You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 May 2018 07:46 PM by  Udeshika Herath
කංසා ශාකය
 89 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Jan 2016 06:19 PM
කංසා ගැන මාසෙකට වතාවක් හරි ස්ටන් එකේ කතා වෙනව නෙහ්..

අමුතුවෙන් වවන්න දෙයක් නැහැ.. ඌව පළාතේ ඕනේ තරම් දැනටමත් වවල තියෙන්නෙ.. කාපගෙන එන එකයි තියෙන්නෙ රාජිත මහත්තයෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Jan 2016 06:33 PM
Posted By maduranga001 on 03 Jan 2016 06:19 PM
කංසා ගැන මාසෙකට වතාවක් හරි ස්ටන් එකේ කතා වෙනව නෙහ්..

අමුතුවෙන් වවන්න දෙයක් නැහැ.. ඌව පළාතේ ඕනේ තරම් දැනටමත් වවල තියෙන්නෙ.. කාපගෙන එන එකයි තියෙන්නෙ රාජිත මහත්තයෝ..

මේ අය හදන්නේ ඒකෙනුත් වාසියක් ගන්න වගෙයි...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Jan 2016 07:47 PM
දැන් ඉන්න කොල්ලො පැනි ගහලා පාමසි වල පෙති ගහල naasthi වෙනවට වඩා ..මලක් ගහලා , ගුලියක් රවිදලා ගන්න ආතල් එක ඇගට ගුනයි ....ඉස්සර අපෙ මුතුන් මිත්තන් පාවිච්චි කලෙ ඔවා තමයි වත්ත කොනට වෙලා ....අද කාලෙ කොල්ලන්ට ඒ ආතල් නැහැ ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Jan 2016 10:03 PM
Posted By Ind007ka on 03 Jan 2016 07:47 PM
දැන් ඉන්න කොල්ලො පැනි ගහලා පාමසි වල පෙති ගහල naasthi වෙනවට වඩා ..මලක් ගහලා , ගුලියක් රවිදලා ගන්න ආතල් එක ඇගට ගුනයි ....ඉස්සර අපෙ මුතුන් මිත්තන් පාවිච්චි කලෙ ඔවා තමයි වත්ත කොනට වෙලා ....අද කාලෙ කොල්ලන්ට ඒ ආතල් නැහැ ....
ඇයි  මුතුන් මිත්තො විතරද ඕවා පාවිච්චි කලේ..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Jan 2016 12:01 AM
Posted By samantha on 03 Jan 2016 10:03 PM
Posted By Ind007ka on 03 Jan 2016 07:47 PM
දැන් ඉන්න කොල්ලො පැනි ගහලා පාමසි වල පෙති ගහල naasthi වෙනවට වඩා ..මලක් ගහලා , ගුලියක් රවිදලා ගන්න ආතල් එක ඇගට ගුනයි ....ඉස්සර අපෙ මුතුන් මිත්තන් පාවිච්චි කලෙ ඔවා තමයි වත්ත කොනට වෙලා ....අද කාලෙ කොල්ලන්ට ඒ ආතල් නැහැ ....
ඇයි  මුතුන් මිත්තො විතරද ඕවා පාවිච්චි කලේ..


ඒක කිව්වෙත් මුතුන් මිත්තෙක් වෙන්න ඕන.. මම කිව්වෙ ඒ කොමෙන්ටුව දැම්මේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
04 Jan 2016 12:02 AM
අපිට කොහෙද එහෙම වාසනාවක් ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
04 Jan 2016 12:44 AM
he he
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Jan 2016 07:23 AM
Stun ake tharam kansa gahata thenak wena kohewath na wage ..hiikzz
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Jan 2016 07:08 AM
ඔන්න රජයෙන්ම වන්න යන්නේ වතු පිටින් හිටං
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Jan 2016 10:46 PM

තණමල්විලින් කෝටි පහක ගංජා

  

තණමල්විල බලහරුව තල්ගහදිගන වන රක්ෂිතයේ ගංජා හේන් දහයක් අඟහරුවාද (5) සවස බුත්තල විශේෂ කාර්ය්‍ය බලකායේ නිළධාරීන් විසින් වැටලීය. අක්කර දහතුනක, රුපියල් කෝටි පහක් වටිනා ගංජා ගස් ගලවා ගිනි තබා ඇත. සැකකරුවන් පස්දෙනෙකු සමග කොටන තුවක්කු දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.

01 03 06 07 08 09

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
05 Jan 2016 11:46 PM
මෙවා ජාතික අපරාද
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Jan 2016 12:03 AM
රාජිත මහත්තයටවත් කියන්න ඕන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
11 May 2016 01:01 AM

 

 

 

Y%S ,xldfõ lxid j.d lr ngysr rgj,g T!IO ksIamdokh i|yd wmkhkh lsÍfï fhdackdjla ,eî we;s nj fi!LH fmdaIK yd foaYSh ffjoH wud;H rdð; fiakdr;ak uy;d mjikjd'


ta wkqj YS‍% ,xldfõ lxid j.dlr wmkhkh lsÍug mshjr .kakd njhs wud;Hjrhd jeä ÿrg;a fmkajd fokafka'

YS‍% ,xld wdhq¾fõo ixia:dj úiska ksIamdokh lrk ,o kj wdhq¾fõo ksIamdok y÷kajd§u fjkqfjka mej;s W;aijhlg tlafjñka wud;Hjrhd fï nj lshdissáhd' miq.sh ld,fha wdhq¾fõo ksIamdokh i|yd wìx ys.hla mej;s nj;a tajd bkaÈhdfjka wdkhkh lsÍug mshjr .;a nj;a rdð; fiakdr;ak uy;d tys§ jeäÿrg;a ioyka l

^wod< ksfõokh my;ska oelafjhs&



First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 01:07 AM
ane mawa gihin daannako ara waththata dakkamath paawenawa wage
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
11 May 2016 06:15 AM
ඉස්සර campus ඉන්න කාලේ අපේ එකෙක් hostel එකේ පැලයක් වවල තිබුනා. උෘ ඒක ඇස් දෙක වගේ බලා ගත්තේ.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 May 2016 08:10 AM
රටේ ඉතුරුවෙලා ඉන්න කොල්ලො ටිකත් කන්න හදන්නේ.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 May 2018 03:20 AM

කංසා ලංකාවෙ තහනම් ඇයි? සාමයට ඉඩක් දෙන්න

කංසා ලංකාවෙ තහනම්. ඒත් ලංකාවෙ අරක්කු තහනම් නෑ. සිගරට් තහනම් නෑ. ලංකාවෙ කංසා තහනම් කරන්නෙ ඉංග‍්‍රීසි ආණ්ඩුව. ඒක කංසා බිව්වම සෞඛ්‍යයට අවුල් කියල හිතල කරපු එකක් නෙමෙයි. ලෝකෙ ගොඩක් රවල කංසා තහනම් කරන්නෙ සෞඛ්‍ය හේතුවක් ගැන පැහැදිලි පරීක්‍ෂණයකින් නෙමෙයි. ඒත් ඒ තහනමට බොරු හේතු කියන්න ඇමරිකාව වුණත් ඉතිහාසයක් පුරාම ඩොලර් බිලියන ගණන් වියදම් කරනවා. අපේ රටේ නම් එහෙම වියදම් කරන්න උවමනාවක් නෑ. අපිට තහනමකට හේතුවක් ඕන නෑ. ඒක නිසා කංසා තහනම ලංකාවෙ හැමෝටම දේව නීතියක් වගේ. පත්තරවල කංසා හේන් වටලෑම් ගැන ලියන බෝතල්පත්තරකාරයො ‘මේ මහා උවදුර තුරන් කළ යුතුයි’ කියල ලියන්නෙ කටපාඩමින්.

කංසා බීලා තමන්ගෙ බිරිඳට හෝ දරුවන්ට තඩිබාන කෙනෙක් දැකලා තියෙනවද? කංසා බීලා වාහන හප්ප ගත්තු හෝ මංකොල්ලාකෑම් කළ හෝ මිනිමැරිම් කළ කෙනෙක් ගැන අහලා තියෙනවද? නැත්තං කංසා බීලා කරපු හිතාගන්න බැරි භයානක දේවල් මොනවා හරි ගැන දන්නවද? නෑ. ජනතාව කිසිදෙයක් දන්නෙ නෑ. ඒත් ඒ ගොල්ලො එකගයි ආණ්ඩුව කියන එකට. ඒගොල්ලො දන්නෙ මාධ්‍ය හරහා ඒ ගොල්ලොන්ට කියන දේ විතරයි. ඒක හින්ද ඒ ගොල්ලො කංසා වලට විරුද්ධයි. අරක්කු වලට පක්ෂයි.

ඇමරිකාවෙ කංසා තහනම් වෙන්නෙ මෙක්සිකානුවන්ව පාලනය කරන්න ඕන හින්ද. ඇමරිකාවෙ ගිණිකොන දිගට කම්කරුවන් විදිහට ආපු මෙක්සිකානුවන් දවසේ මහන්සියෙන් පස්සෙ කංසා පානයෙන් විනෝද වෙන්න පුරුදු වෙලා හිටියා. ඒත් යුරෝපියානු සුද්දො මේක දැක්කෙ කංසා වලින් මෙක්සිකානුවන් අධිමානුෂික ශක්තියක් ලබා ගන්නවා සහ ඒකෙන් මිනීමරන්න පුළුවන් විදිහටයි. මෙක්සිකානුවන් නිදහස අත්විඳින මේ පුරුද්ද තහනම් කිරීමෙන් තමන්ගෙ බලය ඔවුන්ගෙ ජීවිත මත පෙන්නන්නත් ඇමරිකානු සුද්දන්ට ඕන වුණා.

අද වුණත් තියෙන කලූ ජාතිකයො අපරාධකාරයෝය කියන සුදු මානසිකත්වය වගේම මෙක්සිකානු ශක්තිමත් මිනිස්සු අපරාධකාරී කියන හැගීම ඇමරිකානුවන්ට තිබුණ. ඒ අපරාධකාරීත්වයට හේතුවක් විදිහට ඔවුන් මෙක්සිකානුවන් කංසා පාවිච්චි කිරීම කියන කාරණය ඉස්සරහට ගෙනාවා. ඒත් ඒ විරෝධය පිටිපස්සෙ ඇත්තටම තිබුණෙ සුදු ආධිපත්‍යය විසින් කලු හෝ මෙක්සිකානු ජීවිතය තහනම් කිරීම. 1920 විතර කංසා වලට විරුද්ධව දක්වපු නිල මතය තමයි කංසා බොන අය මිනීමරනවා කියන අදහස. ඒක චිත‍්‍රපට සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ ජනතාව අතරට ගෙන ගියා. ඒත් ජෑස් සංගීතය ආශ‍්‍රිතව කංසා පාවිච්චිය දිගටම තිබුණ. ඔවුන් වෙනුවෙන් බටහිර ඉන්දියානු දුපත්වල සිට කංසා ඇමරිකාවට ගෙනාවා.

ඒ විරෝධය ප‍්‍රමාණවත් නොවුණු තැනදි ඔවුන් තවත් මතවාදයක් ගොඩනැගුවා. ‘කංසා පානය කළොත් ඔබ උන්මත්තකයෙක් වේවි’ කියල. ඊට පස්සෙ තාරුණ්‍යය විනාශ කරනවා කියල චෝදනාවකුත් ආවා. කංසා වලින් මරණය ළගා කරනවා කියන මතය ජනතාව අතරට ගෙනියන්නත් ඇමරිකානු ආණ්ඩුව සල්ලි වියදම් කළා. මේ හැම දෙයක්ම එක්ක 1937 ‘කංසා බදු පණත’ සම්මත කර ගත්තා. ඊට පස්සෙ කංසා වවන්න විශේෂ අවසරයක් ඕන වුණා. ඒකෙන් කංසා වලට තහනම් සීමාවක් තහවුරු කළා. ඒත් 1944 අවුරුදු 06ක් තිස්සෙ පර්යේෂණ කරලා කංසා ගැන වැදගත් සොයා ගැනීම් කීපයක් ප‍්‍රකාශයට පත් වුණා.

1. කංසා කිසිඳු ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් අවදි නොකරයි.

2. කංසා සහ උන්මත්තකභාවය අතර සම්බන්ධයක් නැත.

3. කංසා පාවිච්චියෙන් සමාජ විරෝධී ක‍්‍රියා කිසිවක් සිදු කර නැත.

ඒත් මේ සියලූ සනාථ කිරීම් යට ගස්සමින් බලධාරීන් කංසා තහනම ක‍්‍රියාත්මක කරනවා. කංසා විරෝධය කියන්නෙ කළු ජාතිකයන්ට ඔවුන්ගේ තිබුණු විරෝධය. කලූ ජාතිකයන්ගේ ජීවිතය වාරණය කිරීමට ඇති සුදු ජාතික ආශාව. ඊට පස්සෙ මේ තහනමට පක්ෂය ගෙනාපු නිල මතය වුණේ ‘කංසා පාවිච්චි කළොත් ඔබ හොරෝයින් වලට ඇබ්බැහි වෙනවා’ කියන කතාව. කංසා වලින් යතාර්ථයෙන් පිට මායාකාරී ලෝකයකට ගෙනියනවා, අවධානය යොමු කිරීමට බැරි කරනවා සහ ජාතික ආරක්‍ෂාව නොතකා හරිනවා කියන නිල අදහසුත් ඒ කතාවට එකතු වුණා. නිල කියන වචනය මම නිතර පාවිච්චි කරන්නෙ ඒ සියලූ මතවාද රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සමාජගත කිරීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වුණු නිසා.

c2

ඒත් 1960 ගණන් වල හිපි සංස්කෘතියේ නැගිටීමත් එක්ක මේ කිසි දෙයක් වලංගු නැති තැනකට එනවා. කංසා ‘නිදහස’, ‘අධ්‍යාත්මික ගවේශණය’ සහ විලාසිතාව බවට පත් වෙන්න ගන්නවා. ඇලන් ගින්ස්බර්ග්, තිමොති ලියරි, ජෝන් ලෙනන් ආදීන් මේ විප්ලවයේ ඉදිරියෙන්ම ඉන්නවා. ආණ්ඩුව මෙතනදි කරන්නෙ තවත් නිල මතයක් ව්‍යාප්ත කරන්න ගන්න එක. ‘කංසා පාවිච්චි කලොත් නරක දේවල් වෙන්න පුළුවන්. අපි දන්නෙ නෑ’ හැමතැනම සිද්දවෙන දිවි නසා ගැනීම්, ස්ත‍්‍රී දුෂණ ආදිය කංසා එක්ක සම්බන්ධ කරලා ප‍්‍රවෘත්ති ගොඩනගන්න පටන් ගන්නවා උප සංස්කෘතියක් විදිහට තරුණයෝ අතර කංසා පාවිච්චි කරන එක තහනම් කරන්න. මේ හැමදේකම ප‍්‍රතිඵලයක් විදිහට අදත් ලෝකෙ ගොඩක් රටවල කංසා එක එක විදිහට තහනම්. ඒත් දැන් කංසා නීතිගත කිරීම ගැන දියුණු ක‍්‍රියාකාරීත්වයන් ඇතිවෙන්න පටන් අරන්. මේ වෙනකොට ලෝකෙ රටවල් 15ක ඖෂධයක් හැටියෙන් කංසා පාවිච්චිය නීතිගතයි. කංසා ගැන කරපු නූතන පර්යේෂණ අනුව සිගරට් හෝ අරක්කු තරම් වත් කංසා අහිතකර නෑ. කොටින්ම කෝපි තරම් වත් කංසා වලින් නරක ප‍්‍රතිඵල ඇති කරන්නෙ නෑ. කෝපි වල ඇති කැෆේන් ‘ඕවර්ඩෝස්’ වෙන්න පුළුවන් වුණත් කංසා වල එහෙම අවුලක් නෑ. හැම අවුරුද්දකම 450,000ක් මිනිස්සු මැරෙනවා සිගරට් බීලා. 50,000ට වඩා මැරෙනවා අරක්කු වැඩිපුර බීලා. ඒත් ඉතිහාසෙ කොතනකවත් කංසා ‘ඕවර්ඩෝස්’ වීමෙන් සිද්ද වුණු මරණයක් ගැන සඳහනක් නෑ.

බි‍්‍රතාන්‍යයේ කංසා පාවිච්චිය සහ රිය පැදවීම ගැන කරපු පර්යේෂණයක් යූ ටියුබ් එකේ තියෙනවා. කංසා පාවිච්චි කරලා වාහන එලවද්දි ඔවුන් වඩා ප‍්‍රවේශම් සහ අවධානවත් වෙනවා කියන එක එතනදි සනාථ වෙනවා. කංසා වලින් පෙනහළු පිළිකා ඇතිකිරීම කියන කතාවත් බොරුවක්. ස්වභාවික පැලෑටියක් වන කංසා පෙනහළු පිළිකා ඇති කරන විෂ රසායන නිකුත් කරන්නෙ නැහැ. ඒ වගේම ගොඩක් අය කියන බාල කතාවක් තමයි කංසා වලින් මොලේ සෛල විනාශ කරනවා කියන කතාව. ඒ කතාව අමූලික බොරුවක්. ඒ වෙනුවට කංසා මොළයේ සෛල උද්දීපනය කරනවා කියන එකයි පර්යේෂන වලින් ඔප්පු වෙලා තියෙන්නෙ. කංසා වල ඇබ්බැහිය ගැනත් තියෙන්නෙ මිත්‍යා ප‍්‍රවාද. රටකජු කෑමට වඩා වැඩි ඇබ්බැහියක් කංසා වලින් ඇති කරන්නෙ නෑ. ඒ වගේම කිසිම ආකාරයක ‘අත් හැරීම නිසා වන අපහසුතා’ කංසා වලින් නැහැ. ඒ වගේම කංසා වෙනත් මත්ද්‍රව්‍යයන්ට ඔබ හුරු කරනවා කියන්නෙත් වියදම් කරලා ගොඩනගපු මිත්‍යාවක්. සිගරට් හෝ අරක්කු තරම් කංසා කෙනෙක්ව වෙනත් මත්ද්‍රව්‍යයන් වෙත තල්ලු කරන්නෙ නෑ.

මනස අභ්‍යන්තරයේ ගවේෂණ වල යෙදුණු ගොඩක් අය ඉතිහාසයක් පුරා කංසා ඒකට උදව්වක් හැටියෙන් පාවිච්චි කරලා තියෙනවා. ලෝකය පුරා ගොඩක් ආගම් වල ගැඹුරු ආධ්‍යාත්මික පුහුණු වලට කංසා පාවිච්චි කරනවා. හෙරඩෝටස් පවා සිතියන්වරුන් විසින් කරගෙන ගිය ආගමික උත්සව වලදී කංසා පාවිච්චි කළ බව ලියනවා. ඉන්දියාවේ සාධුවරුන් නැත්තං ඍෂිවරුන් ඈතම අතීතයක ඉඳන් කංසා තමන්ගේ මනස අභ්‍යන්තරයේ දොරවල් අරින්න පාවිච්චි කරනවා. පස්සෙ මෑත යුගයෙදි රස්තෆාරියන්ස් ලා කංසා තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයේ කොටසක් විදිහට පවත්වාගෙන යනවා. හීබෘවරුන් ඔවුන්ගේ පූජකවරුන්, රජුන් සහ වක්තෘවරුන් නම් කිරීමේදී පාවිච්චි කරන ‘ශුද්ධ වූ නාමකරණ තෛලයෙහි’ත් කංසා අඩංගුයි කියලා දැන් හෙලිදරවු වෙලා තියෙනවා. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ පවා ‘සුවඳ වෘක්ෂයක්’ හැටියට කංසා ගැන ලියවෙනවා.

මේ සියල්ල මේ විදිහට තිබුණත් අදත් කංසා සුරුට්ටුවක් ළග තියා ගැනීම නිසා මිනිස්සු හිරේ දානවා. ඔවුන්ව මිනීමරුවො, හොරු, දුෂකයො, මංකොල්ලකරුවන් එක්ක එකට ගාල් කරනවා. අන්තිමට කංසා සුරුට්ටුවක් අතේ තියාගත්ත මිනිහා එලියට එද්දි අපරාධකාරයෙක් වෙලා. කංසා තහනම වෙනුවට බදු අය කරමින් නීතිගත කළා නම් රජයකට උපයන්න පුළුවන් ආදායම් විශාලයි. ඒ වගේම ඒකෙන් කංසා සහ පාතාලය අතර තියෙන ජාවාරමත් අවසන් කරන්න පුළුවන්. කවුරුවත් නොදන්න දෙයක් තමයි කංසා කියන්නෙ ආර්ථික පැලෑටියක් කියන එක.

c3

ඉතිහාසයක් පුරාම කංසා රෙදි වියන්න, කඹ සඳහා වගේම එතනෝල් ඉන්ධනයක් හැටියෙන් පාවිච්චි වෙනවා. ලෝකයේ මුල්ම සළුව පවා ක‍්‍රි.පූ 7000-8000 අතර කාලෙදි වියා ඇත්තෙ පදම් කළ කංසා පැලෑටි වලින්. ක‍්‍රි.පූ 6000දි පමණ චීනයේ කංසා ඇට ආහාරයක් වශයෙන් පාවිච්චි වෙනවා. ඒ වගේම ඔවුන් ලෙඩ රෝග ගණනාවක් සඳහා ඖෂධයක් හැටියටත් කංසා යොදා ගන්නවා. ඒකට චීනයේ විශාල ප‍්‍රමාණයන්ගෙන් කංසා වගා කළා. වර්ෂ 1000-1500 අතර කාලයේ බි‍්‍රතාන්‍යයන් සහ ප‍්‍රංශ ජාතිකයන් ඔවුන්ගේ යටත් විජිත වල කංසා වගා කළේ ආදායම් උපයන්න. මේ වෙද්දි මධ්‍ය සහ දකුණු ආසියාවේ කංසා ප‍්‍රධානතම වෙළඳාමක් වෙලා තිබුණා. 1797 දි ජෝර්ජ් වොෂින්ටන් කංසා තමන්ගේ ප‍්‍රධාන භෝගයක් විදිහට වගා කළා. තෝමස් ජෙෆර්සන් මොන්ටිකාලෝ හිදී දෙවන භෝගයක් හැටියට කංසා වගා කරන්න ගන්නවා.

1798දි නැපෝලියන් අධිරාජයා කංසා සම්පූර්ණයෙන් තහනම් කරනවා. ඒ ඊජිප්තියානු පහල පංතිය කංසා පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන නිසා. 1876දි තුර්කි සුල්තාන්වරයෙක් කංසා ඇමරිකාවට තෑග්ගක් වශයෙන් දෙනවා. 1880 වෙනකොට ඇමරකාවේ වයඹ දිගට තුර්කි කංසා පානය කළ හැකි ආපනශාලා විවෘත වෙනවා. 1908දි හෙන්රි ෆෝර්ඞ් තමන්ගෙ පළවෙනි මෝටර් රථය නිෂ්පාදනය කරන්නෙ කංසා ප්ලාස්ටික් වලින්. ඒකට ඉන්ධන හැටියෙන් යොදන්නෙත් කංසා වලින් නිපදවන එතනෝල්. මේ විදිහට කංසා ගැන තියෙන ඉතිහාසය තහනමට වඩා ගොඩක් පැරණියි. කංසා තහනම පිටිපස්සෙ තියෙන්නෙ ඇත්තටම කංසා වලින් සිද්ද වෙනවා කියන කල්පිත සෞඛ්‍ය හෝ වෙනත් සමාජ අපරාධ හේතු නෙමෙයි. දේශපාලනික, ව්‍යාපාර සහ පාංතික හේතු. ලංකාවෙ කංසා තහනම ක‍්‍රියාත්මක වෙන්නෙ මේ කිසි දෙයක් නැතුව. සුද්දොන්ගෙ නීතිය ඒ හැටියෙන්ම අරගෙන යන්න සහ ජනතාව පාලනය කරන්න අවශ්‍ය තහනමක් විදිහට. අපේ ආයුර්වේදයේ ඖෂධ ගණනාවකට කංසා අවශ්‍යම වෙනවා. ඒත් තාමත් අපිය ඒ අවශ්‍යතාවය වෙනුවෙන් වත් කංසා නීතිගත කරන්න බැරි වුණා.

මේකට හේතුව ආණ්ඩුව නෙමෙයි. ලංකාවෙ ආණ්ඩු තහනම තමන්ගෙ උවමනාවට පාවිච්චි කරනවා විතරයි. ඒත් තහනම ගේන්නෙ ජනතාව. උදා විදිහට අද කංසා නීතිගත කරන්න ආණ්ඩුව තීරණය කළොත් ජනතාව ආණ්ඩුවට විරුද්ධ වෙනවා. ඒ ඇයි? හේතුවක් ඇතිව හෝ නැතිව තහනම් වුණු ජීවිතයක් ගත කරන්න සිංහල බෞද්ධ ජනතාවට තියෙන ක‍්‍රිස්තියානි කැමැත්ත. ඒත් කංසා නීතිගත කළොත් අපිට ආර්ථික වශයෙන්, සංචාරක කර්මාන්ත, විවිධ නිෂ්පාදන ආශ‍්‍රයෙන් කරන්න පුළුවන් ඉපැයීම් අසීමිතයි. ඊටත් වඩා ලංකාවෙ පොලොවෙ වැවෙන ස්වභාවික කංසා වලට විකල්ප නිෂ්පාදනයක් හැටියට අත්පත් කර ගන්න පුළුවන් ඉඩත් විශාලයි. ඒත් මේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. තාමත් කංසා සුරුට්ටුවට අපේ තරුණයො හිරේ යනවා. හේන් පිටින් ආර්ථිකයක් ගිනි තියලා විනාශ කරනවා. පත්තර වල ලොකු අකුරින් ඒවා දාලා ඡුන්ද හොයනවා. ඒක විචාර බුද්ධියක් නැති ජනතාවකගේ උරුමය සහ කරුමය.

චින්තන ධර්මදාස මහතාගේ කල්ට් බ්ලොග් අඩවියෙන් උපුටාගන්නා ලදී.

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
01 May 2018 04:12 AM
කංසා බෙහෙතක්.ඒත් අපේ අය නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ..නැත්තං මෙහෙම වෙයිද?තණමල්විල පැත්තේ දැන් හොයාගන්නවත් නෑ.මමත් හොයනවා එක කොළ කීපයක් බෙහෙතක් හදාගන්න.අනික ළග තබා ගත්තත් දඩුවම් තමයි..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 May 2018 06:44 PM
හොයාගත්තොත් මටත් කියපන් මල්ලි ...ඇට වුනත් කමක් නැහැ ..මල් පොච්චියක ලාවට හිටව ගනින් කාටවත් නොපෙනෙන තැනක
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
01 May 2018 07:11 PM
අනිවා හොයා ගත්තොත් දෙන්නම්කෝ.ඒත් අයියේ ඒවායේ සුවද දැනෙනකොට අහුවෙයිනේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>