You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 8 of 20 << < 678910 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2016 05:50 AM
  •  Quote
  •  Reply
සිලිඳුටත් බින්දුටත් සිහින් ඉකි බිඳුමක හඩක් දාන ශාලාවේ කෙළවරට දෙසින් ඇසෙන්නට විය.

"කවුද ඒ.. වරෙන් බලන්න යන්න" බිංදු සිලිඳුවත් කැටුව දාන ශාලාවේ කෙලවර වෙත පිය මැන්නේය.
"මේ අර ගෑනු මනුස්සය නේද..? සිළිඳු අසන්නට විය.

"මේ මොකද නංගියේ මේ.."
"කොච්චර උනත් ඒ මගේ මනුස්සය නේ.. මගේ හිතට මහා මොකක්දෝ වගේ.. ඒකයි ඇඩුනේ.." බිංදුගේ පැනයට ඉකි බිඳුම අතරින් කාන්තාව තෙපලුවාය.
"ඔය මනුස්සය බි ගත්තහම තමයි මේ ඔක්කොම වින්නැහි. ඔය බොන දෙයකට දාල දීපු දෙයක් නිසා තමයි පහු ගිය කාලේ යක්ෂාවේශ වෙලා හිටියෙ." ඇයගේ හැඬුම සාධාරණීකරණය කරන්නට මෙන් තව දුරටත් කීවාය.



"ඉතිං අපට ඔය වගක් කළින් කිව්වා නම් අපි කොහොම හරි ඔය ඇත්තිව ගමට ඇරලවල එනවනේ.." සිළිඳු කිව්වේ ඔවුන් දෙදෙනා කර ඇත්තේ වරදක් ලෙස සලකමිනි.

"අනේ නෑ.. ඒ වෙලාවේ අපේ ජිවිත බේරලා දුන්නේ ඔයාල. අනෙක දැන්ම නම් ගමට යන්න බැහැ කොහොමටත්. මගේ මනුස්සය කෙසේ වෙතත් අර අනෙත් මිනිස්සු නම් මාව මරනව සිකුරුයි.. අයියල යන තැනකට මාවත් එක්කගෙන යන්න.. මට මේ ටික දොහේ කොහේ හරි වහන් වෙලා ඉන්න ඕන."
සිළිඳු සහ බින්දුගෙන් තවමත් කල යුතු උපකාරය අවසන් වී නොමැති යයි හැගෙන ලෙසින් ඇය කීවාය.

"හොඳයි. හොඳයි. මේ කෑම ටික එහෙම කාල ඉවර වෙලා දැන් විවේක ගන්නකො. ටිකක් නිදා ගත්තහම ඔය තෙහෙට්ටු ගතිය ඇරිලා යාවි. ඉන් පස්සේ අපි බලමු මොකද කරන්නේ කියල." බින්දු ඇය අස් වසමින් කිවේය.
"අනේ අයියලට කොහොම පින් දෙන්නද මන්ද මේ කරන උපකාර වලට. අයියල යන්න ආපු ගමනත් මම නිසා පාඩු උනා." කියනවිට ඇයගේ දෑස තෙත් වනු පෙනිණ.
"හරි හරි.. ඒ වෙලාවේ අපි උදව් කළා. එච්චරයි. දැන් අපි බලමු ඉස්සරහට මොකද කරන්නේ කියල." එය ප්‍රශ්නයක් කර නොගතයුතු බව කියමින් සිළිඳු කිවේය. බින්දුද හිස වනා එය පිලි ගත බවක් පෙන්වීය.

"අනේ මට නම් හිතට හරිම බයයි. මෙතනත් අර මිනිස්සු හොයා ගෙන ඒවිද?.. මෙතන අපට කරදරයක් වෙන්නේ නැහැ කියල විශ්වාසද..? අනේ මමයි මේ පොඩි කෙළියි විතරයි මෙතන ඉන්නෙත්.. " කියමින් ඇය ඔවුන් දෙදෙනාගෙන් වෙන කුමක් කල යුතු දැයි දැනගැනීමට මෙන් අසන්නට වුවාය.

(ඔන්න ඉන්දික007 අයියට භාරයි.. ඔයා කැමති විදියකට ඉතුරු කෑල්ල ලියල දෙන්න.. මේ නංගිට සිලිඳුයි බින්දුයි මොනවා කියාවිද?)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2016 05:30 PM
  •  Quote
  •  Reply
ගන කලුවර මැදින් කඩු සහ පොලු අමොරා ගත් කාන්තවගෙ සැමියා සහ අනික් සහචරයන් දෙදෙනා පන්සලට පැමිනෙ ....බන මඩුවෙ කොනක තම දියනිය මවට තුරුලු වී නින්දෙ සිටිනු දුටු සැමිය ..තවත් කෙලවරක නිදා සිටි සිනිදු සහ බින්දු වෙත ලග විය ..........ම්ම්ම්.. මෙ ඉන්නෙ අපෙ වස්තුව අපට නැති කරපු උන් දෙන්නා ...උම්බල කියන්නෙ මුන් දෙන්නට මොනවා කරන්න කියලාද ?...අපි මුන් දෙන්නව මෙතනම් ඉවර කරමු ....අනෙකා කීවෙය ...එහෙනම් ...තො ඔකාගෙ ඔලුවටම කොටපන් පොරොවෙන් ...මම මෙකගෙ බෙල්ලට කොටන්නම් කඩුවෙන් ....හබැයි එක පාරෙන් මරපන් ...නැත්තන් මුන් කැ ගහන සද්දෙට පන්සලෙ අය අහැරෙවි ..ඊට පස්සෙ ගැනිවයි ලමයවයි අරන් යමු ...එසෙ කියු සැමියා කඩුව ඔසොවා අදික වෙගෙ පාරක් සිලින්දු ගෙ ගෙලට එල්ල කලෙය ... ..
…
…බුදු අම්මො ......බුදු අම්මො ......හ්හ්හ්හ්හ්
…
…මොකො මොකො සිලින්දු මොකො කැගන්නෙ ..?බින්දු විමතියෙන් විමසිය ....
…
…මට වතුර ටිකක් දීපන් බින්දු ....
…
…ඇයි මොකො මොකො ..උබ හීනයක් දැක්කද ?
…
…Rosi..madam
…
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 05:59 PM
  •  Quote
  •  Reply
අනේ sorry අයියා ..දැනට කාට හරි දෙනවද මගේ වාරේ ... මන් හෙට ලියන්නම් . තාම වැඩ ඉවර නැ .සමාවෙන්න .
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2016 06:09 PM
  •  Quote
  •  Reply
එහෙනම් indika76ට.......කො ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2016 06:54 PM
  •  Quote
  •  Reply
"මම භයානක හීනයක් දැක්කා බිංදු.. "
බිංදු දුන් වතුර ස්වල්පය බීමෙන් අනතුරුව සිළිදි කීවේය.

මේ වන විටත් උදෑසන හිරු රැස් ගස් අතරින් එබෙන්නට විය.

මේ අතර ඈතින් මිනිසුන් කිහිප දෙනෙකු පන්සල වෙත එනු පෙනුනි.
ඔවුන් අතර ප්‍රථමයෙන් සිටියේ කාන්තාවගේ සැමියා වන සූරසේන ය. සිළිදුට මෙන්ම බිංදුටත් හීන් දාඩිය දැමුවේය.
සිළිදු තම ගිනි අවිය තම සමීපයෙන් තබා ගන්නා ලදී.

සූරසේන සහ පිරිස කෙලින්ම පැමිණියේ බිංදු හා සිළිදු සිටි ස්ථානයට.
"අනේ මහත්තයෝ මට සමාවෙන්න" කියමින් සූරසේන ඔවුන් ඉදිරියේ වැද වැටුණි. "අර දුර්ජන මිනිසුන් මට මොකක්දෝ බන්ධනයක් කරා. ඊට පස්සේ සිදුවුන කිසිම දෙයක් මට මතක නැහැ. මේ මිනිසුන් තමයි මට සියළු විස්තර කීවේ. මහත්තයල දෙන්න තමයි මගේ ගෑනියි දරුවයි බේරගෙන තියෙන්නේ. තව ටිකෙන් මම ලොකු පවක් කර ගන්නවා. "
මේ ශබ්දය ඇසී ලොකු හාමුදුරුවන් මෙන්ම සූරසේනගේ භාර්යාව වූ රන් මැණිකාද සිය දියණිය කැටුව එතනට පැමිණියාය.

(පොඩ්ඩි)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2016 07:09 PM
  •  Quote
  •  Reply
හුටා .....කතාව ඉවර වෙයි වගෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2016 07:24 PM
  •  Quote
  •  Reply
නෑ.. නෑ.. තවම පටන්ගත්තෙත් නෑ වගේ... හොද හොද සෙල්ලම් ඉස්සරහට...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 07:40 PM
  •  Quote
  •  Reply
matada kathawa .. iwarayak karala damu neda ehenam kathawa
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2016 07:48 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 24 Jan 2016 07:40 PM
matada kathawa .. iwarayak karala damu neda ehenam kathawa

බුදු අම්මෝ නංගී ... කථාව ඉවර කරන්න එපා..

දැන් තමයි කථාව පටන් ගන්න හදන්නේ...

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jan 2016 09:58 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 24 Jan 2016 07:24 PM
නෑ.. නෑ.. තවම පටන්ගත්තෙත් නෑ වගේ... හොද හොද සෙල්ලම් ඉස්සරහට...


හොඳ ප්‍රවේශයක්..නියමයි මචං 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 10:19 PM
  •  Quote
  •  Reply
kathawa mathak wen neni liyanna,, busy busy affaaa..........
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 10:43 PM
  •  Quote
  •  Reply

භාර්යාව දූටු වහාම සුරසේන දිවවිත් ඇය බදා ගනිමින් සිදු වූ දෙයට සමාව ඉල්ලා සිටියේ ය. භාර්යාව ද කදූලු සලමින් මොහොතක් එලෙස හිද දුක තුරන් කර ගත්තා ය ... වෙඩි වැදුම නිසා ඔහුගේ කකුල බොහෝ ඉදිමි තිබුණි.

..''ඔය උන්නැහේ ටිකක් විවේක ගත්තනම්..... තුවාලේ වේදනාවත් ඇතිනි ගොඩක් .... '' නායක හාමුදුරුවෝ එලෙස පැවසු නිසාවෙන් බින්දු සිලිදුගේත් උපකාරය ඇතිව සුරසේනව කැටිව ධර්මශාලාව දෙසට ගියේ ය ....

දැරිය නම් තවමත් හිටියේ තම පියාට බියෙනි.... සුරසේන දැරියට තමා ළගට අඩගැසුවද දැරිය එය ප්‍රතික්ෂේප කළා ය .

'' සුරසේන තමාගෙන් සිදු වූ දේ ගැන පසුතැවෙන්නට විය .. මේ හැමදේම තමාගේ බේබදුකම නිසා සිදු වූ දේවල් බව ඔහුට වැටහුණේ දැන් ය ... බිමත්කමට ඇබ්බැහි නොවුනේ නම් ගේ දොර අඩුපාඩු ,අගහිගකම් මෙතරම් නොදැනෙන්නට තිබුණි ... එනම් නිදානයක් වැනි දෙයක් ගැනීමට තම එකම දියණිගේ දිවි කැප කිරීමට තරම් අවාසනාවකට මුහුණ නොදෙන්නට ඉඩ තිබුණි ... මේ හැමදේම තම පාපී මිතුරන් නිසා සිදු වූ දේවල් බවත් නැවතත් එවැනි පාපී වැඩ වලට නොයා කුමක් හෝ දෑතේ විරියෙන් කර තම පවුල ජිවත් කර ගන්නට සුරසේන පන්සල් භූමියේදීම අදිටන් කර ගන්නා ලදී .

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 10:56 PM
  •  Quote
  •  Reply
KING D......කතාව ලියන්න රජතුමනි .. මේක මගේ අණක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2016 11:25 PM
  •  Quote
  •  Reply
කතාව නිමි ...යමක් අමතකව ඇත්දැයි බලන්න ............
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Jan 2016 11:53 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 24 Jan 2016 11:25 PM
කතාව නිමි ...යමක් අමතකව ඇත්දැයි බලන්න ............

ane kathawa nimi neee,, KING D aiyata ilaga kotasa galapanna thiyenne
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jan 2016 03:10 AM
  •  Quote
  •  Reply

"දැන් ඉතිං තුන් දෙනාටම ගමට ගිහිල්ල ඔය තුන් දෙනාටම හොඳින් ඉන්න පුලුවන් නේද.." සිළිඳු සුරසේන වෙත හැරෙමින් කිවේය.

"ඔය ඇත්තිටත් ගමට ගිහිං මේ සුරසේනගේ කකුල සනීප කර ගන්න බැලුව නම් හොඳයි. අපේ ලොකු හාමුදුරුවෝ අවශ්‍ය කරන බෙහෙත් හේත් එහෙම ලියල දේවි." කාන්තාව දෙසටද හැරෙමින් සිළිඳු තවත් කියන්නට විය.

"අපෝ බැහැ මහත්තයො. ඔය ගමට නම් දැන්ම යන එක එච්චර නුවණට හුරු නැහැ. මේ කෙලීව ආරක්ෂා කර ගන්න එපාය." සුරසේන බිංදුට උත්තර දෙමින් කීය.

"තව අවුරුද්දකුත් මාස දෙකක් යනකන් මේ දැරිවි පරෙස්සම් කර ගන්න ඕන. අවුරුදු පහක් වෙනකං."

"අර මිනිස්සු මේ වැඩේ අතහැරලා නැහැ තවම. ආයෙත් හොයාගෙන එනවා සිකුරුයි."

"මගේ පවුලේ ඉන්නේ මම විතරයි. ඉතින් අපි දෙන්නම පවුල් වල වැඩිමල් උදවිය. මේ කෙල්ල තුන් කුලුදුල් නිසා තමයි අර මිනිස්සු මේ කෙලීවම හොයල තියෙන්නෙ. අවුරුදු පහට අඩු තුන් කුළුදුල් බිල්ලක් තමයි ඕන කියන්නෙ."

සිලිඳුටත් බින්දුටත් දෙදෙනාටම කාරනා පැහැදිලි කරමින් සුරසේන කියන්නට වින.

"එහෙනම් සුරසේන උපාසක ඇත්තො දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නෙ. මේ කෙලිවයි මේ ඇත්තිවයි ගමට ඇන්න යන්නේ නැත්නම්.."

(ඉතුරු කොටස රෝසි නෝනට භාරයි.)

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Jan 2016 07:20 AM
  •  Quote
  •  Reply
Hmmmmm ekath aththa thama.... dena dena kohomada me daruwa wa anathure danne .... silidu kalapana kara na athara binduta th podi eki gena dukak menna adarayak da hithunaya...

Ahenam bindu api meyalawa ape gamata ekka yamu da .. silidu hamogema munawal desa balamin mithuragen ahuwe hithe podi chakithayak radawa genaya...


Phone aken type kare ..sorry wenna one ... kauda ilagata ..hmmm imalka aiyya gamu ga kathawa
(මේ කොටස සිංහල අකුරෙන් ඊලග කොමෙන්ටුවේ දක්වා ඇත.)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jan 2016 07:29 AM
  •  Quote
  •  Reply
[ඉහතින් රෝසි විසින් ඉංගිරිසි අකුරෙන් එකතු කල කතාව එලෙසින්ම සිංහලෙන් පහතින් එකතු කරන්නේ කියවන්නාගේ රස වින්දනයට භාධාවක් නොවී තබා ගැනීමේ අරමුණිනි. වරදක් ඇතොත් වරද පහත කොමෙන්ටුව තුල එඩිට් කර නිවැරදි කරන්න.]
---------------------------------------------------------------------------------------------------------

"හ්ම්ම්.. ඒකත් ඇත්ත තමා.. දැන දැන කොහොමද මේ දරුවා අනතුරේ දාන්නේ." සිළිඳු කල්පනා කරන අතර බින්දුටත් පොඩි එකී ගැන දුකක් මෙන්ම ආදරයක් ද සිතුනි.

"එහෙනම් බින්දු අපි මෙයාලව අපේ ගමට එක්කගෙන යමුද..?" සිළිඳු හැමෝගෙම මුහුණු දෙස බලමින් මිතුරාගෙන් ඇසුවේ හිතේ පොඩි චකිතයක්ද රඳවා ගෙනයි.

(ඉමල්ක)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Jan 2016 05:43 PM
  •  Quote
  •  Reply
එතකොට මුන් දෙන්න රත්නපුරෙ යන්නෙ නැද්ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jan 2016 06:04 PM
  •  Quote
  •  Reply
කවද හරි යාවි. නාට්‍ය නෙ. ගමට එක්කගෙන යමු කිව්වට තවම නැහැනෙ. බලමු ඉමල්ක මොකෑ කියන්නෙ කියල.
0
Add Reply
Page 8 of 20 << < 678910 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below