You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 22 << < 89101112 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 07:44 AM
ඒවා නම් හරියන්නේ නැහැ. මොනව හරි සැර ජාතියක් තිබුන නම් නියමයි නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2016 08:09 AM
Posted By සඳුනි on 16 Oct 2016 07:37 AM

මම කැද දෙන්න මගේ අයියටනේ ?

ඔයාලගේ නංගිලාගෙන්  ඉල්ල ගන්න කැද?

වැල්පෙනෙල කැද හී

හ්ම්ම්.. ඉල්ලල බලන්ට ඕනි. 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 08:18 AM
වැල් පෙනෙල හොඳයිලු නේද. මම අහල ටියෙනවා. මොකටද කියලා නම් අහන්න එපා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Oct 2016 08:22 AM
Posted By DanuLiyanage on 16 Oct 2016 07:44 AM
ඒවා නම් හරියන්නේ නැහැ. මොනව හරි සැර ජාතියක් තිබුන නම් නියමයි නේද
සැර ජාති වල සැර නිවෙන්න තමයි කස්ටිය උදේට කැඳ බොනව කියන්නෙ. 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 08:30 AM
උදේට මොන කැඳ ද අයියේ නැගිට්ට වෙලාවෙ ඉඳන් දානවා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 09:37 AM
Posted By DanuLiyanage on 16 Oct 2016 08:18 AM
වැල් පෙනෙල හොඳයිලු නේද. මම අහල ටියෙනවා. මොකටද කියලා නම් අහන්න එපා


අායි  අහන් දෙයක් නෑ මම හේතුව දාලා තියෙන්නේ ඔය..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 09:47 AM
මම නම් තව හේතු අහලා තියෙනවා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Oct 2016 10:10 AM
Posted By DanuLiyanage on 16 Oct 2016 09:47 AM
මම නම් තව හේතු අහලා තියෙනවා


අපොයි. හා හා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 01:04 AM

11. කිතුල් පිටි කැද කැඳ.



 

කිතුල් පිටි කැඳ  වල ඔෟෂධීය ගුණ.

* පිත් කැරකවිල්ලට හා ක්ලාන්තයට ගුණදායක වීම.

* ශරීරයේ සීනී මට්ටම පාලනයට දායක වීම

කිතුල් පිටි කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

කිතුල් පිටි හුන්ඩු 1/2 යි.

කැකුළු හාල් මිටයි.

පොල් කිරි කෝප්ප 2යි.

සීනී ග්‍රෑම් 100යි

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* බත් ඒක ඉදිණු පසු කිතුල් පිටි ඒක් කර හොදින් හැදි ගා ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර අඩිය අල්ලන්ට නොදී හැදිගා ගන්න.

* දැඩි වන තුරු හැදි ගා ලිපෙන් බා සීනී ඒක් කර ගන්න


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Oct 2016 04:58 AM
මේක නිකං දිවුල් කිරි වගේ නේද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Oct 2016 07:21 AM
කිතුල් පිටි කැද කොප්පයකුත් බොමු එහෙනම් අද .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Oct 2016 07:53 AM
මම නම් කිතුල් පිටි කැඳ බීලා තියෙනවා..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 09:50 AM

 තවත් ක්‍රමයක්....


                                       කිතුල් පිටි කැඳ  

අවශ්‍ය ද්‍රව්‍ය:         කිතුල් පිටි,

                          පොල් ගෙඩියක කිරි,

                          සීනි හෝ පැණි,

                          ලුණු.

 

                   මුලින්ම පොල්කිරි සාස්පානකට දාලා ලිපේ තියනවා. ඒකට රස අනුව ලුණු සහ සීනි එකතු කර ගන්නවා. කිරි ටික කැටි ගැහෙන්න නොදී හැඳි ගාමින් පස්ස ගන්නවා. ඊට පසුව කිතුල් පිටි අවශ්‍ය පමණට ගෙන වතුර හෝ දිය කිරි ස්වල්පයක් සමඟ හොඳින් මිශ්‍ර කර ලිපෙහි ඇති කිරි භාජනයට දානවා. (අපි මෙහෙම කරන්නේ කෙලින්ම කිතුල් පිටි උතුරන කිරි වලට දැම්මොත් කැට ගැහෙනවා මිස කිරිත් සමඟ දිය නොවෙන නිසා.) මතක තියා ගන්න කිතුල් පිටි දැම්ම ගමන්ම මිශ්‍රණය ඝන වෙන්න බලන නිසා හොදින් හැඳි ගාන්න ඕන. මෙහෙම හැඳි ගාලා විනාඩි පහකින් විතර බාගන්න පුළුවන්. 


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Oct 2016 09:55 AM
මම නම් ආසම එකක් තමයි කිතුල් පිටි කැඳ.
චූටි කාලෙ ගෙදර අම්මා හදන කොට ලිප ගාව ඉදගෙන හැදි ගාන්නෙ මම තමයි.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 08:30 PM

 කිතුල් පිටි හදන විදියත් කියන ඒක හොදයි කියලා හිතුවා........


               කිතුල්ග පිටි හදන්න ගන්නේ මල් හදන්න බැරි හා මල් නොහදපු කිතුල් ගස්. හොඳින් තෙලිජ්ජ ගන්න පුළුවන් උන කිතුල් වල පිටි නෑ පිටි තියෙන කිතුල් වල මල් හරියන්නේ නෑ. මුලින්ම අපි කිතුල් ගහ කපලා පලා ගන්නවා. මැද තියෙන මද කොටස (ඕකට කිතුල් බඩේ කියලත් කියනවානේ) කපලා ගන්නවා. එහෙම ගත්ත කිතුල් බඩ කුඩා කෑලි වලට කපලා වංගෙඩියේ දාලා කොටනවා. හොඳින් කෙ‍ටුනම වතුර භාජනයකට දාල කලවම් කරලා මිරික මිරික කෑලි තියන ඒවා අයින් කරනවා. ඊට පස්සේ කිරි ගොට්ටක ආධාරයෙන් වෙනත් භාජනයකට (තැටියකට හෝ එවන් පැතලි භාජනයකට) පෙරා ගන්නවා. ඊට පස්සේ පැයක් විතර හොලවන්නේ නැතිව තියලා තියනවා. එතකොට උඩ තියෙන වතුර පැහැදිලිවෙනවා. ඒ කියන්නේ පිටි සේරම යටට බැහැලා කියන එක. තවත් පැහැදිලි කරනවානම් පිටි භාජනේ අඩියේ මිදිලා. දැන් ප්‍රවේශමෙන් වතුර ටික අහකට පෙරනවා. ඊට පස්සේ අර මිදුන කොටස අව්වේ වේලනවා. හොදින් වේලුනහම මෙවා අතින් පොඩි කරන්න පුළුවන්. කැට ගතියක් නොහිටින්න පිටිවෙනවා.ඕන නම් ඉතින් පෙනේරයකින් හලා ගන්නත් පුළුවන්.ඊට පස්සේ ඉතින් බෝතල් වල හරි ටින්වල හරි දාලා තියාගන්න පුලුවන්.

 

                   ඔන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දැන් අපි අර වතුරේ කලවම් කරලා ලොකුවට තියෙන කෑලි සේරම අයින් කරලා කිරි ගොට්ටට පෙරලා වතුර ටික ගන්න කොට ඉතුරු වුන රොඩුවගේ කොටස තියනවා නේද. ඕක විසි කරන්න ඕනේ නෑ යාලුවනේ. ඕවා දාලා වැලිතලප හදන්න යොදා ගන්න පුළුවන්.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 08:46 PM
12. බෙලි කොළ කැඳ.


 

බෙලි කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

*  මළ බද්දයට හිතකර වීම.

* බඩකිනි මදිකම දුරලීමට හිතකර වීම.

බෙලි කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

බෙලි කොළ මිටවල් 4 යි.

කැකුළු හාල් කෝප්ප 1/2.

පොල් කිරි කෝප්ප 2යි..

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* බෙලි කොළ කොටා යුෂ ලබා ගන්න

* බත් ඒක ඉදිණු පසු බෙලී කොළ යුෂ ඒක් කර ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2016 10:04 PM
බෙලි කැද නම් බීලම නැහැ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 12:50 AM
මේ කැද හැම එකක්ම හදන්නෙ එකම විදියට වගේ නේද.කොලේ නම විතරයි ටිකක් වෙනස් වෙන්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Oct 2016 02:02 AM
ලංකාවේ මේ ඔක්කොම ජාති තියෙද් දී නේ මිනිස්සු විස පානයන් බීලා ලෙඩ වෙන්නේ..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 09:48 AM

කැද සේරම ඒකයි තමා.

කැදනේ.

ඒහෙනම් ඊ ළග පාර අනෙකුත් කැද හදන අාකරයට සාදා ගන්න කියලා දාන්නම්කෝ.. හී

0
You are not authorized to post a reply.
Page 10 of 22 << < 89101112 > >>