You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2018 06:47 PM by  Indika Kandanaarachchi
ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2018
 80 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2016 02:46 AM
    ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2016
    ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2017
    ස්ටන් සිංහල අවුරුදු ප්ලෑන්ස් 2018
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    10 Apr 2016 02:53 AM
    කස්ටිය ඉතින් කොහොමද?
    සිංහල අවුරුද්දට ලැහැස්තිද?
    එකඑක පළාත්වල ඉන්න අපි එකඑක විදියට තමයි සිංහල අවුරුද්දට ලැහැස්ති වෙන්නේ.

    අවුරද්ද දවසටත් ඉටේ පෙර සහ පසු ගත කරන විදිය වෙනස්. ප්ලෑන් කරන විදිය වෙනස්.

    සමහරු ගෙදරම ඉන්නවා.. සමහරු ගෙදරින් පිට කොහේ හෝ සවාරියක් යනවා.. නැත්නම් නෑගම් යනවා.. එකී මෙකි නොකී දේවල්.

    ඊට පෙරත් ඉතින් බඩු බාහිරාදිය ගන්නවා.. තෑගි බෝග අරගෙන නෑගම් යන්න සුදානම් වෙනවා. ඉතින් වැඩ කෝටියයි.

    කියන්නකෝ ඔයාලගේ සුදානම කොහොමද? අවුරුද්ද ගත කරන්න සුදානම කොහොමද? අවුරුද්දෙන් පස්සේ දින කිහිපය මොකද කරන්න ඉන්නේ කියල එහෙම.

    අපේ එකිනෙකාගේ අදහස් වගේම සුදානම් වීමත් වෙනස් බව පෙනේවි මේ අදහස් හුවමාරු කර ගැනීමෙන්. ඔන්න එහෙනම් ඔබේ අදහස් වලට විවෘතයි.

    මේ අවුරුදු සුදානාම අතර සිදු වූ වැදගත් සිදුවීම් තොරතුරු ගැන කියන්නත් අමතක කරන්න එපා.

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන ගමන් හැමෝටම අදහස් හුවමාරු කර ගන්නත් ආරාධනා කරනවා.

    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    10 Apr 2016 08:21 AM
    අපි නම් වැඩ ටික පටන් ගත්තා.ගෙවල් අස්පස් කරන වැඩ ටික 75%ක් ඉවරයි.කැවිලි අනිද්දා හදනවා.
    හාමිනේට නිවාඩු නැති හින්දා එන විදියට උලුවස්ස ගහනවා.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    10 Apr 2016 12:47 PM
    අපේ හසිත සහෝ ට නම් ගෘහ මුලික වැඩේ තිතටම කරන්න වේවි එහෙනම් මේ සැරෙත්. අනිවා ඉතින් පොඩි එවුන්ට අම්මා වැඩට ගියා කියල අවුරුදු දවසේ අඩුපාඩුවක් දැනෙන්න දෙන්න හොඳ නැහැනේ.

    අපිත් ඔන්න කැවිලි හැදිල්ල පටන් ගත්ත.
    මුන් කැවුම් සහ කොකිස්.
    කැවුම් ඔඩරේ මේ සැරෙත් නැන්දම්මා භාර ගත්ත. අපටත් එක්කම හාමිනේගේ මහා ගෙදර කොන්ඩ කැවුම් ඉදෙනවා.
    මගේ ආසම කෑම කොන්ඩ කැවුම් නිසා නැන්දම්මා මම වෙනුවෙන්ම කොන්ඩ කැවුම් හදනවා කියලයි හාමිනේ නම් කියන්නෙ. මම වෙනුවෙන් හදනවා කිව්වට මොකෝ හැමෝම හිටු කියල වග කියනවා.
    දැන් නම් කොන්ඩ කැවුමක් හදා ගන්න පුළුවන් එහෙමත් කෙනෙකුට තමයි.
    අඩුම තරේ කොන්ඩේ නැතුව හරි පදම ගන්න පුළුවන් ඉතින් අත් ගුනේටම තමයි.
    මේ සැරෙත් ඉතින් කොන්ඩ කැවුම් විස්සක් තිහක් වත් කොටා බාල අතාරින්න ඕන.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    10 Apr 2016 04:38 PM
    මාත් මුන් කැවුම් සහ කොකිස් හැදුවා ..ලංකාවේ තරම් අපිට මේහේ අවුරුදු සිරිය නැති නිසා අවුරුදු කියලා හිතට දැනෙනවා මදි ..
    එත් අපිත් ගෙවල් දොරවල් පිරිසිදු කරලා ,හැකී පමණින් චාරිත්‍ර කරන්න ලැස්තියෙන් ඉන්නේ
    අවුරුද්දට අපේ අම්මලා දිහා යන්න නම් නිවාඩු නැ අපිට ..අම්මගේ රස කෑම මගහැරෙන එකට නම් දුකයි ..එත් ඉතින් මොනා කරන්නද .
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    10 Apr 2016 08:57 PM
    මගේ ආදරණිය පියාණන් ගේ වියෝව නිසා මම නම් මෙවර අවුරුදු සමරන්නේ නැහැ. ඒත් චාරිත්‍රයට කිරි බතක් හදනවා. 16 වෙනිදා තානාපති කාර්යාලයේ අවුරුදු උත්සවයක් තියෙනවා ... එයට සහභාගි වෙන්න සිදුවෙනවා.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Apr 2016 11:00 PM
    අපි තාම මොකුත් හදල නැහැ. හාල් ටික පෙගෙන්න දාන්න හිතං ඉන්නේ අද රෑ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Apr 2016 03:18 AM
    අපි නම් කැවිලි ටික ගොඩ දා ගත්තා. මුන් කැවුම් සමග කොකිස් හදල ඉවරයි. කේක් ටික හෙටම තමයි ගොඩ දාන්න වෙන්නෙ.
    තෑගි බෝග ගැනිල්ලෙත් 90%ක් ම ඉවරයි දැන්.

    ගෙවත්ත සහ නිවස අවට ෆුල් සුද්දයක් දුන්න උදේ. හවස කකුලට පත්තු බදින්න ගියා. වැඩේ කියන්නෙ අවුරුදු දවසටත් මැල්ලුමක් බදින්න තියෙනවා කියපු එකයි. ඉතින් දැන් එදාටත් පලකො වෙද ගෙදර. (පොල් මැල්ලුමක් නෙවෙයි වෙන්ටෑ )
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    11 Apr 2016 08:13 AM
    ගෙදර අස්පස් කරන ඒවා සේරම ඉවරයි. මුං කැවුම්, කොකිස් හෙට හදනවා.
    කේක් අනිද්දා උදේ තමයි.දැන් හාමිනේ කිරි ටොෆි ටිකක් හඩන්න පටන් ගත්තා.
    තෑගි බෝග අරගන්න එක කලින්ම කලා.නැත්නම් මේ දවස් වල ගන්නවා තියා ඇගිල්ලක් වත් ගහන්න බෑනේ කඩවල.
    මගෙ කාර් එකයි, bike ටිකයි service කලා.
    තවත් වැඩ ටිකක් තියෙනවා.ඒවා හෙට....
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Apr 2016 10:36 AM
    අපෝ මේ දවස් වල කඩවල් වල ඇඳුම් පැළදුම් තෑගි බෝග ගන්න යනවට වඩා හොඳයි අර සිමෙන්ති අනන එකකට පනිනවා. හිටු කියල සෙනග නේ. ඒ නිසා මමත් ඔක්කොම කලින්ම ඉවර කර ගත්තා.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Apr 2016 11:38 PM
    ඉන්දික 76 අයිය නම් ගිනිකෙළි සංදර්ශනයකට ලැහැස්ති වෙනවා කියලයි ආරංචිය.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    11 Apr 2016 11:58 PM
    එකෙන්ම.. නැකැත් වෙලාවට කරන්නේ රතිඤ්ඤා පත්තු කරන එක තමයි..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Apr 2016 12:04 AM
    ගිය අවුරුද්දෙ රතිඤ්ඤා පෙට්ටියක්ම ඉතුරු වුනා (මම ගන්නෙත් රතිඤ්ඤා 100 ක් තියෙන රවුම් පෙට්ටි)
    අන්තිමට ඒවා වදුරන්ට පත්තු කරලා තමයි ඉවර කරේ..
    මේ සැරේ කොහොම හරි රතිඤ්ඤා ටික ඉවර කර ගන්න ඕන..
    පොඩි කේස් එකකට තියෙන්නේ හෙට දවසෙන්ම (13) අවුරුද්ද ඉවර වෙනවානේ..
    14 වෙනිදට කරන්න දෙයක් තමයි නැත්තේ.. මේ යක්කු නැක්ත වෙන වෙනම හදන්න එපයැ..
    අනුභවයට එකකුයි, ගනුදෙනු කරන්න තව එකකුයි, අල්ලන්න (වැඩ අල්ලන්න) තව එකකුයි විදියට..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    12 Apr 2016 12:51 AM
    අපේ පොඩි එකී බයයි රතිඤ්ඤාවලට. ඒ නිසා නෝ රතිඤ්ඤා.. බඹර සහ නිලා තමයි. කලින්ම ගෙනාපුවා ඉවර කල නිසා අද හවස තව ටිකක් ගේනවා. අල්ලපු ගෙදර නංගිත් එනවා කිව්ව රෑට බඹර පත්තු කරන්න. ඒ නිසා ටිකක් වැඩිපුර ගෙන්න වේවි.

    ඉන්දික76 අයියට තියෙන්නෙ 14 වෙනිදටත් මොකක් හරි අල්ලන නැකතක් හදා ගෙන හිටු කියල පත්තු කරන්න රතිඤ්ඤා.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Apr 2016 02:24 AM
    ලන්ඩන් පැරිස් පරදයි වගේ ඉන්දික අයියගේ ගිනිකෙලි සංදර්ශනේ
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    12 Apr 2016 04:56 AM
    Posted By maduranga001 on 12 Apr 2016 12:51 AM
    අපේ පොඩි එකී බයයි රතිඤ්ඤාවලට. ඒ නිසා නෝ රතිඤ්ඤා.. බඹර සහ නිලා තමයි. කලින්ම ගෙනාපුවා ඉවර කල නිසා අද හවස තව ටිකක් ගේනවා. අල්ලපු ගෙදර නංගිත් එනවා කිව්ව රෑට බඹර පත්තු කරන්න. ඒ නිසා ටිකක් වැඩිපුර ගෙන්න වේවි.

    ඉන්දික76 අයියට තියෙන්නෙ 14 වෙනිදටත් මොකක් හරි අල්ලන නැකතක් හදා ගෙන හිටු කියල පත්තු කරන්න රතිඤ්ඤා.

    අල්ලපු ගෙදර නංගි ගේ එක තුන් හුලස් ද බං..? මං ඇහුවේ  රතිඤ්ඤා..
    රෑට බඹර කඩන කොට සොරි සොරි පත්තුකරන කොට සද්දේ අඩුයි නේද.?
     
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    12 Apr 2016 05:41 AM
    අල්ලපු ගෙදර නංගි මගේ එක කුස උපන් සහෝදරියක් වගේ. උඹල එකඑක වෙලාවට පොඩ්ඩක් කුලප්පු කරවල කොමෙන්ටුවක් ගන්න ඕන නිසයි මම ඔය එක එක වලාවට අල්ලපු ගෙදර නංගි ගැන කියන්නෙ.

    අද රෑට බඹරේ අරන් ආවම තුන් හුලස් ද කියල බලල කියන්නම්.
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Apr 2016 08:53 AM
    වැඩ නම් 90%ක්ම ඉවරයි.රතිඤ්ඤා ගන්න බැරි වුනා තවම.හෙට ගෙනත් ඩෝං ගානවා.
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    12 Apr 2016 10:21 AM
    අපේ දිහා මේ පාර සැලසුම් කරන්න තරම් ජයට අවුරුදු නෑ... හෙට උදේට පන්සල් යන්න ඉන්නේ කිරිඅම්මා වෙනුවෙන් දානෙ පුජා කරන්න.. මේ පාර කැවුම් මොකුත් නැ..
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    12 Apr 2016 01:18 PM
    අනේ ඉතින් අපිට කොහෙන්ද නිලාකුරු,රතිඤ්ඤා, බඹර චක්කර
    0
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>