You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 31 of 32 << < 2829303132 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Jun 2018 12:51 PM
Posted By Imalka on 07 Jun 2018 12:47 AM
බරපතල කාරනා වගයක් සාකච්චා වෙන තැනක්....ඉක්මනට මාරුවෙන්න ඕනේ


ආ අයියා මාරු වෙන්න නේද හැදුවෙ.... මේට ආවනම්..
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Sep 2018 12:30 PM

බැට්මෑන් කියන්නෙ සුපර්හීරෝ කෙනෙක් විතරක් නෙමෙයි පට්ට සල්ලිකාරයෙක්. ඒ වගේම බැට්මෑන්ට තමයි පට්ටම අයිකොනික් විලන්ලා ටික ඉන්නෙත්. ඉතිං එහෙම මනුස්සයෙක් කොච්චර දැඩි චරිතයක්ද කියලා තේරුං ගන්න එක අමාරු කාරණයක් නෙමෙයි. අපි අද කියන්නෙ බැට්මෑන්ට ලංකාවෙ කෙල්ලෙක් සෙට් වුනොත් තත්ත්වෙ කොහොම වෙනස් වෙයිද කියලයි. මේ විදියට ගිහිල්ලා බැට්මෑන් ඒ ලංකාවෙ කෙල්ලව බැන්දොත් නං පුතේ මේ කටු ටිකට මුහුණ දෙන්න වෙනවා සිකුරුයි.

 

1. රෑ ගමන්
If Batman Dated a Sri Lankan Girl
Source – aminoapps.com

“ඇයි වදේ කොයි වෙලේ බැලුවත් ගෙදර නෑ. මාත් ගෑණියෙක් නේද? හැමදාම පුළුවන්ද තනියෙන් මට මේ සුමේ කරන්න. බැටා මං තමුසෙට ආයෙ කියන්නෙ නෑ. ඊයෙත් ගිනිගන්න බිල්ඩිමක කෙල්ලක් බේරගෙන කියල මං ටීවි එකේ දැක්කා. හොඳ හිතින් කියන්නෙ ඔය කෙල්ලො බේරගැනිල්ල නවත්තන්න ඕන. ඇයි වදේ මේ නගරෙ ගින්නට අහුවෙන්නෙ ඕකුන් විතරමද?”

 

2. රොබින්
If Batman Dated a Sri Lankan Girl
Source – potterforums.com

“ඔයා දවස් ගාණක ඉඳන් ඇඳට එන්නෙ නෑ. ඊයෙ කලින් ආපු දවසෙත් සෝෆා එකේ නිදි. ඔයාට මාව එපා වෙලාද? ඇත්ත කියනව රොබින් එක්ක නටන්න පටන්ගත්ත නේද නාඩගමක්? ලැජ්ජ නැද්ද මිනිහො ඕව කරන්න. තාම පනත සම්මත වෙලත් නෑ.”

 

 

 

3. රෙද්ද
If Batman Dated a Sri Lankan Girl
Source – buycostumes.com

“මේ ඒයි… ඔය රෙද්ද මට දෙනවද පුතාගේ විවිධ ප්‍රසංගෙට ඇඳුමක් මහන්න. කළු පාට පොප්ලින් හොයාගන්නවත් නෑ අනේ. කොල්ලව හොරෙක්ට අන්දන්නයි කියල හිතුවෙ. අපේ එකා හොරාට ලස්සනට හිටියි අනේ. ඔයාගෙ මූණමනෙ.”

 

4. භුගත ගුහාව
If Batman Dated a Sri Lankan Girl
Source – textadventures.co.uk, gothamalleys.blogspot.com

බැට්මෑන් ෆුල් හෙක්ටික් ඩේ එකක් ඉවර වෙලා බැට්මොබීල් එකෙන් භූගත කුටියට එද්දි මෙන්න බොලේ ස්මෝකර්ස් ගහලා, නියෝන් ලයිට් එක්ක ෆුල් පාටියක්. බලද්දි වයිෆ්ගෙ ඔෆිස් එකේ යාළුවො. බැට්මෑන්ගෙ ඔක්කොම පාලනය කරන ඩෑෂ් බෝඩ් එකේ බොත්තං එකෙක් කරකෝනව දාගෙන. ඌ එයා ඩීජේ පාරක් දානව කන්සෝලරේ කියල හිතාගෙන. ඊට හපං උඩතට්ටුවෙන් පහළට යන පොල්ලෙ පෝල් ඩාන්ස් දානව කෙල්ලො දෙන්නෙක්.

 

5. කළු
If Batman Dated a Sri Lankan Girl
Source – adventuretime.wikia.com

“මං ආසම නෑ ඔයා කළු අඳිනවට. ඔයාව රෑකට හරියට පේන්නෙවත් නැහැනෙ අනේ. අනික හරියට වවුලෙක් වගේ කළු ඇන්දම. ආ මං ආසම රෝස පාට රෙද්දක්. මේක ඇඳගෙන යන්නෝන හෙට ඉඳන්. ඔන්න මං නරක ගෑණියි කියන්නෙපා.”

 

6. ආන්ටී
If Batman Dated a Sri Lankan Girl
Source – pinterest.com

“ඇයි ඔච්චර වීර වැඩ කරද්දිත් මූණ වහගෙන ඉන්නෙ? මං අහන්නමයි උන්නෙ ඔයාගෙන් ඒ ගැන. මං ආන්ටි ඩොරීන්ට කිවුව ඔයා ගැන. මේ ආන්ටි ඩොරින්ට ඔයාගෙ වැඩ ටිකක් දාල පෙන්නන්නකො. එයත් ආසයිලු අනේ බලන්න. ඔයාට මගේ යාළුවෙකුගෙ ආසාවක් තමයි ඉෂ්ඨ කරන්න බැරි නේද? බිල්ඩිමක ඉඳන් කෙල්ලෙක් කෑගැහුව නං බලන්න තිබ්බ රෙද්ද වනාගෙන දුවල යන හැටි. වලත්තයා!”

 

7. ඇයි අද ඔෆිස් හිටියෙ නැත්තෙ?
If Batman Dated a Sri Lankan Girl
Source – tumblr.com

“මෙහෙ එනව. කොහෙද ගියේ? ඇයි අද ඔෆිස් හිටියෙ නැත්තෙ? මං ඔෆිස් එකට කීපාරක් කෝල් කරාද? උං කියනව බැට් මෑන් කියල එකෙක් නැහැල්ලු. තමුසෙ මට බොරු නොම්බරයක් නේද ‍දුන්නෙ?‍”

“නෑ මැණිකෙ මට එහෙ කතා කරන්නෙ බෲස් කියලනෙ.”

“මොන ජරා නමක්ද ඕයි ඒ? බෲස්. තමුසෙ මට ඕව කියල නෙමෙයිනෙ යාළු වුනේ. බොරුකාරය.”

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
25 Sep 2018 05:00 PM
සුපිරි කතන්දරයක් දීල තියෙන්නේ..ස්තුතියි
බැට් මෑන් රෑ ගමන් යන්න ලෑස්ති වෙන්න එපා..ගෑණි ගහවි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Sep 2018 05:05 PM
බැට් මෑන් පවු...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Sep 2018 07:56 PM
මම හිතුවෙ බැට් මෑන් කියන්නෙ මේ වගේ එක්කෙනෙක් ය කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Sep 2018 08:03 PM
බැට් මෑන් වගේද පෑඩ් මෑන්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Sep 2018 08:04 PM
Posted By maduranga001 on 25 Sep 2018 07:56 PM
මම හිතුවෙ බැට් මෑන් කියන්නෙ මේ වගේ එක්කෙනෙක් ය කියල.

😂😂
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Sep 2018 08:05 PM
හා බලන්න බැට් මෑන් ලංකාවෙ කෙල්ලෙක් බැන්ඳොත් තවත් ජනප්‍රිය වෙලා එන හැටි 😆
එදාට ඇඬෙයි ඕව කියන අයට
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Sep 2018 08:28 PM
කොහොම උනත් හැම තිස්සෙම කෙල්ලො බේරගන්න යන එක නම් නවත්තන්න වෙනව 😂
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Sep 2018 09:02 PM
Posted By Udari on 25 Sep 2018 08:05 PM
හා බලන්න බැට් මෑන් ලංකාවෙ කෙල්ලෙක් බැන්ඳොත් තවත් ජනප්‍රිය වෙලා එන හැටි 😆
එදාට ඇඬෙයි ඕව කියන අයට
ඔව් ඔව් ඇඬෙයි...........

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Sep 2018 09:04 PM
Posted By Udari on 25 Sep 2018 08:28 PM
කොහොම උනත් හැම තිස්සෙම කෙල්ලො බේරගන්න යන එක නම් නවත්තන්න වෙනව 😂

පැහැදිලි ඉරිසියාව .........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Sep 2018 07:39 AM
අනේ පව් ලන්කාවෙ ගැනුන්ට මඩ ගහන්න එපා බොලව්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Sep 2018 09:21 AM
Posted By maduranga001 on 25 Sep 2018 08:03 PM
බැට් මෑන් වගේද පෑඩ් මෑන්..

මරු  පෑඩ් මෑන්.....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
26 Sep 2018 06:00 PM
Posted By maduranga001 on 25 Sep 2018 08:03 PM
බැට් මෑන් වගේද පෑඩ් මෑන්..


අම්මෝ මෙයාගේ පෑඩ් ටික..කොහොමද සෙල්ලම් කරන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Sep 2018 08:44 PM
Posted By maduranga001 on 25 Sep 2018 08:03 PM
බැට් මෑන් වගේද පෑඩ් මෑන්..


0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Sep 2018 08:56 PM
එතකොට පෑඩ් මෑන් බැන්ඳොත් එයාට මොකද වෙන්නෙ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Sep 2018 10:24 AM
Posted By Udari on 26 Sep 2018 08:56 PM
එතකොට පෑඩ් මෑන් බැන්ඳොත් එයාට මොකද වෙන්නෙ
පෑඩ්  ටික ඉතුරු වෙන එකක් නෑ  දන්නවනේ  ගෑනුන්ගේ  හැටි 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
27 Sep 2018 12:10 PM
Posted By isurusam on 27 Sep 2018 10:24 AM
Posted By Udari on 26 Sep 2018 08:56 PM
එතකොට පෑඩ් මෑන් බැන්ඳොත් එයාට මොකද වෙන්නෙ
පෑඩ්  ටික ඉතුරු වෙන එකක් නෑ  දන්නවනේ  ගෑනුන්ගේ  හැටි 


    හැටි මොනවගේද..පොඩ්ඩක් විස්තර කරහන් බං
    එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි මදි වගේ හිටං
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2018 03:38 PM
දන්නෙ නැති දේවල් තේරෙන විදියට පැහැදිලි කරන්නකෝ අපිටත් දැනගන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Sep 2018 07:17 PM
Posted By Imalka on 27 Sep 2018 12:10 PM
Posted By isurusam on 27 Sep 2018 10:24 AM
Posted By Udari on 26 Sep 2018 08:56 PM
එතකොට පෑඩ් මෑන් බැන්ඳොත් එයාට මොකද වෙන්නෙ
පෑඩ්  ටික ඉතුරු වෙන එකක් නෑ  දන්නවනේ  ගෑනුන්ගේ  හැටි 


    හැටි මොනවගේද..පොඩ්ඩක් විස්තර කරහන් බං
    එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි මදි වගේ හිටං

ඉසුරු  අය්ය  " හැටි " කියල  කිව්වෙ කෙල්ලො අහින්සකයි, අවන්කයි, ලාමකයි, තමන්ගෙ පාඩුවෙ ඉන්නව.............වගේ දේවල්  වෙන්න ඕන මං හිතන්නෙ😆😆
0
You are not authorized to post a reply.
Page 31 of 32 << < 2829303132 > >>