You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 06:38 PM by  Dileeka Madushani
ගී පද
 6 Replies
Sort:
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 11:38 AM
  •  Quote
  •  Reply

තව ටිකක්වත් ඉවසන්න තිබුණා නම්
මොන දේ නැතත් අපි අපේමයි තවමත්
අපි අපි ගැනම තව ටිකක් හිතුවානම්
මේ දුකම කෙතරම් මිහිරිවෙද නොදනිම්.....

අපි අපේ දුක ගැන නොහිතුවත්
අපි ගැන දුක් වුනේ වෙන අයයි
තනියම විදින්නට හුරු වුනත්
මට මේ තරම් දුක ඔබ ගැනයි ......

අපි හදවතට කන් දුන්න නම්
ඒ ආදරය ඇති මියෙනකම්
මේ තනිව ගෙවනා ඡීවිතය
ගෙනියන්න තව දුර බෑ වගෙයි .....

ගායනය / ලක්ෂ්මන් හේවාවිතාරන
ගී පද /ගයානී පියදිගම
සංගීතය / ලක්ෂ්මන් හේවාවිතාරන

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 11:42 AM
  •  Quote
  •  Reply
සිර වී තිබුණා හද පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ ....

ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී
ඇවිදින්නට ආසයි
ඔබ අන්සතු යයි කිසිම විටක මා
නොසිතන්නට ආසයි
කවදා යළී අපි එක්වන්නේ දැයි
දැන ගන්නට ආසයි ......

ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවකු දන්නේ
මා එක් තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ
ගත වන මොහොතක් පාසා හද තුළ
ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
මා උදුරා ගන්නේ .....

පද - සනත් ගුණතිලක
සංගීතය - සුරේෂ් මාලියද්ද
ගායනය - නිරෝෂා විරාජිනී
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 11:44 AM
  •  Quote
  •  Reply
ගිගුරුම් නගන අහසේ සක්මන් කරනා
වැහි ලිහිණියේ අදවත් මට වැහි ඕනා
සැළමුතු කඳුළු නෙතු අග පිනි මෙන් දකිනා
නුඹ දන්නවා මම මේ කටු අග පිපුණා...

සඳ සක්මනේ යහමින් සිසිලස යදිනා
විෂ තුඩු දැවෙනවා රොන්සුණු සුව සොයනා
රෑ තුන් යමේ දියවූ නෙත් විල කලතා
උලලේනියේ නොගයන් ගී හිත රිදෙනා...

ඉර අවරකත් ඉර ගිරවුන් ඇත රුවිනා
සඳ අවරකත් සඳ සාවුන් ඇත රඟනා
ඉරු සඳු නිවී පරවූ තරු කැට බෝමා
පෙම් සඳ කොහේ කොතනද නුඹ නෑ තවමා...

පද - බණ්ඩාර බෙලිකැටිමුල්ල
සංගීතය- අමිත් ලියනගේ
ගායනය -නිලක්ෂි ගුණතිලක
ආරාධිත ගායනය- සමන් ලෙනින්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Jan 2017 09:37 PM
  •  Quote
  •  Reply
poddi akka kalekin weda tikak karan yanawa neda
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 09:37 PM
  •  Quote
  •  Reply
දන්න ගායකයෝ උනත් සින්දු අහල නෑ වගේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 09:39 PM
  •  Quote
  •  Reply
mmmmmmm ekane
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jan 2017 06:38 PM
  •  Quote
  •  Reply
දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්න....

මල් කැකුළු අග අඬන
පිනි කඳුළු මට දෙන්න
හැමදාම හැර නොයා ලඟ රැඳුනු
මල් සුවඳ ඔබ ගන්න.....

අතීතය මට දෙන්න
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපි ඵල දරන
වසන්තය ඔබ ගන්න......

ගායනය /හර්ෂණ දිසානායක
ගී පද /සුගත් සෝමවීර
සංගීතය /මහේෂ් කුමාර විතානගේ
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below