You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2019 07:19 AM by  samantha
රූපය හඳුනාගන්න..
 385 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 20 << < 34567 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Nov 2015 06:11 AM
නංගීගේ පිළිතුර නිවැරදියි...

... යාපහුව ...
ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් ආරක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි ඵලවන්නේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විස්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී. එය ලංකාවේ සිව්වන රාජධානියයි.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Nov 2015 06:17 AM
අපේ  රෝසි නංගී ඇමරිකාවේ හිටියට ලංකාව ගැනත් දන්නවා ,, කාටද අඩම්භර.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 06:17 AM
ස්තුති අයියා ,,,,මේක රාජදානියක් කියපු නිසා මන් ටිකක් හොයලා බැලුවා .
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 06:19 AM
හිත ලංකාවේ නේ සමන්ත අයියා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Nov 2015 06:30 AM
Posted By Rosi on 26 Nov 2015 06:19 AM
හිත ලංකාවේ නේ සමන්ත අයියා
ඒකට  තමයි ශ්‍රීලාංකික  කියන්නේ ...

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
26 Nov 2015 06:32 AM
සමන්ත අයිය කියන්නේ විශ්වකෝෂයක් වගේ වස්තුවක්....ලංකාවේ විතරක් නෙමෙයි විදේශයන්හි විස්තර පින්තූර එහෙමත් තියෙනවා නේ 
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Nov 2015 06:35 AM
ඉමල්ක අයියගේ කතාව නම් සහතික ඇත්ත .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Nov 2015 06:30 PM

මෙන්න ඊළඟ අවස්ථාව...

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Nov 2015 10:48 PM
Posted By indika76 on 26 Nov 2015 06:30 PM

මෙන්න ඊළඟ අවස්ථාව...

සීගිරි  රාජධානිය

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Nov 2015 11:29 PM
සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි..

... සිගිරිය ...
කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්වතය සීගිරිය නම් වී ඇත.

අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය.

මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප‍්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය.

සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතියි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි.

ප‍්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක් බඳු රූකම් ද ඇති සීගිරිය ලෝක උරුමයකි. මෙහි ඇති අපූර්වත්වය හේතුවෙන්ම මෙය නිල නොලත් අටවැනි ලෝක පුදුමයැයි ද දෙස් විදෙස් හි ප‍්‍රචලිතය.

අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්වන්නේ කි‍්‍රස්තු වර්ෂ 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙනි. පුරාවිද්‍යාත්මක සාක්කි අනුව සීගිරියේ ඉතිහාසය ඉන් බොහෝ ඈත අතීතයකට යයි. රාවණ රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි මතයක් ඇතත් එය සනාථ කිරීමට මෙතෙක් කිසිදු සාක්කියක් හමුවී නැත. එහෙත් හමුවූ සෙල්ලිපි රැසකින් පැවැසෙන්නේ දෙවනපෑතිස් යුගයේදී පවා සීගිරිය ආර්ය ජනාවාසයක් වූ බවයි. සීගිරිය අවට කැණීම් වලදී අතීතයේ භාවිතා කළ ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමුවී තිබේ.

සීගිරි පර්වතය මත ඉදිකැර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශී‍්‍ර ලංකාවේ පැවැති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්කියක් වී ඇත. ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයන්ය. වැසි වැටුණු විට තවමත් කි‍්‍රයාත්මක වන ජලමල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණ කරුවන්ගේ විශ්මිත හැකියාව පෙන්වයි.

සීගිරිය ප‍්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම චිත‍්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තී‍්‍රන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත.

පුරාවිද්‍යා කොමසාරිස් ඉන් පසු එම තතතුර‍ට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි.

සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක‍්‍රමිකව විකාශය වූ ආකාරයත් මෙම කුරුටු ගී පෙන්වයි.

ක‍්‍රමයෙන් වනාන්තරයෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පෝර්බ්ස් සීගිරියේ කැටපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැගීමට නොහැකිවී ඇත. ඇත්තේ ඒ..වයි..ඇඩම්ස් සහ ජේ.බේලි යන තරුණ සිවිල් නිලධරයන් දෙදෙනා 1853 දී එහි මුළින්ම නැගුණු බව කියති.1894 දී එච්.සී.පී.බෙල් සීගිරිය එළි පෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළේය.

පැරණි ශී‍්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප‍්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.

සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතුකරගෙන ඇත. නැගෙනහිර දොරටුව දෙසින් කැණීම් සිදුකර නැතත් ඒ ප‍්‍රදේශයේ කරන ලද ගවේෂණඅනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ බවයි. මුගලන් යුද්ධයට එනවිට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිබෙන්නට ඇත. එම ප‍්‍රදේශය විශාල ප‍්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නටයට ගත හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබෙන බවද බොහෝ විට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසති.

18 වසරකට පසු සේනා රැස්කරගත් මුගලන් කාශ්‍යප සමග යුද්දයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩ වළකින් එතෙරවීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යති යි සිතූ සේනාව හිස් ලූ ලූ අත දිවගියෙන් තනිවූ කාශ්‍යප සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කථා වල දැක්වේ. කාශ්‍යප මියගිය පසු රාජ්‍යය ගත් මුගලන් සිය සොහොයුරාට රජකුට සුදුසු අවමංගල උත්සවයක් පවත්වා භෂමාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Nov 2015 12:23 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී මේ ඉතිහාස ගත තොරතුරු මඟින් අපිව දැනුවත් කලාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Nov 2015 05:00 AM
හොද විස්තරයක්.....ස්තුති අයියා .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
28 Nov 2015 07:53 PM
සීගිරි කතා පුවතට බොහොමත්ම ස්තුතියි..!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Nov 2015 07:58 PM

මේ රූපය හඳුනාගන්න...

අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මොහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
29 Nov 2015 09:25 PM
සෙකර මහත්මයද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Nov 2015 09:30 PM
Posted By indika76 on 29 Nov 2015 07:58 PM

මේ රූපය හඳුනාගන්න...

අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මොහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය

 

මහගම සේකර

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Nov 2015 10:59 PM

අපේ එකවුන්ටන් මහත්තයා මුලින්ම නිවරදි පිළිතුර ලබාදී තියෙනවා..

 

.... මහගමසේකර ...

කොළඹ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ රදාවානේ මහවත්තේදී 1929 අප්‍රේල් 07 වන දින උපත ලැබීය. මහගමගේ ජෝන් අප්පුහාමි පියා විය. රණවක ආරච්චිගේ රොසලින් නෝනා මව විය. පවුලේ එකම දරුවා සේකර විය. මූලික අධ්‍යාපනය ලැබුවේ රදාවාන රජයේ පිරිමි විදුහලෙනි. පාසල් අවධියේ නම වූයේ මහගමසේකර යනුවෙනි. පාසල් අවධියේදී ගායනයට හා වාදනයට එකසේ ඇළුම් කළේය.

කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා ඉල්ලුම් කිරීමේදී උප්පැන්න සහතිකයේ නම වෙනස් වී මහගමගේ සේකර යනුවෙන් සඳහන් වී ඇත. 1943 වසරේදී කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වූ සේකර උසස් අධ්‍ය පනය සඳහා කිරිඳිවැල සිංහල පිරිමි විදුහලට ඇතුල් විය. එම විදුහලෙන් සේකර ජ්‍යේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් උසස් ලෙස සමත් විය. මෙම කාලයේදී ඔහු කොළඹ ටෙක්නිකල් විදුහලේ චිත්‍රකර්ම ශිල්පය දියුණු කර ගත්තේය. 1949 දී පැවති චිත්‍ර කර්ම ගුරු විභාගයෙන් උසස් ලෙස සමත් විය. 1950 ජනවාරි 30 වනදා නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළු විය.

1952 දී රාජගිරිය හේවාවිතාරණ බෞද්ධ මිශ්‍ර පාසලට ගුරුවරයෙකු වශයෙන් පත්වීමක් ලැබීය. සය වසරක් ගුරුවරයෙකු වශයෙන් සිටි සේකර තරඟ පරීක්‍ෂණයකින් තේරී රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස පත්වීමක් ලැබීය. 1960 දී එයින් අස් වූ සේකර ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් සේවයට එක්විය. 1963දී උපාධිධාරි ගුරුවරියක් වූ කුසුම්ලතා සුරවීර මෙනවිය සමග විවාහ විය. 1968 දී ගුවන් විදුලියෙන් අස් වූ සේකර මීරිගම ගුරු අභ්‍යස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීය. 1969 දී විද්‍යෝද්‍යය විශ්ව විද්‍යාලයෙන් සිංහල උපාධිය ලබා ගත්තේය. 1971 දී ලලිත කලායතනයේදී විදුහල්පති වශයෙන් පත්විය. 1974 දී විද්‍යෝද්‍යය මණ්ඩපයෙන් පී.එච්.ඩී. උපාධිය ලබා ගත්තේය. 1974 දී ජනවාරි 14 වනදා හදිසි හෘදයා බාධයකින් සේකරයන් අපට අහිමි විය.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Nov 2015 11:02 PM
මේ තියෙන්නේ එතුමා වෙනුවෙන් වෙන්කල .facebook පිටුව

https://www.facebook.com/mahagamasekara/
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Nov 2015 04:12 AM

 ජාතික හැඳුනුම් පත.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Nov 2015 07:45 AM
sthuthi me visthara walata ...math uththare denna awe
0
You are not authorized to post a reply.
Page 5 of 20 << < 34567 > >>