You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 77 << < 7891011 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Jan 2017 11:14 PM
Posted By hasithad on 05 Jan 2017 07:31 AM
අච්චාරු වලට අකමැති අයත් ඉන්නවද අනේ මේ තුන් ලෝකෙ.......???????


ඒ කියන්නෙ අයිය කැමති නෑ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Jan 2017 07:32 AM
මම නම් එකෙන්ම කැමතියි.
indhika76 අයියා එච්චර මනාප නෑ කියන්නේ......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2017 05:16 PM

https://i.imgsafe.org/2e3eb8389a.jpg

https://i.imgsafe.org/2e3efd0cde.jpg

https://i.imgsafe.org/2e3ec81aa1.jpg

https://i.imgsafe.org/2e3ef800ea.jpg

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jan 2017 05:31 PM
ම්ම්ම්ම්ම්ම් කටට කෙලත් ඉනුවා මේවා දැකලා ,,බොහොම ස්තුති
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2017 01:07 AM
චාමර ගේන කෑමනං අම්මපා කටට කෙලත් උනනවා
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
09 Jan 2017 01:43 AM
බබාල විතරක් නෙමෙ ලොකු බබාලත් කන්න ආස කරන sweets....
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jan 2017 05:18 AM
කාට හදලා දුන්නත් උඹ නම් කන්න එපා චාමර මලයෝ.....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jan 2017 02:41 AM

ගෙදරම හදන රස සාගරයක් 

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අලුත් අවුරුද්ද උදාවෙලා දින කීපයක් ගතවුණත් තාමත් අපි හැමෝටම අවුරුදු. ඒ නිසාම ගෙදර කට්ටිය හැමෝම එකතුවුණු සති අන්තයේ දිවා කෑම වේලට විශේෂයක් කළොත් හොඳයි නේද? ඒ වගේ වෙලාවක විවිධත්වයකින් යුතු ආහාර වේලක් පවුලේ අය වෙනුවෙන් සාදාදිය හැකිනම් ඒක ගොඩක් වටිනවා. චයිනිස් ක්‍රමයයි සිංහල ක්‍රමයයි දෙකම එකතු වුණු මේ ආහාර වේල මුළුතැන්ගෙයින් හරිම පහසුවෙන් සොයාගන්න පුළුවන් කුළුබඩු එකතු කරලා සකසාගෙන තිබෙනවා. විශේෂ අවස්ථාවන්ට සුදුසු මේ රසවත් ආහාර වේල මේ විදිහට ඔයාලටත් හදාගන්න පුළුවන් වේවි.

 



උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී
ප්‍රදීකා විජේසූරිය
0776873688


ගාලික් ගී රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය:
සම්බා හෝ බාස්මතී හාල් ග්‍රෑම් 500 ක්
ගී මේස හැඳි 3 ක්
ලුනු ගෙඩි කිහිපයක්
අමු මිරිස් දිගට පලාගත් කරල් 3 ක්
එළවළු හෝ මස් ස්ටොක් (නැතිනම් සුප් කැට)
යෝගට් කෝප්පයක්
උකු පොල්කිරි කෝප්ප 1/2 ක්
කරපිංචා, රම්පේ සුදු ලූනු බික් කීපයක්
කොටු කපාගත් තක්කාලි ගෙඩි 2 ක්
කහ ස්වල්පයක්
තම්බාගත් ග්‍රීන්පීස් ස්වල්පයක්
වියළි මිරිස්
කරල් 2 - 3 ක් පමණ

සාදන ක්‍රමය:
පළමුව ගී බඳුනකට දමා රත් වන්නට තබන්න. එයට කපාගත් ලූනු, අමුමිරිස්, තක්කාලි, සුදු ලූනු, රම්පෙ, කරපිංචා එකතුකර තෙම්පරාදු කරගන්න. වියළි මිරිස් කරල් ද දමා ටික වේලාවක් බැද ඉවත් කරන්න.
දැන් සෝදාගත් හාල් එයට දමා බත ඉදීමට ස්ටොක් එකතුකරන්න. බත ඉදුණු පසු පොල්කිරි කෝප්ප භාගය සහ කහ ස්වල්පයක් මිශ්‍රකරන්න. එයට යෝගට් කෝප්පය ද එකතු කරන්න. අවසානයේ ග්‍රීන්පීස් දමා ටික වේලාවක් ළිපේම තබා බා ගන්න.


වෙජිටබල් චොප්සි

අවශ්‍ය ද්‍රව්‍ය:
බටර් ග්‍රෑම් 50 ක් (වෙජිටබල් ගී)
කැරට් අල 2 ක්
ගෝවා ග්‍රෑම් 100 ක්
අර්තාපල් අල ග්‍රෑම් 200 ක්
ලොකු ලූනු
මාළු මිරිස්
අමු මිරිස්
බේබි කෝන්
බට්න් මෂ්රූම්
එළවළු ස්ටොක් හෝ සුප් කැට
ඉඟුරු
සුදු ලූනු
ගම්මිරිස් ස්වල්පයක්
කෝන්පිටි මේස හැන්දක්
සෙසමි ඔයිල් ස්වල්පයක්

සාදන ක්‍රමය:
(බට්න් මෂ්රූම් සහ බේබි කෝන් අවශ්‍යම නැත.)
මෙම චොප්සි එක නිවෙසේදී සාමාන්‍ය දිනවල සරලව සාදාගත හැකි ආහාරයකි. මේ සඳහා පළමුව එළවළු සෝදා කැබලි කපාගන්න. ඉන්පසු එළවළු තම්බා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ගත් බඳුනක් ළිප මත තබාගන්න. දැන් එයට සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරගන්න. මෙම එළවළු වෙන වෙනම තම්බා ගතයුතු අතර අල පළමුව දමන්න. කැරට් සහ බෝංචි ඉක්මනින්ම තම්බා පෙරාගත යුතුය. වතුර ද අත්‍යවශ්‍ය බැවින් එය වෙනම පෙරා තබන්න.
දැන් තම්බාගත් එළවළු අයිස් වතුරට හෝ ගලායන වතුරට අල්ලා නිවාගන්න. එහි වර්ණය වෙනස් නොවන්නට එසේ කළයුතුයි. ඉන්පසු බඳුනක් ළිප තබා බටර් හෝ ගී රත්කර එයට සෙසමි ඔයිල්, ඉඟුරු, සුදු ලූනු සහ අනෙක් එළවළු එකතුකර රත්කර එයට තැම්බූ එළවළු ද එකතු කරන්න. වතුරද එයට එකතුකර කෝන්පිටි වතුරෙන් දියකර ටික ටික එකතු කරමින් මිශ්‍රණය ඝන කරගන්න. මෙහි උඩින් ගම්මිරිස් කුඩු ඉස ලුණු ඇතිදැයි බලා ඉක්මනින් දීසියකට දමන්න.


කජු ග්‍රීන්පීස් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය:

කජු ග්‍රෑම් 150 ක්
තම්බා ගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 250 ක්
රතු ලූනු ගෙඩි කිහිපයක්
උම්බලකඩ කුඩු
කහ තේ හැඳි 1/2 ක්
තුනපහ තේ හැන්දක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
උළුහාල් ස්වල්පයක්
රම්පෙ, කරපිංචා
කිරිපිටි මේස හැන්දක්
පොල්කිරි කෝප්ප 2 ක්

සාදන ක්‍රමය:
පළමුව කජුවලට උණුවතුර දමා මෙළෙක් වන්නට තබන්න. ඉන්පසු වතුර ඉවත්කර ග්‍රීන්පීස් හැර ඉතිරි ද්‍රව්‍ය දමා ළිපේ තබා තම්බා ගන්න. දැන් එයට ග්‍රීන්පීස් පොල්කිරි සහ පිටිකිරිද එකතු කරන්න. මෙයට ලුණු ස්වල්පයක් දමා සිඳීගෙන එනවිට ළිපෙන් බා ගන්න.


ප්‍රෝන්ස් ස්ටු

අවශ්‍ය ද්‍රව්‍ය:
ඉස්සෝ ග්‍රෑම් 500 ක්
ලුණු ස්වල්පයක්
අබ
දෙහි ස්වල්පයක්
සුදු ලූනු
ගොරකා කෑලි දෙකක්
බටර් ස්වල්පයක්
රවුමට කපාගත් ලොකු ලූනු
දිගට කපාගත් අමුමිරිස් කරල් කීපයක්
මාළුමිරිස්
ඉරි ආකාරයට කපාගත් තක්කාලි ගෙඩි 2 ක්
තුනපහ මේස හැන්දක්
උළුහාල් ස්වල්පයක්
කුරුඳු පොත්තක්
කහ ස්වල්පයක්
පොල්කිරි කෝප්ප 1/4 ක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
අමෙරිකන් පිටි මේස හැන්දක් (මෙය සුපිරි වෙළෙඳසල්වලින් ලබාගත හැකියි)

සාදන ක්‍රමය:
පළමුව බඳුනක් ළිප තබා එයට ලුණු, ගම්මිරිස් අබ, දෙහි යුෂ සහ ගොරකා දමා ඉස්සන්ද එයට එකතුකර තම්බා ගන්න. දැන් පෑන් එකක් රත්වන්නට තබා එයට බටර් ස්වල්පයක් දමන්න. පසුව රවුමට කපාගත් ලූනු, අමුමිරිස් සහ කැබලිවලට කපාගත් මාළුමිරිස් දමා තෙම්පරාදු කරගන්න.
ඉන්පසු තම්බාගත් ඉස්සන් සමඟ තක්කාලි ද එයට එකතු කරන්න. දැන් එයට තුනපහ, උළුහාල් සහ කුරුඳු පොත්තක් දමන්න. කහ ස්වල්පයක් ද එකතු කරගන්න. එයටම පොල්කිරි සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න. දැන් නැවතත් බටර් ස්වල්පයක් පෑන් එකකට දමා වතුර ස්වල්පයකට අමෙරිකන් පිටි මේස හැන්දක් දියකර දමා රත්වන්නට තබන්න. පසුව මෙයට ඉස්සන් මිශ්‍රණය එකතු කරන්න. අවසානයේ දෙහි යුෂ ස්වල්පයක් එකතු කරන්න.


ලෙමන් ස්පයිසි ෆිෂ් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය:
කුඩා කැබලිවලට කපාගත් තලපත් මාළු ග්‍රෑම් 500 ක්
රස අනුව ලුණු සහ ගම්මිරිස්
සෝයා සෝස් ස්වල්පයක්
බිත්තරයක්
කෝන් පිටි ස්වල්පයක්
ත්‍රිකෝණාකාරව කපාගත්
ලොකු ලූනු ග්‍රෑම් 200 ක්
මාළු මිරිස් කරල් තුනක්
තක්කාලි ගෙඩි දෙකක්
දෙහි යුෂ ස්වල්පයක්
සුදුලූනු බික් 2 - 3 ක්
ඉඟුරු ස්වල්පයක්

සෝස් එක සඳහා
මිරිස් කුඩු තේ හැන්දක්
කෑලි මිරිස් තේ හැඳි 2 ක්
කෝන්පිටි මේස හැඳි 2 ක්
සීනි මේස හැඳි 2 ක්
වතුර කෝප්පයක්
සෙසමි ඔයිල් බින්දු 4 - 5 ක්

සාදන ක්‍රමය:
පළමුව කුඩා කැබලිවලට කපාගත් මාළුවලට සෝයා සෝස් සහ රස අනුව ලුණු, ගම්මිරිස් දමා ටික වේලාවක් තබා එයට බිත්තරයක් සහ කෝන් පිටි එකතුකර බැදගන්න. දැන් වෙනත් බඳුනකට සුදු ලූනු දමා මඳක් තැම්බෙන විට එයට ඉඟුරු එකතු කරන්න. එයටම ත්‍රිකෝණාකාරව කපාගත් ලොකු ලූනු, තක්කාලි සහ මාළු මිරිස් ද දමා තෙම්පරාදු කරන්න.
පසුව සෝස් එක සඳහා ගන්නා ද්‍රව්‍ය එකතුකර සෝස් එක සාදාගන්න. එය තරමක් උකුවන විට බැදගත් මාළු, දෙහි ස්වල්පයක් සහ සීනි ද එකතු කරන්න.
එයටම තෙම්පරාදු කරගත් මිශ්‍රණය එකතුකර කලවම් කරගන්න. පසුව මෙය ළිපෙන් බා සුදුසු බඳුනකට දමා අලංකාරකර අමුත්තන්ට පිළිගන්වන්න.


ලූනු කොළ ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය:
ලූනු ගස් ග්‍රෑම් 500 ක්
තෙල් ස්වල්පයක්
ඉඟුරු
සුදු ලූනු බික් 3 ක්
කෑලි මිරිස් අවශ්‍ය පමණ
සීනි ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
කෝන්ෆ්ලවර් මේස හැන්දක්
ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණ
සෙසමි ඔයිල් බිංදු දෙක තුනක්

සාදන ක්‍රමය:
පළමුව ලූනු කොළ සහ ගෙඩි වෙන්කර සෝදා වතුර බේරෙන්නට තබන්න. ඉන්පසු ලූනු කොළ අවශ්‍ය පරිදි දිගට කපාගන්න. ලූනු ගෙඩි ද පොතු ඉවත්කර දෙකට කපාගන්න.
දැන් බඳුනක් ළිප තබා රත්කර එයට තෙල් ස්වල්පයක් දමා ඉඟුරු, සුදු ලූනු සහ දෙකට කපාගත් ලූනු එකතුකර රත් කරගන්න. දැන් එයට ලූනු කොළ කෑලි මිරිස්, සීනි, ලුණු සහ කෝන්ෆ්ලවර් එකතු කරන්න. පසුව ගම්මිරිස් ස්වල්පයක් ඉස ඉක්මනින්ම ළිපෙන් බා ගන්න. වර්ණය වෙනස්වන නිසා ළිපේ තිබියදීම සෙසමි ඔයිල් එකතු කරගන්න.


චොකලට් සහ කොෆි ස්නොව් කප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:
චොකලට් පවුඩර්
මේස හැඳි 2 ක්
ක්ෂණික කෝපි මේස හැන්දක්
ටින්කිරි ටින් 1/2 ක්
ජෙලටින් තේ හැඳි 3 ක්
උණුවතුර කෝප්ප 3/4 ක්
සීනි ග්‍රෑම් 100 ක්

සාදන ක්‍රමය:
පළමුව ටින්කිරි දියකරගන්න. ඉන්පසු ජෙලටින්වලට උණුවතුර එකතුකර දියකරන්න. දැන් මෙයට චොකලට් පවුඩර්, ක්ෂණික කෝපි සහ සීනි එකතුකර බීට් කරගන්න. ඉන්පසු කප්වලට දමා සෙට් වන්නට ශීතකරණයේ තබන්න.
ස්නෝව් සඳහා
බිත්තර සුදුමද 3 ක්
සීනි ග්‍රෑම් 100 ක්
උණුවතුර කප් එකක්
වැනිලා එසන්ස් ස්වල්පයක්
ජෙලටින් තේ හැඳි තුනක්
සාදන ක්‍රමය:
පළමුව ජෙලටින් සහ උණුවතුර මිශ්‍රකර දියකර ගන්න. මෙය හොඳින් බීට් කරන්න. බිත්තර සුදු මද ද වෙනම ගසා එයට එකතු කරන්න. දැන් හිම මෙන් ඇති සුදු පැහැති මෙම මිශ්‍රණය ඉහතින් සෙට් වෙන්නට තැබූ කප්වල උඩින් දමන්න. එයට උඩින් නැවත චොකලට් මිශ්‍රණයෙන් ටිකක් දමා නැවත ස්නෝව් මිශ්‍රණය දමා ගන්න. මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිදි ලේයර් දමාගත හැකියි.


බීට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය:
කොටු කපාගත් බීට්රූට් ග්‍රෑම් 250 ක්
කොටු කපාගත් අර්තාපල්
අල ග්‍රෑම් 150 ක්
අමු මිරිස් කරල් දෙකක්
කරපිංචා
රස අනුව ලුණු, ගම්මිරිස්,
කෑලි මිරිස් ස්වල්පයක්
ලූනු ගෙඩි දෙකක්
පොල්කිරි (මිටිකිරි) කෝප්ප 1/4 ක් පමණ
සුදුලූනු බික් 2 ක්

සාදන ක්‍රමය:
පළමුව බීට් සහ අර්තාපල් අල තම්බා ගන්න. ඉන්පසු වෙනත් බඳුනකට තෙල් ස්වල්පයක් දමා රත්කර එයට ලූනු, සුදු ලූනු, අමු මිරිස් සහ කරපිංචා එකතුකරන්න. කෑලි මිරිස් ස්වල්පයක් ද එයට එකතු කරගන්න. දැන් තම්බාගත් බීට් සහ අල ද එයට මිශ්‍රකර ගන්න.
ගම්මිරිස් ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් ද එයට එකතු කරන්න. දැන් මෙයට මිටිකිරි කෝප්ප 1/4 ක් පමණ එකතුකර ඉස්ම හිඳුණ පසු ළිපෙන් බා ගන්න.

 ඡායා -  ශාන් රඹුක්වැල්ල

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jan 2017 02:42 AM
Posted By hasithad on 09 Jan 2017 05:18 AM
කාට හදලා දුන්නත් උඹ නම් කන්න එපා චාමර මලයෝ.....


ඔව් අයියේ මට දියවැඩියානේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jan 2017 08:21 AM
ඒක තමයි.....මට මතක තිබුනා ඒක.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jan 2017 05:16 PM

https://i.imgsafe.org/586d75936d.jpg

https://i.imgsafe.org/586dc1f971.jpg

https://i.imgsafe.org/586df05270.jpg

https://i.imgsafe.org/586d689dcb.jpg

https://i.imgsafe.org/586dcb23ca.jpg

https://i.imgsafe.org/586de2be04.jpg

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jan 2017 09:24 PM
වටිනා රෙසිපි ටිකක් බයිට් එක නම් ගේට් එකට එද්දී චාමර හදන එනවලු
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jan 2017 12:10 AM
මේවා දැක්කම කොහොම ඉන්නද මන්දා.. බඩ ටිං ටිං ගානවා.. හා...ද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Jan 2017 02:20 AM
ඉස්සර බයිට් වර්ග නිශ්පාදනය අපිත් කලා. නමුත් ඒක කරන්න අමාරැයි
පිරිවාය වැඩියි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jan 2017 08:04 AM
දැල්ලෝ නම් මම ආසම නැති කෑමක්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jan 2017 10:21 PM
හැමෝම හැමදේටම ආස නැහැනේ ඒත් මමනං දැල්ලොන්ට ආසයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jan 2017 05:42 AM

http://i.imgsafe.org/b7bd7c3621.jpg

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2017 10:05 PM
හැමඑකකටම මොසරැල්ල චීස් ඔනෙ නේද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jan 2017 10:12 PM
ඔව් ඔව් මොසරැල්ල ඕන මොකද එක ඉතාලියන් චීස් එකක් පිසා හදන්නෙත් ඉතාලියේ නේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jan 2017 09:48 PM
රෙසිපිය වගේම වැදගත් දෙයක් මේ මලය කියල තියෙන්නේ
0
You are not authorized to post a reply.
Page 9 of 77 << < 7891011 > >>