You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 22 << < 12345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 10:17 AM
සව් කැද වල ඔෂදීය ගුණයක් තියෙනවද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 11:01 AM
Posted By sha733 on 28 Sep 2016 10:17 AM
සව් කැද වල ඔෂදීය ගුණයක් තියෙනවද


    සව් කැද ශරීරය උෂ්ණ අධික අයට වඩා ගුනදායී වේ. ඒමෙන්ම

 තොල කට පැළීම සහ පපුව දැවිල්ලටද සුදුසුයි. සෙම් රෝගීන්ට හා 

 ශිත දේශ ගුණික කාල වලදී පානය නොසුදුසුයි.


       මේ ටික තමා තියෙන්නේ තව අැති හොයලා බලන්න ඔනේ......

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Sep 2016 11:04 AM
තව එකක් දාන්න ඉක්මනට
1

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Sep 2016 05:11 PM
අපිට නම් වැස්ස ,,එත් සවු කැද එක නම් බොන්නම හිතුනා
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 06:22 AM

02. කරපිංචා කැඳ.

 

කරපිංවා කැඳවල ඔෟෂධීය ගුන.

* සර්ප විෂ නැසීම.(මෙහිදී සහල් වෙනුවට හීනටී සහල්, ලුණු වෙනුවට 

සහිද ලුණු, පෝල් කිරි වෙනුවට වතුරද යොදා ගනී.)

* ශරීරයේ විෂ නැසීම.

*අජීර්ණය සදහා ගුනදායක වීම.

*අධික තරබාරුව අඩු කිරිමට උපකාරී වීම.

* බඩ ගින්න මදි කම හා අාහාර රුචිය වැඩී කිරීමට උපකාරී වීම.

* මාන්දම දුරු කිරීම.

*පණු රෝග වැලැක්වීම.

* වමනය පාලනය කිරීම.

* අක්මා රෝග වලට හිතකර වීම.

*පීනස්මේදය හෙවත් cholesterol පාලනය කිරීම.

*අධිරුදිර පීඩනය පාලනය කිරීම.

*හෘද රෝග සදහා ගුනදායක වීම.

* අාහාර දිරවීම පහසු කිරීම.


කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, හෘදයාබාධ වැනි නිධන්ගත රෝගවලින් පිඩා විඳින ඔබට කරපිංචා තරම් අනර්ඝ ඖෂධයක් සොයාගත නොහැකි වේවි. ඔබ මෙම රෝග ත‍්‍රිත්වයෙන් එක් රෝගයකින් හෝ පිඩා විඳිනවා නම් කරපිංචා කැඳ සතියට දෙතුන් වතාවක් පානය කිරීමෙන් අනෙකුත් රෝග වැළඳීමේ ප‍්‍රවනතාවය අඩු කරවා ගත හැකිය.

 කරපිංචා කැඳ සාදා ගන්නා අාකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

කරපිංචා කොළ මිටවල්  4 යි.

පොල්කිරි අඩු කෝප්ප 2 යි.

කැකුළු හාල් අඩු කෝප්ප 1/2 යි.

රතු ළුෑනු

සුදු ළුෑනු

ඉගුරු පෙත්තක්

වතුර කෝප්ප 1/2 යි

ලුණු අවශ්‍ය තරමට.

සාදන ක්‍රමය.

* හාල් ගරා සොදා වතුර දමා ඉදෙන්නට ලිපේ තබන්න ඒයට සිහින්ව ලියා ගත්

  රතු ළුෑනු, සුදු ළුෑනු, ඉගුරු හා ලුණු ඒක් කර ගන්න.

* කරපිංචා කොළ කොටා පොල් කිරි වලින් මිරිකා ගන්න.

*කිහිපවරක්ම කොටමින් යුෂ සියල්ල ඉවතට ගන්න.

*හාල් ඉදුණු පසු හැන්දකින් පොඩි කර, ඒයට පොල් කිරි ඒක කර උතුරවා ගන්න.

* අවසානයේ කරපිංචා යුෂ ඒක් කර විනාඩියකින් පමණ ලිපෙන් බා ගන්න.

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 06:33 AM
අන්න මගෙ ලෙඩ වලට කියාපු කැද කෝප්පෙ
1

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Sep 2016 10:09 AM
මමත් කාලයක් තිස්සේ බොනවා.
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Sep 2016 12:13 PM
සදුනි නගාගේ කැද කඩයට මාත් ගොඩ උනා ..................දෙන්න  බලන්න කැද කෝප්පයක් .
1

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Sep 2016 02:21 PM
niyamayi sanduni apitata ekka uyanna kenda hattiyak get ekata eddi genna
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Sep 2016 08:21 PM
උදේට කරපිංචා කැඳ එකක් බීලම වැඩ පටන් ගන්න එක හොඳයි කියල හිතුන.

කෑම පිගානේ තියෙන කරපිංචා කොලේ වත් විසි කරන්න එපා. ඒ තරම් ගුණ කෑමක් කරපිංචා කියන්නේ. විශේෂයෙන්ම සර්ප විෂට.
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Sep 2016 09:01 PM
අද උදෙ මම නම් කරපිච එකක් බීලා ආවේ
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 02:21 AM


03. මොනර කුඩුම්බිය කැඳ.


මොනර කුඩුම්බිය කැඳ වල ඔෟෂධීය ගුන.

* පෝෂණයෙන් අධික නිසාම රක්තහීනතාවය නැති කිරීමේ හැකියාව තිබීම.

* මාන්දමින් පෙළෙන දරුවන්ට විශේෂයෙන් ගුණදායක වීම.

* මතක ශක්තිය වැඩිදියුණු කිරීම.

 * ස්නායු දුර්වලතා වලක්වාලීම.

* වාත රෝගීන්ට ගුණදායක වීම.

* අංශ භාග රෝගීන්ට  ඉතා ගුණදායක වීම.

* ස්නායු ශක්තිය වැඩි දියුණු කරන නිසාම අක්ෂි රෝග වළක්වාලීම.

* රුධිරය පිරිසිදු කරන නිසාම චර්ම රෝග අඩු කිරීම.

* රක්තය පිරිසිදු කර සම පැහැපත් කිරීම.

* කුරුලෑ නැති කිරීම.  

* දද කුෂ්ඨ තුවාල සුව කිරීම.

* ගර්භනී මවුවරුන්ට රක්ත හීනතාවයට මුත්‍රා දාහයට ඉතා හොඳ වීම.

* ඇඟ සිසිල් කිරීම.

* ඔසප් චක්‍රය අක්‍රමවත් අයට එය ක්‍රමවත් කර ගැනීමට හැකියාව   තිබීම.

* කකුල් පැලෙන තොල් පැලෙන රත්පිත් අැති අයට එම දොස් නැති කර ගැනිමට හැකි වීම.

*මෙම කොළ කැඳ අගුණ වන අවස්ථා අඩු වීම.


       සෑම ගෙවත්තකම පාහේ දැකිය හැකි කුඩා ඉඩ ප්‍රමාණයක වුවද වැවෙන මෙම 

ශාකයෙන් රසවත් කැඳ සාදා ගත හැකියි. ස්නායු ශක්තිය වැඩි දියුණු කරන ප්‍රබල 

ඔසුවක් වන මෙය කැඳ පමණක් නොව රසවත් ආහාරයක් ලෙසට බීමක් ලෙසට 

සාදා ගත හැකිය.


මොනර කුඩුම්බිය කැඳ සාදා ගන්නා අාකාරය.


අවශ්‍ය ද්‍රව්‍ය

මුල් සමග ගලවා ගත් මොනර කුඩුම්බිය පැළෑටි දෙමිටක්.

පොල් බෑයක කිරි.

කැකුළු හාල් මිටක්.

සුදු ළුෑනු.

උළුහාල්.

ලුනු අවශ්‍ය තරමට.


සාදන ක්‍රමය.


* හාල් සොදා  මුට්ටියකට දමා ඒයට වතුර හා උළු හාල් ඒක්කර ඉදෙන්නට හරින්න.

*මුල් සමග ගලවා ගත් මොනර කුඩුම්බිය පැළෑටි හොදින් සෝදා සුදු ළුෑනු ද ඒක් කර 

කොටා මිරිකා යුෂ ලබා ගන්න

* බත හොදින් ඉදුණු පසු පොල් කිරි ඒක් කර උතුරුවා ගන්න.

* කොටා සදා ගත් මොනර කුඩුබිය යුෂ ඒක්කර විනඩිකින් පමන ලිපෙන් බා ගන්න.



ක්ලෝස්ටර්රෝල් වැනි රෝග අැත්තන්ට පොල් කිරි වෙනුවට වතුර 

භාවිතා කරන්න.

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Sep 2016 02:37 AM
මොනර කුඩුම්බිය බීලම නැහැ නෙ
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 02:44 AM

බීලා බලන්නකෝ හිතන්නේ වත් නැති ජාති හුගක් ගුණයි.

මම බීලත් නැතෝ..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Sep 2016 03:28 AM
කවුරු හරි හදල දෙනවා නම් බොන්න තිබ්බ. මායියට වත් කියල බලන්ටෝන.
1

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Sep 2016 08:24 AM
මොනර කුඩුම්බිය ඉස්සර නම් අපේ වත්තේ ඕන තරම් තිබුනා.
දැන්නම් හුගක් නෑ.එක වතාවක්වත් බීලා නැති හින්දා හදන්න කියන්න ඕනෙ.
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 12:42 PM
Posted By maduranga001 on 30 Sep 2016 03:28 AM
කවුරු හරි හදල දෙනවා නම් බොන්න තිබ්බ. මායියට වත් කියල බලන්ටෝන.


තව කවුරු හරි ඉන්නවද අප්පේ කැද හදලා දෙන්න. හී

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Sep 2016 01:13 PM
නගා කැද ජාති දෙකක්ම දාලනේ ,,,මොනර කුඩුම්ම්බිය කැද නම් බිලා නැ ,මෙහෙ නම් ඒවා නැතුවත් ඇති .

ස්තුති නගෝ මේ විස්තර ගෙනාවට .
1

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Sep 2016 03:25 PM
get ekata eddi kenda hattiyak aran enna mewayin
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2016 09:38 AM
03. මොනර කුඩුම්බිය කැඳ.
මමනං මේ ඇහුවමයි මේව කැද හදල බොනව කියල
බොහොම ස්තූතියි මේ ලිපියට. නමුත් මේ දවස්වලනං මොනර කුඩුම්බිය තියා වල් ගහක්වත් හොයාගන්න බැහැ මේ පායන පෑවිල්ලට
1
You are not authorized to post a reply.
Page 3 of 22 << < 12345 > >>