You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 10 of 16 << < 89101112 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Sep 2016 01:38 AM
  •  Quote
  •  Reply
සේන බාප්පා හරි දුෂ්ඨයෙක්නේ.. බොහොමත්ම ස්තූතියි මේ කොටසට..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Sep 2016 06:39 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 24 Sep 2016 01:38 AM
සේන බාප්පා හරි දුෂ්ඨයෙක්නේ.. බොහොමත්ම ස්තූතියි මේ කොටසට..
ඒක නේන් නම්...........

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Sep 2016 10:54 AM
  •  Quote
  •  Reply
ඉයේ කිව්ව වගේ අපි එකතු වෙලා උට ගහමු
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Sep 2016 11:36 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 24 Sep 2016 10:54 AM
ඉයේ කිව්ව වගේ අපි එකතු වෙලා උට ගහමු

ඒහෙනම් මේ පැත්තට ඒන්න වෙනවා...........
දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Sep 2016 11:43 AM
  •  Quote
  •  Reply
බාප්පා චන්ඩියා නේද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Sep 2016 12:36 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 24 Sep 2016 11:43 AM
බාප්පා චන්ඩියා නේද
අපේ බාප්පද? හී

චන්ඩී ලග නොන්ඩියා...


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Sep 2016 01:26 AM
  •  Quote
  •  Reply
.... කදුලත් සැනසුමක්.....

29. වන කොටස.

මොනවා කියන්නද?

මොනවා කියන්නද? හ්හ්.. මේකි තාම ඒක නවත්තලා නෑ. ඌත් එක්ක මගුලේ වල යනවා. 

ඔව් නවත්තලා නෑ . නවත්තන්නෙත් නෑ. ඔබට පුලුවන් දෙයක් කරපන්.

මොකද්ද හු..... කිව්වේ.

 
     සේන බාප්පා පැන්න ගමන් මට ගහගෙන ගහගෙන ගියා. මාන් කට වැහුවෙ නෑ. අම්මත් මැද්දට පැනලා පොරය නවත්වන්න උත්සහා කලා. අම්මටත් පාරවල් කීපයක් වැදුනා. කට්ටියම මැද්දට පැනලා ගහන එක නවත් වන්න උත්සහ කරපු නිසා මට ගහන්න බැරි උන පාරවල් අම්මට වැදුනේ.

ගහලා මැරුවත් මං තොට ඕනී ඒවා නම් කරන්නෙ නෑ. මරපිය.... මං නවත්වන්නෙ නෑ.. නෑ... නෑමයී...


     කට්ටිය සේන බාප්පව තල්ලු කරන් ගිහින් එලියට දාලා දොර වැහුවා. මගෙ තොල පුපුරලා ලේ එනවා. ඇහැකුත් රිදෙනවා. මූන සීරිලාද කොහෙද දනවා. 
සේන බාප්පා මට බනිමින් ගේ වටේ යනවා. ජනෙල් වලට ගහනවා කාමරේ ජනලයට දුන්න පාරට වීදුරුව බිදිලා සලසලාන් ගාලා බිම වැටුනා. කට්ටියම බය වෙලා. චූටී බාප්පත් මට බනින්න ගත්තා.

මේ කාලකණ්ණී කෙල්ලට මගුල් විසේ ගහලා. මෙච්චර රංඩු වෙනවා. පාඩුවෙ ඉන්න බැරි හැටියක්. මේකිට ඕනී අම්මව මරා ගන්නද කොහෙද." ඇටෙන් පොත්තෙන් එළිය එද්දී මිනිස්සු හොයා ගන්නවා". අම්මා වගේ ම නැතෑ දූත්.


    මං තවත් කතා කලේ නෑ. මට හිතුනේ වරදකාරි මං කියලා මං බිම ඉදගෙන බිත්තියට හේත්තු වෙලා ඇඩුවා. සේන බාප්පා සාමදානෙන් කතා කරලා දොර ඇරවගෙන ආයෙත් ගේ ඇතුලට ආවා. මං බයටම නැගිට්ටේ ඊළගට මොනවා වෙයිද කියලා.

තෝ තවත් ජීවත් වෙන්න ඕනී නෑ .තෝව මරනවා මං අද..

.
   සේන බාප්පා මගෙ ලැගට ආවේ ඉනේ හංග ගත්ත උල් පිහිය එලියට අරන් මට දික් කරගෙන. මට කරන්න ඕනී මොකක්ද්ද මතක් වුනේ නෑ. මරණ බයෙන් ඇග සීතල වෙලා ගියා. එහෙත් මම බිත්තියට හේත්තු වෙලා කෑ ගැහුවා. ආයෙත් කට්ටිය පොර කාලා සේන බාප්පව එළියට දැම්මා.

ඕකී ළග පෝන් එකක් ඇති හොදට ඕකිගෙ ඇදුම් අස්සෙ ඉදන් බලපියව්. මහ හු.... තෝ තමා ඕකිව හදා ගන්න දෙන්නෙ නැත්තේ.

හදන්න කියලා මරලා හරියනවද සේන...

කියන දෙයක් අහනවද ඔය හු..... කියන ඒවට මරන්න තමා වෙන්නෙ.

මගෙ කරුමේ....... වෙන මොකක්ද්ද.


      අම්මා අදොනාව කියවමින් අඩන්න පටන් ගත්තා. සේන බාප්පා එළියට වෙලා අපිට බනිනවා. අම්මයී නැන්දයී හැම තැනම පෝන් එක හොයනවා. කොහෙ හෙව්වත් හම්බ වුනේ නැ. මං හිතුවේ ඒකත් අහු වෙයි කියලා. සිතාරා අක්කා බයටම පෝන් එක දුමේ වලදක් අස්සෙ හංගලා.


      සේන බාප්පා දැන් සද්ද නෑ. ටික වෙලාවක් නිහඩව ගෙවිලා ගියා. චූටී බාප්පා මං එපා කියද්දි කුස්සිය පැත්තෙන් දොර ඇරියා. අපි සේරම බයට දොර ළග රොක් වෙලා හිටියෙ. දොර අරිනවත් එක්කම සේන බාප්පා පොවක් උස්සගෙන ගෙට පැන්නා. කාටවත් හිතා ගන්න බෑ. කෙලින්ම මට කොටන්න පැන්නේ. මං එහෙට මෙහෙට පැන්නේ බයෙන් වෙව්ලමින්. කට්ටිය ආයෙත් සේන බාප්පා එක්ක පොර කද්දි මං ගෙයින් එළියට පැන්නා. ගේ පිලිකන්නට ගියා. ගේ ඇතුලේ මහ ඝෝසාවයී . වටපිටාවේ කට්ටියත් ඇවිත්. ඒත් කවුරුත් ළගට ආවේ නෑ. ආයෙත් අමාරුවෙන් සේන බාප්පව එලොයට දාලා දොර වහනවා මට ඇහුනා.
මාත් දැන් එලියේ. අද නම් මට පොරෝ පාර කාලා මැරෙන්නම වෙනවා. සේන බාප්පා කොහෙන්ද එන්නෙ කියලා දෙපැත්ත බලමින් මං අන්තිම මොහොත කියලා හිතලා ශානු අයියව මතක් කර ගත්තා. ටික වෙලාවක් ගියත් සේන බාප්පා නැති නිසා මං හිමින් හිමින් කුස්සිය පැත්තට ආවා. දොර වහලා. ගැහෙන හදවතින් දොරට ගහමින් කෑ ගහන්න ගත්තා. 

අනේ අම්මේ.... දොර අරින්න. ඉක්මනට ....නැන්දේ දොර අරින්න.... මාව මරන්න කලින් දොර අරින්න. අනේ එනවා ඉක්මනට අරින්න.


     සේන බාප්පා මාව දැකලා පොරව උස්සගෙන දුවන් එනවා. මං දොරට ගහමින් කෑ ගැහුවා. එතකොටම දොර ඇරුනා. මං ගෙට ගියා, කට්ටිය අමාරුවෙන් දොර වහ ගත්තේ. සේන බාප්පා දොර වහන්න නොදි ගෙට එන්න උත්සහා කලා. අන්තිමට අමාරුවෙන් එලියට දාලා දොර වහ ගත්තා. එදා එළිවෙනකන් සේරමලා මට වට කරගෙන මට බැන්නා. පහුවදා එළි වෙනකොට අම්මා මගෙ ඇදුමක් මට ගෙනත් දීලා ඇද ගන්න කිව්වා.

ඇයී අලුත් එකක්. 

ගමේ යන්න. ඔබ මෙහෙ හිටියොත් මැරුම් කනවා. මට මිනිහත් නැති වෙනවා. උබත් නැති වෙනවා.

සුදු අම්මා ළගටද?

එහෙ තියන්න බෑ පිරිමියෙක් නැතුව මල්ලිගෙන් අහලා බලන්න ඕනී .


        ඕනී තැනක මෙහෙ නැතුව. මං සද්ද නැතුව ඇද ගත්තා. අම්මා රෙදි වගයකුත් බැග් එකට දාන් ඇවිත් තිබුනා. කට්ටිය වැඩි නිසා ශානූ අයියට පණීවිඩය දෙන්න විදිහකුත් නෑ. අපි ගමෙ එන්න පිටත් වුනා. තිබුන බය නිසාම මං පෝන් එක ගත්තේ නෑ . සිතාරා අක්කට කිව්වා පනිවිඩය කියන්න කියලා. 


       අපි කෙලින්ම ආච්චි අම්මලාගේ ගෙදරට ආවා. අම්මා ආච්චි අම්මායී,ලොකු අම්මයී එක්ක සේරම විස්තරය කිව්වා. පැය භාගෙකින් විතර අම්මගෙ මල්ලි චූටී මාමා එහෙට ආවා. මං චූටී මාමාට හුගක් බයයී. මං විතරක් නෙමේ පවුලේ සේරම වගේ බයයී. එයා ගමේ නමක් තියාන ඉන්න කෙනෙක්. කවදාවත් කාගෙන් වත් ගුටි කෑවා කියලා ආරංචි වෙලා නෑ. ඒත් එයාගෙන් කවුරු හරි" අම්බානට කාලා" කියලා ආරංචි වුනොත් මිසක් . අපේ පවුල ගමක සාමාන්‍ය පවුලක්. වැඩි වත්පොහොසත් කම් තිබුනෙ නෑ. 
අම්මා චූටී මාමත් එක්කත් සේරම විස්තරය කිව්වා. චූටී මාමා මාව භාර ගන්න කැමති වුනා.චූටී මාමාගේ බිරිද වැඩට යන නිසා මාව එයාලහෙ ගෙදර එක්ක යන්න බෑ කිව්වා. ආච්චි අම්මලාගේ ගෙදරම ඉන්න කිව්වා.

 
     චූටී මාමලාගේ ගෙවල් තිබුනේ ඒ ගමේමයී. ගෙදරට කවුරු ආවත් චූටී මාමට ආරංචී වුනා. අම්මා චූටි මල්ලි එක්ක හවස් වෙන්න කලින් යන්න ගියා." මේකි සත පහකට විශ්වාස නෑ" කියලා බෑග් එකේ ඇදුම් ටික ඇදේ හලලා චෙක් කරලා බැලුවා. හොද වෙලාවට පෝන් නොගෙනාවේ කියලා මං හිතින් මෙනෙහී කලා. 
අම්මා ගියාට පස්සෙ චූටී මාමා ආයෙත් ආවා.

සුදු දූ පොඩ්ඩක් මෙහෙට එන්න.


චූටී මාමා කතා කරද්දී මං ගියෙ බයෙන් බයෙන්. මං තවම චූටී මාමා දිහා බලලා කතා කරලා නෑ. ඒ තරමට මම බයයී. මං චූටී මාමා ඉස්සරහට ඇවිත් " ඉස්කෝලේ ලොකු සර්" ගාව ඉන්නවා වගේ බිං බලාගෙන හිටියා.


සුදු දූ. මට ඇත්ත සිද්දිය කියන්න. ඔය සේනයගෙ හැටි මං දන්නවනේ.

    අම්මා කිව්වා හරී චූටී මාමේ.


චූටී මාමාගේ පෙරැත්තය නිසා. මට පුලුවන් හැටියට සේන බාප්පා ගැන කිව්වා. 

හරී සුදු ඔයාට මෙහෙ ඕනී තරම් ආරක්ෂාව තියෙයී. හැබැයී මං කියන දේ අහන් ඉන්න ඕනී. වැරදී වැඩ එහෙම ,කරලා අහ වෙන්න එපා හැබැයී.


    මං ඔලුව වනලා හා කිව්වා.

දන්නවනේ මගේ හැටි හොදට හොදයී ,නරකට නරකයී. 

හරී චූටී මාමේ. 

ඔය කොල්ලා මොන ජාතියෙද කියන්න මං දන්නෙ නෑ. අපි පොහොසත් මිනිස්සු නෙමෙයිනේ. හිගන්නෙක් වුනත් කමක් නෑ. හොද කොන්ද පන ඇති එකෙක් වෙන්න ඕනී. පව්ලක් නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනී. තේරුනාද? තාම ඉස්කෝලේ යනවා නේද?

ඔව්.

එකනේ මුලින් ඌට ඉගෙන ගන්න දීපන් සුදු දූ. මට ඕනී කෙනාවයි උබ බදින්න ඕනී.දැන් උබ ඉන්නෙ මගෙ ලගනේ. ඕනී නැති වැඩ කරාලා අහු වෙන්න එපා. ආයි මට මේ ගැන කතා කරන්න තියන්නත් එපා. 

හා චුටී මාමේ.


චූටී මාමගෙ දෙපා ළග වැද වැටිලා, ශානු අයියගෙ හොද කියලා වැලපෙන්න තරම් දුකක් ආවත් , චූටී මාමට තිබුන බය නිසා මං සද්ධ නැතුව හිටියා. 

තව සුදු අම්මගෙ පෝන් එක අල්ලලා අහු වෙන්න එපා. අම්මේ..... ඇහැගහන් ඉන්න. මොකක් හරි වුනොත් මට කියන්න ඕනි තේරුනාද. 


    සේරම ප්‍රශ්න කාලය විසදාවී, දැන් නිදහසේ ඉන්නවත් තියෙනේ. සිතාරා අක්කා මං ගමේ ආ බව ශානූ අයියට කියයී. ඒකත් ශානූ අයියට ලොකු සැනසීමක් වෙයිනේ. මං එහෙම හිතලා හිත සනස ගත්තා.

ඊ ළග කොටසින් හමු වෙමූ.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Sep 2016 03:03 AM
  •  Quote
  •  Reply
ඔන්න කථා ටික කියෙව්වා. මොකුත් නොකියා ඉන්නං වැරදි විදියට හිතුවොත් නේද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Sep 2016 05:43 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 25 Sep 2016 03:03 AM
ඔන්න කථා ටික කියෙව්වා. මොකුත් නොකියා ඉන්නං වැරදි විදියට හිතුවොත් නේද

කවුද වැරදියට හිතන්නේ .........
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Sep 2016 09:49 AM
  •  Quote
  •  Reply
ඔයානේ කිවුවෙ නගෝ.........................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Sep 2016 10:11 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 25 Sep 2016 09:49 AM
ඔයානේ කිවුවෙ නගෝ...................

හපොයි .............
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Sep 2016 10:33 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්...

30. වන කොටස.

    කාලය තප්පර, විනාඩි, පැය, සති වෙලා ගෙවිලා ගියා. ශානූ අයියගෙ හඩවත් අහන්න නැති මං හිත යටින් හඩා වැටුනා. ආච්චි අම්මා නිතරම ශානූ අයියා ගැන ඇහුවා .ඒත් එයත් කැමැත්තක් නෑ. චූටි මාමාත් නිතර මාව බලලා යන්න ආවා. ඇවිත් අවවාද කරලා ගියා.
චූටි මාමා මගෙ තනියට එයාගෙ පුතාව නිතර අපේ මහ ගෙදර එව්වා. මාව ගෙදරින් පිටට නොයැව්වට මං ගැන නිතරම හොයලා බැලුවා. මදූ මල්ලි ඉගෙන ගත්තෙ දහය වසරේ. මං එයා එක්ක ශානු ගැන සේරම විස්තර කිව්වා. මදූ මල්ලි මට උදව් කරන්නම් කිව්වා. 

**************************************

     කාලය ගෙවා ගන්නත් ඕනී නිසා මදූ මල්ලි මායී වගාවක් පටන් ගත්තා. අපේ ගම හරිම ලස්සන තැනක් පොඩි කාලේ ඉදන්ම මං මගෙ ගමට හුගාක් ඇලුම් කලා. මොකද මං අවුරුදු දහයක් වෙනකන් ජීවත් වුනේ එහෙ. ඒ මගෙ ජීවිතේ ලස්සනම ලස්සනම කාලය. ආච්චි අම්මයී, සීයයි එක්ක හුරතලේට ගෙවුන ඒ ජීවිතේට මං හුගක් ආදරය කලා.
අපේ මහ ගේ ගාව වත්ත මායිමේ දොල පාරක් තිබුනා. මං යංතම් ඇවිදින වයසෙ ඉදන් ඒ දොළේ කාලය ගත කරන්න පුරුදු වෙලා හිටියේ. නිවාඩුවට ගමේ ආවත් මගෙ වැඩේ දොලට යන එක තමා. මදූ මල්ලි මායී දොළ අයිනේ පාත්තී කීපයක් හැදුවා. ඒ පාත්ති වල මෑ දබල වගෙ දේවල් පැල කලා. උදෙන්ම ගිහින් වැඩ පටන් ගත්තම , දවල්ට දොලේ පැනලා සෙල්ලම් කලා. අවුරුදු දාසයක් වුනත්, ගමට ආදා ඉදන් මං ජීවත් වුනේ පුංචි කිරිල්ලියක් වගේ හරිම සැහැල්ලුවෙන්. මදූ මල්ලි නිතරම මාත් එක්ක හිටියා. හවසට දොලෙන් ඇදලා පැල වලට වතුර දැම්මා.


     මට නිතර ශානූ අයියව මතක් වුනා. ඒ පාලුව මැකිලා ගියේ දවසම වගාවට කාලය යොදවපු නිසයී,මදූ මල්ලි නිසයී. මං ගමට ඇවිත් මාසෙකටත් වඩා ගෙවිලා. දැන් ශානූ අයියා මොනවා හිතනවා ඇද්ද. චූටි මාමට තිබුන බය නිසා මට මොකුත් කරන්න විදිහක් තිබුනේ නෑ. 


     සේන බාප්පා ගම පැත්ත පලාතටවත් ආවේ නෑ .මං හිතුවේ ගමටත් ඇවිත් කරදර කරවී කියලා. ඒත් සේන බාප්පා චූටි මාමට බයයී. අම්මව බදින්න මහ ගෙදරට එන කාලේ. චූටි මාමා අකැමැති වෙලා තිබුනා. ඒක නිසා චූටී මාමා සේන බාප්පට ගහලත් තිබුනා. 

අක්කෙ අක්කේ

ඇයි මදූ මල්ලි


        මදු මල්ලි මගෙ ළගට දුවන් ආවේ හදිස්සියෙන්. මං පාත්ති ටික ලග ඉදගෙන කල්පනා කරමින් හිටියේ.

මේ ආච්චි අම්මා කඩේ ගියා. ලොකු අම්මත් නිදී.

ඉතිං..

ඉතිං කියන්නෙ. පෝන් එක මේසේ උඩ දාලා ගිහින්.

අනේ අහුවෙයිද .

මං එනවද බලන්නම් ඉක්මනට එනවකෝ..


මං ඉක්මනට කාමරයට ගිහින් පෝන් එක අරන් ශානූ අයියට කෝල් එකක් ගත්තා. බයට මගෙ අතත් වෙව්ලනවා. හදවත ගැහෙන සද්දය මටම ඇහෙනවා. 

හෙලෝව්...


ශානූ අයියගෙ කටහඩ. මට මුලු ලෝකෙම අමතක වුනා.

හෙලෝව් කවුද මේ...

හෙලෝව්

සුදු මැනික..

ශානූ අයියේ ඔයා මාව අදුර ගත්තා නේද?

     මට ඔයාගෙ කට හඩ අමතක වෙන්නෙ නෑ රත්තරනේ. කොහොමද කෝල් එක ගත්තේ. කාගෙද පෝන් එක. සිතාර අක්කා සේරම විස්තරය කිව්වා. පෝන් එකත් දුන්නා එයා ක්ලාස් යන කොට ඇවිත්.

සුදු අම්මගෙ අයියේ. මට බයයි. හොරෙන් ගත්තේ. 

මං බලන් හිටියේ ඔයා කොයි වෙලේද කතා කරන්නෙ කියලා.

චූටී මාමා කිව්වා පෝන් එක අල්ලලා අහු වෙන්න එපා....

අක්කේ අක්කේ.. සුදු අම්මා එනවා.


   මදූ මල්ලි කැ ගහන් ගෙට එද්දී මං පෝන් එක විසික් කරලා කාමරෙන් එලියට පැන ගත්තා. අපි දෙන්නා ම මගෙ කාමරයට වෙලා පත්තරයක් දිගහැර ගත්තා.

සුදු දූ මොකද කරන්නෙ.

සුදු අම්මෙ අපි මෙහෙ පත්තරයක් බලනවෝ..


     මට බයටම කියවුනා. ශානූ අයියට සේරම විස්තරය කියා ගන්න බැරි වුන නිසා ආයෙත් ඒ නම්බර් එකට කෝල් ගනීවී කියලා මං හොදටම බය වුනා. ඒ එක්කම ආච්චි අම්මගෙ පෝන් එකට කෝල් එකක් ආවා. "දෙවියනේ ශානූ අයියද" මට ඉබේටම කිය වුනා. 
අපි දෙන්නා හැහුකම් දිගෙන හිටියා. කතා කලේ චූටී මාමා. ඊට පස්සේ සතියකට වතාවක් විතර මං ආමාරුවෙන් වෙලාව හදාගෙන ශානු අයියා එක්ක වචන කීපයක් කතා කලා. 
හදිස්සියෙම දවසක් අපේ ගෙදරට මගෙ ගමේ ඉස්කෝලේ පහ වසරේ යාලුවෙක් ආවා. විස්තර කතා කරද්දි යාලුවා කිව්වා එයා ඉංග්‍රීසී පාඨමාලාවක් කරනවා කියලා. මටත් ඒ පාඨමාලාව කරන්න කැමැත්තක් ඇති වුනා. යාලුවා ගියාට පස්සෙ මං ආච්චි අම්මට යෝජනාව කියලා බැලුවා. ආච්චී අම්මා කිව්වේ "චූටී මාමාට කියලා බලන්න "කියලා. එදා හවස චූටී මාමා මදූ මල්ලිව එක්ක යන්න ආවා. 

චූටී පුතේ සුදු දූට මොකක්ද්ද කියන්න තියෙලූ.


   ආච්චි අම්මා එහෙම කියද්දී චූටී මං දිහා බලුවා. මං හිටියේ කාමරේ උලුඅස්සට වාරූ වෙලා බිම බලාගෙන. 

මොකද්ද සුදු දූ.

මේ... මේ.. අද මගෙ පොඩි කාලේ යාලුවෙක් ආවා. එයා ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවලු. මටත් එකට යන්න හිතුනා .

හ්ම්ම්ම්ම් නිකන් ඉන්න එකේ ඒකත් හොදයී. හරි අම්මට කිව්වද. 

තාම නෑ . 

අම්මාට කියන්නකෝ. කවුද ඔය යාලුවා. අර සුමනෙගේ දුවද.

ඔව් ඔව්.

හරි සුදු අම්මා එක්ක ගිහින් විස්තර අහන් එන්නකෝ. 
මට දිනේ කියන්නකෝ මං එන්නම් පංතියට භාර දෙන්න. 

       මගෙ හිතට ආපු සතුට කියලා නිම කර ගන්න බෑ. චූටී මාමා මන් හිතන් හිටියටත් වඩා හුගක් හොදයී. ඒත් ශානූ අයියට මේ සතුටු ආරංචිය කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ. 
මගෙ බලාපොරොත්තුව ඉටු කරමින් චූටී මාමා මාව ක්ලාස් එකට භාර දුන්නා.දැන් මට සතියට දෙපාරක් නගරයට යන්න අවස්තාව ලැබුනා. ඒත් මං චූටී මාමාට තිබුන බය නිසාම, අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ගියේ නෑ. 


      ඔය අතරේ ආච්චී අම්මයී, ලොකු අම්මයී පුංචි අම්මලාගේ ගෙදර යන්න සූදානම් වුනා. චූටී මාමා මටත් ආච්චි අම්මලා එක්ක යන්න ඉඩ දුන්නා. කොහොම හරි ඒ ගමනට කලින් ශානූ අයියට කෝල් එකක් දුන්නා. ශානූ අයියා මාව දකින්න වත් එයාලගෙ ටවුන් එකට එන්න පොරොන්දු වුනා. අපිට චූටී පුංචිලාගේ ගෙදර යන්න වුනේ ඒ ටවුන් එක හරහා.
අපි චූටි පුංචිලාගේ ගෙදර ගියේ පාරේ බස් වල. අපි පාන්දරින් සූදානම් වෙලා ගමන ආරම්භ කළා. අපි ශානූ අයියා එනවා කිව්ව ටවුන් එකට යද්දී උදේ අට පසු වෙමින් තිබුනා. ටවුන් එකේදී මං හොදින් වටපිටාව පරික්ෂාවෙන් බැලිවත් ශානූ අයියා ඇස ගැටුනේ නැහැ. ගමන ප්‍රමාද කරන්නත් විදියක් නැති නිසා මම වේදනාවෙන් ඊළග බසයට නැග්ගා. 
බස් එකේ ජනෙල් කවුලුවෙන් පිටත බලාගෙන කල්පනා කලා. "ශානූ අයියට වෙලාව මගෑරෙන්න ඇතී, පව්". මං නිකමට ස්ටෑන්ඩ් එක දිහා බලනකොට ශානූ අයියා මට අත වනනවා. දෑස් අදහා ගන්න බෑ මං ඇස් දෙක දෑතින් පිසදමලා අායී ශානූ අයියා දිහා බැලුවා. 


   මායී ආච්චී අම්මයී වාඩි ගෙන හිටියේ එකම අසුනේ . අපිට පිටි පස්සෙ අසුනේ ලොකු අම්මා වාඩී ගෙන හිටියා. ශානූ අයියා මට පෝන් එක පෙන්වමින් මොනවදෝ කියන්න උත්සහා ගත්තත් මට තේරුම් ගියෙ නැහැ. 


     බස් රථය පණ ගැන්වුනා. ඒ එක්කම ශානූ අයියා බස් එක පැත්තට දුවගෙන ආවා. ජනෙල් කවුලුවෙන් පෝන් එකයී චාජරයයී බස් එක ඇතුලට දැම්මා. ඒක කෙලින්ම ලොකු අම්මා ගාවට වැටුනා. මං පිටි පස්ස බලද්දී දැක්කා ලොකු අම්මා පෝන් එක ඇහිදිනවා..


ඊ ළග කොටසින් හමු වෙමූ.

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Sep 2016 09:59 PM
  •  Quote
  •  Reply
tak gala danna ilanga tikath
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
1

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
26 Sep 2016 03:20 AM
  •  Quote
  •  Reply
මාට්ටු නේද වැඩේ... ෆෝන් එක මාට්ටු වුණා නේද අයියෝ .....
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 03:34 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 26 Sep 2016 03:20 AM
මාට්ටු නේද වැඩේ... ෆෝන් එක මාට්ටු වුණා නේද අයියෝ .....

ඒකනේ හොර වැඩක් වත් කර ගන්න බෑ
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Sep 2016 03:41 AM
  •  Quote
  •  Reply
අනේ ඇත්තට මේ කෙල්ලට හැදිල තියෙන පිස්සුව. අර ශානු කොල්ලට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ
ගමේ ගිහින් ඔය හේන කොටාගෙන හිටියනං මොකද වෙන්නෙ

ලොකු අම්මට නෙවෙයි ඕක අහුවෙන්න තිබුණේ. චූටි මාමාට එහෙනං අබ සරණයි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 03:53 AM
  •  Quote
  •  Reply
... කදුලත් සැනසුමක්.....

31. වන කොටස.

  "දෙවියනේ පෝන් එක ලොකු අම්මා ඇහිද ගත්තා, දැන් මොනවායින් මොනවා වේවිද දන්නෙ නෑ, චූටි මාමාටත් කියයී මට කොහෙවත්ම යන්න දෙන එකකුත් නෑ.". මං කල්පනා කරමින් ජනෙල් කවුලුවේ වීදුරුවට ඔලුව තියාගෙන් හිටියා. බස් රථය අවසන් නැවතුම්පලේ නතර කලා, අපි සියල්ලන්ම බැස ගත්තා. ඊ ළග බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. මං බයටම ලොකු අම්මට වැඩිය මූහුන දුන්නෙ නෑ. මං බස් එකට නැගලා කවුලුවක් අසලින් ඉද ගත්තා. ලොකු අම්මාත් බලෙන්ම වගෙ මං ලගින් ඉද ගත්තා. දෙන්නම ටික දුරක් නිහඩවම ගියා. 

සුදු දූ...

හ්ම්ම්ම්ම් ...

ඔයා බය වෙලාද ඉන්නේ. 


    මං පුදුමයෙන් ලොකු අම්මා දිහා බැලුවා. 

බය වෙන්න එපා මං කාටවත්ම කියන්නෙ නෑ ආ....


    ලොකු අම්මා මට පෝන් එක දුන්නා.


ලොකු අම්මේ. ... ඔය ඇත්තමද. 

ඔව් ඔව් . සුදු දූ. චාජරය මං ලග ඕනී වුනාම කියන්න. ඕක හුගක් පරිස්සමින් තියා ගන්න වෙයී. අහු වුනොත් නම් චූටි මාමාගෙන් බේරුමක් වෙන එකක් නෑ. 

අනේ ඔව් ලොකු අම්මේ...


     මට ලොකු අම්මව බදාගෙන් මිරිකන්නට තරම් ආදරේ හිතුනා. මං සියල්ලන්ටම හොරෙන් චූටි පුංචිලාගෙ ගෙදරදි ශානු අයියා එක්ක කතා කලා මැසේජ් කලා. පුංචිලාට තරමක් හොද ආදායම් තත්වයක් තිබුනා. පුංචි වුනත් අංග සම්පූර්න ලස්සන ගෙයක් එයාලට තිබුනා.

 
   මම නාන්න පුංචිලාගේ නාන කාමරයට ගියාම වරුවකට එලියට ආවේ නෑ. ටැප් එක ඇරගෙන රහසින් වගේ ශානූ අයියා එක්ක කතා කලා. මං හිටියේ හුගක් සතුටින්. ශානු අයියා දැන් මං ළගමයී වගේ. කොහොම හරි සියල්ලන්ගෙන්ම පෝන් එක සගව ගන්න මං අදිෂ්ඨාන කර ගත්තා.

 
   සතුටින් නිදහසේ ගෙවුන දවස් තුනකට පස්සෙ අපි නැවත මහ ගෙදරට එන්න සූදානම් වුනා. 

සුදු දූ.. මෙහෙ ඉන්නකෝ ඔයා. 


    පුංචි මට කිව්වෙ එන්න ලැහැත්ති වෙලා දෙපා නමදිද්දී, මගෙ ඔලුව අතගාලා උරහිස් දෙකෙන් අල්ලලා ඔසවන ගමන්. 

ඉන්න නම් තිබුනා . දැං මාව බලා ගන්නෙ චූටී මාමානේ එයාගෙන් අහන්න වෙනවා.


     ඒ ගෙදර මට තිබුන නිදහස නිසා, එහෙ ඉන්න කැමති වුනත්. එහෙ නාගරික නිසා ලොකු කැමැත්තක් තිබුනෙත් නෑ.බිතියෙන් බිත්තියට ගෙවල් හැදුන ඒ ප්‍රදේශය බොහෝ ජනාකීර්නයී.


     අපි මහ ගෙදරට එද්දි හුගක් හවස් වෙලා තිබුනේ. අදුරත් මීදුමත් නිවසත් අනිකුත් පරිසරයත් ගිල ගනිමින් තිබුනා. ආපු ගමන් කාමරයට ගිය මම පෝන් එක අතට ගත්තේ අපි ගෙදර ආ බව ශානු අයියට කියන්න. ඒත් මැසේජ් එක ෆේල්ඩ් වුනා. සිග්නල් අඩු ඇතී කියලා හිතලා, මං ටික වෙලාවක් උත්සහ කලා. ඒත් සිග්නල් එන්නෙම නෑ. පෝන් එක ඇදේ මෙට්ටයේ අස්සට දාපු මම මොකුත් නොවුන ගානට ආච්චි අම්මලා එක්ක කාලය ගත කලා. රෑ නින්දට ගියහමත් උත්සහ කරලා බැලුවා. සිග්නල් එන්නෙම නැහැ..


    පසුදින සෙනසුරාදාවක් නිසා මදූ මල්ලි අපේ ගෙදර ආවා .මං මදූ මල්ලිට පොන් එක ගැනයි, ලොකු අම්මා කැමති වුන එක ගැනයී කිව්වා. මදූ මල්ලි මට දොස් කිව්වා ලොකු අම්මට ශනූ අයියා ගැන කිව්වට. " අක්කෙ ඔයානම් හරි මෝඩයී අපේ තාත්තා එක්ක සේරම කියායී." කියලා. මල්ලිත් පෝන් එක හැම තැනනට ගෙනිහින් බැලුවා. සිග්නල් ආවේ නෑ. අපි තේරුම් ගත්තා ඒ සිම් වර්ගයට මෙහෙ සිග්නල් නැති බව. දැන් ඉතිං මොනවා කරන්න්ද. හොද අවස්ථාවක් එනකන් බලන් හිටියා ආච්චි අම්මගෙ පෝන් එකෙන් කෝල් එකක් ගන්න. දවස් ගානක් ගෙවිලා ගියා. ශානූ අයියට කෝල් කරන්න විදියක් නෑ.


     මම ක්ලාස් ගියා දිගටම. මට එහෙදි අලුත් යාලුවො මුන ගැහුනා. මං නිතර හිටියෙ මගෙ ගමේ යාලුවා එක්ක. මං ශානු අයියා ගැන කාටවත්ම කිව්වෙ නෑ ,චූටී මාමට ආරංචි වෙයි කියලා. ටවුන් එකෙත් හැමෝම චූටි මාමාව අදුරන නිසා මං පොන් එක ක්ලස් යද්දි අරන් ගියෙ නැහැ. ටවුන් එකෙදී මට හොද පිලිගැනීමක් තිබුනා චූටී මාමා නිසා." මේ අර සමන්ගේ අක්කගෙ දුවනේ" හැමෝම මාව හැදුන්වුවේ එහෙම.


        සතියකට විතර පස්සෙ මං ශානු අයියට කතා කන්න අවස්ථාවක් හදා ගත්තා. ශානූ අයියා හුගක් දුක් වුනා දැන් ආයී සිම් එකක් දෙන්නෙ කොහොමද කියලා. පස්සේ ඉරිදා දවසක සිම් අරන් ගමට එන්න ශානූ අයියා තීරනය කලා. චූටී මාමාට ආරංචි වේවි කියලා මං හුගක් බය වුනත්, වෙන විකල්පයක් නැති නිසා කැමති වුනා. අනික මදූ මල්ලිත් ඉන්නවනේ එදාට, ශානු අයියව තාම චූටී මාමාවත් දැකලා තිබුනේ නෑ.


     ඉරිදා දවස උදා වුනා. මං මදූ මල්ලිට විස්තර කිව්වම එයා සිම් ගන්න මගට යන්නම් කිව්වා. මං උදෙන්ම ආච්චි අම්මගේ පෝන් එක හංගගෙන ටොයිලට් එකට ගිහින් ශානූ අයියට පාර කිව්වා. මදූ මල්ලී මායී මොකද වෙන්නෙ කියලා මග බලන් හිටියා. ලොකු අම්මා අපේ සම්බන්දෙට බාදා නොකෙරුවත් අපි කරන දේවල් ලොකු අම්මට කියන්න අපි මැලි වුනා.

 
    අපි නොහිතපු වෙලාවක චූටී මාමා ගෙදරට ආවා. ඇවිත් කේන්තියෙන් වගේ පිටුවකට බර වුනා. 

අම්මේ අම්මේ...

ඇයි පොඩි පුතේ.


   ආච්චි අම්මා කුස්සියෙ ඉදන් සාලෙට ආවා. 

මට අම්මගේ පෝන් එක පොඩ්ඩක් දෙනන්


    ආච්චි අම්මා පෝන් එක ගෙනත් දුන්නා. චූටී මාම පෝන් එකේ නම්බර් සේරම පරික්ෂා කරලා බැලුවා. මං කෝල් ගත්තු නම්බර් සේරම එවලෙම පෝන් එකෙන් ඉවත් කලා. ඒක නිසා මං බය නැතුව හිටියේ හරිම විෂ්වාසයෙන්. චුටී මාමාට මොකුත්ම හෝඩුවක් ලැබුනේ නෑ. 

අම්මේ ඇහැ ගහන් ඉන්න මෙයා අම්මගෙ කනෙනුත් රිංගයි ඈ.


    චූටී මාමා එහෙම කියලා පිට වෙලා ගියා. පස්සෙ දැන ගන්න ලැබුනා අම්මා චූටී මාමට කෝල් කරලා පෝන් එක බලන්න කියලා කියලා. දැන් නම් ශානූ අයියා මෙහෙ එනවට හුගක් බයයී. 

 ටිකකින් ආච්චි අම්මගේ පෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා. ලොකු අම්මා පොන් එක ආන්සර් කලා. 

හෙලෝව්.

ආ පුතේ. ඔයා කවුද කියලා මං දන්න්වා . බය වෙන්න එපා මං ඔයාලට උදව් කරන්නම්.

හා ඔයා දැන් කොතනද

හරී ඔතනින් දකුණට තියෙන පාරේ කෙලින්ම එන්න ඇවිත් පාලමක් හම්බෙයී එතනින් දකුනට ,ඊට පස්සේ හම්බෙන පස් වෙනී ගේ. 

හරී පරිස්සමින් බුදු සරනයී . කාගෙන් වත් පාර අහන්න එපා. හොයා ගන්න අමාරු වුනොත් මේකට ගන්න. 


    අපීට ඇහුනේ ලොකු අම්මා කියපු දේවල් විතරයී. කොහොම වුනත් ,ඒ කතා කලේ ශානූ අයියා බව මට විශ්වාෂයී. අපිට හිතන්න වෙලාවක් තිබුනේ නෑ, ලොකු අම්මා අපී ඉන්න තැනට ආවා. මදූ මල්ලි මායී හිටියේ ගේ ඉස්සරහා තිබුනේ රූස්ස අබ ගහක සෙවනේ පාර බලමින් හිටියේ.

සුදු දූ....

ලොකු අම්මේ...

අර ළමයා මේ ළග ඉන්නේ. මං පාර කිව්වා. 

ආ.. හ..රි


    මට වෙන කියන්න දෙයක් මතක් වුනේ නෑ. ලොකු අම්මා අපේ කතාව මුල ඉදන්ම අහගෙන ඉදලා තියෙනවා. අපි හංගන නිසා සද්ද නැතුව හිටියත් උදව් කරන්න අවස්ථාක් එනකන් ඉදලා තියෙන්නෙ. 

මං අම්ම්ව ශේප් කර ගන්නම් පාර පැත්තට යන්න.


  එහෙම කියලා අපිට හිනාවක් දාලා, ගෙට යන්න හැරුනා. එතකොටම බයික් එකක් හෝන් කරන් වේගයෙන් ඇදිලා ගියා. ඒ ශානූ අයියා තමයී. 

අන්න ඇවිත් නේද ඔයාලා යන්න. මං අම්ම්ව බලා ගන්නම්. 


     මදූ මල්ලි මායී පාර දිගේ ටිකක් දුර ගියා. ශානූ අයියා ඈතට වෙලා හිටගෙන බලාන ඉන්නේ හෙල්මට් එක පැලදගෙනමයී. අපි එතනට ළං වෙත්ම ශානූ අයියා හෙල්මට් එක ගැලෙව්වා.


    මට වෙන මොකුත් කල්පනා වුනේ නැ මං ශානූ අයියගෙ ඇස් දිහා බලාගෙන එයා ලගටම ගියා. එදා ඉස්කෝලේ නිවාඩු දුන්න දවසේ හම්බුනාට පස්සෙ, මාස ගානකට පස්සෙ මං ශානූ අයියගෙ සමීපයට යන්නෙ. මදු මල්ලි ටිකක් ඈතින් නතර වෙලා තිබුනා. 

සුදු මැනික....

ශානූ අයියේ..

මේ ශානුවා ඕක ඉක්මට දීලා නැගපන්. කාටහරි මාට්ටු උනොත් ගුටිත් කාලා තමා යන්න වෙන්නේ...


      ශානූ අයියගෙ යාලුවා කෑ ගැහුවා. ශානු අයියා පුංචි වෙන්න නමපු කඩදාසී කවරය මට දීලා බයික් එකට නැග්ගා. 

අපි යන්නම් එහෙනම්. ඔයාලා ගෙදර යන්න. මල්ලි අපි යනවා. අක්කව බලාගන්න.


     ශානූ අයියා මටයී මල්ලිටයි අත වනලා "කුරුල්ලො වගෙ" වේගයෙන් බයික් එකේ යන්න ගියා. අපි දෙන්නා පෝන් එකත් හංගගෙන වගාව පැත්තට ආවේ සිම් එක දාලා බලන්න. 

ඊ ළග කොටසින් හමු වෙමූ.....

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 03:56 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 26 Sep 2016 03:41 AM
අනේ ඇත්තට මේ කෙල්ලට හැදිල තියෙන පිස්සුව. අර ශානු කොල්ලට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ
ගමේ ගිහින් ඔය හේන කොටාගෙන හිටියනං මොකද වෙන්නෙ

ලොකු අම්මට නෙවෙයි ඕක අහුවෙන්න තිබුණේ. චූටි මාමාට එහෙනං අබ සරණයි

හපොයි ශා අයියා....

ශාදී පවු නැද්ද?

හේනකුත් කොටන්නේ ඔය.....

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Sep 2016 03:56 AM
  •  Quote
  •  Reply
අපොයි අපොයි මට පේන්නේ දැන් සේන බාප්පා වගේම චූටි මාමත් වෙයිද මන්දා phone එක මාට්ටු උන නිසා ලොකු අම්මට

ඉක්මනට දාන්නකෝ බලන්න එහෙනම් ඊලග කොටසත්

ස්තුති මේ කොටස් ටිකටත්
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Sep 2016 04:04 AM
  •  Quote
  •  Reply
හම් මටනං සැකයි ලොකු අම්මගෙ හැසිරීම.
මටනං හිතෙන්නේ ශානුට මොකක් හරි කරදරයක් වෙයි කියල මගදි
1
Add Reply
Page 10 of 16 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below