You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 89 of 158 << < 8788899091 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Dec 2017 04:15 AM
මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා
මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා

ප...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Dec 2017 08:23 PM
පායා ආ සද අදුරු වලාවේ
මා ඉදිරියෙ බිම වැසුනා
ශෝකය තාපය පාලුව අතරේ
ඉකිබිද හැඩුවා ඇසුනා.

ඔබ පැමිණි ඔබම ගියා
නැවතුන තැන මම ඉන්නම්
මගෙ සහයෝගය
පතන වෙලාවක
කොයි සිට හෝ යලි එන්නම්
..... ම .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Dec 2017 04:16 AM
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව.
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි..
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Dec 2017 01:11 AM
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
16 Dec 2017 02:55 AM
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Dec 2017 08:28 PM
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
..... ර .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
17 Dec 2017 07:34 PM
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝෂයක් නැ හිතේ

ත...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Dec 2017 09:05 PM
තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...

යා 'ය' යන්න.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
20 Dec 2017 07:33 PM
යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා
යාල් දේවියෙන් වඩින්න නිත්‍යරංජනා
කෝලම් නටා වැටිච්ච ලෝකේ පතා
සිතේ පැතුම අරන් යමුද ආවඩා කියා
යාල්පානමේ...

ම..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Dec 2017 05:27 AM
මා දෙනෙත් පියවිලා
මා සුසුම් සිරවෙලා
යන තුරා දිවිමගේ
ඔබ පමණයි සිහිනේ සදා

තුරුලේ නැලවි එදා
කීව පෙම් ගී කතා
සුළගේ මුසුවි ගියා
ඔබව මතකේ තියා
..... ය .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
21 Dec 2017 07:24 PM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා..

ව....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Dec 2017 12:20 AM
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ වී පුරානේ

අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ පුෂ්ප උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ලේ තව ළංවෙලා
කියාදෙන්න මා ඉන්නේ හසරැල් සලා
..... ල .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Dec 2017 02:11 AM
ලසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී
ඔබ මගේ ළඟින්

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Dec 2017 02:18 AM
නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ

දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී
මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී
සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී
..... ද .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
23 Dec 2017 09:28 AM
දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන අබියස ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සෝ දුක්
නිවන ලෙසේ
අපටම වෙන් වුණු අපගේ ලෝකය
යදම් පවුරු දා දොරගුළු ලා ඇත
දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Dec 2017 10:36 AM
දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
26 Dec 2017 07:06 PM
නොබලා - මා දිහා ඔයා
යනවා - කාගෙදෝ වෙලා
සඟවා - වේදනා දරා
හැමදා - ආදරේ කළා
ඔබ නොයනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා...

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Dec 2017 08:26 PM
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
..... ර .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
26 Dec 2017 09:28 PM
රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නො‍එන්නේ
ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්..

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Dec 2017 07:23 AM
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැලඹු යුගේ නැත නිම වුනේ
විල්තේර නොවේ මගේ හදවතේ
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැලඹු යුගේ නැත නිම වුනේ
..... න .....
0
You are not authorized to post a reply.
Page 89 of 158 << < 8788899091 > >>