You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 11 of 16 << < 910111213 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Sep 2016 04:08 AM
  •  Quote
  •  Reply
31 වන කොටස දැනුයි මං දැක්කේ මේ දැන් තමයි කියෙව්වේ
ලොකු අම්මා හොදයි වගේනේ බලන් ගියාම
ස්තුති
ඉක්මනටම අනිත් කොටසත් දාමු එහෙනම්
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 04:24 AM
  •  Quote
  •  Reply
Posted By Dushan on 26 Sep 2016 04:08 AM
31 වන කොටස දැනුයි මං දැක්කේ මේ දැන් තමයි කියෙව්වේ
ලොකු අම්මා හොදයි වගේනේ බලන් ගියාම
ස්තුති
ඉක්මනටම අනිත් කොටසත් දාමු එහෙනම්

ඔයාට හදිස්සි වුනාට අනිත් අය වැඩනේ............ හී

හපොයී

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
26 Sep 2016 04:41 AM
  •  Quote
  •  Reply
ලොකු අම්ම උදව් කරන්න ඇවිත් වැඩේ දෙයිද දන්නෙ නෑ ලස්සනට... හෙ හේ .......
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 08:25 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 26 Sep 2016 04:41 AM
ලොකු අම්ම උදව් කරන්න ඇවිත් වැඩේ දෙයිද දන්නෙ නෑ ලස්සනට... හෙ හේ .......


ඒක නම් මටත් සුවර් නෑ රජෝ...........
දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Sep 2016 12:58 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 26 Sep 2016 04:24 AM
Posted By Dushan on 26 Sep 2016 04:08 AM
31 වන කොටස දැනුයි මං දැක්කේ මේ දැන් තමයි කියෙව්වේ
ලොකු අම්මා හොදයි වගේනේ බලන් ගියාම
ස්තුති
ඉක්මනටම අනිත් කොටසත් දාමු එහෙනම්

ඔයාට හදිස්සි වුනාට අනිත් අය වැඩනේ............ හී

හපොයී


හරි එහෙනම් දැන් දාන්න බලන්න 
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 03:47 PM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.....

32. වන කොටස.

    මම පාත්තිය ළග තිබුන ගලක වාඩී වෙලා ශානූ අයියා දුන්න කවරය පරිස්සමින් දිගහැරියා. මදූ මල්ලි වට පිටාව ගැන විමසිල්ලෙන් හිටියා. ශානූ අයියා හැම වර්ගයෙම සිම් කාඩ් පත් ඒ කවරයට දාලා තිබුනා. " පව් දෙවියනේ හැම ජාතියෙන්ම සිම්.." මගෙ හිත කෑගහලා කිව්වා. මම සිම් කාඩ් පත් එකින් එක දාලා බැලුවා. අපෙ ගම හුගක් පිටිසරයී. බස් එකක් පාරේ යන්නෙ කලාතුරකින් ත්‍රීවීල් වලින් තමා මිනිස්සු සේරම ගමන් ගියේ. තාක්ෂනය කියන එක නම් මේ පැත්තට බිංදුවයී. ගමේ හෑන් පෝන් එකක් තිබුනෙත් කලාතුරකින් ගෙදරක තමයී. එක ම එක සිම් එකකටවත් සිග්නල් තිබුනේ නැහැ. ආච්චි අම්මාගෙ වර්ගයේ සිම් එකට විතරයී සිග්නල් තිබුනේ. මම මදූ මල්ලිට පොඩ්ඩක් බලන්න කියලා දොල පාර පැත්තට ගියේ ශානූ අයියට කතා කරලා බලන්න. 

හෙලෝව්...

හෙලෝව්... ශානු අයියේ. ඔයා කොහෙද?

අපි තවම යන ගමං සුදු මැනික. 

මේ සිම් එකට විතරයී සිග්නල් තිබුනේ අනේ. අපරාදේ ඔයා හුගක් සිම් ගෙනත්නේ. 

කමක් නෑ දැං එකක් හරි වැඩනේ. අලුතින් සේරම ගත්තේ. කාගෙවත් සිම් ඔයාට දෙන්න බෑනේ. මාත් ඔය ජාතියෙ සිම් එක දාගෙන මිස් එකක් එවන්නම් .ගෙදර ගිහින්.

හා ශානු අයියේ. ඔයා පව්..

ඇයී පව් .ඔයානේ පව්.

මං නිසා නේ ඔයාට මේ සේරම කරදර.

ඔයා වෙනුවෙන් කරදර නොවී කොහොමද?

හ්ම්ම්ම්ම්ම්ම්.

මේ. මට ඔයාව තුරුලූ කර ගන්න හිතුනා......

ආ ඇත්තද වෙන මොකුත් හිතුන් නෑද දන් නෑ.

හිතුනා හිතුනා.

මොනවද... ශානූ අයියේ....


    මං ඒක කිව්වේ පොඩි කේන්තියක් අරගෙන.

උම්මා එකක් දෙන්න හිතුනා..

තව හුගක් කල් යාවී එහෙනම්..

ඔව් නේද. කමක් නෑ ඒකට. පරිස්සමින් ඉන්න පෝන් එක පරිස්සම් කර ගන්න හොදද. 

හරී ශානූ අයියේ. මං තියන්නම් දැං. සුදු අම්මා අපිව හොයනවා ඇතී. 

හරී සුදු මැනික . පරිස්සමින්. බුදු සරණයී!. ඔයාට හුගාක් ආදරෙයී. උම්ම්ම්ම්මා. මේ..මේ ලොකු අම්මා නේද පාර කිව්වෙ. මං මතක් කරා කියන්න. 

හරී.... බුදු සරණයි පරිස්සමින්..


    ශානූ අයියටයි මටයී නිතර කතා කරන්න ලැබුනා. අවස්ථාවක් ආපි ගමන් මං දොළ පැත්තට දුවන් ගියා. මං දොළට යන්න හුගක් ආස නිසා ආච්චී අම්මාට කිසිම සැකයක් දැනුනේ නෑ.දොළට තිබුනට ,කාමරයට සිග්නල් තිබුනේ නැහෑ. කොහොම හරී ඇදේ එක තැනක පෝන් එක පැත්තට හරවලා තිබ්බහම එක සිග්නල් කනුවක් ආවා. රෑට පොරවනය ඔලුවේ ඉදන් පොරවගෙන මැසේජ් ගහන්න මං පුරුදු වුනා. මං රෑට කරුවලේ නිදියන්නෙ නැහැ, පොඩි ලයිට් එකක් හරි දාගෙන නිදා ගන්න නිසා පොන් එකේ එළිය කාටවත් පෙනුනේ නෑ. මුල් දවස් ටිකේ ආච්චි අම්මාට ලොකු ප්‍රශ්නයක් වුනා රෙද්ද ඔලුවේ ඉදන් පොරවන එක. ටික දවසකින් ඒක ආච්චි අම්මට පුරුදු දෙයක් වුනා.


     කාලය හිතේ සැහැල්ලුවෙන් ගෙවිලා ගියා. ලොකු අම්මගෙයී ,මදූ මල්ලිගෙයී උදව් නිසා ශානූ අයියයී මායි දෙන්නම සන්තෝෂෙන් හිටියා. දකින්න නොලැබුනත් සේන බාප්පා නැති තැනක මං ඉන්න එක ශානූ අයියට ලොකු සැනසීමක් වුනා. චූටී මාමා එක්ක ඇවිත් කතා කරන්නද කියලා ශානු අයියා නිතර මගෙන් ඇහුවා. චූටී මාමා කිව්වනේ ඉගෙන ගන්න අරින්න කියලා, මේ තියෙන නිදහසත් නැති වෙයි කියන බයට මං එපා කිව්වා. 
*************************************
   රෑ කරුවලත් ,මීදුමත් පරිසරය වසාගෙන තිබුනා. ලොකු අම්මයී, ආච්චි අම්මයී මමයී ටීවී බලමින් හිටියා. 

අම්මේ පෝන් එක රින්ග් වෙනවා .


ලොකු අම්මා අම්මට කිව්වෙ ඇහුම්කන් දෙමින්. ආච්චි අම්මා කාමරයට ගිහින් පෝන් එක අරන් ආවා. 

ආ සුදු දූ අම්මා.... ඔයාට කතා කරන්න ඕනිලූ.


ආච්චි අම්මා මට පෝන් එක දුන්නා. 

හෙලෝව් අම්මෙ ඇයී.

ආරංචි නැද්ද රිසාල්ට් පිට වෙලාලූ. 


    මගෙ හිතට ආපූ සතුටට මම කෑ ගැහුවා. 

අම්මේ .. මගෙ රිසාල්ට් බැලුවද? කොහොමද රිසාල්ට් කියන්නකෝ. 

මගෙ ළග විභාග අංකය නෑ. මතක නම් කියන්න. මං දැන් නැන්දලාගේ ගෙදරින් බලන්නම් ..


     මං විභාග අංකය කියාගෙන ගියා. අම්මා ආයේ කෝල් එකක් ගන්නෙ කොයි වෙලේද කියලා මම නොඉවසිල්ලෙන් පසු වුනා. පැය කාලකින් විතර පස්සෙ කෝල් එකක් ආවා. ඒ පාර පෝන් ආන්සර් කළේ මම. අම්මා විෂයනුත් එක්ක සම්මාන ටික කියාගෙන ගියා. ඉහලින්ම සමත් නොවුනත් හොද සමාර්ථයක් මම ලබලා තිබුනා. ඉස්කෝලේ ටීචර්ලා ,සර්ලා නම් මගෙන් ඒ සාමාර්ත ගොඩක් බලා පොරොත්තුවෙන් හිටියේ පංතියේ දක්ෂ ළමෙක් නිසා. අන්තිම දවස් වල ගෙදර තත්වයත් එක්කද කොහෙද, මගෙ ලකුනූ අඩු වෙලා තිබුනා.

 
      මගෙ ආසම විෂය වුනේ ව්‍යාපාර හා ගිණුම්කරනය. ඒ විෂයට ඒ සාමාර්තයක් තිබුනා. ඒක මට ලොකු සන්තෝෂයක් . මට උසස් පෙළ කරන්න ලැබෙයිද නොලැබෙයිද කියන්න දන්නෙ නැහැ. ඒත් උසස් පෙළ විභාගයට කොමස් විෂයන් ඉගෙන ගන්න එක තමා ලොකුම ආශාව වුනේ. ප්‍රතිඵල ආපූ එකේ සතුටත් එක්කම දුකක් ,බයක් ඇති කලේ, " මට තව දුරටත් ඉගෙන ගන්න කවුරු උදව් කරයිද " කියලා. 


    මං මගේ ප්‍රතිඵල හැමෝටම කිව්වේ හරිම සතුටින්. ශානූ අයියත් හුගක් සතුටු වුනා, "කවුරු නැතත් උසස් පෙළ කරන්න මං උදව් කරන්නම්" කිව්වා. චූටී මාමාත් හුගක් සතුටු වුනා. "දැන් උසස් පෙළ කරන්න අම්මා සල්ලී දේවිද" කියලයී චූටී මාමාත් ඇහුවේ. 
මම ගමට ඇවිත් ගෙවුන ටික කාලෙට අම්මට මං වෙනුවෙන් කිසිම වියදමක් දරන්න පුලුවන් වුනේ නෑ. මම එහෙන් ආපූ දා ඉදන් සේන බාප්පා වෙනදටත් වඩා මතට ඇබ්බැහී වෙලා තිබුනා. හම්බකරන සල්ලි සත පහක් වත් ගෙදරට දෙන්නෙත් නැතිලූ, මං වෙනුවෙන් වියදම් කරයී කියලා. ඒක නිසාම අම්මා පෙර පාසලක උගන්වන්න යන්න තීරණය කරලා තිබුනා. 


   ආච්චි අම්මලාගේ ගෙදරත් රැකියාවක් කරන කෙනෙක් හිටියේ නෑ. ලොකු මාමා, අම්මගෙ ලොකු අයියා එවන මුදලින් තමා මහ ගෙදර වියදම් දරා ගත්තේ. චූටී මාමට වුනත් ස්ථිර ආදායමක් තිබුනේ නෑ. චූටී මාමාගේ බිරිද ගාර්මෙන් පැට්‍රියක රැකියාව කරලා උපය ගත්ත මුදලින් ගෙදර වියදම් දරා ගත්තේ..


     මේ සියලුම හේතුත් එක්ක බැලුවම මට උසස් පෙළ කරන්න වියදම් කරන්න පුලුවන් කෙනෙක් නැහැ. මං දුකෙන් වුනත් හිත හදා ගත්තා. දවාලක් රැයක් නැතුව අහිමි වෙන්න යන ඉස්කෝලේ ගමන ගැන හිත් වේදනා වින්දා. වෙලාවකට කල්පනා කරමින් ඇඩුවා. ආච්චී අම්මා නම් කිව්වේ." අඩන් නැතුව ඉන්න සුදු දූ ,කල්පනා කරන්න එපා සේරම ප්‍රශ්න හොදින් විසදෙයි" කියලා. සීයා හිටියා නම් මේ කිසි දුකක් නැති බව මට නිතරම මතක් වුනා. 

************************************** 
   සිංහල දෙමළ අලුත් අවුරුද්දත් උදා වුනා. සීයා නැතිවලා අවුරුද්දක් වත් නැති නිසා අපි අවුරුදු සැමරුවේ නැහැ. අවුරුදු දවසට පස්සේ දවසේ අපි ලොකු මාමලාගේ ගෙදර ගියා. අහම්බෙන් වගේ අම්මයී, චූටී මල්ලීත් ලොකු මාමලාගේ ගෙදර ඇවිත් තිබුනා. ඒ දෙන්නා දැක්කම මට කියාගන්න බැරි සතුටක් ආවේ. ගමට ආවයින් පස්සෙ මං එයාලා දකින්නෙම අද නිසා.

සුදු දූ. ඔයාලා එනවා කිව්ව නිසා අපිත් ආවා ඕන්.

අම්මේ. ඔයාලා හොදින් නේද.

ඔව් ඔව්.. ඔයා හොදින්ද? 


  අපි ආගිය තොරතුරු කතා කලා. ඒත් මං ආයි ස්කෝලෙ යනවද නැද්ද කියන එක කවුරුත්ම කතා කලේ නැහැ. හැමෝම දවල් කෑම වේල ගන්න සූදානම් වුනා. මමයී, චූටී මල්ලී කැම බෙදාගෙන ටීවී එක ඉස්සරහා වාඩී වුනා. අනිත් අය කෑම මේසෙම ඉදගෙන කෑම ගත්තා.

ලොකු නංගී . මොකද මේ. තව කෑම බෙදෙන් කන්නකෝ.

අනේ කන්න බෑ අයියේ.

ඇයී... අසනීපයක්ද්ද?

නෑ නෑ... මට ආයී කන්න බැරී වෙලා.


   අම්මගෙයී ලොකු මාමගෙයී කතාව මට අහම්බෙන් ඇහුනා. එයාලගේ කතා බහ දිගටම අහන් ඉද්දී මට තේරුම් ගියා, අම්මාට ආයෙත් දරුවෙක් ලැබෙන්න කියලා.
" දැන් ඉතිං මට කොහොමත් තව ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ." මගෙ හිත පෙරලී කළා. මට සතුටූ වෙන්නද, දුක් වෙන්නද ඕනේ කියලා හිතා ගන්න බෑ. ඒත් දැන් කෑ ගහලා අඩන්නයී මට ඕනේ.

ඊ ළග කොටසින් හමු වෙමූ.

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
26 Sep 2016 11:01 PM
  •  Quote
  •  Reply
අනේ පව් සුදු මැණිකේ ... A /L  කරන්න බැරි වෙයිද ?
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Sep 2016 01:36 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 26 Sep 2016 11:01 PM
අනේ පව් සුදු මැණිකේ ... A /L  කරන්න බැරි වෙයිද ?


අනේ මන්දා...
දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
27 Sep 2016 03:56 AM
  •  Quote
  •  Reply
කෝ කතාව... අද එක කොටසයි ද
Business, you know, may bring money, But friendship hardly ever does.
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Sep 2016 05:02 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.....

33. වන කොටස.

       මං කෑම එක බාගෙට කෑවේ. ඉතුරු ටික ඩක්ස්පින්ග් එකට දාලා අත හෝද ගත්තා. කෙලින්ම මිදුලේ තිබුන ගල් බංකුවට ගිහින් ඉද ගත්තා. මං මේ සිදුවීම ගැන තනියෙම කල්පනා කලා." අවුරුදු දාහතක ගෑනූ ළමෙක් වුන මං කොහොමද ශානූ අයියට මගෙ අම්මට ආයී බබෙක් ලැබෙන්නෙ කියන්නෙ" . මට මේක ශානූ අයියට කියන්න ඕනී වුනත්, කියන්න බැ කියලා හිත කිව්වා.

සුදු දූ මොකද කරන්නෙ තනියෙන්...

මොකුත් නැ අම්මේ..


     ඒ වෙනකොටත් තෙත් වෙලා තිබුන ඇස් ඇගිලිවලින් පිස දමමින් අම්මා දිහා බැලුවා. අම්මා මං ළගට ඇවිත් ඉද ගත්තා. මං ඈත පරිසරය දිහා නෙත් යොමාගෙන හිටියා.

සුදු දූ ඔයා දුකින්ද ඉන්නෙ.

නෑ අම්මේ.. නා ගන්න ඕනී මහංසී...

හා නා ගන්න එහෙනම්.


      තවත් එතන ඉන්න ගියොත් හිතෙ දුක එළි පනීයී කියලා මං එතනින් මාරූ වුනා. මං ඇදුම් ටික අස්සෙ පෝන් එක හංගගෙන නාන කාමරයට ගියා. ටැප් එක ඇරලා දාලා ශානූ අයියට කොල් එකක් ගත්තා. මං කතා කෙරුවෙ රහසින්.

හෙලෙව් ශානූ අයියේ.

සුදු මැනික . අද කොහෙද යනවා කිව්වා නේද?

ඔව් ශානූ අයියේ. අපි ලොකු මාමලාගෙ ගෙදර. අම්මයි චූටී මල්ලියිත් ඇවිත්.

ඉතින් හොදයිනේ. කෙල්ල අද සතුටින් ඇති. කාලෙකින්නෙ අම්මා දැක්කේ.


අනේ මංදා..

ඇයි සුදු මැනික දුකින්..

මං කොහොමද අයියේ ඔයාට ඒක කියන්නේ. 

ඇයි. ඇයී. ඔයා කවදාවත් මට අයියේ කිව්වෙත් නෑ. ඔයා හුගක් දුකින්.. කියන්න සුදු මැනික..

මට තවත් ඉගෙන ගන්න වෙන්නෙ නෑ අයියේ. ඇයී අයියේ මටම මෙහෙම වෙන්නේ..

ඇයී සුදු මැනික .. අම්මා මොකද කිව්වේ..

ඒවා කියන්න බෑ ශානූ අයියියේ.


       මට ඉබෙටම ඇඩුනා මං ශානූ අයියා එක්ක දුක කිව්වේ බිත්තියට වාරූ වෙලා.

මට කියන්න බැරි ඒවත් තියෙද.. අඩන්න එපා ඔයා දන්නවානේ ඔයාගෙ ඇස් දෙකේ කදුලු දකින්න මම ආස නෑ කියලා.

එහෙම නෑ අයියේ අයියේ. මට ඉගෙන ගන්න වෙන්නෙ නැ.

හේතුව කියන්න.

අම්මාට ආයී බබෙක් හම්බෙන්න.

මොනවා. ඉතින් හොදයිනේ ළමයෝ . සතුටු වෙන්න ඕනි වෙලේඇයි අඩන්නේ.

එත් දැන් මට ඉගෙන ගන්න උදව් කරන්න අම්මටත් බෑ.

මං කිව්වනේ මං ඉන්නවා ඔයාට උදව් කරන්න..

    ඒත් ඔයා තාම ඉස්කෝලේ යනවා. ඔයා කොහොමද මට උදව් කරන්නෙ. ජොබ් එකක් කරන්නෙත් නැතුව.ශානූ අයියයී මායී ඒ ගැන හුගක් වෙලා කතා කලා. එයා නම් කිව්වෙ " මොකුත් හිතන්න එපා අලුත් සහෝදරයා ගැන සතුටු වෙන්න කියලා". ඉපදෙන්න ඉන්න නංගි හරී මල්ලි ගැන මට කිසිම තරහක් තිබුනේ නෑ. මට තිබුනේ මගෙ නොලැබිම ගැන දුකක්.

සුදු දූ ලෙඩ වෙයි. කොයි වෙලේද ඇතුලට ගියේ.

එනවා අම්මේ... නාලා ඉවරයී. 


   ශානූ අයියා එක්ක කතා කරන්න ගියාම වෙලාව යනවා දැනුනේ නෑ. මං ඉක්මනට නාගෙන ඉළියට ආවා. රෑ ලොකු මාමයී ,අම්මයි මං ගැන කතා වෙනවා මට ඇහුනා.

අයියේ.  කෙල්ලට උගන් වන්නෙ කොහොමද දැන්.

ඒක නේන්නම්. මොකද බං ලොකු නංගියෙක්, තව ළමෙක් හදන්න හිතුවේ. 

හිතුවෙ නෑ අයියේ. අහම්බෙන් වුනේ. මාස හතරක් යනකන් අහු වුනෙත් නෑ. බඩට ආපු එකා මරන්න බෑනේ පන දෙනවා මිසක්.

ඒකනේ ලොකු නංගි . ඉස්සරහට මොකද වෙන්න බලමුකෝ. මටත් පොරොන්දු වෙලා උදව්වක් කරන්න නම් බෑ. 

සේන ගෙදරට සල්ලි දෙන්නෙත් නෑ. අපේ කෙල්ලත් කොල්ලෙක් ලැහැත්ති කර ගත්‍තනේ , සේරටම කලින්. නැත්තම් අගේට ඉගෙන ගන්නවා. 


       " ඉගෙන ගන්න ඕනී නෑ, මට මේ ජීවිතේ හොදයී, සේනයගේ උදව් මට එපා" මං හිතින් මිමුනුවා.හැමෝම මට හොරෙන් මං ගැන කතා වුනා. අලුත් දරුවා නිසා මට හැමදේම නැති වෙනවා කියලා එයාලා කතා වුනේ. අන්තිමට ඒ වේදනා බර කතාව මට පුරුදු දෙයක් වුනා. මගෙ නූපන් සහොදයට ආදරය කරන්න ගත්තා. 
අම්මා අපිත් එක්කම ගමේ මහ ගෙදරත් ආවා. මං අම්මා එක්ක චූටි බබා ගැන කතා නොකෙරුවට මං එයා ගැන දන්න බව අම්මා දැනගෙන හිටියා. මම මගෙ අතින් උයලා අම්මට කන්න දුන්නා. උයන්න පුරුදු වුනේ මං හුගක් පොඩි වයසෙ ඉදන් ඒක නිසා මට රසට උයන්න පුලුවන් කියලා හැමෝම කිව්වා. මගෙ සීයා තාමා හුගක්ම ආස වුනේ මගේ අතින් උයන කෑම කන්න. සීයා හීන මවමින් හිටියේ වීභාගෙ ඉවර වෙනකන් මාව ගෙදර එක්ක එන්න. මාත් හීන මවමින් හිටියේ මගෙ අතිං මගෙ සීයට උයලා කවන්න. ඒ හැමදේම දැන් ඉවරයී. 


       අපී සේරම අවුරුද්දට චූටී මාමලාගෙ ගෙදර ගියා. චූටී මාමාට නම් ටිකක් කේන්ති ගියා අලුත් ළමය ගැන අහෙද්දි. අම්මා මට හොරෙන් චූටී මාමට කිව්වේ "කෙල්ල අර හුටපාටේ නවත්තලා නැතුව ඇති මල්ලි, කෙල්ල හොරෙන් ඒකම කරනවා ඇතී , ඒ මිනිස්සු හුගක් දුප්පත් මල්ලියෙ " කියලා. කොහොමින් කොහොම හරී මගෙ හැම දේම නැති කරන්නයී හැමෝටම ඕනී වුනේ. 
පහුවදා අම්මා යන්න ලැහැත්ති වුනා. මං අම්මගෙ දෙපානැමදලා සමු දුන්නා.

සුදු දූ.. පරිස්සමින් ඉන්න. මං දන්නවා ඔයා දුක් වෙන බව අලුත් බබා නිසා ඔයාට ඉගෙන ගන්න වෙන්නෙ නෑ කියලා. 

එහෙම නෑ අම්මේ..


එහෙම වෙන්න දෙන්නෙ නෑ. මං.


     අම්මා වාව එයාගේ පපුවට තුරුලූ කරන් ඇඩුවා. මං හිතුවේනෑ අම්මා මං ගැන මෙහෙම හිතනවා ඇතී කියයලා. මට හුගක් දුක හිතුනා .මං අම්මවා සනසන්න උත්සහා කලා. 

මට තව ඉගෙන ගන්න ඕනී නෑ අම්මේ. ඔයා ඒ ගැන හිතන්න එපා.

ඔයා ඉන්නකෝ සුදු දූ.. මං ඒ වෙනුන් මොනවා හරී කරන්නම්. මංකොහොම හරී ඔයාට උගනවනවා. 


      අම්මා වේදනාවෙන් පිට වෙලා ගියා. මාන් අම්මයී චූටී මල්ලී නොපෙනී යනකන් බලාගෙන හිටියා. මං ඉස්කෝලේ යාමේ බලාපොර්ත්තුව නැති කර ගන්න මම හිතින් හුගක් උත්සහ කලා. ඒත් ටීවී එකේ අලුත් ක්ලාස් ගැන වෙළද දැන්වීම් දානකොට මගෙ දුක අායී අලුත් වුනා. කාලය හිත් වේදනා මැදින් ගෙවිලා ගියා. අම්මා දවසක් කෝල් කරලා මට ටවුන් එකට එන්න කිව්වා . ළග ටවුන් එකට නෙමෙයී, ළග ටවුන් එක පොඩී ටවුන් එකක්, අම්මා කිව්ව ටව්න් එකට යන්න බස් දෙකක යන්න වුනා. මේ වෙනකන් ඒ ටවුන් එකට මං තනියෙන් ගිහින් තිබුනේ නැ. චූටී මාමටත් කියලා අම්ම කිව්ව දවසේ මම ඒ ටවුන් එකට ගියා . අම්මා මටත් කලින් ඇවිත් බස් නැවතුමේ බලාගෙන හිටියා. 


          අම්මා මට එන්න කියලා තිබුනේ. උසස් පෙළ අලුත් පංති ගැන කරන සම්මත්‍රනයකට යන්න. අම්මයි මායී ලොකු හෝල් එකට ඇතුල් වුනා. අම්මලයි ළමයිනුයී හුගක් පිරිලා හිටියා. ඒකට ආපු හැම සර්ම ටීචර්ම කිව්වෙ ළමයින්ට ළමයී කැමතී දේ ඉගෙන ගන්න ඉඩ දෙන්න කියලා. මාත් ආස කොමස් කරන්න. වියදම් දරන්න බෑ කියලා අම්මා මට ආර්ට් කරන්න කිව්වා. හිත හදා ගත්තත් මං පොඩ්ඩක් වත් ආස වුනේ නෑ. සම්මත්‍රනය අවසානයේ පෝම් එකක් බෙදලා දුන්නා. තෝර ගන්න විෂන්, සහබාගී වෙන ක්ලාස් ගැන විස්තර පුරවන්න. මං කොළය පුරවන්නේ නැතුව කල්පනා කරන්න වුනා.


කොමස් කරන්න එහෙනම්, පුරවන්න කොළේ.

 
       අම්මා මාව තේරුම් අරන් එහෙම කිව්වා. මගෙ හිත සතුටින් පිරිලා ගියා. 

පුලුවන් වෙයී නේද අම්මේ.

උත්සහා කලොත් පුලුවන්. අපි කොහොම හරී කරමූ. 


      අවසානයේදී මගෙ හීන ඵල දරන්න පටන් ගත්තා. අම්මා මොන්ටි සෝරී යන නිසා මට පංති ගාස්තු එව්වා, ඒත් බස් වියදම් පොත් පත් ගන්න වියදම් කලේ ශානූ අයියා. මට එයාගෙන් සල්ලි ගන්න හිත් නොදුන්නත් මට වෙන කරන්න දෙයක් තිබුනේ නැ. ශානූ අයියගේ මාමා රබර් වත්තක වැඩ කලේ. අවිවාහක මාමා කෙනෙක් වුන එයා , ශානූ අයිය වෙනුවෙන් සේරම වියදමක් දැරුවා. අයියා මම ගැන මාමාට කියලා තිබුනා. දැන් ඒ මාමා තමයී මටත් වියදම් කරන්නෙ. ඒත් කවුරුත්ම ඇහුවේ නෑ මට සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද කියලා. අම්ම හිතුවේ චූටී මාමා දෙනවා කියලා, චූටී මාමා හිතුවේ අම්මා දෙනවා කියලා. 


       උසස් පෙළ පාංතියට ඇතුල් වෙන්න ඉස්කෝල වලට ඉල්ලුම් පත්‍ර දාන්න සිද්ධ වුනා . මං ඉල්ලුම් පත්‍ර දැම්මෙ ලගම තිබුන ඉස්කෝලෙට විතරයී. අන්තිමට මට ඒ ඉස්කෝලෙට ඇතුල් වෙන්න අවස්ථාව උදා වුනා. හිටපු ඉස්කෝලෙන් අස්වීම ගන්න ගියාමා ටීචර්ලා මට හුගක් දොස් කිව්වා. "මගෙ නරක හැසිරීම් නිසා හොද ඉස්කෝලය අත් ඇරලා ගමේ ඉස්කෝලෙකට යන්න වුනා" කියලා. ඒත් ඒ ගැන මට දුකක් තිබුනේ නැහැ. මට හැමදේටම වඩා වැදගත් වුනේ සේන බාප්පා නැති තැනක ජීවත් වෙන එක. අලුත් ඉස්කෝලෙනුත් ඇහුවේ "මෙච්චර හොද හොද ඉස්කෝලයක් දාලා ගමට ආවේ ඇයී" කියලා. අවසානයේ මං ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ශානූ අයියා මාව දකින්න ක්ලාස් එක ළගට ආවා. ඒ ටවුන් එක ඈත් නිසා ද කොහෙද චූටී මාමට ආරංචි වුනේ නැ. දැන් මට කලින්ට වඩා නිදහස තිබුනා. ඒත් අම්මයී ,චුටී මාමයී තවමත් ශානූ අයියගෙයි මගෙයි සම්බන්දයට කැමති වුනේ නැ. නිතරම චූටි මාමා ඇවිත් මට අවවාද කරලා , නියෝග පනවලා ගියා. 
ශානූ අයියා උසස් පෙල විභාගය ලියන්න පටන් ගත්තා. ශානූ අයියගෙන් මං ලේසීද ඇහුමම එයා කිව්වෙ. අනේ මංදා කියලා විතරයී.


*******************************
       අගෝස්තු නිවාඩුවට අම්මායී, චූටී මල්ලී ගමේ මහ ගෙදර ආවා. මං ඉගෙනීම් කටයුතු හොදින් කරන් යනවා දැකලා අම්මා සතුටු වුනා. අම්මගෙ උදරය දැන් ඉදරයට නෙරා ඇවිත්. මට අලුත් බබා එනකන් ඉවසීමක් නැති වුනා. මං එයා වෙනුවෙන් තොප්පි ඇදුම් හැමදේම ගෙතුවා. ලස්සන චූටී ගවුම්වලට මල් මහලා හැඩ කලා. මං අම්මාගෙන් ඇහුවෙ නංගියෙක්ද්ද මල්ලියෙක්ද්ද ලැබෙන්නෙ කියලා. අම්මා කිව්වේ කවුද කියලා බැලුවෙ නෑ කියලා .සේන බාප්පා දුවෙක් වෙනවා නම් කැමතී කියලා. 


        ඒ කතාවට නම් මට කේන්තී ගියා. මං සේරම බඩු සේරම සූදානම් කලේ මල්ලියෙකුට. මං හැම වෙලේම ප්‍රාර්ථනා කලා මල්ලි කෙනෙක් ඉපදෙන්න කියලා. මගෙ හිත විශ්වාස කලා මල්ලියෙක් ඉපදෙන්නෙ කියලා. මට සේන බාප්පව පොඩ්ඩක් වත් විශ්වාස නෑ, තමන්ගෙ දරුවා කියලා නැ මහ ජරා මිනිහෙක්. අන්න ඒ හේතුව නිසයී මං දෙවියන්ගෙන් මල්ලියෙක් ඉල්ලන්නෙ. මං විදපු දුක තව කෙනෙක් විදිනවට මං පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ. මගේම සහෝදරියට එහෙම වෙනවට මං කොහොමත් කැමතී වුනේ නෑ. 


      අම්මා ගෙදර යන ගමන් චූටී මාමලාගේ ගෙදර ගියා. අපිත් අම්මා එක්ක එහෙ ගියා. හැමෝම ආගිය තොරතුරු කතා කලේ හුගක් සතුටින්. අම්මා චූටි මාම එක්ක මට හොරෙන් දෙයක් කියන්නන උත්සහා කලා. මන් කොහොම හරී එයාලා කියන දේ අහගෙන හිටියා.

මල්ලියේ. දැන් අපේ කෙල්ල පංති යනවනේ අර කොල්ලත් එනවා ඇතී. සද්ද නැතුව ඉන්නෙ කොහොම හරී දෙන්නා හම්බවෙනවා ඇතී. 

ඒක මං බලා ගන්නම්කෝ.

විභාගේ ලිව්ව ගමන් කසාද බන්දලා දෙමු . නැත්තම් නම් ඔය කොල්ලගෙන් ගලව ගන්න ලැබෙන්නෙ නෑ. ඌ කාන්දම් වගේ .

හරි පොඩි අක්කෙ මං කොල්ලෙක් හොයන්නම්.

ඒක හොදයී. මේ කොල්ලා හුගක් දුප්පත් ඒකයී සේනත් අකමැති වුනේ. 

හා හා.. මං ඒවා බලා ගන්නම්කෝ. 

මට ආපූ දුක නම් කියලා වැඩක් නෑ. මං වෙනුවෙන් වියදම් කරන ,මන් වෙනුවෙන් මේ තරම් දේවල් කරන කෙනා, මෙයාලට හිගන්නෙක් වගේ පෙන්නේ. ශානූ අයියා අපි තරම් නම් දුප්පත් නෑ මගෙ හිත රිදුම් දුන්නා.

ඊ ළග කොටසින් හමු වෙමු

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
27 Sep 2016 06:05 AM
  •  Quote
  •  Reply
ඔන්න අන්තිම කොටස් දෙකම කියෙව්වා මාත් ස්තුති

දැන් ඉතින් ඊලග කොටස දානකන් ඉන්නේ
1

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Sep 2016 08:36 AM
  •  Quote
  •  Reply
ස්තුති නගෝ අලුත් කොටස් වලටත්
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Sep 2016 09:57 PM
  •  Quote
  •  Reply
.... කදුලත් සැනසුමක්...

34. වන කොටස.

       මං ගෙදර ආවේ හුගක් හිත් වේදනාවෙන් මං ආපු ගමන් දොල පැත්තට ගියේ ශානූ අයියට දුක කියන්න. මං ශානූ අයියා එක්ක කියලා ඇඩුවා . ශානු අයියා හුගක් දුක් වුනා. 

අනේ ශානූ අයියේ..

අඩන්න එපා මගෙ සුදු මැනික.. ඔයා බය වෙන්න එපා තව කල් තියෙනවා.

ඒ උනාට. ඇයී ඔයා වගේ හොද කෙනෙක්ට එයාලා මෙහෙම කියන්නෙ.

ඒකනී. මං චූටී මාමා එක්ක කතා කරන්නම්.

එපා එපා. එයත් කැමති වෙන්නෙ නෑ . එයත් අම්මා කිව්ව දේ විශ්වාස කරනවා. ඔයා මුලින් ජොබ් එකක් හොයා ගන්න.

හරි හරී මගෙ සුදු මැනික. ඔයාට මාව නැති වෙන්නෙ නෑ. කවුරු අකමැති වුනත් මං ඔයාව මගෙ කර ගන්නවා මයී.

ඒත් අපිට පාඩුවෙ ඉන්න දෙන එකක් නැ ශානූ අයියේ . ඔයා දන්නෙ නෑ චූටී මාමාගෙ හැටි.

ඔය බය වෙන්න එපා . දහ අට වෙනකන් ඉවසන්නකො . අපි මැරි කලාම කාටවත් මොකුත් කරන්න බෑ. ඊට කලින් ඔයාව බන්දන්නත් බෑනේ එයාලට.

අනේ ශානූ අයියේ . මට ඔයාව ඕනී. 

හරි ළමයෝ . බය නොවී ඉන්න. අපි විභාගේ ඉවර වුනාම මේ සේරම අතෑරලා දාලා ඈතකට යමූ.


         ශානූ අයියටයි මටයී තේරුම් ගියා කවදාවත්ම අපේ ගෙදරින් කැමැත්ත ලැබෙන්නේ නෑ කියලා. ඒක නිසා හැමෝම අත් අරින්න අපි තීරනය කලා. මට අතාරින්න බැරි කෙනෙක් හිටියේ නෑ. ශානූ අයියගේ ආදරේ තරම් ආදරයක් මට කාගෙන්වත් දැනුනේ නෑ, අම්මාගෙන් වත්. චූටි කාලේ ඉදන් අම්මයි මමයි හුගක් ඈතයී. ඒක නිසාද කොහෙද අම්මගෙ ආදරේ දැනුනේ නෑ. මගෙ මුලූ ජීවිතය වුනේ ශානූ අයියා.


     ශානූ අයියත් අත් අරින්න බැරි දෙයක් තිබුනේ නෑ. මං හිතන් හිටියටත් වඩා ඒ ගෙදර තත්වයත් හුගක් වෙනස්. ශානූ අයියත් මං වගේමයි පොඩි කාලේ ඉදන්ම හැදිලා තිබුනේ මහ ගෙදර , ආච්චි අම්මයී සීයයී එක්ක. ශානූ අයියා ගෙදර අය කියන කිසිම දෙයක් අහන කෙනෙක් නෙමෙයී. හරිම මුරංඩුයී, ගෙදර අයව බය කරගෙන වගේ හිටියේ. ඒකට ශානූ අයියට හේතු හුගක් තිබුනා. ඒක ශානූ අයියගෙ වරද නෙමෙයී කියලා මං තේරුම් ගත්තා.
ටිකක් කල් ක්ලාස් යනකොට මුදල් ප්‍රශ්න එන්න ගත්තා.මට හැම දේකටම ශානු අයියගෙන් සල්ලි ඉල්ලන්න බෑ. අම්මා එවන සල්ලී පංති ගාස්තු ගෙවන්නත් මදී වුනා. නෑදෑයෝ කවුරුත්ම මට සල්ලි වියදම් දුන්නෙත් නෑ. එයාලටත් නැද්ද, නැත්තම් මං ඉගෙන ගන්නවට අකමැතිද කියන්න මං දන්නෙ නෑ. සමහර මාස වල පංති ගාස්තු ගෙවා ගන්න බැරුව මන් සමහර විෂයන් වලට මාසෙම ක්ලාස් ගියේ නෑ. මං ශානූ අයියට කිව්වෙත් නැ, තවත් එයාට කරදර කරන්න බැරි නිසා. අම්මට සමහර මාස වල සල්ලි එවන්න බැරී වුනා.
ක්ලාස් එකේ මට හුහක් හොද යාලුවෝ කීපදෙනෙක් හම්බවෙලා හිටියා. මගෙ කතාව ඇහුවම එයාලා හුගක් දුක් වුනා. එයාලා මට ප්‍රී කාඩ් හදලා දෙන්න උත්සහ කලා. ඒත් ඒකටත් අම්මා එන්න ඕනිනේ. සමහර දවස් වලට මගෙ යාලුවෝ මට සල්ලි දුන්නා. 
ඉස්කෝලෙ තත්වයත් හොද වුනේ නැ, සමහර විෂයන් උගන්වන්න හරියට ගුරුවරු හිටියේ නැ. ඉස්කෝලේ ගියත් බොරුවට දවස ගත් වුනා විතරයී. ක්ලාස් යන්න බැරී වෙන එක මට ලොකු පාඩුවක් වුනේ ඒකයී. ඒ මදිවට ඉකෝලේ යන්න හරියට වාහනය තිබුනෙ නෑ. ත්‍රීවීල් වල යන්න වුනේ. වියදමත් වැඩීනේ. උදේට ස්කෝලේ යන ළමයින්ට වෑන් එකල් තිබුනා. ඒකෙත් යන්නෙ" කොට්ට පොල් වගේ "දොරේ එල්ලිලා, නැත්තම් ඇතුලේ දෙකට නැමීගෙන. හුගක් දාට දොරේ එල්ලිලා වගේ ඉස්කෝලේ ගියේ. කදු පල්ලම් වැඩි පාරේ දොරේ යන එක හරිම බයානකයී. සමහර දාට යන්න වාහනයක් හම්බ වුනේ නෑ. පරක්කු වෙන නිසා ආපහු ගෙදර ආවා. හුගක් දවසට මම ඉස්කෝලේ ගියෙ නෑ. ඒක නිසාම මට ඉස්කෝලේ යාලුවෝ හිටියේ නෑ.


      මං ශානූ අයියට කෝල් කරන්න දොළ පැත්තට ගියා.ගිහින් කතා කරලා එනකොට ආච්චි අම්මා දොළ ළගම ඇවිත් බලාගෙන ඉන්නවා. එයාගේ මූන තිබුනේ හරිම නපුරු පාටක්.

සුදු දූ මොකද්ද ඔයා ඔය කරන්නෙ.

ඇයී සුදු අම්මේ. 

ඇයි ගාන්නෙ මොකද්ද ඔය හංග ගත්තෙ දෙනවා මෙහෙට.

මොකද්ද? 

මේ ළමයෝ මට තවත් බොරු කියන්න එන්න එපා. දෙනවා මෙහාට හංග ගත්තු එක.


       තව දුරටත් ආච්චි අම්මට බොරු කියලා බේරෙන්න බැරී බව මට තේරුනා. මට පෝන් එක ආච්චි අම්මට දෙන්න වුනා. දැන් ඉතින් චූටී මාමට කියාවී. මං ඉවරයී.

ඉන්නවා මං චූටී මාමට කියන්න.

අනේ සුදු අම්මේ චූටී මාමාට නම් කියන්න එපා,මං ඔයා කියන ඕනී දෙයක් කරන්නම්.

බෑ බෑ කියන්න ඕනී. අහුවුනොත් මං එපෑ වග කියන්න .

අනේ අනේ... සුදු අම්මේ.....


        මං ශානූ අයියා ගැන හැමදේම ආච්චි අම්මා එක්ක කිවවා. එයා මං වෙනුවෙන් වියදම්කරන බවත් කිව්වා. එයා නැත්තම් මං ජීවත් වෙන්නෙත් නෑ කියලත් මං කිව්වා .

හරී. ඔය ළමයට මාව හම්බෙන්න එන්න කියන්න පුලුවන්ද?

පුලුවන්.. පුලුවන්.. සුදු අම්මේ. අද වුනත් පුලුවන්. ඒත් චූටි මාමට නම් අල්ලලා දෙන්න එපා .

එහෙම කරනවද මං ..ආ..... කෝල් එකක් ගන්න. එන්න පුලුවන්න අහලා බලන්න.


    මං ශානූ අයියට කොල් එකක් අරන් ඔක්කොම විස්තරය කිව්වා. ශානූ අයියා හෙට වුනත් එන්න කැමති වුනා. පෝන් එක ආච්චි අම්මට දෙන්න කියලා. ආච්චි අම්මත් එක්කත් කතා කලා. හෙට ආච්චි හම්බෙන්න එන්න ශානූ අයියා පොරොන්දු වුනා.

කතාවෙන් නම් කොල්ලා හොදයි වගේ හෙට බලමුකෝ.


      එහෙම කියමින් ආච්චි අම්මා මගෙ අතට පෝන් එක දුන්නා.

හෙට බලන්නකො සුදු අම්මේ.

හ්ම්ම්ම් බලමුකෝ.

හෙට කෑම ටිකක් හදන්න වෙයී නේද?

සුදු අම්මගෙ කැමැත්තක්. චූටි මාමා බනිවිනේ. 

     එයාට කියන්න ඕනි නෑ . ඈත ඉන්න නෑදෑකෙනෙක්ගේ පුතෙක් ආවා කියමූ.
ආච්චි අම්මයී මමයී හෙට උයන්න දේවත් තීරනය කලා. දිග නෑකමක් කිව්වා ශානූ අයියට කියන්න කියලා, මගදී චූටි මාමා හම්බුනොත් කියන්න කියලා. පහු වෙනිද උදේ නවය පහු වෙනකොට ශානු අයියා බයික් එකෙන් මුදුලටම ආවා. කලින් මෙහෙ ආපු බව හංගන්න ඕනී නිසා මග දිගට කෝල් දුන්නා, පාර අහන්න වගේ.ආච්චි අම්මා ශානූ අයියා දැක්ක ගමන් ලස්සන හිනාවක් මවාගෙන ඉස්සරහට ගියා. මම හැංගුනා.

එන්න පුතේ ඇතුළට. සුදු දූ එන්න හැංගුනාද?


    මං එළිය ආවේ නෑ.


සුදු දූ එන්න . දැන්ද හැංගෙන්නෙ. 


     මං දොර රෙද්දට මුවා වෙලා බැලුවා . ශානූ අයියගෙ මූනේ තිබුනේ ආදරනීය හිනාවක් . 

ශදී නංගී

සුදු අම්මෙ මං තේ හදන්නද?


        මට කට්ටිය ඉස්සරහා කතා කරන්න ලැජ්ජයී වගේ. ලොකු අම්මත් මං දිහා බල බලා හිනා වෙනවා.

හා හා. තේ හදන්නකෝ. පුතා මෙයාගේ තේ බීලා තියෙද?

ඔව් ආච්චි අම්මෙ. මෙයා ඉතින් දවසම ගෘහ විද්‍යාගරයෙනේ ඉන්නෙ ඉස්සර. අපිත් හොරෙන් ඇවිත් හොරෙන් තේ ඉල්ල ගන්නවා.


        මං ආච්චි අම්මට ,ශානූ අයියටයී කතා කරන්න ඉඩ දීලා කුස්සියට ගියා. මං තේ හදන්න කේතලය ලිපේ තියලා. ඉකෝලේදී අපි කරපු දේවල් සිහිපත් කරන්න වුනා. ඇත්තටම අද වෙන දේ හීනයක් වගේ ආච්චි අම්මා නම් ශානූ අයියට කැමතී වගේ. 

සුදු දූ තේ කෝ

මේ එනවා සුදු අම්මේ..


        මං තේ හදාගෙන. කෙසෙල් ගෙඩී බිස්කට්, කේක් තියපු ට්‍රේ එක අරගෙන සාලයට ආවා. 

ගන්න ශානූ අයියේ.

කෝ ඔයාලා බොන්නෙ නැද්ද?


       ශානූ අයියා කේක් කෑල්ලක් ගන්න ගමන් ඇහුවා. 

පුතා බොන්නකෝ.. ඉක්මනට යන්නද ආවේ. කෑම ටිකක් කාලා යමු. සුදු දූ පාන්දර ඉදන් ඉව්වා.

නෑ නැ හදිස්සි නෑ ආච්චි අම්මෙ.


      කතා බහ කරමින් කාලය ගෙවිලා ගියා. ශානූ අයියව ආච්චි අම්මගෙ හිතට නම් හොදටම වැදිලා තිබුනා. ආච්චි අම්මා කිව්වා කෑම ටික මේසෙට අරින්න කියලා. මම මේසය සකස් කරමින් හිටියා. ඒත් එක්කම ආච්චි අම්මගේ පෝන් එක රින්ග් වුනා.
චූටී මාමට ආරංචි වෙලා අපේ ගෙදරට කවුරු හරී ඇවිත් කියලා. ආච්චි අම්මගෙන් ප්‍රශ්න කලා. ආච්චි අම්මා කලින් කියන්න හිටපු කතාවම චූටි මාමට කිව්වා. මං එනවා දැන් එනකන් ඉන්න කියන්න කියලා චූටී මාමා කියලා තිබුනා.මගෙ මුලු ඇගම රත්වෙලා ගියා. ඇගත් අප්‍රානික වෙලා වගේ.

අනේ සුදු අම්මේ. චූටී මාමට සැක හිතලද? 

නෑ.. නෑ.. අවුලක් වෙන එකක් නෑ. පුතා කෑම කාමරයට ගිහින් කෑම කන්න. බය වෙන්න එපා. පුතා ගියොත් සැකේ වැඩි වෙනවනේ එනකන් ඉන්න.

      ආච්චි අම්මා නෑකම ගැන ආයෙත් ශානූ අයියට කියලා දුන්නා. ශානූ අයියා ඇත්තම කියන්නද ඇහුවා. ආච්චි අම්මා ඒකට කැමති වුනේ නෑ. 

      ශානූ අයියා කාමරයට ගිහින් කෑම ගන්න සූදානම් වුනා. මං කෑම එකක් බෙදලා දුන්නා. ශානූ අයියා කෑම කාලා ඉවර වෙලා සාලයට ආවේ නෑ එතනටම වෙලා හිටියා. ලොකු අම්මයී, ආච්චි අම්මයිත් එතන කතා කරමින් හිටියා. 


ආච්චි අම්මෙ දැං නම්‍ යන්න ඕනී චූටී මාමා නෑනේ තව. 

පුතා යන්න. ඒක මං බේර ගන්නම්.


      ආච්චි අම්මා චූටි මාමට කෝල් කරන්න කියලා එළියට ගියා. ශානූ අයියා ගෙදර යන්න කියලා නැගිට්ටා. මං කෑම කාමරෙන් එළියට එන්න හදද්දී ශානු අයියා මගෙ අතින් අල්ලලා ඇදලා ගත්තා.

ඇයි මේ..

ඇයී අහන්නෙ. 


      ශානූ අයියා මගෙ කම්බුලක් සිප ගත්තා.

ආච්චි අම්මා එයි අනේ. 


     ශානූ අයියා කම්බුල් දෙකයි ,නනයි සිප ගෙන මාවා තුරුලූ කර ගත්තා.

අනේ දකී .කෝ යන්න දෙන්න.


   මම තුරුලෙන් මිදිලා එන්න උත්සහ කලා.

තරහයී..

ඇයී..

කෝ මට. 


මං ශානූ අයියාගේ තුරුලට ගිහින් මූන සිප ගත්තා. 

දැං වත් යමුද?


      ශානූ අයියා ඇස් දෙක පියාගෙන .

හා යමූ..අම්මේ කාලෙකට ඇති..

ඔයාට පිස්සු..


       මම බොරු තරහක් අරන් කෑම කාමරෙන් එළියට පැන ගත්තා. ශානූ අයියා ආච්චි අම්මටයී, ලොකු අම්මටයී වැදලා ආශිර්වාද ගත්තා. හැමෝටම යන්නම් කියලා ශානූ අයියා පිට වෙලා ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ චූටී මාමා ආවා. ඇවිත් ගේ පුරා විමසිල්ලෙන් බැලුවා. 

කෝ අර ආව කොල්ලා..

ඊ ළග කොයසින් හමු වෙමූ.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 01:49 AM
  •  Quote
  •  Reply
වාව් දැන්නං පොඩ්ඩක් හිතට සැනසීමක් ආව.
ගෑණූ දෙන්නෙක් නම්ම ගත්ත කියන්නේ අනිත් එක්කෙනා මොකක්ද. අම්ම ටිකක් අවුස්සන්නෙ නැතුව හිටියනං හරි
ඔය වගේ චූටි මාමත් කැමති වෙයි
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Sep 2016 02:02 AM
  •  Quote
  •  Reply
ඇත්තටම කො මු හැන්ගුනාද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 02:20 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 28 Sep 2016 01:49 AM
වාව් දැන්නං පොඩ්ඩක් හිතට සැනසීමක් ආව.
ගෑණූ දෙන්නෙක් නම්ම ගත්ත කියන්නේ අනිත් එක්කෙනා මොකක්ද. අම්ම ටිකක් අවුස්සන්නෙ නැතුව හිටියනං හරි
ඔය වගේ චූටි මාමත් කැමති වෙයි

දැන් නම් හරි යයි වගේ.. හී

 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 02:23 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 28 Sep 2016 02:02 AM
ඇත්තටම කො මු හැන්ගුනාද

ඔ ශදී හැංගුනාලු අයියන්ඩී
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 02:25 AM
  •  Quote
  •  Reply
ඇයි කියෙව්වෙ නැද්ද හැංගුනේ නැහැ ගෙදර යන්න ගියා
1

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
28 Sep 2016 04:11 AM
  •  Quote
  •  Reply
ශානු අයියේ.... ඇයි මගෙ සුදු මැණික ....

අයියෝ සදුනි නංගි දාන්නකො ඉක්මනට තව කොටසක් ...
Business, you know, may bring money, But friendship hardly ever does.
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 09:03 AM
  •  Quote
  •  Reply
.... කදුලත් සැනසුමක්...

35 . වන කොටස.

       චූටී මාමාගෙ මූනේ තිබුනේ කේන්තියක් වගේම සැකයක්. මාත් දොර උලුඅස්සට හේත්තු වෙලා වෙන්නෙ මොකක්ද්ද කියලා බලාන හිටියා. 

ඒ ළමයා ගියා පුතේ.. ඔයා එනකන් බලන් ඉදලා ඉදලා දැන් ගියෙ. 

මොකද්ද නෑකම කිව්වෙ.


ආච්චි අම්මා දිග නෑකම කියාන ගියා . ආච්චි අම්මා කතාව ඉවර කරන්න කලින් චුටී මාමා කතාව මැද්දට පැන්නා. 

අම්මෙ මේ.. මං එකක් කියන්නම් . අම්මත් ඔනී නැති වැඩ කරලා අහු වෙන්න එපා හරිද.

අනේ ඇත්ත චූටී පුතේ කිව්වේ..

සුදු දූ යනවා ගෙට .ගිහින් පොතක් පතක් බලා ගන්නවා. කට දිහා බලන් ඉන්න ආවා මෙතන. 


      මම ඒක ඇහෙත්ම කාරයට විසික් වුනා. චූටී මාමාට අපි කිව්වට හොදටම සැකයී. 

අම්මෙ මේ ඔය මගුල් වලට අත දාන්න එපා. තේරුනාද . අර කොල්ලා නේද ආවේ .

නෑ නෑ .. චූටී පුතේ.. 

අම්මාත් දන්නවනේ. කෙල්ල ඔවුන් එක්ක ගිහින් දුක් විදිනවට කැමතිද. පොඩි අක්කා කියපුවා මතකනේ..

හරී පුතේ මං පුතා කියන දේට ඉහළින් යන්නෙ නෑ. 

හා .. අම්මෙ ඇහැ ගහන් ඉන්න තේරුනාද .මට දැන් නිතර එන්න වෙන්නෙත් නෑනේ. 

පුතේ . සේනයා කියපුවනේ අපේ පොඩ්ඩි අපිට කියන්නෙ. පොඩ්ඩක් ඒ කොල්ලා ගැන හොයලා බලපංකෝ. සේනය කවද්ද ඇත්තක් කිව්වේ. 

හරි අම්මේ. හොයන්න ඕනි. මං ඔවුන් කියන ඒවා විශ්වාස කරන් එකෙක් නෙමේ. තව පොඩි එකෙක්නේ. ජොබ් එකක් එහෙම කරනකන් ඉම්මුකෝ.


       රහසෙන් වගේ ආච්චි අම්මයී චූටී මාමායී කතා වුන සේරම මං හොරෙන් අහන් හිටියා.
පස්සෙ චූටී මාමා කාමරේට එබිලා බලාලා යන්න ගියා. මට ආච්චි අම්මා පව් කියලත් හිතුනා. ආයි නම් ශානූ අයියව මේ ගෙදරට ගෙන්නන්නේ නෑ කියලා මං හිතා ගත්තා. 

සුදු දූ.. මොනවද කල්පනා කරන්නෙ..

මොකුත් නෑ සුදු අම්මේ. බය හිතුනා මට.

මටත් බය හිතුනා මගදි අර ළමයා අල්ල ගනීද කියලා. 

කවදාවත් කැමති වෙන එකක් නෑ නේද ,සුදු අම්මේ මේ ගොල්ලො.

ඒක තමා සුදු දූ හිතා ගන්න බැ. ඒ ළමයට මං නම් හරි කැමතී. හොද කොල්ලා දැක්කම සිරියාවේ බැ. හිත හයිය ළමෙක්.

අනේ මංදා සුදු අම්මේ.

කවදාවත් ඔයාලගෙ අම්මා නම් කැමති වෙන්නෙ නෑ සුදු දූ. පුදුම කේන්තියක් තියෙන්නෙ එයාට ඒ ළමයා එක්ක.


     මට හුගක්ම දුක හිතුනේ කවදාවත් හැමෝගෙම කැමැත්තෙන් ශානූ අයියා ළගට යන්න බැරි වෙන එකට. සෙනසුරාදා දවසම ක්ලාස් දවසක්. මං උදේ පංතියට සහභාගී වුනත් ඊළග පංතියට ඉන්නෙ නැතුව එන්න සූදානම් වුනා. මම ශානූ අයියටත් එන්න කියලා තිබුන නිසා ඉක්මනට පිට වෙන්නයි ඕනී වුනේ.

ශදියෝ. වරෙන් බත් කන්න උබ අද කැම කන්නෙ නැද්ද.

මං ගෙදර යනවා බං ඔබලා කාපල්ලා.


     මං එන්න සූදානම් වෙනකොට නයනී මට කතා කලා. නයනී කියන්නෙ මට ක්ලාස් එකේ හම්බුන හොද යාලුවෙක්. තව මට පන වගෙ ආදරේ යාලුවෙක් හිටියා, එයා තමා ගීත්මා. නයනී ගීත්මයී තමා මගෙ හොදම යාලුවෝ . මට එයාලා එක්ක ඉද්දී නිතරම විමූව මතක් වුනා. ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ මං තාම විමූව දැක්කෙම නැ. පෝන් එකෙන් කතා කරන වචන කීපය විතරයී. ගණන් අසමත් නිසා විමූ උසස් පෙළ අත හැරලා දැම්මා. දැම් එයාලෙගෙ කඩේ වැඩ කරගෙන ඉන්නවලූ. දුලාන් අයියත් ගෙදරින් කැමතිලූ. විමූ සතුටින් ඉන්න එක මටත් සතුටක්.


ඇයි ඔබ ගෙදර යන්නෙ.

 
    ගීත්මා කෑමත් නවත්තලා මං ළගට ආවේ ගහන්න වගේ.

ඔබලා දන්නවනේ බං

මොනවද. ඔබ කලින් සති දෙකමත් මේ පංතියට නොයිද ගියා. 

අම්මා මේ මාසේ සල්ලි එව්වෙ අඩුවෙන්. ඒක නිසා ක්ලාස් දෙකටයී පීස් ගෙව්ව්වෙ. 

අපරාදෙනේ බං . ශානු අයියට කිව්වෙ නැද්ද. 


    නයනිත් කතාවට හරස් වුනේ මං ගැන දුකින් බව මං දන්නවා.

නෑ බං එයා දන්නෙ නැ. මට එයාට ඔය හැටි කරදර කරන්න බෑ. මං වෙනුවෙන් වියදම් කරන තරම හොදටම ඇතී . එයා රස්සවක් කරන්නෙත් නෑ මාමාගෙන්නෙ ගන්නෙ. මට ඔය ණය ගෙවා ගන්න බැරි වෙයි බං.

ඒත් බං අපරාදෙනේ. ඔබ ටග් ගාලා හැම පාඩමම අල්ල ගන්නවා. ඔබ ඉගෙන ගනින් කොහොම හරි අපරාදේ යකෝ.

කරන්න දෙයක් නෑ බං. මේ මගෙ ලැබීම. බඩකුත් උස්සගෙන අම්ම අරහෙ වැඩට යනවා මට එයාට කරදර කරන්නත් බෑ.

දැන් කොහොමද ඉස්කෝලේ තත්වේ. 

කියලා වැඩක් නෑ. බං මට දැන් ඉස්කෝලේ යාමත් එපා වෙලා. උගන්වන්නෙ නෑ බං අනිත් වුන් නම් ඇවිද ඇවිද ඉන්නවා ජොලියේ. 

මේ ඔබ අපේ ඉස්කොලෙට වරෙන් අස් වෙලා.

දැං ගනී වෑ බං.

මං සර් කෙනෙක් ඉන්නවා එයා එක්ක ඔබ ගැන කියන්නම් සර් උදව් කරයී. ඔබ වගෙ ඉගෙන ගන්න එකියෙක්‍ට ඔහොම වෙනවට මට දුකයි බං.


       නයනී මගෙ හිතට දාපූ අදහසට මගෙ හිත ඇදිලා ගියා . මටත් ආස හිතුනා නයනි යන ඉකෝලෙට යන්න. ඒත් කෝ ඕවට සල්ලි මං අමාරුවෙන් මේ ඉස්කෝලෙටත් යන්න හදා ගත්තේ. ගේ ළගින්ම බස් එකකුත් තිබුනා ඉස්කෝලේ ළගටම. පැයක දුරක් වුනට, බස් එක අනිවාර්ය නිසා බයක් නෑ. අනික අපේ ගමෙන් ශිෂ්‍යත්වය පාස් වුන ළමයි හුගක් ඒ බස් එකෙන්, මං යන්න හදන ඉස්කෝලෙට ගියා . දැනටත් හයට ඇරෙන ක්ලාස් එක දාට මම ගෙදර ආවේ ඒ බස් එකේ.


     මම ඒ ගැනම කල්පනා කරමින් බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. ශානූ අයියා කඩයක් ඉස්සරහා බයික් එකේ ඉදගෙන මග බලාන ඉන්නවා. මං කෙලින්ම ශානූ අයියා ගාවට ගියා. මට දැනුනෙත් නෑ , මගෙ යාලුවෝ ටික මගෙ පස්සෙන් ඇවිත්. ඊළග ක්ලාස් එක පටන් ගන්න තව පැය භාගයක් තියේ. වෙනදට අපි ඒ පැය භාගෙම කඩවල් ගානේ යනවා. මොකුත් ගන්නෙ නෑ බලලා බලලා එනවා. රෙදි කඩ වලට දැන් අපිව දැකලම පුරුදු වෙලා. සිකුරුටිලා අපි දැක්කම "ඔය ළමයි නම් බොරුවටනේ එන්නෙ" කියනවා. 
ගයනි , ගීත්මයී ශානූ අයියව දැන් හොදටම අදුරනවා. නිතරම ශානූ අයියා මං ක්ලාස් ඇරෙන වෙලාවට මං බලන්න එනවනේ. ශානූ අයියා ක්ලාස් එක ළගට එන එක තාම නම් කාටවත් ආරංවි වෙලා තිබුනේ නැහැ. 


    නයනී , ගීත්මයී මං ඉන්න තැනදිම මං සල්ලි නැති නිසා සමහර පංතී පාඩූ කර ගන්න බව කිව්වා. අලුත් ඉස්කොලේ ගැනත් කිව්වා. ශානූ අයියා හරිම සාවධානයෙක් අහන් හිටියා. එයාගේ මූනේ තිබුනේ දුකක් මං බිම බලාගෙන හිටියේ ශානූ අයියට මූන දෙන්න බැරි නිසයී, ගීත්මයි නයනී එක්ක ආපු කේන්තිය නිසයී.

    හරී නයනි නංගියෝ. ඔයා සර් එක්ක කතා කරන්නකෝ. මං අනිත්වා ගැන බලන්නම් . 
නයනී, ගීත්මයී. අපිට සමු දීලා ක්ලාස් එක පැත්තට ගියා. මම රහසි වගෙ කිව්වෙ" අහු වෙයව්කෝ තොපි ක්ලාස් එකේදී කියලා" ඒකත් ශානූ අයියට ඇහුනද කොහෙද එයා හිනා වෙවී මං දිහා බලං හිටියා. යාලුවෝ දෙන්නා නොපෙනී ගියා විතරයි ශානූ අයියා මගෙ අතින් ඇදලා ගත්තා. මට තේරුනා එයා කේන්තියෙන් බව.

මොකද මැට්ටියේ මට නොකිව්වේ.

අනේ ශානූ අයියේ කේන්ති ගන්න එපා. 

හිතේ තියන් හිටියම මම දැන ගන්නෙ කොහොමද? දැන් සල්ලි දෙන්නම් යනවා ක්ලාස් එකට.

අනේ එපා ශානූ අයියේ . අද මේ මාසේ අන්‍තිම ක්ලාස් දවසනේ . ලබන මාසෙම යනවා . අපරාදේ මාසෙටම ගෙවලා එක දවසක් යන එක.

පිස්සූ නැතුව යනවා මැට්ටියේ. පාඩම අපරාදේ. 

නෑ නෑ මං ටිවුට් ඉල්ලන් ඒවා අල්ල ගන්නම්. ඔයාත් රස්සාවක් කරනවද. පව් මාමා මහසියෙන් හම්බ කරපුවා.

අනේ අනේ මැටිටියේ . මං අද ඔයාව ශොපින් එක්ක යන්න ආවේ.

මාමාගේ සල්ලිවලට විද්දා නේද. මට එපා ශානූ අයියේ ඔයා ගන්න. 

මේ මෙහෙ එනවා. පංඩිතකම් නොකියා. අනික මේවා මං හම්බ කරපු සල්ලී. මාමගෙ ඒවා නෙමෙයි.

ඔයා හම්බකරපුවා .?


ඔව් ඇයී විශ්වාස නැද්ද?

ඔයා ජොබ් එකක් කරන්නෙ නෑනේ.

ඇයී නැත්තේ ඔයාට නොකිව්වට මං මාමාගෙ උදව්වය ගියා . 

කිරි කපන්න .

ඔව්... සුදු මැනික . යමු  අර ශොප් එකට.

     ශානූ අයියා පොඩි කාලේ ඉදන්ම මාමා ගාව හැදුන නිසා එයාටත් කිරි කපන්න පුලුවන් බව මට කියලා තිබුනා. නිවාඩු දාට මාමාට උදව්ට යන බවත් මට කියලා තිබුනා. ඒත් මං හිතුවේ නෑ ශානූ අයියා ජොබ් එකට කිරි කන්න යායි කියලා. 


අනේ ශානූ අයියේ . ඕක ජොබ් එකට නම් හරි යන්නෙ නෑ ඕන්.

හරි සුදු මැනික. එකක් හරි යනකන් විතරයී මාමාත් පව්නේ. සෑහැල්ලු වාහන ලයිසන් ගන්න දාලා තියෙන්නෙ මම. ඔයා දන්න වනේ මගෙ හීනේ.

හ්ම්ම්ම්ම්ම්....


    ශානූ අයියගෙ හීනය වුනේ බරවාහන රියදුරු බලපත්‍රය ගන්න එක. එයා කියන්නෙ එතකොට ඕනී තරම් ජොබ් තියේ කියලා. ශානු අයියා ඉගෙන ගන්න පොඩ්ඩක් වත් කැමති නෑ. මට හේතුව තේරුම් ගන්නත් බැහැ. 


     ශානූ අයියා මං එපා කියද්දී මට ඇදුම් අරන් දුන්නා. පොත් වගයකුත් අරන් දුන්නා. එයාටත් මොනවා හරි ගන්න කිව්වම ඇහුවෙම නැහැ. මට ශානූ අයියා ගැන දුකයී, එයා මං වෙනුවෙන් මොනතරම් දේවල් කරනවද. ඒත් මගෙ අම්මට ශානූ අයියගෙ හොදක් පේන්නෙ නැහැනේ. 
මං ගෙදර ඇවිත් ආච්චි අම්මටයී ලොකු අම්මටයී ඇදුම් පෙන්නුවා. පස්සෙ අලුත් ඉස්කෝලේ කතාවත් මං එයාලට කිව්වා. 

මං නම් හිතන්නෙ නෑ සුදු දූ අම්මා කැමති වෙයී කියලා.

ඊ ළග කොටසින් හමු වෙමූ.

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 11 of 16 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below