You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 20 << < 12345 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Nov 2015 10:49 PM
Posted By indika76 on 20 Nov 2015 11:41 PM

මෙන්න ඊළග රූපය


මහියංගන  රජමහා විහාරය.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Nov 2015 01:28 PM
මහියංගනය නම් ගිහින් තිබේ ,,එත් දැන් මතකේ නැතේ

සමන්ත අයියගේ පිළිතුර හරිද?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 Nov 2015 05:31 PM
අපෙ දෙශිය සහ විදෙශික සන්චාරකයන්ගෙන් ගිලිහෙන තැනක් මෙක ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 07:36 PM
සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි.

... මහියංගනය රජ මහා විහාරය ...
ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මස මහියංගනයට වැඩමවා මහානාග වනෝද්‍යානයේදී යක්ෂයන් දමනය කල බව මහා වංශයේ සඳහන්වේ. එහිදී ධර්මය ඇසූ සුමන සමන් දෙවියන් සෝවාන් බව ලබා බුදුරදුන්ගෙන් කේෂදාතු ලබාගෙන රන්කරඩුවක බහා සත්රියන් උසට මැණික් දාගැබක් කළ බව තවදුරටත් එහි සඳහන්වේ. පසුව බුදුරදුන් ආදාහනය කල තැනින් ග්‍රිකවා ධාතුව වැඩමවා විත් එය නිදන් කොට දොළොස් රියන් දා ගැබක් ඉදි කරවා ඇත. එම දා ගැබ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ද චූලාභය කුමරු තිස් රියන් කොට විශාල කරවා ඇත. එම දාගැබ දුටුගැමුණු රජු අසූ රියන් උසටද විශාල කරවා ඇත. මෙම දා ගැබ මහ විජයබා, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරු පුතිසංස්කරණය කරවා ඇත. සොළොස්මස්ථාන අතර එක් ස්ථානයක්වන මහියංඟනය රුහුණේ සිට රජරට දක්වා වැටී තිබූ ඓතිහාසික මාර්ගයේ පිහිටා තිබූ නිසා මෙම ස්ථානය ආගමික වශයෙන් මෙන්ම දේශපාලණික වශයෙන් ද වැදගත්කමක් උසුලා ඇත.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 08:33 PM

මෙන්න ඊළග රූපය

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Nov 2015 09:08 PM
Posted By indika76 on 22 Nov 2015 08:33 PM

මෙන්න ඊළග රූපය


මේ  දාගැබ  ගැන නම් පැහැදිලි මතයක් නඟා ගන්න අපහසුයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 09:33 PM
මෙය අටමස්ථානවලට අයත් දාගැබක්...නිර්මාණය කරනු ලැබූයේ දුටුගැමුණු රජු විසින්..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Nov 2015 09:52 PM
මේ පිංතූරෙත් රුවන්වැලි මහා සෑයේමද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 10:14 PM
Posted By samantha on 22 Nov 2015 09:52 PM
මේ පිංතූරෙත් රුවන්වැලි මහා සෑයේමද?

නෑ අයියේ රුවන්වැලි සෑය නෙමෙයි. රුවන්වැලි සෑය බුබ්බුලාකාර යිනේ. මේකේ හැඩය වෙනස්...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 10:18 PM

මේ මෙම චෛත්‍යය 1980 වර්ෂයේදී දැක්වෙන ආකාරය (රූපය අන්තර්ජාලයෙන්)

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Nov 2015 10:20 PM
මිරිසවැටිය දාගැබ
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 10:24 PM
... මිරිසවැටිය දාගැබ ...
ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දකි. තිසා වැව හා බසවක්කුලම වැව (අභය වැව) අතර පිහිටා ඇත. මෙය ඉදිකිරීමට හේතු වූ කාරනය ද අපුරු එකකි. රජතුමා තිසා වැවට දිය නෑමට ගියේ ජය කුන්තය යම් තැනක සිටුවාය. මහත් පුදුමයට මෙන් ආපසු ආ රජුට සර්වඥ ධාතු සහිත ජය කුන්තය සෙලවීමට පවා නොහැකි විය. මේ අසිරිමත් සිදුවීම හේතුවෙන් බැති සිත් වැඩූ රජු එය වට කොට ස්ථූපයක් ගොඩනංවා ඒ වටා ආරාමයක්ද කරවීය. රජු භික්ෂුන්ට පුජා නොකොට කිසිවක් ආහාරයට ගෙන නැත. එසේ වුව අතපසුවීමකින් මිරිස් මාළුවක් ජුජා කිරීමට නොහැකි විය. තමා මිරිසවැටිය ගොඩනැගුවේ එම වරද නිවැරදි කර ගැනීමට යයි රජු පසුව පවසා ඇතැයි මහාවංශය කියයි. මෙම දා‍ගැබ ප්‍රතිසංස්කරණයෙහි ලා දායක වූ රජවරුන් අතර පළමුවෙනි ගජබාහු, වෝහාරික තිස්ස, පස්වන කාශ්‍යප, පළමුවෙනි පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල යන රජවරුන් මුල් තැනෙහිලා සැළකිය හැකිය. එකල මිරිසවැටිය අඩි 200 ක් උසට තනා තිබුණ ද අනුරාධපුරය ජන ශුන්‍යව පැවැති ශත වර්ෂ 07 ක පමණ කාලයේ දී මෙම දාගැබට අත් වූයේ ද අනෙක් ඒවාට අත් වූ ඉරණමය. කෙසේ වුව භික්ෂුන් වහන්සේලාට දන් පිරිනැමීම සඳහා භාවිතා කළ ගල් ඔරුවක් ද, බෝධීඝරයක් හා පටිමාඝරයක නටබුන් ද අද වන තුරු ශේෂ වී තිබීම භාග්‍යයකි. වර්තමානයේ දි චෛත්‍යය නැවත සාදන ලද්දේ පැරණි ආකෘතිය වටකරමිනි. එසේ වුව 1987 වර්ෂයේ දි එය සම්පූර්ණයෙන් ම කඩා හැළුණි. එයින් සිදු වූයේ වාහල්කඩ සියල්ල විනාශ වී යාමය. වර්තමාන දාගැබෙහි උස අඩි 192 කි. රාජානුග්‍රහය දුටුගැමුණු රජු එළාර සමග යුද්ධයෙන් ජය ගෙන අභිෂේකය පවත්වා හත්වෙනි දින තිසා වැවේ ජලක්‍රීඩාවට ගියේය. ඒ අවස්ථාවේ දී ඔහුගේ සධාතුක ජය කොන්තය දැනට මිරිසවැටි ස්ථූපය තිබෙන තැන තබා තිබුණි. ජල ක්‍රීඩාවෙන් පසු සවස ආපසු යාමට සැරසී ජය කොන්තය ගැනීමට ගිය විට එය එතැනින් සෙලවීමට නොහැකි විය. එය තැන්පත් කොට ඔහු එහි මිරිසවැටි ස්ථූපය තිබෙන තැන තනා තිබුණි. සංඝයාට කොටසක් පුජා නොකොට තමන් අනුභව කළ මිරිස් මාළුවක් හෝ සම්බලයක් ගැන සිහිපත් කළ රජු එයට දඩුවමක් වශයෙන් මේ ස්ථූපය කළ බව මහාවංශය කියයි. මිරිසවැටි යන නම ස්ථූපයට ලැබුණේ මේ නිසා යයි කියනු ලැබේ. රජු ස්තුපය තනා ඊට පසු මිරිසවැටි විහාරය හෙවත් සංඝාරාමය ද කරවීය. ඒ සඳහා අවුරුදු 03 ක් ගතවිය. අවසානයේ දී පවත්වන ලද උත්සවයට භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් ද භික්ෂුණින් වහන්සේලා අනුදාහක්ද සහභාගී වූහ. එම රැස්වීමේ දි රජු තමන් සංඝයා අමතක වීමෙන් ගත් මිරිස් මාළුව හෝ සම්බලය වෙනුවෙන් මෙම ස්ථූපය හා විහාරය තනා සංඝයාට පුදන බව කීය. රජු පසුව අතපැන් වත් ‍කොට විහාරය සංඝයාට පිදුවේය. බටහිර වාහල්කඩේ උස කුළුණුවල මුදුනේ ඡත්‍රය යට තිබෙන පුජනීය වස්තුව හා උපකරණය සධාතුක ජය කොන්තය විය යුතුයි. දුටුගැමුණු යුද්ධයේ දී මෙම ජය කොන්තය භාවිතා ‍කෙළේ දිනපතා බුදුන් වැඳිම නොකඩවා කරගෙන යාමටය. ධාතු නිධාන‍‍යේ දී බොහෝ අගනා වස්තු ධාතුගර්භයෙහි තැන්පත් කළ බව වාර්තා වෙයි. ස්ථූපයේ මුලින් තිබුණ උස ගැන මහාවංසයේ සඳහන් නොවේ. පසුව එය රියන් 80 (අඩි 160 ක්) උසට ප්‍රතිසංස්කරණය කරන ලදී. 1 වෙනි ගජබාහු රජු ස්ථූපයට කංචුකයක් කරවීය. වෝහාරික තිස්ස රජු ඡත්‍රය ප්‍රතිසංස්කරණය කොට පවුර කරවිය. පස්වෙනි කස්සප රජු ස්ථූපය හා විහාරයේ සියළු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවිය. පළමුවෙනි පරාක්‍රමබාහු රජු ස්ථුපය රියන් 80 ක් උසට කරවීය. නිශ්ශංකමල්ල රජු මිරිසවැටියේ සංරක්ෂණ වැඩ කළ බව වාර්තා වෙයි. වාහල්කඩ මිරිසවැටි දාගැබ හතරපැත්තේ වාහල්කඩ සතරක් විය. තරමක් හොඳ තත්වයක පැවතුනේ බටහිර වාහල්කඩ පමණි. ඉදිරියට පන්නා තනන ලද විශාල කොටසකින් හා දෙපස පස්සට පන්නා තනන ලද පටු කොටස් දෙකකින් යුත් වාහල්කඩ දෙපස කොට කුළුනු දෙකක් ද ඊළඟට ඇතුළතින් උස කුළුණු දෙකක් ද වෙයි. කොටු කුළුණුවල ඉදිරිපස මුදුනේ අඩකව දෙකක් හා ඒ අතර රේඛා දක්වා තිබේ. ඊට යටින් පතුල දක්වා සිරස් තීරූ දැක්වේ. ඊළඟට ඇති උස් කුළුණේ වාමනයකු හිසමත තබා ගත් කලසකින් ඉහළට නැගෙන කල්පවෘක්ෂයක් හා එය මුදුනේ ඡත්‍රය යට මල් දම් වලින් පුදන ජය කොන්තය වෙයි. කුළුණ මුදුනේ සිංහ රූපය වෙයි. බටහිර වාහල්කඩේ මෙම කුළුණ උතුරුවාහල්කඩෙන් ගෙන තිබේ. නැතහොත් සිංහ රූප ගෙන ඇත්තේ උතුරු වාහල්කඩෙනි. බටහිර වාහල්කඩට අයත් සිව්පාවා අශ්වයා ය. යට සිට ඉහළට ඇති කැටයම් මෝස්තර හා බොරදම් මෙසේය - යටින්ම බොරදම් වෙයි. ඊට උඩින් හිස් ප්‍රදේශයකි. ඊළඟට ලීස්තර බොරදම් ද ඊට උඩින් ඇත් හිස් හා පද්ම සැරසිල්ලක් ද වෙයි. ඊට ඉහළින් ලීස්තර බොරදම් වෙයි. නැවත හිස් ප්‍රදේශයකට පසුව පියුම් පෙති මෝස්තරය සහිත බොර‍දමකි. එයට ඉහළින් හිස් තීරුවකි. අනතුරුව මකර මුඛ හා පද්ම සැරසිල්ල වේ. යළිත් ලීස්තරවලට උඩින් හිස් තීරයකි. එයට ඉහළින් කවාට මෝස්තරය සහිත ලීස්තර බොරදමකි. අනතුරුව යළිත් හිස් තිරුවක් ද ඊට ඉහළින් උඩ හා යට ලීස්තර බොරදම් මැද සිව්පාව්න් ගෙනයන මිනිසුන් සතර දෙනෙකි. ඊට ඉහළින් යළිත් ලීස්තර බොරදම් ද අනතුරුව ඊට යාබදව බෞද්ධ ගරාදි වැට මෝස්තරය ද වෙයි. මෙයින් ඉහළ ගඩොලින් කළ කොටසක අවශේෂ වෙයි. එහි මුලින් පැවති කැටයම් හා චිත්‍ර කිසිවක් වාර්තා නොවෙයි. සාමාන්‍යයෙන් වාහල්කඩවල කැටයම් රහිත හිස් තීරූවල චිත්‍ර තිබුණි. වාහල්කඩ පිටුපස හා කොන්වල හංස රූප පෙළක් විය. සිවුපා පන්තියේ ඇතා, අශ්වයා, ගවයා සහ සිංහයා වේ. ඔවුන් එක් අතකට ගමන් කරන විලාශයෙන් කැටයම් කර තිබේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 10:26 PM

මේ තියෙන්නේ මිරිසවැටිය චෛත්‍යය හමුවූ අවස්ථාවේ දක්නට ලැබුණ ආකාරය...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 10:30 PM

රාත්‍රියේදී මිරිසවැටිය දක්නට ලැබෙන ආකාරය..

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Nov 2015 10:36 PM
මෑත කාලයකදී මට මෙම ස්ථානයට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මගේ මතකය ගිළිහුණේ. මේ චෛත්‍ය ප්‍රතිසංස්කරනය කලාට පසුව මම මෙතැනට ගිහින් නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 11:00 PM

මෙන්න ඊළග රූපය.. මෙය තිබෙන්නේ නම් පොළොන්නරුවේ..

මෙම රූපය මෙයට අවුරුදු කිහිපයකට පෙර ගත් එකක් ව. දැන් මෙම චෛත්‍යයයේ සුදුහුණු පිරියම් කරලා.

ඒ නිසා පෙර දැනුනු පෞරාණිකභාවය අඩුවෙලා...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Nov 2015 11:13 PM

මේ තියෙන්නේ වර්තමානයේ දැක්වෙන ආකාරය...

0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
23 Nov 2015 08:40 PM
aduraganna baneee
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Nov 2015 09:40 PM
Posted By indika76 on 22 Nov 2015 11:00 PM

මෙන්න ඊළග රූපය.. මෙය තිබෙන්නේ නම් පොළොන්නරුවේ..

මෙම රූපය මෙයට අවුරුදු කිහිපයකට පෙර ගත් එකක් ව. දැන් මෙම චෛත්‍යයයේ සුදුහුණු පිරියම් කරලා.

ඒ නිසා පෙර දැනුනු පෞරාණිකභාවය අඩුවෙලා...

පොළොන්නරුව කිරි වෙහෙර

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Nov 2015 12:37 AM
... පොළොන්නරුව කිරි වෙහෙර ...
පොළොන්නරුවේ ඉතිහාස කතාව මෙනෙහි කිරීමේදී පෙනීයන්නේ චෝල පාලකයන් විසින් අප මව් බිම ආක්‍රමණය කර ක්‍රි.ව. 993 සිට 1070 දක්වා වසර 77ක පමණ කාලයක් ආක්‍රමණයන් ඔස්සේ බලහත්කාරි පාලනයක් ගෙන ගිය බවයි. ඒ අඳුරු යුගයේ ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය වූයේ පොළොන්නරුවය. මෙම ආක්‍රමණිකයන්ගෙන් රට මුදා ගත්තේ 1 වන විජයබාහු නම් වූ විශිෂ්ට නරේන්ද්‍රයාණන් විසිනි.

පොළොන්නරුවේ ස්වර්ණමය යුගය ස්ථාපිත කරන ලද්දේ පළමුවන පරාක්‍රමබාහු රජතුමා ය. මධ්‍යකාලීන ලංකාවේ අගනුවර වශයෙන් පැවැතියේ පොළොන්නරු රාජධානිය ය. පැරැණි පොළොන්නරුව ලෝක උරුමයනට අයත් නගරයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මඟින් 1982 වසරේදී ප්‍රකාශයට පත් කර ඇත.

මේ සා විශේෂත්වයට පත් පොළොන්නරුව, අභිමානවත් අපගේ ආගමික මෙන්ම සංස්කෘතික උරුමය ශෝභාවත් කිරීම වෙනුවෙන් සාඩම්බරණීයත්වයෙන් මෙන්ම ශ්‍රේෂ්ඨත්වයෙන් අදටත් පෙනී සිටීම ශ්‍රී ලාංකීය පුරවැසියා ලද භාග්‍යයකි. ‘මධ්‍යකාලීන ලංකාවේ අගනුවර වශයෙන් වසර 250 ක පමණ පැවැති පොළොන්නරුව පසුව සහමුලින්ම විනාශ මුඛයට භාජනය විය’ ‘එහි පදිංචිකරුවන් විසින් නගරය අත්හැර දැමූ අතර එතෙක් කල් එහි සුරැකි අනභිභවනීය රාජකීය ප්‍රාසාද සහ ප්‍රෞඩ ස්මාරක මෙන්ම ගෘහෝද්‍යාන ද වසා මහ වනය වැඩුණු හෙයින් ඒවා කාලය නමැති වැලිතලාවට යට වී ගියේය ‘ ‘දහනවවැනි සියවසෙහි අවසාන භාගයේදි බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එහි නටබුන් පාදා ගන්නා තුරුම වසර 700 ක් පමණ කාලයක් එය වැළලී ගිය පුරවරයක් වශයෙන් පැවතුණි. ‘ වර්ෂ 1820 දී ඝන වනාන්තරය තරණය කළ ලුතිනන් ෆාගන් නම් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියා මෙම පුරවරය පිළිබඳ තොරතුරු සමාජයට හෙළි කළේය. ‘ ඉන් තව ශතවර්ෂ භාගයකට පමණ පසුව සිවිල් නිලධාරියකු වු බර්ච් සහ හමුදා නිලධාරියකු වූ ලුතිනන් ස්ටුවර්ට් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා 1868 දී මෙම නටබුන් ඡායාරූප ගත කළහ.’

(පොළොන්නරුව මධ්‍යකාලීන ලක්දිව අගනගරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න) මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ගේ ඉහත ප්‍රකාශනයෙන් පැවසෙන්නේ මෙම පොළොන්නරුව නගරය ඉතා ප්‍රෞඩව පැවැත එමින් පසු කලෙක බ්‍රිතාන්‍ය සමය වන විට වල්බිහිවී කැළෑවට වසන්ව පැවැති බවය.

මෙය නැවත පුනර්ජීවය ලබන්නේ ශි‍්‍රමත් ආතර් ගෝඩ්න් ආණ්ඩුකාරවරයාගේ කාලයේ සිටය. එවකට පුරා විද්‍යා කොමසාරිස් ව සිටි එච්.එම්. බාරොස් වනය එළිපෙහෙළිකර නටබුන් පාදා ගැනීමේදි එය අධික්‍ෂණය කළේය. ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයන් වශයෙන් කීර්තියක් ඉසිලූ එච්.සී.පී. බෙල් සහ සෙනරත් පරණවිතානයන් විසින් කැණීම් කටයුතු තහවුරු කළ අතර පසු කලෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ඉතා මෑත කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් එම කාර්යය නොකඩවා පවත්වාගෙන යන බවට එහි සඳහන් වේ.

මෙම යුග ගණනාවක මහා ඉතිහාසයක ගමන්මඟ ආපදා විපත් මැද පැමිණෙමින් අද දකින අභිමානවත් පොළොන්නරු රාජධානියේ අතීත ශ්‍රී විභූතිය මොනතරම් නම් පුළුල්ව පැවැතියේදැයි සිතීමට යමක් ඉතිරිකර තිබීමද අගය කළ යුතු වෙයි. මේ මහා පුරවරය බෞද්ධාගමික මහා පසුබිම හා රාජ්‍යත්වය අතිශය සමීපව බැඳී පැවැති බවට කදිම සාක්‍ෂි සපයයි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලය මේ සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වා ඇති බව මේ අභිමානවත් නටබුන් අතර ඇවිද යාමේදී දැක ගැනීමට ලැබේ. මේ තුළ ඇති මහා ස්තූපයන් අතර වූ ‘කිරි වෙහෙර’ නම් වූ චෛත්‍යයට ලැබෙන්නේද ප්‍රමුඛ ස්ථානයකි.

එය පොළොන්නරු රාජධානියේ නටබුන් අතර රැෙඳමින් ඉතා රමණීය වූද ඓතිහාසික වූද සන්හිඳියාවෙන් පිරිපුන් ආගමික පරිසරයේ ස්වභාවය උදෙසා සුවිශේෂි වූ පසුබිමක නිර්මාණය කර තිබේ. කිරිවෙහෙර දෙවැනි වන්නේ පොළොන්නරුවේම ඇති ‘රන්කොත් ‘ වෙහෙරට පමණකි. මෙය කරවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව. 1153- 1186) එක් මෙහෙසියක වූ සුභද්‍රා රැජිනි විසින් යැයි කියැවෙයි. මේ මහා ස්තූපය ආරම්භයේදි ‘රූපවතී’ ස්තූපය නමින් හැඳින්වූ බවට සඳහනක් ද තිබෙයි.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ පවසන්නේ ‘කිරිවෙහෙරට’ සුභද්‍රා දෙවියගේ සම්බන්ධය දෙවිධියකට සලකනු ලබන බවයි. මෙය සුභද්‍ර දේවිය නමින් මහා පරාක්‍රම රජතුමා විසින් හෝ සුභද්‍රා දේවිය විසින් හෝ කරවන ලද්දක් බව එතුමා පවසයි.

මෙහි උස මීටර් 28.97 ක් පමණ වෙයි. මෙහි වට ප්‍රමාණය අඩි 264 ක් පමණ වන අතර එය රන් කොත් වෙහෙරේ වට ප්‍රමාණයට වඩා හරි අඩකින් පමණ අඩුය. ආලාහණ පිරිවෙනට ඇතුළු වූවකුට ප්‍රථමයෙන්ම මුණ ගැසෙන්නේ කිරිවෙහෙරය. මෙම මහා සෑය තවත් විචිත්‍රවත් කිරීමට සතර පැත්තෙන් වාහල්කඩ හතරක්ද පිළිම ගෙවල් හතරක්ද දකින්නට ලැබේ. 1910 වසරේදී ගවේෂණ අරඹද්දී ස්තූපයේ පතුල සුන්බුන් වලින් වැසී පැවැති අතර ගර්භ මට්ටම දක්වාම රොන් මඩ තට්ටුවකින් වැසි තිබුණු බවද කියැවෙයි.

නිධන් හොරුන්ගේ විනාශකාරි දෑතට හසුව ස්තූප ගර්භය තුළ උමඟක් හාරා එහි උපරි ව්‍යුහය විනාශ කර දමා තිබූ බවක්ද කියැවෙයි. පොළොන්නරු අගනුවර බිඳ වැටීමෙන් වසර 800කට පසුවද කිරිවෙහෙරේ අතීතය හා ශ්‍රී විභූතියට දෙස් දෙමින් අදත් විරාජමානව පවතින බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සඳහන් කර තිබේ. මෙම ස්තූපයේ අතිශය වැදගත්කම වන්නේ පැරැණි බදාම ආලේපිත තට්ටුව සහිතව පොළොන්නරුවේ වඩාත් හොඳින් සුරක්‍ෂිතව ඇති දාගැබ මෙය වීම බව ඔහු තවදුරටත් පවසයි.

අතීතයේදී එයට කිරිවෙහෙර වශයෙන් වැහැරුවේ කිරිපැහැයෙන් දිස්වූ නිසා බව කියැවෙතත්, දිගු කාල පරාශයක ඇවෑමෙන් අපට එය දක්නට ලැබුණේ අව පැහැයෙනි. ඒ වුවද වෙහෙරෙහි බදාම තට්ටුව නො ගැළවී පැවතුණි. මෑතකදී පැරණි බදාම ස්ථරයට උඩින් බදාම ආලේප කර ප්‍රතිසංස්කරණය කර අද එය ධවල පැහැයෙන් දිදුලන බැවින්, එදා කිරිවෙහෙරෙහි අර්ථය බල ගන්වා තිබෙන බවක් පෙනෙයි. තද නීල ආකාශයේ තැන තැන ඝන සුදු වළාපෙළ විවිධ රටා මවන පසුබිමකදී කිරිවෙහෙරෙහි දසුන ඉතා විචිත්‍රවත් ආකාරයට දැක ගැනීමට ලැබෙයි.

ස්තූපය සමස්ත බෞද්ධ ජනතාවගේ හදමඬලේ මුදුනතම වැඩ වසමින් ගෞරව බහුමානයට බඳුන් වූ පූජනීය මහා සැමරුමකි.

එය අපගේ ශිෂ්ඨාචාරවත් ගමන් මගේ උදාරත්වය සවිමත් කළ සැලෙන මනසම නිසොල්මන් කරන සුළු බැතිය, සැදැහැති බව වර්ධනය කරවන සුළු දේශයක අධිෂ්ඨානය පිළිබිඹු කරවන සුළු සංකේතයකි. එසේම එය බෞද්ධ දේශයක දේහය විචිත්‍රවත් කරවන අපූර්ව වූ කලා නිර්මාණයකි. ‘කිරිවෙහෙර’ රජතුමාගේ බිසවක විසින් හෝ රජතුමා විසින් සෑදුවද එය එක් පසෙකින් ඔවුනොවුන්ගේ රාජ්‍යත්වයේ ශක්තිය,බලය විදහා පෙන්වීම වෙනුවෙන් ගොඩනැඟුවා විය හැකිය. එහෙත් එහි සර්වඥධාතූන් නිධන් කරමින් බුදුන් වහන්සේ වෙනුවෙන් කළ මහත්වූ පූජාවක් වශයෙන් අවසන් ඵලය ඉතිරි වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියෙන් සැනසෙන බෞද්ධ ජනතාව මෙන්ම අතීත උරුමයක විචිත්‍රත්වය සොයා යන මිනිසුන් සඳහාය.

පිවිතුරු බුදු දහමේ සදාතනික වටිනාකමට නව අර්ථකතනයක් එක්කළ නිර්මාණශීලි බවෙන් පිරිපුන් ස්තූප අතර තවමත් නොනැසි පවතින පොලොන්නරුවේ කිරිවෙහෙර ඓතිහාසික ජාතික උරුමයේ තුළ රැඳුණු බෞද්ධ ලකුණ ඔසවාතබන තවත් එක් විශේෂ සැමරුමකි.
0
You are not authorized to post a reply.
Page 3 of 20 << < 12345 > >>