Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Jan 2019 07:35 PM by Udari කරවිල ඔසුවක් ලෙස 681 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 33 of 35 << < 3132333435 > >> Author Messages samanthaMost Senior MemberPosts:13194 04 Nov 2018 05:34 AM ඕනැම එකක පමණට වඩා හොඳ නැහැ. 0 UdariSuper Senior MemberPosts:5555 05 Nov 2018 01:30 AM ලුණු අඩුවෙන් කෑම රස නෑනි 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Nov 2018 07:04 AM කොයිකත් ගානට කියන්නේ ඒකනෙ 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2018 07:32 AM 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2018 01:06 PM උදරයේ තරම දැන ආහාර පාන ගන්න ලිව්වේ චම්පිකා දීපානි රණසිංහ ඉදිරියට එන්නේ උත්සව සමයයි. ප්‍රිය සාදවලට ආරාධනා වැඩි කාලයක වැඩිදෙනෙක් හිතවත්කමටත් වඩා ලැබෙන ආරාධනාවලට සහභාගී වන්නේ කෑමට ඇති කෑදරකම නිසයි. මාංසමය ආමාශය නම් විශාල මල්ලට හිතේ ඇති තරමට කෑම බීම පුරවා ගැනීමට කැමැති වුවත් සැබැවින්ම ඊට දරාගත හැක්කේ ලීටර් 1.5 ක ධාරිතාවක්. අපේ ජීර්ණ ක්‍රියාවලියේ වෙනස ආමාශයෙන් ස්‍රාවය වන ආමාශයික යුෂ අසමතුලිත වීමට බලපානවා. පමණට වඩා ආමාශයික යුෂ ස්‍රාවය වූ විට ආමාශ ආස්තරණ ප්‍රදාහයට පත් වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය ආමාශයික යුෂ ස්‍රාවය කරන ග්‍රන්ථි ක්‍රියා විරහිතවීමයි. පමණට වඩා ආමාශයික යුෂ නිපදවීම නුසුදුසු සේම පමණට වඩා අඩුවෙන් නිපදවීම ද රෝගී තත්ත්වයන්ට මඟ පාදනවා. එවිට සැල්මොනෙල්ලා, සිගෙල්ලෝසිස් වැනි බැක්ටීරියා ආසාදනවලට ගොදුරුවීමේ ඉඩ වැඩියි. ඩයරියා වැනි තත්ත්වයන්ට මේ බැක්ටීරියා මඟ පාදයි. උදරයෙන් පමණට වඩා ගැස්ට්‍රින් නම් හෝර්මෝන නිපදවෙන විට ආමාශ තුවාල, ආමාශ දාහය, ඩයරියා, මලවල ජීර්ණය නොවූ මේදය තිබීම වැනි තත්ත්ව ඇතිවන්න පුළුවන්. ඒ වගේම ආමාශයේ ගැටිති හට ගැනීමටත් මේ තත්ත්වය හේතු වෙනවා. ප්‍රෝටින් අධික ආහාර මඟින් ගැස්ට්‍රින් ස්‍රාවය වීම උත්තේජනය වෙනවා. ගැස්ට්‍රින් අඩුවෙන් නිපදවීමත් අහිතකරයි. අධික මේද සහිත ආහාර ගැනීම හෝ අධික අම්ලය පමණට වඩා අඩුවෙන් ගැස්ට්‍රින් නිිපදවීමට හේතුවක්. එවිට උදරයේ මාංසපේශීවල සංවේදීතාව අඩු වෙනවා. ඒ වාගේම ආහාර ආමාශයේ රැඳෙන කාලය වැඩි වෙනවා. ආමාශ තුවාල මැදිවියේ අවසන් භාගයේ ස්වාභාවිකවම ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. ආමාශ පිළිකා ලෝක ජනගහනයේ සුවසෙතට තර්ජනයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ජනගහන ලක්ෂයකට පස් දෙනකු පමණ ආමාශ පිළිකාවෙන් මිය යනවා. වයස අවුරුදු 55 ඉක්ම වූ අයට ඒ අවදානම වැඩියි. උදර පිළිකා අවදානමට අපේ ආහර රටාව ප්‍රබලව බලපානවා. ඔබ රස කර කර කෑමට ගන්නා අච්චාරු, දුම් ගැසූ, බාබෙක්‍යු කළ, ලුණු යෙදූ ආහාර උදර පිළිකා අවදානම වැඩි කරනවා. ඒ ඒවායේ අඩංගු නයිට්‍රයිට්ස් උදර පිළිකා ඇති කරන රසායනයක් නිසයි. හැම්, බේකන්, සලාම්, හොට් ඩෝග්ස්, සොසේජස් වැනි ජනප්‍රිය ආහාර රැසක්ම නයිට්‍රයිට්ස්වලින් පොහොසත්. හෙලිකොබැක්ටර් පයිලෝරිවලට උදර තුවාල සමඟ සබඳතාවක් තිබෙනවා. මෙය ද යම් තරමකට බලපානවා. උදර ශ්ලේෂ්මලවල දිගින් දිගට ප්‍රදාහයට පත් වී ආමාශයික සෛල ඒ නිසා අහිමි වී ඒ තැන තන්තු පටක විසින් අත්පත් කර ගැනීම නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයේදී සහ රක්ත හීනතාවේදී ආමාශයෙන් නිපදවෙන්නේ අඩු ආමාශ අම්ල ප්‍රමාණයක්. මෙවිට බැක්ටීරියා අධිකව වර්ධනය වන අතර එමඟින් නයිට්‍රයිට් රසායන නිකුත් කරනු ලබනවා. නයිට්‍රයිට් පිළිකා කාරකයි. ආමාශයික තුවාල සඳහා කරන ලද සැත්කමක් ද ඇතැම් විට මෙවැනි තත්ත්වයකට මඟ පාදන්න පුළුවන්. දුම් පානය, මත්පැන් පානය ද උදර පිළිකාව සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. * ආමාශ පිළිකාවේ ලකුණු * අජීර්ණය * උදරයේ අම්ල වැඩිවිම සහ උගුරට උදර අම්ලය ඒම * කුඩා ආහාර ප්‍රමාණයක් ගත්ත ද උදරය පිරී ඇති බවක් දැනීම. එනිසා බර අඩුවීම * වමනය * ගිලීමට අපහසුව සහ වේදනාව * රක්තහීනතාව සහ මලවල රුධිර තිබීම * සිරුරේ ගැඹුරු රුධිර නාලවල කැටි හට ගැනිම. විශේෂයෙන්ම පාදවල පහළ හෝ කලවේ නහරවල රුධිර කැටි ඇතිවීම උදර පෝෂණය වැදගත් නමුත් කුසගින්න නිවා ගැනීම අතින් මුවට දමා ගන්න දේ ගැන අප විමසිලිමත් විය යුතුයි. චුවින්ගම් වැනි අප නොසිතන ආහාර උදරයට අහිතකර වෙනවා. චුවින්ගම් සපන විට වාතය අපේ සිරුරට ඇතුළු වෙනවා. ඒවාගේම සීනි රහිත චුවින්ගම්වල ඇත්තේ කෘත්‍රිම සීනි. ඒවා දිරවීමට සිරුරට හැකියාවක් නෑ. ඒවා ජීර්ණයට මැදිහත් වන්නේ උදර ආන්ත්‍රික බැක්ටීරියාවන්. උන්ගේ ක්‍රියාකාරිත්වයේදී වැඩිපුර වාතය නිපදවෙනවා. පිටි සහිත ආහාර වගේම අඹ, පෙයාර්ස්, කොමඩු, පීච්, චෙරීස් වැනි පලතුරු ද ඇතැම් අයට උදරයේ වාතය නිපදවීමට හේතු වෙනවා. කෙසෙල්, ග්‍රේප්ෆෘට් බඳු පලතුරු මේ අයට ගුණදායකයි. නිතර නිතර වාතය පිට වෙන්නේ නම් (ආගුඩුස් යන්නේ නම්) නිතර කුඩා ආහාර වේල් ගැනීම නුවණට හුරුයි. රාත්‍රී ආහාරය නින්දට මිනිත්තු 90 කටවත් පෙර ලබාගන්න. ප්‍රෝබයොටික් අපේ උදරයේ නිරෝගීභාවය වර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක් බව වෛද්‍යවරුන් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ගත යුතු හොඳම ආහාරය ලෙස නිර්දේශ කර ඇත්තේ යෝගට්. ආහාරපාන ගැනීමේදී දියවන තන්තු වගේම දිය නොවන තන්තු අඩංගු ආහාර ද අප කෑමට එක්කර ගන්න මතක තබා ගත යුතුයි. දිය නොවන තන්තු මලවල දැඩි බව පවත්වා ගැනිමට ආධාර වෙනවා. දියවන තන්තු මලවල දියර ගතිය අඩු කරනවා. පූර්ණ පොත්ත සහිත ධාන්‍ය, එළවළු, දිය නොවන තන්තුයි. දියවන තන්තු ඕට්, ඇට වර්ග, ධාන්‍යවල අඩංගුව තිබෙනවා. මේදය අධික ආහාර ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමී කරනවා එලෙසම මලබද්ධයටත් එයින් මඟ පෑදෙනවා. යම් තරමකට ආහාර වේලේ මේදය අඩංගු විය යුතු නමුත් වැඩිපුර ගැනීම සුදුසු නෑ. ඒ වගේම මේදය ආහාර ගනිද්දී තන්තු අධික ආහාර ගන්න. එය ජීර්ණ ක්‍රියාවලියට පහසුවක්. දවස පුරාම ජලය බිඳක් තොල ගෑම වැදගත් වන්නේ එය ජීර්ණ පද්ධතිය නිරෝගීව තබන්න අත්‍යවශ්‍ය නිසයි. ආතතියත් අපේ ජීර්ණ ක්‍රියාවලියට බාධාවක්. රීඩර්ස් ඩයිජස්ට් ඇසුරිනි 0 UdariSuper Senior MemberPosts:5555 05 Nov 2018 01:25 PM ඕකනේ අලේ....තාම තරම දම්නෙ නෑනි 0 sha733Super Senior MemberPosts:7332 05 Nov 2018 05:06 PM උදරය අපි ගන්න කෑම ප්‍රමාණය ගැන දැනගත්තොත් මොකද 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2018 07:59 PM පළමු පැපොල බිබිල ඇතිවූ සැනින් එන්නත ලබා ගැනීමෙන් සහනයක් ලැබේවි නාගත්තාට පසුව ශරීරය පිස දැමුවද අතරින් පතර වතුර බිංදුවක් දෙකක් පිස දැමී නැතිව ඇගේ රැඳී තිබෙන අවස්ථා ඔබ දැක ඇති. ඒ ආකාරගත් වතුර බිබිලක් දෙකක් පපුවෙන් හෝ අතේ ඉහළින් මතුවී උණ ඇඟපත වේදනාව සමග පවතී නම් ඔබේ සැකය බොහෝ දුරට නිවැරදිය. එදා පටන් අපි මෙම රෝගය හඳුන්වන්නේ පැපොල කියාය. මෙම රෝගයට හේතුව විෂබිජයකි. විෂබිජ යනු අපේ ශරීරයේ කොටසක් නොවේ. ඒවා අපේ ශරීරය ආක්‍රමණය කරන සතුරු හමුදාවකි. එහෙත් එම බිෂබිජ අපේ ඇසට නොපෙනෙන තරමේ ඉතා සියුම් ස්වභාවයකින් යුතු වන නිසා හොර රහසේම අපේ ශරීර තුළට රිංගා ගන්නට ඒවා දක්ෂවේ. අද අප කතා කරන පැපොල රෝගයට හේතුවන විෂබිජය වෛරසයකි. පැපොල වෛරසය ශරීරගත වූ රෝගියෙකු කහින හෝ කිවිසන විට පිටවන ලක්ෂ සංඛ්‍යාත කෙළ බිඳිති සමග එම වෛරසය පරිසරයට මුදාහැරීම සිදුවේ. ඔබ කණ්ණාඩියක් ඉදිරිපිට සිට කටින් හුස්ම පිටකළ විටදි කොතරම් නම් කෙළ බිඳිති ප්‍රමාණයක් වීදුරු පෘෂ්ඨය මත තැන්පත් වනවාද ? ඒ ආකාරයේ කෙළ බිඳක ඇති එකම එක වෛරසයක් නිරෝගී අයෙකුගේ ශරීරයට ඇතුළු වන්නේ ආශ්වාස කරන හුස්මත් සමගය. ඉන්පසුව එම වෛරසය ශරීරය පුරාම පැතිරී යාමත් සමග සම මත බිබිලි එක දෙක මතු වන්නට පටන් ගනී. පෙර කී ආකාරයට පළමු බිබිල හෝ දෙක පපුවෙහි හෝ අතේ ඉහළින් හටගෙන වරුවක් පමණ ගතවනවිට බුබුළු එක දෙක වැඩිවන්නට පටන් ගනී. පසුදා වන විටදී මුළු ශරීරය පුරාම පාහේ මෙම බිබිලි පැතිරී පැවැතිය හැකිය. පැපොල රෝගයෙන් බේරෙන අයෙකු නැති තරමට ඕනෑම අයෙකුට තම ජීවිත කාලයේ කෙදිනක හෝ පැපොල වැලඳෙන්නට ඉඩ ඇත. පැපොල වැලඳුන විටදී එය සුව වන්නේ සතියකට පසුවය. තරුණ වියේදී හට ගන්නා පැපොල සුව වීම පිළිබඳව ගැටලුවක් නැත. එහෙත් අවුරුදු හැට හැත්තෑව පසු වූවන්ට පැපොල වැලඳීම සිතනවාට වඩා බරපතල තත්ත්වයට පත්වන අවස්ථා තිබේ. එවැනි අයෙකු උණ, හුස්ම ගැනීමේ අපහසුව සමග නියුමෝනියාව දක්වා අසාධ්‍ය තත්ත්වයට පත්වී මරණයට පත්වන අවස්ථාද නැතිවා නොවේ. එතරම් අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ ජීවිතයේ ඊට පෙරදී කිසිදා පැපොල රෝගයට ගොදුරු නොවූ අයෙකි. ඒ නිසා තරුණ වයසේදී වැලඳෙන පැපොල තමන්ගේ ජීවිතයට වූ යහපතක් කොට සලකා බාර ගැනීමේ වරදක් නැත. ඒ පැපොල වැලඳෙන්නේ ජීවිත කාලයටම එක් වතාවක් පමණක් වන නිසාය. ශරීරයට හුරුපුරුදු වූ පැපොල වෛරසය තවත් වරක් ශරීරය බාර ගන්නේ නැත. නැවත පැපොල වෛරසයක් ශරීරයට ඇතුළු වුවද ප්‍රබල සටනකින් පසුව සෑම විටම ශරීරය ජය ලබන්නේ පැපොල වෛරසය ඉතා හොඳින් ශරීරය හඳුනාගෙන සිටි නිසාය. කිසිදින පැපොල වැලඳුනේ නැති ශරීරයකට ඊට විරුද්ධව එවැනි සටනක් කරන්නට නොහැකි වන්නේ ශරීරය එම වෛරසය නොහඳුනන නිසාය. මේ සියලු කරදරවලින් මිදෙන්නට අවශ්‍ය නම් දැන් ඒ සඳහාද එන්නතක් තිබේ. එහෙත් කුඩා කල ලබාදෙන එන්නත් පන්තියට පැපොල සඳහා වූ එන්නත් ඇතුලත් කර නැත්තේ පැපොල යනු ශරීරයට ප්‍රබල කරදරයක් ඇති කරන රෝගයක් නොවන නිසාය. එහෙත් ඕනෑම අයෙකුට මුදල් ගෙවා එම එන්නත ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන රට පුරාම පවතී. පැපොල පළමු බිබිල මතු වූ වාහම එම එන්නත ලබාගත හැකි නම් යම් පමණක සහනයක් ළඟාකර ගත හැකිය. එම එන්නත මගින් ශරීරයට ඇතුළු කරන්නේද පැපොල වෛරසයටය. එහෙත් එය කෘත්‍රිමව අකර්මණ්‍ය කරන ලද තත්ත්වයක ඇති වෛරසයකි. පැපොල සෑදීමට තරම් ශක්තියක් ඒ වෛරසය සතුව නැත. ශරීරයට එම වෛරසය එන්නතක් ආකාරයට ඇතුළු කළ විට පැපොල වෛරසය යනු කුමක්දැයි ශරීරය හොඳින්ම හඳුනා ගනී. ඉන්පසුව පැපොල වෛරසය සමග සටන් කරන්නට ශරීරය සූදානම් වන්නේ පැපොල එක් වරක් සෑදුණු රෝගියෙකුට නොදවෛනි ආකාරයටය. පැපොල සෑදුණු රෝගියෙකු සම්පූර්ණයෙන් සුවපත් වුවත් වෙනත් රෝග කාරක වෛරස් මෙන් පැපොල වෛරසය ශරීරයෙන් සහමුලින්ම ඉවත්කර දමන්නට කිසිවෙකුට නොහැකිය. එයට හේතුව එම වෛරසය සැඟවී සිටින්නට කිසිවෙකුට ළඟාවිය නොහැකි ඉතාමත්ම රහසිගත ස්ථානයක් තෝරා ගැනීමය. එසේ සැඟවෙන වෛරසය එම පුද්ගලයාට කිසිදු කරදරයක් නොදී ඉතා මිත්‍රශීලීව මුළු ජීවිත කාලය පුරාම සැඟවී ජීවත්වන බව පැවසුවහොත් ඔබ එය පිළිගන්නවාද? එහෙත් යම් හේතුවක් නිසා එලෙස සැඟවී සිටින වෛරසයක් ඒ සැඟවී සිටින රහසිගත තැනින් පිටතට පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද? එතෙක් සැඟවී සිටි තැනින් ඈත් මෑත් වූ වෛරසයට එතැන් සිට මිත්‍රශීලී හැසිරීමක් නැත. පැපොල රෝගය පිළිබඳව ඔබ කොතෙකුත් අසා තිබුණද අංශ පැපොල නම් රෝගී තත්ත්වය පිළිබඳව ඔබ එතරම් අසා නොතිබිය හැකිය. අංශ පැපොල නම් රෝගී තත්ත්වය ඇතිකරවන්නේ ශරීරය තුළ එතෙක් සැඟවී සිට එතැනින් පිටතට පැමිණි පැපොල වෛරසයයි. පැපොල රෝගයට වඩා ඉතා පීඩාකාරී අංශ පැපොල රෝගී තත්ත්වය පිළිබඳව අපි ලබන සතියේ තවදුරටත් සාකච්ඡා කරමු. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා අවධාරණය කරයි උත්පලා සුභාෂිනී ජයසේකර 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2018 08:01 PM පිළිකා රෝගීන්ගේ ආත්ම විශ්වාසය දියුණු කරමු කලකට ඉහත අපට පිළකා රෝගියෙකු ගැන අසන්නට ලැබුණේ ඉතාම කලාතුරකිනි. නමුත් දැන් දැන් පිළිකාව යනු ඉතාම සුලභ රෝගී තත්ත්වයක් බවට පත්ව තිබෙන්නේ ඉතාම අවාසනාවන්ත ආකාරයටය. මේ නිසාම පිළිකාවක් වැලඳුණු කෙනෙකු සමග කටයුතු කරන ආකාරය ගැන දැනුවත්ව සිටීම කොයි කාටත් ප්‍රයෝජනවත් විය හැකිය. මන්ද සිතින් , ගතින් රෝගී වන එවන් කෙනෙකු රැක බලා ගැනීම නිවැරැදි ආකාරයට කළ යුත්තක් වන බැවිනි. විශේෂයෙන්ම සමාජය දැනුවත්විය යුතු ප්‍රධානතම කරුණ වන්නේ පිළිකාව යනු බෝ නොවන රෝගයක් බවය. පිළිකා රෝගියකුට සාත්තු සප්පායම් කිරීමට, ළඟින් ඇසුරු කිරීමට කිසිසේත්ම බිය විය යුතු නැත. පිළිකාවකින් ගැලවීමට නිසි ඖෂධ ප්‍රතිකාර සේම කරුණාවන්තව කරන සත්කාරද මොනවට හේතුවෙයි. රෝගියාට සාත්තු කිරීමේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීමටද උත්සුක වන්න. විශේෂයෙන් රෝගියා ශාරීරිකව දැනෙන අධික වේදනාකාරී බවින් සේම සිතට වදදෙන මේ රෝගය හා සම්බන්ධ බියජනක සිතුවිලිවලින් පීඩා විඳින බව සිහියේ තබාගෙන කරුණාවෙන් පිළිසරණ වන්න. රෝගියාට නිතරම ඇහුම්කන් දීම අතිශයින් වැදගත්ය. රෝගියාගේ හැඟීම් බලාපොරොත්තු සිතුවිලි පිළිබඳව සුහඳව කතාබස් කිරීමට වග බලා ගන්න. අසන ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු ලබාදෙන්න. රෝගියා තුළ ජීවිතය පිළිබඳව විශ්වාසය ගොඩනගන්න. ආගමික කටයුතුවල නිරතවීමට අවස්ථාව සලසා දෙන්න. අවශ්‍ය විටෙක උපදේශන සේවා සඳහා යොමු කරන්න. රෝගීවීමට පෙර පවුල තුළ ඔහුට හෝ ඇයට තිබූ තැන අහිමි නොකිරීමට පවුලේ සැමදෙනාම දැනුවත්ව සිටිය යුතුය. රෝගියාට සාත්තු සපයන්නෙකු වේ නම් ඔහු හෝ ඇය විඩාවට පත් නොවන ආකාරයට පවුලේ අයගේද සහය ලබා දෙන්න. කිසියම් වැටුපකට හෝ ඒ ලබාදෙන සේවයට නිසි ඇඟයුමක් ලබා දීමට උත්සුක වී ඒ අය හා සමග හැකිතරම් සුහඳව කටයුතු කරන්න. රෝගියාට පාසල් යන වයසේ දරුවන් සිටී නම් පාසලේ ගුරුවරුන්ට මෙම තත්ත්වය දැනුම් දීම ඒ අයගේ සහය ලබාගැනීමටද හේතුවෙයි. අඹුසැමි සබඳතා රැකගැනීමට උතුස්ක වන්න. මෙවැනි ජීවිතයේ බැරෑරුම් අවස්ථාවකදී සැමියාට බිරිඳකගේ සේම බිරිඳකට සැමියාගේ ආදරය කරුණාව, වෙනදාටත් වඩා අවශ්‍ය වන බව සිහි තබා ගැනීම අතිශයින් වැදගත්ය. එවැනි සබඳතා පවත්වාගෙන යාමට කිසියම් බාධා ගැටලු ඇත්නම් 'අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුවන්න. පවුලේ කෙනෙකු පිළිකාවකට බඳුන්වීම විසල් ආර්ථික ගැටලු මවා දෙන්නක් බව කිව යුතු නැත. අවශ්‍ය විටෙක ඥාති, මිත්‍රයන්ගේ සහය, උදව් උපකාර ලබාගැනීමට පසුබට නොවන්න. එසේම රජයෙන් ලබාදෙන සහනාධාර පිළිබඳව දැනුවත් වන්න. සහන සත්කාර සේවා සපයන ස්වේච්ඡා ආයතනවලින්ද සහය පැතිය හැක. එසේම රෝගියාට කිසියම් ස්වයං රැකියාවක හෝ නිරතවීමේ හැකියාව තිබේනම් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරන්න. එවැනි දෙයක නිරතවීම හරහා රෝගියාගේ ආර්ථික මට්ටම ශක්තිමත් වනවා සේම තමන් ගැන කිසියම් ආත්ම විශ්වාසයක්ද වර්ධනය වේ. පිළිකා රෝගීන්ට ආධාර උපකාර ලබාදීමේ වැඩසටහන් රැසක් තිබේ. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇයැදුම්පත් ලබා ගන්න. අඩුආදායම් ලාභී පවුල්වල රෝගීන් සඳහා වෙන් වූ ආධාර වැඩසටහන්ද ඇත. ඒවා ගැන දැනුවත්ව අදාළ ආධාර මුදල් ලබා ගෙන රෝගියාගේ සුවපහසුව සලසාදීමට කාරුණික වන්න. උපදෙස් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සටහන නිර්මලා කුමාරි සේනාරත්න 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2018 08:03 PM හදිසියේ උළුක්කුවක් ඇති වුණොත් එදිනෙදා ජීවිතයේ අප කිසියම් කාර්යයක නිරත වී සිටියදී පුංචි පුංචි අනතුරු සිදු විය හැකිය. පුංචිම නොවුණත් උළුක්කු තත්ත්වයන් අපට ඇති වෙන්න පුළුවන්. උළුක්කුවකදී සිදු වන්නේ අපේ ශරීරයේ අස්ථි වටා තිබෙන බන්දනී හා බණ්ඩාරා වලින් සෑදී තිබෙන ආවරණය අතුරෙන් බන්ධනී කොටසට හානියක් ඇති වීමයි. මෙහිදී බන්ධනී ඇදීම, ඉරීයාම වැනි ආපදා තත්ත්වයකට පත් විය හැකියි. එහිදී එම සන්ධි ආශ්‍රිතව චලනය කිරීම ඉතාම වේදනාත්මක තත්ත්වයට පත් වෙනවා. මෙහිදී අධික වේදනාවක් සමගම සන්ධි අවට ප්‍රදේශය ඉදිමීමද සිදු විය හැකිය. මෙලෙස අප ශරීරයේ උළුක්කුවට ලක් විය හැකි එක් ස්ථානයක් තමයි දෙඅතේ මැණික්කටුව නම් වූ සන්ධි ප්‍රදේශය. හදිසි ලිස්සීමකදී හෝ වැටීමකදී ඉන් ඇති වන හානිය වළක්වා ගැනීමට අප නොදැනුවත්වම ක්ෂණයකින් අත බිමට තැබිමක් සිදුවිය හැකිය. උළුක්කුවක් ඇති විය හැකි ශරීරයේ තවත් සන්ධියක් තමයි දෙපාවල වළලුකර ප්‍රදේශය. හදිසියේ පයින් ගමන් කිරීමේදී හෝ වාහනයකින් බැසීමකදී මදක් අවදානම් තැනකදී සිදු කරන කෙටි පැනීමකදී හෝ පාදයක වළලුකර ප්‍රදේශය උළුක්කුවට ලක් වීමක් සිදු වෙන්න පුළුවන්. මෙම අවස්ථා දෙකෙහිම මැණික් කටුව හා වළලුකර යන සන්ධිවල බන්ධනී ආපදාවට ලක් වීම උළුක්කුවක් ලෙස හඳුන්වනවා. මෙහිදී මුලින් අවශ්‍ය වන්නේ රෝගියාට ප්‍රථමාධාර ලබා දීමයි. උළුක්කුවකදී නිවසේදී කළ හැකි ප්‍රතිකර්ම උළුක්කුවක් ඇති වූ අවස්ථාවක වෛද්‍යවරයකු වෙත රෝගියා රැගෙන යනතුරු කළ යුතු කළ හැකි ප්‍රතිකාර (ප්‍රථමාධාර) කීපයක් මෙසේයි. * උළුක්කුව ඇති වූ පෙදෙසට අයිස් තැබිම - මෙහිදී උළුක්කුව ඇති වූ සන්ධිය ආශ්‍රිත ප්‍රදේශය විනාඩි 15-20 පමණ අයිස් පැක් එකකින් හොඳින් තැවීම කළ යුතුයි. පැයෙන්පැයට පමණ තුන් හතර වතාවක් මෙම ප්‍රථමාධාරය රෝගියාට ලබා දිය හැකිය. * සන්ධිය බිඳී නැති බවක් හැඟෙයි නම් පතුරක් හෝ පතුරු දෙකක් තබා නොසෙල්වෙන සේ ලිහිල්ව පිරිසිදු රෙදි කඩකින් පීඩාවට ලක් වූ ස්ථානය වෙළා රෝගියා ප්‍රවේශමෙන් වෛද්‍යවරයකු වෙත ගෙන යන්න. වේදනාව අසීමිත නම් වෙළීම හෝ බැන්ඩේජ් කිරීම සිදු නොකරන්න. * උළුක්කුවට ලක් වූ ස්ථානය නොසෙල්වෙන ලෙස කොට්ටයක් වැනි දෙයක් උපකාරි කරගෙන මදක් උස්ව පිහිටුවා විවේකීව තබන්න. * වේදනාව දුරු කිරීම සඳහා පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් පමණක් ලබා දී වෛද්‍යවරයකු වෙත හෝ රෝහලක් වෙත රැගෙන යන්න. රඹුක්කන කීර්ති එස්. කුමාර 0 chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2018 08:06 PM ඇස්වලට බලපාන ගැටලු දෙකක් ඇස් වලින් නිතර කඳුළු ගලනවා නම් ! ඇසිපියවල ආසාදනයන් වලදී දෑසින් නිතරම කඳුළු ගැලීමක් සිදු විය හැකියි. දැඩි සුළඟට මුහුණ දීම, වායු සමනය කළ ස්ථානවල වැඩි කාලයක් රැඳීම, විවිධ රෝගී තත්වයන් හා ඒ සඳහා භාවිතා කරන සමහර ඖෂධ වර්ග, දෑස් බාගෙට පියවී නිදා ගැනීම වැනි තත්වයන් නිසා මෙසේ දෑස්වල කඳුළු අසාමාන්‍ය ලෙස ඇති විය හැකිය. බාහිරින් යමක් ඇසට වැටීමෙන් ද මෙවැනි තත්වයන් ඇති විය හැකියි. මෙවන් විටෙක හැකි ඉක්මනින්ම අක්ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය. නිතරම ඇස් රතු වෙනවාද කබ කඳුළු ගලා හෝ ඇස් කැසීම නිසා ඇස් රතු වීම ද යහපත් නැත. අපිරිසිදු ස්ථානවල ගැවසීමෙන් මෙම ආසාදන තත්වය ඇති වේ. අපිරිසිදු දෑතිින් දෑස් පිස දැමීම ද මීට හේතුවකි. දෑත් අපිරිසිදු වූ හැම විටම දෑත් පිරිසිදු කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යය. මෙහිදී ඇස් කසා ඇස් රතු වී දෑස් පියන් ඉදිමීමට ඉඩ නොදී අක්ෂී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම කළ යුතුමය. රඹුක්කන කීර්ති එස්. කුමාර 0 samanthaMost Senior MemberPosts:13194 06 Nov 2018 06:47 AM Posted By chamaramind on 05 Nov 2018 08:01 PM පිළිකා රෝගීන්ගේ ආත්ම විශ්වාසය දියුණු කරමු කලකට ඉහත අපට පිළකා රෝගියෙකු ගැන අසන්නට ලැබුණේ ඉතාම කලාතුරකිනි. නමුත් දැන් දැන් පිළිකාව යනු ඉතාම සුලභ රෝගී තත්ත්වයක් බවට පත්ව තිබෙන්නේ ඉතාම අවාසනාවන්ත ආකාරයටය. මේ නිසාම පිළිකාවක් වැලඳුණු කෙනෙකු සමග කටයුතු කරන ආකාරය ගැන දැනුවත්ව සිටීම කොයි කාටත් ප්‍රයෝජනවත් විය හැකිය. මන්ද සිතින් , ගතින් රෝගී වන එවන් කෙනෙකු රැක බලා ගැනීම නිවැරැදි ආකාරයට කළ යුත්තක් වන බැවිනි. විශේෂයෙන්ම සමාජය දැනුවත්විය යුතු ප්‍රධානතම කරුණ වන්නේ පිළිකාව යනු බෝ නොවන රෝගයක් බවය. පිළිකා රෝගියකුට සාත්තු සප්පායම් කිරීමට, ළඟින් ඇසුරු කිරීමට කිසිසේත්ම බිය විය යුතු නැත. පිළිකාවකින් ගැලවීමට නිසි ඖෂධ ප්‍රතිකාර සේම කරුණාවන්තව කරන සත්කාරද මොනවට හේතුවෙයි. රෝගියාට සාත්තු කිරීමේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීමටද උත්සුක වන්න. විශේෂයෙන් රෝගියා ශාරීරිකව දැනෙන අධික වේදනාකාරී බවින් සේම සිතට වදදෙන මේ රෝගය හා සම්බන්ධ බියජනක සිතුවිලිවලින් පීඩා විඳින බව සිහියේ තබාගෙන කරුණාවෙන් පිළිසරණ වන්න. රෝගියාට නිතරම ඇහුම්කන් දීම අතිශයින් වැදගත්ය. රෝගියාගේ හැඟීම් බලාපොරොත්තු සිතුවිලි පිළිබඳව සුහඳව කතාබස් කිරීමට වග බලා ගන්න. අසන ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු ලබාදෙන්න. රෝගියා තුළ ජීවිතය පිළිබඳව විශ්වාසය ගොඩනගන්න. ආගමික කටයුතුවල නිරතවීමට අවස්ථාව සලසා දෙන්න. අවශ්‍ය විටෙක උපදේශන සේවා සඳහා යොමු කරන්න. රෝගීවීමට පෙර පවුල තුළ ඔහුට හෝ ඇයට තිබූ තැන අහිමි නොකිරීමට පවුලේ සැමදෙනාම දැනුවත්ව සිටිය යුතුය. රෝගියාට සාත්තු සපයන්නෙකු වේ නම් ඔහු හෝ ඇය විඩාවට පත් නොවන ආකාරයට පවුලේ අයගේද සහය ලබා දෙන්න. කිසියම් වැටුපකට හෝ ඒ ලබාදෙන සේවයට නිසි ඇඟයුමක් ලබා දීමට උත්සුක වී ඒ අය හා සමග හැකිතරම් සුහඳව කටයුතු කරන්න. රෝගියාට පාසල් යන වයසේ දරුවන් සිටී නම් පාසලේ ගුරුවරුන්ට මෙම තත්ත්වය දැනුම් දීම ඒ අයගේ සහය ලබාගැනීමටද හේතුවෙයි. අඹුසැමි සබඳතා රැකගැනීමට උතුස්ක වන්න. මෙවැනි ජීවිතයේ බැරෑරුම් අවස්ථාවකදී සැමියාට බිරිඳකගේ සේම බිරිඳකට සැමියාගේ ආදරය කරුණාව, වෙනදාටත් වඩා අවශ්‍ය වන බව සිහි තබා ගැනීම අතිශයින් වැදගත්ය. එවැනි සබඳතා පවත්වාගෙන යාමට කිසියම් බාධා ගැටලු ඇත්නම් 'අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුවන්න. පවුලේ කෙනෙකු පිළිකාවකට බඳුන්වීම විසල් ආර්ථික ගැටලු මවා දෙන්නක් බව කිව යුතු නැත. අවශ්‍ය විටෙක ඥාති, මිත්‍රයන්ගේ සහය, උදව් උපකාර ලබාගැනීමට පසුබට නොවන්න. එසේම රජයෙන් ලබාදෙන සහනාධාර පිළිබඳව දැනුවත් වන්න. සහන සත්කාර සේවා සපයන ස්වේච්ඡා ආයතනවලින්ද සහය පැතිය හැක. එසේම රෝගියාට කිසියම් ස්වයං රැකියාවක හෝ නිරතවීමේ හැකියාව තිබේනම් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරන්න. එවැනි දෙයක නිරතවීම හරහා රෝගියාගේ ආර්ථික මට්ටම ශක්තිමත් වනවා සේම තමන් ගැන කිසියම් ආත්ම විශ්වාසයක්ද වර්ධනය වේ. පිළිකා රෝගීන්ට ආධාර උපකාර ලබාදීමේ වැඩසටහන් රැසක් තිබේ. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇයැදුම්පත් ලබා ගන්න. අඩුආදායම් ලාභී පවුල්වල රෝගීන් සඳහා වෙන් වූ ආධාර වැඩසටහන්ද ඇත. ඒවා ගැන දැනුවත්ව අදාළ ආධාර මුදල් ලබා ගෙන රෝගියාගේ සුවපහසුව සලසාදීමට කාරුණික වන්න. උපදෙස් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සටහන නිර්මලා කුමාරි සේනාරත්න අපේක්ෂා රෝහලේ මේ වගේ වැඩ සටහන් පවත්වනවා. සමහර හෙදියන් ,වෛද්‍යවරුන් රෝගීන්ගේ ගෙවල් වලට පවා යනවා. ගීත ගායනා කරනවා. සෑම මොහොතකම ඔවුන්ගේ මානසික මට්ටම ඉහල තලයක තියන්න දැඩි උත්සාහයක් ගන්නවා. 0 indika76Most Senior MemberPosts:10457 06 Nov 2018 09:18 AM ඇස් දෙක නම් රැක ගන්නම වෙනවා... පේන්නෙ නැත්නම් වැඩක්ම නෑ... 0 sha733Super Senior MemberPosts:7332 07 Nov 2018 11:38 AM ඇස් පෙනිල ඉදල ඇස් පේන්නෙ නැතුව ගියොත්නම් ඕනෙම නෑ ඒක නිසා ඇස්දෙක ඇස්දෙක වගේම බලාගමු 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2018 03:29 PM 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2018 03:29 PM 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2018 03:30 PM 0 chamaramindMost Senior MemberPosts:13471 07 Nov 2018 03:30 PM 0 UdariSuper Senior MemberPosts:5555 07 Nov 2018 07:34 PM වැදගත් ලිපි ගොඩක් ගෙනත්, ස්තුතියි චාමර අය්ය 0 sha733Super Senior MemberPosts:7332 08 Nov 2018 03:04 PM ගොඩක් වැදගත් තමයි මේ ලිපි ස්තූතියි මල්ලී 0 You are not authorized to post a reply. Page 33 of 35 << < 3132333435 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner