Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 Jul 2019 07:19 AM by Samantha Abayasekara රූපය හඳුනාගන්න.. 385 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 20 << < 12345 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Nov 2015 10:40 PM කෝ මේ ඊලඟ රූපය.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Nov 2015 11:46 PM මෙන්න ඊලග රූපය මෙම සමහර රූප ලබාගන්නේ අන්තර්ජාලයෙනි.. මෙම ඡායාරූප ලබාගත් තැනැත්තාට හා අපේලෝඩ් කල පුද්ගලයාට මගේ ස්තුතිය පුදකරමි... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Nov 2015 11:51 PM මෙක මොඩිෆ්යි කලාට පස්සෙ එක නෙද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2015 12:09 AM Posted By Ind007ka on 17 Nov 2015 11:51 PM මෙක මොඩිෆ්යි කලාට පස්සෙ එක නෙද? මේක ටිකක් පැරණි රූපයක් වගේ (තරමක්) දැන් මෙයටත් වඩා අවට පසුබිම ටිකක් වෙනස්.. ගිය මාසයේ මම ගියා.. ගංවතුර කාලයට මිනිසුන් කොටුවෙන නිසා පාර කොන්ක්‍රීට් යොදා ඉහළට ඔසවා සාදා තිබෙනවා.. ඒක නිසා ප්‍රධාන මාර්ගයේ සිට ඉක්මනින්ම ගොස් මෙය දැක බලාගන්න පුළුවන්.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2015 12:24 AM මුලින්ම තියෙන්නේ චෛත්‍යයයේ වර්තමාන ඡායරූපයක්.. දෙවනියට තියෙන්නේ අසල සිටින අලියෙක්. මොවුන් තමයි මෙය ආරක්ෂා කරන්නේ.. තෙවනි ඡායාරූපයේ මමත් බිරිඳත් සිටින අතර සිවුවන ඡායාරූපයේ සිටිනුයේ දුවත් පුතාත් සමගිනි.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 18 Nov 2015 01:26 AM Posted By indika76 on 17 Nov 2015 11:46 PM මෙන්න ඊලග රූපය මෙම සමහර රූප ලබාගන්නේ අන්තර්ජාලයෙනි.. මෙම ඡායාරූප ලබාගත් තැනැත්තාට හා අපේලෝඩ් කල පුද්ගලයාට මගේ ස්තුතිය පුදකරමි... පොලොන්නරුව සෝමාවතිය 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Nov 2015 01:39 AM ඉන්දික අයියත් සිය පවුලත් දැක ගන්න ලැබීම සතුටක්. හරිම අගෙයි.(පවුල කිව්වේ බිරිඳට නෙවෙයි.. හොදද..? හතර දෙනාටම.  ඔයා කලින් නොකියා ඒ පින්තුරේ දැම්ම නම් ඒ පින්තුරෙත් හඳුනා ගන්න තිබුනා අපට.. පුංචි දුවගේ වයස කීයද..? මගේ දෝණි වගෙයි.. ඉසුරු මලය හරි පිළිතුර දෙන්න ඇති කියල හිතනවා. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2015 02:52 AM Posted By maduranga001 on 18 Nov 2015 01:39 AM ඉන්දික අයියත් සිය පවුලත් දැක ගන්න ලැබීම සතුටක්. හරිම අගෙයි.(පවුල කිව්වේ බිරිඳට නෙවෙයි.. හොදද..? හතර දෙනාටම. ඔයා කලින් නොකියා ඒ පින්තුරේ දැම්ම නම් ඒ පින්තුරෙත් හඳුනා ගන්න තිබුනා අපට.. පුංචි දුවගේ වයස කීයද..? මගේ දෝණි වගෙයි.. ඉසුරු මලය හරි පිළිතුර දෙන්න ඇති කියල හිතනවා. දුවට අවුරුදු 02 යි. පුතාට අවුරුදු 08 යි ... මගේ ලෝකය මේ දෙන්නා තමයි... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Nov 2015 03:23 AM මදුරංග අයිය කිව්වා වගේ ඒ පින්තූරෙත් අදුරගන්න දැම්මනං තමා හොද සෝමාවතිය චෙත්‍යයට බාරයක=ත් වෙලා තියෙනවා එක ඔප්පු කරන්නත් යන්න ඕනේ මුලු පවුලම දැක ගන්න ලැබීම සත=ටක් ඉන්දික අයියේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 18 Nov 2015 05:06 PM somawathiya ta yanna nam math aswen inne... aiyyage lassana paulama deka ganna lebuna ekata sathutui... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Nov 2015 07:04 PM සිය පවුලම දැකගන්න ලැබිම සතුටක් මචො..... නමුත් මම නම් පුද්ගලිකව මෙ සන්වර්දනයට මෙ පුජා භුමියෙ කැමති නැහැ ...මම මෙ චඉය්තය සන්වර්දනයට පෙර දැක තිබෙනවා ..වනාන්තරයෙන් වටවුන ..අලින්ගෙන් ගහන අලින්ට උරුම වුන පරිසරයක් අද වානිජ කටයුතු මුවවෙන් සන්වර්දනය වෙලා ..කලින් තිබුන පවරානික ගතිය දැන් නැහැ ... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2015 07:04 PM ඉසුරු මලයා ලබාදුන් පිළිතුර නිවැරදියි... ... සෝමාවතිය ... සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක් විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක් ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි. සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක් සහිත විහාරයක් කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක් වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක් සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි එකල ලක්‌දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්‌ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්‌තරා රහත් තෙරුන් වහන්සේ නමක් ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක් ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක් කලක් භක්‌ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්‌කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි. තත්කාලීන සෙල්ලිපිවලින් මෙම විහාරය හඳුන්වනු ලබා ඇත්තේ "මණිඅගිය" නමිනි. එහි තේරුම අනඟි මැණික යනුයි. මෙය එකල සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ සිද්ධස්‌ථානයකි. පොහොය ගෙවල්, විහාර, සක්‌මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාමයන්ගෙන් සමලංකෘතව තිබුණි. ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව උමතු සිව බැතිමත් රජවරුන්ගෙන් එල්ල වූ ආක්‍රමණයෙන් හටගත් බෞද්ධ සිද්ධස්‌ථාන සංහාරය නිසා ක්‍රමක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගත වෙන්නට විය. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදියේ ගලාබස්‌නා රටාව ද වෙනස්‌ව ගියේය. එකල මහවැලි නදියට නැගෙනහිරින් වූ සෝමවතිය දැන් පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව නම් නදියෙහි ගලා බස්‌නා ආකාරය වෙනස් වීමයි. අද චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය පවා වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශ ඔස්‌සේය. කලක් තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස් විහිදීමත්, අනේක වූ දිව්‍යභේරි නාදයන්ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දීය. උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ. කිසිවක් කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්‌ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක් විහිදෙනු දැක එය ඔස්‌සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රි 11 පමණ වී තිබිණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ. තමන්ගේ නෙත් ඉදිරියේ දිස්‌වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක් මෙන් දිස්‌වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස් මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිංස්‌කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි. සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවතියේ චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබිණි. 1991 ජූලි මස 4 වැනි දින මහාසෑයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරවමින් සෝමවතී මහාසෑයෙන් බුදුරැස් විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක් පමණ තිබුණි. 1983 හටගත් ජූලි කලබල වලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය. බෞද්ධ ජනතාවගෙන් තොරවූ මෙම ප්‍රදේශයෙහි චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. කොටින්ම යන්නට පාරක් තොටක් නොමැති, අලි, කොටි, වලසුන්ගෙන් ගහණ සෝමාවතිය වෙත ළඟාවීමට බොහෝ දුක් වින්ද යුතු විය. සෝමාවතී මහා සෑය වෙනුවෙන්ම තම ජීවිතයම පූජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු එහි භාරකාරත්වයට පත් පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධා භක්‌තියකින් යුක්‌තව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආරක්‍ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළු ජීවිතයම කැපකළ සේක. උන්වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභිවෘද්ධියත්, ආරක්‍ෂාවත් උදෙසා මහත් ශ්‍රද්ධාවකින් කැප වී සිටින අයුරු ලක්‌වැසි සියලු භික්‍ෂූන් හට උදාර ආදර්ශයක් සපයයි. වරින් වර කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයන්ට මහාසෑය ලක්‌විය. එක්‌වතාවක් මහාසෑය සාරා තිබුණි. තව වතාවක් කොත ගලවා තිබිණි. සිංහල බෞද්ධයන්ව ද ඝාතනය කර තිබිණි. මහාසෑය පිහිටි ප්‍රදේශයට යැම භීතියෙන් සිත් කළඹවන තරම් දරුණු දෙයක් බවට ත්‍රස්‌තවාදීන් විසින් පත්කොට තිබුණි. නමුත් ඒ කිසිවකින් බුදුරැස් විහිදෙන මහාසෑයට හානි කළ නොහැකි විය. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Nov 2015 07:05 PM Posted By Ind007ka on 18 Nov 2015 07:04 PM සිය පවුලම දැකගන්න ලැබිම සතුටක් මචො..... නමුත් මම නම් පුද්ගලිකව මෙ සන්වර්දනයට මෙ පුජා භුමියෙ කැමති නැහැ ...මම මෙ චඉය්තය සන්වර්දනයට පෙර දැක තිබෙනවා ..වනාන්තරයෙන් වටවුන ..අලින්ගෙන් ගහන අලින්ට උරුම වුන පරිසරයක් අද වානිජ කටයුතු මුවවෙන් සන්වර්දනය වෙලා ..කලින් තිබුන පවරානික ගතිය දැන් නැහැ ... මේ කතාව නම් ඇත්ත මචෝ.. කලින් තිබුණු හැගීම දැන් දැනෙන්නේ නෑ.. සාමාන්‍ය චෛත්‍යයක් ලෙසයි හැගෙන්නේ.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Nov 2015 09:22 PM ඉන්දික76 අයිය පින්තූර විතරක් නෙවෙයිනේ.. විස්තරත් හොයාගෙන එනවනේ.. පට්ට එකෙන්ම..!! 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Nov 2015 09:54 PM ඓතිහාසික සෝමාවතී පුදබිම බොහොම අනුහස් තියෙන තැනක් හැටියට තමයි මමත් අහල දැකලා තියෙන්නේ. ඒ වගේම අපේ ඉන්දික මලයත් ඔහුගේ ආදරණීය පවුලත් සමඟම දැකගන්න ලැබීමත් සතුටක්. මම දැක්කා පසුගිය දවස් වල ලොකු වන්දනා ගමනක් ගිය බව. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Nov 2015 10:15 PM ඔය වැටක් ලග ඉන්න අලියත් හීලැ වුන එකෙක් මිනිස්සුන්ගෙන් පලතුරු කන්න ...එහෙම නැතුව වල් අලි දැණ් ඔය පැත්තෙ නැහැ .....මට නම් වර්ත්මාන සොමාවතිය දකින කොට එන්නෙ පුදුම අවෙගයක් වගෙම දුකක් ..අප දුටු නියම සොමාවතිය අපෙ ලමයින්ට පෙන්වන්න නොහකි වුනා ....අන්තිමට පාන් තිරෙ ඉන්දන් හොටල් කාමර දක්වා ....එතනින් එහාට දඩ මස් වලින් ගහන බීමතින් රගන අයට තොතන්නක් බවට පත්වුනා ඔය සොමාවතිය සහ එ අවට මහවැලි ගග කලාප්ය .....ඔය සොමාවතිය අවට km 10 පමන වපසරියක් එයිතිහාසික නටබුන් වලින් පිරුනු බිමක් ..එවා ආරක්ශා කලෙ කැලෙ අලින් ....... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Nov 2015 10:31 PM කෝ මේ ඊලඟ රූපය.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2015 11:41 PM මෙන්න ඊළග රූපය 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Nov 2015 03:29 PM thawath lassana thenak ,,,man nam danne ne ... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Nov 2015 09:04 PM Posted By Rosi on 21 Nov 2015 03:29 PM thawath lassana thenak ,,,man nam danne ne ... නංගීට නම් මේක ටිකක් අමාරුවෙයි.. ලක්දිව පිහිටි මෙම ස්ථානයට බුදුරජාණන් වහන්සේ ද වැඩම කර තිබෙනවා.. ඒ වගේම සොළාස්මස්ථානවලින් එකක්... 0 You are not authorized to post a reply. Page 2 of 20 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies