You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Nov 2016 08:47 AM by  shanaka kelum
හිතට කතා කරලා බලමු...........
 126 Replies
Sort:
Page 3 of 7 << < 12345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Oct 2016 10:49 PM
  •  Quote
  •  Reply
සඳුනි නංගී ලියූ සියළුම දේ මගේ සිතේ තියෙන දේ වගේමයි..
මගේ මතයත් මේ ගීතය පෙම්වතියන් දෙදෙනෙකු සහ පෙම්වතෙකු අතර ගැටිමක් බවයි...
ස්තූතියි නංගී‍‍...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Oct 2016 11:10 PM
  •  Quote
  •  Reply
balu balmatama penawa yuwathiyan dedenekuta eka tharunayek pem badina bawa.... ...
me wisthareth kiyawala balannako,, e haa samana thawath geetha godak thiyenawa

ආදරයේ ගණිත ගැටලුව

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ හිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා



පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග

සිංහල ගීත සාහිත්‍යයේ අමරණීය නිර්මාණ පවතී. ඒවා අමරණීයත්වයට පත්වන්නේ ඒ තුළ ඇති අපූර්වත්වය නිසා ය. පිළුණු අනුභූතීන් වෙනුවට නැවුම් අනුභූතීන් සොයා ගිය ගේය පද රචකයන් නිසා මේ අපූර්වත්වය ගීත සාහිත්‍යයට එක්වී තිබේ. මීට වසර හතළිහකට පමණ පෙර බිහිවූ මේ නිර්මාණය ද අපූර්වත්වය සඳහා කදිම නිදසුනකි. පාසල් ප්‍රේමයක රැඳි බොළඳ බව කැටිකරගත් අපූර්ව ඉදිරිපත් කිරීමක් මෙහි අන්තර්ගත ය.

මෙහි මුණගැසෙන යෞවනයාට අනංගයා මල් හී දෙකකින් සංග්‍රහ කොට තිබේ. යුවතියන් දෙදෙනෙකුගේ නේත්‍ර පූජාවට ඔහු හසුවෙයි. ඉන් ගැලවීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත. දෙදෙනා නිසා ම මේ යෞවනයා ආස්වාදයක් ලබයි. මේ තත්ත්වය අපූර්වතම රූපකයක් බවට රචකයා විසින් පත්කරනු ලබයි. ඔහුට සිහිවන්නේ පාසලේ ඉගෙනගත් ගණිත පාඩමකි.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ

දයාරත්න රණතුංග

”සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා

රසිකයා තුළ සැබැවින් ම ත්‍රිකෝණයක සංකල්ප රූපයක් ජනිත කිරීමට රචකයා උත්සාහ කරයි. තිදෙනකු මුල් කරගත් ප්‍රේම ගැටලු වස්තු කරගත් තවත් අවස්ථා සිංහල ගීත සාහිත්‍යයේ වරින් වර හමුවෙයි.

”මට මෙන් ඔහුට ද කඳුල ඔබයි
කඳුල ඔබයි
හසරැල්ල ඔබයි


(මිල්ටන් මල්ලවආරච්චි)

එසේ ම ප්‍රණීත් අභයසුන්දරයන් ගේ පද රචනයක් සනත් නන්දසිරි ගායනා කර තිබුණේ ද, පෙම් ත්‍රිකෝණයක් සිහිගන්වමිනි.

”වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි..”


(මහාචාර්ය සනත් නන්දසිරි)

මේ කිසිදු නිර්මාණයක අනුභූතිය ගැඹුරින් ස්පර්ශ නොකළ ද මේ සෑම ඉදිරිපත් කිරීමකම චමත්කාරයක් ගැබ් වී පවතී. මෙවැනි අනුභූතීන් පාසල් සමයේ අතිශයින් සුලබයි. එහෙත් බොහෝවිට දක්නට ලැබෙන්නේ යුවතියකට තරුණයන් දෙදෙනකුගේ ඇල්ම බැල්ම වැටෙන ආකාරයයි. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ යුවතියන් දෙදෙනෙකු ගේ දෑස් එක් තරුණයකු වෙත යොමු වී තිබීමයි.

”ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි...”

මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මේ යුවතියන් දෙදෙනාටම ඔහු සමසේ ප්‍රේම කිරීමයි. එකියක හෝ අතහැර දැමීමට ඔහු තුළ ඇත්තේ ලෝභයකි. මෙහි අපූර්වත්වය වන්නේ ඔහු ආශා කරන ගණිත පාඩම තවදුරටත් මේ ඔස්සේ තහවුරු කරගැනීම නිසා ය. මේ සිද්ධියෙන් ඔහු දකින්නේ සමපාද ත්‍රිකෝණයකි. එම්.එස්.ප්‍රනාන්දුගේ පැරණි ගීයක් මට මේ මොහොතේ සිහිවෙයි. එහිදී රන්එතනා සහ කළුඑතනාට තරුණයකු මැදිවෙයි.

”රන් එතනා සිනාසුණොත්
කළු එතනා කෝප වෙනව
කළු එතනා සිනාසුණොත්
රන් එතනා තරහ වෙනව“


(එම්.එස්.ප්‍රනාන්දු)

දැන් අප තරුණයාට ද මූණදෙන්නට සිදුවී ඇත්තේ මේ හා සමාන අනුභූතියකටයි. දැන් ඔහුගේ ප්‍රේමය පුදදෙන්නේ කාටද? මේ ගැටලු ව දැන් වහා නිරාකරණය විය යුතුය.

මේ ගීයේ මතුපිටින් දිවෙන හාත්ස්‍යජනක ආකෘතිය යටපත් කරමින් ඉතා හැඟීම්බර අවසානයක් කරා ක්‍රමයෙන් ළඟාවනු දැකිය හැකි ය. තරුණයාගේ මානුෂීය බව වඩාත් ම ගීතය අවසානයේ ඉස්මතු වෙයි.

සාමාන්‍ය ජීවිතයේ දී සිදුවන්නේ, එකිනෙකාට නොදැනුවත්ව ම දෙදෙනා ම ඇසුරු කිරීමට අවස්ථාව සලසා ගැනීමයි. එහෙත් මේ තරුණයා තම හිතවතියන් දෙදෙනාට එබඳු අසාධාරණයක් සිදු නොකරයි. එකෙකුට ළං වුවහොත් අනෙකාගේ හිත රිදෙන බව ඔහු දනියි. ආදරයේ නාමයෙන් එබඳු හිතරිදවීමක් කිරීමට ඔහු පෙළඹෙන්නේ නැත. ඒ නිසාම ඔහු විශාල ආත්ම පරිත්‍යාගයක් කරයි. එනම් නිහඬව සිටීමයි. ඒ විසඳුම ද ගණිතමය විසඳුමක් වීම නිසා රසිකයා ලබන ආස්වාදය ප්‍රබල ය.

”සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලට ම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා”

මේ තරුණයා බොළඳ ප්‍රේමය වුවද අවබීධයෙන් විඳින්නකු බව පැහැදිලි වෙයි. ත්‍රිකෝණයක් නම් සමච්ඡේදනය කොට දෙපසට සමබර ව බෙදා දැක්විය හැකිය. එහෙත් ආදරය බෙදා දිය නොහැකිය. බෙදිය හැකි වුණත් සම සම ව බෙදිය නොහැකි ය. මේ ආදරය ද එසේ බෙදන්නට හැකි ය. එහෙත් එය සමබර නොවන බව ඔහු දනී. තමා අසල නිතර ගැවසෙන එක පන්තියේ එකට ඉගෙනගන්නා මේ යුවතියන්ට එබඳු චපල ආදරයක් පිදීමට ඔහු සූදානම් නැත. ඒ නිසා හිතවත්කම් පළුදු කරගැනීම වෙනුවට මේ ආකාරයෙන්ම පැවැතීම වඩා යහපත් බව ඔහුගේ නිගමනයයි.

”අපි තුන් මුල්ලට ම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා”

නිර්මාණය ආරම්භයේ දක්නට ලැබුණු හාත්ස්‍ය රසය මැකී ගොස් ශෝකී රසයක් ගීය අවසානයේ දී ශ්‍රාවකයා අතර ඉතිරි වේ. දයාරත්න රණතුංගයන්ගේ ගී නිර්මාණ අතර මේ දුලබ අත්දැකීම් සහිත නිර්මාණ බහුල ය. “රූං පෙත්ත කැරකෙනවා”, ‘සඳ මා හා සිනාසුණා”, “චාරුලතා”, “මංගල මධු සමය පතා”, “ගී ලියන්න මට කීවේ”, ආදී නිර්මාණ ඉන් අතළෛාස්සකි. එසේම ශෘංගාරය මෙන්ම ශෝකය ද මුසු වූ අපූර්ව හඬක් ද ඔහු සතු විය.

මේ බොහෝ ගීත අපට ඇසුණේ මීට දශක ගණනාවකට ඈත ය. අද ගීතය තාක්ෂණික වශයෙන් බොහෝ දියුණු වී තිබේ. එහෙත් සිංහල ගීතය ආත්මීය වශයෙන් තාක්ෂණයේ දියුණුව සමඟ ගමන් කර නොමැත. එයට එක් හේතුවක් වන්නේ සාහිත්‍ය ඥානය නොමැති ගේය පද රචකයන් නිර්මාණකරණයේ නිරතවීමයි.

ධම්මික බණ්ඩාර
(UPUTA GANIMAK)
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Oct 2016 11:17 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගෙනුත් වටිනා ලිපියක්.. තුන්කොන් ප්‍රේමය ගැන ලියවුන ගීත සමූහයක්..
ගීතයක වගේම ගොඩක් චිත්‍රපටවලත් තුන්‍වැන්නෙක් ඉන්නවා..
"ඒක් පූල් දෝ මාලී" එවැනි ජනප්‍රිය හින්දි චිත්‍රපටයක්...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Oct 2016 12:15 AM
  •  Quote
  •  Reply
milton ge sinduwata nam mama godak asayi
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2016 12:17 AM
  •  Quote
  •  Reply
අපේ හිතට කථා කර ඒවට මේ වගේ ප්‍රවීයන්ගේ අදහසුත් එකතු කරන එක හොදයි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 02:16 AM
  •  Quote
  •  Reply

අනිවාර්යෙන් ප්‍රවීණයන්ගේ අදහස් දාන ඒක හුගක් වැදගත්. අපි හිතන දේ තහවුරු කර ගන්න පුළුන්නේ..

ස්තූතියි පොඩ්ඩී අක්කේ.

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 03:10 AM
  •  Quote
  •  Reply

03.චන්ද්‍ර මණ්ඩලේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ 
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ 
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ 
මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ 

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ 
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ

පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Oct 2016 05:05 AM
  •  Quote
  •  Reply
මම ආසම ගීතයක්..
මෙයින් කියවෙන්නේ පියා හැර දමා වෙනත් තරුණයෙක් සමග ගිය දියණියක් පිළිබඳව..
එම පියාගේ වේදනාව මෙන්ම දියණියට ‍හොද නරක මෙම පද වැල් වලින් කියා දීලා තියෙනවා..
ඒ වගේම දියණියට නැවත එන්න කියලත් කියනවා..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Oct 2016 09:26 AM
  •  Quote
  •  Reply

මාත්  අාසම අාස සිංදුවක්..........

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Oct 2016 09:14 PM
  •  Quote
  •  Reply
චන්ද්‍ර මණ්ඩලේ සැතැපුනු පුංචි සාවියේ....

පුංචි කාලෙ ඉඳන් මම උඹව හැදුවෙ වැඩුවෙ දුකක් දැනෙන්නට ඉඩ හැරල නොවෙයි. අපි දුප්පත්, ඔවු අපි ගොඩක් දුප්පත්, ඒත් එහෙමයි කියල මම උඹට කිසිම දවසක දැනෙන අඩුවක් කරලා නෑ මගෙ දුවේ. මම නොකා නොබී හිටපු වාර අනන්තයි, වැඩ කරාම දැනෙන මහන්සිය සමහර දවසට මම නිවාගන්නේ බනිස් ගෙඩියක් කාල තේ උගුරක් බීලා. මට එහෙම ඉන්න පුලුවන් උනේ ඇත්තටම උඹ නිසයි දුවේ. උඹ අහින්සකයි, හරිම අහින්සකයි. හරියට සඳ මඩලේ හැන්ගිච්ච සාවියක් වගේ. මම උඹට සැලකූ තරමටම උඹත් මට ලෙන්ගතු වුනා. මගේ හිත කවමදාවත් රිදෙව්වේ නෑ. මට උඹ ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඇයි කියපන් මට කියන්නෙවත් නැතුව යන්නට ගියේ කියල. මට ඒක දැනගන්න අයිතියක් තියනව,ඇයි මගේ ආදරේ මදි උනාද? නැත්නම් හැමදාම ලැබිච්ච ඒ ආදරය දැන් ඇතියි කියල හිතුනද? උඹ ගියයින් පස්සෙ මට දැනෙන පාලුව කියා නිම කරන්න බෑ. හරියට ගෙදර පහන නිවිලා වගේ. මගේ පුංචි කෙල්ලේ කියාපන් ඇයි උඹ මට නොකියාම ගියේ.

උඹ වගේම ඉස්සරත් ගමේ කෙල්ලා කීපදෙනෙක්ම මේ විදියට යන්න ගියා. උන් සිදාදියට ගියෙ කාසි හොයාගන්න. උන්ට උදවු කරන්නත් කොල්ලො හිටියා. එත් උන්ට හරි පාර හොයගන්න හම්බවුනේ නෑ මගෙ කෙල්ලෙ. උන් ජීවිතේම නැති නාස්ති කර ගත්ත. අන්න එක නිසා මට උඹ ගැන හරිම බයයි. මොනව උනත් උඹ ගොඩක් අහින්සකයි. උඹෙ අහින්සක කමෙන් උන් ප්‍රයෝජන ගනීවි.

ඇහැට කනට පේන ගෑනු ළමයෙක් ඉන්නකොට ඉලන්දාරි බැල්ම දාන එක සාමාන්‍ය දෙයක්නෙ. ඔය මාල දමාගත්තු ඉලන්දාරි ලැයිම ඉස්සරහ කැරකෙනකොටවත් මට උඹ ගැන සැකයක් ඇති උනේ නෑ. මොකද මෙගේ සඳ සාවි මට පිටුපාන්නේ නැතිබව මම දැනගෙන හිටියා. එත් උන් පුදුම විදියට උඹේ හිත පැහැරගෙන ඩැහැගෙන යන්න ගිහින්. රෝස මල් වනයක් මවා පාල උන් උඹව රවට්ටලා. දැන් ඉතින් උනදේ උනා, එත් උඹ ආයෙ ගමට එනකම් මම බලාගෙන ඉන්නවා. ගෙදර වරෙන් දුවේ, මට උඹව වැඩිනෑ. උඹ වැඩි දුරක් ගිහින් නැතිබව මට විශ්වාසයි. ඉක්මනටම ගෙදර වරෙන් දුවේ පරක්කුවැඩි නෑ ...

...උඹේ අප්පච්චී..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Oct 2016 11:10 PM
  •  Quote
  •  Reply
හිතට දැනෙන ලස්සණ ගීතයක්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Oct 2016 11:14 PM
  •  Quote
  •  Reply
ඉතාම සන්වෙදි සින්දුවක්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 08:55 AM
  •  Quote
  •  Reply

මට වෙන කියන්න දෙයක් නෑ. මේ සිංදුවට සේරගෙම අදහස් ඒකයි.

මමත් හිතුවේ ඔහොම තමයි.

ගොඩක් ස්තූතියි ඉන්දික අයියේ....

අලුත් සිංදුවක් දානවද කෙනෙක්.

 

 

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 10:33 AM
  •  Quote
  •  Reply

ඇතැම් සමාජයක දියණියකගේ උපත සෞභාග්‍යයකි. තවත් සමාජයක එය

 අභාග්‍යයකි. අපේ සමාජය මේ දෙකට ම අයිති නැත. අපගේ සමාජය දරු 

උපත සෞභාග්‍යයක් සේ සලකති. කෘෂි අර්ථ ක්‍රමයක පිරිමි දරුවකුගේ උපත 

පවුලට විශාල ශක්තියක් වුව ද ඕනෑම පවුල් පරිසරයකට දියණියකගේ ළතෙත්

 සෞම්‍ය වූ නිවසේ රාජකාරිය අවැසි ම ය.

එය වඩාත් සහය වන්නේ මවට වුවත් එහි වුවමනාව වඩාත් දැනෙනුයේ පියාට ය. 

විඩාබර වූ පියාට අවැසි වන්නේ වතුර කෝප්පයක් පමණක් නම් එය ඕනෑම

 කෙනකුගෙන් මඟ තොට දී වුව ලබාගත හැකි ය. එහෙත් දියණියගේ මියුරු තෙපුල්,

අත්පා පිරිමැදුම් කෙළිලොල් සිනා ආදී ස්ත්‍රිත්වයේ ආවේණික මෘදු බව විඩාබර ගතට 

අමා වත් දිය බිඳ පරදා නැඟී සිටින්නේ ය.

අපගේ ප්‍රවීණ ගේය කාව්‍ය රචක රත්නශි‍්‍ර විජේසිංහයන් ගාල්ලේ ජනපි‍්‍රය පාසලක 

අධ්‍යාපනය ලබමින් සිටින යුගයකි. ඒ හැත්තෑව දශකය යි. ගමේ සිට පාසලට

 සැතපුම් විස්සක පමණ දුර ය. ගම ඉතා පිටිසර ය. ගමනාගමනය ද දුෂ්කර ය.

රත්නශ්‍රී ගාල්ලේ නේවාසික පදිංචියේ සිට අධ්‍යාපනය කරන්නේ ය. සති අන්තයේ 

ගමට පැමිණෙන්නේ ය. මේ එන අතර මඟ ඔහු වුව වැස්සකට පාහේ ගොඩ වදින

 වඩු මඩුවකි. ඉදිරියෙන් වඩු මඩුව වුවත් මැදි වියේ වඩු රාළ හා ඔහුගේ තරුණ 

දියණිය ජීවත් වන්නේ ද ඉදිරිපස වඩු මඩුව සහිත මේ නිවසේ ම ය.

රත්න ශ්‍රී බොහෝ දිනවල පාන්දර පාරේ ගමන් කරන විට මේ වඩු රාළ කියතක්,

බුරුමයක් ගෙන ලී වැඩ ය. ඇතැම් විට මිටියත් නියනත් ගෙන ලීයක ලියවැල්

 මවන්නේ ය. තරුණ දියණිය පසෙක ඉරටු ගෙවී ගිය ඉදලෙන් මිදුලේ රටා අඳින්නී ය.

මේ සොඳුරු දසුන රත්න ශි‍්‍ර බොහෝ දිනවල දකින්නේ ය. පියා වෙහෙසෙන්නේ

 මවත් අහිමි දියණිය වෙනුවෙනි. දියණිය වෙහෙසෙන්නේ පියා වෙනුවෙනි.

 එහෙත් එක්තරා දිනෙක මේ වඩු රාළ අඳුරු වූ මලානික මුහුණින් යුතු ව 

රත්නශි‍්‍ර සමඟ පවසන්නේ සිය දියණිය නගරයේ රස්තියාදුකාර තරුණයකු හා 

නොකියාම යන්න ගොස් ඇති බව ය. වඩු මඩුවේ වඩු රාළ ඇතත් දැන් එය

 පාළු වී ඇත. බත් වේල ගැන තේ වතුර ගැන ඔහුට ගානක් නැත. තමා හැර 

යාමට දියණියට වූ අඩු පාඩුව කුමක් ද?


“චන්ද්‍ර මණ්ඩලේ සැතපුන 
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා 
හැංගිලා ගියේ...

මේ වඩු කාර්මික පියාගේ දුක් අඳෙීනාවත් ඔහු දෑසින් දියකර හැරිය දැඩි බවේ

 අසාර්ථක භාවයත් රත්න ශි‍්‍ර විජේසිංහයන්ගේ සිතෙහි බොහෝ කාලයක් ලැගුම්

 ගෙන තිබුණි. ගීතය ලියැවෙන්නේ අසූව දශකයේ මැද භාගයේ ය. අපගේ චිරන්තන

 සාහිත්‍යයේ පවා බහුල ලෙස දැකිය හැකි වන්නේ දරු සෙනෙහස සමඟ මවගේ 

සම්බන්ධතාවය යි. දරුවන් වෙනුවෙන් හඬන පියවරුන් පිළිබඳ කවි හෝ කතා

 සුලබ නැත. සැබෑ ලෝකයේ කෙසේ වෙතත් දරු සෙනෙහස වඩාත් සමීප

 වන්නේ මවට ය. රත්නශ්‍රීට වෙස්සන්තර ජාතක කාව්‍යය සිහිපත් වේ.


“සඳ සේ ලප විලසේ දවසක් 
වෙන් නූවෙම්මා
එපසේ බුදු කෙනෙකුන් මෙන් 
රැකි දැයි නිතියෙන් මා
සොඳ සේ අප දන් දුන්නෙත් 
වැදුමෙන් වද අම්මා
අප සේ පිය රජුනි දනට 
නො දෙන්න අපෙ අම්මා”

වෙසතුරු නිරිඳා සිය පුතු හා දියණිය ද දන් දෙන්නේ ය. වඩු රාළ සිය දියණිය 

ගිය සොවින් හඬන්නේ ය. දරුවන්ගේ හා මවගේ බැඳීම වෙස්සන්තර කාව්‍යකරුවා

 දකින්නේ “සඳ සේ ලප විලසේ” ය. එය අවියෝජනීය සම්බන්ධයකි. එහෙත් මේ 

දියණියට මව් සෙනෙහසටත් පිය සෙනෙහසටත් දෙකට ම සිටියේ පියා පමණි.

වෙස්සන්තර ජාතක කාව්‍ය රචනා කළේ ගැමි කවියකු යැයි සැලකේ. එහෙත් ඔහු 

සඳෙහි ලප දකින්නේ ය. විද්‍යාව එය දකින්නේ ආවාට ලෙසිනි. එහෙත් ගැමියා 

දකින්නේ සඳෙහි සාවෙකි. රත්න ශ්‍රී හු වෙනස්ම ආකාරයේ ගැමියකු වෙති. ඔහු 

මේ වඩු රාළගේ සඳ මඬලේ දකින්නේ සාවියකි. ඔහු මුල් වරට සාහිත්‍යයේ සඳ

 සාවා ගේ ලිංග විපර්යාසයක් සිදු කරන්නේ ය.


“ලාබ රත්තරං දිළිසෙන පාලු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ”

රත්න ශි‍්‍ර විජේසිංහයන් නිතර ම සිය නිර්මාණකරණයේ දී තමන්ගේ අත්දැකීම

 පෝෂණය කරගන්නේ දෙස් විදෙස් අග්‍රගණ්‍ය සාහිත්‍යාංගයන්ගෙනි. මේ වඩු රාළගේ

 දුක් අඳෙීනා සමඟ ඔහු රුසියානු මහා සාහිත්‍යකරු ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ

“තානායම්කරුවා” නම් කෙටි කතාවේ කථානායකයා වන දුන්‍යාගේ පියා හා

 සමපාත කරන්නේ ය.


තානායම්කරුවකු වන ඒ මහලු පියා ගේ තානායම වෙත වරක් පැමිණෙන

 නගරයේ ජේත්තුකාර තරුණ සිටුවරයකු තානායම්කරුගේ රූමත් දියණිය 

වන දුන්‍යා රවටාගෙන නගරයට පැන යන්නේ ය. මහලු පියා නගරය වෙත

 දුෂ්කර වූ ගමනක් යන්නේ දියණිය දැක ගැනීමට යි.

එහෙත් ඔහුට දියණිය දැක ගැනීමටවත් ලැබෙන්නේ නැත. ජේත්තුකාර සිටුවරයා

 ජනේලයෙන් සල්ලි මිටියක් විසි කරන්නේ ය. පියාට ඉන් පලක් නැත. ඔහු එයට 

අත තබන්නේ වත් නැත. ඔහු කල්පනා කරයි.

“නගරවල ඉඳල එන ජේත්තුකාරයන්ට රැවටිලා පැනල ගිය ඉතිහාසයේ එකම 

කෙල්ල දුන්‍යා වෙන්න බෑ. ඉදිරියේ දීත් කෙල්ලො පැනල යාවි. ඒගොල්ල අද 

සේද ඇන්දට හෙට එයාලට පාර අතුගාන්න වෙනව. රත්න ශි‍්‍ර සිහි කරන්නේ ඒ 

පුවතයි. වඩු රාළගේ දියණිය දුන්‍යාගේ පරපුරේ ය.


“උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ”

ඕනෑම සභ්‍ය සමාජයක පියකුට තම දියණියන් පිළිබඳ ඇති විශාල ම බලාපොරොත්තු 

දෙක කැයි හැඟේ. ඉන් සමාජයට හොඳින් විදහා දැක්වෙන්න නම් දියණියන් 

ලොකු මහත් කර හොඳින් අධ්‍යාපනය ලබාදීම, රැකියාව ගේ දොර වැඩ ආදිය යි.

 අනෙක් සැඟවුණ බලාපොරොත්තුව නම් නම්බුකාර ලෙස චාරිත්‍රානුකූලව 

පොරුව මත හිඳුවා ඇය යුග දිවියට එලඹීමයි. දියණිවරුන්ගේ හැදියාව පිළිබඳ

 සීමා වැට කඩුලු දැමෙන්නේ මේ බලාපොරොත්තු මුදුන්පත් කරගැනීමට ය.


දිනෙක පිවිතුරු චරිතවත් ශීලාචාර දියණිය පෝරුව මත හිඳ බුලත් හුරුලු දී පියාට

 වැඳ කුලගෙට වදින අයුරු විඳීමට මේ වඩු කාර්මික මහතා ද බලා සිටියා විය හැකි ය

. එහෙත් දියණිය ඊට ඉක්මන් වූවා වැඩි ය. ඈ යන්න ගියේ නොකියා ම ය. පියාට 

ඒ බව හඟවන පෙර නිමිති තිබෙන්නට ඇත. රෝසමල් යහන් පිළිබඳ ඈ මැවූ සිහින 

පියාට සන්නිවේදනය කිරීමට මව සිටියේ නැත. මාල ගිරවුන්ගේ ගීතය දියණියට මිස

 පියාට ඇසුණේ නැත.


“මාල බැඳන් සුදු යකඩෙන් 
රෝසමල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ 
සිංදු කිව් වෙලේ”

වඩු මඩුව ඉදිරියෙන් ගිය පාපැදි මෝටර් බයිසිකල් පිළිබඳ වඩු රාළට ඒ තරම් 

නිනව්වක් නැත. ඒ වායේ නළා හඬ සංඥා කළේ කාටදැයි එදා තේරුණේ නැත.

 සුදු යකඩ මාල මුදු පැලඳි ඉලන්දාරින්ට වඩු මඩුව ඉදිරියේ පාර තහනම් නැත. 

දියණියට මිදුල ද තහනම් නැත. වඩු රාළට වඩු මඩුවේ ඕනතරම් වැඩ ඇත.

 දියණියට මාල වළලු තනා දිය යුතුය. සුදු යකඩෙන් නොව රත්තරනින් ය. 

එහෙත් ඊට පෙර දියණිය සුදු යකඩ මාලයකට පෙම් බැන්දා ය.

“හීනෙනුත් හිතුනෙ නෑ මට 
මොකද කාරණේ
පාර මතක නම් තාමත් 
ගේ ළඟයි දුවේ”

රත්තරං දුවේ රනින් සැරසිය යුතු උඹේ කරට සුදු යකඩ මාලා ගැළපෙන්නේ නැහැ.

 කවුරු එක්ක ගියත්, කොහේ හිටියත් වරෙන්, ඇවිත් යන්න නෙමෙයි නවතින්නම,

මේ තාත්තා උඹට ඈත නෑ. වඩු මඩුවේ කොට බිත්තියක් මත වාඩි වී වඩු රාළ 

විවිධ දිශාවන්ට දිවෙන අතුරු මාර්ග බහුල පාර දෙස ඔහේ බලා සිටින අයුරු 

තවත් දිනෙක රත්නශ්‍රී ට දැකගන්නට ලැබුණි.


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 12:06 PM
  •  Quote
  •  Reply
මම දවසකුත් කිව්වා මතකද එක සින්දුවකට බොහො දෙනා පල කරන අදහස් මතයන් තේරුම් වෙනස්. හරිම තේරුම දන්නේ සින්දුව ලියපු කෙනා විතරයි, සමහර විට ඔහුගේ ජීවිතේ අත්දැකීමක් විය හැකි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 01:29 PM
  •  Quote
  •  Reply

අනිවාර්යෙන් ධනූ  අයියා

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 01:46 PM
  •  Quote
  •  Reply
ඒක නිසා ස්තීරවම තේරුමක් කියල වාද කරන්න බැහැ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 08:13 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 09 Oct 2016 05:05 AM
මම ආසම ගීතයක්..
මෙයින් කියවෙන්නේ පියා හැර දමා වෙනත් තරුණයෙක් සමග ගිය දියණියක් පිළිබඳව..
එම පියාගේ වේදනාව මෙන්ම දියණියට ‍හොද නරක මෙම පද වැල් වලින් කියා දීලා තියෙනවා..
ඒ වගේම දියණියට නැවත එන්න කියලත් කියනවා..


මාත් කියන්න හිතුවේ මේ ටිකමයි ..දයාබර අප්පච්චි කෙනෙකුගේ සංවේදී අවස්ථාවක් .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 11:28 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 10 Oct 2016 01:46 PM
ඒක නිසා ස්තීරවම තේරුමක් කියල වාද කරන්න බැහැ

කමක් නෑ පොඩ්ඩක් වාද කරමු අනේ. 

හේතු පැහැදිලි කරන්න පුළුවන්නේ තමන් ඒහෙම හිතන්නේ අැයි කියලා.

අපි නොහිතන දේවලුත් දැන ගන්න ලැබේනවනේ.

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 07:25 AM
  •  Quote
  •  Reply
අනිත් අයට උත්තර දෙන්න තියා කටක් අරින්නවත් ඉඩක් නැහැ නොවැ. සදුනි පොතක් වගේ විස්තරයක් දාල තියෙන්නේ
0
Add Reply
Page 3 of 7 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below