You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 23 of 31 << < 2122232425 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Aug 2017 02:14 AM
  •  Quote
  •  Reply
ස්තුතියි අයියේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Aug 2017 04:49 AM
  •  Quote
  •  Reply
--නොමැතිව ඈ ---

හමාගෙනවිත් කළු මේඝයක්
දරාගෙනහුන් දුකත් උදුරාගෙන,
ක්ෂණයෙන් පැන නැග
නබෝගැබ වෙත ,
පෙරලා කදුළු දිය බිඳු කර
මොර සුරමින් ඇද හැලුණි
මහා වරුෂවක්,
හිතක් පපුවක් නැති ලෙස
ධරණිහ මතට ....

අගුපිල වෙතට පිය මැනපු
මම ඇනකුටු ගසා ,
මොහොතක් කල්පනාවක සිට
බිඳෙන් බිඳ දුක
තුනී කර ගන්න හැකි වේද ,
දරන්නෙමි වෑයමක්
එදත් අදත් මෙන් හෙටත්
එළඹෙනා සෑම දිනක් වේද ....

හැර දමා ගොසින් මාව හා
කුළුදුල්ව ජනිත කළ
පුතු මොලකැටිව ,
අඩවසක් සපිරෙන්නේ
එලඹෙනා වප් පෝදාට ,
පුර හඳ නම් පායාවි එදවසටත්
සුපුරුදු ලෙසම දිදුලමින ,
එනමුත් මගෙ පැලට
අමාවකයි එළඹුණේ ,
නුඹ නොමැතිව
ගෙවන හැමදාක....

ටක් ටික් හඩින්
ඇද හැලුණු විට ,
පොලඅතුව කිදාගෙන
ඉතිරි වු වැහි බිඳුව,
දුක්ඛිතව ඉකිලමින්
බෙලෙක් පිඟානට,
පුතු හඩන්නට විය
නින්දෙන් පිබිද
සොයාගෙන
ඇගේ තනපුඩුව,
අහෝ නැවතත්
රිදුම් දෙන්නට විය
කකියනා මගේ තුන් හිතම ...

- ඩිලීකා -
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
17 Aug 2017 08:25 PM
  •  Quote
  •  Reply
අන්තිම පද පේලියේ ලොකු අරුතක් ගැබ් වෙලා තියෙනවා..
වැහි බිඳුව වැටෙන්නේ හිස්වූ බෙලෙක් පිගානට.. කුසගින්නේ සිටින පුතු තනපුඩුව සොයා යනවා..
ඒ කියන්නේ දුගී බව මනාව පිළිබිඹු කරලා තියෙනවා..
සුළු අඩුපාඩු කිහිපයක් තිබුණත් ඉතා උසස් නිර්මාණයක් පොඩ්ඩී..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Aug 2017 06:10 PM
  •  Quote
  •  Reply
ලස්සන පද පේළියක් ස්තුතියි අක්කේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Aug 2017 09:30 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩිනේ
ඇවිල්ල දාලනේ
පද පේලියක්නේ
ලස්සනයිනේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Aug 2017 12:09 AM
  •  Quote
  •  Reply
ස්තුතියි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2017 01:24 AM
  •  Quote
  •  Reply
එහෙම කියල මදි කෝ තව දාන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Jan 2018 07:39 PM
  •  Quote
  •  Reply
නුඹ වඩින ලෝකයට හෙට සුදු පුතේ
සුවදැති මල් අතුරන්නම් හිතුමතේ
හිනැහෙමින් සනසන්න දුක තුන්හිතේ
සැනසෙමින් නැලවෙන්න අම්මගෙ අතේ

- ඩිලීකා -
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Jan 2018 07:39 PM
  •  Quote
  •  Reply
පාව එන්නට හැකි නම්
නුඹේ හිත වෙත,
දෙපාරක් නොහිතමි ඒ ගැන ...
ඈත ගිය දින මාව මඟ හැර
තාම මතකයි කුමරුනේ මට ...
හෙලන සුසුමන් තවම තරුණයි
ගෙවී ගියමුත් කාලයත් දුර ...
සිතේ පෙම ඇත හුඟක්
කුළුදුල්ව එදා ලෙසටම...
හැකිද එක වරක් ඇවිදින්
සිඹින්නට පෙර ලෙස සියුම් හදවත ...
කියා ආදරේ වග මහමෙරක් තරමට

--ඩිලීකා මධුශානි--
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Jan 2018 07:42 PM
  •  Quote
  •  Reply
පිළිගන්න මඟ බලන් ඉන්නෙ සුදු පුතුව
උණුහුමට ගෙන පොවලා රන්කිරි බිඳුව
දකිනදා මුවඟ සෙනෙහෙවිල කුළුදුල්ව
පැලදේවි මවෙත මව් පදවි උත්තමව

- ඩිලීකා-
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Jan 2018 02:57 AM
  •  Quote
  •  Reply
නංගිගේ බලාපොරොත්තුව පුතකු වගේ...
සුභ පැතුම්...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jan 2018 05:04 PM
  •  Quote
  •  Reply
පුතෙක් වගේ තමයි අක්කේ හිතේ ඇත්තේ....පුතෙක් නම් වඩාත් හොදයි
සුබ පැතුම් අක්කේ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Jan 2018 12:12 AM
  •  Quote
  •  Reply
වාසනාවන්ත දරුවකු ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. පුතෙකු උනත් දුවෙකු උනත් පවුල බබළවන්න ඕන කරන්නේ යහගුණවත් නිරෝගිමත් වාසනාගුණය ඇති දරුවෙක් වීමයි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Jan 2018 07:10 AM
  •  Quote
  •  Reply
ලස්සන පද පේළි ටික
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 May 2018 05:27 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 11 Jan 2018 07:10 AM
ලස්සන පද පේළි ටික

ස්තුතියි


0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 May 2018 05:36 AM
  •  Quote
  •  Reply

මෙන්න මගේ චුටි පැංචා

- රනුග විශ්වදිනු -

 

හීනෙන් හිනැහෙන කිරිකැටි පුතුනේ නුඹ දැකුමෙන් තුන්හිත පිරෙනා

ජීවිත ගමනට සෙනෙහස කැටි වී සෝ ලතැවුල් හැම             නිවෙනා 

වාගෙයි මැණිකක් නිවසට දිදුලන රන් ටිකිරි සිනා හඩ නීති      පතුරා

වේවා නිරිදුන් සක්විති ලොවටම තෙද බල ගුණදම් ගත             දරනා


- තෙරුවන් සරණයි මගේ පුතාට -

 

- ඩිලීකා -

පොඩ්ඩි -

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 May 2018 05:52 AM
  •  Quote
  •  Reply
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 May 2018 06:19 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 28 May 2018 05:36 AM

මෙන්න මගේ චුටි පැංචා

- රනුග විශ්වදිනු -

 

 

හීනෙන් හිනැහෙන කිරිකැටි පුතුනේ නුඹ දැකුමෙන් තුන්හිත පිරෙනා

ජීවිත ගමනට සෙනෙහස කැටි වී සෝ ලතැවුල් හැම             නිවෙනා 

වාගෙයි මැණිකක් නිවසට දිදුලන රන් ටිකිරි සිනා හඩ නීති      පතුරා

වේවා නිරිදුන් සක්විති ලොවටම තෙද බල ගුණදම් ගත             දරනා


- තෙරුවන් සරණයි මගේ පුතාට -

 

- ඩිලීකා -

පොඩ්ඩි -

 


ලස්සනයි පොඩ්ඩ්ගේ ළමයා .......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 May 2018 06:19 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 28 May 2018 05:36 AM

මෙන්න මගේ චුටි පැංචා

- රනුග විශ්වදිනු -

 

 

හීනෙන් හිනැහෙන කිරිකැටි පුතුනේ නුඹ දැකුමෙන් තුන්හිත පිරෙනා

ජීවිත ගමනට සෙනෙහස කැටි වී සෝ ලතැවුල් හැම             නිවෙනා 

වාගෙයි මැණිකක් නිවසට දිදුලන රන් ටිකිරි සිනා හඩ නීති      පතුරා

වේවා නිරිදුන් සක්විති ලොවටම තෙද බල ගුණදම් ගත             දරනා


- තෙරුවන් සරණයි මගේ පුතාට -

 

- ඩිලීකා -

පොඩ්ඩි -

 


ලස්සනයි පොඩ්ඩ්ගේ ළමයා .......
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 May 2018 07:06 AM
  •  Quote
  •  Reply
thank u Isuru aiyee
0
Add Reply
Page 23 of 31 << < 2122232425 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below