Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Nov 2016 08:47 AM by shanaka kelum හිතට කතා කරලා බලමු........... 126 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 712345 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 04:17 PM Quote Reply මම අලුත් ත්‍රෙඩ් ඒකකින්ම පටන් ගන්න හිතුවා. මේ මගේ ජීවිතේ අාසම අාසම දේ. සිංදුවල අර්යථ තේරුම් ගැනීම. මගේ ලග සිංදු වල අර්ථ රැස් කරපු ලොකු ඒකතුවක් නෑ. ඒත් මම සිංදු වල තේරුම හිතනවා. මම සිංදුවකට අාස වෙන්නේ ඒකේ තේරුම අනුව තමයි. මම මහ ගොඩක් සිංදු වල තේරුම් දන්නේ නෑ ඒත් දැන ගන්න හුගක් කැමති. මට සිංදුව ගැන දැනෙන අර්ථයට වෙනස් විදියේ අර්ථයක් තව කෙනෙකුට දැනෙන්න පුලුවන් . මට ඔනේ අන්න ඒක දැන ගන්න. මට ඒ විදියට නොහිතුනේ අැයි කියලා දැන ගන්න. සැම සිංදුවකටම පසුබිම් වුන අැත්ත කතාවක් තියෙනවා. යම් හැගීමක් තියෙනවා. මම මේකෙදි හොයන්නේ ලියපු කෙනාගේ හැගීම නෙමෙයි. සවන් දෙන්නාගේ හැගීම. සිංදුවල තේරුමට පාදක වුන අැත්ත සිදු වීම් නම් මම දන්නේ නැහැ . මම කියන දේ වරදින්න පුලුවන්. ඒත් මම කියන්නේ මට හැගෙන දේ විතරයි. ඒ වැරදි හදන්න තමයි ඔයාලා ඉන්නේ. මාත් ඒක්ක ඒකතු වෙන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 04:21 PM Quote Reply 01. ගහක මල් පිපිලා.......... ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන් ලොවට නොපෙවෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් සදට සදහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම් හිරුට පෙම බැදි ඒකද තරුවක් සිටිය නොහැකිද යම් නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් පද රචනය - යමුනා මාලනී පෙරේරා සංගීතය - ගුණදාස කපුගේ ගායනය - කරුනාරත්න දිවුල්ගනේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 04:25 PM Quote Reply ඔන්න රජතුමාගේ සිංදුවෙන්ම පටන් ගත්තා. ඔයාලට මේ සිංදුවේ තේරුම මොකක් කියලද හිතෙන්නේ. කියන්න බලන්න. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 06 Oct 2016 04:38 PM Quote Reply හරි අපූරැ වැඩක්... මටත් ආස හිතුනා.. ම්ම් පලමුවෙන්ම තෝරගෙන තියෙන සිංදුවත් නියමයි... කියන්න බැරි තරම්, වටහගන්න බැරි තරම් ලොකු ආදරයක් ඔහු ඇයට පුද කරනවා කියන අර්ථයයි මට නම් දැනෙන්නෙ ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක් විදිහටයි ඔහු දකින්නෙ... හිමිවීම හා අහිමිවීම දෙකම ආදරය තුල ගැබ් වෙලා තියෙන බවත් ගීතයෙන් කියන්න උත්සාහ අරන් තියෙනවා වගෙයි... ලගා කරන්න බැරි ආදරයක් වුණත් ගොඩක් අෑතින් ඉදලා හරි ඒ ආදරේ විදින්න උත්සාහයක යෙදෙනවා වගේ හැගීමක් ගැබ් වෙලා තියෙනවා වගේ නේද මේ ගීතය තුල ඔන්න මට දැණුන හැටි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 06:21 PM Quote Reply අනිත් අයගේ අදහසුත් බලමුකෝ පොඩ්ඩි අක්කේ. 0 chamara duleepMost Senior MemberPosts:13471 06 Oct 2016 08:02 PM Quote Reply Posted By සඳුනි on 06 Oct 2016 04:21 PM ගහක මල් පිපිලා.......... ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන් ලොවට නොපෙවෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් සදට සදහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම් හිරුට පෙම බැදි ඒකද තරුවක් සිටිය නොහැකිද යම් නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් පද රචනය - යමුනා මාලනී පෙරේරා සංගීතය - ගුණදාස කපුගේ ගායනය - කරුනාරත්න දිවුල්ගනේ මන් ආස කරන සින්දුවකි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Oct 2016 09:22 PM Quote Reply මේ ගීතය පිළිබ ඳව අශෝක හඳගම කියපු විස්තරය ඇහුවම නම් ගීතය එපා වුනා.. ඒත් ඒක හඳගම දකින විදියනේ... අනෙක යමුනා මාලනීයන් අතින් එවැනි නිර්මාණයන් බිහිවන එකක් නැහැ.. මේ ඒ පිළිබඳ දැක්වූ අදහසක්.. (මගේ අදහසක් නෙමෙයි) http://wickrame.blogspot.com/2011/0...st_22.html මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ... කරුනාරත්න දිවිල්ගනේ ශිල්පියා ගායනා කරන මේ ගීතය මා රසවිදි ගීත වලින් ඉතාම රසවත් ගීතයක් ලෙස දක්වන්න පුලුවන්. ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්තය කෙලින්ම ශ්‍රවකයා වෙත නොදෙමින්.. ශ්‍රාවකයාගේ චින්තනයට එය තේරුම්ගැනීමට අවස්තාවක් ලබාදීමට මෙහි ගීත රචකයා උත්සුක වී ඇත. සැබෑවටම සමලිංගික ආදරයක් ගැන කියවෙන මෙම ගීතය යමුනා මාලනී පෙරේරා මහත්මිය රචනා කර ඇත. "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් " සොභාවධර්මයට අනුව කාන්තරයේ සුන්දරත්වය වන්නේ සූර්ය රශ්මියයි.. කතර කතරක් වනුයේ සූර්ය රශ්මිය නිසාවෙනි.. ලෝක ධර්මයට අනුව කතර හිරුට පෙම්බැද සිටියත්... සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ශාවටද ආදරය කල හැකි බව මෙහි කියවේ. අපූරු උපමා යොදාගනිමින් යමුනා ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි කියා පායි.. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශයෙන් ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බව.මෙම පදපෙල අවසානයේ යමුනා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය ස්ම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි... "සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම් " මෙම පැදි පෙල තුලිනුත් යමුනා මාලනී තම විශිශ්ට භාවයන් මතුකරමින් ගීතයේ රසය උද්දීපනය කරමින් තවත් උපමා යොදාගනිමින් මෙකී ගීතය රසවත් කරයි "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රී අහසට්ව් වෙයි.මෙහිදී මතුකරනුයේ ලෝක සම්මතයයි..එහිදී සද වෙත තරුවකට පෙම් කිරීමට හැකිය..එසේම මෙම තරු අතර පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ විස්කම්පාන හිරුට පෙම්බදිනා තාරකාවක්ද සිටිය නොහැකිද යනුවෙන් ප්‍රශ්නකරමින් අපූරුවට ගීතයේ අදහස ඉදිරිපත් කර ඇත.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Oct 2016 09:30 PM Quote Reply මම දකින විදියට මේක අසම්මත ප්‍රේමයක්.. ඒ කියන්නේ විවාහක ස්ත්‍රියකට පෙම් බදින පෙමිවතෙකුගේ හිතේ නැගෙන සුන්දර සිතිවිල්ලක් ... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 11:40 PM Quote Reply කට්ටිය සෑහෙන දුර ගිහින්නේ බලමු අනිත් අය මොනා කියයිද කියලා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 12:40 AM Quote Reply මම ගොඩාක් ආසා කරන ගීතයක් මේක නම් මටම ගොඩාක් ගැලපෙනවා 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Oct 2016 12:43 AM Quote Reply ඊක්කා ධනු අයියේ........ 0 Danu LiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 01:26 AM Quote Reply ඇයි මොක්ද නගා 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Oct 2016 01:42 AM Quote Reply දිනයක වැටහේවි......... කිව්වලු. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Oct 2016 04:08 AM Quote Reply Posted By indika76 on 06 Oct 2016 09:22 PM මේ ගීතය පිළිබ ඳව අශෝක හඳගම කියපු විස්තරය ඇහුවම නම් ගීතය එපා වුනා.. ඒත් ඒක හඳගම දකින විදියනේ... අනෙක යමුනා මාලනීයන් අතින් එවැනි නිර්මාණයන් බිහිවන එකක් නැහැ.. මේ ඒ පිළිබඳ දැක්වූ අදහසක්.. (මගේ අදහසක් නෙමෙයි) http://wickrame.blogspot.com/2011/01/blog-post_22.html මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ... කරුනාරත්න දිවිල්ගනේ ශිල්පියා ගායනා කරන මේ ගීතය මා රසවිදි ගීත වලින් ඉතාම රසවත් ගීතයක් ලෙස දක්වන්න පුලුවන්. ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්තය කෙලින්ම ශ්‍රවකයා වෙත නොදෙමින්.. ශ්‍රාවකයාගේ චින්තනයට එය තේරුම්ගැනීමට අවස්තාවක් ලබාදීමට මෙහි ගීත රචකයා උත්සුක වී ඇත. සැබෑවටම සමලිංගික ආදරයක් ගැන කියවෙන මෙම ගීතය යමුනා මාලනී පෙරේරා මහත්මිය රචනා කර ඇත. "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් " සොභාවධර්මයට අනුව කාන්තරයේ සුන්දරත්වය වන්නේ සූර්ය රශ්මියයි.. කතර කතරක් වනුයේ සූර්ය රශ්මිය නිසාවෙනි.. ලෝක ධර්මයට අනුව කතර හිරුට පෙම්බැද සිටියත්... සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ශාවටද ආදරය කල හැකි බව මෙහි කියවේ. අපූරු උපමා යොදාගනිමින් යමුනා ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි කියා පායි.. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශයෙන් ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බව.මෙම පදපෙල අවසානයේ යමුනා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය ස්ම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි... "සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම් " මෙම පැදි පෙල තුලිනුත් යමුනා මාලනී තම විශිශ්ට භාවයන් මතුකරමින් ගීතයේ රසය උද්දීපනය කරමින් තවත් උපමා යොදාගනිමින් මෙකී ගීතය රසවත් කරයි "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රී අහසට්ව් වෙයි.මෙහිදී මතුකරනුයේ ලෝක සම්මතයයි..එහිදී සද වෙත තරුවකට පෙම් කිරීමට හැකිය..එසේම මෙම තරු අතර පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ විස්කම්පාන හිරුට පෙම්බදිනා තාරකාවක්ද සිටිය නොහැකිද යනුවෙන් ප්‍රශ්නකරමින් අපූරුවට ගීතයේ අදහස ඉදිරිපත් කර ඇත.. අශෝක හඳගම මේක චිත්‍ර පටියක් විදියට දැක්කද දන්නෙ නැහැනේ. නමුත් මේකේ පද රචිත යමුනා මාලනීයන්ගෙන්ම ඇහුනොත් තමා හොද නමුත් මට මේ සින්දුවෙන් හැගෙන්නේ විවාහක පිරිමියෙකු තම බිරිදට ආදරය කරනවට වඩා වෙනත් ස්ත්‍රියක් වෙත සිතින් පෙම් බදින බවක් 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Oct 2016 07:16 AM Quote Reply මට නම් සිංදුවක් කියන්නේ චිත්‍රපටයක් තමා. අනේ මන්දා ඉතින් සාධක නම් වැරදි පැත්තට... 0 gayan danuBasic MemberPosts:127 07 Oct 2016 11:11 AM Quote Reply මම කියන්නද.. ගෝලයටම අවස්තාව දෙන්නම් නේද... 1 Danu LiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 12:20 PM Quote Reply සමහර අය සින්දුවක තේරුම් කිහිපයක් කියනවා. විවිද අදහස් තියෙනවා. ඒ පද රචනය කර කෙනා තමා හරිම අවස්තාව දන්නේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Oct 2016 02:34 PM Quote Reply Posted By gayya on 07 Oct 2016 11:11 AM මම කියන්නද.. ගෝලයටම අවස්තාව දෙන්නම් නේද... ගුරු වැරදි හදන්න . ඔයා තරම් මම ගැඹුරින් හිතන්නේ නෑ. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Oct 2016 02:38 PM Quote Reply Posted By DanuLiyanage on 07 Oct 2016 12:20 PM සමහර අය සින්දුවක තේරුම් කිහිපයක් කියනවා. විවිද අදහස් තියෙනවා. ඒ පද රචනය කර කෙනා තමා හරිම අවස්තාව දන්නේ පද රචකයා කියන්න උත්සහ කරන දේ අපි තේරුම් ගන්න ඔනේ. පද රචකයා සිංදුවත් දීලා. තේරුමත් දුන්නම. ප්‍රශ්ණ ප්‍රත්‍රයත් ඒක්ක.උත්තර පත්තරයත් දීලා වගේනේ. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Oct 2016 02:51 PM Quote Reply හැමෝම විශ්වාස කරන්නේ මේ සිංදුව අාසීමිත අාදය ගැන ලියවුන හරිම ප්‍රේමණීය සිංදුවක් කියලා. මමත් තේරුම් අරන් හිටියෙත් ඒහෙම තමයි. නමුත් අකමැත්තෙන් වුනත් අශෝක හඳගමයන් කියපු විස්තරය අැත්ත කියලා පිලි ගන්න වෙනවා. සිංදුවේ ගැබ් වෙලා තියෙන වචන ඒ බව ඔප්පු කරලා තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ සිංදුවේ කිය වෙන්නේ ඒකපාර්ශික සමලිංගික ප්‍රේමයක් ගැන. ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි මේ පද හතර හරිම සාමාන්‍යයයි. නමුත් ඔබට සිත බැදුනේ කිමයි මා කියන කොටසේ ඉගියක් දීලා තියෙනවා. මොන තරම් අාදරේ වුනත් අසම්මතයක් නිසා හිතේ අාදරයක් අැති වීම වටහා ගන්නට බැරි බව. *කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින්* සාමාන්‍ය සිදුවීම පිරිමියෙක් අාදරය කරන්නේ ගැහැනියෙක්ට. මේ පදයෙන් ඒ සිද්දිය කියා පානවා. කන්තාරය ඒයට උරුම හිරු රශ්මියට අාදරය කර බව. *සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන්* සොදුරු වැස්සයි කාන්තාරයයි කියන්නේ නිතර ඒක් නොවන දෙන්නෙක්. ඒ වුනත් ඒ දෙදෙනටත් පණ වගේ අාදරේ කරන්න බැරි කමක් නැහැ . කිසි දා ඒක් විය නොහැකී කියා සම්මතක් නැති නිසා. කලාතුරකින් හරි කාන්තාරයකට වැසි වැටෙන්න පුළුවන්.මෙතනදි උත්තසහ කරන්නේ සම ලිංගික ප්‍රේමය සාධාරණීකරනය කරන්න. ලෝකයම විය නොහැකි කියන දේත් දිනයක විය හැකී කියලා. *ලොවට නොපෙවෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් .......* මම ඔබට පෙම් කරන බව මේ ලොකේ කවුරුත්ම පිළිගන්න ඒකක් නැහැ. ඒ මගේ අාදරය අසම්මතයක් කියා ,කරන්නට ඒපා කියලා මගේ හිතට බලපෑම් කරන්න කාවත්ම අයිතියක් නැහැ.. *සදහටහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම්.* සාමාන්‍ය සිදු වීම රෑ අහසට හිමි සදට තරු පෙම් කරන බවයි .ඒය සම්මතයට අනුව පිරිමියෙක් ගැහැණියනට අාදරය කරන බව හෝ ගැහැණිය පිරිමියට අාදරය කරන බවයි. හිරුට පෙම බැදි ඒකද තරුවක් සිටිය නොහැකිද යම්* හිරු දිවා අහසට අයිතියි, තරු රෑ අහසට අයිතියි. කිසිදා ඒකට මුන නොගැසෙන හිරු සදුට පෙම් කලත් හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්යේ වීම නිසා. මේ පදයෙන් හොදටම තහවුරු වෙනවා . මේ ප්‍රේමය සමලිංගිකයි කියන ඒක. අැය අැයට පෙම් කරන බව, ඔහු ඔහුට පෙම් කරන බව. නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් ඔබ තවමත් නොදන්නා මගේ ප්‍රේමය දැන ගත් දවසක ඔබ විශ්වාස කරන ඒකක් නැහැ.මාව ප්‍රතික්ෂේප කරාවී. ඒය කවදාවත් ඔබ නොපතන නොසිතන දෙයක් නිසා. නමුත් ඒ ප්‍රේමය කෙතරම් සොදුරුයිද කියා දන්නේ මා පමනයි. මේ අර්ථය පිලිගැනීම හරි නොපිලි ගැනීම ඔබගේ තීරනයක්. මට තේරෙන අයුරින් මම පැහැදිලි කලා. 0 Add Reply Page 1 of 712345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit