Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 27 Mar 2018 10:08 PM by Indika Kandanaarachchi දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වර්ග 79 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Author Messages Imalka HewageVeteran MemberPosts:4533 11 Sep 2017 12:07 AM ඉතා වැදගත් ලිපියක් අවාසනාවට අපෙන් ඈත්වීගෙන යන වටිනා ගුණවත් කෑමක්...ඒවගේම පොල් ගහ වගේම කප්රුකක් වැනි ගසක් කොස් ගස. ඇත්තටම කිව්වොත් අද කාලේ නෝනලාට කොස් මදුලක් සුද්දකරගන්න බැරි තරමට ලෝකය වෙනස් වෙලා......ලෝකය නෙමේ උන් වෙනස්වෙලා. මගේ අදහස නම් බට් කරපු කොස් ගහක් දෙකක් ගම ගෙදරම වගා කරන්න ඕනේ. ගැස්ට්‍රයිටිස් වැනි ආබාධවලට ඇති කොස් ඉතා ගුණයි කියලත් මම අහලා තියෙනවා. කොස් මොන ආකාරයට හැදුවත් රහ තමයි ඉතින්,,ඒ ගැන මම කියන්න ඕනේ නැහැ...අනිත් අය කටට කෙළ උනන්නම ලියලා තියෙනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Sep 2017 04:26 AM Posted By kingD on 10 Sep 2017 09:25 PM කොස් කන්නෙ කොහෙද දැන් ඉන්න හමිනේලට කොස් ගෙඩිය කපා ගන්නත් බෑ බොලව්... අම්ම ඉන්න කාලෙ නම් සුමානෙට දවස් තුන හතරක් කොස් නම් වරදින්නෙ නෑ ඒක හරි අයියේ දැන් ඉන්න නෝනලාම නෙවෙයි අපෙ පුංචි අම්මත් ඔය සෙතේමයි අපේ ගෙදර තමයි ගෙවල් 3කට විතර කොස් පොලොස් හැදුවොත් හදන්නෙ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 11 Sep 2017 11:46 AM බොහොම වැදගත් ලිපියක් බොහොම ස්තුති අයියේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 14 Sep 2017 08:26 AM දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වර්ග පුරාණයේ පටන්ම අපේ රටේ ජනතාව පෝෂණීය වගේම රසවත් පාන වර්ග පානය කිරීමට පුරුදුව සිටියා. ඒවා තනා ගත්තේ අප අවට වටපිටාවෙන් සොයාගත හැකි පැළෑටි වර්ගවලින්. මේවායේ ඖෂධීය ගුණයත් ඉතා ඉහළයි. මේ නිසා එදා ජනතාවට අද බහුලව ඇති දියවැඩියාව, හදවත් රෝග වැනි ලෙඩරෝග වැළඳුණෙත් අඩුවෙන්. ඒත් යටත්විජිත යුගයේදී ඉංග්‍රීසින් තේ හා කෝපි හඳුන්වා දීම නිසා ක්‍රමයෙන් මේ පාන වර්ග භාවිතය අඩු වුණා. පසුව ඒවා භාවිතය දැකගත හැකි වුණේ ඉතා කලාතුරකින් ගැමි ප්‍රදේශවල පමණයි. කොහොම නමුත් අද සමාජයේ ගුණදායක හා ස්වභාවික දේවල් පිළිබඳව ඇතිවී තිබෙන උනන්දුවත් සමග එවැනි දේ සොයාගෙන පාවිච්චියට ගන්නා පිරිස වැඩිවෙලා තිබෙනවා. ඉතින් මෙන්න එදා සමාජයේ පැතිර තිබූ පාන වර්ග කිහිපයක්. ඒ අතරින් සමහරක් ඔබත් පානය කර ඇතිවා වන්නට පුළුවන්. බෙලි ඉතා ජනප්‍රිය හා බහුලවම භාවිත කළ පානයක්. බෙලි ගසෙහි පස් පංගුවම (කොළ, මුල්, මල්, ගෙඩි, කටුව) පානය සඳහා භාවිත කරනවා. බෙලි ගෙඩිය ඉදුණු පසු එහි මදය ගෙන මැලියම් ගතිය ඉවත් කර, පොඩි කර (අද නම් එයට බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකිය) අවශ්‍ය පමණ සීනි, ලුණු සහ දෙහි ස්වල්පයක් ද යොදා ගැනීමෙන් රසවත් ගුණදායක පානයක් සකස් කරගත හැකියි. එය හිස්බඩ පානය කිරීමෙන් සිරුර සිසිල් වී දිර්ඝායුෂ ලැබෙන බව එකල විශ්වාස කළා. බෙලි සිසිල් බිමක් ලෙස (stylecraze.com) බෙලි මල් හොඳින් වියළාගත් බෙලිමල් තම්බා ගැනීමෙන් පසු කිතුල් හකුරු සමග පානය කළා. පිපාසය සංසිඳුවන මෙම පානය ආහාර රුචිය ද වඩවනවා. බෙලිකොළ මේරූ බෙලිකොළ කඩාගෙන පිරිසිදු භාජනයක දින තුනක් වියළා ගන්න. ඊට පසු වංගොඩියේ කොටා පොට්ටනි බැඳ දිනක් කහට පිපෙන්නට තැබිය යුතුයි.පසුව පැතලි බඳුනක තුනීකර වියළාගෙන තේ වැනි පානයක් සකසාගත හැකියි. බෙලිකොළ පානය සිරුරේ දැවිල්ල, බඩදැවිල්ල තුරන් කරන අතර අක්මාව උත්තේජනය කරන බවද පොතපතේ සඳහන්. එය ආහාර දිරවීමටද උපකාරී වෙනවා. බෙලිගැට මද පානය බෙලිගැට කුඩා කැබලිවලට කපා හොඳින් වියළා ගත යුතුයි. ඊට පසු අවශ්‍ය විට තම්බා ගැනීමෙන් පසු පානය කළ හැකියි. ආහාර රුචිය ඇති කරන මෙම පානය පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකරයි. විජලනය වළක්වන්නටත් සමත් මෙය මානසික ආතතිය ඇති අයට ද ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්. සියඹලා පානය සියඹලා පානය සකසමින් (meatlovessalt.com) සියඹලා ගස වියළි කලාපයේ ඉතා සුලබයි. මේ නිසා සියඹලා කරල් පහසුවෙන් එකතුකර ගත හැකියි. ඉදුණු සියඹලාවල ඇට ඉවත්කර මදය කොටස හොඳින් පොඩිකර ගත යුතුයි. ඊට පසු එම බොරයට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එක්කර පානය කළ හැකියි. මෙම රසවත් පානය ආහාර රුචිය වඩවන අතර කුසගින්න ඇති කරයි. විටමින් සී ඌනතාවෙන් පෙළෙන අයට සියඹලා බොර පානය දෙහි යුෂ ස්වල්පයක්ද එක්කර බීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. අධික රුධීර පීඩනය ඇති අයට ඉතා ගුණදායකයි. මළබද්ධයට සමනය කරන්නටත් හොඳ විසඳුමක්. සියඹලා පානය (meatlovessalt.com) පොල්පලා පොල්පලා පැළෑටිය (Wikimedia.org) මේ ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතුවල සුලබව වැවුණත් අද වනවිට බොහෝ පැතිවලින් වඳවී ගිහින්. සේදූ පොල්පලා පැළෑටි කුඩා කොටස්වලට කපා පිරිසුදුවට වේලා ගැනීමෙන් පසු තම්බාගත යුතුයි. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වුව ද මේ පැළෑටිය වගාකළ හැකියි. මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාව සහ මුත්‍රාගල් දියකිරීමේ හැකියාවද පොල් පලාවලට ඇති බව කියවෙනවා. විෂ නැසීමේ ගුණයෙන්ද සමන්විතයි. මුත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැළෑටිය සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝග තත්ත්වය සමනය වෙනවා. ඉරමුසු ඉරමුසු වැල් (Wikimedia.org) ගෙවතුවල වැවෙන වැල් වර්ගයක් වන ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුයි. සම්පූර්ණ පැළෑටිය ගලවාගෙන සෝදා කැබලිවලට කපා වියළා ගත යුතුයි. ඊට පසු වියළි බඳුනක තබා අව්‍යශ විට තම්බා පානයට ගන්න පුළුවන්. කිතුල් හකුරු සමග තේ මෙන් පානය කළ හැකි අතර කස ඇට සහ සීනි ස්වල්පයක් දමා සිසිල් කර සරුවත් ලෙස බීමටද කදිමයි. ආයුර්වේදයට අනුව ඉරමුසුවල වා, පිත්, සෙම් යන තුන්දොස් සමනය කිරීමේ හැකියාව පවතිනවා. ලේ පිරිසිදු කිරීමේ හැකියාවද ද සහිත නිසා කිරිදෙන මව්වරුන්ට සහ දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි. මුත්‍රා දැවිල්ල නැති කරන්නට මෙය සමත්. ඉරමුසු හිසකෙස් වර්ධනයටත් උදව් වෙනවා. මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග පානය කිරීමෙන් එම විෂ නැසෙන බව කියවෙනවා. ආහාර අසාත්මිකතාවලදීද ඉරමුසු තම්බා බීම ගුණදායකයි. වදමල් පානය වදමල් සරුවත් ලෙස (cookatease.com) අපේ පැරැන්නෝ ඖෂධීය පානයක් වශයෙන් වදමල් භාවිත කළා. මෙම පානය සකස් කර ගත්තේ ඉතා සරල ආකාරයටයි. උතුරවා ගත් වතුර වීදුරුවකට සෝදාගත් වදමල් දමා වසා තබන්න. ටික වේලාවක් යන විට ජලය වදමලේ රතු පැහැයට හැරෙනවා. ඊට පසු මඳ වේලාවකින් වීදුරුවෙන් මල ඉවත් කර සීනි දමා පානය කරන්න. ලුණු, දෙහි, කසඇට ආදියද එයට මිශ්‍රකර සරුවත් ලෙස එහි රසය ඉහළ නංවාගත හැකියි. සිසිල් කර හෝ අයිස්කැට යොදා සිසිල්බීමක් ලෙස ද පානය කළ හැකියි. සිරුරට නව ජීවයක් ලබාදෙන වදමල් පානය ලේ පිරිසිදු කරයි. නෙල්ලි පානය නෙල්ලි ගෙඩි (stylecraze.com) තිත්ත රස, ඇඹුල් රස, කහට රස සහ පැණි රස යන රස වර්ග හතරෙන් යුත් නෙල්ලි ඉතා ගුණදායක ඔසුවක්. වෙළෙඳපොළින් නෙල්ලි ගෙඩි පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ද පවතිනවා. උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂ, ශරීරයේ විෂ, සෙම්රෝග ආදියට නෙල්ලි ප්‍රත්‍යක්ෂ ඔසුවක්. නිතරම නෙල්ලි ආහාරයට ගැනීම සම පැහැපත් කරන අතරම අකලට වයසට යාම වළක්වන අතර ඇස්වලට ද ඉතා හිතකරයි. නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළෙඳපොළින් ලබාගත හැකි වුවත්, ස්වභාවික නෙල්ලිවලින් සකසන පානය වඩාත් ගුණදායකයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත්කර ගෙන ජලය ස්වල්පයක් දමා අඹරා ඉස්ම මිරිකාගත යුතුයි. ඒ සඳහා බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකියි. පසුව එම ඉස්ම වතුර සහ සීනි සමග මිශ්‍ර කර පානයක් වශයෙන් භාවිත කළ හැකියි. සිසිල් කළ විට වඩාත් රසවත්. රසකිඳ රසකිඳ වැල් (2bp.blogspot.com) මෙය මාංශල කඳකින් යුත් වැල් වර්ගයක්. ඉතා පහසුවෙන් බෝකර ගත හැකියි. කලකට පෙර බොහෝ ගෙවතුවල රසකිඳ වැල් තිබුණද අද එය කලාතුරකින් දැකිය හැකි ශාකයක් බවට පත්ව තිබෙනවා. රසකිඳ වැල් කොටස්වලට කපා වියළා ගැනීමෙන් පසු කල්තබාගෙන තම්බා පානය කළ හැකියි. මෙම පානය රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂවලින් වැළැක්වීමට උපකාරී වෙනවා. රසකිඳ සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරන, ලේ වඩවන, ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාවය සමනයට ද උපකාරී වන අපූරු ඖෂධයක්. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, දැවීම් හා පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ, නෙල්ලි සමග රසකිඳ යුෂ භාවිතය ඉතා ගුණදායකයි. කඩෙන් පහසු මිලට ගන්න තිබෙන බොහෝ පානයන්ට වඩා අපහසුවෙන් උනත් මේ වගේ දේවල් හදාගෙන නිතරම පානය කරන්න පුළුවන් නම් ඔබට වඩාත් නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේවි. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 14 Sep 2017 08:40 AM වදමල් පානය හැර අනිත් ඔක්කොම බීලා තියෙනවා. සියඹලා එක නං ඉතින් කියලා වැඩක් නෑ. බිව්වම ඇගට දැනෙනවා අමුතුම කූල් එකක්. බීලම බලන්න බොරු නං. 0 chamara duleepMost Senior MemberPosts:13471 14 Sep 2017 11:05 PM මේ තොරතුරු වල වැදගත්...නෙල්ලි ඇට ඉවත් කරන්න තමයි අමාරු..අනික රසකිද කොහින්ද හොයාගන්නේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Sep 2017 04:11 AM nelli thama rasama mata nam ..methana samahara ewa nam beela naha 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2017 07:09 PM මට වදමල් හදන විදිය විඩියෝවක් සහ නෙල්ලි පානය හදන විදිය විඩියෝවක් දෙන්නකෝ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Sep 2017 02:32 AM මමත් වදමල් ,රසකිද බීල නැහැ බෙලි වලනං ඔය ඔක්කෝගෙම තියෙන්නෙ එකම රස 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 16 Sep 2017 08:34 PM මම නම් ඔතනින් ආසම බෙලි .... රසකිද බිලා නම් නෑ . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Mar 2018 10:52 PM වික්ස් ස්වල්පයක් සුදුළුනු බිකක් මත ගලවන්න – මේ පිළිබදව මෙතෙක් කල් නොදැන සිටීම ගැන ඔබ දුක් වේවි පපුව, නාසය සිරවීමට සහ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සුවපත් කර ගැනීම සඳහා බොහෝ කලක් සිට වික්ස් භාවිතා කෙරුණත් ඔබ නොදත් කාර්යයන් රැසක් ඉටු කර ගැනීම සඳහා වික්ස් භාවිතා කරනු ලබනවා. වික්ස් මගින් ඉටුකර ගත හැකි එවන් කාර්යයන් කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නටයි අද අපි සූදානම් වන්නේ. 1.කුරුලෑ සමනය කිරීමට දිනපතා කිහිප වතාවක් කුරුලෑ ඇති ස්ථාන මත වික්ස් ආලේප කරන්න. මෙසේ වික්ස් ආලේප කිරීම මගින් කුරුලෑ සමනය වීම සහ කුරුලෑ තිබූ ස්ථාන වියළි සහ පිරිසිදු කිරීම සිදු කරනවා. 2. කෝටර දාහය නාස් කුහර යට වික්ස් ආලේප කර දිගු හුස්මක් ගන්න. වික්ස් තුල අඩංගු වන මෙන්තෝල් මගින් හිසේ කැක්කුම සමනය වේවි. 3. මදුරුවන් පලවා හැරීමට ඔබේ ශරීරයේ වික්ස් තවරා ගන්න. මෙමගින් මදුරුවන් ඔබේ ශරීරයේ වැසීම අවම වේවි. 4. වේදනා සහිත මාංශ පේශී සමනය කිරීම ඔබේ වේදනා ගෙනන මාංශ පේශී මත වික්ස් ආලේප කර සම්භාහනය කරන්න. සම්භාහනය කිරීමෙන් පසුව තුවායක් උණු ජලයේ පොඟවා එම ස්ථානය වෙලා විවේකි සුවයෙන් සිටින්න. මේ ආකාරයට දිනකට තුන් වරක් මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කරන්න. 5. තැලුම් සුවපත් කිරීමට ලුණු කුඩු ස්වල්පයක් සමග වික්ස් මිශ්‍ර කර සමේ තැලුම් ඇති ස්ථාන වල ආලේප කරන්න. 6. කෘමි සතුන් පලවා හැරීමට වැලමිට ප්‍රදේශයේ, දණහිස් මත, බෙල්ලේ සහ කන් පිටුපස වැනි ස්ථාන මත වික්ස් ආලේප කරන්න. විශේෂයෙන්ම ඔබ නිවසින් බැහැරව සිටිනා අවස්ථාවක මදුරුවන් සහ මැස්සන් වැනි කෘමි සතුන් පහසුවෙන්ම පලවා හරින්නට පුළුවන්. 7. විලුඹ ඉරිතැලීම සුව කිරීමට ඉරිතැලුණු විලුඹේ වික්ස් ආලේප කර නින්දට යන්න. පසුදා උදෑසන පාද උණු ජලයෙන් සෝදා පිරිසිදු කර ලුහු යමහල් පාෂාණ කැබැල්ලක් අතුල්ලන්න. මෙම සත්කාර ක්‍රමය දිනපතා සිදු කරන්න. ඔබ පළඳින මේස් යුගලයේද වික්ස් ආලේප කරන්න. 8. වැලමිට ඉදිමීම සුව කිරීමට ඔබේ වැලමිට ඉදිමී වේදනාවක් ගෙනදෙනවා නම් වැලමිටේ වික්ස් සෘජුවම ආලේප කරන්න. වික්ස් තුල අනතර්ගත වන “champor” සහ මෙන්තෝල් මගින් වේදනාව සමනය කරනු ලබනවා. 9. සමේ තෙතමනය ආරක්‍ෂා කිරීම වියළි සම මත වික්ස් ආලේප කර අතුල්ලන්න. මෙමගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර ගන්නට පුළුවන්. 10. සමේ පැලීම් සහ කැපීම් සුව කිරීම වික්ස් ආලේප කිරීම මගින් සමේ පැලීම් සහ කැපීම් ඉක්මනින් සුවපත් කර ගන්නට පුළුවන්. 11. පූසන් පහුරු ගෑම වළක්වා ගැනීම ජනෙල්, දොරවල් සහ බිත්ති මත වික්ස් ආලේප කිරීම මගින් පූසන් පහුරු ගෑම වළක්වා ගන්නට පුළුවන්. 12. කැස්ස සුව කර පපුව සහ නාසය සිරවීම සුවපත් කර ගැනීමට පපුවේ සහ උගුරේ වික්ස් ආලේප කර මෙම රෝග සුවපත් කර ගන්නට පුළුවන්. 13. නිය මත දිලීර ඇතිවීම සහ නිය කොන් මගින් සමට හානිවීම සුව කිරීම නිය මත ඇතිවී ඇති ආසාත්මිකතාවය සුව වන තුරු දිනකට දෙවතාවක් ආසාත්මිකතාවයන් ඇති නිය මත වික්ස් ආලේප කරන්න. 14. සුරතලුන් සෑම ස්ථානයකම මුත්‍රා කිරීම වලක්වා ගැනීමට ඔබට අනවශ්‍ය ස්ථානයක ඔබේ සුරතලා මුත්‍රා කරනවා නම් එම ස්ථානයට ගොස් වික්ස් බෝතලය විවෘත කරන්න. ඔබේ සුරතලා එම ස්ථානයේ නැවත වතාවක් මුත්‍රා නොකරාවි. 15. ඇදීම් සලකුණු මකා ගැනීමට ඔබේ ශරීරයේ ඇති ඇදීම සලකුණු මත වික්ස් ආලේප කරන්න. මේ ආකාරයට දිනපතා සති දෙකක් වික්ස් ආලේප කිරීම මගින් පහසුවෙන්ම ඇදීම සලකුණු මකා ගන්නට පුළුවන්. 16. අශ්වයින්ගේ ඉව නැති කිරීමට අශ්ව රේස් පවත්වන විට පිරිමි අශ්වයන්ට ගැහැණු අශ්වයන්ගේ ඉව නොදැනෙන පරිදි වික්ස් නාසය යට ආලේප කරන්නට පුළුවන්. මෙය ලොවපුරා සිටින වෘත්තීයමය අශ්ව ධාවකයින් සිදු කරන ක්‍රියාවක්. 17. කන් කැක්කුම සුව කිරීමට අවන් එකක් තුල සුදුලුනු බිකක් තප්පර දහයක කාලයක් රත් කර ගන්න. ඉන් පසුව එහි වික්ස් ආලේප කර කෙලවර වේදනාව ගෙනෙන කනේ රඳවා ගන්න. නැත්නම් කපු පුළුන් කැබැල්ලක වික්ස් ආලේප කර කන තුල තබන්න. 18. දද සුව කිරීමට දද මගින් ඇතිවන කැසීම සුව කිරීම සඳහා වික්ස් එම ස්ථාන මත ආලේප කරන්න. 19. ඉන්නන් ඉවත් කිරීමට ඉන්නන් ඇති ස්ථාන මත දිනකට දෙවරක් වික්ස් ආලේප කර ගෝස් කැබැල්ලක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් තබා ආවරණය කර ගන්න. සති දෙකක කාලයක් මෙම සත්කාර ක්‍රමය සිදු කිරීම මගින් ඉන්නන් සම්පුර්ණ වශයෙන් ඉවත් කර ගන්නට පුළුවන්. 20. Athlete’s Foot රෝගය සඳහා “athlete’s foot” ලෙස හඳුන්වන පාද වල හට ගන්නා දිලීර රෝගය සඳහා දිනකට දෙවරක් වික්ස් ආලේප කිරීම මගින් සුවයක් ලබා ගන්නට පුළුවන්. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Mar 2018 11:17 PM අම්මප වික්ස් මෙච්චර ප්‍රයෝජනවත් ද? එකක් දෙකක් ට්‍රයි කරලා බලන්න ඕන. 0 chamara duleepMost Senior MemberPosts:13471 26 Mar 2018 04:35 AM මෙයට සිද්ධාලේප වලින් පුළුවන්ද.... 0 chamara duleepMost Senior MemberPosts:13471 26 Mar 2018 04:36 AM මේ දවස් වලට හෙම්බිරිසාව හැදුනා වියළි කාළගුණය නිසා...අද ටිකක් වැස්සා 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 26 Mar 2018 09:20 AM දද සුව කිරීමට දද මගින් ඇතිවන කැසීම සුව කිරීම සඳහා වික්ස් එම ස්ථාන මත ආලේප කරන්න................... මොන මට නම් අද්දැකීම් මතම කියන්න පුළුවනි අසාර්ථකයි කියලා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Mar 2018 08:12 PM වික්ස් ටිකක් ආලේප කලාම මදුරුවන් එන්නේ නැහැ.. (ඒක නම් මම කරලා තියෙනවා) 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 26 Mar 2018 08:42 PM ඉන්නන් ඉවත් කිරීමට ඉන්නන් ඇති ස්ථාන මත දිනකට දෙවරක් වික්ස් ආලේප කර ගෝස් කැබැල්ලක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් තබා ආවරණය කර ගන්න. සති දෙකක කාලයක් මෙම සත්කාර ක්‍රමය සිදු කිරීම මගින් ඉන්නන් සම්පුර්ණ වශයෙන් ඉවත් කර ගන්නට පුළුවන් ට්‍රයි කරලා බලන්නට ඕන, ප්‍රස්නේ ...........................ඉන්නා තියෙන තැන තමා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Mar 2018 11:57 PM ඉන්නන් ඇති ස්ථාන මත දිනකට දෙවරක් වික්ස් ආලේප කර ගෝස් කැබැල්ලක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් තබා ආවරණය කර ගන්න. සති දෙකක කාලයක් මෙම සත්කාර ක්‍රමය සිදු කිරීම මගින් ඉන්නන් සම්පුර්ණ වශයෙන් ඉවත් කර ගන්නට පුළුවන් ට්‍රයි කරලා බලන්නට ඕන, ප්‍රස්නේ ...........................ඉන්නා තියෙන තැන තමාඑහෙනම් බලාගෙන.. පරෙස්සමෙන් ගාන වික්ස් එකක්. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 27 Mar 2018 09:13 PM Posted By Rosi on 14 Sep 2017 08:26 AM දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වර්ග පුරාණයේ පටන්ම අපේ රටේ ජනතාව පෝෂණීය වගේම රසවත් පාන වර්ග පානය කිරීමට පුරුදුව සිටියා. ඒවා තනා ගත්තේ අප අවට වටපිටාවෙන් සොයාගත හැකි පැළෑටි වර්ගවලින්. මේවායේ ඖෂධීය ගුණයත් ඉතා ඉහළයි. මේ නිසා එදා ජනතාවට අද බහුලව ඇති දියවැඩියාව, හදවත් රෝග වැනි ලෙඩරෝග වැළඳුණෙත් අඩුවෙන්. ඒත් යටත්විජිත යුගයේදී ඉංග්‍රීසින් තේ හා කෝපි හඳුන්වා දීම නිසා ක්‍රමයෙන් මේ පාන වර්ග භාවිතය අඩු වුණා. පසුව ඒවා භාවිතය දැකගත හැකි වුණේ ඉතා කලාතුරකින් ගැමි ප්‍රදේශවල පමණයි. කොහොම නමුත් අද සමාජයේ ගුණදායක හා ස්වභාවික දේවල් පිළිබඳව ඇතිවී තිබෙන උනන්දුවත් සමග එවැනි දේ සොයාගෙන පාවිච්චියට ගන්නා පිරිස වැඩිවෙලා තිබෙනවා. ඉතින් මෙන්න එදා සමාජයේ පැතිර තිබූ පාන වර්ග කිහිපයක්. ඒ අතරින් සමහරක් ඔබත් පානය කර ඇතිවා වන්නට පුළුවන්. බෙලි ඉතා ජනප්‍රිය හා බහුලවම භාවිත කළ පානයක්. බෙලි ගසෙහි පස් පංගුවම (කොළ, මුල්, මල්, ගෙඩි, කටුව) පානය සඳහා භාවිත කරනවා. බෙලි ගෙඩිය ඉදුණු පසු එහි මදය ගෙන මැලියම් ගතිය ඉවත් කර, පොඩි කර (අද නම් එයට බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකිය) අවශ්‍ය පමණ සීනි, ලුණු සහ දෙහි ස්වල්පයක් ද යොදා ගැනීමෙන් රසවත් ගුණදායක පානයක් සකස් කරගත හැකියි. එය හිස්බඩ පානය කිරීමෙන් සිරුර සිසිල් වී දිර්ඝායුෂ ලැබෙන බව එකල විශ්වාස කළා. බෙලි සිසිල් බිමක් ලෙස (stylecraze.com) බෙලි මල් හොඳින් වියළාගත් බෙලිමල් තම්බා ගැනීමෙන් පසු කිතුල් හකුරු සමග පානය කළා. පිපාසය සංසිඳුවන මෙම පානය ආහාර රුචිය ද වඩවනවා. බෙලිකොළ මේරූ බෙලිකොළ කඩාගෙන පිරිසිදු භාජනයක දින තුනක් වියළා ගන්න. ඊට පසු වංගොඩියේ කොටා පොට්ටනි බැඳ දිනක් කහට පිපෙන්නට තැබිය යුතුයි.පසුව පැතලි බඳුනක තුනීකර වියළාගෙන තේ වැනි පානයක් සකසාගත හැකියි. බෙලිකොළ පානය සිරුරේ දැවිල්ල, බඩදැවිල්ල තුරන් කරන අතර අක්මාව උත්තේජනය කරන බවද පොතපතේ සඳහන්. එය ආහාර දිරවීමටද උපකාරී වෙනවා. බෙලිගැට මද පානය බෙලිගැට කුඩා කැබලිවලට කපා හොඳින් වියළා ගත යුතුයි. ඊට පසු අවශ්‍ය විට තම්බා ගැනීමෙන් පසු පානය කළ හැකියි. ආහාර රුචිය ඇති කරන මෙම පානය පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකරයි. විජලනය වළක්වන්නටත් සමත් මෙය මානසික ආතතිය ඇති අයට ද ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්. සියඹලා පානය සියඹලා පානය සකසමින් (meatlovessalt.com) සියඹලා ගස වියළි කලාපයේ ඉතා සුලබයි. මේ නිසා සියඹලා කරල් පහසුවෙන් එකතුකර ගත හැකියි. ඉදුණු සියඹලාවල ඇට ඉවත්කර මදය කොටස හොඳින් පොඩිකර ගත යුතුයි. ඊට පසු එම බොරයට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එක්කර පානය කළ හැකියි. මෙම රසවත් පානය ආහාර රුචිය වඩවන අතර කුසගින්න ඇති කරයි. විටමින් සී ඌනතාවෙන් පෙළෙන අයට සියඹලා බොර පානය දෙහි යුෂ ස්වල්පයක්ද එක්කර බීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. අධික රුධීර පීඩනය ඇති අයට ඉතා ගුණදායකයි. මළබද්ධයට සමනය කරන්නටත් හොඳ විසඳුමක්. සියඹලා පානය (meatlovessalt.com) පොල්පලා පොල්පලා පැළෑටිය (Wikimedia.org) මේ ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතුවල සුලබව වැවුණත් අද වනවිට බොහෝ පැතිවලින් වඳවී ගිහින්. සේදූ පොල්පලා පැළෑටි කුඩා කොටස්වලට කපා පිරිසුදුවට වේලා ගැනීමෙන් පසු තම්බාගත යුතුයි. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වුව ද මේ පැළෑටිය වගාකළ හැකියි. මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාව සහ මුත්‍රාගල් දියකිරීමේ හැකියාවද පොල් පලාවලට ඇති බව කියවෙනවා. විෂ නැසීමේ ගුණයෙන්ද සමන්විතයි. මුත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැළෑටිය සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝග තත්ත්වය සමනය වෙනවා. ඉරමුසු ඉරමුසු වැල් (Wikimedia.org) ගෙවතුවල වැවෙන වැල් වර්ගයක් වන ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුයි. සම්පූර්ණ පැළෑටිය ගලවාගෙන සෝදා කැබලිවලට කපා වියළා ගත යුතුයි. ඊට පසු වියළි බඳුනක තබා අව්‍යශ විට තම්බා පානයට ගන්න පුළුවන්. කිතුල් හකුරු සමග තේ මෙන් පානය කළ හැකි අතර කස ඇට සහ සීනි ස්වල්පයක් දමා සිසිල් කර සරුවත් ලෙස බීමටද කදිමයි. ආයුර්වේදයට අනුව ඉරමුසුවල වා, පිත්, සෙම් යන තුන්දොස් සමනය කිරීමේ හැකියාව පවතිනවා. ලේ පිරිසිදු කිරීමේ හැකියාවද ද සහිත නිසා කිරිදෙන මව්වරුන්ට සහ දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි. මුත්‍රා දැවිල්ල නැති කරන්නට මෙය සමත්. ඉරමුසු හිසකෙස් වර්ධනයටත් උදව් වෙනවා. මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග පානය කිරීමෙන් එම විෂ නැසෙන බව කියවෙනවා. ආහාර අසාත්මිකතාවලදීද ඉරමුසු තම්බා බීම ගුණදායකයි. වදමල් පානය වදමල් සරුවත් ලෙස (cookatease.com) අපේ පැරැන්නෝ ඖෂධීය පානයක් වශයෙන් වදමල් භාවිත කළා. මෙම පානය සකස් කර ගත්තේ ඉතා සරල ආකාරයටයි. උතුරවා ගත් වතුර වීදුරුවකට සෝදාගත් වදමල් දමා වසා තබන්න. ටික වේලාවක් යන විට ජලය වදමලේ රතු පැහැයට හැරෙනවා. ඊට පසු මඳ වේලාවකින් වීදුරුවෙන් මල ඉවත් කර සීනි දමා පානය කරන්න. ලුණු, දෙහි, කසඇට ආදියද එයට මිශ්‍රකර සරුවත් ලෙස එහි රසය ඉහළ නංවාගත හැකියි. සිසිල් කර හෝ අයිස්කැට යොදා සිසිල්බීමක් ලෙස ද පානය කළ හැකියි. සිරුරට නව ජීවයක් ලබාදෙන වදමල් පානය ලේ පිරිසිදු කරයි. නෙල්ලි පානය නෙල්ලි ගෙඩි (stylecraze.com) තිත්ත රස, ඇඹුල් රස, කහට රස සහ පැණි රස යන රස වර්ග හතරෙන් යුත් නෙල්ලි ඉතා ගුණදායක ඔසුවක්. වෙළෙඳපොළින් නෙල්ලි ගෙඩි පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ද පවතිනවා. උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂ, ශරීරයේ විෂ, සෙම්රෝග ආදියට නෙල්ලි ප්‍රත්‍යක්ෂ ඔසුවක්. නිතරම නෙල්ලි ආහාරයට ගැනීම සම පැහැපත් කරන අතරම අකලට වයසට යාම වළක්වන අතර ඇස්වලට ද ඉතා හිතකරයි. නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළෙඳපොළින් ලබාගත හැකි වුවත්, ස්වභාවික නෙල්ලිවලින් සකසන පානය වඩාත් ගුණදායකයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත්කර ගෙන ජලය ස්වල්පයක් දමා අඹරා ඉස්ම මිරිකාගත යුතුයි. ඒ සඳහා බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකියි. පසුව එම ඉස්ම වතුර සහ සීනි සමග මිශ්‍ර කර පානයක් වශයෙන් භාවිත කළ හැකියි. සිසිල් කළ විට වඩාත් රසවත්. රසකිඳ රසකිඳ වැල් (2bp.blogspot.com) මෙය මාංශල කඳකින් යුත් වැල් වර්ගයක්. ඉතා පහසුවෙන් බෝකර ගත හැකියි. කලකට පෙර බොහෝ ගෙවතුවල රසකිඳ වැල් තිබුණද අද එය කලාතුරකින් දැකිය හැකි ශාකයක් බවට පත්ව තිබෙනවා. රසකිඳ වැල් කොටස්වලට කපා වියළා ගැනීමෙන් පසු කල්තබාගෙන තම්බා පානය කළ හැකියි. මෙම පානය රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂවලින් වැළැක්වීමට උපකාරී වෙනවා. රසකිඳ සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරන, ලේ වඩවන, ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාවය සමනයට ද උපකාරී වන අපූරු ඖෂධයක්. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, දැවීම් හා පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ, නෙල්ලි සමග රසකිඳ යුෂ භාවිතය ඉතා ගුණදායකයි. කඩෙන් පහසු මිලට ගන්න තිබෙන බොහෝ පානයන්ට වඩා අපහසුවෙන් උනත් මේ වගේ දේවල් හදාගෙන නිතරම පානය කරන්න පුළුවන් නම් ඔබට වඩාත් නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේවි. ලංකාවට ආවාම මේවා නිතරම බොන්නට ඕන .............. අඩු ගානේ සෙන්චරියක්වත් ගහන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Mar 2018 10:08 PM ගාමිනි අය්ය කොල්ලා වෙන්න වගෙ හදන්නෙ 0 You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner