You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 13 of 16 << < 1112131415 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Oct 2016 01:50 PM
  •  Quote
  •  Reply
.... කදුලත් සැනසුමක්....

40. වන කොටස.

       අම්මා වාට්ටුවට ගේනකන් අපිට ඉන්න වුනා. බාබා ළග ඉන්න දුන්නෙ එක්කෙනාට නිසා මට ඉස්සහා බංකුවක ඉදගෙන ඉන්න සිද්ද වුනා. ඒක මට අමුතුම අත්දෑකීමක් වුනා, හිටි ගමන් දරුවන් බිහි කරන අම්මලා මහ හයියෙන් කෑ ගහනවා. ඒ සද්දෙට මගෙ කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියා . මගෙ අම්මත් ඊයේ රැ මෙහෙම කෑ ගහන්න ඇති. මම ඉපදදෙනකොටත් මෙහෙම වේදනා විදින්න ඇති. මට අම්මට හුගක් ආදරේ හිතුනා. 
අම්මා ටොලියක දාලා වාට්ටුවට අරගෙන ආවා. මම ටොලිය පස්සෙන් ඇද ලගට ගියා. අම්මව ටොලියෙ ඉන්නව දැකපු ගමන් ආච්චි අම්මට සිහිය නැතුව ඇදගෙන වැටුනා . කට්ටිය එකතු වෙලා ආච්චි අම්මව පුටුවකට අරන් වතුර ඉස්සා. අම්මා ටොලියෙ ඉදගෙම ඔලුව උස්සලා මට කිව්වෙ. අම්මාව අල්ල ගන්න සුදු දූ කියලා. අන්තිමට අම්මවා උස්සලා ඇදෙන් තියන්න මටත් අඩ ගැහුවා ඉනෙන් පහල තවම හිරි වට්ටලා නිසා. මම අම්මව පැත්තකින් උස්සනකොට අම්මා මගෙ කර ට අතක් දා ගත්තා. 


    ඒ වෙලාවේ මට ආපු හැගීම මට කියන්න තේරෙන්නේ නෑ. මගෙයි අම්මගෙයි අතරේ හුගක් ලග සම්බන්දයක් තිබුනේ නැහැ, ඒ සේන බාප්පා නිසා. මං හැමදාම හිතුවේ අම්මාවත් මට ආදරේ නැ කියලා. ආච්චි අම්මට තුරුල් වෙලා මම නිදා ගත්තත්, කවදාවත් අම්මට තුරුල්වෙලා නිදා ගෙන තියේ කියලා මතකයක් නෑ. 


    අම්මගෙ ටිකට් කපන දවස උදා වුනා එදා මට ඉස්කෝලේ දවසක් මම ඉස්කෝලෙ යන්න යලින් ආච්චි අම්මට කතා කලා.

සුදු අම්මෙ..

හ්ම්ම්ම්ම්

අද අම්මා ටිකට් කැපුවම කොහෙද යන්නෙ. සුදු අම්මට බැරිද කොහොම හරි සේන බාප්පව කැමති කරන් අම්මා මෙහෙ එක්ක එන්න.

මොකක් හරි කරන්න වෙනවා සුදු දූ. අම්මට තුවාල දෙකයිනේ.


      මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකලුත් අම්මා ගෙදර එක්ක ඇවිත් තිබුනේ නෑ. ත්‍රීවීල් රථයක් ඇවිත් පාර ළග නතර කලා. ඒකෙන් මුලින්ම බැස්සේ සේන බාප්පා. ඊළගට ආච්චි අම්මා චූටි මල්ලිවත් අරගෙන බැස්සා. 


     කාලෙකට පස්සෙ සේන බාප්පව දැක්කත්, ඒ මූන දැක්කම මගෙ හිතේ සැනසිල්ල අතුරුදහන් වුනා. ඒත් අම්මා වෙනුවෙන් ඉවසන්න මම තීරනය කලා.

අම්මා අමාරුවෙන් ත්‍රීවීල් එකෙන් බැහැලා ගේ පැත්තට එනවා මං ගිහින් අම්මව අල්ල ගත්තා. අම්මා ඇවිදගෙන ගෙට ආවේ හරිම අමාරුවෙන්. 



          සේන බාප්පා බලෙන්ම වගේ මාත් එක්ක කතා කලා.

මං අහන දේවල් වලට විතරක් උත්තර දිලා, පුලුවන් තරම් එයාව මගහැරියා. මොකද මට දැක්කහමත් එන්නෙ පුදුම කේන්තියක්. බොරු ආදර පෙන්නගන අම්මා බාලා ගන්න සුදු දූ කියාගෙන ඔලුව අත ගාන්න ආවා . මං එහාට වුනේ, ඒ හෙවනැල්ලවත් මගෙ ජීවිතේට වැටෙනවට අකමැති නිසා. ඒ වුන සිද්දිය නිසේන සේන බාප්පට කේන්ති ගියා කියලා මට තේරුනා. ඒත් මං ගනන් ගත්තෙ නෑ. ටිකක් වෙලා කියව කියව ඉදලා සේන බාප්පා ආපූ ත්‍රීවීල් එකේම යන්න ගියා. ලොකු මල්ලට ඉස්කෝලේ නිසා නැන්දලාගෙ ගෙදර නවත්වලා තිබුනා.


      සතියකට පස්සේ ඉස්කෝලේ දෙසැම්බර් නිවාඩුව ලැබුනා. එදා ඉදන් මම වැඩි පුරම හිටියෙ ගෙදර නිසා අම්මගෙ වැඩ වලට උදව් වුනා. ඒ දවස් ටිකට අම්මයි මමයි හුගක් ළං වුනා. මම චූටී මල්ලිව වඩා ගත්තා, කවදාවත් ඒ තරම් චූටි බබෙක් මම වඩාගෙන තිබුනේ නැහැ. ඉස්කෝලේ නිවාඩුවට ලොකු මල්ලිත් ආවා. ඒයා තවම තුන වසරේ, ලොකු මල්ලි කිව්වට ලොකු නෑ. 


     කාලය හරිම වේගයෙන් ගෙවිලා ගියා අපි හිටියේ හුගක් සතුටින්. අම්මයි මල්ලිලා දෙන්නයි එක්ක මට වැඩි කාලයක් නිදහසේ ගත කරන්න ලැබුනා. අම්මා ඉන්න නිසා ඒ දවස් ටිකට මං යාලුවන්ගෙ ගෙදරවත් ශානු අයියලාගෙ ගෙදරවත් ගියෙ නෑ. ක්ලාස් ගියා, අනිත් හැම වෙලාවෙම අම්මාලා එක්ක හිටියා. බබාට තවම මාසයක් වත් නෑ දවසක් හවස සේන බාප්පා ත්‍රීවීල් එකකුත් අරන් ආවේ, අම්මව එක්ක යන්න. මං තව ටිකක් කල් ඉන්න කිව්වත්, සේන බාප්පා නැන්දලා ගෙදර ගිහින් රංඩු කරනවා කියලා, අම්මා මල්ලිලත් එක්ක යන්න ගියා.


*******************************
     අලුත් අවුරුද්දේ , අලුත් පාසල් වාරය ආරම්භ වුනා. මම ඉස්කෝලේ ගියේ හරිම සතුටින්. මම හිතුවා වගේම රණසිංහ සර් හුගක් හොද කෙනෙක්. එයා පංතියෙ ළමයි එක්ක හැසිරුනේ යාලුවෙක් වගේ. සර් මටත් හුගක් ආදරේ වුනා. මගෙ සියලුම වියදම් දරන්නෙ ශානූ අයියා. රෑවෙලා ක්ලාස් ඇරෙන දාට මාව ගෙදර ගිහින් අරලින්නෙත් ශානූ අයියා. ඉකෝලේ රැස්වීම් වලට එන්නෙ ආච්චි අම්මා නිසා ඉස්කෝලෙට ශානු අයියා ගැන ආරංචි වුනෙත් නැහැ. 


      අර සිද්දියෙන් පස්සෙ මම වැඩිය ශානූ අයියලාගෙ ගෙදර යන්න කැමති නැහැ. ඒක නිසා බොරු හේතු කියලා මම එහෙ යන එක මග හැරියා. මම එහෙ ගියත් අම්මාවත්, නංගිවත් ශනූ අයියා නැති වෙලාවට මාත් එක්ක කතා කරන්නෙ නෑ. අයියා ඉන්නකොට නම් හොදට කතා කරනවා. ඔය දේවල් ශානූ අයිය කියලා බොරුවට කේන්ති අවුස්සන්න බැරි නිසා, මම කියන්න ගියෙ නැ. ශානු අයියට තේරිලා තිබුනා මං එහෙ එන්න අකමැති බව. එයා ඒ ගැන නිතර ඇහුවත් මං හරි උත්තරයක් දුන්නෙ නෑ.


     මල්ලි හම්බෙලා ගෙදර ආපුවම අම්මා චූටී මාමා එක්ක ශානූ අයියා ගැන කියලා තිබුනා. අම්මා කැමති නිසා චූටි මාමාත්, ශානූ අයියට කැමතිද කොහෙද .එයා මං කරන කිසිම දෙයක් හොයලා බැලුවෙ නෑ.දවසක් මම ගීත්මලගෙ ගෙදර ඉන්න කොට ශානු අයියා කෝල් එකක් ගත්තා . එදා එයාගෙ කතාව හරි අමුතුයි.

සුදු මැනික මට බයයි.

ඇයි.. ශානු අයියේ එක පාරම එහෙම කියන්නෙ.

එකපාරට නෙමේ ළමෙයෝ. මගෙ හිතට අමුත්තක් දැනෙනවා.

මොකක් ගැනද. 

ඔයා මට කිව්වෙ සේන බාප්පගෙ සිද්දිය.


      මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා. කවදාවත් ශානූ අයියා මගෙන් ඒ ගැන අහලා නෑ. මට අදහා ගන්න බෑ එක පාරටම ඒ ගැන අහන්නෙ ඇයි කියලා.

එදා ඔයාට මොකුත් කරදරයක් වුනේ නෑ නේද?

ඔයාට මාව සැකයිද ශානු අයියේ.

නෑ මට බයයී.

ඇයි බය. මට ඒකගෙන් කරදරයක් වෙලා නෑ. වෙන්න ගියා තමයී.

අනේ ඒත්.

එදා අර ක්‍රිස්ටි මාමාගෙ සිද්දියෙන් පස්සෙ ඔයාට මාව සැකයි නේද.


ඒකත් හේතුවක් තමයි.

තවත් හේතු තියෙද ශානූ අයියේ.

ඔයා එදා ඉදන් මෙහෙ එන්නත් අකමැතිනේ.

ඔයාලගෙ අම්මලාට මූන දෙන්න බැරි නිසානේ. 

ඇයි මූන දෙන්න බැරී.


        මට හේතුව කියන්න හිත් දුන්නෙ නැ. අම්මලා ශානු අයියා නැතුවම මට වෙනස් කම් කරනවා කියලා කොහොම කියන්නද. එහෙම වුනොත් ආයි මං එහෙ යන්න නෙමේ, ශානූ අයියා ගෙදරම දෙවනක් කරයී. ඒක නිසා මං නිහඩව හිටියා. 

කියන්නකෝ ඇයි මූන දෙන්න බැරි. 

එයා අර සිද්දිය ඇත්ත කියලා හිතනවා ඇති.

එහෙම නෑනේ අම්මා ඔයා එක්ක හොදට කතා කරන්නෙ. 

හ්ම්ම්ම්ම්ම්ම්ම්

ඔය මට බයයී.

ඒනම් ඉතිං එක දෙයයි කරන්න තියෙන්නෙ.

ඒ මොකක්ද්ද සැකය ඇර ගන්න.

ඒ කිව්වෙ. 

මං පිරිසිදු කෙල්ලෙද කියලා බලන්න.

පිස්සුද?

සැකනම් මොකක්ද මං වෙන කරන්නෙ. මට මොකුත් වෙලා නැ. 

      එදා ඒ කතාව එතනින් නතර වුනත් ශානූ අයියා ඒ ගැන නිතරම මගෙන් ඇහුවා. මට හිතෙන්නෙ ශානු අයියලගෙ අම්මා මාව අත් අරින්න කියලා බනිනවා ඇතී. මං හම්බෙන හැම වතාවකදිම ඔය කතාව ඇදිලා ආවා. මට දැන් නෑ ,කියලම එපා වෙලා.මම ඒකට උත්තර නොදී ඉන්න තීරනය කලා. 


     සේන බාප්පා කරපු වැඩ නිසා මට තවමත් සැනසිල්ලක් නෑ. ශානු අයියගෙ බයත් සාධාරන වෙන්න පුලුවන්. ඒත් මම කියලා මොනවා කරන්නද. දැන චූටී මල්ලිට දැන් මාස තුනක් විතර ඇති. ඒත් ඉතින් මල්ලි බලන්න යන්න විදියක් නෑ. සාමාන්‍ය පෙල ලියාලා එහෙන් ආපු දා ඉදන් මං තවම එහෙ ගිහින් නෑ. මං අම්මලාගෙ ගෙදර යනවට ශානු අයියා බයයී. ඒක නිසා මං එහෙ ගියේ නෑ.


      මාස ගානක්ම ඉවසුවා , අර සිද්දිය නිසා අයියයී මායි අතර දැන් පොඩි රංඩුත් ඇති වෙනවා. ශානු අයියලගෙ අම්මාත් තවම එක එක දේවල් කියන නිසා ශානූ අයියට තවත් සැක ඇති වෙනවා ඇති. ආයෙත් දවසක් ක්‍රිස්ටි මාමා ශානු අයියලාගෙ ගෙදර ඇවිත් තිබුනා. අයියා ඉන්න තැනම මං ගැන නරක දේවල් හුගක් කියලා තිබුනා. ශානු අයියා මට කෝල් කරලා දොස් කිව්වා. 

මොකද්ද සුදු මැනික මේ කතාවේ තේරුම.

ඇයී ශානූ අයියේ.

මොකක් හරි හේතුවක් නැතුව ක්‍රිස්ටි මාමා ඔහොම කියයිද . 

මට මොකක්ද කරන්න කියන්නෙ ශානූ අයියේ. ඒ මිනිහගෙ කට නවත්වන්න බෑ මට. 

ඔය කතාවේ ඇත්තක් නැත්තම් ඔය තරම් කියවයිද. මටත් දැන් නම් තවත් විශ්වාස කරන්න බෑ.

මොන කරුමයක්ද මේක. එහෙනම් ඉතිං මාව අතාරින්න . ඒත් ඔයා මං වෙනුවෙන් කරපුවා. මට අාපහු දෙන්න නම් විදිහක් නෑ. පුලුවන් කාලෙක දෙන්නම්.කියන්න දෙයක් නැති නිසා කිව්වත් ශානු අයියා ඈත් වෙයි කියන බය දැනිලා මං අඩන්න පටන් ගත්තා. 

මට තේරෙන්නෙ නෑ සුදු මැනික. මුන් මගෙ ඔලුව කන්නවා. 

මට.... වෙන කියන්න .. දෙයක් නෑ අයියේ... ඔයා මං ගැන කැමතී තීරනයක් ගන්න.



ඊ ළග කොටසින් හමු වෙමු

 

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Oct 2016 02:37 PM
  •  Quote
  •  Reply
thawa poddayi neda kathawa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Oct 2016 03:03 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 02 Oct 2016 02:37 PM
thawa poddayi neda kathawa


ඔවු ධනූ අය්යේ තව කොටස් 10 යි තියෙන්නේ..........

 

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Oct 2016 04:20 AM
  •  Quote
  •  Reply
40 වෙනි කොටස මාත් කියෙව්වා

ස්තුති
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 05:09 AM
  •  Quote
  •  Reply
මේව මට හොරෙන් කොහොම දානවද මං දන්නෙ නැහැ
ඒක වැර කොටස් 4 ක් කියවන්න උනානේ
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 06:30 AM
  •  Quote
  •  Reply

හොරෙන් දැම්මේ නෑ අනේ ඔයා ඒකන් බලන් හිටියේ..... හී

අද දාන්නම් දුශාන් අයියා 41 ක.

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Oct 2016 06:37 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 03 Oct 2016 06:30 AM

හොරෙන් දැම්මේ නෑ අනේ ඔයා ඒකන් බලන් හිටියේ..... හී

අද දාන්නම් දුශාන් අයියා 41 ක.


හා හොදමයි 
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 06:48 AM
  •  Quote
  •  Reply
… කදුලත් සැනසුමක්….


41. වන කොටස.


කාලය ගෙවිලා ගියත් ප්‍රශ්නවල අඩු වුනේ නැහැ. නොයෙකුත් හේතු නිසා ශානූ අයියයි මමයි නිතර ගැටුම් ඇති කර ගත්තා. සේරටම හේතුව වුනේ ක්‍රිස්ටි මාමා. මම ශානූ අයියලාගෙ ගෙදර යන එක නතර කරලා දැම්මා. ශානූ අයියාට අම්මලාගෙ අවුල නිසා මං නොඑන්නෙ කියලා තේරුම් අරන්න්ද කොහෙද, මට යමු කියලා බලකලෙත් නෑ. ශානු අයියා දිගටම මට උදව් කලා. මම ශානු අයියලාගෙ ගෙදර නොයා ඉන්න කොට ප්‍රශ්න ටික ටික මග හැරුනා. අම්මාගෙ කරදරය අඩු වෙන්න ඇති ,ඒක නිසා ශානූ අයියාගෙ මගෙන් සේන බාප්පගෙ සිද්දිය ගැන අහන එක නැවතුනා.


නයනි තිවංක අයියයි දවසක් අපේ ගෙදර ආවා. ඒදා ශානූ අයියත් ආවානිසා අපි හුගක් විනෝදෙන් කාලය ගත කලා. නයනී මමයී එකතු වෙලා කැම ඉව්වා. ආච්චි අම්මත් අපිට උදව් කලා. ආච්චි අම්මට ඉතිං කයියට අල්ල ගන්න කෙනෙක් ඉන්නවා නම් වෙන මොකුත් ඕනී නෑ. ශානූ අයියයි,තිවංක අයියයි අල්ලගෙන බරටම කතාව. නයනී මමයි දෙන්නට හොද පරිප්පුව කියලා උයන ගමන් කතා වුනා. 


උයලා ඉවර වුනාම අපි දෙන්නත් කතාවට එකතු වුනා. ශානූ අයියලට විහිලු කරලා හිනා වුනා. දවල් කෑම වෙලාවත් කිට්ටු නිසා මම කැම මේසය සූදානම් කරන්න ගෙට ගියා. මම කෑම මේසය සූදානම් කරමින් ඉන්න වෙලේ ශානූ අයියා කුස්සියට ආවා.

ළමයා වැඩ වගේ..

මොකෝ මේ පැත්තෙ.

උදව්වක් එහෙම තියෙද බලන්න ආවේ.

අප්පේ මෙයාගෙ උදව්.


මම අවසාන ව්‍යාන්ජන දිසියත් අරන් කෑම කාමරයට ගියා. ශානු අයියත් මගෙ පසුපසම ඇවිත් බව දැනුනේ එයාගෙ අත් දෙක මගෙ බද වටා යද්දී. ශානූ අයියා ආදරෙන් මාව තුරුලු කර ගත්තා. 

මොකද මේ …මාලුවත් හැලෙනවා දැන්…


මම බොරු තරහක් අරන් කිව්වා.

මට මොකද ඉතිං. හැලුනදෙන්…

කන්නෙ මොනවද එතකොට.


ඔයාව……

ආ ඇත්තද? සුදු අම්මා ආවොත් ඔයාට කොස්සෙන් කන්න වෙයි.

එත් කමක් නෑ….


ඒත් එක්කම පොඩි සද්දයක් ඇහුනා කුස්සිය පැත්තෙන්.

අතාරින්න …සුදු අම්මා එනවද කොහෙද?


මම ශානූ අයියගෙන් මිදිලා කැම මේසෙ පිලිවල සූදානම් කරන්න ගත්තා. 

පූසෙක් අනේ. ඌටත් ඔයාගෙ කෑම රහ වැටිලද කොහෙද? 


එහෙම කියාගෙන ශානු අයියා මගෙ ළගට ආවා. මගෙ උරහිස් දෙකට උඩින් බිත්තියට අත් දෙක තියාගෙන ශානු අයියා මාව කොටු කරගෙන. මම අත යටින් රිංගන්න යද්දි ශානූ අයියා මාව ආයෙත් එයාගෙ පපුවට තද කර ගත්තා .

රිංගලා බේරෙන්න නේද කල්පනාව..

අනේ ශානු අයියේ…

සුදු මැනික….

ම්ම්ම්ම්ම්ම්ම්…..

හාද……


මම දන්නවා ශානු අයියා මොනාද කියන්නෙ කියලා .මම ඔලුව උස්සලා ශානූ අයියා දිහා බැලුවා. ශානු අයියා මගෙ දෙකම්බුල් ආදරෙන් සිප ගත්තා. මොහොතින් මගෙ දෙතොල් මත උණුසුමක් දැවටුනා. ශානූ අයියගෙ දෙතොල මගෙ දෙතෙලතර පැටලී තිබුනා. මොහොතින් ඒ පහසින් මා මිදුනත් මම දෙනෙත් හැරියේ නැහැ. ජිවිතේ මුල්ම වතාවට නිසාදෝ මට දෑස් හරින්නට සිත් දුන්නෙ නැහැ.අයිත් ඒ මුහුන බලන්න සිත් දුන් නෑ, ලැජ්ජාවෙන් මුහුන රතු වෙලා. මුහුනට නැගුන සිනගව සගවා ගන්නට උත්සහ කරමින් ,මම ශානු අයියගෙන් මිදෙන්නට උත්සහ කලා.


සුදු මැනික.. තරහයිද


මට ශානු අයියගෙ මූන දිහා බලන්න බෑ . මම ඔලුව වනලා නෑ කිව්වා.

ඔයා අකමැති ඇති කියලයි.. මේ තරම් කල් මම ඉවසුවෙ.. ඇයි.. මගෙ දිහා බලන්නකෝ. තරහින් නේද.

පිස්සා…..


මම ශානූ අයියව එහාට තල්ලු කරලා, කෙලින්ම නයනිලා ඉන්න පැත්‍තට ගියා. 
ලැජ්ජාවෙන් රතු වුන මුහුන සගවා ගන්න උත්සහ කරමින්.

යමු කන්න.

කෝ ශානුවා.


තිවංක අයියා මගෙ දිහා බලලා අදද්දි ,මම ගෙට එන්න ආපහු හැරුනේ ,තිවංක අයියට වෙනසක් දැනෙයි කියලා.

එයාට බඩ ගිනිලු . ආන් ඔයාලටත් කලින් කනවා.


ශානු අයියා මට නිදහසේ කන්නවත් දුන්නෙ නෑ. මගෙ දිහා බලාන හිනා වෙනවා. ඇස් වලින් ඉගි කරනවා. මම කොහොමද ඉතිං කෑම කන්නෙ. අපි හතර දෙනා හවස දෙකට විතර දොළට නාන්න ගියා. අව් රශ්මිය නිසා දොළ අවට තිබුන ගල් පා තබන්නවත් බැරි තරමට රත් වෙලා තිබුනා. නයනී මමයි දොළට බැස්සෙ ඇදන් හිටි ඇදුම් පිටින්මයී. නයනිට දොළේ නාලා පුරුදු නැහැ. පපුව මට්ටමට වතුර ඇති හරියට මම නයනිව එක්ක යද්දි නයනී හිටියෙ මගෙ අත තදින් අල්ලගෙන ,ගොඩ යමු කියලා කෑ ගහමින්. ශානු අයියටයි තිවංක අයියටයි හොදටම හිනා.

මොකුද්ද කනවෝ…


නයනි මාවත් අතහැරලා ගොඩට දිව්වෙ දොලේ ඉන්න පුංචි මාලුවෝ කකුලට කොටලා. නයනි පව් මට නම් හිනාව නවත්ත ගන්න බැරි වුනා. නයනී දිය බේරෙමින් ගලක් මත් ඉදගෙන හෝදිසියෙන් දොල දිහා බලනවා. හරිම අමාරු වුනා නයනිව ආයි දොළට ගන්න. තිවංක අයියා අමාරුවෙන් නයනිව නාන්න අඩගහ ගත්තා. ටිකක් වෙලා ඉද්දි නයනි දෝලේ නාන එක විනෝද බව තේරුම් ගත්තා. අපි හතර දෙනා එකිනෙකාට වතුර ගසා ගනිමින් විනෝදෙන් දිය සෙල්ලම් කලා.

ශදි නංගියෝ…….

ඇයි ශානූ අයියේ…


කෝ සබන් පෙට්ටිය..

බාල්දිය ඇතුලේ…

නෑනේ…..

නැති වෙන්න විදිහක් නෑ .ගෙනාවනේ…


එහෙම කියාගෙන මම ශානු අයියා ඉන්න පැත්තට ආවා. අපි අදින්න ගෙනා ඇදුනුයි, බාල්දියි තියලා තිබුනේ කුඹුක් ගහක හෙවන යට. නාන තැනට ටිකක් ඈතින්. 

කෝ නැද්ද.

නෑනේ. 


මම ඒ හරියට යනකොට ශානු අයියා මහෙ අතින් ඇදලා කුඹුක් ගහට මුවා වුනා. මට එතකොටයි තේරුනේ මේක ශානූ අයියගෙ හොර වැඩක් බව. 

ශානු අයියේ ඇයි මේ…

ලස්සන බලන්න….


එහෙම කියලා ශානු අයියා මං දිහා අමුතු විදිහට බැලුවා. දිය බේරෙමින් තිබු ,මගෙ ඇදුම් ඇගටම ඇලී ගිහින්. තෙත ඇදුමුන් ශරීරය කැපී පෙනුනා. මම ඉක්මනින් තුවායක් අරන් පොරව ගත්තා.

මොකද්ද ඒ කලේ..

ඔයා නම් හොදටම නරක් වෙලා ශානූ අයියේ..


මං එහෙම කිව්වෙ බිම බලාගෙන. 

කවුද දන්නෙ නෑ මාව නරක් කරන්නෙ. තව නරක මොකුත් කලෙ නෑ.


ශානූ අයියා මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා.


අනේ.. ශානූ අයියේ තිවංක අයියලා දකී.

හැම එකටම නිදහසට කරුනු තියේ නේද? ඔහෙ දැකපුදෙන් ඕනි නිසානෙ බලන්නෙ.

අනේ….


ශානූ අයියා මාව තදින් තුරුලු කර ගත්තා. නැවතත් මගෙ දෙතොල් සිප ගත්තා.

ශානුවෝ. සබන් හොයන්න කොම්පැනියටම ගියාද?


තිවංක අයියා දොලේ ඉදන් කෑ හැහුවා. මම තුරුලෙන් මිදෙන්නට උත්සහ කලත් ශානු අයියා මට යන්න දුන්නෙ නෑ. 

ඔව් හුගක් දුර ඉන්නෙ තව වෙලා යයී.

ශානූ අයියා එහෙම කිව්වෙ මගෙ මුන දිහා බලාගෙන ලෝභ කමින්. මම ශානු අයියගෙන් මිදිලා දොල පැත්තට ගියා. 

සබන් පෙට්ටිය දාලා ඇවිත්නෙ. මං ගෙදර ගියා ගේන්න.

එකෙනුත් හොදක් වුනා නේ..


තිවංක අයියා එහෙම කියද්දි මගෙ මුන රතු වුනා. එයාලටත් තේරිලා. මට ශානු අයියත් එක්ක පොඩි කේන්තියකුත් ආවා.

ඔව් ඔව් .. සෑහෙන්න වාසී. 


මම ශානූ අයියා දිහා රවලා බැලුවා. හවස ශානු අයියලා ගෙවල් වලට යන්න සූදානම් වෙද්දි, චූටී මාමා ආවා.


ශානු අයියත් එක්කත් ටිකක් වෙලා කතා කර කර ඉදලා, අපිත් එක්ක තේ එහෙම
බීලා යන්න ගියා. දැන් අපේ පවුලේ ශානු අයියා නොදන්න කෙනෙක් නෑ. මට ඉගන ගන්න උදව් කරන්නෙ එයා කියලා හැමෝම දැනගෙන හිටියා. චූටි අම්මලා එහෙම ඒකටත් තරහෙද මංදා එයාට ආයෙත් දරුවෙක් ලැබෙන්න කියලා, ආච්චි අම්මට එහෙ එන්නලු මාව යාලුවෙක්ගෙ ගෙදර ඉන්න කියලා. ලැජ්ජ නැතුව ගෑනු ළමෙක්ට පිට ගෙවල් වල ඉන්න කියනවනේ. ලොකු අම්මවත් එයාගෙ පුතා එක්ක ගිහින් තිබුනා ,අක්කට තනියෙන් දරුවා බලා ගන්න බෑ කියලා.

මම පංතිවත් ,ස්කෝලේවත් පාඩු කර ගත්තෙ නැහැ. පුරුදු විදිහටම යාලුවන්ගෙ ගෙවල් වල යමින් ඉගෙනීම් කටයුතු කර ගෙන ගියා. ශානූ අයියගෙයී යාලුවන්ගෙයි උදව් නිසා මම සතුටින් ඉගෙනීම් කටයුතු කලා. දැන් ශානු අයියලාගෙ ගෙදරත් සාමකාමී. මම නිතරම එහෙ ගියා. ශානු අයියා හරි කැමති වුනා මං එහෙ එනවට. 

ඊ ළග කොටසින් හමු වෙමු

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 07:15 AM
  •  Quote
  •  Reply
ශානු අයියගෙ තිබුණ කේන්තිය කොහෙද ගිහින් තියෙන්නේ
ඒපාර රණ්ඩු නැතුව ආදරෙන් ඉන්නේ
1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Oct 2016 07:15 AM
  •  Quote
  •  Reply
දැන් නම් love එක නගලම යනවා වගේ නෙහ්
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 10:14 AM
  •  Quote
  •  Reply
ලව් එක නැගල යන්නෙ චෙක් කොර ගන්නද දන්නෙත් නැහැ
1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Oct 2016 01:02 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 03 Oct 2016 10:14 AM
ලව් එක නැගල යන්නෙ චෙක් කොර ගන්නද දන්නෙත් නැහැ


ඔව් හැබැයි ඒක කියන්නත් බෑ තමයි 
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 01:52 PM
  •  Quote
  •  Reply

හී ඒක තමා

 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 02:29 PM
  •  Quote
  •  Reply
…… කදුලත් සැනසුමක්…….

42. වන කොටස.


    එහෙ ඕනිවටත් වඩා නිදහස තිබුන නිසා. මම ශානූ අයියට නිතරම විහිලු කලා. “ මාත් අම්මෙක් තාත්තෙක් ළග හොද පවුලක ඉන්න තිබුනේ ඔයා මේ කෝලං කරන්නෙ කොහොමද බලන්න” කියලා. එහෙම වුනත් මං ඔයාව උස්සනවා. ඒක තමා ශානූ අයියගෙ උත්තරය වුනේ.

     කාලය කෙමෙන් ගිවී ගියා. අම්මා මම බලන්න ගමේ ආවා. දැන් චූටී මල්ලිට මාස අටයි. හරිම හුරුතල් වයස. එයාගෙ හුතලයත් එක්ක දවස් දෙකක් ගෙවිලා ගියා . අම්මලා ගෙදර යන්න සූදානම් වුනා. මට එදා පංති දවසක් නිසා මමත් අම්මාත් එක්කම පිටත් වුනා. මම එදා කලින්ම පංතියට ගියා. ටික වෙලාවක් යද්දි ළමයි දෙතුන් දෙනා එන්න පටන් ගත්තා. නයනි ,ගීත්මයී ඈත තියාම එනවා මම දැක්කා. 

ශදියෝ.. අද කලින්ම මොකො

චුට්ටක් කලින් ආවා බං..

මේ ගීත්මටත් ඔනිලූ ඔබලගෙ දොළෙන් නාන්න. 

ඉතිං වරෙල්ලකො. සල්ලි ගන්නෙ නෑ මම. 

එදා නම් මරු නේද බං.


     මාස ගනකට කලින් නයනී ,තිවංක අයියයි අපේ ගෙදර ඇවිත් ගත කරපු විදිය, නයනි ආසාවෙන් විස්තර කලා. අගෝස්තු නිවාඩුවත් කිට්ටු නිසා ,දවසක අපේ ගෙදර එන්න කට්ටිය තීරනය කලා. අපි හුගක් සතුටු වුනා ඒ දවස මතක් කරලා. එත් පංතිය ඇරෙනකොට මට ලොකු හිසදයකින් පෙලුනා. එක නිසා මම ශානූ අයියට කෝල් කලේ ගෙදර ඇරලන්න පුලුවන්ද කියලා අහන්න. එයා මට කිව්වා එයාලගෙ ගෙදර යමු කියලා. කොහොම හරි දහවල් එක කිට්ටු වෙද්දි අපි ශානූ අයියලාගෙ ගෙදර ගියා. මට ඕනි වුනේ ටිකක් නිදා ගන්න .ඒත් අපි එහෙට යද්දි කවුරුත්ම ගෙදර හිටියෙ නැහැ. ශානු අයියා යතුර හොයාගෙන දොර ඇරියා. 

කෝ ශානූ අයියේ අම්මලා.

ටවුන් ගිහින් ඇති. අද නංගිට පංති දවසක්.


ඉක්මනට එයි නේද .


මම ගෙට ගිහින් පුටුවකට බර වුනා. 

ඔලුව හුගක් රිදෙනවා ශානූ අයියේ. 

අවුව සැර නිසා වෙන්න ඇති. ඉන්නකො පැනඩෝල් දෙකක් දෙන්න. 


     ශානූ අයියා අම්මලගෙ කාමරයට ගිහින් මට පැනඩෝල් හොයන්න සේරම බාස්කට් පෙරලනවා මට ඇහුනා. සාලේ කොනක ශානු අයියලාගෙ තාත්තා නිදා ගන්න වැල් ඇද තිබුනා. මම ඒ ඇදට ගිහින් ටිකක් ඇල වුනා. ටිකකින් ශානූ අයියා මට පැනඩෝල් දෙකකුයි වතුර එකකුයි ගෙනත් දුන්නා.

මේ දෙක බීලා ටිකක් නිදා ගන්න.


      මම පැනඩෝල් දෙක බීලා එහෙන්මම ඇලවුනා. මට හොදටම නින්ද ගිහින්ලා. මම එක පාරටම නින්දෙන් ඇහැනා. මට හොදටම දාඩිය දාලා රස්නයට. ශානූ අයියා මව තුරුලු කරන් හොදටම නිදි. මට එක පාරට හිතා ගන්න බැරි වුනා. ඒත් ඒකෙ මට ලොකු අමුත්තක් දැනුනෙ නෑ. ශානු අයියා කොයි වෙලේද අවස්තාවක් එන්නෙ කියලනෙ ඉන්නෙ ,මාව තුරුලු කර ගන්න. මම හිමි සීරුවෙ ආදරෙන් ශානූ අයියගෙ ඔලුව අත ගෑවා. 

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….


      ශානු අයියා අඩ නින්දෙන් ඔලුව මගෙ පපුවට තද කර ගත්තා. එතකොට මගෙ මුලු ඇගට මොකක්දෝ දෙයක් සිද්ද වුනා. මට ශානු අයියව ඇහැරවන්න හිතුනෙ නෑ. ඒත් අම්මලා එයි කියලා එකපාරටම මට බයහිතුනා. වෙනදට අපි දෙන්නා තනියෙන් ගෙදර හිටියත් ටීවී බැලුවා නැත්තම් කෑම උයාගෙන කෑවා, ඒත් නැත්තම් තුරුල් වෙලා කතා කර කර හිටියා. මේක මට අලුත් අත්දැකීමක් වුනේ ඒකයී. 

ශානූ අයියේ.. ශානූ අයියේ….

ඈ……


මම ශානු අයියගෙ මිදිලා ඇදේ වාඩි වුනා. 

ඇහැරෙන්නකො ළමයො හවස් වෙලා. 

එන්නකෝ තව ටිකක් නිදා ගන්න.


       ශානු අයියා මාව ආයෙත් ඇදේ හාන්සි කරන්න හැදුවා.


බෑ බෑ අම්මලා එයි කෝ .. මට යන්න දෙන්න.


         මම ඇදෙන් නැගිට්ටා. ශානු අයියා ඇදේ ඉදගත්තෙ ඇගමැලි කඩමින්. ශානු අයියා නිදා ගන්න කලින් අම්මලට කෝල් කරලා.. අම්මලා මාමලාගෙ ගෙදර ගිහින්ලූ.ඒක නිසා මම ශානු අයියට කිව්වා අපේ ගෙදර යමු කියලා. මොකද සමහර දවස් වලට ශානු අයියා අපේ ගෙදර රෑ ඉන්න එනවා. ලොකු අම්මත් නැති නිසා ලොකු අම්මගෙ කාමරේ නිදා ගන්නවා. ශානු අයියා අද බෑ කිව්වා. රෑ වෙන්න කලින් මාව ගිහින් අරලින්නම්, පුලුවන්නම් කන්න මොනවා හරි උයලා දෙන්න කිව්වා. ඔලුවේ කැක්කුම අඩු නිසා ඇග හෝදන්න ඕනි කියලා මට හිතුනා. ශනු අයියා කම්මැලියා වගේ තාම නිදි කිරනවා.

ශානූ අයියේ. ඇග ටිකක් හෝද ගත්තා නම් හොදයී.

ඉතින් හෝදමු. හැබැයි මට බලං ඉන්න ඕනී. 

ආ මේන් කෝලං .ලැජ්ජා නැද්ද කෙල්ලො නාන දිහා බලන් ඉන්න. 

මගෙ කෙල්ලනේ. 


      මම කුස්සියට ගිහින් ලිප ඇවිලෙව්වේ උයන්න. වතුර කේතලය ලිපෙන් තියලා මම හාල් ටිකක් හෝදලා ලොකු ලිපෙන් තිබ්බා. ශානූ අයියත් අස්සට ඇවිත් මට උයන්න දෙන්නෙ නැහැ. තුරුල් කර ගන්නවා , කොනිත්තනවා ,සිප ගන්නවා, පිස්සු වැඩ හුගයි. හරියට පොඩි ළමෙක් වගේ හුරතල් වෙනවා. අමාරුවෙන් කියලා කියලා ඇගහෝදන්න වතුර බාන්න ලිද ලගට යැව්වා. උයලා ඉවර වෙලා මම දියරෙද්දත් ඇදගෙන තුවාය කරේ දාගෙන ලිද ළගට ගියා. ශානූ අයියට යන්න කිව්වට යන්නෙම නැහැ, ඒක නිසා මම බලන් ඉන්න ඇරලා ඇග හෝදන්න ගත්තා. 


අද මෙයාව තියා ගත්තනම් හරි.


ශානු අයියා දිය බේරෙමින් හිටිය මන් දිහා අමුතු විදිහට බලාගෙන කිව්වා.

හොදට තියේවී.

ඇයි හොද නැද්ද?

මොකටද? 

සැක ඇරගන්න තිබුනා අපරාදේ..


    මගෙ හිත ලැජ්ජාවවෙන් පිරුනා. ඒත් මම ඒක හංගගෙන කතා කලා.


හොදට තියෙවී. බදින දවසට පහුවදා නැන්දම්මා මාව ගහලා පන්නයි.

ඒවා කොහෙද මාත් එක්ක. ඕවා කවුද නැන්දම්මට පෙන්නන්නෙ. මං විතරයි බලන්නෙ. 

      කතාවෙන් කතාවෙන් මම ඈග හෝදගෙන ඇග පිහදාන්න ගත්තා. ඊට පස්සෙ ශානු අයියත් ඇග හෝදන්න පටන් ගත්තා මම ගෙට ගිහින් ඇදුමක් දා ගත්තා. දැන් හතර වටින් අදුර වැටීගෙන එනවා. ශානු අයියලාගෙ ගේ තිබුනේ අනිකුත් ගෙවල් වලින් හුදකලා වෙලා. වටේ තිබුන රූස්ස ගස් නිසා අනිත් තැන් වලට කලින් ඇදිරි වැටුනා. මම ගෙදර යන්නත් ඕනී නිසා ජනෙල් සේරම වහලා දැම්මා. මම ජනේල පියනක අගුල දමින් ඉන්න කොට ශානූ අයියා පිටි පස්සෙන් ඇවිත් මගෙ බද වටේ අත් දා ගත්තා. 

සුදු මැනික..

හ්ම්ම්ම්ම්ම්ම්ම්

අද ඔයාට කියන්න නිදහසට කරුනු නැද්ද. 

නෑනේ.. 

හොද වැඩේ.

යමුද දැන් අපි.

හදිස්සිද. අද ඉන්නකෝ.

පිස්සුද ශානු අයියේ.


      මම ශානූ අයියගෙ පැත්තට එක පාරටම හැරෙමින් ඇහුවා. 

ඔයාට මාත් එක්ක ඉන්න බයද. 

නෑ.. ඒ…..


     තවත් මට කතා කරන්න ඉඩ ලැබුනේ නැහැ. මගෙ දෙතොලට තවත් සෙලවෙන්න ශානූ අයියා ඉඩ දුන්නෙ නැහැ. මට මොනවා වුනාද හිතා ගන්න බෑ. මට ඒ ග්‍රහනයෙන් මිදෙන්න ඕනි වුනේත් නැහැ. 


      පසු දින උදා වුනා, මම ශානූ අයියගෙ නිරුවත් පපුව මත හිස හොවාගෙන හිටියා.මම ශානූ අයියා එක්ක මුල් රාත්‍රිය ගෙවලා තිබුනා. එදා රාත්‍රිය මගෙ ජීවිතය වෙනස්ම මාර්ගයකට යොමු කලා. තව දුරටත් මම කන්‍යාවක් නොවන බව මතක් වුනත්, මට ඒ ගැන කිසිම වේදනාවක් තිබුනේ නෑ. මම තවත් ශානු අයියගෙ තුරුලට ගුලි වෙමින් නිදා ගත්තා. මං වැරදී කියලා මට හිතුනා, ඒත් මම ඒක අමතක කරන්න උත්සහ කලා.

සුදු මැනික…..

හ්ම්ම්ම්ම්

දුකයිද රත්තරං.

නෑ මගෙ අයියේ . මට සතුටුයි . ඔයාගෙ සැකෙ වත් දුරු වුනානේ. 

මට ඒ දේ බලන්න ඕනි වුනේ නැ. මං දන්නෙ නෑ මට මොනවා වුනාද කියලා.

කොහොම හරි මාව තියා ගත්තා නේද?


     මම ශානු අයියව තුරුල් කර ගනිමින් කිව්වා. මම නැගිටලා තේ හදන්න කුස්සියට ගියා. ශානු අයියත් මගෙ පසු පසම කුස්සියට ආවා. මම තේ හදන කොට ශානු අයියා මගෙ ළට ඇවිදින් නතර වුනා. ශානු අයියගෙ මූනේ ලොකු දුකක් තිබුනා

සුදු මැනික.

ඇයි ශානු අයියෙ දුකින්..

ඔයා පව් මගෙ මැනික. 

මං පව් නෑ අනේ. ඔයා ඉන්නෙ මට.

ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 02:57 PM
  •  Quote
  •  Reply
ශානු ඕනෙ උනේ සැකේ ඇර ගන්න කොහෙම හරි ඒකෙනුත් ලිස්සල ගියා නේද
දැන් හරිනේ ඔක්කොම හරි
1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Oct 2016 01:27 AM
  •  Quote
  •  Reply
ස්තුති මේ කොටසටත්..

ඉක්මනට ඊලග එකත් දාන්නෝ එහෙනම්
1

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
04 Oct 2016 03:51 AM
  •  Quote
  •  Reply
අනේ අම්මපා මෙහෙමත් ළමයි... ඉස්කෝලෙ යන කාලෙ සැක හැර ගන්නවද 
Business, you know, may bring money, But friendship hardly ever does.
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 09:14 PM
  •  Quote
  •  Reply

මම මොකුත් කියන්නෙම නෑ මයි

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 09:26 PM
  •  Quote
  •  Reply
…..කදුලත් සැනසුමක්….

43. වන කොටස.


මම ඔයාට ආදරෙයි රත්තරනේ. බය වෙන්න එපා මං ඔයාව කවදාවත් තනි කරන්නෙ නැ.


  ශානූ අයියා මාව තුරුල් කර ගනිමින් කිව්වා. 

මම ඒක දන්නවා මගෙ ශානූ අයියේ. මාත් ඔයාට ආදරෙයි. 


     අපි වැඩිය දවල් වෙන්න කලින් ගෙදර එන්න පිටත් වුනා. ශානූ අයියලාගෙ අම්මාලා එද්දි අපි එහෙ හිටියොත් සැක හිතෙන නිසා. ශානූ අයියා මව ගෙදරට ඇරලලා ගියේ හිතකින් නෙමෙයී. එක රැයක් ආදරෙන් තුරුලු වෙලා හිටිය අපි දෙන්නා, පහු වෙනිදා ඉදන් දෙතැනක ජීවත් වුනා. අපි අපහසවෙන් සතියක් ගෙවා දැමුවා.


මගෙ සුදු මැනික. අද නම් ඔයා අපේ ගෙදර එන්නම ඕනී.

ඔයාලගෙ ගෙදර…

ඇයී. එනවා නේද? .

හැබැයි එදා සෙල්ලම් බෑ හොදේ. මට ඔහෙ එන්නත් නැති වෙන වැඩක් ඕක.

අපිට එහෙම නොකර ඉන්න තිබුනේ සුදු මැනික. මට දැන් මෙහෙ තනියෙන් ඉන්න හිතෙන්නෙ නෑ.

එහෙම කියලා බෑනේ. ශානූ අයියෙ. අම්මලා දැන ගත්තොත් මව ගහලා පන්නයි.


     මාව එදා හවස එක්කන් යන්න ශානූ අයියා ආවා. ගෙදරට ගිය වෙලාවෙ ඉදන් ශානූ අයියා මගෙ ළගින් හෙල්ලුනේවත් නෑ. රැ දහයත් පහුවීගෙන ආවා අපි තවම රූපවාහිනිය ළග ඉදගෙන.

 
පුතේ අද නිදා ගන්නෙ නැද්ද? . ඔය දුවට නිදි මත ඇති.


ශානූ අයියලාගෙ අම්මා බලාන ඉදාලා එපාම වෙලාද කොහෙද ඇහුවා. මම ශානූ අයියලාගෙ ගෙදර ඉන්න දෙවෙනි දවස, ශානූ අයියගෙ අම්මා දන්නෙ නෑ ගිය සතියෙ සෙනසුරාදා රෑත් මම මෙහෙ හිටිබව. අම්මා මං නිදියන්න එක්කන් යන්න බලාගෙන හිටියා. මං යන්න හැදුවත් ශානූ අයියා මට යන්න දුන්නෙ නැහැ.


අම්මා නිදා ගන්න. ඉතිං අපි නිදා ගන්නම්.

මං මේ දුව එනකන් ඉන්නෙ.

එයා මගෙ කාමරේ හිටපුදෙන්.


     ශානු අයියා ගානක්වත් නැතුව එහෙම කියද්දී, අම්මගෙ ඇස් දෙක උඩ ගියා.

පිස්සුද පුතේ..

මං කිව්වනෙ අම්මෙ.

ඕනී මගුලක් කර ගන්න එකයී.


      ශානූ අයියලාගෙ අම්මා , ශානූ අයියට බැන බැන යන්න ගියා. ශානු අයියා කිවොත් කිව්වා කියලා ගෙදර හැමෝම දැනගෙන හිටියා. එයාගෙ වචනය වෙනස් කරන්න කවුරුත් උත්සහ කලේ නැහැ. මගෙ හිතට නම් හරි නැහැ මේ වුන දේ. මම කොහොමට හෙට මේ මුනිස්සුන්ට මූන දෙන්නෙ. මට බයක් වගේම දුකක් ඇති වුනා . ටික වෙලාවකට පස්සෙ ශානු අයියා මාව එයාගෙ කාමරයට එක්ක ගියා. මම හිටියෙ හෙට දවස ගැන කල්පනා කරමින්, ශානූ අයියා මගෙ තුරුලේ දැවටුනත් මන් ඒවට ප්‍රතිචාර දැක්වුවෙ නැහැ. මගෙ හිත ඇතුලින් හඩා වැටුනා.” මමත් අම්මෙක් තාත්තෙක්ගෙ රැකවරනය මැද හැදුනා නම් මේ වගෙ ප්‍රශ්න වලට මූන දෙන්න වෙන්නෙ නෑනේ “කියලා .

මොනවද රත්තරනේ ඔය හැටි කල්පනා කරන්නෙ.


     ශානු අයියා රහසින් මගෙන් එහෙම අහන කොට ,මට ඇඩුම් ආවා. හිත ඇතුලේ හැගිලා තිබුන බය, දුක වගේ හැගීම් කදුලු වෙලා පිටට ආවා. 

ඔයා අඩනවා නේද සුදු මැනික.

අනේ.. ශානූ අයියේ…. 

මොකද දෙවියනේ අඩන්නෙ..

මං.. කොහොමද… හෙට… ඔයාලගෙ …අම්මට ….මූන දෙන්නේ…


කිසි අවුලක් වෙන්නෙ නෑ රත්තරං මම ඉන්නවනේ. 

ඔයාට… තේරෙන්නෙ නෑ අයියේ.

   මම මූන ශානු අයියගෙ පපුවේ හොවාගෙන ඇඩුවා. මගෙ කදුලු ශානු අයියේ පපුව මත ගලාන ගියා. 

ඔයාගේ ඕනී දේකට මම ඉන්නවා. වුන දේවල් සේරම වැරදි බව මට තේරෙනවා . ඒත් දැන් හැම දේම වෙලා ඉවරයී. එන දේකට මූන දෙමු. 


      මගෙ උණුහුම විදිමින් ශානු අයියා සුව නින්දක සිටියත් ,මගෙ ඇස් දෙකට නින්දක් ආවේ නෑ. රෑ වෙද්දි මට නින්ද ගිහින් තිබුනා. මම උදෙන්ම ඇහැරුනත් කාමරෙන් එළියට නම් ආවේ නෑ. මට ශානූ අයියගෙ අම්මාව දකින්නත් බයයී . මම නිහඩවම කාමරයට වෙලා හිටියා. පස්සෙ ශානූ අයියා ඇහැරිලා එළියට යමු කිව්වත් මම ගියෙ නැහැ. අන්තිමේ ශානු අයියගෙ පෙරත්තය නිසාම මම එළියට ගියා. දෙවියනේ අයියලාගෙ තාත්තා සාලේ ඉදගෙන ඉන්නවා. මම හිතුවෙ එතනම සිහි නැතුව ඇදන් වැටෙයි කියලා. 

ආ … දෙන්නා එළියට එනකන් තමා මං බලාන හිටියේ.


        අම්මා අපි ගැන සේරම කියලා තිබුනා. මම දවාලට මෙහෙ එනබව කොහොමත් ශානූ අයියලාගේ තාත්තා දැනගෙන හිටියා. ඊයේ රෑ සිද්ද වුන දේ ගැන ශානූ අයියලගේ තාත්තාට කේන්ති ගිහින්.

මොනවද පුතේ ඔය කරන මෝඩ වැඩ.


     අයියා නිහඩව අහගෙන හිටියා. මම බයේ වෙව්ලනවා. 

කසාද බන්දන්නත් බෑ තව ඒ ළමයා ඉස්කෝලේ යනවා නේද? දැ දුවලගෙ ගෙදරින් මේවා දන්නවද?


   ශානූ අයියලගෙ තාත්තා මගෙ දිහා බලාගෙන ඇහුවා. මම හිස සලලා නෑ කිව්වා. 

ඔය බලන්නකෝ.. අපේ මෝඩ කොල්ලට නම් පිස්සු.


     ශානූ අයියලගෙ තාත්තාට වුන දේ ගැන හිතට හරි නැහැ . හුග වෙලාවක් යනකන් ඒ දෙ ගැනම කියෙව්වා. මම පුදුම අසහනයකින් තමා කාලය ගෙවාගත්තේ. ශානූ අයියලාගෙ තාත්තා ශානූ අයියට හොදටම බැන්නා.” මේ ළමයට වැරද්දක් කරලා අහු වුනොත් මගෙ පුතා කියලා නෑ උබවයි මම අල්ල ගන්නෙ තේරුනාද, කලින්ටත් වඩා හොදට මේ ළමයා ගැන බලන්න ඕනී” කිව්වා. ශානූ අයියගෙ අම්මත් කුස්සියට වෙලා මොනවද ශානු අයියට කියවනවා මට යන්නතම් ඇහුනා.

අම්මේ ඒක මං දැක්කම ඇති. මමනේ එයා එක්ක පවුල් කන්නෙ. අම්මටත් ඕනි නම් බලන්න. ආන් අල්මාරියෙ බෙඩ් ශීට් එක ඇති.


       මම කාමරයට වැදුන පාර එලියට ආවේ ගෙදර යන්න. ඒත් මේ සිද්දියෙන් පස්සේ ලොකු වෙනසක් ඇති වුනා. ශානු අයියගෙ තාත්තා නම් එදා ඉදන්ම මට ආදරෙයි. මේ සිද්දියෙන් පස්සේ නිතරම අපි ගැන හොයලා බැලුවා. ඉදලා හිටලා දවසක බීලා ඇවිත් කෑ ගැහුවත්, වැඩිය කරදර කලේ නෑ. ගේන හැම දෙයකින්ම කොටසක් මං වෙනුවෙනුත් ගෙනාවා. මම එහෙ යන දවසක හරී, ශානූ අයියා මං බලන්න එන දවසක හරි, ඒ කොටස මට ලැබෙන්න සැලැස්සුවා. මාව පව්ලෙම කෙනෙක් හැටියට පිළිගත්තා.” මට දැන් පවුලක් තියෙනවා “ කියලා මගෙ හිත නිතරම කිව්වා.

    අගෝස්තු නිවාඩුවත් ඉවර විගෙන ආවා. අපි කලින් කතා වුන විදිහටම, මගෙ යාලුවෝ අපේ ගෙදර එන දවස උදා වුනා. මම පාන්දරින් ඇහැරලා යාලුවෝ වෙනුවෙන් කෑම හදන්න පටන් ගත්තා. උදෑසන අට පහු වෙද්දි තිවංක අයියා නයනිත් එක්ක ත්‍රීවීල් එකකින් ආවා. ශානු අයියත් නංගිවත් එක්කගෙන ආවා. පොරොන්දු වුන හැමෝම අන්තිමට ගෙදරින් එන්න දෙන්නෙ නෑ කියලා නතර වුන නිසා, තව එන්න හිටියේ ගීත්මයි, හර්ෂ අයියයී විතරයී. ගීත්මලට පාර හොයා ගන්න බෑ කියලා කෝල් කරලා කිව්වා. ඒක නිසා නංගිත් එක්ක මම ප්‍රධාන පාර ගාවට ගියා. වැඩි වෙලාවක් යන්න කලින් ඒ දෙන්නත් ත්‍රීවීල් එකක ආවා. නංගී ,මායිත් ත්‍රීවීල් එකට නැගලා ගෙවල් පැත්තට ආවේ, ආගිය තොරතුරු කතා කරමින්.

ඔය ඉස්සරහින් පේන ගේ, අපේ හර්ෂ අයියේ.


       මම හර්ෂ අයියට ගේ පෙන්වමින් කිව්වා. 
පාර අයිනෙන් නවත්වන්න අයියෙ. මිදුලට ගන්න බැරි වෙයි. 


     මම එහෙම කිව්වෙ අපේ ගෙදට එන පාර කන්දක් වගෙ නිසා.

නෑ නෑ. ඔය කන්ද මොකක්ද. ඕක අද්දනවා.


     කියාගෙන හර්ෂ අයියා ගේ පැත්තට ත්‍රීවීල් එක හැරෙව්වා. කන්දෙන් භාගයක් යනකොට ත්‍රීවීල් එක අද්දන්නෙ නැතුව ගියා. මම හිටියෙ දොරක් අයින්නෙ නිසා ඉන්න හර්ෂ අයියෙ මම බහින්නම් කියලා, බහින්න කකුලක් එළියෙන් තිබ්බා. ඒත් එක්කම නතර වෙලා තිබුන ත්‍රීවීල් එක ආපස්සට ගියා. ගිහින් නතර වුනා, ඒත් කකුල දනිස්ස ළගින් කැරකුනා. මම ඒ කකුලට බර නොදී පහලට ගියා. හැමෝම වට කරගෙන කකුලට මොකද ඇහුවා. සේරමලගෙ මුහුනු භීතියෙන් පිරිලා.

අවුලක් නෑ.


    කියලා මං කකුල උස්සන්න හැදුවා. උස්සන්න ශක්තියක් නෑ. කකුල සැහෙන්න බරයි වගේ මට දැනුනා. මම ආයෙත් උස්සන්න උත්සහකරද්දි ඔලුව කැරකීගෙන ආවා. මට සිහි නැති වෙලා. සිහිය එද්දි, මම හිටියෙ මගෙ ඇදේ වැතිරිලා, හැමෝම මාව වට කරගෙන පවන් ගහනවා වතුර ගහනවා. ශානූ අයියා මගෙ ළග ඉදගෙන, හොදටම බය වෙලා බලාගෙන ඉන්නවා. මට හැමෝම පෙනුනේ බොද වෙලා. ටිකකින් මම හොද සිහියට ආවා. 

ඇයි මේ …මට අමාරුවක් නෑ. ඔයාලා තේ බිව්වද.


         මම ඇදේ ඉද ගන්න ගමන් ඇහුවා. මගෙ කකුල හිරි වැටිලා වගේ තියෙනවද නැද්ද දැනුනේ නෑ.


සුදු අම්මේ මෙයාලට තේ හදලා දෙන්නකො. මම ඔයාලට ඉදි ආප්ප හැදුවා කන්නකො ගිහින්.

අනේ ශදියෝ. අමාරුවක් නෑ නේද.


     ගීත්මා ඇහුවෙ අඩන්න වගෙ මූන හදාන. එයා හොදටම බය වෙලා එයාලගෙ ත්‍රීවීල් එකේ එද්දිනේ මේක වුනේ.

අනේ නෑ බං .ඔබලා ගිහින් කාපල්ලා. 


        ආච්චි අම්මා තෙල් බෝතලක් ගෙනත් ශානූ අයියගෙ අතට දුන්නා. ශානූ අයියා මගෙ ළගින් හෙල්ලුනේවත් නෑ. තෙල් ගාලා ඉවර වෙලා කකුල් පහලට දාලා මම වාඩී වුනා. යන්තම් කට්ටියගෙ හිත හැදුන නිසා හැමෝම උදේ කෑම ගත්තා. ශානු අයියා මටත් කවමින් මගෙ ළට වෙලා කෑම ගත්තා. ටිකකින් මම ශානු අයියගෙ වාරු ඇතිව කාමරෙන් එළියට ආවා. අඩිය තියද්දි දනිස්ස ලගින් ලොකු වේදනාවක් ආවා. ඒත් සතුටු වෙන්න ආපු යාලුවන්ගෙ සතුට නැති වෙන නිසා ,මම රිදෙන බව කිව්වෙ නැහැ. පුටුවක ඉදගෙන එයාලා එක්ක සතුටු සාමිච්චියෙ යෙදුනා. දවල් කෑමට කලින් කට්ටිය නාන්න යන්න සූදානම් වුනා. නොගිහින් බැරි නිසා මමත් අමාරුවෙන් එයාලා එක්ක ගියා.. ශානු අයියගෙයි නයනිගෙයිවාරුවෙන් පාරට ගිහින් ,ඉතුරු ටික බයික් එකේ ගියා. ගෙට පල්ලෙ දොල ගැබුර නැති නිසා අපි ටිකක් දුර තැනකට නාන්න ගියෙ.


       එතන හරිම ලස්සනයි මමත් කවදාවත් එතනින් නාලා තිබුනේ නැහැ, හොදයි කියලා අහලා තිබුනට. ඒ දොළට උඩින් ලස්සන පාලමක් වැටිලා තිබුනා. ඒක ගෙදරකට යන්න අදපු පුංචි දිග පාලමක්. දෙපැත්තෙන් අත් වැටවල් දෙකක් ගහලා තිබුන ඒ පාලම , දොළ පාරේ අසිරිය තවත් වැඩි කලා. වටේම තිබුන ගස් නිසා දොළටවත් පාලමටවත් ලොකු හිරු එළියක් වැටුනේ නෑ. එතන දොළ ගෙල දක්වා ගැබුරු වුනා. ශානූ අයියා මාව වාරු කරන් ඇවිත් පාලම උඩ වාඩි කලා. මම අත් වැට අතරින් දොළ දිහා බලාගෙන හිටියා. ශානු අයියත් , පාලමේ අත් වැටට වාරු වෙලා මගෙ ළගට වෙලා ඉන්නවා. 

ඔයා නාන්නෙ නැද්ද ශනූ අයියේ. 

ඔයා ඔහොම ඉද්දි මට නාන්න බෑ. 

මට අමාරු නෑ අයියේ. සුදු අම්මා තෙමා ගන්න එපා කිව්වනෙ නැත්තම් මාත් පහළට එනවා. ඔයා නාන්නකෝ. කට්ටිය පවුනේ. 

හා එහෙනම් ඔහොම බලං ඉන්න සුදු මැනික.


    ශානූ අයියත් පහලට ගියා. අද ගීත්මා දොළට බහින්න බෑ කියලා කැ ගහනවා. හර්ෂ අයියා ගීත්මා කෑ ගහද්දි ඇදලා ගත්තා. කට්ටිය දොළ පුරා දගලමින් කෑ ගහනවා. 

ශදී නංගියෝ ඔයත් එන්නකො.

ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
04 Oct 2016 11:38 PM
  •  Quote
  •  Reply
අනේ පව් කෙල්ලගෙ කකුල...මොකක්ද මේ එක පාරටම කෙල්ලගෙ කකුලට කලේ ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0
Add Reply
Page 13 of 16 << < 1112131415 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below