You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Aug 2015 08:50 AM by  Sithara Godewatta
කොකා කොලා වලින් ඔබට ලබාගත හැකි තවත් ප්‍රයෝජන
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Mar 2015 05:43 AM

    පැය 7 ක් දිනකට නිදා ගන්න. ව්‍යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම

    එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි
    උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න. මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති.

     
    රන්ජන් දාස් ව්‍යාපාරික තරුණයාගේ කතාව
    රන්ජන් දාස් – ඉන්දියාවේ සාර්ථක ව්‍යාපාරිකයෙකු විය. ඔහු  SAP Indian subcontinent  නම් ආයතනයේ  ප‍්‍රධාන විධායක නිලධාරියා මෙන්ම සාමාන්‍යාධිකාරීවරයාද විය. ස්වකීය ව්‍යාපාරික ජීවිතය තුරුණූ වියේදීම අරඹා කෙටි කලකින් ඔහු එහි හිනිපෙත්තටම ගමන් කළේය. තවත් විදිහකින් රන්ජන් දාස් හඳුන්වා දුන්නොත් ඔහු භාරතයේ ඉතා තුරුණූ වියේදීම ව්‍යාපාරික ලෝකය ජයගත් එසේම මේ වන විටද තම වයස හා සසඳන විට ව්‍යාපාරික ලෝකයේ ඉහළින්ම වැජඹුණූ ව්‍යාපාරික පතාකයෙකු විය.
    එහෙත් ඔහු මීට මාස ගණනාවකට පෙර ව්‍යාපාරික ලෝකයෙන් පමණක් නොව… තම ඥාති හිත මිත‍්‍රාදීන්ගෙන්ද, ජීවිතයෙන්ද සදහටම සමුගත්තේ මුළු මහත් භාරතයේම ව්‍යාපාරික ප‍්‍රජාව ප‍්‍රකම්පනයට පත් කරමිනි. ඒ වන විට ඔහු යන්තම් අවුරුදු 42 සම්පූර්ණ කළා පමණි.

    රන්ජන් දාස් කිසි විටෙක අලස ජීවිතයක් ගත කළ අයෙකු නොවේ. ව්‍යාපාරික ජයග‍්‍රහණ පසෙකින් තබමු. ඔහු ඉතා හොඳ නිරෝගී තරුයෙකු විය. හැම විටම ඔහු තම ශරීරය ගැන සැළකිළිමත් විය. තම ව්‍යායාම ගැනද එපමණටම සැළකිල්ලක් දැක්වීය. තම ව්‍යාපාරික කටයුතු පමණටම ඔහු ක‍්‍රීඩාවේ අංශ දෙකක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් දක්වන්නට වූයේය. එකක් නම් තම ශරීරය මැනවින් පවත්වා ගැනීමයි. ඒ සඳහා ඔහු කාය වර්ධන මධ්‍යස්ථාන ඇසුරු කළේය. තමන්ටම ආවේණික ව්‍යායාම වැඩසටහනක නිරත වූයේය. අනෙක් දෙවැනි සහ ඉතා වැදගත් කාරණය නම් ඔහු මැරතන් ධාවකයෙකු වීමයි. මැරතන් ධාවනයේ යෙදීමට ඇත්තෙන්ම ඔහුට තිබුණේ පුදුමාකාර ආශාවකි. ඒ නිසාම මුම්බායි හී කාටර් මාවතේ ඔහු ධාවනයේ යෙදීම සුලබ දසුනක්ද විය. සුප‍්‍රකට චෙන්නායී මැරතන් තරගයට ඔහු සෑම වසරකම සහභාගි විය.

    පසුගිය වසරේ දීවාලි උත්සවයට පසුව ඔක්තෝබර් 21 වනදා ඔහු ස්වකීය ව්‍යායාම මධ්‍යස්ථානයට ගියේය. සුපුරුදු ලෙස ව්‍යායාම වල යෙදුණේය. නැවත නිවෙසටද පැමිණියේය. ගතවූයේ සුළු වෙලාවකි. ඔහු මහත් වේදනාවෙන් පපුව බදා ගත්තේය.  ඊළ`ග මොහොතේ ඔහු බිම පතිත වූයේ තමන්ගේ තුරුණූ ආත්මය දෙවියන් වෙත භාර කරමිනි.

    ජීවිතය නම් තණ අග පිණි බිඳක්ම නොවන්නේද ? ව්‍යාපාරික අධිරාජ්‍යයක පතාකයෙකු, සුන්දර තරුණයෙකු කිසිදා නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතයෙන් සමුගත් අරුමය කිමැ…?

     
     
    වැරදුණූ තැන සොයමු
    රන්ජන් දාස් ගේ මරණයෙන් භාරතයේ බොහෝ දෙනා තැති ගත්හ. බහුතරයකට ප‍්‍රශ්නය වූයේ මේ තරම් සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක් මේ සා අසරණ ලෙස හිටිවන ජීවිතයෙන් සමු ගත්තේ කෙසේද යන්නයි. මැරතන් ධාවනය ඔහුට නපුරක් කළාද ? අයෙක් සිතන්නට විය. ඔහු අධි ව්‍යායාමයකට පත්වී මරණයට පත් වුණාද ?
    මේ තරම් සෞඛ්‍ය සම්පන්න වූ… මේ තරම් තෝරාගත් ඇවතුම් පැවැතුම් ඇත්තාවූ සොඳුරු ව්‍යාපාරිකයා අදිසියේ මිය ගියේ කෙසේද?

     

    රන්ජන් දාස් ගේ ජීවිතය සම්බ්න්ධයෙන් සමාලෝචනය කරන කල්හී ඔහු ස්වකීය ජීවන මග විශාල ආතතියක් දරාගන්නා ලද බව කියැවේ. ආතතිය – රන්ජන් දාස් ට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ. අද අප අතර සිටින වැඩිදෙනෙක් සෑම කල්හීම  විශාල ආතතියක් හිසින් දරාන එදිනෙදා කටයුතු වල නිරත වෙයි.

    කයට ව්‍යායාම දුන්නාට, ආහාර පාලනය කළාට ආතතිය සමනය කරන මං පිළිබඳව සැළකිල්ලක් ඔබ නොදක්වන්නේ නම් ඒ කළ යහගුණයෙන්ද අරුතක් නොලැබීමට ඉඩ තිබේ.

    රන්ජන් දාස් සම්බන්ධයෙන් විමසන කළ ඔහු දිනකට නිදාගෙන ඇත්තේ පැය 4 – 5 අතර කාලයකි. ඒ බව ඔහු තමන් සහභාගි වූ NDTV රූපවාහිනී වැඩසටහනේදී කලකට පෙර කියා පෑවේය.

    භාරතයේ සුප‍්‍රසිද්ධ හෘද රෝග විශේෂඥයෙකු භාරතයේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහුට වැරදුණූ තැන් පිළිබඳව සමීප අධ්‍යයනයක නිරත වූයේය. ඔහු අවසානයේදී සිදු වූ ඛේදවාචකයට ආසන්න හේතුව ලෙස දුටුවේ ප‍්‍රමාණවත් නින්දක් නොමැති වීම සහ ආතතියයි.

     
     

    Some Key points about sleep
    ප‍්‍රමාණවත් නින්ද සම්බන්ධයෙන් මෙකල විද්වතුන් අතර පවත්නා සාධණීය කරුණූ කිහිපයක් මෙසේ පෙළ ගස්වමි.

    1. පැය 5-6 ට අඩුවෙන් නිදා ගැනීම විශාල වශයෙන් රුධිර පීඩනයේ අස්ථාවර වීම් වලට හේතු වෙයි.
    2. අවුරුදු 25-49 අතර වයස් කාණ්ඩයේ උදවිය අඩු නින්ද නිසා දැඩි වශයෙන් අධිරුධිර පීඩන අස්ථාවර වීම් වලට ලක් වෙයි.
    3. පැය පහට අඩු නින්දක් ලබන අය හෘදයාබාධ වලට ලක්වීමේ ඉඩකඩ තෙගුණයකින් ඉහළ යයි.
    4. නින්ද අඩුවෙන් ලබන උදවියගේ High sensitivity C-Reactive Protein (hs-cRP) රුධිරගත සාන්ද්‍රණය විශාල වශයෙන් වැඩි වේ. පසුව ඔහු නැවත නින්දක් ලැබුවද මේ මට්ටම අඩු වීමක් සිදු වව්නේ නැත. hs-cRP යනු හෘදයාබාධයක් ඇති වීමේ ඉඩකඩ දක්වන ප‍්‍රබල පෙරැයීමකි.
    5. එක් රාත‍්‍රියක නිදි අඩු වීමක්, වර්ජිත වීමක් වූව ශරීරයේ ධූලකතාවයන් වැඩි කරයි. Tumour Necrosis Factor-Alpha (TNF-alpha) and C-reactive protein (cRP) මෙසේ නිදි වර්ජිත වීමේදී ශරීරයට එකතු වන හානිකර විෂකාරක වේ. මේ විෂකාරක නිසා පිළිකා, හන්දිපත් ආබාධ හා හෘදයාබාධ ඇති වීමේ අවදානම ඉහළ නැංවෙයි.
    6. පැය පහට අඩුවෙන් ලබන නින්ද නිසා හෘදයාබාධ අවදානම සියයට 39කින් ඉහළ නැංවෙයි. පැය 6ට අඩුවෙන් නින්ද ලැබෙන විට හෘදයාබාධ අවදානම සියයට 18 කින් වැඩි වේ.

    නින්දේ අවස්ථා දෙකකි. REM ( Rapid Eye Movement ) හා  non-REM වශයෙනි. මෙයින් REM නින්ද මානසික ඒකාග‍්‍රතාවයට හේතු වන අතර  non-REM නින්ද ශරීරය අළුත්වැඩියා වීමට සහ නැවත ගොඩනැංවීමට හේතු වෙයි. පරිසමාප්ත නින්දකදී මේ අවස්ථා කිහිප වරක් ඇති වේ.

    මුලින්ම ඇති වන්නේ  non-REM නින්දයි. මේ කාලයේදී ඔබේ ශරීරය අළුත්වැඩියා කරණූ පිණිස පිටියුටරි ග‍්‍රන්ථියෙන් පිටියුටරි හෝමෝනය ඝ‍්‍රාවය කරයි. පසුව වැඩි වශයෙන් ඇති වන්නේ  REM නින්දයි.

    දිවා කාලයේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගැනීමට මෙන්ම දවස පුරා ප‍්‍රබෝධයෙන් සිටින්නට උපකාරී වන්නේ පසු හෝරා කිහිපය තුළ ලැබෙන නින්දයි. පැය පහක පමණ නින්දකින් පසුව දවස ගත කිරීමේදී ජීව ගුණය පිරිහී යාම පුදුමයක් නොවේ. මෙසේ නින්ද අඩු වීමෙන් දවස පුරා නිදිබර බවක් හා වෙහෙසකර බවක් ඇතිවීම වළක්වා ගත නොහැක්කකි. නින්දේ අවසන් හෝරා කිහිපය නොහොත් REM නින්ද තනිකර පසුදිනය තීරණය කරන නින්ද වන්නේය.

    තවත් වෙසෙස් කරුණක් නම් දිගු දුර ධාවනයේ යෙදෙන්නන් තවත් අමතර පැයක වැඩි නින්දක් ලබාගත යුතුය. ඒ වැය වන ශක්තිය නැවත උකහා ගැනීම හා ශරීරයට විවේකයක් ලබාදීම වෙනුවෙනි.

     
     
    රන්ජන් දාස්ට වැරදුණූ තැන
    රන්ජන් දාස් ආහාර ගත්තේ ප‍්‍රවේශමෙනි. ඔහු හොඳට ව්‍යායාමයෙහිද යෙදුණේය. හොඳ ශරීර බරක්ද පවත්වා ගන්නට ඔහු සමත් විය. නමුත් අතිශය වැදගත් කරුණක් ඔහුට අතපසු විය. ඒ, හොඳ නින්දක් ලැබීමයි. රන්ජන් දාස් දිනකට ලබා ගත්තේ පැය 4-5 ක නින්දකි. එය ඔහුගේ ආතතියද හෘදයාබාධ අවදානමද සැළකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීය.
    රංජන් දාස්ට වැරදුණූ තැන අප බොහෝ දෙනෙකුටද වැරදෙන්නට බොහෝ ඉඩකඩ ඇති  කරුණකි. අපද රංජන් දාස් මෙන්ම දවස පුරා වැඩ කරන පුද්ගලයන්ය. විවිධ වගකීම් වල බැඳී සිටින පුද්ගලයන්ය. ව්‍යාපාරයේ… රැුකියාවේ මෙන්ම ආදරණීයන් අතරේද අපේ බැඳීම් විසිර පවතී. මේ සියළු වගකීම මැනවින් ඉටු කරදෙන්නට නම් අප ජීවත්ව සිටිය යුතුය. රංජන් දාස් අපට සදා සිහිපත් කරවන පණිවිඩය එයයි.

     

    පුළුවන් නම් දිනකට පැය 7ක් නිදා ගන්න. සුවබර නින්දකට පදනම
    සළසාගන්න. එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන අගනා ආයෝජනයකි.

    භාරත ගුණතිලක විසිනි

    News source  - http://waidyawaraya.com/archives/2960

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    01 Mar 2015 06:23 AM

    පැය 7ක්. දැන් නොකෙරෙනම දේත් මේකමයි.
    එයා නම් 42ක් වත් හිටියා.. මම එච්චරවත් ඉඳීවිද දන්නේ නැහැ.
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    01 Mar 2015 06:57 AM

    මටත් මේක අදාලයි, සමහර දවස් වල 3.30 am to 7.30am  නිදාගන්න වෙන්නේ 
    එහෙමත් නැති දවස් තියෙනවා,

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    01 Mar 2015 10:42 AM

    හ්ම්ම්ම්ම්ම් එක නම් ඇත්ත ,,,නින්ද නම් ඕනෙමයි මටත් ...මේක හොද පාඩමක් .

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    01 Mar 2015 05:12 PM
    mama nam aniwa paya 7k nidagannawa..nattam hari amarui nidi maranna
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Mar 2015 05:56 PM
    ninda kiyana de apita onema deyak...............
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    01 Mar 2015 07:00 PM
    ගොඩක් මිනිස්සු තව තවත් සල්ලි හම්බ කරන්න තමයි නිදි මරන්නේ.
    ඔවුන් ජීවත් වන්න අවශ්‍ය ප්‍රමාණයටත් වඩා උපයලා ඉවරයි..
    ඒත් අපි නිදි මරන්නේ යන්තම් ජීවිතය ගැට ගසා ගැනීමට...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    01 Mar 2015 08:38 PM
    Account mahaththayek unaa nam salli hamba karanna ohoma nidi maranna wenne naha.
    0

    Chess FIDE
    Basic Member
    Basic Member
    Posts:238






    --
    02 Mar 2015 06:17 AM
    onna meka ada thamyi kiyawanna labunee, bohoma wadagath lipiyak meka, thanks
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    02 Mar 2015 05:23 PM
    Posted By maduranga001 on 01 Mar 2015 08:38 PM
    Account mahaththayek unaa nam salli hamba karanna ohoma nidi maranna wenne naha.

     

    pahadili irisiyawa kollo

     

    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    02 Mar 2015 07:31 PM

    මටත් පැය 5ක් වගේ තමා දවසට නිදාගන්න ලැබෙන්නෙ .. එහෙනම් මගෙ ආයුෂ කාලෙත් කෙටිවෙයි වගේ 

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    06 Aug 2015 06:46 AM
     කොකා කොලා වලින් ඔබට ලබාගත හැකි තවත් ප්‍රයෝජන 

    1. වාහන වල මලකඩ කෑ කොටස් පිරිසිදු කරගැනීමට 


    2. තෙල් පල්ලම් ඉවත් කරගැනීමට 

    3. අවපැහැ ගැන්වුණු කාසි ආදිය දීප්තියෙන් බබලවන්නට 

    4. ඔබේ වැසිකිලියේ පිරිසිදු කාරකයක් ලෙස 

    5. ලෝහ භාණ්ඩ වල ආලේපන ඉවත් කිරීමට 


    මෙය මෙම ස්ථානයේ පළකරනුයේ..මෙය කියවා මෙහි ඇති හානිකර භාවය ගැන දැනුවත් වීම සඳහා ය. 


     තොරතුරු උපුටා ගැනීම http://www.wishwakarma.com/2015/08/ten-industrial-uses-for-coke.html

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    06 Aug 2015 07:33 AM
    නියම ලිපියක් මචං..
    තෑන්ක්ස්...
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Aug 2015 07:56 AM
    මමත් ටෙයිලටි එක හෝදන්න ඕනේ කෝක් දාල

    ස්තුතියි අයියේ වීඩියෝ ටික ෂෙයා කලාට

    සෑහෙන්න වටිනවා
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Aug 2015 07:21 PM
    මේවා බොන්න නෙමෙයි හොද ඔය වැඩ වලට .වැදගත් ලිපියක්..... තැන්ක්ස් .
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Aug 2015 08:42 PM
    Posted By sha733 on 07 Aug 2015 07:56 AM
    මමත් ටෙයිලටි එක හෝදන්න ඕනේ කෝක් දාල

    ස්තුතියි අයියේ වීඩියෝ ටික ෂෙයා කලාට

    සෑහෙන්න වටිනවා

    ඒකට කමක් නැහැ ට්‍රයි කරලා බලන්න මල්ලි..
    හැබැයි එහෙම කියල හාර්පික් එක එහෙම කඩාගෙන බීල බලන්න යන්න එපා කෝක් වගේද කියල..

     

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Aug 2015 05:27 AM
    Posted By maduranga001 on 07 Aug 2015 08:42 PM
    Posted By sha733 on 07 Aug 2015 07:56 AM
    මමත් ටෙයිලටි එක හෝදන්න ඕනේ කෝක් දාල

    ස්තුතියි අයියේ වීඩියෝ ටික ෂෙයා කලාට

    සෑහෙන්න වටිනවා

    ඒකට කමක් නැහැ ට්‍රයි කරලා බලන්න මල්ලි..
    හැබැයි එහෙම කියල හාර්පික් එක එහෙම කඩාගෙන බීල බලන්න යන්න එපා කෝක් වගේද කියල..

     


    මේ වෙන දේවල් වල හැටියට මාරැ උනා කියල ගැටලුවක් වෙන්නෙ නැති වෙයි. ඔච්චර කල් ඊට වඩා මරැ භාණ්ඩයක්නේ බඩට බස්සගෙන තියෙන්නේ 
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    13 Aug 2015 09:29 PM
    අපෝ බන් ටොයිලට් හෝදන ඒවද එදා අපි ගෙට් එකේදිත් බිව්වෙ
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    16 Aug 2015 09:35 PM

    1892 වර්ෂයේ නිර්මාණය කෙරුණු මේ රසවත් පානය තරම් මුළු ලෝකය පුරාම ජනප්‍රියත්වයට පත් වෙනත් පානයක් නැති තරම්. මේ පානය සම්බන්ධ නොයෙක් කරුණු විටින් විට අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒවගේම සමහරු නම් කියන්නේ මේ පානය අපේ සෞඛ්‍යට අහිතකර බවයි. කොහොම වුනත් තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය පානයක් වන කොකාකෝලා පානය අපිට යොදාගත හැකි විවිධ අවස්ථා 9ක් ගැන තමයි අපි දැන් ඕගොල්ලොන්ට කියන්න යන්නේ.

    පැල්ලම් ඉවත් කිරීම සඳහා.


    වෙළඳපොලේ ඇති හොඳ වර්ගයේ පැල්ලම් ඉවත් කරන රසායනික වර්ග මිලෙන් තරමක් අධික වෙන්න පුළුවන්. නමුත් කොකාකෝලා වල අඩංගු කාබනික් සහ පොස්පරික් අම්ල මගින් ඔබේ ඇඳුම් වල පැල්ලම් ලෙහෙසියෙන්ම ඉවත් කරගන්න පුළුවන්. ඔබේ රෙදි සෝදන කුඩු සමඟ කොකාකෝලා මිශ්‍ර කර බලන්න.

    වේදනා නාශකයක්.


    ඔබට මී මැස්සෙක් වගේ සතෙක් විද්දා ද ? එහෙනං කොකාකෝලා ඔබට උදව් වෙයි වේදනාව අඩුකරගන්න.

    ඔබේ කොණ්ඩයේ රැලි සකස් කරගැනීමට


    පෙන නොමැති කොකාකෝලා ඔබේ කෙස් වලට වත්කරන්න. ඉන්පසු මිනිත්තු කිහිපයකට පසු එය සෝදා හරින්න. සැනෙකින් ඔබට ප්‍රතිපල අත්විදින්න පුළුවන්.

    රූපලාවන්‍ය කටයුතු වලදී


    පෙන රහිත කොකාකෝල මේස හැන්දක් ඔබේ ක්‍රීම් එකත් සමඟ මිශ්‍ර කර සම මතුපිට සම්බාහනය කරන්න. ඔබේ සම පැහැපත් වී මෘදු බවක් ලැබේවි.

    චුවින් ගම් ඉවත් කිරීමට


    ඔබේ කොණ්ඩයේ chewing gum ඇලිලා ද ? ගලවගන්න අමාරු හින්දා කොන්ඩේ කපලා දාන්න ද හදන්නේ ? පොඩ්ඩක් ඉන්න. කොකාකෝලා ටිකක් වත්කරලා විනාඩි 5ක් 10ක් ඉඳලා නැවත උත්සාහ කර බලන්න.

    BBQ සෝස්


    ගෙදර සාදයක් ද ? බාබකියු සෝස් එක්ක කුකුළු මස් පිළිගන්වන්න ද සුදානම් වෙන්නේ ? සෝස් එකට කොකාකෝලා ටිකක් කලවම් කරලාම පිළිගන්වන්න. බලන්නකෝ රහ කොහොමද කියලා.

    පරණ කාසි සුද්ද කරමු


    කොකාකෝලා ටික වීදුරුවකට දාගෙන අවපැහැ ගැන්වෙච්ච කාසි ටික ඇතුලට දාලා ටික වෙලාවක් තියල බලන්නකෝ. කාසි ටික ලස්සනට දිලිසේවි.

    ඩයි ඉවත් කිරීමට


    කොන්ඩේ පාට වෙනස් කරන්න ආස හින්දා පාටක් ගෑවට ඒක ටිකක් අප්සෙට් වගේ ද ? දැන් මොකද කරන්නේ.. diet coke ටිකක් දාලා බලන්න කොණ්ඩෙට. පාට ටික ටික අඩුවෙලා යන්න පටන් ගනියි.

    කාර් එකේ බැටරිය පිරිසිදු කරන්න.


    ඔබේ වාහනය පනගැන්වෙන්න ටිකක් හොරයි වගේ ද? සමහර විට බැටරියේ අග්‍ර වල ලවණ බැඳිලා හින්දා වෙන්න ඇති. කොකාකෝලා ටිකක් බැටරි අග්‍ර වලට වත්කරන්න. එහි ඇති ඉහල ආම්ලිකතාව නිසා ඔක්සයිඩ ටික ඉවත් වෙලා වාහනය හොඳට පනගැන්වෙයි.

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    16 Aug 2015 09:41 PM
    අම්මට සිරි ..මාර වැඩ තොගයක්නෙ මෙකෙන් ගන්න තියෙන්නෙ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>