You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jan 2017 07:51 AM by  hasithad
ඩෙංගු වෛරසය නිට්ටාවට මඩින ඔසුවක්
 61 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

deepika
Basic Member
Basic Member
Posts:121






--
18 Feb 2015 03:21 PM
Posted By maduranga001 on 18 Feb 2015 10:28 AM

 

mata harima watinawa.... sthuthii wisthareeta apee thaththage okkotama thiyenawa (thibuna) ithin apitath kawada hari ena bawa thamai Doctor kiyanne... dan nam seenith kanawa wadii... 

pita ratata beheth ewana ekak naha needa? 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Feb 2015 04:37 PM
Posted By isurusam on 18 Feb 2015 02:43 PM
methanadi wenne palanaya vimak..........................

 

 

hebataaa.....mmm meya danna dewal .kalin aragena ahema thiyenwada isuru

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
18 Feb 2015 05:22 PM
thyanaks me thorathuru walata
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
18 Feb 2015 05:55 PM
Posted By deepika on 18 Feb 2015 03:21 PM

mata harima watinawa.... sthuthii wisthareeta apee thaththage okkotama thiyenawa (thibuna) ithin apitath kawada hari ena bawa thamai Doctor kiyanne... dan nam seenith kanawa wadii... 

pita ratata beheth ewana ekak naha needa? 

 

අර නම්බර් එකට කෝල් එකක් අරන් බලන්න දීපිකා.. සමහර විට එවාවි.. තැපැල් ගාස්තුව ගෙවලා ගන්නනේ තියෙන්නේ..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Feb 2015 08:03 PM
Posted By deepika on 18 Feb 2015 03:21 PM
Posted By maduranga001 on 18 Feb 2015 10:28 AM

 

mata harima watinawa.... sthuthii wisthareeta apee thaththage okkotama thiyenawa (thibuna) ithin apitath kawada hari ena bawa thamai Doctor kiyanne... dan nam seenith kanawa wadii... 

pita ratata beheth ewana ekak naha needa? 

 

 

hodama de pluwan tharan sini kana ake adu krana eka...godak roga welata mula kata...

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 May 2015 10:56 PM

රාබු

මුත්‍රා පද්ධතියට ගුණයි. රාබු කොළ සහ අල අමුවෙන් ආහාරයට ගත හැකි නම් මුත්‍රා හොඳින් පෙරීමට එය පිටිවහලකි. අමුවෙන් ආහාරයට ගැනීමට අපහසු නම් වෑංජනයක් ලෙස ආහාරයට ගැනීම වුවද සුදුසුය. මුත්‍රා ගල් නැති කරයි.

විශේෂයෙන්ම රාබු අල කොටා මිරිකා ගන්නා යුෂ මුත්‍රා ගල් වලට ඉතාම ගුණදායකය. එමගින් මුත්‍රා ගල් දියකරනු ඇත. උදේ සවස රාබු

යුෂ මේස හැඳි 2 බැගින් පානය කිරීමට වගබලා ගන්න.
ආයුර්වේදයේ ආකාරයට රාබු උෂ්ණ ආහාරයකි. එමගින් ආහාර රුචිය වැඩි කරයි. බඩගිනි ඇති කරයි. අර්ශස් රෝගීන්ට ඉතාම යෝග්‍යය.
කැස්සට ගුණ රාබු, කැස්ස, හතිය, ඇස් රෝග, පීනස යන රෝග වලට ඉතාම ගුණදායකය.
රාබු අල බත් සමග අමුවෙන් අහාරයට ගත් විට ශරීර ශක්තිය වැඩිකරයි. තම්බා ආහාරයට ගැනීම අර්ශස් රෝගය නැති කරයි. රාබු හෘද රෝගවලට ඉතාමත් ගුණදායකය.

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 May 2015 10:57 PM
 

රාබු කියන්නෙ එළවළුවක්. හැබැයි කවුරුත් අකැමැති එළවළුවක්. මේ එළවළුව කන්නෙ නැති හේතුව තමයි රාබුවල ඇති සැර නහයට අප්‍රිය වීම. නමුත් රාබුවල තිබෙන ඔෟෂධීය ගුණ ගැන දැන ගත්තොත් ඔබ රාබු වෑංජනයක් සතියකට දෙවරක්වත් ආහාර වේලට එක්කර ගනීවි. ළපටි රාබු වෑංජනය ඉතාම රසවත්. ඒ වගේම රාබු සලාද ලෙස සාදා ගත්තොත් රසවත් ආහාරයක්. රාබු ඇටවලින් ගන්න තෙල් පුද්ගල ශරීරයේ හටගන්නා රෝග නිවාරණයට කදිමයි.


රාබුවලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ මූලක කියල. ඒ වගේම ලොකු අලයක් තිබෙන නිසා මහා කන්ද කියලත් දිගු අලයක් තිබෙන නිසා දීර්ඝ කන්ද නමිනුත් රාබු හඳුන්වනවා. ඇත් දළයට සමාන අලයක් ඇති නිසා හස්ති දන්තක කියලත් සංස්කෘතෙන් රාබු හඳුන්වනවා. චීනයේ උපත ලද රාබු රෝම අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ පවා බහුල වශයෙන් භාවිත කළා කියලා ඉතිහාසය සාක්‍ෂි දරනවා. රාබු මල බද්ධයටත්, කෑම අජීර්ණයටත්, අර්ශස් ආදී රෝග රාශියකටත් ගුණ දෙන ඔෟෂධයක්.

ඒ වගේම හෘද රෝග, පෙණහලු ආශි්‍රත රෝග නිට්ටාවටම සුව කළ හැකි අගනා ඔසුවක් තමයි රාබු කියන්නේ. අක්මාව ආශි්‍රත රෝග, ඇස් ලෙඩ, ප්ලේයාව වැනි රෝග රාශියක් එකම ඔෟෂධයකින් සුව වෙනවා කිවොත් ඔබ පුදුම වේවි. අචනඩචදභඵ ඉචබඪමභඵ නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රාබු අයත් වන්නේ ඛ්පභජඪටඥපචඥ කුලයට. ශරීරයට විසක් ඇතුළු වුණොත් ඒ විස ඉවත් කිරීමේ හැකියාවක් රාබුවලට පවතිනවා. ඒ නිසයි මෙය අක්මාවට ඉතා හිතකර ඔසුවක් වෙන්නේ. උණ, සෙංගමාල රෝගීන්ගේ එම රෝග තත්ත්වයන් දුරලන්න නම් ඔබ රෝගියාට දෛනික ආහාර වේලට රාබු වෑංජනයක් පමණයි එක් කළ යුත්තේ. සෙංගමාල රෝගීන්ගේ කහ ගැන්වූ සිරුර යථා තත්ත්වයට අරගන්න කදිම ඔසුවක් තමයි රාබු.


පොදුවේ සෑම අර්ශස් රෝගයකටම ගොදුරු වුණු රෝගීන් රාබු වෑංජනයක් හෝ සලාදයක් දෛනික කෑම වේලට එක්කර ගන්නව නම් අර්ශස් රෝගයට තිත තියන්න පුළුවන්. ඒ වගේම කෑම අරුචිය නැති කරන්නත්, කෑම දිරවීම පහසු කරන්නත්, මල බද්ධය නැති කරන්නත් රාබුවලට පුළුවන්. එයට හේතුව තමයි රාබුවල පවතින සුවිශේෂ රසායනික සංඝටක.


ඔබ අර්ශස් රෝගයට ගොදුරු වී පිඩා විඳින්නෙක් නම් රාබු අල කපා බඳුනකට දමා ඒ බඳුනට මුං ඇට ස්වල්පයක් එක්කර තම්බා වතුර පෙරා තලපයක් සේ පොඩිකර කන්න. සතියක් පමණ දිනපතා එක් වේලක් මෙලෙස සිදුකළොත් ඔබට අර්ශස් රෝගය තව දුරටත් අභියෝගයක් නොවේ. මුත්‍රා මාර්ග පද්ධතිය ආශි්‍රත සෑම රෝගයකටම (අඩුවෙන් මුත්‍රා යෑම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදී) රාබු තැම්බූ වතුර බොනව නම් හොඳයි. මුත්‍රාශය ආශි්‍රත සෑම රෝගයකටම එය අගනා ඔෟෂධයක්. එහෙමත් නැතිනම් රාබු අල ගෙන කොටා ඒ යුෂට අවශ්‍ය පදමට වතුර දමා එය දිනපතා බොන්න. මුත්‍රා ගල් දිය කිරීමටත් මෙය ඉතාම වැදගත් ඔෟෂධයක්.
ඒ වගේම වකුගඩු පිරිසුදු කරන්නත් එය අගනා ඔෟෂධයක්. මධුමේහය, දියවැඩියාව වැනි රෝග ඇති අයට දිනපතා රාබු අල හෝ සලාද වෑංජනයක් කෑම වේලට එක් කරනවා නම් ඒ රෝග තත්ත්වයන් නිට්ටාවටම සුව කර ගන්නත් පුළුවන්.


වයසට යෑම පමා කරන්න නම් දිනපතා රාබු වෑංජනයක් ගන්න. වැදගත්ම දෙයක් තමයි පිළිකා නාශක හැකියාව උපරිමයෙන්ම රාබු ඔෟෂධය සතුව පැවැතීම රාබු තුළ ප්‍රතිඔක්සිකාරක ගුණ අන්තර්ගත නිසා මෙය ආහාරයට ගත් විට ශරීරයේ ඇති විස තත්ත්වයන් ඉවත් වෙනවා. රුධිරය පිරිසුදු වෙනවා. මේ නිසා පිළිකා නාශනය වීමේ ගුණයක් මේ ඔෟෂධීය එළවළුව සතුව පවතිනවා. විශේෂයෙන්ම බඩවැල ආශි්‍රත පිළිකා, වකුගඩු ආශි්‍රත පිළිකා ආදී රෝග රැසකට රාබු හොඳ ඔෟෂධයක්. දිනපතා රාබු යුෂ වීදුරුවක් බොනව නම් ඔබට පිළිකා හට ගැනීමේ අවදානම නැති වෙනවා. වැලඳී ඇති පිළිකා සුව වීමටත් එය ගුණයි. ඒ වගේම මුඛය ආශි්‍රත පිළිකා සුව කරන්න රාබුවලට පුළුවන් කියල මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. හරිම පහසු දෙයයි කළ යුත්තේ. එළවළුවක් විදියට දෛනික කෑම වේලට රාබු එක්කර ගන්නව නම් ඔබ ආරක්‍ෂිතයි. රාබුවල පවතින විස නසන ගුණය නිසා පිළිකා සෛල ඉදිරියට වැඩීම වළකනවා. ඒ නිසයි පිළිකාවලින් මිදීමට කදිම ඔසුවක් ලෙස වෙදැදුරන් රාබු ඔෟෂධය පිළිබඳ සඳහන් කරන්නේ.


සමේ හටගන්නා සුදු කබර රෝගය සුව කරන්නත් රාබුවලට පුළුවන්. මුලින්ම රාබු අල කැබලිවලට කපා හොඳින් වියළාගෙන කුඩු කරගන්න. ඉන් පසු විනාකිරි දියර සමඟ ඒ චූර්ණය තබා විනාකිරි තුළම වියළෙන්න හරින්න. එය වියළුණාට පසුව ඉඟුරු ඉස්මෙන් හෝ ගව මුත්‍රාවලින් අඹරා සුදු කබරවල ආලේප කරන්න. කෙටි කලකින් සුව වේවි.
රාබු කියන්නේ කෙඳි සහිත එළවළුවක් නිසා මල බද්ධය රෝගය සුව කරන්නත් මෙය ගුණයි. ආහාර දිරවීම, කාර්යක්‍ෂම කරන්න වගේම අන්ත්‍රවල චලන හොඳින් සිදු වන්නත් රාබු හොඳ ඔෟෂධීය ආහාරයක්. බොහෝ පුද්ගලයන්ට විවිධ අසාත්මිකතා තිබෙනවා. දූවිලි ගියොත් ඇස් දැවිල්ල, ඇස් රතුවීම, කඳුළු ඒම වැනි දේවල්, දුම් වර්ගවලටත් අසාත්මිකතා ඇතිවෙනවා. එය දුරලන්න රාබු ඉතාම ගුණදායකයි. රාබු තැම්බූ වතුරින් මුව සේදීම ඉතාම ගුණයි. අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට රුධිර පීඩනය පාලනයකින් පවත්වාගෙන යන්නත් රාබු කොළ ගුණදායකයි. සලාදයක්, සම්බලයක් ලෙස ආහාරයටගන්නව නම් ඉතාම ගුණයි. විටමින් බී, සී, සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත රාබු වියළි සම නැතිකර තෙතමනය සහිත සමක් ලබා දෙන්නත් හැකි එළවළුවක්.

රාබු කියන්නේ රූපලාවණ්‍යයටත් සුදුසු ඔෟෂධයක්. ළපටි රාබු අරගෙන තළා යෝගට් හා මිශ්‍රකර තලපයක් සේ සාදා මුහුණේ ආලේප කරන්න. තෙතමනය සහිත හමක් ලබන්නත් මුහුණේ ලප කැළැල් මකා හරින්නත් මෙය ඉතා වැදගත් ඔෟෂධයක්.
මේ ආකාරයට යටි පතුල් පැළීමෙන් පීඩා විඳින අයට මේ ආලේපය ගෑවොත් යටි පතුල් පැළීමෙන් මිදෙන්න පුළුවන්. විවිධ ආසාදන නිසා උණ හටගත් රෝගීන්ට සුවය ලබාදීමට රාබු යුෂ සමඟ සහිඳලුණු මිශ්‍රකර බීමට දෙන්න.


මී මැස්සෝ, දෙබරු, බඹරු විද්දම විසට ඉදිමුමක් සහිත වේදනාවක් ඇති වෙනවා. ඒ විස නසන්නත් ඉදිමුම බස්සන්නත් වේදනාව නැති කරන්නත් හිතකර ඔසුවක් තමයි රාබු. දෂ්ටනය වූ තැන රාබු අල තළා පැලැස්තරයක් තැබීමෙන් විස නැති කරන්න පුළුවන්. ඒ වගේම හිසකේ ගැලවෙනවා නම්, හිස්සොරිවලින් පීඩා විඳිනව නම් ඒ තත්ත්වයෙන් මිදෙන්න රාබු අල යුෂ කොණ්ඩෙ ආලේප කරන්න. ආලේප කර පැය දෙකකට පසුව සෝදා හරින්න. රාබු ඇටවලින් ගත් තෙල් වුණත් මෙයට ඉතාම යෝග්‍යයයි.
මුත්‍රාශය ආශි්‍රත රෝගවලින් පීඩා විඳින අය දිනපතා හිස්බඩට රාබු යුෂ කෝප්ප භාගයක් බීවොත් මුත්‍රා ගල් ඇතුළු සෑම මුත්‍රා ආසාදනයක්ම නැති වෙනවා. ඒ වගේම මුත්‍රා රෝග වැලඳීමේ අවදානමත් නැති වෙනවා.


හොරි, දද, කුෂ්ඨ, තුවාලවලටත් රාබු බාහිරින් ආලේප කරන්න පුළුවන්. එවන් අපහසුතාවකට ලක්වූ විටකදී රස සින්ධූර අරගෙන රාබු යුෂෙන් අඹරා හොරි, දද, කුෂ්ඨවල ආලේප කරන්න. සැරව බිබිළි නම් ඉක්මනින් ශ්‍රාවය ඉවත් කරනවා. කුෂ්ඨ රෝගයකදී නම් රාබු ඉස්ම අරගෙන ඉඟුරු, ගෙන්දගම් සමව මිශ්‍රකර අඹරා කුෂ්ඨ මතුපිට ගාන්න. දින කිහිපයක් මෙය කරන්න. ඉක්මනින් සුව වේවි.
ඕ.පී.ඩී. මට්ටමෙන් පවතින පුනර්ණවාසව අරිෂ්ටයේ රාබු අන්තර්ගතයි. මුත්‍රා රෝග සහ ඉදිමුමට අගනා ඔසුවක් වන පුනර්නනාසව ඕ.පී.ඩී. මට්ටමෙන් ඔබට ලබා ගන්න පුළුවන්.


ළපටි රාබුවලින් සාදාගත හැකි රසවත් ආහාරයක් ගැන මම ඔබට කියන්නම්. ළපටි රාබු අරගෙන හීනියට ලියාගෙන ඒ කැබැලි ලුණු එකට දමා මිරිකා එයට රාබු කොළ සලාදයක් එක්කර අවශ්‍ය කලමනා දමා දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර ආහාරයට ගන්න. බත් සමඟ මෙය ඉතාම රසවත්. ඇත්තටම රාබු කියන්නේ බොහෝ දෙනෙක් කන්න අකැමැති වුණත් මිනිසාව ලෙඩ රෝග රැසකින් මුදා ගත හැකි ප්‍රබල
ආරක්‍ෂකයක්.

සටහන - සමිත් මධුරංග
ඡායාරූප - රුවන් වල්පොළ

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 May 2015 02:00 AM
මම නම් ලිපිය කියෙව්වෙත් නෑ..
මට ඒ තරමටම රාබු අප්‍රියයි...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 May 2015 02:07 AM
රාබු කියන්නේ හිතුවට වඩා ගුණ කෑමක් නේ .ගොඩක් වැදගත් ලිපියක් .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
21 May 2015 02:59 AM

මමත් අහලා තියෙනවා රාබු කියන්නේ පට්ට ගුණ කෑමක් කියලා.. එත් මේ දෙයියෝ මේවා මවන්නේ ගුණ වැඩි ඒවා කන්න හිතෙන විදියට නෙවෙයි නේ.. මෙලෝ ගුණයක් නැති කෑම නම් පට්ට රහයි.. අම්මප මේවා මවපු දෙවියෝ මට අහුවුනොත්..
(නෑ.. මොකුත් කරන්නේ නැහැ.. අන්තිමට මාවත් මොකෙක් කරලා දාවිද දන්නේ නැහැ මේවා කියන්න ගිහිං..)

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 May 2015 03:45 AM
කොරියානුවන් රාබු අමුවෙන් කන්නෙ ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
21 May 2015 03:49 AM
කොරියන් කාරයෝ කන ඒවා හැටියට උන්ට රාබු නම් නතින් ම ඇති.. නේද සමන්ත අයියේ..

ඔයා ආයෙත් කොරියා පැත්තේ ගියොත් අපට අර නයි ජූස් එකක් අරන් එන්න හොදේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
21 May 2015 04:07 AM
නයි ජුස් තියෙන්නෙ වියට්නාම් වල ...දැන් අපෙ කස්ටිය රාබු කනවද?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 May 2015 05:04 AM
නයි වයින් තියෙන්නේ වියට්නාමයේ .. ඒවා ලංකාවට ගේන්න තහනම්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 May 2015 08:21 AM
මාත් ආස කෑමක් රාබු ...ස්තුති ලිපියට
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 May 2015 06:17 PM
මම නම් දැන් රාබු ජුස් බොන්නෙ ..කන්න නම් අප්පිරියයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 May 2015 10:27 AM


ඔන්න රාබු ලොරියක්ම ගෙනාවා ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 May 2015 06:07 PM
බුදු අම්මො කොහොමද අනෙ මෙවා මෙ විදියට ලොරියට පිලිවෙලට දැම්මෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 May 2015 08:29 PM
Posted By samantha on 26 May 2015 10:27 AM


ඔන්න රාබු ලොරියක්ම ගෙනාවා ...

වැඩේ නම් ලස්සනට තියෙනවා...

 

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 May 2015 09:40 PM
මේ ලොරි සියල්ලේම තිබුණේ රාබු තමයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>