You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 1 of 2012345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
17 Jan 2016 05:17 AM
  •  Quote
  •  Reply
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය

පොඩි විනෝදාත්මක වැඩක් පටන් ගන්නයි ලැහැස්තිය.. මේ ත්‍රෙඩ් එක නොනවතින ත්‍රෙඩ් එකක්. දැන් ඔය ටීවී වල යන මෙගා නාට්‍ය වගේ මේකත් මෙගා කතාවක්.. මේකේ පටන් ගැන්ම විතරයි දන්නේ. මැද අග ගැන අපි කවුරුවත් දන්නේ නැහැ.. ගොතාගෙන ගොතාගෙන යන්නයි තියෙන්නේ. හරියටම දැන් ටීවී වල මෙගා වගේමයි.. මේ කතාව ඊට වඩා රසවත් වෙන විදියට ගොතමු. මොකද දැන් ටීවී වල යන මෙගා නාට්‍ය නම් මෙලෝ රහක් නැහැනේ..

මම පොඩි ආරම්භයක් දෙනවා.. ඒ වාක්‍ය දෙකකින්.. ඊට පස්සේ මේ නාට්‍ය ගොතන්න වෙන්නේ මමත් ඇතුළුව අපි හැමෝටම. එක් වාක්‍ය හෝ වාක්‍ය දෙකක් හොඳටම ප්‍රමාණවත්. හිතට එන අදහස එහෙමම ලස්සනට අතහැරලා දන්නා තියෙන්නේ. හැම වාක්‍ය දෙක අවසානයේම වරහන් ඇතුලේ ඊලග වාක්‍ය හෝ වාක්‍ය දෙක ගොතන කෙනාගේ නම ඇතුලත් කරනවා. ඉතින් ඒ අනුව බැටන් එක හිමි වෙන්නේ ඒ තැනැත්තාට හෝ තැනැත්තියට. එයාත් එයාගේ වාක්‍ය දෙක අවසානයේ ඊලග කෙනාගේ නම වරහන් තුලින් දානවා.
හැබැයි අවුරුද්දකට වත් පැත්ත පළාතේ එන්නේ නැති අයගේ නම් දාල තියන්න එපා.. ඒ වගේම එකම  නම් දෙක තුන විතරක් ඇතුලත් කරන්නත් එපා.. ඉදහිට සයිට් එකට එන කෙනෙකුගේ නමක් ඇතුලත් කල විට ඔහු හෝ ඇයව මැසේජ් එකකින් හෝ සයිට් එකට ගෙන්වා  ගෙන ඒ වාක්‍ය දෙක ලියවීම ඒක භාර දෙන්නා සතුයි. හැමෝටම වගේ අවස්ථාව දෙන්නත් උත්සාහ කරමු. නිතරම විනෝදාත්මක වගේම කතාව ඉස්සරහට ඇදිල යන දෙයක් එකතු කිරීමට උත්සාහ ගන්න. පොඩි දෙබස් කෑලි උනත් ලියන්න පුළුවන්. ඉතින් මේ වැඩේට හැමෝම සහයෝගය දෙන්න. බලමු මේ කතාව කොහොමද අපේ අය ගොතන්නේ කියල.

මේකට නමක් අපි මේ කතාව යන විදිය බලල දාමු. එතකන් අපි මේක "නමක් නැති" මෙගා නාට්‍ය ලෙස හඳුන්වමු. ඔන්න එහෙනම් පට්ට්ට්ට්ටා...න් ගමු.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
17 Jan 2016 05:17 AM
  •  Quote
  •  Reply
එක ගමක හිටියා බිංදු කියල කොල්ලෙක්. බින්දුට හිටියා තවත් ගජ යාලුවෙක්. ඔන්න දෙන්නත් එක්ක උදේ පාන්දරම බොහොම වැදගත් රාජකාරි කටයුත්තකට යන්න පිටත් වෙන්නයි සුදානම.
(indika76)

(මුළින්ම කතාව ගොතන්න එන්නේ ඉන්දික 76 අයියට. කතාව ගොතාගෙන යද්දී ඉදිරියේදී කාට හරි දාන්න පුළුවනි අනෙත් යාලුවට නමකුත්.. බලමු අපේ කස්ටියගේ නිර්මාණාත්මක වැඩ කිඩ ටික.)
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
17 Jan 2016 06:59 AM
  •  Quote
  •  Reply
කෝ කෝ මේ ඉන්දික76
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
17 Jan 2016 07:06 AM
  •  Quote
  •  Reply
ෂා මරු ,,,, කෝ මේ ඉන්දික අයියා ...එන්ඩෝ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
17 Jan 2016 08:12 AM
  •  Quote
  •  Reply
නියම වැඩක්නේ මධු මල්ලී...

මෙන්න කථාවේ ඉතිරිය...

බිංදු ගමේ කොල්ලෙක් වුනාට අදින්නේ ඩෙනිමයි ටී ෂර්ට් එකයි. ඒ වුනාට බිංදුට තිබුනේ යහපත් චරිතයක්.
ගමන යන්න සූදානම්ව මුහුණ සෝදගන්න බිංදු වත්ත පහළ ලිදට ගියා.

(සමන්ත අයියා)
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
17 Jan 2016 08:40 AM
  •  Quote
  •  Reply
බිංදු ලිඳ ලඟට යනකොට මෙන්න ලිඳ ලඟ ඉන්නවා වයසක පොරක්. ඉතිං තවම හිමිදිරි පාන්දර වගේම හරියට පැහැදිලිව පෙන්නෙත් නැති ගාන නිසා බිංදුත් කබ කඩ කඩා හොඳට මෑන්ස් දිහා බැලුවා. බලනකොට මේ ඉන්නේ තමන්ගේ යාළුවෙක් වෙන සිළිඳු. ඉතිං දෙන්න පොඩි ආගිය තොරතුරු කථා කරන ගමන් මුහුණ කට හොඳට හෝදාගෙන අපසු යන්න පිටත් වෙන අතර බිංඳු , සිලිඳුට කියනවා 'අය්යේ මම අද පොඩි ගමන්ක් යන්න හිතාගෙන ඉන්නවා .. මගේ තව හොඳ ගජයෙක් ඉන්නවා මේ රත්නපුර පැත්තේ .. යමුද පොඩි වටයක් දාලා එන්න. (මදුරංඟ මල්ලී )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
17 Jan 2016 09:33 AM
  •  Quote
  •  Reply

සිළිඳු මේක අහගෙන ඉඳලා කියනවා..
"මම ඔය කියන කියන හැම වැඩේටම එනවා.. ඒත් මතකද මම කී සැරයක් ඔයත් එක්ක ඔයාගේ ගමන් ගිහිං වෙච්ච කරදර.."

සිළිඳු ටිකක් කල්පනා කර කර ඉඳලා බින්දු දිහාවට හැරිලා කියනවා

"ඒත් ඉතින් ඔයා මගේ ගජයා නේ. බැහැ කියන්න බැහැ නෙව. හොඳයි.. හොඳයි මම එන්නම්.. "
බිංදුගේ මුනේ මලක් පිපුන වගේ..

"දැන් අපි රත්නපුර යාලුව හම්බ වෙන්න යන්නේ මොකටද කිව්වා නම්?" සිළිඳු බිංදුව ප්‍රශ්නෙකට හිර කළා..

(රෝසි නෝනා)
(ඔන්න ආපු ගමන් කතාව ගොතල දීල යන්න.)
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
17 Jan 2016 12:52 PM
  •  Quote
  •  Reply

" අන්න එහෙම නේ ඉතින් හොද යාලුවෝ " පවසමින් බින්දු තම සගයා ගේ කරට අත දමා තද කරේ සැබෑ සෙනහසින්ය
"නැ නැ බය වෙන්න ඕනේ නැ අපේ ආවසනාවක් නොවෙන්න මේ ගමන නම් එහෙම ගමනක් වෙන්න බැ ... යමුකෝ මන් ගමන යන ගමන් විස්තරේ කියන්න " කියමින් බින්දු සිලිදු එක්ක අඩිය තිබ්බලු .

හ්ම් හ්ම් අනේ මන්දා උබේ වැඩ නම් ඉතින් දන්නේ උඩ  ඉන්නේ දෙයියෝ තමා ...

හරි හරි යමුකෝ එහෙනම් කියමින් සිලිදු සහ බින්දු ගමනට ලක ලැස්ති වෙන්න හිතනාන තම තමන්ගේ ගෙදර ගියාලු ...

(ඉමල්ක අයියා )

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
17 Jan 2016 11:32 PM
  •  Quote
  •  Reply
බින්දු : එහෙනම් ඕන් මම ඉස්සර වෙනවා.
සිළිඳු :හෝව්...පොඩ්ඩක් ඔහොම හිටු....,සිරිපිනා හාමි යකෝ සිරිපිනා හාමි...

බින්දු : ඉවරයි ,දැන් ඉතින් මේ ගම යනවා බොරු.. ඕන් බලාපල්ලකෝ රාහු කාලෙත් අහවර වෙනකල් බලා ඉඳලත් මේ ගෑනු පරානේ මූණටම තොලොංචි උනා නෙව,....
සිළිඳු : කලගෙඩියක් එක්ක....ඒ මදිවට හදිය රෙද්දක් ඇඳගෙන....
බින්දු : ඔය ගෑනි ගෙදරට අඳින්නෙත් දිය රෙද්ද කියලනේ ගමේ ඒකාල කියනේ..සිරිපිනා මූනට හම්බ උණු එකෙකුට කවදාවත් යන වැඩේ නම් හරි ගියේ නැහැ

සිළිඳු : දැන් ඉතින් එකෙන් වැඩක් නැහැ,.අපි සිරිපාල ගොයියාගේ කැඩෙට් ගිහිල්ල තේ කහට්‍ය එකක් බීල ආපහු යමු..... දැන්වත් මට කියහන් දැන්මේ කොහෙද යන්න පිටත් උනේ කියාලා..

බින්දු : ආ හරි හරි,, හෙට උදේ කුකුලා තින් ඇන්න ගෙන මම එනවා උඹලගේ දිහා...එහෙ ඉඳන් පිටත් වෙමු...මම කාරනාව බොට හෙට කියන්නම් කෝ...

මේ.. එක නෙමෙයි...මේ ගැන කාටවත් කියනවා එහෙම නෙමෙයි. හරිය..?

to...King D
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
18 Jan 2016 01:58 AM
  •  Quote
  •  Reply
කථාව නැගල යනව වගේ...
කෝ අපේ රජතුමා..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
18 Jan 2016 02:29 AM
  •  Quote
  •  Reply
යන තැනක් ගැන නොදත් සිළිඳු ත් පසු දා උදෙන්ම නැගිටලා ලහි ලහියේ ලෑස්ති උනේ හිතේ දෙගිඩියාවෙන්ය ..
බින්දු ත් පාන්දරින්ම කියූ පරිදි සිළිඳු ගේ ගෙදරට පියමන්නේය.. ඔන්න දැන් දෙදෙනාත් එක්ක ගමන සදහා පිටත් විය..

ඈ බන් බින්දු කොහෙද බන් මේ යන්නෙ අපි... 

isuru ta

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Jan 2016 09:41 AM
  •  Quote
  •  Reply

යමුකෝ ගියාම දැනගන්න පුලුවන් වෙයි .හනික යමන් රෑ බෝ වෙන්න ඉස්සෙල්ලා එන්නත් ඕනේ.

  Ind007ka

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
18 Jan 2016 05:37 PM
  •  Quote
  •  Reply
බින්දු - තාම උදෙ වැඩි නිසා කැලෙ පාරෙන් යන්නෙ නැතුව ගග අයිනෙ පාරෙන් යමු
…
…සිලිදු - ඔව් ඔව් එක හොදයි සතා සිව්පාවුන් පාරට එන වෙලාව මෙක ...
…
…බින්දු - මචො උම්බ අරක ගත්තා නෙද ?
…
…(Maduranga)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
19 Jan 2016 12:27 AM
  •  Quote
  •  Reply
"ඔව්.. ඔව්.. ලොකු එකක් නම් අරන් යන්න බැහැ.. මම ගත්ත ආරස්සාවට කියල පොඩි භාණ්ඩයක්. කැලේ පාරෙන් නේ යන්න ඕන කිව්වෙත්.."
සිළිඳු තමා සඟවාගෙන සිටි කුඩා ගිනි බිදින යන්ත්‍රයක් පෙන්නමින් කීය.

බිංදු හිස සලා එය අනුමත කළ වගක් පෙන්නුවේය.

"ඕක ලයිසොන් එකක් නේද..?" බිංදු සිළිඳු අත ඇති යන්ත්‍රය දෙස බලමින් විමසුවේය.

"ඔව්.. ඔව්.. නැතුව නැතුව. මේක මගේ රාජකාරියට දීපු එකක්.. හැබැයි ඉතින් රාජකාරි නැති වෙලාවට මේක පාවිච්චි කරන එක නම් තහනම්.." බිළිඳු එය පාවිචි කරන්න අකමැති බව වචනයට හරවමින් කීය.

"හොඳයි.. හොදයි.. මේක අපි පාවිච්චි කරන්න අරගෙන යන එකක් නෙවෙයි නේ.. ආරක්ෂාවට අවශ්‍ය උනොත් විතරක්.." බිංදු සිළිඳුව අස්වසමින් කිවේය.

සිළිඳු එයින් සෑහීමට පත්වන බවක් පෙනිණ.

"හොදයි.. දැන් ඔයා ඔය මල්ලේ දාගෙන තියෙන්නේ මොනවද කිව්වනම්.. කෑම බිම ද..?" සිළිඳු පෙරලා බිංදු ගෙන් ප්‍රශ්න කළේය..

"ඔව්.. කෑම වගයකුත් නම් තියෙනව."

"එහෙනං වෙන..?" සිලිඳුට නම් දැන් ප්‍රහේලිකාවකි.

"හිටින්කෝ අර නුග ගහ ගාවට යනකං.. එතන කවුරුවත් එන යන තැනක් නෙවෙයි නේ.."

නුග ගහ ගාවට සේන්දු වූ දෙදෙනා අන් අයට නොපෙනෙතැයි සිතෙන ඉසව්වකට පැමිණියෝය.

සිලිඳුගේ නොඉවසිලිමත් කම දැන් එන්න එන්නම වැඩි වී ඇත..

"කෝ ඉතිං ගනින්කො.... මොකක්ද කියල පෙන්නහන්කෝ මට.."

බිංදු තම මල්ලෙන් පත්තර පිටු කිහිපයක ඔතා තිබූ යමක් ඉවතට ගෙන පත්තර කොළ ටික ඉවත්කර සිලිඳුට පෙන්විය..

"හත් ඉලව්වයි.. පුස් කොළ පොතක්.. මේකත් අරන් අර අහවල් දේකටද අපි රත්නපුර ගාටන්නෙ..? " සිළිඳු තරමක් විමතියෙනුත් චකිතයකිනුත් තැති ගන්මෙනුත් යුතුව බින්දුගෙන් ඇසීය...

(සමන්ත අයියා)

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
19 Jan 2016 01:07 AM
  •  Quote
  •  Reply
අපි මේ රත්නපුරේ යන්නේ නිදන් හාරන්නද, ? මෙහෙම අහපු සිළිඳු අනේ මට නම් බැහැ ඔය පවු කාර වැඩ වලට සහභාගි වෙන්න. මම ආපහු ගෙදර යනවා. ....
…
…(ඉන්දික 76 මල්ලී )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Jan 2016 01:43 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 Jan 2016 12:27 AM
"ඔව්.. ඔව්.. ලොකු එකක් නම් අරන් යන්න බැහැ.. මම ගත්ත ආරස්සාවට කියල පොඩි භාණ්ඩයක්. කැලේ පාරෙන් නේ යන්න ඕන කිව්වෙත්.."
සිළිඳු තමා සඟවාගෙන සිටි කුඩා ගිනි බිදින යන්ත්‍රයක් පෙන්නමින් කීය.

බිංදු හිස සලා එය අනුමත කළ වගක් පෙන්නුවේය.

"ඕක ලයිසොන් එකක් නේද..?" බිංදු සිළිඳු අත ඇති යන්ත්‍රය දෙස බලමින් විමසුවේය.

"ඔව්.. ඔව්.. නැතුව නැතුව. මේක මගේ රාජකාරියට දීපු එකක්.. හැබැයි ඉතින් රාජකාරි නැති වෙලාවට මේක පාවිච්චි කරන එක නම් තහනම්.." බිළිඳු එය පාවිචි කරන්න අකමැති බව වචනයට හරවමින් කීය.

"හොඳයි.. හොදයි.. මේක අපි පාවිච්චි කරන්න අරගෙන යන එකක් නෙවෙයි නේ.. ආරක්ෂාවට අවශ්‍ය උනොත් විතරක්.." බිංදු සිළිඳුව අස්වසමින් කිවේය.

සිළිඳු එයින් සෑහීමට පත්වන බවක් පෙනිණ.

"හොදයි.. දැන් ඔයා ඔය මල්ලේ දාගෙන තියෙන්නේ මොනවද කිව්වනම්.. කෑම බිම ද..?" සිළිඳු පෙරලා බිංදු ගෙන් ප්‍රශ්න කළේය..

"ඔව්.. කෑම වගයකුත් නම් තියෙනව."

"එහෙනං වෙන..?" සිලිඳුට නම් දැන් ප්‍රහේලිකාවකි.

"හිටින්කෝ අර නුග ගහ ගාවට යනකං.. එතන කවුරුවත් එන යන තැනක් නෙවෙයි නේ.."

නුග ගහ ගාවට සේන්දු වූ දෙදෙනා අන් අයට නොපෙනෙතැයි සිතෙන ඉසව්වකට පැමිණියෝය.

සිලිඳුගේ නොඉවසිලිමත් කම දැන් එන්න එන්නම වැඩි වී ඇත..

"කෝ ඉතිං ගනින්කො.... මොකක්ද කියල පෙන්නහන්කෝ මට.."

බිංදු තම මල්ලෙන් පත්තර පිටු කිහිපයක ඔතා තිබූ යමක් ඉවතට ගෙන පත්තර කොළ ටික ඉවත්කර සිලිඳුට පෙන්විය..

"හත් ඉලව්වයි.. පුස් කොළ පොතක්.. මේකත් අරන් අර අහවල් දේකටද අපි රත්නපුර ගාටන්නෙ..? " සිළිඳු තරමක් විමතියෙනුත් චකිතයකිනුත් තැති ගන්මෙනුත් යුතුව බින්දුගෙන් ඇසීය...

(සමන්ත අයියා)

… … …උබ අත පය රිදෙන්නෙ නැද්ද බන් මෙ විදියට දිගට පච ලියන්නෙ? පෙලි දෙක තුනකින් ඉවර කරහන්කො කිය්වගන්නත් ලෙසිවෙන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
19 Jan 2016 01:53 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Jan 2016 01:43 AM

හැමෝම කතාව එකම තැන කරකවන නිසා ලියල ඇත්තේ. දැන් කතාවේ අදහසක් තියෙනවනෙ ඉස්සරහට ඕන එකෙක්ට ඕන එකක් ලියන්න. කොහොමත් මේකෙ කළින් කියපු විදිය අනුව වාක්‍ය දෙකයි තමයි ලියන්න ඕන. 

උඹලටත් මොකෙක් හරි ජවුසමක් ගැන කියපුව පිටු ගණන් තිබ්බත් කියවාවි.. මේකේ පේලි හත අට තමයි කියව ගන්න බැරි.  

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Jan 2016 02:02 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 Jan 2016 01:53 AM

… … …අපි එහෙම තමයි මල්ලි "එක් වාක්‍ය හෝ වාක්‍ය දෙකක් හොඳටම ප්‍රමාණවත්. හිතට එන අදහස එහෙමම ලස්සනට අතහැරලා දන්නා තියෙන්නේ" කියන විදියට තමයි වැඩ ...හූ ...හූ........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
19 Jan 2016 02:13 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Jan 2016 02:02 AM 
… … …අපි එහෙම තමයි මල්ලි "එක් වාක්‍ය හෝ වාක්‍ය දෙකක් හොඳටම ප්‍රමාණවත්. හිතට එන අදහස එහෙමම ලස්සනට අතහැරලා දන්නා තියෙන්නේ" කියන විදියට තමයි වැඩ ...හූ ...හූ........

එල.. එල.. එහෙම යමුකෝ ඉස්සරහට.. කෝ අපේ සේවන්ටි සික්ස් අයිය..? 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
19 Jan 2016 02:16 AM
  •  Quote
  •  Reply
මේක නිදන් හෑරීමක්ම නෙමෙයි. මේක පොත අයිති අපේ සීයාගේ සීයාට.
ඒක නිසා මේ දෙය අයිති අපේ පරම්පරාවට. ඒ හින්දා මේකෙන් පවක් සිදුවන්නේ නෑ ...

(ෂා මල්ලී )
0
Add Reply
Page 1 of 2012345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below