You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 May 2018 07:46 PM by  Udeshika Herath
කංසා ශාකය
 89 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
23 Feb 2015 09:44 PM
    බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන
    දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින
    උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන
    ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන

    පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ
    සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ
    දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ
    අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ

     පැණි රසද ඇඹුල මැද තිත්ත රස කැටි වෙලා
    ගංජ බිඳුවක්ද ඒ අතර මැද සිර වෙලා
    විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා
    ගුලි කෑවෙ අපි ආතල් ලොවක තනි වෙලා

    ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි
    පැණි වළලු සමග ගුලි කෑවොතින් සැපමයි
    ගුලි කෑ විට දැනෙන බඩ ගින්න අරුමයි
    බමන මත දැනේ නම් වඩා හොඳ නෑමයි

    හපන්නට එපා ගුලි දතින් සොමි බිඳෙනවා
    තබා උඩු තල්ලෙ ඉරුවොතින් සැප ලැබෙනවා
    වරට ගුලි එක බැගින් ගතොත් ඔබ රැකෙනවා
    මියෙන්නට කලින් දෙවු ලොවේ සුව දැනෙනවා

    අහර රුචි වඩවමින් සිරුර හැඩ කරමිනේ
    බඩ පිපුම නවතමින් ගත සවිය ගෙනෙමිනේ
    පුරුස සක්තිය දිනෙන් දිනම වැඩි කරමිනේ
    ගුලිය කරලන මෙහෙය ලියමි මම මෙලෙසිනේ

    පෙම්වතිය වෙත යද්දි ගුලිය අරගෙන යන්න
    ප්‍රථම හාදුවට පෙර ගුලි එකක් ඔබ කන්න
    මගුල් දා පෝරුවේ උඩදි ගුලි අරගන්න
    මධු සමය දා රෑට පැණි සමග ගුලි කන්න

    ගුලිය නම් දිව ඔසුව නිතර මිලයට ගනු
    විභාගෙට යන දාට කටේ දාගෙන යනු
    සටනකදි ගැටුමකදි ක්ෂණිකවම අරගනු
    ගුලි කමින් ඔබෙ දිවිය අර්ථවත් කර ගනු

    අතුරු ආබාධ නැත නුඹෙන් කිසි දින විඳී
    නුඹේ ගුණ ලියලන්න හෙල බසේ ඉඩ මදී
    වැජඹුණද ඉහළින්ම නේක ජන හද රැඳී
    උතුම් වූ නීතියෙන් අද නුඹට වැට බඳී

    නේක හැඩ ටොපි අතර එය බෝල ටොපියකී
    එයට සම කරනු හැකි වෙනත් ටොපි නැත රැකී
    මදන මෝදක සකල ලෙඩ වලට ඔසුවකී
    මෝදකය රැක ගන්න පෙළ සැදෙමු අපි සකී
     
     
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Feb 2015 09:51 PM

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    23 Feb 2015 10:03 PM

    aparadene hen pitin gini tiyannne....

     

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    23 Feb 2015 10:10 PM

    ඊයේ කාමරන්කා,  අද ගුලි, අනේමන්දා මේ ගෙවල් වල අග බිසෝ වරු කොහොම යහතින්  ඉන්නවද කියලා 

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    23 Feb 2015 10:22 PM
    Posted By Imalka on 23 Feb 2015 10:10 PM

    ඊයේ කාමරන්කා,  අද ගුලි, අනේමන්දා මේ ගෙවල් වල අග බිසෝ වරු කොහොම යහතින්  ඉන්නවද කියලා 

    අනේ මන්දා  spare wheel 

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    23 Feb 2015 10:27 PM
    Posted By Imalka on 23 Feb 2015 10:10 PM

    ඊයේ කාමරන්කා,  අද ගුලි, අනේමන්දා මේ ගෙවල් වල අග බිසෝ වරු කොහොම යහතින්  ඉන්නවද කියලා 

     

     

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Feb 2015 11:29 PM
    ශරීරයේ වෙනත් අවශ්‍යතාවයන් සඳහා පළතුරු, බෙහෙත් නැද්ද?මම මේ කියන්නේ බඩ විරේක වෙන්න වගේ..හිකිස්
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Feb 2015 11:49 PM
    Posted By Imalka on 23 Feb 2015 10:10 PM

    ඊයේ කාමරන්කා,  අද ගුලි, අනේමන්දා මේ ගෙවල් වල අග බිසෝ වරු කොහොම යහතින්  ඉන්නවද කියලා 

     

    pahadili eershayawa

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Feb 2015 11:50 PM
    Posted By samantha on 23 Feb 2015 11:29 PM
    ශරීරයේ වෙනත් අවශ්‍යතාවයන් සඳහා පළතුරු, බෙහෙත් නැද්ද?මම මේ කියන්නේ බඩ විරේක වෙන්න වගේ..හිකිස්

    ayi natte aralu gediyak kannako...maara sapak dannene

     

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    24 Feb 2015 03:21 AM
    Posted By deepika on 24 Feb 2015 02:54 AM
    Posted By Imalka on 23 Feb 2015 10:10 PM

    ඊයේ කාමරන්කා,  අද ගුලි, අනේමන්දා මේ ගෙවල් වල අග බිසෝ වරු කොහොම යහතින්  ඉන්නවද කියලා 

     

    kiyana tharam Kokaa sudu naha kiyala kathaawak thiyenawa needa 

     

    Onna experiance

     

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    FIDE
    Basic Member
    Basic Member
    Posts:238






    --
    24 Feb 2015 04:07 AM

    මුන් අපිව අපිව දුරාචාරයට පුරුදුකරනවා

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    24 Feb 2015 04:54 AM
    Posted By Imalka on 23 Feb 2015 10:10 PM

    ඊයේ කාමරන්කා,  අද ගුලි, අනේමන්දා මේ ගෙවල් වල අග බිසෝ වරු කොහොම යහතින්  ඉන්නවද කියලා 

    ane manda me lamainta mona wenawada kiyala,,,,  visee wedi welda manda

     

     

     

    me kiyana tharama mewa gunada ane

     

     

     

    kaviya nam lassanai mona unath

     

     

     

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    24 Feb 2015 04:57 AM

    kiyana tharam Kokaa sudu naha kiyala kathaawak thiyenawa needa 

     

     

    කොකා...මේ අපේ ඉන්දික007 ගේ............සුදු.....යි ...........ම්ම්ම් වෙන්න පුලුවන්ද..?

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    24 Feb 2015 05:59 PM
    Posted By Rosi on 24 Feb 2015 04:54 AM
    Posted By Imalka on 23 Feb 2015 10:10 PM

    ඊයේ කාමරන්කා,  අද ගුලි, අනේමන්දා මේ ගෙවල් වල අග බිසෝ වරු කොහොම යහතින්  ඉන්නවද කියලා 

    ane manda me lamainta mona wenawada kiyala,,,,  visee wedi welda manda

     

     

     

     

    me kiyana tharama mewa gunada ane

     

     

     

     

     

    kaviya nam lassanai mona unath

     

     

     

     

     

    guna aguna balanna hubby ta mewa deela balannakooo

     

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    04 Mar 2015 06:07 PM
    ගංජා වනසන්න එපා ගංජා වගා කරලා බෙහෙත් හදමු

    GossipClanka.com

    ඔෟෂධ පනත ක්‍රියාත්මක කොට දේශීය ඔෟෂධයක් වන ගංජා මෙරට වගාකොට ඔෟෂධයක් ලෙස සකස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ. මෙරට ගංජා හේන් අක්කර ගණන් විනාශ කර ඉන්දියාවෙන් කේරළ ගංජා ගෙන එනවා. නීති ගෙනැල්ල දේශීය ඔෟෂධ ශක්තිමත් කරන්න අවශ්‍ය යැයිද උන්වහන්සේ පැවැසූහ. උන්වහන්සේ පෙරේදා (3දා) කිරුළපන බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවැසූහ. මේ රටේ තියෙන්නේ පට්ට වල්වැදුණු නීතියක්. දැන් මුහුණු ආවරණය වන හෙල්මට් දාන්න එපා කියලා නීතියක් ගේනවා. අපි කොල්ලන්ට කියනවා දාපල්ලා හෙල්මට්. ඔය නීතියට යටත් වෙන්න එපා. ඒ නීතිය ගේනවා නම් නිකාබයයි, බුරුකාවයි තහනම් කරන්න. ඊට පස්සේ හෙල්මට් තහනම් කරන්න.

     

    අපිත් නැත්නම් පටන් ගන්නවා තැඹිලි පාටින් හරි කළුපාටින් හරි මුහුණ වහගෙන යන්න. රනිල් ඇතුළු යහපාලන නඩයට අපි කියන්නේ දේශපාලනය හසුරුවන්න කලින් අඩුම තරමේ උඩරට ගිවිසුමවත් කියවලා ඉගෙන ගනිල්ලා. අනුර කුමාර ඇතුළු රතු සහෝදරයෝ කෑගහන්නේ මේ ගිවිසුමවත් නොදැන කියලා අපි දන්නවා.

    අපිද ජාතිවාදය ගැන කතා කරන්නේ උන්ද? උදයන් පත්තරයේ ජාතිවාදය පේන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය, එකමුතුකම වගේ ලස්සන වදන් දාලා කරන වැඩපිළිවෙළේ හරිහමන් ශක්තියක් නැහැ කියලා අපි දන්නවා. බුදු සරණයි කියලා ලොරියේ ඉස්සරහ ගහගෙන හොර හරක් පටවගෙන යනවා වගේ මේ ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව කරන සමහර දේවල් නිසා යළිත් එල්. ටී. ටී. ඊ. කණ්ඩායම් නැඟිටලා මේ රටේ ආයේ ලේ වැගිරීම් වෙයිදෝ කියලා සැකයක් තියෙනවා. මේ රටට අද ඒ පීඩනය ඇතිවෙලා. මේ වැඩ නිසා අවඥාවට ලක්වෙන්නේ සිංහල ජනතාව.

    දැන් උඩරට ගිවිසුම ළඟ තියාගන්නේ පරිස්සමෙන්. මොකද යහපාලන ආණ්ඩුව අල්ලලා හිරේ දායි. හෙළ උරුමයේ නායකයන් දැන්වත් නැඟෙනහිර සිංහලයන්ගේ ඉඩම් ඉල්ලලා දෙන්න. ජනාධිපති, අගමැති යාපනේ යනකොට බලන්න පහළ මන්නාරම් පැත්තේ අති උතුම් බදියුදින් ඇමැති කරලා තියෙන විනාසේ. රනිල් - අනුර දෙන්නාම දෙකට නැවිලා හරි කණ්ණාඩියක් ළඟට ගිහින් හරි බලන්න සිංහලද කියලා හරියටම. මේ රටේ සිංහලයා ගැන කතා කරන්න එක නරියෙක් නැහැ

    2015-03-05

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Mar 2015 11:38 PM
    Posted By Ind007ka on 23 Feb 2015 09:44 PM

    පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ
    සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ
    දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ
    අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ
     

    පහට දෙකයි
    දහයට හතරයි
    විසි පහකට දහයක්ම ලැබෙයි
    පලතුරු ටොෆී

    කියලා පරණ සින්දුවක් නම් තියෙනවා.. ඕවා ගණන් යන්න කලින් හදපුව වෙන්න ඇති..

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    05 Mar 2015 08:10 PM
    Posted By Ind007ka on 04 Mar 2015 06:07 PM
    ගංජා වනසන්න එපා ගංජා වගා කරලා බෙහෙත් හදමු

    GossipClanka.com

    ඔෟෂධ පනත ක්‍රියාත්මක කොට දේශීය ඔෟෂධයක් වන ගංජා මෙරට වගාකොට ඔෟෂධයක් ලෙස සකස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ. මෙරට ගංජා හේන් අක්කර ගණන් විනාශ කර ඉන්දියාවෙන් කේරළ ගංජා ගෙන එනවා. නීති ගෙනැල්ල දේශීය ඔෟෂධ ශක්තිමත් කරන්න අවශ්‍ය යැයිද උන්වහන්සේ පැවැසූහ. උන්වහන්සේ පෙරේදා (3දා) කිරුළපන බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවැසූහ. මේ රටේ තියෙන්නේ පට්ට වල්වැදුණු නීතියක්. දැන් මුහුණු ආවරණය වන හෙල්මට් දාන්න එපා කියලා නීතියක් ගේනවා. අපි කොල්ලන්ට කියනවා දාපල්ලා හෙල්මට්. ඔය නීතියට යටත් වෙන්න එපා. ඒ නීතිය ගේනවා නම් නිකාබයයි, බුරුකාවයි තහනම් කරන්න. ඊට පස්සේ හෙල්මට් තහනම් කරන්න.

     

    අපිත් නැත්නම් පටන් ගන්නවා තැඹිලි පාටින් හරි කළුපාටින් හරි මුහුණ වහගෙන යන්න. රනිල් ඇතුළු යහපාලන නඩයට අපි කියන්නේ දේශපාලනය හසුරුවන්න කලින් අඩුම තරමේ උඩරට ගිවිසුමවත් කියවලා ඉගෙන ගනිල්ලා. අනුර කුමාර ඇතුළු රතු සහෝදරයෝ කෑගහන්නේ මේ ගිවිසුමවත් නොදැන කියලා අපි දන්නවා.

    අපිද ජාතිවාදය ගැන කතා කරන්නේ උන්ද? උදයන් පත්තරයේ ජාතිවාදය පේන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය, එකමුතුකම වගේ ලස්සන වදන් දාලා කරන වැඩපිළිවෙළේ හරිහමන් ශක්තියක් නැහැ කියලා අපි දන්නවා. බුදු සරණයි කියලා ලොරියේ ඉස්සරහ ගහගෙන හොර හරක් පටවගෙන යනවා වගේ මේ ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව කරන සමහර දේවල් නිසා යළිත් එල්. ටී. ටී. ඊ. කණ්ඩායම් නැඟිටලා මේ රටේ ආයේ ලේ වැගිරීම් වෙයිදෝ කියලා සැකයක් තියෙනවා. මේ රටට අද ඒ පීඩනය ඇතිවෙලා. මේ වැඩ නිසා අවඥාවට ලක්වෙන්නේ සිංහල ජනතාව.

    දැන් උඩරට ගිවිසුම ළඟ තියාගන්නේ පරිස්සමෙන්. මොකද යහපාලන ආණ්ඩුව අල්ලලා හිරේ දායි. හෙළ උරුමයේ නායකයන් දැන්වත් නැඟෙනහිර සිංහලයන්ගේ ඉඩම් ඉල්ලලා දෙන්න. ජනාධිපති, අගමැති යාපනේ යනකොට බලන්න පහළ මන්නාරම් පැත්තේ අති උතුම් බදියුදින් ඇමැති කරලා තියෙන විනාසේ. රනිල් - අනුර දෙන්නාම දෙකට නැවිලා හරි කණ්ණාඩියක් ළඟට ගිහින් හරි බලන්න සිංහලද කියලා හරියටම. මේ රටේ සිංහලයා ගැන කතා කරන්න එක නරියෙක් නැහැ

    2015-03-05

    මේකනම් හොද කතාවක්... ගතයුතු හුගක් කරුණු කාරණා තියෙනවා මේ කතාවේ 

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    05 Mar 2015 11:29 PM

    පමණ දැන ගත යුතුය ගුණ අනූන ගංජා

    WeedSmoke 450px 13 10 26අතීතයේ පෙරදිග මනුෂ්‍යයෝ ජලය, ගින්න, සුළඟ දේවත්වයෙහි ලා සැලකු අතර, කංසා පැළයට ද, දේවත්වයෙන් සලකන්නට පටන් ගත්හ. එසේ කංසා පැළයට දේවත්වයෙහි ලා සලකන්නට පටන් ගත්තේ ඉහත ස්වාභාවික වස්තූන් ගෙන් මෙන් ම, කංසා පැළයෙන් ද මානව සමාජයට යහපතක් සිදුවන බව දැනගෙන ය.

    ජලය, ගින්න, සුළඟ, අප බලාපොරොත්තු වන තරමට වැඩියෙන් ලැබූ විට එයින් මිනිස් සමාජයට, මෙන් ම, සත්ත්ව සංහතියට හා ශාක ප්‍රජාවට ද සිදුවන්නේ අයහපතක්ම ය. එහෙත් ජලය, ගින්න, වාතය අන්තරායකාරී යැයි කිසිවකු එය ප්‍රතික්ෂේප කළ බව දැනගන්නට නැත. මනුෂ්‍ය ශරීරයේ ජීවන බලය රඳා පැවැත්මට උපකාරී වන කංසා වැරදි ලෙස පාවිච්චි කිරීමෙන් අනතුරු සිදුවිය හැකි ය. එහෙත් එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම වැරැදි ය.

    සංස්කෘත භාෂාවෙන් “ත්‍රෛලෝක්‍ය විජයා” යන නාමය මේ පැළෑටිය සඳහා ව්‍යවහාර වේ. එම සංස්කෘත නාමය කංසා පැළෑටියට ලැබී ඇත්තේ, මෙහි ඇති තියුණු බව, උණුසුම් බව, මත් ගතිය, කුෂ්ට නසන ගතිය, ශරීර බලය, ඥාන වර්ධනය කිරීම ආදි ගුණ සලකාගෙන ය.

    කංසා වැවීම, වෙළෙඳාම, හා පාවිච්චිය අපේ රටේ තහනම් කර ඇත. කරුණු එසේ වුව, කංසා වැවීම, වෙළෙඳාම, පාවිච්චිය අඩුවී ඇති බවක් පෙනෙන්නට නැත. දිනපතා ප්‍රවෘත්ති මඟින් ඒ බව තවදුරටත් සනාථ වේ.

    දේශීය වෙදකමේ ශල්‍යකර්මවල දී රෝගියාගේ වේදනාව නැති කිරීම සඳහා කංසා මිශ්‍ර බෙහෙත් වර්ග ලබා දුන් බව සඳහන් වේ. පණුගාය, උණ, කැස්ස, ප්‍රතිශ්‍යාව, හා බඩේගාය ආදි සුළු අසනීපවලදී ද කංසා මිශ්‍ර ගුලි කල්ක ආදියෙන් ප්‍රයෝජන ගෙන ඇත.

    ශරීරයේ සැපය බලාපොරොත්තු වන ඉස්ලාම් - හින්දු බැතිමත්හු කංසා මිශ්‍ර ආහාර - පාන සාදාගෙන ප්‍රයෝජනයට ගත්හ. දීර්ඝායුෂ බලාපොරොත්තු වන අය කංසා මිශ්‍ර බෙහෙත් පාවිච්චි කරති. අනාදිමත් කාලයක සිට ඉස්ලාම් - හින්දු භක්තිකයෝ ඔවුන්ගේ ප්‍රධාන ජාතික - ආගමික උත්සවවල දී කංසා මිශ්‍ර කැවිලි - පෙවිලි සකස් කොට ආගන්තුක සත්කාර කරති. විනෝදය බලාපොරොත්තු වන සමහර පිරිස් කංසා මිශ්‍ර දුම්වැටි සදාගෙන දුම් උරති.

    කංසා ඖෂධ වර්ගයක් ලෙස මිස විනෝදය පිණිස; මත්ද්‍රව්‍යයක් වශයෙන් පාවිච්චි කිරීමක් සිංහල මිනිසුන් අතර තිබුණේ නැත. මත්ද්‍රව්‍යයක් වශයෙන් කංසා සකස් කර ගන්නා පුරුද්ද මෙරටට පැමිණියේ පිටරට මිනිසුන් වෙතින් ය. විශේෂයෙන් වෙළෙඳ ප්‍රජාව වෙතින් ය. මේ නිසා ශ්‍රී ලංකාවේ දී එය තහනම් කැරිණි.

    කංසා පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කිසිවකු මේ වටිනා ඖෂධය තහනම් කිරීම අනුමත නොකරනු ඇත. තහනම පැනවූයේ, අපරදිග සිට පෙරදිගට කුළුබඩු සොයා යාත්‍රා කළ අපරදිග වැසියන්ගේ බලපෑම මත යැයි මතයක් ද පවතී.

    රාවණා රජුගේ සමයේ පටන් ශ්‍රී ලංකාවේ පැවැතෙන චීන ජාතික වෙදකමේත්, ඉන්දියාවේ ආයුර්වේද සිද්ධ - යුනානි වෙදකම්වලත් සංකලනයෙන් නිර්මාණය වූ අපගේ දේශීය වෙදකම නිසා අපරදිග වෙදකම මෙහි ස්ථාපිත කිරීමට නොහැකි බව බටහිරයෝ දැන සිටියහ.

    පෙරදිග ධනය සූරා කෑමටත් පෙරදිග වාසි ජනයා වහල් භාවයේ තබා ගැනීමටත් අපරදිගවාසීනට අවශ්‍ය වී තිබිණි. අනාදිමත් කාලයක සිට ආසියාතික ජනයාට මහත් සෙතක් සැලසූ ඒ මාහැඟි ඖෂධය ගැන දැනගැනීමෙන් පසු එවකට අප රට පාලනය කළ අපරදිග ජාතීන් විසින් කංසා සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී.

    ඒ වෙනුවට මනුෂ්‍යයන්ගේ ශක්තිය, බලය, වීර්යය, බුද්ධිය හීන කරන මත්පැන් (ගිනි වතුර) හඳුන්වා දී ඒවා වැඩිදියුණු කිරීමට බටහිරයන් අනුබල දුන්නේ කුමක් අරමුණු කරගෙන ද?

    මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් මනුෂ්‍ය ජීවිත ක්‍රමයෙන් විනාශ වන බව ඔව්හු දැන සිටියහ. එසේ ම කංසා තහනම් කිරීමෙන් දේශීය වෙදකමට බලවත් පහරක් එල්ල වන බවත් ඔව්හු දැන සිටියහ.

    කංසා තහනම අදූරදර්ශී ක්‍රියාවක් බවත්, එයින් දේශීය වෙදකමට බලවත් හානියක් සිදුවන බවත් දැන සිටි පණ්ඩිත් කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ 1958 අගෝස්තු මස 18 දා සිළුමිණෙන් මෙබඳු මතයක් පළ කළහ.

    “මනුෂ්‍යයන් ඇතුළු සත්ත්වයන්ගේ චිර ජීවනයත්, දේශීය වෙදකමේ දියුණුවත්, ජාතික ධනය නඟා සිටුවීමත් තකා ආණ්ඩුව මඟින් කංසා වැවිය යුතු කාලය එළඹ තිබේ.

    එසේ වවාගන්නා කංසා ඔළුව කරකවා ගන්නට උවමනා අයට ප්‍රයෝජන ගත නොහැකි පරිදි, දේශීය වෙදකමේ නියම කර තිබෙන පරිදි, ශුද්ධ කර, විෂ නසන වෛද්‍යවරයන් අතර බෙදා දිය යුතුය. එසේම රජය මඟින් ද, ආයුර්වේද ඖෂධ පිළියෙල කර, ප්‍රචාරය කර ලොව පුරා බෙදා හැරිය යුතු ය. දේශීය වෙදකමෙත්, ජාතික ධනයෙත් දියුණුවට අප ගත යුතු නව මඟක් මේ.”

    “සිළුමිණ” පුවත්පතේ එම ලිපිය පළවීමෙන් පසුව, එකල රජය කංසා තහනම මඳක් ලිහිල් කර, දේශීය වෛද්‍යවරුන් අතර කංසා බෙදා හැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇත. මේ ප්‍රවෘත්තිය දැනගත් පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ මහත් සේ ප්‍රීතියට පත්වූහ.

     

    ජයන්ත සේනානායක
    (silumina)

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    05 Mar 2015 11:31 PM

    දැන් දැන් වෛද්‍ය අවශ්‍යතා සඳහා මෝෆීන් භාවිතය අඩු වෙමින් යනවා, ඒ වෙනුවට දියුනු රට වල ටෙට්‍රාහයිඩ්‍රොකැනබිනෝල් [ටී.එච්.සී] (ගංජා) තමයි වැඩියෙන් යොදා ගන්නෙ. ටී.එච්.සී පවා කෘතීමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජා වල ඇති සියලුම ඖශධීය ගුණ මේ තනි ක්‍රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන තියෙනවා. මේවා "මැරිනෝල්" නම් පෙත්තක් ලෙස වෛද්‍ය නිර්දේශය ඇතිව ෆාමසි වලින් ලබා දෙනවා.

    පිලිකා ප්‍රතිකාර ලබන අයට දියුනු රට වල මෝෆීන් වෙනුවට ගංජා නිර්දේශ කරනවා. එයින් වේදනා නාශක ගුණයට අමතරව පිලිකා සෛල පමණක් විනාශ කිරීමේ ගුණයක් ඇති බවත් සොයාගෙන තියෙනවා. නමුත් ඇකියුට් වේදනා, දත් කැක්කුම්, අස්ථි බිඳීම් වගේ අවස්ථා වලදී ටී.එච්.සී වේදනා නාශකයක් ලෙස සාර්ථක වන්නේ නෑ.

    ටී.එච්.සී බැලුවොත් මෝෆීන් තරම් භයානක නෑ. එය ඇබ්බැහිවන සුලු දෙයක් නෙමෙයි. ඒ වගේම ටොලරන්ස් ඇති වීමත් ඉතා සෙමෙන් සිදු වන්නේ. යම් ඖශධයක් ටොලරන්ස් ඇති වීම එය ඇබ්බැහිවනසුලු දෙයක් ලෙස සැලකීමට හේතුවක් නෙමෙයි.

    ගංජා වල හොඳම ප්‍රබේධ කුශ් ලෙස හඳුන්වනවා. කේ.ජී කියන්නෙත් කුශ් වර්ගයක්. මේවාගේ මලේ ට්‍රයිකොසෝම වල ඇති වන මැලියම් වර්ගයක තමයි වැඩියෙන් ම ටී.එච්.සී තියෙන්නේ. ගංජා මල් අයිස් වතුරෙන් සෝදා නිස්සාරණය කරන තෙල් ඝනීභවනය කිරීමෙ බබල් හෑශ් නිපදවනවා. මේවා සම්පූර්ණයෙන් වාශ්ප කර පරිභෝජනය කල හැකි සුපිරිතම ටී.එච්.සී නිශ්පාදනයයි. මීට අමතරව ගංජා මල් පොඩි කර එහි රේණු වලින් සාදන රොටිය සාමාන්‍ය හශීශ් ලෙස විකිනෙනවා.

    ටී.එච්.සී රසායනිකව පිරිසිදු කල විට කාමර උශ්ණත්වයේදී පැහැදිලි ස්ඵටිකයක් බවට පත් වෙනවා, ඊට ඉහල සුලු උශ්ණත්වයකදී වුනත් (අතින් ඇල්ලුවත්) මැලියම් වැනි උකු ද්‍රවයක් බවට පත් වෙනවා.

    වෛද්‍ය නිර්දේශය අනුව ගංජා පරිභෝජනය කල යුතු පිරිසිදුම ක්‍රමය නම් වේපරයිසරයක් භාවිතා කිරීමයි.

    හැබැයි, විශේශයෙන්ම කියන්න ඕනි දෙයක් තියෙනවා, රසායනිකව බල ගැන්වූ මත් ද්‍රව්‍ය ශරීරයට ඉතා අහිතකර වගේම අතිශයින්ම ඇබ්බැහිවනසුලු වන්න පුළුවන්. ඒක නිසා ඒවා පාවිච්චි නොකර ඉන්න එක ඇඟට ගුණයි.

    ශාකසාර සහ ස්වභාවික නිශ්පාදන වුනත් විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්න පුළුවන්නම් හොඳයි, මොකද මම අහල තියෙනවා සමහර විට කුශ් වලට වෙනත් මත් ද්‍රව්‍ය කලවම් කරනවා කියල. ඒ වගේම ගංජා වලට එම්බාම් දානවා ලු, එතකොට පණපිටින් එම්බාම් වෙන්න පුළුවන්, ඒවයේ ඖශධීය ගුණයක් නෑ එතකොට.

    දියුණු රටවල් වල වගේ වවාගෙන පාවිච්චි කිරීමට නීතියෙන් අවසර දෙනවානම් ඒක බාල කරන ලද (කිලිටි වූ) ගංජා වලින් ඇති විය හැකි ආබාධ අඩු කරගන්න හේතුවක් වෙයි.

    ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන එකට මම එකඟ නෑ. මත් ද්‍රව්‍ය කිව්වාම අපිට හිතෙන්නේ සිහිය විකල් වෙන සහ ඇබ්බැහි වන සුලු ද්‍රව්‍ය. ඒත් ගන්ජා වලින් පුද්ගලයෙකුගේ සිහිය විකල් වෙන්නෙ නෑ. නමුත් සිහිය වික වුන පුද්ගලයෙකුට ගංජා සුදුසුත් නෑ.

    ඇම්ස්ටර්ඩෑම් වල මෑතකදී නීතියක් ගෙනාවා සංචාරකයින්ට ගංජා විකිනීම තහනම් කරමින්, මොකද ඔවුන්ට සංචාරක කර්මාන්තය අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ වගේම ඒ නගරයේ බාලවයස්කාරයින්ට ගංජා නොවිකිනීමට දැඩි නීති තිබෙනවා. වැඩිහිටි පුරවැසියන්ට පමණක් නිදහස දී තිබෙනවා ගංජා භාවිතයට සහ විකිණීමට. නීතිගත කර ඇති නිසා පාරිභෝගිකයා දැනුවත් වීම හරහා ප්‍රමිතිය පාලනය වෙනවා.

    අධික සීනි, ලුණු සහ මේදය අඩංගු කෑම පවා ඇබ්බැහිවනසුලෙ දේවල්. ඒවායෙන් වන හානිය කිසිම මත් ද්‍රව්‍යයක් හෝ මයින්ඩ් ඕල්ටරින් ද්‍රව්‍යයකට වඩා භයානකයි.

    මේ මොන හානිකර දෙයක් වුනත් ප්‍රශ්ණය තියෙන්නෙ ඒ ඒ ද්‍රව්‍ය වල නෙමෙයි පාවිච්චි කරන පුද්ගලයින් තුල. ඒ ඒ දේවල් පාලනයකින් යුතුව සුලු මාත්‍රා වලින් ගැනීමට මිනිස්සු තුල හික්මීමක් තියෙන්න ඕනි. මේ හික්මීම ඇති වෙන්නෙ දැනුවත් බව සහ නිදහස තුල. තහනම් කිරීමෙන් වන්නෙ ස්වයං පාලනයක් කිරීමට පුරුදු නොවීම. ඕනෑම කෙනෙකුට ස්වයං පාලනයක් තියෙන්න ඕනි.

    කෙනෙක් අයිස්ක්‍රීම් ඕනි, චොකලට් ඕනි කියල අඬන්න ගත්තොත් ඒක ළදරු හැසීරීමක් කියල අපි හැමෝම දන්නව. ඒත් අධික තෙල්, සීනි, ලුළු සහිත කෑම හෝ මත් ද්‍රව්‍ය වලට මිනිස්සු ඒ විදියටම ඇදී යද්දි ඒකත් ළදරු හැසිරීමක් ම තමයි.

    නමුත් සමහර රසායනිකව බලගැන්වූ මත් ද්‍රව්‍ය තියෙනවා (ස්පීඩ් වගේ) අධික ලෙස ඇබ්බැහිවන සුලු. මේවා ගැන ජනතාව නිවැරදිව දැනුවත් වෙන්න ඕනි ඒවායෙන් ඈත් වී සිටින්න පුළුවන් විදියට.

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    05 Mar 2015 11:35 PM

     
    * ගංජා වනසන්නට පෙර කේරළ ගංජා මරාලයෙන් ගැලවෙමු!
    * වේලන්නේ මදුරු නාශක දියර ගහලා
    * කේරළ ගංජා සැර වැඩියි!
    * දැන් අපේ රටේ දේශීය වෙදකමට ගන්නෙත් කේරළ ගංජා


    කාලයෙන් කාලයට විවිධාකාර මත්ද්‍රව්‍ය සමාජයට එකතු වන්නේය. මෑත කාලයේ අප සමාජයේ ජනප්‍රියම මත්ද්‍රව්‍ය කේරළ ගංජාය. කේ.ජී. කෑල්ලක්‌ මිලට ගත නොහැකි නගරයක්‌ ගමක්‌ නැති ගානය. රට හැම තැනම කේරළ ගංජා විකිණීමට තිබෙන්නේය. කේ.ජී. බට්‌ටෙක්‌ රුපියල් හතළිහට අලෙවි වන විට කේ.ජී. ග්‍රෑම් 10 පැකට්‌ එක රුපියල් දෙදහස්‌ පන්සීයත් තුන්දහසත් අතර මුදලකට අලෙවි වන්නේය. කේරළ ගංජාවලට මෙරට ඇති ඉල්ලුම අතිශය ඉහළය. එහෙත් එවැනි වටිනාකමක්‌ ඇති කේරළ
    ගංජා සම්බන්ධයෙන් දැන් දැන් රට තුළ මතු වෙමින් තිබෙන කතා නම් අතිශය භයානකය.

    "කේරළයෙන් ගංජා ගේන ඒක ඇත්ත... ඒත් රට හැම තැනම තියෙන කේ.ජී. කේරළ ගංජා නෙමෙයි..." කංසා පිළිබඳ හොඳ දැනුමක්‌ සහ ගංජා ව්‍යාපාරය ගැන මනා පළපුරුද්දක්‌ ඇති කෙනකු කේරළ ගංජා ගැන අප නොදත් තතු බොහෝ දේ අපට පැහැදිලි කර දුන්නේය.

    "අපේ රටේ කංසා සැර අඩුයි... ඖෂධීය ගුණය වැඩියි. කේරළයේ ගංජා සැර වැඩියි. ලංකාවට ගෙන්වන කේරළ ගංජා ඊටත් වඩා සැර වැඩියි. මොකද කේ.ජී. වේලන්නේ මදුරු නාශය දියර ස්‌ප්‍රේ කරලා. උගුරු දෙක තුන ඇද්ද ගමන් නවතින්නේ උඩු ගුවනේ. අපේ මිනිස්‌සුන්ටත් ඕනා ඉක්‌මනටම තරු බලන්න නේ. ඒක නිසා තමයි ඔය කේ.ජී. හොයාගෙන එන්නේ. රට හැම තැනම කේ.ජී.වලට හොඳ බිස්‌නස්‌ එකක්‌ තියෙනවා. ඒ නිසා මහා පරිමාණයෙන් ගංජා බිස්‌නස්‌ කරන උන් දැන් ලංකාවේ ගංජාවලටත් මදුරු නාශක දියර ස්‌ප්‍රේ කරනවා. කැස්‌සට බොන පැණි කලවම් කරලා කංසා වේලනවා. දැන් ලංකාවේ ගංජයි, කේරළ ගංජයි සේරම කේ.ජී. තමයි...

    මමත් කේ.ජී. හොඳට බිව්ව කෙනෙක්‌. කේ.ජී. කෑල්ල කුඩු කරලා සිගරැට්‌ එකක කුඩුවලට බොහෝම චුට්‌ටක්‌ කලවම් කරන්නේ. ඒ බට්‌ටත් බොන්නේ දෙතුන් දෙනෙක්‌ එක්‌ක. ඒත් එක දවසක්‌ වෙනද බොනවට වඩා උගුරු දෙක තුනක්‌ වැඩි වෙලා මාව ගල් වුණා. වාඩි වෙලා හිටපු තැනින් නැගිට ගන්න බැරිව පැය භාගයක්‌ විතර එක තැන හිටියා... මට කිසිම දෙයක්‌ මතක නැහැ. එදායින් පස්‌සේ මම කේ.ජී. නම් බොන තැනකවත් ඉන්නේ නෑ. වස නැති අපේ ගංජා ටිකක්‌ සෙට්‌ වුණොත් අදටත් බොනවා... ඇඟටත් හොඳයි. බඩපිරෙන්න කෑම ටිකක්‌ කන්නත් පුළුවන්. හැබැයි අපේ රටේ ගංජා වුණත් වැඩිය ඉරුවොත් කටේ කෙළ ටිකත් වේලිලා යනවා. ලෙඩකට දෙන බෙහෙතක්‌ වුණත් පමණට වඩා ගත්තොත් මොළේ විකාර වෙනවා නේ. සෙම වේලන්න දෙන පැණියත් එහෙම තමයි නියමිත මාත්‍රාවට පාවිච්චි කළොත් ඔසුවක්‌. පමණට වඩා ගත්තොත් මත්ද්‍රව්‍යයක්‌..." කංසාවල ගුණ අගුණ ගැන ඒ කතා කළේ අප නොවේ. කේ.ජී. බී හොඳ හැටි තරු බලපු තරුණයෙකි.

    අඩු මුදලකින් පැය ගානකට සිහින ලෝකයකට යන්න පුළුවන් එකම බෙහෙත ගංජා බව මත්ලෝලීහු පවසන්නාහ. එහෙයින්ම අප සමාජයේ ගංජා පානයට ඇබ්බැහි වූ තරුණයෝ ද බොහෝය. වැඩිහිටියෝද එමටය. පිරිසක්‌ මත්ද්‍රව්‍යයක්‌ ලෙස ගංජා පාවිච්චි කරන විට තවත් පිරිසක්‌ සිරුරට අසාමාන්‍ය ශක්‌තියක්‌ එකතු කරගැනීමේ අදහසින් ගංජා පානය කරති. කිනම් අරමුණකින් ගංජා පානය කළද සිදුවන්නේ ශරීරයට අහිතක්‌ පමණි.

    ගංජාවල අඩංගු ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ ටෙට්‌රාහයිෙඩ්‍රාa කැනබිනෝල් (ඔHC) ය. කෙනෙකු ගංජා පානය කළ විට හෘද ස්‌පන්දය වැඩි වී නිදිමත සහ හිසේ බර ගතියක්‌ ඇති වන බව විද්‍යාත්මක සොයාගැනීමකි. එහෙයින් ගංජා නිතරම භාවිත කිරීම ශරීරයට හානි ගෙන දෙන්නක්‌ බව ද විද්‍යාත්මක මතයකි. ගංජා පමණක්‌ නොව සියලුම මත්ද්‍රව්‍ය සහ මත්වතුර මිනිස්‌ සිරුරට අහිතකරය. එසේ නම් මදුරුවන් විනාශ කරන බෙහෙත්, සෙමට දෙන පැණිය වැනි විෂ රසායනික ද්‍රව්‍ය මුසු කර වියළන ලද ගංජා පෙර සඳහන් (ඔHC) රසායනික සංයෝගය කෙසේ විකෘති කරනවා ඇද්ද? එවැනි විෂ මත්ද්‍රව්‍යයන් ශරීරයට ඇතුළු වූ විට ගල් නොවී තිබුණොත්ය පුදුමය.

    එහෙත් විෂ ද්‍රව්‍ය කලවම් කළ විකෘති කළ ගංජා නොව, නියම පිරිසිදු කංසා යනු මිනිසුන් ගල් කරනු ලබන මත් රකුසකු නොවේ. ඈත අතීතයේ සිට පැවැත එන දේශීය වෙදකමට ගන්නා ඖෂධයකි. ෙත්‍රෙයිලෝක විජයාපත්‍ර නොහොත් කංසා ශාකයේ ඖෂධීය ගුණයෙන් යුත් රසායනික සංයෝග හාරසීයක්‌ පමණ අඩංගු බව හෙළ වෛද්‍යවරුන් සොයාගෙන ඇත. ලොව පුරාම රටවල් කංසා ශාකය ඖෂධයක්‌ ලෙස භාවිතා කරන බව ද දැනගන්නට ලැබේ. එමෙන්ම ලෝකයේ කංසා වැවෙන රටවල් අතුරින් ඖෂධීය ගුණයෙන් ඉහළම කංසා ශාකය වැවෙන්නේ අපේ රටේය. එහෙත් ලෝකයේ සෑම රටක්‌ම සේම මෙරටත් ගංජා අලෙවිය, ප්‍රවාහනය, වගා කිරීම සහ පානය කිරීම නීති විරෝධීය. නමුදු මෙරට දේශීය වෙදකමට කංසා අනිවාර්ය ඖෂධයකි. එහෙයින් අතීතයේ හෙළ වෛද්‍යවරුන්ගේ ගෙවතු තුළ ගංජා පැළෑටි කිහිපයක්‌ වගා කරගෙන සිටි බවද දැනගන්න ලැබේ. එහෙත් දැන් එසේ වගා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙයින් දැන් ආයුර්වේද වෛද්‍යවරු තම බෙහෙත් හේත් පිළියෙල කරගැනීම සඳහා භාවිත කරන්නේ කේරළයෙන් ගෙන්වන ගංජා බව දේශීය ආයුර්වේද වෛද්‍ය පණ්‌ඩිත නන්දන විමලවීර මහතා අප සමග පැවසුවේය.

    "ඉන්දියාවෙන් ගේන කේරළ ගංජා දේශීය වෙදකමට හරි යන්නේ නැහැ. ඒ වගේම තමයි බෙහෙත්වලට හැම ගංජා ගහක්‌ම හරියන්නෙත් නැහැ. බෙහෙත්වලට ගන්නේ ස්‌ත්‍රී ලිංග කංසා ශාකය. අපි ඒක හඳුනගන්නේ ස්‌ත්‍රී ලිංග ශාකයේ මල් හැදෙනවා. පුරුෂ ලිංග ශාකයේ මල් හැදෙන්නේ නැහැ. පුරුෂ ලිංග කංසා ශාකය සැර වැඩියි. මිනිස්‌ සිරුරට අහිතකරයි. ඒ නිසා පැරැන්නෝ පුරුෂ ලිංග කංසා පාවිච්චි කළේ නැහැ. එදා සිංහලයා ශක්‌තිය වඩන්න නියම මාත්‍රාවට ගංජා පාවිවිච් කළා. ගංජා කොළ ටිකක්‌ තම්බලා වතුර ටිකක්‌ දුන්නහම පුංචි දරුවකුගේ බඩේ අමාරුවක්‌ වුණත් සුව වෙනවා. ඉඳල හිටලා වෑංජනයට ගංජා කොළ ටිකක්‌ කලවම් කරලා කනව නම් ශරීරයට කොච්චර ශක්‌තියක්‌ එකතු වෙනවද... අද මේ රටේ දරුඵල නැතිව කීදෙනෙක්‌ ඉන්නවද කංසා කියන්නේ ඒ අයට කොච්චර හොඳ බෙහෙතක්‌ද... කංසාවල මේ ගුණ සමුදාය දැකපු ඉංග්‍රීසින් සිංහලයාගේ ශක්‌තිය අඩු කරන්න අන්ත්‍රාදායක පනත ගෙනත් ගංජා ශාකය මත්ද්‍රව්‍යයක්‌ කියලා තහනම් කළා. එදා සුද්දෝ ගෙනාපු අන්ත්‍රාදායක පනත නිසා තමයි දේශීය වෛද්‍යවරයකුට කංසා ගහක්‌ වගා කරගන්න අයිතිය නැති වෙලා ගියේ...

    ආයුර්වේද සංස්‌ථාවේ තියෙන කංසා කලවම්. ඒ නිසා ප්‍රමාණයට අවශ්‍ය නියමිත රසායනික ගුණය නැහැ. රෝගයට අවශ්‍ය ප්‍රමාණයට බෙහෙත් ඖෂධ දාලා බෙහෙත් පිළියෙළ කළත් ඖෂධවල තිබෙන රසායනික ගුණය අඩු නිසා රෝග සුව වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද සිංහල වෙදකම ගැන මිනිසුන් තුළ විශ්වාසයක්‌ නැති වෙලා තියෙන්නෙ. නැති නම් ඕනෑම ලෙඩකට සිංහල වෙදකමේ බෙහෙත් තියෙනවා" දේශීය ආයුර්වේද වෛද්‍ය පණ්‌ඩිත නන්දන මහතා කංසා ශාකයේ ගුණ අගුණ ගැන මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට කංසා ශාකය අහිමිවීම ගැන ද අපට එසේ විස්‌තර කළේය.

    දේශීය වෛද්‍ය විද්‍යාවට කංසා ශාකය දිව්‍ය ඖෂධයක්‌ විය හැකි බව සැබෑය. එහෙත් ගැටලුව වී ඇත්තේ සමාජයේ මත්ලෝලීන් කංසා ශාකය මත්ද්‍රව්‍යයක්‌ ලෙස භාවිත කිරීමය. සමාජය කාලකණ්‌ණි කරන කිසිම මත්ද්‍රව්‍යයක්‌ කිසි ලෙසකින් අනුමත කළ නොහැකිය. එහෙත් රට හැම තැනම නීතිගත තැබෑරුම් පෝලිමට ඇරෙන්නේය. ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරු අරක්‌කු පෙරීමට එතනෝල් කන්ටේනර් පිටින් ගෙන්වන්නාහ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ විදේශයන්වලින් කුඩු කිලෝ සිය දහස්‌ ගණන් ගෙන්වන්නාහ. දේශපාලන ආනුභාවයෙන් ජාවාරම්කාරයෝ රටම මත් කිරීමට හැකි පමණින් ඉන්දියාවේ කේරළයෙන් ගංජා ගෙන්වන්නාහ. දේශපාලන බලපුළුවන්කාරකම් මත ජාතික වනෝද්‍යාන තුළ මහා පරිමාණයෙන් ගංජා වගා කරන්නේය. එවැනි පසුබිමක දේශීය වෙදදුරකුට තම ගෙවත්තේ ගංජා පැළයක්‌ වගා කරගැනීමට නොහැකි ලෙස වැට කඩුලු බැඳ තැබීම සාධාරණද?

    රට තුළ ගංජා වගා කිරීමට අවසර දෙන්නැයි කියා අපි නොකියමු. මත්ද්‍රව්‍ය සහමුලින්ම මෙරටින් අතු ගා දැමිය යුතුය කියන තැන අපි සිටිමු. මහා පරිමාණයෙන් කරගෙන යන ගංජා හේන් විනාශ කළ යුතුය. කේරළයෙන් ගෙවන්වන විෂ ගිල්වපු ගංජා එන දොරවල් සීල් තැබිය යුතුය. මහින්ද චින්තන zමතට තිතZ වැඩසටහන තිතටම ක්‍රියාත්මක කරමින් තරාතිරමක්‌ නොමැතිව ගමේ කසිප්පුකාරයාට මෙන්ම ආණ්‌ඩුව තුළ වැජඹෙන අරක්‌කු පෙරන ඇමැතිවරුන්ටත් නීතිය එක ලෙසින්ම ක්‍රියාත්මක කළ යුතුය. මතින් තොර රටක්‌ නිර්මාණය කළ හැකි වන්නේ එසේ කළොත් පමණි. එවැනි පසුබිමක දේශීය ආයුර්වේද වෙදකමට කංසා ශාකය නැතිවම බැරි ඖෂධයක්‌ නම් වෙදගෙදරක කංසා පැළයක්‌ දෙකක්‌ වගා කරගැනීමට හැකි පරිදි නීති සංශෝධනය කරන්නේ නම් රටේ සෞඛ්‍යට ද යහපතක්‌ බව අපි මතක්‌ කර සිටිමු. මන්ද අපේ සමාජයෙන් ප්‍රතික්‌ෂේප වෙමින් තිබූ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වර්තමානය වන විට නැවත වරක්‌ මිනිසුන් තුළ මහත් පිළිගැනීමටක පත් වෙමින් තිබෙන්නේය. එහෙයින් දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නැංවීමට දේශීය වෛද්‍යවරුන්ට අවැසි පහසුකම් සපුරාදීම රජයේ වගකීමකි.

    එමෙන්ම කේරළයෙන් ගෙන්වන මදුරු බෙහෙත් මිශ්‍ර කංසා වෙදකට ගෙන බෙහෙත් ගුලියෙන් සුව කළ හැකි රෝගය ඉසකුඩිච්චි දැමිය යුතු තැනට ගෙන යා යුතු ද නැත. විය යුතු දේ අපි පෙන්නා දුන්නෙමු. ක්‍රියාත්මකවීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි. අපි බලා සිටිමු.

    තරංග රත්නවීර
    රුවනි පෙරේරා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>