්‍ය කීපය අසල නිවසකට ගොස් බලන බව දැන ගන්නට ඇත. 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
20 Jan 2015 12:03 AM

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු.......අනේ  මේ දිනපු උත්තමයට බැරිද දැනේ නැහැ නයිටී එන  එකේ ඇතුළු මේ පජාත කසිකබල් ටෙලි   නහටු ටික තහනම් කරන්න අන්න එදාට ඒ ගෙදර අම්මත් දිනුම් තාත්තත් දිනුම් ළමයිත් දිනුම්,,,,රටේ ඔක්කොමත් දිනුම් 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
20 Jan 2015 12:11 AM
Posted By kingD on 19 Jan 2015 09:57 PM

maru ottuwa

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
20 Jan 2015 12:11 AM
Posted By Imalka on 20 Jan 2015 12:03 AM

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු.......අනේ  මේ දිනපු උත්තමයට බැරිද දැනේ නැහැ නයිටී එන  එකේ ඇතුළු මේ පජාත කසිකබල් ටෙලි   නහටු ටික තහනම් කරන්න අන්න එදාට ඒ ගෙදර අම්මත් දිනුම් තාත්තත් දිනුම් ළමයිත් දිනුම්,,,,රටේ ඔක්කොමත් දිනුම් 

එක නම් සහගහන.. සොරි වේවා! සහතික ඇත්ත මචෝ...

අපේ ගෙදරත් හවසට කොරියාවේ ඉන්නවා වගේ තමයි

නැද්ද මුකුත් විසදුමක් මේකට? 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
20 Jan 2015 12:43 AM

කියල වැඩක් නෑ ...ගෙදර ටී .වී එකක් නැත්නම් කොච්චර හොද ද කියල හිතෙනවා....

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Jan 2015 12:45 AM
mare maru otuwa.......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
20 Jan 2015 04:42 PM

හොරා අල්ලන්න තැබූ මී කතුරට බිරියගේ අත අහුවෙලා

(වියලූව වාර්තාකරු)
තම අල්මාරියේ ඇති කැටයකින් විටින් විට මුදල් සොරාගන්නා නිවසේම සිටින සොරකු ඇල්ලීමට ගෙහිමියා විසින් අටවන ලද උගුලකට ඔහුගේ බිරිය අසුවූ බව කියන පුවතක් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.
නිවසේ ගෘහමූලිකයා ඉහළ වැටුපක් නොගත්තද ඔහු ලැබෙන වැටුපෙන් සිය දරු දෙදෙනාගේත් බිරියගේත් අඩුපාඩු පිරිමැසුවේ එය තම පරම යුතුකමසේ සලකමිනි.

මේ අතර හදිසියකදී ගැනීම සඳහා ඔහු පුරුද්දක් ලෙස කැටයක මුදල් ඉතිරි කළේය. තම අල්මාරියේම මුල්ලකට වන්නට තැබූ කැටයකට ඔහු ඉඳහිට කීයක් හෝ දැම්මේ එය හදිසියකදී වටිනා බව තම බිරියට ද පවසමිනි.

දින සති මාස ගණන් ගත වුවද කැටය පිරෙන බවක් නම් නොපෙනිණි.

තම කැටයෙන් මුදල් ගන්නේ පාසල් වියේ පසුවන දරු දෙදෙනා යැයි සිතූ හෙතෙම දරු දෙදෙනා මට්ටු කරන්නට අපූරු උපායක් කල්පනා කළේය.
පසුදින සේවය නිමවා නිවෙසට එද්දී ඔහු තම මිතුරකුගෙන් ඉල්ලා ගත් මී කතුරක්ද රැුගෙන ආවේ උපාය ක‍්‍රියාත්මක කරන්නටය. කැටය තරමක් අල්මාරියේ අස්සට වන්නට තැබූ ඔහු ඒ අසලින් මී කතුරද තැබුවේ සැලසුමේ අවසන් පියවර සම්පූර්ණ කරමිනි. ගතවූවේ දින කීපයකි.

සේවය නිමවා නිවෙසට පැමිණෙන ඔහුට දැකගන්නට ලැබුණේ බැන්ඬේජ් පටියකින් අත ඔතාගෙන සිටින තම බිරිය සහ ඒ අසලින් සිටින දරු දෙදෙනාය. තම සැලසුම ක‍්‍රියාත්මකවී ඇති බව දැනගත් ඔහු කිසිත් නොදන්නා පරිදි හේතුව විමසද්දී ඇය කියා සිටියේ නිවෙසට පැමිණි හිඟන්නකුට කීයක් හරි දෙන්නට අල්මාරිය අරිද්දී එහි තිබූ මී කතුරකට තම අත අසුවූ බවකි. මී කතුරක් බව නොදත් තමා මහ හඬින් බෙරිහන් දුන් බවත් අසල්වාසීන් නිවෙසට එක්රොක්වූ බවත් ඇය ලැජ්ජාවෙන් ඇඹරෙමින් කියා සිටියාය.

කෙසේ වුවත් මුවගට නැගි සිනහව යටපත් කර ගත් ඔහු ඇඟට නොදැනී කියා සිටියේ ”අල්මාරියේ හරියට මීයෝ මම මී කතුරක් ගෙනත් තිබ්බා” යනුවෙනි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
20 Jan 2015 06:58 PM
Posted By samantha on 20 Jan 2015 04:42 PM

Ane paw deyiyane..higannekuta dennane salli ganna heduwe 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
21 Jan 2015 07:42 PM

හදිසියට ඉවූ බත හාල් වෙලා

2015 ජනවාරි මස 22 00:00:16 | (පේරාදෙණියේ චමිල් රූපසිංහ)

රජයේ සේවක යුවළක් උදෑසනම රැකියාව සඳහා පිටත් වන්නට කඩිමුඩියේ සූදානම් වූහ.

බිරිය දහවල් ආහාරයට ගෙන යාම සඳහා ආහාර පිළියෙළ කිරීමට එළවළු දෙකක් රැගෙන එය සකස් කර දර ලිපේ තබා බත සකසා ගැනීමට සැරසුණි. රැකියාව සඳහා පිටත්ව යාමට වේලාවෙ මදිකම නිසා හාල් සෝදා රැුගෙන කුකරයේ තැබුවේය.

දෙදෙනාම ලෑස්ති වී කෑම පාර්සල් දෙක බැඳ ගැනීම සඳහා කෙසෙල් කොළයක් කපාගෙන එන ලෙස බිරිය ස්වාමියාට කීවාය. කෙසෙල් කොළය රැුගෙන ආ සැමියා තම බිරිය උදෑසන සිට මහන්සි වන නිසා ඔයා ලෑස්ති වන්න මම බත් මුල ගැට ගසන්නම් යැයි පවසා ස්වාමියා ලිප ළඟට ගියේය.

බිරිය නිවසේ දොර ජනෙල් වසා පිටත් වන්නට සූදානම්ව ඉක්මණට එන්න අද වැඩ ගොඩාක් තියනවා කියමින් එළියට බැස්සාය. ස්වාමිය කෑම බැඳීමට බත් උයන රයිස් කුකරයේ පියන ඇරියේය. දුටු දර්ශනයෙන් සැමියා පුදුමයට පත්විය. බත් වෙනුවට තිබුණේ හාල්ය. සිදුව ඇති දෙය ස්වාමියා තේරුම් ගත්තේය.

බිරිය රයිස් කුකරයේ බත් ඉදෙන්නට තැබුවාට එහි විදුලි සුවිචය දමා නැත. දෙදෙනාම දර ලිපේ උයාගත් වෑන්ජන දෙක රැුගෙන අපි පාන්වත් කමු කියා රැුකියාව සඳහා පිටත්ව ගියේය.

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
21 Jan 2015 08:14 PM
Posted By kingD on 21 Jan 2015 07:42 PM

දුක හිතෙන සීන් එකක්....මොනවා උනත් දුක සැප එකසේ විඳින්න හපන් යහපත් යුවලක් 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
21 Jan 2015 11:06 PM

දුක හිතෙනවා තමයි ඇහුවහම කතාව.. ඔයවගේ දේවල් වෙනවා විශේෂයෙන් උදයට .. කලබලේට වැඩ කරන නිසා ...

Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
22 Jan 2015 03:23 AM

ඔය වගේ අතපසුවීම්  මටත් වෙලා තියෙනවා.. කොහොම නමුත් සහයෝගයෙන් වැඩ කරන කපල් එකක්..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
22 Jan 2015 08:57 PM

තමන්ගේ උපන් දිනයට තමන්ම තෑග්ගක් ගෙන පාර්සල් කරගෙන

2015 ජනවාරි මස 23 09:50:39 | ක‍්‍රිස්ටෝපර් සීපියන්

රැකියාවක නියුතු තරුණියකි. දිනක් ඇය යෙහෙළියක් සමග ඔරලෝසු සාප්පුවකට ගොඩවූයේ ළඟ එන තම උපන් දිනය වෙනුවෙන් අත්ඔරලෝසුවක් මිලදී ගන්නා අදහසිනි. ඔවුන් විවිධ මාදිලියේ ඔරලෝසු පරීක්ෂා කරන අතරේ ඔවුනගේ හිත ඇඳී ගියේ රුපියල් තුන්දහසක් වටිනා අත්ඔරලෝසුවකටය. පසුව මිලදී ගන්නා අදහසින් ඔවුහු සාප්පුවෙන් පිටවූහ.

උපන් දිනයදා වටිනා කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක්ද රැුගෙන තරුණිය තම කාර්යාලයට පැමිණ කාර්යය මණ්ඩලයට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වූවාය. සැවොම තළු මරමින් කේක් රස බැලූහ. ”හැමදාම ‘‘බර්ත් ඬේස්” තියනවා නම් කොච්චර හොඳද” නිලධාරියෙක් පැවසුවේ තවත් කේක් කෑල්ලක රස බලමිනි. සේවය නිමා වී තරුණිය ඔරලෝසු සාප්පුවට ගොස් පෙර කී අත් ඔරලෝසුව මිලදී ගෙන පාර්සල් කරවා ගත්තාය. නිවෙසට පැමිණි විට ඇයගේ සොහොයුරා, ”අක්කේ ඔෆිස් එකෙන් ඔයාගේ බර්ත් ඬේ එකට මොනාද ලැබුණේ” යනුවෙන් විමසීය. ඇය තමා මිලදී ගත් කුඩා පාර්සලය ඔහු අත තැබුවාය. සොහොයුරා පාර්සලය විවෘත කළ විට දක්නට ලැබුණේ අලංකාර අත්ඔරලෝසුවකි. ”අක්කාගේ ස්ටාෆ් එකේ අය කොච්චර හොඳද” සොහොයුරා පැවසීය. ඇය නිහඬව සිනාසුනාය.

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
22 Jan 2015 11:34 PM
Posted By kingD on 22 Jan 2015 08:57 PM

අනේ පවු .....

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
22 Jan 2015 11:52 PM

b'day valata office vala aya cake kevata ithin thagi denne nane a nisa mehemath hondai

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
23 Jan 2015 12:12 AM
Posted By ham123 on 22 Jan 2015 11:52 PM

office wela aya echerama narakada?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
23 Jan 2015 12:42 AM

sahathika atta

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
23 Jan 2015 01:55 AM

office ekedi apith thegi denne nee thama...

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
23 Jan 2015 05:11 PM

2015-01-23 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.4300 , විකුණුම් මිල රු.134.2500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.6900 , විකුණුම් මිල රු.202.3100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.4600 , විකුණුම් මිල රු.153.3500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.0500 , විකුණුම් මිල රු.155.5800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.105.5900 , විකුණුම් මිල රු.109.0800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.4600 , විකුණුම් මිල රු.108.6200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.97.7300 , විකුණුම් මිල රු.100.9000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1056 , විකුණුම් මිල රු.1.1398 |

බසයේ මගීහු කිරි නා ගනිති

(තිහගොඩ - උපසේන ලියනගම)
හම්බන්තොට සිට ගාල්ල දක්වා දිවෙන බස් රථයකි. දින ගණනාවක රජයේ නිවාඩුවෙන් පසු ආ කාර්යාල දිනයක් වූ නිසා බස් රථයේ මගීන් අතුරු සිදුරු නැතිව පිරී පැවතුණි.

තංගල්ල බස් නැවතුමෙන් මගියකු බසයට ගොඩ නැගුණේ ගමන් බෑග් කීපයක් සමඟ කිරි හට්ටියක්ද රැගෙනය. ඔහු බසයේ වූ බඩු රාක්කවල තිබූ බෑග් පාර්සල් අතර තම බෑග් කීපයකද ඔබා අනතුරුව එහි උඩින් කිරි හට්ටියද තැබුවේය.

එහෙත් වැඩි වේලාවක් කිරිහට්ටිය එලෙස තිබුණේ නැත. මාර්ගයේ වංගුවකදී කිරි හට්ටිය ලිස්සා ගොස් ආසන ඇන්දක වැදී පෙරළී ගියේ අසල වාඩිවී සිටි මගීන්ගේ හිස් සහ ඇඳුම් කිරිවලින් නාවමිනි. මේ කලබලය ඔස්සේ කිරිහට්ටි හිමියා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගිය අතර කිරිවලින් නෑවුණු පිරිස කෝපයෙන් හැසිරෙද්දී තවත් මගීන් පිරිසක් සිනාසුනේ අහක බලාගෙනලූ.

0
You are not authorized to post a reply.
Page 2 of 14 << < 12345 > >>