You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Oct 2016 08:35 AM by  Poddi
රස පිරුණු කතා හොදට ගොතා (ප්‍රහසනයට මුල් තැන)
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
12 Feb 2015 09:25 AM

shoook katha tika..sthuthii aiyye.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
13 Feb 2015 08:28 PM
New Zealand nam ithin gonek unath moko.

ground ekenma kema tikath kaala match ekath balagena inna thiyethiyenne.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
13 Feb 2015 09:29 PM
Posted By samantha on 12 Feb 2015 09:15 AM

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා

"අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
"අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්‍රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු

"තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" කියලා.

තාත්තා - මේක එහෙම කියල දේන්න බෑ උබ ගිහින් අම්මටයි, අක්කටයි, අයියටයි එන්න කියපන්. මම එතකොට කියල දෙන්නම්.
ඔන්න ඉතින් ඇම්ඩා ගිහින් සෙට් එකම එක්කගෙන ආවලු. තාත්තා ඇම්ඩාගෙ අම්මාගෙන් ඇහුවලු

තාත්තා - ඔයට මිලියන එකක් දෙනව කිව්වොත් ඔයා ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අම්මා - ඇයි නැත්තෙ.. අද කාලෙ හැටියට මිලියනයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද

ඊට පස්සෙ අක්කගෙන් ඇහුවලු

තාත්තා - උඹට මිලියන එකක් දෙනව කිව්වොත් ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අක්කා - නැතුව එයා මගේ සිහින කුමරය නෙ

ඊට පස්සෙ ඇම්ඩාගෙ මස්සිනාගෙන් ඇහුවලු

තාත්තා - දැන් කියපන් බලන්න මිලියන එකක් දෙනව කිව්වොත් උබ ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
මස්සිනා - නැත්තං... මිලියනයකින් කරන්න කොච්චර දෙවල් තියෙනවද

ඔන්න ඊට පස්සෙ තාත්තා ඇම්ඩට කිව්වලු

"පුතේ දැන් අපි කල්පිතයක් ගත්තොත් අපි දැන් ජීවත් වෙන්නේ මිලියන පතියො 3 දෙනෙක් එක්ක
ඒත් පුතේ යතාර්තය තමයි අපිට ජීවත් වෙන්න සිද්ද වෙලාතියන්නෙ පට්ට වේ**යො දෙන්නෙක් එක්කයි කොලුකාර හු*** එක්කයි කියන එක"

ඔන්න ඊට පස්සේ තමයි ඇම්ඩට කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස තේරුණේ

පැහැදිලි කිරීම 100% ක්ම නිවැරදියි...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
13 Feb 2015 09:34 PM
Posted By samantha on 12 Feb 2015 09:19 AM

දවසක්   ගෑනියෙක් පන කඩාගෙන දුවගෙන ආවලු සාස්තර කියන කපුවෙක් ගාවට ..

ගෑනි: අනේ කපු මහත්තයෝ මගේ මනුස්සයා මැරිලා දැන් මාසයක් විතර වෙනවා..දැන් මට රෑට රෑට මගේ මනුස්සයා හීනෙන් පේනවා..

කපුවා: ඉතින්

ගෑනි : ඉතින් හීනෙන් ඇවිත් මට කරදර කරනවා..ඉන්න කාලේ උපරිම පින් අතේ වැඩ කරා..මැරුනහමත් මම දන් පින් කම් කරා..පින් අතින් නම් අඩුවක් වෙන්න බෑ.ඒත් මේක හරිම කරදරයක් මම බය වෙලා හීනෙන් ඇහෙරෙනවා..

කපුවා; ඉතින්

ගෑනි :ඉතින් කියන්නේ මට මේ මනුස්සයා ගෙන්නලා අහලා බලලා කියන්නකෝ පින් වල මදි අඩු පාඩුවක් තියනවද කියලා

කපුවා:ම්ම්ම්ම්ම් ඕන් වර වර වර ඒස්වා කියලා හැල්ලක් කියලා ජප කරලා ඩයල් එක ගෙන්නුවා බූත ආත්මේ...

කපුවා:ම්ම්ම් ඕන් දැන් කැමති දෙයක් අහගෙන්න එකයි ඇත්තේ

ගෑනි: අනේ සුමනේ ඇයි අනේ ඔයා රෑට රෑට මට වද දෙන්නේ..ඔයාට පින් මදි ද?ඔයා කොච්චර පින් කරපු කෙනෙක්ද? ඔයාට මොනවද තියන අඩු පාඩු කියන්නකෝ..

සුමනයා: ලතෝ මට කිසිම අඩු පාඩුවක් නෑ මම ජොලියට පොඩි ෆන් එකටත් එක්ක බන් රෑට රෑට උබට මැවිලා පේන්නේ..කෑම වලින් කිසිම අඩුවක් නෑ.උදේ ඇහුරුන වෙලාවේ ඉදන් හවස් වෙනකම්ම කන්න තියනවා මට කිසිම අඩුවක් නෑතුව උබ බය නොවී ඉදපන්..

ගෑනී: අම්මපා ඒක තමයි මාත් කල්පනා කරා..අඩුවක් වෙන්නේ කොහෙද දිවිය ලෝකේ කියලා..

සුමනයා:රෙද්දක් කතා කරනවා මොන දිවිය ලෝකෙද බොල මම මේ නිව්සීලන්ඩ් වල පට්ටි ගොනෙක් වෙලා උදේ ඉදන් රෑ වෙනකන් තණ කොල කා කා ගෑනියේ ඉන්නේ.

පට්ටි ගොනෙක් නම් අනික් ඒවායෙනුත් අඩුවක් නැතුව ඇති...

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
14 Feb 2015 01:28 AM

සමන්ත අයියේ නියම කතාව ඈ .........           

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
15 Feb 2015 09:26 PM

කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස නම් එළකිරි වගේ පැහැදිලි කරලා දීල තියෙනවා... 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
15 Feb 2015 09:34 PM
Posted By samantha on 12 Feb 2015 09:15 AM

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා

"අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
"අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්‍රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු

"තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" කියලා.

තාත්තා - මේක එහෙම කියල දේන්න බෑ උබ ගිහින් අම්මටයි, අක්කටයි, අයියටයි එන්න කියපන්. මම එතකොට කියල දෙන්නම්.
ඔන්න ඉතින් ඇම්ඩා ගිහින් සෙට් එකම එක්කගෙන ආවලු. තාත්තා ඇම්ඩාගෙ අම්මාගෙන් ඇහුවලු

තාත්තා - ඔයට මිලියන එකක් දෙනව කිව්වොත් ඔයා ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අම්මා - ඇයි නැත්තෙ.. අද කාලෙ හැටියට මිලියනයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද

ඊට පස්සෙ අක්කගෙන් ඇහුවලු

තාත්තා - උඹට මිලියන එකක් දෙනව කිව්වොත් ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
අක්කා - නැතුව එයා මගේ සිහින කුමරය නෙ

ඊට පස්සෙ ඇම්ඩාගෙ මස්සිනාගෙන් ඇහුවලු

තාත්තා - දැන් කියපන් බලන්න මිලියන එකක් දෙනව කිව්වොත් උබ ශාරුක් ඛාන් එක්ක නිදියනවද?
මස්සිනා - නැත්තං... මිලියනයකින් කරන්න කොච්චර දෙවල් තියෙනවද

ඔන්න ඊට පස්සෙ තාත්තා ඇම්ඩට කිව්වලු

"පුතේ දැන් අපි කල්පිතයක් ගත්තොත් අපි දැන් ජීවත් වෙන්නේ මිලියන පතියො 3 දෙනෙක් එක්ක
ඒත් පුතේ යතාර්තය තමයි අපිට ජීවත් වෙන්න සිද්ද වෙලාතියන්නෙ පට්ට වේ**යො දෙන්නෙක් එක්කයි කොලුකාර හු*** එක්කයි කියන එක"

ඔන්න ඊට පස්සේ තමයි ඇම්ඩට කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස තේරුණේ

maru thaththa...

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
27 Feb 2015 07:59 AM

මේ මට 2010 වසරේ ලැබුණු ඊමේලයක තිබුණු එකක්.. මේක ලිව්වේ කවුද කියන එක නම් දන්නේ නැහැ.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

චාටර් කූඹියා...

කූඹියෙක් කෑවාම කාටත් තරහ යනවා.
ඊට පස්සෙ කවුරුත් කරන්නෙ ඌව චප්ප කරන එක.
එහෙම පව් වැඩ නොකර...  කකුල කෑවට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක් 
තියෙනවා.

කරන්න තියෙන්නෙ මෙච්චරයි!!!

කූඹියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න.
කාල ඉවර වෙලා ඌ බිමට බැහැල යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ළගින් තියන්න.
එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින් ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න. 
අත් දැකීමෙන් කියන්නෙ... තත් 10 ක් ඇතුළත 300 ක විතර සෙට් එකක් බහිනවා  300 ම 
එන්නෙ එක ලයින් එකට.. ඉස්සරහින් ම එන්නෙ කකුල කාපු එකා. (මොක ද ඌ තමයි පාර දන්නෙ)...
එන ගමන් අනිනවා... ඌ අනිත් සෙට් එකට Thousand ටෝක්ස් දෙනවා කෑම ගැන...
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උන් ලන් වෙනකම් ඉඳලා ... අර දාපු කෑම ටික ශේප් එකේ අයින් කරන එක....
කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ. 
මාර ටෝක්ස් දීල... පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා 
එතැන් පටන් රැළේ චාටර් ම ඩයල් එක. 
කව්රුත්ම ඌ කියන ඒව සත පහකට ගණන් ගන්නෙ නෑ.......

පව් පිරෙන්නෙත් නෑ.. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
27 Feb 2015 08:03 AM
puduma dewal hoyagena enne..........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
27 Feb 2015 08:34 AM

උබලා දන්නවනේ කලුතර පාලම ඔක ගාව ඉන්නවනේ හෙනට හිගන මිනිස්සු.ඔන්න එක හිගන මිනිහෙක් පලමේ අර ගැට්ට උඩ නිදාගෙන ඉන්නකොට හිගන්නා ගාවින් නතර කරාලු කාර් එකක් ඇවිත්.කාර් එකෙන් බැස්සලු අවු 35 ක විතර ගැනු කෙනෙක්.ඒ ගැනු කෙනා හිගන්නට කතාකරලා කිව්ව්ලු අපේ ගෙදර හෙට දානයක් තියෙනවා අපේ මැරුන මහත්තයට පිං දෙන්න දානේ දෙන්නේ හෙට දවල්ට අපේ ගෙද‍ර එන්න පුලුවන්ද කියලා.හිගන්නත් එක පයිම්ම කැමති උනාලු.ඉට පස්සේ නෝනා සල්ලියි ගෙදර ඇඩ්රස් එකයි දිලා කාර් එකේ නැගලා යන්න ගියාලු.
ඔන්න පහුවදා උදේ හිගන්නත් නෝනගේ ගේ හොයාගෙන ආවලු ගේදරට ඇවිත් තට්ටු කලාම අර නෝනා ඇවිත් දොර ඇරලා පිලිගත්තලු හිගන්නව.ඉට පස්සේ ඉතින් නෝනා දානේ එහෙම ලැස්ති කරලා දිලා ඉවර උනාට පස්සේ හිගන්නා යන්න හදන්කොට නොනා කිව්ව්ලු මේ ගෙදර මම විතරයි ඉන්නේ පුලුවන්නම් අද රෑටත් ඉදලා යන්න කියලා.
හිගන්නට ඉතින් පිස්සු වගෙලු මේ ගැණි දානේත් දිලා හිගන්නෙක්ට රැට ඉන්නත් කියන හින්දා.මුට මල් හතයිලු දැන් මු එක පයිම්ම හා කිව්ව්ලු තරුන නෝනා විතරනේ ගෙදරත්. grin
ඉරපස්සේ නොනා හිගන්නට කාමරයක් අස්පස් කරලා දුන්නලු.ඉට පස්සේ සබන් කෑල්ලකුයි තුවා‍යකුයි දිලා කිව්වලු නාගෙන එන්න කියලා.හිගන්නත් නාගෙන එහෙම ඇවිත් දහසක් බලාපොරොත්තු හිතෙ තියාගෙන ඇදට වෙලා ඉන්නවලු දැන්.නෝනා එයි කියලා එන පාටක් නෑලු.හිගන්නටත් ටිකක් ඇල උනාලු ඇදේ.ඔන්න එක පාරම නොනා අවලු කාමරෙට ස‍රාගි ඇදුමකින් සැරසිලා.ඉට පස්සේ හිගන්නට කිව්වලු මටත් ඔතනින් නිදාගන්න පොඩ්ඩක් එහාට යන්න කියලා.හිගන්න එහාට ගියාලු.හිහන්නා කලුතර පාලමෙන් ගගට වැටුනලු

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
27 Feb 2015 09:15 AM

pau ane higanna ,,,,,

thanks maduranaga ,samantha aiyya .

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
27 Feb 2015 09:18 AM

හිගන්නා කිව්වේ අපි දෙන්නගෙන් කාටද දැන්? නැත්නම් දෙන්නටමද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
27 Feb 2015 12:20 PM
Posted By maduranga001 on 27 Feb 2015 09:18 AM

හිගන්නා කිව්වේ අපි දෙන්නගෙන් කාටද දැන්? නැත්නම් දෙන්නටමද?

aneeeee ne oyata name ane,,ara kalu gagata wetuna kenata kiuwe

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
28 Feb 2015 06:12 AM
හිඟන්නට කවදාවත් තන්හාව අඩුවෙන්නේ නැති බවට මේ කතාවත් හොඳ උදාහරණයක්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
28 Feb 2015 12:08 PM
lankawe higanno gawa thamai wadi purama sali dakinna pluwan..............
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
01 Mar 2015 11:33 AM

ඒ හාස්කම කරලා තියෙන්නේ මීඩියා එක

පසුගිය දවසක පේරාදෙණියේ සුගත් දොස්තර මහත්තයයි නුවර මංජුල දොස්තර මහත්තයයි තවත් යාළුවෝ කීප දෙනෙක් එක්ක හෝටන්තැන්නට විනෝද සවාරියක් ගියා.ඒත්, එදා ලෝකාන්තේ කිට්ටුව මහා විශාල ගිනිවිජ්ජුම්බරයක්. ලෝකාන්තය කෙළවරට ගිහින් පින්තූරයක් ගන්න ගිය විදේශිකයෙක් එක පාරටම පහළට ඇදගෙන වැටිලා, ප්‍රපාතයේ උඩම හරියේ තියන ගසක අත්තක එල්ලිලා තමන්ව බේරා ගන්න කියලා යටි ගිරියෙන් බෙරිහන් දෙනවලු. මේ සිද්ධිය අහපු හැටිය සුගත් මහත්තයා ඒ මොහොතෙම හදිසි ඇමතුම් අංකවලට කතා කරලා හිතවත් මාධ්‍යවේදියකුටත් දුරකථනයෙන් කතා කළා.
“ඔව්... ඔව්... අපිටත් නිවුස් එක ආවා. චීන ජාතිකයෙක් තමයි ඔය පහළට වැටිලා තියෙන්නේ. යුද හමුදාව, ගුවන් හමුදාව එකතු වෙලා ඒ මනුස්සයව බේරා ගැනීමේ මෙහෙයුම් දැනටම පටන් අරන් තියෙන්නේ” ඒ මාධ්‍යවේදියා කිව්වා. ඒ වගේම මේ පිරිස
තමතමන්ගේ ජංගම දුරකථනවලින් අන්තර්ජාලය පරීක්ෂා කරනකොට ලෝකාන්තයෙන් චීන ජාතිකයෙක් පහළට වැටුණු ප්‍රවෘත්තියක් වබේ අඩවි කීපයකම තියනවා දැක්කා.
“කොහොම හරි එතන හිටපු වගේම අහන දකින කාගේත් සිත්වලට ලොකු සැනසුමක් උදාකර දෙමින් ඒ ලෝකාන්තයෙන් වැටුණු විදේශිකයා ගොඩගන්න ඒ මෙහෙයුමට එක්වුණු යුද හමුදාවේ වීර සෙබළෙකුට හැකි වුණා.
“අන්න අර වැටුණු හාදයාව ආමි එකෙන් ගොඩ අරගෙන දැන් හොස්පිටල් එකට අරගෙන ගියා; අපිට පේන විදිහට නම් මිනිහට මුකුත් අමාරුවක් නෑ” ඊට පැයකට හමාරකට පස්සේ අර මාධ්‍යවේදියාට ආයිමත් දුරකථන ඇමතුමක් දීපු සුගත් මහත්තයා කිව්වා.
“ඔව්.. ඔව්... ඒ නෙදර්ලන්ත ජාතිකයව මේ දැන් බේරාගෙන තියනවා තමයි. ඇත්තටම ඒක නම් පුදුම හාස්කමක් මොකද මීට කලින් ලෝකාන්තයෙන් වැටුණු කිසිම කෙනෙක් ඔහොම ජීවිතේ බේරාගෙන නෑ” ඒ මාධ්‍යවේදියාත් බොහොම සතුටින් කිව්වා.
“හැබැයි ඒක ‍නෙවෙයි නියම හාස්කම නම්. ඒක කරලා තියෙන්නේ අපේ මීඩියා එක.” සුගත් මහත්තයත් මාධ්‍යවේදියාට කිව්වා.
“ඒ මොකක්ද ඔය කියන මීඩියා හාස්කම?” මාධ්‍යවේදියාත් පුදුම වෙලා ඇහුවා.
“ඇයි.. චීනෙක් ලෝකාන්තයෙන් පහළට වැටුණම පැය තුනකින් නෙදර්ලන්ත ජාතිකයෙක් උඩට ගත්තු එක...” සුගත් මහත්තයා කිව්වා.
“ඒක ‍නෙවෙයි; ඔය නෙදර්ලන්ත කාරයගෙන් මීඩියා කාරයෝ ඇහුවොත් ආයිමත් ලෝකාන්තේ දකින කොට මොකද හිතෙන්නේ කියලා ඔය හාදයා මොනවා කියයිද?” ඊළඟට සුගත් මහත්තයා මංජුල මහත්තයගෙන් ඇහුවා.
“හැබැයි, ඔය හාදයා අපේ රට ගැන දන්නවා නම් දෙන්න මල්හතේ උත්තරයක් තියනවා” මංජුල මහත්තයත් කිව්වා.
“මොකක්ද ඒ උත්තරේ” ඒ මිතුරු පිරිසේ හැමෝම වටවෙලා ඇහුවා. එතකොටම මංජුල මහත්තයත් කට කෙළවරට පුංචි හිනාවක් නගා ගත්තා.
“මිනිහා කියයි, මට ආයිත් ලෝකාන්තයේ පෙන්නනවා කියන්නේ ඔහේලගේ හිටපු ජනාධිපතිතුමාට අර කේන්දර සුමනෙව පෙන්නුව වගේ තමයි“ කියලා.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
01 Mar 2015 02:08 PM
හෝටල් බිල

මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
01 Mar 2015 04:24 PM
අළුත් කථා දෙකටම ස්තූතියි නංගී
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
01 Mar 2015 07:12 PM

hotel wala bill ohoma thamai...bill awata passe tharu penawa

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
27 Apr 2015 01:51 AM

අක්කාට මඟුල් ගොඩය මම තාමත් තනිකඩය

හිතවත් පාඨකය,

ප්‍රථමයෙන්ම මම කවුරුන්දැයි හඳුන්වාදීමට කැමැත්තෙමි. මා නමින් ගිරාතොට ආරච්චිලාගේ උපුල් කොපුල් වෙහෙසී ඇත්තේ කොපුල් උචින් කිනිතුල්ලන් ඇත්තේ ‍ෙදාලේ අමා ගෑවේ අමා නංගි බැන්දේ රුවන් කොල්ලා නේදෝ අපේ...

හිතවත් පාඨකය සමාවන්න, කටට තිරිංග නැත. ක්ලච් එකද නැත. එනමුදු මෙකල්හි මම සත්‍යම පැවැසිය යුතුය. මම නම් ජීවන දරිද්‍රතාවයේ ලෙල්ලටම කි¼දා බැස බිම තිබූ කෙසෙල් ලෙල්ලකට පය පැටලී ලිස්සා ගොස් හොම්බ කට තළා ගත්තේ ගහෙන් වැටුණු මිනිහගේ ඔළුව කඩන් වැටිලා වඳින්න ගිය දේවාලෙට ගොනා ඇන්නා සේය. මේ දුක නිමක් නැති _ එනමුදු කමක් නැති මට ඔය දුක මොඳට හුරුය.

මගේ වෘත්තීය ජීවිතයේ පහළම ස්ථානයේ සිට ඉහළම ස්ථානයට මට නැඟීමට තරම් කාලයක් ගත වුණේ ගිය අවුරුද්දේ මම ටවුන් එකේ විජේ අයියාගේ සපත්තු කඩේ සපත්තු මැහුවේය. දැන් බට්ටාගේ බාබර් සාප්පුවේ කොණ්ඩේ කපන්නේය. එපමණක් නොව මම පාට් ටයිම් ආකාරයට වෙන වෙන රැකියාද කරමි. සුනිලා නැති විට පොල් කඩන්නෙමි. තවත් විටක මල් කඩන්නෙමි. විටෙක ගස් කපන්නෙමි. හදිස්සිම අවස්ථාවලදී පමණක් ණයට කොටු පනින්නෙමි. ඒ අපේ සනියාගේ බලවත් පෙරැත්ත නිසාමය. සනියා යනු අපේ සෙට් එකේ එල කොල්ලෙකි. මගේ බොක්කේ මිතුරෙකි. උගේ කතාව පසුව සඳහන් කරන්නෙමි. මම අමතර රැකියාවලට අමතරව ඉස්සර මම ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ටෙනිස් ගැසුවෙමි. ඇතුළේ නම් පවුල් ප්‍රශ්න බොහෝය. ඒත් මට අවුලක් නැත.

බේබිලා මගේ බොක්කලාය. ඒ කාලේ නම් පුල් පන්ය. අතේ වතය. කෙල්ලන් සෙල්ලම්ය. දැන්නම් අතේ පිච්චියක් නැත. මේ වහ පාලනය මාව නෙරපා දැම්මේය. මේවා හරි කැත වැඩය. හේතුව මගේ ඇඟ මදි කියාය. පපුව පිටේ ඇලී තිබුණද මේවා හොඳ පිට් ඇඟවල්ය. අත ගල් කටස් වාගේය. මට ඇඬෙන්න ඔන්න මෙන්නය. ඒත් දැන්මම අඬන්නේ නැත. අලුත් විපක්ෂ නායකතුමා තේරුණායින් පසුවම අ¾ඩන්නෙමි.

මට අක්කා කෙනෙකුද ඇත. ඇගේ නම ගිරාතොට ආරච්චිලාගේ හංසනී පියාසලා ඉගිළුණේය. ෆේස්බුක් එකේ ඇත්තේ වෙන නමකි. අක්කාගේ පොටෝවලට කොල්ලන් පැණි හලනා කලට ලයික් ගොඩය. ඇඳුනුම්කමට මට ලයික් දෙකය. මම පොටෝ එකක් ෆේස්බුක් එකට දමන්නේ කලිසම්, කමිස, සපත්තු, හැඳ ටයි පොල්ලකුත් දමාගෙනය.
අපේ අක්කා පොටෝ දමන්නේ ටයි පොල්ල පමණක් ඇඳගෙනය. මට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය. අවුලක් නැත. අපේ අක්කා නිළියෙකි. නිළියෝ එහෙම හිටියේ නැත්නම් කැපෙනවා කියා ඇය සැමවිටම කියන්නීය. කැපීම ගැන ඇය දන්නා තරම වැඩිය. නිළිකමම කරගෙන හිටියානම් අද අක්කා එළ කෙල්ලෙකි. අක්කා චාටර් වුණේ ගියවර මැතිවරණයට ඡන්දය ඉල්ලන්නට ගොස්ය. දැන් හොටු පෙර පෙර ගෙදර ‍ෙදායිය. තවද ඇය ඉඳහිට එක එක නාට්ටි නටන්නීය.

අපේ අක්කාට කොල්ලෙකු ඇත. උගේ නම වින් පෙට්රල්ය. උෟද නළුවෙකි. ඒ කොල්ලාට තව කෙල්ලක් ඇත. ඒ කෙල්ලටද තවත් කොල්ලෙක් ඇත. අක්කාට ඒ කිසිවකින් වැඩක් නැත. මක්නිසාදයත් අල්ලපු ගෙදර නපුංසක සුමියා අපේ අක්කාගේ අතේය. ඒකි කියන්නේ එහෙමය. ගියවර අපේ අම්මා මගේ සහ අක්කාගේ හඳහන් ඒබරං සීයාට ගොස් පෙන්නුවාය. සීයා පැවැසුවේ මගේ කේන්දරේ ඔක්කෝම ග්‍රහයෝ හතේ කියාය. මඟුල් ගොඩයි කියාය. අක්කාගේ හතර කේන්දරේ පාළුයි කියාය. අක්කාටද තවමත් හමුව ඇත්තේ එක කේන්දරයක් පමණි. ඉතිරි තුන මම කාට හරි විකුණන්න ඇති කියා හැමදාම මට චෝදනා කරයි. මම ගත්ත ඒකිගේ කේන්දරයක් නැත. අනික ගන්නවානම් තුනක් අරන් එකක් තියලා යන්නේද නැත. ඒකිට පිස්සුය. හතර කේන්දරේ පාළු වුණු අක්කාට මඟුල් ගොඩය. මම තාමත් තනිකඩය.
නපුංසක සුමියා නම් එමරල්ඩ් මුදු දාන එළ කොල්ලෙකි. ඒත් ඕකාගේ වොයිස් එක අවුල්ය. නළවනවාද වැඩිය. තවද කුණු ලෝබයන්ටත් වඩා ටිකක් ලෝබය. උෟ දිනක් අපේ අක්කාට ලියුමක් ලියා මට දුන්නේය.

"මල්ලි මේක ගිහින් අක්කාට දෙන්න පැටියෝ" මමත් සුමියාගේ හොඳ දතක් ගලවන්න සිතාගෙන "අපෝ අයියේ ඒවා නිකං කරන්න බෑ කීයක් හරි දුන්නොත් සලකලා බලන්නම්" යැයි කීවෙමි. ඉන්පසු සුමියා පසුම්බිය ගෙන හූරා හූරා බලා මට පහේ කාසියක් දී කිව්වේ "ඕකෙන් පහේ චොකලට් එකක් කන්න කොල්ලෝ" කියාය. මට ඒ වෙලාවේ නම් උගේ පවුලේ උදවිය මතක් විණ. ඒත් අපේ අක්කාගේ ප්‍රේමවන්තයකු නිසාවෙන් මගේ වාචාල කටට අගුළු දා ගන්නට මට විය. සුමියාට පෝන් එකක් නැත.ෆේස් බුක් එකවුන්ට් එකක් නැත. වයිබර්, වට්ස් ඇප් මුකුත් නැත. කොටින්ම කිව්වොත් සුමියා බබෙකි. උෟට ඇත්තේ වතුර විදින තුවක්කු ගොඩක් සහ සෙල්ලම් කාර් ගොඩකි. රෑට සුමියා නැළවිලි ගී කියයි. තවත් මොහොතකින් සුමියාගේ අම්මා නැළවිලි ගී කියයි. ඒ සුමියාව නිදි කරවීමටය. අපට නින්දක් නැත. උදේට ඇසූවිට කාගෙද බං ඊයේ නළවපු බබා කියා උෟ ලතාවට නැළවි නැළවි කියන්නේ "මම ඊයේ ටෙඩියව නැළෙව්වා කොල්ලෝ, මහ රෑ ඇහැරුණානේ ඒ චණ්ඩියා" කියාය. සුමියාගේ ඔක්කොම අපේ අක්කාට ඉවසිය හැකිය. එනමුදු එකක් බැරිය. එනම් උෟ බත් කන්නේ නැත. උගේ ජාතික ආහාරය නම් කුක්කු පෙඟවූ මාරි බිස්කට්ය. සුමියාගේ අම්මාද අපේ එකීට මැරීගෙනය.

සමහරක් විට අපේ අක්කා සුමියාව බඳින්න පුළුවන්ය. තවත් විටක බැරිය. කෙසේ වෙතත් පෙට්රල් ලොක්කාට අක්කා මැරීගෙනය. ඒ කෙසේ වෙතත් මගේ අක්කා මට හොඳය. ඇය එළ කෙල්ලකි.
හිතවත් පාඨකය කරුණාකර ඇගේ ෆේස් බුක් එකවුන්ට් එකේ නම නම් නොඉල්ලනු මැනවි. ඔබ මගෙන් ඉල්ලුවත් මගේ පිළිතුර "හේමමලී" කියා මම ලබාදේවී කියා හිනෙකින්වත් හිතන්නට එපාය. මක්නිසාදයත් මමද එළ කොල්ලෙකි.

ගිරාතොට ආරච්චිලාගේ උපුල් කොපුල් වෙහෙසී ඇත්තේය නොහොත් එළ කොල්ලා
පසුවදන
පළමුවැනි ලිපිය හේතුවෙන් මේ ලෙස අසභ්‍ය ආකාරයේ උක්ත ආඛ්‍යාත සම්බන්ධයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් කනගාටුව ප්‍රකාශ කරමි. පළමු ලිපියම හරියට ලිව්වානම් අප්සට් නිසාවෙන් මේ ආකාරයට ලිව්වෙමි.
ඉමාල් ෂෙහාන් ප්‍රනාන්දු (මවුබිම)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>