You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 12 of 16 << < 1011121314 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 09:40 AM
  •  Quote
  •  Reply
ඇයි ඇත්තට ශානු අයිය ඉගෙන ගන්න කැමති නැත්තෙ . එහෙම ගියොත් හොද ජොබ් එකක් කරල සුදු මැණිකේ ලගට ගන්නවා බොරැ
1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Sep 2016 12:33 PM
  •  Quote
  •  Reply
ස්තුති මේ කොටස් දෙකටත්

දැන් නම් කතාව නියමයි අනිත් කොටසත් ඉක්මනටම දාන්නකෝ එහෙනම්

1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 07:43 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.....

36. වන කොටස.

ඒත් මං උත්සහ කරන්න ඕනී සුදු අම්මේ. මේ ඉස්කෝලෙට ගියොත් ශානූ අයියා මං වෙනුවෙන් කරන වියදම් අපරාදේ වෙනවා, උගන්වන්නෙ නෑනේ. 

අම්මගෙන් අහලා බලන්න එහෙනම්.


        මම ආච්චි අම්මගේ පෝන් එක අරන් අම්මට කෝල් එකක් අරන් සේරම විස්තරය කිව්වා. අම්මා කිව්වා " අලුත් ස්කෝලෙට ගියානම් හොදයී තමා, කෝ ඒත් සල්ලී ඇතුල්වීමේ ගාස්තු ගෙවන්න." කියලා. කාගෙන් හරි ඉල්ලගෙන මං යන්නම ඕනී ,චූටී මාමාගෙන් ඉල්ල ගන්නම් කියලා මං බොරුවක් කිව්වා. එහෙනම් සර් කියන්නෙ මොකද කියලා එයාට කියන්න කිව්වා. 


       ඊළග පංති දවසෙදී නයනී සුභ ආරංචියක් අරන් ආවා. සර් මට උදවු කරන්න කැමතී වෙලා තිබුනා. භාරකාරයෙක් එක්ක ඇවිත් ප්‍රින්සිපල් හම්බ වෙන්න කියලා කියලා තිබුනා. 
ඒ කිව්ව විදිහටම ආච්චි අම්මයී මමයී අලුත් ස්කෝලෙට ගියා. එදා එන බව නයනිට කලින් කියලා තිබුන නිසා නයනී අලුත් ළමෙක් ආවා, කියන ආරංචියට කාර්යාලයට ආවා. අපි හිටියේ කාර්යාලය ඉස්සරහා ඉදගෙන.

ශදීයෝ මොකද කිව්වේ.

ප්‍රින්සිපල් ලොකු වැඩක්ලූ, ටිකක් ඉන්න කිව්වා.

ආහ්.. මේ සර්ගෙ නම කියපන් රණසිංහ සර් කියලා හරිද. එතකොට ප්‍රින්සිපල් සර් දන්නවා. 

හ්ම්ම් හා. 

අපි යනවා එහෙනම් . අපිට පංතියෙ උගන්වනවා රණසිංහ සර් මං කියන්නම්කෝ මගෙ යාලුවා ඇවිත් කියලා. 


නයනී, නයනී එක්ක ආපු යාලුවයී ගොඩනැගිලී දෙකක් අතරින් ඇතුලට ගියා.
ටිකකින් අපිට් ප්‍රින්සිපල් සර් එන්න කිව්වා. සහතික එහෙම විමසිල්ලෙන් බැලුවා. ටිකක් වෙලා නිහඩව ඉදලා. 

සුදුසුකම් නම් ඇති මේ ස්කෝලෙට එන්න ඇයි මුලින්ම ඇප්ලිකේෂන් නොදැන්මේ.

මේ ළමයගෙ අම්මා දුර ඒවට දාන්න බෑ කියලා ළග ස්කෝලෙට දැම්මා මහත්තයෝ.
ආච්චි අම්මට කතා කරන්න දීලා මං අහගෙන හිටියා. 

ආ .. මේ කවුද එතකොට.

මං ආච්චි අම්මා. මේ මගෙ මිනීපිරී.

ආහ්... එහෙමද හරී අපි මේ ළමයව ඉස්කෝලෙට බාර ගන්නවා. අස්වීම අරන් එන්නකෝ.

අනේ හුගාක් පිං මහත්තයෝ. 

හරී හරි අම්මේ. මට පිං දෙන්න එපා. දුවගේ හැකියාව තමයී. 


    අපි යන්න නැගිටිනකොටම සර් කෙනෙක් අපි ළගට ආවා. ඇවිත් මගෙ දිහා විමසිල්ලෙන් බැලුවා.

මේ ශදීෂා වෙන්න ඕනී. 

ඔව් සර්


    මං පෙරලා පිලිතුරු දුන්නා‍


සර් මේ මං අර කියපු ළමයා.

 
       ඒකෙන් මං තේරුම් ගත්තා ,මේ ආවේ රණසිංහ සර් බව. එය උස කෙනෙක් , උසට සරිලන මහත, ඒ වගේ හරිම කරුණාවන්ත මුහුනක් ඒ සර්ට තිබුනේ. කොන්ඩය තැනින් තැන සුදු වෙලා, වයස පනස් ගනනක පමන පෙනුමක් තිබුනා. ඒ මුහුහුනේ නිතරම ලස්සන සිනහවක් ඇදිලා තිබුනා. සර් දැක්ක මොහොතේ ඉදන් මට දැනුනේ සර්ව මං අදුරනවා වගේ.

ආ.. එහෙමද? මේ ගොල්ලො ද මට නිකමටවත් කිව්වෙ නෑ. ළමයා හොදයී රණසිංහ සර් අස්වීම අරන් එන්න කිව්වා.

 
රණසිංහ සර්රුත් එක්කම අපි ඔපිස් එකෙන් එළියට ආවා. 

ශදීෂා ඉක්මනටම අස්වීම අරන්න් එන්න තේරුනාද? 

හා සර්. 

හොදයී ඒහෙනම් පරිස්සමින් යන්න. බුදු සරණයී. 

අපි යනවා සර් සර්ටත් බුදු සරණයී. 

     ආච්චි අම්මයී,මායී ගෙදර ආවේ හුගක් සතුටින්. ආව ගමන් අම්මට කෝල් කරලා විස්තරය කිව්වා. අම්මා ඉක්මනට අස්වීම අරන් දෙන්න පොරොන්දු වුනා. කිව්ව විදිහටම අම්මා ඇවිත් අස්වීම අරන් දුන්නා . ස්කෝලෙන් අස්වීම දෙන්න බැම කිව්වා. බොරු හේතු ගොඩක් කියලා අස්වීම අර ගත්තා.

 
   සදුදා ම අලුත් ඉස්කෝලෙට යනවා කියලා හිතාගෙන මන් ඉතිරි දවස් දෙකත් ගෙදර හිටියා. එදත් ක්ලාස් එක ළගට ශානූ අයියා ආවා. අලුත් ඉස්කෝලෙකට යන ආරංචිය නිසා ශානූ අයියා හුගක් සතුටින් හිටියේ.. අලුත් ඉස්කෝලෙට දාන්න වෙලා තිබුනේ සුදු සපත්තු. ඒක නිසා ශානූ අයියා මට සුදු සපත්තු අරන් දුන්නා. ඇතුල්වීමේ ගාස්තු ගෙවන්න සල්ලිත් දුන්නා. සදුදා පාන්දරින් නැගිටලා ලැස්තී වුනේ අලුත් ඉස්කෝලෙට යන්න. පරක්කු වුනාම යන්න බස් නැති වෙන නිසා පාන්දර හය වෙනකොට පාරට ගියා.

 
   හරිම සංතෝෂයෙන් පිලිඅරගෙන මාව ඉකෝලෙට භර ගත්තා මට පංතිය තියෙන තැන කියලා පංතියට යැව්වා.අපේ පංතිය තිබුනේ උඩ තට්ටුවක, මම පඩි පෙළ නැගලා පංතිය ළගට ගියා.. නයනි මං දැකලා හිනා වුනා. පංති හිටපු සරුත් මං දිහා හැරිලා බලලා හිනා වුනා. 

අලුත් ළමයා නේද.

ඔව් සර් ..


    මං බිම බලාගෙන එහෙම කිව්වා. 

ඇතුලට එන්න ළමයෝ. ළමයි මොයාට වාඩී වෙන්න ඩෙක්ස් එකකුයී පුටුවකුයි දාලා දෙන්න. 


    ඒ හිටියේ පංති බාර සර්. මගෙ නම රෙජිස්ටර් එකට දාලා, සර් පාඩම උගන් වන්න පටන් ගත්තා. මං ඉද ගත්තෙ නයනී ළගමයී. ළමයී සේරම මගෙ දිහා කන්න වගේ බලනවා. ඇත්තටම කිව්වොත් මං හිටියේ බය වෙලා, රැග් දේවී කියලා. නයනී නිසාමද කොහෙද පංතියේ ළමයි ඉක්මනටම මාත් එක්ක එකතු වුනා. රැග් මොකුත් නෑ සහෝදරියක් වගේ ආදරෙන් පිලි ගත්තා. ඒත් දහතුන වසරේ පිරිමි ළමයින්ට මට රැග් කරන්න ඕනී වෙලා තිබුනා. දවසක් මාව පඩි පෙළේදි නතර කරගෙන රෝස මලේ නටුවෙ කටූ ... කවිය කියන්න කිව්වා. කීප සැරයක් කිව්වත් මං සද්ද නැතුව හිටියා. එතකොටම එතනට අාවේ ආපේ අපේ පංතියේ පිරිමි ළමයී.

හා හා.. අයියලා අපේ අලුත් යාලුවට රැ කරන්න බෑ. 

ඇයී ඇයි. එයාට විතරක් අමුත්තක්.

හරි එහෙනම් අයියලා රැග් කරන්නකෝ අපි සර්ට කියන්නම්.


     ඇත්තටම ඒ ස්කෝලේ රැග් දෙන්න තහනම්. මුලින්ම උසස් පෙළ පංතී පටන් ගන්න දා පොදු රැග් එකක් කරන්න විතරයී ඉඩ දීලා තිබුනේ. කොහොම හරී ගොඩක් ළමයී මාව ආදරෙන් පිලිගත්තා. ඒ ඉස්කෝලෙත් මං ආසම තැනක් බවට පත් වුනා.


*****************************
    දවසක් මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට කරුත්ම ගෙදර නැහැ. පාන්ද හය වෙද්දි ගෙදරි යන මම ගෙදර එනකොට තුන කිට්ටු වෙනවා. ඉස්කෝලෙයි, පංතී දෙකම තියෙන දාට රෑ හත පහු වෙනවා. ඒත් මට කිසිම මහන්සියක් දැනුනෙ නෑ, මං හරිම ආසාවෙන් ඉස්කෝලේ ගියේ. මං අල්ලපු ගෙදර අයට කතා කලා. ආච්චි අම්මා එහෙ ඉදන් ගෙදර ආවා . ලොකු අම්මගෙ ලේලිට බබා හම්බෙලා නිසා එයාව බලා ගන්න, එන්න කියලා තිබුනා. දැන් ආච්චි අම්මයී මායී විතරයී ගෙදර. ආච්චි අම්මා හරිම බයයී තනියම ගෙදර ඉන්න, ඒක නිසා මං නැති වෙලාවට එයා අහල පහල ගෙවල් වලට යනවා. මට පාන්දර තුනට ඇහැරලා උයාගෙන බත් බැදගෙන ඉස්කෝලේ යන්න වුනා. ආච්චි අම්මා වයස නිසා එයා පාන්දර ඇහැරුනේ නැහැ. ලොකු අම්මා ඉන්නකොට ගෙදර සේරම වැඩ කලේ ලොකුඅම්මා නේ. ඒක නිසා ආච්චි අම්මා උයන්න උනන්දුවක් නෑ . සමහර දාට හත පහු වෙලා ගෙදර එද්දිත් උයන්න තියා, ආච්චි අම්මා ගෙදරවත් ඇවිත් නෑ . මං ඇවිත් එක මාලුවක් බතක් උයලා තමා එයාටත් කන්න දුන්නෙ. සමහර දාට අහල පහළ ගේකින් කෑම එවලා තිබුනා.

 
    ශානූ අයියා එක්ක කතා කරන්න මට දැන් ගෙදර ඔනී තරම් නිදහස තියේ. චූටී මාමාත් නිතර දෙවේලේ මගෙ පස්සෙන් එන එක නවත්තලා දාලා තිබුනා. 
දැන් මං දිගටම පංතී, ඉකෝලෙයි දෙකටම යනවා. මගෙ වියදම් සේරම වගේ ශානූ අයියගෙ පිට පැටවිලා තිබුනා. ශානූ අයියා මං ඉල්ලන්නත් කලින් මට ඕනී දේවල් හොයලා බලලා කරලා දුන්නා.

 
    සේන බාප්පගෙ ඇග පුරම කසන රෝගයක් හැදිලා වන වෙලා කියලා ආරංචී වුනා. ඒක නිසා අම්ම හම්බකරන සල්ලිත් ගෙදර වියදට යොදවන්න වුන නිසා මට සල්ලි එවන්න අම්මට බැරුව ගියා . මොන දේ වුනත් මහෙ හිතට නම් ඒ ආරංචිය ගෙනාවේ අහිංසක සතුටක්. මට කරපු දේවල් වලට දෙවියෝ සේන බාප්පට දඩුවම් කරන්න පටන් අරන් කියලා මගෙ හිත සතුටු වුනා.


    දවසක් අම්මා ආච්චි අම්මට කෝල් එකක් ගත්තා. අරගෙන හුගක් වෙලා ආච්චි අම්මා එක්ක කතා කලා. පස්සෙ මගෙත් එක්ක කතා කරන්න ඕනී කියලා අම්මා කියලා තිබුනා.
අම්මා මාත් එක්ක කියලා ඇඩුවා. මට දැන් සල්ලි එවන්න විදියක් නෑ කියලා. සේන බාප්පා පලංචියක් පල්ලෙ වැටිලා කකුලකුත් කඩාගෙන නැන්දලා දැන් සේරම බලන්නෙ කියලා අම්මා කිව්වා. දැන් ළමයා ඉපදෙන්නත් ළග නිසා ඊට පස්සෙ එයාට වැඩට යන්න වෙන්නෙත් නැහැ කියලා හුගක් ඇඩුවා. මට ශානූ අයියා ගැන කියන්න හිතුනත්, මට තියෙන නිදහසත් නැති වෙයී කියලා මං නිහඩව අහගෙන හිටියා

සුදු දූ .. ඇයී ඔයා සද්ද නැත්තේ.

මං දන්නෙ නෑ අම්මේ පුලුවං කල් ඉකෝලේ යනවා . මට යාලුවොත් උදව් කරනවනේ. යාලුවෙක්ගෙ ගෙදර නවතිනවා බස් වියදමවත් ඉතුරු වෙයිනේ. 

සුදු දූ ඔයාව ඔහෙ යවලා මං කර ගත්තේ ලොකු මෝඩ කමක්.

ඇයී අම්මේ..

දැන් ලොකු මාමා සල්ලි එවන්නෙත් නැහැලූ ආච්චි අම්මට ඔයාට වියදම් කරයි කියලා. මගෙ ළමයා කියලා, මගෙන් ගෙදර වියදමුත් ඉල්ල ගන්න කිව්වලූ. 

පුදුම මිනිස්සුනේ මට එයාලා කවද්ද සල්ලි දුන්නේ.

මට දුකයී මගෙ සුදු දුවේ...

ඇයි අම්මේ..

මං දන්නවා හැමදේම, ඔයාට වියදම් කරන්නෙ කවුද කියලත් මං දන්නවා.
ඒක ඇහෙත්ම මගෙ ඇග ගල් වෙලා ගියා. මං නිහඩවම අහගෙන හිටියා.

මගෙ කරුමෙට මේ වගෙ මිනිහෙක් හම්බුනානේ. මං කවදාවත් ඔයාට ඔහොම වෙන්න දෙන්නෙ නැ.  දැන් ආදරෙන් හැම දේම කරාවී. ඒත් බැන්ද කාලෙක ඔය සේරටම වාඩු ගනීවී.

එහෙම වෙන්නෙ නෑ අම්මේ.

ඔයා දන්නේ නෑ සුදු දූ පිරිමි ගැන. මට දුකයී මගෙ දුවේ ඔයා වෙනුවෙන් මට මොකුත් කර ගන්න බෑ. මේ වෙලේම මගෙ බඩටත් දරුවෙක් ආවනේ. 

අනේ අම්මේ ඕවා හිතන්න එපා. මට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ. 

මට තිබුනේ ඔයාව හදාගෙන හැමදාම තනියෙන් ඉන්න . එහෙනම් මේ ප්‍රශ්න මොකුත් නෑ. 

අඩන්න එපා අම්මේ. හැමදේම විසදේයී.

ඊ ළග කොටසින් හමු වෙමු

 

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 09:44 AM
  •  Quote
  •  Reply
අනේ සාදු සේනයට වෙච්ච දේ
මට අහින්සක සතුටක් නෙවෙයි ආවේ. උපරිම සතුටක්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 10:15 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 29 Sep 2016 09:44 AM
අනේ සාදු සේනයට වෙච්ච දේ
මට අහින්සක සතුටක් නෙවෙයි ආවේ. උපරිම සතුටක්


හරි දරුණුයි නේද?
දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
29 Sep 2016 11:44 AM
  •  Quote
  •  Reply
මට පේන්නේ අන්තිමේට සේන බාප්පව බලාගන්න වෙන්නෙත් ශානු අයියට වගෙයි

හොද වැඩේ හැබැයි සේනයට

ස්තුති අනිත් කොටසත් දාමුකෝ
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 12:40 PM
  •  Quote
  •  Reply
......කදුලත් සැනසුමක්.....

37. වන කොටස.

        අම්මා හුගක් වෙලා දුක කියමින් ඇඩුවා. එයාට දුකයී මං ගෙවන ජීවිතය ගැන. මහ පාන්දර නැගිටගෙන උයාගෙන ස්කෝලේ යනවා. පැය ගනනාවක බස් ගමනින් පස්සේ චූටී නින්දක්.පහුවදාත් මේ විදිහමයී. අම්මට ලොකුවට හිත් වේදනවා දැනිලා තිබුනේ . ලොකු මාමා කියපු දේ. එයාලගෙ සල්ලි මං වෙනුවෙන් වියදම් කරනවා කිව්ව එක. 

සුදු දූ මට සමාවෙන්න..

ඒ ඇයි අම්මේ.

අර ශානුක පුතාට බැන්නට. මට තේරෙනවා. මං මොනවා කිව්වත් ඒ ළමයා විතරයී ඔයාට උදව් කරන්න ඉතුරු වුනේ.

ඔව් අම්මේ.. ශානූ අයියා හොදයී.

අපි ශානුක පුතාට .හිගන්නා කියලා බැන්නා. අපිම නේද දැන් හිගන්නෝ..


       අම්මා ශානු අයියගේ නම්බර් එකත් ඉල්ල ගත්තා කතා කරන්න ඕනී කියලා. ශානු අයියටත් කතා කරලා තිබුනා. හුගක් දුක කියලා තිබුනා. ශානූ අයියත් අම්මා ගැන දුක් වුනා. ආච්චි අම්මා ශානූ අයියා මං වෙනුවෙන් කරන දේවල් සේරම අම්මා එක්ක කියලා. ඒක නිසා තමා අම්මට දුක හිතිලා තිබුනේ. දැන් චූටී මාමාත් කැමති වුනානම් සේරම හරී. මං හිතාගෙන හිටියේ අම්මා කවදාවත්ම ශානූ අයියට කැමති වෙන එකක් නෑ කියලා. මොන තරම් රැය ගානක් අඩලා ඇතිද ශානූ අයියා මට නැති වෙයී කියලා. චූටී මාමා අකමැති වුනත් මගෙ පස්සෙන් ඇවිත් හොර අල්ලන්න උත්සහා කරන එක අත් ඇරලා තිබුනා. ඒත් මම බයයී නිහඩව ඉදලා එකපාරට මොනවා වෙවිද දන්නෙ නැහැනේ.

**************************************
      ලොකු අම්මගෙ ලේලී දරුවා බිහි කරලා මාස තුන හමාරක් වෙද්දී ,ලොකු අම්මා ආයෙත් මහ ගෙදරට ආවා. ලොකු අම්මට මහ ගෙදර විතර කොහෙවත් හරි ගියෙ නැහැ. ලේලී හරිම කපටි නිසා ලොකු අම්මා එහෙ ඉන්නත් කැමති වුනේ නෑ. මහප්පා ලොකු අම්මා ගැන හොයලා බැලුවෙ නෑ. රට ගියාට පස්සෙ එයා ලංකාවට ආවේ නෑ . එහෙ රටේ කෙනෙක් එක්ක විවාහා වෙලා කියලා තමා ආරංචි ආවේ. මාස කීපයකට සැරයක් පුතාගේ නමට සල්ලි එව්වත් ,පුතා සතයක් වත් ලොකු අම්මට දුන්නේ නෑ.


       මහසියයි ,බස් වියදමයි ගැන හිතලා මං නයනිලාගේ හරි ගීත්මගෙ හරි ගෙදර නවතින්න තීරනය කලා. එතකොටවත් ලොකු මාමාලට සැනසිමක් ලැබෙයිනේ කියලා . අනික දැන් මගෙ සේරම වියදම් දරන්නේ ශානූ අයියා, මට ඒක ඉවසගෙන ඉන්න බෑ. මට ඕනී මගෙ වියදම් අඩු කර ගන්න. ඒක නිසාම මං නයනිලා දිහායී ගීත්මලාගේ ගෙදරයී මාරුවෙන් මාරුවට ගියා. මං ශානූ අයියගෙන් අවසර ගත්තේ පාඩම් කරන්න යනවා කියලා. වියදම අඩු කර ගන්න යනවා කිව්ව නම් යන්න දෙන්නේ නැහැනේ. ශානූ අයියා නයනී, ගීත්මයී දෙන්නවම හොදට අදුනන නිසා මට යන්න ඉඩ දුන්නා. අම්මාට මොකුත්ම කිව්වෙ නෑ, එපා කියලා මං වෙනුවෙන් වියදම් කරන්නත් එයාට නෑනේ.


    නයනිලාගෙ ගෙදර හිටියේ නයනී අම්මයී තාත්තයී විතරයි. ගීත්මලාගෙ ගෙදර හිටියේ නංගී අම්මයී විතරයී. තාත්තා හිටියා එයා ගෙදර එන්නෙ මාසෙකට වතාවයී. ඒ ගෙවල් මට හුගක් හුරුපුරුදු තැන් බවට පත් වුනා. මම ගෙදර වැඩ කරන්න උදව් වෙන නිසා යාලුවන්ගෙ අම්මලා මට හුගක් ආදරේ වුනා.


     මම දැන් කලාතුරකින් දවසක් තමා ගෙදර එන්නෙ. මං කොහෙද ඉන්නෙ, කොහෙද යන්නෙ අහන්න කවුරුත්ම ආවේ නෑ. හැමෝටම ඕනී වෙලා තිබුනේ. මගෙ වියදම් වලින් නිදහස් වෙන්න.මාත් ඉතින් අහිකුන්ටකයා වගේ රෙදි බෑග් උස්සගෙන එහෙ මෙහෙ යනවා. වෙලාවකට මට ඒ ජීවිතේ එපා වුනා. ඒත් ඉගෙන ගන්න ඕනී නිසා මං දිගටම යාලුවන්ගෙ ගෙවල් වල ගියා. නාදුනන මිනිස්සු වුනත් ඒ අය මට හුගක් ආදරේ වුනා එයාලගෙ පව්ලේ කෙනෙක්ට වගෙ මට සැලකුවේ. සමහර දවස් වලට මහෙ අතේ වියදමට සල්ලිත් දුන්නා. ඒත් මගෙ හිතට ලොකු වදයක් වුනා, මගෙ යාලුවන්ගෙ ගෙවල් වලට කරදර කරන එක. ඒත් මට වෙන ක්‍රමයක් තිබුනේ නැහැ.


     ගීත්මා හරිම කැමතී මං එයාගෙ ගෙදරට එනවට. එයාට ගිණුම්කරනය අමාරු නිසා, මං කියලා දෙන ඒවා හොදට තේරෙනවා කියලා. අමාරු පාඩම් මගෙන් අහ ගත්තා. කිසිම දෙයක් පාඩම් කරන පුරුද්දක් මට තිබුනේ නෑ, තර්කානූකූලව මතක තියා ගැනීමේ හැකියාවක් මට තිබුනා.


       ගීත්මලාගෙ ගෙදරදී නම් හරිම විනෝදයී. සමහර දවස් වලට ගීත්මයී මායී රෑට කෑම ඉව්වා. මහ රෑ වෙනකන් පාඩක් කරනවා කියලා පෝන් වලින් ගේම් ගැහුවා. ගීත්මගේ නංගිත් එක්ක සෙල්ලම් කලා. 
නයනිගෙයි ,ගිත්මගෙයි ගෙවල් දෙකෙන්ම ශානූ අයියා ගැන ගැන දැනගෙන හිටියා ,ඒක නිසා මට කොහේ ගියත් ශානූ අයියා එක්ක කතා කරන්න නිදහස තිබුනා.

******************************* 

       අපේ ඉස්කෝලේ යාලුවෝ කට්ටිය එකතු වෙලා ට්‍රිප් එකක් යන්න තීරනය කලා. මුලින් හැමෝම එන්නම් කියපු නිසා රෝසා බස් එකක් කතා කර ගත්තා. හැමෝම ගෙවල් වලට කිව්වෙ ඉස්කොලේ ටීචර්ලා සර්ලා යනවා කියලා. මම නම් ට්‍රිප් එකක් යනවා කියලා විතරයී කිව්වේ. ට්‍රිප් එක යන දවස කිට්ටු වෙද්දී සමහර ළමයී එන්නෙ නෑ කිව්වා. ශානූ අයියා කොහොමත් අපිත් එක්ක යන්න පොරොන්දු වෙලා තිබුනේ. නයනි කිව්වා , තව කට්ටිය හොයා ගන්න වෙනවා ශානු අයියගෙ යාලුවෝවත් නැද්ද කියලා. 


     කොහොම හරී ශානූ අයිය එයාගේ යාලුවෝ දහදෙනෙක් විතර ගමනට එකතු කලා , ශිරාන් කියලා යාලුවෙක් හිටියා , එයාට හිටියේ තාත්තා විතරයී . ඒ තාත්තයි පුතයි හරියට යාලුවෝ වගේ. බස් එකට ළමයි ගෙනත් අරලින්න උදේට ගෙදරින් කවුරු හරි එන නිසා පෙන්නන්න සර් කෙනෙක් වත් ඕනී නිසා, අපි සිරාන් අයියගෙ තාත්තවත් අඩ ගහ ගත්තා. ශානූ අයියගෙ තව යාලුවෙක් හිටියා තිවංක කියලා. ඒ අයියා මාව ටිකක් කල් ඉදන් දන්නවා. "ශදී නංගියෝ, මං ට්‍රිප් එක යන්න එන්නම් හැබැයි මට ඔයාගෙ යාලුවෙක් සෙට් කරලා ඕනී "කිව්වා. 


       කොහොම හරී ට්‍රිප් එක යන දවස උදා වුනා. මං හිටියේ නයනිලාගේ ගෙදර. අපි යන්න සූදානම් වෙලා ඉන්නෙ අනුරාධපුරේ, ගිහින් තිබුනත් යාලුවෝ එක්ක යන්න තියෙන ආසාව නිසා මාත් යන්න කැමති වුනේ. කතා වුන විදිහටම සර් හැටියට ශිරාන් අයියගෙ තාත්තාව පෙන්නුවා. අනිත් ටීචර්ලා මගින් නගිනවා කියලා අපි ගමන පිටත් වුනා . අයියාගෙ යාලුවෝ ටික හිතන්නත් කලින් අපේ යාලුවොත් එක්ක මිත්‍ර වුනා. ශිරාන් අයියා කොන්ගෝ එකකුත් ගෙනත් තිබුනා. සිංදු කියමින් නටමින් බස් එක දෙවනක් කරමින් අපි ගමන ආරම්භ කලා. ටික දුරක් යද්දී ,තිවංක අයියා කිව්වා වගෙම නයනි දිහා බලන්න පටන් ගත්තා .ගමනින් බාගය යද්දී දෙන්නා අපිටත් හොරෙන් යාලූ වෙලා. දෙන්නා අපෙන් ඈත් වෙලා තනියෙන් ජේතවනාරාමේය චෛත්‍යය වටේ යනවා. දැන් ඉතින් ගමන තවත් විනෝදයී අපි අලුත් ජෝඩුවට විහිලු කරලා හිනා වුනා .


        ශානූ අයියයී මමයි හිටියෙත් හුගක් සතුටින් , අපි දෙන්නම මේ තරම් දුර ගමනක් යන මුල්ම වතාව. ඉස්කෝලේ යාලුවෝ හැමෝම ශානු අයිය අදුර ගත්තා. දවල් නුවර වැවෙන් නාලා කෑම කෑවා. පිරිමි ළමයී විතරයී නෑවේ,ගැහැනු ළමයි නාන්න බෑ කිව්වා. ශානූ අයියයී මායී වැව් ඉවුරේ ඉදගෙන කතා කලා. අපේ හිතේ තිබූනේ ලොකු නිදහසක් . අපිට ආපහු ගෙදර නොඑන්න හිතුනා.


     අනිත් යාලුවටත් ගෙදර එන්න කැමත්තක් නෑ , හැම තැනම බලලා යන්න ඕනී කියලා සදකඩ පහන එහෙම බැලුවේ පෝන් වල එළි ටෝච් පත්තු කරලා. අපි ගමන් නිමා කරද්දී පාන්දර එකත් පහු වෙලා තිබුනා. ශානූ අයියා පොඩි දරුවෙක් වගේ මගෙ උකුලේ ඔලුව තියාගෙන නිදා ගත්තා ,බහින තැනට එනකන්ම. නිදන් ඉන්න විදියට මට ඇහැරවන්න හිතුනෙම නෑ .නයනිලාගෙ ගෙදරට කිව්වු වෙද්දි මම ශානූ අයියව ඇහැරෙව්වා. 
ඒ ගමනින් පස්සෙ ශානූ අයියයී මමයි හුගක්ම ළං වුනා. දැන් ශානූ අයියා නිවාඩු දාට අපේ මහ ගෙදරත් එනවා. චූටී මාමට ආරංචි වෙන්නෙ නැද්ද , නැත්තම් මං ගැන හොයලා වැඩක් නෑ කියලා හිතලද කොහෙද, එයා ඒ ගැන කතා කලේවත් නෑ.

;
   ශානූ අයියා මං හවස් වෙලා පංති ඇරෙන දාට බයික් එකෙන් එක්කන් එන්න එන නිසා මං යාලුවන්ගෙ ගෙවල් වල යන එක ටිකක් අඩු කලා. ශානූ අයියා හවස මාව ගෙදර ඇරලලා , ආපහු යන්න ගියා. 


      ඉස්කෝලේ නිවාඩු දවසක ට කලින් දවසේ ශානූ අයියා මට කෝල් කරලා කිව්වා ,හෙට පොඩි ගමනක් යන්න තියෙයී ගෙදරට පංති කියලා එන්න කියලා. මමත් කියපු විදිහටම පහු වෙනිදා  ආවා. කොහෙද යන්නෙ ඇහුවට යන තැනක් කිව්වෙම නෑ. " යමුකෝ ගිහින්ම බලමුකෝ" කිව්වා.


      ශානූ අයියා මාව එක්කගෙන ආවේ එයාලගෙ ගෙදරට. ඒක බොහොම පරණ ගෙයක්, බැලූ බැල්මටම හරිම මූසල ගතියක් මට වෙනුනේ. රූස්ස ගස්වලින් වට වෙලා වට පිටාව හුගක් වදුලයී, ඒ වගෙම ගස්වල සෙවන නිසා හරිම සිසිලයී.උලු හෙවිලි කර වහලය හුගක් පරනයි. කාලෙකින් තීන්ත ආලේප කර නැත් බිත්තී තැනින් තන කැඩී ගිහින්. කුඩු ගල් හා මැටියෙන් නග්ගලා තිබුනු බිත්ති හුගක් ගනකමයි. "බිත්තිය දෙපල ඉදන් කතා කරහම නොඇහෙන තමට". ගරා වැටෙමින් තිබුන ගේ දැක්කම මට තේරුනා ඒක හුගක් පරණ ගෙයක් බව. 

ඇයි ඔහොම බලන්නෙ.....

නිකන් ශානූ අයියේ ... අම්මා දන්නවද මාව එක්කන් එන බව. මට බනීවී.

ඔව් ඔව්.. මං එයාට කිව්වා ඔයා එක්කන් එන බව.. යමු ඇතුලට.


      බයිසිකලය මිදුලෙ නවත්වල සුලු මොහොතක් ගේ දිහා බලාන ඉන්න දීලා ශානූ අයියා මට කිව්වා. ශානූ අයියා යාමු කියලා මගෙ අතින් ඇද්දත් මං එතනම ගල් වෙලා හිටියා .

ඇයි සුදු මැනික යමු ගෙට... අම්මට බයේද නැත්තම් ගේ දැක්කම බයේද....

නෑ එහෙම එකක් නෑ . ශානූ අයියේ.

ඔයාට හිතෙන දේ මට හිතා ගන්න පුලුවන්.. ඔයා මගෙ ඇත්ත තත්වය කලින්ම තේරුම් කරන්නයි මං ඔයාව මෙහෙට එක්කන් ආවේ.

මං ඔයා මොන තත්වේ වුනත් කමක් නෑ ශානූ අයියේ, ඔයා මං වෙනුවෙන් කරන දේවල් දැක්කම. 

එහෙම් යමුකෝ. 


     මම ශානු අයියලාගෙ ස්තෝප්පුවට ගොඩවුනා. ඇත්තටම ඒ ගේ දැක්කම තිබුන මූසල පාටට හිත පොඩ්ඩක් ගැස්සුනා මිසක්, ශානු අයියා ගැන පසුතැවීමක් ආවේ නෑ. ඒත් ශානූ අයියා හිතුවේ එයාලගෙ ගේ දැක්කම මගෙ හිතේ තිබුන හැගීම වෙනස් වුනා කියලා. මොනදේ වුනත් මං දන්නවා ශානූ අයියා මට මොන තරම් ආදරේද කියලා, ගෙවල් දොරවල් නම් ඕනි තරම් හදා ගන්න පුලුවන්, ඒත් හොද ආදරක් ලබන්න හුගක් පින් කරන්න ඕනී. මොන තරම් පව් කරලා තිබුනත් ,මම ශානූ අයියාගෙ ආදරය ලබන්න පින් කරලා තිබුනා.

අම්මේ.. අම්මේ.... අපි ආවා.


         ශානූ අයියා ඉස්සරහා දොරට තට්ටු කරමින් සතුටින් කෑ ගැහුවා. මම නම් බයෙන් ඉන්නෙ.ශානූ අයියලගෙ අම්මා මාව කොයි විදිහට පිලිගනිවිද.

ඊ ළග කොටසින් හමු වෙමූ..

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Sep 2016 02:20 PM
  •  Quote
  •  Reply
dan newe heta thama kiyawanna wenne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
30 Sep 2016 01:24 AM
  •  Quote
  •  Reply
ඊලග කොටසත් දාමුකෝ එහෙනම් දැන්
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 02:47 AM
  •  Quote
  •  Reply

දූශාන් අයියා ශා අයියා කියවනකන්  ඉන්මු නේද...

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 10:35 AM
  •  Quote
  •  Reply
...... කදුලත් සැනසුමක් .....

38. වන කොටස...

ඕ ඉන්න පුතේ .. මං එනවෝ...


    ටිකකින් ශානූ අයියනෙ අම්මා ඇවිත් දොරේ අගුල අරින සද්දය ඇහුනා. දොර පියන් දෙක දෙපසට කරමින් අම්මා ඉදිරියට ආවා. අම්මා මං දිහා බැලුවේ පුදුමයෙන් වගේ.

දුව.....

අම්මේ..


     මං අම්මගෙ දෙපා වැදලා ආශිර්වාද ගත්තා. 

මං හිතුවේ නෑ පුතා කිව්වට. ඇත්තටම එක්කගෙන ඒවී කියලා.

මං කිව්වොත් කිව්වනේ.


ශානූ අයියා එහෙම කියලා ගෙට ඇතුල් වුනා.

යමු දුවේ ගෙට.. චුටී මැනිකේ මේ බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියලා. 

අනේ. අම්මේ... මට බෑ... අනේ.... එන්නකෝ.. දොයි මතයී....


     අම්මගේ කතාවට පිළිතුරු ලැබුනේ ඇතුල් කාමරය පැත්තෙන් . ශානූ අයියට ඉන්නවා නම් කිව්වෙ අවුරුදු පහළවක විතර ලොකු නංගියෙක්, ඒත් හුරතලයට කතා කලේ මොන්ටී සෝරී බබෙක් වගේ. හරිම හුරතලේට හැදුනු පාටයී. එදා අපේ ගෙදර කට්ටියම ආපු වෙලේ නංගිත් ඇවිත් හිටියා,මට රූපේ ටිකක් විතර මතකයී.

චූටී මැණික අක්කා ඇවිත්..

අක්කා... කෝ..


    නංගි අවුල් වී ගිය කොන්ඩය සකසමින් කාමරයෙන් එළියට ආවා. නංගි දවාලේ හොදටන නිදාගෙන වගේ, මූනේ කොට්ට පාරත් හිටලා. 

අක්කේ.... ඔයා එනකන් මයි මං බලන් හිටියේ..


   නංගි දුවලා ඇවිත් මගෙ අතේ එල්ලිනා .

යමූ කාමරට එන්නකෝ. 


       නංගි මාව එයාලගෙ කාමරයට ඇදගෙන ගියා. ඒක තමා ඒ ගෙදර තිබුන ලොකුම කාමරය. ඒත් කිසිම පිලිවෙලක් තිබුනේ නෑ. ලොකු මේසයක්, පෙට්ටගමක්, ඒක උඩ ලට්ට ලොට්ට ගොඩක් පුරවලා තිබුනා. දිග හෝල් එකක් වගෙ කාමරය කොනක වැල් දෙකක් බැදලා ඒවයේ රෙදි පුරවලා. කාමරයේ ඇදක් වත් තිබුනේ නෑ. මෙට්ටයක් බිම අතුරලා තාමා නිදාගෙන තිබුනේ. ජනෙල් හතරක් තිබුනා ජනෙල් හතරම වහලා. 

වාඩි වෙන්න අක්කි.


    මම වටපිට විමසිල්ලෙන් බලමින් වාඩී වුනා . නංගි ඉක්මනට ගිහින් ජනෙල් ටික ඇරියා.

ටිකක් නින්ද ගියා අක්කි. 

හ්ම්ම් කොහොමද නංගියෝ.

අපිනම් ඔහෙ ඉන්නවා අක්කි. 


    මං ආයෙත් වට පිටාව හෝදිසියෙන් බැලුවා. කාමරය පුරා මකුලු දැල් පිරිලා, දූවිලි පිරිලා.

අක්කි කාමරේ හැටිද බැලුවේ. අපෝ ඕවා අස් කරලා වැඩක් නෑ. 

ඇයී. ඒ

අක්කිට තේරෙයි කල් යද්දී.

දුව තේ ටිකක් බොමු.. මේ පුතා කිව්වට දූ එයි කියලා මං හිතුවෙම නෑ. කන්න මොකුත් ගෙනාවෙත් නෑ. ගෙනාවට මේ චූටි මැනිකත් එක්ක ඕවා තියා ගන්න බෑ.


         මම මොකුත් නොකියා හිනා වෙලා තේ එක අතට ගත්තා . මට තේරුම් ගන්න බැරී ඇයී මෙහෙම අපිළිවෙලට ඉන්නෙ කියලා. පැළක් වුනත් පිළිවෙල නම් ලස්සනයිනේ.
දැන් අපිට තේ නෑ නේද. 

අයියට තේ දෙන්න අපා අම්මේ. හ්ම්ම්.

ආ දැන් අක්කට විතරද.

ඔව්. දෙන්නෑ.


     ශානූ අයියත් ඒ කාමරයට ඇවිදින් නංගි එක්ක පොඩි රංඩුවක් දා ගත්තා. අම්මා දවල්ට කන්න උයන්න කියලා කුස්සියට ගියා. නංගි මායී කාමරයට වෙලා කතා කර කර හිටියා. නංගිගෙ භාෂාව නම් පොඩි ළයෙක්ගෙ වගේ, හරිම හුරතල්.

       අපි ටිකකින් කුස්සියට ගියා. දෙවියනේ දුම් ගෙයක් වගේ බිත්ති කලුම කලු පාටයී. ගේ මොන තරම් පරණද කියලා හිතා ගන්න පුලුවන්නෙ. මං කෙලින්ම කුස්සියෙ ජනේලය ළග තිබුන පුටුවේ ඉද ගත්තා. අම්මා ඉදගෙන පොල් ගානවා, නංගි එතන බිම ඉදගෙන් පොල් එකට අත දාලා පොල් කනවා. කැඩිලා බිදිලා ගිය ලිප් දෙකයී, පාවිච්චියට අරන් තිබුනේ කඩෙන් ගෙනත් තියා ගත්තු ලිප් දෙකේ මැටි ලිපක්. මේස වල ඉටිරෙදි දැලි වලින් වැහිලා. මිරිස් ගල උඩ පොල් කොළ මිටියක්,තවත් කොනක වුන මේසෙක පරන බෝතල්, පිගන් කෝප්ප පුරවලා. මගෙ ඔලුව රිදෙනවා වගේ මේවා දැකලා මං කුස්සිය පැත්තෙන් එළියට ගියා.


      එළිය ඊටත් හපන් මුලු මිදුලම වල්පැලෑටි වලින් වැහිලා ගිහින් සෑහෙන කාලෙකින් මිදුල ඉදලක් දැකලා වත් නෑ. කොනක තිබුනා ලොකූ ලිදක් මං ඒකට එබිලා බැලුවා අඩිය නොපෙනෙන තරමට ගැබුරුයී. ලිදේ පඩිය උඩ හෝදන්න තියෙන වලං ගොඩක් ගොඩ ගහලා. අනිත් පැත්තේ රෙදි බේසමකින් එකක් පුරවලා. මං කල්පනා කරමින් ඇවිත් පුටුවේ ඉද ගත්තා.

කවුද යකෝ ගෙදර ඉන්නෙ .. ලතෝ පලයං එළි බැහැලා මෙහෙන්..


      එහෙම කෑ ගහගෙන කවුද ඈතින් එනවා. නංගි ඇස් ලොකු කරගෙන මගෙ ළගට දුවගෙන ආවා. 

අක්කි එන්න එන්න . අනේ.. හැංගෙමු එන්නකෝ.


       හේතුව නොතේරුනත් මං නංගි එක්ක ගියා .

මගෙ කාමරයට යන්න. තාත්තා ඒකට එන්නේ නෑනේ. 


       ශානූ අයියා කලබලෙන් එහෙම කියනකොට තමා තේරුනේ මේ එන්නෙ ශානු අයියලගෙ තාත්තා බව. තාත්තා බොන බව අහලා තිබුනත් බීලා මෙහෙම කෑගහ බව, රංඩු කරන බව මං අහලා තිබුනේ නෑ. මගෙ පපුවත් දැන් ඩග් ඩග් ගාලා ගැහෙනවා. නංගී මායී කාමරයට ගිහින් දොර වහ ගත්තා.

අක්කි සද්ද කරන්න එපා. තාත්තා අයියගේ කාමරයට එන්නෙ නේ නෑ. බය වෙන්න එපා.
තාත්තා ගේ ඇතුලට ඇවිත්. කෑ ගනවා.

කෝ මේ ගෙදර උන් ලතෝ. පලයන් තොගෙ ළමයිනුත් අරන් එළි බැහලා මේකෙන්. මං මේක විකුනලා දානවා පලයව්.

මොකද මනුස්සයෝ වෙලා තියෙන්නෙ. මහ දවාලේ බීගෙන. අහල පහල මිනිස්සුත් බය වෙනවා. 

අනේ තෝ කට වහපිය . පල මෙහෙන් තොරොංචි වෙලා. 
අම්මට ගහන්න හදන්වද කොහෙද . අම්මා කැ ගැහුවා.

මොකද තාත්තේ මේ. 

ආ ලොකු පුතේ උබත් අද ගෙදරද.


     ශානූ අයියා දැක්කා විතරයී තාත්තා ටිකක් තැම්පත් වුනා .

තාත්තා ට නම් කවදාවත් සිංහල තේරෙන්නෙ නෑ නේද.

නෑ නෑ.. ලොකු පුතේ...


    තාත්තා දැන් පූස් පැටියා වගේ. සාලෙට එන සද්දේ ඇහුනා. 

තොපි හිටපියව්. මගෙ බඩුත් අරගෙන මං යනවා. තොපි එක්ක ඉන්න බෑ මට .
නොයෙක් දේවල් කියමින් මොනවදෝ බඩු වගයක් කවර වලට දානවා ඇහුනා. 

නංගී තාත්තා හැමදාම ඔහොමද.


      මම නංගිගෙන් රහසින් ඇහුවා .

සමහර දාට ඔහොම තමා අක්කි.

ඇයි අයියට තාත්තා බය. 

ඉස්සර නිතර රංඩු වෙනවා. අපි හැමදාම අම්මා එක්ක කැලේ හිටියේ.

      නංගි කතාට මුල පිරුවා . අයියගෙ කාමරේ බඩු මොකුත්ම තිබුනේ නෑ, බිම අතුරපු මෙට්ටය විතරයී තිබුනේ . තව සොල්දරයට යන්න තිබුන ඉනිමග සොල්දරේ දොරට හේත්තු කරලා තිබුනා .නංගි මායී හිටියෙ මෙට්ටෙ උඩ ගුලි වෙලා. නංගි මට රහසින් කතාව කියන්න ගත්තා .

දවසක් තාත්තා අම්මට පිහියකිනුත් කෙටුවා නලලට . අපි හිතුවේ එදා අම්මා මැරෙයි කියලා අක්කි ලේ හුගක් ගියා .

ඊට පස්සෙ..

ඉස්පිරිතාලේ එක්ක ගියා . එදා ඉදන් තාත්තා කෑ ගහද්දී, අයියා ඉවසන් හිටියේ නෑ. දවසක් අම්මට ගහපු නිසා අයියා තාත්තට ගැහුවා. එදා ඉදන් තාත්තා අයියට බයයී. අයියා නැතුවම තමා අපිට සද්ද දාන්නෙ.


       මට දැන් තේරෙනවා ශානූ අයියා ඇයි ඉගෙන ගන්න අකමැතී කියලා. තාත්තා හම්බ කරන හැම සත්තේම බොන්න වියදම් කරනවලූ. කන්න බොන්නත් සල්ලි හොයා ගන්නේ, අම්මා ළග තිබුන කිරි කට්‍ටීයක කිරි කපලලූ. තාත්තා හිටි ගමන් ගෙදරට සල්ලි දෙනවලු. වෙරි හිදුන වෙලේ ඉදන් සල්ලි ආපහු ඉන්නනවලූ. මාමාත් ගෙදර වියදමට සල්ලි එවන නිසා අමාරුවෙන් වියදම් ටික දරා ගන්නවලූ. කලින් ලොකු ඉඩමත් එක්ක මේ ගේ තිබිලා තියෙන්නේ. තාත්තා ඉඩම ටිකෙන් ටික විකුනලා දාලා. දැන් ඉතුරු තිබුනේ ගේ තියෙන පොඩ්ඩ විතරයී.

නංගී. දොර අරිනවා.


    නංගි නැගිටලා ගිහින් දොර ඇරියා. මාත් ඒ එක්කම නැගිටලා ආවා. අයියා කාමරේ ඇතුලට එද්දි නංගී කුස්සිය පැත්තට ගියා.

ශානූ අයියේ.. 

සුදු මැනික බය වුනාද ඔයා. මට සමාවෙන්න රත්තරනේ මේවා කලින් නොකිව්වට.
ශානූ අයියා මාව තුරුලු කර ගනිමින් කිව්වා. 

මං කවදාවත් මේ දේවල් ඔයාගෙන් අහලත් නෑනේ ශානූ අයියේ. 

ඒත් මට කියන්න තිබුනා ඔයාට. පේනවා නේද මං හුගක් දුප්පත් තමා රත්තරං.

      මම ශානු අයියගෙ පපුවට ඔලුව තියා ගත්තා. මට එයාගේ හදවත ගැහෙන සද්ද ඇහෙන්වා. මං තවත් ඒ පපුවට තුරුල් වුනා. 

එහෙම කියන්න එපා අයියේ. අපිට ඔය හැම දෙයක්ම හදා ගන්න පුලුවන්. ඔයා ඒවා මොකුත් හිතන්න එපා. නංගි මට හුගක් විස්තර කිව්වා.

කමක් නෑ රත්තරං. දැන් ඔයා මගෙ තත්වය දන්නවනේ. මගෙ කිසිම තරහක් නෑ. මගෙ ඈත් වෙලා ඔයාගෙ අම්මලා හොයාලා දෙන කෙනෙක්....


       මම ශානු අයියගෙ කට අත්ලෙන් වැහුවා. මගෙ හිතට ආවේ කේන්තියක්.

ඇති.. ඇති.. මොනවද කියවන්නෙ. ආයි ඔය ගැන කතා කරන්න වත් එපා.

ඒත් මං දුප්පත් නිසානේ ඔයාලගෙ ගෙදරි අකමැති වුනේ. මං නිසා ඔයාට දුක් විදින්න වෙයී.

ඔයා දුප්පත් කියන කට්ටිය හරි පොහොසද්ද අයියේ. එයාලට වඩා දුප්පත් ඔයාව මට වටිනවා. දැං එයාලා ඔයාට කැමතීනේ. කිව්වම ඔය කතාව නවත්වන්නකෝ. 


      මං එහෙම කිව්වෙ ශානූ අයියගේ ඇස් දෙක දිහා බලාගෙන . මං හොදටම දැක්කා ශානූ අයියගෙ ඇස් කදුලින් බොද වෙලා. අද වුන දෙයින් එයාගෙ හිත හුගක් අසරන වෙලා. මම ශානූ අයියව ආදරෙන් වැලද ගත්තා. 

අපි ගෙදර යමු සුදු මැනික...


      ශානූ අයියා මගෙ කම්බුල ආදරෙන් සිපගෙන්, කාමරෙන් එළියට ආවේ ගෙදර යන්න
තාත්තට සාලේ මැද්දේ හොදටම නින්ද ගිහින් ගොරවනවා. අපි කෙලින්ම කුස්සියට ගියා. නංගි අම්මගෙ උකුලේ ඉදගෙන ඉන්නවා, අම්මත් ඈතක නෙත් යොමාගෙන කල්පනා කරමින් ඉන්නවා. 

අම්මේ මං මෙයව ඇරලවල එන්නම්. මං එනකං තාත්තා ඇහැරෙන එකක් නෑ. 

හා පුතේ පරිස්සමින් ගිහින් එන්න.

 
      අම්මා ඊට වඩා දෙයක් කිව්වෙ නැ. අම්මට මට මූන දෙන්න බෑ වගේ. මම අම්මට වැදලා එන්න ලැහැත්ති වුනා. නංගි මට වැදලා. 

අක්කි ඔයා ආයී එනවා නේද . තාත්තා නැති දාක ආයී එන්න.

හරි නංගියෝ මං එනවා. පරිස්සමින් ඉන්න. 

අක්කත් පරිස්සමින් ඉන්න.

ශානූ අයියා මාව ගෙදරම ගෙනත් ඇරලා එහෙන්මම ආපහු ගියා. 

අද පංති කලින් ඇරුනද. 


        මම ගෙට එද්දිම ආච්චි අම්මා ප්‍රශ්න කලා.

ඔව් සුදු අම්මෙ. ශානූ අයියා ගෙනත් අරලින්න ආව නිසා ඉක්මනටම ආවා. 

     මම ශානූ අයියලාගෙ ගෙදර ගිය බව කාටවත්ම කිව්වෙ නෑ. ශානූ අයියා මාව පොරොන්දු කර ගත්තා කාටවත්ම නොකියන බවට.ශානූ අයිය්ලගේ තාත්තා නිතරම ගෙදර ඉන්න කෙනෙක් නෙමේ. ඈතල ගිහින් බෝඩ් වෙලා වැඩ කලේ. මම නිතරම වගේ ශානූ අයියලාගේ ගෙදර ගියා. 


     ශානු අයියගෙ කාමරෙන් පටන් අරන් දවසින් දවස මුලු ගේම පිලිවලට අස් කලා. ශානූ අයියා නම් කිව්වෙ" බොරුවට මහන්සි නොවී ඉන්න මේක අස්කරන්න පුලුවන් එකක් නෙමෙයි" කියලා. ප්‍රයෝජනයක් නැතී සේරම බඩු ශානූ අයියා ලවා උඩ සොල්දරයට දැම්මා. අම්මා මොකුත් කිව්වෙ නෑ මං කරන දේවල් වලට එයත් මට උදව් කලා. කුස්සියත් සේරම අස් කරලා අලුත් ඉටිරෙදි ගෙන්නලා මේස වලට දැම්මා. ඊට පස්සෙ මිදුලත් සුද්ද කරලා, නංගිට හැමදාන අතුගාන්න කිව්වා. දැන් පරන වුනත් ගේ පිලිවෙලයී ශානූ අයියා මාව අගේ කලා. ඊට පස්සේ මං සතියකට සැරයක් වත් එහෙ යන නිසා. අම්මාත් ගේ පිලිවෙලට තියා ගන්න උත්සහ කලා.


      මං ඒ ගෙදරට යන බව අපේ ගෙදර කවුරුත්ම දැනන් හිටියෙ නෑ .මම යාලුවන්ගේ ගෙවල්වල යන නිසා  ,එයාලට 

මගෙ ලොකු විශේෂයක් දැනුනේ නැහැ.


ඊ ළග කොටසින් හමු වෙමු

 

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
30 Sep 2016 11:32 AM
  •  Quote
  •  Reply
ස්තුති මේ කොටසටත් මාත් කියෙව්වා ඔන්න
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 12:45 PM
  •  Quote
  •  Reply

දුශාන් අයියා කතාව මග බලන් ඉන්නේ නේ......

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 01:51 PM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.....

39. වන කොටස.


        අපිට හම්බෙන්න ,කතා කරන්න ඕනි තරම් නිදහස තිබුනා. මං කරන්නෙ මොනවද හොයන්න කාටවත් උවමනාව තිබුනෙ නැ. ඒක නිසාම මං ශානූ අයියට හුගක් ළං වුනා. මගෙ ජීවිතේ වුනේ ශානූ අයියා. සමහර දවස් වල ශානු අයියලාගෙ ගෙදර යද්දී ගෙදර කවුරුත්ම හිටියෙ නෑ. අපි දෙන්නා විතරක් ගෙදර හිටියට ශානූ අයියලගෙ අම්මා මොකුත් කිව්වේ නැහැ. ශානූ අයියා ගෙදර අය කියනදේ පොඩ්ඩක් වත් ඇහුවේ නෑ. ශානූ අයියා කරන කිසිම දේකට එපා කිව්වේ නෑ. බැරි වෙලා හරි ශානු අයියගෙ අම්මා, ශානූ අයියට නරකක් කිව්වොත් එයා අම්මට සැරෙන් කතා කලා. 


          මම ශානූ අයියට දොස් කිව්වා , අම්මට එහෙම කතා කරනවට. ඒත් එයා කිව්වේ "ඔයා නොදන්න ඒවට අත නොදා ඉන්න, මට ඉගෙන ගන්නත් නැති වුනේ ඔය මිනිස්සු නිසා තමයී , මාමා විතරයී මං ගැන බැලුවේ. මං අන්තිම කාලේ ක්ලාස් ගියෙම නෑ. අම්මයි නංගී ගිහින් මාමා ගෙන් සල්ලි අරන් ආවට මට දෙන්නෙ නෑ. මං මෙයාලගෙ ළමෙක් නෙවෙද කොහෙද නංගිට විතරයි හැමදේම කරන්නෙ" කියලා.මං අම්මාලා එහෙම නෑ කිව්වත් ශානූ අයියා ඒක පිළිගන්න සූදානම් නැ. ශානූ අයියගෙ අම්මා හරිම හොද කෙනෙක් , මට හිතා ගන්න බැරි ශානූ අයියා ඇයි එහෙම හැසිරෙන්නෙ කියලා. අපි දෙන්නාගේ සම්බන්දය පටන් ගත්ත දවසේ ඉදන්ම ,අපි දෙන්නා තප්පරයකටවත් තරහා වෙලා නෑ. මට කවදාවත් කේන්තියෙන් වචනයක් කතා කරලා නෑ. හැම ප්‍රශ්නයෙදිම මං වෙනුවෙන් හුගක් ඉවසුවා, ඒත් ඇයි මේ ගෙදර අය එක්ක හැසිරෙන විදිහ. මට තේරුම් ගන්න බෑ. ශානූ අයියලගෙ ගෙදර එන්න ගත්තම තමා ශානූ අයියා ගැන තව නොදන්න හුගක් දේ තියෙන බව තේරුම් ගත්තේ. 

************************************
         ශානූ අයියගෙ නංගී හරිම කම්මැලි ගණන් හදන්න. ගණන් අමාරුයි කිව් නිසා මං එයාට ගණන් කියලා දුන්නා. ඉස්කෝලේ වැඩ වලට උදව් කලා. මාත් ක්ලාස් එකේ වැඩ කරේ ශානු අයියලාගෙ ගෙදරදී. මොකද මං දැන් හැම නිවාඩු දවසකම හිටියේ ශානූ අයියලාගේ ගෙදර නිසා.

නංගියෝ අර එන කෙනාව මං අදුරනවා. එයා අපෙ අම්මලාගෙ ගෙවල් ලග.
මම ජනේලයෙන් ඈත් එන පුද්ගලා පෙන්වමින් කිව්වෙ බය මුසු ස්වරයකින්. 

ආ ඒ ක්‍රිස්ටී මාමානේ. එයා අපේ ඈතින් නෑයෝ වෙනවා අක්කී.

මං දැක්කොත් එයා ගෙදරට කියයී මං හැංගෙනවා. 


      මං ශානූ අයියගෙ කාමරයට දුවගෙන ගියා .ශානූ අයියා මෙට්ටය අතුරගෙන හොදටම නිදී. මම ශානූ අයියව ඇහැරවලා පුලුවන් ඉක්මනට විස්තරය කිව්වා. ශානූ අයියත් දොර වහගෙන කාමරයෙන් එළියට ගියේ මොකද වෙන්නෙ බලන්න.ඒ වෙනකොට ක්‍රිස්ටී මාමා ගෙට ඇවිත් අම්මාලා එක්ක කතා කරනවා මට ඇහුනා. අයියත් එතනට ගිහින් ආගිය තොරතුරු කතා කලා. පස්සෙ ශානූ අයියා ශීරාන් අයියලාගේ ගෙදර යනවා කියලා බයික් එකේ නැගලා ගියා. ටික වෙලවකින් මාතෘකාව මගෙ පැත්තට හැරුනා. මට හිතා ගන්න බෑ, ක්‍රිස්ටි මාමා ඇවිත් තියෙන්නෙ මං ගැන කතා කරන්න.

ලතා නංගියේ . උබලගෙ ලොකු කොල්ලාගෙ සම්බන්දක් තියේ නේද, අර සේනලගෙ කෙල්ල එක්ක.

ඔව් ක්‍රිස්ටි අයියේ...

උබලා දන්නවද ඕකිගෙ තාත්තා නෙමෙයි ඔය සේනයා. ඒකිගෙ අම්මගෙ දෙවෙනි කසාදේ.

අපි දන්නවා ක්‍රිස්ටි අයියේ ඒක..

එහෙනම් මොකද ඕක නවත්වන්නෙ නැත්තේ...

තාත්තා නැතුවට මොකද ඉතිං..

ඇයි උබලා දන්නෙ නැද්ද ඕකී සේනයා අතින් අනාත වෙලා ඉන්නෙ.


          ඒ වචනය මගෙ හදවත් පසාරු කරගෙන ගියා. මොන ගිනි ගෙඩියක්ද්ද මේ පාත් වෙන්න යන්නෙ. මට එලියට ඇවිත් ක්‍රිස්ටි මාමාගෙ බෙල්ල මිරිකලා තෝ දැක්කද අහන්න හිතුනා. මං අමාරුවෙන් කේන්තිය ඉවසගෙන අහගෙන හිටියා

ඒ මොකක්ද්ද අයියේ ඒ කතාව..

ඔය කෙල්ලෙ ලොකු ළමෙක් වෙන්නත් කලින් අනාත වෙලා තියෙන්නේ. ඒකනේ ලොකු ළමෙක් වුනා කියලා කාටවත් කිව්වෙ නෑ .සති දෙකක් විතර ගමේ ගෙනිහින් ඉදලා එක්ක ආවා.

මොනවද ක්‍රිස්ටි අයියේ ඔය කියන ජරා කතා.

ඔබට මං කියන එක විශ්වාස නෑ. සේනයා මගෙ හොද යාලුවෙක්නේ. සේනයාමයි මට ඕක කිව්වෙ. ඒකිත් කැමතිලූ බං ඕවට. පස්සේ මේ.. ඔබලගෙ කොල්ලා එක්ක පැටලුනාමලූ ඒක නැවතුනේ.

මට විශ්වාස නෑ..

සේනයගෙ කටින්ම කියනවා නම් ආයි මොනවද? මං මේක උබලගෙ හොදටයි කිව්වෙ. තවත් ඔය සම්බන්දේ තියෙ නම් කඩලා දාපන්. 


       ඒ කතාවෙන් තේරුනා මේක සේන බාප්පගෙ උප්පරවැට්ටියක් බව. මොන ජරා මිනිහෙක්ද ,මොන විදිහෙන් හරි මාව තනි කරන්නයි සේන බාප්පට ඕනී. කේන්තියට වඩා මට දුකයි. මං කොහොමද මේ මිනිස්සුන්ට මූන දෙන්නෙ. මං කාමරේ මුල්ලක ඉදගෙන අමිහිරි මතකයන් මතක් කරමින් හඩන්න ගත්තා.


     ක්‍රිස්ටි මාමා තමත් මොනවදො අම්මලා එක්ක කියවලා යන්න ගියා. ඒත් ක්‍රිස්ටි මාමාට සැකයීද කොහෙද මං ගෙයි ඉන්න බව මට රිදෙන්නම ගොඩක් දේවල් කිව්වා. ශානු අයියා තාම ගෙදර ආවේ නෑ . දැන් ශානූ අයියා ආවම අම්මා සේරම කියයී, ශානූ අයියත් මාව සැක කරයිද. ඇයි දෙවියනේ මේ මිනිහා මගෙ පස්සෙම ඇවිත් මගෙ ජීවිතේ විනාස කරන්න හදන්නෙ. ක්‍රිස්ටි මාමා ගියත් අම්මයී නංගී මට කතා කලෙ නැහැ. මූන දෙන්න බය නිසා මාත් කාමරෙන් එළියට ආවේ නෑ. අන්තිමේදී මෙට්ටෙයෙ වැතිරිලා අඩමින් සිටි මට නින්ද ගිහින් තිබුනා. 

ශදී නංගී ...ශදී නංගි.. ළමයෝ දොර අරින්නකෝ..


        ශානු අයියගෙ කටහඩ ඇහෙත්ම මගෙ ඇග රත් වෙලා ගියා. නින්දෙන් අවදි වුන මම මෙට්ට මත් ඉදගෙන නිහඩව අහන් හිටියා. මගෙ කම්බුල් දෙක තවමත් කදුලු වලින් පෙගිලා.

මොකද ළමයෝ දොර අරින්න ක්‍රිස්ටි මාමා ගිහින්...

ඉන්න... අයියේ.. .මට.. නි..න්ද ගියා.


      මම වෙව්ලන කටහඩින් කියද්දි ශානූ අයියට මං අඩන බව තේරුනා. මම හෙමින් සැරේ කමරේ දොර ඇරිලා.

ඇයි අඩන්නෙ සුදු මැනික....


      ශානූ අයියා මගෙ කදුලු පිස දමමින් ඇහුවා. මට තවත් ඇඩුම් ආවා.

අඩන්න එපා ළමයෝ.. මට අම්මා සේරම කිව්වා මට ඔයාව සැක නෑ. ඔයා මට බොරු කිව්වෙ නෑනේ.

මං.. ඔයාට.. බො..රු කියලා.. නෑ මගෙ.. අයියේ..

හරි දැන් අඩන්න එපා. 

අම්මලා... මොනවා. හිතනවද .. දන්නේ නෑ... මේ බූරුවා.. මාව මැරුවා නම්...මීට වඩා ... හොදයී... දැන් ඕක ගමේම පැතිරෙයී..

අම්මලා ඕනී එකක් හිතා ගත්තුදෙන්. මට විශ්වාස නම් එච්චනේ.


එහෙම කියලා බෑනේ අයියේ. මං මේ ගෙදරත් එන නිසා එයාලා ඔය කතාව විශ්වාස කරනවා ඇති. හොද ගෑනූ ළමයෙක් නම් බදින්න කලින් කොල්ලගෙ ගෙදර එන්නෑනේ.

මං දන්නවනේ ඔයා ගැන .ඇයි දුක් වෙන්නෙ. ඔයා කවදා හරි බදින්නෙ මාව. ඔයා මොන වගෙ වුනත් ඒක වැදගත් වෙන්නෙ මට විතරයී. 

මගෙ ... අම්මයී.. තාත්තා.. හොදින්.. හිටියා නම්.. මට.. මෙහෙම වෙන්නෙ නෑ අයියේ.. ඉගෙන ගන්න කාලෙම ඔයාට මගෙ වියදම් දරන්නවත්, ඔයාලගෙ ගෙදරවත් එන්න වෙන්නෙ නෑ. එහෙම වුනානම් මට මේ කතා අහන්න වෙන්නෙත් නෑ.


       මම ශානූ අයියගෙ පපුවේ මුහුන හොවාගෙන ඇඩුවා. අම්මා කියපු කතාව ඇත්තද කියලාවත් අහන්න ආවේ නැහැ. ක්‍රිස්ටියට සැකයි වගේ ඔයා මෙහෙ බව. ආයි එන්න පුලුවන් ලෑස්ති වෙන්න අපි ගෙදර යමු. ටික දවසක් මෙහෙ නෑවිත් ඉන්න වෙනවා.
මාත් හිස වනලා ඒකට කැමති වුනා. ඉක්මනට ගෙදර එන්න සූදානම් වුනා. පිටත් වෙන්න ලැහැත්ති වෙලා මම කුස්සියට ගියෙ අම්මට වදින්න. මගෙ හිත බයෙන් පිච්චුනත් මේ වෙලාවෙ මගහැරියොත් මාව සැක කරයි කියලා. අම්මා මගෙ දිහා බැලුවේ වත් නෑ .මම ගිහින් වැන්දා. ඕනිවට එපාවට තෙරුවන් සරනයි කිව්වා. 

අම්මේ ..මම ගිහින් එන්නම්.. මාව සැක කරන්න එපා අම්මේ. ඕක සේන බාප්පගෙ කපටි වැඩක්.

මට ඕවයින් වැඩක් නෑ. 


      අම්මා මං දිහා බලලා එහෙම කිව්වෙ පිහියකින් අනිනවා වගේ.

ශදී නංගි මෙහෙ එන්න යන්න. මං කිව්වා නේද එක පාරක්.


ශානු අයියා කුස්සියෙ දොර ගාවට ඇවිත් කේන්තියෙක් කිව්වා.

ඒත් අයියේ.

මං බදින්නෙ මට ඕනී කෙනා . ඔය කවුරුත් මං වෙනුවෙන් මොකුත් කලේ නෑනේ. මගේ දේවල් මංම බලා ගන්නම්. මගෙ වැඩ වලට අත දාන්න එන්න එපා. ආයි ඔව ගැන වචනයක් හරි කතා කරලා තිබුනොත් මං බලා ගන්නම්. ක්‍රිස්ටියටත් මොකද දන්නෙ නැ එක පාරට නෑ කම් මතක් වුනේ.


          ශානූ අයියා මෙහෙම හැරිරෙනවා මං කවදාවත් දැකලා නැ. මට හිතා ගන්න බෑ ශානු අයියා මේ තරම් නපුරුයිද කියලා.

පුතේ මේ.

මේ.. මේ .. අම්මේ ඇති.


         ශානූ අයියා මගෙ අතින් ඇදගෙන ස්තෝප්පුවට එකන් ආවා. මම ගේ ලගින් බහිනකන්ම වචනයක් වත් කතා කලේ නැ..

ගෙදර ගිහින් අඩන්නවත් කාටවත් ඔය කතාව කියන්න වත් එපා හොදද. ඔයා අපේ ගෙදර යන බව කවුරුත් දන්නෙ නැනේ. 


හරී ශානූ අයියේ යමු ගෙට .

යමු .. මං එන්නම්.


       මම ගෙට ඇතුල් වෙද්දිම ආච්චි අම්මා ඇයි ඇහුවා. මං ඔලුව රිදෙනවා කියලා එයාව මගහැරියා. 
*******************************
       මම ස්කෝලේ ඇරිලා ගෙදර එනකන් ආච්චි අම්මා මගෙ බලාන ඉන්නවා දැකලා මට පුදුම හිතුනා. මං ඈත ඉදන්ම ඇයි ඇහුවා. අම්මට මල්ලියෙක් ඉපදිලාලූ. දෙවියන්ගෙම පිහිටයී. ඔයා සේනයා ලගට කෙල්ලෙක් නොඑවා කොල්ලෙක්ම එව්වට. මට දැනුනෙ කියා ගන්න බැරි සතුටක්.

ආච්චි අම්මා ගියාද බලන්න..

නෑ නෑ .. හෙට යමූ. 

හා යමු.. මං හෙට ස්කෝලේ යන්නෙත් නෑ චූටි මල්ලි බලන්න යනවා. 

මට හෙට ටිකක් වෙලා බාබා ළග ඉන්න වෙනවා. 

ඇයි ඒ.

අම්මා එල් ආර් ටී කරනවලූ.

හ්ම්ම්ම්. පව්නේ. එකපාර වේදනා දෙකක්.

ආයී ගෙදර ආවොත් ළමයි දාලා යන්න වෙන්නෙ නැති නිසා කරනවලූ. 


      මට අම්මා ගැන දුක හිතුනා. රැ පහන් වෙනකන්ම චූටී මල්ලි හම්බවෙන්න වේදනා විදින්න ඇති . ඒ පිටම තව සැත්කමකුත් කර ගන්න හදනවා. පහුවලා අපි ඉස්පිරිතාලෙට ගියා . අපි ඒ යද්දිත් අම්මා සැත්කමට අරන්. 

      මං ගිහින් මගෙ චූටී මල්ලි දිහා බැලුවා . රෝසම රෝස පාට මූන පිණි ජම්බු ගෙඩියක් වගේ. නිල්ම නිල් පාටින් අන්දලා .නිල්පාට මං ගොතලා දුන්න තොප්පියයි මේස් දෙකයී දාලා,චූටි මල්ලි හොදටම නිදි. චූටී රෝස පාර අත් මිටමොලවගෙන චූටි කකුල් දෙකත් උඩ දාගෙන එයා නිදි. මම හිමින් සැරේ එයාගෙ චූටී අත් ස්පර්ශ කලා. එයා එහෙට මෙහෙට මුන හරවමින් කිරි හොයනවා. මම අනිත් ඇදවල් වල ඉන්න බබාලා දිහාත් ඔලුව උස්සලා බැලුවා. එයාලා අපේ මල්ලිට වඩා හුගක් චූටී වගේ. මල්ලි ලොකු නිසා ඉපදෙන්නත් අමාරු වුනා කියලා ,නර්ස් ආච්චි අම්ම්ට කියනවා මම අහගෙන.

ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Sep 2016 03:35 PM
  •  Quote
  •  Reply
ilanga tikath danna ithin ikmanata
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
1

gayya
Basic Member
Basic Member
Posts:127






--
30 Sep 2016 05:03 PM
  •  Quote
  •  Reply
සදුනි අක්කි ලියපු කතා කියවන්න ඉන්නේ කෝස් ඒක ඉවර වෙලාම නිදහසේ.. අන්න ඒදාට මම කමෙන්ට් ඒක දෙන්නම් හොදද.. කෝස් ඒකේ ඒග්සැම ඉවරවුනු ගමන් දාගෙන තියන පලවෙන් වැඩේ ඒ්ක..
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
1

ගීත්
New Member
New Member
Posts:55






--
30 Sep 2016 08:26 PM
  •  Quote
  •  Reply
වෙලාවක කොටස් ටික ඔක්කොම කියවන්න ඕනෙ හී
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 09:13 PM
  •  Quote
  •  Reply
Posted By gayya on 30 Sep 2016 05:03 PM
සදුනි අක්කි ලියපු කතා කියවන්න ඉන්නේ කෝස් ඒක ඉවර වෙලාම නිදහසේ.. අන්න ඒදාට මම කමෙන්ට් ඒක දෙන්නම් හොදද.. කෝස් ඒකේ ඒග්සැම ඉවරවුනු ගමන් දාගෙන තියන පලවෙන් වැඩේ ඒ්ක..

නියමයි. ඒත් මොනවගේ කෙමෙන්ට් ලැබෙයිද? හී

මම මග බලන් ඉන්නවා ගුරු......

ඔයාගේ විභාගේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

හොදට විභාගෙට මූණදෙන්න.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 09:14 PM
  •  Quote
  •  Reply
Posted By ගීත් on 30 Sep 2016 08:26 PM
වෙලාවක කොටස් ටික ඔක්කොම කියවන්න ඕනෙ හී
කියවලා බලන්නකෝ ගීත් අයියන්ඩී



දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Oct 2016 02:56 AM
  •  Quote
  •  Reply
මේ කොටසත් කියෙව්වා ඊලග එකත් දාන්න එහෙනම් ස්තුති
1
Add Reply
Page 12 of 16 << < 1011121314 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below