You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 14 << < 1011121314
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Jun 2015 10:08 PM
නවරත්න නිස හොඳයි. බැරිවෙලවත් මෛත්‍රී වගේ නමක් තිබුණා නම් මම මොකටද අනුන්ගේ 8 ගහන්නේ ඔන්න මම my  3 ගැහුවා කියයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jun 2015 10:21 PM

මහ රෑ නිවෙස්වලට රිංගා කතුන්ගේ ලස්සන බැලූ කළු කුමාරයා පොලිස් කූඩුවේ

(අක්මීමණ - අමිල මධුශංඛ)

රාත‍්‍රි කාලයේ නිවාසවලට ඇතුළුවී කාන්තාවන් නිදා සිටින අයුරු නරඹමින් ඔවුන්ගේ සිරුරු අතපත ගෑ තරුණයෙක් හිනිඳුම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

පසුගියදා (13) අලූයම් කාලයේ මෙම පුද්ගලයා තලංගල්ල ප‍්‍රදේශයේ නිවාස පහකට පමණ මෙලෙස ඇතුළුවී ඇති අතර අලූයම කොට කලිසමක් හා කළු කමිසයකින් සැරැුසී ප‍්‍රදේශයෙන් පලායෑමට තැත් කරද්දී ගම්වාසීන් අල්ලා හිනිඳුම පොලීසියට භාරදී ඇත.

 

අත්අඩංගුවට පත් මෙම තරුණයා වයස අවුරුදු විසිතුනක පමණ පුද්ගලයකු වන අතර ඔහු දෙල්ලව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම පුද්ගලයා පොලොන්නරුවේ සිට බසයකින් පැමිණ දෙල්ලව පිහිටි සිය නිවෙසට යෑමට බස් රථයක් නොමැතිකමින් තලංගල්ල ප‍්‍රදේශයේ සිට ඇති අතර පසුව මධ්‍යම රාත‍්‍රියේ මෙලෙස නිවාස තුළට රිංගා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇති අතර හිනිඳුම පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jun 2015 10:24 PM

2015-06-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.4600 , විකුණුම් මිල රු.135.6300 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.206.4900 , විකුණුම් මිල රු.212.9200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.1900 , විකුණුම් මිල රු.153.4900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.141.3200 , විකුණුම් මිල රු.146.6500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.107.0400 , විකුණුම් මිල රු.111.1000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.101.4700 , විකුණුම් මිල රු.105.7700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.1400 , විකුණුම් මිල රු.101.5800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0684 , විකුණුම් මිල රු.1.1059 |

කාපට් වෙළෙන්දා කාපට් අස්සේ ඉබ්බකුත් හංගාගෙන ගිහින්

(මොරගොල්ලාගම - සිසිර නන්දන කැලේගම)
උඩින් ගිය  ඉබ්බකු දැක එයට පිරිසක් හූ හඬ නගද්දී ඉබ්බා පොල්පිතිගම නගරය මැදට ඇද වැටීමේ පුවතක් එම ප‍්‍රදේශයෙන් අපට අසන්නට ලැබිණි.
කොක්කු ජෝඩුවක් ගුවනින් ඉබ්බකු රැගෙන ගිය කතාව අපි අසා ඇත්තෙමු. එම ඉබ්බා බිමට වැටුණේ ඉබ්බාගේම වරදිනි. එහෙත් මෙම ඉබ්බාගේ වාසනාවකට මෙන් ඌ බිමට වැටී ඇත්තේ රැුගෙන ගිය කොකාගේ වරදකිනි.


එදින සවස් යාමය අධික වර්ෂාව පැවති මොහොතකි. වැස්ස නිසා මග දෙපස වෙළෙඳසල් අවට ද විශාල පිරිසක් රැඳී සිටියහ.


මේ අතර වැස්සේ තෙමි තෙමී මාවත ඔස්සේ පැමිණි යතුරුපැදියකි. ඔහු කාපට් වෙළෙඳාම් කොට ආපසු තම නිවෙස කරා යමින් සිටියේය. යතුරුපැදියේ පිටුපස කාපට් රඳවා තිබිණි. එහි සඟවා සිටි ඉබ්බකු කෙසේ හෝ එළියට විත් කාපට් මත එහෙ මෙහෙ අපහසුවෙන් සැරිසරනා අයුරු රැස්ව සිටි පිරිසකගේ නෙත ගැටුණි.


හූ..... හූ..... අන්න ඉබ්බෙක් උඩින් යනවෝ..... රැස්ව සිටි පිරිස අතරින් කිහිපදෙනෙක් ඔච්චමට මෙන් කෑගැසූහ.


ලැබෙනා අපවාදයට වඩා ඉබ්බකු අතැතිව නීතියට කොටු වුවහොත් ඉන් හිමිවන දඬුවමේ බරපතළකම දත් ඔහු ඔවුන් අතරින් මිදී පලා යාමට මෙන් යතුරුපැදියේ වේගය වැඩි කළේය.


ඔහුට යාමට හැකි වූයේ ටික දුරකි. ඉබ්බා මහ මගට ඇද වැටුණි. වැස්ස නිසා ගලා යන දිය පහර ඔස්සේ ඌ යාබඳ වැවකට ඇදී ගියේය. යතුරුපැදිකරුවා පලා ගියේය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jun 2015 10:26 PM

පොලිසියට බයේ යතුරුපැදියත් පෙරළාගෙන

(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කරමින් සිටි අයකු අතුරු මාවතක වාහන පරීක්‍ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් දැක බිය වී දඩ කොලයක වියදමට වඩා වැඩි හානියක් කරගත් පුවතක් පසුගියදා නයිනමඩම ප‍්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය.
බොහෝ යතුරුපැදිකරුවන් ආරක්‍ෂිත හිස්වැසුම් භාවිත කරන්නේ පොලිසියට බියේ මිස තමන්ගේ ආරක්‍ෂාවට නොවන බව සනාථ කරමින් නයිනමඩම ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක නිවෙස් හිමි අයෙකු කිසිදු ආරක්‍ෂිත හිස් වැස්මක් නොමැතිව තම පුංචි පුතාත් ඉදිරියෙන් තබාගෙන ප‍්‍රධාන මාර්ගයට යතුරුපැදියෙන් ගොස් ඇත්තේ නිවෙසට පැමිණි යහළුවා බස් රථයට නැග්ගවීමටය.


ප‍්‍රධාන මාර්ගයේ ආපසු එනවිට නිවාඩු දවසක් නිසාම පොලිස් නිලධාරීන් මාර්ගයේ නොසිටිනු ඇති බවට සැකයක් නොතිබුණ නිසා ටිකක් වේගයෙන් යතුරුපැදිය පදවපු පැදිකරු මීටර් 150ක් පමණ ඈතින් සිටි පොලිස් නිලධාරින් දැක බියෙන් කළබල වී තිරිංග තද කිරීම නිසා යතුරුපැදියත් සමඟ පෙරළී යතුරුපැදියට මෙන්ම එම පුද්ගලයාටත් පුංචි පුතාටත් තුවාල සිදුවී ඇත.


මේ කිසිවක් නොදැකපු පොලිස් නිලධාරීන් ඉදිරි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර අසල්වාසීන්ගේ සහයෙන් නැගිටගෙන ප‍්‍රතිකාර ගෙන යතුරුපැදිය දෙස බලද්දී හිතුණේ රුපියල් පන්සීයක් දී දඩ කොළයක් ගත්තා නම් මීට වඩා හොඳ බවය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
02 Jul 2015 07:46 PM

පොළෙන් පලා මිටියක් අරන් ඒ.ටී.එම්. කාඞ්පතින් ගෙවන්න හදලා

මහමගදී සොර සතුරන්ගෙන් මුදල් පරෙස්සම් කරගන්න හිතාගෙන ස්වයංක‍්‍රීය මුදල් ගෙවන කාඞ්පත නිතරම ළඟ තබාගෙන සිටි මහත්මයකු හදිසියේ සතිපොළේ පලා වෙළෙන්දියකගෙන් පළා අරන් මුදල් ගෙවන්න කාඞ් පත වෙළෙන්දියකට දී සිදුවූ අපූරු පුවතක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.


පසුගිය කාලයේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ නිතරම මහමගදී යතුරුපැදිකරුවන්ගේ මංකොල්ලකෑම් නිසා වැඩි පරෙස්සමට මහමග ගමන් කරනවිට වුවමනාවක් වුණොත් මුදල් ගැනීමට හා ගෙවීමට ස්වයංක‍්‍රීය මුදල් ගෙවන කාඞ්පතක් ළඟ තබාගත් මහත්මයෙක් රාජකාරි කටයුත්තකට නගරයට පැමිණ ඇත.


මේ අතරතුර තම බිරිය දුරකතන ඇමැතුමක් දී පවසා ඇත්තේ එදින සතිපොළ පැවැත්වෙන නිසා එහි ගොස් පලාවර්ග කීපයක්ද රැගෙන එන ලෙසයි.


තම පසුම්බියේ මුදල් නොමැති බව අමතක වූ මහත්මයා පොළට ගොස් වුවමනා පළාවර්ග ගෙන මුදල් ගෙවීමට සූදානම් වීමේදී මුදල් නොමැති බව මතක් විය. එය වෙළෙන්දියට පැවසීමට ලැජ්ජාවක් බැවින් ස්වයංක‍්‍රීය මුදල් ගෙවන කාඞ්පත දික් කළාලූ.


මේ සිදුවීමෙන් තුෂ්ණිම්බූත වුන වෙළෙන්දිය වුන දේ ගැන හිතාගන්න බැරුව අවට සිිටි හිතවත් වෙළෙන්ඳන්ට සිදුවන දේ උස් හඬින් පවසද්දී එම ස්ථානයෙන් යමින් සිටි ඉහත මහත්මයාගේ හිතවතෙක් ඉදිරිපත් වී භාණ්ඩවලට මුදල් ගෙවා ස්ථානයට උචිත පරිදි හැසිරෙන්න කියා අවවාදයක් දී අර මහත්මයාව ගෙදර පිටත් කළාලූ.

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
02 Jul 2015 07:59 PM
ඉස්සරහට ක්‍රෙඩිට් කාර්ඩ් මැෂින් එහෙම සෙට් කරගෙන පොලේ වෙළෙන්දෝ ඉන්නත් බැරි නැහැ හැබැයි. ඒවා නැත්තේ දැනට පොලේ වෙළෙන්දෝ ලග විතරයි නේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 04:46 AM
Posted By samantha on 07 Jan 2015 12:34 AM

2015-01-07 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.9500 , විකුණුම් මිල රු.133.7600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.197.6300 , විකුණුම් මිල රු.203.2800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.6100 , විකුණුම් මිල රු.159.7000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.128.6300 , විකුණුම් මිල රු.133.2400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.1200 , විකුණුම් මිල රු.113.8000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.7300 , විකුණුම් මිල රු.108.8900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.97.4800 , විකුණුම් මිල රු.100.6400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0949 , විකුණුම් මිල රු.1.1307 |

ග‍්‍රාමසේවා සහතිකය ගන්න අරක්කු වෙනුවට පොල්තෙල්

 

(බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)
ග‍්‍රාමනිලධාරී සහතිකයක් ගැනීමට ගිය තරුණයකුට එම සහතිකය ගැනීමට නොහැකි වූ විට තමන්ගේ හිතවත් මිතුරකු ඔහුට කියා දුන් උපක‍්‍රමය අනුව නැවත ග‍්‍රාම නිලධාරි වෙත ගොස් එම සහතික ගත් පුවතක් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවේ.

 

සිද්ධිය සැකවින් මෙසේය.

මෙම තරුණයාට රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට ග‍්‍රාම නිලධාරි සහතිකයක් අවශ්‍ය විය. හෙතෙම තමන් පදිංචි බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි මහතා වෙත ගොස් තමන්ට අවශ්‍ය කාරණාව පවසා ග‍්‍රාම නිලධාරි සහතිකයක් ඉල්ලා සිටියේය

 

එවිට ග‍්‍රාම නිලධාරිවරයා කියා සිටියේ ඔබගේ පදිංචිය නිසි ලෙස තවම ලියාපදිංචිවී නොමැති නිසා සහතිකයක් දිය නොහැකි බවය. මෙම තරුණයා අදාළ ගමේ පදිංචියට පිට ගමකින් පදිංචියට පැමිණි අයකුවීම එයට හේතුවිය. තම අවශ්‍යතාව ඉටුනොවූ බැවින් තරුණයා සිත්තැවුලෙන් ග‍්‍රාම නිලධාරි කාර්යාලයෙන් පිටව ගියේය.

සවස්යාමයේ තමන්ගේ හිතවත් මිතුරකු මෙම තරුණයාට මුණගැසුණි. මිතුරාට තමන්ගේ අවශ්‍යතාව ඔහු පැවසීය. එවිට මිතුරා ”ආ  ඕක සුළු දෙයක්නේ මචං. මම කියන විදිහට වැඬේ කරලා බලපන්” යැයි පැවසීය. පසුදින උදාවිය. තමන්ගේ මිතුරා කියූ ආකාරයට තරුණයා ලෑස්තිවී ග‍්‍රාම නිලධාරිවරයා මුණගැසීමට ගියේය. මෙම ග‍්‍රාම නිලධාරි ටිකක් මධුවිතට බර පුද්ගලයෙකි.

තරුණයා මත්පැන් බෝතලයක් ලෙස පිටතට පෙනෙන ආකාරයට පොල්තෙල් බෝතලයක් කවරයකට දමාගෙන ග‍්‍රාමසේවක කාර්යාලයට ගොඩවිය. තරුණයා දුටු ග‍්‍රාමසේවක මහතා ”අදත් මොකද මේ පැත්තේ” යැයි විමසීය. ග‍්‍රාම නිලධාරිවරයා තරුණයාගේ අතේ ඇති බෝතලය ද දුටුවේය. ”මහත්තයා අර සහතිකේ ගන්න පුළුවන්ද බලන්න තමයි අදත් ආවේ” යැයි පිළිතුරු දුන්නේය. ”මල්ලි වාඩිවෙන්න  ඕවා මොකට ගෙනාවද මන්දා” යැයි පවසමින් ග‍්‍රාමසේවක සහතික පොත අතට ගත්තේ අර තරුණයාට සහතිකයක් දීමටය. සහතිකය ලියා අවසන් කළ හෙතෙම තරුණයාට ග‍්‍රාම නිලධාරි සහතිකය දුන්නේය. තරුණයා ”ස්තුතියි මහත්තයා ගිහින් එන්නම් එහෙනම්. මම මේ කඬේට පොල්තෙල් ගේන්න යන ගමන් ආවේ” යැයි කීය.

ග‍්‍රාමසේවක මහතා උඩබිම බැලූවේ කුමක්ද සිදුවුණේ යන්න හිතා ගන්නටත් බැරුවය. ඔහු හිතුවේ තරුණයා රැුගෙන ආවේ මත්පැන් බෝතලයක් වෙන්නට ඇතැයි සිතාය. මිතුරා කියා දුන් පරිදි මත්පැන් බෝතලයක් ලෙස හුවා දක්වමින් පොල්තෙල් බෝතලයක් රැුගෙන ගොස් ග‍්‍රාමනිලධාරි සහතිකය පහසුවෙන් හෙතෙම ගත්තාලූ.

 


අයියෝ මම හිතුවේ  පොල් තෙල් බෝතලෙවත් දීලා යන්න ඇති කියලා ..

හා හා හාහ් .

පව් වැඩේ  
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 04:50 AM
Posted By samantha on 17 Jun 2015 10:26 PM

පොලිසියට බයේ යතුරුපැදියත් පෙරළාගෙන

(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කරමින් සිටි අයකු අතුරු මාවතක වාහන පරීක්‍ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් දැක බිය වී දඩ කොලයක වියදමට වඩා වැඩි හානියක් කරගත් පුවතක් පසුගියදා නයිනමඩම ප‍්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය.
බොහෝ යතුරුපැදිකරුවන් ආරක්‍ෂිත හිස්වැසුම් භාවිත කරන්නේ පොලිසියට බියේ මිස තමන්ගේ ආරක්‍ෂාවට නොවන බව සනාථ කරමින් නයිනමඩම ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක නිවෙස් හිමි අයෙකු කිසිදු ආරක්‍ෂිත හිස් වැස්මක් නොමැතිව තම පුංචි පුතාත් ඉදිරියෙන් තබාගෙන ප‍්‍රධාන මාර්ගයට යතුරුපැදියෙන් ගොස් ඇත්තේ නිවෙසට පැමිණි යහළුවා බස් රථයට නැග්ගවීමටය.


ප‍්‍රධාන මාර්ගයේ ආපසු එනවිට නිවාඩු දවසක් නිසාම පොලිස් නිලධාරීන් මාර්ගයේ නොසිටිනු ඇති බවට සැකයක් නොතිබුණ නිසා ටිකක් වේගයෙන් යතුරුපැදිය පදවපු පැදිකරු මීටර් 150ක් පමණ ඈතින් සිටි පොලිස් නිලධාරින් දැක බියෙන් කළබල වී තිරිංග තද කිරීම නිසා යතුරුපැදියත් සමඟ පෙරළී යතුරුපැදියට මෙන්ම එම පුද්ගලයාටත් පුංචි පුතාටත් තුවාල සිදුවී ඇත.


මේ කිසිවක් නොදැකපු පොලිස් නිලධාරීන් ඉදිරි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර අසල්වාසීන්ගේ සහයෙන් නැගිටගෙන ප‍්‍රතිකාර ගෙන යතුරුපැදිය දෙස බලද්දී හිතුණේ රුපියල් පන්සීයක් දී දඩ කොළයක් ගත්තා නම් මීට වඩා හොඳ බවය.

  අපොයි මෝඩ මිනිස්සු

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Sep 2016 09:55 AM
මරු කතා ටික.
0
You are not authorized to post a reply.
Page 14 of 14 << < 1011121314