You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2019 07:35 PM by  Udari
කරවිල ඔසුවක් ලෙස
 681 Replies
Sort:
You are not authorized to post a reply.
Page 32 of 35 << < 3031323334 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Oct 2018 06:52 AM

වේග දරා සිටීමෙන් නොසිතන සෞඛ්‍ය ගැටලු රැසක්

අද නම් සීට් එකෙන් නැගිටින්නවත් බැරි තරමට වැඩ තිබුණා. මාර බඩගින්නකින් හිටියෙ ඔන්න දැනුයි කෑම එක ගත්තෙ දවසම වැඩ දැනුයි මතක් වුණේ දවසටම මට වතුර ටිකක් බොන්නවත් බැරි වුණා කියලා දිව ගිලෙන්න වගෙයි පිපාසය
මුළු දවසම හිටියෙ එළියෙ. ටොයිලට් යන්න වුණේ නැහැ. මම කොහේවත් ගිහින් ටොයිලට්වලට යන්නෙ නැහැනෙ. කොහොම හරි තදකරගෙන ඉඳල ගෙදර ආවට පස්සෙ තමයි යන්නෙ
මේ ළමයින්ගෙ වැඩ නිසා ටොයිලට් එකට යන්නවත් වෙලාවක් නැහැ අනේ. අනිත් වැඩත් එක්ක ඒක අමතක වෙලාම යනවා
ඔබත් මෙවැනි ආකාරයේ ශරීර අවශ්‍යතාවයන් තදකරගෙන පාලනය කරගෙන සිටින කෙනෙක්ද? අද සමාජයේ බහුතරයක් කාලයත් සමග ගෙන යන සටනට සමගාමීව මේ ආකාරයේ අපහසුතා අත්විඳින අය බව ඉතාම පැහැදිලි කරුණකි. නමුත් මෙලෙස ශාරීරික අවශ්‍යතා පාලනය කරගෙන සිටීම සෞඛ්‍ය සම්පන්න බවට මොන තරම් නම් හානිදායක වියහැකිදැයි ඔබ නොසිතුවා විය හැකිය. ආයුර්වේදයට අනුව කෙනෙකුට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා පාලනය කර නොගත යුතු වේග ගණනාවක් ගැන සඳහන් වෙයි. ඒවා අතරින් මල වේගය, මුත්‍රා වේගය, ක්ෂුද්‍රවේගය (කුසගින්න) තෘෂ්ණා වේගය (පිපාසය) ආදිය කෙසේවත් පාලනය කර නොගත යුතු වේග ලෙස සඳහන් කර තිබේ.
මේ සියලු වේගයන් යනු ශාරීරික අවශ්‍යතාවයන් නිසා ශරීරයෙන් අනවශ්‍ය දෙයක් බැහැර කිරීම සඳහා හටගන්නා ක්‍රියාවන්ය. මේවා අනවශ්‍ය ලෙස පාලනය කර ගැනීමෙන් සිදුවන්නේ ශාරීරික ක්‍රියාකාරිත්ව සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත්වීමය.
උදාහරණයක් ලෙස මල පිටකිරීමේ අවශ්‍යතාවයක් දැනුණු විට කල්නොයවා අදාළ ක්‍රියාවට සුදුසු පරිසරයක් සකසාගෙන එම අවශ්‍යතාවය ඉටුකරගත යුතුමය. ශරීරයේ අපද්‍රව්‍ය විෂ කොටස් ශරීරයෙන් පිට කිරීම සඳහා යොදා ගන්නා මාර්ගයක් බැවින් ඒවා ශරීරය තුළ සිරකරගෙන සිටීමෙන් හටගන්නා අහිතකර ප්‍රතිඵල ගැනද ආයුර්වේදයේ සඳහන්වේ. මහාබඩවැල ආශ්‍රිත රෝගී තත්ත්වයන් හටගැනීමට සහ වේදනා මතුකිරීමට බඩ පුරවා දැමීමට තදබල හිසරදයට කෙණ්ඩා ප්‍රදේශයේ වේදනාවන්ට මල බද්ධයට මේ ආකාරයට මල වේගය ධාරණය කරගෙන සිටීම හේතුවිය හැකි බව ආයුර්වේදයේ සඳහන්ය. එසේම දිගින් දිගටම මල වේගය පාලනය කරගෙන සිටිමෙන් මීටත් එහා ගිය දරුණු රෝගී තත්ත්වවලට පවා ගොදුරුවීමට ඉඩ තිබේ.
එසේම පිපාසය දරාගෙන සිටීමෙන් උගුර කට වියැළීම අධික ලෙස ශාරීරයට වෙහෙස බවක් දැනීම, කෙඩෙත්තු ගති දැනීම, අධික කම්මැලිකමක් දැනීම, හෘදයේ වේදනා මතුවීම, අප්‍රාණික ගතියක් දැනීම සේම බිහිරි වීමට පවා හේතුවිය හැකි බව ආයුර්වේදයේ සඳහන් වෙයි. ඔබත් හොඳින් ජලය පානය නොකරන, පිපාසය දරාගෙන සිටින කෙනෙක් නම් මේ රෝගී ලක්ෂණ මතුවූයේ ඇයිදැයි හේතු සිතා ගැනීම ඔබට භාරය.
එසේම මුත්‍රා බරක් දැනුණු විට එය පාලනය කරගෙන සිටීමෙන්, මුත්‍රාශය සහ ඒසම්බන්ධ අවයවවල වේදනා මුත්‍රා දැවිල්ල, තදබල හිසරදය, මුත්‍රා පිටකිරීමේදී වේදනා මතුවීම මුත්‍රාශයේ ගල් හටගැනීම සේම උණ තත්ත්වයට පවා හේතුවිය හැකිය. එසේම කුසගින්න දැනුණු විට ආහාර නොගෙන පාලනය කරගෙන සිටීමෙන් ශරීරය කෘෂෂ වීම, දුර්වල වීම, ආහාර අරුචිය, ක්ලාන්තය සේම, සමේ දුර්වර්ණවීම්, සුදුමැලි වී පැහැයේ වෙනස්කම්, සමේ ප්‍රභාව නැතිවීම ආදී අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදුවෙයි. නමුත් ආහාර ගැනීම ගැන තවත් කතා කළ යුතුවන්නේ යහපත් ආහාර, ශරීරයට විෂ සහිත නොවන ගුණවත් ආහාර ලබා ගැනීම කළ යුතු බවය. අහිතකර තෙල් මිරිස්, කෘත්‍රිම රස කාරක, වර්ණ කාරක අඩංගු ආහාර ගැනීම නිසාද කලින් රෝග ලක්ෂණ වලටත් වඩා වැඩි අහිතකර ප්‍රතිඵල ලද හැකි බව සිහි තබා ගැනීමද යහපත් වෙයි.
මේ ආකාරයේ දරා නොගෙන සිටිය යුතු වේග අතර, අධෝවායු වේගයද සඳහන්ය. එවැනි අවශ්‍යතාවයක් දැනුණු විට ඊට අවශ්‍ය සුදුසු පරිසරයක් ඉක්මනින් සකසාගෙන අදාළ කාර්ය කළ යුතුය. මන්ද අධෝවායුව පිට නොකර තදකරගෙන සිටීමෙන්ද මුත්‍රාබාධ මල හා සම්බන්ධ ආබාධ, උදරවේදනා, බඩපුරවා දැමීම වැනි ගැටලු මතුවිය හැකි බැවිනි. එසේම වමනය, කිවිසුම්, ආහාර උගුරට ඒම (උද්හාර වේගය) ඈනුම් පිටවීම, ඇස්වලට කඳුළු ඒම වැනි වේගයන්ද දරාගෙන නොසිටිය යුතු බව ආයුර්වේදයේ සඳහන්ය. මේවා දරාගෙන සිටීමෙන් ඔබ නොසිතන ආකාරයේ රෝගාබාධ රැසකට ගොදුරුවීමට සිදුවෙයි. එසේම ශුක්‍ර වේගය, වෙහෙසවීම නිසා ඇතිවන හති ගතියෙන් මතුවන තදින් හුස්ම ගැනීමේ වේගයද යටපත් නොකළ යුතු එකකි. නිද්‍රා වේගයද එසේමය. තමන්ට නිදිමතක් දැනුණු විට එය යටපත් කර සිටීමෙන් නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටලු පැන නැගීමට බොහෝ ඉඩකඩ තිබේ. හිසේ, ඇස්වල බරගති, ක්ලාන්ත ගති, කෘෂවීම්, ‍ලේ විෂවීම් වැනි දේ නින්ද පාලනය නිසා හටගත හැකිය. එසේම ශරීරය තරබාරු අය දහවල් කාලයේ නිදා ගැනීමෙන් තව තවත් තරබාරු වන බව ආයුර්වේදයේ සඳහන්වෙයි. නමුත් අධික ලෙස කෘෂ අය දහව‍ලේ නිදාගැනීමෙන් ශරීරය යම් තරමක් පුෂ්ටිමත් කර ගැනීමට උදව්වන බවද ආයුර්වේද ග්‍රන්ථවල සඳහන්වෙයි.

සාකච්ඡා කළා නිර්මලා
කුමාරි සේනාරත්න             
උපදෙස් වලපනේ නීල්දණ්ඩාහීන්න ග්‍රාමීය ආයුර්වේද රෝහ‍ලේ ආයුර්වේද වෛද්‍ය
තරංග  සඳකැලුම් වීරතුංග

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Oct 2018 06:56 AM

සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියාව දක්වා යන හැටි


උණ සෙම්ප්‍රතිශ්‍යාව නොසෑදුණ කෙනෙකු නැත. මේ වන විට කී වතාවක් නම් අපි උණෙන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳ ඇත්ද? බොහෝ විට එය වැඩි කරදරයක් නොකර ඉබේම සුව වී ගියද තවත් විටෙක එසේ නොවේ. අප බලා‍පොරොත්තු වන ඉක්මනට සුවය ගෙන නොදී බොහෝ පීඩා පමුණුවමින් දිගින්දිගටම ප්‍රතිකාර ගන්නට සිදුවන තැනට පවා මේ සුළු සෙම්ප්‍රතිශ්‍යාව පත්වන අවස්ථා තිබේ. සෙම්ප්‍රතිශ්‍යාවක් එතරම් බරපතළ තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි අද අපි විමසා බලමු.
සෙම හටගත් විටදී ඉන් පීඩාවට පත්වන්නේ පපුවයි. හුස්ම ගැනීම සහ පිට කිරීම යනු අප අවට ඇති වාතය නාස් පුඩු තුළින් ඇද පපුව තුළට ගැනීමත් එහි ඇති වාතය නැවත පිටකර හැරීමත්ය.
එලෙස නාසයෙන් ඇද ගන්නා වාතය උගුර හරහා කෙළින්ම පැමිණෙන්නේ පපුවටයි. පපුව සහ බඩ ඉදිරියට නෙරා එන්නේ එවිටය. අපේ පපුවත් බඩත් වෙන් කරන මායිම කුඩයක් ආකාර ගනී. කුඩය වැනි වූ කොටස මාංශපේශීන් මගින් පහළට අදින විට ඉන් පහළට ඇති සියල්ල තව තවත් පහළට තල්ලු වී යයි. බඩ ප්‍රදේශය ඉදිරියට නෙරා එන්නේ ඒ තල්ලුව නිසාය.
කුඩය වැනි කොටස හකුලන විට නැතිනම් මාංශපේශීන්ගේ ඇදීම අත්හල විට ඊට ඉහළින් ඇති පපුව තෙරපී පපුවේ ඇති වාතය ඉවතට ඇදෙයි. එවිට බඩේ ඇති සියල්ල ඉහළට තල්ලු වී යන අතර හුස්ම පිටකරන විට බඩ ඇතුළට යනවාසේ පෙනෙන්නේ එනිසාය. හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා පපුවත් බඩත් එකවිට ඉහළ පහළ යන්නේ මේ ක්‍රියාවලිය හේතුවෙනි.
මේ ආකාරයට පපුව තුළට ඇද ගන්නා වාතය පපුව දෙපස ඇති ලොකු කාමර දෙකක් වෙන ගමන් කරයි. එම කාමර ස්‍පොන්ච් ආකාරයේ කොටස් වලින් පිරී පවති. වම් පස ස්‍පොන්ච් කැබලි දෙකකින්ද දකුණු පස ස්‍පොන්ච් කොටස් තුනකින්ද පෙණහලු සමන්විතයි. හැකිලෙන්නට දිග හැරෙන්නට හැකි මෙම ස්‍පොන්ච් කොටසක් කුඩා සබන් බුබුළු ආකාරයේ බුබුළු ලක්ෂ 6000කින් යුතු බව සොයාගෙන තිබේ. ස්‍පොන්ච් කොටස හැකිලෙන විට මේ සියලු බුබුළු එකවර හැකිලී යන අතර නැවත දිග හැරෙන විට ඒවා සියල්ල නැවත විවර වේ. ස්‍පොන්ච් වැනි මේ සියල්ල එකට ගත් කල අපි ඒවා පෙණහලු ලෙස හඳුන්වමු.
උගුරෙන් පහළට වාතය ගමන් කරන්නේ ඇඟිල්ලක් පමණ පළල බටයක් තුළිනි. එම තනි බටය පපුවට ඇතුළුවන විටම දෙකට බෙදී දෙපසට විහිදි යමින් නැවත තවත් කුඩා කුඩා බට ගණනාවකටම බෙදී යයි. ඒවා ගසක අතු ආකාරයට බෙදි ගියද ලක්ෂ සංඛ්‍යාත නාල සමූහයකි. ඒ සෑම සියුම් බටයක්ම අවසන් වන්නේ අප මුලින් සඳහන් කළ ඉතා සියුම් කුහරයක් තුළට ඇතුළු වීමෙන්ය. අප ගන්නා හුස්ම මේ සියලු බට තුළින් ගමන් කර සූක්ෂම කුහර සියල්ලටම එක වර ඇතුළු වේ. යම් තෙතමනයක් සහිත මෙම කුහර තුළදී පපුව තුළට ගත් ඔක්සිජන් දියවී එහි ඇති පටලය තුළින් ඒ ආසන්නයේම ඇති සියුම් නහරයකට ඇතුළුවේ. පෙණහලු තුළින් ‍ලේ ගමනාගමනය සිදුවන විටදී මේ සෑම කුහරයක් විසින්ම ‍ලේ වලට ඔක්සිජන් වාතය මුදාහරිනු ලබයි.
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුන අයෙකු එක් කිවිසුමක් බැහැර කරන විටදී සෙම, සොටු, කෙළ බිඳිති සමග විෂබිජ සහ වෛරස් අති විශාල ප්‍රමාණයක් අවට පරිසරයේ වාතයට එකතු කරයි. එවැනි නොයෙක් ආකාරයන්ගෙන් අපට නොපෙනෙන බැක්ටීරියා වෛරස් විශාල වශයෙන් අපි ගන්නා හුස්ම ‍පොදට එකතු වේ. එලෙස ශරීරයට ඇතුළු වන වෛරස්, බැක්ටීරියා ශ්වසන මාර්ගයේ බිත්තිවල තැන්පත් වූ වහාම අපේ ශරීරයේ ඇති ඉතා කුඩා ෙසෙල විවිධ උපක්‍රම යොදමින් ඒවා පලවාහැරීමේ සටනකට අවතීර්ණ වේ.
සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ වැටුණත් නැතත් දින කිහිපයකින් රෝගය සුව වී යන්නේ මේ සටනේදී ශරීරය ජය ගැනීම නිසාය. අපේ ශරීරයට එවන් හැකියාවක් තිබුණද වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක පවා මෙහිදී කළ හැකි වැඩි යමක් නැත.
නාසයෙන් දියර ගලමින් ඇඟපත රිදුම් දෙමින් හුස්ම මාර්ගය ඉදිමෙන්නට පටන් ගන්නේ වෛරස් විෂබිජ වලට එරෙහි මෙම සටන ආරම්භ වීමත් සමගය. හුස්ම මාර්ගය ඉදිමීමත් සමග වාතයට ගමන් කරන්නට ඇති මාර්ගය අවහිර වීම නිසා හුස්ම ගැනීමේ අපහසුව සමග පපුවෙන් විවිධ ශබ්ද ඇතිවිය හැකිය. හුස්ම මාර්ගයේ උනන දියර බැහැර කිරීමට කැස්ස කිවිසුම් යෑම හට ගනී.
රටක යුද්ධයක් පවතින විට ඒ රටේ කිසිදු දියුණුවක් නැති ආකාරයට ශරීර අභ්‍යන්තරයේ මෙවැනි සටනක් පවතින විට ඉතා හොඳින් සිටි අයෙකු පවා දිනෙන් දෙකෙන් රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම සටනේදී ශරීරය විසින් වෛරස් විනාශකර දමන තරමටම රෝගියාද දැඩි පීඩාවකට පත්වේ. උණ, හිසරදය, වමනය, ආහාර අරුචිය වැනි අපහසුතාවයන්ට බොහෝ විට රෝගියා මුහුණ දෙයි.
එහෙත් අප මුලින් සඳහන් කළ දියර රෝගියා කහින විටදී ඉතා සිහින් නාල තුළින් පිටකර ගන්නට නොහැකි වුවහොත් පෙණහැල්‍ලේ ඇති ස්‍පොන්ච් වැනි කොටස පුරා පැතිර යන්නට පටන් ගනී. එවිට පෙණහැල්ලෙන් කොටසක් සෙම සහ සැරව වලින් සම්පූර්ණයෙන්ම පිරී යෑම සිදුවේ. අප නියුමෝනියාව ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි.
සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝගී තත්ත්වයකින් ඇරඹී එය නියුමෝනියාව වැනි බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වන්නට බලපාන හේතු මොනවාදැයි දැන් අපි විමසා බලමු. රෝග කාරක බැක්ටීරියාවේ ඇති ප්‍රබලත්වය බොහෝවිට මෙවැනි තත්ත්වයක් ඇතිකරවිය හැකියි. ඒ සඳහා දෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ දුර්වල නම් එවිටද බැක්ටීරියා බලසම්පන්න වී රෝගී තත්ත්වය වර්ධනය විය හැකිය.

ඊට අමතරව රෝගියාගේ ශරීරය දුර්වලනම් දියවැඩියාව හෝ වෙනත් නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නේ නම් සහ රෝගී තත්ත්වය පිළිබඳව රෝගියා සැලකිලිමත් නොවූයේ නම් නියුමෝනියා තත්ත්වයක් දක්වා රෝගය උත්සන්න විය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව පවතින විටදී නෑම නියුමෝනියාවට හේතු වන බව වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු වී නැති වුවද නියුමෝනියාව වැලඳුන සෑම රෝගියෙකුගෙන්ම පාහේ කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට නෑම, වැස්සට තෙමීම පිළිබඳව පවසා තිබේ.
මෙවැනි නියුමෝනියා තත්ත්වයක් එක්ස් කිරණ ඡායාරූපයක සුදු පැහැ ගුලියක් ආකාරයට ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. මෙලෙස පෙණහලු ආක්‍රමණය කරන විෂබිජ එතැනින් නොනැවතී විවිධ වූ විෂද්‍රව්‍ය දිගින් දිගටම පිට කරද්දි ශරීරය අන්ත අසරණ තත්ත්වයට පත්වේ. විෂබිජ ‍ලේ වලටද එකතු වූ විට ‍ලේ ගමන අඩාල වේ. සමහර විට යාබද පෙණහලු කොටස් වලටද විෂබිජ පැතිර යන අවස්ථා තිබේ. එවිට රෝගියා තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත්වේ.
මෙවැනි අවස්ථාවකදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නම් කුමන විෂබිජ වර්ගය ශරීරගත වී තිබේද යන්නත් ඒවා බලහීන කරවිය හැකි ප්‍රතිජීවක ඖෂධය කුමක්ද යන්නත් හඳුනා ගැනීම වෛද්‍යවරයාගේ දක්ෂතාවයයි. රෝහල් ගත කර දින ගණනාවක් ප්‍රතිජීවක ඖෂධය රුධිර ගත කරන විටදී සුව අතට හැරෙන්නට බොහෝ විට රෝගියාට හැකියාව
තිබේ.

උත්පලා
සුභාෂිනී ජයසේකර
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග
විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අවධාරණය කරයි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Oct 2018 06:45 PM
අපිටත් සීත කාලෙට නිතරම සෙම් ලෙඩ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Nov 2018 06:15 AM
Posted By Udari on 30 Oct 2018 06:45 PM
අපිටත් සීත කාලෙට නිතරම සෙම් ලෙඩ
ඉතාලියට එච්චර තද සීතලක් නැහැ නේද..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Nov 2018 09:26 PM
Posted By samantha on 01 Nov 2018 06:15 AM
Posted By Udari on 30 Oct 2018 06:45 PM
අපිටත් සීත කාලෙට නිතරම සෙම් ලෙඩ
ඉතාලියට එච්චර තද සීතලක් නැහැ නේද..


අපි ඉන්නෙ උඩ හරියට දෙසැම්බර් / පෙබරවාරි - 5 / - 10 ට ත් අඩු වෙනව අය්ය ......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 06:21 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 06:54 AM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/48392.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/48393.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/48394.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/48395.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/48396.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/48397.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/48398.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/48399.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 07:08 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 07:08 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 07:08 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 07:59 AM

ක්ෂය රෝගය

ලෙඩක හැටි

 

ක්‍ෂය කියූ සැනින් අප සිතට දැනෙන්නේ භීතියකි. එහෙයින් ක්‍ෂය රෝගය වැලඳුන අයෙකු සමඟ ආශ්‍රයට පමණක් නොව රෝගය වැලඳුන අයෙකුගේ නිවසින් වතුර ටිකක් හෝ බීමට මිනිසුන් තුළ ඇත්තේ පුහුදුන් බියකි.
නිරෝගීකමට තර්ජනයක් වෙමින් ඇතිවන බෝවන, බෝ නොවනා රෝගයන්ට අපට ඇතැම්විට දීර්ඝකාලිනව ප්‍රතිකාර ගත යුතු අතර ඇතැම් රෝගයන් සුවකර ගැනීමට ජීවිත කාලයම ප්‍රතිකාර ගත යුතුය.

නමුත් ක්‍ෂය රෝගය නිට්ඨාවට සුවකිරීමට ගත වන්නේ මාස 06ක කාලයක් පමණි.

මයික්‍රෝබැක්ටීරියම් කියුබෝකියුලෝයිස් (Mycobacterium tuberculosis) බැක්ටීරියාව මගින් ඇතිවන ක්‍ෂය රෝගය වාතය මගින් පැතිරෙන බැවින් හුස්ම ගන්නා ඕනෑම අයෙකුට රෝගය ඇතිවිය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දේ.

රෝගියෙකුගේ රෝග කාරක බැක්ටීරියා අඩංගු කෙළ බිඳිති පරිසරයට එකතුවීමෙන් නිරෝගි අයෙකුට රෝගය පැතිරීම සිදුවේ.

රෝග ලක්‍ෂණ

 

  • දිගුකල් පවතින කැස්ස (සති 2කට වඩා පවතින කැස්ස)
  • කැස්ස සමඟ කහ පාටින් සෙම පිටවීම හෝ ඇතැම් විට ලේ පිටවීම.
  • කෑම අරුචිය.
  • ශරීරය කෙට්ටු වීම.
  • සවස් කාලයේදී මද උණ ගතියක් ඇතිවීම සහ රාත්‍රියේදී දහඩිය දැමීම.
  • හුස්ම ගැනීමේ අපහසුතා.
  • හතිය

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ක්‍ෂය රෝගයේදී මෙම රෝග ලක්‍ෂණ මූලික වශයෙන් දැකගත හැකි අතර, ශරීර අවයවයන්හි ඇතිවන ක්‍ෂය රෝගයන්, පෙනහළු ආශ්‍රිතව ඇති වන ක්‍ෂය රෝගය මෙන් ක්‍ෂණිකව දැකගත නොහැකි වේ.

ක්‍ෂය රෝගය නිය, කෙස් හැර ඕනෑම අවයවයක දී ඇතිවිය හැකිය. මොළය ආශ්‍රිතව වැල​ෙඳන ක්‍ෂය රෝගයේදී සිහිමද ගතිය, වලිප්පුව ඇතිවිය හැකිය. වකුගඩු ආශ්‍රිතව ක්‍ෂය රෝගය පැතිරී ඇතිවිට මුත්‍රා පැසවීම, වකුගඩු ආසාදන, බඩේ කැක්කුම ආදිය ඇතිවන අතර ඇසේ ඇතිවීමෙන් බාහිර හේතුවක් නොමැතිව පෙනීමේ දුර්වලතා ඇතිවිට, ඇස් රතු වීම, හිසරදය සමඟ ආලෝකය දෙස බැලීම අපහසු වේ. සමේ ඇති වන ක්‍ෂය රෝගයේදී සමේ රතුපැහැ ලප ඇති වේ. උදරය ආශ්‍රිතව ඇතිවන ක්‍ෂය රෝගයේදී පාචනය, උදරය තුළ ගෙඩි ඇතිවීම, උදරය ඉදිමීම, උදරය නෙරා එ්ම වැනි රෝග ලක්‍ෂණ දැකිය හැකිය. ක්‍ෂය රෝගයේ රෝග ලක්‍ෂණ රෝගකාරක බැක්ටීරියාව ආසාදනය වී ඇති ඉන්ද්‍රිය හෝ පටක පද්ධතින් අනුව වෙනස් වේ.

බැක්ටීරියාවේ ස්වභාවය.

මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් ක්‍ෂය රෝග කාරක බැක්ටීරියාව ඉතා සැහැල්ලු ගතියෙන් යුක්ත වන අතර, පෙනහල්ලේ උඩ කොටසේ තැම්පත් වී, පෙනහළුවල රැඳීම සිදුවේ. මෙම ක්‍ෂය රෝගකාරක විෂබීජය සෑම පැය 15 සිට 20කට වරක් ද්විඛණ්ඩනය වන අතර නිද්‍රාගතව තිබේ. එතැන් සිට රෝගියා සෙමෙන් සෙමෙන් රෝගයට ග්‍රහණය වේ. රෝගියකු කසින විට විෂබීජ සහිත කෙළ බිඳිති වාතයට එකතු වන අතර, පිරිසිදු වාතයේ සැලකිය යුතු කාලයක් රඳා පවතින අතර මෙම විෂබීජය හිරු එළියේ හොඳින් විනාශය වේ.

ප්‍රතිකාර

රෝගකාරක බැක්ටීරියාව මර්දනය කිරීමට ක්‍ෂය රෝගින් වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන අතර එම ඖෂධ නොකඩවා මාස 6ක (හයක) කාලයක් ගැනීම ඉතාම වැදගත්ය. මුල් මාස දෙකේදී ක්‍ෂය රෝගීන් ප්‍රතිකාර ගත යුත්තේ සෘජු අධික්‍ෂණය යටතේය.

මුල් මාසයේදී නිවැරදිව ප්‍රතිකාර ලබා ගන්නන්ගෙන් රෝගය පැතිරීම සියයට 99ක් පමණ අවම වේ.

රෝගය පැතිරීම වළකා ගැනීමට.

 

  • ඖෂධ සමඟම රෝගියාගේ පෝෂණ තත්ත්වයද වැඩි දියුණු කළ යුතුය.
  • පිරිසිදු වාතාශ්‍රය හොඳින් ලැබෙන කාමරයක රෝගියා තැබිය යුතුය.
  • රෝගියා මෙන්ම රෝගියා රැක බලා ගන්නන්ද මුඛ ආවරණයක් පැළඳීම උවමනාවෙන් කළ යුතුය.

ක්‍ෂය රෝගියාට තැන තැන කෙළ ගැසීමට නොදිය යුතුය. ඉතා ඉක්මණින් පැතිරෙන ක්‍ෂය රෝගයට වසරකට අලුතින් රෝගීන් 14000-15000ක් පමණ වාර්තා වේ. නමුත් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගීන් 9000-10000 ප්‍රමාණයක් පමණි. 4000ක් පමණ රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවන අතර රෝගය හඳුනා නොගෙන, ප්‍රතිකාර සඳහා යොමු නොවනා මොවුන් රෝග වාහකයන් වේ. මෙම පිරිස හඳුනා ගැනීම සෞඛ්‍ය අංශයන්ට ද අභියෝගයක් වී තිබේ.

 

 

ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
සමන් කපිලවංශ

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය

-http://www.lankadeepa.lk-

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 08:07 AM

තයිරොක්සීන් ඌනතාව (HYPOTHYROIDISM)

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ හෝමෝන රෝග හා 
දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ

වෛද්‍ය ශ්‍යාමින්ද කහඳව

 

දියවැඩියා රෝගයට පසුව ලොව බහුලව රෝගීන් වාර්තා වෙන හෝමෝන රෝගය වන්නේ තයිරොක්සීන් ඌනතාවයයි.   

වැඩිහිටි ජනගහනයෙන් සියයට දෙකක් පමණ මෙම රෝගයට දැනට ගොදුරු වී ඇති අතර පිරිමින්ට සාපේක්ෂව තයිරොක්සීන් හෝමෝන ඌනතාවන් කාන්තාවන්ට ඇති වන බවද හඳුනාගෙන ඇත.   

රෝගය ඇති වන ආකාරය   

අපගේ ගෙලෙහි ඉදිරි පස පිහිටා ඇති සමනළයෙකුගේ හැඩය ගත් තයිරොයිඩ් ග්‍රන්ථියේ මූලික ක්‍රියාකාරීත්වය වනුයේ සිරුරට අවශ්‍ය තයිරොක්සීන් හෝමෝනය නිපදවීමය.   

තයිරොක්සීන් හෝමෝනය සිරුරේ සෑම ඉන්ද්‍රියක්ම, සෑම ශරීර පද්ධතියක්ම සහ සෑම ශරීර ක්‍රියාවලියක්ම නියමිත වේගයකින් පවත්වා ගැනීමට ඉවහල් වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් මෙම හෝමෝනය නිපදවීම ක්‍රමානුකූලව ඇති නොවීම තයිරොක්සින් හෝමෝන ඌනතාවන් ඇති වීමට මූලිකවන හේතු යෙදේ.   

තයිරොක්සීන් හෝමෝනයේ ඌනතාවයන් ඇති වීමට බලපාන හේතූන්   

 

  • ශරීරයේ නිපදවෙන ප්‍රතිදේහ මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම   
  • අයඩින් ඌනතාව   
  • උපතේ දී තයිරෝයිඩ් ග්‍රන්ථිය නිසි පරිදි සකස් වී නොතිබීම.   
  • මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති වී ශල්‍ය කර්මයකින් ඉවත් කර විකිරණ ප්‍රතිකාර කිරීමෙන් පසුවද එවැනි රෝගීන්ට පසු කාලීනව තයිරොක්සින් හෝමෝන ඌනතාවයන් ඇති විය හැකිය.   

 

රෝග ලක්ෂණ   

 

  • අලස බව   
  • නිදි බර ගතිය   
  • මොළයේ සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු වීම.   
  • අධික ලෙස සීතල දැනීම   
  • බාහිර හේතූන් නොමැතිව හිස කෙස් වැටීම හෝ අධික ලෙස සම වියළී යාම   
  • කෑම අරුචිය සමග ශරීරයේ බර වැඩි වීම.   
  • මල බද්ධය   
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම   
  • කටහඬ ගොරෝසු වීම   

මෙම රෝග ලක්ෂණ වලට අමතරව මද සරු භාවය (දරුවන් පමා වීම), ශරීරයට අහිතකර කො​ෙලස්ටරෝල් වැඩි වීම, මානසික රෝග, ගලගණ්ඩය වැනි රෝග ඇති අවස්ථාවේදී ද තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවයක් නිසා එවැනි තත්ත්වයකට රෝගියා පත් වූයේ ද යන්න සොයා බැලීමට තයිරොක්සින් හෝමෝන පරීක්ෂාවකට ලක් වන ලෙසට ​ෙවෙද්‍යවරු උපදෙස් දෙති.   

රෝගය නිවැරැදිව හඳුනා ගැනීම   

යම් රෝගියෙකු තයිරොක්සීන් හෝමෝන ඌනතාවයකින් පෙළෙන්නේ ද යන්න නිවැරදිව දැන ගැනීමට වෛද්‍ය උපදෙස් මත TSH, Free T4 රුධිර පර්යේෂණ කර ගත හැකිය. මෙම රුධිර පරීක්ෂාව සඳහා නිරාහාරව සිටීමට අවශ්‍ය නොවේ.   

තයිරොක්සින් හෝමෝනය මැන බැලීමට භාවිත කරන රුධිර පරීක්ෂාවන් සැලකිල්ලට ගෙන වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර නියම කෙරේ.   

ප්‍රතිකාර   

තයිරොක්සීන් ඌනතාවයෙන් පෙළෙනා බවට හඳුනා ගත් රෝගීන්ට මුඛයෙන් ලබා ගත හැකි තයිරොක්සීන් හෝමෝන පෙති ලබා දේ.   

​ෙමලෙසින් නියම කරන හෝමෝන පෙති දීර්ඝ කාලයක් ගැනීමට අවශ්‍ය වන අතර නියමිත මාත්‍රාවෙන් නියම වේලාවට ගැනීමද ඕනෑ කමින් කළ යුතුය.   

තයිරොක්සීන් හෝමෝනය නිසි පරිදි උරා ගැනීම සඳහා ආහාර මාර්ගය ආහාර පාන නොමැතිව නිදහස්ව තිබීම ඉතාම වැදගත්ය.   

එම නිසා තයිරොක්සීන් හෝමෝනය ගත යුත්තේ උදෑසන අවදි වූ විගස පිරිසිදු ජල වීදුරුවක් සමගය. ඖෂධය ගෙන ද පැය භාගයක් යන තෙක් කිසිදු ආහාරයක් හෝ පානයක් නොගත යුතු බව වෛද්‍ය නිර්දේශය වේ. තයිරොක්සීන් ඌනතාවයෙන් පෙළෙනා රෝගියෙකුට හෝමෝන ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු මාස 3-6 කට වරක් රුධිර පරීක්ෂාවට භාජනය කර තයිරොක්සීන් හෝමෝනයේ අගය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය. 

 
වැරදි මත   

තයිරොක්සීන් හෝමෝනය බාහිරෙන් ලබා ගන්නා රෝගීන්ට පසු කාලීනව අතුරු ආබාධ තත්ත්වයක් ඇති විය හැකි බවට වැරදි මතයක් තිබේ. මෙහි කිසිදු සත්‍යතාවක් නොමැත. මෙහිදී සිදු වන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ පවතින තයිරොක්සීන් හෝමෝනයේ ප්‍රමාණයට රෝගියාගේ රුධිරයේ තයිරොක්සීන් හෝමෝනයේ ප්‍රතිශතය පෙති මගින් ලබා ගැනීමය.   

ඇතැම් රෝගීන් හිතුමතේ තයිරොක්සීන් හෝමෝනය ගැනීම නතර කිරීමට පෙළෙඹේ. නමුත් ​ෙමම හෝමෝනය බාහිරෙන් ගන්නෙකු වෛද්‍ය උපදේශයකින් තොරව ප්‍රතිකාර ගැනීම නතර නොකළ යුතුය.   

ගෝවා සහ රාබු වැනි එළවළු බහුලව ගැනීම ද තයිරොක්සීන් හෝමෝන ඌනතාවයක් ඇති වීමට බලපාන බවට සමාජයේ මතයක් තිබේ. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දෙන්නේ ව්‍යාංජනයක් ලෙස සකසා ගත් ගෝවා හෝ රාබු සාමාන්‍ය ප්‍රමානයක් ආහාරයට ගැනීමෙන් හොමෝන ඌනතාවයක් ඇති නොවන බවය.

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය

-http://www.lankadeepa.lk/-

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Nov 2018 11:07 AM
අපි නම් අයඩින් ලුණු විතරයි දැන් කාලයක් තිස්සෙ ගන්නෙ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 04:38 PM

බරපතළ රෝග කෙටි කලකින් සුවකරන රස ප්‍රතිකාර

වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව සමාජ මට්ටම්වලින් තොරව, බොහෝ දෙනා කුමන හෝ රෝගයකින් පීඩා විඳිමින් සිටිති. මෙලෙස රෝගී වීමට හේතූන් විශාල ප්‍රමාණයකි. බොහෝ දෙනා රෝගී වන්නේ නොසැලකිමත්කමිනි.

ඔබ උදෑසන අවදි විය යුත්තේ උදේ පාන්දර 4.24ත් 5.24ත් අතරය. මේ කාලය විශ්වයේ වැඩිම බලයක් ගොඩනැගෙන, ශාකවල පත්‍ර වර්ධනය වන ශරීරයේ ශක්තිය උපරිම වැඩි වෙන විශ්වයේ සුභම සුභ කාලය ලෙස හැඳින්විය හැක. මෙම කාලය හඳුන්වනු ලබන්නේ බ්‍රහ්ම මුහුර්තය කාලය ලෙසයි.

ඔබ උදෑසනම අවදි වී වතුර වීදුරුවක තරම් ජල ප්‍රමාණයක් පානය කරන්නේ නම් එය ඔබේ නිරෝගී භාවය වර්ධනය කරගැනීමට මහත් පිටුවහලක් වේ. මෙහිදී එම වතුර වීදුරුව තුළින් ඔබේ සිරැරේ වකුගඩු, ආමාශය, අග්නායාස, පිත්තාශය, අක්මාව ආදී සියලු ඉන්ද්‍රීයන්වල ක්‍රියාකාරීත්වය ආරම්භ කරයි.

රෝගවලට ගොදුරු වීමට තවත් ප්‍රබලතම හේතුවක් වන්නේ ශරීරයේ පවතින ආම්ලිකභාවය වැඩි වීමයි. ආම්ලික භාවය වැඩි වීම යනු PH අගය අඩුවීමයි. මෙහිදී PH අගය බින්දුව යනු උපරිම ආම්ලික තත්ත්වයයි. එය බින්දුවේ සිට 1, 2, 3, 4 ලෙසින් ක්‍රමයෙන් අඩුවී යයි. එනම් PH අගය 7 යනු උදාසීන, ආම්ලිකත් නැති, භාෂ්මිකත් නැති මාධ්‍යයකි. එය ප්‍රශස්තයි.

නමුත් PH අගය හිතට වඩා වැඩිවී 7 සිට ඉහළට 14 දක්වා වැඩි වීම භාෂ්මික මාධ්‍යයට යාමකි. අපේ ශරීරයේ සිදුවන ක්‍රියාකාරීත්වයක් තුළින් අප ආහාරයට ගන්නා බොහෝ තුළින් අපේ ශරීරයේ PH අගය අඩුවී සිරැර නිතරම ආම්ලික භාවයට හැරේ. එනම් ඔබේ රෝග කිසි දිනක නිට්ටාවට සුවපත් නොවේ. 

ඔබ නිතරම පිරිසිදු භාෂ්මිකතාවය වැඩි (ආම්ලික භාවයෙන් අඩු) ජලය භාෂ්මිකතාවය වැඩි ආහාර වර්ග, පාන වර්ග ගැනීමෙන් ඔබගේ ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව සියල්ල වර්ධනය කරගත හැකිය.

විශේෂයෙන්ම පිරිසිදු කැරට්, ගොටුකොළ, කොහිල අල, මුකුණුවැන්න, කෝමාරික, වට්ටක්කා, ගස්ලබු, දම් පාටට හුරැ පළතුරු, එළවළු, පැණි කොමඩු, මී පැණි, ඔලිව් ඔයිල්, මැංගුස්, කුරහන්, රතු ලූනු ආදී බොහෝ ආහාර වර්ග මෙම භාෂ්මිකතාවය වැඩි ආහාර ලෙසින් හැඳින්විය හැක. මෙවැනි ආහාරපාන භාවිතා කරන්නේ නම් ඔබගේ නිරෝගීකම ඉතා ඉක්මනින් ඉහළ දමාගත හැක.

වර්තමානයේ දී විශාල ආහාර ප්‍රමාණයක් ඇත්තේ ආම්ලිකතාවය වැඩි ඒවාය. ඊට හේතුව ආම්ලිකතාවය අපගේ දිවේ රසය පිනවීම නිසා අප නොදැනීම ඊට පෙළඹීමයි.

අපගේ ශරීරයේ 72%ක්ම පවතින්නේ ජලයයි. සාමාන්‍ය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ, පෙනහළුවල 90%ක් ද, රැධිරය 82%ක් ද, මාංශ පේශීවල 75% ක් ද, මොළයේ 70%ක් ද, අස්ථිවල 22%ක් ද ජලය අඩංගු වේ.

එසේ නම් අප භාවිත කරන ජලයේ ආම්ලිකතාවය වැඩි නම් ලවණ ගතිය (කිවුල් ගතිය) වැඩිවේ නම් මෙමඟින් වකුගඩු, අක්මාව, පිත්තාශය, මුත්‍රාශය, අග්න්‍යාශය ආදී ප්‍රධානම ඉන්ද්‍රීයක් රෝගී කරයි. මේ නිසා ආම්ලිකභාවය වැඩි ජලය වෙනුවට භාෂ්මික ජලය (Alkalized water) දිනපතා පානය කරන්න.

එමඟින් ස්ථූලතාවය (අනවශ්‍ය බර) අඩු වීම, තරැණකම රුකදීම, විජලනය (සිරුර වියළීම) වළක්වාලීම, ශරීරයේ පවතින විෂ පිට කිරීම. ශරීර PH අගය සමබර කිරීම, හෘද ස්පන්දනය ක්‍රමවත් කර රුධිර පීඩනය නියමිත නිරෝගී මට්ටමේ පවත්වා ගැනීම. අක්මාව, වකුගඩු, පිත්තාශය, මොළය, හෘදය, අග්න්‍යාශය ආදී සියලු ඉන්ද්‍රීයන් නිරෝගී කරවයි. එමෙන්ම මෙමඟින් සෞඛ්‍යමත් අස්ථි පද්ධතියක් ඇති කරයි. ආහාර ජීර්ණය ක්‍රමවත් කර ශරීර ශක්තිය වඩවයි.

එමෙන්ම පොළොවෙන් ලබාගන්නා රසදිය, ගෙන්දගම්, රංහිරිගල්, රත්තරන් ආදී ද්‍රව්‍යයන් භාවිතා කරමින් රස වෛද්‍ය ක්‍රමයට අනුව සදාගන්නා ඖෂධ තුළින් ද PH අගය වැඩි කරලීමේ හැකියාව පවතී. මේ නිසා විශාල රෝග සංඛ්‍යාවක් නිට්ටාවටම සුවකර ගැනීමට රස ඖෂධ ප්‍රතිකාර තුළින් දේශීය වෛද්‍ය ක්‍රමයේ හැකියාව පවතී.

රස වෛද්‍ය ක්‍රමයේ විශේෂත්වය නම් ඉතාමත් බරපතළ රෝග ඉතා කෙටිකාලයකදී නිට්ටාවටම සුව කිරීමට හැකිවීමයි. රෝහල්වල සුව කළ නොහැකියැයි කියන පිළිකා, ආතරයිටීස්, දියවැඩියා, වකුගඩු රෝග, ඇදුම, අර්ශස් ආදී රෝග රස ඖෂධවල බලමහිමයෙන් නිට්ටවටම සුව කරගැනීමේ හැකියාව පවතී.

ආයුර්වේද පාරම්පරික දේශීය, 
රස වෛද්‍ය
වජිරජීව සරත් කුමාර
ජීවබල වෙද මැඳුර, මහින්ද 
ජයසිංහ මාවත,
කිරිල්ලවල - කඩවත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 04:40 PM

කාන්තාවන්ටත් වැළඳෙන හර්නියා

වර්තමානයේදී හර්නියා රෝගය වැළඳී ඇති පුද්ගලයෝ සුලභව සමාජය තුළ වෙසෙති. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අන්ත්‍ර වෘද්ධි ලෙසින් මෙම රෝගය හඳුන්වයි. ශරීරයේ ඕනෑම ස්ථානයක පවතින අවයවයක් හෝ අවයව කිහිපයක් එය ආවරණය කරගෙන ඇති පටල ස්ථරය හරහා පිටතට නෙරා ඒම හර්නියා රෝගය ලෙසින් සරලව හැඳින්විය හැක. නමුත් මෙය බහුලව දක්නට ඇත්තේ උදරය ආශ්‍රිතවය. උදරය ඇතුළත ඇති අවයව උදර බිත්තියේ දුර්වල පටල ආවරණයක් ඇති ස්ථානයකින් නෙරා ඒම සිදුවේ.

මෙයට බොහෝ හේතු බලපායි. ඒ අතර යම් පුද්ගලයකුගේ උපතේදීම උදර බිත්ති දුර්වලවීම් තිබිය හැක. මීට අමතරව අතිස්ථුලතාවය නිසා උදර බිත්ති දුර්වලවීම, දරු ප්‍රසූති කිහිපයකින් පසු උදර බිත්ති පටලවල ශක්තිමත්භාවය අඩුවීම, ශල්‍යකර්මවලදී සිදුකරන කැපීම්වලදී එම ස්ථානවල මාංශපේෂි දුර්වලවීම ආදී හේතු දැක්විය හැක. කාලීනව පවතින මළබද්ධය හා වෙනත් රෝගී තත්ත්ව නිසාද, විශේෂයෙන් දුම්පානයට ඇබ්බැහි වූවන්ගේ මාංශපේෂිවල ශක්තිමත්භාවය අඩුවීම හේතුකොටගෙන හර්නියා ඇතිවිය හැකිය.  

හර්නියා රෝගය කාන්තා හා පුරුෂ දෙපාර්ශ්වයටම ඇතිවිය හැකි රෝගයකි. වැඩි වශයෙන්ම හර්නියා ඇතිවන්නේ ඉකිළි හා නාභිය මෙන්ම නාභියට ඉහළින් හා උදරයේ කැපුම් ආශ්‍රිතවය. 

උත්පත්තියෙන්ම හර්නියා ඇතිවන අවස්ථාද දක්නට ලැබෙයි. විශේෂයෙන්ම නාභියට ඉහළින් හා නාභිය ආශ්‍රිතව ඇතිවේ.

උදරයේ යම් ස්ථානයක අසාමාන්‍ය නෙරා ඒම, යම්කිසි බරක් ඔසවනවිට හෝ කැස්ස සමඟ උදරයේ පීඩනය වැඩිවන විට එය නෙරා ඒම වැඩිවේ. මෙය සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ. බහුලවම දක්නට ලැබෙන්නේ inguinal hernia නම් අවස්ථාවයි. එහිදී වෘෂණ ප්‍රදේශයේ වේදනාව හා ඉදිමුම දක්නට ලැබේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මේ සඳහා එකම පිළියම වන්නේ ශල්‍යකර්මයයි. එහිදී බොහෝවිට ස්ථිර කෘත්‍රීම දැලක් (mesh repair) උදරයේ දුර්වල ස්ථාන ආවරණය වන ආකාරයට යෙදීමක් සිදුවේ. වර්තමානයේදී ඉතා පහසුවෙන් රෝගියාට සිදුවන අපහසුතාවය අවම වන ලෙස මෙම ශල්‍යකර්මය සිදුකිරීමේ පහසුකම් පවතී. රෝගියාගේ විවිධ චර්යාවන්ගේ වැරදි හේතුවෙන් ශල්‍යකර්ම අසාර්ථක වන අවස්ථාද ඇත.

රෝගියාගේ රෝගී තත්ත්වය අනුව මේ සඳහා ලබාදිය යුතු ප්‍රතිකාරය පිළිබඳව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි. මූලිකම අවස්ථාවේ මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට හා අවදානම් සාධක ඇතිවිට බාහිර ඖෂධ ප්‍රතිකාර මගින් එම තත්ත්වය වළක්වාගැනීමට අවස්ථාව ලැබේ. එසේම වැදගත්ම කාරණය වන්නේ පූර්ව සූදානම් බවයි. ඒ සඳහා අපගේ ජීවන රටාවේ වෙනස්කම් සිදුකළ යුතුය.

අධික තරබාරුව පාලනය කළ යුතුය. ඒ සඳහා සුදුසු ආහාර රටාවකට හුරුවීම, ව්‍යායාම්වල යෙදීම අනිවාර්ය වේ. මව්වරු දරු ප්‍රසූතියෙන් පසු උදර පේෂි ශක්තිමත් කර ගැනීමට උනන්දු විය යුතුය. ඒ සඳහා සුදුසු ව්‍යායාම්වල යෙදිය යුතුය.

එසේම උදර පීඩනය වැඩිවන කාලීන කැස්ස, මළබද්ධය වැනි තත්ත්ව සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීම කළ යුතු වේ. අධික බර භාණ්ඩ එසවීම මෙවැනි රෝගීන්ට අහිතකර වේ. එමෙන්ම හර්නියා රෝගීන් මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් වැළකිය යුතුය.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 04:43 PM

අමතක වෙන ලෙඩේ අමතක කරන හැටි

අමතකවෙන ලෙඩේ නැත්නම් අල්ෂයිමර් කියන්නේ දරුණු ස්නායු රෝගයක්. මෙය වැළඳුණු පසු සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි බව කියවෙනවා. මේ නිසා අප කළ යුත්තේ එය නොවැළඳෙන සේ ප්‍රවේසම් වීමයි. ඉතින් මේ දේවල් අනුගමනය කළොත්, ඇල්සයිමර් රෝගය නොවැළඳෙන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

• මෙමරි ගේම්ස්, ප්‍රහේළිකා හා ගණිත ගැටලු සමඟ නිතර අලුත් වෙන්න!

විනෝදයත් සමඟ මතක ශක්තිය වැඩි කර ගත හැකි හොඳම ක්‍රම වන්නේ මෙමරි ගේම්ස්, ප්‍රහේළිකා හා ගණිත ගැටලු විසඳීම වැනි ක්‍රියාවන්ය. නිතරම අලුත් දෙයක් ගැන ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. අලුත් භාෂාවක්, සංස්කෘතිය ගැන අලුතින් යමක් ඉගෙන ගන්න. පත්තර කියවීමට හුරු වන්න. මීට අමතරව හැමදාම එකම විදිහට කරපු දේවල් වෙනස් විදිහකට කරන්න උත්සාහ කරන්න. නිතරම එකම ක්‍රමයක් හෝ පිළිවෙළක් අනුගමනය කළොත් ඔබේ මොළය ක්‍රියාශීලි වන්නේ නැහැ. මේ නිසා සංඛ්‍යා අග සිට මුලට ලිවීම, දිනපතා නිරත වූ යමක් වෙනස් ආකාරයකට කිරීම, කබඩ් එකේ ෆයිල් තබන රටාව වෙනස් කිරීම, කරන වැඩ නුහුරු අතින් කිරීම වැනි යමක් කරන්න.

• තනිකමට හුරු වෙන්න එපා.

මිනිසා කියන්නේ ස්වාභාවිකවම සමාජය හා ගැටීමට බිහි වූ සත්වයෙක්. මිනිසා අවධානය ලබා ගැනීමට සහ සන්නිවේදනය කිරීමට ප්‍රිය කරනවා. මේ නිසා සමාජය හා එක්ව ඔබේ ජීවිතය ගත කරන්න. එසේ කිරීමෙන් මේ රෝගය වැළඳීමේ අවදානම අඩු වෙනවා. සමාජ ආශ්‍රය ඔබට උපකාරී වන්නේ ඇල්සයිමර් රෝගයෙන් බේරෙන්න විතරක්ම නෙවෙයි. එය ඔබේ මානසික ශක්තිය නඟා සිටුවන්නත් උපකාරී වෙනවා. වයස්ගත වීමත් සමඟ බොහෝ මිනිසුන් තනිවෙනවා. මෙයින් මිදීම සඳහා නව මිතුරන් ඇති කර ගන්න, සංවිධාන හෝ වැඩමුළුවලට සහභාගී වන්න, ස්වෙච්ඡාවෙන් සේවය කරන්න.

• ව්‍යායාම පුරුද්දක් ලෙස කරන්න

ව්‍යායාම කිරීම නිසා ඇල්ෂයිමර් රෝගය වැළඳීමේ අවදානම 50%ක්ම අඩු වන බව සනාථ වී තිබෙනවා. ව්‍යායාම නිසා සිරුරේ රුධිර සංසරණය ප්‍රාණවත් වන අතර, මොළය සුරකිනු ලබන රසායනිකයන්වල ක්‍රියාකාරිත්වය වර්ධනය වෙනවා. වයස්ගතවීමත් සමඟ මොළයේ ඇති වන දුර්වලතා වැළැක්වීමටත් ව්‍යායාම උපකාරී වෙනවා. සතියකට මිනිත්තු 150ක්වත් ඔබ ව්‍යායාම්වල නිරත විය යුතුයි. බර එසවීමේ ව්‍යායාම මඟින් මස්පිඩු සකස් වනවා සේම, මොළයේ ක්‍රියාකාරීත්වයත් වර්ධනය වෙනවා.

• ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

ඇල්ෂයිමර් රෝගය වැළඳුණු බහුතරයක් දෙනා නින්ද නොයෑමේ රෝගවලින් පීඩා විඳි අය බව හෙළි වී තිබෙනවා. නින්ද නොයෑම ඔබේ සිතිවිළි, සිතීමේ රටාව සහ මනසේ ස්වභාවයට බලපානවා. ඔබ නින්ද නොයෑමේ ලක්ෂණවලින් පීඩා විඳිනවා නම්, දවල් කාලයේ කෙටි නින්දවල් ලබා ගැනීමෙන් වළකින්න. රාත්‍රී නින්ද සඳහා ඔබ පැය දෙකක පමණ සිට මනසින් ලෑස්ති වන්න. නිදා ගැනීමට ආසන්න වූ විට ඇඟ සේදීමෙන් නින්ද පහසුවෙන් ඔබ වෙත ළඟා වෙනවා. පොතක් කියවීමට හුරු වීමෙන්, ඔබ වෙත නින්ද ළඟා වේවි. එකම වෙලාවක නින්දට යාමට හුරු වන්න.

• ඔබේ ආහාර වේල ගැන උනන්දු වන්න

ඇල්ෂයිමර් රෝගය හඳුන්වන්නේ මොළයේ ඇති වන දියවැඩියා තත්ත්වයක් ලෙසයි. මේ නිසා ඔබ ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතුයි. සීනි භාවිතය සහ කබෝහයිඩ්‍රේට් භාවිතය ඔබ අඩු කළ යුතුයි. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වූ විට මොළයට හානි පැමිණෙනවා. මේදය අධික ආහාරවලින් ඔබ වැළකිය යුතුයි. ඔමේගා 3, ෆෝලික් අම්ලය, විටමින් B-12 බහුල ආහාර ඔබේ දෛනික රටාවට එක් කර ගන්න.

• ඔබේ මානසික පීඩනය අවම කර ගන්න

මානසික පීඩන තත්ත්වයන් ඔබේ මොළයේ මතක තබා ගැනීමේ කොටසට හානි පමුණුවනවා. භාවනා කිරීම, ඇවිදින්නට යාම, ගැඹුරින් හුස්ම ගනිමින් හුස්ම ගැනීමේ රටාවට අවධානය යොමු කිරීම, අවට පරිසරයේ සුන්දරත්වයට අවධානය යොමු කිරීම වැනි ක්‍රියාවල නිරත වෙමින් මානසික පීඩනය අවම කර ගන්න. නිතරම සතුටින් සිටීමට උත්සාහ ගන්න.

►Neuronews

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 04:45 PM

දරුවන් ලිංගික අපයෝජනයෙන් බේරා ගනිමු

වයස අවුරුදු 18ට අඩු නම් අපි ඔහු හෝ ඇය කියන්නෙ දරුවෙක් කියලා. ඉපදුණු දවසේ පටන් දරුවකුගෙ මොළය සහ ශරීරය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. මෙසේ වර්ධනය වන මොළයට ඇතිවන පාරිසරික බලපෑම් මගින් එහි වර්ධනය අඩුවී දරුවා තුළ නොයෙකුත් චර්යාත්මක වෙනස්කම් ඇතිවී පෞරුෂයේ දුර්වලවීම් ඇතිවෙනවා. පාරිසරික බලපෑම් ලෙස අදහස් වන්නේ දරුවා මානසික, ශාරීරික හෝ ලිංගික අපයෝජනයට භාජනය වීමයි. දරුවන්ගෙන් 14%ක් පමණ නොයෙකුත් ආකාරයේ ලිංගික අපයෝජනයන්ට භාජනය වන අතර මින් 10%ක්ම සිදුවන්නේ ළඟම ඥාතීන් අතින්. ළඟම ඥාතීන් හැරුණුවිට අනෙකුත් අපයෝජකයන් වන්නේ අසල්වැසියන්. ඇත්තටම මෙය ගොදුරක් කීවොත් හරි. ඔබ දැකල තියෙනවද කොටියෙක් මුවෙක් පැහැරගන්නා ආකාරය. මෙය ක්ෂණිකව සිදුවන්නක් නොවේ. ගොදුර ගන්නට පෙර මෙය ඉතා හොඳින් සැලසුම් කරනවා. මෙය අවධි කිහිපයකින් යුක්ත බව සමීක්ෂණවලින් තහවුරු කරල තිබෙනවා. කුඩා දරුවකු ලිංගික අපයෝජනයකට ගොදුරු කරගන්නා ආකාරය පහත සඳහන් අවස්ථාවලින් නිරූපණය වෙනවා.

1. පළමු අවධිය - සූක්ෂම ලෙස දරුවා සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගැනීම.
උදා: කන්න ආස කරන දේවල් ගෙනත් දීම, ආසා කරන නොයෙකුත් දේවල් ගෙනත් දීම.

2. දෙවැනි අවධිය - සියුම් ලෙස ලිංගික සබඳතාවයක් ගොඩනගාගැනීම.
උදා: අතපතගෑම, වඩාගැනීම, සිපගැනීම, ක්‍රමානුකූලව ලිංගික අවයව ස්පර්ශ කිරීම.

3. තුන්වැනි අවධිය - රහස්‍යභාවය රැකීමට දරුවා පොළඹවාගැනීම.
මෙහිදී නොයෙකුත් ආකාරයට දරුවා බය කරනු ලබයි.
උදා: ඔහු සමඟ තරහ වන බව, නැත්නම් මරණ බව, කුඩාම දරුවකු නම් ආසා කරන දේ ගෙනත් නොදෙන බව පැවසීම.

4. හතරවැනි අවධිය - රහස එළිවීම. 
බොහෝවිට මෙවැනි සම්බන්ධතාවයක් එළිවනුයේ හිටි හැටියේය. මෙය බොහෝවිට සිදුවනුයේ ළඟම ඥාතියකු හෝ ගෙදර සිටින්නකු මේ සිද්ධිය දැකීමෙනි.

5. පස්වැනි අවධිය - යටපත් කිරීම.
මෙහිදී ඇතිවන ආන්දෝලනය රහසක් ලෙස තබාගැනීමට බොහෝවිට මුළු පවුලම එකතු වේ. බොහෝ මව්පියන් මෙම සිද්ධිය එළිවීමෙන් තම පවුලට සිදුවිය හැකි චෝදනාවන් සහ අපවාදයන් වළක්වාගැනීමට තවදුරටත් රහසක් ලෙස තබාගැනීමට යොමුවේ. බොහෝ දරුවන් බිය නිසාම මෙය රහසක් ලෙස තබාගනී. නමුත් යම් දිනෙක මෙසේ කුඩා කල අපයෝජනයට ලක්වන දරුවකු වැඩිහිටියකු ලෙස සමාජයට පිවිසීමේදී ඔවුන්ගේ පෞරැෂය තුළින් එහි අතුරු විපාක හොඳින් දැකීමට පුළුවන් වේ.

කුඩා අවධියේ අපයෝජනය වන දරුවන්ගෙන් 80%ක් යම් දිනෙක ඔවුන් අවුරුදු 21 වයසට එළඹෙන විට යම් ආකාරයක මානසික රෝගයකට ගොදුරු විය හැකි බව නූතන සමීක්ෂණවලින් තහවුරු කර ඇත. මින් අදහස් වනුයේ අද අපයෝජනයට ගොදුරු වන දරුවා හෙට දින වැඩිහිටියකු ලෙස අසාර්ථක ජීවිතයකට මුහුණදීමයි. මෙසේ ගොදුරු විය හැකි මානසික රෝගී තත්ත්වයන් සහ පීඩනයන් සත්‍ය කතා කිහිපයක් ඇසුරු කරගෙන සොයා බලමු.

පියුමිගේ කතාව
පියුමිගේ වයස අවුරුදු 24 යි. ඇය රජයේ ආයතනයක ලිපිකාරිනියක ලෙස සේවය කරනවා. පියුමි විවාහවෙලා මාස 6 යි. ඇය අපට යොමුවන විට දික්කසාද වීමට තීරණය කර තිබුණි. පියුමිගේ සැමියා වන පියල් ඔවුන්ගේ ගැටලුව මෙසේ ඉදිරිපත් කළා.

“මම යෝජනාවකින් විවාහ වුණේ. අපි දෙදෙනා තවම හරියට ලිංගිකව එකතුවෙලා නෑ. මම දන්නවා ඇය මට ආදරෙයි කියලා. ඇය මා සමඟ ලිංගිකව එකතු වෙන්නත් ආසයි. ඒත් අපි දෙදෙනාම ලිංගික සංසර්ගයට සූදානම් වනවිට ඇය එකපාරටම බයවෙනවා. ඇය මාව තල්ලු කර දමනවා. මට තේරෙනවා ඇයගේ සිතට විශාල බයක් එනවා කියලා. මම දන්නෙ නෑ මේ බය මොකක්ද කියලා.”

අපි පියුමි දෙසට හැරුණා. ඇගේ ගැටලුව මෙසේ ඉදිරිපත් කළා.

“මම පියල්ට ආදරෙයි. ලිංගිකව එකතුවෙන්නත් ආසයි. ඒත් අපි සංසර්ගයට සූදානම් වෙනකොටම මට මැවිලා පේන්නෙ පියල් නෙවෙයි. අවුරුදු 12 දී මට අතවර කරපු මගේ මාමා. හරියටම මේ සිදුවීම චිත්‍රපටයක වගේ මට මැවිල පේනවා. මෙසේ මාමා මට මැවිල පේනකොට මගේ ලිංගික ආශාව නැතිවෙලා යනවා. මගේ ළඟ ඉන්නෙ පියල් කියලා මට දැනෙන්නෙ නෑ. මට මේක මහ වදයක්. මම දන්නෙ නෑ ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා.”

ඉහත සිද්ධියේ පියුමි ගොදුරු වී ඇත්තේ දැඩි ආතතියකට හෙවත් ‘ක්ලෙමතය’ (past traumatic stress disorder) ටය. ක්ලෙමතය කියන්නෙ ඕනෑම පුද්ගලයකු දැඩි මානසික හෝ ශාරීරික කම්පනයකට ගොදුරු වුණොත් ඇතිවන මානසික තත්ත්වයක්. (උදා: ලිංගික අපයෝජනය, භයානක රිය අනතුරු, පහරදීම්, යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ට ගොදුරුවීම, යම් භයානක දෙයක් සාක්ෂියක් ලෙස ලෙස දැකීම.) මෙවැනි අනතුරකට ගොදුරැවන තුන් දෙනකුගෙන් එක්කෙනෙක් ක්ලෙමතය (P.T.S.D) නැමති මානසික රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. ක්ලෙමතය නැමති මෙම තත්ත්වය හඳුනාගැනීමට ප්‍රධාන ලක්ෂණ කිහිපයකි.

එම සිද්ධිය චිපටයක් ලෙස පෙනීම, සමහරවිට සිහිනෙන් පෙනීම, නිතර සිතුවිලි ලෙස මනසට පැමිණීම යනාදී වශයෙනි.

නිතර තරහ යාම, නිතර පවතින හිසේ කැක්කුම, නින්ද නොයාම, පපුවේ ගැස්ම යනාදියත් මෙහිදී ඇතිවේ.

චතුරිගේ කතාව
චතුරිගේ වයස අවුරුදු 25 යි. ඇය විවාහ වී අවුරුද්දක් වෙනවා. ඔවුන් අප සායනයට යොමුවන විට දෙදෙනාටම ජීවිතය කලකිරී තිබුණා. චතුරිගේ සැමියා වන සුපුන් ඔවුන්ගේ කතාව මෙසේ ඉදිරිපත් කළා.

“මම හිතන්නෙ මට වැරදුණා කියලා. චතුරි ලස්සන නිසා තමයි මම බැන්දෙ. අපි විවාහවෙලා දැන් අවුරුද්දක් වෙනවා. ජීවිතයේ කිසිම සතුටක් හෝ ආශ්වාදයක් නෑ. චතුරි ජීවිතයේ කිසිම දෙයක් විඳින්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඇය නිතරම කලකිරීමෙන් සහ දුකෙන් ඉන්න කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. ඇය නිතරම කියන්නෙ ඇයට කිසිම දෙයකින් සතුටක් ලැබෙන්නෙ නෑ කියලා. ඇයගෙ අතින් ඇල්ලුවත් ඇය සමඟ ලිංගිකව එකතු වුණත් චතුරි කියන්නෙ ඒවායේ විශේෂ සතුටක් ඇයට දැනෙන්නෙ නෑ කියලා.”

ඇගේ ප්‍රශ්නය ඇය මෙසේ කීවා.

“මට කිසිම දෙයක සතුටක් දැනෙන්නෙ නෑ. ලිංගික ආශ්වාදය කියන්නෙ මට සතුටක් නෙවෙයි කරදරයක්. විවාහ වෙන්න ඕනකමක් මට තිබුණෙත් නෑ. මව්පියන්ගෙ බලකිරීම නිසා තමයි මම විවාහ වුණේ. මට සුපුන් ගැන දුකයි. මම දන්නවා මම නිසා ඔහු ජීවිතයේ විශාල කරදරයකට වැටිල කියලා.”

මෙහි එන චතුරි ගොදුරු වී ඇත්තේ මානසික අවපීඩනයටයි. චතුරිගේ කුඩා කල පිරික්සීමේදී ඇය අවුරුදු 15 දී තම පියා අතින් ලිංගික අපයෝජනයට ලක්වී ඇත. චතුරිගේ මව මෙම කාලය තුළදී රැකියාවක් සඳහා විදෙස්ගත වී ඇත. චතුරි පවුලේ එකම දරුවා විය. චතුරිගේ පියා බීමත්කමටද ඇබ්බැහි වූවෙකි. මෙම පරිසරය තුළදී චතුරිට අකමැත්තෙන් පිළිකුලෙන් සහ බයෙන් තම පියාගේ ලිංගික යෝජනාවලට අවනත වීමට සිදුවී ඇත. බොහෝ සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ කුඩා කල ලිංගික අපයෝජනයට ලක්වන දරුවන් වැඩිහිටියන් වූ කල මානසික අවපීඩනය නැමති රෝගී තත්ත්වයට ගොදුරු වීමට ඇති හැකියාව ඉතා වැඩි බවයි. මානසික අවපීඩනය වූ කලී ජීවිතය විඳීමට නොහැකි කලකිරුණු, එපාවුණු, කිසිම සතුටක් නැති මානසික තත්ත්වයකි. චතුරි මෙම මානසික තත්ත්වයෙන් එළියට ගැනීමට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනය සෑහෙන කාලයක් ලබාදීමට සිදුවිය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2018 04:48 PM

ලුණු පදම වැඩි වුණොත් ඇඟ පුරා ලෙඩ

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලා ගමේගොඩේ කතාවක් තියෙනවානේ. ආහාර රසකාරකයක් හැටියට අපේ කුස්සියට නැතිවම බැරි ලුණු ගැනත් කියන්න ඇත්තෙ ඒ කතාවම තමා. ලුණු අපේ ශරිරයට අවශ්‍ය බව ඇත්තයි. නමුත් ඒ හොද්දට ලුණු මදියි කියා ලුණු පොල් කට්ට හොදි හැලියට හලා ගන්න තරමට නම් නෙමෙයි. වෛද්‍ය  උපදේශයට අනුව අපි දවසකට ලුණු භාවිත කළ යුත්තේ ග්‍රෑම් 5කටත් අඩු ප්‍රමාණයකුයි. වඩාත් තේරෙන බාසාවෙන් කිවහොත් නිරෝගී වැඩිහිටි ශ්‍රි ලාංකිකයකුට නම් දවසටම අවශ්‍ය වන්නෙ තේ හැඳි භාගයක් නැතිනම් තුන්කාලක ප්‍රමාණයක් පමණයි. ඒ ප්‍රමාණය පැන්නොත් ලෙඩ ගොඩයි. 

ලුණු තමා අපේ මස්පිඩු නියමිත ජවයකින් යුතුව හොඳින් ක්‍රියාත්මක කරවන්නේ. ඒ වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත පණිවුඩ හුවමාරුව ක්‍රියාශීලිව සිදුවෙන්නේ. ලුණු අඩුවීම නිසා සිදුවන මස්පිඩු පෙරැළීමේ අපහසුතාව අපි කාටත් නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේම තමා හොද්දට ලුණු වැඩි වුණොත්.

අධික ලුණු රුධිර  පීඩනය ඉහළ දමන්න මූලික හේතූවක්. අධිරුධිර පීඩනය නිසා වකුගඩුවලට හානි සිදුවෙනවා. නහර පිපිරීම් සිදු වීමෙන් අංශභාග තත්ත්ව ඇති වෙනවා. ලුණු  වැඩිනම් හදවත් රෝගත් වැඩියි. දියවැඩියාවටත් වැඩි ලුණු හේතුවක්. මේ සියල්ල අතර මහ ලෙඩක් වන තරබාරුවටත් ලුණු හේතුවක්. ඒ සමගම ආතරයිටිස්, හන්දිපත් රුදාව වගේම කොන්ද කැක්කුම වගේ එපා කරපු ලෙඩත් පෝලිමට එනවා.

ඉතින් තමන්ගේ සිරුරට ලබාගන්නා ලුණු ප්‍රමාණය වැඩි නම් අපේ සිරැර ඒ ගැන අපට දැනුම් දෙන විදිහක් තියෙනවා. පහත දැක්වෙන අනතුරු ඇඟවීම් ගැන විමසිලිමත් වුණොත් හිතූමතේ ලුණු කාලා ලෙඩ වීම වළක්වා ගන්න ඔබටත් හැකිවේවි. බලමු මොනාද මේ ලුණු වැඩි ලකුණු!

• තැනින් තැන සිරුරේ ඇති වන අසාමාන්‍ය ඉදිමීම්

හැමදාම ඇඟිල්ලේ දාපු මුද්ද දා ගන්න බැරිව ඔබේ ඇඟිලි ඉදිමිලා වගේ ඔබට දැනෙනවාද? උදේ නැගිටිනකොට ඔබේ දෑස්, දෙපා ආදිය අසාමාන්‍ය ලෙස ඉදිමිලා තිබෙනවද? බොහෝ විට මෙහෙම සිදු වෙන්නේ සිරැරේ ඇති ලුණු ප්‍රතිශතය ඉහළ යන විටයි.

• පමණට වඩා දැනෙන පිපාසය

සිරුරේ අඩංගු ලුණු ප්‍රමාණය වැඩි වූ විට සිරුරේ ඇති ජලය ප්‍රමාණය පහළ බසිනවා. මේ නිසා ඔබ ලුණු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි වන තරමට සිරුරේ ඇති ජලය වැයවෙන නිසා ඔබට ජලය වැඩියෙන් අවශ්‍ය වෙනවා. නැතිනම් ඔබේ සිරැරේ ඉන්ද්‍රියයන්වල ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගෙන, ජලය පානය කිරීම අඩු කළොත් ඔබේ සිරුරේ සෛල විජලනයට ලක් වෙනවා.

• මුත්‍රාවල වෙනස්කම් ඇති වීම

ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩුවලට වැඩියෙන් වෙහෙස වී, ඒවා සිරුරෙන් පිට කිරීම සඳහා ක්‍රියා කරන්නට සිදු වෙනවා. මෙවිට ඔබේ වකුගඩුවල රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවල වර්ණය ඉතා පැහැදිලි වීමත්, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමත් සිදු විය හැකියි. මීට අමතරව, සිරුරේ ලුණු වැඩි වීම නිසා සිරුර විජලනයට පත් වෙනවා. එසේ වීමෙන් මුත්‍රා තද කහ පැහැයකින් යුක්ත වීමටත්, පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීමත් සිදු වෙනවා.

• ඇටකටුවල වේදනා ඇති වීම

ලුණු භාවිතය නිසා ඇටකටුවල ශක්තිමත් බවට ගැටලු ඇති වෙනවා. ඔබ පමණට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩු දැඩි වෙහෙසකට පත් වෙනවා. වකුගඩුවලට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපහසු වෙනවා. ලුණු වැඩි වීම නිසා, කැල්සියම් අඩු වෙනවා. නිදන්ගත කැල්සියම් ඌනතාවය, ඇටකටු  දුර්වල වීම, දත්වල ගැටලු ඇති විය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් වර්ධනයටද හේතු විය හැක.

• කෙණ්ඩා පෙරළීම

සිරුර තුළ  නිවැරදි සෝඩියම් - පොටෑසියම් ලවණ සමතුලිතතාවයක් පවත්වා ගැනීම ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අතර, මෙම රසායනික මූලද්‍රව්‍ය මාංශ පේශි හැකිලීමට හේතු වෙනවා. ඔබ  ලුණු ආහාර නිතර ලබා ගැනීමෙන් ඔබේ මාංශ පේශි තුළ වේදනාව ඇති වීම, පෙරලීම සිදු විය හැකියි.

• දිගු කල් පවතින හිසරදය

අධික ලුණු හෙවත් සෝඩියම් පරිභෝජනය ඔබගේ රැධිරයේ ඝනත්වය වැඩි කරවන අතර, එය ඔබගේ රුධිර නාල පළල් කරමින්, එයට පීඩනයක් එකතු කරනවා. රැධිර නාලවල මෙම ව්‍යාප්තිය නිසා අධි රුධිර පීඩනය හට ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි හිසරදයක් හට ගන්නවා.

• මතක ශක්තිය, තර්කානුකුල හැකියාව අඩු වීම

ලුණු භාවිතය අධික වීම හේතුවෙන් ඇතිවන අධි රුධිර පීඩනය ඔබේ මොළයට රුධිරය සපයන ධමනිවලට හානි කරනවා. මෙය නිසා ඔබේ සිතීමේ හැකියාවට හා දිනපතා කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු විය හැකිය. ඊට අමතරව නිරන්තරව සිදුවන විජලනය  දුර්වල මතකයට, විඩාපත් භාවයට සහ මන්දගාමී ඈලි මෑලි බවටත් හේතුවක් වෙනවා. මේ නිසා අද සිටම පමණ දැන හොද්දට ලුණු දමන්න.

සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Nov 2018 07:39 PM
අඩු වැඩි නොකර කන්න ඕන දෙයක්නේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Nov 2018 10:51 PM
කුස්සියට යොමු කළා පණිවිඩේ.. හිටු කියල ලුණු හලන්නෙ. බලමු අදවත් නවතීද කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 32 of 35 << < 3031323334 > >>