You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Sep 2017 04:51 AM by  sha733
ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017
 389 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 20 << < 1617181920
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Aug 2017 12:48 PM
මේ අවස්ථාව ගැන සාකච්ඡා කරන්න තවම කල් වැඩියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
31 Aug 2017 10:39 AM
2018 හමුව තියන්නට සමන්ත ලංකාවට එන තුරු ඉම්මු .............. මට ගානක් නැහැ ඕන දවසක තියන්න එන්නට පුළුවනි
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
31 Aug 2017 07:47 PM
කොහොම හරි සමන්ත අයියත් එකතු කර ගමු...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
31 Aug 2017 08:46 PM
දැන්මම 2018 ටත් ගිහිල්ල ද කට්ටිය...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2017 04:46 AM
මහ කාලෙකුත් නැහැනේ තව මාස කීයද
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Sep 2017 06:20 PM
කාලය ගෙවි යයි ..අප වයසට යයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
02 Sep 2017 10:43 AM
දැන් මදා ඔය රට ඉදි පාටිය දැන් අපි කතා කරමු 2018 හමුව කියා මත්තෘකාව වෙනස් කරගෙන
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
02 Sep 2017 12:17 PM
ඔව්. ඔව්. අපි සුහද හමුව - 2018 ගැන වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2017 01:14 AM

දිනපතා පුරුද්දක් ලෙස රටඉදි මද කිහිපයක් අනුභව කරන්න
1 month ago

රට ඉදි යනු මැද පෙරදිග රටවල සහ මධ්‍යධරණි රටවල වල ඉවුම් පිහුම් කටයුතු වලදී භාවිතා කරන ප්‍රධාන රසකාරක ද්‍රව්‍යයක් වේ.රට ඉදි, රටඉදි ගස් වල පැණි රසැති ඵලයක් වන අතර රටඉදි වගාව ලෝකයේ පැරණිතම වගාවක් වේ. රටඉදි වගාව බුද්ධ වර්ෂ 6000 සිට පැවත එන්නක් බවට සාක්ෂි හමුවී ඇත. රට ඉදි ඕවලාකාර හා සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වන අතර ඉදෙන විට දීප්තිමත් කහ පැහැයේ සිට දීප්තිමත් රතු පැහැයට පත්වේ. සෑම රටඉදි ඵලයක් තුලම එක් බීජයක් අන්තර්ගත වේ. දැනට වෙළඳ පොලේ රටඉදි විශේෂ 400 ක් පමණ දක්නට ලැබේ.

ඔබට රටඉදි විවිධ ආකාරයෙන් ඔබේ ආහාරයට එකතු කර ගත හැකිය. විවිධ කෑම වර්ග සමග උදාහරණයක් ලෙස කේක් සහ පුඩින් සමග මෙන්ම කුඩා කොටස් ලෙස පැණිරසැති කෑම සමග රටඉදි ආහාරයට ගත හැකිය. එමෙන්ම රටඉදි සැර ලුණු රසැති ආහාර සමගද එක් කර ගත හැකිය.

රටඉදි රසැති පලතුරක් වන අතර ඒවා අපගේ ශරීරයට වාසි ගෙන එන පෝෂ්‍ය පදාර්ථ රුසකින් සමන්විත වේ. රටඉදි වල ඉතා ඉහල ප්‍රමාණයේ යකඩ ප්‍රතිශතයක් අඩංගු වන අතර මීට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන, තන්තු , කැල්සියම්, විටමින් බී මෙන්ම විටමින් A සහ ක‍ වලින් පිරිපුන් වේ. තවද වෙනත් ලවණ වර්ග ලෙස තඹ, මැග්නීසියම්, සෙලේනියම් සහ සින්ක් අඩංගු වේ. රටඉදි රෝග පාලකයක් ලෙසත් ප්‍රතිරක්තපාතකයක් ලෙසත් ක්‍රියාකරයි.

ඉදුනු රටඉදි වල සියයට 80 ක පමණ ප්‍රමාණයක් සීනි අඩංගු වන අතර රටඉදි වල ගුණාත්මක භාවය එහි අඩංගු ග්ලූකෝස් , ෆෘක්ටෝස් සහ සුක්රෝස් ප්‍රතිශත අනුව වෙනස් වේ. මෙහි ඇති සීනි ප්‍රමාණය නිසා රඉටදි අනුමත ප්‍රමාණ පමණක් ආහාරයට ගැනීම සුදුසුය.

මෙන්න ඔබ දිනපතා රටඉදි ආහාරයට ගත යුතු වීමට හේතු 8 ක්….

ශරීරයට ඉතා ශක්තිජනක ආහාරයක් වීම

රටඉදි වලට ඉක්මනින් ශක්තිය නිපදවීමේ හැකියාවක් ඇත. ඒවා ග්ලුකෝස්, ෆෘක්ටෝස්, සුක්‍රෝස් වැනි ස්හාවික සීනි වලින් සමන්විත නිසා ඔබට ශක්තිය අවශ්‍ය වූ විට ඉක්මන් ශක්තිය නිපදවීමේ හැකියාවක් රටඉදි වලට ඇත. මීට අමරතව රටඉදි වල සීනි, ශක්තිය බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ඛනිජයක් වන පොටෑසියම් අඩංගු වේ. මෙම නිසා දවස පුරා ශක්ති සම්පන්නව සිටීමට උදෑසන ඔබේ ආහාරයට රටඉදි එකතු කර ගැනීමට ක්‍රියා කරන්න. ඔබට සවස් කාලයේ උදාසින බවක් හෝ මන්දගාමි බවක් දැනෙන විට රටඉදි ස්වල්පයක් ආහාරයට ගන්න.

මලබද්ධයට ප්‍රතිකාරයක් ලෙස

රටඉදි වල ඇති විරේක ගුණය නිසා මලබද්දයෙන් පෙලෙන රෝගින්ට රටඉදි ඖෂධයක් වේ. රටඉදි ද්‍රාව්‍ය තන්තු වලින් සමන්විත වේ. මේ මගින් ආහාර මාර්ගයේ මල ද්‍රව්‍ය ගමන් කිරීම පහසු කරවයි. ඇට ඉවත් කර ගත් රටඉදි ගෙඩි ස්වල්පයක් දවසක් පමණ ජලයේ පෙගෙන්න හරින්න. පසු දින උදයේ එම රටඉදි ජලය සමගම දුස්ස්‍රාවි ද්‍රාවණයක් ලැඛෙන සේ අඹරා ගන්න. හිස් බඩ මෙය පානය කිරීමෙන් මලබද්ධයෙන් සුව විය හැකිය.

රක්තහීනතාවයට ඖෂධයකි.

රක්තහීනතාවයට ප්‍රධානම හේතුව ලෙස ශරීරයේ ඇති හිමෝග්ලොබින් ප්‍රමාණය අඩුවීම දැක්විය හැකිය. රටඉදි වල අඩංගු යකඩ හිමෝග්ලොබින් නිෂ්පාදනය සඳහා ආධාර වේ. එමෙන්ම රටඉදි වල අඩංගු විටමින් ක‍ ශරීරයට යකඩ අවශෝෂණය සඳහා දායක වේ. ශරීරයේ ඇති නිවැරදි යකඩ ප්‍රමාණය, රක්තහීනතාවයේ ප්‍රධාන ලක්ෂණ වන කම්මැලිකම හා අලස බව අඩු කරයි. කිරි පානයට පසුව දිනකට දෙවරක් රටඉදි කිහිපයක් ආහාරයට ගන්න. අමතර ලෙස, අඹරාගත් රටඉදි තේ හැන්දක් කිරි කෝප්පයකට මිශ්‍ර කර රත් කර ගන්න. දිනකට කිහිප වරක් මෙය පානය කරන්න.

නිරෝගි ගර්භනිත්වයක් සඳහා

රටඉදි, ගර්භනී මවකට හා කලලයට අවශ්‍ය පෝෂ්‍ය පාදාර්ථ වලින් සමන්විත වේ. කලින් සඳහන් කර ආකාරයට ගර්භනි සමයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් වන මලබද්ධයට රටඉදි උපකාරි වේ. මීට අමතරව රටඉදි ගර්භාෂ මාංශ පේශි සවිමත් කිරීමට උපකාරි වන අතර ප්‍රසූතිය පහසු කරවයි. 2011 ප්‍රසව හා නාරිවේදි සගරාවට අනුව ප්‍රසූතියට පෙර රටඉදි කෑමෙන් ප්‍රසූතිය පහසු කරමින් සේවනයෙකුගේ අවශ්‍යතාවය අඩුකරයි. සුලු කෑමක් ලෙස දිනකට රටඉදි 6 ක් 8 ක් පමණ ආහාරයට ගන්න. ඔබට අවශය රටඉදි අඹරා කිරි සමග මිශ්‍ර කර දිනකට වරක් හෝ දෙවරක් ගත හැකිය.

බීමතින් පසුව එන අසනීප ගතිය මග හැරීමට

ඇල්කොහොල් පානයෙන් පසුව එන අහිතකර බලපෑම් වැලැක්වීම සඳහා රටඉදි උපකාරි වේ. රටඉදි වලට අක්මාවේ අමතරව ඇති ඇල්කොහොල් ඉවත් කර විෂහරණය කිරීමට ක්‍රියා කරයි. රටඉදි 4ක් හෝ 5ක් වතුර කෝප්පයක පැය කිහිපයක් පෙගෙන්නට හරින්න. රටඉදි ජලයේ ගිල්වා තිබියේදීම එහි ඇට ඉවත් කරන්න. රටඉදි මිශ්‍ර ජලය දිනකට දෙවරක් පානය කරන්න.

හෘද වාහිනි නිරෝගිමත් කරයි

හෘද වාහිනි වල නිරෝගි බව වර්ධනය කිරීමට රටඉදි වල ඇති ්බඑසයහචැරකසචසාැපසජ වැදගත් වේ. එහි අඩංගු අඩු සෝඩියම් ප්‍රමාණය සහ වැඩි පොටෑසියම් ප්‍රමාණය හෘද ස්පන්දන වේගය යාමනය කිරීමටත් රුධිර පීඩනය පාලනය කිරීමටත් උපකාරි වේ. ඒ වගේම පොටෑසියම් මගින් හෘද ආඝාත හා හෘදය සම්බන්ධ රෝග අවධානම අඩු කිරීමට උපකාරි වේ.

එමෙන්ම මැග්නීසියම් ප්‍රමාණය හෘදයේ මනා ක්‍රියාකාරිත්වය සඳහාත් හෘද ආඝාත අවධානය අඩු කිරීම සඳහාත් උපකාරි වේ. රඉටදි පෙගෙන්නට තබා දිනපතා ආහාරයට ගැනීමෙන් හෘද රෝග අවධානම අඩු වේ.

ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා උපකාරි වීම.

රටඉදි වල ඇති විටමින් ඊ ස්නායු පද්ධතියේ නිරෝගි බව හා ක්‍රියාකාරිත්වය සඳහා උදව් වේ. නිරෝගි ස්නායු පද්ධතිය, ශරීරයේ කොටස් අතර මනා සම්බන්ධතාවයක් මෙන්ම මනා ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාමට හේතු වේ.

එමෙන්ම මෙහි ඇති පොටෑසියම් මගින් ස්නායු පද්ධතියේ නිරෝගි බව යාමනය කරන අතර නින්ද සහ මොලයේ පරීක්ෂාකාරි බව වර්ධනය කෙරේ. මීට අමතරව ප්‍රතිඔක්සිහාරක ක්‍රියාව මගින් ප්‍රජනන ක්‍රියාකාරිත්වය වර්ධනය කෙරේ. ඔබගේ මොලය සහ ස්නායු පද්ධතිය නිරෝගිව තබා ගැනීමට දිනපතා රටඉදි ස්වල්පයක් ආහාරයට ගැනීමට පුරුදු වන්න.

ආතරයිටීස් වේදනා සඳහා

ආතරයිටිස් වල ප්‍රධාන රෝග ලක්ෂණ වන සන්ධි වේදනාව සහ සන්ධි දැවිල්ල පාලනය කිරීමට රටඉදි වල ඇති ප්‍රතිඔක්සිකාරක හා ප්‍රති දැවිලිකාරක වලට හැකියාව ඇත. මීට අමතරව, මැග්නීසියම් හා පොටෑසියම් මගින් අස්ථි ශක්තිමත් කර ආතරයිටිස් අවධානම අඩු කරයි. ආතරයිටිස් වල ඇති දැවිල්ල අඩු කිරීමට එම ස්ථාන වල උණුසුම් රටඉදි තෙල් ආලේප කර සම්බාහනය කිරීම යෝග්‍ය වේ. දිනපතා ආහාරයට රටඉදි කිහිපයක් එක් කර ගන්න.

අතිරේක කරුණු

රටඉදි මිලදී ගැනීමේදී ඇසුරුම් කර ඇති රටඉදි මිලදී ගන්න. කෑමට පෙර රටඉදි හොදට සෝදා ආහාරයට ගන්න. නිවැරදි කන්නයේ හැදුනු, ජල ප්‍රමාණයෙන් වැඩි රටඉදි, කෑමට ඉතා සුදුසු වේ. රටඉදි වල ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ගුණාත්මක රටඉදි මිලදී ගන්න. නැවුම් මෙන්ම ඒකාකාරි වර්ණයක් ඇති රටඉදි ගුණාත්මක රටඉදි වන අතර ඒවාට සීනි එක් කර තිබේ දැයි සැලකිලිමත් වන්න. රඉටදි වල ඇති ඉහල ෆෘක්ටෝස් ශරීරයට අහිතකර බැවින් රටඉදි අනුමත ප්‍රමාණ වලින් ආහාරයට එක් කර ගන්න.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Sep 2017 04:51 AM
මීට පස්සෙ බොන අය බීමත් වැඩිකරල රට ඉදි කන්න ගනියිද දන්නෙ නැහැ
0
You are not authorized to post a reply.
Page 20 of 20 << < 1617181920