You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  Samantha Abayasekara
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 20 << < 23456 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Nov 2015 05:44 AM
මන් ගිහින් නැනේ මෙතනට ....


ස්තුතියි අයියා මේ ලිපියට ,,, නිදන් හොරු විනාශ නොකරපු තැනක් නම් හොයා ගන්න නැති තරම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Nov 2015 06:14 AM
Posted By Rosi on 24 Nov 2015 05:44 AM
මන් ගිහින් නැනේ මෙතනට ....


ස්තුතියි අයියා මේ ලිපියට ,,, නිදන් හොරු විනාශ නොකරපු තැනක් නම් හොයා ගන්න නැති තරම්

මම ගොඩක් තැන්වලට ගිහිල්ලා තියෙනවා...

ඒත් නොගිය තැන් එයට වඩා වැඩියි නංගී... ලංකාවට ආව වෙලාවක ඇවිදින්නකෝ...

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Nov 2015 07:48 AM
මමත් මේ තැන් වලට ගිහින් තියෙන්නේ 80 දශ කයේ අග භාගයේ විතර. මෑත කාලයේදී නම් යන්න වෙලාවක් ලැබුනෙ නැහැ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Nov 2015 08:58 AM

මේ ගඟ සොයන්න...

ගඟක්  විවිධ ස්ථානවලින් රූපයට නගන්න පුළුවන් වන බැවින් මෙය නම්කිරීම ටිකක් අපහසු වෙන්න පුළුවන්  ..

මේ තියෙන්නේ ‍මෙම ගඟ මහනුවර නගරයේදී දක්නට ලැබෙන ආකාරයයි. සමනල කන්දෙන් පටන් ගන්නා ගඟකි..

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Nov 2015 10:46 AM
මහවැලි ගග නේද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Nov 2015 07:08 PM
රෝසි නංගීගේ පිළිතුර නිවැරදියි...

‍‍‍... මහවැලි ගඟ ...
ශ්‍රී ලංකාවේ දිගම ගඟයි. රත්නපුර දිස්ත්‍රික්කයේ සමනොළ කදු වැටියෙන් ආරම්භ වන මහවැලි ගඟ කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. වාර්ෂිකව මහවැලි ගගෙන් මුහුදට ඇදී යන ජලස්කන්ධය අක්කර අඩි 640000ක් පමණ වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලූ භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමල පෙදෙසෙන් ඛෙංගාල බොක්ක කරා පිවිසෙයි. මහවැලි ගඟ ගිරිතලේ පරාක්‍රම සමුද්‍රය හා සොරබොර වැව ආදි පැරණි වැව් කිහිපයක් පෝෂණය කරනු ලබයි. පැරණි පොත්වල මහවැලි ගඟ හදුන්වන ලද්දේ මහා වාලුකා නදිය සහ මහා ගංඟා යන නමිනි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Nov 2015 02:05 AM
මහවැලි කැළණි කළු වලවේ යන   ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන     නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින්        රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට        හංගා

තොරතුරු සහිත ඡායාරූපයට බොහොමත්ම ස්තුතියි.. බොහොම රමණීය දසුනක්..!
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Nov 2015 05:38 AM
උදේ හවා දැක්ක ගග නේ ,,එක නිසා වෙන්න ඇති . අපේ ගෙවල් පල්ලෙහා ගලාගෙන ගියෙත් මැයම තම
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Nov 2015 07:34 AM
මචන්ස් මම අහල තියෙන්නේ මහවැලි ගඟ පටන්ගන්නේ හෝර්ටන් තැන්නෙන් කියලා...ඒක වැරදිද..?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Nov 2015 08:13 AM
Posted By Imalka on 25 Nov 2015 07:34 AM
මචන්ස් මම අහල තියෙන්නේ මහවැලි ගඟ පටන්ගන්නේ හෝර්ටන් තැන්නෙන් කියලා...ඒක වැරදිද..?

නෑ ඉමල්ක මචෝ උඹ නිවැරදියි..

මහවැලි ගගේ නියම ආරම්භය තිබෙන්නේ හෝර්ටන් තැන්නෙන්..

සමනල කන්දෙන් ආරම්භ වන්නේ හැටන් ගඟ. කොත්මලේදී හැටන් ගඟ මහවැලි නමින් නම් වෙනවා..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Nov 2015 08:26 AM
බොහොම ස්තුතියි 76  මචෝ මේ තොරතුරට.....අදයි හරියට දැනගත්තේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Nov 2015 08:30 AM
මේක විස්තරාත්මකව හෙට දෙන්නම්. දැන් ටයිප් කරන්න විදියක් නෑ.
උඹගේ දැනුම නම් අතිවිශිෂ්ඨයි මචෝ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Nov 2015 05:26 PM
මහවෙලි ගගෙ මෙ පොට් එක නම් හරිම ලස්සනයි .....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Nov 2015 06:45 PM
එතකොට අර කවියා කියල තියෙන්නේ බොරුවක් ද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Nov 2015 06:57 PM
Posted By maduranga001 on 25 Nov 2015 06:45 PM
එතකොට අර කවියා කියල තියෙන්නේ බොරුවක් ද?

බොරුවක් කියලා කියන්නත් බැහැ..

මහවැලි ගගට ශාඛා කිහිපයක් එකතුවෙනවා.. එයින් එක් ශාඛාවක් ආරම්භ වෙන්නේ සමනල කන්දෙන්..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Nov 2015 07:14 PM
මහවැලි ගඟේ ගැටළුව විසදා ගැනිමට කොත්මලයට යා යුතුයි. කොත්මලේදී හැටන් ගඟ තමයි මහවැලි ගඟ කියා නම් කරන්නේ. මේ හැටන් ගඟ ආරම්භ වන්නේ හැටන් සිට දික්ඔය පාරේ ඇති ඇබොස්ලි වත්තෙන්. සිරිපාදෙන් එන දිය උල්පත් මගින් තමයි ඇබොස්ලි වත්තේදී හැටන් ඔය ආරම්භ වන්නේ. මේ අනුව මහවැලි ගඟ ආරම්භ වන්නේ සිරිපා කන්දෙන් කියන එක ජනප්‍රවාදයට එකතු වුනා. එත් ගඟක ආරම්භය සෙවීමේදී වඩාත්ම දිගම ශාඛාව තමයි ආරම්භය ලෙස සලකන්නේ. ඒ අනුව හැටන් ගඟටත් වඩා දිග ශාඛාවක් වන කොත්මලේ ඔය හා සම්බන්ධවන අග්‍රා බෝපත් ඇල්ල මහවැලි ගඟේ ආරම්භය ලෙස සලකනවා. මේ අග්‍රා බෝපත් ඇල්ල තිබෙන්නේ හෝර්ටන් තැන්නේ. අග්‍රා බෝපත් ඇල්ල කොත්මලා ඔයට එකතුවි කොත්මලා ඔය දොළොස්බාගේ කඳු පාමුල දී හැටන් ගඟ හා එකතු වෙනවා. මේ ප්‍රදේශය මහවැල්ලාව කියා හඳුන්වනවා. මේ වගේ අතු ගංගා රාශියක් (උමා ඔය, ලොග්ගල් ඔය, හිප්පොල ඔය) මහවැලි ගඟට එකතු වෙනවා. මම හිතන්නේ මේ තොරතුරු වලින් මහවැලි ගඟේ ආරම්භය පිළිබඳ නිගමනයකට එන්න පුළුවන් වේවි කියලා. (ගැටළුවක් ඇත්නම් පවසන්න)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Nov 2015 07:50 PM
හරි ...ඔයලා මහවෙලි ගගෙ කී තැනකින් නාලා තියෙනවද ?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Nov 2015 08:51 PM
Posted By maduranga001 on 25 Nov 2015 06:45 PM
එතකොට අර කවියා කියල තියෙන්නේ බොරුවක් ද?


අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව  හිටියොත් නරකද හිටං හුටං 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Nov 2015 03:09 AM

 මහවැලි නදියේ ප්‍රශ්නය විසදුනා යයි සිතනවා...

මෙන්න ඊළඟ රූපය. අපෙගේ පැරණි රාජධානියක්...

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 06:04 AM
"යාපහුව රාජදානිය "
0
You are not authorized to post a reply.
Page 4 of 20 << < 23456 > >>