You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Oct 2016 08:35 AM by  Dileeka Madushani
රස පිරුණු කතා හොදට ගොතා (ප්‍රහසනයට මුල් තැන)
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jan 2016 12:25 AM

ඔබ අනිවා දැනගතයුතු සුපිරි කියමන් 7ක්

 

1. බයියා සහ ටොයියා වාදය

ඔය බයියා සහ ටොයියා කතන්දරේ මුලින්ම අපිට ඇහෙන්න ගත්තේ 2014 වසරේදී අයවැය කියවලා ඉවර වෙලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැති සබයෙන් “කොහොමද ගමේ බයියාගේ වැඩ?” කියලා ඇහුවා එතන ඉඳන් තමා ඔය කතාව සමාජ ගත වුයේ. ඒ අනුව බයියා යනු සන්ධාන පාක්ෂිකයා වන අතර ටොයියා යනු එජාප පාක්ෂිකයා බව ඔබ දැනටමත් දන්නවා ඇති.

 

 

2. ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට

භාවිතය: කෙනෙකුට කරන්නට නොහැකි යමක් කරන්නට උත්සහ කිරීමේදී.

2015 වසරේ දී අබුඩාබි ගුවන් තොටුපොලේදී කාන්තාවක් තමන්ගේ ලංකාවේ නිවසට දුරකථන ඇමතුමක් දීලා ඔවුන්ට යමක් පවසන්නට උත්සහ කරත්දී, ඇය හා ලංකාවේ සිට කතා කරන්නා විසින් අදාළ තොරතුරු තේරුම් ගන්නට නොහැකිව වැරදි තොරතුරු කියත්දී කෝපයට පත්වන ඇය විසින් පරුෂ වදනින් බනින ආකාරයයි වීඩියෝවේ සටහන් වන්නේ. එවන් දෙයක් වීඩියෝගත කිරීම සදාචාරාත්මකව කොතරම් වැරදි සහගත වුවත් “ඕක දීපන් ළමයෙකුට” කියන කියමන ජනතාව අතර ජනප්‍රිය වුනේ ඉතා වේගයෙන්. කොහොම උනත් තමන්ට යම් දෙයක් කරගන්නට බැරි නම් එක ළමයෙක් ඊට වඩා හොඳට කරයි යන අදහස මෙයින් ඇඟවේ.

[සත්‍ය වීඩියෝවේ අසභ්‍ය වචන ඇති නිසා අපි රීමික්ස් වර්ෂන් එක දාන්න හිතුවා]

 

3. මට වහ බෝතලයක් දීපන් ඩිලාන්

භාවිතය: කෙනෙක් තවත් කෙනෙකුට නොගැලපෙන තර්කයක් සමගින් බල කරයි නම්.

2015 අගෝස්තු 05 වෙනිදා පවතින යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල අය මහත්වරුන් එකතු වී කල මාධ්‍ය සාකච්චාවදී මේ බව පවසා සිටියා.

 

4. මේක විජාතික කුමන්ත්‍රණයක්

image003මේ වචනය සම්බන්ධයෙන් වැඩිපුරම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ විමල් වීරවංශ මහත්මයා. ඔහුගේ බොහෝ කතාවල මේ වචනය දකින්නට අහන්නට පුළුවන්. කිසිදාක නොදැකි කිසිදාක සිදුනොවන දෙයක් සම්බන්ධයෙන් බොහෝ වෙලාවට මේ යෙදුම යෙදෙන අවස්ථා තියෙනවා.

 

5. වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න
Source - kaieteurnewsonline.com

Source – kaieteurnewsonline.com

භාවිතය: දන්නා දෙයක් සම්බන්ධයෙන් නැවත නැවත අසන විට මේ කියමන යොදාගනී.

මගේ මතකය නිවැරදි නම් 2012දී ක්‍රිකට් පාලක මණ්ඩලේ බලධාරීන් සමඟ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඇතිකරගත් සිදුවීමකදී එය වාර්තා කරන්නට එතනට ගිය මාධ්‍ය වේදීන් එවෙලේ පාලක මණ්ඩල ගොඩනැගිල්ලෙන් එලියට ආ ලසිත් මාලිංග ගෙන් ඒ ගැන පවසා සිටියා.

ජනමාධ්‍යවේදීන් – මාලිංග මහත්තයා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?

ලසිත් මාලිංග – ඇයි මීට කලින් මාව දැකලා නැද්ද?

වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.

 

6. මේකද යහපාලනේ
Source - athavaneng.com, transcurrents.com

Source – athavaneng.com, transcurrents.com

භාවිතය: බලාපොරොත්තු වූ දෙයට වඩා හාත්පසින් ම වෙනස් දෙයක් සිදුවෙන විට එය ප්‍රශ්න කිරීමේදී මෙසේ අසනු ලබයි.

2015දී ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් පත්වී මාස තුනකට පසු පිහිටවූ සභාග රජය [යහපාලන] පත්වන්නට පෙර යහපත් පාලනයක් [good governence] ගැන බොහෝ බලාපොරොත්තු ඇතිවන ආකාරයට කතා කරත් කල් යත්දී බලාපොරොත්තු වූ දේ නොව වෙනත් දේවල් වන විට “එයද යහ පාලනය ?” යන ගැටලුව සමහර පාක්ෂිකයින්ට ඇති වුවා. ඉතින් එය ගුරු කරගෙන නොසිදුවියුතු දෙයක් වෙන විට එය ප්‍රශ්න කරන්නට මේ කියමන ජනවහරේ යෙදෙන්නට ගත්තා.

 

7. ඔයා වැටුනද වස්තුව
Source - gettyimages.com, landseaskyco.com

Source – gettyimages.com, landseaskyco.com

භාවිතය: බලාපොරොත්තුවෙන් සිටින දෙයක් සිදු නොවෙනා විට.

මීට දින කිහිපයකට කලින් එනම් නොවැම්බර් මාසයේදී ලංකාව ආසන්නයට ආකාශවස්තුවක් කඩා වැටීමට යන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා සිටියා. ඉතින් මෙය වාර්තා කිරීමට අදාළ දිනයට මුහුද අද්දරට රැස් වී කැමරා සහ දුරදක්න මානාගෙන සිටින බොහෝ නිරීක්‍ෂකයින් සිටියත් පසුව වාර්තා වුයේ එය අහසේදී ම ගිණිගෙන දැවී ගිය බවයි.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jan 2016 01:03 AM
බයියො ටෝයියෝ බබයියෝ ඔක්කොම දැනගන්න ඕන දේවල් ටිකක්. කොහොම නමුත් මේ ගොඩක් දේවල් දැන් සාමාන්‍ය ව්‍යවහාරයට එකතු වෙලා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Jan 2016 01:51 AM
අපිට නොදැනීම භාෂාවට අලුතෙන් වචන එකතු වෙනවා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Jan 2016 07:06 AM
ආව වචනය අද සමාජෙට කොහොම හරි ගලප ගන්නවා.
ඒකත් අගෙයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jun 2016 08:39 AM
මෙ වෙදගත් පොස්ට් ගොඩක් යටට ගිහින් මෙවයෙ වටින දෙවල් තියෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jun 2016 08:49 AM
Posted By DanuLiyanage on 12 Jun 2016 08:39 AM
මෙ වෙදගත් පොස්ට් ගොඩක් යටට ගිහින් මෙවයෙ වටින දෙවල් තියෙනවා
මුල ඉඳලම මම මේකේ ප්‍රහසනයට අදාළ පෝස්ට් ටිකක් දාගෙන ආව. නමුත් කොම්න්ටුවක්ව වැටෙන්නේ නැති නිසා ඒ කතා වලින් වැඩක් නැහැ කියල හිතල නතර කරලා දැම්මා. 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jun 2016 08:52 AM
අයියො නෑහෑ අයියෙ තව ගොඩක් ට්‍රේඩ් තියෙනවා මම දෑන් එව බල බල ආයෙ උඩට ගන්නව අපි අයෙම ඒව පටන් ගමු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jun 2016 09:14 AM
අදාල නෑ නේ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jun 2016 04:48 PM
අහලා තිබ්බට ටොයියෝ බයියෝ ගැන හරියට දැන ගත්තේ දැන්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Sep 2016 09:46 PM

ශිවගුරුනාදන් ගේ ගුප්ත බලය



ගුප්ත විශ්වාසවලින් අපිට පිහිටක් ලබාගන්න බැහැ” කියලා තමයි මාත් මෙච්චර කල් හිතුවේ. ඒත් මේ සැරේ කතරගම ගමනින් පස්සේ මගේ ඒ අදහස සම්පූර්ණයෙන් වෙනස් වුණා.” පහුගිය දවසක ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයා තමන්ගේ යාළුවෝ කට්ටියකට එහෙම කිව්වා. එතැන හිටපු හැමෝම ශිවාගේ කතාවට බොහොම උනන්දුවෙන් ඇහුම් කන් දුන්නා.“මම පහුගිය දවස් ටිකේ හිටියේ කතරගම කිට්ටුව තියන කටගමුව කැ‍ලේ; කොටස් සීයක ටෙලි නාට්‍යයක මුල් කොටස් පහළොව “ෂූට්” කරන්නයි අපි කටගමු ගියේ; අපි දවස් පහළොවක් ගත කළේ ඒ මහ මුකලාන මැද්දේ. ශිවා එහෙම කියන කොට කවුදෝ ඒ කතාවට වඩාත් හොඳින් ඇහුම් කන් දෙන්න පටන් ගත්තා.

“කොහොම හරි අපේ ටීම් එක ආපහු කොළඹ එන අතරේ අපේ කොල්ලන්ගේ වදෙන් බේරෙන්න බැරි කමට කිරින්දේ මූදු අයිනේ අපි ටිකක් නතර වුණා”
“ඒ කිට්ටුවක හරි හමන් කඩයක්වත් නැහැ. නමුත් කොල්ලෝ ගිහින් කොහෙන්දෝ; මන්දා පුංචි බයිට් එකකුත් දාගෙන ආවා. ඒකේ සැර ගතියක් ඇඹුල් ගෑවිලාවත් නෑ; ඔන්න ඔය අතරේ තමයි ඔය ගුප්ත විශ්වාස කියන දේවල් මගේ ජීවිතේට මුල් වරටම පිහිට වුණේ” ශිවා එහෙම කිවා. විතරයි එතන හිටිය හැමෝම ඇසි පිය නොහෙලා බලාගෙන හිටියා.

“ඒ කොහොමද ශිවා අයියේ?
ඒ පිරිස අතරේ හිටපු ටීවීටී ආයතනයේ සනත් මැදිවක නොඉවසිලිමත්ව ඇහුවා.
“අපි එතැන ඉන්න කොට අලුත්ම අලුත් ටොයොටා වෑන් එකක් ඇවිත් එතැන නතර කළා. ශිවා කිව්වා.

“ඉතින්? ඉතින්? එතැන හිටපු කීප දෙනෙක් එක සැරේ; ඇහුවා එතකොටම ශිවාගේ මුහුණෙන් අර ආඩම්බර හිනාව මතු වුණා.
මගෙම වාසනාවට වගේ “ඒකේ ඉස්සරහ බෆර් එක යට අලුත්ම දෙහි ගෙඩි තුනකුයි අමු මිරිස් කරල් තුනකුයි එල්ලලා තිබුණා බං.”
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 12:41 AM
මරු මරු ස්තුති.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2016 01:59 AM
අන්තිම වෙනකං හිතාගන්න බැරැව ගියා. මරැ අයියේ කථාව
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Sep 2016 04:35 AM

හපොයි......

 

මේ අැත්තටම බූතයො විස්වාස කරනවද?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Sep 2016 03:44 PM
හා හා හා හොද වෙලාවට ....මටත් අන්තිම වෙනකම් හිතා ගන්න බැරි වුනා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Sep 2016 09:04 PM
ඇත්තක් නැත්තෙම නැ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Sep 2016 10:04 PM
Posted By maduranga001 on 21 Sep 2016 09:46 PM

ශිවගුරුනාදන් ගේ ගුප්ත බලය



ගුප්ත විශ්වාසවලින් අපිට පිහිටක් ලබාගන්න බැහැ” කියලා තමයි මාත් මෙච්චර කල් හිතුවේ. ඒත් මේ සැරේ කතරගම ගමනින් පස්සේ මගේ ඒ අදහස සම්පූර්ණයෙන් වෙනස් වුණා.” පහුගිය දවසක ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයා තමන්ගේ යාළුවෝ කට්ටියකට එහෙම කිව්වා. එතැන හිටපු හැමෝම ශිවාගේ කතාවට බොහොම උනන්දුවෙන් ඇහුම් කන් දුන්නා.“මම පහුගිය දවස් ටිකේ හිටියේ කතරගම කිට්ටුව තියන කටගමුව කැ‍ලේ; කොටස් සීයක ටෙලි නාට්‍යයක මුල් කොටස් පහළොව “ෂූට්” කරන්නයි අපි කටගමු ගියේ; අපි දවස් පහළොවක් ගත කළේ ඒ මහ මුකලාන මැද්දේ. ශිවා එහෙම කියන කොට කවුදෝ ඒ කතාවට වඩාත් හොඳින් ඇහුම් කන් දෙන්න පටන් ගත්තා.

“කොහොම හරි අපේ ටීම් එක ආපහු කොළඹ එන අතරේ අපේ කොල්ලන්ගේ වදෙන් බේරෙන්න බැරි කමට කිරින්දේ මූදු අයිනේ අපි ටිකක් නතර වුණා”
“ඒ කිට්ටුවක හරි හමන් කඩයක්වත් නැහැ. නමුත් කොල්ලෝ ගිහින් කොහෙන්දෝ; මන්දා පුංචි බයිට් එකකුත් දාගෙන ආවා. ඒකේ සැර ගතියක් ඇඹුල් ගෑවිලාවත් නෑ; ඔන්න ඔය අතරේ තමයි ඔය ගුප්ත විශ්වාස කියන දේවල් මගේ ජීවිතේට මුල් වරටම පිහිට වුණේ” ශිවා එහෙම කිවා. විතරයි එතන හිටිය හැමෝම ඇසි පිය නොහෙලා බලාගෙන හිටියා.

“ඒ කොහොමද ශිවා අයියේ?
ඒ පිරිස අතරේ හිටපු ටීවීටී ආයතනයේ සනත් මැදිවක නොඉවසිලිමත්ව ඇහුවා.
“අපි එතැන ඉන්න කොට අලුත්ම අලුත් ටොයොටා වෑන් එකක් ඇවිත් එතැන නතර කළා. ශිවා කිව්වා.

“ඉතින්? ඉතින්? එතැන හිටපු කීප දෙනෙක් එක සැරේ; ඇහුවා එතකොටම ශිවාගේ මුහුණෙන් අර ආඩම්බර හිනාව මතු වුණා.
මගෙම වාසනාවට වගේ “ඒකේ ඉස්සරහ බෆර් එක යට අලුත්ම දෙහි ගෙඩි තුනකුයි අමු මිරිස් කරල් තුනකුයි එල්ලලා තිබුණා බං.”

මරු කතාව.. මතක් වෙන වාරයක් පාසා හිනහ යනවා...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Sep 2016 10:43 PM
කථාව මරු අන්තිම .අන්තිම වෙනකන් මොකද්ද උනේ කියල හිතාගන්න බෑ ............
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
22 Sep 2016 10:56 PM
මේක නම් මරු අයියේ
1. බයියා සහ ටොයියා වාදය තමයි හොදම
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Oct 2016 08:35 AM
ලස්සන ලස්සන කතා ගොඩයි....

සාරිය අදින එක නම් ලේසි..


හොදම කතාව හිගන්නගේ හීනේ තමා... පව් ඉතිං... කොච්චර දුකින් ජීවත් වෙනවා ඇතිද.. යථාර්තය තමයි...

මම ආසම අර පොතේ අන්තිම පිටුව බලන්න එපා කියපු එක. අයියෝ සල්ලි හී
0
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345