Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamara duleep ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 22 << < 23456 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 01 Oct 2016 10:40 AM මෙහෙනම් මේ දවස් ටිකේම ටික ටික වැස්සා. අපිට නම් පෑව්ල්ල නෑ.... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 01 Oct 2016 01:12 PM ගොටුකොළ කැඳ වල ඔෟෂධීය ගුන. * ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වීම. * පීනස් රෝගයට හිතකර වීම. * රැධිරය පිරිසිදු කීරීම. * ආහාර රුචිය ඇති කිරීම. * ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කිරීම. * සමේ රෝග සුවපත් කිරීමේ හැකියාව තිබීම. * කුඩා දරැවන්ගේ පණු රෝග සුව කිරීමේ හැකියාව තිබීම. * ධාරණ ශක්තිය වර්ධනය කිරීම. * මල බද්ධය මර්ධනය කිරීම. * සර්ප විෂ නැසීමේ ගුණදායක වීම. * අර්ශස් රෝගින්ට හිතකරවීම. * උමතු රෝගීන්ගේ රෝගය පාලනය කිරීම. * මුත්‍ර රෝග සදහා ගුණදායක වීම. * පුරැෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කිරීම. * ස්නායු දුබලතා මගහැරවීම. * ශරීරයේ ඇති වන ඉදිමුම් පාලනය කිරිම. * හිසකෙස් පෝෂණය කිරීම. * ඇස් පෙනීම වර්ධනය කිරිම. * සෙම් රෝග සමනය කිරීම. * තරුණ බව රැක දීම. *අැස් රෝග වලට හිතකර වීම. ගොටුකොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය ගොටු කොළ මිටි 4ක් රතු ළුෑනු ග්‍රෑම් 50 සුදු ළුෑනු කැකුළු හාල් මිටක් කරපිංචා කුරුදු පොතු කැබැල්ලක් පොල් බෑයක කිරි ලුණු අවශ්‍ය තරමට සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * රතු ළුෑනු ,ගොටුකොළ, සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න. * බත් ඒක ඉදිණු පසු ගොටුකොළ යුෂ ඒක් කර ගන්න. *ඉන්පසු පොල් කිරි ,ලුණු සහ කුරුදු පොතු ඒක්කර ගන්න. * විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. ගොටුකොළවලින් සදා ගත හැකි තවත් අත් බෙහෙත් කීපයක්. පීනසට ගොටුකොළ දඩු, සුදු ලූණු, වලගසාල්, ඉගුරැ පියළි මේවා කළං 3 බැගින් ගෙන පත අට එකට සිද සීනි, මී පැණි දමා උදේ හවස පානය කරන්න. උදෑසන කිවිසුම් යෑම සහිත පීනසට ගොටුකොළ දඩු, අරළු, වලගසාල්, සිවිය මේවා කළං 3 බැගින් ගෙන පත අට එකට සිද උදේ හවස පානය කරන්න. ලේ පීනසට (නාසයෙන් ලේ යෑමට) ගොටුකොළ කළං 6ක්ද, තිප්පිලි, වලගසාල්, ඉගුරැ පියළි කලං 2 බැගින් ගෙන පත අට එකට සිද සීනි, මී පැණි දමා උදේ හවස පානය කරන්න. ධාරණ ශක්තිය වර්ධනයට ගොටුකොළ රාත්තලක් (500g) ගෙන එයට එළකිරි බෝතල් 2ක් දමා හොදින් තම්බා පවනේ වියළා තේ කුඩු මෙන් කුඩු කර ගිතෙල් සමග මිශ්‍ර කර උදේ, සවස කළං 1 බැගින් අනුභව කරන්න. ළදරැවන්ගේ ඇති වන පණු රෝග වලට ගොටුකොළ නැටි, වලගසාල් සමග තම්බා පානයට දීමෙන් පණු රෝග නැතිවේ. අම්ල පිතට ගොටුකොළ පානය අම්ල පිතෙන් පෙළෙන රෝගීන්ට තේ පානය ඉතාමත් අහිතකර වන අතර ඒ සදහා ගොටුකොළ පානය ඉතාමත් හිතරය. සෝදා පවනේ වියළා ගත් ගොටුකොළ තේ කුඩු මෙන් කුඩු කර තේ මෙන් පානය කරන්න. අර්ශස් රෝගීන්ට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ගොටුකොළ, රතුලූණු, කොහිල අල, මේවා කොටා ගත් යුෂට සහල්, මුං ඇට එකතු කර කැද පිස උදෑසන හිස් බඩ පානය කරන්න. ළමයින්ගේ ලේ අතීසාරයට ගොටුකොළ යුෂට දුරැ කුඩු හා සීනි දමා පෙවීම සුදුසුය. ශ්‍රාවයන් ගලන තුවාල වලට ගොටුකොළ දඩු සහ මුල හොදින් අඹරා තල තෙල් වලින් අඹරා බදින්න. හිසරදයට ගොටුකොළ, උදුපියළිය, තල, බෙහෙත් එඩරැ ඇට, උක් හකුරැ, කොට්ට පොල් සම සමව ගෙන පොට්ටනි බැද වන්ඩුවේ තම්බා නළල, හිස ආශ්‍රිත ප්‍රදේශ තවන්න. දරැවන්ගේ ආහාර රැචිය වඩන කොටුකොළ පැණිය ගොටුකොළ යුෂට සීනි දමා කැකෑරීමෙන් පැණියක් සේ සකස් කර ගෙන දිනපතා තේ හැදි 01 බැගින් දවසට 3 වරක් බොන්න. 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Oct 2016 02:35 AM දාන්න හොද කැද කෝප්පයක් බොන්න 1 Sithara GodewattaSuper Senior MemberPosts:5335 02 Oct 2016 08:27 AM ම්ම්ම්ම්ම් ගොටුකොල කැද කෝප්පයක් නම් බොහොම අගෙයි 1 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 Oct 2016 11:16 AM මම නම් ජර්මණියෙදිත් පුළුවන් වෙලාවට ගොටුකොල කැඳ හදලා බොනවා. මෙහෙ ලංකාවේ කඩ කිහිපයක් තියෙනවා. ඒවාට ලංකාවේ එලවළු එන්නේ බ්‍රහස්පතින්දාට විතරයි. එදාට ගිහින් ගත්තොත් හොඳ ගොටුකොල ගන්න පුළුවන්, වැඩිය තියෙන්නේ දෙමළ කඩ. ඒ කොටි කට්ටියගේ. ඒ නිසා වැඩිය යන්නේ නැහැ. 0 Danu LiyanageVeteran MemberPosts:3457 02 Oct 2016 12:21 PM ඇස් වලට කියාපු බෙහෙත 1 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 Oct 2016 11:24 AM ගොටුකොල කැද නම් බීලම නෑ. 1 Indika DampahalaVeteran MemberPosts:3410 04 Oct 2016 04:15 AM කැඳ කෝප්පයක් බීල යන්න ගොඩ උනා ... අද ගොටුකොල කැඳ වගේ... දාන්න මටත් උණුවෙන්ම එකක් එහෙනම්... 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 04 Oct 2016 04:37 AM ගොටු කොළ කැද හදලා දවස් කීපයක් වෙනවා රජ තුමනී දැන් කැද නිවිලා.........හී නරක් වෙලා...... ඊක්කා. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Oct 2016 09:55 PM Posted By සඳුනි on 01 Oct 2016 01:12 PM ගොටුකොළ කැඳ වල ඔෟෂධීය ගුන. * ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වීම. * පීනස් රෝගයට හිතකර වීම. * රැධිරය පිරිසිදු කීරීම. * ආහාර රුචිය ඇති කිරීම. * ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කිරීම. * සමේ රෝග සුවපත් කිරීමේ හැකියාව තිබීම. * කුඩා දරැවන්ගේ පණු රෝග සුව කිරීමේ හැකියාව තිබීම. * ධාරණ ශක්තිය වර්ධනය කිරීම. * මල බද්ධය මර්ධනය කිරීම. * සර්ප විෂ නැසීමේ ගුණදායක වීම. * අර්ශස් රෝගින්ට හිතකරවීම. * උමතු රෝගීන්ගේ රෝගය පාලනය කිරීම. * මුත්‍ර රෝග සදහා ගුණදායක වීම. * පුරැෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කිරීම. * ස්නායු දුබලතා මගහැරවීම. * ශරීරයේ ඇති වන ඉදිමුම් පාලනය කිරිම. * හිසකෙස් පෝෂණය කිරීම. * ඇස් පෙනීම වර්ධනය කිරිම. * සෙම් රෝග සමනය කිරීම. * තරුණ බව රැක දීම. *අැස් රෝග වලට හිතකර වීම. ගොටුකොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය ගොටු කොළ මිටි 4ක් රතු ළුෑනු ග්‍රෑම් 50 සුදු ළුෑනු කැකුළු හාල් මිටක් කරපිංචා කුරුදු පොතු කැබැල්ලක් පොල් බෑයක කිරි ලුණු අවශ්‍ය තරමට සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * රතු ළුෑනු ,ගොටුකොළ, සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න. * බත් ඒක ඉදිණු පසු ගොටුකොළ යුෂ ඒක් කර ගන්න. *ඉන්පසු පොල් කිරි ,ලුණු සහ කුරුදු පොතු ඒක්කර ගන්න. * විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. ගොටුකොළවලින් සදා ගත හැකි තවත් අත් බෙහෙත් කීපයක්. පීනසට ගොටුකොළ දඩු, සුදු ලූණු, වලගසාල්, ඉගුරැ පියළි මේවා කළං 3 බැගින් ගෙන පත අට එකට සිද සීනි, මී පැණි දමා උදේ හවස පානය කරන්න. උදෑසන කිවිසුම් යෑම සහිත පීනසට ගොටුකොළ දඩු, අරළු, වලගසාල්, සිවිය මේවා කළං 3 බැගින් ගෙන පත අට එකට සිද උදේ හවස පානය කරන්න. ලේ පීනසට (නාසයෙන් ලේ යෑමට) ගොටුකොළ කළං 6ක්ද, තිප්පිලි, වලගසාල්, ඉගුරැ පියළි කලං 2 බැගින් ගෙන පත අට එකට සිද සීනි, මී පැණි දමා උදේ හවස පානය කරන්න. ධාරණ ශක්තිය වර්ධනයට ගොටුකොළ රාත්තලක් (500g) ගෙන එයට එළකිරි බෝතල් 2ක් දමා හොදින් තම්බා පවනේ වියළා තේ කුඩු මෙන් කුඩු කර ගිතෙල් සමග මිශ්‍ර කර උදේ, සවස කළං 1 බැගින් අනුභව කරන්න. ළදරැවන්ගේ ඇති වන පණු රෝග වලට ගොටුකොළ නැටි, වලගසාල් සමග තම්බා පානයට දීමෙන් පණු රෝග නැතිවේ. අම්ල පිතට ගොටුකොළ පානය අම්ල පිතෙන් පෙළෙන රෝගීන්ට තේ පානය ඉතාමත් අහිතකර වන අතර ඒ සදහා ගොටුකොළ පානය ඉතාමත් හිතරය. සෝදා පවනේ වියළා ගත් ගොටුකොළ තේ කුඩු මෙන් කුඩු කර තේ මෙන් පානය කරන්න. අර්ශස් රෝගීන්ට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ගොටුකොළ, රතුලූණු, කොහිල අල, මේවා කොටා ගත් යුෂට සහල්, මුං ඇට එකතු කර කැද පිස උදෑසන හිස් බඩ පානය කරන්න. ළමයින්ගේ ලේ අතීසාරයට ගොටුකොළ යුෂට දුරැ කුඩු හා සීනි දමා පෙවීම සුදුසුය. ශ්‍රාවයන් ගලන තුවාල වලට ගොටුකොළ දඩු සහ මුල හොදින් අඹරා තල තෙල් වලින් අඹරා බදින්න. හිසරදයට ගොටුකොළ, උදුපියළිය, තල, බෙහෙත් එඩරැ ඇට, උක් හකුරැ, කොට්ට පොල් සම සමව ගෙන පොට්ටනි බැද වන්ඩුවේ තම්බා නළල, හිස ආශ්‍රිත ප්‍රදේශ තවන්න. දරැවන්ගේ ආහාර රැචිය වඩන කොටුකොළ පැණිය ගොටුකොළ යුෂට සීනි දමා කැකෑරීමෙන් පැණියක් සේ සකස් කර ගෙන දිනපතා තේ හැදි 01 බැගින් දවසට 3 වරක් බොන්න. මේකේ පුංචි වරදක් මම දකිනවා ... රතුළුණු , සුදු ලුණු කොටලා යුෂ ගන්න එපා ... ඒවා සිහින්ව කපලා දාන්න ,,, ගම්මිරිස් චුට්ටකුත් දැම්මා නම් තමා හොද 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Oct 2016 10:03 PM වලගසාල් kiyanne monada nagooo 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 05 Oct 2016 08:44 AM වලගසාල් කියන්නේ ඔෟෂධයක්. කොත්තමල්ලී අැටේ වගේ තද දම් පාටකට හුරු කළු පාටක් ගන්නවා. අයුර්වේද බෙහෙත් කඩ වල ගන්න තියෙනවා. පොඩි ළමයින්ගේ පණු රෝග නිවරණයට ඉස්සර පාවිච්චී කලාලු. පින්තූරයක් හෙවුවා ලැබුනේ නෑ. පසුව දකින්න සලස්වන්නම්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 05 Oct 2016 08:46 AM 05. හාතාවාරිය කොළ කැඳ. හාතාවාරිය කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. * ශරීරයේ අැති වන ලේ විස වීම් නැති කිරීම. * ලේ පිරිසිදු කිරීම. * ශරීරය නිරෝගී කිරීම. * වයසට යාමත් සමග අැති වන ශරීරයේ වෙනස් කම් ප්‍රමාද කිරීම. *ශරීර දැවිල්ල නැති කිරීම. * කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධික ලෙස රුධිරය වහනය වීම පාලනය කිරීම. * පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීම. * ශරීරයේ ප්‍රතිශක්තීය වැඩි දිවුණු කිරීම. * දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැද තබා ගන්නා සුවිශේෂී ගුණයක් තිබීම. * ගර්භණී මව් වරුන්ට වඩා ගුණ දායක වීම. * පොදුවේ කාටත් ගුණදායක වීම. හාතාවාරිය පත්‍ර හා අල දෙවර්ගයම කැද සදහා යොදා ගතහැකී. හාතාවාරිය කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය හාතවාරිය කොළ මිටවල් කීපයක්. පොල් කිරි කෝප්ප 3යි. කැකුළු හාල් කෝප්ප 1/2 යි. අවශ්‍ය පමණට ලුණු. සාදන ක්‍රමය. * සහල් සෝදා වතුර ඒක් කර ගිප තබන්න. * හාතවාරිය කොළ කොටා යුෂ ලබා ගන්න. * බත ඉදුණු පසු හැන්දකින් පොඩි කර පොල් කිරි හා හාතවාරිය යුෂ ඒක් කර ගන්න. *ලුණු ඒක් කර විනාඩි කිහිපයක් හැදිගාමින් පිසගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 05 Oct 2016 08:54 AM ඔන්න මධුරංග අයියාගේ ජාතික පානය අාවා...... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 05 Oct 2016 09:03 AM හාතවාරිය ශාකයේ අැති තවත් ඔෟෂධීය ගුණ කීපයක්. මහා හාතවාරිය හින් හාතවාරිය සහ කටු රහිත හාතවාරිය ලෙස ප්‍රභේද තුන කින් යුක්ත මෙම ඔසු පැළැටිය රසොන කුලයට අයත්වේ. ලංකාවේ පහතරට වීයලි කලාපවෙය මැද රට හා කදු ආශිතව සුලභව දක්නට ලැබෙන මෙහි අල ඹෟෂධ නිෂ්පාදනයටත් , පත්‍ර කොළ කැද පිසිමටත් භාවිතා කරන අතර උද්‍යාන අලංකාරය සදහාද යොදාගනි. බොහෝ සෙයින් අතුබෙදි වැවෙන මෙම ශාකයේ පත්‍ර ඉතා පටුවන අතර තද කොළ පැහැයෙන් යුක්තවේ. සුදු පැහැති කුඩා මල් විශේෂයක්ද දක්නට ලැබෙන අතර මිහිරි සුවදකින් යුක්ත වේ. හාතවාරියා බිජවලින් පැළ ලබාගත හැකි අතරම උත්සව අවශ්ථාවලදි සැරසිලි පිනිසද මේවායේ අතු උපයොගි කරගනු ලැබේ. හාතවාරිය අල වල ප්‍රධාන වශයෙන් පිෂ්ඨය, සිනි සහ ශක්තිජනක රසායන ද්‍රවය රැසක් අඩංගු වන ඇත.ශරිර ශක්තිය ඇති කරයි. රුධිරයේ ආම්ලික බව නැතිකර පිරිසිදු කරයි. සන්ධි ඉදුමුම හෘද රාග ස්නායු ආබාධ සහ මුත්‍රා ආබාධ ඇති රොගින්හට පිළියෙල කිරිම සදහා අල , කොල සහ සම්පුරන ශාකයම යොදා ගන්නා අතර ආහාරයක් ලෙස කොළ කැද වර්ග සැදිමට යොදාගනි හාතවාරිය අල තම්බා නාරටි හැර ඊට සිනි එකතුකර ගත්විට තරුණ බව රැක ගැනිමට ඉතා ප්‍රත්‍යක්ෂ ජනක ආහාරයකි. හාතවාරිය ශාකයෙන් කලහැකි අත් බෙහෙත් *සන්ධි ඉදුමුමට - හාතවාරිය අල කොටා මිරිකා ගත් යුෂ පානය කරන්න. *රාත්‍රි කාලයේ ඇස් පෙනීම දුර්වල පුද්ගලයන්ට:- හාතාවාරිය කොළ එළගිතෙලෙන් බැද ආහාරයන්ට ගන්න. * මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය - හාතාවාරිය අල කළං හයක්, ගොකටු කළං හයක් ,වතුර පත හතක් දමා සහ එළ කිරි පත එකක් දමා අට එකට සිඳ පෙරා ගත පත භාගය බැගින් උදේ-සවස පානය කරන්න. * ශරිර දුර්වල වු පුද්ලයන්ට සහ ගැබිණි කළ දරුවගේ ප්‍රතිශක්තිය වැඩිම සඳහා හාතාවාරිය අල කැඳ පිහා පානය කිරිම යෝග්‍යදායී වේ. * නියඟලා අල විසට හාතාවාරිය අල කොටා මිරිකාගත් ඉස්ම පානය කරන්න * මුත්‍රා අඩස්සියට හාතාවාරිය අල සිහින්ව අඹරා ඇල්දියට දියකර පොවන්න. * හෘදරෝගවලට හාතාවාරිය කොළ යුෂ හෝ අල යුෂවලට මී පැණි දමා වරක තේ හැඳි බැගින් දවසට තුන් වරක් පානය කරන්න.හාතාවාරිය කොළ කැඳද ඉතා ගුණදායකවේ. * ලිංගික දුර්තාවට හාතාවාරිය අල වියළා කුඩුකර එළඟිතෙලෙන් මී පැණියෙන් අඹරා ගුලිකර ගිල එළිකිරි වීදුරුවක් පානය කරන්න. * වාත රක්තයේදී අල කොටා මිරිකාගත් යුෂ පානය කරන්න. * උඵක්කු,ඇමැට්ටි,තැලීම් ඇති වු විට හාතාවාරිය ශාකයෙන් නිෂ්පාදිත ඹෟෂධ * ශතාවාරි ඝෘත *ශතමුල්‍යාදී ලෞහ * නාරායන තෛලය * සීතෝදක ෛතල 0 Indika DampahalaVeteran MemberPosts:3410 05 Oct 2016 11:34 PM හාතවාරිය කොළ කැඳ වල ඖෂධීය ගුණය නම් කියන්න එමටයි... පිරිමින්ට වගේම ගෑනුන්ට ත් ඉතාම වැදගත් මේ කොළ කැඳ පානය... 1 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Oct 2016 02:32 AM ඉතාම ගුන ශාකයක් නෙද ? 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Oct 2016 02:37 AM දැන් කට්ටියට හාතාවරිය වැලක් පේන්න බැරුව යයිද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Oct 2016 10:00 AM හාතාවාරිය වලින්ම විතරක් අපිට කැද බොන්න බැහැ. අපිනං බොන්නෙ කවලම් කොල කැද ඒකේ ඉතින් ඔය ගුණ ඔක්කොම තියෙනවනේ................. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Oct 2016 10:57 AM තනිකර එක ජාතියකින් කැඳ හදලා බොනවට වඩා සේරම දාලා එකක් හදලා බොන එක රසයි මට නම්. 0 You are not authorized to post a reply. Page 4 of 22 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner