You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2017 12:16 AM by  සඳුනි
හිරුයි තරුයි
 200 Replies
Sort:
Page 1 of 1112345 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Dec 2016 05:18 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

‘‘හිරු සදුට අහිමි නම් එක අහස

තරුනක් දිලිහුනේ  කෙලෙසින්ද දවල්  කල...‘‘

 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Dec 2016 05:19 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Dec 2016 05:28 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.


මෙන්න නව වසරේ මගෙන් ඔයාලට ලබෙන තෑග්ග.

සදනී නෙතුෂිකා දේවින්දී.


       මම සදනී ලස්සන්යිද මගේ නම්.සුභ නව වසරක්. එළකිරි වසරක් ඈ. ඉතින් අද ඉදන් මම ඔයාල එක්ක 

මගේ දුක සැප බෙදා ගන්න එන්න හදන්නේ.  මම මේ උසස් පෙළ කරලා රිසාල්ට් එකන් බලන් ඉන්නවා

 අනේ. මම යාළුවෙක් කරන් බලන්නකෝ. මම හොදටම දගයි හොදේ. මගේ එකම යාළුවා,සහෝදරයා,

 මගේ ඇනේ කවුද දන්නවද? ගගන. අපි දෙන්නා එකම ස්කෝලේ ට ගියේ. ගගනයා ඉන්නේ අල්ලපු වැටේ

 මට බොක්ක ඉතින්. කියලා වැඩක් නෑ. කෙල්ලන්ටත් වඩා පිට්.


ගගන රුක්ෂාන් සිරිතිලක.


    හායි මම ගගන .කෙහොමද ඔයාලට. ඔව් ඔව් සදා මගේත් බොක්ක තමා. රහසක් කියන්නද?. එයා ඔය 

බොක්ක කිව්වට මට නම් එයා මගේ හදවත. කියා ගන්න බැරුව ඉන්නේ. අළුත් අවුරුද්දේ සෙට් කරලා 

දෙන්නකෝ. හිනා වෙවී බලන් ඉන්නේ. මොකෙක් හරි හාදයෙක් අපි දෙන්නා මැද්දට ආවොත්...... සොරි සොරි

  අද පළවෙනිදා නේ. සුභ අළුත් අවුරුද්දක් වේවා. ඉක්මටම ඔයාලගේ ආදරේ ඔයාළට ලැබෙන්න

 කියලා පතනවා. මම වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරන්න.


දිනිදු රශ්මික ජයතුංග.


      අපිව හදුන්වා ලා දෙන්න අය නෑ ඉතින්. අපිට තාම හදවත වුන කෙල්ලෝ නෑනේ. ඒත් කොල්ලෙක් 

නම් ඉන්නවා. මගේ පණ ...පටට් ප්‍රෙඩා තරූ. මම කතාවට එන්න ටික දවසක් යාවී. සුභ නව වසරක් වස්තුලා.

 උම්මා. බුදු සරණයි.


තරූෂ නිර්මාල්


    මම තමයි දිනා ගේ  පට්ට ප්‍රෙඩා. ආදරෙයි අහස තරම්..... නෑ නෑ... පොළව තරම්.... හ්හ්ම්ම්ම් ඒ දෙකම

 තරම්. මමත් කතාවට සෙට් වෙන්නම් දිනා එක්කම. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක්.


  ඔන්න යාළුවනේ මම නම් සදුනී හොදේ. අළුත් කතාවේ ප්‍රධාන  චරිත ටික අදුර ගත්තනේ.. තව ඉන්නවා 

සදනීගෙයි ගගනගෙයි පංතියේ යාළුවො සෙට් එක කුෂා, බට්ටී, බතලී, පැටී, රෝසී, බැලැකී. එහෙන්ම් 

අළුත් කතාවත් එක්ක සෙට් වෙන්න මේ සෙට් එකත් එක්ක සෙටි වෙන්න කැමති නම්.

සතුට සැනසීම හා නිරෝගී සුවය පිරි සුභ නව වසරකට ආසිරි.


බුදු සරණයි.

සිතුවිලි ගැළපුම සදු.

  

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Dec 2016 11:06 PM
  •  Quote
  •  Reply
පටන් ගැන්මම ලස්සනයි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
01 Jan 2017 03:55 AM
  •  Quote
  •  Reply
පට්ටනේ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Jan 2017 08:57 PM
  •  Quote
  •  Reply
නව වසරට අළුත් කථාවක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Jan 2017 11:06 PM
  •  Quote
  •  Reply
කතාව කණ්ඩායම් දෙකක් තියෙනවා කියන්නේ කඩු ෆයිට් සහිත ත්‍රාසජනක සටන් තියෙනවා වගේ...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Jan 2017 02:22 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Jan 2017 02:26 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

පළමු කොටස.

      පරිසරය පුරා පැතිරී තිබුනේ සුවදායක මද පවනකි. හිරු කෙමෙන් අවරට ළං වෙමින් තිබු නිසා හිරු

 රශ්මිය මැකී ගොස් සහන් එළියක් රැදී තිබුණි.

‘‘සදනී.... සදනී... සදනියෝ.... සදෝ...‘‘

     ඒ මගේ හොදම මිතුරා ගගනගේ හඩයි. මම උන්නේ අඹ ගසේ අත්තක් මත හිදගෙන  ඔහු ඈත

 තියාම එනු  මම දුටුවෙමි. අඹ ගසේ වටේට විහිදුණු අතු වට්ටියක් සේ පහළට නැවී තිබු නිසා මම ගස

 මත සිටින බව ඔහුට නොපෙනුනි.

‘‘සදෝ.‘‘

‘‘ආ මේ ගගන ළමයනේ.‘‘

‘‘සෙව්වන්දී ටීචර් කෝ සදනී.‘‘

‘‘ඔය කොහෙ හරි ගහක් උඩ හරි ගලක් උඩ හරි ඇති. දන්නවනේ ඉතින් ඒ ළමයගේ වැඩ ගැන.‘‘

    ඔහු මගේ මෑණියන්ට සෙව්වදී ටීචර් ලෙස අමතනු ලබන්නේ ඇය ගමේ පාසලේ ගුරුවරියක්ව සේවය

 කරන නිසාවෙනී. මමත් ඔහුත් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන් ලැබුවේ ගමේ පාසලේ වෙමු. අපි

 දෙදෙනා පමනක් නොව අපේ මිතුරු සංගමයේ තවත් මිතුරු මිතුරියන් සහදෙනෙකි. අපි දෙදෙනාද

 සමග අට දෙනෙක් වෙමු.

‘‘මම එනගමන් සදනී වත්ත පහළ ඉන්නවද කියලා බලන් ආවේ. සෙව්වන්දී ටිචර් මට මගෑරෙන්න

ඇති. මම ආයි බලන්නම්.‘‘

‘‘ඇයි මේ පුතා හදිස්සියකටද?.‘‘

‘‘අනේ නෑ සෙව්වන්දී ටිචර් මම නිකමට ආවේ.‘‘

‘‘හරි පුතේ එහෙනම් පොඩ්ඩක් බලන්න . මමත් මේ දැන් ටිකකට කලින් ස්කොලේ ඉදන් ආවේ.

 කෙල්ලෝ හිටියට වැඩක් නෑනේ. රිලව් වගේ කැලෑ පයින්න විතරනේ කල්පනාව.‘‘

     අම්මා වට පිට බලමින් මට එලෙස දොස් පැවරුවාය. අම්මාට සිටින්නේ මා පමණය. මීට වසර තුනකට

 ඉහතදී රිය අනතුරකින් අප්පච්චී අන්තරා වුවේය. මාද මරණය අභියසටම ගොස් නැවත පන ලැබුවේ

 දවස් දහයක්ම සිහිසුන්ව සිටීමෙන් පසුවය. ඒ අනතුරින් පසු මම පාරේ පා ගමනින් යාමටද බිය විමි. මන්ද

 තවත් මාස තුනක්ම මම එක් තැන්ව හුන්නේ කකුළක් තුන්පොළකින් බිදි යාම නිසායි. මා එලෙස වේදනා

 විදි කාලයේ අපට සිටි එකම හයිය ගගත් ඔහුගේ නිවසෙහි පිරිසත්ය. අපේ නිවසට තවත් නිවෙස් කීපයක්

 එහායින් පැවතී ගගනගේ නිවැසියන් අපි ළගින්ම ඇසුරු කලෙමු.

    අම්මා ගෙට පිය නැගු පසු ගගන මා සිටි අඹ ගස යටට පැමිණ හොදිසියෙන් අවට පිරිස්සන්නට වුවේය.

ඇත්තට මේ මෝඩයට මම ගහේ ඇති කියලා නිකමටවත් හිතෙන්නේ නැති හැටි. මම සිතින් නොක්කාඩු

 කිව්වෙමි. මම අඹ ගසට නැගුනේ පැසෙමින් තිබු අඹ කෑමට ලුණ ටිකක් කොළයක ඔතා සාක්කුවේ රුවා

 ගෙනය. ඉන් පසු ගසෙන බිමිය නොබට මම, ගසේ අත්තක් මතම හිදගෙන අඹ ගෙඩි කීපයක්ම කෑවේ

 සැහැල්ලුවෙනී. පවුලේ එකම දරුවා වු මම හිතුවක්කාර දගකාර චරිතයක් යැයි මම සිතමි. නිතර සතුටින්

 සිටීමට කැමති මම අන් අයට විහිළු කර අන් අයගේ කේන්ති ඇවිස්සුවෙමි.

‘‘ස්ස්ස්ස්ස්.....ස්ස්ස්ස්.... ස්ස්ස්‘‘

     මම අඹ ගසේ අත්ත මත හිදගෙනම ගගනට අඹ පොතු වලින් ගැසුවෙමි. එවර ඔහු මා සිටිනා තැන

 දුටුවේය.

‘‘සදෝ උබ වැටෙයි යකෝ.‘‘

‘‘පිස්සුද බං මම හැමදාම නගින එකනේ.‘‘

‘‘ඒ වුණාට කකුළක් වත් ලිස්සුවොත් එහෙම.‘‘

‘‘එහෙම වෙන්නේ කොහොමද බන්..‘‘

      ගගන එලෙස බිය වුයේ මම වෙනදාට වඩා ඉහල අත්තකට නැගසිටි නිසාය.

‘‘උබ කොහොමද ඔය ගහට නැග්ගේ. මේ ගහ බදන්නත් බැරි තරම් මහතයිනේ.‘‘

‘‘කොහොම හරි නැග්ගනේ හි හි.‘‘

     මම ආඩම්බරයෙන් සිනා සෙමින් අඹ අත්ත මත හාන්සි විමි.

‘‘සදා වරෙන්කෝ බිමට මම මේ දෙයක් අහන්න ආවේ.‘‘

‘‘බිමට බහින්න හිහි හි.‘‘

‘‘ඔව් ඇයි.‘‘

‘‘උලම වගේ උඩ බලන් ඉද්දී මම කොහොම බහින්නද මේ සායත් ඇදන් හී.‘‘

   එවර ගගනගේ මුවෙත් සිනහවක් ඇදුනේ මම කිවු කතාව වැඩහුන නිසා විය යුතුය.

‘‘බැහැලා එනවා මම යනවා ගෙවල් පැත්තට. මටත් අඹ ගෙඩියක් කඩන් එනවා.‘‘

‘‘ඔහොම ඉන්නවා පොඩ්ඩක්.‘‘

     මම අසල අත්තේ තිබු අඹ පොකුරෙන් පැසුණු ගෙඩියක් කඩා ඔහු දෙසට විසි කලෙමි. අත්තේ ඉදගෙනම

 තවත් ගෙඩි කීපයක්ම කඩා විසි කළ මම බහින්නට සැරසුනෙමි.

‘‘ අපො ඔහෙම ඉන්නවා මට කලන්තේ හැදෙයි. කොල්ලෝ වගේ ගස් නගිනවා මෙතන. එක්කෝ කලිසමක්

 ඇදන් නගින්න ඔනේ. ‘‘

      මම හැද වුන් ළා දුබුරු පැහැයට හුරු අම්මාගේ දිග සායටත්, අත් දිග කළු බැනියමටත් මැසිවිලි නගමින්

 ඔහු නිවස දෙසට පිය නගන්නට වුවේය. අඹ ගසට නැග ගත් ආකාරයෙන්ම අත්ත  අගිස්සට ඉහළ අතු වල

ආදරයෙන් පැමිණි මම  අසල වු පුවක් ගහ දිගේ රූටා බිම බැස්සෙමි.

‘‘ගගනයෝ ඔහෙම හිටපන්කෝ.‘‘

‘‘ඔය ඉක්මණට බැස්සද?.‘‘

    පුදුමයෙන් ඇස් විසල් කර ගත් ඔහු ආපසු ඇරී විමසුවේය.

‘‘හ්ම් හ්ම් වැඩ කාරයට බොරු බෑ කියනවනේ.‘‘

     තවත් නොයෙකුත් දේ දෙඩවමින් මම ඔහුත් සටග නිවස දෙසට ආවේ දගකාර ලෙස ඔහුගේ කේන්ති

 අවුස්සමින්ය. මගේ හැටි හොදන්ම දන්නා ඔහු මට බොරුවට කෑ ගැසුවත් මගේ වැඩ වලින් ඔහුට කේන්ති

 නොගියේය.

‘‘මේ සදා මම ආවේ අර ඇප්ලිකේශන් දාපු ජොබ් එකෙන් ඉන්ටවීව් කෝල් කලාද අහන්න. මට අද ලිව්ම

 ආවා.‘‘

‘‘එහෙමද . මම තේරිලා නැතුව ඇති බං. මම ආවේ නෑ තව. කවද්ද යන්න තියෙන්නේ.‘‘

‘‘සදුදා‘‘

‘‘ඕ තව සතියක් තියේ නේද?‘‘

‘‘ඔව් ඔව්. උබටත් හෙට අනිද්දට එයි. අපි බලමුකෝ.‘‘

‘‘හ්ම්ම්ම්ම්‘‘

     මට තරමක කනස්සලු ගතියක් දැනුනී. උසස් පෙළ අවසන් කර ප්‍රතිපල එනතුරු බලා හුන් මම රැකියාවකට

 ඉල්ලුම් පත් යොමු කළේ අම්මාට තවත් බරක් විය නොහැකි නිසා වෙමි. බරක් පතලක් නොමැති කිරිල්ලියක

 මෙන් සිටීමට උත්සහ කරන මා හට අම්මාගේ වේදනාව හොදින්ම දැනෙයි. මම ඉහළට ඉගෙන ගන්නවා 

දැකීමට ඇය ඉතා කැමති බව මම දනිමි. නමුත් මගේ වියදම් මම ම දරා ගනිමින් තවත් ඉදිරියට ඉගෙන 

ගන්නවා නම් ඉගෙන ගැනීමට මම තීරණය කලෙමි.

‘‘මොකද බස්සියේ.හ්හ්ම්ම්ම් ගාන්නේ. ඕනි ඉතිං මුඩ් ගහ ගත්තා . ලිව්ම හෙට එයි දුක් නොවී ඉන්නවා.‘‘

‘‘හ්ම්ම්ම්ම්‘‘

‘‘ආයි... හ්ම්.. මේ ගස් නගින බව නම් ඉන්ටව්  බොර්ඩ් එකට දැන ගන්න දෙන්න එපා ඈ.‘‘

‘‘ඒ...... ඇයි.‘‘

‘‘ඔයාව පොල් කඩන රස්සාවට තෝර ගනී.‘‘

‘‘අනේ යනවා යන්න.‘‘

     මම ගගන පිටු පස දුවගෙන ගියේ සෙල්ලටයි. මම දුකින් සිටින සෑම විටම මා සනසන්ට ක්‍රමයක් ඔහු 

ළග විය. සහෝදර සහෝදරියන් නැති මා හට එකම සොහොයුරා ඔහු බව මගේ හිතට තදින්ම දැනුන 

කරුණකී. මගේ මෑණියන්ද ගගට සැලකුවේ ඇයගේම දරුවෙකුට මෙන් වුවාය.

‘‘ ළමයෝ මොකද ඔය කරන්නේ.‘‘

   මම ගගනයේ පිටි පසින් දුව ගොස් බැනියමෙන් ඇද අල්ලා ගනිද්දී අම්මා දොර අභියස සිට කෑ ගැසුවාය.

‘‘මේ ළමය නම්  මොන විදියට හැදෙන ළමෙක්ද මන්දා. දැන් ඔයා පුංචී ළමයෙක් නෙමෙයි දුවේ. ගෑණු 

ළමයෙක් වගේ පොඩ්ඩක් තැම්පත් වෙලා ඉන්න පුරුදු වෙන්න.‘‘

‘‘ඒක තමා සෙව්වන්දි ටිචර් මමත් මේ කිව්වේ.‘‘

‘‘මොකද්ද?.‘‘

     මම අත්දෙකෙන්ම නොරිදෙන්නට ගගනගේ පිට මැදට පහර දීගෙන ගියේ සිනා සෙමෙන් විමි.

‘‘දු මෙහෙ එන්න නේද කිව්වේ.‘‘

     මම ගගනට විරිත්තා අම්මා ළගට දිව ආවෙමි. අම්මාගෙන් දඩුවම් ලැබුනේ මටය. කණක් රත් වෙන්නට 

මිරිකු ඇය මට රැව්වාය.  අවුරුදු දහඅට විය පසු කරමින් සිටි මම තවත් අම්මාගේ සුරතලිය විමි.

‘‘හරි හරි සෙව්වන්දී ටිචර් .අපි දෙන්නා විහිළුවට රණ්ඩු වුණේ.‘‘

 ‘‘මම තේ ටිකක් හදන් එන්නම්කෝ දෙන්නටම.‘‘

    අම්මා සිනාසෙමින් ගේ තුලට පිවිසියේ, ඕනෑම අවස්ථාවකදී මාව බේරා ගන්නට ගගන ඉදිරිපත් වන බව 

දන්නා නිදා විය යුතුය.  එවර මම නිවස ඉදිරිපස වු වැරුන්ඩාවේ බැම්ම උඩ වාඩි ගත්තෙමි.  අපට තිබුනේ

 පරම්පරාවෙන් පැවත එන පරණ තාලයේ ඔළු හෙවිළි කළ නිවසකි.

‘‘දූ ඔයාගේ පොන් එක කෑ ගහනවා.‘‘

නැවත හමු වෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Jan 2017 03:47 AM
  •  Quote
  •  Reply
හෙලෝ.................................
ඒකත් ලස්සනයි වගේ
මග නතර කරන්නෙ නැහැ කියල පොරොන්දු වෙන්න. කියවන්න කලින්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Jan 2017 10:54 AM
  •  Quote
  •  Reply
මග නවතින්නේ නෑ. මම මේක හිතලා ලියන්නේ. ඉතින් නවතින්නේ කොහොමද?
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Jan 2017 12:35 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Jan 2017 12:38 PM
  •  Quote
  •  Reply
හිරුයි තරුයි.


දෙවන කොටස.


‘‘හරි අම්මා....‘‘

මම බැම්මෙන් බිමට පැන කාමරය දෙසට දිව ගියෙමී.

‘‘ හෙලෝව් රෝසී. මොකද හදිස්සියෙම මාව මතක් වෙලා.‘‘

මම ඇමතුමට සවන් දෙමින් ගගන සිටි තැනට පැමිණියෙමි. මම කතා කරන තුරු නිහඩව බලා වුන්

 ගගන මා දෙසට නෙත් යොමා බලා වුන්නේ මම විස්තරය කියන තුරුයි.

‘‘රෝසී කතා කලේ.‘‘

‘‘මොකද කියන්නේ.‘‘

‘‘කම්පියුටර් කොර්ස් එකේ පාටි එකට එනවද අහනවා.‘‘

‘‘කවද්ද තියෙන්නේ.‘‘

‘‘සෙනසුරාදා.‘‘

‘‘යනවද ඉතින්.‘‘

‘‘නැතුව අපි යන්නැතුව කෙහොමද?.‘‘

පාසල් කල සිට මිතුන් වී සිටියේ ගගනත් මමත් පමණී. රෝසී, පැටී , බතලී, බට්ටා ,බැලැකී , කුෂා

 පරිඝණක පාඨමාලාවෙදී මිතුරු වූ මිතුරු මිතුරියන්ය. උසස්පෙළ විභාගයෙන් පසු සහබාගී වු පරිඝණක

 පාඨමාලාවේ ,අපි අවසන් විභාගක කර ප්රාතිඵල එන තුරු බලා සිටින ගමන්ය. අපි සම වයසේ නොවු 

නමුත් බොහො සෙයින් ලං වී සිටියෙමු.

‘‘සෙව්වන්දී ටිචර් යන්න දෙයිද?.‘‘
‘‘ඔයා යන නිසා යන්න දෙයි.‘‘

‘‘උබට මම ඉන්න නිසා හොදයි නේද?‘‘

‘‘ඒක තමා රෝසිත් කිව්වේ. ‘‘

‘‘මොකද්ද කියන්නේ.‘‘

‘‘උබේ බොයි ප්රෙේන්ඩ් ඉන්නකන් උබට හොදයිලු.‘‘

ගගනගේ මුහුනේ දීප්තිමත් සිනාවක් ඇදී යනු මම දුටුවෙමි.

‘‘එහෙමද?‘‘

‘‘ඔව් එයාලා හිතන්නේ ඔයා මගේ බොයි ප්රෙ න්ඩ් කියලා. ‘‘

‘‘ඉතින් එහෙම නෙමෙයිද?‘‘

ඔහුගේ මුහුණේ වුයේ ස්ථාවර වචනයක බලාපොරොත්තුවයි.
‘‘උබට පිස්සුද ගගන. එන්න එපා ඕවට නම්.‘‘

‘‘හි හි හි හි.‘‘

ගගන සිනාසී කතාව මගහැර දැමුවේය. ඔහුගේ සිතේ මා ගැන හැගීමක් ඇතැයි වෙලාවකට මට සිතෙයි.

 නමුත් ඔහු ගැන තිබු හැගීම සහෝදර බැදීමකට බොහෝ ළග නිසා මම එලෙස සිතීමට අකමැති විය. 

‘‘ සදා.‘‘

‘‘හ්ම්‘‘

‘‘මොනවද ළමයෝ ඒ පාර කල්පනා කරන්නේ.‘‘

‘‘ඔයා කියපු දේ ගැන කල්පනා කළේ.‘‘

‘‘අපෝ ඒක හිතන්න එපා. මම විහිළුවක් කලේ.‘‘

ඔහු එසේ කිව්වත් මුහුණින් පෙනුනේ කනස්සලු ගතියකි. අම්මා ගෙනත් දුන් තේ සමග අපි හැලප කෑවෙමු.

 පරිඝණක පාඨමාලවේ සාදයට යාමට අම්මාගෙන් විමසීය. 

‘‘ගගන පුතත් යනවා නේද?.‘‘

‘‘ඔව් සෙව්වන්දි ටිචර්.‘‘

‘‘එහෙනම් මෙයාවත් පරිස්සම් කරන් ගිහින් එන්න. දන්නවනේ මෙයාගේ හැටි. කෙලි රූපයක් තිබුණට

 කොළු වැඩනේ තියෙන්නේ.‘‘

ගගන අම්මාගේ වැකියට සිනාසුණා පමණකි. ගගන කිව් අයුරින්ම පසු දින සම්මුක පරික්ෂණයට පැමිණෙන 

ලෙස ලිපිය මටද පැමිණ තිබුණී.

කෙමෙන් දින ගෙවී යන්නට විය. මම සිටියේ සතුටිනි, සාදය ගැන සිහි වෙද්දී මට දැනුනේ ඉවසිලී නැති

 ගතියකි. මම කලින් ඉදන්ම පාටියට අදින්නට ඇදුමක් පවා සුදානම් කර මග බලා උන්නෙමී. අළුත් ඇදුමක්

 ගැනීමට ආසාවක් තිබුණත් අම්මාට කරදර කිරීමට මම අකමැති විමි.

අම්මා පාසලේ ඉගැන්වීමට ගිය පසු මම නිවස තුළ සිටියේ තනියෙන් නිසා මම යාළුවන් සමග දුරකථනයෙන්

 කතා කරමින් සහ රූපවාහිනිය නරඹමින් දවස ගෙවා දැමුවේ අලසකමිනි. උදේ වරුවම අපේ නිවෙස් 

පැත්තටවත් නොපැමිණි ගගන අම්මා පැමිණි පසු හවස් වරුවේ සැමදාම අප නිවට ගොඩවැදුනේය.

‘‘සදා දැන් ලැහැත්තිද හෙට යන්න.‘‘

‘‘නැතුව නැතුව බන්. මම මේ හෙට එළිවෙන්නේ කොයි වෙලේද කියලා ඉන්නේ.‘‘

‘‘මම හෙට දෙරට එන්නද?. සදා පාරට එනවද?‘‘

‘‘ඔනේ නෑ බන්. මම නමය වෙද්දී බස් හෝල්ඩ් එකට එන්නම්.‘‘

පසු දින උදෙන්ම අවදී වු මම මුණ කට දොවාගෙන සුදානම් කර තිබූ ඇදුම හැද ගත්තෙමි. එය සුදු පැහැ

 තුන් කාල කලිසමක් සහ රතු පැහැ බැනියමකි. එය හැදගෙන මම කැඩපත ඉදිරියේ හැඩ වුණේ තනියෙම

 සිනාසෙමිණී.

‘‘දූ... මොකද තනියෙම හිනා වෙන්නේ.‘‘

‘‘මේ ඇදුම ලස්සනද අම්මේ.‘‘

‘‘හොදයි හොදයි දූ. මෙහෙ වගේ දග වැඩ එහෙම කරනනේ නෑ ඔන්න .පරිස්සමින් ගිහින් එන්න ඕනේ 

හරිද?.‘‘

‘‘හරි හරි අම්මේ. මම පරිස්සම් වෙන්නම්කෝ.‘‘

මම අම්මාගේ දෙපා නැමද කොපුල සිප ගනිද්දී , අම්මා මගේ නනළ මත හාදුක් තැබුවේ ආදරයෙන් මගේ හිස

 පිරි මැද නැවතත් පිරිමදිමිණි..

‘‘පරස්සමින් දු.‘‘

‘‘හරි අම්මේ. අම්මා බය නොවී ඉන්නකෝ ගගනත් ඉන්නවනේ.‘‘

මම නිවසින් පිට වි පාර දිගේ පිය මැන බස් නැවතුමට ගොඩ වුනෙමී.

‘‘ අද මෙයාගේ ලස්සන.‘‘

ගගන මා අසලට පැමිණ මගේ හිසේ සිට දෙපතුළ දක්වා බලනවිට මට දැනුනේ ලැජ්ජාවකී.

‘‘මොකද අනේ ඔහොම බලන්නේ.‘‘

‘‘ඔයාගේ යාළුවෝ කියන කතාව ඇත්ත කර ගන්න තිබුණා නම් කියලා හිතුණා.‘‘

‘‘අනේ පළයං බන් යන්න .මාව බයිට් එකට ගන්නේ නැතුව.‘‘

ඉන් පසු අපි අතර ඇති වුනේ දැඩි නිහඩ බවකී. ගගන මම ගැන හිතවාවත්දෝ කියා මගේ සිත විමසද්දී මම

 ඒ හැගීම යටපත් කර ගැනීමට උත්සහ දැරුවෙමී. ටික වෙලාවකට පසු පැමිණි බස් රියට නැගුණු අපි 

පරිඝණක පාඨමාලාව පැවැත්වුණ පෞද්ගලික අධ්යාරපන ආයතනය ඉදිරි පිටින් බැස ගත්තෙමු.

‘‘අම්මට සිරි අද මේකිගේ ලස්සන.‘‘

අපි බස් එකෙන් බහිද්දිම පෙරමග බලා හුන් අපි බතලි ලෙස සරදම් කරන වරුණි පැවසුවාය.

‘‘මොකද බතලී.‘‘

‘‘මේ ගගනයෝ කන්න එපා මගෙන්.‘‘

‘‘අපෝ ඔයාගේ කෑම එපා . අපිට මේ පාටියට එන්න කියලා තියෙන්නේ කන්න දෙන්න තමා.‘‘

‘‘ගගනයෝ. දෙනවා උබට.‘‘

‘‘අම්මෝ ගගන මෙයාගෙන් පාරක් කෑවොත් නම් ඔයාව ගලවන්න වෙන්නේ ආප්ප හැන්දෙන් තමා ..‘‘

‘‘අම්මට සිරි මුන් දෙන්නාගේ ලව් එක. ඒ ගගනයා වැඩේ සෙට්ද?.‘‘

‘‘ ඔව් ඔව් ඇයි මොකද උබට ඊර්ෂියද?‘‘

මම අපි අතරට එක් වූ බට්ටාගේ පැණයට පිළිතුරු දුනිමී. වැඩි වෙලා යන්නට මත්තෙන් සියලු මිතුරු

 මිතුරියන් සාදයට එක් විය. එක මේසයක් වටා හිද ගත් අපි සංග්රුහ භුත්තී විදිමින් කතා බහේ යෙදුනෙමු.

 ඒ සාදයට පැමිණ සිටියේ අපි පාඨමාලව හැදෑරු ආයතනයේ පන්තියේ ළමුන් පමණක් නොවීය. ඒ ආයතනයට

 අනුබද්ද ,වෙනත් පලාත් වල පැවති ආයතන වල සිසු සිසුවියන් විශාල පිරිසක් සාදයට පැමින සිටි. ඒ අතර 

සිටි නාදුනන පිරිමි ළමයෙක් අපි වාඩි වී සිටි මේසය දෙස බලමින් ඔහුගේ යාළුවන් සමග මොනවද කියනු 

මගේ ඇස ගැටී තිබුණි.

‘‘ ඒ බන් අර නිල් ඉරි ටීසර්ට් එකක් ඇදන් ඉන්න කොල්ලා මෙහෙ බලනවා වැඩී.‘‘

‘‘එහෙමත් එකද්ද?.‘‘

රෝසී හොරෙන් ඒ දෙස බැලුවාය. 

‘‘ ඇත්ත බන් මම මේ බැලුවේ ඌ කාටද ලයින් දාන්නේ කියලා.‘‘

‘‘ඒක තමා බට්ටා . අපිත් පොඩි බයිට් එකක් දෙමුද? ‘‘



නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
02 Jan 2017 04:15 PM
  •  Quote
  •  Reply
දැන් කාටද බයිට් එකක් දෙන්නේ.පව් කොල්ලා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Jan 2017 02:59 AM
  •  Quote
  •  Reply
කාටද හප්පේ ලයින් දාන්නෙ. ඔය විසේ තියෙන කෙල්ලටද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Jan 2017 04:57 PM
  •  Quote
  •  Reply
හි හි මම දන්නෙ නෑ
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Jan 2017 05:03 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Jan 2017 05:08 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

තුන්වන කොටස.

‘‘එකෙන්ම. ඒ පැටී ඔය මායම් හැට හතරෙන් දෙක තුනක් දාලා පොඩ්ඩක් මේ පැත්තට ගෙන්න 

ගනිංකෝ.‘‘

‘‘පිස්සුද උබලට මට බෑ.‘‘

‘‘අපො බං පොඩ්ඩ්ක් ඔය මායම් වලින් ප්‍රයොජනයක් ගනින්කෝ.‘‘

‘‘ඒක තමා රෝසියෝ. ඔබත් පොඩ්ඩ්ක් ලයින් එකක් දාපන්.‘‘

‘‘ලයින් දාන්න දෙයක් නෑ බන්. පට්ට ඇඹලයෝ සෙට් එකක් වගේ බලපන්කෝ බන් ඉන්න හැටි. 

කන්න වගේ.‘‘

‘‘ඒක තමා .  මෙතන කොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා කියලත් මුන්ට ගානක් නැති හැටි . ‘‘

‘‘මේ... මේ... උබල නම් ඒ පැත්ත බලලා වැඩේ බකල් කරන්න එපා ඈ. හරිද‘‘

‘‘අප්පද බොල බලකෝ බතලිගේ කතාව.‘‘

      අනිත් මිතුරු මිතුරියන් එළිමහනේ සකසා තිබු කබානා එක වටා වාඩී වී සිටි පිරමි ළමයි හතර 

දෙනෙකුගේ කණ්ඩායම දෙස බලමින් කියවන්න විය. කතාව මුලිනම පටන් ගත මම දැන නිහඩව මුණිවත

 රකිමී. මන්ද ගගන අපි සමග සිටින නිසාය. සහෝදරයෙකුට වඩා මට ළග ඔහු ඉදිරියේ  එලෙස විසේකාර 

චරිතයක් වීමට නොතේරෙන බියක් මට දැනිනි.

‘‘ ඒ බන් සදා මොකද උබ මොකද සද්ද නැත්තේ. බලපන්කෝ අරුන් දිහා. පොඩි සපොට් එකක් දීපන්කෝ

 අරුව පොඩ්ඩක් නටවන්න. වෙනදට උබනේ ඔය වැඩ වල මුල් තැන ගන්නේ. ගගනයා හිටියට කමක් නෑ. 

විහිළුවටනේ බන් නේද සහෝ.‘‘

     ගගනගේ අතට අත දෙමින් බට්ටා කියවන්න වුවේය.  ගගනත් වුන්නේ සිනා සෙමිණි.

‘‘නෑ නෑ බං මම මේ කල්පනා කළේ මොකද්ද කරන්නේ කියලා.‘‘

‘‘ඒක මිසක්  අපි මේ හිතුවා අනාගත හස්බන්ට බයේ කියලා.‘‘

‘‘අනේ බලයන් බට්ටා කට වහන්.‘‘

‘‘හිටපන්කෝ අපි දෙන්නා ඒ පැත්තේ රවුමක් දාලා එන්න.‘‘

 

      එවැනි වැඩවලට එතරම් අකමැති පැටී මගේ ළග ඉතිරි වෙද්දී රොසිත් ,බතලීත් හුන් තැනින් නැගිට

 නිදහස් තණනිල්ල පුරා ඇවිද යන්න විය. මොහොතකට පසු ඔවුන් ආවේ සිනා සෙමින් දගකාරලෙසය.

‘‘වැඩේ හරි බං.‘‘

‘‘ඇයි මොකද වුනේ.‘‘

‘‘මේ බලපන්.‘‘

     උණ්ඩිකළ කොළ කැබැල්ලක කටු අකුරින් ලියු දුරකථන අංකයක් සහ නමය. හතරදෙනාගෙන් 

කාගේදෝ කියා නොදන්නා මුත් ලියා තිබු නම තරූෂ විය.

‘‘කොකද දන්නේ නෑ නේ බන් තරූෂ.‘‘

‘‘මම හිතන්නේ අර නිල් ඉරි බැනියමක් ඇදන් ඉන්න බොයි. ඌ ළග ඉන්න අනිත් එකා මේක දෙද්දී ඌ කන්න 

වගේ බන් බලන් හිටියේ.‘‘

‘‘මේ මට හොද අයිඩියා එකක් ආවා. අපි ඔය නම්බර් එකට මිස් එකක් දීලා බලමු කොකද බලා ගන්න.‘‘

‘‘අන්න  නිගමයි කෝ දීපන්කෝ පොන් එක.‘‘

‘‘මගේ පොන් එක. මොකටද උබේ එකෙන් ගනින්.‘‘

‘‘බෑ බෑ බන් මට ගෙදරින් කේස්. උබ දන්නවනේ අපේ අම්මාගේ හැටි සේරම චෙක් කරනවා.‘‘

‘‘එහෙනම් අපි මේ තුන්දෙනාගෙන් එකකින් ගමු.‘‘

‘‘බෑ බෑ බං. උබට කිව්වම තේරෙන් නෑනේ. යකෝ මුන්ගේ එවයි ගත්තම කොල්ලෙක්ගේ එකකින් ගත් 

බව අහු වෙනවා.‘‘

‘‘ඒ කොහොමද?.‘‘

‘‘ යකෝ ඉමෝ , වයිබ වලින් අහු වෙනවා නම්බරේ සේව කර ගත්තේත් . ඔබ ඉතින් ඕවා දන්නවෑ උබේ ඔය

 ඇබිත්තං පොන් එකෙන් ඒව කරන්න පුළුවන් ඈ. දීපන් දීපන් පණ්ඩිත කම් නැතුව. පස්සේ නම්බර් එක

 බ්ලොග් කරලා දාමු.‘‘

     මම කිසිවක් නොකියාම රෝසී අත පොන් එක තැබුවේ ගගන දෙස හොරහින් බලමිනි. ඔහුගේ මුහුණේද 

එතරම් අකමැත්තක් නොවු නිසා මගේ සිතට සහනයක් දැනිනි.

‘‘අපො බන් මේ වයසේ කෙල්ලෙක් පාවිච්චී කරන පොන් එකද්ද මේක. අම්මට පොඩ්ඩක් කෙදිරි ගාලා ගනිංකෝ 

හොද පොන් එකක්.‘‘

     රෝසී අංකය මගේ කුඩා දුරකථනයට ඇතුල් කරමින් කියවන්නට විය. ඇගේ ඒ වදන් වලට මගේ හදවත 

තදින් රිදුම් දෙන්න විය.

‘‘මට ඕක හොදයි බන්. මට අම්මට ඔය හැටි කරදර කරන්න බෑ, මම හම්බකරන කාලෙක ගන්නවා. පව් බන්

 අම්මා. මේ කෝර්ස් එක කරන්න ගත් නිසා මට අළුතින් ලැප් එක අරන් දුන්නෙත් ගෙවන්න.‘‘

‘‘අනේ සොරි බන් මම කටට ආවට කිව්වා මිසක්. ඕවා හිතුවේ නෑ . උබ ගනන් ගන්න එපා. උබ දන්නවනේ මගෙ

 කටට බෙරේක් නෑ කියලා.‘‘

‘‘හරි බන් හරි... ඒකට අවුලක් නෑ.‘‘

‘‘අනේ බං සොරි කෙල්ලේ. හිනා වෙයන්කෝ. උබ ඔහොම මුඩ් ගහලා ඉද්දි මම කොහොමද අර කොල්ලට 

ලයින් දාන්නේ.‘‘

     රෝසිගේ ඒ කතාවට අපි සියල්ලන්ටම සිනා නැගුණි.

‘‘ඒ සදා බලපන් මොකාද පෝන් එක බලන්නේ කියලා.‘‘

     රෝසී ඇමතුමක් ගෙන දුරකථකය සවනත තබා ගනිමින් කිව්වේ මම සිටින්නේ ඒ පිරිමි ළමුනට මුහුණ ළා 

නිසාය.

‘‘උබ කිව්වා හරි අර නිල් ඉරි කොල්ලගේ තමා.‘‘

‘‘අනේ කෙල්ලනේ තොපිනම්. පව් යකෝ වුන්. තොපි කෙල්ලොද අපි අපි කෙල්ලොද හිතනෙවා මේවා 

දකිද්දී.‘‘

    බැලැකියා එලෙසින් කිව්වේ අතකුත් කම්බුලේ ගසාගෙනය.

‘‘පව් බං අපි.‘‘

   ඒ ගගනගේ හඩයි. ඒ පිරිමි ළමයි නුත් අපිව විහිළුවට ගෙන ඇතැයි මම සිතුවෙමි. ඔවුන් තරමක් දුරින් හුන් 

නිසා ඔවුන් කතා කරන දේ  අපට නෑසුනත් සිනා සෙමින් කතා කරන අයුරින් එය වැටහුනි. ඒ හතරදෙනා අතර 

එක් නිහඩ චරිතයක් විය. සුදු පැහැයට හුරු කමිසයක් හැද වුන් ඔහු පසුවන්නේ කෝපයෙන් බව මුහුණේ ඉරියව් 

වලින් පෙනුණි.

‘‘ ඒ බං කොල් එකක් එනවා.‘‘

‘‘අර කොල්ලගෙන්ද උස්සලා බලපන්.‘‘

     බතලී රොසිත් සමග එක් වී පිටතට ඇසෙන පරිදි සද්දය වැඩි කර ඇමතුමට සවන් දෙන්න විය. මම හොදින්ම 

දුටු දෙය නම් අනෙක් පසින් දුරනථකය සවනත තබාගෙන වුන්නේ නිල් ඉරි බැනියම හැද ගත් පිරිමි ළමයා බවය.

‘‘හෙලෝව්.‘‘


‘‘හෙලෝව්.‘‘

‘‘මොකද්ද මේ නංගිගේ නම්.‘‘

‘‘නංගි කියන්නේ උපැන්නේ බැලුවද අයියා.‘‘

   සියල්ලන් බක බක ගා සිනාසෙමින් සංවාදයට සවන් දුන්නේමු. පිරිමි ළමුන් කණ්ඩායමෙනුත් ඇසුනේ සිනා

 හඩකි. දැන් නම් කිසි සැකයක් නැත අපි මෙන්න ඔව්නුත් හදන්නේ අපි විහිළුවට ගන්නටය.

‘‘නංගිත් මගේ උපැන්නේ බලලා වගේ මට අයියේ කිව්වේ.‘‘

‘‘ආ... මේ මේ.... අයියා මට නංගි කිව් නිසානේ කිව්වේ.‘‘

     රෝසි කිව්වේ වැඩේ අවුල් ගිය නිසා දිවත් හපාගෙන නළලේ අත ගසාගෙනය.

‘‘හරි හරි අක්කා වුනත් නංගි වුනත් කමක් නෑ නම කියන්නකෝ.‘‘

‘‘මගේ නමද?‘‘

‘‘ඔව් ඔව්.‘‘

‘‘ඒ සකුන්තලා කියපන් සකුන්තලා කියපන්.‘‘

       බට්ටා රහසින් කියන්න විය.

‘‘ මම සකුන්තලා.‘‘

‘‘ශා පට්ට නමක්නේ. ගම කොහෙද දන්නේ නෑ.‘‘

‘‘දඹානේ.‘‘

‘‘අනේ වැදි කෙල්ලෙක්ද?.‘‘

     සංවාදය දිගැස්සුනේ දෙපිරිසම අතර සිනහව රජ කරවමිණි. දැන් මුහුණට මුහුණ බලාගෙන දුරකථනයෙක්

 කතා කරමින් සිටි. එවිටම සබ්ධ විකාශන යන්ත්‍රයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සහතික පත්

 හා කුසලාන බෙදා දීමට වේදීකාව ඇති ශාලාවට පැමිණෙන ලෙසයි. අපි සියලු දෙනාම ශාලාව තුළට ඇතුල්

 වුනෙමු. සහතික ප්‍රධානය ආරම්භ විය. විශාල පිරිසක් සිටි නිසා එක් එක් නෙකාට සහතික ලබා දීම අපහුසු

 නිසා එක් එක් පංන්තියට අදාල ආචාරය තුමා හට සහතික පත් කට්ටලය බාර කෙරුණි. සහතික පත් බෙදන

 අතර තුර විවිධ නැටුම් ගැයුම් විශේෂාංග පැවැත්වුණි. ඒවා එවෙලෙහි ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන

 විශේෂාංගය. එක වරම බලන විට වේදිකාව මත හුන්නේ නිල් ඉරි බැනියම හැද ගත් තරුණයාය. පසුබිමින්

 වැයුණු සංගීත නාදයට ඔහු අලංකාරව හඩ එක් කරන්න විය.

‘‘ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි.....‘‘

‘‘ඒ බලපන්කෝ ඌ හෙන වැඩකාරයනේ . ලැජ්ජයි බන් අපේ සෙට් එකෙන් එකෙක් යන්නම ඕනේ. නැත්තම්

 වස ලැජ්ජාව.

‘‘ඒ සදා පලයන්කෝ. ‘‘

‘‘මට බෑ බං තනියෙම යන්න.‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Jan 2017 05:13 PM
  •  Quote
  •  Reply
කතාව නැගලම යනවා වගෙයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Jan 2017 03:56 AM
  •  Quote
  •  Reply
මරැම තමයි කථාව හොදට හිතට ඇල්ලුවා
0
Add Reply
Page 1 of 1112345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below