You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2017 12:16 AM by  සඳුනි
හිරුයි තරුයි
 200 Replies
Sort:
Page 9 of 11 << < 7891011 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Feb 2017 07:33 AM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Feb 2017 07:36 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

තිස්හත්වන කොටස.

‘‘මොකද්ද සදනී දූ.....‘‘ හදිසියේ සිතට ඇතුල් වු සිතුවිල්ලක් වචන කරන්නට මම උත්සහ ගත්තෙමී.

‘‘අම්මේ දිනිදු අයියාට කලින් වෙන කෙල්ලෙක් එහෙම හිටියද?‘‘ මදකට වැඩ නතර කළ මම ඇය අසල තිබු පුටුවක් ඇද වාඩි වුයෙමී. ඒ වචන පෙළ ඇසෙනවාත් සමග ඇගේ නෙත් පවා බියෙන් ගැස්සුන අයුරු මම හොදින්ම දුටුවෙමී. මම ඇය දෙස කෙළින් බලා වුනනේ ඇගෙන් ඇත්ත දැන ගැනීට මට අත්‍යවශ්‍යකාරණක් නිසා වෙනී.

‘‘ඇයි  දුව එහෙම ඇහුවේ... මොකක් හරි අවුලක් වුණාද?.‘‘ ගිලගන්නට බැරිව මග තැවතුන කෙළ බිද අමාරුවෙන් ගිළ ගත් ඇය තවත් ප්‍රශ්නයකින් පිළිතුරු දුන්නාය.

‘‘නෑ... අම්මේ නිකන්.. ඕවා මොනවද?... හැම කොල්ලටම කෙල්ලේ ඕනි තරම් ඉන්නේ.. මම හිතුවා දිනිදු අයියටත් කලින් කෙල්ලෝ ඉන්න ඇති කියලා.‘‘ මම නැවත පුටුවෙන් නැගි සිටියේ එය එතරම් සිතිය යුතු කාරණයක් නොවන බව ඇයට ඇගවීමටයි. මම මෙය විමසු බව දිනිදු දැන ගත්ත හොත් ඔහු මා රිදවන්නට දෙයක් කරන බව මම දැන වුන්නෙමී.

‘‘කලින් නම් හුටපටයක් තිබ්බා මයේ හිතේ.. ඒක එයාටමයි නවත්තන්න ඕනී වෙලා තිබුනේ.. ඒවා දැන් කොයි කාලෙද?‘‘

‘‘ඒක ඇත්ත අම්මේ.‘‘ ඇය කියු දෙයින් මගේ හිතට අමුත්තක් නොදැනුනා සේ මම පැවසුවෙමී. ඒ කියන්නේ අම්මලත් දන්නවා ඒ කෙල්ල ගැන... මෙයාලා ඒ කෙල්ලට අකමැති වුණ නිසා තමා දිනිදු අයියා  මාව මේ කරදර ගොඩට ඇදලා ගන්න ඇත්තේ. අනුහස් සර් කිව්වේ නම් කොහොමද අපේ මල්ලී පංතියේ කෙල්ලෝ එක්කවත් යාළු කම් පවත්වන්නේ නෑ කියලා.. දැන් කොහොමද ඇත්ත තත්වේ. බලන් ගියාම හැමෝම මාව රවට්ටලා. මාව අමාරුවේ දාලා එයාලා සතුටුන් ඉන්නවා.

‘‘මොනවද කල්පනා කරන්නේ සදනී දූ...‘‘

‘‘අනේ මොකුත් නෑ අම්මේ... අම්මගේ කොන්ද රිදෙනවා කිව්වා නේද  යමු බාම් ටිකක් ගාන්න.. ගලා අම්මා ටිකක් නිදා ගන්න මම රෑට උයන්නම් . උයන්නට සිටි මෙහෙකාරයද නිවාඩු ගෙන තිබු නිසා ගෙදර සියලු කටයුතු මා පිට පැවරී තිබුණි. නමුත් නිදහසේ සිතීමට හුගක් දේ ඉතිරිව තිබෙන නිසා මම ඇගෙන් දුරස් වන්නට උත්සහ ගත්තෙමී.

    එදින රාත්‍රියේද දිනිදු නිවසට නොපැමිණියේය. නමුත් වෙනදා ඔහුගේ නොපැමිණිමෙන් මම ලබන සැනසීම අද මට උරුම වි නොතිබුණි. කෙසේ නමුත් තමාගේ ස්වාමියා වෙනත් ගැහැණියක් ඇසුරේ නොවෙද එය මගේ හද දවා ලන හැගුම විය. ඒ සමගම අම්මාගේ දුරස් විමත් දරා ගන්නට මට සිදූ වි තිබුණි.

    පසු දින දිනිදු නිවසට පැමිණියේද බොහොම රැ බෝ විය. අම්මා දිනිදුට යමක් පවසන්නට ඇත. ඔහු නිදි යහන ආවේ කේන්තියෙන් පුරවා ගත් සිතත් සමගය.

‘‘උඹට මම කියන දේ තේරෙන්නෑ නේද?.. බලපංකෝ මම උබට කරන දේ.. උබට මම කියලනේ ගියේ මගේ කෙල්ල ළගට යන්නේ කියලා ...අම්මාගෙන් අහන්න ගියේ මොකද?.. උඹ ඒ මනුස්සයාගේ දුකත් වැඩි කරනවා.‘‘ ඔහුගේ කතාව සමුපූර්ණයෙන්ම ආත්මාර්ථකාමි විය. මිනිසුන්ට මෙතරම් ආත්මාර්ථකාමී විය හැකිද? මට වටහා ගත නොහැකිය.

‘‘කතා කරපන් දැන් කට වැහිලද?‘‘ ඔහුට පිටු පා නිහඩව කදුළු සලමින් සිටි මාව ඔහු එක වරම ඔහු ගේ පැත්තට ඇද ගත්තේය.

‘‘ඔයා ඔය අම්මා ගැන හිතන අනුකම්පාවෙන් වත් ... පොඩ්ඩක් මං ගැන හිතන්න බැරි ඇයි.‘‘ මම වේදනාවෙන් ඔහු දෙස බැලුවෙමී.

‘‘හරි උඹ මොනවද මට දැන් කරන්න කියන්නේ.‘‘

‘‘මොකුත්  එපා මාව නිදහස් කරන්න.‘‘  මම ඔහුට ආයාචනා කලෙමී.

    එවර ඔහු නිහඩ විය අනෙක් පසට හැරුණු ඔහු නිදි බවක් ඇගෙව්වේය. සුපුරුදු පරිදී හිමිදිරියෙන් අවදී වු මම උදෑසන ආහාරය සූදානම් කිරීම ආරම්භ කලෙමි. වෙනිදාට මම උයන්නට සූදානම් වන විට අම්මාද මුළුතැන් ගෙට ඒමට හුරු වී තිබුණි. අද ඇයගේ නොපැමිණිමෙන් අඩුවක් දැනුනත් , මම තනිවම කෑම පිසුවෙමී.

    කෑම පාර්සල් කොට කාර් රථය තුළට දැමූ මම උදේ ආහාරය සදහා කෑම මේසයද පිළියෙල කළෙමී. උදේ ආහාරය ගැනීමට නොපැමිණි දිනිදු මට නොපවසාම පිටව ගොස් තිබුණි. සියල්ලම සිදු වන්නේ සිත පෑරෙන අයුරින් වුවත් ඒ දුක අමතක කරන්නට උත්සහ ගත් මම නිවසේ වැඩ සියල්ල ඉටු කලෙමි. ගෙවල් මිදුල් අස් කර අතු ගා පිළවෙල කල මම රෙදි සෝදා නා ගත්තෙමී. ඉන් පසු මදක් වීවේක ගන්නට සිතු මම ආලින්දයට ආවේ අම්මා උදේ අහාරය ගෙන ඇති බව දැක කෑම මේසයෙන් කෑම ද ඉවත් කිරීමෙන් පසුවය.

‘‘ආ නෝනා හාමූ... වැඩ ඉවරද?.‘‘ මට පසෙකින් ඇසුණ හඩින් මම තිගැස්සුනෙමී.

‘‘ඇයි අම්මේ එහෙම කියන්නේ.‘‘ මම  අසුනින් නැගී ඈ වෙත දිව ගියේ ඇය අමාරුවෙන් මෙන් ඇවිද ආ නිසාය.

‘‘අල්ලන්න එපා මාව.. මගේ කොල්ලගේ ජීවිතේම කෑව අම්මණ්ඩී... නටන්න තියෙන සේරම නටලා මගේ කොල්ලගේ ඇගේ එල්ලුනා.‘‘ ඇගේ කෑ මොර දීමත් සමග මම පසෙනට විසි වුනෙමී. මගේ ජීවිත කාලයට ඇය මට එලෙස අමතාවි යැයි මම සිහිනයෙන් වත් නොහිතුවෙමී. දැඩී වේදනාව සමග හදවත ඇවිලී ගිය මම අසුනක් මත වාඩී වුයේ ඉබේටමය.

‘‘එදා අර රෙද්ද දැකලත් මම උඹව විශ්වාස කළා.. බෝ පැළේ වගේ ඉන්න නිසා... සද්ද නැතුව හිටියට උඹ මහ බලු ගෑනීයක්නේ.. පට්ට.. වේ...... පල යන්න මෙහෙන්.. මගේ කොල්ලට තෝ වගේ ගෑනු ඕනේ නෑ.‘‘ මම හිස බදාගෙන ඇඩුවෙමී .එතනින් එහාට කිරීමට හැකි දෙයක් මට නොවීය. දැන් සිදුව ඇති දේ මට පැහැදිලිය. මගේ නෙත රැවටු ඒ චායාරුව විශ්වාස නොකරන්න යැයි මට ඇයට කිව නොහැකිය.

‘‘මොකද දැන් තෝ අඩන්නේ.‘‘

‘‘අම්මා දන්නේ නෑ අම්මේ ඇත්ත කතාව.‘‘

‘‘මීටත් වඩා දැන ගන්න දේවල් තියෙද උඹ කියන්නේ.. මට වෙන මොකුත් අහන්න ඕනේ නෑ පලයන් යන්න මෙහෙන් පිට වෙලා.‘‘  ඇගේ කේන්තිය සාධාරන විය යුතුය. නමුත් මම කියා මොනවා කරන්නද මෙය බොරුවක් බව ඇයට ඔප්පු කිරීමට මට නොහැකිය. මම කාමරයට දිව ගොස් අල්මාරිය ඇවිස්සුවෙමී. විවාහය දවසට පසු දා ඇද ඇතිරිල්ල මත තැබී පිරිසිදු බවේ සංකේතය රැගෙන මම ඇය වෙත ගියෙමී.

‘‘මොකද්ද ඔය ..‘‘

‘‘මේක දිගෑරලා බලන්න අම්මේ.. පලවෙනී දවසේ ඔප්පු වුනේ නෑ කියන එක.‘‘

‘‘පල යන්න බැල්ලී... උඹ කියන්නේ.. මගේ කොල්ලට ඒකට වත් පණක් නෑ කියලද?. තෝ නම් මොන ජාතියෙද මන්දා.. උඹ නටලා තියෙන උන්ට තරම් මගේ කොල්ලට විසේ නැති හින්දා වෙන්න ඇති ඔහොම කියන්නේ..‘‘

‘‘අනේ අම්මේ මම කියන දේ පොඩ්ඩක් අහන්න.‘‘

‘‘මොනවා අහන්ද?... මේක උඹ වෙන කොහෙන් හරි අරන් ගාපූ ලේ පැල්ලමක් වෙන්න ඇති. ‘‘ ඇය මගේ අතින් උදුරා ගත් ඇද ඇතිරිල්ල විසි කර දැම්වාය.

‘‘පලයං යන්න මෙහෙන්.. ඔය කිඹුල් කදුළු මට පෙන්න පෙන්න ඉන්නේ නැතුව. උබව දකින්නවත් මම ආද නෑ.‘‘

‘‘අනේ අම්මේ... ‘‘ මම ඇගේ දෙපා මුළ ඇද වැටී ඇඩුවෙමී. යන්නට සැරසුණු ඇගේ කකුළක් බදාගෙන මම හැඩුවෙමී.

‘‘පලං යන්න මගේ මැරුම් නොකා.‘‘

‘‘මම කොහෙ යන්නද අම්මේ... මගේ අම්මත් නෑ දැන්..‘‘

‘‘පලයං .. ඒ බංගලාවේ තනියෙන් හිටපන්.‘‘ ඇගේ වදන් වල කිසිම අනුකම්පාවක් නොවුවාය. ඇගේ දබර කිරීම් ඉවසා සිටිය නොහැකි තැන මම ඇදුම් කීපයක්ද බෑගයකට දමාගෙන නිවසෙන් පිට වුනෙමී.

    මම දැන් කොහේ යන්න දැයි සිතා ගත නොහැකිය හඩමින් ඉදිරියට ඇදුණු  මම කෙලවරක් නොපෙනෙ ගමනක් ඇරඹුවෙමී. උදේ ආහාරයවත් ගෙන නොසිටි මම ගිනි අව්වෙන් පීඩා විදිමින් ඇවිද ගියෙමී. වරක වෙන දෙයක් වන්නට අම්මා ළගට යන්න සිතුවෙමී. නැවතත් සිතුවේ අම්මා ළගය ගියොත් හැමෝම අම්මට හිනා වෙයි.. ඔය කරගත්තේ පෝසත් පවුල් වලට දුව දෙන්න ගිහින්  කියලා.. බෑ ගමට යන්න බෑ. අම්මට කෝල් කරන්න විදියකුත් නෑ.. ගමේ තැපැල් කන්තෝරුවටනේ ගන්න වෙන්නේ... අනුහස් සර්.. සර්ට කියලත් වැඩක් නෑ.. උන් සේරම දැන දැන දිනිදුව මට බැන්දුවේ.. මගේ ජීවිතේ විනාශ කළා.. අන්තිමට මාව පාරට ඇදලා දැම්මා.

     සිතට දැනුන වේදනාවත් සමග ගතට දැනුනේ ඊටත් වැඩි වේදනාවකී. තවත් ටික දුරක් ඇවිද ගිය මම බස් නැවතුමක් මත වාඩී වුනෙමී. අව්ව නිසාදෝ දැනුන දැඩී පිපාසය දරා සිටින්නට අපහසු තරම් විය. කදුලින් පෙගුණු නෙත් සහිතව කඩයකට ගොඩ වීමටද මට බයක් දැනුනෙමී. බිමට පහත් කර ගත් මුහුණින් මම තව තවත් කල්පනා කලේ මම කොහොද යන්නේ... මගේ ළග සල්ලිත් නෑ.. බැංකු පොතවත් ගේන්න බැරි වුණානේ... වැඩි දුරක් යන්න සල්ලී මදී... ආපහු  ගෙදර යන්නත් බෑ.. මගේ ගෙදරට යන්නත් බෑ. මම කොහෙද දෙයියනේ ...  යන්නේ.. මොකද්ද මේ මට වුනේ. මම පැය කීපයක්ම ඒ බස් නැවතුම මත වාඩි වී නිකරුනේ බලා වුන්නේමී. බස් නැවතුමට පැමිණි සියල්ලන් විනාඩි කීපයෙන් බස් රථ වල නැගී පිටව ගියේය. මටත් එලෙස යාමට අවශ්‍යය නමුත් යාමට කියා තැනක් මට නොමැත.

   සයුමි .. සයුමිට කතා කරලා බලනවා.. එයා මෙහෙ  බෝඩ් වෙලා ඉන්නේ.. සයුමී මට උදව් කරයි. මේ දුකෙන් මිදිලා ටිකක් මම හිත හදා ගන්නකන් වත් ඉන්න තැනක් තිබ්බා නම්.

   කදුළු පිස දා ගත් මම කඩයකට පිවිසුනෙමී.

‘‘ආන්ටී මට කොල් එකක් ගන්න පුළුවන්ද?.‘‘ දිනිදු සමග විවාහා වු දා සිට මගේ සියලු අයිතිවාසිකම් නැති වී ඇති බව හැගෙන්නේ මට දැන්ය. ඔහුගේ කීමට රැකීයව අත්හල මම මගේ යහළුවන්ද අත්හලෙමී. ගෙදර පොන්  එකක් තියෙන කතා කරන්න පැවසූ ඔහු.. අනුහස් සර් ලබා දුන් දුරකථනයද විකුණා දැමුවේය. මම ඉතිං කාට කතා කරන්නද සිතු මම එයටත් එකග වුනෙමී. ඔහු වෙනුවෙන් සියළු කැපවිම්  කළ මම විවාහ දිවියට මාසයක් සපිරෙද්දී පාරට ඇද වැටී තිබුණි. මම ජීවිත කාලය පුරා නොලද පමණේ වේදනාවක් ඒ මාසය තුළ ,දවස් තිහ තුළ වින්දෙමී. ඒ දුක් විද ගත්තේ මම දැයි වරක මට සිතෙයි. ඒ තරමටම ඒ වේදනාකාරීය. අසාධාරනය.

‘‘ආ.. හරි ගන්න පුතේ....‘‘ ඇය සමග මද සිනහවක් පෑ මම කුටිය තුළට පිවිසී ඇමතුමක් ගත්තෙමී. මද වෙලාවක් ගත වන විට අනෙක් පසෙන් පිළිතුරු දුන්නේ මගේ සිතට මද ඇසිල්ලක් ලබා දෙමිණි.

‘‘හෙලෝව්... සයුමී... මම සදා..‘‘

‘‘අනේ සොරී.. මම සයුමී නම් නෙමෙයි. නිපුනී.‘‘ අනෙක් පසෙන් පැවසූ දෙයින් මගේ සිත කැළඹී ගියාය. නම්බර් එක හරිනේ.. එහෙම වෙන්නේ කොහොමද?.

‘‘එතකොට ඔහේ සයුමි කියලා කෙනෙක් නැද්ද?.‘‘

‘‘ඉන්නවා ඉන්නවා.. එයාට අද පෝන් එක බැරි වෙලා ගිහින්.‘‘

‘‘අනේ එහෙමද?... මට එයාගේ ඔපිස් එකේ නම්බර් එකක් ගන්න බැරිද?.. මම අසරණව විමසුවෙමී.

‘‘අනේ මගේ ළග නෑ  එයාගේ ඔපිස් එකේ නම්බර්.. මොකද්ද පණිවිඩේ.. මම කියන්නම්.. නැත්තම් හවස ආපු ගමන් ගන්න කියන්නම්.‘‘

‘‘එපා එපා.. මම ගන්නම්.. හවස කීයයටද එයා එන්නේ.‘‘ ඇය ඇමතුම් ගන්නා තුරු එතනට වී සිටිය නොහැකී නිසාවෙන් මම විමසුවෙමී.

‘‘පහයි තිහ හය වෙද්දී එයි.‘‘

‘‘සයු තාම බෝඩ් වෙලා නේද ඉන්නේ.‘‘

‘‘ඔව් .. ඔව්...‘‘

‘‘මට බෝඩිමට එන්න පාර කියනවද?.‘‘

‘‘අනේ ඒක නම් මට කරන්න බෑ... කවුද දන්නේ ඔයා සයුමිගේ යාළුවෙක්ද කියලා.‘‘

‘‘මම සදනී.. මං ගැන කියලා නැද්ද ඔයාට.‘‘ මම තවත් අසරණ වුයෙමී.

‘‘නම නම් හොදටම පුරුදුයි.. මම දන්න සදනිමද දන්නේ නෑ...‘‘

‘‘ප්ලීස් මට පාර කියන්න... ඒක ලොකු උදව්වක්...මම ඔහෙට එන්නම් ආවම විස්තර කියන්නම්.‘‘ එවර අනෙක් පසින් ඇමතුම විසන්දී විය. තිබ්බා නේද?. ඉක්මන් වුණා වැඩිද මන්දා.. පොන් එක ඕප් කරලා දාලා.. ෂික්... මොකද දැන් කරන්නේ.. තවත් ඇමතුම් කීපයක් ගත් මම ඉන් පිටතට ආවේ ඒ වැඩෙත් අසාර්ථක වීම නිසා ළද සිත් තැවුලෙන් යුතුවය.

   මොකද මම දැන් කරන්නේ.. වෙන උදව් ඉල්ලන යාළුවෙකුත් නෑ.. දැන් හවස් වෙන්නත් කිට්ටුයි... යන්න තැනක් නැති වුනොත් මම කොහෙද ඉන්නේ.. මොකද්ද දෙවියනේ මම මේ තරම් කරලා තියෙන පව... දහසක් වේදනා වලින් සිත ලත වෙද්දී මම කුඩා අවන්හලකට ගොඩ වැදුනෙමී. කිසිම ආහාරයක් ගැනීමට සිතේ පිරියක් නොවුනත් ගතේ ශක්තිය රදවා ගත යුතුය. කෙසේ හෝ මම ආරක්ෂාවක්... නවාතැනක්... සොයා ගත යුතුය. කුඩා රවුම් මේසයක් අසල වාඩී වුන මම නිසොල්මනේ බලා වුන්නෙමී.

‘‘මිස් මොනවද ඕනේ..‘‘

‘‘හලෝ මිස් මොනද ඕනේ.‘‘

‘‘ආහ්... මට ප්‍රේස් ජුස් එකක් දෙන්න...‘‘ කුඩා අවන් හල තුල වුන් එකම සේවකයා ඔහු විය යුතුය. ඔහුගේ හඩින් සිහි එළවා ගත් මම පැවසුවේමි. මගේ තැතිගැන්ම තේරුම් ගත් නිසාදෝ වෙන කිසිත් නොවිමිසු ඔහු එතෙනින් පිටත්වී ගියේය. අවන්හලේ අනෙත්  මේස වටා එක් වුණ පිරිස් තම පාඩුවේ ආහාර ගනිමින් සිටියහ. කොනක වු මේසයක් වටා පෙම් යුවලක් වාඩී වී සිටිනු මම දුටුවෙමී. ඔවුන් දැකීමෙන් මට දිනිදුත් මාත් මොන තරම් සතුටින් මේ විදියට හමු වී ඇත්ද? අපි දෙන්නා ඒ කාලේ මොන තරම් ළගද? එයාට මාව නැතුව බෑ ඒ දවස් වල... එපා කියද්දී මාව එක්ක යන්න එනවා.. එහෙම හිටිය ඔයාද අද මට මෙහෙම කරන්නේ.. අද මම කාත් කරවුරුවක් නැති හිගන්නියක් ගානට වැටිලා. ඔයා එක්ක ආදරෙන් රෙස්ට්ටුරෙන්ට් වල හොටෙල්ස් වල කෑම ගත්තු මම අද තනියෙන් මේ පුංචී කඩේක තනියෙම ඉන්නවා.. මට සැප සම්පත් එපා.. ඇයි මට ඒ කාලේ.. ආ..යෙත් දෙන්න බැරි.

‘‘ආ.. මිස්...‘‘

‘‘අහ්.. තෑන්ක්ස්.‘‘ මම ඔහුට මද සිනහවක් පෑවෙමී. බීම එක පානයෙන් පසුත් මම එතනින් නිග්ම නොගියෙමි.. මට යාමට තැනක් නොවීය. කීපවරක්ම අවන්හගේ සිටි පුද්ගලයා මා දෙස බැලුවද මම පිට නොවන්නේ මන්දදැයි නොවිසුවේය. මගේ වේදනාව තේරුම් ගත් නිසාදෝ ඔහු මට ඉන්නට ඉඩ හැරියාය.

‘‘මිස්.. ප්‍රශ්නයකද ඉන්නේ.. අපි අදුරන්නේ නැහැනේ.. ඒත් මිස් අවුලක වගේ. තව ටිකෙන් අපේ අම්මා එයි .. මිස් ඉන්න අම්මා එනකන්.‘‘  මා වෙනුවෙන් ඔහුගේ විමසීම ගැන මට ඇති වුයේ මහත් සොම්නසකි. ඔහු දෙස නැවතත් මද සිනාවක් නැගු මම තනිවම කල්පනා කරන්න වුනෙමී.

   මම තනි වෙලා කියලා දැනිලද මෙයාට තේරිලා වගේ.. මම අර තරම් විශ්වාස කරපු මිනිස්සු මම මෙහෙම රවට්ටද්දී මම කොහොමද? අදම දැකපු මේ මිනිස්සුන්ව විශ්වාස කන්නේ. කිවක් නොපැවසූ මම නිහඩවම කුඩා අවන්හලෙන් පිට වුනේ මගේ කුඩා රෙදි බෑගයද අතැතිවය.

 නැවතත් දුරකථන කුටියට ගිය මම සයුමිට ඇමතුමක් ගත්තෙමී. එවර ඉන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. සෑදෑ කරුවල සතර වටින් වැටෙමින් තිබුනී. තැනින් තැන වීදී ලාම්පු දැල්වෙන්නටද පටන් ගෙන තිබුණි. අනේ මගේ අම්මේ.. මම අසරණ වෙලා.. මාව මේ දේවල් වලින් බේර ගන්න මගේ අම්මේ. නැවත බස් නැවතුමට ගොඩ වැදුණු මම අදුරු මුල්ලකට ගුලි වුනෙමී. තවත් සගවා තබා ගත නොහැකි වු වේදනාව තනි කම කදුළු වී ගලන්නට විය. උලපත්ක් මෙන් පිසින්නට පිසින්නට කදුළු ඉනුවේය. මම හැඩුවෙමී. එතනින් ගමන් ගත් කීපදෙනෙක්ම මා දෙස බැලුවේ පුදුමයෙන් යුතුවය. මම ඔවුන් දෙස හිස ඔසවා නොබැලුවෙමී.

‘‘මොකද නංගී ගෙදර යන්නේ නැද්ද?‘‘ මටත් නොදැනීම බොහෝ සෙයින් රෑ වී තිබුණි. මම හිස ඔසවා බද්දී මා ඉදිරිපිට රැදී වුන්නේ හැඩි දැඩි නපුර පෙනුමැති පුද්ගලයෙකී. මම ක්ෂණිකවම බංකුවෙන් නැගී වුන්නෙමී.

නැවත හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Feb 2017 05:00 PM
  •  Quote
  •  Reply
කවුද ඒ නපුර පුද්ගලයා....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Feb 2017 11:38 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Feb 2017 11:43 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

තිස්අටවන කොටස.

‘‘ ඇයි නංගී බය වෙලා... අවුලක් නම් කියන්න මම උදව් කරන්නම්.‘‘ මම ඔහු වෙතින් ඉවත් වී පාර දිගේ ගමන් ගත්තෙමී. වරින් වර මම පිටුපස හැරී බලද්දී ඔහුද මාව ලුහුබදින බව මම දුටුවෙමී. ගත පුරා නැංවුන දා බිදු වැගිරිදේදී මම පය ඉක්මන් කර දිගු පියවර තැබුනෙමී.

‘‘නංගී... ඔහොම ඉන්න පොඩ්ඩක්... කොහොද ඔය යන්නේ.‘‘  මම තවත් ගමන ඉක්මන් කළෙමී ඔහුගේ පෙනුම නිසා මට දැනුනේ විශාල බියකී.

    සෙනග පිරුණු තැන්වල රැදෙමින් මම ඉදිරියට ඇදුනෙමී. ඔහුද මා ලුහුබැදීම නතර නොකළේය. තැනින් තැන නවතිමින් ඔහු ද මා පසුපසම පැමිණියේය. තවත් ඉදිරියට ගමන් කළ නොහැක. ඉදිරියට ඇත්තේ ඝන අන්ධකාරයක් පමනකී. අඩුම තරමින් තාර පාරේ චායාවක් වත් නොපෙනෙන තරම්ය. මම ආපසු හැරී බැලුවෙමී. මට මදක් ඈතින් නතරවුන ඔහු අමුතු සිනවකින් මා දෙස බලා සිටි. එන්න එන්නම නගරයේ ගැවසෙන සෙනග අඩුවෙමින් පවතී. කඩ සාප්පුද එක දෙක වැසෙමින් තිබුණි. මොකද මම කරන්නේ... කාගෙන්ද උදව් ඉල්ලන්නේ.. කොහෙටද මම යන්නේ.. මම අසරණව වට පිටාව පුරා නෙත් යැව්වෙමී. මෙතරම් වෙලා අතේ එල්ලාගෙන් සිටි රෙදී බෑගය මම පපුව තුරුළු කර ගත්තෙමී. එවිට මම දුටුවේ අර පුද්ගලයා කෙමෙන් මා දෙසට ළං වෙන බවයි. තවත් කළ හැකි දෙයක් නැත මම දෑස් පියා ගත්තෙමී. තවත් ඉදිරියට යා නොහැකි නිසා මම පාරෙන් අනෙක් පසට පනින්නට උත්සහ ගත්තෙමි.

     විශාල වාහන හොන් හඩක් සමග තද ආලෝකයක් එක වරම මුහුණට වැටුණා මතකය. යමක හැපී මම විසිවි වැටුණා මතකය. ඉන් පසු කිසිවක් මා හට සිහි නොතිබුණි.

‘‘හෙලෝ... ඔයාට ඇහෙනවද?... කෝ ඇස් අරින්න .. ‘‘ හිසෙහී දත වේදනාවක් බරක් දැනෙන්නට විය. ආමාරුවේ හැර ගත් ඇස් වලින් මට පෙනුනේ බොදවුණ චායාවන් කීපයක් පමණකී. කවුරුන් හෝ සුදු ඇද ගත් කීපදෙනෙකු මා වටා සිටින බව මට පෙනුනී.

‘‘මිස් ඔයාට කොහොමද?.. කතා කරන්න උත්සහ ගන්න.‘‘ මගේ ළග සිටි අයෙක් මගේ අතින් අල්ලා අත මත ගසා තිබුණ කටුවට සිරින්ජයක ආදාරයෙන් එන්නතක් ළබා දෙන බව මම වටහා ගත්තෙමී.

‘‘මිස්.. කෝ.. ඇස් ඇරලා බලන්න...අපි පේනවද කියන්න.. ඔයාට මොනවද දැනෙන්නේ කියන්න.‘‘

‘‘ම...ම.. මේ... කො..හෙ..ද ඉන්...නේ..‘‘ වචන කීපය සිරවෙමින් පිට විය.

‘‘හරි හරි මිස් ඔයාට හොදයිද කියන්නකේ දැන්.. ඔයා හොස්පිටල් එකේ ඉන්නේ දැන්.‘‘ මගේ ළග සිටියේ කරුණාබර හෙදවරියකී. ඇගේ ආදර බර ඇමතුම සමග මම ඇය දෙසට හිස හරවන්නට උත්සහ ගත්තෙමී.

‘‘හරි.. හරි දරුවෝ... මහන්සීවෙන්න එපා රෙස්ට් කරන්න... ‘‘ ඇය සමග මම අපහසුවෙන්  මහසක් නැගුවෙමී. මට සිදු වූ දෙය දැන ගන්නට මට අවැසී බව ඇයට වැටහෙන්නට ඇත.

‘‘මොකද දරුවෝ බය වෙලා.. ඇය ඔයා කාර් එකට පැන්නේ...‘‘

‘‘කා...ර්.. එකට පැ..න්නේ.. ම..ම..‘‘ මොක්දද ඒ කතාව.. මම කවද්ද කාර් එකකට පැන්නේ..

‘‘ඔව් ඔයාව මෙහෙට ගෙනාපූ පිරිමී ළමයා කිව්වා ඔයා එයාගේ කාර් එකට පැනලා ජීවිතේ නැති කර ගන්න උත්සහ කලා කියලා.. ඒත් එයා ඒතරම් වේගෙන් කාර් එක එළවන් ආපු නැති නිසා තමා ඔයා ඔය තරමින් බේරිලා තියෙන්නේ.‘‘ ඒ කියන්නේ මට ඇක්ෂිඩන්ට් එකක් වෙලා. කවුද එතකොට මාව මෙහෙට ගෙනාවේ. මම වට පිට විමසිල්ලෙන් බැලුවෙමී. එය රජයේ රෝහලක් නොවේය. දිනක් මට උණ වැළදුන මොහොතේ අනුහස් සරුත් දිනිදුත් එකතු වී මා රැගෙන ආ පුද්ගලික රෝහලයි.

‘‘මොනවද දරුවෝ වට පිට බල බල කල්පනා කරන්නේ.. ඔයාට වැඩිය කල්පනා කරන්න හොද නෑ.. ඔලුව වැදුන නිසා.. ඔයාව ස්කෑන් එකකට ගන්න තියෙනවා තව ටිකකින්.‘‘

‘‘ස්කෑන් එකකට.‘‘

‘‘ඔව් ඇයි..‘‘

‘‘ඒ..ත්... මගේ අම්මා ආවද?... මගේ කවුරු හරි ආවද?.‘‘ නෑ දරුවෝ.. අම්මා නම් ආවේ නෑ. ඒ වුණාට ඔය දරුවව හොස්පිටල් එකට ගෙනාපු කෙනා ඔයාගේ විස්තර අපිට දුන්නා.. ඔයාගේ අම්මව කන්ටෑක් කර ගන්න බැරි වුණාලු.. ‘‘ඒ වන විට මගේ සිහි මද ගතිය තුරන් වී තිබුණි.

‘‘ඒ කියන්නේ.. මාව මෙහෙට ගෙනාපු පිරිමි ළමයා මාව දන්නවද?.‘‘

‘‘ඔව් දන්නවා ඇති මිස්ගේ නම සදනී නේද?‘‘

‘‘ඔව්...‘‘

‘‘මේ බලන්න ඒ නමින් තමා ඔයාව මෙහෙට ඇඩ්මිට් කලේ.‘‘ ඇය පසෙක තිබූ පයිල් කවරයක් මා වෙත දිග හැරපෙන්වන්න වුවාය. එහි මා රෝහලට ඇතුල් කළ පුද්ගලයා ලෙස නදුන් කුළසූරිය ලෙස නමක් සදහන්ව තිබුණි. එයා කොහොමද මාව දන්නේ.. මම එහෙම කොනක් දන්නේ නැහැනේ.

‘‘එතකොට මගේ බෑග් එක.‘‘මම නැවතත් විමසුවෙමී.

‘‘ඒක එයාලා අරන් ගියා... ‘‘

‘‘එහෙමද?... අපේ ගෙදරින් ආවේ නැතුවම මෙහේ ගාස්තු ගෙවන්නේ කවුද?. නර් මගේ ඉක්මණට ටිකට් කපන එකක් නැද්ද?.‘‘ මම කළබලයෙන් විමසුවේ ලොකු ගානක් ගෙවීමට තරම් මුදලක් මගේ බැංකු ගිණුම් වලවත් නොතිබූ නිසාවෙමී. කමක් නෑ.. හොද වුණාම මේ මාලේ උගස් කරලා සල්ලී ගෙවනවා..මගේ සේලයින් කටුව සවි කර නොතිබූ අත නිරායාසයෙන්ම ගෙල වෙත ඇදුනී. දිනිදු ගේ ආදරේ මට අහිමි කළ.. ඒ ආදරේ මතක සටහනක් වූ මේ මාලයෙන් මට ඇති පලය කිම.

‘‘නස්.. කෝ මගේ මාලේ... කරාබුත් නෑ.‘‘ මම ඒ අනුව දෙකන්පෙතිද අත ගා බැලුවෙමී.

‘‘අයියෝ දරුවෝ.. මොකද මේ කළබල වෙලා... හොස්පිටල් එකේ ජුවලරීස් දහන් ඉන්න තහනම්.. ඉතිං ඒවා ඔයාගේ යාළුවා අරන් ගියා.‘‘

‘‘මගේ යාළුවා.. මම නදුන්ව දන්නේ නෑ. මම කොහොමද මෙහෙම ඉදලා බිල ගෙවන්නේ.‘‘ මම හිටියාටත් වඩා අසරණ බවට පත් වී තිබුණි. මම හිස ඔසවන්නට උත්සහ ගත්තෙමී. ඒ සමගම මත දැනුනේ දැඩී වේදනාවකී. මම හිස අත ගා බැලුවේ ඒ මොහොතේදීය. වෙලුම් පටි වලින් මගේ මුළු හිසම ආවරණය කර තිබුනී. මම බියෙන් හෙද නිළධාරිනය දෙස බැලුවෙමී. හිසක් තිබෙවනාද කියාවත් නොදැනුනේ වේදනා නාශක එන්නත් ළබා දෙන නිසා විය යුතුය. තවත් ශරිරය ගැන සැලකිලි මත් වෙද්දී. අතක සහ පාදයක වෙළුම් පටි වලින් ඔතා ප්‍රතිකාර කර ඇති බව දැන ගන්නට හැකි විය.

‘‘අනේ මන්දා මේ දරුවා කළබල වෙනවනේ.. තව ටිකකින් ඒ බෝයි ඔයාව බලන්න එයි අදුරනවද බලන්නකෝ ආවම.‘‘ මම හිස සැලුවෙමී.  තවත් කතා කරන්නට ඉඩ නොදුන් ඇය කාමරයෙන් පිටව ගියාය. නිමක් නැති කල්පනාවක වෙලී සිටි මට ඉබේටම නින්ද ගොස් තිබුණි. නැවත මම පිඹිදුනේ ඇසුණ කුඩා සද්දයක් නිසාය. මා අසල සිටගෙන සිටියේ වැදගත් විදියට ඇද පැළද ගත් තරුණ පුද්ගලයෙකී. මම ඔහුගේ මුහුණ දෙස බැලුවෙමී. මම ඔහුව කිසි දිනක දැක නැත. අලංකාරව සකසන ළග රැවුල ඔහුගේ මුහුණට අමතු ආලෝකයක් ගෙන දී තිබුණි. අත් දිග ළා කොළ පැහැ කමිසයක් සහ කළු පැහැ කලසමක් ඇදි ඔහු තද කොළ පැහැයකට හුරු ටයි පටියක්ද පැළද සිටියේය.

‘‘සදනී කොහොමද දැන්.. ලොකු අමාරුවක් නෑ නේද?.‘‘ ඔහුගේ වදන් මා දන්නා හදුනන අයෙකුගේ මෙනි මම පුදුමයෙන් යුතුව ඔහු දෙසම බලා වන්නෙමී.

‘‘ඇයි සදනී බය වෙලා වගේ.. මම කවද කියලද කල්පනා කරන්නේ.‘‘

‘‘ඔ..ව්... ඔ..යා.. කව්..ද?.‘‘

‘‘ඔයා මාව දන්නේ නැති වුණාට මම ඔයාව හොදටම දන්නවා.. ඉන්නකෝ තව චුට්ටකින් ඔයාට මම කව්ද කියලා දැන ගන්න පුළුවන්.‘‘ ඔහු පැවසුවේ සිනවකුත් සමගය.

‘‘ඒක නෙමෙයි අපි ඔයාගේ හස්බන්ට කතා කළා.. පණිවිඩෙත් දුන්නා. ඒත් තවම ආවේ නැහැනේ.. අද ඔයාට කන්න දුන්නට කමක් නෑ කිව්වා.. මේක බොමු නේද?.‘‘ ඔහු කවරයක් තුළින් ඔළියට ගත් සුප් එකක තරමක් වක ගැසැනු පීරිසියකට දමන්නට විය. ඉන් පසු හැන්දකුත් අතට ගත් ඔහු මට සුප් එක පෙවීමට උත්සහ ගත්තේය.

‘‘ඉන්න මම බොන්නම්.‘‘ ඔහුට කළින් ඉක්මන් වු මම ඇද වියලට හේත්තු වන්නට උත්සහ ගත්තෙමී.‘‘

‘‘ආව්....‘‘ නැගින්ට අත ඇද මතට තද කරද්දී මට දැනුනේ තද වේදනාවකි. ඒ සමගම මම නැවතත් ඇද මතටම ඇද වැටුනෙමි.

‘‘මම හිතන්නේ ඔයාගේ අතට මොනවා හරි වෙලා .. ඔයාට ඒ අත පාවිච්චී කරන්න බැරි වෙයි ඉන්නකෝ මම පොවන්නම්.‘‘ එසේ පැවසූ ඔහු මට ඇද වියට හේතුතු වීමට උදව් කළේය . තවත් කිසිතු නොපැවසු මම දැනුන බඩ ගින්න හා පිපාසය නිසාම ඔහු ලෙවු සුප් එක බිව්වෙමී.

‘‘සදා... ඔයාට සිහිය ආවද මගේ කෙල්ලේ.‘‘ එවර ඇසුනේ මට සුපුරුදු හඩකී. මම දොර අසල සිටගෙන සිටි ඇය දැකීමෙන් නෙත් බොද කර ගත්තෙමී.

‘‘සයූ... අනේ සයු.. මට මේ... මොනවද වුනේ සයු..‘‘ මගේ ළගට පැමිණි ඇගේ පපුවේ මුහුණ හොවා ගත් මම කදුළු සැළුවෙමී. ආදරයෙන් මගේ හිස අත ගෑ ඇයද ඉකිබිදින බව මට වැටහුනෙමී.

‘‘මොකද කෙල්ලේ වුනේ.. ඇයි ඔයා නිදුන් අයියගේ කාර් එකට පැන්නේ.‘‘ මගේ මදක් දුරස් වූ ඇය මගේ නෙතට එබෙමින් විමසුවාය.

‘‘කාර් එකට පැන්නේ.. මම කාර් එකට පැන්නේ නෑ.. මම පාරෙන් අනිත් පැත්තට පයින්න හැදුවේ.‘‘

‘‘පොඩ්ඩක් පාර බලලා පයින්න එපෑ.. අනික ඒ රෑ ඔයා කොහෙද ගියේ.. මට නිපුණි කිව්වා ඔයා මට දවලුත් කොල් කළා කියලා.‘‘

‘‘ඒක ලොකු කතාවක් බං... නදුන් අයියා කියන්නේ..‘‘

‘‘ඔව් ඔව් .. මම මැරි කරන්න ඉන්න අයියා.. ඊළග මාසේ අපේ වෙඩින් එක. සැනසුම් සුසුමක් හෙළු මම නැවතත් ඇගේ ළයට තුරුළු වුණෙමී.

‘‘සුප් එක බිව්වා නේද කෙල්ලේ.. ..‘‘

‘‘ඔව් සයූ මට ඇති.. ඔයාටයි නදුන් අයියටයි හුගක් පිං මාව මෙහෙම බලා ගන්නවට.‘‘  සිත තුළ තෙරපුණ වචන වුනේ කදුළුත් සමගමය.

‘‘හරි දැන් නාඩා හිටපන්කෝ.. ඇයි දිනිදු අයියා ආවේ නැත්තේ.. අපි ආයි කොල් කරමුද?.‘‘ ඇය දුරකථනය අතට ගෙන ඇමතුමක් ගන්නට උත්සහ ගත්තාය.

‘‘එපා බං...‘‘ මම ඇගේ ක්‍රියාව නැවැත්තුවෙමී.

‘‘ඇයි බං‘‘ ඇගේ ඇස් පුදුමයෙන් පිරී තිබුණි.අපි දෙදෙනා මොන තරම් ආදරයෙන් සිටියා දැයි ඇය දනී.. දිනිදු කෙතරම් මා ළං කර ගැනීමට මා පසු පස ආවාදැයි ඇය දනී. දිනිදු  කෙරෙහි මගේ හිත පහදන්නට ඇය මුල් වී සිටි බව ඇය දනී.

‘‘දිනිදු අයියා අපි හිතන ජාතියේ මිනිහෙක් නෙමෙයි  සයු... මහ ජරා මිනිහෙක්.‘‘

‘‘ඇයි උඹ එහෙම කියන්නේ.. උඹ එදා රෑ කොහෙද යන්න හැදුවේ.. ‘‘ ඇගේ කුතුහලය තව වැඩි වෙමින් තිබුණි.

‘‘දිනිදු අයියයි , අම්මයි, දෙන්නම එකතු වෙලා  මාව ගෙදරින් එළියට දැම්මා.‘‘

‘‘ඒ මොකද?.. හරි මගුලක්නේ... මොකද්ද උඹ කරපු වරද?. දිනිදුව හොද මිනිහෙක් කරපු එකද? .. ඕනේ වෙනකොට පස්සෙන් ඇවිත් ළං කර ගන්න එපා වෙද්දී අතෑරලා දාන්න.‘‘ ඇගේ සිතට කොපයක් ඇති වී තිබුණි.

‘‘ මම ඒක උඹට හිමිං කියන්නම්.. මගේ අතේ සල්ලී නෑ.. මගේ කරේ තිබුණ මාලේ උගස් කරලා මෙහෙ සල්ලී ගෙවපන්.‘‘

‘‘පිස්සු නැතුව හිටහන් බං... ඕවා දැන් කතා කරන්න ඕන ඒවා නෙමෙයි.. උඹට ලොකු අමාරුවක් නෑ නේද?.‘‘ ඇය කරුණාවෙන් විමසුවාය.

‘‘දැන් මට හොදයි බං.‘‘

‘‘බය වුණා සිහිය ආවේ නැතුවම.‘‘ ඇය පැවසුවේ කෑම ගෙනා භාජන නැවත කවරය තුළ අසුරමිණි. මා වෙනුවෙන් ගෙන ආ කෑම පළතුරු ඇද අසල තිබූ කබඩ් එක තුළ ඇසිරුවාය. මට මං ගැනම දැනුනේ ලොකු අසරන කමකි. මම නිහඩවම බලා වුනෙමී.

‘‘අපි අම්මට කියන්නේ කොහොමද උඹලා ගෙදරට ගිහින් කියන්නද?.‘‘

‘‘වැඩක් නෑ බං  අම්මා මාරුවක් හදන් ගමට ගියා.. අම්මට කියන්න ඕනේ නෑ.‘‘ මම නැවත ඇද මත හාන්සි වුනෙමී.

‘‘ඔබ මොකද්ද කරන්න හදන්නේ.. ආපහු දිනිදු ගාවට යනවද?.‘‘

‘‘නෑ.. මට උදව් කරපන් තනියෙන් නැගිටින්න... ඌg වෙන ගෑනියෙක් ඉන්නවා.. මතක් කරන්න එපා ඒකව.. උඹ දන්නේ නෑ මට කරපු බලු වැඩ.‘‘

‘‘ගෑණියෙක් ඉන්නවා..‘‘

‘‘ඔව්...‘‘

‘‘මගුලටද එහෙනම් උබව අමාරුවේ දැම්මේ.‘‘ ඇයගේ කෝපය තව තව වැඩි විය. අපේ කතා බහට හවුල් නොවුණ නදුන්.. පසෙක වු අසුනෙක අසුන් ගෙන සිටියේය.

‘‘හරි බං අපි බලමුකෝ උඹට සනීප වුණාම.. උඹ බය වෙන්න එපා මම ඉන්නවා උඹට. ඒත් මම හිතුවේ නෑ.. දිනිදු ඔය තරම් බලු මිනිහෙක් කියලා.. එතකොට අනුහස් සර්ලා මොකද කියන්නේ.‘‘

ඇයට සිල්ලම සාධාරණයට ඉටු කරණ සාධාරන පුද්ගලයෙකු ලෙස හදුනා ගත් අනුහස් ගැන පුදුමයක් ඇති වී තිබුණි.

‘‘සේරම එකයි බං.. එයාලත් මේක දැනන් ඉන්න ඇත්තේ.. සේරම එකතු වෙලා මම අමාරුවේ දැම්මා. අර අහිංසකයට රස්සාවත් නැති වුණා.‘‘

‘‘මටත් චාරුක දවසක් හම්බෙලා මොනවද කියන්න හැදුවා.. උඹ දිනිදුව මැරි කළා කිව්වම ඒක කිව්වේ නෑ.‘‘

‘‘අපිට මේ මිස්ව ස්කෑන් එකට ගන්න වෙනවා.‘‘ කාමරයට ඇතුල් වූ හෙදියක් පවසද්දී අපි සියල්ලන්ම ඇය දෙස බැලුවෙමු.

‘‘හා.. එක්ක යන්න.. අපි එහෙනම් හවස එන්නම් කෙල්ලී.‘‘

‘‘සදනී අපි ගිහින් එන්නම්..‘‘ එලෙස පැවසූ ඔවුන් දෙදෙනා පිටව ගියේය.

‘‘මිස් තාම ඇදෙන් බැස්සේ නෑ නේද?.. අපි විල්චෙයා එකක් ගෙන්නම්.‘‘ ඇය නැවත පිටව ගියාය. මොහොතකට පසු රෝද පුටුවක්ද තල්ලූ කරගෙන පැමිණි ඔවුන් මා එහි හිදුවාගෙන රැගෙන ගියේය. ඒ පරික්ෂනයෙන් පසු නැවත ඇදට ගෙනත් දැමු ඔවුන් පැවසුවේ . හෙට රිපෝට් ආවම ඒවා අවුලක් නැත්තම් මිස්ගේ ටිකට් කපාවී.. ඒත් පොළිසිය කට උත්තර දෙන්න වෙයි..  යනුනෙනී. මම ඒ මන්දැයි දනිමී. පාර නොබලා කළබලයට පැන්නත් එය මම දිවි නසා ගන්නට කළ දෙයක් මෙනී. කහ ඉරකින් වත් නොපැන්න නිසා වරද කොහොමත් මගේය. නදුන් යමු සයුමිගේ අනාගත ස්වාමී පුර්ෂයාය. මට උපකාර කරන ඔවුන්ට මම උපකාර කළ යුතුමය. මම වරද පිළිගන්නට තීරණ කලෙමී.

  සිතා ගත් අයුරින්ම මම පොළිස් නිළධාරින්ට කට උත්තර දුන්නේ.. මම දිවි නසා ගන්නට උත්සහ ගත්තා ලෙස පිළිගනිමිනි. ඒ නිසා නදුන් පිට කිසිදු වරදක් නොඒම ගැන මම සතුටු වුනෙමී.

‘‘ඒ පිස්සු කෙල්ල.. මොකද වරද භාර ගත්තේ.‘‘ සයුමී මට දොස් නැගුවාය.

‘‘නැතුව උඹ කියන්නේ.. නදුන් අයියව අල්ලා දෙන්න කියලද?.‘‘ මම පුදුමයෙන් විමසුවෙමී.

‘‘නෑ ඇත්ත කියන්න එපෑ.‘‘

‘‘ඇත්ත කිව්වට පිළිගන්නවද බං.. අපි අර මිනිහව ආයි කොහෙන් හොයන්ද?.‘‘

‘‘ඒකත් ඇත්ත නේද බං.‘‘ සයුමී ලොකු සුසුමක් පිට කළාය.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
27 Feb 2017 02:23 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 22 Jan 2017 03:05 PM

ඔහුද මගේ ආදරය බලාපොරොත්තු වන බව කීමට මට සිත් නොවීය.

කෙල්ලො කොහොමත් ඔහොම්මමයි...ඩබල් ගේම් ම තමා ගහන්න හදන්නෙ 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
02 Mar 2017 07:24 PM
  •  Quote
  •  Reply
සනුහරේ නම රැක ගන්න බැරි උනානේ මේ කෙල්ලට ..අනේ අම්මපා 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 Mar 2017 08:29 PM
  •  Quote
  •  Reply
ඇයි මචො මුනෙ දැලි ගැවද කෙල්ල ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
04 Mar 2017 06:18 AM
  •  Quote
  •  Reply
පව් බන් මට දුකයි සදා ගැන

කොටස් ටික ඔක්කොම කියෙව්වා ..ඉක්මනට දාන්නකො ඉතිරි ටික
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Mar 2017 08:21 AM
  •  Quote
  •  Reply
කතාව දාන්නකො
Udeshika Herath
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
04 Mar 2017 09:45 AM
  •  Quote
  •  Reply
ඒක තමා කෝ මේ සදුනි න0ගි...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:16 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:24 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

තිස්නමවන කොටස.

‘‘ඉතිං බං ඩොක්ටර් මොකද කිව්වේ..‘‘ ඇය බෑගය කබඩ් එක මත තබාගෙන බෑගය තුළ තිබූ දේවල් පිටතට ගන්න වුවාය.

‘‘මොකුත් නෑ බං.. රිපෝට් ආවම අවුලක් නැත්තම් ටිකට් කපයි කිව්වා.‘‘

‘‘හෙටද?... නියමයි... අවුලක් වෙන එකක් නෑ බං.‘‘ ඇය නැවත කබඩ් එක හැර බැලුවේ මම ආහාර ගෙනද දැන ගැනීමට විය යුතුය.මම ඔවුන් ගිය පසු කිසිත් ආහාරයට ගන්න තබා කබඩ් එක හැර බැලුවේ වත් නොමැති නිසා කෑම ඒ අයුරන්ම තිබුණී.

‘‘ඒ බං උඹ මොකුත්ම කාලා නෑනේ... බලපං... නදුන් අයියලාගේ අම්මා උඹටම කියලා උයලා එවලා තිබුණේ..‘‘ බත් පාර්ශලය අතට ගත් ඇය මුහුණ අදුරු කරගෙන පැවසුවාය.

‘‘අනේ කන්න පිරියක් නෑ බං...‘‘ අමාරුවෙන් ඇදේ වියලට වාරු වූ මම පැවසුවෙමී.

‘‘නොකා නොබී කොහොමද මේක කමු.. බලපන් උඹේ දකුණු අතටමනේ මොකද්ද වෙලා තියෙන්නේ.. වරෙන් මම කවන්න.. ‘‘ ඇය සෙනහසින් මා අසලින්ම වාඩී වී මට අළුතින් රැගෙන ආ උණු උණු බත් එක කවන්නට වුණා.

‘‘කොහෙන්ද බං මේ උණු බත්.. උඹ වැඩට ගියේ නැද්ද?.‘‘

‘‘ගියා.. මේවා නදුන් අයියලාගේ ගෙදරින්.. මම දැන් වැඩ කරන්නේ නදුන් අයියාගේ ඔපිස් එකේ.‘‘ ඇය මා වෙත වතුර වීදුරුව ගෙන වතුර ටිකක් පෙව්වේ මට කැස්සක් පිට වු නිසාය. මගේ පපුව පිරිමිද ගත් මම අමාරුවෙන් හුස්ම ගනිද්දී ඇය බියට පත් වුවාය.

‘‘උඹට ස්මොලේ ගියාද?... ‘‘

‘‘හරි හරි බං... දැන් හරි... ‘‘ මම ඇයට කළබල නොවන ලෙස අතින් දැනුම් දුන්නෙමී.

‘‘හරි හරි කාලා ඉදපන් කතා කරන්න.‘‘ ඇය මට පෙරැත්ත කරමින් භාජනය තුළ දමා තිබූ ආහාර සියල්ල මට කැව්වේය. දවස් දෙකකට පසු ඇගට වැටුණ හරියාකාර ආහාරය සමග මට සවිමත් බවක් දැනුනී. අහාර වල තිබු රසයත්, මගේ යෙහෙළියගේ සෙනෙහසත් නිසා මම  කුස පුරවා ගත්තෙමී. කෙතරම් කුස පිරුණත් පල නැත. මොහොතින් මට දැනේනනේ හිස් බවකී. මගේ ජීවිතය හිස්.. කාලා බීලා සතුටින් සිටීමට මට වරම් නැත.

‘‘මොකද බං මූණ ඇඹුල් කරන්... දිනිදුව වත් මතක් වුණාද?.‘‘

‘‘උඹ හිතනවද මට මතක් වෙන්නේ නැතුව ඇති කියලා... උඹ දන්නවනේ අපි දෙන්නා අතර කොහොම බැදීමක්ද තිබුණේ කියලා.‘‘

‘‘වැඩක් නෑ බං... උඹව අසරණ කරලා දැම්මා ඒ බැදීම.‘‘ ඇයට හීල්ලුනිය. ඒ සමගම සුසුමක් පිට කල මම ඉවත බලා ගත්තෙමී.

‘‘ඒ පාර ඇයි....‘‘ ඇය නැවතත් මා අසල අසුන් ගත්තාය. සේලයින් කටුව සවි කර තිබූ අතින් මෘදුව අල්ලා ගත් ඇය මුහුණට එබුණාය.

‘‘මම හෙට කොහෙද යන්නේ..‘‘

‘‘ඇයි මගේ ළගට... මගේ පුංචි ඇදේ උඹටත් ඉඩක් තියෙයි බං... දුක් වෙන්න එපා.. මම උඹව තනි කරන්නේ නෑ.‘‘ ඇය මගේ කොපුලක් ආදරෙන් පිරි මැද්දාය.. ඒ වන විට නැවතත් මගේ නෙත් යුවල කදුලින් බොද වී තිබුණී.

‘‘ අඩන්න එපා බං... උඹගේ හිතට සැනසීමක් වෙනකන් මම උඹ ළගම ඉන්නවා.. මට කියලා සහෝදරියොත් නෑනේ.. උඹ තමයි මට ලැබුණ හොදම යාළුවා... උඹ වගේ හොද එකියක්ට මෙහෙම වුන එකයි මට දුක... මොකට කියනවද?... දිනිදුවට පින නෑ.‘‘ ඇගේ අවසන් වදන් පෙල අවේගශිලි වුවාය.තවත් විනාඩී කීපයක් මා සමග රැදී වුන් ඇය මට සමු දී පිටව ගියාය. ඇය නික්ම ගිය පසු මට දැනුනේ විශාල තනි කමකී. තනිකමත් දුකත් සමග  සටන් කරමින් සිටි මම දහසක් දේ කල්පනා කලෙමි. මම ඉදිරියට කුමක් කරම්දෝ සිතුවෙමී.

‘‘මිස් රෑ කෑම එහෙම ගත්තද?‘‘ කාමරයට ඇතුළු වු හෙදනිලධාරිනියගේ හඩින් අවදී වන මම ඇය දෙස බැලුවෙමී.

‘‘ඔව්... නර්ස්‘‘

‘‘වොස් රූම් එකට එහෙම එක්ක යන්න ඕනෙද?.. මම මේ ඉන්ජෙක්ෂන් ටික දෙන්න ආවේ.. ‘‘ ඇය මගේ අතින් අල්ලා ගෙන කටුව එහෙ මෙහේ කර පරීක්ෂා කරන්න වුවාය.

‘‘යාළුවා එකන් ගියා.. දැන් යන් ඕනේ නෑ... ‘‘ මද සිනහවක් නැගුවත් අතට ගසා තිබූ කටුවෙන් දැනුණ වේදනාව සමග මගේ දෙනෙත් සිහින් විය.

‘‘රිදෙනවද?... හෙට ටිකට් කපයිනේ... තවත් තැනක කටුව ගහන්න ඕනේ නෑ.. අදට පෙඩ්ඩක් ඉවසන් ඉමු.‘‘ සිරින්ජයක්  සහ කුඩා කුප්පියක් අතට ගත් ඇය මා සමග සිනාසුනාය.

‘‘ඒකට කමක් නෑ නර්ස්.... මට ඉවසන්න පුළුවන්..‘‘

‘‘හොද ළමයා... නිදා ගන්නේත් නෑ කල්පනා කරනවනේ... ඔන්න දැන් නින්ද යයි. ‘‘ ඇය එන්නත ලබා දෙමින් පැවසුවේය. අතේ නහර රිදිම් දීගෙන බෙහෙත් ඇග තුලට ඇදී යනු මට දැනුනි. නෙත් තද කර ගත් මම වේදනාව ඉවසා හිටියෙමී.

‘‘දැන් ඉවරයි මිස් ඇස් අරින්න..‘‘  ඇය පිටව ගිය පසු වැඩි වෙලා යන්නට මත්තෙන් මම නින්දට වැටී තිබුණී.. උදෑසන වන තුරුම සුව නින්දක් ලැබූ මම අවදි වුයේ යමෙක් මට අමතන හඩිනි.

‘‘සදා....‘‘ මම දෙනෙත් හැර බැලුවෙමී.. එය සිහිනයක් නොව හැබෑවකී. මා අසල සිටගෙන සිටියේ දිනිදුය.

‘‘දිනිදු අයියේ...‘‘ ඔහු මට කෙතරම් රිද්දුවත් ඔහු දුටු විගස මගේ සිත වේදනාවෙන් බර විය. වෛරය වෙනුවට මට දැනුනේ අසරණ කමකී.

‘‘මොකද කෙල්ලේ මේ කර ගත්තේ...‘‘ ඔහුගේ හඩ සෝකාකූල වුවේය.

‘‘මම කරගත්තේ නෑ.. ඔයාලා මට කළේ මේ සේරම.‘‘ මම එවර කෝපයෙන් ඉවත බලා ගත්තෙමි.

‘‘මොකද වුණේ කියන්න.. ඇයි ඔයා ගෙදරින් ආවේ.‘‘ ඔහු මගේ අතකින් අල්ලාගෙන විමසන්න විය.

‘‘ඇත්තටම ලැජ්ජාව කියලා එකක් නැද්ද දිනිදු අයියේ ඔයාට... කරන්න තියෙන බලු වැඩ සේරම කරලා .. ඔයාගේ අම්මා ලවා මාව ගෙයින් එළියට ඇදලා දාලා.. දැන් ඇයිත් අහනවා.. ලැජ්ජාව කියලා... නාමයක් වත් නැද්ද?.‘‘‘

‘‘අම්මා ඔයාව එළියට ඇදලා දැම්මා... ඒ මොකද?.‘‘ ඔහුගේ මුහුණ පුදුමයෙන් පිරී තිබුණි.

‘‘මොකද අහන්නේ... ඔයා අර එඩිට් කරලා  හදපු ජරා පොටෝ ටික අම්මට පෙන්නුවා.. ඒකනේ අම්මා මට බැනලා පන්න ගත්තේ...‘‘

‘‘මම ...‘‘ ඔහු ඇද අසල තිබූ අසුනට බර වී දෑතින්ම හිස බදා ගත්තේය.

‘‘මොනවද මේ වෙන්නේ.. අනේ දෙවියනේ.. මට තේරෙන්නේ නෑ.. මම අසරණයි... මට සමාවෙන්න සදා..‘‘ ඔහුගේ අදෝනාවෙන් මගේ හදවත අනුකම්පාවෙන් පිරී ගියාය.

‘‘ඇයි දිනිදු අයියේ.. ඔයා මට හංගන දෙයක් තියේ... ඒක මට කියන්න.. ඔයාගෙ ප්‍රශ්නයට මගේ ළග උත්තරයක් ඇති.‘‘ මම අමාරුවෙන් ඇද වියලට බර වුනෙමී.

‘‘නෑ.. නෑ.. සදා ඒ ප්‍රශ්නෙට විසදුම් නෑ... මට සමාවෙන්න කෙල්ලේ.. මම ඔයාගේ ජීවිතේ විනාශ කලා...  මම හිතලා කළේ නෑ.. ඉබේටම එහෙම වුණා....‘‘ ඔහුගේ අදෝනාව තව තව වැඩි විය. සැමදාමත් මා හඩවා නිහඩ වන ඔහු, අද තනිවම හඩයි. මම ඔහු දෙස බලා වුන්නෙමී. ඔහු ළගට ගොස් හිස අතගා හිත තුළ තෙරපෙන ගැටළුව දැන ගැනීමට මට අවශ්‍ය වුවත් ඒ සදහා මට අද වාරූ නැත.. ඇදෙන් බැස යා නොහැකිය. එක් අතක් පාවිච්චි කිරීමටද මට නොහැකිය. මොනවද මේ දිනිදු අයියා කියන්නේ.. එයා පොටෝ පෙන්නුවේ නැත්තම් ඇයි අම්මට තරහා ගියේ.. මට මේ සේරම විසද ගන්න තියෙනවා නම්.

‘‘ අනේ මට සමාවෙන්න කෙල්ලේ.. සමාවෙන්න මට ඔයා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුණා..  මම අම්මට මොකුත් කිව්වේ නෑ.. ඔයාට පෙන්නලා බය කරත් ඒවා කාටවත් පෙන්නන්න මම හිතුවේ වත් නෑ..‘‘ කවදාවත් නැතිව ඔහු ඕනිවටත් වඩා කතා කරන්න වී තිබුණේය.

‘‘ඒවා වැඩක් නෑ... දැන් ඔයාට කොහෙමද අඩුයි නේද?.. මට සයුමී සේරම විස්තරේ කිව්වා.. මම එන ගමන් ඩොක්ටර්ව හම්බෙන්නත් ගියා.. ඔයාගේ ටිකට් කපනවා කිව්වා අද?.‘‘  දෑතින්ම මුහුණ පිස දා ගත් ඔහු නැවත පුටුවෙන් නැගිට මා අසලට පැමිණියේය.

‘‘එහෙමද?... රිපොට් ඇවිද්ද?.‘‘

‘‘ඔව්.. ඒවා නෝමල්... මම එන්නම් දවල් වෙලා එක්ක යන්න... ‘‘

ඔහුගේ වචනයත් සමග මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමී.

‘‘මාව ආයිත් ඔයාලගේ ගෙදර එක්ක යන්න... පිස්සු හැදීගෙන එනවද?.‘‘

‘‘ඇයි ඔයා වෙන කොහෙ යන්නද?‘‘ ඔහු පෙරලා විමසුවේය.

‘‘මම යන තැන හොයන්න ඕනේ නෑ.. දැං වත් මට ..මගේ...නිදහසේ ඉන්න දෙන්න.. මම කරන කියන ඒවා හෙව්වේ නැතුවට කමක් නෑ.‘‘  මට නැවත ඔහු සමග යාමට කිසිම උවමනාවක් නොවීය. මම එක හෙළාම අකමැත්ත ප්‍රකාශ කලෙමී.

‘‘එහෙම කියලා කොහොමද .. ඔයාළගේ අම්මත් නෑ.. ඔයාගේ වගකීම තියෙන්නේ මට.‘‘

‘‘දැන්ද වගකීම මතක් වුනේ...  අනේ ප්ලීස්... වැදලා කියන්නම් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.‘‘ ඒ සමගම මම ගස්සා ඉවත බලා ගත්තෙමී.

‘‘හරි සදා.. ඔයාගේ කැමැත්තක්... ඒත් ඔයා කොහෙටද යන්නේ කියලා විතරක් මට කියන්න... ඔයාට ඕනි දෙයක් ඉල්ලන්න මම දෙන්නම්.. ඊට වඩා දෙයක් මට කරන්න බෑ... ඔයාව ආයෙත් අරං ගිහින් වද දෙන්න මට බෑ... ‘‘ අවසානයේ ඔහුගේ හඩ පවා වේදනාකාරීය. කුමක් හෝ ලොකුම හේතුවක් ඇති බව නම් තක්කයටම විශ්වාසය.

‘‘මට ඔයාගෙන් මොකුත් එපා... මගෙන් ඈත් වෙලා ඉන්න .. මට නිදහසේ ජීවත් වෙන්න දෙන්න.‘‘ මම ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පැවසුවෙමී. තවත් කිසිවක් නොපැවසූ ඔහු නිඩවම බලා වුන්නාය. ඒ නිහඩ බවත් මුහුනේ රැදුණු පසුතෑවිමත් මගේ හදවත උණු කර ඔහු කෙරෙහී යලිත් අනුකම්පා උපද්දවන්නට උත්සහ ගන්න වුවාය. ඒ  හේතුව නිසාම මම තවත් ඔහු දෙස නොබලා ඉන්නට වෙර දැරුවෙමි.

‘‘ආ... දිනිදු අයියා.. කවුද දන්නේ නෑ.. එන්න පාර කිව්වේ...‘‘ ඒ එක්කම වගේ මලු කීපයක්ම උසවාගෙන කාමරයට ඇතුල් වුනේ සයුමිත් නදුනුත් විය. ඔවුන් දැකීමෙන් තිගැස්සුනු ඔහු අපහසුවෙන් මුහුණ හංගා ගැනීමට උත්සහ ගත්තේය. මට කෑම, අළුත් පිරිසිදු ඇදුම්, ඇදට ඇතිරිලි, කොට්ට උර , තුවා.. ඒ සේරම සයුමි කවර වලින් එකින් එක එළියට ගද්දී දිනිදුගේ මූණ තවත් වෙනස් වුණා. දිනිදුට තේරුම් යන්න ඇති එයා මට ආදරෙන් සැළකුවේ නැතිවට අනිත් අය මට හුගක් ආදරේ කරන බව. දිනිදුව ගනනකටවත් නොගත්ත සයුමී මම උදේ ආහාරය පෙරැත්ත කර කර කැව්වා. දිනිදුගේ බෙරි වුණ මූණ දැක්කම මට කන්න  පිරියක් ඇති නොවුන නිසා මම කෑම ප්‍රතික්ෂේප කළෙමි.

‘‘මේ මිස්ගේ ටිකට් කපනවා කිව්වා දවල් වෙද්දී.‘‘ කාමරය හිස පෙවූ හෙදනිළධාරිනියක් පැවසුවාය.

‘‘හරි නර්ස් මම එන්නම් පේමන්ට් ගෙවන්න.‘‘ නදුන් ඇයට පිළිතුරු දුන්නේ නොසිතපු අයුරින් විය. ඔහු ඇය පසු පසම කාමරෙන් පිට වන්නට සැරසුණේය.

‘‘මේ මිස්ගේ සේරම පේමන්ට් මේ මහත්තයා ගෙව්වනේ.‘‘ හෙදනිළධාරිනිය පැවසූවේ දිනිදුව පෙන්වමින් වුවාය. හිස ඔසවා වත් නොබැලූ ඔහු සංසුන්ව සිටියේය. ඔහු කුමන අයුරෙකද යන්න මට වටහා ගත නොහැක. අහිංසක පෙනුමක් මවාගෙන නැවතත් මාව ආපයකට ඇද දමන්නට පැමිණි යම පල්ලෙක් ලෙස මම වරෙක  ඔහු ගැන සිතුවෙමී. කීපවරක්ම මිනිසුන් විශ්වාස කර මම ලොකු වේදනාවන්ට මැදි විය. එනිසාම සිතට නැගුණු වේදනාවට පිටතට එන්නට මම ඉඩ නොදුන්නෙමී. තවත් ඔහුගේ රංගනය ඉදිරියේ මම රසිකයෙකු නොවීමට ඉටා ගත්තෙමී.

‘‘එහෙනම් කෙල්ලේ.. අපි දවල්ට එනවා ඔයාව එක්ක යන්න... බෝඩිමට ගිහින්ම නිදහසේ මොනා හරි කමු.. මම බෝඩීමේ ආන්ටිටත් කියලා අමාරුවෙන් කැමැත්ත ගත්තා... ‘‘ ඇගේ මුහුණේ තිබුණේ පුදුමකාර සෙනෙහසක්, දිනිදුගේ මුහුණේ තිබුණේ ඊට සමානම අසරණ කමකි. ඔවුන් දෙදෙනාම දෙස මාරුවෙන් මාරුව බැලු මම හඩනවාද සිනහා වෙනවාද  සිතා ගත නොහැකිව දෙගිඩියාවෙන් බලා වුන්නෙමී.

‘‘මම ගිහින් එන්නම් සදා... මොනවා හරී ඕනේ වුණොත් මට අනිවාර්යෙන් කියන්න.... ‘‘ පුදුමඑළවන සුළු වැකියක්  පැවසු ඔහු සයුමි දෙසවත් නොබලා පිටව ගියේය. සයුමි ඔහුව එතරම් තැකීමක් නොකළ නිසා ඔහුට වේදනාවක් දැනෙන්නට ඇත.

   සියල්ලන්ම පිටව ගිය පසු  මම තනිවම සිතුවෙමී. ගත යුතු තීරණයත් ගැන මට පැහැදිළි වැටහීමක් නැත . කෙසේ නමුත් නැවත දිනිදුගේ නිවසට නොයාමට මම තීරණය කලෙමී.

    මාව ඇයගේ තාවකාලික නවාතැනට කැදවාගෙන ඇය මා වෙනුවෙන් සියල්ල ඉටු කරන්න විය. මා වෙනුවෙන්ම වරුවක නිවාඩුවක්ද ගෙන පැමිණ තිබූ ඇය  ඇගේ අතින්ම දවල් ආහාරය පිළියෙල කර දුන්නාය.

   හැරෙන්නටවත් ඉඩක් නොමැති කාමරය තුළ දෙපසට වන්නට කුඩා ඇදන් දෙකකි. තවත් කොණක කුඩා මේසයකි.. ඒ මත තනි ලිපක් සහිත ගෑස් ලිපකී..  ඉඩ කඩ අඩු වුණත් තමන් විසින්ම ආහාර පිස ගැනීමට සිතූ ඇය මුළුතැන් ගෙයට අවශ්‍යම කරන කලමණා පමණක් කාමරයේ කොණකට කර සූදානම් කර තිබුණි. තවත් කොණක කුඩා රූපවාහිනියකි.. ඒ අසලම විදුලි පංකාවකී.. කාමරය හරහා බැද තිබූ වැලක මැද එල්ලන ලද ඇදුම් රැසකී. ඇදුම් අසුරා තබන්නට කුඩා අල්මාරියක්ද විය.. සියලු බඩු බාහිරාදිය තැබූ පසු කාමරය  මැද ඉතුරු වී තිබුනේ කුඩා තීරුවක ඉඩක් පමනකී. ඒ ඉඩ තුළ වරෙකුට එකෙකුට වඩා ඇදුම් මාරූ කිරීමද අපහසුය.

‘‘ඔන්න මගේ පුංචී හිර කූඩුව.... මගේ කිව්වට මගේ නෙමෙයි.. මේ කාමරේ තව නංගියෙක් ඉන්නවා.. මතකනේ ඔයාට කොල් කලේ නිපුණි.‘‘ වැඩවලින් මදක් නිදහස් වූ ඇය සිනහවකුත් සමග මා අසලම ඇද මත වාඩී වුවාය.

‘‘ඇයි බං උඹ මෙහෙම තැනක ඉන්නේ... නදුන් අයියට කිව්වා නම් මීට වඩා හොද තැනක් හොයලා දෙයිනේ.‘‘ මම පැවසුවේ පුංචී කාමරය පුරා නෙත් යවමිනී.

‘‘උඹට අමාරුයි වගේද කෙල්ලේ මේ කාමරේ කොටු වෙලා ඉන්න.. මට නම් පුරුදු වෙලා බං.. අනිත් හැම තැනටම වඩා අපිට මෙතන ආරක්ෂාව හොදයි.. මෙහේ ආන්ටී හරිම හොදයි.. අනික ඉතිං අපිට පුරුදු වෙලා... හිතන තරම් අමාරු නෑ පුරුදු වුණාම.‘‘ ඇය සැහැල්ලුවෙන් පවසාගෙන ගියාය.. මම ඇගේ නලිය නෙත් දෙසම බලා වුන්නෙමි. කුමක් හෝ හේතුවක් නිසා ඇයට නැවතත් මා ඇසුරේ සිටීමට ලැබීම ගැන ඇය සතුටින් සිටින බව මට වැටහුණි.

‘‘අනේ  ... මට අවුලක් නෑ බං... මමත් ඕනේ එකකට ඔට්ටුයි‘‘

‘‘මම ඒක දන්නවා කෙල්ලේ..‘‘ ඇය බොදවුන දෙනෙතින් යුතුව ආදරයෙන් මගේ හිස පිරිමදින්න වුවාය.

‘‘කෙල්ලේ මට නා ගන්න ඔනේ.. තව ටිකෙන් නිපුණි නංගත් එයි.. ඔයාට ඇග සොදගන්න එහෙම ඕනෙද?‘‘

‘‘උඹට කරදර නැත්තම් වොෂ් එකක් දා ගත්තා නම් හොදයි..‘‘ වැල මත තිබූ ඇදුම් අවුස්සමින් සිටි ඇයට මම පැවසුවෙමී.. එවර  ඉණ මත අතකුත් ගසාගෙන මගේ පැත්තට හැරුණු සයුමී මට ඔරවන්න විය.

‘‘මෝඩී.. ආයි කියනවා බලන්න ඔය කතාව.... මට උඹව වදයක් නම්... එක්ක එනවද?.‘‘

‘‘හරි හරි බං සොරි.. ‘‘මම සමාව අයැදුවෙමී. ඇගේ උදවු ඇතිව තවමත් වේදනා දෙන අත තෙමෙන්නට නොදී මම ඇග දොවා ගත්තෙමී. ලොකුවට වෙලුම් පටි යොදා තිබුණත් ඔලුවේ සහ පාදයේ තිබුනේ එතරම් විශාල තුවාල නොවීය. පාදයේ වෙලුම් පටි නම් ඉවත් කර තිබුණි. එහි තිබුණේ සීරීම් පාරක් පමණි. ඇග දොවා ගත් පසු ලද අස්වැසිල්ල සමග මම ඇද මත වාඩී රූපවාහිනිය නරඹන්න විය. අර සැප සම්පත් මැද දිනිදුගේ නිවස තුළ ගෙවු කාලයට වඩා මේ පැය කීපයක කාලය තුළ මේ පුංචී කාමරය තුළ ඇති සැනසිලි දායී බව මොන තරම්දැයි මම සිතුවෙමී...

‘‘සයූ අක්කියා.. ඔන්න මම ආවා... පණ.. ඔයාගේ යාළු අක්කියා ආවද?‘‘ එසේ කියාගෙන කාමරයට ඇතුල් වුයේ කාමරයේ වුන් අනෙක්  නවාතැන්කාරියයි. ඇය දැකීමෙන් මගේ දෑස් පුදුමයෙන් දැල්වුණි.

‘‘ඔයා........‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:25 PM
  •  Quote
  •  Reply


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:28 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

හතලිස්වන කොටස.

‘‘ඔ....යා....‘‘ මම දුටු විගසම පුදුමයෙන් මුව අයා ගත් ඇයද ඇගේ අත ඉබේම මුව මත රදවගෙන වුන්නාය.

‘‘සදා ව දන්නවද නංගා....‘‘ ඒ වෙන කොට නා ගෙන කාමරයට ඇතුල් වු සයුමි තෙත කොණ්ඩය පිසදමින්  නිපුණි ළග නතර වුණාය.  මගෙත් නිපුණිගේත් පුදුමයෙන් පිරිණු දෙනෙත් දෙස වරින් වර බැලු ඇය අපෙන් ප්‍රශ්න නගන්නට විය.

‘‘ඔයා නේද?... සදා... අර..‘‘

‘‘ඔව් ඔව්... මම තමා ගගනගේ ස්කෝලේ යාළුවා සදා... එතකොට ඔයා නේද... සුදු නංගී..‘‘ මම ඒ වන විට සියල්ල පැහැදිළිව සිහිගන්වාගෙන සිටියෙමී.

‘‘මෙයාද උඹ කිව්ව සුදු නංගී... අඩේ බං විශ්වස කරන්නත් බෑනේ... උඹ කිව්ව කෙල්ලද මේ.‘‘ එවර සයුමිගේද නෙත් විසල් විය. මට නම් ඇය ගැන ලොකු වේදනාවක් වත් තරහක් නොවීය. ඇය නිසා හෝ ගගන සතුටින් සිටීම ගැන මම නිතැතින්ම සතුටු විය.

‘‘මේක මහ.. පුදුම හමු වීමක් සයු අක්කී... මම හැමදාම පැතුවේ.. සදා අක්කව මට මුණ ගැහෙන්න එපා කියලා.‘‘ කනස්සල්ලෙන් යුතුව ඇද කොණක වාඩී වූ ඇය කල්පනා කරන්නට පටන් ගත්තාය.

‘‘ඒ මොකද නංගා... සදා කියන්නේ හොද කෙනෙක්... එයාගේ හිතේ ඔයා ගැන පොඩි කහටක් වත් නෑ.. නේද සදා..‘‘ සයුමි මා දෙස බලා හිස සැලුවා. ව්‍යාජව නොව හැබෑ සිනාකින් මුව සරස ගත්තු මම නිපුණි ළගට කිට්ටු වුනෙමි. මට ඇය සමග කිසිදු අමණාපයක් නොතිබු අතර ගගන සතුටින් සිටින බව දැන ගන්න මට අවශ්‍ය විය.

‘‘ඇයි සුදු නංගා දුකින් වගේ... මට ආරංචී ඔයාලත් එන්ගේජ් වුණා කියලා.‘‘

‘‘එන්ගේජ් වුණා .. මමයි සුදු අයියයි.....‘‘  ඇගේ විසල් නෙත් මා දෙසට යොමු විය.

‘‘ඇයි.... ‘‘

‘‘කවුද සදා අක්කි ඔය කතාව කිව්වේ.... ‘‘ඇගේ මුහුනේ තිබුනේ පුදුමාකාර වේදනාවක් විය. ඇයට මා සමග පවසන්නට හුගක් දේ ඇති බව ඒ අහිංසක ඇස් දෙක පැවසුවාය. මම හිතු අයුරු මොන තරම් වැරදිද යන්න මා හට ඒත්තු ගැන්වෙමින් තිබුණාය. නිපුණී නොහොත් සුදු නංගී යනු සැබවින්ම අහිංසක , හුරුබුහුටි  ඒවගේම දගකාර චරිතයක් බව ඇය  ඇසුරු කළ මේ මොහොතට මට වැටහී තිබුණී. බාහිර පෙනුපෙන් මිනිසුන් මැණිය නොහැකිය. එනිසා තවත් ඇගේ හදට කිට්ටු වන්නට මම සිතා ගත්තෙමි.

‘‘නංගා තේ ටිකක් බීලම වොශ් එකක් දා ගමු..‘‘ සයුමී එලෙස පැවසුවේ  විදුලි කේතලයට වතුර එක් කර විදුලි රැහැන සවි කරන ගමන් වුවාය.

‘‘ඒක හොදයි.....‘‘ ඇග දොවා ගත් පසු දැනුන නැවුම් බවත් සමග තේ එකක්  පානය කරන්නට ඇත්නම් කියා මම සිතමින් වුන්නෙමී. පුදුමයකී මොතරම් දවස් මම සිතන පතන කිසිත් සඵල නොවූ ජීවිතයේ, යම් යම් සඵල වීම් මතුවෙමින් තිබුණි. දිනිදුගෙන් මිදුන  පසු මට මොනතරම් නම් සැහැල්ලුදැයි මම සිතුවෙමී.

‘‘මේ අහන්න සදා .. අක්කී... මට ලොකු දෙයක් කියන්න තියෙයි.. ඒ වගේම සොරි මගේ අක්කී... හුගාක් සොරි... මම හිතුවේ නෑ මම කරන වැඩෙන් අපේ සුදු අයියට මෙහෙම වෙයි කියලා.‘‘ වැටෙන්නට ආසන්න වු කදුළු පුරවා ගත් නෙත් යුවල බිමට හැරි තිබුණාය. අමාරුවෙන් යහන මත වාඩී වූ මම ඇයව මගේ පැත්ත හරවා ගත්තේ ගගනගේ ජීවිතේට සැනසුමක් නොමැති බව ඇගේ වචන අතරෙ සැගවී තිබූ නිසා විය. වේදනා දෙන අත අනෙක් අතින් ඔසවා උකුල මත ලබා ගත් මම ඇගේ උරහිස මත අතක් තැබුවෙමී. ගගන මට රිද වූවත් ඔහුගේ සතුටට වෙනුවෙන්ම සතුටු වුණ මා අද ඔහු වේදනාවෙන් බව දැන ගත් විට කෙසේ උහුලන්නද?.

‘‘මොකද්ද නංගා ඒ කතාව.. ගගනට මොකද වුනේ....‘‘ ඒ කතාවෙන් පුදුම වුණ සයුමිත් අපිට කිට්ටු වුවාය.

‘‘මගෙයි සුදු අයියගෙයි අතර සහෝදරකම හැර වෙන කිසිම බැදීමක් නෑ... මම දැනන් හිටියෙත් නෑ... සුදු අයියා ඔයාගෙන් ඈත් වෙන්න මාව පාවිච්චී කලා කියලා...‘‘

‘‘එතකොට අර එෆ්බී දැම්ම පොටෝස්... ඔයා මට කෝලුත් කලේ...‘‘ දැන් නැවතත් අග මුල පැලී ඇත. නිපුණි එක්ක සම්බන්දයක් නැත්තම් ඇයි මගෙන් ඈත් වුනේ...

‘‘ඒවා ඇත්ත... කොල් කලෙත් මම... ඒ සුදු අයියා කිව්වා.. කෙල්ලෙක් එයාට ඇණයක් වෙලා ඉන්නවා උදව්වක් කරන්න කියලා.. ඒකයි මම එහෙම කලේ..ඒත් මම පස්සෙයි සිද්දිය දැන ගත්තේ අක්කේ... මට හුගක් දුකයි.. ඔයාලා මං හිංදා ඈත් වුණා.... ඇත්තටම ඒක මගේ පව්කාර කම.‘‘ ඇය ඈ පිටම වරද පටවා ගනිමින් වෑස්සෙන කදුළු බිද පිසලන්නට වුවාය.

‘‘දැන් ගගන මොකද කරන්නේ සුදු නංගා...‘‘ කදුළු හිර කර ගත් මම මගේ අවසානාව ගැන සිතවෙමි.

‘‘එයා දුකින් අක්කි... ඔයා දිනිදු අයියව බදිනකන් එයා මට ඇත්ත කිව්වේ නෑ.. අක්කා වෙඩින් එක දවසේ රෑ අයියට බැන්නා .. කිව්වා.. එයා දුකින්.. එයා නිසා ඔයාගේ ආදරෙට ... ජීවිතේට අවුලක් වුණාද කියලා.‘‘ මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමී.

‘‘මට පැහැදිළිව කියන්න සුදු නංගා.. ඒ කියන්නේ එදා ගගන දිනිදුට කෝල් කලාද?.‘‘

‘‘ඔව්... එතන මාත් හිටියා....‘‘

‘‘ඒ කියන්නේ  දිනිදු මට ඇත්ත කියලා තියෙන්නේ.. ඒත් ඇයි නංගා ගගන මං ගැන දුක් වෙනවා නම් එහෙම කලේ..‘‘

‘‘ඔයා පටලන් අක්කී.. ඉන්න මම කියන්නම්..ඒත් අක්කි දැන් දිනිදු අයියා එක්ක රණ්ඩු කරන්න එපා මේවා අහලා...‘‘

‘‘එතන අළුතින් රකින්න  බැදීමක් නෑ නංගෝ... සදාගේ හිත හැදෙන්න වත් ඇත්ත කියන්න..‘‘ විදුලි කේතලය උණු වී අවසන් බවට දැනුම් දෙන හඩ ඇහෙද්දී සයුමි එලෙස පවසමින් නැගී සිටියාය.

‘‘සුදු අයියා වෙඩින් එකට එන්න හිටියේ ... ඒත් එන්න බැරි වුණා.. ආවත් ඔයාව දකින්න දුකයි කිව්වා.. ඒකයි එදා රෑ කෝල් කලේ.. මම ඉන්න තැනමයි කෝල් කලේ..‘‘

‘‘හ්ම්ම්ම්... ‘‘ මම නැවත ඇද වියලට හේත්තූ වී පසෙක හැර තිබූ කුඩා කවුළුවෙන් ඈතක නෙත රදවන් වුන්නෙමී... එදා දිනිදු ළග සිටිනු ගගන මුලින්ම දුටු දවස.. දිනිදු මුලින්ම අම්මත් එක්ක අපේ ගෙදරට ආපු සැදෑවට සමාන සැදෑවක් මට කවුළුවෙන් පෙනුනී. ඒ සෑදෑව මට  මොන තරම් කුරිරු වූවා දැයි මම සිතන්නට වුනෙමී.

‘‘සුදු අයියා කතා කරලා විශ් කලා.. දිනිදු අයියා කිව්වා.. අක්කා වොෂ් දානවා කියලා.. අපි හෝම් කමින් එකට එන්න ලෑස්ති වෙලා හිටියේ.. මොකද දිනිදු අයියා අපි දෙන්නටම ඉන්වයිට් කරලා තිබුණේ.. එයත් ඔයා වගේම දැනන් හිටියේ අපි එන්ගේජ් වෙලා කියලා.. ඒත් ඒක බොරුවක් අක්කී... සුදු අයියා ගැන චූටී මතකයක් හරි ඔයාගේ හිතේ තියෙ නම් ඒ මතයෙනුත් ඈත් වෙලා ඔයාගේ හිත හදන්නයි සුදු අයියා උත්සහ ගත්තේ....‘‘

‘‘මොනවද නංගියෝ කියන්නේ... ඇයි ගගන මාව මගෑරියේ.. මට හෝතුව දැන ගන්න ඔනේ.. එයාට හෝතුවක් තිබුණේ නෑ මගෙන් ඈත් වෙන්න... ආදරෙයි නොකිව්වට අපි අතර තිබුණ බැදීම එයා දන්නවා...‘‘ මම තරමක කෝපයෙන් පැවසුවෙමී.

‘‘කේන්ති නොහෙන නංගා කියන දේ අහන් හිටපනං... මට හිතෙන්නේ... උඹලා අතර ලොකු වැරදී වැඩහීමක් වෙලා.‘‘ අපි දෙදෙනාට තේ පිළිගන්වු ඇය ඇගේ තේ එකද අතැතිව අපි අසල වාඩී වුවාය.

‘‘මට හුගක් පස්සේ තේරුනේ අක්කකේ.. සුදු අයියා තාමත් ඇත්ත දන්නේ නැතුව ඇත.. ඒත් අක්කී හොද කෙනෙක්.. මට සයු අක්කි.. අක්කී ගැන හුගක් කියලා තියෙනවා.. ඒවත් එක්ක බැලුවම.. අක්කී ඇත්තටම සුදු අයියට වරදක් කලා වෙන්න බෑ...‘‘

‘‘අනේ පිලීස් නංගා... මගේ ඔලුවත් අවුල් වෙලා...‘‘

‘‘අක්කී මතකද සුදු අයියා අපේ ගෙදර නවතින්න ආපූ දවස.‘‘

‘‘ඔව්..‘‘ මට අමතක කරන්න බෑ ඒ දවස එතන ඉදන්ම මගේ ජීවිතේට ළං වුනේ කරදර විතරයි.. ඔව් ගගන ඔයා ඈත් වෙන්න ඈත් වෙන්න කරදර දුක් මගේ ළගට ඉගිල්ලිලා ආවා.

‘‘එදා සුදු අයියා උදේ ඉදන් බලන් හිටියා අක්කී කෝල් කරනකන්.. මට අක්කී ගැන කියලා තිබුණේ නෑ.. ඒත් පොන් එක දිහාම බලන් ඉද්දී මට තේරුණා.. ඒත්.... සුදු අයියයි මායි හුගක් ළගයි ..මම එයා ළග හැසිරුනේ පොඩි ළමෙක් වගේ... හුග කාලෙකින් සුදු අයියා දැක්ක නිසා එයා තනියෙන් කාමරේ ඉන්නවට මම ආස වුනේ නෑ... ඒකයි එදා කෝල් එකක ඉද්දී මම අයියව ඇදන් ගියේ.‘‘

‘‘හ්ම්ම්...‘‘

‘‘එදා කොල් කලේ අක්කී නේද?.‘‘

‘‘ඔව්.. දවසම බලන් ඉදිලා බැරි තැන ගත්තේ... මට දුක හිතුණා නංගියෝ.. ඔයා ගැන ගගන මට පොඩ්ඩක් වත් කියලා තිබුනේ නෑ‘‘ මට වැරදී තිබූ තැන් දැනෙන විට මගේ වේදනාව වැඩියෙන් මට දැනෙන්න විය.

‘‘මට එදා ඒකේ බරපතල කමක් තේරුනේ නෑ... ඊට පහු වෙනිදා උදේ පාන්දර මම අයියට තේ එක දෙන්න ආවේ... අයියා කෝල් එකක... මට ඊර්සියා හිතුණා එයා කෝල් කර කර ඉන්න ගත්තම මට පාළු නිසා. අනික ඔයා ගැන මට කියන්නේ නැති නිසා  මම කටින් අල්ල ගන්න හැදුවේ... මම හිතුවේ මම එහෙම කලාම සුදු අයියා මට ඇත්ත කියයි කියලා.‘‘ තවමත් උගුරක් වත් නොබිව මගෙත් නිපුණිගේත් තේ දෙක අත් මතම ඇල් වෙමින් තිබුණි. අපේ කතාවට සවන් යොවාගෙනම සයුමි රෑ අහාරය පිළියෙල කීරීමට සූදානම් වෙයි. ඇය මා වෙනුවෙන් වෙහෙසෙන අයුරු දැක මට දැනුන  වේදනාව තවත් වැඩි විය. තනි අතකින් ඇයට කිසිම උදව්වක් කළ නොහැකි එක ගැන මම තව තවත් දුක් වුනෙමි.

‘‘ඒත්..  සුදු අයියා මට ඔයා ගැන කිව්වේ නෑ.‘‘

‘‘හ්ම්ම්ම්ම්...‘‘

‘‘පහුවදා සුදු අයියා මට පොටොස් වගයක් පෙන්නුවා.. ඒවෑ හිටියේ ඔයයි.. දිනිදු අයියයි.. ඔයා දිනිදු අයියාගේ උරහිසේ ඔලුව තියාන හොදට නිදාගෙන හිටියේ..‘‘

‘‘මගෙයි දිනිදු අයියගෙයි..... ඒ කාලේ අපි අතර හොද යාළු කමක් වත් තිබුණේ නෑනේ.. ඉතිං කොහොමද එහෙම පොටොස් ගන්නේ..‘‘ මාර වැඩක්කේ.. ගගනගෙයි මගෙයි හැදුවා වගේ හදන්න ඇති.. ඒ කියන්නේ ගගනගේ හිත පාරලා තියෙන්නේ දිනිදු.. මෙහෙම ජරා මිනිහෙක්.. දැන් මාවත් එපාළු.. මොකටද මේ මිනිහා එහෙනම්  ගගනව මට නැති කළේ.‘‘

‘‘හ්ම්ම්ම්....ඔයාගෙයි ... දිනිදු අයියාගෙයි... සුදු අයියා මට කිව්වා.. මේ බලනවා සුදු නංගා.. මගේ පස්සෙන් එන කෙල්ලගේ බොයි ප්‍රෙන්ඩ් මට තර්ජනය කරනවා කියලා.‘‘

‘‘ගගන එහෙම කිව්වද?.‘‘

‘‘අක්කි කළබල වෙනවනේ.. ඉන්න කියනකන්.. මටත් දැනුයි ඒ කතාව තේරෙන්නේ..

‘‘හරි .. ඒ කියන්නේ.. දිනිදු ගගනට බැනලා තිබුණද?.‘‘  මට කතාව දැන ගන්න තුරු ඉවසුවක් නොවීය.

‘‘ඔව්.. මගේ කෙල්ලගෙන් ඈත් වෙලා ඉදපන්.. මට සදා කිව්වා උඹ එයාගෙන් ආදරේ ඉල්ලලා වද දෙනවා කියලා...තව හුගක් දේවල් තිබුනා... ඔය වගේ..‘‘

‘‘තව මොනවද?‘‘

‘‘සුදු අයියා යවපු මැසේජ් තිබුණා.. අපි අතර එහෙම බැදීමක් නෑ.. මම දැනන් හිටියේ නෑ.. උඹලා අතර එෆෙයාර් එකක් තියෙන බව. සොරි මචං උඹ අකමැති නම් මම යාළු කමත් අතාරින්නම්... එයත් එවලා  තිබුණා... ඒක කාටත් හොදයි සදා මගේ විතරයි.. දැක්කනේ.. සදා මාත් එක්ක සතුටින් ඉන්නේ ...උඹ අපි අතරට එන්න එපා ...ඔයා විදියට..අක්කී දිනිදු අයියා එක්ක යාළුයි කියලා ඒ මැසේජ් බැලුවම මටත් දැනුනේ..‘‘

‘‘අනේ... දෙවියනේ... මගේ හිතේ වත් තිබ්බේ නෑ... මේ ජරා මිනිහා.‘‘ මම කෝපයෙන් දත්මිටි කෑවෙමී.

‘‘ඇයි අක්කී...‘‘

‘‘මගේ කතාව මම පස්සේ කියන්නම් නංගා.. මට ගගන ගැන දැනගන්න ඕන මුලින්ම.‘‘ මම කෝපයත් සමගම පිටවුන කදුළු පිසදුවෙමී. හොදටම ඇල් වුන තේ එකද පසෙකින් තැබූ මම කතාවට සිත යොමන් වුන්නෙමී.

‘‘ඉතිං සුදු අයියා මගෙන් උදව්වක් ඉල්ලුවා...‘‘

‘‘මොකද්ද?....‘‘

‘‘ඔයාගෙන් බේරෙන්න මට එයාගේ ග්ර්ල් ප්‍රෙන්ඩ් වගේ හැසිරෙන්න කිව්වා.. ඒ වෙද්දිත් මට එෆෙයාර් එකක් තිබුණා.. ඒක සුදු අයියත් දැනන් වුන්නා.‘‘

‘‘මගෙන් බේරෙන්න...‘‘

‘‘ඔව්.. අයියා මට කිව්වේ.. කොල්ලෙක් ඉද්දී ඔයා එයාගේ පස්සෙන් එනවා.. කියලා... ඒත් මට දැනුනා අයියා දුකෙන් කියලා... ඒක නිසා මම ඇහුවා.. ඔයා බොරු නේද සුදු අයියේ... ඔයා බූට් එකක් කාලා නේද කියලා.. නෑ නෑ සුදු නංගා... මට උදව් කරන්න කිව්වා..‘‘

‘‘ඉතිං...‘‘

‘‘මම එයා කියන ඒවා කලා.. මම හිතුවේ ඔයා මහ නරක කෙල්ලෙක් කියලා.. සොරි අක්කී.. මම එහෙම හිතුවට.. මම හිතුවේ ඔයා.. සුදු අයියට බූට් එක තිබ්බා කියලා.. අද තමයි මම දැන ගත්තේ.. සුදු අයියට බූට් තිබ්බ සදායි... සයු අක්කා කිව්ව ආදරේ වෙනුවෙන් තනියෙන් අඩපු සදායි දෙන්නම ඔයා කියලා... මට වැරදුනා.. මම ඔයා ගැන හෙව්වේ නෑ.. මට දුකයි අක්කී.‘‘ තවත් කතා කළ නොහැකී වූ ඇය මගේ උකුල මත හිස හොවා ගත්තාය.

‘‘දුක් වෙන්න එපා සුදු නංගා... ඒ මගේ නොලැබිම .. ඔයාගේ වරදක් නෙමෙයි.‘‘

‘‘නෑ අක්කී.. මගේ වරද?.. මට එෆ්බී එකෙන් වත් ඔයා ගැන හොයන්න තිබුණා.‘‘

‘‘ඒත් අර පොටෝ.. ගගන රැවටුනා නම්.. ඒවා ඇත්තම වගේ ම තියෙන්න ඇති.. ගගන මාව මගාරිද්දී අඩලයි, කල්පනා කරලයි මම අසනීප වුණා.. කොහොම හරි එදා බෙහෙත් ගන්න ගිය වෙලේ අමාරුට ම මට කා එකේ නින්ද ගියා.. දනිදුට හොදට පොටෝ එඩිට් කරන්න පුළුවන්... ඒ එඩිට් එකක ප්‍රතිථල ඇවිත් තමා... මම අද මහ පාරට වැටිලා තියෙන්නේ...‘‘

‘‘ඔයා පව් අක්කී...‘‘

‘‘මොකද්ද සදා... ඒ කතාව‘‘ මම මුල්ම වතාවට මගේ මාසයකට සීමා වු පවුල් ජීවිතයේ අමිහිරි අත්දැකීම ඔවුන් සමග පැවසුවෙමි. ඒ කතාවත් සමග ම ඒ රුදුරු දවස් වලට සිතින් ගමන් කළ මා සැඩ සුළං බදු සුසුම් .. පිට කලෙමි.. යම් තැන් වල කියා ගන්නට බැරිව වචන සිර වුනෙමි.. යමු තැන් වල ඇඩුවෙමි. කෙසේ හෝ හිත යට කැකැරුන වේදනා සියල්ලම පවසා මම සිත නිදහස්  කර ගත්තෙමී. සියලු කතා වලින් අනතුරුව විනාඩී කීපයක් දෑස් තද කරගෙන සිටි මම ලොකු සුසුමකින් පසු නැවත අළුතිත් ජීවිතයක් පටන් ගන්නට ඉටා ගත්තෙමී.

‘‘උඹ පව් බං ... මොකට ඔය හැටි ඉවසුවේ... උබට පහුවදාම එන්න තිබුණේ.. මම එහෙම නම්.. එදා රෑමයි එන්නේ..‘‘ ඒ සයුමිගේ අදහස විය.

‘‘මටත් එහෙම කරන්න හිතුනා.. හුග පාරක් හිතුණා.. ඒත් මට අම්මට රිද්දන්න බැරි වුණා.. පව් බං මගේ අහිංසක අම්මා.. තාත්තා නැති වුණ දා ඉදන් මොන තරම් දුක් විදිනවද?.‘‘

‘‘අනේ මන්දා බං... ‘‘

‘‘මම වොස් එකක් දාන් එන්නම් අක්කිලා... ‘‘ ඇද මතින් නැගිට ගත් නිපුණි මෙතරම් වෙලා උකල මත තිබී බෑගය කාමරයේ බිත්තියේ තිබු ඇනයක එල්ලුවාය.

‘‘සොරි වෙන්න ඕනේ සයු අක්කී පණ.. ඔයා අද තනියෙමම ඉව්වා නේද?.‘‘ ඇය සයු ළග සුරතල් වන්න විය. ඇය තවමත් පුංචී දැරියක මෙන් වුවාය.

‘‘නංගා... මට පොරොන්දුවක් වෙනවද? ‘‘ මගේ හඩින් නිපුණි නැවතත් මා වෙත පැමිණියාය.

නැවත හමුවෙමු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:29 PM
  •  Quote
  •  Reply


]
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:34 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

හතලිස්එක්වන කොටස.

‘‘මොකද්ද අක්කියෝ... ‘‘

‘‘ඔයා මට පොරොන්දු වෙන්න මං ගැන මොකුත්ම ගගනට කියන්නේ නෑ කියලා..  මම හම්බුණා කියලා වත් කියන්න එපා.‘‘ මම බලා සිටියදී ම ඇගේ මුහුනේ සතුට මැකී ගොස් නැවතත් මුහුණ අදුරු වුවාය.

‘‘එත් ඇයි  සදා අක්කී...සුදු අයියා ඔයාව දකින්න හුගක් කැමතී වෙයි... එයා ඔයාට තාම ආදරෙයි.‘‘

‘‘ඒකම තමා මට තියෙන ප්‍රශ්නේ නංගා... මට ආයෙත් ගගනට වද දෙන්න බෑ. මම දැන් බැදපු කෙනෙක්.. අනේ ප්ලීස් සුදු නංගා.‘‘ මගේ දැඩී ඉල්ලීම මත ඇය අකමැත්තේන් වුව මට පොරොන්දු වුවාය. ඇගෙන් වුණ වරද නිවැරදී  කර ගන්නට අවස්ථාවක් ලද සතුට නිසා ඇය කෙතරම් සතුට ඇත්දැයි මම සිතුවෙමි. නමුත් ගගනට අසාධාරණයක් වනවාට මම අකමැති වුනෙමී. මම ගගන ගැන මොන තරම් වැරදියට හිතුවද? පව්.... ගගන ඔයා  මම ගැන මොන තරම් හිතලද? ඔයා.. ඇයි ගගන එක පාරක් හරි මගෙන් දිනිදු ගැන ඇහුවේ නැත්තේ.. ඇයි.. මාව ඔය තරම් ඉක්මණට අවිශ්වාස කලේ.. ඔයාගේ නෙමේ වරද මගේ.. මට ලැබීමක් නෑ ඔයාගේ ආදරේ ලබන්න.. ඔයා මගෙන් ආදරේ ඉල්ලද්දී.. මගේ හිතේ ඔයාට ලොකු සෙනෙහසක් තිබුණත් මම ඒක කියන්න පරක්කු වුණා.. ඔයා හිතන්න ඇති දිනිදු නිසා මම ඔයාව මගැරීයා කියලා.. කොහොම හරි ඔයාව හිමි නැති නිසා තමා  මේ හැම දේම මේ විදියට වෙන්න ඇත්තේ..

‘‘කෙල්ලේ ටිකක් ඇදෙන් බැහැපන්...‘‘ තරමක් වෙලා නිහඩව සිටි සයුමි නැවත හඩ අවදි කලාය.

‘‘මොකද්ද කරන්න යන්නේ..‘‘ ඇදෙන බිමට බැහැ ගත් මම දොර අසල  නතර වුණෙමි.

‘‘බලං ඉන්නකෝ... ‘‘ ඔවුන් දෙදෙනා මොකක් නමුත් ලොකු වැඩකට සූදානම් විය. පුදුමයකී . ඔවුන් මටත් වඩා මා ගැන සිතයි. ඇදන් දෙකඑකට ළං කළ සයුමිත් නිපුණිත් අපි තිදෙනාටම පහසුවන ලෙස කාමරය පිළියෙල කළාය. ඉන් පසු උදා වු කාලය  ඉතාමත් සුවදායක විය. දවසක් ඇර දවසන් තුවාල වලට ප්‍රතිකාර ගැනීමට යාම සදහා සහය විමට නදුන් කැමැත්තෙන්ම ඉදිරිපත් විය. රිය අනතුරින් පසු හැසිරිවීමට අපහසු වූ අතට අයුර්වේද ප්‍රතිකාර කරන්නද ඔවුන් කටයුතු කළාය.

 

   සරසිවියේ ඉගෙනුම ලැබූ නිපුණි නංගීට සයුමිටත් වඩා මා ගැන සොයා බලන්නට අවස්ථාව උදා විය. ඇයි මට උදව් කිරීමෙන් මහත් සැනසීමක් ලබන බව මම වටහාගෙන තිබුණෙමී. නොදැන කළ වරදට ඇය වන්දී ගෙවිය යුතු නැත. මම ඇයට එම සතුට විද ගන්නට ඉඩ සැලැස්සුවෙමී. දිනෙක වෛරකළ ඊර්ෂ්‍යා කළ ඇය අද මගේ සහෝදරියක් තරමට ළං වී ඇත. ජීවිතය නම් පුදුම සහගතය. අපි නොසිත මොහොතක යම් අය අපේ ජීවිතයට ඇතුල් වෙයි.  තවත් ජීවිතයම වී සිටි සමහරු නොකියාම ඈත්ව යයි.   ඈත් වීම් ළං වීම් මැද අපිට සිදු වන්නේ වන දේ බලා සිටීමට පමණකී.

‘‘කෙල්ලේ.. හැපි නිවුස් එකක්.‘‘ සැදැවක කාමරයට ගොඩවැදුණු සයුමී මා අසල වාඩී වෙමින් පැවසුවාය. නොදැනීම සති කීපයක් ගත වී තිබුණි.  අතත් ඒ වන විට හුගක්ම සුව අතට පැමිණ තිබුණ නිසා එදිනෙදා වැඩකටයුතු යම් තරමින් කර ගැනීමේ හැකියාව මට ලැබී තිබුණි. සයුමී එපා කියද්දි රෑ වෙලට යමක් පිළියල කරන්නට මම උත්සුක වුවෙමී. මම හොදටම සුව වීමට පෙර වැඩ කිරීම ගැන සයුමි අකමැති වුවත් ඇය සැදෑ වරුව සැහැල්ලුවෙන් ගෙවන අයුරු දැක මම සතුටු වුනෙමී.

‘‘මොකද්ද සයු..‘‘

‘‘දැන් අත හොදයි නේද  බං..‘‘

‘‘හුගක් දුරට හොදයි... ඒත් වැඩිය බර දෙයක් උස්සන්න එහෙම බෑ.. ආයෙත් රිදෙන්න ගන්නවා.‘‘  මම මගේ අත පිරි මදිමින් පැවසුවෙමී.

‘‘ඒකත් මග ඇරිලා යයි.. ඒක නෙමේ මේ අහපංකෝ..‘‘

‘‘කියපංකෝ.. ආපුවෙලේ ඉදන් තටබනවා නේ.. හිටහං හීටරේ ගහනකන්.. දැන් සුදු නංගත් වොෂ් දාං එයි.‘‘ මම ඇද මතින් නැගිටින්නට උත්සහ ගත්තෙමී.

‘‘ඔහොම ඉදහං.. මම ගහන්නම්... මම උබට කියන්න යන දේ නිසා ... උබ  මං වැරදියට හිතන්නේ නෑ නේද?...‘‘

‘‘අනේ මොකද්ද බං.. උබට ඕනේ දෙයක් කියපං.. මං වෙනුවෙන් මොනතරම් දේවල් කරලා තියෙද උබ.‘‘ මම වෙනුවෙන් ඇය කළ කැපවීම් සිහි කරමින් සිතින් පිං දුන්නෙමි.

‘‘උඹ මෙහෙම බෝඩිමේ ඉන්න එක මට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි.. ඒත්.. තව ටික දවසනේ මට ඉන්න වෙන්නේ.. වෙඩින් එකෙන් පස්සේ මට නදුන් අයියලාගේ ගෙදර යන්න වෙනවා. ‘‘ ඇගේ නෙත් වේදනාවෙන් පිරී තිබුණාය.

‘‘ඉතිං ඕකට දුක් වෙන්නේ ඇයි.. මට පුළුවන් සුදු නංගිත් එක්ක ඉන්න.‘‘

‘‘ඒකනේ මම ඉන්නේ...‘‘ දිය බේරෙන් කෙහෙ රැලී ළා රෝස පැහැ තුවායකින් පිස දමමින් නිපුණි කාමරය ඇතුල් වූවාය. ඇගේ පැමිණිමත් සමග මුළු කාමරයම  ඉමිහිරි සබන් සුවදක් ඇදී ගියාය.

‘‘අම්මේ..  ගෑනුළමිස්සියක් නාන වෙලාව..  හදා ගන්නවකෝ ලෙඩක්...‘‘ මුහුණේ තිබුණ අදුර මැකෙද්දී ඇය නිපුණු දෙස බලා සිනාසුනාය.

‘‘ඒක නෙමේ මොකද්ද දැන් කිය කිය වුන්නේ... මම එද්දී..‘‘ සුදු නංගි සුරතලය පාමින් ගානට කතාවෙන් ලිස්සා ගියාය. හවසට දිය නෑ විට සයුමිගෙන් දොස් අසන්නට සිදු වන බව ඇය දැන වුන්නාය.

‘‘හ්ම්ම්ම්... මම සදාට ජොබ් එකක් හෙව්වා..‘‘

‘‘ඉතිං ලැබුනද?‘‘ මම දෑස් දල්වාගෙන ඇය වෙතට ළං වුවෙමී.

‘‘අයියෝ.. අතත් තව හරියට අඩු නෑනේ සයු අක්කී... ‘‘ මුහුණ පුළුටු කර ගත් නිපුණි සයුමිගේ උරහිස මත හිස තබා ගනිමින් පැවසුවාය.

‘‘හෙව්වට අත අඩු වෙනකන් යන්න දෙන්නේ නෑ.. නදුන් අයියාලගේ කම්පැනි එකේමයි.. මටත් වඩා සුදුසු කම් තියෙනේ උබට... උබට වරදින්නේ නෑ බං..‘‘

‘‘අනේ තෑන්ක්ස්.. සයු... මට කියන්න වචන නෑ.. ‘‘ මම සිතට නැගුණු සතුටත් සමගම ඇය තදින් වැලද ගත්තෙමී. නෙතට නැගුණ කදුළු බිදු ඇහි පිහාටු තද කර තෙරපා පිටිමන් කළ මම මොහොතක් එලෙසම වුන්නෙමී.

‘‘කෙල්ලේ... උඹ දිනිදුගෙනුත් අහලම මේ ජොබ් එකට වරෙං‘‘

‘‘මම මොකටද එයාගෙන් අහන්නේ..‘‘ සිතට නැවුම් බලාපොරොත්තුවක් ලැබුණු මොහොතේ දිනිදුව සිහි කිරිම ගැන මට ඇය සමග අමණාපයක් ඇති විය. මම ඇගෙන් මිදී කව්ළුව වෙත පිය මැන්නෙමී. මගේ ජීවිතේ මින් ඉදිරියට උදා වන සතුටු තැන් වලත් , වේදනා තැන් වලත් දිනිදු සිහිකිරීම අතහැර දැමීම කළ නොහැකි කරුණක් බව මට හැගුණී.

‘‘එහෙම කියලා බෑනේ බං.. ඒ නමට හරි උබේ කසාද මිනිහා.. උඹ රස්සාවක් කරන්න ඕන නැති නිසා වෙන්න ඇතිනේ.. උබ මෙහෙ ඉන්නවට අපිට සල්ලී දෙන්න හැදුවේ.. බලෙන්ම බඩු ගෙනත් දැම්මේ.‘‘ ඇගේ කතාවද සත්‍යයකි. නමුත් මම තව දුරටත් ඔහුට අවශ්‍ය විදියට ජීවත් විය යුතු නැත. නමුත් මම රැකියාවකට යාමට තීරණය කළ බව ඔහුට කියන්නට තීරණය කලෙමී.

‘‘තව එකක්.‘‘

‘‘ඒ මොකද්ද?... ‘‘මම කවුළු අසල බිත්තියට පිට දී සයුමී දෙස බැලුවෙමී.

‘‘දිනිදු අයියා තාම සුදු නංගී මෙහෙ බව දන්නේ නෑ... මම ගියාම හරි සුදු නංගී මෙහෙ බව දැන ගත්තම මොනවා වෙයිද මන්දා..‘‘

‘‘මොනවා වෙන්නද?... මම ඇත්ත දන්න බව එයත් දැන ගන්න ඕනේ.. උබ ඔහොම කියන්නේ.. මම ආයි  දිනිදු එක්ක පවුල් කයි කියලා උඹ හිතනවද?.‘‘   කෝපයත් සමග වේගයෙන් ඇවිදගෙන පැමිණි මම ඇද මත හිද ගත්තෙමී.

‘‘නෑ.. නෑ.. බං.. උඹට හැමදාම ඔහොම ඉන්න බෑනේ.. දවසක දිනිදුගෙන් වෙන් වෙන්න ඕන.. උබ ස්වාධීන වෙන්න නම්.. ඒකෙදී උබට අවාසී වෙයි. මේවා.‘‘ සයුමි මටත් වඩා මං ගැන හුගාක් දුර සිතා තිබුණාය.

‘‘නිකමට  උබම හිතහං... උබ ගගනගෙන් ඈත් කරපු දිනිදු අයියා.. උබ ආයෙත් ගගන එක්ක යාළුකමක් හරි තියෙන බව දැන ගත්තොත් උබට නිදහස දෙන්නේ  නෑ.. එයාට ඕනේ... උබව ගගනගෙන් ඈත් කරන්න.. ඕනෙත් ඒක... ඕනේ වෙලා තිබුණෙත් ඒක..‘‘

‘‘ඇයි  බං දිනිදු අයියා එහෙම කරන්න ඇත්තේ.‘‘ විවාහය දවසේ මුල්ම රාත්‍රියේ මගේ සිතට නැගුණ ඒ පැණයට මට තවම පිළිතුරු අහිමි ගැටළුවකී

‘‘හිතා ගන්න බෑ බං.. දිනිදු අයියට මානසික අව්ලක් වත් තියෙද?.. උබට ආදරේ නැතුවත් නෙමේ.. උබ දන්නවද මට දවසකට කෝල් කීයක් ගන්නවද කියලා.. පව් කියලත් හිතෙනවා බං..‘‘ මම නැවතත් නිහඩ කල්පනාවකට වැටුනෙමී.

    දවස් කීපයකට පසු  නදුන්ගේ ව්‍යාපාරයේ සම්මුඛ සාකච්චාවට සහභාගී වුණ මා හට සම්මුඛ පරීක්ෂණ වලින් තොරව රැකියාව හිමි විය.  දිනිදුට ඒ බව දැනුම් දුන් මම එහි සේවය කිරීම ආරම්භ කලෙමී. විවාහය පෙර තිබුණාටත් වඩා සැහැල්ලු බවක් මට ඒ ජීවිතය තුළින් දැනුනෙමී. නමුත් දිනෙන් දින  දිනිදු මගේ ළග අසරණයෙකු ලෙස හැසිරෙද්දී මගේ සිත එක් තැන් කර තබා ගැනීම මට අපහසු විය. නමුත් ඔහු වැරදී හදාගෙන ඇති බව පිළිගන්නටද මම අකමැති වුයෙමී. මීට ඉහත මීට නොදෙවෙනී රංගනයකින් මා අසරණ කළ ඔහු මම කෙසේ විශ්වාස කරම්ද?. ඔහු මගේ සිත බිද දමා අවසන්ය. එනිසා හැකිතාක් මම ඔහුව මගහැරියෙමී.

     සයුමී පැවසු අයුරිනම් විවාහයෙන් පසු නදුන්ගේ නිවසෙහි පදිංචියට ගියාය. ඇගේ විවාහයට කැපවීමෙන් උදව් කළ මම ඇගේ ජීවිතයට ආසිරි පැතුවෙමී. ඉන් පසු නවාතැන්පල තුළ ඉතිරි වුයේ මමත් නිපුණිත් පමණකි. පරණ පුරුදු අයුරින්ම අපි දෙදෙනා ඒ කුඩා බෝඩිම් කාමරය තුළ ජීවත් වුනෙමු.නමුත් අප දෙදෙනාටම සයුමි නැති අඩුව ලොකුවටම දැනෙන්න විය. ජීවිතයේ තිබු අවිවේකී බව හමුවේ ඒ අඩුව දුරු කර ගනීමට අපිට පහසු නොවීය..

‘‘මාර වැඩේනේ සදා අක්කී.‘‘ මම කාර්යාලීය සේවය අවසන් කර නවාතැනට ඇතුල්වන විටම නිපුණි මා  ඉදිරියටදිව ආවාය.

‘‘ඇයි සුදු නංගා.‘‘

‘‘හෙට සුදු අයියා මෙහේ එනවා කිව්වා.‘‘

‘‘මොනවා... ඔයා මට පොමිස් වුණා නේද කියන්නේ නෑ කියලා.‘‘ මම බෑගය ඇද මතට වීසි කර දමා කොණක වාඩු වුනෙමී.

‘‘අනේ අහන්නකෝ සදා අක්කී... සත්තයි මං පල්ලා.. මම කිව්වේ නෑ.. ඒත් එයා දෙයක් දන්නවා වගේ..මගේ කටින් අල්ලන්න වගේ හුගක් ප්‍රශ්ණ කලා.. මම අමාරුවෙන් බේරුණේ..‘‘

‘‘එහෙමද?.. හෙට නිවාඩු දවසනේ.. මම කොහෙටද යන්නේ.. මට බෑ නංගා ගගනට මුණ දෙන්න.. දැන් මම ඉන්න තත්වේ දැක්කම එයාට මං ගැන හුගක් දුක හිතෙයි.. මට බෑ ඒ හිතට ආයි වදයක් වෙන්න.‘‘

‘‘මම දන්නවා අක්කියො....‘‘ ඇය මා අසලම වාඩී වී උරහිස පිරිමදින්න විය.

‘‘මම සයූලගේ ගෙදර යන්නම්....පව් අළුත බැදපු කපල් එකට නිවාඩු දවසෙත් නිදහස නැති කරන එක හොද වැඩක් නෙමෙයි.. ඒත් කරන්න දෙයක් නෑ..‘‘

‘‘ඒත් බෑනේ අක්කී...‘‘

‘‘ඇයි..‘‘

‘‘එයා දැනගෙන මම බෝඩ් වෙලා හිටියේ සයුමි අක්කිත් එක්ක කියලා.. ඔයා ගැන විස්තරයක් දැන ගන්න සයු අක්කිලාගේ ගෙදරත් යන්න ඕනේ කිව්වා.

‘‘එහෙමද?.‘‘ ඒ පාර මට මේ මොකද්ද වෙන්න යන්නේ.. මම කොහොම හරි හෙට දවස මගෑර ගන්න ඕන.. අම්මව දැක්කෙත් නෑ මාස දෙකකින්.. ලිව්මක් වත් හරියකට යවා ගන්න බැරි වුණා.. ගමේ ගිහින් ආවා නම් හරි. ඒත් මම තනියම.. හැමෝම අහයි දිනිදු අයියා කෝ කියලා.. වෙඩින් එකෙන් පස්සේ ගමට යන මුල්ම වතාවනේ.. ඉතිං දිනිදු නැතුව ගියොත් නම් මට ඇත්ත කියන්නම වෙනවා.

‘‘මොකද අක්කී කරන්නේ..‘‘

‘‘මම ගමේ ගිහින් එන්නම් නංගා.. ඔපිස් එකෙන් තව දවසක් වැඩිපුර නිවාඩු ඉල්ල ගන්නවා.‘‘ කෙසේ හෝ නවාතැනෙන් පිටව සිටින්නට සිතා ගත් මම පැවසුවෙමී. එදා මහ රැයක් වන තුරු කල්පනා කළ මම අම්මා බලන්න යන්නට තීරණය කලෙමී. ජීවිතයේ මෙතරම් දේ වලට මුහුණ දුන් මම ඒ ලැජ්ජාවද විද දරා ගන්නට සිත සාදා ගත්තෙමී. අද නැතත් ජීවිතයේ යම් දිනයක මට ඒ ලැජ්ජාව විදින්නට වන බව මම දනිමි. අම්මා දකින්නට තිබෙන ආසාවත් සමග මම ගමනට සූදානම් වුනෙමී. මම කිසිදා තනිව එතරම් දුරක් ගොස් නැත. මීට පෙර සෑම වරකම මා පරිස්සමින් රැගෙන ගියේ අම්මාය. දැන් මම තනි ගැහැනියකී.

 ‘‘අක්කී ඔයා යනවමද?.‘‘

‘‘ඔව් නංගා ඇයි...‘‘ මම මෙන්ම නින්දක් නැතිව කල්පනා කරමින් සිටි නිපුණි  මගේ පසට හැරුණාය.

‘‘අනේ අක්කී.. ඔයා එක පාරක් සුදු අයියව හම්බෙන්න.‘‘

‘‘ඇයි නංගා එහෙම කියන්නේ.. ඔයා ආසද ගගන අයෙත් දුක් විද විද ජීවත් වෙනවා දකින්න.‘‘ මම  ඇගේ අදුරු වී තිබූ මුහුණ සිවුම්ව පිරි මැද්දෙමී.

‘‘සුදු අයියා දැනුත් හොදින් නෙමේ අක්කී ඉන්නේ... ඔයා දැක්ක ම එයා හුගක් සතුටු වෙයි.‘‘

‘‘මම කියන දේ ඔයාට තේරෙන්නේ නෑ පැටියෝ.‘‘

‘‘අනේ මන්දා අක්කී..‘‘ මම ඇය සමගම සුසුමක් පිට කලෙමී. ඉන් පසු අපි අතර ලොකු නිහඩ බවක් උදා විය.

‘‘අක්කේ.. දිනිදු අයියටත් කියලා යන්න.. නැත්තම් හෙට එයත් මෙහෙ එන්න ඉඩ තිවෙනවා.‘‘ දෙයියනේ ගගනයි දිනිදුයි එකට හම්බ වුනොත්.. මම මෙහේ ඉන්න බව හරියටම දැන ගන්නවා. අමාරුවෙන් හිත එකග කර ගත් මම දිනිදුට ඇමතුමක් ගත්තෙමී. නමුත් ඔහු සමග පැවිසිය යුත්තේ මොනවාද? පැවසිය නොයුත්තේ මොනවාද යන්න සිතා ගැනීම අපහසුය. මම සුදු නංගී එක්ක ඉන්නේ කියලා කියන්න පුළුවන්ද?. හෙට ගගන මෙහෙ එනවා ඔයා ඒක නිසා මේ පැත්තේ එන්න එපා කියන්න පුළුවන්ද?  නෑ නෑ.. ඒවා කියන්න ඕනේ නෑ ගමේ යන බව විතරක් කියනවා. නිවාඩු දවස නිසා මම මගාරින්න කිව්වා කියලා හිතන් දිනිදු මෙහෙ එයිද?

‘‘හෙලෝව්... සුදු මැණික..‘‘ ඔහු තරමක් බීමත්ව ඇති බව ඒ වචනයෙන්ම මම වටහා ගත්තෙමී.

‘‘දිනිදු අයියේ.. ගෙදර නෙමෙද ඉන්නේ..‘‘

‘‘නෑ කොල්ලේ.. මගේ කෙල්ලට මාව මතක් වුණා නේද එහෙනම්.. මට ගෙදර ගිය දවසක් මතක නෑ..‘‘ ඔහු පිස්සුවෙන් මෙන් කියවන්න වුවේය.

‘‘හා... හා.. මට ඒවා වැඩක් නෑ.. මම මේ...‘‘

‘‘ඇයි මගේ කෙල්ලේ වැඩක් නෑ කියන්නේ.... පලයං යන්න පැත්තකට තමුසේ තමා මගේ සදාව මට නැති කලේ.‘‘ ඔහු ළග සිටික කිසිවෙකුට දොස් නගනු මට ඇසුනි.

‘‘ සොරි සොරි.. ඔයාගේ කෙල්ලට කියන්න මම ඔයා එක්ක ආයි පව්ල් කන්න එන්නේ නෑ කියලා.. මම මේ.. පණිවිඩයක් කියන්න ගත්තේ..‘‘

‘‘මොකද්ද මගේ කෙල්ලේ..‘‘ ඔහු නැතත් විමසුවේය.

‘‘මම හොට අම්මා බලන්න ගමේ යනවා..‘‘

‘‘තනියෙන්... එපා කෙල්ලේ.. ඒක ඔයාගේ ජීවිතේට හොද නෑ.. මට සමාවෙයං කෙල්ලේ උබට ලැජ්ජා වෙනවා දකින්න මම ආස නෑ.‘‘ ඔහුගේ වචන වැලපුමක් බවට පරිවර්ථනය වෙමින් තිබුණේය.

‘‘ඕවා හිතන්න තිබ්බේ හුගක් කලිං.. මම තියනවා.‘‘ මම ඇමතුම විසන්දි කර දැමුවෙමී. ඔහුගේ හැසිරීම සමග මට ඔහු ගැන දැනුනේ කළකිරීමකී.

   පසු දින පාන්දරින් අවදී වු මම අළුයම කෝච්චිය අල්ලා ගැනීම සදහා පිට වුණෙමී. බස් නැවතුමට යාමටත් පෙර මා අසල නතර වුයේ දිනිදුගේ කාර් රථය විය.

‘‘සදා...‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:38 PM
  •  Quote
  •  Reply


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:42 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

හතලිස්දෙවන කොටස.

"ඔයා මොකද මේ වෙලාවේ.... " කාර් රථයේ මගේ පැත්තේ පැති වීදුරුව පහත් වෙද්දී මම ඒ දෙසට නැඹුරු වුනෙමී.

"නගින්න සඳා... කා.. එකට,, ඔහුගේ මුහුනේ මද හසරැල්ලක් වගේම වේදනාවකුත් තැවරී තිබුණේය.

"ඒ මොකටද?.. මට කෝච්චිය අල්ල ගන්න බැරි වෙයි මම යනවා..." පිටු පසින් පැමිණී බස් රථයට අත පොවන්නට සිතූ මම කාර් රථයේ පිටු පසට ගොස් පාර අසල පැමිණියෙමි. මා අසලට පැමිණී දිනිදු මගේ අතේ උරහිසට පහලින් අල්ල ගනු ලැබුවේ කෝපයෙන් යුතුවයි. තදින් අල්ලා ඔහු වෙතට ඇද ගනිද්දී මම වේදනාවෙන් ඇඹරුනේ ඔහුගෙන් මිදීමට වෙර දරමිනුයි.

"දිනිදු අයියේ... ප්ලීස්... අනේ...මට දැන් වත් මගේ පාඩුවේ ඉන්න දෙන්න.."

 "පාඩුවේ ඉන්න දෙන්න තිබුණා... පාඩුවේ ඉන්නවා නම්.... මේන් මෙහෙ එනවා..."ඔහු මාව ඇදගෙන වගේ කාර් රථයේ ඉදිරිපස දොර ළගට ගමන් කළේය.

"මොකද්ද ඒ කතාව.."රිදුම් දුන්නත් මම නිහඩව නොසිටියෙමී. ඔහු මට මොන තරම් වැරදී කලත් මම ඔහුට කිසිදු වරදක් කර නැත්තෙමි. මම වරදක් කරානම් කර ඇත්තේ ගඟනට වෙමී.. ඔහු මහ මෙරක් තරමට මට සෙනෙහස පාද්දී ඔහුගේ සෙනහස පිළිගන්නට මම පමා විය. වෛද්‍ය විද්‍යාලයට යන්නට පෙර දින විමසද්දී හෝ මම ඔහුගේ ආදරය පිළිගත්තේ නම්.. අද මෙවැනි තත්වයක් උදා නොවනු ඇත. මගේ නොලැබීමද ඔහුගේ නොලැබීමද නොදනී. ඊට මට වරම් නොවීය.

"නැගපන්කෝ බබා‍ට කියලා දෙන්න."මගේ අතේ තිබූ රෙදි බෑගය උදුර ගත් ඔහු මා කාර් එක තුලට තල්ලු කර දොර වසා දැමුවේය. ඔහු දෙස රවා බැලූ මම වේදනා දෙන අත පිරිමැද්දෙමි. මොහොතකින් අනෙක් පසින් කාර් රථයට නැගුනු ඔහු නිහඩවම ගමන ආරම්භ කලේය. ඔහු ගමන් ගත් මාර්ගය අනුව අපි මේ ගමන් ගන්නේ අපේ ගමට යාමට බව මට ඉවෙන් මෙන් දැනුණි.

"ඇයි දිනිදු අයියේ.. ඔයා අපේ ගමේ යන්න ආවේ... අපි තවත් අපේ අම්මලා රවට්ටනේ නැතුව ඉමු නේද." මම සමදානයෙන් කතා බහ කර විසද ගන්නට සිතුවෙමී.

"මොකද්ද බොරුව... ඔයාට මං ලග ඉන්න බැරි නිසා ‍බෝඩ් වෙලා ඉන්න දුන්නට.. කවදාවත් මම ඔයාව අතාරි කියලා හිතන්න එපා." ඔහු මා දෙස නොබලාම පැවසුවේය.

"මොකද්ද දිනිදු අයියේ මේ ජීවිත වල තේරුම.. මට මගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. ඔයා අරයව මැරි කරලා සතුටින් ඉන්න...."

"හිතේ ඇති නේද? ඒවා කොහෙද මාත් එක්ක.. මාත් එක්ක ඔය සෙල්ලම් නටනවා බොරු.. "ඔහුගේ කතා විලාශය ආවේගශීලී විය. මම පුදුමයෙන් ඔහු දෙස බලන් වුන්නෙමී.

"මොන සෙල්ලමද?"

" ඇයි උබ ගඟනයා එක්ක නටන්න යන අළුත් සෙල්ලම" ඔහුගේ දෑස් කෝපයෙන් රතු වී ඇත. අත පය පවා වෙව්ලයි. කතා විලාශයද නපුරුකමෙන් හා වේදනාවෙන් බරිතය.

"ගඟන එක්ක මං..."

" ඔව් උබ තමා.. උබ හිතන්නේ මම මොකුත් දන්නේ නෑ කියලද?.. උබ එක්ක ඉන්නේ ගඟනගේ නංගී...උබ ඒකී එක්ක එකතු වෙලා හොද විගඩමක් නටන්න යන බව මම දන්නවා.. උබට බෑ මගේ කණෙන් රිංගන්න." කාර් රථය පාරේ පසෙකට වන්න නතර කල ඔහු අසුන මත දිගෑදී.. පිස්සෙකු මෙන් හිස බදාගෙන දගලන්න වුවේය.

‘‘දිනිදු අයියේ ඇයි මේ... අසනීපයක්ද ඔයාට... අනේ.. ඕක නවත්තන්න.. කෝ."මම ඔහුව නවතන්නට වෙහෙසුනෙමී.

"කෙල්ලේ... මට උබව වෙන කාගෙවත් වෙනවා බලං ඉන්න බෑ... මම උබට වැරදී කලා... රිද්දුවා ඒත්... උඹ මගේ විතරයි."ඔහු මගේ උරහිස් දෙකෙන් අල්ලාගෙන හඩමින් මෙන් පැවසුවේය. සියල්ලන් පවසන අයුරින් ඔහුට මානසික අසනීපයක් ඇතැයි මම තනවම සිතුවෙමී.කරන්නට පුළුවන් සියළු කපටි වැඩ කර ඔහු මුලින්ම මගෙත් ගගනගෙත් බැදීම දුරස් කර දැමුවේය. ඉන් පසු සියල්ලන්ගේ ඇස් රවටා මා ඔහුගේ කර ගත්තේය. කාලයක් මා බිය ගන්වාගෙන ඔහුට අවශ්‍ය අයුරින් මා ඔහුගේ සෙවනේ තබා ගත්තේය. ඒ සියල්ලම අතර ඔහුට මා අත්හැරිය නොහැකි හේතුවක් තිබෙන බව විශ්වාසය. ඔහු මා අහිමි කර ගැනීමට ද අකමැතිය. නමුත් මා සමග සතුටින් ජීවත් වීමටද ඔහුට නොහැකිය.

‘‘ඇත්තටම ඔයාට පිස්සුද දිනිදු අයියේ.. මොකද්ද මේ ජීවිත වල තේරුම.... එතකොට අර ගෑනු කෙනා. මම කැමතී නෑ හවුලේ දීග කන්න.. මොන විලිලැජ්ජා නැති වැඩක්ද?.‘‘

‘‘ඔව් දැං උඹට ඕන ආයෙත් ගගනයා ගාවට යන්න.. උබ ඒක  අහන්නනේ මේ ගමේ යන්නේ.‘‘ ඔහු මගේ දෙවුරෙන් අල්ලා සොලවා නැවත අසුන මතට තල්ලු කර දැමුවේය.

‘‘ඔයාට පිස්සුද දිනිදු අයියේ.. මම ආයි කවදාවත් ගගන ගාවට ගන්නේ නෑ... ඔයා ඒ ගැන බය වෙන්න ඕන නෑ.‘‘

‘‘ඒකට කමක් නෑ.. මම උබට කවදාවත් ඩිවෝස් එක දෙන්නේ නෑ..... ‘‘ඔහු අවදාරනයෙන් යුතුව පැවසුවේය.

‘ඔයාට එපා නම් මටත් එපා.. මොකද ඩිවොස් අරන් වෙන එකෙක් බදින්න වෑ.. හැබැයි මට මගේ පාඩුවේ ජීවත් වෙන්න ඕන.‘‘

‘‘හරි..හරි.. සදා.. මම ඔයාට කිසිම කරදරයක් කරන්නේ නෑ සත්තයි.. ඔයා රස්සාව කරන් නිදහසේ ඉන්න.. ඔයා නෑදෑයෝ ඉස්සරහා ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ.. ඔයාට අම්මා බලන්න යන්න ඕන වුණාම මට අඩ ගහන්න.. මම ඕනේ වෙලාවක එනවා.‘‘ ඔහු අම්මා රස කෑමක් අරන් දෙන බවට පොරොන්දු ලැබුණ විට පොඩි ළමයෙකු සතුටු වෙන් අයුරින් කියවන්න වුවේය. මුහුණ පුරා ඇදුණු සිනහව ,ඔහුගේ හැසිරීම ඒ සියල්ලෙහිම අමුත්තක් විය.

‘‘අපි දැන් යමුද එහෙනම් තව හුගක් දුරයි.‘‘

‘‘යමු.. යමු... ඔයා උදේට කෑවද සදා... අපි කඩේකින් කමුද?.‘‘ ඔහු කාර් රථය නැවත පාරට ගනිමින් විමසුවේය. ඇත්තටම දිනිදු අයියට අසනීපයක් වත්ද?.. මට මේ කාර් එකේ යන්නත් බයයි.

‘‘කමුද සදා...‘‘

‘‘මට නම් තාම බඩගිනි නෑ.. අපි තව ටිකක් දුර ගිහින් කමු නේද?.‘‘

‘‘හා..  හා..‘‘ ඔහු සිනහා මුහුණින් යුතුව ඉදිරි පස කණ්නාඩියෙන් මා දෙස බැලුවේය. ඔහුගේත් මගේත් නෙත් එකට හමු වූ මොහොතේ සිනාසෙනවාද නැත්තම් වෙනතක බලා ගන්නවාද යන්න මට සිතා ගත නොහැකී විය . මම මද සිනහවක් නැගුවෙමී. ඇයි දිනිදු අයියේ ඔයාට මාව ඔය තරම් ඕනේ නම් මාත් එක්ක සතුටින් ඉන්න බැරි.. කියා අසන්නට මට කිහිප වරක්ම සිතුණි. විමසන්නට සිතාගෙනම ඔහු දෙස බැලු මම නැවතත් හිත දැඩි කර ගත්තෙමී. ඔහු ඉදිරිපිට මම බොලද විය යුතු නැත. ඔහුගේ ආදරය නිසා මම ලද වේදනා මුළු ජීවිත කාලයටම ප්‍රමානවත්ය. මම නිහඩවම වුන්නෙමී.

   අපි එන්න එන්නම ගමට ළගා වෙමින් සිටියෙමු.. අතර මගදී මා සුපිරි වෙළෙදසැළකට එක්කාගෙන ගිය ඔහු අවශ්‍ය ඕනම දෙයක් මිලදී ගන්න ලෙස ඉල්ලා සිටියේය. මම ගන්නට අදිමදි කරද්දීම ඔහු විශාල මුදලක් වැය කර තෑගී බෝග විශාප ප්‍රමාණයක් මිලදී ගත්තේය.

‘‘සදා...‘‘ ආච්චී අම්මලාගේ නිවසට යාමට තිබූ පාර වැටී තිබුනේ වැව් බැම්ම මතය . ඒ මත වාහනය නතර කළ ඔහු මා වෙතට හැරුණේය.

‘‘හ්ම්ම්ම්ම්‘‘ මගේ නෙත් රැදී තිබුණේ වැව මත ඔරුවක මල් නෙළන යුවලක් වෙතය. තරුණයා හබල් ගසමින් ඔරුව හසුරද්දී ඔරුව මත වාඩී වී වැවට නැඹුරු වූ තරණිය ඕලු මල් නෙළුවාය. මගේ නෙත් ඔස්සේ ගිය දිනිදුටද ඒ දර්ශනය දකින්නට හැකි වෙන්න ඇත. ඒ වගේ සැහැල්ලු ජීවිතයක් මටත් තිබුණා නම්. පෙනෙන තරම් ඒ ජීවිතය සුන්දර නැති බව මම දනිමී. උසුළු විසුළු කරමින් කෙළිදෙලෙන් මල් නෙලීමේ යෙදුනත් ඒ ඔය ඔවුන්ගේ ජීවිකාවයි. ඔවුන් ඒ වෙහෙසෙන්නේ ජීවත් වීමටයි. පිට සිට බලලන අපිට පෙනන සුන්දරත්වය වෙනුවට ඔවුන්ගේ ජීවිත වල ඇත්තේ කටුක බවකී.

‘‘සදා... සොරි කෙල්ලේ...‘‘ දිනිදු  නිහඩ බව බිදිද්දී.. මම ඔහු දෙස බැලුවේ අහම්බෙනී. ඔහුගේ නෙත් අගට කදුලක් එක් වී තිබුණි. මම සිනහවකුත් සමග අර යුවල දෙස බලා සිටිනු දැකීමෙන් ඔහු කැළබෙන්නට ඇතැයි මම සිතමී.

‘‘ඇයි දිනිදු අයියේ...‘‘

‘‘මොකුත්.. නෑ.. සදා..‘‘ එහෙනම් ඔය ඇස්වල කදුළු යැයි අසන්ට මට අවශ්‍ය විය. ඔහු ඊට ඉඩ නොතැබුවාය. කලිසම් සාක්කුවෙන් ඇද ගත් පුංචී ලේසුවකින් ඒ කදුළු වසන් කර ගත්තේය.

‘‘මට ඉල්ලීමක් කරන්න තියෙයි සදා... ‘‘

‘‘ඉල්ලීමක් ඒ මොකද්ද?.‘‘

‘‘අපි ටිකක් මෙතන ඉදලා යමුද?.. අදට විතරයි..‘‘ ඔහු ආයාචනාත්මක බැල්මක් සමග විමසුවේය

‘‘හා..‘‘ කියන පරක්කුවට කාර් රථයේ දොර හැරගෙන බිමට බැස වුන්නෙමී. මේ ගම්මානයට ආස කළ මම වැව් බැම්ම මත ඉදගෙන ඈත පරිසයේ අසිරිය විදින්නට කැමත්තෙමි... වැව් ජලයේ හැලී රැලි නංවා හමන සිසිල් සුළං ගත දැවටෙවාට කැමැත්තෙමි. එනිසාම කාර් රථයෙන් මදක් ඇතට ඇවිද ගිය මම වැව් ඉව්රේ තණ බිස්ස මත වාඩී වුනෙමී. මා අනුගමනය කළ දිනිදු මා වෙත පැමිණ මදක් ඈතින් වාඩී විය.

     සැදෑ කරුවල  පොළව වැලද ගන්නට ආසන්ව තිබූ මොහොතේ පරිසරය පුරා පැතිර තිබුනේ රන් පැහැයකී. බටහිර අහසේ වලා කැරලී රතු හා තැඹිලී වර්යෙන් යුතු විය. ඈතින් පෙනෙන චෛත්‍ය රාජයානන් රන් පැහැ හිරු කිරණින් නැහැවි බබලති.සන්ද්‍යාවේ  තම කැදලි කරා පියබා යන කපුටන් සහ කොක්කුන් අහස පුරා විචිත්‍රවත් රට මවති. විශාල ප්‍රෙද්ශයක් පුරා විහිදුණු වැව් තලය නිසා ගස් කොලන් වලින් නිදහස් වී නෙත පෙනෙන මානය පුරා වු අහස සිතට ගෙන ආවේ අමුතුම හැගීමකී. සියල්ල හැර දමා අම්මා සමග මෙහි නතර වන්නට ඇත්නම් කෙතරම් අගනේ දැයි මම වරක සිතුවෙමි.

‘‘සදා.. ඔයා... මගේ ඉල්ලීම ඉටු කරනවද?.‘‘

‘‘මෙතන ටිකක් ඉදලා යමු කියපු එකද?..  ඔව්.. මේ ඉන්නේ.. හැබැයි ඉල්ලීම නිසා නෙමෙයි.. මම මෙතනට හුගක් ආස නිසා.‘‘ ඔහු දෙසවත් බලන්නට සිහියක් නොවු මම හිස කරනවමින් ස්භාවදර්මය තුළින් අමුතුම මිහිරක් වින්දෙමී.

‘‘ඒක නෙමෙයි මගේ ඉල්ලීම..‘‘

‘‘ඒක නෙමෙයිද?.‘‘  මම සිනාසී දගකාර ලෙස ඔහු දෙස බැලුවෙමී. ඒ තරමටම මගේ සිත නිදහස් වී තිබුණි. මා මේ සිටින්නේ මගේ මුළු ජීවිතයම විනාශ කළ පුද්ගලයා සමග බව මට මොහොතකට අමතක වී තිබුණි. නමුත් ඔහුගේ මුහුණ දැකීමෙන් සැහැල්ලුව පහව ගොස් සිනහව වියැකී ගියාය.

‘‘ඔව්.. ඔයා මේක කරන්නම ඕනේ.. ‘‘

‘‘කියන්නකෝ බලන්න. පුළුවන් දෙයක් නම් කරන්නම්.‘‘

‘‘මම නැමති නෑ.. ඔයා ගගනලගේ නංගි එක්ක ඉන්නවට.‘‘ ඔහු කෙලින්ම පැවසුවේය. මුලින්ම මට දැනුනේ කෝපයකී මම ඔහු වෙත රවා බැලුවෙමී.

‘‘පොඩ්ඩක් මම කියන දේ අහන්න.. මම ඔයාට වෙන ගෙයක්ම රෙන්ට් එකට අරන් දෙන්නම්.. බය වෙන්න එපා මම ඔයාගේ ජීවිතේට අත දාන්න එන්නේ නෑ..මම ඒ ගෙදරටවත් එන්නේ නෑ.. ඔයාට තනියෙම ඉන්න බැරි නම් වෙන යාළුවෙක් නතර කර ගන්න.. නැත්තම් ඔයාව බලන් ඉන්න මම වැඩට වයසක ගැහැනු කෙනෙක් හොයලා දෙන්නම්.

‘‘හරි වැඩක්නේ මට බෑ.. ප්ලීස්.. දිනිදු අයියේ.. මට ආයි තනිවෙන්න බෑ.. මට ඒ ළමයා එක්ක වත් ඉන්න දෙන්න.‘‘ මම හුන් තැනින් නැගිට වේගයෙන් කාර් එක වෙතට ඇදුනෙමි.

‘‘මේ අහන්න ළමයෝ.. ඔයා ඉන්නේ එයාගේ නංගී එක්ක බව දැන ගත්තම... ගගන දැන ගන්නවා  අපි දෙන්නා ඈත් වෙලා කියලා.‘‘

‘‘යමු.. යමු.. අම්මාලත් මග බලන් ඇති.. ‘‘ දිනිදු කාර් එකට අනෙක් පසින් ගොඩවෙද්දී මම පැවසුවෙමී. ඉන් ඉදිරියට ඔහු ඒ පිළිබද විමසුවේ නැත. ඔහුට ඊට පිළිතුරක් නොදුන්නත් මම ඒ පිළිබද සිතින් කල්පනා කර බැලුවෙමී. ඔහු පවසන කතාවෙත් සැබැවක් ඇත. මම දිනිදුගෙන් ඇත් වී බව ගගන දැන ගතහොත් ඔහු මට ළං විමට උත්සහ ගන්නා බව මම දනිමී. ඉන් වේදනා හිමි වන්නේ ගගනටමය. කෙසේ නමුත් නැවත ඔහු මුණ ගැසෙනවාට මා ද අකමැතිය. සියලු තර්ක විතරක කිරීම් වලින් අනතුරුව දිනිදුගේ යෝජනාවට කැමති විමට මම සිතුවෙමී.

    නෑදෑ සිත මිත්‍රාදීන්  ඇසුරේ දින දෙකක් ගෙවා දැමු අපි අතර තිබු දුරස් බව මදකට මග හැරී තිබුණි.සියල්ලන් සමග යහපත් ලෙස හැසිරුණු දිනිදු ඔවුන්ගේ සිත දිනාගෙන තිබුණි. ගම්බද ප්‍රදේශයක් නිසා ඇමතුම ගැනීමට අපහසු නිසාදෝ දිනිදු හිටි ගමන් වෙනස් වීම වැනී සිදුවීම් සිදු නොවීය. ඒ නිසාමදෝ ඔහු හැබෑවටම සතුටින් සිටිනු මම දුටුවෙමි. ඔහුව සියල්ලන්ගෙන්ම දුරස් කරගෙන මෙහි ඔහු හා ජිවත් වන්න ඇත්නම්.. ඔහුගේ සැහැල්ලු සිනාව දෙස හොරෙන් බලමින් මම සිතුවෙමී. නමුත් මම ඔහුට ළං නොවුනෙමී. අපි වෙනුවෙන් වෙනම කාමරයක් පිළියෙල කර දුන්නාත් මම ඔහු සමග එක යහනේ  නිදා ගැනීම පවා ප්‍රතික්ශේප කළෙමි. ඔහුට යහනෙහි නිදා ගන්නට සැලැස්සු මම.. පං පැදුරක් බිම අතුරගෙන පොළවෙන් ලැබුණු සිසිල් බව විද ගනිමින් නිදා ගත්තෙමී.

  මම ගත් නිවාඩුද අවසන් වී තිබු නිසා අපි පසු දින උදෑසන ඒමට සූදා නමමින් සිටියෙමු. උදෑසන අවදී වෙද්දී මට දැනුනේ ලොකු තෙහෙට්ටුවකි. හුග කාලයකට පසුව මේ දවස් කීපය තුළ පොඩි වුන් සමග දුව පැන සෙල්ලම් කළ නිසා වෙන්න ඇති.. වැවෙත් නෑවනේ උණ හැදෙන්න වෙන්න ඇති මම සිතුවෙමී. අමාරුවෙන් පැදුරෙන් නැගිට ගත් මම  දත් බුරුසුවද රැගෙන  ජල කරාමය වෙතට ගියෙමි.

    දත් මදින්නටද අපහසු බවක් දැනුන මට දැනුනන තෙහෙට්ටුව සමග වමනයට මෙන් ආවාය. ඉක්මනින් මූණ කට සෝදා ගත් මම  නිවස තුළට එන්න සැරසුනේ ඇගට දැනුන මහන්සි ස්භාවය නිසාමය.

‘‘ඇයි සදා....‘‘

‘‘මට අමුත්තක් දැනෙනවා..‘‘ ඇස් දෙක අදුරු වී කැරකෙන බවක් දැනෙද්දී මම දිනිදුගේ දෑතට වාරු වුනෙමී.

‘‘ඇයි සදා.. අම්මට කියමුද?..‘‘

‘‘එපා දිනිදු අයියේ.. උණ ගැනෙන්න වෙන්න ඇති. අම්මට කිව්වොත් අදත් යන් දෙන්නේ නෑ.. මට ඒ තරම් නිවාඩු ගන්න බෑ.. මම එතනට තාම අළුත්නේ.‘‘ මද වේලාවකින් කැලකිලි ගතිය පහ වෙද්දී මම ඔහුගෙන් මිදෙමින් පැවසුවෙමී.

‘‘හා... හා.. එහෙනම්.. යන ගමන් බෙහෙත් ටිකක් ගමු.. ‘‘

‘‘හා...‘‘ මම ඔහු පසු කරගෙන ගියෙමි. නමුත් මා විසිවන බවක් මට දැනේන විය.

‘‘පරිස්සමින් සදා.. ‘‘ දිනිදු නැවතත් මා අල්ලා ගත්තේ.

‘‘මාව කාමරේට එක්ක යනවද?.‘‘ මට තනිව ඇවිදීම අපහසු බව දැනුන නිසාම මම අසරණව විමසුවෙමී.

‘‘යමු... ‘‘ ඔහු මා කාමරය තුළට ඇරලුවේය. අමාරුවෙන්  අමාරුවෙන් වුව නැවත රෙදී බෑගය අසුරා ගත් මම ආපසු එන්නට ඇදුමක් ඇග ළාගෙන සූදානම් වුනෙමී.

‘‘දූ යන්නත් ලෑස්තිවෙලා නේද?.. මම හිතුවා අද මම ස්කොලේ ඇරිලා එකන් වත් ඉදී කියලා.‘‘ කාමරයට ඇතුළු වු අම්මා.. සුපුරුදු පරිදී පාසල් යාමට සූදානමින් සිටියාය.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:03 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 9 of 11 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below