You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 31 of 35 << < 2930313233 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Oct 2018 06:52 AM

දියවැඩියාව ඇසට කරන හානිය

ආකාර්මීකරණය හා නාගරීකරණය නිසා අද දවසේ මිනිස් ජීවන රටාව අතිශයින්ම සංකීර්ණ වී ඇත. ආහාර රටාව මෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් කෙරෙහිද එහි බලපෑම් ඇතිවී තිබේ. මේ නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, පිළිකා ආදී බෝනොවන රෝග සුලභ වී පවතී.

අද මුළු මහත් සමාජයේම පිළිලයක් සේ පැතිරයන ප්‍රමේහ රෝග පිළිබඳව ඉතා පැහැදිලි විවරණයක් මීට අවුරුදු දහස් ගණනකට පෙර පුරාණ පොත්පත්වල සඳහන් වේ.

බෝනොවන රෝග වැළඳුණු පසු සුවකිරීම එතරම් ලේසි පහසු නොවේ. මේ නිසා අප විසින් කළ යුත්තේ රෝගය ඇතිවීමෙන් වැළකීමත්, රෝගය වැළඳී ඇති අයෙක් නම් සංකූලතා ඇතිවිය හැකි උපද්‍රව හැකිතාක් අවම කරගැනීමත්ය.

දියවැඩියා රෝග තත්ත්වයේදී රෝගියාගේ රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය පැවතිය යුතු අගයට වඩා ඉහළ අගයක් ගනී. මෙය දීර්ඝකාලීනව පාලනය නොකළහොත් විවිධ සංකූලතා හටගනී. මෙය ඉතාමත් බරපතළ ලෙස බලපෑම් ඇතිකරයි.

සිරුරේ සෛලවලට ඇතුළු නොවී රුධිරගතව ග්ලූකෝස් පැවතීම නිසා කෙතරම් ආහාර ලබාගත්තද, සෛලවලට අවශ්‍ය තරම් ශක්තිය නිපදවීම සිදුනොවීම මත සිරුරේ බර අඩුවේ. ඉක්මනින් වෙහෙසට පත්වේ. පසුකාලීනව ඇස්, වකුගඩු, හෘදය, ස්නායු ආදී ඉන්ද්‍රියන්ට හානි සිදුවිය හැක.

දියවැඩියාව නිසා ඇතිවන අක්ෂි ආබාධ පිළිබඳව අවධානය යොමුකළහොත් වර්තමානයේ එය diabetic retinopathy ලෙස දක්වයි. දියවැඩියාව වැළඳීමෙන් ශරීරය පුරාම රුධිරයේ යම් යම් බලපෑම් ඇතිවිය හැක. ඇස සම්බන්ධයෙන්ද එසේය. ඇසට රුධිරය ගෙන යන්නේ එක් රුධිරවාහිනියකිනි. එය කේශනාළිකා ලෙස ඇස තුළදී බෙදීයයි. ඇසෙහි රුධිර කේශනාළිකා අවහිර වීමක් සිදුවුවහොත් එය භයානක ඵලවිපාක ඇතිකරවන්නකි.

මෙහිදී සිදුවන්නේ ඇසෙහි සියුම් රුධිර නාළ අවහිරවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇසට ගලන ලේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුවේ. එහිදී ශරීරය යම්කිසි හැඩගැසීමකට ලක්වේ. මෙහිදී සිදුවන්නේ සියුම් විකල්ප රුධිර නාළ අලුතින් නිර්මාණය වීමයි. ඒ හැරුණුවිට ඇසට හානිකර වන්නාවූ රසායනයක් උත්පාදනය වීමද සිදුවේ.

ඇසේ මේ ආකාරයෙන් අලුතින් හටගන්නා රුධිර නාළ ඇසේ පෙනීම වැඩිකිරීමට උදව් වන්නේ නැත. සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන ආකාරයෙන් ‘ඇසේ සිවිය’ හැකිලීමටද ලක්වේ. මෙහිදී ඇසේ සිවියට ලේ ගැලීමක් ඇතිවිය හැකි අතර ඒ ආකාරයට ඇස අභ්‍යන්තරයේ ලේ ගැලීමක් සිදුවුවහොත් එය ඉතා භයානකය. අන්ධභාවයෙන් කෙළවර වීමට ද පුළුවන.

මේ තත්ත්වය ඇතිවීමේ අභියෝගය හමුවේ වැදගත්ම උපදේශය වන්නේ තමන්ගේ දියවැඩියා තත්ත්වය පාලනය කරගැනීමයි. දියවැඩියා රෝගීන් සෑම වසරකටම අවම වශයෙන් එක් වතාවක් හෝ ඇස් පරීක්ෂා කිරීම සිදුකළ යුතුය. එමගින් මෙවැනි බරපතළ සංකූලතා ඇතිවීම වළක්වාගත හැක.

දියවැඩියා රෝගය නිසි ආකාරයෙන් පාලනය කිරීම සිදුනොකළහොත් රෝගියා බරපතළ උපද්‍රවයන්ට ලක්විය හැක. ඇතැමෙක් මේ රෝගය තිබෙන බවට දැනගන්නේ එවන් සංකූලතාවයක් ඇතිවූ විටය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන අරමුණු දෙකකි. එනම් නිරෝගී පුද්ගලයකුගේ නිරෝගී බව ආරක්ෂා කිරීම මෙන්ම රෝගියාගේ රෝගී බව දුරුකිරීමයි. රෝගයක් ඇතිවීමට පෙර ඉන් ආරක්ෂා වීමට පියවර ගැනීම සම්බන්ධ සංකල්පය (prerenition) දැන් වසර ගණනාවකටත් වඩා පැරැණිය.

රෝගයක් ඇතිවීමට පෙර එය පාලනය කිරීමට පියවර ගැනීමට වඩා අප වැඩි අවධානයක් යොමුකළ යුත්තේ රෝගයෙන් වැළකීමටය. සරල ජීවන රටාවක් තුළින් යහපත් පෝෂණ සිරිත් ඇතිකරගැනීම, ව්‍යායාමය හා විවේකය ආදී කරුණු දියවැඩියාව මර්දනයට අතිශයින්ම ඉවහල් වේ. ළමා කාලයේදී ගන්නා වැරදි ආහාර, වැරදි විහරණ නිසා ඇතැමෙක් ළමා කාලයේදී ද, තවත් අය තරැණ හා වැඩිහිටි අවදියේදී ද දියවැඩියාවට ගොදුරුවෙති. එබැවින් කුඩා කාලයේ සිටම නිවැරදි ආහාර ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අනුගත වීමටත් සිතාගත යුතුය.

►කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Oct 2018 07:00 AM

agathaප්‍රශ්නය - Stroke යන සරල නමින් හැඳින්වෙන ආඝාතය නමැති රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ආඝාතයේ මූලික ලක්‍ෂණ මොනවාද කියන එක හැමෝම දැන ගත යුතුයි. එයට හේතුව තමන්ට හෝ වෙනත් කෙනෙකුට මේ රෝගයේ මූලික ලක්‍ෂණ පහළ වෙනවා නම්, ඒ ගැන දැනුවත්ව සිටීමෙන් වහාම ක්‍රියාත්මක වී ජීවිතයක්‌ ගොඩදමා ගැනීමට අවස්‌ථාව ලැබීමයි. ආඝාතයේ මූලික රෝග ලක්‍ෂණ පහත සඳහන් වෙනවා.

1. කතා කිරීමේ සහ අවබෝධ කරගැනීමේ දුෂ්කරතාව හට ගැනීම - රෝගියා තුළ ව්‍යාකූල තත්ත්වයක්‌ හට ගැනීම මෙහිදී සිදුවෙනවා. ඔහුගේ වචන ගොත ගැසෙනවා. එසේම තමන් කියන දේ වගේම අනුන් කියන දෙයත් වටහා ගැනීමේ දුෂ්කරතාව ඔහු තුළ හට ගන්නවා.

2. මුහුණේ පැත්තක්‌, අතක්‌, කකුලක්‌ හෝ මේ සියල්ලම අඩපණ වී අංශභාග තත්ත්වයක්‌ ඇති වෙනවා. සමහර විට සිරුරේ පැත්තක්‌ ම පණ නැතිවන අවස්‌ථා තිබෙනවා. සිනහ වන විට කටේ පැත්තක්‌ පමණක්‌ ක්‍රියාත්මක වෙනවා නම් එය ආඝාතයක මුල් සලකුණක්‌ විය හැකියි. සාමාන්‍යයෙන් ආඝාතය ශරීරයේ දෙපැත්තටම හානි වන ලෙස ඇති වන්නේ නැහැ. එක්‌ පැත්තක්‌ විතරයි අක්‍රියාකාරී වන්නේ. එයට හේතුව මොළයේ වම් පැත්ත විසින් ශරීරයේ දකුණු පැත්ත පාලනය කිරීමත්, මොළයේ දකුණු පැත්ත විසින් ශරීරයේ වම් පැත්ත පාලනය කිරීමත් නිසයි. ආඝාතය ඇති වන්නේ මොළයේ එක්‌ පැත්තක රුධිර නාළයක්‌ අවහිර වීමෙනුයි. දෙපැත්තේම නහර එක්‌වරම අවහිර වන්නේ නැහැ.

3. ආඝාතය හෙවත් අංශභාගය හට ගැනීමට එන විට ශරීරයේ සමබරතාව ගිලිහී යනවා. ඒ නිසා ඇවිදීමේදී රෝගියා ඇද වැටෙනවා. සමහර විට ශරීරයට අධික විඩාවක්‌ දැනෙනවා. එයට හේතුව කොලෙස්‌ටරෝල් හෝ කැල්සියම් බැඳී මොළයේ රුධිර නාල අවහිර වීමයි.

4. ආඝාතය හට ගන්නාවිට එයට ලක්‌වන තැනැත්තාගේ පෙනීම අඩු වී යනවා. සම්පූර්ණයෙන් ම අන්ධ භාවයට පත් නොවුණත් දෘශ්‍ය ශක්‌තිය (දැකීමට තිබෙන හැකියාව) 25% කින් හෝ 50% කින් අඩු වෙනවා. ඔබේ පෙනීම හදිසියේම අඩුව ගියොත් එය ආඝාතයේ මුල් අවස්‌ථාව විය හැකියි.

5. කරකැවිල්ල හටගැනීම සාමාන්‍ය රෝග තත්ත්වයක්‌. සමහරුන්ට මෙය නිතර හට ගන්නවා. අධික විඩාව, දරන්න බැරි තරම් වැඩ ගොඩක්‌ කිරීම, ආතතිය, රෝගී භාවය නිසා ඇඟ දුර්වල වීම, දිගින් දිගටම බෙහෙත් ගැනීම යනාදියේ දී කරකැවිලි තත්ත්වයක්‌ හට ගන්නවා. එහෙත් කෙනෙකු හදිසියේ කතා කර ගැනීමට බැරිව ගොස්‌, ඇවිද ගැනීමට අපහසු වී ශරීරයේ සමබරතාව ගිලීහී ගොස්‌ කරකැවිල්ල හැදුනොත් එය ආඝාතය නිසා හටගන්නක්‌ වන්නට පුළුවන්.

6. හදිසියේම අස්‌වාභාවික ලෙස හිස වේදනා දෙන්නට පටන් ගත්තොත් එය වේදනා නාශකයකින් සමනය කරගන්න උත්සාහ කරන්න එපා. හේතුව එය ආඝාතයේ රෝග ලක්‍ෂණයක්‌ වීමට ඉඩ තිබීමයි. මොළයේ නහරයක්‌ පුපුරා රුධිරය ගැලීමට පටන් ගන්නා විටත් මෙවැනි ක්‍ෂණික හිසරද හට ගන්නවා. මේ වේදනාව ටික වේලාවක්‌ තිබී වමනය හට ගන්නවා. එය ආඝාතයේ ලක්‍ෂණයක්‌.

7. මහන්සිය කියන එක හැමෝටම දැනෙනවා. දවස පුරා විවේකයක්‌ නැතිව වැඩ කළාම අප මහන්සියට පත් වෙනවා. ඒත් හිටි ගමන් ක්‍ෂණිකව, කිසිදු හේතුවක්‌ නැතිව මහන්සියක්‌ දැනෙන්නට පටන් ගත්තොත් එය ආඝාතයේ රෝග ලක්‍ෂණයක්‌ විය හැකියි.

8. කෙනෙකුට හදිසියේම ආහාර ගිලින්නට බැරි බවක්‌ දැනෙනවා නම් සහ එය දිගින් දිගටම පවතිනවා නම් එයත් ආඝාතයේ ලකුණක්‌.

9. සමේ සංවේදීතාව හදිසියේ ම නැතිව යැමත් ආඝාතයේ රෝගලක්‍ෂණයක්‌ විය හැකියි. ආඝාතය හට ගන්නා විට එහි බලපෑමට යටත්වන ශරීරයේ අංගෝපාංගවල හටගන්නා උණුසුම, පීඩනය, ස්‌පර්ශය, කරන විට හටගන්නා දැනීම යනාදියට අදාළ සංඥා ලබා ගැනීමට මොළය සමත් වන්නේ නැහැ.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

agatha1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Oct 2018 07:01 AM

පියාගේ දුම්වැටියෙන් හැදුණු පුතාගේ හිසරදය

ඔබ දුම් නොබොන කෙනකු වුවත් තවත් කෙනකුගේ දුම්බීම නිසා හෝ එවැනි පරිසරයක ජීවත් වීමට ලැබීම නිසා නොදැනුවත්වම රෝගියකු විය හැකිය. සමහරවිට මෙය සිදුවිය හැක්කේ ඔබගේ නිවෙස තුළදීමය. දරුවන් දුම් නොබොන නමුත් පියා හෝ අනෙකුත් සහෝදරයන් දුම්බොන පරිසරවල ජීවත් වීමට බොහෝ දරුවන්ට අද එය සිදුවී ඇත. පියා නිවෙස තුළ දුම්බොන විට අසරණ වන දරුවාට හෝ බිරිඳට එය වැළැක්වීමට හැකියාවක් නොමැත. සමහරවිට ඔබ අවන්හලක් තුළදී අකමැත්තෙන් වුවත් තවකෙකුගේ දුම්වැටියට නිකරුණේ ගොදුරු විය හැකිය. පියාගේ දුම්බීම නිසා දරුවකු ලෙඩවුණු ආකාරය පහත සඳහන් සත්‍ය කතාව ඇසුරෙන් බලමු.

පසිඳුගේ වයස අවුරුදු 12 යි. ඉතා හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගෙන යන පසිඳු නිතර පවතින හිසේ කැක්කුමකට ගොදුරු විය. ඒ සමඟම නොනවතින වියළි කැස්සක්ද ඇතිවිය. පාඩම් වැඩ කටයුතු කිරීමට තිබූ උනන්දුව අඩුවිය. නිතර තරහ යන සහ ඉවසුම් නැති ස්වභාවයක්ද ඇතිවිය. ස්නායු පිළිබඳ විශේෂඥයන් කීපදෙනකුගෙන් ප්‍රතිකාර ගත්තද හිසේ කැක්කුම අඩු නොවීය. අපි ළඟට යොමුවූ පසිඳුගේ විස්තර ඉතිහාසය ගත්විට පියාගේ දුම්වැටියට ඔහු නිතර ගොදුරැවන බව හොඳින් පැහැදිලි විය. උපදේශනය සහ ප්‍රතිකාරවලට යොමුවී පසිඳුගේ පියා දුම්බීම නතර කළේය. මාස කීපයක් යාමටත් පෙර පසිඳුගේ හිසරදය සහ වියළි කැස්ස නැතිවී ගියේය.

තවකෙකුගේ දුම්බීම නිසා ඔබ ගොදුරැවිය හැකි වෙනත් රෝග

අමෙරිකාව තුළ අනෙක් අයගේ දුම්වැටියට ගොදුරැවීමෙන් පෙනහළු පිළිකාවලින් මරණයට පත්වන සංඛ්‍යාව වර්ෂයකට 7000ක් පමණ වේ.

රුධිරයේ ඇති මේද ප්‍රමාණය වැඩිවන අතර අංශභාගය සහ දරුණු රෝගාබාධවලට ගොදුරුවීමේ හැකියාවද වැඩිය.

උපදින දරුවන්ගේ බර අඩුවීම, අඩු මාසවලින් ඉපදීම, මළදරු උපත් සිදුවීම සහ උපදින දරුවන්ගේ නොයෙකුත් විකෘතිතා ඇතිවීම.

පෙනහළු ආබාධවලට ගොදුරුවීමේ හැකියාව වැඩිවේ. ඔබ ඇදුම රෝගියකු නම් මෙම රෝගය උත්සන්න වීමෙන් රෝහල්ගත වීමට තිබෙන හැකියාව වැඩිවේ.

අග්න්‍යාශයේ ඇතිවන පිළිකා, ගර්භාෂයේ ග්‍රීවයේ ඇතිවන පිළිකා, මුත්‍රාශයේ ඇතිවන පිළිකා වැඩිවීමේ ප්‍රවණතාවයක්ද ඇතිවේ

යම් දරුවකු ඉගෙන ගැනීමේ අපහසුතා, තීරණ ගැනීමේ සහ කල්පනා කිරීමේ හැකියාව සමඟ හැසිරීමේ නොයෙකුත් ගැටලු ඇතිවිය හැකිය. මීට ප්‍රධාන හේතුව දුම්වැටියේ ඇති නිකොටීන් සහ කාබන්මොනොක්සයිඩ්ය.

අනෙකෙකුගේ දුම්වැටියෙන් ඔබට හානියක් වන බව සොයාගත හැකිද? ඔව්. පුළුවනි. මෙහිදී කොටිනීන් (cotinine) ඔබගේ ලේවල, කෙළවල හෝ මුත්‍රාවල තිබේදැයි සොයා බැලිය හැකිය. එසේත් නැත්නම් කෙස්ගස් කීපයක් ගෙන ඒවා තුළ කොටිනීන් තිබේදැයි සොයා බැලිය හැක. කොටිනීන් යනු නිකොටීන් (Nicotine) බිඳවැටිමෙන් ඇතිවන අතුරැ රසායනයකි. මෙය සොයාගැනීමෙන් තහවුරැ වනුයේ ඔබ මාස තුනකට වැඩි කාලයක් තවකෙකුගේ දුම්බීමට ගොදුරු වී ඇති බවයි.

ජීවිතය විඳින්න.. දුම්බීම නතර කරන්න. නතර කිරීමට අපහසු නම් මනෝ වෛද්‍යවරයකු හමුවන්න.

සිගරට්ටුව නැවැත්වීමත් සමඟ ඔබට ලැබෙන ශාරීරික හා මානසික ප්‍රතිලාභ. 

සිගරට් එක නැවැත්වීමෙන්...

1. මිනිත්තු 20කට පසු 

ඔබේ රුධිර පීඩනය සහ හෘදය වස්තුවේ අනවශ්‍ය ස්පන්ධනය අඩු වේ.

2. පැය 12කට පසු 

රුධිරයේ ඇති විෂ සහිත කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය අඩුවේ. 

3. මාස 3කට පසු 

රුධිර සංසරණය වැඩි දියුණු වන අතර පෙනහළු ක්‍රියාකාරීත්වයද වැඩිවේ.

4. මාස 9කට පසු

කැස්ස, සෙම සහ හුස්ම ගැනීමේ අපහසුතා අඩුවී පෙනහළු ආසාදන තත්ත්වයන්ද අඩුවේ.

5. මාස 12කට පසු

තවමත් දුම් බොන කෙනෙකු සමඟ සසඳන විට හෘදය බාධයක් ඇතිවීමේ හැකියාව 50%කින් අඩුවේ.

6. අවුරැදු 5කට පසු

මුඛය, උගුර, ගලනාලය සහ මුත්‍රාශය තුළ පිළිකා වැළදීමේ හැකියාව 50%කින් අඩුවේ. එමෙන්ම යෝනි මාර්ගය තුළ ඇති වන පිළිකා සහ අංශභාගයට ගොදුරැ වීමට ඇති හැකියාව දුම් නොබොන කෙනෙකුගේ තත්ත්වයට පත්වේ.

7. අවුරුදු 10කට පසු

පෙනහළු පිළිකාවකින් මරණයට පත් වීමට ඇති හැකියාව දුම්බොන කෙනෙකු හා සසඳන විට 50%කින් අඩුවේ.

8. අවුරුදු 15කට පසු

හෘදයාබාධයකට ගොදුරු වීමට ඇති හැකියාව සාමාන්‍ය පුද්ගලයකු හා සමාන වේ.

දුම් බොන කෙනෙකුගේ ජීවිත කාලය සාමාන්‍ය කෙනකුගේ ජීවිත කාලයට වඩා අවු. 10කින් කෙටි වේ. ඔබට අවු. 40ට ප්‍රථමව ඔබේ දුම්බීම නවත්වා ගැනීමට හැකි නම් දුම්වැටිය නිසා ඇති වන රෝගයකින් මිය යාමට ඇති හැකියාව 90%කින් අඩුවේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Oct 2018 07:03 AM

earප්‍රශ්නය - පසුගිය සතියේ ඔබ අප දැනුවත් කළේ කර්ණ රෝග සම්බන්ධයෙන් වන බටහිර වෛද්‍ය විද්‍යාත්මක අර්ථකතනය ගැනයි. කර්ණ රෝග ක්‍ෂේත්‍රයේ වැඩිම සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරිය වශයෙන් ඔබ අද අපට කියන්න, කර්ණ රෝග පිළිබඳ ආයුර්වේද මතය මොකක්‌ද කියලා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - කන කියන ඉන්ද්‍රියේ කොටස්‌ තුනක්‌ තිබෙනවා. එනම් බාහිර කන, මැද කන, ඇතුල් කන යන කොටස්‌. ආයුර්වේදයේ තිබෙනවා හතරවන කොටසකුත්. මේ කොටස තමයි කන පිටත කොටස හෙවත් කන් පෙත්ත සහ එය සමඟ සම්බන්ධ වන කොටස. ඒ අනුව කන් පෙත්ත ආශ්‍රිත රෝග හෙවත් කර්ණපාලි රෝග කියලා. ඔබ මෙහිදී මතක තබා ගත යුතුයි අප අනුගමනය කරන්නේ සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද න්‍යාය සහ ක්‍රම. ඒ ආචාර්යවරයාගේ මතයට අනුව කර්ණ රෝග 28 ක්‌ තිබෙනවා. ඒවා කණේ පෙර කී තුන් කොටසේ හට ගන්නා රෝග. ඒවායින් වඩාත් සුලභ රෝග කිහිපයකුත් තිබෙනවා. එනම්,

1. කන්වලින් දියර ගැනීම. මෙය සැරව ලෙසත් සුදු පැහැති ද්‍රdවණයක්‌ ලෙසත් ගලනවා. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ පූතිකර්ණ කියලා.

2. ඊළඟ රෝග තත්ත්වය තමයි ඇසීමේ දුර්වලතා ඇති කරන රෝග. එනම් ශ්‍රවණාබාධ. එය හඳුන්වන්නේ කර්ණ බාධිර්යය කියලයි.

3. ඒ අතර සමහර රෝගීන් ඇවිත් පැමිණිලි කරනවා මගේ කණේ විවිධ ශබ්ද ඇහෙනවා කියලා. සමහරු කියනවා නිතරම කන තුළින් හෝ හෝ ගාන ශබ්ද එනවා කියලා. තව සමහරු කියනවා බටනලාවක හඬක්‌ වගේ එක දිගට ශබ්දයක්‌ එනවා කියලා. මෙය ඉතාම ප්‍රචලිත රෝග තත්ත්වයක්‌. අප මෙය හඳුන්වන්නේ කර්න නාද කියලයි. මේ රෝගයේම තවත් ස්‌වරූපයක්‌ තිබෙනවා. ඒ ස්‌වරූපය හඳුන්වන්නේ කර්ණ ශ්වේඩ කියලයි. ඒ රෝග තත්ත්වය තුළදී රෝගියාට කන ඇතුලෙන් ඇහෙන්නේ එකම ශබ්දයක්‌ විතරයි. පළමුවැනි රෝග තත්ත්වය තුළදී හඬවල් රැසක්‌ ඇහෙනවා. දෙවන රෝග තත්ත්වයේදී ඇහෙන්නේ එකම හඬක්‌. ඉහත සඳහන් රෝග තත්ත්වයන් තුන තුළදීම ශ්‍රවණ හීනතාවන් ඇති වෙන්න පුළුවන්. මේ අතර හටගන්නවා කන්වල වේදනාකාරී තත්ත්වයක්‌. මෙය කණ තුළ හට ගන්නත් පුළුවන්. ඒ වගේම කනට පරි බාහිර, කන සමඟ සම්බන්ධ කොටස්‌වල හටගන්නත් පුළුවන්. සමහර විට උගුරේ ප්‍රශ්නයක්‌ මගින් කනේ වේදනාව හටගන්නවා. දතේ කැක්‌කුමක්‌ හට ගත්තොත් එය කන දක්‌වා පැතිර යන්න පුළුවන්. එය වේදනාව සංක්‍රමණය වීමක්‌. ඔලුව කැක්‌කුමක්‌ කනේ වේදනාවක්‌ හැටියට එන්න පුළුවන්.

ඊළඟ රෝග අවස්‌ථාව තමයි කන තුළ හට ගන්නා කළාඳුරු (කර්ණමල) හෙවත් wax නිසා ඇතිවන වේදනාව. Ear wax හඳුන්වන්නේ කර්ණ වර්ච කියන නමින්. කලාඳුරු පිරිලා තිබෙද්දී නෑවොත් ඒ කලාඳුරු ප්‍රසාරණය වෙනවා. එවිට හට ගන්නා පීඩනය නිසා කන රිදෙනවා. wax කියන්නේ තෛලමය පදාර්ථ සමඟ මිශ්‍ර වූ දෙයක්‌. මෙය සමඟ වතුර මිශ්‍ර වුණාම එය ප්‍රසාරණය වෙනවා. දැන් කෙනෙක්‌ කියන්න පුළුවන් ස්‌නානය කළාම කන් කැක්‌කුම හෝ ඔලුවේ කැක්‌කුම ඇති වෙන බව. මෙහිදී සිදු වන්නේ එම තැනැත්තාගේ කනට වතුර ගිහින් ඇතුළත ප්‍රසාරණය වීමයි. එසේ කන රිදෙන විට ඔලුවත් රිදෙනවා.

(ලබන සතියේ කනේ හටගන්නා දිලීර)

නොමිලේ විස්‌තර

011-5289248/

077 7620948

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ear1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Oct 2018 07:05 AM

katilageප්‍රශ්නය - ශරීරයේ සන්ධිවල තිබෙන කාටිලේජ ගෙවී යැම ගැන පසුගිය සති කිහිපය පුරාම අප ඔබ සමග කතා කළා. මෙය හටගැනීමට කිසියම් රෝග තත්ත්වයක්‌ බලපානවද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඔස්‌ටියෝපොරොසිස්‌ (Osteoporosis) සහ ඔස්‌ටියෝආත්‍රයිටිස්‌ (Osteoarthritis) කියන රෝග දෙක හැදුණාම දණහිස්‌වල කාටිලේජ විනාශ වීමට පටන් ගන්නවා. කාටිලේජ කියන්නේ පටක වර්ගයක්‌. ඔබ දන්නවා අස්‌ථි දෙකක්‌ අතර පරතරය පිරවෙන්නේ කාටිලේජවලින්. අස්‌ථි එකිනෙක ඇතිල්ලීම වැළැක්‌වීම සඳහාත් අස්‌ථිවල ක්‍රියාකාරීත්වය සුමටව පවත්වාගෙන යැම සඳහාත් මේවා උපකාරී වෙනවා. කොහොම වුණත් වියපත් වීම හෝ ඉහත සඳහන් රෝග හෝ කාටිලේජවලට තුවාල වීම නිසා හෝ කාටිලේජ ගෙවී යැමට පටන් ගන්නවා. මෙවිට සන්ධිවල වේදනාව ඉතාම දරුණු වෙනවා. කොඳු ඇට පෙළ, ගෙල යනාදියෙහි කාටිලේජ මේ විදියට ගෙවී යන්නට පුළුවන්.

ඒ එක්‌කම ඉණ, දණහිස, උරහිස යනාදියෙහි තිබෙන කාටිලේජත් ගෙවෙනවා. අධික ස්‌ථුලභාවයත් දණහිස්‌ ගෙවී යැමට එක්‌ හේතුවක්‌. එසේම සමහරුන්ගේ උපතේදීම කාටිලේජ පටකය දුර්වල වෙනවා. ඒ එක්‌කම ශරීරයට ගැළපෙන්නේ නැති තරමට ව්‍යායාම කළාමත් කාටිලේජ විනාශ වී යනවා. වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් කාටිලේජ වැහැරී යැමේ තර්ජනයට ලක්‌වීමේ ඉඩකඩ වැඩියි.

ප්‍රශ්නය - කාටිලේජ විනාශ වීමේ රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - මූලික වශයෙන්ම වේදනාව තමයි ඇතිවන්නේ. එය ක්‍රමයෙන් වැඩිවන්නට පටන් ගන්නවා. අන්තිමේදී අදාළ සන්ධිය තවදුරටත් ක්‍රියා නොකෙරෙන තත්ත්වයක්‌ ඇතිවීම දක්‌වා මේ වේදනාව වර්ධනය වෙනවා.

ප්‍රශ්නය - මෙය සුවපත් කළ හැකිද?

වෛද්‍ය වසන්ත උදයජීව - කාටිලේජ වර්ධනය කළ හැකි ඖෂධ වර්ග ඕනෑ තරම් තිබෙනවා. මේ සඳහා කසාය සහ තැවිලි මෙන්ම ආලේප ද තිබෙනවා.

(ලබන සතියේ තව කොටසක්&zwnj

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

katilage1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Oct 2018 07:06 AM

හිතුමතේ ලේ දෙන්න පුළුවන්ද?

අපේ රටේ බොහෝ දෙනා දානය මහා පිනක් හැටියටයි සලකන්නෙ. නමුත් රුධිරය දන් දීමට බොහෝ දෙනා තුළ තවමත් ඇත්තේ පසුගාමී  බවකුයි. සමහරු මේ ගැන ඇති මිත්‍යා මත නිසා පසුබහිනවා. ඇත්තෙන්ම තවත් කෙනකුගේ ජීවිතය බේරා දෙන අතරම තමන්ට නිරෝගී බව ගැන චිත්ත ප්‍රීතියක් වගේම ආත්ම විශ්වාසයකුත් ඇති කරන ලේ ලබාදීම එක්තරා විදියකට ඔබ සතු සමාජීය වගකීමක් ද වෙනවා. මතක තබාගන්න ඔබට රුධිරය දන්දෙන්නට හැකියාව තිබෙනවා කියන්නෙත් ලොකු වාසනාවක්. මොකද හැමෝටම හිතූ හිතූ හැටියට ලේ දෙන්න බෑ. ඒකටත් සුදුසුකම් තියෙන්න ඕනෑ. 

රුධිර දායකයකු වීමට නම් පහත සදහන් මූලික සුදුසුකම් සපුරා තිබිය යුතුයි. 

වයස අවුරුදු 18 – 60 අතර ස්ත්‍රී පුරැෂ දෙපාර්ශවයටම (ඔබ පළමුවරට රුධිර පරිත්‍යාග කරන්නේ නම් අවුරැදු 55 වන තෙක් ඒ සඳහා අවස්ථාව ඇත.

බර  කිලෝ 50 ට වැඩිවීම (බර 50 kg ට අඩු පුද්ගලයකුගෙන් රුධිරය ගැනීම එම දායකයාට හානිකර ය.)

රුධිර හිමොග්ලොබින් ප්‍රමාණය ඩෙසිලීටරයටග්‍රෑම් 12 ට වැඩිවීම.

මාස 4කට වරක් නැවත නැවත පූර්ණ රුධිරය පරිත්‍යාග කළ හැකිය. පට්ටිකා පමණක් සති 2කට වරක් ලබා දිය හැකිය.

මෙම සුදුසුකම්වලට අමතරව රැධිර පරිත්‍යාගයේ දී පහත කරැණු ගැන ද අවධානය යොමු කෙරේ.

පරිත්‍යාගය නිසා රුධිර දායකයාට යම් සෞඛ්‍ය ගැටලුවක් ඇති වේ නම් රුධිරය ලබා නොගනී.

රැධිරයෙන් බෝවන රෝගි තත්ත්ව සහිත දායකයකුගෙන් ද ලබා නොගනී.

ඔබ ලබා දෙන රුධිරය රෝගි දරුවකුට, ගර්භණී මවකට හෝ ඇතැම්විට ඔබේම හිතවතෙකුට ලබා දීමට ඉඩ ඇත. මේ නිසා ඔවුන්ගේ ජීවිත ද අනතුරේ නොහෙලීමට පහත තොරතුරු ඔබගේ වෛද්‍යවරයාට දැනුම් දීම වටින්නේය.

හංඟන්න එපා!

ඔබට විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවකුට වඩා සිටින්නේ නම්, ඔබ පිරිමි - පිරිමි ලෙස  සමරිසි ලිංගික සබඳතා පවත්වා ඇත්තෙක් නම්, ඔබ කවදා හෝ මුදල් අපේක්ෂාවෙන් ලිංගික කටයුතුවල යෙදී ඇත්නම්, ඔබ මත්ද්‍රව්‍ය එන්නත් ලබාගෙන ඇත්නම්, ඔබට කවදා හෝ සෙංගමාලය වැළඳී ඇත්නම්, ඔබ කුමන හෝ නිදන්ගත රෝගයකින් පෙලෙන්නේ නම්, ඒ ගැන නොසඟවා වෛද්‍යවරුන්ට පවසන්න.

පසුගිය වසර ඇතුළත ඔබ ලබාගෙන ඇති එන්නත් පිළිබඳ සියලු විස්තර, ඔබට කවදා හෝ රැධිරය හෝ රුධිර කොටස් ලබා දී ඇත්නම්, ඔබ පසුගිය වසරක කාලය ඇතුළත පච්ච කෙටීම, කන් විදීම ආදියට පෙළඹී ඇත්නම්, මාස 6ක් ඇතුළත ඔබ යම් ශල්‍යකර්මයකට මුහුණ දී ඇත්නම්, ඔබ යම් රෝගි තත්ත්වයකින් පසු වූයේ නම් හෝ යම් ඖෂධයක් ලබා ගන්නේ නම්, ශරීරයේ යම් තුවාලයක් පවතින්නේ නම්, ඒවා ගැනත් කියන්න.

ඔබ පහත සඳහන් කවර හෝ රෝගි තත්ත්වයකින් පෙලෙන්නේ නම් එයද නොසඟවා  වෛද්‍යවරයාට දැනුම් දෙන්න.

ස්නායු ආබාධ , වලිප්පුව , හදවත් රෝග , මානසික රෝග, දියවැඩියාව. ඇදුම, පිළිකා, අධිරැධිර පීඩනය, වකුගඩු හෝ අක්මාව ආශ්‍රිත රෝග.

රුධිරය පරිත්‍යාග කරන මොහොතේ තිබිය යුතු සුදුසුකම්...

ඔබ මනා ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතු අතර ප්‍රධාන ආහාර වේල පැය 4ක් ඇතුළත ලබාගෙන තිබිය යුතුය. පැය 6ක නින්දක් ලබා තිබිය යුතුය. අධික ලෙස වෙහෙස වී නොසිටිය යුතුය.

ඔබ රුධිරය පරිත්‍යාග කරන්නට එන විට, අනිකුත් දායකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂාව සඳහාත්, රුධිරය එකතු කරන කාර්ය මණ්ඩලයේ සනීපාරක්ෂාව සහ  පහසුව පිණිසත් රුධිරය රැස් කිරීමේ කඳවුර වෙත පිරිසිදුව පැමිණීම වැදගත් වේ.
රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු පිළිපැදිය යුතු කරුණු…

අවම වශයෙන් මිනිත්තු 20ක්වත් විවේකීව, රුධිරය එක්රැස් කරන ස්ථාන භාර වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ එම ස්ථානයේම රැඳී සිටිය යුතුය.

සුලු ආහාරයක් සහ දියරමය පානයක් ලබාගත යුතුය.

රුධිරය ලබාගත් ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය අවම වශයෙන් පැය 12ක් වත් ගතවන තුරැ ඉවත් නොකළ යුතුය.

එළඹෙන පළමු පැය 4 තුළ හොඳින් දියර වර්ග පානය කළ යුතුය. රුධිර පරිත්‍යාගයට පෙර පැය 4 තුළ ද මෙලෙස කිරීමෙන් ඔබට ඇතිවන ශාරීරික අපහසුතා මගහැරෙනු ඇත.

ඊළඟ ප්‍රධාන ආහාර වේල ලබා ගන්නාතුරු කිසිසේත්ම මත්පැන් පානය නොකළ යුතුය.

ව්‍යායාම කිරීම, කිමිදීම හෝ දියේ ගිලී නෑම නොකළ යුතුය. සාමාන්‍ය ලෙස දිය නෑම කරන්න.

රුධිරය ලබා දුන් දිනයේදී බරවාහන පැදවීම, ගුවන්යානා පැදවීම හෝ එවන් අනතුරුදායක ක්‍රියා නොකළ යුතුය.

රුධිරය ලබා දී සතියක් ඇතුළත ඔබට යම් බෝවන රෝගයක් වැළඳුණේ නම් ඒ පිළිබඳව අදාළ ලේ බැංකුවට දැනුම් දෙන්න.

නිරතුරු සමබර ආහාර වේලක් ලැබීමෙන් ඔබ මනා සෞඛ්‍යයෙන් පසුවන අතර එවිට ඔබ නිරතුරු රුධිර පරිත්‍යාගයට ද සුදුසු අයෙක් බවට පත්වේ.

රුධිරය පරිත්‍යාගය ගැන මිත්‍යා මත සහ යහපත් මත!

මේ නිසා කිසිවිටෙක ඔබේ ශරීරයේ බර අඩු හෝ වැඩි නොවේ.

වෙනත් රෝගාබාධ ඇති නොවේ.

මෙම පරිත්‍යාගයෙන් ඔබ ලබන මානසික සුවය වෙනත් ක්‍රියාවකින් ලැබිය නොහැකි තරම්ය.

රුධිර දායකයන්ට හෘදයාබාධ අංශභාගය වැනි රෝග වැළඳීමේ ප්‍රවණතාව අන් අයට වඩා අඩුය.

ඔබ ලබා දෙන රැධිරය ඉතා සුලු කාලයකින් ශරීරය තුළ නැවත නිපදවීම ඇරඹේ.

ලේ දෙන හැටි!

මෙය කිසිදු අතුරු ආබාධයක් නැති සරල ක්‍රියාවලියකි. අප රට තුළ ස්වෙච්ඡා දායකයන්ගෙන් පමණක් රුධිර ලබා ගැනේ. ලේ දෙන අවස්ථාවක ප්‍රථමයෙන් ඔබගේ බර පරීක්ෂා කර නිවැරදි තතු ලබාදීම සඳහා රුධිර දායක ප්‍රකාශය ඔබට ලබා දේ. හොඳින් කියවා මෙය සම්පූර්ණ කළ යුතු වේ. තනිවම අදාළ දායකයා විසින්ම මෙය සත්‍ය තොරතුරැවලින් පිරවිය යුතුය. දායකයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකතන අංකය අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුය. මෙයින් පසු වෛද්‍යවරයා වෙත යොමු කෙරේ. වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වන පුද්ගලයාට රුධිරය එකතු කරන බෑග් ඉඳිකටුව, අදාළ බාර්කෝඩ් ලේබල් සහ ලේ දන්දීම සහතික කරන පොත ලබාදෙයි. කිසිවිටක එම පැකට්ටුව හෝ ඉඳිකටුව ඔබ විවෘත නොකළ යුතුය. ඔබගේ හිමොග්ලොබින් ප්‍රමාණය පරීක්ෂා කර මැලේරියාව සඳහා පරික්ෂා කිරීමට ද රුධිර සාම්පලයක් ලබා ගැනේ. පැකට්ටුව සමඟ දායකයා රැධිරය ලබාගන්නා ස්ථානයට යොමු කෙරේ. මෙහිදී සම්පූර්ණ ජීවාණුහරණ තත්ත්ව යටතේ රැධිරය එකතු කෙරේ.

ඔබ පරිත්‍යාග කළ රැධිරයට ඉන්පසු මොකද වෙන්නේ...?

එම රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා සහ ප්ලාස්මාව ලෙස කොටස් කෙරේ. මින් පසු ඒවා වෙන වෙනම සුදුසු උෂ්ණත්වවල නියමිත කාලයක් ගබඩා කෙරේ.

පරිත්‍යාග කළ සෑම රුධිර සාම්පලයක්ම ලංකාවේදී රෝග 5ක් සදහා පරීක්ෂා කෙරේ. එච් අයි වී, උපදංශය, හෙපටයිටිස් බී හා සී, මැලේරියාව එම රෝගයන්ය. නැවත පරීක්ෂා කර ප්‍රධාන රුධිර ඝණ 8ට (A+/ A-/ B+/ B-/ AB+/ AB-/ O+/ O- ) මෙම සියලු රුධිර සාම්පල වෙන් කිරීමද සිදු කෙරේ.

දැනට ඇති නවීනතම ක්‍රමවලින් රුධිර පට්ටිකා පමණක් එකතු කරගැනීමට හැකි නිසා සති 2කට වරක් අවශ්‍ය නම් ඔබට රැධිර පට්ටිකා පරිත්‍යාග කළ හැකිය.

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Oct 2018 02:58 PM
මම මේ දේවල් දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි ලිපියට
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2018 04:35 PM
ලේ දෙන්න කැමැත්තෙන් එන අයගෙනුත් ඔය හේතු නිසා දෙන්න බැරිවෙන අවස්ථා බොහොමයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 12:20 AM
මමත් ආසයි ලේ දෙන්න, බර මදිනේ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Oct 2018 05:07 AM
විදේශ ගතව සිට පැමිණි වහාම ලේ දෙන්න බැහැ.

මමත් 5වරකට වඩා ලේ දීලා තියෙනවා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Oct 2018 05:42 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Oct 2018 05:42 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Oct 2018 05:43 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Oct 2018 05:43 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Oct 2018 05:43 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Oct 2018 10:36 AM
අද පත්තරේ ගත්තා වගේ දැනෙන්නෙ
ස්තූතියි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 07:06 PM
අපෙ අම්මටත් මාව හැමදාමත් චූටි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Oct 2018 06:40 AM

කාන්තාවෙනි පොදු හතුරා අද අදම හඳුනා ගන්න

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
ආදරය මානව සම්පතේ ආහාරය කළ හැක්කේ ගැහැනියටය. යොවුන් වියේදී සිරුර හැඩකාර කළ පියුයරු යුග්මය උත්තරීතර මවු පදවිය සමඟ කිරි කැටියාගේ පළමු ආහාර වේල සපයන භාණ්ඩාගාරය බවට පත් වන්නේ නිරායාසයෙනි.

 

ප්‍රේමයේ ආකර්ෂණයක් වන ආදරයේ ආහාරයේ කේන්ද්‍රස්ථානය වන පියුයුරු ගැන ඉන් ඔබ්බට ඇයගේ අවධානය යොමු වන්නේම නැත.

පියයුරු පිළිකා යනු කතුන්ට වැලඳෙන පිළිකා අතර වඩාත් දරුණු ලෙස සිරුර ආක්‍රමණය කරන පිළිකාවය. කතුන්ට වැඩිපුර වැලඳෙන පිළිකාවය. ලංකාවේ කාන්තාවන් අතර වාර්තා වන පිළිකා අතරින් 25% ක් පියයුරු පිළිකාය. සෑම වසරකම අලුතින් කාන්තාවන් 2500 කට ආසන්න සංඛ්‍යාවක් පිළිකා රෝගයට ගොදුරුවෙති. එනම් දිනකට නව රෝගීන් 6 - 7 ක් අතර ප්‍රමාණයක් වාර්තා වේ. සෑම කාන්තාවන් තිස් අට දෙනකුගෙන් එක් අයකුටම ජිවිත කාලයේදී පියයුරු පිළිකා රෝගියකුවීමේ අවදානමක් පවතී. (මත් වතුරට ඇබ්බැහි වූ කතුන්ට ද පිළිකා අවදානම වැඩි නමුත් වාසනාවකට අප රටේ කාන්තාවන් වැඩි දෙනෙකු මේ විස පානයට හුරු වී නැත.)

එසේ නම් තවදුරටත් ගැහැනුකමේ සුන්දරත්වය කැටි වුණු සෙනෙහසින් ලේ කිරි කරන ළමැද ගැන කිසි විටෙකත් අඩු අවධානයක් යොමු නොකළ යුතු බව වැටහෙනවා නේද?

පියයුරේ ඇතිවන ගැටිත්තක් හෝ ඝන වීමක්, පියයුර ආශ්‍රිත සමේ වෙනස්වීමක්, තනපුඩුවේ වෙනසක් නොසලකා නොසිටින්න.

බොහෝ පියුයරු ගැටිති පිළිකාමය ගැටිති නොවේ. එහෙත් ඕනෑම ගැටිත්තක් පරීක්ෂා කරවා ගැනීම වැදගත්ය. පියයුරු පිළිකා ලක්ෂණ ගැටිතිවලට පමණක් සීමා වන්නේ නැත. ඔසප් කාලයේදී පියයුරුවල සහ කිහිලිවල වේදනාවක් ඇතිවීම ස්වාභාවිකය. එසේ වන්නේ එම කාලයේදී සිදුවන හෝර්මෝන පෙරළිය නිසයි. එහෙත් එසේ නැතිව දිගින් දිගටම වේදනාව පවතිනවා නම් අස්වාභාවිකය. එය පියයුරු පරික්ෂාවට ලක්විය යුතු තත්ත්වයකි. තනපුඩු වටා පලු දැමීම, පියයුරේ සම දොඩම් ලෙල්ලක ස්වභාවය ගැනීම, රතුවීම, තන පුඩු, පියයුරේ හැඩය ක්ෂණිකව වෙනස්වීම ඇතැම් විට පියයුරු පිළිකාවක ලකුණුය. ඒ නිසා සැක හැර ඒ ගැන දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂාවකට ලක්වීම ඉතා වැදගත්ය. අවදානමක් ඇතිකරන ඇතැම් සාධක අපට ඉවත් කළ හැකියි.

 සමහර කතුන් ස්වාධීන දිවියකට වඩාත් කැමැතිය. එනිසාම විවාහය පමාකරයි. සමහර විට විවාහ වන්නේම නැත. විවිධ හේතූන් නිසා විවාහ වන වයස අවුරුදු 30 ද ඉක්මවාලයි. එවිට පළමු දරු උපත සිදුවන්නේ වයස අවුරුදු 30 ඉක්මවූ පසුවය. දරුවා බිහි කළ ද තවත් සමහර මවුවරු දරුවාට මවුකිරි ලබානොදෙයි. අධික බර (ස්ථුල), ව්‍යායාම නොකරන කාන්තාවන්ද අප අතර සුලබය. තවත් කාන්තාවන් පිරිසක් වයස අවුරුදු 35 ට පෙර උපත් පාලන පෙති පස් වසකට වැඩි කාලයක් භාවිත කරයි. ආර්තවහරණයෙන් පසු හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය දිගු කාලීන ගැනීමටද පුරුදු වූ කාන්තාවෝ සිටිති. මේ සියල්ලම පියයුරු පිළිකා ඇතිකරන අවදානම් සාධකය. මෙවැනි සාධක වළක්වා ගැනීම අපහසු නැත. අවාසනාවකට අපට වෙනස් කළ නොැහැකි අවදානම් සාධක ද තිබේ. ඒ වයස, ගැහැනුකම, ජාන විකෘතිතා, අඩු වයසින් වැඩිවිය පැමිණීම. ආර්තවහරණය ප්‍රමාදව සිදුවීම, ලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැලඳී තිබීමය. මෙවැනි අය අඩු වයසින්ම පියයුරු පිළිකා සඳහා පරීක්ෂා කරගත යුතුය. පියයුරුවල පිළිකාමය නොවන ගැටිත්තක් වැලඳුණු කෙනකුට ජීවිතයේ පසුකාලයේ පිළිකාවක් වැලඳීමේ අවදානමක් ඇත. එවැනි අය කල් ඇතිව හඳුනා ගනීමේ පරීක්ෂාවට ලක්විය යුතුය.

පිළිකාව ගැටිත්තේ ප්‍රමාණය හා පැතිරීම අනුව පියවරවලට වෙන් කරනු ලැබේ.

පියවර 0 - මේ අවස්ථාවේදී පිළිකා සෛල සියුම් කිරි නාලවලට පමණක් සීමා වී ඇත. අවට සෛලවලට පැතිරී නැත.

පියවර 1 - ප්‍රථම පියවරේදී ගැටිත්ත සෙන්ටිමීටර් 2 ක් පමණ විශාලය. වසා ගැටිතිවලට පැතිරි නැත.

පියවර 2 - දෙවැනි පියවරේදී විශ්කම්භය සෙමි 2 ක් පමණ වන පිළිකා සෙල වසා ගැටිති ආසන්නයටම පැතිරී අවසන්ය.

පියවර 3 - විශ්කම්භය සෙ. මී. 5 ක් පමණ වන සෛල වසා ගැටිති කිහිපයකටම පැතිර ගොස් ඇත.

පියවර 4 - මේ වන විට පිළිකාව දුරස්ථ අවයවකරා ව්‍යාප්තවී ඇත. විශේෂයෙන්ම අස්ථි, අක්මාව, මොළය, පෙණහලු වැනි වැදගත්ම අවයවකරා පැතිර ගොස් අවසානය.

අවාසනාවකට රෝගී කාන්තාවන්ගෙන් සියයට විස්සකට ආසන්න ගණනක් පියයුරු පිළිකාව හඳුනා ගන්නේ අවසන් අදියරේදීය. එනිසාම එය සුව කිරීමට අපහසුවී තිබේ. එහි අරුත රෝගය නිසා මරු වෙත යාමට ඇති ඉඩ වැඩි වන බවයි.

කල් ඇතිව රෝගය හඳුනා ගැනීමෙන් අපට රෝගය උත්සන්නවීම වළක්වාගත හැකි සේම ලබා ගැනීමට සිදුවන්නේ ද අතුරු ආබාධ අවම ඖෂධය.

ආසියාතික අපට වැඩි අවදානමක්

යුරෝපීය කතුන්ට පියයුරු පිළිකා සෑදෙන වයසේත් අපේ ආසියානු කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදෙන වයසේත් වෙනසක් ඇත. යුරෝපීය කාන්තාවන් පියයුරු පිළිකාවට ගොදුරු වන්නේ වයස අවුරුදු පනහ හැට පමණ ඉක්මවූ පසුවය. එහෙත් ආසියානු කාන්තාවන්ගේ අවදානම වයස අවුරුදු 30 පමණ වන විටම උදාවෙයි.

පිළිකා වළකන ආහාර රටාව

පියයුරු පිළිකා සෑදීමේ අවදානම වළක්වා ගැනීමට සොබාදහමද අපට බොහෝ දේ දායාදකර ඇත. ඔමෙගා 3 මේද අම්ලය අඩංගු මසුන් ආහාරයට ගැනීමෙන් පිළිකා සෛල පැතිරීම හා වර්ධනය වීම වළක්වාගත හැකිය. ඔමෙගා 3 මාළුවල, මුහුදු ආහාරවල වගේම ඇට වර්ගවල ද අඩංගුයි. මෑකරල්, සැමන්, සාඩින්, ඉස්සන් ආදී මසුන්ගේ, මුහුදු ඇල්ගීවල, තල, වොල්නට් ආදී ඇට ඔමෙගා 3 අධික ආහාර ලයිස්තුවේ පෙරමුණේ සිටියි.

ව්‍යායාම

ව්‍යායාම මඟින් උසට සරිලන බරක් ඇතිකර ගැනීම බොහෝ රෝගවලින් ආරක්ෂාවීමට මඟකි. පියයුරු පිළිකා සඳහා ද එය පොදුවෙයි. පියයුරු පිළිකා නොසෑදී සිටීමට වාගේම සෑදී රෝගය පාලනය කළ පසු තවදුරටත් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමටත් ව්‍යායාම උපකාරී වෙයි.

 

උපදෙස් - අධ්‍යක්ෂ, ජාතික පිළිකා මර්දන වැඩසටහන

වෛද්‍ය සුදත් සමරවීර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Oct 2018 06:47 AM

සැකසූ මස් නිතර ආහාරයට ගැනීමෙන් උදරය ආශ්‍රිත පිළිකා අවදානමක්

සකස්කරන ලද මස් නිතර නිතර ආහාරයට ගැනීම පිළිකා අවදානම ඉහළ නංවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබුණේ කලකට පෙරය. එම අවදානම තවත් තහවුරු වූයේ එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකදීය.
බේකන්, සොසේජස් වැනි සකස් කරන ලද මස් වැඩිපුර ආහාරයට ගන්නා කාන්තාවන් හා අඩුවෙන් කන කාන්තාවන් පිරිසක් අතර සිදුකරන ලද මෙම සමීක්ෂණයේදී සැකසූ මස් අඩුවෙන් ආහාරයට ගන්නා කාන්තාවන්ට සාපේක්ෂව නිතර ආහාරයට ගන්නා කාන්තාවන් අතර පිළිකා අවදානම 9න් ඉහළ බව තහවුරු වී තිබේ.
එම පිළිකා පර්යේෂණ ආයතනය පවසන්නේ පියයුරු පිළිකා වලින් 23ම මුලින් වළකා ගත හැකි ඒවා බවය. පියයුරු පිළිකාවලට ගොදුරු වන කාන්තාවන්ගෙන් 8ක් අධිබර සහ ස්ථූලභාවයෙන් පෙළෙන බවත් තවත් 8 මද්‍යසාර වලට ඇබ්බැහිවූවන් බවත් සමීක්ෂණ වාර්තා තවදුරටත් හෙළිකොට තිබේ.
කලකට පෙරදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇති ආකාරයට සකස් කළ මස් වැඩිපුර ආහාරයට ගැනීම උදරය ආශ්‍රිත පිළිකා හට ගැනීමේ අවදානමක් ඇති කරවයි. ඒ අතරද රතු පැහැති මස්වල ඒ අවදානම තවත් ඉහළය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශයන්හි නිර්දේශය දිනකට සකස් කරන ලද මස් ග්‍රෑම් හැත්තෑවකට වඩා ආහාරයට නොගන්නා ලෙසයි.

උත්පලා සුභාෂිනී ජයසේකර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Oct 2018 06:49 AM

නොකඩවා ප්‍රතිකාර කළොත් කුරුලෑ සුව කළ හැකියි

නව යෞවන වියේදී හෝමෝන වෙනස්වීම් සමග කුරුලෑ හට ගැනීම සුලබ සදුවීමකි. එහෙත් යොවුන් විය ඉක්ම ගිය වැඩිහිටියන් අතරද කුරුලෑ හට ගැනීම සිදු නොවනවා නොවේ. එලෙස පසුකාලීනව කුරුලෑ හට ගන්නට සමේ තෙල් නිපදවන ග්‍රන්ථින්හි අධි ක්‍රියාකාරිත්වය එම ග්‍රන්ථි සම මතට විවෘත වීම අවහිර වීම, මැරුණු සම නිසි පරිදි ඉවත් නොවීම වැනි හේතු නිසා බැක්ටීරියා ක්‍රියාකාරිත්වයක් ඇති වී ආසාදනයන් පවා හට ගන්නා අවස්ථා තිබේ.
කුරුලෑ වැඩිපුරම හට ගන්නේ මුහුණේ වුවද පිට, පපුව දෑත ආශ්‍රිතවද කුරුලෑ හටගත හැකියි. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් යනු කුරුලෑවක මුල් අවස්ථාවයි. ඉන් පසුව සුදු පැහැ සහ රතු පැහැ බිබිලි ආකාරයටත් එය තවත් වර්ධනය වූ විට විශාල ගෙඩි ආකාරයටත් පැවැතිය හැකිය.
මෙලෙස ඇතිවෙන කුරුලෑ සුව වී ගියද ඉතිරි වූ කැළැල් පහසුවෙන් ඉවත් වී යන්නේ නැත. එහෙත් මුල් අවස්ථාවේදීම කුරුලෑ සඳහා ප්‍රතිකාර ලබා ගත හැකි නම් මුහුණේ සුන්දරත්වයට හානි පමුණුවන කුරුලෑ කැළැල් ඉතිරි වන්නේ නැත.
යොවුන් වියේදී හෝමෝන වෙනස්කම් වලට අමතරව කුරුලෑ හට ගන්නට බලපාන තවත් හේතු කිහිපයකි.
* ඩිම්බ කෝෂ ආශ්‍රිත හෝමෝන අසමතුලිත වීමේ රෝගී තත්ත්වයක් වන ධතරජර ඵබඪජ මචපර ඉරදඤපධථඥ රෝග ලක්ෂණයක් ආකාරයටද තරුණියන්ට කුරුලෑ ඇතිවන අවස්ථා තිබේ. එම රෝගයේ අනෙකුත් රෝග ලක්ෂණ අතර මාසික ඔසප්වීම අක්‍රමවත්වීම, සිරුර අධිකව මහත්වීම, අසාමාන්‍ය ආකාරයට මුහුණේ රෝම වර්ධනය වීම පැවැතිය හැකිය.
* තෙල් සහිත සමක් ඇති අයෙකු මුහුණේ සිදුරු අවහිර වන ආකාරයට අ‍ලේපන ගැල්වීම වැනි සමට නොගැළපෙන ආ‍ලේපන හේතුවෙන්ද කුරුලෑ හට ගන්නා අවස්ථා තිබේ.
ඔසප් ආසන්න වූ විටත් කිරි ආහාර, අධික සීනි අඩංගු ආහාර ගැනීම නිසත් කුරුලෑ තවත් වර්ධනය විය හැකිය.
කුරුලෑ හට ගැනීම කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන සාමාන්‍ය තත්ත්වයකැයි බොහෝ අය තුළ පවතින මතය නිසාය ඒ සඳහා ප්‍රතිකාර නොකිරීම මුහුණේ අශෝභන ලප කැළැල් ඉතිරි වන්නට හේතුවයි. බොහෝ ආසාදිත තත්ත්වයට පත් වූ කුරුලෑ නිසා ඉතිරි වූ කැළැල් සදාකාලිකවම පැවැතිය හැකිය.
එහෙත් කුරුලෑ හට ගත් මුහුණක එබඳු කැළැල් ඇති නොවන්නට කළ හැකි ප්‍රතිකාර ඇති බව බොහෝ අය දන්නේ නැත. අද වන විට ඒ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර පැවැතියද එම ප්‍රතිකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි නිසා හිතුමතේ ප්‍රතිකාර කරා යොමු වීම කිසිසේත් සුදුසු නොවේ. තමන් දන්නා අයෙකුට ඉතා සාර්ථක වූ ප්‍රතිකාරයක් ඔබට එලෙසින් සාර්ථක ප්‍රතිඵල ලබා නොදිය හැකියි. එය සම පිළිබඳ අධ්‍යයනයකින් පසුව සංකූලතා හා වෙනත් රෝග තත්ත්වයන් පිළිබඳවත් අවධානය යොමු කරමින් වෛද්‍ය නිර්දේශ මත සිදුකළ යුතු ප්‍රතිකාරයකි.
බ්ලැක් හෙඩ්ස් හෝ වයිට් හෙඩ්ස් ආකාරයට කුරුලෑවක් එහි මුල් අවදියේ පවතින විටදී ඒ සඳහා යම් ආ‍ලේපනයක් ප්‍රමාණවත් විය හැකිය. එහෙත් එය ඉන් එහා වර්ධනය වී ආසාදිත තත්ත්වයට පත්වූ විටදී ප්‍රතිජීවක ඖෂධය වැනි ශරීර අභ්‍යන්තරයට පවා ප්‍රතිකාර කරන්නට සිදුවේ.
කුරුලෑ සඳහා කරන ප්‍රතිකාර වලින් යම් ප්‍රතිඵලයක් දැක ගන්නට නම් අඩුම තරමින් මසක පමණ කාලයක් ගත විය හැකිය. සතියෙන් හෝ දෙකෙන් කුරුලෑ සුව වූ ලප කැළැල් නැති සමක් මෙම වෛද්‍ය ප්‍රතිකාර වලින් බලා‍පොරොත්තු විය නොහැකිය. සමහර තරුණියන් තම විවාහයට සති දෙකක් තිබියදී කුරුලෑ සුවකර ගන්නට ප්‍රතිකාර සොයා පැමිණෙන අවස්ථා තිබේ. එහෙත් එවැනි අවශ්‍යතා ඇති කෙනෙකු මාස හයකටවත් පෙර දී කුරුලෑ ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.
කුරුලෑ සඳහා කරන ප්‍රතිකාරවලින් ප්‍රතිඵලය අත්විඳින්නට මාස තුනේ සිට හය අතර කාලයක් ගත විය හැකිය. එලෙස ප්‍රතිකාර කළ යුතු කාලය වෛද්‍යවරයා විසින් ගතයුතු තීරණයකි. තවත් සමහරුන් එක් වරක් පමණක් ප්‍රතිකාර ගෙන සෑහීමකට පත්වී නැවත ප්‍රතිකාර මතක් වන්නේ නැවත කුරුලෑ වර්ධනය වන්නට පටන් ගත් විටයි. කුරුලෑ සම්පූර්ණයෙන්ම සුවකර ගන්නට නම් වෛද්‍ය උපදෙස් මත අදාළ කාලසීමාව පුරාම ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වන්නකි.
කුරුලෑ සුව වන විටදී පැහැපත් සමක් ඇති අයෙකුගේ මුහුණේ රතු පැහැති කැළැල් හෝ පැහැපත් නැති මුහුණක කළු පැහැති කැළැල් ඉතිරි විය හැකිය. එහෙත් එම කළු පැහැ හෝ රත් පැහැ කැළැල් කාලයත් සමග ඉබේම සුව වී යන අතර යම් ආලෙප්නයක් ගැල්වීමෙන් ඉතා කෙටි කාලයකින් එම කැළැල් මකා ගත හැකිය.
කුරුලෑ මර්දනයට මෙන්ම ලප කැළැල් මකා ගන්නට හෝ වළ සහිත කැළැල් වල ගැඹුර අඩු කර ගන්නට දැන් සාර්ථක ප්‍රතිකාර තිබේ. මුහුණේ සුන්දරත්වයට වැඩි හානියක් පමුණුවන මුහුණේ වලවල් ආකාරයේ කැළැල් හට ගැනීම නතර කිරීම ප්‍රධාන වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර වලින් බලා‍පොරොත්තු වේ. කුරුලෑ ආසාදනය වී යටට පැතුරුණු වලවල් ඇති නම් ඒවායේ ගැඹුර අඩුකර ගන්නට විවිධ ප්‍රතිකාර තිබුණද ඒ සදහා දීර්ඝ කාලයක් ගතවේ. එය මාස හයේ සිට අවුරුද්දක් දක්වා වියහැකිය. එම කාලය කුරුලෑ කැළැල්වල ගැඹුර මත තීරණය වන්නකි.

එතරම් ගැඹුරට විහිදී නැති සුළු කැළැල් සඳහා කෙමිකල් පීලිං නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රමයත් ඊට වඩා තරමක් ගැඹුරු කැළැල් සඳහා ‍ලේසර් ප්‍රතිකාරයක් සිදුකරයි. වඩාත් ගැඹුරට විහිදුණු කැළැල් සඳහා එම ප්‍රතිකාර ක්‍රම දෙක සාර්ථක නොවන නිසා ඒ සඳහා රුධිර පට්ටිකා එන්නත් කරන වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරන්නට සිදුවේ. සමහර පුද්ගලයන්ගේ මුහුණේ ඈතට පෙනෙන තරමේ ගැඹුරු කැළැල් යම් පමණකට නොපෙනෙන ආකාරයට සුවකර ගන්නට මෙවැනි ප්‍රතිකාර ඉතා සාර්ථක වුවද එවැනි කැළැල් සහමුලින්ම මකා දැමීමට නම් හැකියාවක් නැත.
තරුණ කාලයේ හටගත් කුරුලෑ නිසා ඇති වූ නොමැකෙන කැළැල් නිසා පීඩා විඳින වැඩිහිටියන්ට වුවද මෙවැනි ප්‍රතිකාර ක්‍රම වලින් ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තිබේ.

උත්පලා  සුභාෂිනී ජයසේකර
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මාරසිංහ
අවධාරණය කරයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 31 of 35 << < 2930313233 > >>