You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:51 AM by  hasithad
ඩෙංගු වෛරසය නිට්ටාවට මඩින ඔසුවක්
 61 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
27 May 2015 08:54 AM
ම්ම්ම්ම්ම් මේක අසුරන්නම යන්න ඇති සැහෙන්න වෙලාව ..... ගුණ උනත් බොන්නේ කොහොද
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
27 May 2015 08:03 PM
නහය වහගෙන එක හුස්මට ඔක්කොම බොන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
28 May 2015 07:15 AM
Posted By Ind007ka on 20 May 2015 10:57 PM
 
රාබු කියන්නෙ එළවළුවක්. හැබැයි කවුරුත් අකැමැති එළවළුවක්. මේ එළවළුව කන්නෙ නැති හේතුව තමයි රාබුවල ඇති සැර නහයට අප්‍රිය වීම. නමුත් රාබුවල තිබෙන ඔෟෂධීය ගුණ ගැන දැන ගත්තොත් ඔබ රාබු වෑංජනයක් සතියකට දෙවරක්වත් ආහාර වේලට එක්කර ගනීවි. ළපටි රාබු වෑංජනය ඉතාම රසවත්. ඒ වගේම රාබු සලාද ලෙස සාදා ගත්තොත් රසවත් ආහාරයක්. රාබු ඇටවලින් ගන්න තෙල් පුද්ගල ශරීරයේ හටගන්නා රෝග නිවාරණයට කදිමයි.

රාබුවලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ මූලක කියල. ඒ වගේම ලොකු අලයක් තිබෙන නිසා මහා කන්ද කියලත් දිගු අලයක් තිබෙන නිසා දීර්ඝ කන්ද නමිනුත් රාබු හඳුන්වනවා. ඇත් දළයට සමාන අලයක් ඇති නිසා හස්ති දන්තක කියලත් සංස්කෘතෙන් රාබු හඳුන්වනවා. චීනයේ උපත ලද රාබු රෝම අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ පවා බහුල වශයෙන් භාවිත කළා කියලා ඉතිහාසය සාක්‍ෂි දරනවා. රාබු මල බද්ධයටත්, කෑම අජීර්ණයටත්, අර්ශස් ආදී රෝග රාශියකටත් ගුණ දෙන ඔෟෂධයක්.

ඒ වගේම හෘද රෝග, පෙණහලු ආශි්‍රත රෝග නිට්ටාවටම සුව කළ හැකි අගනා ඔසුවක් තමයි රාබු කියන්නේ. අක්මාව ආශි්‍රත රෝග, ඇස් ලෙඩ, ප්ලේයාව වැනි රෝග රාශියක් එකම ඔෟෂධයකින් සුව වෙනවා කිවොත් ඔබ පුදුම වේවි. අචනඩචදභඵ ඉචබඪමභඵ නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රාබු අයත් වන්නේ ඛ්පභජඪටඥපචඥ කුලයට. ශරීරයට විසක් ඇතුළු වුණොත් ඒ විස ඉවත් කිරීමේ හැකියාවක් රාබුවලට පවතිනවා. ඒ නිසයි මෙය අක්මාවට ඉතා හිතකර ඔසුවක් වෙන්නේ. උණ, සෙංගමාල රෝගීන්ගේ එම රෝග තත්ත්වයන් දුරලන්න නම් ඔබ රෝගියාට දෛනික ආහාර වේලට රාබු වෑංජනයක් පමණයි එක් කළ යුත්තේ. සෙංගමාල රෝගීන්ගේ කහ ගැන්වූ සිරුර යථා තත්ත්වයට අරගන්න කදිම ඔසුවක් තමයි රාබු.

පොදුවේ සෑම අර්ශස් රෝගයකටම ගොදුරු වුණු රෝගීන් රාබු වෑංජනයක් හෝ සලාදයක් දෛනික කෑම වේලට එක්කර ගන්නව නම් අර්ශස් රෝගයට තිත තියන්න පුළුවන්. ඒ වගේම කෑම අරුචිය නැති කරන්නත්, කෑම දිරවීම පහසු කරන්නත්, මල බද්ධය නැති කරන්නත් රාබුවලට පුළුවන්. එයට හේතුව තමයි රාබුවල පවතින සුවිශේෂ රසායනික සංඝටක.

ඔබ අර්ශස් රෝගයට ගොදුරු වී පිඩා විඳින්නෙක් නම් රාබු අල කපා බඳුනකට දමා ඒ බඳුනට මුං ඇට ස්වල්පයක් එක්කර තම්බා වතුර පෙරා තලපයක් සේ පොඩිකර කන්න. සතියක් පමණ දිනපතා එක් වේලක් මෙලෙස සිදුකළොත් ඔබට අර්ශස් රෝගය තව දුරටත් අභියෝගයක් නොවේ. මුත්‍රා මාර්ග පද්ධතිය ආශි්‍රත සෑම රෝගයකටම (අඩුවෙන් මුත්‍රා යෑම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදී) රාබු තැම්බූ වතුර බොනව නම් හොඳයි. මුත්‍රාශය ආශි්‍රත සෑම රෝගයකටම එය අගනා ඔෟෂධයක්. එහෙමත් නැතිනම් රාබු අල ගෙන කොටා ඒ යුෂට අවශ්‍ය පදමට වතුර දමා එය දිනපතා බොන්න. මුත්‍රා ගල් දිය කිරීමටත් මෙය ඉතාම වැදගත් ඔෟෂධයක්.
ඒ වගේම වකුගඩු පිරිසුදු කරන්නත් එය අගනා ඔෟෂධයක්. මධුමේහය, දියවැඩියාව වැනි රෝග ඇති අයට දිනපතා රාබු අල හෝ සලාද වෑංජනයක් කෑම වේලට එක් කරනවා නම් ඒ රෝග තත්ත්වයන් නිට්ටාවටම සුව කර ගන්නත් පුළුවන්.

වයසට යෑම පමා කරන්න නම් දිනපතා රාබු වෑංජනයක් ගන්න. වැදගත්ම දෙයක් තමයි පිළිකා නාශක හැකියාව උපරිමයෙන්ම රාබු ඔෟෂධය සතුව පැවැතීම රාබු තුළ ප්‍රතිඔක්සිකාරක ගුණ අන්තර්ගත නිසා මෙය ආහාරයට ගත් විට ශරීරයේ ඇති විස තත්ත්වයන් ඉවත් වෙනවා. රුධිරය පිරිසුදු වෙනවා. මේ නිසා පිළිකා නාශනය වීමේ ගුණයක් මේ ඔෟෂධීය එළවළුව සතුව පවතිනවා. විශේෂයෙන්ම බඩවැල ආශි්‍රත පිළිකා, වකුගඩු ආශි්‍රත පිළිකා ආදී රෝග රැසකට රාබු හොඳ ඔෟෂධයක්. දිනපතා රාබු යුෂ වීදුරුවක් බොනව නම් ඔබට පිළිකා හට ගැනීමේ අවදානම නැති වෙනවා. වැලඳී ඇති පිළිකා සුව වීමටත් එය ගුණයි. ඒ වගේම මුඛය ආශි්‍රත පිළිකා සුව කරන්න රාබුවලට පුළුවන් කියල මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. හරිම පහසු දෙයයි කළ යුත්තේ. එළවළුවක් විදියට දෛනික කෑම වේලට රාබු එක්කර ගන්නව නම් ඔබ ආරක්‍ෂිතයි. රාබුවල පවතින විස නසන ගුණය නිසා පිළිකා සෛල ඉදිරියට වැඩීම වළකනවා. ඒ නිසයි පිළිකාවලින් මිදීමට කදිම ඔසුවක් ලෙස වෙදැදුරන් රාබු ඔෟෂධය පිළිබඳ සඳහන් කරන්නේ.

සමේ හටගන්නා සුදු කබර රෝගය සුව කරන්නත් රාබුවලට පුළුවන්. මුලින්ම රාබු අල කැබලිවලට කපා හොඳින් වියළාගෙන කුඩු කරගන්න. ඉන් පසු විනාකිරි දියර සමඟ ඒ චූර්ණය තබා විනාකිරි තුළම වියළෙන්න හරින්න. එය වියළුණාට පසුව ඉඟුරු ඉස්මෙන් හෝ ගව මුත්‍රාවලින් අඹරා සුදු කබරවල ආලේප කරන්න. කෙටි කලකින් සුව වේවි.
රාබු කියන්නේ කෙඳි සහිත එළවළුවක් නිසා මල බද්ධය රෝගය සුව කරන්නත් මෙය ගුණයි. ආහාර දිරවීම, කාර්යක්‍ෂම කරන්න වගේම අන්ත්‍රවල චලන හොඳින් සිදු වන්නත් රාබු හොඳ ඔෟෂධීය ආහාරයක්. බොහෝ පුද්ගලයන්ට විවිධ අසාත්මිකතා තිබෙනවා. දූවිලි ගියොත් ඇස් දැවිල්ල, ඇස් රතුවීම, කඳුළු ඒම වැනි දේවල්, දුම් වර්ගවලටත් අසාත්මිකතා ඇතිවෙනවා. එය දුරලන්න රාබු ඉතාම ගුණදායකයි. රාබු තැම්බූ වතුරින් මුව සේදීම ඉතාම ගුණයි. අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට රුධිර පීඩනය පාලනයකින් පවත්වාගෙන යන්නත් රාබු කොළ ගුණදායකයි. සලාදයක්, සම්බලයක් ලෙස ආහාරයටගන්නව නම් ඉතාම ගුණයි. විටමින් බී, සී, සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත රාබු වියළි සම නැතිකර තෙතමනය සහිත සමක් ලබා දෙන්නත් හැකි එළවළුවක්.

රාබු කියන්නේ රූපලාවණ්‍යයටත් සුදුසු ඔෟෂධයක්. ළපටි රාබු අරගෙන තළා යෝගට් හා මිශ්‍රකර තලපයක් සේ සාදා මුහුණේ ආලේප කරන්න. තෙතමනය සහිත හමක් ලබන්නත් මුහුණේ ලප කැළැල් මකා හරින්නත් මෙය ඉතා වැදගත් ඔෟෂධයක්.
මේ ආකාරයට යටි පතුල් පැළීමෙන් පීඩා විඳින අයට මේ ආලේපය ගෑවොත් යටි පතුල් පැළීමෙන් මිදෙන්න පුළුවන්. විවිධ ආසාදන නිසා උණ හටගත් රෝගීන්ට සුවය ලබාදීමට රාබු යුෂ සමඟ සහිඳලුණු මිශ්‍රකර බීමට දෙන්න.

මී මැස්සෝ, දෙබරු, බඹරු විද්දම විසට ඉදිමුමක් සහිත වේදනාවක් ඇති වෙනවා. ඒ විස නසන්නත් ඉදිමුම බස්සන්නත් වේදනාව නැති කරන්නත් හිතකර ඔසුවක් තමයි රාබු. දෂ්ටනය වූ තැන රාබු අල තළා පැලැස්තරයක් තැබීමෙන් විස නැති කරන්න පුළුවන්. ඒ වගේම හිසකේ ගැලවෙනවා නම්, හිස්සොරිවලින් පීඩා විඳිනව නම් ඒ තත්ත්වයෙන් මිදෙන්න රාබු අල යුෂ කොණ්ඩෙ ආලේප කරන්න. ආලේප කර පැය දෙකකට පසුව සෝදා හරින්න. රාබු ඇටවලින් ගත් තෙල් වුණත් මෙයට ඉතාම යෝග්‍යයයි.
මුත්‍රාශය ආශි්‍රත රෝගවලින් පීඩා විඳින අය දිනපතා හිස්බඩට රාබු යුෂ කෝප්ප භාගයක් බීවොත් මුත්‍රා ගල් ඇතුළු සෑම මුත්‍රා ආසාදනයක්ම නැති වෙනවා. ඒ වගේම මුත්‍රා රෝග වැලඳීමේ අවදානමත් නැති වෙනවා.

හොරි, දද, කුෂ්ඨ, තුවාලවලටත් රාබු බාහිරින් ආලේප කරන්න පුළුවන්. එවන් අපහසුතාවකට ලක්වූ විටකදී රස සින්ධූර අරගෙන රාබු යුෂෙන් අඹරා හොරි, දද, කුෂ්ඨවල ආලේප කරන්න. සැරව බිබිළි නම් ඉක්මනින් ශ්‍රාවය ඉවත් කරනවා. කුෂ්ඨ රෝගයකදී නම් රාබු ඉස්ම අරගෙන ඉඟුරු, ගෙන්දගම් සමව මිශ්‍රකර අඹරා කුෂ්ඨ මතුපිට ගාන්න. දින කිහිපයක් මෙය කරන්න. ඉක්මනින් සුව වේවි.
ඕ.පී.ඩී. මට්ටමෙන් පවතින පුනර්ණවාසව අරිෂ්ටයේ රාබු අන්තර්ගතයි. මුත්‍රා රෝග සහ ඉදිමුමට අගනා ඔසුවක් වන පුනර්නනාසව ඕ.පී.ඩී. මට්ටමෙන් ඔබට ලබා ගන්න පුළුවන්.

ළපටි රාබුවලින් සාදාගත හැකි රසවත් ආහාරයක් ගැන මම ඔබට කියන්නම්. ළපටි රාබු අරගෙන හීනියට ලියාගෙන ඒ කැබැලි ලුණු එකට දමා මිරිකා එයට රාබු කොළ සලාදයක් එක්කර අවශ්‍ය කලමනා දමා දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර ආහාරයට ගන්න. බත් සමඟ මෙය ඉතාම රසවත්. ඇත්තටම රාබු කියන්නේ බොහෝ දෙනෙක් කන්න අකැමැති වුණත් මිනිසාව ලෙඩ රෝග රැසකින් මුදා ගත හැකි ප්‍රබල
ආරක්‍ෂකයක්.

සටහන - සමිත් මධුරංග
ඡායාරූප - රුවන් වල්පොළ

අපේ නෝනා නම් මේවා ගෙදර හිටවලා තියෙනවා...කොහොම උනත් මිලත් අඩු ගුණ වැඩි එළවළුවක්.....මේවා තමයි කන්න ඕන...වැඩි කාලයක්ක් ඉන්න ඕනා නම් හරිය....අනිත් දවසේ එනකොට හැමෝම රාමු එක වේලකට හෝ කාල එන්න ඕන....හරිය,,?

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
28 May 2015 10:05 AM
මම නම් ඊයේත් දවාලට රාබු කෑවා. මස් හැරුණාම මෙහෙත් කන්න තියෙන්නේ ඔයවගේ දේවල් තමයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
03 Jul 2015 02:45 AM

පිලිකා පිලිබඳව නවතම තොරතුරු
පිලිකා පිලිබඳව නවතම තොරතුරු අනිවාර්යෙන් කියවන්න (John Hopkins University ඇසුරිණි).

01- සෑම පුද්ගලයෙකුගේම ශරීරය තුල පිලිකා සයිල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දක්වා වර්ධනය වනතුරු කිසිදු පරික්ෂාවකට හඳුනා ගත නොහැක.

02- පිලිකා සයිල මිනිසෙකුගේ ජීවිත කාලය තුලදී 06 සිට 10 වරක් දක්වා හටගනී.

03- මිනිසෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන කාලය තුලදී වරින් වර ඇතිවන මෙම සයිල විනාශ කරමින් වර්ධක/ඉදිමුම් තත්වයක් ඇතිවීම වලක්වනු ලැබේ.

04- පුද්ගලයෙක් පිලිකා තත්වයකට ගොදුරුවූ විට විවිධ පෝෂණ ඌණතා මතු කරනු ලැබේ. මෙය ජානමය/පාරිසරිකමය /ආහාර රටාව සහ ජිවන රටාව අනුව තීරණයවේ.

05- පෝෂණ ඌණතා මගහරිමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආහාර රටාව සහ ජිවන රටාව වෙනස් කිරීම අනිවාර්යවේ.

06- රසායනික චිකිත්සාව (Chemotherapy) ඉක්මනින් වැඩෙන පිලිකා සයිල විනාශ කිරීමට මෙන්ම සෞඛ්‍යය සම්පන්න ඇට මිදුළු සයිල (bone marrow) ආදිය විනාශ කිරීමටද හේතුවේ. එමගින් හදවත, වකුගඩු ,පෙනහළු ආදී අවයවයන්ට හානි විමක් සිදුවේ.

07- විකිරණ ප්‍රතිකාර තුලින්ද රෝගී මෙන්ම සෞඛ්‍යමත් සයිලද හානි කිරීමක් සිදුවේ.

08- ඉහත සඳහන් කල ප්‍රතිකාර ක්‍රම 2 මගින් පටක වල අසාමාන්‍ය වර්ධනය (tumor) අවම/කුඩා කිරීමට සමත්වේ. නමුත් දීර්ග කාලිනව එය මගින් කළහැකි ප්‍රතිඵල අවම වේ.
තවද ඉහත ප්‍රතිකාර මගින් අවයව වලට හානිවී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විට රෝගියා අනේක රෝගවලට ගොදුරුවීමේ අවදානම ඇතිවේ.

09- එමෙන්ම රසායනික චිකිත්සාව (Chemotherapy) හා විකිරණ ප්‍රතිකාර දිගටම කිරීම රෝගී සයිල වල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමෙන් ඒවා විනාශ කිරීමට අපහසු තත්වයටත් ශල්‍යකර්ම කිරීම මගින් අනෙක් ප්‍රදේශ වලට අසාදනය පැතිරිමටත් හේතුවේ.

10- හොඳම පිලිකා නිවාරණ ක්‍රමය නම් එම සයිල වලට පෝෂණය ලබාදෙන කාරක වලින් එය ඉවත්කර තැබීමයි. එවිට ඒවා අඩපණ වේ. ඒවානම්

(a) - සිනි ප්‍රබල පිලිකා පෝෂකයකි.මොනම ආකාරයක හෝ සිනි පාවිච්චිය ඉතා අහිතකරය. මේස ලුණු සුදු පැහැ ගැන්වීම සඳහා රසායනික ද්‍රව්‍යයක් යොදාගනී. එයද නුසුදුසුය.

(b) - කිරි ශරීරයේ ස්ලෙශ්මල සෑදීමට උපකාරි වේ. සෙම යනු පිලිකා පෝෂකයකි. පාවිච්චිය අඩු කිරීමෙන් අවදානම අඩුකරගත හැක.

(c) - ආම්ලික පරිසරයක් තුල මෙම පටක වර්ධනය අධික වේ. එම නිසා (රතු) මස් පරිභෝජනය ආම්ලික සිරුරකට මග පාදවයි.

(d) - 80% නැවුම් එළවලු පලතුරු ඇට වර්ග සහිතව (වෙළඳපොලේ පවතින විෂ අධිකව යෙදු ඒවා පලක් නොවේ) ආහාර විශේෂයෙන්ම නැවුම් එළවලු වලින් සෑදු බිම වර්ග ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමේ එන්සයිම වලින් පොහොසත්වේ. පිලිකා සමග සටන් කිරීමට ඊට හැක. එළවලු වර්ග කිහිපයක් අමුවෙන් ආහාරයට ගත හැකිනම් එය සෞඛ්‍යය සම්පන්න සයිල වර්ධනයට ඉතා හිතකර වේ.

(e) - කැෆෙන් අධික තේ, කොපි, චෝකලට් වර්ග පමණක් පරිභෝජනය හැකිතාක් අවම කරන්න (*කැෆෙන් අධික). Green Tea පිලකා නාශක ශක්තියක් සහිත හොඳ ආදේශකයකි.

(f) - මාංශ ප්‍රෝටීන් දිරවීම සඳහා අපහසුය දිරවිමේ එන්සයිම බොහෝ ප්‍රමාණයක් ඊට අවශ්‍යවේ. මස් පරිභෝජනය අඩු කිරීම මගින් පිලිකා සයිල සමග සටන් කිරීමට අදාල එනසයිම ඉතිරි කරගැනීමට හැකිවේ.

11- පිලිකා සයිල බිත්ති සතුව ඉතා සවිමත් ආරක්ෂණ තට්ටුවක් තිබේ. මස් වර්ග අඩුවෙන් පරිභෝජනය නිසා එම ශක්තිමත් සයිල ප්‍රෝටීන් බිත්ති සමග සටන් කිරීමට වැඩි එන්සයිම ප්‍රමාණයක් ඉතිරිවේ.

12- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සැපයුම් (IP6, Flor-ssence, Essiac, anti-oxidants, vitamins, minerals, EFAs etc.) විටමින් E ආදිය විශේෂයෙන් ප්‍රති ඔක්සිකාරක මගින් ශරීරයේ killer cells වර්ධනය මගින් ආසාදිත සයිල විනාශ කිරීමට හැකියාව ලබාදේ.

13- මත්පැන් පානය,දුම්වැටි ,මත් ද්‍රව්‍ය, තිරිඟු පිටි ,ක්ෂණික ආහාර, කෝලා පාන,වර්ණ ගැන්වූ හා කල්තබාගන්නා ආහාර වර්ග ආදිය පිලිකා සඳහා අත වැනිමකි. හැකිතාක් ඒවා බැහැර කරන්න.

14- ඔක්සිජන් සහිත පරිසරයක පිලිකා සයිල වැඩීම් සිදු නොවේ. එම නිසා දිනපතා සැලකිය යුතු වෙලාවක් ස්වායු ව්‍යායාම කිරීම (පිහිනීම/බයිසිකල් පැදීම/දිවීම ) පිලිකා අවදානම අවම කිරීමට හේතුවේ. ගැඹුරු හුස්ම මගින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සයිල තුලට ලබාදීමට හේතුවේ.

15- පිළිකාව යනු සිරුර, මනස, ආධ්‍යාත්මය සම්බන්ධ රෝගයකි. පීඩනයෙන් තොරව නිදහස් මනසකින් සතුටින් කල්ගෙවිම ආගම දහමට යොමුවීම, භාවනා කිරීම මගින් නිරෝගී මනසකින් නිරෝගී පුද්ගලයෙක් බිහිකිරීම සිදුකල හැක.

16- තරහව, දොම්නස, කේන්තිය මගින් සිරුරේ බාහිරට වඩා අභ්‍යන්තරයේ සාමාන්‍ය ස්වරුපය වෙනස් කිරීමට සමත්වේ. එමනිසා ඉවසීමට සමාවදීමට පුරුදුවන්න. ආදරයෙන් සැහැල්ලුවෙන් සතුටින් කල්ගෙවිමට හුරුවන්න.
පිලිකා අවදානමෙන් මිදීම සඳහා ඔබ ආදරය කරන අය වෙනුවෙන් කියවා අනිවාර්යෙන් ශෙයා කරන්න ... එය මහා පුන්‍යකර්මයකි !
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
03 Jul 2015 03:06 AM
මසුරන් තොරතුරු ටිකක්.. දෙසැරයක්ම මේ කරුණු ටික කියෙව්වා.. බොහොම ස්තුතියි ෂෙයාර් කළාට..
කාට වුනත් වැදගත් අපි කොච්චර අවදානම් සහිත කෑම බීම ද ගන්නේ කියලා දැනගන්න..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
03 Jul 2015 05:41 AM
හරිම වැදගත් මේ විස්තර ටික . ගෙන්න ඕනේ රාබු ටිකක් වැඩිපුර මිට පස්සේ .ස්තුති අයියා
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
03 Jul 2015 06:08 AM
රාබු ටිකක් වැඩිපුර කෑවට කමක් නෑ වගේ ......වැදගත් තොරතුරු ටිකක්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
10 Sep 2015 05:51 PM
Posted By maduranga001 on 18 Feb 2015 10:28 AM

Meya mamath balanna ona
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
10 Sep 2015 05:55 PM
Posted By Ind007ka on 03 Jul 2015 02:45 AM

පිලිකා පිලිබඳව නවතම තොරතුරු
පිලිකා පිලිබඳව නවතම තොරතුරු අනිවාර්යෙන් කියවන්න (John Hopkins University ඇසුරිණි).

01- සෑම පුද්ගලයෙකුගේම ශරීරය තුල පිලිකා සයිල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දක්වා වර්ධනය වනතුරු කිසිදු පරික්ෂාවකට හඳුනා ගත නොහැක.

02- පිලිකා සයිල මිනිසෙකුගේ ජීවිත කාලය තුලදී 06 සිට 10 වරක් දක්වා හටගනී.

03- මිනිසෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන කාලය තුලදී වරින් වර ඇතිවන මෙම සයිල විනාශ කරමින් වර්ධක/ඉදිමුම් තත්වයක් ඇතිවීම වලක්වනු ලැබේ.

04- පුද්ගලයෙක් පිලිකා තත්වයකට ගොදුරුවූ විට විවිධ පෝෂණ ඌණතා මතු කරනු ලැබේ. මෙය ජානමය/පාරිසරිකමය /ආහාර රටාව සහ ජිවන රටාව අනුව තීරණයවේ.

05- පෝෂණ ඌණතා මගහරිමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආහාර රටාව සහ ජිවන රටාව වෙනස් කිරීම අනිවාර්යවේ.

06- රසායනික චිකිත්සාව (Chemotherapy) ඉක්මනින් වැඩෙන පිලිකා සයිල විනාශ කිරීමට මෙන්ම සෞඛ්‍යය සම්පන්න ඇට මිදුළු සයිල (bone marrow) ආදිය විනාශ කිරීමටද හේතුවේ. එමගින් හදවත, වකුගඩු ,පෙනහළු ආදී අවයවයන්ට හානි විමක් සිදුවේ.

07- විකිරණ ප්‍රතිකාර තුලින්ද රෝගී මෙන්ම සෞඛ්‍යමත් සයිලද හානි කිරීමක් සිදුවේ.

08- ඉහත සඳහන් කල ප්‍රතිකාර ක්‍රම 2 මගින් පටක වල අසාමාන්‍ය වර්ධනය (tumor) අවම/කුඩා කිරීමට සමත්වේ. නමුත් දීර්ග කාලිනව එය මගින් කළහැකි ප්‍රතිඵල අවම වේ.
තවද ඉහත ප්‍රතිකාර මගින් අවයව වලට හානිවී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විට රෝගියා අනේක රෝගවලට ගොදුරුවීමේ අවදානම ඇතිවේ.

09- එමෙන්ම රසායනික චිකිත්සාව (Chemotherapy) හා විකිරණ ප්‍රතිකාර දිගටම කිරීම රෝගී සයිල වල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමෙන් ඒවා විනාශ කිරීමට අපහසු තත්වයටත් ශල්‍යකර්ම කිරීම මගින් අනෙක් ප්‍රදේශ වලට අසාදනය පැතිරිමටත් හේතුවේ.

10- හොඳම පිලිකා නිවාරණ ක්‍රමය නම් එම සයිල වලට පෝෂණය ලබාදෙන කාරක වලින් එය ඉවත්කර තැබීමයි. එවිට ඒවා අඩපණ වේ. ඒවානම්

(a) - සිනි ප්‍රබල පිලිකා පෝෂකයකි.මොනම ආකාරයක හෝ සිනි පාවිච්චිය ඉතා අහිතකරය. මේස ලුණු සුදු පැහැ ගැන්වීම සඳහා රසායනික ද්‍රව්‍යයක් යොදාගනී. එයද නුසුදුසුය.

(b) - කිරි ශරීරයේ ස්ලෙශ්මල සෑදීමට උපකාරි වේ. සෙම යනු පිලිකා පෝෂකයකි. පාවිච්චිය අඩු කිරීමෙන් අවදානම අඩුකරගත හැක.

(c) - ආම්ලික පරිසරයක් තුල මෙම පටක වර්ධනය අධික වේ. එම නිසා (රතු) මස් පරිභෝජනය ආම්ලික සිරුරකට මග පාදවයි.

(d) - 80% නැවුම් එළවලු පලතුරු ඇට වර්ග සහිතව (වෙළඳපොලේ පවතින විෂ අධිකව යෙදු ඒවා පලක් නොවේ) ආහාර විශේෂයෙන්ම නැවුම් එළවලු වලින් සෑදු බිම වර්ග ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමේ එන්සයිම වලින් පොහොසත්වේ. පිලිකා සමග සටන් කිරීමට ඊට හැක. එළවලු වර්ග කිහිපයක් අමුවෙන් ආහාරයට ගත හැකිනම් එය සෞඛ්‍යය සම්පන්න සයිල වර්ධනයට ඉතා හිතකර වේ.

(e) - කැෆෙන් අධික තේ, කොපි, චෝකලට් වර්ග පමණක් පරිභෝජනය හැකිතාක් අවම කරන්න (*කැෆෙන් අධික). Green Tea පිලකා නාශක ශක්තියක් සහිත හොඳ ආදේශකයකි.

(f) - මාංශ ප්‍රෝටීන් දිරවීම සඳහා අපහසුය දිරවිමේ එන්සයිම බොහෝ ප්‍රමාණයක් ඊට අවශ්‍යවේ. මස් පරිභෝජනය අඩු කිරීම මගින් පිලිකා සයිල සමග සටන් කිරීමට අදාල එනසයිම ඉතිරි කරගැනීමට හැකිවේ.

11- පිලිකා සයිල බිත්ති සතුව ඉතා සවිමත් ආරක්ෂණ තට්ටුවක් තිබේ. මස් වර්ග අඩුවෙන් පරිභෝජනය නිසා එම ශක්තිමත් සයිල ප්‍රෝටීන් බිත්ති සමග සටන් කිරීමට වැඩි එන්සයිම ප්‍රමාණයක් ඉතිරිවේ.

12- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සැපයුම් (IP6, Flor-ssence, Essiac, anti-oxidants, vitamins, minerals, EFAs etc.) විටමින් E ආදිය විශේෂයෙන් ප්‍රති ඔක්සිකාරක මගින් ශරීරයේ killer cells වර්ධනය මගින් ආසාදිත සයිල විනාශ කිරීමට හැකියාව ලබාදේ.

13- මත්පැන් පානය,දුම්වැටි ,මත් ද්‍රව්‍ය, තිරිඟු පිටි ,ක්ෂණික ආහාර, කෝලා පාන,වර්ණ ගැන්වූ හා කල්තබාගන්නා ආහාර වර්ග ආදිය පිලිකා සඳහා අත වැනිමකි. හැකිතාක් ඒවා බැහැර කරන්න.

14- ඔක්සිජන් සහිත පරිසරයක පිලිකා සයිල වැඩීම් සිදු නොවේ. එම නිසා දිනපතා සැලකිය යුතු වෙලාවක් ස්වායු ව්‍යායාම කිරීම (පිහිනීම/බයිසිකල් පැදීම/දිවීම ) පිලිකා අවදානම අවම කිරීමට හේතුවේ. ගැඹුරු හුස්ම මගින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සයිල තුලට ලබාදීමට හේතුවේ.

15- පිළිකාව යනු සිරුර, මනස, ආධ්‍යාත්මය සම්බන්ධ රෝගයකි. පීඩනයෙන් තොරව නිදහස් මනසකින් සතුටින් කල්ගෙවිම ආගම දහමට යොමුවීම, භාවනා කිරීම මගින් නිරෝගී මනසකින් නිරෝගී පුද්ගලයෙක් බිහිකිරීම සිදුකල හැක.

16- තරහව, දොම්නස, කේන්තිය මගින් සිරුරේ බාහිරට වඩා අභ්‍යන්තරයේ සාමාන්‍ය ස්වරුපය වෙනස් කිරීමට සමත්වේ. එමනිසා ඉවසීමට සමාවදීමට පුරුදුවන්න. ආදරයෙන් සැහැල්ලුවෙන් සතුටින් කල්ගෙවිමට හුරුවන්න.
පිලිකා අවදානමෙන් මිදීම සඳහා ඔබ ආදරය කරන අය වෙනුවෙන් කියවා අනිවාර්යෙන් ශෙයා කරන්න ... එය මහා පුන්‍යකර්මයකි !
meka nam hari watinawa

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
10 Sep 2015 08:53 PM
පිළිකා පිළිබදව දාල තියෙන විස්තර ටික හුගක් වටිනවා.. අපිට එදිනෙදා ජීවිතයේදී මේව ටික ටික හදා  ගන්න පුළුවන්.. ගොඩක් ස්තූතියි ඉන්දික මේ විස්තර වලට 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
10 Sep 2015 09:59 PM
පිළිකාව කියන්නේ ලංකාවේ දැන් වසංඟත රෝගයක් හා සමානයි. මම වසර 3ක් පිළිකා රෝහල අසල වාසය කල නිසා මට මෙය හොඳට අත්දැකීම් තියෙනවා. ඇත දුර පලාත්වල මිනිසුන් ප්‍රතිකාර ගන්න පැමිණ මොනතරම් දුක් විඳිනවාද කියන එක මම හොඳට දැක්කා. ඒවගේම බෙහෙත් වල මිළ ගණන්. ඉතා අධික මිලක් . සමහර හෙද නිලධාරීන් මේ රෝගීන් ගසා කන හැටි. ඔවුන්ගේ බෙහෙත් හොර පාරෙන් පාමසි වලට විකුණන හැටි මම අත්දුටුවා .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
12 Sep 2015 10:36 PM
මහරගම පිළිකා රෝහලේ ලියුකේමියා දරුවන් බිලිගත්
මහා ඖෂධ වංචාව ඇල්ලුවෙ මෙහෙමයි
මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක

මහරගම පිළිකා රෝහලේ මහා පරිමාණ ඖෂධ වංචාවක්‌ පිළිබඳ තොරතුරු හෙළිවූයේ දැනට වසර දෙක තුනකට පෙරය. එවකට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ වර්තමාන ජනාධිපතිතුමායි. එම වංචාව පිළිබඳ එවකට නොයෙක්‌ පරීක්‌ෂණ සිදුවුවත් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනුනේ නව ජනාධිපතිතුමාගේ පත්වීමත් සමඟය. පිළිකා රෝහලේ රුපියල් ලක්‌ෂ දහයකට අධික ඖෂධ වංචාව පිළිබඳ කිසිදු මාධ්‍යයක්‌ තුළින් හෙළි නොවුණු එහි 'ඇතුළත කතාව'යි මේ. මහා ජාතික අපරාධයක තොරතුරු මුල්වරට හෙළිකරමින් දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක්‌වූ මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පිළිකා රෝහලේ ලියුකේමියා රෝගය වැළඳුනු කුඩා දරුවන්ගේ ජීවිත බිලිගනිමින් ඖෂධ ජාවාරම් කරුවකු ඇතුළු පිරිසක්‌ සිදුකළ ඒ අධම වංචාව දැන් නවත්වා ඇතත් ඒ වංචාව මෙහෙයවූ අදෘෂ්‍යමාන හස්‌තය තවමත් පිළිකා රෝහල තුළ ක්‍රියාත්මක වන බවද පවසයි.

මෙම රෝහලේ සිදුවූ මහාපරිමාණ ඖෂධ වංචාව සම්බන්ධයෙන් පසුගියදා කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ඖෂධ වංචාව කොහොමද සිදුවුණේ?

මේ රෝහලේ ප්‍රතිකාර ලබන ළමයින් විශේෂයෙන් ලියුකේමියා රෝගය වැළඳුණු ළමයින්ට ලබාදුන් ප්‍රතිකාරවලින් බලාපොරොත්තු වූ සුවය නොලැබීම පිළිබඳ පසුගිය කාලයේ අපි නිරීක්‌ෂණය කළා. කුඩා දරුවන් අපි නොසිතූවිරූ ලෙස මෙම රෝගයෙන් මියයන්නට පටන්ගත්තා. මේ නිසාම එම දරුවන්ට ලබාදෙන ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ සොයා බලන්නැයි අපි වෛද්‍ය සැපයීම් අංශයටත් දැන්නුවා. මේ අතරතුර එනම් 2013 වසරේ අගෝස්‌තු මාසයේ එක්‌තරා දිනයකදී ඖෂධවේදිනියක්‌ ලියුකේමියා රෝගය වැළඳුණු ළමයින්ට ලබාදෙන ඔන්කැස්‌පර් ඖෂධ වයල් හතරක්‌ ගෙනැවිත් මට කිව්වා සර් අපට ලැබුණු මේ බෙහෙත්වල අපේම සීල් එක තියෙන මේ බෙහෙත් වයල් හතර තිබුණා කියල. එම සීල් එකේ පී. එෆ්. එම්. සී. අයි. යනුවෙන් මුද්‍රණය වී තිබුණා. එහි අදහස ප්‍රසිඩන්ටල් ෆන්ඩ් නැෂනල් කැන්සර් ඉන්ස්‌ටිටියුට්‌ යන්නයි. ඒ පිළිබඳ ඇයගෙන් ලිත ප්‍රකාශයක්‌ ලබාගත් මම එම බෙහෙත් වෑල්ව් හතර සීල් තැබුවා. ඉන්පසු මේ සිදුවීම ලිපියකින් මම වෛද්‍ය සැපයුම් අංශයට දැන්නුවා. අපේම බෙහෙත් වගයක්‌ නැවතත් අපිටම මිලදී ගැනීමට සිදුවී ඇති බව එම ලිපියෙන් මම ඔවුන්ට දැන්නුවා. මේ සිදුවීම පසුපස කිසියම් සමාගමක්‌ සිදුකරන විශාල වංචාවක්‌ තිබිය හැකි බවත් මා දැන්නුවා.

මේ බෙහෙත් වයල් හතරේ මිල කොපමණද?

එක වයලයක්‌ රුපියල් ලක්‌ෂ දෙක හමාරක්‌ වෙනවා. ඒ අනුව එතැන රුපියල් ලක්‌ෂ 10 ක බෙහෙත්.

කොහොමද මේ වංචාව සිදුවෙලා තිබෙන්නේ?

මේ රෝහලේ බෙහෙත් කළවම් කරන ඖෂධවේදීන් කිහිපදෙනෙක්‌ ලියුකේමියා රෝගය වැළඳුණු ළමයින්ට දෙන බෙහෙත් වෙනුවට ඒ ළමයින්ට සේලයින් වතුර දීලා ඒ බෙහෙත් විකුණනවා. මේක කාලයක්‌ තිස්‌සේ සංවිධානාත්මකව සිදුවූ වැඩක්‌. වර්තමාන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මම එතුමාට මුලින්ම මේ මහා අපරාධය ගැන දැන්නුවා.

ඒ පිළිබඳ එතුමා ඒ දිනවල සිදුකළ පරීක්‌ෂණයේදී එකම බෙහෙත් කිහිපවරක්‌ රෝහලට මිලදී ගැනීමට සිදුවී ඇති බව හෙළිවුණා. ඒ පරීක්‌ෂණයට අනුව මෙම රෝහලේ ඖෂධ කළවම් කරන අංශයේ පුද්ගලයින් පස්‌දෙනෙකුගේ වැඩ තහනම් කළා. නව ජනාධිපතිතුමා මේ මහා ඖෂධ වංචාව පිළිබඳ සිදුකරන පරීක්‌ෂණ කඩිනම් කළා. ඒ අනුව පසුගියදා එම ඖෂධය ගෙන්නුවා යෑයි කියන සමාගමේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයාවත් මෙම රෝහලේ වැඩතහනමට ලක්‌වූ පුද්ගලයින් පස්‌දෙනාගෙන් දෙදෙනකුත් පසුගියදා රහස්‌ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.

මෙබඳු වංචාවක්‌ සිදුවන බව ඔබ දැනගත් පසු එය නතරකිරීම සඳහා ඔබ කිසියම් පියවරක්‌ ගත්තේ නැද්ද?

රෝහල තුළ වෙනස්‌කම් කිහිපයක්‌ සිදු කොට එවන් වංචාවක්‌ යළි සිදුකළ නොහැකි පරිදි ආරක්‌ෂක පියවර ගණනාවක්‌ ගත්තා. එබඳු වංචාවක්‌ මේ රෝහල තුළ දැන් සිදුවීමට ඉඩක්‌ නෑ. මම මේ ගැන කටයුතු කරන විට මේ ඖෂධ ගෙන්වූ සමාගමේ පුද්ගලයින් මා හමුවී ඔවුන් මෙම රෝහලට මෙම ඖෂධය තෑගි කරන බව පවසා ඒ පිළිබඳ මගෙන් ලිපියක්‌ ඉල්ලා සිටියා. ඔවුන් ඉල්ලා සිටියේ එම ඖෂධ වයල හතර ඔවුන් මෙම රෝහලට පරිත්‍යාග කළ බවට මගෙන් ලිපියක්‌. එය මා තරයේ ප්‍රතික්‌ෂේප කළා. එම ලිපිය වෙනුවෙන් ඔවුන් මට ඕනෑම මුදලක්‌ ගෙවීමට ද සූදානම් වුණා.

මෙම රෝහලට ලැබෙන පරිත්‍යාග බාරගෙන එබඳු ලිපියක්‌ නිකුත් කිරීමට බලය තිබෙන්නේ අධ්‍යක්‌ෂකටත් නියෝජ්‍ය අධ්‍යක්‌ෂකටත් පමණයි. මොවුන් ඉල්ලා සිටින මේ ලිපිය ගැන මම ඒ මොහොතේම එවකට වැඩබලන අධ්‍යක්‌ෂව සිටි කණිෂ්ක කරුණාරත්න මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නා. ඖෂධ හොරා දැන් පරිත්‍යාගශීලියකු ලෙස පෙනී සිටීමට උත්සාහ දරන බවත් කිසිදු ලිපියක්‌ ඔවුන්ට ලබා නොදෙන ලෙසත් අවංක නිලධාරියකු වන ඒ මහතාට මම දැනුම් දුන්නා. මේ වංචාව පිළිබඳ පරීක්‌ෂණ කඩිනම් වූ පසු මේ පිළිබඳ බොහෝ දෙනෙකුගෙන් කටඋත්තර ලබාගත්තා. නමුත් මේ පිළිබඳ මට දැනෙන පුදුමය නම් ඒ කිසිදු විමර්ශකයෙක්‌ මේ මහා ඖෂධ වංචාව අල්ලා දුන් මගෙන් කිසිවක්‌ නොවිමසීමයි. රහස්‌ පොලිසිය හිටපු වැඩබලන අධ්‍යක්‌ෂ කණිෂ්ක කරුණාරත්න මහතාගෙන් කටඋත්තරයක්‌ සටහන් කරගෙන තිබුණා.

මේ පිළිබඳ ඇයි ඔබෙන් විමසීමක්‌ නොකළේ?

2013 මේ මහා වංචාව මම හෙළි කළ පසු මේ ආයතනය තුළ මට විශාල අසාධාරණකම් සිදුවුණා. පසුගිය ජනවාරි මස ආණ්‌ඩුව වෙනස්‌ වූ පසු වැඩබලන අධ්‍යක්‌ෂ ඉවත්වුණා. වැඩබලන අධ්‍යක්‌ෂවරයා ලෙස පත්කළ යුතුව තිබුණේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා හැටියට කටයුතු කරන මම. එම තනතුරට මා පත් නොකර වෙනත් පුද්ගලයකු පත්කරන්නට අදෘෂ්‍යමාන හස්‌තයක්‌ ක්‍රියාත්මක වුණා. පසුගියදා රෝහල් අධ්‍යක්‌ෂවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්‌ෂණයේදී ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි අයට දුර පළාත්වල රෝහල් ලබාදී තිබෙනවා. ඒ අනුව මම කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්‌ෂ ලෙස පත්කර තිබෙනවා.

ඖෂධ වංචාව මේ රෝහල තුළ දැන් ක්‍රියාත්මක නොවෙතත් ඒ මහා ඖෂධ වංචාව පිටුපස සිටින අදෘෂ්‍යමාන හස්‌තය තවමත් මේ තුළ ක්‍රියාත්මක බව මේ සිදුවීමෙන් පැහැදිලියි. ඔවුනට අවශ්‍ය වී තිබෙන්නේ මේ රෝහලෙන් මා ඉවත් කිරීමටයි. අහිංසක කුඩා දරුවන්ගේ ජීවිත බිලිගනිමින් සිදුකළ මේ මහා ඖෂධ වංචාව පිළිබඳ පරීක්‌ෂණ කඩිනම් කරමින් එම වංචාව නතර කිරීමට පියවර ගත් වර්තමාන ජනාධිපති තුමාටත් වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් පාලිත මහීපාල මහතාටත් නොදැනෙන ලෙස මේ ඖෂධ ජාවාරම මෙහෙයවන පුද්ගලයෙක්‌ හෝ පුද්ගල කණ්‌ඩායමක්‌ සිටිනවා. ඔවුන්ට තිබෙන බාධාව මමයි. ඖෂධ සමාගම්කරුවන්ට අවශ්‍ය ලෙස මේ ආයතනය තුළ කටයුතු කරන්නට මම ඉඩදුන්නේ නෑ. ඔවුන්ගේ පැමිණීම සතියකට දින දෙකක්‌ ලෙස මම සීමාකළා. ඔවුන්ගේ ඉල්ලීම මත සතියකට දින 3 ක්‌ ඔවුන්ට පැමිණීමට ඉඩ දුන්නා. ඔවුන්ට පැමිණිය හැක්‌කේ දිවා ආහාර වේලාවෙ පමණක්‌ බවට මම නීති පැනෙව්වා. එය ටික කලක්‌ ක්‍රියාත්මක වුවත් කිසියම් බලවේගයක්‌ විසින් එය වෙනස්‌ කළා. ටෙන්ඩර් දැමීමේ මුවාවෙන් ඖෂධ සමාගම්කරුවන් රෝහල තුළට ආවා. ඖෂධ මාµsයාව මේ රෝහල තුළ තදින් ක්‍රියාත්මක වෙනවා. ලියුකේමියා රෝගයට ලබාදෙන මෙම ඖෂධය වංචා කළ සමාගම තහනම් කළ පසුත් මේ රෝහල තුළ ඔවුන් අවුරුදු උත්සවයක්‌ පැවැත්වුවා. තහනම් කළ ඖෂධ සමාගමකට රෝහල තුළට පැමිණෙන්නට අවසර ලැබුණෙ කොහොමද? ඔවුන් ඖෂධ වංචනිකයන් නොව මෙම රෝහලට ආධාර උපකාර කරන පරිත්‍යාගශීලීන් පිරිසක්‌ බව හැඟවෙන පරිදි ඔවුන්ගේ විශාල ප්‍රමාණයෙන් බැනර් රෝහල තුළ ප්‍රදර්ශනය කරමින් එලෙස උත්සව පවත්වන්නට ඉඩ ලැබුණේ කොහොමද? ඖෂධ සමාගම් මේ රෝහලේ ඇතැම් නිලධාරීනට නොයෙක්‌ වරදාන දෙමින් ඖෂධ වංචාවන් සිදුකිරීමට දරන උත්සාහය වළක්‌වන්නට නම් මෙබඳු කරුණු පිළිබඳ පූර්ණ විමර්ශනයක්‌ සිදුකිරීම අත්‍යාවශ්‍යයි. පිළිකා රෝහල මේ රටේ සුවිශේෂ රෝහලක්‌. ඇතැම් පිළිකා රෝග සඳහා ඉතාමත් මිල අධික ඖෂධ ලබාදීමට සිදුවෙනවා. සමහර ඖෂධවල මිල රුපියල් ලක්‌ෂ පහටත් වැඩියි. ඖෂධ ජාවාරම්කරුවන් නිලධාරීන් මිලදී ගැනීමට ඕනෑම මුදලක්‌ වියදම් කිරීමට සූදානම් වන්නේද ඒ නිසයි. මේ ජාවාරම්කරුවන්ට, වංචනිකයින්ට ඉඩ දුන්නොත් ඊට වන්දි ගෙවන්නේ මේ රෝහලෙන් ප්‍රතිකාර ලබන රටපුරා සිටින අහිංසක රෝගීන්. සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුත්තේ ඒ මහා පාපයට ලක්‌ නොවීමටයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඡායාරූපය - සුජාතා ජයරත්න
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
13 Sep 2015 06:40 PM
මෙවා ජාති ජාතිත් පලදෙන මහා අපරාද
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
13 Sep 2015 06:51 PM
අපෝ යන්න අපායවල් හදන්න ඕනේ වෙනම ... පුදුම මිනිස්සු අනේ
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509

--
14 Sep 2015 12:07 AM
සින්හල දෙශිය කෑම කොයි තරම් නම් තියනවද
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
15 Sep 2015 08:11 PM
වෛද්‍ය වසන්ත දිසානායක ගැන ඔයාල වැඩි දෙනෙක් දන්නව ඇති නේ.. ඕවාට හෙන ගේමක් දෙන්නේ එයා..
ඒ වගේම හරි අපුරු චරිතයක්..
පාරම්පරික වෛද්‍යවරයෙක් නෙවෙයි..
එක්ක ජීවත් වෙන සමාජයේ කැපී පෙනෙන බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගෙනියන චරිතයක්..

එතුමාට මේ ක්‍රියාවන් දිගටම කරගෙන යන්න අපි ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
එතුමා පහු ගිය කාලයේ කිව්වේ තවම වැඩ බලන තනතුරේ මිසක් ඒ අදාළ සුදුසුකම් මතවත් තනතුරට පත් කරන්නේ නැහැ කියල.. මේ දේවල් වලට මැදිහත් වීමේ ප්‍රතිපලයක් විදියට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
17 Jan 2017 09:14 PM

ඩෙංගු මාරයාට විසදුම් පැපොල් කොලෙන්

Share

මේ දවස් වල ලංකාවෙ ආයෙම ඩෙංගු  මාරය හිස ඔසවනවා කියල දැනගන්න ලැබුනා.. මදුරු කීටයො ගෙනල්ල ඔය දේවල් දැන් ගිය අවුරුද්දෙ ඉදන් කරනවනේ... එත් ඕව තව අවුරුදු කීයකින් කෙරෙයිද දන්නෙ නැහ...

මේ සටහන දැනටමත් බ්ලොග් අවකාශෙ හුඟක් දෙනා කියවල ඇති... ඒත් එක්කෙනෙක් හරි දකිනවනම් ලොකු දෙයක් නිසා දාන්න හිතුනා...

දුමී ගෙ බ්ලොග් එකෙන් සහ දෙරන අඩවියෙන් තමා ගත්තෙ මේ සටහන.

ඩෙංගු එන කාලෙට විතරක් ඒකට ප්‍රතිකර්ම හොයල.. පරිසරය සුද්ද කරල දගලන්නෙ නැතුව හැමදාමත් අපි ඒ ගැන හිතල වැඩ කරනවනම් ප්‍රශ්න අඩු වෙයි කියල හිතනවා...

********************

ඩෙංගු මාරයා පරද්දමුද ?

පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.

ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?

************************

ඩෙංගු සුවයට ගස්ලබු කොළ

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් කොළ යුෂ මිලි ලීටර් 10ක් පානය කිරීමට දී තිබේ.

සාමාන්‍යයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් ඕනෑම රෝගයක් සුවවීමේ ප්‍රතිශතය වන්නේ 50%ක් පමණය. නමුත් පැපොල් යුෂ යොදා ගනිමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය 100%ක් බවට ඔප්පුවී ඇතැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කර ඇත. ඵලදාව ඇති, හොඳින් වැඩුණු රතු වර්ගයේ ගස්ලබු (Red lady) ගසක පත්‍රය පමණක් ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා එම පත්‍රය වංගෙඩියක දමා කොටාගත යුතුය. වතුර හෝ ලුණු වතු නොදමා ගස්ලබු කොළය පමණක් මෙසේ හොඳින් කොටා ගෙන එයින් මිරිකා ගත් සාරය බීමට ගත යුතුය. සීනි හෝ වතුර හෝ කිසිවක් මිශ්‍ර නොකර ගස්ලබු කොළ සාරය පමණක් පානය කළ යුතු බව වෛද්‍ය හෙට්ටිගේ මහතා සඳහන් කරයි.

වැඩිහිටියන් මි.ලී 10ක ප්‍රමාණයක්ද, වයස අවුරුදු 05 - 12ත් අතර ළමුන් මි.ලී 05ක් ප්‍රමාණයක්ද දිනකට දෙවරක් පානය කළ යුතුය. ඩෙංගු වැළඳී අසාධ්‍ය මට්ටමේදී මෙය පානය කිරීමේ ප්‍රතිඵලයක් නොලැබේ. ඩෙංගු යැයි හඳුනාගත් වහාම මෙය පානය කළ යුතු අතර ඩෙංගු රෝගය සඳහා දෙනු ලබන බෙහෙත් සමඟ මෙය බීමට ගත හැකිය.

මෙසේ පැපොල් කොළ යුෂ බීමට ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ සුදු රුධිරාණු මෙන්ම රුධිර පට්ටිකා වර්ධන කෙරේ. එසේම ‍ රුධිරය කැටි ගැසීම වර්ධනය කරන අතර ඩෙංගු වැළඳීමෙන් අක්මාවට වන හානිය යම් තරමක් දුරට සමනය වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා 150,000 - 350,000 අතර පවතී. ඩෙංගු රෝගය වැළඳීමෙන් එය 150,000ක් වැනි අඩු තත්වයක් පැවතියහොත් පැපොල් කොළ පානය කිරීමෙන් එය වර්ධනය කරගත හැකිය.

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
18 Jan 2017 01:47 AM
ඒකටත් ගස්ලබු වර්ගයක් තියෙනව නේද
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
18 Jan 2017 05:04 AM
Posted By Ind007ka on 17 Jan 2017 09:14 PM

හොද වටිනා ලිපියක්..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>