Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: හිරුයි තරුයි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: හිරුයි තරුයි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review සඳුනිVeteran MemberPosts:2462 09 Apr 2017 12:16 AM ගොඩක් ස්තූතියි අයියේ chamaramindMost Senior MemberPosts:13471 08 Apr 2017 06:09 PM ඔයාගේ මහන්සිය කියල වැඩක් නැහැ.ඒ තරම් කතා ලියනවා සුපිරියි.වැඩි වැඩියෙන් කතා ලියන්නම ඕන සඳුනිVeteran MemberPosts:2462 08 Apr 2017 01:36 PM ෴හිරුයි තරුයි෴ විශේෂ ස්තූතිය.. හැමදාමත් මම ස්තූතියි කතා පල කරනවා මගේ හැම කතාවක් අවසානයෙදිම.. ඒ නිසා.. අද මම ස්තූතියි කතාව වෙනුවට ඔයාලව ඇඟයීමක් කරන්න යන්නේ.. විශේෂයෙන් මගේ පාඨක පිරිස. මගේ මේ කතාව එක්ක ඔයාලා හැමදාමත් රැඳිලා හිටියා... පුදුමය කියන්නේ.. මම කතාව පටන් ගත්දා ඉදන්නම අවසානය දැනන් හිටිය පිරිසක් මට මේ කතාවෙදී හම්බුනා.. ඒ වගේම... මම දෙන හැගීමෙන් හැගීමට වෙනස් වෙන පිරිසකුත් හිටියා... අවසානය තේරුම් ගත් අය ළගදී "මම අසාර්ථකයි.." මට එයාලව මට ඕන වුන හැගීමේ රදව ගන්න බැරි වුනා. අවසානය රහසක් කර ගන්න බැරිවුනා.. ඒ ඔයාලා බුද්ධිමත් නිසා... ඒත් සතුටුයි ජීවිතය දිහාත් ඔයාල ඔය නුවනින්ම බලන්න... මේක කතාවක්.. හරියට තාත්වික නැති වෙන්න පුළුවන්.. නමුත් ඇත්ත ජීවිතේ තීරන ගැනීම මීට වඩා හුගක් බැරෑරුම්. ඒ වගේම.. ඔයාලාගේ හැගීම මට ඕන විදියට වෙනස් කරන්න පුළුවන් වුන පිරිස ඉස්සරහා" මම සාර්ථකයි.. "මම සඳනීගේ චරිතයට සාධාරනයක් කරලා තියෙනවා ඒකියන්නේ... මට ඕන ඔයාලට ඉස්සරහට වෙන දේ හිත ගන්න බැරි වෙන්න ලියන්න.. ඒක තමයි මම හිතන්නේ ලේඛකයෙක්ගේ සාර්ථකත්වය, වගේම කතාවේ තාත්වික බව. මේ කතාවෙන් දුන්නේ ඇත්ත ජීවිත වල වේදනාකාරි පැත්තක්.. මට හිතෙනවා.. ඒ පණිවිඩේ ඔයාලට හොදටම ලැබුණා කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එක දෙයයි." පුංචී මල් කැකුළු අසහනකාරයන්ගෙන් රැක ගන්න... වන සුළු වරද වනසයි ජීවිත එකක් නොව ගනනාවක්." ඇබ්බැහි වීමක්... මානසික විකෘතියක් මෙය. වැනිසිලා සිත් පවිටු විලසට. ඔවුන් අසරන උන්ගේ සිත යට. නොහැක හැදුමට දන්න තරමට. මානසික ව්‍යාධියක් අයුරට. මගේ ඇස් මානයේ නිදසුන්. දුකයි එනමුදු මක් කරන් මන්. විදී නෙක දුක් ඔවුන් යටි සිතින්. අසරනයි මව්වරුන් වී දැන්. කියෙව්ව.. අදහස් දුන්න, දුක් වුණ, මට දොස් කිවිව,සතුටු වුණ , ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි... හැමදාමත් අපි එක්ක ඉන්න... ලගදිම මම තව කතාවක් දෙන්නම්.. හිරුයි තරුයි 2 ලියන්නත් හිතේ තියේ... කඳුලත් සැනසුමක් 2 ලියන්නත් හිතයි..කොහොම වුනත් අළුත් කතාවක් දෙනවා.. මගේ කතා මගහැරුන අය වෙනුවෙන්.. 01. කඳුලත් සැනසුමක්. 02. මියෙදෙන තුරා. 03. ආවේශය. 04. හිරුයි තරුයි . කෙටි කතා. 01. පුංචී හිමායා. 02. පිළිසරණ ඔබයි. 03. සැගවුණු කඳුළු. 04. මයේ පුතේ. 05. සුපෙම් හැඟුම්. ස්තූතියි මම නවතින්නම්.. බුදු සරණයි !!!! ඔයාලා හැමෝටම. මම සඳුනී.. chamaramindMost Senior MemberPosts:13471 15 Mar 2017 06:47 PM මං මේ කතාව හිමිහිට කියවමින් පවතිනවා.අන්තිම එකත් දාලා සඳුනිVeteran MemberPosts:2462 12 Mar 2017 12:13 PM හිරුයි තරුයි. අවසන් කොටස. ‘‘එන්න මිසිස් ජයතුංග.‘‘ ඔහු මා ඉදිරිපිට හඩ පටයක් ක්‍රියාත්මක කර වීය. එහි වුයේ දිනිදුගේ පාපොච්චාරණය විය. එයට අනුව ඔහු මම කිසිදා නොසිතු අයුරේ පුද්ගලයෙකී. මට මා ගැනම දැනුනේ පිළිකුලකී. ශික් මෙහෙම මිනිහෙක් එක්කටද ?මම ජීවත් වුනේ.. මම එක වරටම සිතුවෙමී. ‘‘දැන් දුක් වෙන්න එපා සදනී.. දිනිදුව හොද කරන්න පුළුවන් .‘‘ ‘‘එපා ගගන.. එයාව මටවත් මගේ දරුවට වත් දකින්න වත් එපා.‘‘ මම අප්‍රසාධයෙන් පැසුවෙමී. ‘‘මිසිස් ජයතුංග මේ අහන්න.. ඔයා දිනිදුගේ කතාව අහන් හිටියනේ.. ඒක දිනිදුගේ වරදක් නිසාම වුණ දෙයක් නෙමෙයි.. ඒක පුංචී කාලේ එයාට වුණ සිදුවීමක් නිසා ඇති වුණ ඇබ්බැහි වීමක්. ඒකයි ගැහැණු පිරිමි කියලා බේදයක් නැතිව දෙමාපියෝ වගකීමෙන් දරුවෝ ගැන බලන්න ඕන කියන්නේ.‘‘ ‘‘මොකද්ද ඩොක්ටර් පොඩි කලේ සිදු වීමක් කියන්නේ.. දිනිදු පුංචී කාලේ දිනිදුගේ අම්මා රට රස්සාවකට ගිහින් ඉදලා තියෙන්නේ.. දිනිදුලා ඉදලා තියෙන්නේ පුංචිලාගේ ගෙදර. ඒ ගෙදර ඉද්දී තමයි.. ඒ අහල පහල ගෙදරක වැඩිහිටි පිරිමි කෙනෙක් දිනිදුව අපයෝජනයට ලක් කරලා තියෙන්නේ.. කාලයක් යද්දී දිනිදු ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. දිනිදුට ඒ කලේ වැඩි වයසක් නෑ... අවුරුදු දහයක් විතර ඇතිලු.. කියන්න කෙනෙක් ඉදලත් නෑ.. කියන්න ඕන වගේ දැනුනත් ලැජ්ජාවට කියලා නෑ.‘‘ වෛද්‍යවරයා ගගන දෙස බැලුවෙය. ‘‘ඔව් සදනී.. ඊට පස්සේ.. දිනිදු හොස්ටල් දාලා ඉගෙන ගන්න කියලා ..අර පිරිමි කෙනාගෙන් බේරුණත් එයාට එහෙදී තරුෂව හම්බවෙලා.‘‘ ‘‘තරූෂ....‘‘ මම පුදුමයෙන් යුතුව ගගන දෙසත් වෛද්‍යවරයා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෙමී. ‘‘ඔව් සදනී තරූෂව දන්නවද?.. ‘‘ ‘‘ඔව්... දිනිදු අයියාගේ හොදම යාළුවා.. ඒ කියන්නේ.. තරූෂ එක්ක..‘‘ මම පුදුමයෙන් කල්පනා කරන්න වුනෙමි. එකින් එක සිදුවීම් ගලපා බැලුවෙමී. අපි මැරි කරන්න කලිනුත් තරූෂ අපි අතරට කීප සැරයක්ම ආවා... අපි දෙන්නා ළං වෙනවට කැමතී වුනේ ම නෑ.. අපි අර හොටෙල් එකේ සෙමිනා එකට යද්දීත් තරූෂ එතනටත් ආවා.. අනුහස් සර් මේ සම්බන්දේ දැනන් ඉදලා තියෙනවා.. ඒක තමයි අනුහස් සර් එදා දිනිදු අයියට ගැහුවේ.. ඒ කියන්නේ චාරුකත් දැනන් ඉන්න ඇති. ඒක තමයි මට දිනිදුගෙන් ඈත් වෙන්න කිව්වේ. ‘‘ඔව්.. තරූෂගෙයි දිනිදුගෙයි අතරේ සමලිංගික ඇසුරක් තියෙයි. අවසානාව කියන්නේ.. ඒකට ඇබ්බැහි වුණ අයව ඒකෙන් මුදව ගන්න එක හරිම අපහසුයි. දිනිදුට ඇත්තටම සදිනිට ආදරෙයි... එයා හුග සැරයක් සේරම නතර කරලා සදනී එක්ක හොදින් ඉන්න උත්සහ කරලා තියෙනවා.. නමුත්.. දිනිදුට එහෙම ඉන්න අමාරුයි.‘‘ මම මධුසමය දා රාත්‍රිය පිළිබද හෙළිකලෙමී. ‘‘එදා දිනිදු.. හවස හොදට හිටියා නේද?.‘‘ ‘‘ඔව් ඩොක්ටර්.‘‘ ‘‘එවෙලේ.. දිනිදුට තරුෂගෙන් කොල් එකක් ආවාලු.. තරූෂ හොදටම ඇඩුවලු.. ඔයත් එක්ක ලිංගිකව සම්බන්ධයක් ඇති කර ගන්න එපා කියලා. ඒ දෙන්නා අනිත් අයට වඩා වෙන්ස් සදනී.. වෙන සමලිංගික ඇසුරට පුරුදු වුණ පිරිමි අය විවිධ අය එක්ක එහෙම ඇසුර පවත්වනවා. මේ දෙන්නා එහෙම නෑ. තරූෂයි දිනිදුයි ආදරේ කරනවා.. ඔයා දන්නවද මේ..‘‘ වෛද්‍යවරයා.. සුදු පැහැතී කොළයක ඔතන ලද යමක් දියහැර පෙන්නුවේය. ‘‘නියපොතු වගයක්නේ..‘‘ ‘‘ඔව්.. මේවා තරූෂගෙලු... දිනිදු මේ ටික ඔතලා පර්ස් එකේ දාගෙන හිටියේ.. එයා කියනවා.. මේ නියපොතු ටික අහක දාන්න බැරි තරමට එයා තරූෂට ආදරේ කරනවලු.. තරූෂත් එහෙමලු. ඔයාගේ ජීවිතේට වුන හැම දේම ඩොක්ටර් ගගන මට කිව්වා.. ඒ සේරටම මුල මේ සම්බන්දේ තමා.‘‘ ‘‘ඩොක්ටර්.. අපිට දිනිදුව මේකෙන් ගලව ගන්න බැරිද?.‘‘ ගගන තවමත් උත්සහ ගන්නේ දිනිදු යහ මගට ගන්නටය. මට නම් ඔහු ගැන කිසිම හැගීමක් නැත. අඩුම තරමින් දකින්නට පවා පිලිකුල් සහගතය. මට දරුවෙක් සිටින්නේ ඔහුගෙන් නොවෙදැයි මගේ සිත වැළපෙන්නට විය. නෑ... නෑ... දරුවා මගේ විතරයි. ‘‘සමහර විට පුළුවන් වෙයි.... ඒත් සෑහෙන කාලයක් මේ හැගීම එයාගේ හිතේ පැළපදියන් වෙලා තියෙන්නේ... අනික තරූෂ එක්ක ඉන්නකන් දිනිදුට මේවයින් ගැලවෙන්න බෑ.. එහෙනම් එයාව පුණුරුප්තාපන කදවුරකට යොමු කරන්න ඕන...‘‘ ගගන හිස සලා යමක් සිතින් මෙනෙහි කරන බව මම දුටුවෙමී. ‘‘මට නම් ආයෙත් දිනිදුව දකින්නවත් එපා... දිනිදුව දකින දකින පාරට මට තරූෂව මතක් වෙයි... මගේ ජීවිතේම මට ම එපා වෙයි. මගේ දරුවට තාත්තෙක් ඕන නෑ ගගන. මම යනවා..‘‘ මම තරමක අමනාපයෙන් එතැනින් පිට වුනෙමී. මම නිවස බලා ඇදුනේ තොන්තු ගතියකිනි.. වැව් බැම්ම මත අසිහියෙන් මෙන් ඇවිදගෙන ආ මට පෙනුනේ තවත් නරක දර්ශනයකී. ඒ නම් දිනිදුගේ කාර් රථය අප නිවස ඉදිරිපිට නතරවි තිබීමයි.. සැබවින්ම ඔහුට ලැජ්ජාව කියා නාමයක් වත් නොමැත. තමා මරන්නට තැත්තකල දරුවාට කියා තාත්තා කියා ආමන්ත්‍රණය කර ගන්නට ඔහු උත්සහ ගන්නේ මොන සිතකින්ද?. මගේ පියවර ඉක්මන් වුයේ මටත් නොදැනිමය. වේගයෙන් නිවස දෙසට ගමන් ගත් මම නිවස ඉදිරිපිට නතර වීය. ‘‘කවුද තමුසෙට මෙහෙට එන්න කිව්වේ... යනවා යන්න මගේ දෑහැට නොපෙනී. අතවත් තියන්න එපා මගේ දරුවට.. පව්කාරයා..‘‘ මම අම්මාගේ අතේ හඩමින් සිටි දරුවා වඩාගෙන තුරුළු කර ගත්තෙමී. ‘‘සදා... කේන්ති යන්න එ....‘‘ ‘‘ඇති.... මට තවත් අහන්න ඕන නෑ.. මට ඩිවෝස් එක ඕනේ... තවත් වචනයක් වත් කතා කරන්න අවශ්‍ය නෑ..‘‘ මම තවත් එතන නොරැදී නිවස තුළට ඇතුල් වුණෙමී. මේ සිදුවීම් හමුවේ බියෙන් තැතිගෙන වුන් දියණිය දිගින් දිගටම හඩන්නට විය. අම්මා සමග තවත් මොනවදෝ කියවමින් දිනිදු රැදී සිටින බව මට ඇසෙද්දී.. මගේ කෝපය තව තවත් වැඩි විය. ‘‘යනවද නැද්ද?... ‘‘ ඊට ටික වෙලාවකට පසු ඔහුගේ කාර් රථය පණගැන්වෙනු ඇසුනේය. මදක් දුර යන තුරුම නිවස තුළට වී සිටි මම හඩන දරුවාවද වඩාගෙන පිටතට ආවෙමී. ‘‘නාඩා ඉන්න රත්තරං... ඒ කරදරේ ඉවරයි.. මගේ පැටියට කරදර කරන්න මම කාටවත් ඉඩ තියන්නේ නැ... මගේ පුතා නාඩා ඉන්න.‘‘ ‘‘මේවා දකින්න මාත් ජීවත් වුණානේ.. මොන විලි ලැජ්ජාවක්ද මේක... මේ විගඩන් නිසා මුළු ගමම දන්නවා ඇති මේ වෙන දේවල්.‘‘ ආච්චී අම්මාද පාර දෙස බලමින් හූල්ලන්න වුවාය. ‘‘මොකද සදා වුනේ..‘‘ මෙතන ගැටළුවක් සිදු වන බව ඉවෙන් මෙන් දැන වුන් ගගන ඒ මොහොතේ අප නිවසට පැමිණියේය. ‘‘හරි මුකුත් නෑ ගගන.. ඒවා ඉවරයි.. ප්ලීස්... ඔයාටත් මම කියන්නේ.. ආයෙත් දිනිදුව අපේ ජීවිතේට ළං කරන්න හිතන්නවත් එපා.‘‘ මම ඔහු සමගද වුන්නේ කෝපයෙන් වෙමී. ‘‘තාත්...තී... තත්...තී... ‘‘ ගගන දුටු විගස පුංචී දියනිය හූල්ලමින් ගගනගේ අතට පැන්නාය. ‘‘ඇයි මගේ දූ පැටියා අඩන්නේ..‘‘ ‘‘තාත්ති... අර .. මාමා... නරකයි...‘‘ ඇය ඉකි ගසමින් පැවසුවාය. ‘‘ම්ම්ම්ම්.. බව වෙන්න එපා මගේ පැටියා ළග.. මම ඉන්නවනේ.. අපි දෙන්නා ඇවිදින්න යමුද?.‘‘ දියණියගේ නලල ආදරයෙන් සිප ගත් ගගන ඇය වඩාගෙන කඩුල්ල දෙසට හැරැණේය. ඒ වන විට පුංචී මුහුණට පොඩී සිනහවක් එක් වී තිබුණි. ගගනගේ ගෙල වටා සිගිති දෑත් යැවා ඔහුගේ නළල මත හාදුවක් තැබුවාය. ‘‘තාත්තී මටත් තාත්තී වගේ පයින් හුගාලියක් දුල යන්න ඕන... මම නොකුයි නේ තාත්තී...‘‘ ‘‘ම්ම්ම්.. අපි අර පේන ඈතටම යමු... ‘‘ දියණීය බිම තැබු ඔහු ඇයගේ සියුමැලි අතෙන් අල්ලාගෙන පියවර තබන්නට වුවේය. ඔවුන් පැය භාගයකට පමණ පසු නැවත නිවස වෙත පැමිණෙත්දී.. සියලු සිත් තැවුල් යටපත් වී නිවස තුල සාමකාමී බවක් ඇති වී තිබුණි. ගගනට යන්නට ඉඩ නොදුන් ඇය නින්දට වැටෙන තුරුම ගගනට ළගට වී සිටින්නට සිදු විය. දිනිදු ඉන් පසු අපගේ ඉදිරියට නොපැමිණි නිසා.. ඉදිරි කාලය ඉතා සහනදායී විය. ගගන එන්න එන්නම මගේ දියණියට ළං විය. ඇය ඉතා තදින් විශ්වාස කරණු ලැබුවේ ගගන ඇයගේ පියා බවයි. ගගනත් දියණියට බිදුවකවත් වෙනසක් නොපෙන්නුවාය. මම පැවසූ අයුරින්ම දිනිදුට පැවතී චෝදනා සියල්ල එකතු කර ඔහුට විරුද්දව උසාවේයේ නඩුවක් ගොනු කළෙමී. මම කතා කළ නිතීඥයවරයා පැවසුවේ පවතින තත්වය අනුව නම් එම නඩුව දිනීම එතරම් අපහසු නොවන බවයි. ඒ හේතුවෙන් මට ලැබුනේ මහත් සැනසීමකී. ‘‘සදා... දුවට කොහොමද දැන්.‘‘ මගේ දියනියට සුළු උණ ගතියක් ඇති බව දැන ගත් ගගන ඒ බව දැන ගත් විගස ඇය බලන්නට පැමිණ සිටියේය. ‘‘හොදයි ගගන දැන්... බෙහෙත් ගෙනාවා.‘‘ ‘‘ඇයි සදා දුවට බෙහෙත් ගේන්න යන්න මට කතා කලේ නැත්තේ.‘‘ ඔහු දියණිය අසල වාඩී ඇගේ නළල මත පිට අත්ල තාබා බලන්නට වුවේය. ‘‘තාත්ති...‘‘ ‘‘අනේ ... මගේ පැටියා ඇහැරියද?... ඔහු දියණිය උකුළ මතට ගත්තේය. ‘‘සදා... මම අද අවේ නිකන්ම නෙමෙයි.‘‘ ‘‘ඒ කිව්වේ ගගන..‘‘ මම ඔහු දෙසට හැරුණෙමී. ‘‘අපි දෙන්නා ටිකක් කතා කරමුද?.. දූත් එක්ක අද ඔයත් එන්න වැව් බැම්ම දිගේ ඇවිද්න්න යන්න.‘‘ ‘‘ම්ම්ම්ම්... යමු.‘‘ මමත් ඔහුගේ වචනයට එකග වි ඔවුන් සමග ඇවිද ගියෙමී. මා සමග කතා නොකළ ඔහු දියණිය වඩාගෙන ඇගේ සුරතල් බස් විමසමින් ගමන් කරන්න වුවේය. වැව් ඉවුර මත වාඩී වුණ ඔහු මටද එහි වාඩී වන ලෙස පැවසුවේය. ‘‘සදා... ..‘‘ ‘‘ඇයි ගගන..‘‘ ගගනගේ අතක් මගේ අත්ල මත නවතිද්දි මම මොහොතකට තිගැස්සුනෙමී. ‘‘දැන්වත්... මට ඉඩ දෙන්න සදා... අපේ දූගේ ඇත්තම තාත්තා වෙන්න..‘‘ මම නිහඩවම වැව් දිය දෙස බලා වන්නෙමී. අපි පවසන දෙය නොවැටහෙන දියනීය ගගනගේ උකුල මත උණුහුමට ගුලි වී සියාය. ‘‘ඇයි සදා... ඔයා අදත් එදා වගේමයි... මතකද එදා... මම ඔයාගෙන් ආදරේ ඉල්ලපු දවස... මම කැම්පස් යන්න කලින් පංසලට යන පාරෙදී. ඔයා එදාත් මාගෙන් මගෑරියා... අදත් එහෙම කරන්නද හදන්නේ.‘‘ මදක් නිහඩව සිටි මම හඩ අවදී කළෙමි. ‘‘අද.. එදාට වඩා හුගක් වෙනස් ගගන.. එදා මම කෙල්ලෙක්... ඔයාගේ ආදරේ පිළිනොගත්තත් මුළු හදවතින්ම ඔයාට ආදරේ කලා... ඒත් අද.. අද මම පුංචී දුවෙක් ගේ අම්මා කෙනෙක්.‘‘ මම ඔහු දෙස නොබලාම පැවසුවෙමී. ‘‘මෙහෙ බලන්න සදා... මම දන්නවා ඔයාගේ ඒ හැගීම තාමත් එහෙම මයි කියලා... මම ඉල්ලන්නේ... මගේ කෙල්ල වෙන්න කියලා නෙමෙයි... මට ඔයාගේ දරුවගේ තාත්තා වෙන්න දෙන්න කියලා ඉල්ලන්නේ සදා.‘‘ ඔහු තවත් මා වෙතට ළං විය. ‘‘එත් ගගන ඔයාළගේ අම්මා...‘‘ ‘‘ඒ දේවල් මම බලා ගන්නම් සදා... ඔයා මට එකම එක වතාවක් ඉඩ දෙන්න ඔයාගේ ජීවිතේට එන්න.‘‘ මම ගගන දෙස බැලුවෙමී. ගගනගේ තුරුලේ වුන් පුංචී දියනියද දෙනෙත් දල්වගෙන මා දෙස බලා වුන්නාය. මට දැනුනේ වසර ගගනාවක් කාලය පසුපසට ගමන් ගත් බවකී. වෙනසකට තිබුනේ අද අප තුරුලේ දියණියක් සිටීම පමණකී. ගගනගේ දෙනෙත් එදා මෙන්ම ආදරයෙන් පිරී තිබුණේය. ‘‘කියන්නකෝ සදා... කැමතී නේද?.‘‘ අනේ මට අතීතයට යන්න තිබුණා නම්... මම සිය දහස් වතාවක් සිතුවෙමී. ‘‘අපි කාලයට ඉඩ දෙමු ගගන.‘‘ ඔහු මාත් දියණීයත් ආදරයෙන් තුරුළු කරගෙන දෙදෙනාගේම් නළල මත හාදූ කිපයක් තැබුවේය. . . . . දවල් කල පායන හිරුත් රාත්‍රියේ දිදුළණ සදත් කිසිදා හිමි නොවන පෙම්වතුන්ය. සදුට හිරු අහිමි කල.... හිරුට පෙම් කරනා තරුවක් සිටිය හැකිද?, එනම් එය අසම්මතකී. මන්ද හිරු සහ තරු සැම කළ ඒකවර්ගික වීමයි. සද හිමි වන්නේ අහහස් තලයටම පමණි. ‘‘ හිරු සදුට අහිමි එක අහස... තරුවක් දිළිසුනේ කෙලෙසින්ද දවල් කළ.‘‘ . . . . සමාප්තයි. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 12 Mar 2017 12:09 PM indika76Most Senior MemberPosts:10467 11 Mar 2017 07:28 PM කතාවේ කොටස් කිහිපයක්ම කියවන්න බැරිවුනා.. ඒ ටික කියවලා අදහස් දෙන්නම් නංගී.. අවසන් වෙන්නත් ළගයි ගේ... සඳුනිVeteran MemberPosts:2462 11 Mar 2017 06:25 PM හිරුයි තරුයි. හතලිස්හයවන කොටස වේදනාවෙන් කෑ ගසන අම්මලා දකින විට මට වේදනාවට වඩා දැනුනේ බියකී.දහඩිය, කදුළු, ලේ වගුරුවමින් මගේ කිරිකැටියාගේ මුල්ම හැඩුම අසා ගන්නට පාන්දර ජාමය වන විට මට හැකි විය. බිහි කළ දරුවා වැඩී වෙලාවක් යන්නට පෙර මගේ පපුව මත තබන්නට වෛද්‍යවරුන් හා හෙදියන් පියවර ගත්තාය. මගේ ලයට උණුහුමට දැනුනු කිරි කැටියාගේ මුල්ම ස්පර්ශය අපි දෙදෙනාගේ බැදීම තව ලං කලාය. ඇය දියණියක බව දැන ගත් මොහොතේ මගේ සිත සතුටින් ඉපිලුණි. මට එක වරම සිහි වුයේ දිනිදුය. ඔහු මගෙන් පැතුවේ ද දියණියකී.. නමුත් ඇය ඔහුගේ නොවේය. මගේ පමණකි.. මම කදුළු අතරින් සිනා සෙමින් සිතුවෙමි. ඇගේ උණුහුම හමුවේ මගේ සියලු ශාරීරික වේදනා මට අමතක විය. ළා රෝස සහ ළා නිල් පැහැයෙන් ආච්චී අම්මා අතින්ම ගෙතුම් කළ තොප්පියක් සහ පුංචී මේස් යුවලක් පලදවා, මගේ අතින්ම මසන ලද පුංචී ගව්මක් අන්දවා දරුවා මා ළගින් තබන විට මම වේදනා අතරින් සිනාසුනෙමි. ‘‘අම්මේ... බබාට කිරි දෙන්න ඕන දැන්..‘‘ මගේ සිහිනය සැබෑ වී ඇත. මගේ කුසින් බිහි වුණ දරුවා මගේ තුරුලේය. ඇය වෙනුවෙන් දැන් මගේ ලේ කිරි කර පොවන්නට දැන් මට හැකිය. හෙද නිළධාරින්යකගේ උදව් හා උපදෙස් ඇතිව මම මුල් වරට මගේ දියණිය කිරි උරන්නට සැලැස්සුවෙමී. කිරි සුවද දැනීදෝ.. තවමත් යාන්තම් විවර වුණු දෑස් ඒ මේ අත කරකවමින් , තද රෝස පැහැ තොල් උල් කරමින් පුංචීයට හඩයි. මොකුත් නොදන්න දියණිය හරියට දැන වුන්නා මෙන් කිරි උරන්නට පටන් ගනිද්දී.. මම ආදරයෙන් ඇය ස්පර්ශ කළෙමී. ළපටි අත පය සහ මුහුණ තද රෝස පැහැතිය.ඝණට වැඩී තිබූ කළු පැහැ කෙස්ස ඇගේ සියුමැලි පෙනුම කැපී පෙනෙන්නට තවත් හේතු විය. උතුරා යන ආදරයෙන් මම කොපුල මත සිනිදුවට ඇලිල්ලකින් පිරිමැද්දෙමි. ඇය තවත් මගේ උණුහමට ගුලි වූවාය. ඇගේ ලෝකයේ ජීවත් වෙන්නට පටත් ගත් මම එක මොහෙතකටවත් ඇගෙන් නෙත් ඉවතට නොගත්තෙමී. සියළු ඉරියව් හැසීරීම් සෙනහසින් විද ගත් මම ඇය හඩනවාට බිදක් වත් අකමැති වුණෙමී. ‘‘මගේ දූ... නේ... චූටී පැටියා.. ‘‘උදෑසන අම්මා සහ ආච්චී අම්මා මගේ ඇද අසලට එන තුරුම මම නොදුටුවෙමී.පරිස්සම නිදා වුන් කිරි කැටි දියණිය අත ගත් අම්මා මොහොතකට පසු කදුළු සලමින් සිනහා වන්නට විය. ‘‘ඇය අම්මේ...‘‘ මම අපහසුවෙන් යහන මත වාඩි වන්නට උත්හසහ ගත්තෙමී. ‘‘ඔයා ඉපදුන දවස මතක් වුණා මගේ දූ... මගේ දූත් දැන් අම්මා කෙනෙක්.. මේ පැටියා ඔයා චූටී කාලේ වගේමයි.. ඇරපු අතක් නෑ ඔයාමයි.. නේද අම්මේ...‘‘ අම්මා අච්චී අම්මා වෙතට දරුවා පාමින් පැවසුවාය. ‘‘ඔව් මයි ලොක්කියේ... කෙල්ල පොඩි කාලේ වගේමයි.. ඒකීමය ඒ නහය... ඒ කට.. වාත්තු කරලා වගේ.‘‘ ‘‘අනේ.. සත්තලං අඩන්න අපා.. මගේ චූටී පැටියට කුක්කු බා කිනීද?.. ඕ.. ඕ... මේ ඉන්නේ.. අම්මා..‘‘ නින්දෙන් පිඹිදුණු දියණිය හඩන්න වූ විට අම්මා ඇය මගේ තණ පුඩුවට ළං කළාය. අම්මා සහ ආච්චී අම්මා පිටව ගිය පසු වාට්ටුවේ සිටි අම්මාලා එක්කෙනා දෙන්නා පැමිණ දරුවා බලා සුරතල් කර ගියහ. මුළු රාත්‍රිය පුරා නිදි නැති නොමැති කම හා තෙහෙට්ටුව නිසාම මට උදෑසන මොහොතකට නින්ද ගොස් තිබුණි. කවුරුන් හෝ මගේ උරහිස මත අතක් තබා අවදි කරන්නට උත්සහ ගද්දී මම නෙත් ඇරියෙමී. නෙත් අදහාගත නොහැක.. මම ගල්ගැසී බලා වුන්නෙමී.. මොහොතකට පසු පියවී සිහිනය පැමිණි මම යහන මත වාඩී වන්නට සැරසුනෙමී. මට වාඩී වන්නට උදව් කළ ඔහු සුපුරුදු සිනහවෙන් මා දෙස බලා වුන්ණාය. ඔහුගේ කිසිදු වෙනනසක් නැත.. එදා සිනහව.. එදා තිබුණ හැගීමම ඒ නෙත් වල ලියැවී තිබුණි. වෙනසකට තිබුනේ ඔහුගේ මුහුණ එදවස් වලට වඩා මේරූ බවක් තිබීම පමණකි. ‘‘සදා...‘‘ ‘‘ගගන.. ඔයා... ඔයා කො..‘‘ තවත් වචන එකතු කර ගත නොහැකි වූ මම නිරුක්තර වුනෙමී. ඔහු සංසුන්ව මා දෙස බලා වුන්නේය. ‘‘සෙව්වන්දී ටීචර් හම්බුණා අහම්බෙන් මට උදේ.. එහෙම නොවුණා නම් අදත් මට ඔයාව මගෑරෙනවා..‘‘ ඔහු පැවසුවේ දියණිය දෙස නෙත් යොමාගෙය. ඇය වුන්නේ සුව නින්දේය. ‘‘අම්මා...‘‘ ‘‘ඔව්... එයා තමයි කිව්වේ ඔයා මේ වාට්ටුවේ කියලා.. මම දැනන් හිටියේ නෑ සදා ඔයාට දරුවෙක් ලැබෙන්න කියලා.. කෝ දිනිදු..‘‘ ‘‘එ...යා.. එයා.. අද එයි.‘‘මගේ ජීවිතය ගැන ඔහු කිසිත් නොදන්න බව දැනුන නිසා මම අමාරුවෙන් වුව බොරුවක් කීවෙමී. ‘‘දුවෙක්ලු නේද සදා.. ඔයා වගේමයි කෙළි පොඩ්ඩ..‘‘ ඔහු සියුම්ව දියණියගේ අතක් අල්ලා ගත්තේය. නින්දෙන්ම මදක් සෙලවුන ඇය ගගනගේ ඇගිල්ල මිටි කරගෙන නැවත නින්දට වැටුණි. අනේ මේ දරුවා ගගනගෙයි මගෙයි වුණානම්.. මොහොතකට මගේ සිත හඩා වැටෙන්න විය.. නෑ.. මට ඒතරම් පිනක් නෑ.. ගගනගේ ආදරේ ලබන්න මම පිං කරලා නෑ.. හැමදාමත් මට ගගනව මගෑරුණා. ‘‘සදා.. දෙයක් කියන්නද?.. ඉල්ලීමක් කරන්නද?.‘‘ ‘‘මොක...ද්ද ගගන.‘‘ කියන්න ගගන මම ඔයාගේ හිත හැමදාමත් පෑරුව එක විතරමයි කලේ.. තවත් ඔයාට සැනසීමක් වෙන දෙයක් ඉතුරු වෙලා තියෙනම් මට කරන්න.. කියන්න මම කරනවා. සිත තුළින් වේදනා විදිමින් මම ඔහු දෙස බලා වුන්නෙමී. ‘‘දූට නෙතුෂි කියලා නම දාන්න.. දිනිදු කැමතී නම් විතරක්.. ‘‘ ‘‘නෙතුෂි... ලස්සනයි..‘‘ හරි ගගන.. මේ මගේ දූ.. මම විතරයි එයාට ඉන්නේ.. ඒ නම මම අනිවාරෙන්ම මගේ දුවට මම දාන්නම්.‘‘ ‘‘අහන්නේ නැද්ද සදා.. ඇයි ඒ කියලා..‘‘ ‘‘ඇයි ගගන.. කියන්නකෝ..‘‘ මම මද සිනාවකුත් සමග විමසුවෙමී. ‘‘ඒ නම තමයි.. කවදා හරි අපි දෙන්නගේ දූට මම දාන්න හිතන් හිටපු නම.. ‘‘ ඔයා ඒ තරම් දුර සිහින මැව්වද ගගන..අනේ දෙවියනේ.. මම මොන තරම් පව්කාරියක්ද?. තවත් කතා කළ නොහැකී වූ මම වේදනාවෙන් නිහඩ වුනෙමී. ‘‘අනේ ඩොක්ටර් සිරිතිලක.. ඔයා මේ අම්මව අදුරනවද?‘‘ වාට්ටුවට පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා විමසන්න විය. සැබවින්ම එය රෝගීන් බලන වේලවක් නොවන බව මට අමතක ව තිබුණි. ඔහු මෙහී ආවේ කුමණ හේතුවකට දැයි අසන්නට වත් මට අමතක වී තිබුණි. ‘‘ආ.. ඔව් ඩොක්ටර්.. අමරතුංග.. මේ මගේ ස්කෝල් කාලේ හොදම යාළුවා.. මගේම සහෝදරී වගේ තමයි.‘‘ ‘‘කෝ බලමු බබාව.‘‘ මා සමග මුව පුරා සිනාසුණ වෛද්‍යවරයා දරුවාට නැඹුරු විය. මද වෙලාවකට පසු ඔහු පිටව ගිය පසු මම ගගන දෙස බැලුවෙමී. ‘‘ගගන දැන් ඔයා ඩොක්ටර් කෙනෙක්ද?.. ඔයා එහෙනම් ඒ හීනේ හැබෑ කර ගත්තා.. ‘‘ ‘‘ඔව්.. සදා... මට මේ ස්පිරිතාලේ තමා ට්‍රේනිං වැටිලා තියෙන්නේ.. ඒත් මං හීනෙකින් වත් හිතුවේ නෑ ඔයා මෙහෙ හම්බෙයි කියලා.. පුදුමයි දිනිදු ඔයාව පයිවට් හොස්පිටල් එකක ඇඩ්මිට් නොකර මෙහේ එව්වා.‘‘ ඔහුගේ මුහුණ සැකයෙන් පිරී තිබුණි. දිනිදුලාට යහමින් මුදල් ඇති බව ගගනද දැන වුන්නාය.. එහෙව් එකේ මම මෙවැනි තැනක දැකීම ඔහුට පුදුමයක් වී අමුත්තක් නොවේය. ‘‘ දිනිදු ලංකාවේ නෑ ගගන.. ඉතිං මම අම්මා ළගට ආවා.. ඒකයි මේ ස්පිරිතාලේ.‘‘ මම ඔහුගේ සැකය දුර කරන්නට උත්සහ ගත්තෙමී. එවර දියණිය නින්දෙන් අවදි වී අඩන්නට වුවාය. ‘‘අඩන්න එපා පැටියෝ.. ඇයි මේ‘‘ මම ඇය නලවා ගන්නට උත්සහ ගත්තෙමී. ‘‘දූට බඩගිණි ඇති සදා.. කිරි ටිකක් දෙන්න.. මම හවස් වෙලා ඔයා බලන්න එන්නම්.. මට දැන් වොර්ඩ් එකට යන්න තියෙයි.‘‘ මට දැනුන අපහසුතාවය දැනුන නිසාදෝ ඔහු පිටව ගියේය. මගේ කුඩා දියණියට දැන් වසර දෙකකි. මමත් අම්මත් රැකියාවට යන නිසා ඇය බලා ගනු ලැබුවේ සුදි අම්මා විසිනි. ඉතා සුරතල් වයසේ පසු වන ඇය නිතරම තාත්තා විමසයි.. ඇයට දීමට මට පිළිතුරක් නැත ඔයාව මරන්න හදපු නිසා ඔයාගේ තාත්තා තාම හිර බත් කනවා පුතේ කියන්නද?. ඔහුගේ ලෙයින් හැදුනත් මගේ දියණිය ඔහුගේ නොවේය. ගගනද ඒ පෙදෙසේ නවතැන්පොළක රැදි සිටි නිසා වරින් වර මගේ සහ දරුවාගේ දුක සැප විමසා බලන්නට පැමිණියේය. සංසාර පුරුද්දටදෝ දිණිය අපි නොපැවසුවත් ඔහුට තාත්තා කීමට පුරුදුව වුන්නාය. තාත්තා කියව වචනයේ අර්ථය නොදත් ඇය ඔහුට තාත්තේ කියන විට ඔහු ඇයට පියෙකු මෙන් ආදරය පෑවාය. මේ වන විට මට වුණු සියලු දේ අම්මාගෙන් දැන සිටියේ ගගන දිනිදුව සේරටම ප්‍රථම වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලෙස මට පැවසුවේය. ‘‘ ඔයාට දරුවෙක් ඉන්නවනේ සදා... දරුවට තාත්තා ඕන.. මට නම් හිතෙන්නේ දිනිදුට මානසික අවුලක් තියෙන්නේ.. අපි ඔය වගේ දේවල් ඉගෙන ගෙන තියෙයි.. ඒත්.. මම වැඩයි ඒ ගැන දන්නේ නෑ. විහේෂඥය කෙනෙකුට පෙන්නමු.‘‘ ඔහු නිතර මගේ සිත සදන්නදෝ එලෙස පැවසුවේය. එවැනී අවස්ථා වල අම්මා පැවසුවේ..... ‘‘අනේ මොකටද ගගන පුතේ.. ඔයා ජරා මිනිහව හොද කරන්න මහන්සී වෙන්නේ.. මේ දරු පැටියටත් කරදරයක් කරන්න බැරි නෑ.. කොහොම හරි ඩිවොස් එක අර ගන්න ඕනේ.. මගේ කෙල්ලට නිදහසේ රස්සව කරන් දරුවා හදාන ඉන්න.‘‘ ‘‘ඒත් සදා කියන තාලෙට.. එහෙම ලේසියෙන් දිනිදු සදාට ගැලවෙන්න දෙන්නේ නෑ..කොච්චර කරත් මම ඩොක්ටර් කෙනෙක් හැටියට එයාගේ අසනීපෙට ප්‍රතිකාරයක් කර වන්නම ඕන. එය ගගනගේ මතය විය. මෙතරම් රැවටීමක් ඔහුට කළ දිනිදුට ඔහු තවමත් කරුණිය වුවේය. පහන් සිතින් ඔහු ගැන සිතුවේ. දියණිය ඉපදුණ සමයේ ඇය බලන්නට සයුමි කිහිපවරක්ම පැමිණිය නමුත් ඇයටත් දැන් වසරක පමණ පුතෙකු සිටින නිසා ළගකදී ඇය මෙහි පැමිණියේ නැත කාලය කෙමෙන් ගෙවි යයි දියණිය බලන් සිටියදී ලොකු මහත් වෙයි. මම ඇගේ වර්ධනය දෙස ඉතා ආසාවෙන් බලා වුන්නෙමී. ‘‘මිස් මිස්ව හම්බෙන්න විසිටර් කෙනෙක් ඉන්නවා.. ‘‘ දිනෙක් කාර්යාලයට මා හමු වන්නට යමෙක් පැමිණ සිටියාය. මමත් කවුරුන්දැයි සිතමින් පිළිගැනීමේ අංශයට පිවිසුනෙමි. ‘‘අනුහස් සර් ඔයා මෙහේ...‘‘ මම ඔහු ඉදිරිපිට පුටුවෙහී වාඩී වුනෙමී. ‘‘සදනී නංගී මට සමාවෙන්න.. මම හිතුවේ නෑ.. සදනී නංගී මගේ මුණවත් බලයි කියලා.. ඇත්තටම ඔයාට මුණ දෙන්න බැරුවමයි මම මේ තරම් කල් මගෑරියේ.‘‘ ‘‘අනේ එහෙම කියන්න එපා අනුහස් සර්.. දිනිදු අයියා කරපු වැරදී වලට සර් පලි නෑනේ.‘‘ මම සාවදානව පැවසුවෙමි. ‘‘දැන් දරුවා ලොකුයිද සදනී නංගී.. අවුරුදු දෙකකට කිට්ටුයි නේද?.‘‘ ‘‘ඔව්.. සර්.. අවුරුදු දෙකයි මාස දෙකයි.. මම දෙවෙනී දුව දැක්කේවත් නෑ සර්ගේ... ‘‘ මම අපේ දුරස් වීම ගැන කණගාටුවෙන් පැවසුවෙමී. ‘‘එයා දැන් ලොකුයි සදනී නංගී... අවුරුදු තුණක්.. පුතාට දැන් අවුරුදු හතයි.. දෙක වසරේ..‘‘ ‘‘අනේ ඒ තරම් ලොකුද දකින්නත් ආසයි.‘‘ මම සිනාමුසුව ඔහු සමග කතා කරත් ඔහු සිටියේ වේදනාවෙනි. මම ඔහුට මා දුක් නොවන බව ඇගෙව්වත් ඔහුගේ වේදනා බර මුහුණෙහී වෙනස් නොවීය. ‘‘නංගී මොකද දැන් කරන්න හිතං ඉන්නේ.‘‘ ‘‘මොකුත් නෑ සර්.. මම දරුවා හාදාගෙන මේ රස්සාව කරන් ජීවත් වෙනවා.‘‘ ‘‘හ්ම්ම්ම්... මම අවේ ආයෙත් ඔයාගේ ජීවිතේ අවුල් කරන්න නෙමෙයි.. නමුත් අවුල් වෙයි කියලා දැනුන බව නිසා දෙයක් කියලා යන්න ආවේ...‘‘ ‘‘මොකද්ද සර්..‘‘ මම ඔහු දෙසම බලා විමසුවෙමී. ‘‘පොඩී.. හිරෙන් නිදහස් වෙලා.. දැන් ගෙදර ඉන්නේ.. බිස්නස් එකත් හොදටම කඩන් වැටිලා දැන් රස්සාවකුත් නෑ.. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා අර තරූෂයත් එක්ක රවුම් ගහ ගහ.. කීපසැරයක්ම සදනී නංගී දරුවයි බලන්න එන්න හැදුවා.. මම එන්න දුන්නේ නෑ.. ඒත් කොයි වෙලේ හරි එයි.. පරිස්සමිං නංගී.‘‘ ඔහු පවසාගෙන ගියේය. සිය සහෝදරයා මානසික රෝගියෙකු දැයි විමසන්නට මට ශක්තියක් නොමැත . නමුත් මම ඉගියෙන් මෙන් ඔහුට වෛද්‍යවරයෙක් වෙත යොමු කිරිම පිළිබද පැවසුවෙමී. මට නැවත දිනිදු වෙතට යාමට අවශ්‍ය නැත. කිසිදා යන්නේද නැත. විශ්වාස කරන්නේද නැත. නමුත් අපගේ ආරක්ෂාවටත් ඔහුගේ යහපතටත් ඔහුව වෛද්‍යවරයෙක් වෙත යොමු කරවීමට මම සිතුවෙමී. අනුහස් සර්ගේ මතය වුවේ‘‘ වැඩක් වෙන එකක් නැ නංගී.. දිනිදුව හදන්න බෑ කාටවත්ම.. ‘‘ යනුවෙනී. ඊට දින කීපයකට පසු දිනිදු ගමට පැමිණියේය. හොදටම බිය වු සුදි අම්මා ඉක්මණින් මා අමතා පණිවිඩය පැවසුවේය. දියණිය ගැන දැනුන බිය නිසාම මම ඉක්මණින් නිවස බලා ඇදුනේ ත්‍රිරෝධ රථයකිනි. දිනිදුගෙන් බේරෙන්නට අපහසු විය.. අසල අවන්හලක නතර වු ඔහු විටින් විට අප නිවසට පැමිණ කරදර කරන්නට විය. දියණියට ඔහු පියා බව පවසනු ඔහු පිස්සෙකු මෙන් හඩා වැටෙයි. ඔහුගෙන් දරුවාට හානියක් වෙයි කියා දැනුන බිය නිසාම දින කීපයක්ම රැකියාවට යාමටද මට නොහැකී විය. දරුවා බිදක් වත් දිනිදුට කැමතී නොවි. ඔහු දකින විට හඩන ඔහු මා පිටි පස සැගවී බලා සිටී. දිනිදු බලෙන්ම හෝ ඇය ඇල්ලුවත් ඔහු මහ හඩ දී හඩයි. දිනිදු ඉන් තව තවත් වියරු වැටී තිබුණි. තවත් ඉවසිය නොහැකී තැන මම දිනක් ඔහු සමග කතා කරන්නට සිතුවෙමී. ‘‘දිනිදු අයියේ.. ඔයාට ඔය තරමටම දරුවා ගැන ආදරයක් තියෙනම් මාත් එක්ක ගමනක් යන්න ඒන්න ඕන.‘‘ ‘‘කොහෙද සදා... අවසාන වතාවට මාව විශ්වාස කරන්න.. මම ඔයා කියන ඕන තැනක යන්න එනවා.‘‘ ඔහුගේ රැවටිලි බස් වලට රැවටෙන්නට තරම් මම දැන් බොලද නොවෙමී. නමුත් මම ඔහුට උදව් කරන්නට සිතුවෙමි. ‘‘ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න..‘‘ ‘‘ඩොක්ටර් කෙනෙක්... කාටද මොකටද?..‘‘ ඔහු පුදුමයෙන් විමසුවේය. මම ඔහුට කරණු පැහැදිළි කර දෙන්න හැදුවත් ඔහු එන්න එන්ම කළබල විය.. ‘‘ඔයා කියන්නේ මම පිස්සෙක් කියලද?.‘‘ ඔහු මගේ ඇගට කඩා පැන්නේය. ඒ යෝජනාවෙන් දවස් කීපයකට පසු ඔහු මා හමුවට පැමිණ වෛද්‍යවරයෙක් හමුවට යාමට කැමැත්ක ප්‍රකාශ කලේය. ගගනද ඒ පෙදෙසේ සිටින බව දැන සිටි දිනිදු තවත් බිය වී සිටියා විය හැකිය. මානසික වෛද්‍යවරයෙක් හමුවිමට සූදානම් කළ මම ඒ බව ගගනටද දැන්නුවෙමී. ‘‘ආ.. ඒ ඩොක්ටර්ව මම හොදට දන්නවා.. මමත් චුට්ටක් කියන්නම්.. ‘‘ ගගන පැවසුවේ සැහැල්ලුනි. දිනිදුගේ පැමිණිම මටත් වඩ ඔහුට සතුටක් වී තිබුණි. වරක මට ගගන සමග අමනාපයක්ද ඇති විය. මම පාඩුවේ ජිවත් වෙනවට මේ ගගන නම් කැමති නැද්ද කොහෙද කොහෙද හැම වෙලේම දිනිදු දිනිදු.. නෙතෂීගේ තාත්තා.. හ්ම්... මම සිතින් බැන වැදුනෙමී. වෛද්‍යවරයා හමුවන්නට සූදානම් කර තිබූ මොහොත වන විට මම එම වෛද්‍ය මධ්‍යස්ථනයට ගියෙමි. දිනිදු එහි පැමිණෙන තෙක්ම ඔහු එහි පැමිණේවී යැයි විශ්වාසයක් මට නොවීයත. පුදුමකි ඔහු එතනට පැමිණියේය. ‘‘කෝ සදා.. දු‘‘ ‘‘එයා ගෙදර දිනිදු අයියේ.. මම මේ ඔපිස් එකේ ඉදින් ආවේ..‘‘ මම පැවසුවෙමී. අපේ වාරය පැමිණි පසු මමත දිනිදුත් වෛද්‍යවරයා වෙත පිවිසියෙමි. මුලින් මා තනිවම වෙනත් කුටියකට මා කැදවා ගත් වෛද්‍යවරයා සියළු තොරතුරු විමසා දැන ගත්තේය. ඉන් පසු දිනිදුව එම කුටිය අඩ ගසා ගත් ඔහු මට පිට වන ලෙස පැවසුවේය. ඔවුන්ගේ සාකච්චාව මට නෑසුනී. මම ඉදිරිපිට වු අසුනකට බර වි බලා සිටියේ ප්‍රතිඵලය දැන ගැනීම සදහා නොවී සිල්ලෙනි.පැයකට පමණ පසු එම කුටියෙන් ඉවතට පැමිණ දිනිදු වේදනාවෙන් මා අසල වාඩි වුයේය. ‘‘සදා... මට සමාවෙන්න සදා... අද අනිත් හැමදාම වගේ නෙමෙයි.. මේ පාර මම හැබෑවටමයි සමාව ඉල්ලන්නේ.. මම ඔයාලගේ ජීවිතෙන් සදහටම ඈත් වෙනවා. මම කිසිම ගෑනියෙක්ගේ ජීවිතේකට ගැළපෙන පිරිමියෙක් නෙමෙයි.. ඒක මම අද තේරුම් ගත්තා.. මම යනවා සදා.‘‘ ඔහු පහත් වී නළල මත අත ගසා ගත්තේය. ‘‘මොකද්ද දිනිදු අයියේ ඒ කතාව.‘‘ ‘‘ඔයාට ඒ සේරම ඩොක්ටර් කියයි. මට සමාවෙන්න සදා.. මම ඔයාට ලොකු වරදක් කලේ.. අපේ දූව හොදින් බලා ගන්න.. මම කවදාවයි ආයි ඔයාලගේ ඇස් ඉස්සරහට වත් එන්නේ නෑ.. මම ඒ තරමට ඔයාලට සුදුසු නෑ. ඔහු නැවක නැවත වේදනාවෙන් කියවන්නට විය. ඉන් පසු මම වෛද්‍යවරයා වෙතට පිවිසුණේ ඇත්ත කුමක් දැන ගැනීමටය. මම කාමරයට ඇතුල්වන විට එහි ගගනද විය. ඔහුත් වෛද්‍යවරයාත් විශාල සාකච්චාවක වුන්නේය. අවසන් කොටසින් හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 11 Mar 2017 06:22 PM kingDVeteran MemberPosts:3405 11 Mar 2017 10:08 AM 45 කොටස තාම බැලුවෙ නෑ..මන් ෆෝන් එකෙන් ඉන්නෙ සඳුනිVeteran MemberPosts:2462 10 Mar 2017 02:30 PM හිරුයි තරුයි. හතලිස්පස්වන කොටස. එක වරම කාමරෙන් පිටතට පිවිසි මම දුරකථනයද අතට ගෙන 119 ට ඇමතුමක් ආරම්භ කලෙමී. ඒ වන විටත් දිනිදු මගේ අතකින් අල්ලාගෙන සිටියේය. පිටත වාඩී වී සිටි පිරිස බය වී බලා සිටිද්දී.. දිනිදු මගේ අතින් ඇද ඔහු වෙතට ගත්තේය. මගේ සවනත ළං වුන ඔහු ‘‘මෙහෙ වරෙන් මම ඕන නෑ ගගනයගේ පැටව්.. ..‘‘ ඔහුගේ පැවසීමට මගේ කෝපය තවත් ඉස්මතුවිය. ඒ වන විට හෙදියද මා අසලට පැමිණ සිටියාය. ‘‘අනේ මාව බේර ගන්න කවුරුත් නැද්ද?.. ‘‘ මම කෑගැසුවේ ඔවුන් සමග පොර බදන්නට මට ශක්තියක් නොවු නිසා වෙමී. කිසිවෙකු වත් අසුන් මතින් සෙලවුනේවත් නැත. ඒ වන විටත් පපුව මත සගවා ගත් ඇමතුම පොළිසිය හා සම්බන්ධ වී පවතින්නට ඇත.මගේ කෑ ගැසීම පොලිස් නිලධාරීන්ට ඇසෙන්නට ඇත. ‘‘මේ හොර දොස්තරයාගෙන් මාව බේර ගන්න.. මම එක දිගට මතක අයුරින් සිටින ස්ථනයද කියාගෙන ගියෙමී. මම මුලින්ම පැවසුවේ ආයතනයට යොදා තිබූ නමයි. අවසන් ටික පවසන්නට ඉඩ නොලැබුණත් ඇමතුම පොළිසිය හා සම්බන්ධ වී පැවතුණේ නම් සොයා බලාවී යැයි මම විශ්වාස කලෙමී. මගේ කට මිරිකා ගත් දිනුදු බලෙන්ම නැවතත් කාමරය තුළට ඇදගෙන ගියේය. පුදුමයකි මම එතරම් කෑ ගසද්දී කිසිවෙක් අසුනින් නැගිට්ටේද නැත.. එකා දෙන්නා හෙමින් සැරේ එතැනින් නැගිට පිට වනු මම දුටුවෙමී. මම විස්තර පවසන්නට උත්සහ ගත්තේ ඇමතුමකට බව ඔවුන්ට සැක සිතී නැතයි මට දැනුනෙමී. මට තවත් කළ හැක්කේ දෙයියන් ඇයැදීම පමණකි. මොන තරම් නරුම පියෙක්ද? තම දරුවා උපදින්නටත් කලින් මරන්නට උත්සහ ගන්න. අනේ දෙවියනේ මගේ දරුවා බේරලා දෙන්න.. මේ පවුකාරයින්ගෙන් මාව බේරලා දෙන්න... මම තනියෙන් ජීවත් වුනත් මගේ දරුවාගේ ජීවිතේ නැති කරන්න හීනෙන් වත් හිතුවේ නෑ.. තාත්තෙක් නැතත් ඒ දරුවා හදා ගන්න මම දැන ගත්ත මොහොතේ ඉදන් පෙරුම් පිරුවේ..මට අයදින්නට පවා හැකී වුයේ.. සිතින් පමණි. ඒ වන විටත් මට හඩ නැගිය නොහැකි වන්නට කට ආවරණය කර තිබුණී. මගේ ඇස් මතින් දොඹගෙඩි මෙන් කදුළු ඇද හැලෙනු මට මතකය. මම දිනිදු දෙසත් වෛද්‍යවරයා දෙසක් අයාචනාත්මකව බැලුවෙමී... ඔවුන්ගේ මුහුණු කෝපයෙන් වෛරයෙන් පිරී තිබුණි. තම නූපන් දරුවා වෙනුවෙන් හඩන අම්මෙකුගේ වේදනාව ඔවුන්ට නොපෙනෙයි. අකමැත්තෙන් වුවත් ඔවුන් මා තවත් අදුරු කාමරයක් වෙත ඇදගෙන යන්නට විය. මම ඔවුන්ගෙන් ගැළවීමට වෙර දැරුවෙමී. නමුත් මට ගැලවුමක් නොවීය. ‘‘සර් සර්... පොලීසියෙන් ඇවිත්..‘‘ එතනට දුවගෙන ආ හෙද.නිළධාරිනියක් කළබලයෙන් පවසන්න විය. ඒ සමගම අපි සිටි කාමරයට කඩා වැදුනු පොළිස් නිළධාරීන් වෛද්‍යවරයා සහ දිනුදුත් සිටි හෙදියනුත් අත්අඩංගුවට ගත්තේය. ඔවුන් පැණ යන්නට උත්සහ දැරුවත් ඊට ඉඩක් නොලැබුණි. මා අසලට පැමිණ මගේ මුඛය බැද තිබූ රෙදි කඩ ගැලවු පොලිස් කාන්තාවක් මම ඇගේ වතට බර කර ගත්තේය. ඔවුන් තව දුරටත් මගෙන් ප්‍රශ්න කිරීම් කළේ නැත. ඔවුන් මේ පිළිබද දැන වුන්නා දැයි වරක මට සිතුණි. මා රෝහල වෙත භාර දුන් පොලිස් නිළධාරීන් අන් අය රැගෙන පිටත්ව ගියේය. පසු දින උදෑසන වන තෙක් මා රෝහල තුළ රදවා ගත්තේ මා හට කිසිදු අනතුරක් නැති බව වෛද්යවාර්ථාවක් මගින් සනාථ කර ගැනීමට අවශ්‍ය වු නිසා විය යුතුය. පරීක්ෂන වලින් පසු මගේ කට උත්තරය සටහන් කර ගත් පොළිස් නිළධාරීන් මට නිවෙස් බලා ඒමට ඉඩ හැරියේය. ‘‘සුදි අම්මේ... අනේ... ‘‘ ‘‘ඇයි සදනී දුවේ.. දැන් අඩන්න එපා.. මගේ දූට මොකුත් වුනේ නෑනේ.. මට ඊයේ යන්න ලෑස්ති වෙද්දිම අමුත්තක් දැනුනා.‘‘ මා රැගෙන යන්නට පැමිණ සිටි සුදිඅම්මා වැළදගෙන මම හඩන්නට වුනෙමී. ‘‘අපි යමු සදනී දූ.. යමු.‘‘ ‘‘මට බෑ සුදි අම්මේ... ආයි අර පව්කාරයගේ හෙවනැල්ල වත් වැටෙන තැනක ඉන්න.....‘‘ මම රෝහලේ කොරිඩෝවක් දිගේ ඇවිදගෙන එන ගමන් සුදි අම්මා සමග පැවසුවෙමී. ‘‘හොදම දේ..සදනී දූ ඔය රස්සා සේරම අතෑරලා අම්මා ළගට යන එක.‘‘ ‘‘ඒක කරන්න බෑ සුදි අම්මේ.. මගේ අම්මාට තවත් ලැජ්ජා කරන්න මට බෑ.. මම කොහොමද ඒ මිනිස්සුන්ට කියන්නේ.. මම දරුවෙකුත් එක්ක මේ ලෝකේ තනි වුණා කියලා.. මං කොහොමද කියන්නේ.. දරුවගේ තාත්තම දරුවා මරන්න හැදුවා කියලා.. බෑ... බෑ.. මට ගමේ යන්න බෑ.‘‘ ‘‘සදනී දූ මොකද එහෙනම් කරන්න හිතන් ඉන්නේ..‘‘ ඇය අසල තිබූ ත්‍රීරෝද රථයකට මට නගින්නට උදව් කරමින් විමසුවාය. ‘‘අපි අපේ මහ ගෙදරට යමු... ඒක කවුරුත් නෑ වහලා දාලා තියෙන්නේ.. දැං කොහොමත් ගමේ මිනිස්සු දැන ගනී.. ටීවී වල පත්තර වල යද්දී.. අම්මටත් කොහෙන් හරි ආරංචී වෙයි.. ඒත් අම්මාගේ ගමට නම් මට යන්න බෑ.‘‘ ‘‘සදනී දූගේ කැමැත්තක් කරමු.. දූ බය වෙන්න එපා මම දූ එක්ක දිගටම ඉන්නවා.. මම දූව පරිස්සම් කරන්නම්..‘‘ ත්‍රිරෝද රථය හෙමින් ඉදිරියට ඇදෙද්දී මම සුදි අම්මාගේ උරතලගේ හිස හොවා ගත්තෙමී. නිවසට ගොස් දුරකථනය දෙස බලන විට සයුමිගෙන් සහ නිපුණිගෙන් පැමිණ තිබු ඇමතුම් ප්‍රමනයෙන් ඔවුන් හටද මෙය සැල වී ඇති බව මට හැගුණී. ‘‘හෙලෝව්.. සදා.. කොල්ලේ... හොදින් නේද?.. මම කිව්වා උබට ඌව ආයි විශ්වාස කරන්න එපා කියලා.‘‘ මම ඇමතුම ගත් විගසම සයුමි මට දොස් නගන්නට පටන් ගත්තාය. මම ඇය සමග සිදුවීම පැවසුවෙමී. ‘‘දැන් උඹ මොකද්ද කරන්න යන්නේ...දැන් වත් හොදට හිතලා තීරණයක් ගනින්....‘‘ ‘‘ඔව් බං.. මම ආයි කවදාවත් දිනිදුව විශ්වාස කරන්නේ නෑ.. මම මගේ දරුවව හදා ගන්න ඕන.. මට දිගටම ජොබ් එක දෙන්න කියලා නදුන් අයියට කියපන්..‘‘ මම වේදනාවෙන් අයැදුවෙමී. ‘‘අඩන්න එපා බං... උබ ඕක ඉල්ලුවත් නැතත් , උබ ජොබ් එකක් කළත් නැතත් මම උබට බලන එක් අතාරින්නේ නෑ කෙල්ලේ....‘‘ ‘‘අපි යනවා බං අහපහු මහ ගෙදරට... මට සුදි අම්මා එක්ක එහෙ ඉන්න පුළුවන්...‘‘ ‘‘ඒක හොදයි.‘‘ ඇයත් මාත් එක වර සුසුම් පිට කලෙමු. අවශ්‍යම කරන දේවල් පමණක් රැගෙන අපි පාළුවට ගොස් තිබුණ අප නිවස වෙත ගියෙමු. කාලෙකින් කිසිවෙකු එහි නොසිටි නිසා මිදුල පුරා කැලෑ වැවී තිබුණි. අම්මා මමත් සිටවු රෝස පාත්තී. වැසෙන්නට වෙනත් ශාක වැඩී තිබුණී.. මම හැම දිනකම බුදුන් වදින්ට මල් කැඩු වල් ඉද්ද ගසනම් තවමත් කැලෑ වැදුණ මිදුල කොණක ඉහලට එසවී පැවතුණි. තවමත් එදා මෙන්ම එහි ගස වැසෙන්නට මල් පිපී තිබුණි. ‘‘සෑහෙන්න සුද්ද කරන්න වෙයි වගේ.. අපිට තිබුණේ ගේ අස්සකරන්ම නවතින්න එන්න.. දිනිදු මහත්තයත් රිමාන්ඩ් එකේ නිසා අපිට ගෙදර ඉන්න තිබුණා...‘‘ ‘‘අනේ.. එයාගේ ගෙවල් වල මම ඉන්න ආස නෑ සුදි අම්මේ.. අපි මේ ගේ සිද්ද කර ගමු හෙමින්...‘‘ අම්මා කලින් වතාවේ පැමිණි විට මට නිවසේ යතුර දී ගොස් තිබූ නිසා.. අපි නිවස හැර ගත්තෙමු.. නිවස ඇතුලත දුවිලි මකුළු දැල් හැරෙන්නට එතරම් අපිරිසිදු වී නොතිබුණි. අම්මා කලින් ආ දවසේත් නිවස අස් කර අතු ගෑ බව අම්මා පැවසුවා මතකය. අපි මහ ගෙදර පදිංචියට පැමිණ සතියක් ගත විය.. දැන් නිවස පෙර තිබුණා මෙන්ම පිළිවෙල විය. මිදුල පුරා වැවී තිබු අකුල් සේරම සුදි අම්මා විසින් උදුරා දමා තිබුණි. සයුමි නදුනුත් සමගම පැමිණ කීහිපවරක් මගේ සැප දුක් අඩුපාඩු බලා ගියාය. ‘‘සදනී දූ හෙට නේද නඩුව.‘‘ ‘‘ඔව් සුදි අම්මේ.. බලන්නකෝ... තමන් මරන්න හදපු තාත්තට විරුද්දව සාක්ෂි දෙන්න.. මගේ පැටියටත් උසාවී ගානේ යන්න වෙලා. මම කුස පිරි මදිමින් පැවසුවෙමී. ‘‘සුදි අම්මේ... මේ මොකද්ද වෙනවා..‘‘ මම උදරය මත අත තබාගෙන මද සිනාවකුත් සමග පැවසුවෙමී. ජීවිතේ මුල්ම වතාවට දැනුණ ඒ අමුත්ත මට අමුතු මිහිරක් ගෙන දුන්නාය. කුස තුළ සිටි කළලය මුල්ම වතාවට චලනය වෙද්දී.. ඔහු හෝ ඇය වෙනුවෙන් උපන් සෙනෙහස තව තව වැඩි වන්නට විය. මම සුදි අම්මගේ අතද ගෙන කුස මත තබා ගත්තෙමී. ‘‘සදනී දූ කියන දේවල් දැන් දරුවට දැනෙනවා.. ඒක නිසා.. සදනී දු දුක් වෙන්න එපා.. හිනා වෙලා ඉන්න උත්සහ ගන්න. ‘‘තම ලෙයින් උපදින දරුවා බිදෙන් බිද වැඩෙන අයුරු.. දගකාරකම් කරන අයුරු.. විදින්නට දිනිදුට පිනක් නැත. ඔහුට අවශ්‍ය වුයේ ඒ පින මටද අහිමි කිරීමටය. ඒ වෙනුවෙන් ඔහුට නිසා දඩුවමක් ලබා දෙන්නට සිතු මම පසු දින උසාවියේ පෙනී සිටියෙමී. එදින නඩු වාරයෙන් ඔහුට ඇපවක් හිමි වුයේ නැත .දිනිදුගේ කියා පැමිණ සිටියේ තරූෂ පමණකී. අනුහස් සර් වත් දිනිදුගේ අම්මා වත් දැන් දිනිදු ගැන නොබලන බව මට වැටහුණි. නඩු වාරය කල් යද්දී.. ඔවුන් තව දුරටත් අත්අඩංගුවේ පසු විය. සදනී දූ... දිනිදු මහත්තයා එළියට ආවම සදනී දූට ආයෙත් කරදර කරන්න පටන් ගනී..‘‘ දෙවෙනී නඩු වාරය දිනයට යාමට සූදානම් වෙමින් සිටියදී සුදි අම්මා පැවසුවාය. ‘‘අපි බලමුකෝ සුදි අම්මේ.. දැන් උසාවියෙත් නඩුවක් තියෙන නිසා එයාට එහෙම කන්න බෑ.‘‘ ‘‘අම්මට කිව්වොත් නරකද සදනී දුවේ මේ ගැන..‘‘ ‘‘කියන්න වෙනවා සුදි අම්මේ.. මේ සතියන්ත නිවාඩුවට අම්මා එනවා කිව්වා.. අපි ආපුවම හිමින් සැරේ කියමු..‘‘ මම සුදු පැහැති ගව්මක් ඇග ලාගෙන සුදි අම්මා සමග උසාවියට යන්නට පිටත් වුනෙමි. දැන් මගේ එකම හයිය වී සිටියේ සුදි අම්මාය. සයුමිත් නිතරම මා ගැන සොයා බැලුවාය. කීපවතාවක්ම නිපුණිද මා බලන්නට පැමිණ ගියාය. එලෙසි පැමිණි අවස්ථ වල ඇය ගගනගේ නිවසටද ගොඩ වැදුණු නිසා ගගනගේ දෙමාපියන්ද නිතරම මා ගැන සොයා බැලුහ. ඔවුන්ට ගගන හට මේ කිසිවක් නොපවසන ලෙස පැවසීමට මට හැකියාවක් නැත. දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් විදියට ගගනගේ සිත නැවත පෑරෙන්නේ නැති ලෙස ඔවුන් කටයුතු කරාවී යැයි මම සිතුවෙමී. දෙවෙනී නඩු වාරයෙන් දිනිදුට වසර කීපයක සිරදඩුවම් හිමි විය. නුපන් දරුවා මැරීමට තැත් කිරීම.. ඒ සදහා වෛද්‍යවරයෙක් වෙනුවට වංචාකාර පුද්ගයයෙක් යොදා ගැනීම. තම බිරිදට අමානුෂික ලෙස පීඩා කිරීම යන වැරදි යටතේ ඔහු වැරදීකරුවිය. ඔහු සිරගත වීම මගෙත් දරුවාගේත් ආරක්ෂාවට හේතු වන බැවින් මම සතුටුවුනෙමී. දිනිදුට දැන් ඉතිරිව සිටින්නේ තරූෂ පමණකී. තම දරුවාවම මරා දමන්නට උත්සහ ගත් පියෙක් වෙනුවෙන් දුක් වන්නට මට තවත් අවශ්‍ය නොවීය. සත්‍ය සිදිවීම දැන ගත් මොහොතේ අම්මා පැය ගණනාවක් එක දිගට නිනව්වක් නැතිව හඩා වැළපුණාය. ඇගෙන් දොස් විදින්නට සිදු වුයේ මටය. ‘‘මොකද ළමයෝ පළවෙනි දවසෙම එහෙම වුණා නම් මට නොකිව්වේ.. මොකද ඔය පව්කාරයා ඇතෑරලා ගෙදර ආවේ නැතිතේ... කොහොමද රත්තරනේ.. මෙච්චර දුක් කන්දක් තනියම විදව ගත්තේ...‘‘ ඇය මා තුරුළු කරගෙන ඉකි බිදින්න වුවාය. ‘‘මන්දා අම්මේ.. මම ඉවසුවා.. මම හිතුවා දිනිදු දවසක ඇත්ත තේරුම් ගනී කියලා.. ඒත් එයා අන්තිමට කිව්වා .. එයාගේ ලෙයින් හැදුණු මේ දරු පැටියත් එයාගේ නෙමෙයි කියලා.‘‘ මම කුස පිරි මැද්දේ කදුළු සළමිණි. මගේ වේදනාවට කුස තුළ වුන් බිලිදාද ප්‍රතිචාර දක්වන්න විය. ‘‘බය වෙන්න එපා මගේ දූ.. දැන් වෙන්න තියෙන ඒවා වුණා.. මගේ දු දුක් වෙන්න එපා.. අපිට ඔය කවුරුත් ඕන නෑ අපි ගමට යමු..‘‘ ‘‘අනේ.. එතකොට මගේ රස්සාව... මට අම්මට බරක් වෙන්න බෑ අම්මේ.. මගේ දරුවා හදන් ටම ජීවත් වෙන්න පුළුවන්.. අනික අපි නෑදෑයින්ට මොනවද කියන්නේ..‘‘ ‘‘ඒවා මම බලා ගන්නම් මගේ දූ... ඔහොම දේවල්ද මිනිස්සුන්ට වෙන්නේ.... මගේ දූ වරදක් කරලා නෑ... මේ ඉපදෙන්න ඉන්න කිරි කැටියත් වරදක් කරලා නෑ... අපි යමු මගේ දූ..‘‘ මම ඇගේ උරතලයේ හිස හොවා ගත්තෙමී. ‘‘අනේ ඒක නම් හොදයි ලොකු නෝනා... මම මේ හිටියට වුන්නේ උලේ වුන්නා වගේ.. දිනිදු මහත්තයා හිරේ ගියාට අර එදා ගෙදර ආපු එකා තාම එළියේ.. වු මොකක් හරි කරදරයක් කරන්න ඉඩ තියෙනවා.‘‘ සුදි අම්මාද කතාවට හවුල් වුවාය. අම්මාට අනුහස් සර් ගැන තිබුනේද වෛරයකී... අර අනුහස් කියන එකි තාමා මේ සේරටම වග කියන්න ඕනේ.. තමනගේ මල්ලිට පිස්සෙක් කියලා දැන දැනම මගේ රත්තරං කෙල්ලගේ ජීවිතේ විනාස කරෙව්වා. මට අනුහස් සර් ගැනද අමනාපයක් නොවිය. ඔහුගේ පැත්තෙන් බලන කළ දිනිදු මට ආදරේ කළ අයුරින් ඔහු හොද මගෙට පැමිණ මා සමග හොද පවුල් ජීවිතයක් ගත කරනු ඇතැයි ඔහු සිතන්නට ඇත. අනුහස් සර් මේ ප්‍රශ්න නිසාවෙන් මා මග හරින බව මම දැන වුන්නෙමී. ඔහුගේ හිත ඔහුටම වද දෙනු ඇත. මට මතකය වරෙක ඔහු මට දිනිද ඔහුගේ එක කුස උපන් සොහොයුරා වුවත් මට ඔහුට ළං නොවන ලෙසද පැවසුවේය. මගෙත් දිනිදුගෙත් ජීවිත පිළිබද විශේෂ තීරණයක් ගන්න සෑම විටම ඔහුගේ මුහුණ බැරෑරුම් විය. මට කියන්නට අවශ්‍ය බව දැන වුන්නත් කියන්නට අපහසු වූ යමක් හැමදාමත් ඔහුගේ සිතේ තිබුණි. මගේ අවාසනාවට මට දිනිදු ගැන සැකක් ඇති නොවීය.මම හැම දේටම වඩා දිනිදුගේ ආදරය විශ්වාස කලෙමී. චාරුක... චාරුක් පැවසු දෙය වත් මට මොහොතකට සැළකිලිමත් වන්නට ඉඩ තිබුණි. නමුත් ඔහු පවසන දේ විමසන්න වත් මට උවමනාවක් නොවීය. වන්නට තිබෙන දෙය වැලැක්විය නොහැකිය. ලොකු සුසුමක් පිට කළ මම අම්මාගේ උකුලේ හාන්සී වුනෙමී. අම්මා සමග ගමට යන්නට තීරණය කළ බව සයුමිටත් නිපුණිටත් දැනුම් දුන් මම රැකියාවෙන් ඉවත් වී ගමට ගියෙමී. මම හිතුවාට වඩා යහපත් අයුරින් ඔවුන් මා පිළි ගත්තහ. එනිසා මීට කලින් මට අම්මා ළගට එන්න තිබුනේ යැයි නිතරම මම සිතමින් පසුතැවුණෙමි. ගම තුළ ජීවිතය ඉතා සැහැල්ලු විය.. ආසම ගම්බද පරිසය තුළ සොභා අසිරිය විද ගත් මම ඉතා සතුටින් කල් ගෙව්වෙමී. සුදි අම්මා නැවත ගමට යවන්නට අකමැති වූ මම ඇයද මා සමග නතර කර ගත්තෙමී. සැදෑවට ඇය සමග වැව් බැම්ම මත ඇවිද යන මම කුඩා කල කළ කෙළි සෙල්ලම් ඇය සමග පැවසුවේ උද්යෝගයෙනී. හුගක් දවස් වලට ගමේ පංසලට ගිය මම බෝ මළුවේ වාඩි වී තව තවත් සිත නිදහස් කර ගත්තෙමී. මට දිනිදුගේ දුරස් වීමවත් මට ඔහුගෙන් දරුවෙක් ඉපදීමට සිටින එක ගැනවත් වේදනාවක් නොවීය. දරුවා මගේ පමනක් යැයි සිතන්නට තරම් මම නූපන් බිලිදාට ආදරය කළෙමී. කාලය ගෙවී ගොස්.. මම අට මස් ගැබිණියක් ව සිටිමි.. ඒ කාලය අතර තුර සයුමිත් නදුනුත් කීහිපවරක්ම මා බලන්නට ගමට පැමිණියහ.නිපුණිත් වරින් වර මට ඇමතුම් දුන්නේය. ඒ සෑම වරකම ඈ විමසුවේ.. සදා අක්කී.. මම ගගන අයියට ඔයා ගැන ඇත්ත කියන්නද යනුවෙනී. නමුත් මම එයාට අකමැති වුනෙමී. එලෙස ගගන නැවත මා වෙත ළං වුව හොත් දිනිදුගේ හැගීම සනාථ වනු ඇත. මට තව දුරටත් නීතියෙන් හෝ දිනිදුගේ බිරිද වී සිටිමට අවශ්‍ය නැත. ගගන සමග මිතුරු කමක් හෝ සදා ගැනිම ඒ වෙන්වීමට බාධාවක් විය හැකිය.දිනිදු ඒ ඇසුරද ආයුධයක් කරගෙන මගේ නිදහස අහුරාවී යැයි මම සිතුවෙමී. එනිසා නිපුණිට ගගන සමග කිසිත් කීමට මම ඉඩ නොදුන්නෙමී. හිතනවාටත් වඩා වැඩි වේගෙන් කාලය ගත විය. දිනිදු තවමත් බන්ධනාගාරයේ විය. දරුවා බිහිවන්නට දවස් කීපයක් තිබියදී මම රෝහල වෙත ඇතුල් කළ අම්මා.. සියලු දෙවියන්ට පඩුරු ගැට ගසිමින් මගෙත් දරුවාගෙත් ආරක්ෂාව පැතුවාය. දින දෙක තුනක් ගත වුවත් මට දරුවා බිහිවන්නට කාලය එළබියේ නැත.ඒ නිසා තව දුරටත් මා රෝහල තුළ රදවා ගත්තේය. මා අසල සිටි අනෙක් මව් වරුන්ට දරුවන් බිහි වූ පසු මම ඔවුන් බලන්නට ගියෙමී. තද රොස පාට වුනු කිරි කැටි දරු පැටවුන් දකින මගේ සිත සෙනහසින් පිරී ගියාය. මගේ දරුවගේ මුහුණ දකින්නට තිබෙන උවමනාවාව මට ඉන් තව තව වැඩි විය. පුංචී දරුවන් බලන්නට පැමිණි ඔවුන්ගේ පියවරුන් සිනිදුවට ඔවුන් ස්පර්ස කරන අයුරු දැක මට තරම වේදනාවක් දැනුනෙමී. මගේ දරුවාට ඒ උණුහම විදින්නට වාසනාවක් නැත. නෑ... ඕන නෑ.. මගේ පැටියට තාත්තලා ඕන නෑ.. ඒ පව්කාර තාත්තගේ හෙවනැල්ල වත් මම මගේ පැටියට වැටෙන්න දෙන්නේ නෑ... මගේ සිතටම චෝදනා කළ මම සිත සවිමත් කර ගත්තෙමී. දවස් පහක් නික්මුණ තැන රාත්‍රියේ මට යම් අපහසුතාවක් දැනෙන්නට විය. විටින් විට කොන්දේ වේදනාවක් ඇති විය.. අම්මා සහ සුදි අම්මා පැවසු අයුරින්.. ඒ දරුවි බිහිවන්නට පෙර සලකුණු බව මට වැටහුණි. ජීවිතයේ කෙනෙකු විදින දරුණුම වේදනාව මම සතුටින් විද ගත්තෙමි.දරන්නට බැරි තරම් වේදනාකාරී වීය.. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 10 Mar 2017 02:27 PM kingDVeteran MemberPosts:3405 09 Mar 2017 08:55 PM Posted By Ind007ka on 09 Mar 2017 07:59 PM ගගනයා පව් බන් ඔව් බන්.. බැන්ද උනත් මොකද බන් ඉතින් වෙන්නෙ ... සදා කියන්නෙ ගගනය සිරාවටම ලව් කරපු කෙල්ලනේ .. මන් හිතුවෙ ගගනයට සෙට් වෙයි කියල දැන්වත් Ind007kaMost Senior MemberPosts:12931 09 Mar 2017 07:59 PM ගගනයා පව් බන් kingDVeteran MemberPosts:3405 09 Mar 2017 07:56 PM ළමය ගගන යාගේ කියලද දිනිදු හිතාගෙන ඉන්නෙ ....නැත්නම් මේවගේ වැඩක් කරන්න හදයිද සඳුනිVeteran MemberPosts:2462 09 Mar 2017 06:32 PM හිරුයි තරුයි. හතලිස්හතරවන කොටස. ‘‘ලෑස්තී වෙන්නකෝ කෙල්ලේ...‘‘ ඔහුගේ පෙරැත්තය නිසාම යන තැනක් නොදැන මම සූදානම් වුනෙමී. මම ඇදුම් අදින්නට සූදානම් වෙද්දී ඔහු පැවසුවේ ‘‘ සදා තද ඒවා අදින්න එපා.. චූටි පැටියා පව් ‘‘ යනුවෙනී. ඒ වන විට පරිඝණක අලෙවිසැල වසා තිබුණි. පිටි පස දොරෙන් පිට වුණ අපි පයින්ම ඇවිද ගියෙමු. ඉන් පසු කුඩා අවන්හලකට ගොඩවැදුණු අපි රෑ කෑම ගත්තෙමූ. හුග කලෙකට පසු ඔහුත් මාත් ඉතා සතුටින් කාලය ගතකලෙමු. ‘‘දිනිදු අයියේ... අපි අම්මට කියන්නේ නැද්ද?.‘‘ මම ආපසු පැමිණෙන ගමන් විමසුවෙමී . ‘‘ඉතිං හෙට ස්කෝලෙට කෝල් කරලා කියන්න ළමයෝ.. අම්මට හුගක් සතුටු හිතෙයි.. මේ තරම් ඉක්මණට එයා අත්තමෙක් වෙන්න යනවා කිව්වම.‘‘ ඔහු මගේ බද වටා අතක් යවා ඔහුගේ සිරුරට ළං කරගන පියනැගුවේය. ‘‘ම්ම්ම්ම්.. මටත් මේක හීනයක් වගේ... ඔක්කොම වෙන්නේ හොදටයි කියනවනේ‘‘ මම සුසුමක් හෙළුවෙමී. ‘‘අපි සයුමිට කියන්නේ නැද්ද?‘‘ ‘‘හෙට ඔපිස් එකේදිම කියනවා‘‘ ‘‘ඔයා දිගටම වැඩට යනවද?.‘‘ දිනිදු පුදුමයෙන් යුතුව මා දෙස බැලුවේය. ‘‘ඔව් මම යනවා අයියේ.. මම අහලා තියෙනවා මේ කාලෙට වැඩ කරන්න ඕන කියලා... ඔපිස් ගියා කියලා මහ වැඩක් නෑනේ.. අනි ක සයුත් ඉන්නවනේ බව වෙන්න එපා...‘‘ ‘‘ඔයාගේ කැමැත්තක්‘‘ ඔහු මා වැඩට යනවාට එතරම් කැමැත්තක් නැති බව හැගුණි. නමුත් මම රැකියාවට යාම අතහැරීමට අකමැති වුනෙමී. පසු දින අම්මාට ඇමතුමක් ගත් මම ඇය සමග සුභ ආරංචිය පැවසුවෙමී. ඇය ඒ ආරංචීයෙන් සතුටු වෙද්දී. මම මගේ ජීවිතය හොද අතට හැරීම ගැන සතුටු වුනෙමී. ඉක්මණින්ම මම බලන්නට එන බව පොරොන්දු වූ ඇය අකමැත්තෙන් වුව ඇමතුම විසන්දී කරණු ලැබුවේ පාසලේ කාර්යාලය තුළ වැඩි දෙයක් කතා කළ නොහැකි නිසාය. පරිඝන අලෙවී සැලෙහි පැවතී කාමරය තුළ අපි ගෙව්වේ සතියකී ඉන් පසු අපි අළුත් නිවසක් ගෙන එහි පදිංචියට ගියෙමු. අලුත් නිවසට පදිංචීයට ගිය දිනයේ දිනිදු මටත් රහසේම රාත්‍රියේ කුඩා සාදයක් සූදානම් කර තිබුණි. මටත් නොදන්වාම ඔහු නිපුණිටත් සයුමිටත් නදුන්ටත් සාදයට ඇරයුම් කර තිබුණි. නිපුණි දැකීමෙන් පුදුම වූ මම ඇය වෙතට ගියෙමී. ‘‘ සුදු නංගා... අනේ කෙල්ලේ සොරි.. මට ඔයාට කියන්නේ නැතුවම එන්න වුණා..‘‘ ‘‘ඒකට මොකද අක්කී.. ඇදුම් ගේන්න ආපු වෙලේ දිනිදු අයියා සේරම කිව්වා.. අක්කීට දැන් වැඩි අමාරුවක් නෑ නේද?.‘‘ ඇය මගේ දෑතේ එල්ලෙමිනි විමසුවාය. ‘‘එච්චර අමාරු නෑ.. නංගා... උදේට තමා ටිකක් අමාරු..‘‘ ‘‘ඒ හැටිනේ ඉතින්...‘‘ ඇය සිනහවක් සමග පැවසුවාය. සාදය හොදින් කෙරුණි. උයන්නට වත් මට ඉඩ නොදුන් දිනිදු සයුගෙත් සුදු නංගිගේත් උදවු ඇතිව ආහාරද පිළියෙල කලේය. ඉන් දවස් කීපයකට පසු සති අන්ත නිවාඩුවකට අම්මා මා බලන්නට පැමිණියාය.. උපදෙස් අනුසානා ගොඩක් මැද අම්මාගේ ආදරය විදින්නට මට අවස්ථාව උදා වීම ගැන මම හුගක් සතුටු වුනෙමී. නිමාඩුව නිම වී යන්නට සැරසුනු ඇය දිනිදුට යෝජනාවක් කළාය. ‘‘ දිනිදු පුතේ....‘‘ ‘‘ඇයි අම්මේ...‘‘ කවදත් අමිමා ගේ සිත නොරිදවන දිනිදු අම්මා අසල පැවතී අසුනේ වාඩී වුවේය. ‘‘සදා දූගේ තනියට ටිකක් තලත්තෑනී ගෑනු කෙනෙක් හොයලා දුන්නා නම් හොදයි... මම මෙයාව ගමේ එක්ක ගිහින් බලා ගන්න හිටියේ.. කෝ මේ ජොබ් එකට නොයා ඉන්න බෑලුනේ.‘‘ ‘‘ඒක තමයි අම්මේ මාත් කිව්වා වැඩට යන්න ඕන නෑ කියලා.. අපිට ජිවත් වෙන්න සල්ලී වලින් අඩුවක් නෑනේ.‘‘ ඔහු නැවතත් ඔහුගේ අකමැත්ත ප්‍රකාශ කරන්නට විය. තනියට කෙනෙකු සොයන බව පොරොන්දු කර ගත් අම්මා යන්නට සිතක් නොතිබුනත් වගකිම් පැහැර හැරිය නොහැකී නිසා එලෙස කරන්නට ඇතැයි මම සිතුවෙමී. අලුත් නිවස තුළ පදිංචී වී මාසයක් නික්මී තිබුණි.ඒ වගේම සුදි අම්මා නම් වු තරමක් තලැත්තෑණී වයසේ පසු වන ස්ත්‍රියක් වැඩට ගෙන තිබූ නිසා මගේ සියළු කටයුතු පහසූ වී තිබුණි. උදේම රැකියාවට යන මට පැවරී තිබුණේ සවසට නිවට පැමිණ නිසහසේ විවේක ගැනීම පමණයි. මගේ කුස තුළ වැඩුණ කලලයට සති දොලහක් බව පළමු සායනයේදීම වෛද්‍යවරයා පැවසුවේය. එය දැන ගත් මොහොතේ සිට නිවසට වි මම බලා සිටියේ දිනිදු පැමිණෙන තුරුය. ඔහුට වෛද්‍යවරයා පැවසු දෙය පැවසු දෙය පවසන තුරු මට ඉස්පාසුවක් නොවිය. මම පෙර මග බලා වුන්නෙමී. ඔහු කාර් රථය ගරාජය තුළට දමන තුරු බලා වුන් මම තරමක් ඉදිරිය නෙරා ආ කුස මත අතකුත් තබාගෙන ඔහු අසලට ගියෙමී. ‘‘දිනිදු අයියේ... මොකද අනේ පරක්කූ...‘‘ ‘‘පරක්කු නෑ වෙනදා වෙලාවම තමා.‘‘ ඔහුගේ හැසිරීම මදක් වෙනස් බව මට මුලින්ම වැටහුණි. ඔහු සැබවින්ම වෙනදා එන වෙලාවට පැමිණියත් මට ඔහු ප්‍රමාධ බව දැනෙන්නට ඇත්තේ පෙර මග බලා වුන් නිසා විය යුතුය. එයට ඔහුට සුළු අමණාමපක් ඇත වන්නට ඇතැයි මම සිතුවෙමී. ඔහුගේ අතක දෑතින්ම අල්ලුණු මම සිනා වෙමින් ඔහු සමග පියවර නැගුවෙමී. නමුත් ඔහුගේ මුහුණ වියවුලෙන් පිරි පැවතුනේය. ‘‘දිනිදු අයියා අවුලකින්ද?...‘‘ ‘‘නෑ.. නෑ... මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්නකෝ...‘‘ ඔහුගේ හඩ මගේ හදවතට නැවතත් ගිනිතැබීය. ඔහුගෙන් ආදරය බලාපොරොත්තු වන මට ඔහුගේ එක රළු වචනයකුදු දරා ගැනීම අපහසුය. ‘‘සුදි අම්මා... මහත්තයට කිරි තේ එකක් හදන්න..‘‘ ‘‘හරි.. සදනී දුවේ..‘‘ සුදි අම්මා මුළුතැන් ගෙයි සිටම පිළිතුරු දුන්නාය. දිනිදුට මහන්සි ඇතැයි සිතූ මම ඔහුට නිදහසේ ඉන්නට ඉඩ හැරියෙමී. සිත තුළ තෙරපුණ හැගීම් මම තව තවත් යටපත් කර ගත්තෙමී. කුස තුළ වැඩෙන ඔහුගේ දරුවා ගැන පවසමින් ඔහු සමග සුරතල් වන්නට මම පෙරුම් පිරුවෙමී. ඔහු නැවත සන්සුන් වන තුරු මම බලා වුන්නෙමී. ‘‘සදා... මම ටිකක් නිදා ගන්නවා.. ඔලුව හොදටම රිදෙනවා..‘‘ නාගෙන පැමිණි ඔහු තුවාය පිටින්ම යහන මත බර විය. ‘‘ඔලුව රිදෙනා නම් නෑවේ මොකද ළමයෝ... කෝ ඉන්න පැනඩෝල් දෙකක් දෙන්න..‘‘ මම බලෙන්ම මෙන් ඔහු බෙහෙත් පෙති දෙක පොවා ගත්තේය. නිදා ගන්නා බව පැවසුවත් ඔහු සිටියේ ලොකු කල්පනාවකය. මම නොදන්න කුමක් හෝ සිදු වී ඇති බව මම සිතුවෙමී. ‘‘සදනී දුවේ... මෙන්න කවුද ඇවිල්ලා.. දිනිදු මහත්තයාගේ යාළුවෙලු..‘‘ ඒ වන විට දිනිදුට හොදින් නින්ද ගොස් තිබුණි. එනිසාම ඔහුව අවදි නොකල මම කවුරුන්දැයි බලන්නට ආලින්දයට ඇතුල් වුනෙමී. ‘‘තරූෂ අයියා.. අම්මෝ දැක්ක කල්.. කොහෙද අනේ ගිහින් හිටියේ.‘‘ ‘‘මම ගමේ ගියා සදා නංගීයෝ.. කෝ දිනිදු ඉන්නවද?.‘‘ ඔහු මද සිනාවක් ද සමග පැවසුවේය. ‘‘උණ ගැනෙන්නද මන්දා තරූෂ අයියේ.. ඔලුව රිදෙනවා කියලා ආපු වෙලාවේ ඉදන් නිදි... මොකක් හරි හදිස්සි වැඩකටද ආවේ.‘‘ ඔහුට නිවස තුළටවත් පැමිණෙන්නට ඇරයුමු නොකට මම එතැන සිටම කතා කලෙමී. ‘‘ඔව් සදා නංගියෝ.. දිනිදු අයියා මට ඩොක්ටර් කෙනෙක් ඇපොයිමන්ට් එකක් අරන් දෙන්න කිව්වා.. ඒක හරි කියන්න ආවේ.. ආ මෙන්න අංකේ.‘‘ ඔහු මා අත සුදු පැහැති පත්‍රිකාවක් තැබුවේය. මම පුදුමයෙන් එය කියවා බැලුවෙමී. මේ..... වී.ඕ.ජී කෙනෙක්වනේ චැනෙල් කරලා තියෙන්නේ.. ඒ මදිවට අද රෑට. මම තනිවම සිතුවෙමී. ‘‘එහෙනම් සදා නංගියෝ මම යන්නම්.. ඕකට අද රෑ යන්න තියෙන්නේ .. ඒක නිසා දිනිදුවට ඇහැරවලා බලන්න... දිනිදුට නංගීට කරදරයක් වෙයි කියලා බයයි කිව්වා.. ඒකයි මම වැඩේ ඉක්මන් කලේ...‘‘ ඔහු නික්ම ගිය පසු මම මද වේලාවක් සෙටිය මත වාඩී වී කල්පනා කළෙමි. මා ගැන බය වන්නේ මක් නිසාදැයි දැන ගැනීමට අවශ්‍ය වු නිසා මම දිනිදු අවදී කරන්නට සිතුවෙමී. ‘‘දිනිදු අයියේ.‘‘ ‘‘අනේ සදා.... අනේ... මට ඔයාව නැති කර ගන්න බෑ... කාටවත්ම දෙන්නේ නෑ ඔයාව.‘‘ දිනිදු අඩ නින්දෙන් මගේ අතක් දෑතින්ම බදාගෙන කියවන්න වුවේය. කුමක් හරි හේතුවක් නිසා ඔහු මා ගැන බියෙන් සිටින බව මට වැටහුණි. මම නැවතත් ඔහුව අවදි කලෙමී. ‘‘ම්ම්ම්ම්... ඇයි සදා..‘‘ ‘‘තරූෂ අයියා ආවා..‘‘ ‘‘තරූෂ ආවා.. කෝ ඌ.. ‘‘ දිනිදු එක වරම යහන මත වාඩීවී උනන්දුවෙන් විමසුවේය. මා වෛද්‍යවරයෙක් ලගට රැගෙන ගොස් බිය දුරු කර ගැනෑමට ඔහුට අවශ්‍ය බව තරූෂගෙන් දැන සිටි නිසා මම ආදරයෙන් ඔහු දෙස බැලුවෙමී. ‘‘ඔයා ඔය තරම් මට ආදරේද දිනිදු අයියේ.....‘‘ ‘‘ඇයි කෙල්ලේ එක පාරටම එහෙම ඇහුවේ...‘‘ ඔහුගේ උරතලය මත හිස හොවා ගත් මාව ඔහු දෑතට මැදි කර ගනිමින් විමසුවේය. ‘‘මම දන්නවා ඔයා මං ගැන බයෙන් ඉන්නේ.. හිනෙනුත් හිතන්නේ මං ගැන.. වී.ඕ.ජී.. සර් ළගට යන්න වෙලාවක් වෙන් කරලා මේ..‘‘ මම ඔහු අත පත්‍රිකාව තැබුවෙමී. එය කියවා බැලූ ඔහු මගේ හිස පිරිමැද්දේය. ‘‘ඉක්මණට ලෑස්තී වෙන්න සදා.. තව වැඩි වෙලාවක් නෑ.‘‘ තවත් කිසිත් නොපැවසූ මම මුණ කට සෝදාගෙන අළුතින් ගෙනා ළා දම් පැහැති ගවුම ඇද ගත්තෙමී. දිනිදු කැමතිම පාට දම් බව මම දනිමී. එනිසාම ඔහු වෙනුවෙන්ම මම ඒ ඇදුමින් සැරසුනෙමී. මම සූදානම් වන්නටත් කලින් කාර් රථය එළියට ගෙන තිබූ ඔහු පිට වීමට පෙර මග බලා වුන්නේය. ‘‘සදා දුව කොහො හරි යන්නද?.‘‘ මම ආලින්දය වෙතට පිවිසෙන විට සුදි අම්මා විමසන්න වුවාය. ‘‘ ඔව් සුදි අම්මේ... මහත්තයට මං ගැන බයලු.. ආයෙත් ඩොක්ටර් කෙනෙක් ළගට යනවා.‘‘ ‘‘අද නේද කිලින්ක් ගියේ.. ඉතිං එහෙන් දරුවා නිරෝගී කිව්වා නේද?.‘‘ ඇයි පුදුමයෙන් පැවසුවේය. ‘‘අනේ.. ඔව් සුදු අම්මේ... මහත්තයාගේ ආසාවනේ.. අපි ගිහින් එන්නම්.‘‘ ‘‘හ්ම්ම්ම්ම්......‘‘ ඇය දිගු සුසුමක් හෙළුවාය. ‘‘ඇයි සුදු අම්මේ...‘‘ ‘‘පරස්සමින් සදනී දුවේ.. තුණුරුවන්ගේ සරණින් පරිස්සමින් ගිහින් එන්න...‘‘ ‘‘එත් ඇයි සුදු අම්මා දුකෙන් වගේ.‘‘ ‘‘මට අමුත්තක් දැනෙනවා දරුවෝ.. එන්නකෝ දරුවෝ දෙයක් කියන්න.‘‘ ඇය මා වෙතට මදක් ළං වුවාය. ‘‘මොකද්ද සුදි අම්මේ....‘‘ ‘‘මට අර ආපු හාදයගේ හැසිරීම ඒ හැටි ඇල්ලුවේ නෑ... එකයි මට අමුත්තක් දැනෙන්නේ.. අනික ඔය දරුවට මෙහෙම රැ ජාමේ ගමන් හොද නෑ.. මටත් එන්න තිබුණා නම්.‘‘ ‘‘අනේ බය වෙන්න එපා සුදු අම්මේ.. මම මහත්තයා එක්කනේ යන්නේ...‘‘ මම ඇය වෙනුවෙන් උපන් සෙනෙහසින් උරතලය පිරි මැද්දෙමී. ඇගේ වයසත් සමග ඇය පවසන දෙය ගැන මටද බියක් දැනුණි. ඇයට දැනෙන දෙයක් සුළුවට තැකිය නොහැකිය. මගේ අම්මා මෙන්ම මට ළං සිටින ඇය මට බොරුවක් කියන්නටද හේතුවක් නැත. ‘‘සදා එන්නකෝ වේලාව මදි වෙයි.‘‘ දිනිදු කාර් රථයේ සිට කෑ ගසද්දී නැවතත් සුදි අම්මාට යන බව පැවසු මම කාර් රථය වෙතට ගියෙමී. ඉන් පසු අපි නගරයේ කොණකට වෙන්න තිබුණු වෛද්‍ය මධ්‍යස්ථනයකට ගියෙමු. එතරම් සෙනගක් පෙනෙන්නට නොසිටි අතර තරමක පාළු බවක් එහි විය. ‘‘ඇයි දිනිදු අයියේ.. අපි ගිය හොස්පිටල් එකේ නැතුව මෙහෙම වෙන තැනකින් කෙනෙක් චැනල් කලේ.. ‘‘මෙ... මේ.. මේ.. ඩොක්ටර් හුගක් හොදයිලු.. අපි ගිහින් බලමුකෝ..‘‘ මම හිහ සැලුවා පමණකි. ‘‘ඇයි සදා..‘‘ඔහුට මගේ මුහුණෙන් අමුත්තක් දැනෙන්නට ඇත. ‘‘මොකුත් නෑ දිනිදු අයියේ යමු.‘‘ අපි විණාඩි කීපයක් අසුන් ගෙන වුන්නෙමු. අපේ වාරය ලැබුණ පසු වෛද්‍යවරයා වෙත පිවිසුනෙමු. ‘‘මුලින්ම ස්කෑන් එකක් කරලා බලමු නේද? මන් යන්නකෝ අතනට.‘‘ මම පරීක්ෂණ උපකරණය අසල නතර වුණෙමී. ටික මොහොතකට මතු වෛද්‍යවරයා මා වෙත පැමිණියේය. පරීක්ෂා කර බැලු ඔහුගේ මුහුණේ තිබුණේ බැරැරුම් බවකී. ‘‘ඇයි වී.ඕ.ජී සර්...‘‘ කිසිත් නොපැවසු ඔහු දිනිදු දෙසට ගමන් ගත්තේය. මම නැගිටින්නට උත්සහ ගත්තත්.. මා අසල සිටි හෙදිය එය ඉඩ නොදුන්නාය. දිනිදුත් වෛද්‍යවරයාත් යම් දෙයක් කතා කරන අයුරු මම දුටුවෙමි. ඔවුන් මට නෑසෙන බව සිතන්නට ඇත. හොදින් ඇහුම්කම් දීගෙන වුන මට ඔවුන් කියන දේවල් යාන්තමට ඇසුණි.මොකක් නම් ලොකු දෙයක් වන්නට එන බව දැනුන මම බලත්කාරයෙන්ම එතෙනින් බිමට පැස්සෙමි. ‘‘කොහෙද මැඩම් යන්න හදන්නේ.. සර් ආයා එනවා පොඩ්ඩක් ඉන්න.‘‘ ‘‘අනේ නර්ස් මම කියලා යන්නම්.. ඉවසන්න බෑ තව වොස්රූම් යන්න ඕනේ‘‘ එසේ පැවසූ මම ඔවුන්ට ටික ටික කිට්ටු කලෙමී. ‘‘අනේ ඩොක්ටර් මට මේ වැඩේ කොහොම හරි කෙරෙන්න ඕන‘‘ ‘‘මිස්ටර් හිතන තරම් මේ වැඩේ ලේසී නෑ.. සති දොළහක් ගිහින්.. මිස්ගේ ජීවිතේටත් කරදරයක් වෙයි.‘‘ වෛද්‍යවරයා අවදාරණයෙන් පැවසුවේය. මොකද්ද මට තියෙන අවුල.. මට ඔවුන් මැදට කඩා පැන හේතුව දැන ගැනීමට අවශ්‍ය විය. ‘‘අනේ ඩොක්ටර්... මම දන්නවා ඔබ තුමා මේ වැඩ වලට දක්ෂ බව..‘‘ ‘‘ඒත් මේ වැඩේ නම් මට කන්න බෑ.. මිස්ටර් ජයතුංග ...ප්‍රමාදයි ඔයාලා.‘‘ වෛද්‍යරයා ස්ථිරව පවසා පොත මත දෑස් යොමා ගත්තේය. ‘‘මට ඒ දරුවව එපා ඩොක්ටර්.‘‘ මගේ හදවත කීරී ගැසුණි. ඔහුව අල්ලාගෙන් මරා දමන්නට මට සිතුණි. මම එක වරම දිනිදු වෙතට පැන්නෙමී. ‘‘ඒ.. පව්කාරය උබ ඕකටද අර තරූෂයත් එක්ක එකතු වෙලා මම මෙතනට ගෙනාවේ.. උබට එපා නම් උඹ පාඩුවේ අයින් වෙලා ඉදපන්.. මම මගේ දරුවා මම හදා ගන්නම්.. ‘‘මම කේන්තියෙන් වේව්ලමින් ඔහුගේ බැනියමේ එල්ලුනෙමී. ‘‘ඒ මිස්ට ඔය කෑ ගැහිල්ල නවත්තවන්න.. මේ... මට මෙතන රස්සාවත් නැති වෙන වැඩක්.‘‘ ‘‘ඕකද බොල දොස්තරයෝ තොගේ රස්සාව.. හරි නම් තෝව මූවයි දෙන්නම පොළිසියට අල්ලලා දෙන්න තියෙන්නේ.‘‘ මම ඔහුගේ මූණටම කඩා පැන්නෙමී. ‘‘මිස්ටර් ... මම ආයි කියන්නේ නෑ.. ඔයා මිසිස්ට මේ බව දැනුම් දීලා නෙමේද එක්කන් ආවේ.. මම කිසි කෙනෙක්ගේ අකමැත්තෙන් මේ වැඩ කරන්නේ නෑ.‘‘ ‘‘හිටපන් මම උඹලට හොද වැඩක් කරන්න.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 09 Mar 2017 02:17 PM samanthaMost Senior MemberPosts:13196 07 Mar 2017 11:31 PM දැන් මොකක්ද අපරාදේ.. Ind007kaMost Senior MemberPosts:12931 07 Mar 2017 09:25 PM ඒකනෙ අපරාදෙ බන් .......... kingDVeteran MemberPosts:3405 07 Mar 2017 09:19 PM මන් හිතුවෙ සදා ආයෙත් ගගන යට සෙට් වෙයි කියල..ෂික් .. සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 02:06 PM හිරුයි තරුයි. හතලිස්තුන්වන කොටස. ‘‘ අනේ නොයා බෑ අම්මේ.. ගෙදර ඉන්නත් කම්මැලී නිසා මම ආයෙත් ජොබ් එකකට යනවනේ.. ඉතිං නිවාඩු නෑ..‘‘ ඇය මා ආදරයෙන් තුරුළු කර ගෙන හිස සිම්බාය. මට දැනුනේ වේදනාවකි. මට මෙලොව වැඩියෙන්ම සෙනෙහේ දක්වන ඇයට බොරු කීමට වීම ගැන මම සිත යටින් දුක් වුනෙමි. ‘‘පරිස්සමින් යන්න මගේ දුවේ..‘‘ මම ඇගේ දෙපා නැමද ආශිර්වාද ගත්තෙමී. එවෙලෙහී කිමරයට ඇතුළු වූ දිනිදුද අම්මාගේ දෙපා නැවත සමු දුන්නේය. සියල්ලන්ට ම සමු දුන් මමත් දිනිදුත් නැවතත් ආපසු ඒමට පිටත් වුනෙමු. දැනුන අපහසුව නිසාම වැඩි දුරක් යන්නට මත්තෙන් මම අසුන මත හාන්සී වී දෑස් පියා ගත්තෙමී. ‘‘ඇයි සදා අමාරුයිද?.. උණත් තියෙද?.‘‘ ‘‘උණ නෑ දිනිදු අයියේ... ඒත් හරි අමාරුයි..‘‘ මම අසුනට බර කර ගත්තු හිස නැවත ඔසවන්නේ නැතුවම පැවසුවෙමී. ‘‘අපි බෙහෙත් ටිකක් අරම්ම යමු කෝකටත්.. සදා ..‘‘ ‘‘හ්ම්ම්ම්....‘‘ මට කතා කරව විටදී පවා දැනුනේ කෝපයකී. ඒ දිනිදු වෙනුවෙන් උපන් කෝපයක් නොව, මට දැනුන අපහසුතාවය නිසා ඇති වුන කෝපයකී. ‘‘ඔයා... මම කරපු යෝජනාව ගැන හිතුවද?.‘‘ ‘‘අනේ වද නොදී ඉන්නකෝ.. මට අමාරුයි ටිකක් පාඩුවේ ඉන්න දෙන්න.‘‘ මම මැසිවිලි නැගුවෙමී. ‘‘හරි හරි.. සදා.. ඉක්මණට බෙහෙත් ගමු.. ‘‘ ඉන් අනතුරුව දිනිදු මා සමග කතා නොකරන්නට වග බලා ගත්තේය. ඔහු නිහඩව සිටිද්දීද මට මහ අමුත්තක් දැනිනී ඒ නිසාම වරින් වර මම ඔහු දෙස බැලුවෙමී. ඔහුද මම සුවෙන් ඇද්දැයි බලනු මම කීපවරක්ම දුටුවෙමී. වාහනේ දිගටම ගමන් ගැනීම නිසාදෝ මට කීප පොලකදීම වාහනයා නවතා ගන්නට සිදුවිය. උදේ අමාරුවෙන් බඩට දා ගත් බත් කටවල් දෙක තුනෙ එලෙසම වමනය ගොස් තිබුණී. ‘‘ඔයාට හොදටම අමාරුයි වගේ සදා.. අපි මෙහෙ කොහෙන් හරි බෙහෙත් ගමුද?‘‘ දිනිදු පැවසුවේ වටපිටාව හොදින් නිරීක්ෂනය කරමිණි. ‘‘බෑ.. බෑ යමු..‘‘ මම කාර් එකට නැගුනෙමී. ‘‘මොනවා හරි කන්න ඕනද? කාපු ටික සේරම ගියානේ...‘‘ ‘‘එපා මට කන්න බෑ...‘‘ අපි දිගටම ගමන් ගත්තෙමූ. ‘‘දිනිදු අයියේ..‘‘ ‘‘ඇයි සදා.. ‘‘ඔහු වාහනය පදවමින් මා දෙස බලා විමසුවේය. ‘‘අපි බඩ ඉරිගු ගමු..‘‘ ‘‘පුදුමයි කන්න දෙයක් ඉල්ලුවා.. ‘‘ ඔහුට එක වරම සිනහවක් නැගුණේය. යන එන ටිකට ඒ මම ඔහුගෙන් යමක් ඉල්ලුවාමය. එනිසාදෝ ඔහුගේ සතුට ඉවවහා ගොස් තිබුණි. පාර දිගටම උණු උණුවේ තැම්බු බඩ ඉරිගු කරල් විකුන්න අයුරු දකින විට මටද කන්නට ආසා සිතීම පුදුමයකී. මම වෙනදාට නිකන් වත් බඩ ඉරිගු කන්නට ආස නැත. ඊළග ස්ථානයේ වාහනය නැවැත්තූ දිනිදු කාර් රථයෙන් බැස කුඩා පිරිමි දරුවෙකුත් සමග බඩ ඉරිගු විකුණමින් සිටි ගැහැනිය වෙතට දිව ගියේය. ‘‘ටික වෙලාවකට පසු.. දුම් දමන බඩ ඉරිගු කරලක්ද රැගෙන ඒ ස්ත්‍රිය මා වෙත පැමිණියාය. ‘‘ගන්න නෝනා.. දුන් දැම්මට ඒ හැටි රස්නේ නෑ.. ‘‘ ‘‘බොහොම පිං ආන්ටී..‘‘ මම එය ගෙන පසෙකින් තැබුවේ.. ඇය පැවසුවාටත් වඩා.. මම සිතුවාටත් වඩා බඩ ඉරිගු කරල උණුසුම් වූ නිසාය. ‘‘අනේ නෝනගේ අත පිච්චුනාද?.‘‘ ඇය වේදනාවෙන් කාර් රථය තුළට එඹුණාය.‘‘ ‘‘අනේ නෑ ආන්ටී ඒකට කමක් නෑ..‘‘ ‘‘චූටි නෝනගේ ළපටි අත් වලට ඒ රස්නය දරන්න බැරුව ඇති...‘‘ තවත් මොහොතක් මා අසල රැදී වන් ඇය සිය කුඩා අලෙවී සැල අසට ගියාය. ටික වෙලාවකට පසු කාර් රථයට පැමිණි දිනිදු ගමන අරබන්නේ නැතිව බලා වුන්නේය. ‘‘යන්නේ නැද්ද?.. ‘‘මම ඉවසා සිටි බැරිම තැන විමසුවෙමී. ‘‘ඔයා ඕක කන්නකෝ ඊට පස්සේ යමු.. ‘‘ ඔහු දැන් දැන් මං ගැන සිතනවාද මා ගැන සොයා බලනවාද මම වරෙක සිතුවෙමී. කන්න ඉල්ලුවත් මට එය කෑමටද පිරියක් නොවීය. හවස හතර පමණ ළගා වෙද්දී අපි නවාතැන කරා ළගා වුනෙමු. ‘‘සදා.. බේත් ටිකක් අරන්ම යමු. ‘‘ අපි නැවතත් පෙර බෙහෙත් ගත් පෞද්ගලික රෝහල ඉදිරිපිටම බැස ගත්තෙමු. ‘‘දැන් නම් බෙහෙත් ඕනෙත් නෑ වගේ දිනිදු අයියේ... හුගක් අඩුයි වගේ..‘‘ ‘‘අජීරණයක්ද දන්නේ නෑ.. වමනෙත් ගියානේ යමු.‘‘ මම ඔහු සමග රොහලට ඇතුළු වුනෙමී.වාරය පැමිණෙන තුරු බලා සිටි අපි වෛද්‍යවරයා ළගට පිවිසුනෙමු. රෝග ලක්ෂණ පිළිබද විමසමින් කල්පනාක යෙදී සිටි වෛද්‍යවරයා.. ‘‘ඔයා මැරි කරලා කොච්චර කල්ද?...‘‘ එක වරම මම දිනිදු දෙස බැලුවෙමී. වෛද්‍යවරයා සිතනා දෙය මට සිතා ගත හැකිය. විවාහා වී මාස තුනක් ගත වී තිබුනත් මම ඔහු සමග ලිංගිකව එක් වී ඇත්තේ හතර වතාවක් පමණි. ඒ විවාහා වී මුල් මාසයේදීය. ඒ මාසක් නික්මෙන්නටත් මත්තෙන් මා නිවසින් පිට වන්නට සිදු වූ නිසාය.. වෛද්‍යවරයා සිතන දෙය කෙසේවත් විය නොහැකිය. ‘‘මාස තුනක් විතර ඩොක්ටර්..‘‘ පුදුමයකී අපි විවාහා වී මාස තුනක් වග ඔහුට මතක තිබුණේය. ‘‘දරුවෙක් ගැන එහෙම බලාපොරොත්තවක් තියෙද?.‘‘දිනිදුගේ මුහුණ පුදුමයෙන් පිරී යනු මම බලා වුන්නෙමී. එය එසේ නොවිය හැකි බව ඔහු හොදාකාරවමදනී. ‘‘ඒත් ඩොක්ටර් මම මාස දෙකක්ම ලංකාවේ හිටියේ නෑ.. වෙඩින් එකෙන් සති දෙකකට පස්සේ රට ගියානේ..‘‘ දිනිදු ලොකු බොරුවක් පැවසුවේ මන්දයි මට වැටහෙන්නේ නැත. මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමී. ඒ වන විට ඔහුගේ මුහුණේ තිබුණේ කෝපයකී. එවැන්නක් සිදු නොවිය හැකි නිසා මම නිහඩවම වුන්නෙමී. ‘‘හරි ... හරි.. කෝකටත් අපි බ්ලඩ් එකකුයි. යූරියන් එකකුයි චෙක් කරමු.‘‘ ‘‘හරි ඩොක්ටර්....‘‘ අපි අතර දුරස් බවක් , දරුවෙක් පිළීබද බලාපොරොත්තුවක් නැති බව වෛද්‍යවරයාටද වැටහෙන්න ඇත. ඊට විනාඩීකීපයකට පසු නැවතත් වෛද්‍යවරයාගෙන් කැදවීමක් ලැබුණි. දිනිදු සිටියේ සැකයෙන් යුතුවය.. පිටතට පැමිණි මොහොතේ සිටි බර කල්පනාවක නික්මී සිටි ඔහු මගෙන් කිසින් විමසුවේ නැත. නමුත් ඔහුට මා ගැන සැකයක් ඇතැයි මම අනුමාන කළෙමී. ‘‘ඔයාලා දෙන්නා හරිම ලකී.. මිසිස් ජයතුංග ප්‍රෙග්නට්.‘‘ ඒ මොහොතේ මගේ නෙත් විශාල වුයේ අදහා ගත නොහැකිවය. නිරායාසයෙන්ම මගේ අතක් විවර වු මුව මත නතර වීය. දිනිදුද හොදටම කළබල වී සිටියේය. ගැහැණියක් ජීවිතයේ ඇසිය හැකී ආදරණියම , පින්බර වදන් පෙළ හමුවේ මට සතුටු වන්නද දුක් වන්නදැයි මොහොතකට සිතුවෙමී. මට දරුවෙක් ලැබෙන්න... දෙවියනේ...මට දරුවෙක් ලැබෙන්න. මගේ අතක් ඉබේට මගේ උදරය මත රැදී තිබුණි. ඒ එක්කම සිතට අමුතුම සතුටක් කාන්දු වෙන්න විය. ඒ සුළු මොහොතට මට මා කුස තුළ සිටින නව ප්‍රාණීයා හා විශාල බැදීමක් ඇති වී තිබුණි. තනිවී ජීවත් වීමට සිතු මම ඇය හෝ ඔහු වෙනුවෙන් ජිවත් වන්නට මොහොතින් සිහින මැව්වෙමී. මොනතරම් ඉක්මණට සිතකට කාලය හරහා යා හැකිද මම පුදුම වුණෙමි. ‘‘මිසිස් ජයතුංග වගේම මිස්ට ජයතුංගත් හරිම වාසනාවන්තයි.. මිසිටර් කිව්වනේ මේ රටේ හිටියෙත් සති දෙකයි කියලා.. ඒ පුංචී කාලෙට ඔයාලට දරුවෙකුත් ලැබිලා.. ‘‘ දිනිදුගේ ව්‍යාකූල පෙනුම නිසාදෝ වෛද්‍යවරයා තවත් කරුණු පැහැදිළි කරන්න වුවේය. ‘‘ඒත් ඩොක්ටර්...‘‘ ‘‘අයියෝ මිස්ටර් ජයතුංග... දරුවෙක් පිළීසිදෙනවා කියන එක ඔයාලා එක් වුණ මුල්ම දවසේ වුණත් වෙන්න පුළුවන්.. ඒ ගැන හිතන්න එපා.. අනික ඔයාලා මොනතරම් වාසනාවන්තද?. අද කලේ දරුවෝ නැතිව කොයි තරම් පිරිසක් වේදනා විදිනවද?. අහම්බෙන් ලැබුනා නම් ඒක සම්පතක් ඔයාලගේ.‘‘ එවර දිනිදු හිස සැළුවේය. ‘‘එහෙනම් දැන් මිසිස් ජයතුංගව හුගක් පරිස්සමිං බලා ගන්න.. අපි අදම ස්කෑන් එකක් කරමු බබාට සති කීයද බලා ගන්න.. මිසිස් ජයතුංගට අන්තිම මෙන්සස් හැදුන දිනේ මතක නෑ නේද?‘‘ වෛද්‍යවරයාගේ විමසිම්.. පිළිතුරු දීම්.. පරික්ෂන.. නව ලිපි ගොනු පිරවීම්.. ඒ සියල්ල මට අළුත් අත්දැකීම් විය. දිනිදුගේත් මගේත් දුරස් බව පිළිබද තිබූ වේදනාව ඉබේටම පහ වී තිබුණි. දිනිදුගේ හැසිරීමද සාමාන්‍ය අතට හැරී තිබුණු නිසා මම නැවත ඔහු සමග සමාදාන වන්නට සිතුවෙමී. ඔහු මෙම ප්රදෙසෙන් දුරස් වූ පසු සතුටින් සිටින බවද දැනුන නිසා .. ඔහුට ගමට යාමට ආරාධනා කරන්නට මම සිතුවෙමී. දරුවා වෙනුවෙන් අපි එකට ජීවත් විය යුතු බව මම සිතුවෙමී. විවාහයෙන් පසු මුල්ම වතාවට මට දිනිදු ගැන ලොකු ලෝභ කමක් දැනේන විය. මම වරින් වර ඔහු දෙස බැලුවෙමී. ඔහුගේ මුහුණේද සනිටුහන් වී තිබුනේ සතුටකී. ඒ සතුට මට දරා ගත නොහැක සැනසීමක් විය. තවත් පුදුමයට කරුණකි. දිනිදු මා කාර් එක වෙතට රැගෙන ආවේ ඔහුගේ උරහිසට වාරුකරගෙනය. මම ඔහුගේ ක්‍රියාවට බාධාවක් නොකෙරුවෙමී. එතරම් අපහසුවක් නැති වුවත් මම ද ඔහුගේ ඇගට වාරුවී ගමන් ගත්තෙමී. මම රෝහල තුළට ඇතුල් වුයේ කිසිදු පරිස්සමකින් තොරවය. නමුත් මගේ සිත තප්පරයෙන් තප්පරයට කිව්වේ.. මගේ කුසේ පුංචී පැටියෙක් ඉන්නවා.. පරිස්සමි.. පරිස්සමින් යනුවෙනී. මම තබන හැම පියවරක්ම නුපන් දරුවා ගැන සිතමින් තැබුවෙමී. අදින් පසු මගේ ජීවිතය ඒ ජීවියා වෙනුනෙක් වෙනස් කර ගැනිමට මගේ එකම පැතුම විය. මම කාර් රථය තුළට නැග්ග වු දිනිදු.. අනෙක් පසින් කාර් රථය තුළට ඇතුල් විය. ‘‘සදා... මට සමාවෙන්න රත්තරං...‘‘ ‘‘ඇයි දිනිදු අයියේ සමාවෙන්න කිව්වේ..‘‘ මම වේදනවෙන් ඔහු දෙස බැලුවෙමී. තවමත් මේ දරුවා ඔහු පිළිගන්නට අකමැතිද?. මගෙන් දුරස් වී ඇය කරා යාමටම තවත් සිතනවද? ‘‘අනේ ඔයාට මේ තරම් වේදනා දුන්නට.. මගේ ළගට එන්න කෙල්ලේ... ‘‘ ඔහු මගේ ගෙල වටා අත යවා ඔහුගේ පපුවට තුරුළු කර ගත්තේය. කදුළු සමග ඔහුගේ පපුවේ මුහුණ හොවා ගත් මම ආදරයෙන් ඔහු සිප ගනිමින් හැඩුවෙමී. විවාහයෙන් පසු ආසාවෙන් ඔහුගේ තුරුලේ වුන් මුල්ම අවස්ථාව එය විය. ජීවිතය පුදුමාකාරය දුරස් වී විනාශ වෙමින් තිබුණ අපේ ජීවිත ආදරෙන් පුරවන්නට දෙවියන් අප කරා ත්‍යාගයක් එවා තිබේ යැයි මම සිතුවෙමී. ‘‘අඩන්න එපා රත්තරං.. අපේ පැටියට හොද නෑ...‘ දිනිදුගේ අත ඒ වන විටත් කුස මත ස්පර්ශ වනු මට දැනුනී. මම තවත් ආදරෙන් ඔහුට ළං වුනෙමී. ‘‘මම ඔයාගෙන් ඉල්ලුව දූ පැටියා නේද මේ.‘‘ නළල මත හාදුවක් තැබූ ඔහු අපි විවාහයට පෙර මැව් සිහිනයන් යලි සිහියට නංවන්න විය. ‘‘නෑ.. නෑ... මේ ඉන්නේ මම ඉල්ලපු සුදු පුතා...‘‘ ‘‘හ්ම්ම්ම්.. අපි බලමුකෝ එයා එළියට ආවම.. අම්මා වගේද තාත්තා වගේද කියලා..‘‘ ඔහු සිටියේ හුගාක් සැහැල්ලුවෙනී. අසුන මත හිස හොවා ගත් ඔහු ලොකු සුසුමක් පිටකර දෑස් පියා ගත්තේය. ඔහුගේ මුහුණ පුරා සතුටක් ඇදී තිබුණි. පපුව මත මුහුණ හොවාගෙන සිටි මම නෙත් කොණින් ඔහුගේ මුහුණ දෙසම බලා වුන්නෙමී. ‘‘සදා... ඔයා ආයි බෝඩිමට යන්න එපා රත්තරං.. මගේ ළගම ඉන්න.. අම්මා වුණත් සතුටු වෙයි.. ඔයා මිණිපිරියක් ගේනවා කිව්වම.‘‘ ‘‘අනේ මට බයයි දිනිදු අයියේ.. ඔයාළගේ අම්මා ලගට එන්න.. ඔයා අර පොටෝ පෙන්නුවේ නැත්තම් ඇයි.. එයා මාව පන්න ගත්තේ.. ‘‘ මම ඔහුගෙන් දුරස් වී විමසුවෙමී. ‘‘ඒක නම් මටත් හිතා ගන්න බෑ... එදා ඉදන් මමත් ගෙදර ගියේ නෑ සදා... මට ඔයා නැතුව ඒ කාමරේ ඉන්න බෑ...‘‘ ඔහුගේ වදන් මට අදහා ගත නොහැකිය. ඔහුට මා නැති පාළුව දැනෙන්නට තරම් ලොකු මතක සටහන් ඒ කාමරය තුළ නොවීය. යහනේ දෙපලට හැරී තනි තනිව වේදනා විදි කාමරයක් තුළ ඔහුට පළුවක් දැනෙන්නේ කෙසේද?. ‘‘අපි දෙන්නා අතර ලොකු බැදිමක් තිබුණේ නෑනේ දිනිදු අයියේ..‘‘ ‘‘ඒ ඔයා හිතන විදියනේ... ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි.‘‘ ඔහු අදුරු කර ගත් මුහුණින් ලොකු සුසුමක් පිට කළේය. ‘‘දැන් ඒවා අමතක කරලා දාමු දිනිදු අයියේ.. මේ දරුවා වෙනුවෙන් අපි දෙන්නා එකටම ඉමු...‘‘ ‘‘හරි රත්තරං.. ආයි නම් මම ඔයාව නැති කර ගන්නේ නෑ..‘‘ නැවතත් මා වැළද ගත් ඔහු උණුසුම් හාදූ කීපයක් මුහුණ මත තැබුවේය. ‘‘දිනුදු අයියේ.. අපි ඉන්නේ කා පාක් එකේ..‘‘ මම ඔහුව ඉවත් කළෙමී. නමුත් හිත තුළ කැටි වී තිබුණේ ලෝභ කමකී. පළමු රාත්‍රියේ විදගන්නට සූදානම් වු ඒ ආදරය, ඇමතුමට පෙර සිදු වූ සිප වැළද ගැනීම් වලට පමනක් සීමා විය. ඒ උණුහුම නැවතත් ඔහු වෙතින් දැනෙද්දී.. මගේ සිත ලැජ්ජාවෙන් බර වුවාය. ‘‘අපි එහෙනම් ශොප් එකට යමු.. මට ඔයාව අර හුණ්ඩු බොඩිමට යවන්න බෑ.. අපේ චූටී පැටියත් එක්ක.‘‘ ඔහු මා කෙලින්ම ඔහුගේ පරිඝනක අලෙවී සැලට රැගෙන ගියේය. පසෙකින් වාඩී කර, මම ආස කරන සියළුම දේ සපයා දුන් ඔහු තනිවම එහි වු එකම කාමරය පිළිවෙලට අස් කරන්නට වුවේය. තරූෂ පෙනෙන්නට නොසිටි අතර තවත් ගැහැනු ළමුන් කීපදෙනෙකුත් පිරිමි ළමුන් කීප දෙනෙකුත් සේවයේ යෙදී සිටියහ. ‘‘මිස්... මිස්ට සර් එන්න කිව්වා..‘‘ සිනාමුසු මුහුණින් එහි සේවය කළ තරණ පිරිමි ළමයෙක් පවසද්දී මම සෙටියෙන් නැගිට කාමරය දෙසට ගියෙමී. ‘‘රත්තරං... කාමරේ හොදද?.. ඉක්මණටම ගෙයක් ගමු.. ටික දවසකට විතරයි..‘‘ ඔහු මා වාරු කරන්ගෙස් යහන මත වාඩී කලේය. මෙම අලෙවී සැළ මම විවෘත කරන්නට පැමිනි දිනය මට සිහිවන්නට විය. එදින දිනිදු මගෙන් ආදරය ඉල්ලා ගත් අයුරු මට සිහි වි මම තනිවම සිනා වුනෙමී. ‘‘ඇයි කෙල්ලේ තනියම හිනා වෙන්නේ..‘‘ මගේ අසලින් වාඩී වුණ ඔහු විමසන්න වුවාය. ‘‘ මම ඔයාට මුලින් ආදරෙයි කිව්ව දවස මතක් වුණා.‘‘ ‘‘පිස්සු කෙල්ල... අදත් මට ඒ විදියට ආදරෙයි කියන්න ඕන.‘‘ ඔහු එදා මෙන්ම මගේ මුහුණට එඹුණි. ‘‘පිස්සු ඔයාට.. මේ.. චූටි පැටියා බලන් ඉන්නේ.....‘‘ මම ඔහුගෙන් දුරස් වුනෙමී. ‘‘ම්ම්ම්.. එහෙමද?.. ඒක නෙමේ අපි රෑට මොනවද කන්නේ.. කඩෙන් ගේමු.. මොනවද ඕන.‘‘ ‘‘මට කන්න බෑ දිනිදු අයියේ..‘‘ ‘‘එහෙම කියලා හොද නෑනේ.. බඩ ගින්නේ ඉන්න..‘‘ ‘‘එහෙනම් පොඩි දෙයක් කමු..‘‘ ‘‘හා ටිකක් හාන්සී වෙන්න.. ගමන් මහසිය ඇතිනේ තව ටිකක රෑ වෙලා කන්න දෙයක් හිතමු‘‘ ඔහු ඇදුම් ලිහිල් කරමින් පැවසුවේය. මගේ දෙස මද වෙලාගෙන සිටි ඔහු නානකාමරයට වැදුනේය. ‘‘සදා.. සදා....‘‘ ‘‘ම්හ්හ්හ්හ්....‘‘ මම ඇග මැලි කඩමින් ඔහුගේ පසට පෙරළුනෙමී ‘‘වොස් එකක් දාන් ඇදුමක් දා..ගන්න.. චූටී ගමනක් යන්න තියෙයි.‘‘මම ඔහු සමග පුදුමයෙන් සිනා සී ඇද මත වාඩී වුණෙමී. ‘‘කොහෙද දිනිදු අයියේ..‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 02:03 PM සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 01:42 PM හිරුයි තරුයි. හතලිස්දෙවන කොටස. "ඔයා මොකද මේ වෙලාවේ.... " කාර් රථයේ මගේ පැත්තේ පැති වීදුරුව පහත් වෙද්දී මම ඒ දෙසට නැඹුරු වුනෙමී. "නගින්න සඳා... කා.. එකට,, ඔහුගේ මුහුනේ මද හසරැල්ලක් වගේම වේදනාවකුත් තැවරී තිබුණේය. "ඒ මොකටද?.. මට කෝච්චිය අල්ල ගන්න බැරි වෙයි මම යනවා..." පිටු පසින් පැමිණී බස් රථයට අත පොවන්නට සිතූ මම කාර් රථයේ පිටු පසට ගොස් පාර අසල පැමිණියෙමි. මා අසලට පැමිණී දිනිදු මගේ අතේ උරහිසට පහලින් අල්ල ගනු ලැබුවේ කෝපයෙන් යුතුවයි. තදින් අල්ලා ඔහු වෙතට ඇද ගනිද්දී මම වේදනාවෙන් ඇඹරුනේ ඔහුගෙන් මිදීමට වෙර දරමිනුයි. "දිනිදු අයියේ... ප්ලීස්... අනේ...මට දැන් වත් මගේ පාඩුවේ ඉන්න දෙන්න.." "පාඩුවේ ඉන්න දෙන්න තිබුණා... පාඩුවේ ඉන්නවා නම්.... මේන් මෙහෙ එනවා..."ඔහු මාව ඇදගෙන වගේ කාර් රථයේ ඉදිරිපස දොර ළගට ගමන් කළේය. "මොකද්ද ඒ කතාව.."රිදුම් දුන්නත් මම නිහඩව නොසිටියෙමී. ඔහු මට මොන තරම් වැරදී කලත් මම ඔහුට කිසිදු වරදක් කර නැත්තෙමි. මම වරදක් කරානම් කර ඇත්තේ ගඟනට වෙමී.. ඔහු මහ මෙරක් තරමට මට සෙනෙහස පාද්දී ඔහුගේ සෙනහස පිළිගන්නට මම පමා විය. වෛද්‍ය විද්‍යාලයට යන්නට පෙර දින විමසද්දී හෝ මම ඔහුගේ ආදරය පිළිගත්තේ නම්.. අද මෙවැනි තත්වයක් උදා නොවනු ඇත. මගේ නොලැබීමද ඔහුගේ නොලැබීමද නොදනී. ඊට මට වරම් නොවීය. "නැගපන්කෝ බබාට කියලා දෙන්න."මගේ අතේ තිබූ රෙදි බෑගය උදුර ගත් ඔහු මා කාර් එක තුලට තල්ලු කර දොර වසා දැමුවේය. ඔහු දෙස රවා බැලූ මම වේදනා දෙන අත පිරිමැද්දෙමි. මොහොතකින් අනෙක් පසින් කාර් රථයට නැගුනු ඔහු නිහඩවම ගමන ආරම්භ කලේය. ඔහු ගමන් ගත් මාර්ගය අනුව අපි මේ ගමන් ගන්නේ අපේ ගමට යාමට බව මට ඉවෙන් මෙන් දැනුණි. "ඇයි දිනිදු අයියේ.. ඔයා අපේ ගමේ යන්න ආවේ... අපි තවත් අපේ අම්මලා රවට්ටනේ නැතුව ඉමු නේද." මම සමදානයෙන් කතා බහ කර විසද ගන්නට සිතුවෙමී. "මොකද්ද බොරුව... ඔයාට මං ලග ඉන්න බැරි නිසා බෝඩ් වෙලා ඉන්න දුන්නට.. කවදාවත් මම ඔයාව අතාරි කියලා හිතන්න එපා." ඔහු මා දෙස නොබලාම පැවසුවේය. "මොකද්ද දිනිදු අයියේ මේ ජීවිත වල තේරුම.. මට මගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. ඔයා අරයව මැරි කරලා සතුටින් ඉන්න...." "හිතේ ඇති නේද? ඒවා කොහෙද මාත් එක්ක.. මාත් එක්ක ඔය සෙල්ලම් නටනවා බොරු.. "ඔහුගේ කතා විලාශය ආවේගශීලී විය. මම පුදුමයෙන් ඔහු දෙස බලන් වුන්නෙමී. "මොන සෙල්ලමද?" " ඇයි උබ ගඟනයා එක්ක නටන්න යන අළුත් සෙල්ලම" ඔහුගේ දෑස් කෝපයෙන් රතු වී ඇත. අත පය පවා වෙව්ලයි. කතා විලාශයද නපුරුකමෙන් හා වේදනාවෙන් බරිතය. "ගඟන එක්ක මං..." " ඔව් උබ තමා.. උබ හිතන්නේ මම මොකුත් දන්නේ නෑ කියලද?.. උබ එක්ක ඉන්නේ ගඟනගේ නංගී...උබ ඒකී එක්ක එකතු වෙලා හොද විගඩමක් නටන්න යන බව මම දන්නවා.. උබට බෑ මගේ කණෙන් රිංගන්න." කාර් රථය පාරේ පසෙකට වන්න නතර කල ඔහු අසුන මත දිගෑදී.. පිස්සෙකු මෙන් හිස බදාගෙන දගලන්න වුවේය. ‘‘දිනිදු අයියේ ඇයි මේ... අසනීපයක්ද ඔයාට... අනේ.. ඕක නවත්තන්න.. කෝ."මම ඔහුව නවතන්නට වෙහෙසුනෙමී. "කෙල්ලේ... මට උබව වෙන කාගෙවත් වෙනවා බලං ඉන්න බෑ... මම උබට වැරදී කලා... රිද්දුවා ඒත්... උඹ මගේ විතරයි."ඔහු මගේ උරහිස් දෙකෙන් අල්ලාගෙන හඩමින් මෙන් පැවසුවේය. සියල්ලන් පවසන අයුරින් ඔහුට මානසික අසනීපයක් ඇතැයි මම තනවම සිතුවෙමී.කරන්නට පුළුවන් සියළු කපටි වැඩ කර ඔහු මුලින්ම මගෙත් ගගනගෙත් බැදීම දුරස් කර දැමුවේය. ඉන් පසු සියල්ලන්ගේ ඇස් රවටා මා ඔහුගේ කර ගත්තේය. කාලයක් මා බිය ගන්වාගෙන ඔහුට අවශ්‍ය අයුරින් මා ඔහුගේ සෙවනේ තබා ගත්තේය. ඒ සියල්ලම අතර ඔහුට මා අත්හැරිය නොහැකි හේතුවක් තිබෙන බව විශ්වාසය. ඔහු මා අහිමි කර ගැනීමට ද අකමැතිය. නමුත් මා සමග සතුටින් ජීවත් වීමටද ඔහුට නොහැකිය. ‘‘ඇත්තටම ඔයාට පිස්සුද දිනිදු අයියේ.. මොකද්ද මේ ජීවිත වල තේරුම.... එතකොට අර ගෑනු කෙනා. මම කැමතී නෑ හවුලේ දීග කන්න.. මොන විලිලැජ්ජා නැති වැඩක්ද?.‘‘ ‘‘ඔව් දැං උඹට ඕන ආයෙත් ගගනයා ගාවට යන්න.. උබ ඒක අහන්නනේ මේ ගමේ යන්නේ.‘‘ ඔහු මගේ දෙවුරෙන් අල්ලා සොලවා නැවත අසුන මතට තල්ලු කර දැමුවේය. ‘‘ඔයාට පිස්සුද දිනිදු අයියේ.. මම ආයි කවදාවත් ගගන ගාවට ගන්නේ නෑ... ඔයා ඒ ගැන බය වෙන්න ඕන නෑ.‘‘ ‘‘ඒකට කමක් නෑ.. මම උබට කවදාවත් ඩිවෝස් එක දෙන්නේ නෑ..... ‘‘ඔහු අවදාරනයෙන් යුතුව පැවසුවේය. ‘ඔයාට එපා නම් මටත් එපා.. මොකද ඩිවොස් අරන් වෙන එකෙක් බදින්න වෑ.. හැබැයි මට මගේ පාඩුවේ ජීවත් වෙන්න ඕන.‘‘ ‘‘හරි..හරි.. සදා.. මම ඔයාට කිසිම කරදරයක් කරන්නේ නෑ සත්තයි.. ඔයා රස්සාව කරන් නිදහසේ ඉන්න.. ඔයා නෑදෑයෝ ඉස්සරහා ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ.. ඔයාට අම්මා බලන්න යන්න ඕන වුණාම මට අඩ ගහන්න.. මම ඕනේ වෙලාවක එනවා.‘‘ ඔහු අම්මා රස කෑමක් අරන් දෙන බවට පොරොන්දු ලැබුණ විට පොඩි ළමයෙකු සතුටු වෙන් අයුරින් කියවන්න වුවේය. මුහුණ පුරා ඇදුණු සිනහව ,ඔහුගේ හැසිරීම ඒ සියල්ලෙහිම අමුත්තක් විය. ‘‘අපි දැන් යමුද එහෙනම් තව හුගක් දුරයි.‘‘ ‘‘යමු.. යමු... ඔයා උදේට කෑවද සදා... අපි කඩේකින් කමුද?.‘‘ ඔහු කාර් රථය නැවත පාරට ගනිමින් විමසුවේය. ඇත්තටම දිනිදු අයියට අසනීපයක් වත්ද?.. මට මේ කාර් එකේ යන්නත් බයයි. ‘‘කමුද සදා...‘‘ ‘‘මට නම් තාම බඩගිනි නෑ.. අපි තව ටිකක් දුර ගිහින් කමු නේද?.‘‘ ‘‘හා.. හා..‘‘ ඔහු සිනහා මුහුණින් යුතුව ඉදිරි පස කණ්නාඩියෙන් මා දෙස බැලුවේය. ඔහුගේත් මගේත් නෙත් එකට හමු වූ මොහොතේ සිනාසෙනවාද නැත්තම් වෙනතක බලා ගන්නවාද යන්න මට සිතා ගත නොහැකී විය . මම මද සිනහවක් නැගුවෙමී. ඇයි දිනිදු අයියේ ඔයාට මාව ඔය තරම් ඕනේ නම් මාත් එක්ක සතුටින් ඉන්න බැරි.. කියා අසන්නට මට කිහිප වරක්ම සිතුණි. විමසන්නට සිතාගෙනම ඔහු දෙස බැලු මම නැවතත් හිත දැඩි කර ගත්තෙමී. ඔහු ඉදිරිපිට මම බොලද විය යුතු නැත. ඔහුගේ ආදරය නිසා මම ලද වේදනා මුළු ජීවිත කාලයටම ප්‍රමානවත්ය. මම නිහඩවම වුන්නෙමී. අපි එන්න එන්නම ගමට ළගා වෙමින් සිටියෙමු.. අතර මගදී මා සුපිරි වෙළෙදසැළකට එක්කාගෙන ගිය ඔහු අවශ්‍ය ඕනම දෙයක් මිලදී ගන්න ලෙස ඉල්ලා සිටියේය. මම ගන්නට අදිමදි කරද්දීම ඔහු විශාල මුදලක් වැය කර තෑගී බෝග විශාප ප්‍රමාණයක් මිලදී ගත්තේය. ‘‘සදා...‘‘ ආච්චී අම්මලාගේ නිවසට යාමට තිබූ පාර වැටී තිබුනේ වැව් බැම්ම මතය . ඒ මත වාහනය නතර කළ ඔහු මා වෙතට හැරුණේය. ‘‘හ්ම්ම්ම්ම්‘‘ මගේ නෙත් රැදී තිබුණේ වැව මත ඔරුවක මල් නෙළන යුවලක් වෙතය. තරුණයා හබල් ගසමින් ඔරුව හසුරද්දී ඔරුව මත වාඩී වී වැවට නැඹුරු වූ තරණිය ඕලු මල් නෙළුවාය. මගේ නෙත් ඔස්සේ ගිය දිනිදුටද ඒ දර්ශනය දකින්නට හැකි වෙන්න ඇත. ඒ වගේ සැහැල්ලු ජීවිතයක් මටත් තිබුණා නම්. පෙනෙන තරම් ඒ ජීවිතය සුන්දර නැති බව මම දනිමී. උසුළු විසුළු කරමින් කෙළිදෙලෙන් මල් නෙලීමේ යෙදුනත් ඒ ඔය ඔවුන්ගේ ජීවිකාවයි. ඔවුන් ඒ වෙහෙසෙන්නේ ජීවත් වීමටයි. පිට සිට බලලන අපිට පෙනන සුන්දරත්වය වෙනුවට ඔවුන්ගේ ජීවිත වල ඇත්තේ කටුක බවකී. ‘‘සදා... සොරි කෙල්ලේ...‘‘ දිනිදු නිහඩ බව බිදිද්දී.. මම ඔහු දෙස බැලුවේ අහම්බෙනී. ඔහුගේ නෙත් අගට කදුලක් එක් වී තිබුණි. මම සිනහවකුත් සමග අර යුවල දෙස බලා සිටිනු දැකීමෙන් ඔහු කැළබෙන්නට ඇතැයි මම සිතමී. ‘‘ඇයි දිනිදු අයියේ...‘‘ ‘‘මොකුත්.. නෑ.. සදා..‘‘ එහෙනම් ඔය ඇස්වල කදුළු යැයි අසන්ට මට අවශ්‍ය විය. ඔහු ඊට ඉඩ නොතැබුවාය. කලිසම් සාක්කුවෙන් ඇද ගත් පුංචී ලේසුවකින් ඒ කදුළු වසන් කර ගත්තේය. ‘‘මට ඉල්ලීමක් කරන්න තියෙයි සදා... ‘‘ ‘‘ඉල්ලීමක් ඒ මොකද්ද?.‘‘ ‘‘අපි ටිකක් මෙතන ඉදලා යමුද?.. අදට විතරයි..‘‘ ඔහු ආයාචනාත්මක බැල්මක් සමග විමසුවේය ‘‘හා..‘‘ කියන පරක්කුවට කාර් රථයේ දොර හැරගෙන බිමට බැස වුන්නෙමී. මේ ගම්මානයට ආස කළ මම වැව් බැම්ම මත ඉදගෙන ඈත පරිසයේ අසිරිය විදින්නට කැමත්තෙමි... වැව් ජලයේ හැලී රැලි නංවා හමන සිසිල් සුළං ගත දැවටෙවාට කැමැත්තෙමි. එනිසාම කාර් රථයෙන් මදක් ඇතට ඇවිද ගිය මම වැව් ඉව්රේ තණ බිස්ස මත වාඩී වුනෙමී. මා අනුගමනය කළ දිනිදු මා වෙත පැමිණ මදක් ඈතින් වාඩී විය. සැදෑ කරුවල පොළව වැලද ගන්නට ආසන්ව තිබූ මොහොතේ පරිසරය පුරා පැතිර තිබුනේ රන් පැහැයකී. බටහිර අහසේ වලා කැරලී රතු හා තැඹිලී වර්යෙන් යුතු විය. ඈතින් පෙනෙන චෛත්‍ය රාජයානන් රන් පැහැ හිරු කිරණින් නැහැවි බබලති.සන්ද්‍යාවේ තම කැදලි කරා පියබා යන කපුටන් සහ කොක්කුන් අහස පුරා විචිත්‍රවත් රට මවති. විශාල ප්‍රෙද්ශයක් පුරා විහිදුණු වැව් තලය නිසා ගස් කොලන් වලින් නිදහස් වී නෙත පෙනෙන මානය පුරා වු අහස සිතට ගෙන ආවේ අමුතුම හැගීමකී. සියල්ල හැර දමා අම්මා සමග මෙහි නතර වන්නට ඇත්නම් කෙතරම් අගනේ දැයි මම වරක සිතුවෙමි. ‘‘සදා.. ඔයා... මගේ ඉල්ලීම ඉටු කරනවද?.‘‘ ‘‘මෙතන ටිකක් ඉදලා යමු කියපු එකද?.. ඔව්.. මේ ඉන්නේ.. හැබැයි ඉල්ලීම නිසා නෙමෙයි.. මම මෙතනට හුගක් ආස නිසා.‘‘ ඔහු දෙසවත් බලන්නට සිහියක් නොවු මම හිස කරනවමින් ස්භාවදර්මය තුළින් අමුතුම මිහිරක් වින්දෙමී. ‘‘ඒක නෙමෙයි මගේ ඉල්ලීම..‘‘ ‘‘ඒක නෙමෙයිද?.‘‘ මම සිනාසී දගකාර ලෙස ඔහු දෙස බැලුවෙමී. ඒ තරමටම මගේ සිත නිදහස් වී තිබුණි. මා මේ සිටින්නේ මගේ මුළු ජීවිතයම විනාශ කළ පුද්ගලයා සමග බව මට මොහොතකට අමතක වී තිබුණි. නමුත් ඔහුගේ මුහුණ දැකීමෙන් සැහැල්ලුව පහව ගොස් සිනහව වියැකී ගියාය. ‘‘ඔව්.. ඔයා මේක කරන්නම ඕනේ.. ‘‘ ‘‘කියන්නකෝ බලන්න. පුළුවන් දෙයක් නම් කරන්නම්.‘‘ ‘‘මම නැමති නෑ.. ඔයා ගගනලගේ නංගි එක්ක ඉන්නවට.‘‘ ඔහු කෙලින්ම පැවසුවේය. මුලින්ම මට දැනුනේ කෝපයකී මම ඔහු වෙත රවා බැලුවෙමී. ‘‘පොඩ්ඩක් මම කියන දේ අහන්න.. මම ඔයාට වෙන ගෙයක්ම රෙන්ට් එකට අරන් දෙන්නම්.. බය වෙන්න එපා මම ඔයාගේ ජීවිතේට අත දාන්න එන්නේ නෑ..මම ඒ ගෙදරටවත් එන්නේ නෑ.. ඔයාට තනියෙම ඉන්න බැරි නම් වෙන යාළුවෙක් නතර කර ගන්න.. නැත්තම් ඔයාව බලන් ඉන්න මම වැඩට වයසක ගැහැනු කෙනෙක් හොයලා දෙන්නම්. ‘‘හරි වැඩක්නේ මට බෑ.. ප්ලීස්.. දිනිදු අයියේ.. මට ආයි තනිවෙන්න බෑ.. මට ඒ ළමයා එක්ක වත් ඉන්න දෙන්න.‘‘ මම හුන් තැනින් නැගිට වේගයෙන් කාර් එක වෙතට ඇදුනෙමි. ‘‘මේ අහන්න ළමයෝ.. ඔයා ඉන්නේ එයාගේ නංගී එක්ක බව දැන ගත්තම... ගගන දැන ගන්නවා අපි දෙන්නා ඈත් වෙලා කියලා.‘‘ ‘‘යමු.. යමු.. අම්මාලත් මග බලන් ඇති.. ‘‘ දිනිදු කාර් එකට අනෙක් පසින් ගොඩවෙද්දී මම පැවසුවෙමී. ඉන් ඉදිරියට ඔහු ඒ පිළිබද විමසුවේ නැත. ඔහුට ඊට පිළිතුරක් නොදුන්නත් මම ඒ පිළිබද සිතින් කල්පනා කර බැලුවෙමී. ඔහු පවසන කතාවෙත් සැබැවක් ඇත. මම දිනිදුගෙන් ඇත් වී බව ගගන දැන ගතහොත් ඔහු මට ළං විමට උත්සහ ගන්නා බව මම දනිමී. ඉන් වේදනා හිමි වන්නේ ගගනටමය. කෙසේ නමුත් නැවත ඔහු මුණ ගැසෙනවාට මා ද අකමැතිය. සියලු තර්ක විතරක කිරීම් වලින් අනතුරුව දිනිදුගේ යෝජනාවට කැමති විමට මම සිතුවෙමී. නෑදෑ සිත මිත්‍රාදීන් ඇසුරේ දින දෙකක් ගෙවා දැමු අපි අතර තිබු දුරස් බව මදකට මග හැරී තිබුණි.සියල්ලන් සමග යහපත් ලෙස හැසිරුණු දිනිදු ඔවුන්ගේ සිත දිනාගෙන තිබුණි. ගම්බද ප්‍රදේශයක් නිසා ඇමතුම ගැනීමට අපහසු නිසාදෝ දිනිදු හිටි ගමන් වෙනස් වීම වැනී සිදුවීම් සිදු නොවීය. ඒ නිසාමදෝ ඔහු හැබෑවටම සතුටින් සිටිනු මම දුටුවෙමි. ඔහුව සියල්ලන්ගෙන්ම දුරස් කරගෙන මෙහි ඔහු හා ජිවත් වන්න ඇත්නම්.. ඔහුගේ සැහැල්ලු සිනාව දෙස හොරෙන් බලමින් මම සිතුවෙමී. නමුත් මම ඔහුට ළං නොවුනෙමී. අපි වෙනුවෙන් වෙනම කාමරයක් පිළියෙල කර දුන්නාත් මම ඔහු සමග එක යහනේ නිදා ගැනීම පවා ප්‍රතික්ශේප කළෙමි. ඔහුට යහනෙහි නිදා ගන්නට සැලැස්සු මම.. පං පැදුරක් බිම අතුරගෙන පොළවෙන් ලැබුණු සිසිල් බව විද ගනිමින් නිදා ගත්තෙමී. මම ගත් නිවාඩුද අවසන් වී තිබු නිසා අපි පසු දින උදෑසන ඒමට සූදා නමමින් සිටියෙමු. උදෑසන අවදී වෙද්දී මට දැනුනේ ලොකු තෙහෙට්ටුවකි. හුග කාලයකට පසුව මේ දවස් කීපය තුළ පොඩි වුන් සමග දුව පැන සෙල්ලම් කළ නිසා වෙන්න ඇති.. වැවෙත් නෑවනේ උණ හැදෙන්න වෙන්න ඇති මම සිතුවෙමී. අමාරුවෙන් පැදුරෙන් නැගිට ගත් මම දත් බුරුසුවද රැගෙන ජල කරාමය වෙතට ගියෙමි. දත් මදින්නටද අපහසු බවක් දැනුන මට දැනුනන තෙහෙට්ටුව සමග වමනයට මෙන් ආවාය. ඉක්මනින් මූණ කට සෝදා ගත් මම නිවස තුළට එන්න සැරසුනේ ඇගට දැනුන මහන්සි ස්භාවය නිසාමය. ‘‘ඇයි සදා....‘‘ ‘‘මට අමුත්තක් දැනෙනවා..‘‘ ඇස් දෙක අදුරු වී කැරකෙන බවක් දැනෙද්දී මම දිනිදුගේ දෑතට වාරු වුනෙමී. ‘‘ඇයි සදා.. අම්මට කියමුද?..‘‘ ‘‘එපා දිනිදු අයියේ.. උණ ගැනෙන්න වෙන්න ඇති. අම්මට කිව්වොත් අදත් යන් දෙන්නේ නෑ.. මට ඒ තරම් නිවාඩු ගන්න බෑ.. මම එතනට තාම අළුත්නේ.‘‘ මද වේලාවකින් කැලකිලි ගතිය පහ වෙද්දී මම ඔහුගෙන් මිදෙමින් පැවසුවෙමී. ‘‘හා... හා.. එහෙනම්.. යන ගමන් බෙහෙත් ටිකක් ගමු.. ‘‘ ‘‘හා...‘‘ මම ඔහු පසු කරගෙන ගියෙමි. නමුත් මා විසිවන බවක් මට දැනේන විය. ‘‘පරිස්සමින් සදා.. ‘‘ දිනිදු නැවතත් මා අල්ලා ගත්තේ. ‘‘මාව කාමරේට එක්ක යනවද?.‘‘ මට තනිව ඇවිදීම අපහසු බව දැනුන නිසාම මම අසරණව විමසුවෙමී. ‘‘යමු... ‘‘ ඔහු මා කාමරය තුළට ඇරලුවේය. අමාරුවෙන් අමාරුවෙන් වුව නැවත රෙදී බෑගය අසුරා ගත් මම ආපසු එන්නට ඇදුමක් ඇග ළාගෙන සූදානම් වුනෙමී. ‘‘දූ යන්නත් ලෑස්තිවෙලා නේද?.. මම හිතුවා අද මම ස්කොලේ ඇරිලා එකන් වත් ඉදී කියලා.‘‘ කාමරයට ඇතුළු වු අම්මා.. සුපුරුදු පරිදී පාසල් යාමට සූදානමින් සිටියාය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 01:38 PM සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 01:34 PM හිරුයි තරුයි. හතලිස්එක්වන කොටස. ‘‘මොකද්ද අක්කියෝ... ‘‘ ‘‘ඔයා මට පොරොන්දු වෙන්න මං ගැන මොකුත්ම ගගනට කියන්නේ නෑ කියලා.. මම හම්බුණා කියලා වත් කියන්න එපා.‘‘ මම බලා සිටියදී ම ඇගේ මුහුනේ සතුට මැකී ගොස් නැවතත් මුහුණ අදුරු වුවාය. ‘‘එත් ඇයි සදා අක්කී...සුදු අයියා ඔයාව දකින්න හුගක් කැමතී වෙයි... එයා ඔයාට තාම ආදරෙයි.‘‘ ‘‘ඒකම තමා මට තියෙන ප්‍රශ්නේ නංගා... මට ආයෙත් ගගනට වද දෙන්න බෑ. මම දැන් බැදපු කෙනෙක්.. අනේ ප්ලීස් සුදු නංගා.‘‘ මගේ දැඩී ඉල්ලීම මත ඇය අකමැත්තේන් වුව මට පොරොන්දු වුවාය. ඇගෙන් වුණ වරද නිවැරදී කර ගන්නට අවස්ථාවක් ලද සතුට නිසා ඇය කෙතරම් සතුට ඇත්දැයි මම සිතුවෙමි. නමුත් ගගනට අසාධාරණයක් වනවාට මම අකමැති වුනෙමී. මම ගගන ගැන මොන තරම් වැරදියට හිතුවද? පව්.... ගගන ඔයා මම ගැන මොන තරම් හිතලද? ඔයා.. ඇයි ගගන එක පාරක් හරි මගෙන් දිනිදු ගැන ඇහුවේ නැත්තේ.. ඇයි.. මාව ඔය තරම් ඉක්මණට අවිශ්වාස කලේ.. ඔයාගේ නෙමේ වරද මගේ.. මට ලැබීමක් නෑ ඔයාගේ ආදරේ ලබන්න.. ඔයා මගෙන් ආදරේ ඉල්ලද්දී.. මගේ හිතේ ඔයාට ලොකු සෙනෙහසක් තිබුණත් මම ඒක කියන්න පරක්කු වුණා.. ඔයා හිතන්න ඇති දිනිදු නිසා මම ඔයාව මගැරීයා කියලා.. කොහොම හරි ඔයාව හිමි නැති නිසා තමා මේ හැම දේම මේ විදියට වෙන්න ඇත්තේ.. ‘‘කෙල්ලේ ටිකක් ඇදෙන් බැහැපන්...‘‘ තරමක් වෙලා නිහඩව සිටි සයුමි නැවත හඩ අවදි කලාය. ‘‘මොකද්ද කරන්න යන්නේ..‘‘ ඇදෙන බිමට බැහැ ගත් මම දොර අසල නතර වුණෙමි. ‘‘බලං ඉන්නකෝ... ‘‘ ඔවුන් දෙදෙනා මොකක් නමුත් ලොකු වැඩකට සූදානම් විය. පුදුමයකී . ඔවුන් මටත් වඩා මා ගැන සිතයි. ඇදන් දෙකඑකට ළං කළ සයුමිත් නිපුණිත් අපි තිදෙනාටම පහසුවන ලෙස කාමරය පිළියෙල කළාය. ඉන් පසු උදා වු කාලය ඉතාමත් සුවදායක විය. දවසක් ඇර දවසන් තුවාල වලට ප්‍රතිකාර ගැනීමට යාම සදහා සහය විමට නදුන් කැමැත්තෙන්ම ඉදිරිපත් විය. රිය අනතුරින් පසු හැසිරිවීමට අපහසු වූ අතට අයුර්වේද ප්‍රතිකාර කරන්නද ඔවුන් කටයුතු කළාය. සරසිවියේ ඉගෙනුම ලැබූ නිපුණි නංගීට සයුමිටත් වඩා මා ගැන සොයා බලන්නට අවස්ථාව උදා විය. ඇයි මට උදව් කිරීමෙන් මහත් සැනසීමක් ලබන බව මම වටහාගෙන තිබුණෙමී. නොදැන කළ වරදට ඇය වන්දී ගෙවිය යුතු නැත. මම ඇයට එම සතුට විද ගන්නට ඉඩ සැලැස්සුවෙමී. දිනෙක වෛරකළ ඊර්ෂ්‍යා කළ ඇය අද මගේ සහෝදරියක් තරමට ළං වී ඇත. ජීවිතය නම් පුදුම සහගතය. අපි නොසිත මොහොතක යම් අය අපේ ජීවිතයට ඇතුල් වෙයි. තවත් ජීවිතයම වී සිටි සමහරු නොකියාම ඈත්ව යයි. ඈත් වීම් ළං වීම් මැද අපිට සිදු වන්නේ වන දේ බලා සිටීමට පමණකී. ‘‘කෙල්ලේ.. හැපි නිවුස් එකක්.‘‘ සැදැවක කාමරයට ගොඩවැදුණු සයුමී මා අසල වාඩී වෙමින් පැවසුවාය. නොදැනීම සති කීපයක් ගත වී තිබුණි. අතත් ඒ වන විට හුගක්ම සුව අතට පැමිණ තිබුණ නිසා එදිනෙදා වැඩකටයුතු යම් තරමින් කර ගැනීමේ හැකියාව මට ලැබී තිබුණි. සයුමී එපා කියද්දි රෑ වෙලට යමක් පිළියල කරන්නට මම උත්සුක වුවෙමී. මම හොදටම සුව වීමට පෙර වැඩ කිරීම ගැන සයුමි අකමැති වුවත් ඇය සැදෑ වරුව සැහැල්ලුවෙන් ගෙවන අයුරු දැක මම සතුටු වුනෙමී. ‘‘මොකද්ද සයු..‘‘ ‘‘දැන් අත හොදයි නේද බං..‘‘ ‘‘හුගක් දුරට හොදයි... ඒත් වැඩිය බර දෙයක් උස්සන්න එහෙම බෑ.. ආයෙත් රිදෙන්න ගන්නවා.‘‘ මම මගේ අත පිරි මදිමින් පැවසුවෙමී. ‘‘ඒකත් මග ඇරිලා යයි.. ඒක නෙමේ මේ අහපංකෝ..‘‘ ‘‘කියපංකෝ.. ආපුවෙලේ ඉදන් තටබනවා නේ.. හිටහං හීටරේ ගහනකන්.. දැන් සුදු නංගත් වොෂ් දාං එයි.‘‘ මම ඇද මතින් නැගිටින්නට උත්සහ ගත්තෙමී. ‘‘ඔහොම ඉදහං.. මම ගහන්නම්... මම උබට කියන්න යන දේ නිසා ... උබ මං වැරදියට හිතන්නේ නෑ නේද?...‘‘ ‘‘අනේ මොකද්ද බං.. උබට ඕනේ දෙයක් කියපං.. මං වෙනුවෙන් මොනතරම් දේවල් කරලා තියෙද උබ.‘‘ මම වෙනුවෙන් ඇය කළ කැපවීම් සිහි කරමින් සිතින් පිං දුන්නෙමි. ‘‘උඹ මෙහෙම බෝඩිමේ ඉන්න එක මට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි.. ඒත්.. තව ටික දවසනේ මට ඉන්න වෙන්නේ.. වෙඩින් එකෙන් පස්සේ මට නදුන් අයියලාගේ ගෙදර යන්න වෙනවා. ‘‘ ඇගේ නෙත් වේදනාවෙන් පිරී තිබුණාය. ‘‘ඉතිං ඕකට දුක් වෙන්නේ ඇයි.. මට පුළුවන් සුදු නංගිත් එක්ක ඉන්න.‘‘ ‘‘ඒකනේ මම ඉන්නේ...‘‘ දිය බේරෙන් කෙහෙ රැලී ළා රෝස පැහැ තුවායකින් පිස දමමින් නිපුණි කාමරය ඇතුල් වූවාය. ඇගේ පැමිණිමත් සමග මුළු කාමරයම ඉමිහිරි සබන් සුවදක් ඇදී ගියාය. ‘‘අම්මේ.. ගෑනුළමිස්සියක් නාන වෙලාව.. හදා ගන්නවකෝ ලෙඩක්...‘‘ මුහුණේ තිබුණ අදුර මැකෙද්දී ඇය නිපුණු දෙස බලා සිනාසුනාය. ‘‘ඒක නෙමේ මොකද්ද දැන් කිය කිය වුන්නේ... මම එද්දී..‘‘ සුදු නංගි සුරතලය පාමින් ගානට කතාවෙන් ලිස්සා ගියාය. හවසට දිය නෑ විට සයුමිගෙන් දොස් අසන්නට සිදු වන බව ඇය දැන වුන්නාය. ‘‘හ්ම්ම්ම්... මම සදාට ජොබ් එකක් හෙව්වා..‘‘ ‘‘ඉතිං ලැබුනද?‘‘ මම දෑස් දල්වාගෙන ඇය වෙතට ළං වුවෙමී. ‘‘අයියෝ.. අතත් තව හරියට අඩු නෑනේ සයු අක්කී... ‘‘ මුහුණ පුළුටු කර ගත් නිපුණි සයුමිගේ උරහිස මත හිස තබා ගනිමින් පැවසුවාය. ‘‘හෙව්වට අත අඩු වෙනකන් යන්න දෙන්නේ නෑ.. නදුන් අයියාලගේ කම්පැනි එකේමයි.. මටත් වඩා සුදුසු කම් තියෙනේ උබට... උබට වරදින්නේ නෑ බං..‘‘ ‘‘අනේ තෑන්ක්ස්.. සයු... මට කියන්න වචන නෑ.. ‘‘ මම සිතට නැගුණු සතුටත් සමගම ඇය තදින් වැලද ගත්තෙමී. නෙතට නැගුණ කදුළු බිදු ඇහි පිහාටු තද කර තෙරපා පිටිමන් කළ මම මොහොතක් එලෙසම වුන්නෙමී. ‘‘කෙල්ලේ... උඹ දිනිදුගෙනුත් අහලම මේ ජොබ් එකට වරෙං‘‘ ‘‘මම මොකටද එයාගෙන් අහන්නේ..‘‘ සිතට නැවුම් බලාපොරොත්තුවක් ලැබුණු මොහොතේ දිනිදුව සිහි කිරිම ගැන මට ඇය සමග අමණාපයක් ඇති විය. මම ඇගෙන් මිදී කව්ළුව වෙත පිය මැන්නෙමී. මගේ ජීවිතේ මින් ඉදිරියට උදා වන සතුටු තැන් වලත් , වේදනා තැන් වලත් දිනිදු සිහිකිරීම අතහැර දැමීම කළ නොහැකි කරුණක් බව මට හැගුණී. ‘‘එහෙම කියලා බෑනේ බං.. ඒ නමට හරි උබේ කසාද මිනිහා.. උඹ රස්සාවක් කරන්න ඕන නැති නිසා වෙන්න ඇතිනේ.. උබ මෙහෙ ඉන්නවට අපිට සල්ලී දෙන්න හැදුවේ.. බලෙන්ම බඩු ගෙනත් දැම්මේ.‘‘ ඇගේ කතාවද සත්‍යයකි. නමුත් මම තව දුරටත් ඔහුට අවශ්‍ය විදියට ජීවත් විය යුතු නැත. නමුත් මම රැකියාවකට යාමට තීරණය කළ බව ඔහුට කියන්නට තීරණය කලෙමී. ‘‘තව එකක්.‘‘ ‘‘ඒ මොකද්ද?... ‘‘මම කවුළු අසල බිත්තියට පිට දී සයුමී දෙස බැලුවෙමී. ‘‘දිනිදු අයියා තාම සුදු නංගී මෙහෙ බව දන්නේ නෑ... මම ගියාම හරි සුදු නංගී මෙහෙ බව දැන ගත්තම මොනවා වෙයිද මන්දා..‘‘ ‘‘මොනවා වෙන්නද?... මම ඇත්ත දන්න බව එයත් දැන ගන්න ඕනේ.. උබ ඔහොම කියන්නේ.. මම ආයි දිනිදු එක්ක පවුල් කයි කියලා උඹ හිතනවද?.‘‘ කෝපයත් සමග වේගයෙන් ඇවිදගෙන පැමිණි මම ඇද මත හිද ගත්තෙමී. ‘‘නෑ.. නෑ.. බං.. උඹට හැමදාම ඔහොම ඉන්න බෑනේ.. දවසක දිනිදුගෙන් වෙන් වෙන්න ඕන.. උබ ස්වාධීන වෙන්න නම්.. ඒකෙදී උබට අවාසී වෙයි. මේවා.‘‘ සයුමි මටත් වඩා මං ගැන හුගාක් දුර සිතා තිබුණාය. ‘‘නිකමට උබම හිතහං... උබ ගගනගෙන් ඈත් කරපු දිනිදු අයියා.. උබ ආයෙත් ගගන එක්ක යාළුකමක් හරි තියෙන බව දැන ගත්තොත් උබට නිදහස දෙන්නේ නෑ.. එයාට ඕනේ... උබව ගගනගෙන් ඈත් කරන්න.. ඕනෙත් ඒක... ඕනේ වෙලා තිබුණෙත් ඒක..‘‘ ‘‘ඇයි බං දිනිදු අයියා එහෙම කරන්න ඇත්තේ.‘‘ විවාහය දවසේ මුල්ම රාත්‍රියේ මගේ සිතට නැගුණ ඒ පැණයට මට තවම පිළිතුරු අහිමි ගැටළුවකී ‘‘හිතා ගන්න බෑ බං.. දිනිදු අයියට මානසික අව්ලක් වත් තියෙද?.. උබට ආදරේ නැතුවත් නෙමේ.. උබ දන්නවද මට දවසකට කෝල් කීයක් ගන්නවද කියලා.. පව් කියලත් හිතෙනවා බං..‘‘ මම නැවතත් නිහඩ කල්පනාවකට වැටුනෙමී. දවස් කීපයකට පසු නදුන්ගේ ව්‍යාපාරයේ සම්මුඛ සාකච්චාවට සහභාගී වුණ මා හට සම්මුඛ පරීක්ෂණ වලින් තොරව රැකියාව හිමි විය. දිනිදුට ඒ බව දැනුම් දුන් මම එහි සේවය කිරීම ආරම්භ කලෙමී. විවාහය පෙර තිබුණාටත් වඩා සැහැල්ලු බවක් මට ඒ ජීවිතය තුළින් දැනුනෙමී. නමුත් දිනෙන් දින දිනිදු මගේ ළග අසරණයෙකු ලෙස හැසිරෙද්දී මගේ සිත එක් තැන් කර තබා ගැනීම මට අපහසු විය. නමුත් ඔහු වැරදී හදාගෙන ඇති බව පිළිගන්නටද මම අකමැති වුයෙමී. මීට ඉහත මීට නොදෙවෙනී රංගනයකින් මා අසරණ කළ ඔහු මම කෙසේ විශ්වාස කරම්ද?. ඔහු මගේ සිත බිද දමා අවසන්ය. එනිසා හැකිතාක් මම ඔහුව මගහැරියෙමී. සයුමී පැවසු අයුරිනම් විවාහයෙන් පසු නදුන්ගේ නිවසෙහි පදිංචියට ගියාය. ඇගේ විවාහයට කැපවීමෙන් උදව් කළ මම ඇගේ ජීවිතයට ආසිරි පැතුවෙමී. ඉන් පසු නවාතැන්පල තුළ ඉතිරි වුයේ මමත් නිපුණිත් පමණකි. පරණ පුරුදු අයුරින්ම අපි දෙදෙනා ඒ කුඩා බෝඩිම් කාමරය තුළ ජීවත් වුනෙමු.නමුත් අප දෙදෙනාටම සයුමි නැති අඩුව ලොකුවටම දැනෙන්න විය. ජීවිතයේ තිබු අවිවේකී බව හමුවේ ඒ අඩුව දුරු කර ගනීමට අපිට පහසු නොවීය.. ‘‘මාර වැඩේනේ සදා අක්කී.‘‘ මම කාර්යාලීය සේවය අවසන් කර නවාතැනට ඇතුල්වන විටම නිපුණි මා ඉදිරියටදිව ආවාය. ‘‘ඇයි සුදු නංගා.‘‘ ‘‘හෙට සුදු අයියා මෙහේ එනවා කිව්වා.‘‘ ‘‘මොනවා... ඔයා මට පොමිස් වුණා නේද කියන්නේ නෑ කියලා.‘‘ මම බෑගය ඇද මතට වීසි කර දමා කොණක වාඩු වුනෙමී. ‘‘අනේ අහන්නකෝ සදා අක්කී... සත්තයි මං පල්ලා.. මම කිව්වේ නෑ.. ඒත් එයා දෙයක් දන්නවා වගේ..මගේ කටින් අල්ලන්න වගේ හුගක් ප්‍රශ්ණ කලා.. මම අමාරුවෙන් බේරුණේ..‘‘ ‘‘එහෙමද?.. හෙට නිවාඩු දවසනේ.. මම කොහෙටද යන්නේ.. මට බෑ නංගා ගගනට මුණ දෙන්න.. දැන් මම ඉන්න තත්වේ දැක්කම එයාට මං ගැන හුගක් දුක හිතෙයි.. මට බෑ ඒ හිතට ආයි වදයක් වෙන්න.‘‘ ‘‘මම දන්නවා අක්කියො....‘‘ ඇය මා අසලම වාඩී වී උරහිස පිරිමදින්න විය. ‘‘මම සයූලගේ ගෙදර යන්නම්....පව් අළුත බැදපු කපල් එකට නිවාඩු දවසෙත් නිදහස නැති කරන එක හොද වැඩක් නෙමෙයි.. ඒත් කරන්න දෙයක් නෑ..‘‘ ‘‘ඒත් බෑනේ අක්කී...‘‘ ‘‘ඇයි..‘‘ ‘‘එයා දැනගෙන මම බෝඩ් වෙලා හිටියේ සයුමි අක්කිත් එක්ක කියලා.. ඔයා ගැන විස්තරයක් දැන ගන්න සයු අක්කිලාගේ ගෙදරත් යන්න ඕනේ කිව්වා. ‘‘එහෙමද?.‘‘ ඒ පාර මට මේ මොකද්ද වෙන්න යන්නේ.. මම කොහොම හරි හෙට දවස මගෑර ගන්න ඕන.. අම්මව දැක්කෙත් නෑ මාස දෙකකින්.. ලිව්මක් වත් හරියකට යවා ගන්න බැරි වුණා.. ගමේ ගිහින් ආවා නම් හරි. ඒත් මම තනියම.. හැමෝම අහයි දිනිදු අයියා කෝ කියලා.. වෙඩින් එකෙන් පස්සේ ගමට යන මුල්ම වතාවනේ.. ඉතිං දිනිදු නැතුව ගියොත් නම් මට ඇත්ත කියන්නම වෙනවා. ‘‘මොකද අක්කී කරන්නේ..‘‘ ‘‘මම ගමේ ගිහින් එන්නම් නංගා.. ඔපිස් එකෙන් තව දවසක් වැඩිපුර නිවාඩු ඉල්ල ගන්නවා.‘‘ කෙසේ හෝ නවාතැනෙන් පිටව සිටින්නට සිතා ගත් මම පැවසුවෙමී. එදා මහ රැයක් වන තුරු කල්පනා කළ මම අම්මා බලන්න යන්නට තීරණය කලෙමී. ජීවිතයේ මෙතරම් දේ වලට මුහුණ දුන් මම ඒ ලැජ්ජාවද විද දරා ගන්නට සිත සාදා ගත්තෙමී. අද නැතත් ජීවිතයේ යම් දිනයක මට ඒ ලැජ්ජාව විදින්නට වන බව මම දනිමි. අම්මා දකින්නට තිබෙන ආසාවත් සමග මම ගමනට සූදානම් වුනෙමී. මම කිසිදා තනිව එතරම් දුරක් ගොස් නැත. මීට පෙර සෑම වරකම මා පරිස්සමින් රැගෙන ගියේ අම්මාය. දැන් මම තනි ගැහැනියකී. ‘‘අක්කී ඔයා යනවමද?.‘‘ ‘‘ඔව් නංගා ඇයි...‘‘ මම මෙන්ම නින්දක් නැතිව කල්පනා කරමින් සිටි නිපුණි මගේ පසට හැරුණාය. ‘‘අනේ අක්කී.. ඔයා එක පාරක් සුදු අයියව හම්බෙන්න.‘‘ ‘‘ඇයි නංගා එහෙම කියන්නේ.. ඔයා ආසද ගගන අයෙත් දුක් විද විද ජීවත් වෙනවා දකින්න.‘‘ මම ඇගේ අදුරු වී තිබූ මුහුණ සිවුම්ව පිරි මැද්දෙමී. ‘‘සුදු අයියා දැනුත් හොදින් නෙමේ අක්කී ඉන්නේ... ඔයා දැක්ක ම එයා හුගක් සතුටු වෙයි.‘‘ ‘‘මම කියන දේ ඔයාට තේරෙන්නේ නෑ පැටියෝ.‘‘ ‘‘අනේ මන්දා අක්කී..‘‘ මම ඇය සමගම සුසුමක් පිට කලෙමී. ඉන් පසු අපි අතර ලොකු නිහඩ බවක් උදා විය. ‘‘අක්කේ.. දිනිදු අයියටත් කියලා යන්න.. නැත්තම් හෙට එයත් මෙහෙ එන්න ඉඩ තිවෙනවා.‘‘ දෙයියනේ ගගනයි දිනිදුයි එකට හම්බ වුනොත්.. මම මෙහේ ඉන්න බව හරියටම දැන ගන්නවා. අමාරුවෙන් හිත එකග කර ගත් මම දිනිදුට ඇමතුමක් ගත්තෙමී. නමුත් ඔහු සමග පැවිසිය යුත්තේ මොනවාද? පැවසිය නොයුත්තේ මොනවාද යන්න සිතා ගැනීම අපහසුය. මම සුදු නංගී එක්ක ඉන්නේ කියලා කියන්න පුළුවන්ද?. හෙට ගගන මෙහෙ එනවා ඔයා ඒක නිසා මේ පැත්තේ එන්න එපා කියන්න පුළුවන්ද? නෑ නෑ.. ඒවා කියන්න ඕනේ නෑ ගමේ යන බව විතරක් කියනවා. නිවාඩු දවස නිසා මම මගාරින්න කිව්වා කියලා හිතන් දිනිදු මෙහෙ එයිද? ‘‘හෙලෝව්... සුදු මැණික..‘‘ ඔහු තරමක් බීමත්ව ඇති බව ඒ වචනයෙන්ම මම වටහා ගත්තෙමී. ‘‘දිනිදු අයියේ.. ගෙදර නෙමෙද ඉන්නේ..‘‘ ‘‘නෑ කොල්ලේ.. මගේ කෙල්ලට මාව මතක් වුණා නේද එහෙනම්.. මට ගෙදර ගිය දවසක් මතක නෑ..‘‘ ඔහු පිස්සුවෙන් මෙන් කියවන්න වුවේය. ‘‘හා... හා.. මට ඒවා වැඩක් නෑ.. මම මේ...‘‘ ‘‘ඇයි මගේ කෙල්ලේ වැඩක් නෑ කියන්නේ.... පලයං යන්න පැත්තකට තමුසේ තමා මගේ සදාව මට නැති කලේ.‘‘ ඔහු ළග සිටික කිසිවෙකුට දොස් නගනු මට ඇසුනි. ‘‘ සොරි සොරි.. ඔයාගේ කෙල්ලට කියන්න මම ඔයා එක්ක ආයි පව්ල් කන්න එන්නේ නෑ කියලා.. මම මේ.. පණිවිඩයක් කියන්න ගත්තේ..‘‘ ‘‘මොකද්ද මගේ කෙල්ලේ..‘‘ ඔහු නැතත් විමසුවේය. ‘‘මම හොට අම්මා බලන්න ගමේ යනවා..‘‘ ‘‘තනියෙන්... එපා කෙල්ලේ.. ඒක ඔයාගේ ජීවිතේට හොද නෑ.. මට සමාවෙයං කෙල්ලේ උබට ලැජ්ජා වෙනවා දකින්න මම ආස නෑ.‘‘ ඔහුගේ වචන වැලපුමක් බවට පරිවර්ථනය වෙමින් තිබුණේය. ‘‘ඕවා හිතන්න තිබ්බේ හුගක් කලිං.. මම තියනවා.‘‘ මම ඇමතුම විසන්දි කර දැමුවෙමී. ඔහුගේ හැසිරීම සමග මට ඔහු ගැන දැනුනේ කළකිරීමකී. පසු දින පාන්දරින් අවදී වු මම අළුයම කෝච්චිය අල්ලා ගැනීම සදහා පිට වුණෙමී. බස් නැවතුමට යාමටත් පෙර මා අසල නතර වුයේ දිනිදුගේ කාර් රථය විය. ‘‘සදා...‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 01:29 PM ] සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 01:28 PM හිරුයි තරුයි. හතලිස්වන කොටස. ‘‘ඔ....යා....‘‘ මම දුටු විගසම පුදුමයෙන් මුව අයා ගත් ඇයද ඇගේ අත ඉබේම මුව මත රදවගෙන වුන්නාය. ‘‘සදා ව දන්නවද නංගා....‘‘ ඒ වෙන කොට නා ගෙන කාමරයට ඇතුල් වු සයුමි තෙත කොණ්ඩය පිසදමින් නිපුණි ළග නතර වුණාය. මගෙත් නිපුණිගේත් පුදුමයෙන් පිරිණු දෙනෙත් දෙස වරින් වර බැලු ඇය අපෙන් ප්‍රශ්න නගන්නට විය. ‘‘ඔයා නේද?... සදා... අර..‘‘ ‘‘ඔව් ඔව්... මම තමා ගගනගේ ස්කෝලේ යාළුවා සදා... එතකොට ඔයා නේද... සුදු නංගී..‘‘ මම ඒ වන විට සියල්ල පැහැදිළිව සිහිගන්වාගෙන සිටියෙමී. ‘‘මෙයාද උඹ කිව්ව සුදු නංගී... අඩේ බං විශ්වස කරන්නත් බෑනේ... උඹ කිව්ව කෙල්ලද මේ.‘‘ එවර සයුමිගේද නෙත් විසල් විය. මට නම් ඇය ගැන ලොකු වේදනාවක් වත් තරහක් නොවීය. ඇය නිසා හෝ ගගන සතුටින් සිටීම ගැන මම නිතැතින්ම සතුටු විය. ‘‘මේක මහ.. පුදුම හමු වීමක් සයු අක්කී... මම හැමදාම පැතුවේ.. සදා අක්කව මට මුණ ගැහෙන්න එපා කියලා.‘‘ කනස්සල්ලෙන් යුතුව ඇද කොණක වාඩී වූ ඇය කල්පනා කරන්නට පටන් ගත්තාය. ‘‘ඒ මොකද නංගා... සදා කියන්නේ හොද කෙනෙක්... එයාගේ හිතේ ඔයා ගැන පොඩි කහටක් වත් නෑ.. නේද සදා..‘‘ සයුමි මා දෙස බලා හිස සැලුවා. ව්‍යාජව නොව හැබෑ සිනාකින් මුව සරස ගත්තු මම නිපුණි ළගට කිට්ටු වුනෙමි. මට ඇය සමග කිසිදු අමණාපයක් නොතිබු අතර ගගන සතුටින් සිටින බව දැන ගන්න මට අවශ්‍ය විය. ‘‘ඇයි සුදු නංගා දුකින් වගේ... මට ආරංචී ඔයාලත් එන්ගේජ් වුණා කියලා.‘‘ ‘‘එන්ගේජ් වුණා .. මමයි සුදු අයියයි.....‘‘ ඇගේ විසල් නෙත් මා දෙසට යොමු විය. ‘‘ඇයි.... ‘‘ ‘‘කවුද සදා අක්කි ඔය කතාව කිව්වේ.... ‘‘ඇගේ මුහුනේ තිබුනේ පුදුමාකාර වේදනාවක් විය. ඇයට මා සමග පවසන්නට හුගක් දේ ඇති බව ඒ අහිංසක ඇස් දෙක පැවසුවාය. මම හිතු අයුරු මොන තරම් වැරදිද යන්න මා හට ඒත්තු ගැන්වෙමින් තිබුණාය. නිපුණී නොහොත් සුදු නංගී යනු සැබවින්ම අහිංසක , හුරුබුහුටි ඒවගේම දගකාර චරිතයක් බව ඇය ඇසුරු කළ මේ මොහොතට මට වැටහී තිබුණී. බාහිර පෙනුපෙන් මිනිසුන් මැණිය නොහැකිය. එනිසා තවත් ඇගේ හදට කිට්ටු වන්නට මම සිතා ගත්තෙමි. ‘‘නංගා තේ ටිකක් බීලම වොශ් එකක් දා ගමු..‘‘ සයුමී එලෙස පැවසුවේ විදුලි කේතලයට වතුර එක් කර විදුලි රැහැන සවි කරන ගමන් වුවාය. ‘‘ඒක හොදයි.....‘‘ ඇග දොවා ගත් පසු දැනුන නැවුම් බවත් සමග තේ එකක් පානය කරන්නට ඇත්නම් කියා මම සිතමින් වුන්නෙමී. පුදුමයකී මොතරම් දවස් මම සිතන පතන කිසිත් සඵල නොවූ ජීවිතයේ, යම් යම් සඵල වීම් මතුවෙමින් තිබුණි. දිනිදුගෙන් මිදුන පසු මට මොනතරම් නම් සැහැල්ලුදැයි මම සිතුවෙමී. ‘‘මේ අහන්න සදා .. අක්කී... මට ලොකු දෙයක් කියන්න තියෙයි.. ඒ වගේම සොරි මගේ අක්කී... හුගාක් සොරි... මම හිතුවේ නෑ මම කරන වැඩෙන් අපේ සුදු අයියට මෙහෙම වෙයි කියලා.‘‘ වැටෙන්නට ආසන්න වු කදුළු පුරවා ගත් නෙත් යුවල බිමට හැරි තිබුණාය. අමාරුවෙන් යහන මත වාඩී වූ මම ඇයව මගේ පැත්ත හරවා ගත්තේ ගගනගේ ජීවිතේට සැනසුමක් නොමැති බව ඇගේ වචන අතරෙ සැගවී තිබූ නිසා විය. වේදනා දෙන අත අනෙක් අතින් ඔසවා උකුල මත ලබා ගත් මම ඇගේ උරහිස මත අතක් තැබුවෙමී. ගගන මට රිද වූවත් ඔහුගේ සතුටට වෙනුවෙන්ම සතුටු වුණ මා අද ඔහු වේදනාවෙන් බව දැන ගත් විට කෙසේ උහුලන්නද?. ‘‘මොකද්ද නංගා ඒ කතාව.. ගගනට මොකද වුනේ....‘‘ ඒ කතාවෙන් පුදුම වුණ සයුමිත් අපිට කිට්ටු වුවාය. ‘‘මගෙයි සුදු අයියගෙයි අතර සහෝදරකම හැර වෙන කිසිම බැදීමක් නෑ... මම දැනන් හිටියෙත් නෑ... සුදු අයියා ඔයාගෙන් ඈත් වෙන්න මාව පාවිච්චී කලා කියලා...‘‘ ‘‘එතකොට අර එෆ්බී දැම්ම පොටෝස්... ඔයා මට කෝලුත් කලේ...‘‘ දැන් නැවතත් අග මුල පැලී ඇත. නිපුණි එක්ක සම්බන්දයක් නැත්තම් ඇයි මගෙන් ඈත් වුනේ... ‘‘ඒවා ඇත්ත... කොල් කලෙත් මම... ඒ සුදු අයියා කිව්වා.. කෙල්ලෙක් එයාට ඇණයක් වෙලා ඉන්නවා උදව්වක් කරන්න කියලා.. ඒකයි මම එහෙම කලේ..ඒත් මම පස්සෙයි සිද්දිය දැන ගත්තේ අක්කේ... මට හුගක් දුකයි.. ඔයාලා මං හිංදා ඈත් වුණා.... ඇත්තටම ඒක මගේ පව්කාර කම.‘‘ ඇය ඈ පිටම වරද පටවා ගනිමින් වෑස්සෙන කදුළු බිද පිසලන්නට වුවාය. ‘‘දැන් ගගන මොකද කරන්නේ සුදු නංගා...‘‘ කදුළු හිර කර ගත් මම මගේ අවසානාව ගැන සිතවෙමි. ‘‘එයා දුකින් අක්කි... ඔයා දිනිදු අයියව බදිනකන් එයා මට ඇත්ත කිව්වේ නෑ.. අක්කා වෙඩින් එක දවසේ රෑ අයියට බැන්නා .. කිව්වා.. එයා දුකින්.. එයා නිසා ඔයාගේ ආදරෙට ... ජීවිතේට අවුලක් වුණාද කියලා.‘‘ මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමී. ‘‘මට පැහැදිළිව කියන්න සුදු නංගා.. ඒ කියන්නේ එදා ගගන දිනිදුට කෝල් කලාද?.‘‘ ‘‘ඔව්... එතන මාත් හිටියා....‘‘ ‘‘ඒ කියන්නේ දිනිදු මට ඇත්ත කියලා තියෙන්නේ.. ඒත් ඇයි නංගා ගගන මං ගැන දුක් වෙනවා නම් එහෙම කලේ..‘‘ ‘‘ඔයා පටලන් අක්කී.. ඉන්න මම කියන්නම්..ඒත් අක්කි දැන් දිනිදු අයියා එක්ක රණ්ඩු කරන්න එපා මේවා අහලා...‘‘ ‘‘එතන අළුතින් රකින්න බැදීමක් නෑ නංගෝ... සදාගේ හිත හැදෙන්න වත් ඇත්ත කියන්න..‘‘ විදුලි කේතලය උණු වී අවසන් බවට දැනුම් දෙන හඩ ඇහෙද්දී සයුමි එලෙස පවසමින් නැගී සිටියාය. ‘‘සුදු අයියා වෙඩින් එකට එන්න හිටියේ ... ඒත් එන්න බැරි වුණා.. ආවත් ඔයාව දකින්න දුකයි කිව්වා.. ඒකයි එදා රෑ කෝල් කලේ.. මම ඉන්න තැනමයි කෝල් කලේ..‘‘ ‘‘හ්ම්ම්ම්... ‘‘ මම නැවත ඇද වියලට හේත්තූ වී පසෙක හැර තිබූ කුඩා කවුළුවෙන් ඈතක නෙත රදවන් වුන්නෙමී... එදා දිනිදු ළග සිටිනු ගගන මුලින්ම දුටු දවස.. දිනිදු මුලින්ම අම්මත් එක්ක අපේ ගෙදරට ආපු සැදෑවට සමාන සැදෑවක් මට කවුළුවෙන් පෙනුනී. ඒ සෑදෑව මට මොන තරම් කුරිරු වූවා දැයි මම සිතන්නට වුනෙමී. ‘‘සුදු අයියා කතා කරලා විශ් කලා.. දිනිදු අයියා කිව්වා.. අක්කා වොෂ් දානවා කියලා.. අපි හෝම් කමින් එකට එන්න ලෑස්ති වෙලා හිටියේ.. මොකද දිනිදු අයියා අපි දෙන්නටම ඉන්වයිට් කරලා තිබුණේ.. එයත් ඔයා වගේම දැනන් හිටියේ අපි එන්ගේජ් වෙලා කියලා.. ඒත් ඒක බොරුවක් අක්කී... සුදු අයියා ගැන චූටී මතකයක් හරි ඔයාගේ හිතේ තියෙ නම් ඒ මතයෙනුත් ඈත් වෙලා ඔයාගේ හිත හදන්නයි සුදු අයියා උත්සහ ගත්තේ....‘‘ ‘‘මොනවද නංගියෝ කියන්නේ... ඇයි ගගන මාව මගෑරියේ.. මට හෝතුව දැන ගන්න ඔනේ.. එයාට හෝතුවක් තිබුණේ නෑ මගෙන් ඈත් වෙන්න... ආදරෙයි නොකිව්වට අපි අතර තිබුණ බැදීම එයා දන්නවා...‘‘ මම තරමක කෝපයෙන් පැවසුවෙමී. ‘‘කේන්ති නොහෙන නංගා කියන දේ අහන් හිටපනං... මට හිතෙන්නේ... උඹලා අතර ලොකු වැරදී වැඩහීමක් වෙලා.‘‘ අපි දෙදෙනාට තේ පිළිගන්වු ඇය ඇගේ තේ එකද අතැතිව අපි අසල වාඩී වුවාය. ‘‘මට හුගක් පස්සේ තේරුනේ අක්කකේ.. සුදු අයියා තාමත් ඇත්ත දන්නේ නැතුව ඇත.. ඒත් අක්කී හොද කෙනෙක්.. මට සයු අක්කි.. අක්කී ගැන හුගක් කියලා තියෙනවා.. ඒවත් එක්ක බැලුවම.. අක්කී ඇත්තටම සුදු අයියට වරදක් කලා වෙන්න බෑ...‘‘ ‘‘අනේ පිලීස් නංගා... මගේ ඔලුවත් අවුල් වෙලා...‘‘ ‘‘අක්කී මතකද සුදු අයියා අපේ ගෙදර නවතින්න ආපූ දවස.‘‘ ‘‘ඔව්..‘‘ මට අමතක කරන්න බෑ ඒ දවස එතන ඉදන්ම මගේ ජීවිතේට ළං වුනේ කරදර විතරයි.. ඔව් ගගන ඔයා ඈත් වෙන්න ඈත් වෙන්න කරදර දුක් මගේ ළගට ඉගිල්ලිලා ආවා. ‘‘එදා සුදු අයියා උදේ ඉදන් බලන් හිටියා අක්කී කෝල් කරනකන්.. මට අක්කී ගැන කියලා තිබුණේ නෑ.. ඒත් පොන් එක දිහාම බලන් ඉද්දී මට තේරුණා.. ඒත්.... සුදු අයියයි මායි හුගක් ළගයි ..මම එයා ළග හැසිරුනේ පොඩි ළමෙක් වගේ... හුග කාලෙකින් සුදු අයියා දැක්ක නිසා එයා තනියෙන් කාමරේ ඉන්නවට මම ආස වුනේ නෑ... ඒකයි එදා කෝල් එකක ඉද්දී මම අයියව ඇදන් ගියේ.‘‘ ‘‘හ්ම්ම්...‘‘ ‘‘එදා කොල් කලේ අක්කී නේද?.‘‘ ‘‘ඔව්.. දවසම බලන් ඉදිලා බැරි තැන ගත්තේ... මට දුක හිතුණා නංගියෝ.. ඔයා ගැන ගගන මට පොඩ්ඩක් වත් කියලා තිබුනේ නෑ‘‘ මට වැරදී තිබූ තැන් දැනෙන විට මගේ වේදනාව වැඩියෙන් මට දැනෙන්න විය. ‘‘මට එදා ඒකේ බරපතල කමක් තේරුනේ නෑ... ඊට පහු වෙනිදා උදේ පාන්දර මම අයියට තේ එක දෙන්න ආවේ... අයියා කෝල් එකක... මට ඊර්සියා හිතුණා එයා කෝල් කර කර ඉන්න ගත්තම මට පාළු නිසා. අනික ඔයා ගැන මට කියන්නේ නැති නිසා මම කටින් අල්ල ගන්න හැදුවේ... මම හිතුවේ මම එහෙම කලාම සුදු අයියා මට ඇත්ත කියයි කියලා.‘‘ තවමත් උගුරක් වත් නොබිව මගෙත් නිපුණිගේත් තේ දෙක අත් මතම ඇල් වෙමින් තිබුණි. අපේ කතාවට සවන් යොවාගෙනම සයුමි රෑ අහාරය පිළියෙල කීරීමට සූදානම් වෙයි. ඇය මා වෙනුවෙන් වෙහෙසෙන අයුරු දැක මට දැනුන වේදනාව තවත් වැඩි විය. තනි අතකින් ඇයට කිසිම උදව්වක් කළ නොහැකි එක ගැන මම තව තවත් දුක් වුනෙමි. ‘‘ඒත්.. සුදු අයියා මට ඔයා ගැන කිව්වේ නෑ.‘‘ ‘‘හ්ම්ම්ම්ම්...‘‘ ‘‘පහුවදා සුදු අයියා මට පොටොස් වගයක් පෙන්නුවා.. ඒවෑ හිටියේ ඔයයි.. දිනිදු අයියයි.. ඔයා දිනිදු අයියාගේ උරහිසේ ඔලුව තියාන හොදට නිදාගෙන හිටියේ..‘‘ ‘‘මගෙයි දිනිදු අයියගෙයි..... ඒ කාලේ අපි අතර හොද යාළු කමක් වත් තිබුණේ නෑනේ.. ඉතිං කොහොමද එහෙම පොටොස් ගන්නේ..‘‘ මාර වැඩක්කේ.. ගගනගෙයි මගෙයි හැදුවා වගේ හදන්න ඇති.. ඒ කියන්නේ ගගනගේ හිත පාරලා තියෙන්නේ දිනිදු.. මෙහෙම ජරා මිනිහෙක්.. දැන් මාවත් එපාළු.. මොකටද මේ මිනිහා එහෙනම් ගගනව මට නැති කළේ.‘‘ ‘‘හ්ම්ම්ම්....ඔයාගෙයි ... දිනිදු අයියාගෙයි... සුදු අයියා මට කිව්වා.. මේ බලනවා සුදු නංගා.. මගේ පස්සෙන් එන කෙල්ලගේ බොයි ප්රෙන්ඩ් මට තර්ජනය කරනවා කියලා.‘‘ ‘‘ගගන එහෙම කිව්වද?.‘‘ ‘‘අක්කි කළබල වෙනවනේ.. ඉන්න කියනකන්.. මටත් දැනුයි ඒ කතාව තේරෙන්නේ.. ‘‘හරි .. ඒ කියන්නේ.. දිනිදු ගගනට බැනලා තිබුණද?.‘‘ මට කතාව දැන ගන්න තුරු ඉවසුවක් නොවීය. ‘‘ඔව්.. මගේ කෙල්ලගෙන් ඈත් වෙලා ඉදපන්.. මට සදා කිව්වා උඹ එයාගෙන් ආදරේ ඉල්ලලා වද දෙනවා කියලා...තව හුගක් දේවල් තිබුනා... ඔය වගේ..‘‘ ‘‘තව මොනවද?‘‘ ‘‘සුදු අයියා යවපු මැසේජ් තිබුණා.. අපි අතර එහෙම බැදීමක් නෑ.. මම දැනන් හිටියේ නෑ.. උඹලා අතර එෆෙයාර් එකක් තියෙන බව. සොරි මචං උඹ අකමැති නම් මම යාළු කමත් අතාරින්නම්... එයත් එවලා තිබුණා... ඒක කාටත් හොදයි සදා මගේ විතරයි.. දැක්කනේ.. සදා මාත් එක්ක සතුටින් ඉන්නේ ...උඹ අපි අතරට එන්න එපා ...ඔයා විදියට..අක්කී දිනිදු අයියා එක්ක යාළුයි කියලා ඒ මැසේජ් බැලුවම මටත් දැනුනේ..‘‘ ‘‘අනේ... දෙවියනේ... මගේ හිතේ වත් තිබ්බේ නෑ... මේ ජරා මිනිහා.‘‘ මම කෝපයෙන් දත්මිටි කෑවෙමී. ‘‘ඇයි අක්කී...‘‘ ‘‘මගේ කතාව මම පස්සේ කියන්නම් නංගා.. මට ගගන ගැන දැනගන්න ඕන මුලින්ම.‘‘ මම කෝපයත් සමගම පිටවුන කදුළු පිසදුවෙමී. හොදටම ඇල් වුන තේ එකද පසෙකින් තැබූ මම කතාවට සිත යොමන් වුන්නෙමී. ‘‘ඉතිං සුදු අයියා මගෙන් උදව්වක් ඉල්ලුවා...‘‘ ‘‘මොකද්ද?....‘‘ ‘‘ඔයාගෙන් බේරෙන්න මට එයාගේ ග්ර්ල් ප්රෙන්ඩ් වගේ හැසිරෙන්න කිව්වා.. ඒ වෙද්දිත් මට එෆෙයාර් එකක් තිබුණා.. ඒක සුදු අයියත් දැනන් වුන්නා.‘‘ ‘‘මගෙන් බේරෙන්න...‘‘ ‘‘ඔව්.. අයියා මට කිව්වේ.. කොල්ලෙක් ඉද්දී ඔයා එයාගේ පස්සෙන් එනවා.. කියලා... ඒත් මට දැනුනා අයියා දුකෙන් කියලා... ඒක නිසා මම ඇහුවා.. ඔයා බොරු නේද සුදු අයියේ... ඔයා බූට් එකක් කාලා නේද කියලා.. නෑ නෑ සුදු නංගා... මට උදව් කරන්න කිව්වා..‘‘ ‘‘ඉතිං...‘‘ ‘‘මම එයා කියන ඒවා කලා.. මම හිතුවේ ඔයා මහ නරක කෙල්ලෙක් කියලා.. සොරි අක්කී.. මම එහෙම හිතුවට.. මම හිතුවේ ඔයා.. සුදු අයියට බූට් එක තිබ්බා කියලා.. අද තමයි මම දැන ගත්තේ.. සුදු අයියට බූට් තිබ්බ සදායි... සයු අක්කා කිව්ව ආදරේ වෙනුවෙන් තනියෙන් අඩපු සදායි දෙන්නම ඔයා කියලා... මට වැරදුනා.. මම ඔයා ගැන හෙව්වේ නෑ.. මට දුකයි අක්කී.‘‘ තවත් කතා කළ නොහැකී වූ ඇය මගේ උකුල මත හිස හොවා ගත්තාය. ‘‘දුක් වෙන්න එපා සුදු නංගා... ඒ මගේ නොලැබිම .. ඔයාගේ වරදක් නෙමෙයි.‘‘ ‘‘නෑ අක්කී.. මගේ වරද?.. මට එෆ්බී එකෙන් වත් ඔයා ගැන හොයන්න තිබුණා.‘‘ ‘‘ඒත් අර පොටෝ.. ගගන රැවටුනා නම්.. ඒවා ඇත්තම වගේ ම තියෙන්න ඇති.. ගගන මාව මගාරිද්දී අඩලයි, කල්පනා කරලයි මම අසනීප වුණා.. කොහොම හරි එදා බෙහෙත් ගන්න ගිය වෙලේ අමාරුට ම මට කා එකේ නින්ද ගියා.. දනිදුට හොදට පොටෝ එඩිට් කරන්න පුළුවන්... ඒ එඩිට් එකක ප්‍රතිථල ඇවිත් තමා... මම අද මහ පාරට වැටිලා තියෙන්නේ...‘‘ ‘‘ඔයා පව් අක්කී...‘‘ ‘‘මොකද්ද සදා... ඒ කතාව‘‘ මම මුල්ම වතාවට මගේ මාසයකට සීමා වු පවුල් ජීවිතයේ අමිහිරි අත්දැකීම ඔවුන් සමග පැවසුවෙමි. ඒ කතාවත් සමග ම ඒ රුදුරු දවස් වලට සිතින් ගමන් කළ මා සැඩ සුළං බදු සුසුම් .. පිට කලෙමි.. යම් තැන් වල කියා ගන්නට බැරිව වචන සිර වුනෙමි.. යමු තැන් වල ඇඩුවෙමි. කෙසේ හෝ හිත යට කැකැරුන වේදනා සියල්ලම පවසා මම සිත නිදහස් කර ගත්තෙමී. සියලු කතා වලින් අනතුරුව විනාඩී කීපයක් දෑස් තද කරගෙන සිටි මම ලොකු සුසුමකින් පසු නැවත අළුතිත් ජීවිතයක් පටන් ගන්නට ඉටා ගත්තෙමී. ‘‘උඹ පව් බං ... මොකට ඔය හැටි ඉවසුවේ... උබට පහුවදාම එන්න තිබුණේ.. මම එහෙම නම්.. එදා රෑමයි එන්නේ..‘‘ ඒ සයුමිගේ අදහස විය. ‘‘මටත් එහෙම කරන්න හිතුනා.. හුග පාරක් හිතුණා.. ඒත් මට අම්මට රිද්දන්න බැරි වුණා.. පව් බං මගේ අහිංසක අම්මා.. තාත්තා නැති වුණ දා ඉදන් මොන තරම් දුක් විදිනවද?.‘‘ ‘‘අනේ මන්දා බං... ‘‘ ‘‘මම වොස් එකක් දාන් එන්නම් අක්කිලා... ‘‘ ඇද මතින් නැගිට ගත් නිපුණි මෙතරම් වෙලා උකල මත තිබී බෑගය කාමරයේ බිත්තියේ තිබු ඇනයක එල්ලුවාය. ‘‘සොරි වෙන්න ඕනේ සයු අක්කී පණ.. ඔයා අද තනියෙමම ඉව්වා නේද?.‘‘ ඇය සයු ළග සුරතල් වන්න විය. ඇය තවමත් පුංචී දැරියක මෙන් වුවාය. ‘‘නංගා... මට පොරොන්දුවක් වෙනවද? ‘‘ මගේ හඩින් නිපුණි නැවතත් මා වෙත පැමිණියාය. නැවත හමුවෙමු. සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 01:25 PM සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 01:24 PM හිරුයි තරුයි. තිස්නමවන කොටස. ‘‘ඉතිං බං ඩොක්ටර් මොකද කිව්වේ..‘‘ ඇය බෑගය කබඩ් එක මත තබාගෙන බෑගය තුළ තිබූ දේවල් පිටතට ගන්න වුවාය. ‘‘මොකුත් නෑ බං.. රිපෝට් ආවම අවුලක් නැත්තම් ටිකට් කපයි කිව්වා.‘‘ ‘‘හෙටද?... නියමයි... අවුලක් වෙන එකක් නෑ බං.‘‘ ඇය නැවත කබඩ් එක හැර බැලුවේ මම ආහාර ගෙනද දැන ගැනීමට විය යුතුය.මම ඔවුන් ගිය පසු කිසිත් ආහාරයට ගන්න තබා කබඩ් එක හැර බැලුවේ වත් නොමැති නිසා කෑම ඒ අයුරන්ම තිබුණී. ‘‘ඒ බං උඹ මොකුත්ම කාලා නෑනේ... බලපං... නදුන් අයියලාගේ අම්මා උඹටම කියලා උයලා එවලා තිබුණේ..‘‘ බත් පාර්ශලය අතට ගත් ඇය මුහුණ අදුරු කරගෙන පැවසුවාය. ‘‘අනේ කන්න පිරියක් නෑ බං...‘‘ අමාරුවෙන් ඇදේ වියලට වාරු වූ මම පැවසුවෙමී. ‘‘නොකා නොබී කොහොමද මේක කමු.. බලපන් උඹේ දකුණු අතටමනේ මොකද්ද වෙලා තියෙන්නේ.. වරෙන් මම කවන්න.. ‘‘ ඇය සෙනහසින් මා අසලින්ම වාඩී වී මට අළුතින් රැගෙන ආ උණු උණු බත් එක කවන්නට වුණා. ‘‘කොහෙන්ද බං මේ උණු බත්.. උඹ වැඩට ගියේ නැද්ද?.‘‘ ‘‘ගියා.. මේවා නදුන් අයියලාගේ ගෙදරින්.. මම දැන් වැඩ කරන්නේ නදුන් අයියාගේ ඔපිස් එකේ.‘‘ ඇය මා වෙත වතුර වීදුරුව ගෙන වතුර ටිකක් පෙව්වේ මට කැස්සක් පිට වු නිසාය. මගේ පපුව පිරිමිද ගත් මම අමාරුවෙන් හුස්ම ගනිද්දී ඇය බියට පත් වුවාය. ‘‘උඹට ස්මොලේ ගියාද?... ‘‘ ‘‘හරි හරි බං... දැන් හරි... ‘‘ මම ඇයට කළබල නොවන ලෙස අතින් දැනුම් දුන්නෙමී. ‘‘හරි හරි කාලා ඉදපන් කතා කරන්න.‘‘ ඇය මට පෙරැත්ත කරමින් භාජනය තුළ දමා තිබූ ආහාර සියල්ල මට කැව්වේය. දවස් දෙකකට පසු ඇගට වැටුණ හරියාකාර ආහාරය සමග මට සවිමත් බවක් දැනුනී. අහාර වල තිබු රසයත්, මගේ යෙහෙළියගේ සෙනෙහසත් නිසා මම කුස පුරවා ගත්තෙමී. කෙතරම් කුස පිරුණත් පල නැත. මොහොතින් මට දැනේනනේ හිස් බවකී. මගේ ජීවිතය හිස්.. කාලා බීලා සතුටින් සිටීමට මට වරම් නැත. ‘‘මොකද බං මූණ ඇඹුල් කරන්... දිනිදුව වත් මතක් වුණාද?.‘‘ ‘‘උඹ හිතනවද මට මතක් වෙන්නේ නැතුව ඇති කියලා... උඹ දන්නවනේ අපි දෙන්නා අතර කොහොම බැදීමක්ද තිබුණේ කියලා.‘‘ ‘‘වැඩක් නෑ බං... උඹව අසරණ කරලා දැම්මා ඒ බැදීම.‘‘ ඇයට හීල්ලුනිය. ඒ සමගම සුසුමක් පිට කල මම ඉවත බලා ගත්තෙමී. ‘‘ඒ පාර ඇයි....‘‘ ඇය නැවතත් මා අසල අසුන් ගත්තාය. සේලයින් කටුව සවි කර තිබූ අතින් මෘදුව අල්ලා ගත් ඇය මුහුණට එබුණාය. ‘‘මම හෙට කොහෙද යන්නේ..‘‘ ‘‘ඇයි මගේ ළගට... මගේ පුංචි ඇදේ උඹටත් ඉඩක් තියෙයි බං... දුක් වෙන්න එපා.. මම උඹව තනි කරන්නේ නෑ.‘‘ ඇය මගේ කොපුලක් ආදරෙන් පිරි මැද්දාය.. ඒ වන විට නැවතත් මගේ නෙත් යුවල කදුලින් බොද වී තිබුණී. ‘‘ අඩන්න එපා බං... උඹගේ හිතට සැනසීමක් වෙනකන් මම උඹ ළගම ඉන්නවා.. මට කියලා සහෝදරියොත් නෑනේ.. උඹ තමයි මට ලැබුණ හොදම යාළුවා... උඹ වගේ හොද එකියක්ට මෙහෙම වුන එකයි මට දුක... මොකට කියනවද?... දිනිදුවට පින නෑ.‘‘ ඇගේ අවසන් වදන් පෙල අවේගශිලි වුවාය.තවත් විනාඩී කීපයක් මා සමග රැදී වුන් ඇය මට සමු දී පිටව ගියාය. ඇය නික්ම ගිය පසු මට දැනුනේ විශාල තනි කමකී. තනිකමත් දුකත් සමග සටන් කරමින් සිටි මම දහසක් දේ කල්පනා කලෙමි. මම ඉදිරියට කුමක් කරම්දෝ සිතුවෙමී. ‘‘මිස් රෑ කෑම එහෙම ගත්තද?‘‘ කාමරයට ඇතුළු වු හෙදනිලධාරිනියගේ හඩින් අවදී වන මම ඇය දෙස බැලුවෙමී. ‘‘ඔව්... නර්ස්‘‘ ‘‘වොස් රූම් එකට එහෙම එක්ක යන්න ඕනෙද?.. මම මේ ඉන්ජෙක්ෂන් ටික දෙන්න ආවේ.. ‘‘ ඇය මගේ අතින් අල්ලා ගෙන කටුව එහෙ මෙහේ කර පරීක්ෂා කරන්න වුවාය. ‘‘යාළුවා එකන් ගියා.. දැන් යන් ඕනේ නෑ... ‘‘ මද සිනහවක් නැගුවත් අතට ගසා තිබූ කටුවෙන් දැනුණ වේදනාව සමග මගේ දෙනෙත් සිහින් විය. ‘‘රිදෙනවද?... හෙට ටිකට් කපයිනේ... තවත් තැනක කටුව ගහන්න ඕනේ නෑ.. අදට පෙඩ්ඩක් ඉවසන් ඉමු.‘‘ සිරින්ජයක් සහ කුඩා කුප්පියක් අතට ගත් ඇය මා සමග සිනාසුනාය. ‘‘ඒකට කමක් නෑ නර්ස්.... මට ඉවසන්න පුළුවන්..‘‘ ‘‘හොද ළමයා... නිදා ගන්නේත් නෑ කල්පනා කරනවනේ... ඔන්න දැන් නින්ද යයි. ‘‘ ඇය එන්නත ලබා දෙමින් පැවසුවේය. අතේ නහර රිදිම් දීගෙන බෙහෙත් ඇග තුලට ඇදී යනු මට දැනුනි. නෙත් තද කර ගත් මම වේදනාව ඉවසා හිටියෙමී. ‘‘දැන් ඉවරයි මිස් ඇස් අරින්න..‘‘ ඇය පිටව ගිය පසු වැඩි වෙලා යන්නට මත්තෙන් මම නින්දට වැටී තිබුණී.. උදෑසන වන තුරුම සුව නින්දක් ලැබූ මම අවදි වුයේ යමෙක් මට අමතන හඩිනි. ‘‘සදා....‘‘ මම දෙනෙත් හැර බැලුවෙමී.. එය සිහිනයක් නොව හැබෑවකී. මා අසල සිටගෙන සිටියේ දිනිදුය. ‘‘දිනිදු අයියේ...‘‘ ඔහු මට කෙතරම් රිද්දුවත් ඔහු දුටු විගස මගේ සිත වේදනාවෙන් බර විය. වෛරය වෙනුවට මට දැනුනේ අසරණ කමකී. ‘‘මොකද කෙල්ලේ මේ කර ගත්තේ...‘‘ ඔහුගේ හඩ සෝකාකූල වුවේය. ‘‘මම කරගත්තේ නෑ.. ඔයාලා මට කළේ මේ සේරම.‘‘ මම එවර කෝපයෙන් ඉවත බලා ගත්තෙමි. ‘‘මොකද වුණේ කියන්න.. ඇයි ඔයා ගෙදරින් ආවේ.‘‘ ඔහු මගේ අතකින් අල්ලාගෙන විමසන්න විය. ‘‘ඇත්තටම ලැජ්ජාව කියලා එකක් නැද්ද දිනිදු අයියේ ඔයාට... කරන්න තියෙන බලු වැඩ සේරම කරලා .. ඔයාගේ අම්මා ලවා මාව ගෙයින් එළියට ඇදලා දාලා.. දැන් ඇයිත් අහනවා.. ලැජ්ජාව කියලා... නාමයක් වත් නැද්ද?.‘‘‘ ‘‘අම්මා ඔයාව එළියට ඇදලා දැම්මා... ඒ මොකද?.‘‘ ඔහුගේ මුහුණ පුදුමයෙන් පිරී තිබුණි. ‘‘මොකද අහන්නේ... ඔයා අර එඩිට් කරලා හදපු ජරා පොටෝ ටික අම්මට පෙන්නුවා.. ඒකනේ අම්මා මට බැනලා පන්න ගත්තේ...‘‘ ‘‘මම ...‘‘ ඔහු ඇද අසල තිබූ අසුනට බර වී දෑතින්ම හිස බදා ගත්තේය. ‘‘මොනවද මේ වෙන්නේ.. අනේ දෙවියනේ.. මට තේරෙන්නේ නෑ.. මම අසරණයි... මට සමාවෙන්න සදා..‘‘ ඔහුගේ අදෝනාවෙන් මගේ හදවත අනුකම්පාවෙන් පිරී ගියාය. ‘‘ඇයි දිනිදු අයියේ.. ඔයා මට හංගන දෙයක් තියේ... ඒක මට කියන්න.. ඔයාගෙ ප්‍රශ්නයට මගේ ළග උත්තරයක් ඇති.‘‘ මම අමාරුවෙන් ඇද වියලට බර වුනෙමී. ‘‘නෑ.. නෑ.. සදා ඒ ප්‍රශ්නෙට විසදුම් නෑ... මට සමාවෙන්න කෙල්ලේ.. මම ඔයාගේ ජීවිතේ විනාශ කලා... මම හිතලා කළේ නෑ.. ඉබේටම එහෙම වුණා....‘‘ ඔහුගේ අදෝනාව තව තව වැඩි විය. සැමදාමත් මා හඩවා නිහඩ වන ඔහු, අද තනිවම හඩයි. මම ඔහු දෙස බලා වුන්නෙමී. ඔහු ළගට ගොස් හිස අතගා හිත තුළ තෙරපෙන ගැටළුව දැන ගැනීමට මට අවශ්‍ය වුවත් ඒ සදහා මට අද වාරූ නැත.. ඇදෙන් බැස යා නොහැකිය. එක් අතක් පාවිච්චි කිරීමටද මට නොහැකිය. මොනවද මේ දිනිදු අයියා කියන්නේ.. එයා පොටෝ පෙන්නුවේ නැත්තම් ඇයි අම්මට තරහා ගියේ.. මට මේ සේරම විසද ගන්න තියෙනවා නම්. ‘‘ අනේ මට සමාවෙන්න කෙල්ලේ.. සමාවෙන්න මට ඔයා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුණා.. මම අම්මට මොකුත් කිව්වේ නෑ.. ඔයාට පෙන්නලා බය කරත් ඒවා කාටවත් පෙන්නන්න මම හිතුවේ වත් නෑ..‘‘ කවදාවත් නැතිව ඔහු ඕනිවටත් වඩා කතා කරන්න වී තිබුණේය. ‘‘ඒවා වැඩක් නෑ... දැන් ඔයාට කොහෙමද අඩුයි නේද?.. මට සයුමී සේරම විස්තරේ කිව්වා.. මම එන ගමන් ඩොක්ටර්ව හම්බෙන්නත් ගියා.. ඔයාගේ ටිකට් කපනවා කිව්වා අද?.‘‘ දෑතින්ම මුහුණ පිස දා ගත් ඔහු නැවත පුටුවෙන් නැගිට මා අසලට පැමිණියේය. ‘‘එහෙමද?... රිපොට් ඇවිද්ද?.‘‘ ‘‘ඔව්.. ඒවා නෝමල්... මම එන්නම් දවල් වෙලා එක්ක යන්න... ‘‘ ඔහුගේ වචනයත් සමග මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමී. ‘‘මාව ආයිත් ඔයාලගේ ගෙදර එක්ක යන්න... පිස්සු හැදීගෙන එනවද?.‘‘ ‘‘ඇයි ඔයා වෙන කොහෙ යන්නද?‘‘ ඔහු පෙරලා විමසුවේය. ‘‘මම යන තැන හොයන්න ඕනේ නෑ.. දැං වත් මට ..මගේ...නිදහසේ ඉන්න දෙන්න.. මම කරන කියන ඒවා හෙව්වේ නැතුවට කමක් නෑ.‘‘ මට නැවත ඔහු සමග යාමට කිසිම උවමනාවක් නොවීය. මම එක හෙළාම අකමැත්ත ප්‍රකාශ කලෙමී. ‘‘එහෙම කියලා කොහොමද .. ඔයාළගේ අම්මත් නෑ.. ඔයාගේ වගකීම තියෙන්නේ මට.‘‘ ‘‘දැන්ද වගකීම මතක් වුනේ... අනේ ප්ලීස්... වැදලා කියන්නම් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.‘‘ ඒ සමගම මම ගස්සා ඉවත බලා ගත්තෙමී. ‘‘හරි සදා.. ඔයාගේ කැමැත්තක්... ඒත් ඔයා කොහෙටද යන්නේ කියලා විතරක් මට කියන්න... ඔයාට ඕනි දෙයක් ඉල්ලන්න මම දෙන්නම්.. ඊට වඩා දෙයක් මට කරන්න බෑ... ඔයාව ආයෙත් අරං ගිහින් වද දෙන්න මට බෑ... ‘‘ අවසානයේ ඔහුගේ හඩ පවා වේදනාකාරීය. කුමක් හෝ ලොකුම හේතුවක් ඇති බව නම් තක්කයටම විශ්වාසය. ‘‘මට ඔයාගෙන් මොකුත් එපා... මගෙන් ඈත් වෙලා ඉන්න .. මට නිදහසේ ජීවත් වෙන්න දෙන්න.‘‘ මම ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පැවසුවෙමී. තවත් කිසිවක් නොපැවසූ ඔහු නිඩවම බලා වුන්නාය. ඒ නිහඩ බවත් මුහුනේ රැදුණු පසුතෑවිමත් මගේ හදවත උණු කර ඔහු කෙරෙහී යලිත් අනුකම්පා උපද්දවන්නට උත්සහ ගන්න වුවාය. ඒ හේතුව නිසාම මම තවත් ඔහු දෙස නොබලා ඉන්නට වෙර දැරුවෙමි. ‘‘ආ... දිනිදු අයියා.. කවුද දන්නේ නෑ.. එන්න පාර කිව්වේ...‘‘ ඒ එක්කම වගේ මලු කීපයක්ම උසවාගෙන කාමරයට ඇතුල් වුනේ සයුමිත් නදුනුත් විය. ඔවුන් දැකීමෙන් තිගැස්සුනු ඔහු අපහසුවෙන් මුහුණ හංගා ගැනීමට උත්සහ ගත්තේය. මට කෑම, අළුත් පිරිසිදු ඇදුම්, ඇදට ඇතිරිලි, කොට්ට උර , තුවා.. ඒ සේරම සයුමි කවර වලින් එකින් එක එළියට ගද්දී දිනිදුගේ මූණ තවත් වෙනස් වුණා. දිනිදුට තේරුම් යන්න ඇති එයා මට ආදරෙන් සැළකුවේ නැතිවට අනිත් අය මට හුගක් ආදරේ කරන බව. දිනිදුව ගනනකටවත් නොගත්ත සයුමී මම උදේ ආහාරය පෙරැත්ත කර කර කැව්වා. දිනිදුගේ බෙරි වුණ මූණ දැක්කම මට කන්න පිරියක් ඇති නොවුන නිසා මම කෑම ප්‍රතික්ෂේප කළෙමි. ‘‘මේ මිස්ගේ ටිකට් කපනවා කිව්වා දවල් වෙද්දී.‘‘ කාමරය හිස පෙවූ හෙදනිළධාරිනියක් පැවසුවාය. ‘‘හරි නර්ස් මම එන්නම් පේමන්ට් ගෙවන්න.‘‘ නදුන් ඇයට පිළිතුරු දුන්නේ නොසිතපු අයුරින් විය. ඔහු ඇය පසු පසම කාමරෙන් පිට වන්නට සැරසුණේය. ‘‘මේ මිස්ගේ සේරම පේමන්ට් මේ මහත්තයා ගෙව්වනේ.‘‘ හෙදනිළධාරිනිය පැවසූවේ දිනිදුව පෙන්වමින් වුවාය. හිස ඔසවා වත් නොබැලූ ඔහු සංසුන්ව සිටියේය. ඔහු කුමන අයුරෙකද යන්න මට වටහා ගත නොහැක. අහිංසක පෙනුමක් මවාගෙන නැවතත් මාව ආපයකට ඇද දමන්නට පැමිණි යම පල්ලෙක් ලෙස මම වරෙක ඔහු ගැන සිතුවෙමී. කීපවරක්ම මිනිසුන් විශ්වාස කර මම ලොකු වේදනාවන්ට මැදි විය. එනිසාම සිතට නැගුණු වේදනාවට පිටතට එන්නට මම ඉඩ නොදුන්නෙමී. තවත් ඔහුගේ රංගනය ඉදිරියේ මම රසිකයෙකු නොවීමට ඉටා ගත්තෙමී. ‘‘එහෙනම් කෙල්ලේ.. අපි දවල්ට එනවා ඔයාව එක්ක යන්න... බෝඩිමට ගිහින්ම නිදහසේ මොනා හරි කමු.. මම බෝඩීමේ ආන්ටිටත් කියලා අමාරුවෙන් කැමැත්ත ගත්තා... ‘‘ ඇගේ මුහුණේ තිබුණේ පුදුමකාර සෙනෙහසක්, දිනිදුගේ මුහුණේ තිබුණේ ඊට සමානම අසරණ කමකි. ඔවුන් දෙදෙනාම දෙස මාරුවෙන් මාරුව බැලු මම හඩනවාද සිනහා වෙනවාද සිතා ගත නොහැකිව දෙගිඩියාවෙන් බලා වුන්නෙමී. ‘‘මම ගිහින් එන්නම් සදා... මොනවා හරී ඕනේ වුණොත් මට අනිවාර්යෙන් කියන්න.... ‘‘ පුදුමඑළවන සුළු වැකියක් පැවසු ඔහු සයුමි දෙසවත් නොබලා පිටව ගියේය. සයුමි ඔහුව එතරම් තැකීමක් නොකළ නිසා ඔහුට වේදනාවක් දැනෙන්නට ඇත. සියල්ලන්ම පිටව ගිය පසු මම තනිවම සිතුවෙමී. ගත යුතු තීරණයත් ගැන මට පැහැදිළි වැටහීමක් නැත . කෙසේ නමුත් නැවත දිනිදුගේ නිවසට නොයාමට මම තීරණය කලෙමී. මාව ඇයගේ තාවකාලික නවාතැනට කැදවාගෙන ඇය මා වෙනුවෙන් සියල්ල ඉටු කරන්න විය. මා වෙනුවෙන්ම වරුවක නිවාඩුවක්ද ගෙන පැමිණ තිබූ ඇය ඇගේ අතින්ම දවල් ආහාරය පිළියෙල කර දුන්නාය. හැරෙන්නටවත් ඉඩක් නොමැති කාමරය තුළ දෙපසට වන්නට කුඩා ඇදන් දෙකකි. තවත් කොණක කුඩා මේසයකි.. ඒ මත තනි ලිපක් සහිත ගෑස් ලිපකී.. ඉඩ කඩ අඩු වුණත් තමන් විසින්ම ආහාර පිස ගැනීමට සිතූ ඇය මුළුතැන් ගෙයට අවශ්‍යම කරන කලමණා පමණක් කාමරයේ කොණකට කර සූදානම් කර තිබුණි. තවත් කොණක කුඩා රූපවාහිනියකි.. ඒ අසලම විදුලි පංකාවකී.. කාමරය හරහා බැද තිබූ වැලක මැද එල්ලන ලද ඇදුම් රැසකී. ඇදුම් අසුරා තබන්නට කුඩා අල්මාරියක්ද විය.. සියලු බඩු බාහිරාදිය තැබූ පසු කාමරය මැද ඉතුරු වී තිබුනේ කුඩා තීරුවක ඉඩක් පමනකී. ඒ ඉඩ තුළ වරෙකුට එකෙකුට වඩා ඇදුම් මාරූ කිරීමද අපහසුය. ‘‘ඔන්න මගේ පුංචී හිර කූඩුව.... මගේ කිව්වට මගේ නෙමෙයි.. මේ කාමරේ තව නංගියෙක් ඉන්නවා.. මතකනේ ඔයාට කොල් කලේ නිපුණි.‘‘ වැඩවලින් මදක් නිදහස් වූ ඇය සිනහවකුත් සමග මා අසලම ඇද මත වාඩී වුවාය. ‘‘ඇයි බං උඹ මෙහෙම තැනක ඉන්නේ... නදුන් අයියට කිව්වා නම් මීට වඩා හොද තැනක් හොයලා දෙයිනේ.‘‘ මම පැවසුවේ පුංචී කාමරය පුරා නෙත් යවමිනී. ‘‘උඹට අමාරුයි වගේද කෙල්ලේ මේ කාමරේ කොටු වෙලා ඉන්න.. මට නම් පුරුදු වෙලා බං.. අනිත් හැම තැනටම වඩා අපිට මෙතන ආරක්ෂාව හොදයි.. මෙහේ ආන්ටී හරිම හොදයි.. අනික ඉතිං අපිට පුරුදු වෙලා... හිතන තරම් අමාරු නෑ පුරුදු වුණාම.‘‘ ඇය සැහැල්ලුවෙන් පවසාගෙන ගියාය.. මම ඇගේ නලිය නෙත් දෙසම බලා වුන්නෙමි. කුමක් හෝ හේතුවක් නිසා ඇයට නැවතත් මා ඇසුරේ සිටීමට ලැබීම ගැන ඇය සතුටින් සිටින බව මට වැටහුණි. ‘‘අනේ ... මට අවුලක් නෑ බං... මමත් ඕනේ එකකට ඔට්ටුයි‘‘ ‘‘මම ඒක දන්නවා කෙල්ලේ..‘‘ ඇය බොදවුන දෙනෙතින් යුතුව ආදරයෙන් මගේ හිස පිරිමදින්න වුවාය. ‘‘කෙල්ලේ මට නා ගන්න ඔනේ.. තව ටිකෙන් නිපුණි නංගත් එයි.. ඔයාට ඇග සොදගන්න එහෙම ඕනෙද?‘‘ ‘‘උඹට කරදර නැත්තම් වොෂ් එකක් දා ගත්තා නම් හොදයි..‘‘ වැල මත තිබූ ඇදුම් අවුස්සමින් සිටි ඇයට මම පැවසුවෙමී.. එවර ඉණ මත අතකුත් ගසාගෙන මගේ පැත්තට හැරුණු සයුමී මට ඔරවන්න විය. ‘‘මෝඩී.. ආයි කියනවා බලන්න ඔය කතාව.... මට උඹව වදයක් නම්... එක්ක එනවද?.‘‘ ‘‘හරි හරි බං සොරි.. ‘‘මම සමාව අයැදුවෙමී. ඇගේ උදවු ඇතිව තවමත් වේදනා දෙන අත තෙමෙන්නට නොදී මම ඇග දොවා ගත්තෙමී. ලොකුවට වෙලුම් පටි යොදා තිබුණත් ඔලුවේ සහ පාදයේ තිබුනේ එතරම් විශාල තුවාල නොවීය. පාදයේ වෙලුම් පටි නම් ඉවත් කර තිබුණි. එහි තිබුණේ සීරීම් පාරක් පමණි. ඇග දොවා ගත් පසු ලද අස්වැසිල්ල සමග මම ඇද මත වාඩී රූපවාහිනිය නරඹන්න විය. අර සැප සම්පත් මැද දිනිදුගේ නිවස තුළ ගෙවු කාලයට වඩා මේ පැය කීපයක කාලය තුළ මේ පුංචී කාමරය තුළ ඇති සැනසිලි දායී බව මොන තරම්දැයි මම සිතුවෙමී... ‘‘සයූ අක්කියා.. ඔන්න මම ආවා... පණ.. ඔයාගේ යාළු අක්කියා ආවද?‘‘ එසේ කියාගෙන කාමරයට ඇතුල් වුයේ කාමරයේ වුන් අනෙක් නවාතැන්කාරියයි. ඇය දැකීමෙන් මගේ දෑස් පුදුමයෙන් දැල්වුණි. ‘‘ඔයා........‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 01:16 PM kingDVeteran MemberPosts:3405 04 Mar 2017 09:45 AM ඒක තමා කෝ මේ සදුනි න0ගි... Udeshika HerathVeteran MemberPosts:3960 04 Mar 2017 08:21 AM කතාව දාන්නකො kingDVeteran MemberPosts:3405 04 Mar 2017 06:18 AM පව් බන් මට දුකයි සදා ගැන කොටස් ටික ඔක්කොම කියෙව්වා ..ඉක්මනට දාන්නකො ඉතිරි ටික Ind007kaMost Senior MemberPosts:12931 02 Mar 2017 08:29 PM ඇයි මචො මුනෙ දැලි ගැවද කෙල්ල ? kingDVeteran MemberPosts:3405 02 Mar 2017 07:24 PM සනුහරේ නම රැක ගන්න බැරි උනානේ මේ කෙල්ලට ..අනේ අම්මපා kingDVeteran MemberPosts:3405 27 Feb 2017 02:23 AM Posted By සඳුනි on 22 Jan 2017 03:05 PM ඔහුද මගේ ආදරය බලාපොරොත්තු වන බව කීමට මට සිත් නොවීය. කෙල්ලො කොහොමත් ඔහොම්මමයි...ඩබල් ගේම් ම තමා ගහන්න හදන්නෙ සඳුනිVeteran MemberPosts:2462 24 Feb 2017 11:43 PM හිරුයි තරුයි. තිස්අටවන කොටස. ‘‘ ඇයි නංගී බය වෙලා... අවුලක් නම් කියන්න මම උදව් කරන්නම්.‘‘ මම ඔහු වෙතින් ඉවත් වී පාර දිගේ ගමන් ගත්තෙමී. වරින් වර මම පිටුපස හැරී බලද්දී ඔහුද මාව ලුහුබදින බව මම දුටුවෙමී. ගත පුරා නැංවුන දා බිදු වැගිරිදේදී මම පය ඉක්මන් කර දිගු පියවර තැබුනෙමී. ‘‘නංගී... ඔහොම ඉන්න පොඩ්ඩක්... කොහොද ඔය යන්නේ.‘‘ මම තවත් ගමන ඉක්මන් කළෙමී ඔහුගේ පෙනුම නිසා මට දැනුනේ විශාල බියකී. සෙනග පිරුණු තැන්වල රැදෙමින් මම ඉදිරියට ඇදුනෙමී. ඔහුද මා ලුහුබැදීම නතර නොකළේය. තැනින් තැන නවතිමින් ඔහු ද මා පසුපසම පැමිණියේය. තවත් ඉදිරියට ගමන් කළ නොහැක. ඉදිරියට ඇත්තේ ඝන අන්ධකාරයක් පමනකී. අඩුම තරමින් තාර පාරේ චායාවක් වත් නොපෙනෙන තරම්ය. මම ආපසු හැරී බැලුවෙමී. මට මදක් ඈතින් නතරවුන ඔහු අමුතු සිනවකින් මා දෙස බලා සිටි. එන්න එන්නම නගරයේ ගැවසෙන සෙනග අඩුවෙමින් පවතී. කඩ සාප්පුද එක දෙක වැසෙමින් තිබුණි. මොකද මම කරන්නේ... කාගෙන්ද උදව් ඉල්ලන්නේ.. කොහෙටද මම යන්නේ.. මම අසරණව වට පිටාව පුරා නෙත් යැව්වෙමී. මෙතරම් වෙලා අතේ එල්ලාගෙන් සිටි රෙදී බෑගය මම පපුව තුරුළු කර ගත්තෙමී. එවිට මම දුටුවේ අර පුද්ගලයා කෙමෙන් මා දෙසට ළං වෙන බවයි. තවත් කළ හැකි දෙයක් නැත මම දෑස් පියා ගත්තෙමී. තවත් ඉදිරියට යා නොහැකි නිසා මම පාරෙන් අනෙක් පසට පනින්නට උත්සහ ගත්තෙමි. විශාල වාහන හොන් හඩක් සමග තද ආලෝකයක් එක වරම මුහුණට වැටුණා මතකය. යමක හැපී මම විසිවි වැටුණා මතකය. ඉන් පසු කිසිවක් මා හට සිහි නොතිබුණි. ‘‘හෙලෝ... ඔයාට ඇහෙනවද?... කෝ ඇස් අරින්න .. ‘‘ හිසෙහී දත වේදනාවක් බරක් දැනෙන්නට විය. ආමාරුවේ හැර ගත් ඇස් වලින් මට පෙනුනේ බොදවුණ චායාවන් කීපයක් පමණකී. කවුරුන් හෝ සුදු ඇද ගත් කීපදෙනෙකු මා වටා සිටින බව මට පෙනුනී. ‘‘මිස් ඔයාට කොහොමද?.. කතා කරන්න උත්සහ ගන්න.‘‘ මගේ ළග සිටි අයෙක් මගේ අතින් අල්ලා අත මත ගසා තිබුණ කටුවට සිරින්ජයක ආදාරයෙන් එන්නතක් ළබා දෙන බව මම වටහා ගත්තෙමී. ‘‘මිස්.. කෝ.. ඇස් ඇරලා බලන්න...අපි පේනවද කියන්න.. ඔයාට මොනවද දැනෙන්නේ කියන්න.‘‘ ‘‘ම...ම.. මේ... කො..හෙ..ද ඉන්...නේ..‘‘ වචන කීපය සිරවෙමින් පිට විය. ‘‘හරි හරි මිස් ඔයාට හොදයිද කියන්නකේ දැන්.. ඔයා හොස්පිටල් එකේ ඉන්නේ දැන්.‘‘ මගේ ළග සිටියේ කරුණාබර හෙදවරියකී. ඇගේ ආදර බර ඇමතුම සමග මම ඇය දෙසට හිස හරවන්නට උත්සහ ගත්තෙමී. ‘‘හරි.. හරි දරුවෝ... මහන්සීවෙන්න එපා රෙස්ට් කරන්න... ‘‘ ඇය සමග මම අපහසුවෙන් මහසක් නැගුවෙමී. මට සිදු වූ දෙය දැන ගන්නට මට අවැසී බව ඇයට වැටහෙන්නට ඇත. ‘‘මොකද දරුවෝ බය වෙලා.. ඇය ඔයා කාර් එකට පැන්නේ...‘‘ ‘‘කා...ර්.. එකට පැ..න්නේ.. ම..ම..‘‘ මොක්දද ඒ කතාව.. මම කවද්ද කාර් එකකට පැන්නේ.. ‘‘ඔව් ඔයාව මෙහෙට ගෙනාපූ පිරිමී ළමයා කිව්වා ඔයා එයාගේ කාර් එකට පැනලා ජීවිතේ නැති කර ගන්න උත්සහ කලා කියලා.. ඒත් එයා ඒතරම් වේගෙන් කාර් එක එළවන් ආපු නැති නිසා තමා ඔයා ඔය තරමින් බේරිලා තියෙන්නේ.‘‘ ඒ කියන්නේ මට ඇක්ෂිඩන්ට් එකක් වෙලා. කවුද එතකොට මාව මෙහෙට ගෙනාවේ. මම වට පිට විමසිල්ලෙන් බැලුවෙමී. එය රජයේ රෝහලක් නොවේය. දිනක් මට උණ වැළදුන මොහොතේ අනුහස් සරුත් දිනිදුත් එකතු වී මා රැගෙන ආ පුද්ගලික රෝහලයි. ‘‘මොනවද දරුවෝ වට පිට බල බල කල්පනා කරන්නේ.. ඔයාට වැඩිය කල්පනා කරන්න හොද නෑ.. ඔලුව වැදුන නිසා.. ඔයාව ස්කෑන් එකකට ගන්න තියෙනවා තව ටිකකින්.‘‘ ‘‘ස්කෑන් එකකට.‘‘ ‘‘ඔව් ඇයි..‘‘ ‘‘ඒ..ත්... මගේ අම්මා ආවද?... මගේ කවුරු හරි ආවද?.‘‘ නෑ දරුවෝ.. අම්මා නම් ආවේ නෑ. ඒ වුණාට ඔය දරුවව හොස්පිටල් එකට ගෙනාපු කෙනා ඔයාගේ විස්තර අපිට දුන්නා.. ඔයාගේ අම්මව කන්ටෑක් කර ගන්න බැරි වුණාලු.. ‘‘ඒ වන විට මගේ සිහි මද ගතිය තුරන් වී තිබුණි. ‘‘ඒ කියන්නේ.. මාව මෙහෙට ගෙනාපු පිරිමි ළමයා මාව දන්නවද?.‘‘ ‘‘ඔව් දන්නවා ඇති මිස්ගේ නම සදනී නේද?‘‘ ‘‘ඔව්...‘‘ ‘‘මේ බලන්න ඒ නමින් තමා ඔයාව මෙහෙට ඇඩ්මිට් කලේ.‘‘ ඇය පසෙක තිබූ පයිල් කවරයක් මා වෙත දිග හැරපෙන්වන්න වුවාය. එහි මා රෝහලට ඇතුල් කළ පුද්ගලයා ලෙස නදුන් කුළසූරිය ලෙස නමක් සදහන්ව තිබුණි. එයා කොහොමද මාව දන්නේ.. මම එහෙම කොනක් දන්නේ නැහැනේ. ‘‘එතකොට මගේ බෑග් එක.‘‘මම නැවතත් විමසුවෙමී. ‘‘ඒක එයාලා අරන් ගියා... ‘‘ ‘‘එහෙමද?... අපේ ගෙදරින් ආවේ නැතුවම මෙහේ ගාස්තු ගෙවන්නේ කවුද?. නර් මගේ ඉක්මණට ටිකට් කපන එකක් නැද්ද?.‘‘ මම කළබලයෙන් විමසුවේ ලොකු ගානක් ගෙවීමට තරම් මුදලක් මගේ බැංකු ගිණුම් වලවත් නොතිබූ නිසාවෙමී. කමක් නෑ.. හොද වුණාම මේ මාලේ උගස් කරලා සල්ලී ගෙවනවා..මගේ සේලයින් කටුව සවි කර නොතිබූ අත නිරායාසයෙන්ම ගෙල වෙත ඇදුනී. දිනිදු ගේ ආදරේ මට අහිමි කළ.. ඒ ආදරේ මතක සටහනක් වූ මේ මාලයෙන් මට ඇති පලය කිම. ‘‘නස්.. කෝ මගේ මාලේ... කරාබුත් නෑ.‘‘ මම ඒ අනුව දෙකන්පෙතිද අත ගා බැලුවෙමී. ‘‘අයියෝ දරුවෝ.. මොකද මේ කළබල වෙලා... හොස්පිටල් එකේ ජුවලරීස් දහන් ඉන්න තහනම්.. ඉතිං ඒවා ඔයාගේ යාළුවා අරන් ගියා.‘‘ ‘‘මගේ යාළුවා.. මම නදුන්ව දන්නේ නෑ. මම කොහොමද මෙහෙම ඉදලා බිල ගෙවන්නේ.‘‘ මම හිටියාටත් වඩා අසරණ බවට පත් වී තිබුණි. මම හිස ඔසවන්නට උත්සහ ගත්තෙමී. ඒ සමගම මත දැනුනේ දැඩී වේදනාවකී. මම හිස අත ගා බැලුවේ ඒ මොහොතේදීය. වෙලුම් පටි වලින් මගේ මුළු හිසම ආවරණය කර තිබුනී. මම බියෙන් හෙද නිළධාරිනය දෙස බැලුවෙමී. හිසක් තිබෙවනාද කියාවත් නොදැනුනේ වේදනා නාශක එන්නත් ළබා දෙන නිසා විය යුතුය. තවත් ශරිරය ගැන සැලකිලි මත් වෙද්දී. අතක සහ පාදයක වෙළුම් පටි වලින් ඔතා ප්‍රතිකාර කර ඇති බව දැන ගන්නට හැකි විය. ‘‘අනේ මන්දා මේ දරුවා කළබල වෙනවනේ.. තව ටිකකින් ඒ බෝයි ඔයාව බලන්න එයි අදුරනවද බලන්නකෝ ආවම.‘‘ මම හිස සැලුවෙමී. තවත් කතා කරන්නට ඉඩ නොදුන් ඇය කාමරයෙන් පිටව ගියාය. නිමක් නැති කල්පනාවක වෙලී සිටි මට ඉබේටම නින්ද ගොස් තිබුණි. නැවත මම පිඹිදුනේ ඇසුණ කුඩා සද්දයක් නිසාය. මා අසල සිටගෙන සිටියේ වැදගත් විදියට ඇද පැළද ගත් තරුණ පුද්ගලයෙකී. මම ඔහුගේ මුහුණ දෙස බැලුවෙමී. මම ඔහුව කිසි දිනක දැක නැත. අලංකාරව සකසන ළග රැවුල ඔහුගේ මුහුණට අමතු ආලෝකයක් ගෙන දී තිබුණි. අත් දිග ළා කොළ පැහැ කමිසයක් සහ කළු පැහැ කලසමක් ඇදි ඔහු තද කොළ පැහැයකට හුරු ටයි පටියක්ද පැළද සිටියේය. ‘‘සදනී කොහොමද දැන්.. ලොකු අමාරුවක් නෑ නේද?.‘‘ ඔහුගේ වදන් මා දන්නා හදුනන අයෙකුගේ මෙනි මම පුදුමයෙන් යුතුව ඔහු දෙසම බලා වන්නෙමී. ‘‘ඇයි සදනී බය වෙලා වගේ.. මම කවද කියලද කල්පනා කරන්නේ.‘‘ ‘‘ඔ..ව්... ඔ..යා.. කව්..ද?.‘‘ ‘‘ඔයා මාව දන්නේ නැති වුණාට මම ඔයාව හොදටම දන්නවා.. ඉන්නකෝ තව චුට්ටකින් ඔයාට මම කව්ද කියලා දැන ගන්න පුළුවන්.‘‘ ඔහු පැවසුවේ සිනවකුත් සමගය. ‘‘ඒක නෙමෙයි අපි ඔයාගේ හස්බන්ට කතා කළා.. පණිවිඩෙත් දුන්නා. ඒත් තවම ආවේ නැහැනේ.. අද ඔයාට කන්න දුන්නට කමක් නෑ කිව්වා.. මේක බොමු නේද?.‘‘ ඔහු කවරයක් තුළින් ඔළියට ගත් සුප් එකක තරමක් වක ගැසැනු පීරිසියකට දමන්නට විය. ඉන් පසු හැන්දකුත් අතට ගත් ඔහු මට සුප් එක පෙවීමට උත්සහ ගත්තේය. ‘‘ඉන්න මම බොන්නම්.‘‘ ඔහුට කළින් ඉක්මන් වු මම ඇද වියලට හේත්තු වන්නට උත්සහ ගත්තෙමී.‘‘ ‘‘ආව්....‘‘ නැගින්ට අත ඇද මතට තද කරද්දී මට දැනුනේ තද වේදනාවකි. ඒ සමගම මම නැවතත් ඇද මතටම ඇද වැටුනෙමි. ‘‘මම හිතන්නේ ඔයාගේ අතට මොනවා හරි වෙලා .. ඔයාට ඒ අත පාවිච්චී කරන්න බැරි වෙයි ඉන්නකෝ මම පොවන්නම්.‘‘ එසේ පැවසූ ඔහු මට ඇද වියට හේතුතු වීමට උදව් කළේය . තවත් කිසිතු නොපැවසු මම දැනුන බඩ ගින්න හා පිපාසය නිසාම ඔහු ලෙවු සුප් එක බිව්වෙමී. ‘‘සදා... ඔයාට සිහිය ආවද මගේ කෙල්ලේ.‘‘ එවර ඇසුනේ මට සුපුරුදු හඩකී. මම දොර අසල සිටගෙන සිටි ඇය දැකීමෙන් නෙත් බොද කර ගත්තෙමී. ‘‘සයූ... අනේ සයු.. මට මේ... මොනවද වුනේ සයු..‘‘ මගේ ළගට පැමිණි ඇගේ පපුවේ මුහුණ හොවා ගත් මම කදුළු සැළුවෙමී. ආදරයෙන් මගේ හිස අත ගෑ ඇයද ඉකිබිදින බව මට වැටහුනෙමී. ‘‘මොකද කෙල්ලේ වුනේ.. ඇයි ඔයා නිදුන් අයියගේ කාර් එකට පැන්නේ.‘‘ මගේ මදක් දුරස් වූ ඇය මගේ නෙතට එබෙමින් විමසුවාය. ‘‘කාර් එකට පැන්නේ.. මම කාර් එකට පැන්නේ නෑ.. මම පාරෙන් අනිත් පැත්තට පයින්න හැදුවේ.‘‘ ‘‘පොඩ්ඩක් පාර බලලා පයින්න එපෑ.. අනික ඒ රෑ ඔයා කොහෙද ගියේ.. මට නිපුණි කිව්වා ඔයා මට දවලුත් කොල් කළා කියලා.‘‘ ‘‘ඒක ලොකු කතාවක් බං... නදුන් අයියා කියන්නේ..‘‘ ‘‘ඔව් ඔව් .. මම මැරි කරන්න ඉන්න අයියා.. ඊළග මාසේ අපේ වෙඩින් එක. සැනසුම් සුසුමක් හෙළු මම නැවතත් ඇගේ ළයට තුරුළු වුණෙමී. ‘‘සුප් එක බිව්වා නේද කෙල්ලේ.. ..‘‘ ‘‘ඔව් සයූ මට ඇති.. ඔයාටයි නදුන් අයියටයි හුගක් පිං මාව මෙහෙම බලා ගන්නවට.‘‘ සිත තුළ තෙරපුණ වචන වුනේ කදුළුත් සමගමය. ‘‘හරි දැන් නාඩා හිටපන්කෝ.. ඇයි දිනිදු අයියා ආවේ නැත්තේ.. අපි ආයි කොල් කරමුද?.‘‘ ඇය දුරකථනය අතට ගෙන ඇමතුමක් ගන්නට උත්සහ ගත්තාය. ‘‘එපා බං...‘‘ මම ඇගේ ක්‍රියාව නැවැත්තුවෙමී. ‘‘ඇයි බං‘‘ ඇගේ ඇස් පුදුමයෙන් පිරී තිබුණි.අපි දෙදෙනා මොන තරම් ආදරයෙන් සිටියා දැයි ඇය දනී.. දිනිදු කෙතරම් මා ළං කර ගැනීමට මා පසු පස ආවාදැයි ඇය දනී. දිනිදු කෙරෙහි මගේ හිත පහදන්නට ඇය මුල් වී සිටි බව ඇය දනී. ‘‘දිනිදු අයියා අපි හිතන ජාතියේ මිනිහෙක් නෙමෙයි සයු... මහ ජරා මිනිහෙක්.‘‘ ‘‘ඇයි උඹ එහෙම කියන්නේ.. උඹ එදා රෑ කොහෙද යන්න හැදුවේ.. ‘‘ ඇගේ කුතුහලය තව වැඩි වෙමින් තිබුණි. ‘‘දිනිදු අයියයි , අම්මයි, දෙන්නම එකතු වෙලා මාව ගෙදරින් එළියට දැම්මා.‘‘ ‘‘ඒ මොකද?.. හරි මගුලක්නේ... මොකද්ද උඹ කරපු වරද?. දිනිදුව හොද මිනිහෙක් කරපු එකද? .. ඕනේ වෙනකොට පස්සෙන් ඇවිත් ළං කර ගන්න එපා වෙද්දී අතෑරලා දාන්න.‘‘ ඇගේ සිතට කොපයක් ඇති වී තිබුණි. ‘‘ මම ඒක උඹට හිමිං කියන්නම්.. මගේ අතේ සල්ලී නෑ.. මගේ කරේ තිබුණ මාලේ උගස් කරලා මෙහෙ සල්ලී ගෙවපන්.‘‘ ‘‘පිස්සු නැතුව හිටහන් බං... ඕවා දැන් කතා කරන්න ඕන ඒවා නෙමෙයි.. උඹට ලොකු අමාරුවක් නෑ නේද?.‘‘ ඇය කරුණාවෙන් විමසුවාය. ‘‘දැන් මට හොදයි බං.‘‘ ‘‘බය වුණා සිහිය ආවේ නැතුවම.‘‘ ඇය පැවසුවේ කෑම ගෙනා භාජන නැවත කවරය තුළ අසුරමිණි. මා වෙනුවෙන් ගෙන ආ කෑම පළතුරු ඇද අසල තිබූ කබඩ් එක තුළ ඇසිරුවාය. මට මං ගැනම දැනුනේ ලොකු අසරන කමකි. මම නිහඩවම බලා වුනෙමී. ‘‘අපි අම්මට කියන්නේ කොහොමද උඹලා ගෙදරට ගිහින් කියන්නද?.‘‘ ‘‘වැඩක් නෑ බං අම්මා මාරුවක් හදන් ගමට ගියා.. අම්මට කියන්න ඕනේ නෑ.‘‘ මම නැවත ඇද මත හාන්සි වුනෙමී. ‘‘ඔබ මොකද්ද කරන්න හදන්නේ.. ආපහු දිනිදු ගාවට යනවද?.‘‘ ‘‘නෑ.. මට උදව් කරපන් තනියෙන් නැගිටින්න... ඌg වෙන ගෑනියෙක් ඉන්නවා.. මතක් කරන්න එපා ඒකව.. උඹ දන්නේ නෑ මට කරපු බලු වැඩ.‘‘ ‘‘ගෑණියෙක් ඉන්නවා..‘‘ ‘‘ඔව්...‘‘ ‘‘මගුලටද එහෙනම් උබව අමාරුවේ දැම්මේ.‘‘ ඇයගේ කෝපය තව තව වැඩි විය. අපේ කතා බහට හවුල් නොවුණ නදුන්.. පසෙක වු අසුනෙක අසුන් ගෙන සිටියේය. ‘‘හරි බං අපි බලමුකෝ උඹට සනීප වුණාම.. උඹ බය වෙන්න එපා මම ඉන්නවා උඹට. ඒත් මම හිතුවේ නෑ.. දිනිදු ඔය තරම් බලු මිනිහෙක් කියලා.. එතකොට අනුහස් සර්ලා මොකද කියන්නේ.‘‘ ඇයට සිල්ලම සාධාරණයට ඉටු කරණ සාධාරන පුද්ගලයෙකු ලෙස හදුනා ගත් අනුහස් ගැන පුදුමයක් ඇති වී තිබුණි. ‘‘සේරම එකයි බං.. එයාලත් මේක දැනන් ඉන්න ඇත්තේ.. සේරම එකතු වෙලා මම අමාරුවේ දැම්මා. අර අහිංසකයට රස්සාවත් නැති වුණා.‘‘ ‘‘මටත් චාරුක දවසක් හම්බෙලා මොනවද කියන්න හැදුවා.. උඹ දිනිදුව මැරි කළා කිව්වම ඒක කිව්වේ නෑ.‘‘ ‘‘අපිට මේ මිස්ව ස්කෑන් එකට ගන්න වෙනවා.‘‘ කාමරයට ඇතුල් වූ හෙදියක් පවසද්දී අපි සියල්ලන්ම ඇය දෙස බැලුවෙමු. ‘‘හා.. එක්ක යන්න.. අපි එහෙනම් හවස එන්නම් කෙල්ලී.‘‘ ‘‘සදනී අපි ගිහින් එන්නම්..‘‘ එලෙස පැවසූ ඔවුන් දෙදෙනා පිටව ගියේය. ‘‘මිස් තාම ඇදෙන් බැස්සේ නෑ නේද?.. අපි විල්චෙයා එකක් ගෙන්නම්.‘‘ ඇය නැවත පිටව ගියාය. මොහොතකට පසු රෝද පුටුවක්ද තල්ලූ කරගෙන පැමිණි ඔවුන් මා එහි හිදුවාගෙන රැගෙන ගියේය. ඒ පරික්ෂනයෙන් පසු නැවත ඇදට ගෙනත් දැමු ඔවුන් පැවසුවේ . හෙට රිපෝට් ආවම ඒවා අවුලක් නැත්තම් මිස්ගේ ටිකට් කපාවී.. ඒත් පොළිසිය කට උත්තර දෙන්න වෙයි.. යනුනෙනී. මම ඒ මන්දැයි දනිමී. පාර නොබලා කළබලයට පැන්නත් එය මම දිවි නසා ගන්නට කළ දෙයක් මෙනී. කහ ඉරකින් වත් නොපැන්න නිසා වරද කොහොමත් මගේය. නදුන් යමු සයුමිගේ අනාගත ස්වාමී පුර්ෂයාය. මට උපකාර කරන ඔවුන්ට මම උපකාර කළ යුතුමය. මම වරද පිළිගන්නට තීරණ කලෙමී. සිතා ගත් අයුරින්ම මම පොළිස් නිළධාරින්ට කට උත්තර දුන්නේ.. මම දිවි නසා ගන්නට උත්සහ ගත්තා ලෙස පිළිගනිමිනි. ඒ නිසා නදුන් පිට කිසිදු වරදක් නොඒම ගැන මම සතුටු වුනෙමී. ‘‘ඒ පිස්සු කෙල්ල.. මොකද වරද භාර ගත්තේ.‘‘ සයුමී මට දොස් නැගුවාය. ‘‘නැතුව උඹ කියන්නේ.. නදුන් අයියව අල්ලා දෙන්න කියලද?.‘‘ මම පුදුමයෙන් විමසුවෙමී. ‘‘නෑ ඇත්ත කියන්න එපෑ.‘‘ ‘‘ඇත්ත කිව්වට පිළිගන්නවද බං.. අපි අර මිනිහව ආයි කොහෙන් හොයන්ද?.‘‘ ‘‘ඒකත් ඇත්ත නේද බං.‘‘ සයුමී ලොකු සුසුමක් පිට කළාය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 24 Feb 2017 11:38 PM chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2017 05:00 PM කවුද ඒ නපුර පුද්ගලයා.... සඳුනිVeteran MemberPosts:2462 23 Feb 2017 07:36 AM හිරුයි තරුයි. තිස්හත්වන කොටස. ‘‘මොකද්ද සදනී දූ.....‘‘ හදිසියේ සිතට ඇතුල් වු සිතුවිල්ලක් වචන කරන්නට මම උත්සහ ගත්තෙමී. ‘‘අම්මේ දිනිදු අයියාට කලින් වෙන කෙල්ලෙක් එහෙම හිටියද?‘‘ මදකට වැඩ නතර කළ මම ඇය අසල තිබු පුටුවක් ඇද වාඩි වුයෙමී. ඒ වචන පෙළ ඇසෙනවාත් සමග ඇගේ නෙත් පවා බියෙන් ගැස්සුන අයුරු මම හොදින්ම දුටුවෙමී. මම ඇය දෙස කෙළින් බලා වුනනේ ඇගෙන් ඇත්ත දැන ගැනීට මට අත්යවශ්යකාරණක් නිසා වෙනී. ‘‘ඇයි දුව එහෙම ඇහුවේ... මොකක් හරි අවුලක් වුණාද?.‘‘ ගිලගන්නට බැරිව මග තැවතුන කෙළ බිද අමාරුවෙන් ගිළ ගත් ඇය තවත් ප්‍රශ්නයකින් පිළිතුරු දුන්නාය. ‘‘නෑ... අම්මේ නිකන්.. ඕවා මොනවද?... හැම කොල්ලටම කෙල්ලේ ඕනි තරම් ඉන්නේ.. මම හිතුවා දිනිදු අයියටත් කලින් කෙල්ලෝ ඉන්න ඇති කියලා.‘‘ මම නැවත පුටුවෙන් නැගි සිටියේ එය එතරම් සිතිය යුතු කාරණයක් නොවන බව ඇයට ඇගවීමටයි. මම මෙය විමසු බව දිනිදු දැන ගත්ත හොත් ඔහු මා රිදවන්නට දෙයක් කරන බව මම දැන වුන්නෙමී. ‘‘කලින් නම් හුටපටයක් තිබ්බා මයේ හිතේ.. ඒක එයාටමයි නවත්තන්න ඕනී වෙලා තිබුනේ.. ඒවා දැන් කොයි කාලෙද?‘‘ ‘‘ඒක ඇත්ත අම්මේ.‘‘ ඇය කියු දෙයින් මගේ හිතට අමුත්තක් නොදැනුනා සේ මම පැවසුවෙමී. ඒ කියන්නේ අම්මලත් දන්නවා ඒ කෙල්ල ගැන... මෙයාලා ඒ කෙල්ලට අකමැති වුණ නිසා තමා දිනිදු අයියා මාව මේ කරදර ගොඩට ඇදලා ගන්න ඇත්තේ. අනුහස් සර් කිව්වේ නම් කොහොමද අපේ මල්ලී පංතියේ කෙල්ලෝ එක්කවත් යාළු කම් පවත්වන්නේ නෑ කියලා.. දැන් කොහොමද ඇත්ත තත්වේ. බලන් ගියාම හැමෝම මාව රවට්ටලා. මාව අමාරුවේ දාලා එයාලා සතුටුන් ඉන්නවා. ‘‘මොනවද කල්පනා කරන්නේ සදනී දූ...‘‘ ‘‘අනේ මොකුත් නෑ අම්මේ... අම්මගේ කොන්ද රිදෙනවා කිව්වා නේද යමු බාම් ටිකක් ගාන්න.. ගලා අම්මා ටිකක් නිදා ගන්න මම රෑට උයන්නම් . උයන්නට සිටි මෙහෙකාරයද නිවාඩු ගෙන තිබු නිසා ගෙදර සියලු කටයුතු මා පිට පැවරී තිබුණි. නමුත් නිදහසේ සිතීමට හුගක් දේ ඉතිරිව තිබෙන නිසා මම ඇගෙන් දුරස් වන්නට උත්සහ ගත්තෙමී. එදින රාත්‍රියේද දිනිදු නිවසට නොපැමිණියේය. නමුත් වෙනදා ඔහුගේ නොපැමිණිමෙන් මම ලබන සැනසීම අද මට උරුම වි නොතිබුණි. කෙසේ නමුත් තමාගේ ස්වාමියා වෙනත් ගැහැණියක් ඇසුරේ නොවෙද එය මගේ හද දවා ලන හැගුම විය. ඒ සමගම අම්මාගේ දුරස් විමත් දරා ගන්නට මට සිදූ වි තිබුණි. පසු දින දිනිදු නිවසට පැමිණියේද බොහොම රැ බෝ විය. අම්මා දිනිදුට යමක් පවසන්නට ඇත. ඔහු නිදි යහන ආවේ කේන්තියෙන් පුරවා ගත් සිතත් සමගය. ‘‘උඹට මම කියන දේ තේරෙන්නෑ නේද?.. බලපංකෝ මම උබට කරන දේ.. උබට මම කියලනේ ගියේ මගේ කෙල්ල ළගට යන්නේ කියලා ...අම්මාගෙන් අහන්න ගියේ මොකද?.. උඹ ඒ මනුස්සයාගේ දුකත් වැඩි කරනවා.‘‘ ඔහුගේ කතාව සමුපූර්ණයෙන්ම ආත්මාර්ථකාමි විය. මිනිසුන්ට මෙතරම් ආත්මාර්ථකාමී විය හැකිද? මට වටහා ගත නොහැකිය. ‘‘කතා කරපන් දැන් කට වැහිලද?‘‘ ඔහුට පිටු පා නිහඩව කදුළු සලමින් සිටි මාව ඔහු එක වරම ඔහු ගේ පැත්තට ඇද ගත්තේය. ‘‘ඔයා ඔය අම්මා ගැන හිතන අනුකම්පාවෙන් වත් ... පොඩ්ඩක් මං ගැන හිතන්න බැරි ඇයි.‘‘ මම වේදනාවෙන් ඔහු දෙස බැලුවෙමී. ‘‘හරි උඹ මොනවද මට දැන් කරන්න කියන්නේ.‘‘ ‘‘මොකුත් එපා මාව නිදහස් කරන්න.‘‘ මම ඔහුට ආයාචනා කලෙමී. එවර ඔහු නිහඩ විය අනෙක් පසට හැරුණු ඔහු නිදි බවක් ඇගෙව්වේය. සුපුරුදු පරිදී හිමිදිරියෙන් අවදී වු මම උදෑසන ආහාරය සූදානම් කිරීම ආරම්භ කලෙමි. වෙනිදාට මම උයන්නට සූදානම් වන විට අම්මාද මුළුතැන් ගෙට ඒමට හුරු වී තිබුණි. අද ඇයගේ නොපැමිණිමෙන් අඩුවක් දැනුනත් , මම තනිවම කෑම පිසුවෙමී. කෑම පාර්සල් කොට කාර් රථය තුළට දැමූ මම උදේ ආහාරය සදහා කෑම මේසයද පිළියෙල කළෙමී. උදේ ආහාරය ගැනීමට නොපැමිණි දිනිදු මට නොපවසාම පිටව ගොස් තිබුණි. සියල්ලම සිදු වන්නේ සිත පෑරෙන අයුරින් වුවත් ඒ දුක අමතක කරන්නට උත්සහ ගත් මම නිවසේ වැඩ සියල්ල ඉටු කලෙමි. ගෙවල් මිදුල් අස් කර අතු ගා පිළවෙල කල මම රෙදි සෝදා නා ගත්තෙමී. ඉන් පසු මදක් වීවේක ගන්නට සිතු මම ආලින්දයට ආවේ අම්මා උදේ අහාරය ගෙන ඇති බව දැක කෑම මේසයෙන් කෑම ද ඉවත් කිරීමෙන් පසුවය. ‘‘ආ නෝනා හාමූ... වැඩ ඉවරද?.‘‘ මට පසෙකින් ඇසුණ හඩින් මම තිගැස්සුනෙමී. ‘‘ඇයි අම්මේ එහෙම කියන්නේ.‘‘ මම අසුනින් නැගී ඈ වෙත දිව ගියේ ඇය අමාරුවෙන් මෙන් ඇවිද ආ නිසාය. ‘‘අල්ලන්න එපා මාව.. මගේ කොල්ලගේ ජීවිතේම කෑව අම්මණ්ඩී... නටන්න තියෙන සේරම නටලා මගේ කොල්ලගේ ඇගේ එල්ලුනා.‘‘ ඇගේ කෑ මොර දීමත් සමග මම පසෙනට විසි වුනෙමී. මගේ ජීවිත කාලයට ඇය මට එලෙස අමතාවි යැයි මම සිහිනයෙන් වත් නොහිතුවෙමී. දැඩී වේදනාව සමග හදවත ඇවිලී ගිය මම අසුනක් මත වාඩී වුයේ ඉබේටමය. ‘‘එදා අර රෙද්ද දැකලත් මම උඹව විශ්වාස කළා.. බෝ පැළේ වගේ ඉන්න නිසා... සද්ද නැතුව හිටියට උඹ මහ බලු ගෑනීයක්නේ.. පට්ට.. වේ...... පල යන්න මෙහෙන්.. මගේ කොල්ලට තෝ වගේ ගෑනු ඕනේ නෑ.‘‘ මම හිස බදාගෙන ඇඩුවෙමී .එතනින් එහාට කිරීමට හැකි දෙයක් මට නොවීය. දැන් සිදුව ඇති දේ මට පැහැදිලිය. මගේ නෙත රැවටු ඒ චායාරුව විශ්වාස නොකරන්න යැයි මට ඇයට කිව නොහැකිය. ‘‘මොකද දැන් තෝ අඩන්නේ.‘‘ ‘‘අම්මා දන්නේ නෑ අම්මේ ඇත්ත කතාව.‘‘ ‘‘මීටත් වඩා දැන ගන්න දේවල් තියෙද උඹ කියන්නේ.. මට වෙන මොකුත් අහන්න ඕනේ නෑ පලයන් යන්න මෙහෙන් පිට වෙලා.‘‘ ඇගේ කේන්තිය සාධාරන විය යුතුය. නමුත් මම කියා මොනවා කරන්නද මෙය බොරුවක් බව ඇයට ඔප්පු කිරීමට මට නොහැකිය. මම කාමරයට දිව ගොස් අල්මාරිය ඇවිස්සුවෙමී. විවාහය දවසට පසු දා ඇද ඇතිරිල්ල මත තැබී පිරිසිදු බවේ සංකේතය රැගෙන මම ඇය වෙත ගියෙමී. ‘‘මොකද්ද ඔය ..‘‘ ‘‘මේක දිගෑරලා බලන්න අම්මේ.. පලවෙනී දවසේ ඔප්පු වුනේ නෑ කියන එක.‘‘ ‘‘පල යන්න බැල්ලී... උඹ කියන්නේ.. මගේ කොල්ලට ඒකට වත් පණක් නෑ කියලද?. තෝ නම් මොන ජාතියෙද මන්දා.. උඹ නටලා තියෙන උන්ට තරම් මගේ කොල්ලට විසේ නැති හින්දා වෙන්න ඇති ඔහොම කියන්නේ..‘‘ ‘‘අනේ අම්මේ මම කියන දේ පොඩ්ඩක් අහන්න.‘‘ ‘‘මොනවා අහන්ද?... මේක උඹ වෙන කොහෙන් හරි අරන් ගාපූ ලේ පැල්ලමක් වෙන්න ඇති. ‘‘ ඇය මගේ අතින් උදුරා ගත් ඇද ඇතිරිල්ල විසි කර දැම්වාය. ‘‘පලයං යන්න මෙහෙන්.. ඔය කිඹුල් කදුළු මට පෙන්න පෙන්න ඉන්නේ නැතුව. උබව දකින්නවත් මම ආද නෑ.‘‘ ‘‘අනේ අම්මේ... ‘‘ මම ඇගේ දෙපා මුළ ඇද වැටී ඇඩුවෙමී. යන්නට සැරසුණු ඇගේ කකුළක් බදාගෙන මම හැඩුවෙමී. ‘‘පලං යන්න මගේ මැරුම් නොකා.‘‘ ‘‘මම කොහෙ යන්නද අම්මේ... මගේ අම්මත් නෑ දැන්..‘‘ ‘‘පලයං .. ඒ බංගලාවේ තනියෙන් හිටපන්.‘‘ ඇගේ වදන් වල කිසිම අනුකම්පාවක් නොවුවාය. ඇගේ දබර කිරීම් ඉවසා සිටිය නොහැකි තැන මම ඇදුම් කීපයක්ද බෑගයකට දමාගෙන නිවසෙන් පිට වුනෙමී. මම දැන් කොහේ යන්න දැයි සිතා ගත නොහැකිය හඩමින් ඉදිරියට ඇදුණු මම කෙලවරක් නොපෙනෙ ගමනක් ඇරඹුවෙමී. උදේ ආහාරයවත් ගෙන නොසිටි මම ගිනි අව්වෙන් පීඩා විදිමින් ඇවිද ගියෙමී. වරක වෙන දෙයක් වන්නට අම්මා ළගට යන්න සිතුවෙමී. නැවතත් සිතුවේ අම්මා ළගය ගියොත් හැමෝම අම්මට හිනා වෙයි.. ඔය කරගත්තේ පෝසත් පවුල් වලට දුව දෙන්න ගිහින් කියලා.. බෑ ගමට යන්න බෑ. අම්මට කෝල් කරන්න විදියකුත් නෑ.. ගමේ තැපැල් කන්තෝරුවටනේ ගන්න වෙන්නේ... අනුහස් සර්.. සර්ට කියලත් වැඩක් නෑ.. උන් සේරම දැන දැන දිනිදුව මට බැන්දුවේ.. මගේ ජීවිතේ විනාශ කළා.. අන්තිමට මාව පාරට ඇදලා දැම්මා. සිතට දැනුන වේදනාවත් සමග ගතට දැනුනේ ඊටත් වැඩි වේදනාවකී. තවත් ටික දුරක් ඇවිද ගිය මම බස් නැවතුමක් මත වාඩී වුනෙමී. අව්ව නිසාදෝ දැනුන දැඩී පිපාසය දරා සිටින්නට අපහසු තරම් විය. කදුලින් පෙගුණු නෙත් සහිතව කඩයකට ගොඩ වීමටද මට බයක් දැනුනෙමී. බිමට පහත් කර ගත් මුහුණින් මම තව තවත් කල්පනා කලේ මම කොහොද යන්නේ... මගේ ළග සල්ලිත් නෑ.. බැංකු පොතවත් ගේන්න බැරි වුණානේ... වැඩි දුරක් යන්න සල්ලී මදී... ආපහු ගෙදර යන්නත් බෑ.. මගේ ගෙදරට යන්නත් බෑ. මම කොහෙද දෙයියනේ ... යන්නේ.. මොකද්ද මේ මට වුනේ. මම පැය කීපයක්ම ඒ බස් නැවතුම මත වාඩි වී නිකරුනේ බලා වුන්නේමී. බස් නැවතුමට පැමිණි සියල්ලන් විනාඩි කීපයෙන් බස් රථ වල නැගී පිටව ගියේය. මටත් එලෙස යාමට අවශ්‍යය නමුත් යාමට කියා තැනක් මට නොමැත. සයුමි .. සයුමිට කතා කරලා බලනවා.. එයා මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ.. සයුමී මට උදව් කරයි. මේ දුකෙන් මිදිලා ටිකක් මම හිත හදා ගන්නකන් වත් ඉන්න තැනක් තිබ්බා නම්. කදුළු පිස දා ගත් මම කඩයකට පිවිසුනෙමී. ‘‘ආන්ටී මට කොල් එකක් ගන්න පුළුවන්ද?.‘‘ දිනිදු සමග විවාහා වු දා සිට මගේ සියලු අයිතිවාසිකම් නැති වී ඇති බව හැගෙන්නේ මට දැන්ය. ඔහුගේ කීමට රැකීයව අත්හල මම මගේ යහළුවන්ද අත්හලෙමී. ගෙදර පොන් එකක් තියෙන කතා කරන්න පැවසූ ඔහු.. අනුහස් සර් ලබා දුන් දුරකථනයද විකුණා දැමුවේය. මම ඉතිං කාට කතා කරන්නද සිතු මම එයටත් එකග වුනෙමී. ඔහු වෙනුවෙන් සියළු කැපවිම් කළ මම විවාහ දිවියට මාසයක් සපිරෙද්දී පාරට ඇද වැටී තිබුණි. මම ජීවිත කාලය පුරා නොලද පමණේ වේදනාවක් ඒ මාසය තුළ ,දවස් තිහ තුළ වින්දෙමී. ඒ දුක් විද ගත්තේ මම දැයි වරක මට සිතෙයි. ඒ තරමටම ඒ වේදනාකාරීය. අසාධාරනය. ‘‘ආ.. හරි ගන්න පුතේ....‘‘ ඇය සමග මද සිනහවක් පෑ මම කුටිය තුළට පිවිසී ඇමතුමක් ගත්තෙමී. මද වෙලාවක් ගත වන විට අනෙක් පසෙන් පිළිතුරු දුන්නේ මගේ සිතට මද ඇසිල්ලක් ලබා දෙමිණි. ‘‘හෙලෝව්... සයුමී... මම සදා..‘‘ ‘‘අනේ සොරී.. මම සයුමී නම් නෙමෙයි. නිපුනී.‘‘ අනෙක් පසෙන් පැවසූ දෙයින් මගේ සිත කැළඹී ගියාය. නම්බර් එක හරිනේ.. එහෙම වෙන්නේ කොහොමද?. ‘‘එතකොට ඔහේ සයුමි කියලා කෙනෙක් නැද්ද?.‘‘ ‘‘ඉන්නවා ඉන්නවා.. එයාට අද පෝන් එක බැරි වෙලා ගිහින්.‘‘ ‘‘අනේ එහෙමද?... මට එයාගේ ඔපිස් එකේ නම්බර් එකක් ගන්න බැරිද?.. මම අසරණව විමසුවෙමී. ‘‘අනේ මගේ ළග නෑ එයාගේ ඔපිස් එකේ නම්බර්.. මොකද්ද පණිවිඩේ.. මම කියන්නම්.. නැත්තම් හවස ආපු ගමන් ගන්න කියන්නම්.‘‘ ‘‘එපා එපා.. මම ගන්නම්.. හවස කීයයටද එයා එන්නේ.‘‘ ඇය ඇමතුම් ගන්නා තුරු එතනට වී සිටිය නොහැකී නිසාවෙන් මම විමසුවෙමී. ‘‘පහයි තිහ හය වෙද්දී එයි.‘‘ ‘‘සයු තාම බෝඩ් වෙලා නේද ඉන්නේ.‘‘ ‘‘ඔව් .. ඔව්...‘‘ ‘‘මට බෝඩිමට එන්න පාර කියනවද?.‘‘ ‘‘අනේ ඒක නම් මට කරන්න බෑ... කවුද දන්නේ ඔයා සයුමිගේ යාළුවෙක්ද කියලා.‘‘ ‘‘මම සදනී.. මං ගැන කියලා නැද්ද ඔයාට.‘‘ මම තවත් අසරණ වුයෙමී. ‘‘නම නම් හොදටම පුරුදුයි.. මම දන්න සදනිමද දන්නේ නෑ...‘‘ ‘‘ප්ලීස් මට පාර කියන්න... ඒක ලොකු උදව්වක්...මම ඔහෙට එන්නම් ආවම විස්තර කියන්නම්.‘‘ එවර අනෙක් පසින් ඇමතුම විසන්දී විය. තිබ්බා නේද?. ඉක්මන් වුණා වැඩිද මන්දා.. පොන් එක ඕප් කරලා දාලා.. ෂික්... මොකද දැන් කරන්නේ.. තවත් ඇමතුම් කීපයක් ගත් මම ඉන් පිටතට ආවේ ඒ වැඩෙත් අසාර්ථක වීම නිසා ළද සිත් තැවුලෙන් යුතුවය. මොකද මම දැන් කරන්නේ.. වෙන උදව් ඉල්ලන යාළුවෙකුත් නෑ.. දැන් හවස් වෙන්නත් කිට්ටුයි... යන්න තැනක් නැති වුනොත් මම කොහෙද ඉන්නේ.. මොකද්ද දෙවියනේ මම මේ තරම් කරලා තියෙන පව... දහසක් වේදනා වලින් සිත ලත වෙද්දී මම කුඩා අවන්හලකට ගොඩ වැදුනෙමී. කිසිම ආහාරයක් ගැනීමට සිතේ පිරියක් නොවුනත් ගතේ ශක්තිය රදවා ගත යුතුය. කෙසේ හෝ මම ආරක්ෂාවක්... නවාතැනක්... සොයා ගත යුතුය. කුඩා රවුම් මේසයක් අසල වාඩී වුන මම නිසොල්මනේ බලා වුන්නෙමී. ‘‘මිස් මොනවද ඕනේ..‘‘ ‘‘හලෝ මිස් මොනද ඕනේ.‘‘ ‘‘ආහ්... මට ප්‍රේස් ජුස් එකක් දෙන්න...‘‘ කුඩා අවන් හල තුල වුන් එකම සේවකයා ඔහු විය යුතුය. ඔහුගේ හඩින් සිහි එළවා ගත් මම පැවසුවේමි. මගේ තැතිගැන්ම තේරුම් ගත් නිසාදෝ වෙන කිසිත් නොවිමිසු ඔහු එතෙනින් පිටත්වී ගියේය. අවන්හලේ අනෙත් මේස වටා එක් වුණ පිරිස් තම පාඩුවේ ආහාර ගනිමින් සිටියහ. කොනක වු මේසයක් වටා පෙම් යුවලක් වාඩී වී සිටිනු මම දුටුවෙමී. ඔවුන් දැකීමෙන් මට දිනිදුත් මාත් මොන තරම් සතුටින් මේ විදියට හමු වී ඇත්ද? අපි දෙන්නා ඒ කාලේ මොන තරම් ළගද? එයාට මාව නැතුව බෑ ඒ දවස් වල... එපා කියද්දී මාව එක්ක යන්න එනවා.. එහෙම හිටිය ඔයාද අද මට මෙහෙම කරන්නේ.. අද මම කාත් කරවුරුවක් නැති හිගන්නියක් ගානට වැටිලා. ඔයා එක්ක ආදරෙන් රෙස්ට්ටුරෙන්ට් වල හොටෙල්ස් වල කෑම ගත්තු මම අද තනියෙන් මේ පුංචී කඩේක තනියෙම ඉන්නවා.. මට සැප සම්පත් එපා.. ඇයි මට ඒ කාලේ.. ආ..යෙත් දෙන්න බැරි. ‘‘ආ.. මිස්...‘‘ ‘‘අහ්.. තෑන්ක්ස්.‘‘ මම ඔහුට මද සිනහවක් පෑවෙමී. බීම එක පානයෙන් පසුත් මම එතනින් නිග්ම නොගියෙමි.. මට යාමට තැනක් නොවීය. කීපවරක්ම අවන්හගේ සිටි පුද්ගලයා මා දෙස බැලුවද මම පිට නොවන්නේ මන්දදැයි නොවිසුවේය. මගේ වේදනාව තේරුම් ගත් නිසාදෝ ඔහු මට ඉන්නට ඉඩ හැරියාය. ‘‘මිස්.. ප්‍රශ්නයකද ඉන්නේ.. අපි අදුරන්නේ නැහැනේ.. ඒත් මිස් අවුලක වගේ. තව ටිකෙන් අපේ අම්මා එයි .. මිස් ඉන්න අම්මා එනකන්.‘‘ මා වෙනුවෙන් ඔහුගේ විමසීම ගැන මට ඇති වුයේ මහත් සොම්නසකි. ඔහු දෙස නැවතත් මද සිනාවක් නැගු මම තනිවම කල්පනා කරන්න වුනෙමී. මම තනි වෙලා කියලා දැනිලද මෙයාට තේරිලා වගේ.. මම අර තරම් විශ්වාස කරපු මිනිස්සු මම මෙහෙම රවට්ටද්දී මම කොහොමද? අදම දැකපු මේ මිනිස්සුන්ව විශ්වාස කන්නේ. කිවක් නොපැවසූ මම නිහඩවම කුඩා අවන්හලෙන් පිට වුනේ මගේ කුඩා රෙදි බෑගයද අතැතිවය. නැවතත් දුරකථන කුටියට ගිය මම සයුමිට ඇමතුමක් ගත්තෙමී. එවර ඉන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. සෑදෑ කරුවල සතර වටින් වැටෙමින් තිබුනී. තැනින් තැන වීදී ලාම්පු දැල්වෙන්නටද පටන් ගෙන තිබුණි. අනේ මගේ අම්මේ.. මම අසරණ වෙලා.. මාව මේ දේවල් වලින් බේර ගන්න මගේ අම්මේ. නැවත බස් නැවතුමට ගොඩ වැදුණු මම අදුරු මුල්ලකට ගුලි වුනෙමී. තවත් සගවා තබා ගත නොහැකි වු වේදනාව තනි කම කදුළු වී ගලන්නට විය. උලපත්ක් මෙන් පිසින්නට පිසින්නට කදුළු ඉනුවේය. මම හැඩුවෙමී. එතනින් ගමන් ගත් කීපදෙනෙක්ම මා දෙස බැලුවේ පුදුමයෙන් යුතුවය. මම ඔවුන් දෙස හිස ඔසවා නොබැලුවෙමී. ‘‘මොකද නංගී ගෙදර යන්නේ නැද්ද?‘‘ මටත් නොදැනීම බොහෝ සෙයින් රෑ වී තිබුණි. මම හිස ඔසවා බද්දී මා ඉදිරිපිට රැදී වුන්නේ හැඩි දැඩි නපුර පෙනුමැති පුද්ගලයෙකී. මම ක්ෂණිකවම බංකුවෙන් නැගී වුන්නෙමී. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 23 Feb 2017 07:33 AM සඳුනිVeteran MemberPosts:2462 23 Feb 2017 07:32 AM හිරුයි තරුයි. තිස්හයවන කොටස. කාර් රථය පණ ගන්වා ගත් ඔහු විශාල ගේට්ටුවෙන් පිටව ගියේය. පැය භාගයකට පමණ පසු සියලු දෙනාම රැගෙන ඔහු ආපසු පැමියේය. ‘‘සදා... එන්න.. මෙන්න අම්මලා ආවා.‘‘ ‘‘අම්මේ... ‘‘ ඇය දුටු විගසම මම තුරුලට වැදුනෙමී.ඇය හා පැවසීමට මට දහසකුත් දේ ඇත. නමුත් මට ඈ සමග කිසිවක් කිව නොහැකිය. මා වෙනුවෙන්ම කැපවු උත්තරීතර මව් සෙනෙහස පෑරවීමට මට නොහැකිය. ‘‘අම්මලට පොඩ්ඩක් හුස්මක් කටක් ගන්න දෙන්න සදා... දිනිදු මට නෝක්කාඩු කිව්වේය. අම්මාගෙන් මිදුනු මම ආච්චිගේත් නැන්දාගෙත් දෙපා නැමද පිළි ගත්තෙමි. නිවස ඇතුල් වූ මොහොතේ සිට නැන්දාගේත් ආච්චිගෙත් නෙත් නිවස පුරා දුවනු මම දුටුවෙමු. මම මෙතරම් වත් පොහොසත් කම් ඇති තැනකට විවාහා කර දීම පිළිබද ඔවුන්ට තිබුනේ ආඩම්බරයකී. සුව පහසු සැප සම්පත් ඇති තැනක මම සිත් වේදනා විදිමින් ජීවත් වන බව ඔවුන් නොදනී. ‘‘අනේ නංගියේ මම මේ කුස්සියේ පොඩී වැඩක හිර වෙලා හිටියේ.. දාලා එන්න බැරුව හිටියේ.‘‘ සිනාමුසු මුහුණින් ඉදිරියට පැමිණි දිනිදුගේ අම්මාද කතා බහට එක විය. ඒ අතර තුර මම මුළුතැන් ගෙය තුළට වැදී තේ මේසයක් පිළියෙල කලෙමී. මගේ පසු පසින් පැමිණි දිනිදු කවදාවත් නැතිව තේ මේසය පිළියෙල කරන්නට සහය දුන්නේය. ‘‘සදා... මෙහෙම හොදයි නේද?.‘‘ කේක්, කෙසෙල්, වැලිතලප තවත් කැවිළි රාශියක් ඇසුරූ පීරිසී කීපය රව්මට තාබා තිබූ ඔහු ...මා දෙස බලා සිටියේ මගේන් පැසසුමක් ලැබෙන තුරු විය යුතුය. ‘‘ආ... එහෙම හොදයි දිනිදු අයියේ... මම සෝදා ගත් පීරීසී කොප්ප බන්දේසීය මත අසුරමින් පැවසුවෙමී. ‘‘හරි නරකයි ඔයා... මම පුදුමයෙන් යුතුව හිස ඔසවා බැලුවෙමී. ‘‘ඇයි දිනිදු අයියේ...‘‘ ‘‘බැලුවෙත් නෑ... බොරුවට හොදයි කියනවා.‘‘ ඔහු කුඩා දරුවෙකු මෙන් මුහුණ ඇඹුල් කර ගනිද්දී... සිත තුළට කාන්දූ වී තිබුණ සොම්නස තව තව වැඩි වෙන්න විය. ‘‘අනේ නෑ... ඔයා දැක්කේ නැතුවට මම බලලා කිව්වේ... මේ තියෙන්නේ ලස්සනට. කොහොමත් ඔයාගේ වැඩ පිළිවෙලයි මට වඩා.. මම දැක්කනේ මම එන්න කලින් කාමරේ... තියන් තිබුණු පිළිවෙල.‘‘ ඔහු එයට මදක් සිනා වුණා පමණකී. ‘‘අම්මලට එන්න කියන්නද?.‘‘ ‘‘හා දිනිදු අයියේ... එක්කන් එන්නකෝ.‘‘ ඔහු ඒ වෙන විටත් මුළුතැන්ගෙයින් ආලින්දය වෙත යැවෙන කොරිඩෝව මතට පියමන් කර අවසන්ය. අද නම් පුදුමම දවසක්.... දිනිදු අයියා අද ඇත්තටම වෙනස් වෙලාද?... අනේ මන්දා බයත් දැනෙනවා... මහ කුණාටුවකට කලින් පරිසරයත් මෙහෙම තමා... මම නිරායාසයෙන්ම ලොකු සුසුමක් පිට කලෙමී. මොහොතකින් මුළුතැන්ගෙට පැමිණි සියලුදෙනා කෑම මේසය වටා වාඩී විය. ඔවුන් සමගම කෑම මේසයට වාඩී වුණ දිනිදු අයියත් ඔවුන්ගේ කතාවට හවුල් වුවේය. ‘‘කෝ අක්කේ... අනුහස් පුතා එහෙම.‘‘ අම්මාට අනුහස් සර්ගේ අඩුව දැනී තිබුණි. ‘‘අනේ සුදු දූට බබා ලැබෙන්න ලගයිනේ... කෙල්ල අම්මලාගේ ගෙදර ගියා... අද නිවාඩූ දවස නිසා අපේ පුතත් එහෙ ගියා. දැන් ඉතිං බයක් සැකක් නැතිව එයාලට ගමනක් බිමනක් යන්න පුළුවන්.. සදනී දු ඉන්නවනේ මගේ තනියට.‘‘ දිනිදුගේ අම්මා මා අසලට පැමිණ මා ආදරයෙන් ඇගේ උරයට වාරූ කර ගනිමින් කීවාය. ඒ වන විට දිනිදුගේ නෙත් මා දෙසට යොමු වී තිබුණි. ඔහුගේ ඒ බැල්මන් අපි විවාහා වන්නට පෙර කාලය සිහි ගැන්විය. ඒ ඇස් වල කාලයක පසු ආදරයක් මෝදූ වි තිබුණි. සියල්ලන්ටම තේ පිළිගැන්නුවෙමී. අම්මාගේ ඉල්ලීම නිසා මට අම්මාගේ තේ එකෙන් ටිකක් බොන්නට සිදු විය. හුග කාලයකට පසු ඇගේ අසල දැවටෙමි කාලය ගත කළ මම ලැබුවේ මහත් සතුටකී. ඔවුන් සමග හරි හරිය කතාවට එක් වුණ දිනිදු සියල්ලන්ගේම අවදානය දිනාගෙන සිටියේය. සැබවින්ම සියල්ලන්ම ඔහුට ආදරේ කලහ. මා සතුටින් සිටිනා බව ඔවුන්ට ඒ හේතුවෙන් ඒතුගැන්වේ යැයි සිතු මම මද අස්වැසිල්ලක් ලැබුවෙමී. ‘‘දූ... ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙයි.‘‘ ‘‘මොකද්ද අම්මේ.‘‘ පැය කීපයක් සතුටින් කල් ගෙවු අම්මා එලෙස පවසද්දී මට පොඩී චකිතයක් දැනුනී. අම්මා මොකද්ද මේ... කියන්න යනවා ඇත්තේ... ‘‘දැන් නම් මට ඒ ගැන කිසිම දුකක් නෑ... මගේ දූ සතුටින් බව මම දන්නවනේ... මට හිත හදන් යන්න පුළුවන්.‘‘ ‘‘මොනවද අම්මේ ඔය කියන කතා... අම්මා කොහේ යන්නද?‘‘ ඇයි දෙස වේදනාවෙන් බැලු මම විමසුවෙමී. ‘‘අම්මා කොහෙ යන්නද?.. මම ගෙයක් ගන්න ඉන්නේ.. එතකොට සදනිගේ තනියට අම්මා අපි ළගට එන්න.‘‘ සැමදාම මගේ සිතේ සැගවී තිබු හැගීම ,ආශාව දිනිදු වචන කලේය. ‘‘හ්ම්ම්.. ඒක තමයි.‘‘ මම දිනිදු දෙස පුදුමයෙන් බැලුවෙමී. ඔහුගේ වෙනස් වීමට හේතු මට සිතා ගත නොහැකිය. ඔහු මම අම්මාට ළං වනවාට අකමැති වුනේ අපි දෙදෙනා අතර ඇති දුරස් මෙන්ම කටුක බැදීම මම අම්මා සමග පවසාවී කියන බය නිසාය. නමුත් දැන් ඔහු මෙලෙස පවසන්නේ මන්ද.. මටගේ ජීවිතය මායාවක් බදු යැයි මට වරෙක සිතෙයි. මා වටා කරකැවෙන මේ සිදුවීම්.. මට අදුනා ගන්නට තබා.. සිතා ගැනීමටත් අපහසුය. සියල්ල අවුල් සහගතය.. කිසිදා ලිහිය නොහැකී ලෙස මා පැටලී හමාරය. ‘‘අනේ.... බෑ දිනිදු පුතේ... මම මගේ දූ ළග ඉන්න අකමැතී නෙමෙයි.. ඒත්....මගේ දුට වුණත් බරක් නොවී ජීවත් වෙන්න මම සේරම ලෑස්තී කරන් තියෙන්නේ.‘‘ ‘‘අනේ අම්මේ... මගේ අම්මා මට බරක් වෙන්නේ කොහොමද? ‘‘ මට දැනුනේ දැඩී වේදනාවකී . මම දුකින් මුහුණ බිමට හරවා ගත්තෙමී. ‘‘මම මාරුවක් ඉල්ලලා තිබුණේ දුගේ වෙඩින් එකට නැකත් හදපු කාලේමයි... මට ඒ මාරුව ලැබිලා... ඉතින්... මට දැන් සැනසීමේ යන්න පුළුවන්.‘‘ ඇය සුසුමකට මුසු කර සිනහවක් පෑවාය. ‘‘අනේ අම්මේ... අම්මා කොහෙටද යන්න හදන්නේ... ඇයි අම්මා තනිවෙන්න හදන්නේ..‘‘ ‘‘මම තනි වෙන්නේ කෝමද දූ... ආච්චී අම්මා ළගටනේ යන්නේ... අම්මට බැරි වෙද්දී මට අම්මටත් සලකන් ඉන්න පුළුවන්..‘‘ ඇය ආච්චී අම්මා දෙස බැලුවේ ආදරයෙනී. ‘‘හ්ම්ම්ම්ම්...‘‘ මගේ ඊට වැඩි කැමැත්තක් නොවුවේ අම්මාත් අහලක නැති වෙද්දී, තව තවත් මම තනි වෙනවා නේද යනුවෙන් සිතමිණි. ‘‘මොකද ඉතිං දුකෙන් වගේ... බය වෙන්න එපා ළමයෝ... ඔයාගේ හැමදේකදීම මම ඔයා ළග ඉදීවී... මගේ මුණුපුරා හරි මිණිබිරි හරි එද්දී.. ඔයාව ගමට එක්ක යනවා... ඔයාව ලැබෙන්න ඉද්දිත් මම එහෙනේ හිටියේ.. නේද අම්මේ.‘‘ අම්මා ආච්චි අම්මාවද කතාවට ඈද ගත්තාය. ‘‘අනේ... ඔව්... වැඩි දවසක් නොයවා.. දෙන්නා එක්කම ඒ පැත්තේ ආවා නම් නරකද.‘‘ ‘‘එන්න ඕනේ ආච්චී අම්මේ... මට සදා කියලා තියෙයි ගම හරිම ලස්සනයි කියලා.‘‘ හිස ඔසවා නොබැලු ඔහුගේ නෙත් දුරකථනය මත රැදී තිබුණි. නිහඩවම දුරකථන තිරය වෙත නෙත යොමා සිටිද්දී ඉබේටම ඔහුගේ මුහුණ වෙනස් වන අයුරු මම දුටුවෙමී. මද වේලාවකට පසු ඔහුගේ දුරකථනය නද දෙද්දී ඔහු අසුනින් නැගී සිටියේය. ‘‘හදිස්සී කෝල් එකක් අම්මේ... පොඩ්ඩක් ඉන්න මම කතා කරලා එන්නම්.‘‘ ඇමතුම සවනත තබා ගත් ඔහු එතනින් පිට වුනේය. හිතට දැනුන චකිතය සමගම මේ කතා කරන්නේ කවුරුන්දැයි දැන ගැනීමට මට විශාල අවශ්‍යතාවයක් දැනෙන්න විය. එන්න එන්නම ඔහු අප අතරට එක්වන්නට ගත කරන කාලය දික් වෙද්දී මගේ හිත තව තවත් නොසංසුන් විය. ටික වෙලාවකට පසු මම දිනිදු ගිය දෙසට ගමන් ගත්තේ සීරුවෙනී. විමසුවත් දැන ගන්නට නොලැබෙන නිසා ඔහු කතා කරන්නේ මොනවා ගැනදැයි අසා සිටීමට මට අවශ්‍ය විය. ඔහු සිටියේ ස්තෝපුවෙ කෙලවර මුදුළට කිට්ටු වන්නට. මම දොර අසල මුවා වී ඔහුගේ කතාවට සවන් දුන්නෙමී. ‘‘කිව්වම තේරුම් ගන්නකෝ... මට අද එන්න විදියක් නෑ.‘‘ ‘‘ඔව් ඔව්.. සදාගේ අම්මලා ඇවිල්ලා.‘‘ ‘‘කිව්වම අහපිය... මට එන්න බෑ... ඒ මිනිස්සු මොනවා හිතයිද?.‘‘ ‘‘අනේ පිස්සු කියන් එපා රත්තරං... මට වටින්නේ කවුද කියලා දන්නවනේ... වටින්නේ නැත්තම්.. අර අහිංසක කෙල්ලටත් වද දිදී මෙහෙම කරයිද?.‘‘ ‘‘හරි හරි.. මම හවස් වෙලා ඇවිත් යන්න එන්නම්.‘‘ ‘‘හා ... ඉතිං.. මම පොරොන්දු වුණානේ... අපි අතර එහෙම දේවල් වෙන්නේ නෑ.‘‘ මට ඇසුනේ දිනිදු කිව් දේවල් පමනකි. කෙසේ නමුත් මේ කතා කරන්නට ඇත්තේ කෙල්ලෙක් විය යුතු බව මට සිතුණි. දිනිදු අයියට වෙන කෙල්ලෙක් වත් ඉන්නවද?... ඉතිං වෙන කෙල්ලෙක්ට නම් ආදරේ මගේ පස්සෙන් ආවේ ඇයි... මාව බැන්දේ ඇය... සර්ලා අකමැති වුණාද දන්නේ නෑ ඒ ග්ල්ට.... ඒත්... දැන් මට මෙහෙම කරන එක හරිද?.. මමනේ නීත්යානුකූට වයිප්... මම වයිප්...හ්හ් නිතියට විතරනේ ඉතිං... ඒ කියන්නේ දිනිදු අයියා මාත් එක්ක සතුටින් ඉන්නවට එයා කැමතී නෑ... දිනිදු අයියා ඩික්ස් ගත්තේ නැති දාට මගේ ළගට එන්නේ නැත්තේ ඒකයි එහෙනම්. මොකද්ද මේ අවුල... බලං ගියාම ගගන හොදයිනේ.. දැන් එතකොට දෙන්නම එකයි.. දෙන්නම කළේ මාව රවට්ටපු එක විතරයි.. මම නම් මහ කාළකණ්ණි ගෑනියක්... අරහේ අම්මා මාව දාලා යන්න හදවා... එහෙන් මේ මිනිහට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. මොකද්ද මේ.. ජීවිතේ.. මොකද්ද?... මට අඩන්නට අවශ්‍ය විය. නැවත නිවස තුළට යන්නට හැරුනු මම දුටුවේ අම්මාගේ සිනා මුසු මුහුණයි. සිනිවෙමින් කතා බහ කර කර සිටින අයුරුයි. මම කොහොමද අම්මේ ඔයාගේ ඔය හිනාව, සතුට, සැහැල්ලුව උදුර ගන්නේ... මට ඒක කරන්න බෑ... අනේ මගේ අම්මේ .. ඔයාගේ දුවට මේ මොකද වුනේ... ‘‘සදා.. ඔයා මෙතන....‘‘ ඔහුගේ හඩින් තැති ගැන්වුන මම එලෙම ඔහුට පිටුපා වුන්නෙමී. මට බියක් දැනුනේ මන්දැයි මම නොදනිමී. ඔහුගේ අත සියළු වැරදී තිබියදී මම මොන යම් හේතුවක් නිසා බය වේද?.. මට ඔහුට විරුද්දව දෙයක් කළ නොහැකිය.. ඔහු සැකසූ ව්‍යාජ සාක්ෂියක් ඔහු ළග ඇත. එය එළියට ආ දිනෙක මා ළග කිසිවෙක්ම ඉතුරු නොවන ඇත. ‘‘මම.. මේ.... මේ.... ඔයාව හොයන්න ආවේ‘‘ මගේ වචන එළිය නොඑන බවක් මට දැනුනී. ‘‘මාව හොයන්න... ඇත්ත කියනවා අහන් හිටියා නේද?.‘‘ වැලමිටට ඉහළින් මගේ අතක් දැඩිව අල්ලා ගත් ඔහු තදින් තෙරපා රිද්දමින් විමසුවේය. වරින් වර ආලින්දයේ වාඩී වී සිටි අම්මලා දෙසද බැලූ ඔහු මා ඇදගෙන ස්තෝප්පුවට ගියේය. ‘‘තෝ.. දැන් මගේ හොරත් අල්ලන්න පටන් අරන්ද?...‘‘ ‘‘ඒකේ ඇති වැරැද්ද මොකද්ද ඉතිං....‘‘ සියලු වැරදී ඔහු අත තියෙද්දී, ඒ වැරදී සදහා මට රිද්දදී, මට තවත් ඉවසා සිටිය නොහැකි විය. ‘‘වැරැද්ද?... ඔබ තමා සේරම වැරදී කර ගත්තේ...‘‘ ඔහු මා දෙස බැලුවේ දත් විලිස්සාගෙනය. දැනුන වේදනාව නිසා ඇඹරුණු මම ඔහුගෙන් මිදෙන්නට උත්සහ ගත්තෙමී. ‘‘තමුසෙට වෙන ගෑණියෙක් ඉන්නවා නම් මොකටද මාව බැන්දේ.... ඒකිවම බැද ගන්න තිබුණනේ.‘‘ එවර ඔහු සිනා සෙන්නට පටන් ගත්තේය. ‘‘උඹ ඒකත් දැන ගත්තද ?.. ඒක හොදයි.. දැං වත් පාඩුවේ ඉදපංකෝ.. මට වෙන ගෑණියෙක් ඉන්නවා... ඒකී කැමතී නෑ මම උඹ ළග ඉන්නවට.. තේරුණාද?.‘‘ ‘‘මොනවද දිනිදු අයියේ මේ කියන්නේ.‘‘ ඇසෙන සියල්ලම දරා ගත නොහැකී මගේ නෙතට කදුළු එක් විය. පැය කිහිපයක් ලද අස්වැසිල්ගෙන් පසු ජීවිත කාලයටම විද ගත නොහැකී වේදනාවක් ඒක් කර තිබුණී. සිතුවා සේම නිසල බව සංසුන් බව මහ දරුණු කුණාටුවක් ඇති කර තිබුණි. ‘‘මොනවද අහන්නේ..... ඇත්ත.‘‘ ‘‘අනේ දිනිදු අයියේ... ඔයාට පිං සිද්ද වෙයි... මාව අතෑරලා දාන්න.. ඔයාට එයා ඕනේ නම් එයා ළගටම යන්න.. ඇයි මාව මේවට ඉත්තෙක් කර ගන්නේ.‘‘ ‘‘මම ඉත්තෙක් කර ගත්තේ නෑ... තමුසේ ඉබේටම ඉත්තෙක් වුණා.‘‘ මා අතහැර දැමූ ඔහු කල්පනා බර නෙත් ඈතක රදවා ගත්තේය. මේ මොන දේ සිදු වුණත් ඔහුගේ සිතේ කොනක මා වෙනුවෙන් වේදනාවක් ඇති බව මට හොදින්ම වැටහෙයි. මගේ කදුළු මැද ප්‍රශ්ණ කිරීම් මැද නිරුක්තර වන ඔහු.. එසේ නෙවන බව මට අගවන්නට උත්සහ ගන්න බව මට දැනෙයි. ‘‘ඔයාට එයාව අයිතිකර ගන්න මම ඕනේ උදව්වක් කරන්නම්.. මාව මේ කරදර ගොඩෙන් නිදහස් කරන්න දිනිදු අයියේ ප්ලීස්... මට පිස්සු හැදෙයි මේ විදියට ජීවත් වුනොත්. ‘‘ මට පිටු පා සිටි ඔහුගේ පිට මත මුහුණ හොවා ගත් මම ඇඩුවෙමී. ‘‘පිස්සු නැතුව ඉන්නවා.‘‘ ටික වෙලාවක් ගොළු වී සිටි ඔහු මා තනි කර නිවස තුළට ඇතුල් විය. මිදුලේ තිබුණ කරාමයෙන් මුව දොවා ගත් මම වැලපොට මත අතුරා තිබු තුවයෙන් මුහුණ පිසදමාගෙන නිවසට ඇතුල් වුනෙමී. ‘‘මම යනවා සදා... පරිස්සමින් ඉන්න.‘‘ හිතන්නට අවකාශයක් නොදුන් ඔහු මගේ නළල මත හාදුවක් තබා කාර් රථය තුළට නැගුනේය. ඔහුගේ පිටව යාම නිසා අම්මලාත් ඔහු පසු පස ආ නිසා ඔහු එසේ හැසුරුණ බව මට වැටහුණි. නැතිනම් ඔහු මා අතර එවැනී ආදරණිය හැසිරීම් නොමැත.‘‘ මං යනවා‘‘ කියා පවසන්නෙත් එහෙමත් දවසක පමණකි. ‘‘දිනිදු පුතා හරි කැපවීමෙන් ශොප් එක කරනවා නේද? .. පුතාගේ කැපවීම නිසා තමා මේ තරම් ඉක්මණට ශොප් එක දිවුණු වුනේ.‘‘ දිනිදුගේ කාර් රථය ගේට්ටුවෙන් පිටතට යන තුරු බලා වුන අම්මා ආඩම්බර සිනාවකුත් සමග පැවසුවාය. අම්ම දන්නේ නෑනේ අම්මේ.. ඔය දිනිදු අයියා යන්නේ වෙන කෙල්ලෙක් ළගට කියලා.. ඒ කෙල්ල කතා කරලා එන්න කිව් නිසා කියලා... ඔයාගේ දුව ජීවිතේ වරද්ද ගත්තා අම්මේ... මොන තරම් ඉගෙන ගත්තත් මට තාම මිනිස්සුන්ව අදුර ගන්න බෑ.. ආදරේ නිසා මම අන්ධ වෙලා ඉදලා තියෙන්නේ.. පව් අර අහිංසක චාරුක.. චාරුක මේක තමයි මට කියන්න උත්සහ ගන්න ඇත්තේ... අන්තිමේදී ඒ කොල්ලට ජොබ් එකක් නැතුව ගියා. මම ආදරේ විශ්වාස කලා.. කාටද පුළුවන් දිනිදු අයියා මට දුන්න ආදරේ අවිශ්වාස කරන්න. මේ ලොකේ මිනිස්සු කියන ජාතිය නම් කවදාත්ම තේරුම් ගන්න බෑ... ඒ තරම් මවා පෑමක්. ඔයා මගේ කරේ බැදපු චේන් පොට... මගේ අත ඉබේටම ඔහු බැදි රන් මාලය මත නතර විය. ඒවත් මවාපෑම්ද? එදා මාව තුරුල් කරන් ආදරෙයිද ඇහුවේ.. මේ සේරම බොරුද?.. කෝකද හරි කොකද වැරදී...අනේ දෙවියනේ ඇයි තවත් මාව ජීවත් කරන්නේ.. දැනුම් තේරුම් ඇති කාලේක ඉදන් හැමෝගෙම සතුට ගැන හිත මටම ඇයි මෙහෙම වෙන්නේ... ‘‘අපි යමු නංගියේ කෑම ටිකක් කන්න.‘‘ දහවල් කෑම වේලාවද කිට්ටු වී තිබුණ නිසා අපි සියල්ලන්ම මුළුතැන් ගෙට පිවිසුනෙමූ. තොන්තුවෙන් මෙන් සියල්ල සිදු කළ මම සිටියේ වෙනමම ලෝකයකය. තමන්ගේ මිනිහා වෙන ගෑනියෙක් ළගට ගියේ කියලා දැන දැන ම ඉවනසන් ඉන්න පුළුවන් ගෑනු මේ ලෝකේ ඉන්නවද?.. ඇත්තටම මම මොනවගේ ගෑනියක්ද? මට මේ තරම් ඉවසන්න පුළුවන් වුනේ කොහොමද? මම මේ ඉවසනවද? නැත්තම් කර කියාගන්න දෙයක් නැතුව විදවනවද?. එතරම් සවස් වන තුරු නොසිටි අම්මා ඇතුළු පිරිස මා සිප වැළද සමු ගත්තාය. ඔවුන්ගේ නික්මීමත් සමග මට ඇති වුයේ දරා ගත නොහැකි වේදනාවකී. හෙට දින ආච්චී සමග අම්මද ගමට පිට වන බවද මම දැන් හොදින්ම දනිමී. මගේ කියා කවුරුම නැති ලෝකයක මා තනිවන්නට යන බව දැනී මට හඩන්නට සිතුණී. හිතේ දුක මැඩ ගැනීමට උපකාරයක් ලෙස සිතා මම මුළුතැන්ගේ තුළ කටයුතු වල නියැලුනෙමී. අද නම් ඇගට හරි මහන්සී දූ.. යැයි පැවසූ දිනිදුගේ අම්මා අමාරුවෙන් පුටුවකට බරවී බලා වුන්නාය. ‘‘අම්මේ දෙයක් අහන්නද?.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 23 Feb 2017 07:27 AM chamaramindMost Senior MemberPosts:13471 19 Feb 2017 05:15 PM අප්පේ මේ ගෑනියි මිනිහයිද?හනිමුන් එකේදි සිද්ධ වුණු දෙයක්ද? sha733Super Senior MemberPosts:7332 19 Feb 2017 04:00 AM එහෙනං දාන්න ඉතුරැ ටිකත් සඳුනිVeteran MemberPosts:2462 18 Feb 2017 07:48 AM එහෙම හිතමුකෝ.. රහස ඊට වඩා දරුනුයි sha733Super Senior MemberPosts:7332 18 Feb 2017 04:37 AM උට පිස්සු වෙන්න ඇති. හංගන රහසත් ඒකම වෙන්න ඇති සඳුනිVeteran MemberPosts:2462 18 Feb 2017 03:35 AM හිරුයි තරුයි. තිස්පස්වන කොටස. මම ඔහු ඇද මතට විසි කළ දුරකථනය අතට ගෙන බැලුවෙමී. එහි තිබූ දෙය දැකීමෙන් මගේ සියෝළගම ඇවිලි ගියාය. දෙයියනේ මේ මොනවද .. කොහෙමද මෙහෙම පොටෝ මේකට ආවේ.. සිතට දැනුන දැඩී භීතිය නිසා දහඩිය වැගිරෙද්දී මම රිදුම් දෙන හදවතින් දුරකථනයේ වූ චායා රූප එකින් එක බැලුවෙමී.. හදවත රිදුම් දී ඇරඹුණ වේදනාව උගුර පුපුරු ගසමින් නෙත් අගට කදුළු එක් කළාය. ‘‘දැන් මොකද කියන්නේ.‘‘ උම්මත්තකයෙකු ලෙස හැසිරුණු ඔහු ලොකු සතුටක් ලද කළක මෙන් ජයග්‍රාහීව සිනා සුනේය. ‘‘මේ මොනවද මේ... ‘‘ ‘‘මොනවද අහන්නේ... ඇස් පේනවා අඩුද මේ... බලන්න... බලන්න... හරිම ලස්සනයි නේද?.‘‘ මා අසලින්ම වාඩී වූ දිනිදු තවත් චායා රූපකීපයක් විවෘත කලේය. ‘‘දෙවියනේ... මම කවදාවත් මෙහෙම ඉදලා නෑ... මොනවද මේ...‘‘ මම දෑතින් හිස බදාදෙන ඇඩුවෙමී.. ‘‘අඩන්න දෙයක් නෑ... මම කියන විදියට හිටියොත් මේවා කා ළගටවත් යන එකක් නෑ... හැබැයි.. මම කියන දේට පිටින් ගියොත් මේවා... ඔයාගේ අම්මා ළගට... එතනින් ගියාම... ආච්චීට... නෑදෑයින්ට.. ආ... තව අපේ අම්මට... අපේ ලොකුට... තව සුදු අක්කට... මේ සේරටම පෙන්නන්න වෙනවා... හ්හ්ම්ම්... හරිද?.‘‘ ඔහු අපහාසාත්මක සිනහවකුත් සමග මගේ මුහුණට තව තව ළං වෙමින් විමසුවේය. ‘‘තමුසේ තරම් ජරා මිනිහෙක් නම් මම ජීවිතේටම දැකලා නෑ... යනවා.. එන්න එපා මගේ ළගට වත්.‘‘ මම දිනිදුගේ අතේ තිබුණ දුරකථනයද උදුරාගෙන ඔහුගෙන් ඉවතට පැන්නෙමි. මා වෙතට ළං නොවූ ඔහු ඇද මතම වාඩී වී හිනා වෙමින් බලා සිටියේය. මම නැවත වරක් චායාරූප ටික හොද පරික්ෂාවෙන් බැලුවෙමී... මේ අපි හනිමූන් එකට ගිය හොටෙල් එකමනේ.. මම හිතුවා හරි.. මේ පොටෝස් එඩිට් කරපුවා... ඒත් කොයි වෙලේද මම මෙහෙම ඉන්න පොටෝ ගත්තේ... මට හොදටම නින්ද ගිහින් තියෙද්දි අරන් තියෙන්නේ... ඒත් මම එදා රෑම නිදා ගත්තේ නෑනේ.. මම උදේ ඇහැරෙද්දීත්.. එයා වෙරි මරගාතේ හොදටම නිදි.. මම සියල්ල යළි සිහි කර බැලුවෙමී. ‘‘තමුසේ නම් මහ බල්ලෙක්... තමුසේ මේවා එඩිට් කලා නේද?.‘‘ මම කේන්තියෙන් බැන වැදුනෙමී.. ඔහු එය ගණනකටවත් නොගත්තේය. ‘‘ඔව්... ඒඩිට් කලා තමා... ඒත් ඒක තමුසෙට ඔප්පු කරන්න බෑනේ... තමුසේ දැන් හැමෝම ඉස්සරහා නරක ගෑනියෙක්.. මේක දැක්කම... අනේ මන්දා...‘‘ ඔහු උරහිස් හකුලවා ඔහුට සිතා නොහැකි බවක් සැහැල්ලුවෙන් ඉගි කලේය... එක දිගටම ඔහුගේ මුහුණේ ඇදී තිබුනේ සමච්චල් සහගත සිනහවක් සහ කපටි බැල්මකී. ‘‘දැන් මොනවද බලමුකෝ පෙන්නන්නේ.‘‘ මම හනිකට චායාරූප සියල්ල මකා දැමුවෙමී. ඉන් පසු ඔහු වෙතට දුරකථනය විසි කලාය. ‘‘ඕක ඩිලිට් කරා කියලා... මේක නවතී කියලා හිතුවද?... මම තමුසේ තරම් මෝඩ නෑ හරිද?. ඕවෑ... කොපිස් මගේ ළග ඕනේ තරම් තියෙනවා... නටලා බලවකෝ... තමුසෙට වෙන දේ..... තමුසෙටවත් හිතා ගන්න බැරි වෙයි.‘‘ ඔහු ඇද මත සුවපහසුවට හාන්සී වී සංසුන්ව පැවසුවේය. වේදනාවෙන් පුටුවකට බර වුණ මම නැවත නැවත කල්පනා කරමින් හැඩුවෙමී .මම දැන් ගිරයට අසු වුණ පුවක් ගෙඩියක් බදුය. කොයි පැත්තෙනුත් ඇත්තේ වේදනා පමණකි. එම චායා රූප සංස්කරණය කර තිබුණේ බලන්නන්ගේ නෙත් රවට අයුරිනි. ඒවා දකින ඕන අයෙකු රැවැටෙන සුළුය. අඩ නිරුවත් මගේ චායා රූපවලට ගගනගේ චායා රූප යොදා අපි දෙදෙනා එක ළග සිටින අයුරින් සාදා තිබුණි.එතරම් සූක්ෂුම ලෙස කෙලෙසක චායාරූප සැකසුවේ ද යන්න පුදුම සහගතය. ‘‘සදනී දූ.... ඔයාලා කෑම ගන්නේ නැද්ද?... එන්නකෝ දෙන්නම.‘‘ දිනිදුගේ අම්මා කාමරයේ දොර අසල සිට කතා කරද්දී මම කදුළු පිස දමමින් අසුනෙන් නැගිට්ටෙමී. නිරායාසයෙන්ම දිනිදු ලෙස බැලුනේ මොකද කරන්නේ අසන්නට මෙනී.ඔහු තවමත් අර කපටී සිනාවෙන්ම පසු වෙයි. මොකක් හෝ ගෙන ඔහුට මියැදෙන තුරු පහර දෙන්නට ඇත්නම් , දැන් මට තවත් ඊට වඩා සැනසීමක් නැත. ‘‘එනවා අම්මේ....‘‘ මම බිදී ගිය හඩ සගවන්නට උත්සහ ගත්තෙමී. ‘‘යමු රත්තරං කෑම කන්න.‘‘ නිමේෂයකින් දිනිදුගේ අතක් මගේ කරවටා යැවුණි. ඔහුගේ ස්පර්ශය තියා ඔහුගේ දැකිම වුව මට ඇති කලේ විශාල පිළිකුලකී. මම ඔහුව පසකට තල්ලු කලෙමී. ‘‘මේ... මේ... තමුසෙට මේවා ඉවසන්න වෙනවා... දන්නවනේ.. අම්මලා මේ මොකුත් දැන ගන්න ඕනේ නෑ... තමුසේ මොනවම හරි අගවලා හරි තිබුනොත්... මතකනේ...‘‘ ඔහු දැඩිව මා ග්රහනය කර ගනිද්දී දට දැනුනේ තද වේදනාවකී. ඔහු රිදෙන අයුරින්ම මගේ උරහිස තද කර තෙරපුවේය. ‘‘යමු... අරිනවා දොර.‘‘ තවත් කිසිත් නොපැවසූ මම දෙර විව කලේ, මුහුණ තෙත් කළ කදුළු බිදු අත්ලෙන් පිස දමමිනී.. අපි පිටතට පැමිණෙන විට කිවෙක් දොර අසට නොසිටිම මට සැනසීමක් වීය. අප ආදරයෙන් වෙලී සිටින ලොව හොදම යුවල ලෙස නිවැසියන් ඉදිරි පිට රග දැක්කුවෙමු. ඔහුගේ රගපෑම් ඉදිරිපිට ඔවුන්ට උරුම වුයේ සතුටකී. සියල්ලන්ගේ සතුට සොම්නස හේතුවෙන් මට උදා වුයේ මාට මාවම එපා කරවන ජීවිතයකී. එදා සිදුවීම හේතුවෙන් දිනිදු දින පතා නිවසට පැමිණියත් අපි අතර තිබුණේ මවාපාන බැදීමක් පමණකී. එක යහනේ දෙපට හැරී නිදා ගන්නා අප අතර කිසිම ශාරීක එක් වීමක් සිදු නොවීය. නමුත් මට ඒ පිළිබද දැනුනේ සැනසීමකී. දකින්ට පවා අකමැති ඔහු සමග කිසිදු ඇසුරක් ඇති කර ගන්නට මට අවශ්‍ය නොවිය. නමුත් යම් දින වල ඔහු බලෙන්ම මා වෙතට පිවිසෙයි. ඒ සෑම අවස්ථාවකම ඔහු සිටියේ බීමතින්ය. කිසිදා හොද සිහියෙන් සිටින විට ඔහු මා දෙස හැරීවත් නොබැලුවේය. යම් අවස්ථාවල ඔහු දුකෙන් මෙන් මා දෙස බලා සිටී. තවත් වෙලාවකට පිස්සෙකු ලෙස හැසිරෙන ඔහු,මට රිද්දා සතුටු වෙයි. කුමක් නමුත් ඔහුගේ මේ හැසීරීම් වලට විශල හේතුවක් ඇති බව මම හොදින්ම වටහාගෙන සිටියෙමි. එය දැන ගැනීමටද අයුරක් මට නැත. ඔහු පිළිබද කිසිම දෙයක් අන් අයෙකු සමග පැවසීමටද මට ඉඩක් නැත. පොඩී සිදිවීමකදී වුව චායාරූප ටික ඉදිරියට ඇද ගත් ඔහු ඉන් මා නිහඩ කරයි. ‘‘සදනී දූ... ඔයාට කොල් එකක්...‘‘ මුළුතැන් ගෙය තුළ සිට මට ඇමතුවේ දිනිදුගේ අම්මාය. ‘‘කවුද අම්මේ...‘‘ මම ඇය අසලට පැමිණෙමින් විමසුවෙමී. ‘බලන්නකෝ.‘‘ ‘‘දූ... ඔයා හොදින් නේද?.‘‘ ‘‘අම්මා.... අනේ මම හොදින් අම්මේ.‘‘ කාලෙකට පසු අම්මාගේ හඩ අසන්නට ලැබීමෙන් මගේ සිත සතුටින් පිරී ගියාය. ‘‘මම හෙට ඔහේ එනවා දූ..‘‘ ‘‘හෙට..... ‘‘ මගේ සතුට තවත් වැඩි විය. හෙට දිනිදු ගෙදර ඉදීද?. හෙට නිවාඩු දවසක්නේ... අම්මා ඉස්සරහා මොනවා කරයිද?. මට දැනුනේ දැඩි බියකී. ‘‘ඔව් දූ... ආච්චී අම්මත් එනවා...නැන්දත් එනවා.‘‘ ඇය සිටින්නේ සතුටින් බව කතා විලාසයෙන්ම මට වැටහුණි. ‘‘ඒත්... ඇයි එක පාරටම අම්මේ.‘‘ ‘‘ඇයි දූ... අපි එනවට අකමැතිද?.. හෙටට වෙඩින් එක තිබිලා මාසයක් වෙනවනේ... එහෙම එන එක සිරිතක්.‘‘ ඔව් අම්මේ... අම්මලා එනවට මම බයයි... දිනිදුගේ හැටි ඔයාලට ටිකක් හරි දැනුනොත්.. නැත්තම් අම්මාව දකින්න අකමැති දුවෙක් මේ ලොකේ ඉදීද?. මම මැරි කරලා මාසයක්ද? මට මතකයක් වත් නෑනේ.. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි... මැරි කරලා අපේ ජීවිතේ ආදරණියම දවස් ගගනක් ගෙවී ගියා කියන සතුට මට උරුම නෑ... මේ අපායකට හිර වෙච්ච මම මොනවට සතුටු වෙන්නද? ‘‘අනේ එහෙම එකක් නෑ අම්මේ... අම්මා බලන්න එන්නේ කොයි වෙලේද කියලා මම හිටියේ....උදෙන්ම එනවා නේද?.‘‘ ‘‘ඔව් ඔව්... දූ... අපි උදෙන්ම එනවා... දිනිදු පුතත් හෙට ගෙදර නේද? අම්මා දිනිදු ගැන ආදරයෙන් කතා කරද්දී.. මට දැනුනේ දුකකි.. සැමදා මා සිහින මැව්වේ දිනිදු සමග සෙනහස පිරුණු ජීවිතයක් ගත කරන්නයි. දැන් ඔහු මට පෙන්නූ සොදුරු ආදර සිහිනය තුළ මම අතරමං වී සිටිමී. අම්මලාගේ පැමිණිම දැන ගත් වෙලේ සිට සතුටට පත්ව සිටි දිනිදුගේ අම්මා, හෙට දවස වෙනුවෙන් සූදානම් වුවාය. දිනිදුගේ හැසිරීම හේතුවෙන් ඇති වුණ බය හැරුණු කොට මමත් වුන්නේ කියා ගත නොහැකි සතුටකිනී. වෙනදා මෙන්ම දිනිදු නිවසට පැමිණියේය.. පුරුද්දට මෙන් ඔහුගේ තේ එකද රැගෙන කාමරයට ගිය මම වෙනදා මෙන් ආපසු නොපැමිණ මදක් එහි නතරවිය. ‘‘ඇයි... මොකද්ද කෙරෙන්න ඕනේ.‘‘ ඔහු ඇදුම් ඉවත් කර කෙටි තුවාය ඇග දවටාගෙන නෑමට සූදානම් වෙමින් සිටියේය. ‘‘හෙට අපේ අම්මලා එනවලු.....‘‘ ඔහු හිස ඔසවා මා දෙස බැලුවේය. ‘‘ඉතිං හොදයිනේ... අම්මා බලන්න යන්න නේද ඔයාත් බලන් හිටියේ.‘‘ අද ඔහුගේ හැසීරීම මදක් වෙනස් වී තිබුණි. මා සමග වෙනදාට වඩා සුහදව කතා කළ ඔහු මද සිනහවක්ද පෑවේය. ‘‘ඔයා හෙට ගෙදරද?.‘‘ ‘‘ඔව්.. ඔව්.. මම අනිවාරෙන් ඉන්න ඕනෙනේ....‘‘ ඔහු නාන කාමරයට ඇතුල්වීමට සැරසුනේය ‘‘හ්ම්ම්ම්...‘‘ කියන්නට සිතා පැමිණි දේ කීමට අපහසු බවක් දැනුන නිසාම මම එතනින් පිට වුනෙමී. රාත්‍රී ආහාරයෙන් පසු සුපුරුදු පරිදී.. අපි නින්දට සැරසුනෙමු. දිනිදු දැනටමත් නින්දට වැටී සිටියේය. මමත් ඇදේ අනෙක් පස හාන්සී වී මගේ දුක් බර ජීවිතයේ අවසානය කවදාදැයි සිතුවෙමී. ඇස් දෙක තද කර පියා ගත් මම ඉකිබිදුම් ආවත් ,ඒවාට පිට වන්නට ඉඩ නොදුන්නෙමී. කළු ගලක් සේ උණු නොවන ඔහුගේ සිත මගේ කදුළු වලින කිසිදා උණු නොවන බව මම දැන වුන්නෙමී. මගේ හැඩුම් ඔහුට සතුටකී. මා හඩා ඔහුගේ සතුට වැඩී කිරීමට මට අවශ්‍ය නොවීය. කිසිදු හඩක් නොමැතිව ම කොපුල දිගේ කදුළු කැට රූරා වැටුනී. ඇද අසල තිබුණ මේස ලාම්පුවේ ආලෝක මදක් අඩු වූ බවක් දැනුන නිසා මම නෙත හැර බැලුවෙමී. එවිට මට චායාව ලෙස පෙනුනේ... මගේ මුහුණ එඹී සිටි දිනිදු ක්ෂණිකවම අනෙක් පසට හැරී නිදා ගන්න අයුරුයි.. ඇයි දිනිදු අයියේ.. ඔයා එහෙම කරන්නේ... මට හිතෙන්නේ මේ විදියට හැසිරුණාට ඔයාගේ හිතේ මං ගැන දුකකුත් තියෙනවා.. මම හුගක් දවස් වලට දකිනවා ඔයා දුකෙන් වගේ මගේ දිහා බලනවා.. හැබැයි මම ඔයා දිහා ඉබේම හරි බැලුවොත්... ඔයා මූණ වෙනස් කර ගන්නවා.. ඇයි... ඔයාට තියෙන ප්‍රශ්නේ මට කියන්න දිනිදු අයියේ... මම තවමත් සූදානම් ඔයා එකක් සාමදානෙන් ඉන්න. මගේ කදුළු තවත් වැඩි කළ ඔහු අනෙක් පසට හැරී සිටියේය. මා මෙන්ම ඔහුට නිදි නැති බව මට දැනුනී. මොකද්ද දෙවියනේ අපේ ජීවිත වලට මේ... වෙලා තියෙන්නේ... මට තාම විශ්වාස කරන්න බෑ.. මට මොන තරම් ආදරේ කරපු කෙනෙක්ද දිනිදු අයියා කියන්නේ.. ඇයි එයා එක පාරටම වෙනස් වුනේ. උදෙන්ම අවදී වු මම ඉක්මණින් දවසේ වැඩ කටයුතු ඉටු කරන්න වුනෙමී. අම්මලා පැමිණෙන්නට පෙර සියල්ල ඉටු කර අවසන් කරන්නට මට අවශ්‍ය විය. සියළු වැඩ අවසානයේ කාමරයට යන විටත් දිනිදු හිටියේ තද නින්දේය. දැන්ම ඇහැරෙන පාටක් නෑ... මම නාන කාමරයට වැදී, ඔහුගේත් මගේත් සියලු කිළිටි ඇදුම් සොදා බේසමකට දමා ගත්තෙමී. උදෙන්ම නා ගත් මම ලොකු තුවායක් ඇග දවටාගෙන බේසමද උකුලේ ගසාගෙන නාන කාමරයෙන් පිටතට පැමිණියෙමී. ඒ වන විට ඇද මත වාඩි ගත් දිනිදු සිටියේ බර කල්පනාවකය. ඔයා ඇහැරියද දිනිදු අයියේ.. අසන්නට මගේ සිත පොර කද්දී මම නිහඩ වුනෙමී. ‘‘ඔයා නෑවද උදෙන්ම..කෝ අම්මලා ආවද?‘‘ කවදාවත් නැතිව මා දෙස බලා යාන්තමට සිනාසුණු ඔහු විමසුවේය. දිනිදු අයියා ඇත්ත තේරුම් අරන් වත්ද?.. මාත් එක්ක හොදින් ඉන්න වත් ඕනී වෙලාද?. මට දැනුනේ දරා ගත නොහැකි තරමේ සතුටකී. ‘‘තාම අවේ නෑ.. දිනිදු අයියේ.. ඉන්න මම ටී එකක් හදන් එනම්.‘‘ මමද මද සිනහවකින් යුතුව පැවසුවේ රෙදි බේසම බිමින් තබමිනි. ‘‘ඔහොම...‘‘ ඔහු පවසන්නේ මම තුවාය පිටින්ම තේ සාදාන්ට මුළුතැන් ගෙයට යනවාද යන්න බව මට වැටහුනෙමී. විවාහයෙන් පසු මට ඔහුගෙන් අසන්නට ලැබුණු එකම ආදරණිය වචනය එයයි. ලැජ්ජාවෙන් මුහුණ රතු කර ගත් මම තනිව සිනා සුනෙමි. ‘‘නෑ.. නෑ... ඇදුමක් දාන් යන්නේ..‘‘ ඔහුට ඉවත බලා ගන්නට කීමට අවශ්‍ය වුණත් මට එසේ කීමට අයිතියක් නැත. මට ඔහු ඉදිරිපිටම ඇදුමක් මාරූ කර ගැනීමට සිදු විය. පස්සේ රෙදි ටික වනනවා කියා සිතු මම දිය බේරන කේස්ස පිට මැදට හෙලා වරක් කැඩපෙතට එබී බැලුවෙමී... දිනිදු අයියා වෙනස් වෙලාද?... මම කැඩපතින් දුටු මගේ රුව සමගම ඉගි කලෙමී. එවර මා දුටුවේ කැඩපත හරහා මා දෙස සිනාවෙන් යුතුව බලා සිටින දිනිදුවයි. ලැජ්ජාවෙන් මුහුණ බිමට බර කර ගත් මම කාමරයෙන් පිටතට ගියෙමී. මම තේ එකක් සාදාගෙන, අම්මලා වෙනුවෙන් සකස් කළ වැලිතලප සහ කේක් සහිත පීරිසියක්ද, බන්දේසියක් මත තබාගෙන එන්නට සැරසුනෙමි. ඒ මොහොතේම දිනිදු මුළුතැන් ගෙට ඇතුල් වුනේය. ‘‘ශා... කවුද අම්මේ වැලිතලප හැදුවේ.‘‘ ඔහු කෑම මේසයේ පුටුවක් ඇද වාඩී වෙද්දී, මම බන්දේසිය ඔහු අසල තැබුවෙමී. ‘‘මගෙන් අහන්නේ.. ඔයාගේ සදාගෙන්ම අහන්නකෝ.‘‘ අම්මා කරමින් සිටි කාර්ය නතර නොකරමින්ම පැවසුවේය. ‘‘සදා....‘‘ ‘‘හ්ම්ම්ම්.‘‘ මම එක වරම තිගැස්සී ඔහු දෙස බැලුවෙමී. ජීවිත කාලය පුරාම ඔහුගේන් ලබන්නට පැතු සෙනෙහේබර ඇමතුම සවනත පතිත වෙද්දී මගේ හද කීරී ගැසුණි. ‘‘කවුද කෙල්ලේ හැදුවේ.‘‘ වැලිතලප කැබැල්ලක් අතට ගත් ඔහු විමසුවේය. ‘‘අම්මා කියලා දුන්නේ.‘‘ ‘‘ඒ කියන්නේ ඔයානේ හැදුවේ... මාරම රසයි.. අම්මා හැදුවා වගේම රසයි.‘‘ ඔහු මුල්ම වතාවට මම කළ දෙයක් වර්ණනා කරන්න විය. දැනුන සතුට දරා ගන්නට නොහැකී වූ මට ඔහුගේ උකුලේ හිස හොවාගෙන හඩන්නට අවශ්‍ය විය. ඔහු වෙතට ආ දිනයේ සිටම ඔහු මට කෙලෙස සැලකුවත් මම මගේ යුතුකම් නිසි අයිරෙන් ඉටු කලෙමී. ඔහුගේ කෑම බීම වෙලාවට ඔහු වෙත රැගෙව විත් දුන්නෙමී. හිමිදිරියේ අවදී වන මම ඔහුට දවල් ආහාරය දිනපතාම පිළියෙල කර දුන්නෙමී. ඔහු කිළිටි කර ගොඩ කරන රෙදී සොදා වේලා පිළිවෙලට අල්මාරයේ ඇසුරුවෙමී. ඔහු පිළිවෙල තමාගෙන සිටි කාමරය ඒ අයුරින්ම පිළිවට තබා ගත්තෙමී. ඔහු රාත්‍රියේ ස්ත්‍රික් කීරීම අවශ්‍ය ඇදුම වෙන් කළ පසු නිහඩවම මම ඒවා ස්ත්‍රික් කර හැගරය මත රැදෙව්වෙමී. කිසි දින නිවසේ සිටියදී මගේ ඇදුම් වත් තනිව සොදා නොගත් මම ඔහු වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කලෙමී. ලස්සනට වවාගෙන සිටි මගේ නිය පෙළ මෙහි පැමිණ දින කීපයක් ගත වන්නටත් පෙර කපා දමන්නට මට සිදු විය. මුළුතැන්ගෙයි කටුයුතු වලදීත්, ඔහුගේ බර ඇදුම් සෝදද්දීත්, මගේ නිය මටම වදයක් බව මට ඒතුගැන්වී තිබුණි. මගේ ගති පැවතුම්, හැසීරීම, දගකාර ගති ඒ සියල්ලම මම වෙනස් කර ගත්තෙමි. ඔහුගේ කීකරු බිරිද ලෙස හැසිරුණු මම, ඔහුට කීමට අඩුපාඩුවක් ඉතුරු නොකලෙමී. නමුත් මීට පෙර කිසිම දෙයක් ඔහු අගය කර නොමැත. ගෙදර මෙහෙකාරියන් සිටියත් ඔහුගේ වැඩ මා අතින්ම සිදු කිරීමට මම භාර ගෙන තිබුණී. මම එසේ කරන බව ඔහු දන්නා බවද මම දනිමී. නමුත් ඔහු මට රිදවද්දී වුව මම එය ගත් නොහැරියෙමී. මම කුඩා කාලයේ මගේ අම්මා ගුරුවරියක් ලෙස සේවය කරමින් මාවත් බලා ගනිමින් අප්පචිගේද සියලු කටයුත් ඉටු කරනු මට මතකය. එනිසා මට ද අවශ්‍ය වී තිබුනේ අම්මා මේන් විමටය. ‘‘කෝ... මේ සදාලගේ අම්මලා තාම නෑනේ.‘‘ පානය කිරීමට තේ එක අතට ගත් ඔහු විමසුවේය. ‘‘ඒක තමයි මමත් බැලුවේ පුතේ... එක්ක එන්න ගියා නම් හොද නැද්ද?‘‘ දිනිදුගේ අම්මාද කතාවට හවුල් වුවාය. ‘‘සදා... අම්මට කොල් එකක් අරන් බලන්න... තාම ගෙදර නම් මම එක්ක යන්න එනවා කියන්න.‘‘ මම කිරිල්ලියක මෙන් දුරකථනය වෙත දිව ගියෙමී. කලකට පසු මගේ දගකාර හැසීරීම නැවත ඉස්මතු වී ඇති බව මට දැනුනී. අම්මාට ඇමතුමක් ගත් මම පණිවිඩය කීවෙමී. මගේ බෑණා මං ගැන සෑහෙන්න හිතනවා නේද?. අම්මාගේ සිත තුළ තෙරපුණ සතුට මගේ සතුට දෙගුණ තෙගුණ කරන්නට සමත් විය. ‘‘දිනිදු අයියේ.. අම්මලා තාම ගෙදරලු.‘‘ ‘‘හරි... සදා.. මම එක්කන් එන්නම්... හිස් වු තේ කොප්පය බන්දේසිය මත තැබූ ඔහු පිටත් වීමට සූදානම් වුනේය. ‘‘සදා... කා.. එකේ කී එක ගෙන්න කෙල්ලේ.‘‘ මම ගියා නොවේය. ඉගිලුණාය. අනේ හැමදාමත් ඔහොම ඉන්න මගේ දිනිදු අයියේ... නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 18 Feb 2017 03:29 AM සඳුනිVeteran MemberPosts:2462 16 Feb 2017 05:45 AM හිරුයි තරුයි. තිස්හතරවන කොටස. ‘‘අ...නේ අඩ...න්න එපා කිය...න්නේ.. ඔ...යා මොක...ද්ද ම...ට මේ ක...ළේ.‘‘ මම ඔහුගේ පපුව මත හිස හොවා ගත්තෙමී. ‘‘මොනවද මම කළේ..‘‘ ‘‘මා ඔයාලගේ අම්මලා ඉස්සරහා නරක ගෑනියෙක් කළේ. ඔයා ඇයි ගගනගේ බොරු විශ්වාස කළේ.. මට වඩා ඔයාට ගගනව විශ්වාස වුනේ කොහොමද?‘‘ ඔහුගේ දෙනෙතටම එඹුණ මම හේතු දක්වන තුරු බලා සිටියෙමී. ‘‘අයියෝ... ඕක ඔය තරම් හිතන්න එපා කෙල්ලේ... මම දැනන් හිටියා ඔයා ගගනක් එක්ක කිසිම සම්බන්ධයක් නැති බව.‘‘ ඔහු යහන මත වාඩී වී සමච්චලයට සිනා සෙන්නට වුවේය. ඇත්තටම දිනිදු අයියට මානසික අවුලක් වත් තියෙද?.. මොනවද මේ කියන්නේ. ‘‘මොකද එහෙනම් මට මෙහෙම කළේ..‘‘ මම ඔහුගෙන් ඈත් වී නැගුණ කේන්තියෙන් යුතුව විමසුවෙමී. ‘‘මට ඕන නිසා... මම කිව්වනේ... මට ඕනේ විදියට තමා දැන් මගේ රත්තරංට ඉන්න ඕනේ..‘‘ ‘‘රත්තරං... ලැජ්ජා නැද්ද.... බලු වැඩ කරන ගමන් රත්තරං කියන්න.‘‘ මම ඔහුව තල්ලු කලෙමී. යහන මත වාඩී වී සිටි ඔහු අත තබා ඇද මතට වැටීමෙන් වැලකුණි. ඔහුගේ අපහාසාත්මක සිනහව මගේ වියරුවත්, වේදනාවත් තව තවත් වැඩි කරයි. ‘‘බලු වැඩ.... මොනවද බලු වැඩ...‘‘ ඔහු නැවතත් හඩ නගාම සිනහා වෙයි. ‘‘මම යනවා ආපහු ගෙදර..‘‘ මම හුන් තැනින් නැගිටින්නට උත්සහ ගත්තේමී. ‘‘අනේ... රත්තරං... යන්න එපා.. ඉන්න පැටියෝ... මම විහිළුවක් කලේ..... කියලා කියයි කියලා හිතුවද?.. මට මොකද යනවා.. ගිහින් බලනවකෝ වෙන දේ...හැමෝම කියයි... අන්න පිරිසිදු කම ඔප්පු කර ගන්න බැරුව.. අලුත ගෙනිච්ච මනමාලී ආපහු එවලා කියාලා.‘‘ ඔහු බිම වාඩී වී සිටි මගේ මුහුණට ළං වී රහසින් මෙන් පැවසුවේය. මම කෝපයෙන් ඔහු දෙස බලා වුන්නෙමී. ‘‘කමක් නෑ... දැන් ඒක කියන්න ඕන අය කියනවනේ... අහිංසක මගේ ජීවිතේ තමුසේ කෑවා... ගගන නෙමෙයි... තමුසෙම තමා.... මං ගැන බලුවිදියට හිතන්න ඇත්තේ.‘‘ ‘‘අනේ මේ.. මම නෑ... ඕවට.. ගගන කියපුවා ගගන එක්කම බලා ගන්නවා .. තමුසෙගේ පරණ පෙම්වතානේ.‘‘ ‘‘තමුසේ එක්ක කතා කරනවට වැඩිය හොදයි..‘‘ මම නැවතත් නැගිටන්නට සැරසුනෙමී.. එවර ඔහු මගේ උරහිසෙන් අල්ලා නැතත් සිටි තැනම ඉන්ද වෙන්නටම තල්ලු කලේය. ‘‘ඉතිං කතා නොකර ඉන්නවා... මේ ටිකත් අහගෙන සද්ද නැතුව ඉන්නවා.. ඊට වඩා තමුසෙට කරන්න පුළුවන් දෙයක් නෑ.‘‘ ‘‘මොනවද තමුසෙට තව කියන්න තියෙන්නේ.‘‘ මම ඔහුගේ නෙත් දෙස කෙලින් බැලුවෙමී. කට පැත්තට කර සිනාසුණ ඔහු... මගේ ඇගේ ලේ ටික වතුර කරවයි. ‘‘තමුසේ ආයි ගෙදර ගියොත්.. තමුසෙටමයි ලැජ්ජාව... අම්මා මහ ලොකු ස්කෝලේ නෝනා කෙනෙක් නේද?... කොහොමද අම්මා ආයෙත් ස්කෝලේ උගන්වන්න යන්නේ.. තමුසේව මම බැන්දේ අපේ අම්මා නිසා... තමුසේ මෙතන විකාර කරලා අම්මා ලෙඩ වුනොත්... ඒකටත් තමුසේ වග කියනවා ... තේරුණාද?.‘‘ අනේ අම්මේ... මම මේ මොකද්ද කර ගත්තේ... දිනිදු කියන්නේ බල්ලෙක්... මොන තරම් රැවටීමක්ද මට කරලා තියෙන්නේ.. නෑ.. නෑ... මගේ අම්මට මම මොකුත් කියන්නේ නෑ.. කොච්චර කළත් මම දැන් බැදපු ගෑනියෙක්.. මම ආපහු යන්නේ නෑ... ගෑනු උපදින්නේ දුක තුරුළු කරන් කියවනේ මම ඉවසනවා... අම්මා අර තරම් ආදරේ කරපු දිනිදු පුතා.. මෙහෙම හැසිරෙනවා කියලා දැන ගත්තම මගේ අම්මත් අසනීප වෙයි... දිනිදු කරපු බලු වැඩේ නිසා වත්, මට තිබුණ ආදරේ බිංදුවක් වත් අඩු කරපු නැති දිනිදුගේ අම්මා.. බෑ.. මට එයාලව අසරණ කරන්න බෑ.. මම සද්ද නැතුව ඉන්නවා... එහෙන්මම බිත්තියට හේත්තු වී බිම හිදගෙන වුන් මම දුක නිවෙන තුරුම ඇඩුවෙමී. උදෙන්ම ඇද පැළද ගත් දිනිදු යන්නට සූදානම් වී සිටියේය. මා අසලට පැමිණ ඔහු මද වේලාවක් මා දෙස බලා වුන්නේය. ‘‘නැගිටලා ඇදුමක් දාන් කුස්සියට යනවා... නැත්තම් නැන්දම්මගෙන් ලකුණු කැපෙයි.. මතක ඇතුව අර බෙඩ් ශීට් එක හොදලා දානවා.‘‘ ඔහු පිටව ගිය පසුවත් මම හැඩුවෙමි.. කදුළු වලින්ම සිත සනසා ගන්නට මම උත්සහ ගත්තෙමී. ඉන් පසු ඇද ඇතිරිල්ල ඉවත් කිරීමට සූදානම් වුණු මට දරා ගන්නට බැරි දුකක් දැනුනී. මම නැවතත් ඇද මත පෙරළි ඇඩුවෙමී. මම මොකද්ද දෙයියනේ කරන්නේ.. මම කාටවත් කොහොමද මේවා කියන්නේ.. බබා ලැබුණම සුදු අක්කට වත් කියනවා. මම සිත ශක්තිමත් කර ගන්නට උත්සහ ගත්තෙමී. අමාරුවෙන් කදුළු නවතා ගත් මම නානකාමරයට වැදී.. උදෙන්ම නෑවෙමී.. සිදු වන දේවල් සිහිවන විට මගේ නෙතට නැවත නැවත කදුළු නැගෙන්නට විය. අළුත් ඇදුමක් ඇද ගත් මම මුළුතැන් ගෙයට පිවිසුනෙමී. ‘‘ආ... මගේ දූ...‘‘ දුටු විගස දිනිදුගේ අම්මා මා ආදරයෙන් පිළිගත්තාය. ‘‘කෙල්ල් නිදි මරලා වගේ මූණ සේරම තඩිස්සී වෙලා.‘‘ මුළුතැන්ගෙයිම කොණකට වන්න තිබූ කෑම මේසය අසල වාඩි වී සිටි සුදු අක්කා පැවසුවාය. ‘‘මට නම් හිතෙන්නේ... අම්මා ළග නැති දුකට අඩලා වගේ මගේ කෙල්ල... අනේ දුක් වෙන්න එපා මගේ රත්තරන්... මමත් ඔයාගේ අම්මා වගේ තමයි.‘‘ඇය මා ආදරයෙන් වැළදගෙන පවසද්දී, අමාරුවෙන් සගවාගෙන සිටි කදුළු නැවත අළුත් විය. මම ඇගේ ළය මඩලේ හිස හොවාන හැඩුවෙමි.දුක නිමෙන් තුරුම ඇඩුවෙමී. මම අම්මට වත් ඇත්ත කියනවද?. ඒත්.... බෑ... මම කොහොම කියන්නද?. එයත් හිතයි මම මුල් දවසේ වුණ වරද වහ ගන්න හදනවා කියලා... අනික එයාගේ පුතාගේ සතුට වෙනුවෙන්නේ මාව ආදරෙන් බලා ගන්නේ... මේවා කිව්වට වැඩක් නෑ... කොයි අම්මට වත් තමන්ගේ දරුවා තරම් වෙන දරුවන්ව වටින්නේ නෑ. ‘‘ඇති දරුවො ඇඩුවා... එන්න ඉදි ආප්ප ටිකක් කමු... පොඩිත් ආස නිසා හැදුවා.. දූත් ආසයි නේද?.‘‘ ඇය මගේ අතින් ඇදගෙන කෑම මේසය වෙත පියනැගුවාය. ඇගේ පෙරැත්තය නිසාම සිත රිදවිය නොහැකි නිසා මම උදේආහාරය අමාරුවෙන් ගත්තෙමි. එතරම් හැල හොල්මනක් නැතිව දවස ගෙවි ගියේ අනුහස් සර්ගේ පුතු සමග සිටීමේදී සියලු දුක් අමතක වන නිසාය. කෙසේ හෝ දිනිදු හවස ගෙදර පැමිණෙන වෙලාව ද ළගා විය. පෙර මග බලන් ඉන්නට තරම් ආසාවක් හැගීමක් මට නොමැත. මගේ ජීවිතයම කණපිට ගැසු ඔහු කෙරෙහි මට ඇත්තේ වෛරයක් පමණකී . අනුහස් සර්ද නිවසට පැමිණ මද වෙලාවකට පසු නිවසේ දුරකථනය නද වෙන්නට විය. ඇමතුමට සවන් දුන් අම්මාය. මද වේලාවකින් ඇය මට ඇමතුවාය. ‘‘හෙලෝව්..‘‘ ‘‘ආ.... මම මේ... අද ගෙදර එන්නේ නෑ... කියන්න ගත්තේ.. මම අම්මට කිව්වා තමුසෙට කලින්ම කෝල් කරලා ඒක කිව්වා කියලා. සද්ද නැතුව ඉන්නවා හරිද?.‘‘ ඉන් පසු ඔහු දඩස් ගා ඇමතුම විසන්දි කලේය. මොනවා වෙනවා දැයි මට වැඩහීමක් නැත. දිනිදු මෙලෙස හැසිරෙන හේතුව ද වටහා ගත නොහැකිය. අසන්නටද කෙනෙකු නොමැත. ‘‘මොකද අම්මේ පොඩී කියන්නේ.‘‘ මම රිසිවරය තබා ආපසු හැරෙන විට අනුහස් සර් විමසුවේය. ‘‘ පොඩී අද ගෙදර එන්නේ නෑ කියන්නේ. සදනී දූට කලින්ම කිව්වා කියන්නේ.‘‘ ඇය දුකෙන් මෙන් පැවසුවාය. ‘‘ ඇත්තද සදනී.... අම්මා කියන්නේ.. පොඩී ඔයාට එන්නේ නෑ.. කියලා කිව්වද?.‘‘ කුමක් නමුත් මම නොදන්න ලොකු දෙයක් ඔවුන් දන්න බව මට දැනෙන්නට වී තිබුණේය. දෙදෙනාගේම මුහුණු කනස්සල්ලෙන් පිරි පැවතුණි. ‘‘හ්ම්ම්. ඔ...ව්.‘‘ මම බිම බලාගෙන පැවසුවේ.. මට දැන බොරුකීමටත් සිදු වී තිබුම නිසා ඇති වු කණගාටුවෙනී. ‘‘සදනී... ඔහෙම නම් බෑ... ඔයා ටිකක් තදින් ඉන්න ඕනේ. වෙඩින් එක තිබුනේ පෙරේදා නේද.. ඔයා පුදුම ළමෙක්නේ.‘‘ මගේ වරදමද පේන්නේ.. ඔයාලගේ පොඩී මට කරන බලු වැඩ ඔයාලා දන්නේ නෑනේ.එලෙස කීමට මට අවශ්‍ය වුණත් මම තව තව නිහඩ වුනෙමී. ‘‘ඒක තමා ලොකු... පොඩී ටිකක් මුරණ්ඩුයි තමයි. එයාව බලාගන්න ඕන ඔයා.‘‘ ඇයද අනුහස් සර්ගේ වචනය ස්ථිර කලාය. ‘‘කම්ක් නෑ අම්මේ.. අද හදිස්සී වැඩක්ලුනේ... ‘‘ මම සන්සුන්ව පවසා සෙටියේ වාඩී වුනෙමී. ‘‘හ්ම්ම්... හ්ම්ම්.. දැන් ඉතිං මක් කරන්නද?. අද තරූෂ පුතාට ගෙදර යන්න වෙන්න ඇති.. තරූෂ නැති දාට වෙනදටත් අපේ පුතා ශොප් එකේ නවතිනවනේ.‘‘ එසේ පවසමින් අම්මා ද මා ළග වාඩී වෙද්දී, අනුහස් සර් කේන්තියෙන් කාමරය දෙසට ගමන් කරනු මම දුටුවෙමී. ‘‘ඒක නෙමේ දූ.. ඔයා දැන් ගෙදරත් නිකන්නේ ඉන්නේ... පුතා එක්ක.. ශොප් එකට යන්න.... එයා නවතින දාට ඔයාටත් එහෙ ඉන්න පුළුවන්... පිළිවෙලට හදපු කාමරයකුත් තියෙනේ එකේ.. උයන් කන්නත් ඕනේ කළමනා සේරම තියේ.‘‘ මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමී. නොකියා කියන්නේ මොකද්ද? මම මෙහෙ ඉන්නවට මේ මිනිස්සුත් කැමතී නැද්ද?. අර නරුමයා දැක දැක දවස ගෙවන්නද මට කියන්නේ.ඊට වැඩිය හොදයි මට ගෙදර යනවා. ‘‘එහෙම හොදයි නේද දූ. අළුත බැදපු ජෝඩුවනේ... කුරුළු ජෝඩුව වගේ ළගින්ම ඉන්න ඕනේ. මට මතකයි මමයි අපේ මහත්තයයි බැන්ද අළුත.. හැමදාම අපේ මහත්තයා.. වරුවෙන් ගෙදර එනවා... අනේ ඇත්තට.. ඒකටත් එක්ක මේ කොල්ලෝ.‘‘ ඇය හූල්ලමින් ඈතක නෙත රදවාගෙන වුන්නාය. ‘‘අම්මේ... මම නොදන්න දෙයක් තියෙද මෙතන.‘‘ ‘‘මො..කද්ද දූ... අනේ නෑ දූ... මොනවා හංගන්නද. ඒත් දූ අපේ පොඩී ළගින්ම ඉන්න... එයාව බලාගන්න පුළුවන් ඔයාට විතරයි.‘‘ කදුළු බර වුණ දෙනෙතින් ඇය මා දෙස අසරණව බලද්දි මට හීල්ලිනී. මම ඇයගේ උරහිසට වාරූ වුනෙමී. මම හීන මැව්වේ.. දිනිදු අයියා මට මවලා පෙන්නපු ආදර ලෝකෙත් එක්ක.... හැමදාමත් එයා මාව සතුටින් තියයි කියලා. ඒක ලොකු රගපෑමක්... ලොකු රැවටීමක්... මොනවද දිනිදු අයියේ ඒකෙන් ඔයාට ලැබුණේ.. ඔයා ඕනේ වුනේ මාව අසරණ කරන්නද?. මම හැමදාමත් පෙරුම් පිරුවේ.. ඔයාව හොද මනුස්සයෙක් කරන්න.. ඔයාගේ ළගටම වෙලා ඉන්න. හැම දේකදිම ඔයාට හයියක් වෙන්න. ඒත් ඔයා ඒ හැම හීනයක්ම සුණුවිසිනු කලා... තවමත් මම පතන්නේ ඔයා එක්ක සාමදානෙන් ඉන්න.. මම ඔයාගේ වුනේ ජීවිත කාලෙම ඔයා එක්ක ඉන්න... මට බෑ මගේ අම්මා මං නිසා විදවනවා දකින්න. එයා මාව පරිස්සම් කලේ එයාගේ ඇස් දෙක වගේ... ඒ ඇස් දෙකට කදුළු දෙන්නේ කොහොමද මම. මම ඉවසනවා... මැරෙනකන්ම හරි ඉවසනවා.. ඔව්... මම ආපහු යන්නේ නෑ... ඔව් මගේ අම්මාව අසරන කරන්නේ නෑ මම. ‘‘සදනී දු කරුවල වැටෙන්නත් ඇවිත්... පහන තියමු නේද?.‘‘ ‘‘හරි අම්මේ.‘‘ මම ඇය වෙතින් නැගිට බුදු පහන තැබීමට සූදානම් වුනෙමී. කුඩා කළ සිට පැවතුණ පුරුද්දට බුදු පහන තබා සියල්ලන්ට පිං අනුමෝදම් කලෙමී. වැඩි කාලයක් බුදු සමිදු පාමුළ වාඩී වී වුන් මම සිතේ තිබෙන දුක් සංකා සියල්ලම එකිනෙක් මෙනෙහි කලෙමී. ඉන් මට මද අස්වැසිල්ලක් දැනුනී. පසු දින දිනිදු හවස් වන්නටත් පෙර නිවසට පැමිණියේය. ආ මොහොතේ සිට කාමරය වැදුණු ඔහු මා දෙස දුකෙන් මෙන් බැලුවේය. ඔහු සමග කතාවට නොගිය මම අම්මාට උයන්නට උදව් වුණෙමී. කෑම වේලාව ලං වෙද්දිම ඔහු මුළුතැන් ගෙයි කෑම මේසය අසලට පැමිණ සිටියේය. අපි සමග කතා කරමින් අනුහස් සර්ද එතන රැදී වුන්නේය. මම කිසිත් නොපැවසුවත් අපි අතර විරසකයක් ඇති බව අනුහස් සර් දන්නා බව මට ඉවෙන් මෙන් දැනී තිබුණි. ‘‘ආ... පොඩී... ඊයේ.. හදිස්සී වැඩක් වැටුණළු නේද?.‘‘ දිනිදු පුටුවක් පසෙකට අදින විටම අනුහස් සර් අමුතුවට විමසුවේය. ‘‘ආ... ඔ..ව්.. ඔව් ලොකු.‘‘අපහසුවෙන් එය පැවසූ ඔහු මේසය මත තිබූ.. ප්ලාස්ටීක්.. පළතුරු වට්ටයෙන් රතු පැහැ ඇපල් ගෙඩියක් අත ගෙන එය ඒ මේ අත කරකවන්න විය. ‘‘ඔය හදිස්සී රෑ වැඩ වලට කෙනෙක් ගත්ත නම් හොදා නේද දැන්... උබත් බැදපු මිනිහෙක් නේද පොඩී... සදනී නංගී ගැන ඔයිට වඩා ටිකක් හිතපන්.‘‘ අනුහස් සර් ස්ථර වචනයෙන් පවසද්දී, මම ඉබේටද දිනිදු දෙස බැලුවෙමී. කිසිත් නෑසුණා මෙන් ඔහු ප්ලාස්ටික් ඇපල් ගෙඩියේ දාරයක් දිගේ නිය පොත්තකින් කුරුටු ගාමින් සිටියේය. ‘‘ ඒක තමා ලොකු මාත් කිව්වේ.. සදනී දූත් නිකන් ගෙදර ඉන්න එකේ පොඩී එක්ක ශොප් එකට යන්න කියලා.‘‘ නියම අවස්ථාව බලා ඇය පැවසුවාය. ඉන් තිගැස්සුණු දිනිදු එක වරම හිස ඔසවා අම්මා දෙස බැලුවේය. ‘‘අම්මට දැනටම සදා.. ගෙදර ඉන්න එක වදයක් වෙලාද?... වදයක් වෙලා නම් කියන්න අපි වෙන ගෙයක් රෙන්ට් එකට අරන් යන්නම්.‘‘ ‘‘මොනවද පොඩී... ඔය තමුසේ කියන්නේ... දැන් මෙතන එහෙම කතාවක් කිව්වද?. මොකද තමුසෙට සදනී නංගිව ශොප් එකට එක්ක යන්න බැරි.‘‘ අනුහස් සර් දිනිදුගේ කතාවට හරස් වුවේය. ‘‘බැරි... හ්හ් බැරි නිසා... මම කැමතී නෑ... මගේ වැඩ වලට කාවත් ගාව ගන්න.‘‘ කේන්තියෙන් හඩ නැගෙන්ම පුටුව පසකට කළ ඔහු ඔහු එතනින් පිටව ගියේය. මට කළ හැකි වුයේ බිරන්ත වී බලා සිටීම පමනකී. ‘‘අනේ මගේ කට.. මම කිව්වා කියලා හිතා ගනින් පොඩී...‘‘ මේසයට කෝපයෙන් පහරක් ගැසූ අනුහස් සර් ක්ෂණිකවම දිනිදුත් පසු කරන් ආලින්දය දෙපට ගියේය. ‘‘ආයි මම ගෙදර එන්නේ නෑ.. ආවොත් මගේ ඔළුව කනවනේ.‘‘ අනුහස් සර් මද දුරක් යන විට දිනිදු මහ හඩින් පැවසීය. ‘‘ඉන්න බැයිනම් යන අතක පලයං... හැබැයි තනියෙන් නෙමෙයි.. උබේ ගෑනිත් අරන් පළයං...‘‘ ඊට නොදෙවිනි වූ අනුහස් සර්ද පෙරලා පැවසුවේය. මේ සේරගෙන්ම අසරන වන්නේ මාය. ගෙදර අය සමගින් හෝ නිදහසේ ගෙවන්නට ලැබෙන ජීවිතය නැති වී.. හදේ කොනකවත් තෙතමනයක් නැති නරුමයෙක් සමග වෙනම තැනක ජීවත් වීමට මට උවමනා නැත. මෙමගින් සිදු වන්නේ එයයි. ‘‘යනවා තමයි... මම දන්නවා උඹ බලන් ඉන්නේ මාව පන්නන්න කියලා.‘‘ එසේ පැවසූ ඔහු කාමරයට වැදුණේය. ගෑනු ළමයෙකු මෙන් කාමරයේ පිටවත් නොපැමිණි ඔහු කන්නවත් නොපැමිණියේය. ‘‘සදනී දූ... පොඩීව අඩ ගහන් එන්න කෑම කන්න... කේන්ති ගියාම ඔහොම තමා ගනන් ගන්න එපා.‘‘ ‘‘හා අම්මේ.‘‘ කෑම මේසය පිළියෙල කර අවසන් වූ පසු අම්මා මට පැවසුවාය. මම කාමරයට ඇතුළු වුයේ බියෙනී. ඔහු මගෙන් වාඩුව ගනීවි යැයි මම දැන වුන්නාය. ‘‘මෙහෙ වරෙන්.. තෝ එනකන් තමා මම බලං හිටියේ.‘‘ මම කාමරයට ඇතුල් වෙනවාත් සමගම මගේ කොන්ඩයෙන් අල්ලා ගත් ඔහු රිදෙන්ටම මගේ කෙස් වැටියෙන් ඇද්දේය. ‘‘අනේ දිනිදු අයියේ.. අතාරින්න.‘‘ ‘‘කෑ ගහන්න එපා... කෑගැහුවොත් මම තොට කරන දේ තෝ දන්නේ නෑ. මොනවා හරි කිව්වා නේද අම්මට.‘‘ මම ඇද ඇද මතට තල්ලු කළ ඔහු විමසුවේය. ‘‘මම තාම නම් මොකුත් කිව්වේ නෑ.. හැබැයි මේ විදිහට මට වද දෙනවා නම්... මම යනවා යන්න.... සේරටම ඇත්ත කියලා...‘‘ ඇද මතට වැටුණ අයුරින් සිටි මම ඔහුට රැව්වෙමී. ‘‘යන්න... යන්න.. පල.. පුළුවන් නම් ගිහින් පෙන්නපිය.‘‘ ඔහු වියරුවෙන් සිනහා වෙයි. කාමරේ දොර අගුල් දැමු ඔහු නැවත මා වෙතට ආවේය. ‘‘තෝ යනවද?... යනවද?... පුළුවන් වෙයිද ආපහු ගිහින් ඔබේ නෑදෑයන්ට මුණ දෙන්න.‘‘ ‘‘මම වරදක් කරලා නැති බව මම දන්නවා.. අනිත් අය මොනවා කිව්වම මට මොකද?.‘‘ මම යහන මත වාඩී වී හඩන්නට වුනෙමී. ‘‘මම ඔප්පු කලොත් ඔබ නරක ගෑනියෙක් කියලා.. උඹ මොකද කරන්නේ...‘‘ ඔහු ස්ථිරයෙන් අසද්දී.. මට බය හිතුනේ ඔහු මට වෙන කිසිවෙකු ලවා කරදරයක් වත් කරවිද සිතුණ නිසාය. ‘‘ඒ කොහොමද?.. මම වරදක් කරලා නෑ.. ඔප්පු කරන්න.‘‘ ‘‘ඉදහන් ....උබට මම කියන් දේ විශ්වාස නෑනේ.. ඉදහන් මම පෙන්නනකන්.‘‘ ඔහු ජංගම දුරකථනය දෑතට ගෙන හදිසියේම එය හසුරවන්න වුවේය. යමක් දැක සමච්චල් සිනහවක් මුහුණට ඈද ගත් ඔහු.. දුරකථනය මා වෙත පෑවේය. ‘‘ඉදා... බලපං... ‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 16 Feb 2017 05:41 AM sha733Super Senior MemberPosts:7332 14 Feb 2017 07:27 AM කථාව කියෙව්වා නමුත් කුතුහලයෙන් පිරිලා දැන්වත් දිනිදු පිලිගනියිද ගැටලුව විසදයිද. වැඩක් නැහැ ඉතින් නරක නාමයක් ගාවලා ඉවරයිනේ සඳුනිVeteran MemberPosts:2462 13 Feb 2017 03:58 AM හිරුයි තරුයි. තිස්තුනවන කොටස. අම්මාගෙන් තාත්තාගෙන් වත් ඉරටු පාරක් නොකෑ මම නොකළ වරදකට තාදන පීඩන විදිමී. මට පිළිසරනක් නැත. කියන්නට අයෙකුද නැත. කොහොමද මම කා එක්කවත් කියන්නේ අපිට මධුසමය කියලා එකක් තිබ්බේ නෑ කියලා. එහෙම කිව්වත් කවුරුත්ම පිළිගනීද?.. මොකද්ද මට මේ පාත් වුන හෙන ගෙඩිය. ‘‘මොකද කෙල්ල තාම නිදි මතයි වගේ .. නිදි මැරුවා නේද?.‘‘ වත්සලා අක්කා නැවතත් මට විහිළු කරන්නට විය. රතු පැහැ සාරිය අන්දවා අවසන් කළ ඇය මගේ කොණ්ඩ මෝස්තරය දමමින් සිටියාය. දිනිදු පෙනෙන මානයකවත් නොමැත. මා මරු කටට අතහැර ඔහු සැගවී ඇත. දැන් කොයි වෙලේ අම්මලා එයිද දන්නේ නෑ.. මම මොනවද කියනනේ ඒ මිනිස්සුන්ට.මම කොහොම මේ ලැජ්ජාවෙන් බේරෙන්නේ. ‘‘මොනවද ඩාලිං කල්පනා කරන්නේ.. ගෙදර යන්න බෑ වගේද?. අයියෝ.. දුක් වෙන්න එපා අළුත් කපල් එකට ප්‍රී එකේ ඉන්න අවස්ථව දෙයි.‘‘ මම ඇය සමග මදක් සිනාසුනෙමී. ඇය නව යුවලකගේ සතුටුදායි ලිංගික ජීවියක සුවදායි බව ගැන පවසයි. මගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වන අයුරු බලන්නට ඇය එසේ කිව්වත් මගේ මුහුණ අදුරු වන්නේ දුකකිනි. ලේ ඇට මස් නහරවලින් සැදුනු මගේ ශරිරයත් ඒ ආශ්වාදය නිතතින්ම ප්‍රාර්ථනා කරයි. ඒ පැතුමන් සුණුවිසුනු වුයේ සිතා ගන්නටවත් නොහැකි විලසිනි. ‘‘ඔය ඉන්නේ කෙල්ල ලස්සනට.. චූට්ටක් හිනා වෙන්න එතකොට තව ලස්සනයි.. ඔයාට ටයඩ් කියලා දන්නවා පැටියෝ.. ඒත් මනමාලි ලස්සන නැති වුනොත් මට තමා අවුල.‘‘ ඇය මගේ උරතලය මත දෑත තබා කණ්ණාඩිය හරහා මා දෙව බැලුවේය. ‘‘එහෙනම් පැටියෝ.. මම යනවා.. දැන් නැන්දම්මා එහෙම එයි.. අවුලක් නෑනේ.. නේද?.‘‘ ඇය මගේ කණට පහත් වී ඇසුවේ කුමක් ගැනදයි මම දනිමී. මම නෑ කියන්නට හිස සැලුවෙමී. අනේ ඔයා යනවද අක්කී.. මට බයයි. මට බෑ එයාලට මූණ දෙන්න. මට අවශ්‍ය වුවේ එසේ පවසා ඇය මා ළග නවතා ගන්නයි. නමුත් මම තව දුරටත් නිහඩව වුනෙමී. ‘‘දු ඔන්න අපි ආවා.‘‘ දෙයියනේ අම්මලා ඇවිත්.. මට නම් බෑ දොර අරින්න.. මට මැරෙන්න තියෙනවා නම්.. මට බෑ .. මම දොර අරින්නේ නෑ. නෑදැ පිරිවර දොර අභියස සිට කතා කරද්දී මම බියෙන් තැති ගෙන වුන්නෙමී. ‘‘සදා... මගේ පණ ...ඔයා ලෑස්ති වෙලා ඉවරයි නේද?.‘‘ එවර ඇසුනේ දිනිදුගේ හඩයි. කීපවරක්ම කතා කළ පසු අමාරුවෙන් හිතට ධෛර්ය ගත් මම දොර ඇරියෙමී. මා ආදරය කරන්න මගේ අම්මා, ආච්චී, දිනිදුගේ අම්මා, තව දිනිදුගේත් මගේත් නෑදෑ ගැහැණු අය කීපදෙනෙක් එතන විය. මගේ ආදරණීයන් මට පෙනුනේ, මා බිලි ගන්නට ආ රකුසන් ලෙසය. ‘‘මගේ කෙල්ල හොදින් නේද?. ‘‘ මුලින්ම මා වෙතට ආවේ දිනිදුගේ අම්මාය. මගේ දෙකොපුලම පිරි මැදි ඇය ආදරෙන් මගේ මුහුණ සිප ගත්තාය. මම රහසින්ම දිනිදු ලෙස බැලුවෙමි. කිසිවක් නොදන්නෙකු ලෙසින් ඔහු සිණා මුසු මුහුණින් බලා සිටී. සියල්ලන් මා වැළද ආශ්ර්වාද කලාය. මේ සියලු ආශිර්වාද සුදු පිරිවටය දිගහැරෙන් තුරු පමනකී. එහි සටහන් නොවුන පිවිතුරු බව මා වෙනුවෙන් ඇති ආදරය සෙනෙහස සියල්ලම බිදලන්නට සමත්ය. ‘‘නෑනේ.. මේක බලමු නේද? එහෙනම්.‘‘ අම්මාගේ හඩින් මම ඇය දෙස බැලුවෙමී. ඇය නමා අරන් තබා තිබූ සුදු පිරිවටය අතට ගෙන තිබුණි. ‘‘ඕවා නම් අපිට බලන්න ඕන නෑ නංගියේ.. මේ සීදේවී කෙල්ල ලැබුණනේ අපට. අපි දන්නවනේ.. අපේ කෙල්ල හොද බව.‘‘ නැවතත් මගේ කොපුලක් පිරි මදිමින් දිනිදුගේ අම්මා පැවසුවේය. මම ඇය සමග සිනහා වුනත්.. මගේ මුළු සර්වාංගයම ගිනි ගෙන දැවෙයි. දෙපා අප්‍රාණික වෙමින් තිබුණි. ‘‘ඒහෙම කියලා බෑනේ දුවේ.. ඒක පරම්පරානු ගත චාරිත්රයක්නේ.‘‘ මගේ ආච්චි අම්මාත් කතාවට හවුල් විය. තවත් කර කියා ගන්නට දෙයක් නොවු මම බොද වුණ ඇස් සගවා ගත්තේ මුහුණ බිමට නැඹුරු කර ගනිමිනි. ‘‘කෙල්ලට ලැජ්ජා හිතලද කොහොද?.‘‘ කවුරුන් හෝ කියනු මට මතකය. මට සිහි එන විට මම වුන්නේ.. මගුල් සාරිය පිටින්ම අපිට මධුසමය වෙනුවෙන් වෙන් වුණ යහන මතය හාන්සී වීය. බොදවුණු රූප සමුහයකුත්.. හයියෙන් හයියෙන් කතා බස් කරන හඩවල් කීපයකුත් ඇසෙද්දී, මම නිසොල්මනේ බලා වුනෙමී. මා අසල ඉතිරිව සිටියේ.. අම්මත් ආච්චී අම්මාත් පමණකි. අනෙක් සියල්ලන්ම එතනින් පිටව තිබුණි. ‘‘මොකද්ද සදා කොල්ලේ මේ නව නිංගිරාව.. කවුද උඹට මේ අපරාදේ කලේ.‘‘ යන්තන් සිහි එලෙඹෙන විටම ආච්චී අම්මා කඩා පැන්නාය. අම්මා හුල්ලමින් අඩා වැටෙයි. අනේ මගේ අම්මේ.. මම නරක කෙල්ලෙක් නෙමෙයි..මධු සමය ගෙවපු කන්‍යාවක් වෙලා දැන් මම. කවුරුත් අහලා තියෙද මම මධු සමයෙන් පස්සේ කන්‍යාවියක් විදියට ඉන්න කෙල්ලෙක් ගැන. මම තොන්තුවෙන් මෙන් සිතුවෙමී. ‘‘කෙල්ලේ කතා කරපන්.. මොකද්ද මේ කර ගත්තේ.. අපි කොහොමද අර මිනිස්සුන්ට මූණ දෙන්නේ.‘‘ ආච්චී අම්මා මා උරහිස් දෙකින් අල්ලා සොලවන්න විය. ‘‘අනේ අම්මේ .. කෙල්ලට පොඩ්ඩක් හුස්ම ගන්න දෙන්නකෝ..‘‘ අම්මා මා ඇගේ වතට තුරුළු කර ගනිමින් පැවසුවාය. ‘‘මේ වැඩ හින්දා අපිට හුස්ම හිර කරගන්න වෙලා තියෙන්නේ.විලි ලැජ්ජාවේ බෑ.. උබත් ඉතිං දැන් කෙල්ලව සුද්ද කරහං.. උබත් දන්නවා නැතෑ නටපු විගඩම්.‘‘ අම්මාටද බැන වැදුනු ඇය කාමරයෙන් පිටව ගියාය. මගෙන් කිසිත් නොවිසූ ඇය මා තුරුලේ හොවාගෙන ඉකිබින්දාය. මේ ලොව මා විශ්වාස කරන එක ගැනැනිය ඇයයි. මගේ අම්මා.. අම්මා විතරයි මාව විශ්වාස කරන්නේ.. මම අම්මා වැළදගෙන හඩ නැගෙන්නටම ඇඩුවෙමී. ‘‘ම..ගේ... අම්...මේ.. මම ව..රදක්.. ක..රලා නෑ.... අ..නේ.. මගේ.. අම්මේ..‘‘ ‘‘ස්ස්ස්ස්ස්... මම දන්නවා මගේ රත්තරං.. මට ඔයාව විශ්වාසයි.. ඒ මිනිස්සුන්ට ඔයා එපා නම්.. මම ඔයාව ආයි ගෙදර ඒක්ක යනවා.. මගේ රත්තරං අඩන්න එපා.. මං දන්නවා.. මගේ රත්තරං කවදාවත් එහෙම කරන්නේ නෑ.‘‘ අම්මා වරින් වර මගේ නලල සිප ගනිමින් පැවසුවාය. ‘‘අනේ .. අම්මේ දිනිදු..‘‘ ඇයට ඇත්ත කියන්න සැරසුනා පමණකි. මගේ ළගින් වාඩී වුනේ දිනිදුය. ‘‘දිනිදු පුතේ.. පුතත් අපේ දුවව අවිශ්වාස කරනවද? ඔයා ඉගෙන ගත්තු ළමෙක් නේද?‘‘ අම්මා අසරණව ඔහු දෙස බලා විමසුවේය. මගේ අම්මට මෙහෙම අසරණ වෙන්න වැඩ කතේ උබ තමා.. කාළකණ්ණියා.. මගේ ජීවිතේ කෑවා. මම කේන්තියෙන් ඔහු දෙස බැලුවෙමී. ‘‘අනේ කවුද අම්මේ ඕවා හිතන්නේ... මම ඊයේ රෑම කිව්වා.. ඔය ගැන ඔය හැටි හිතන්න එපා කියලා. ඕවා සාමාන්‍ය දේවල්නේ. මම ඕවා බලාපොරොත්තු වුණෙත් නෑ.‘‘ ඔහු හරිම සැහැල්ලුවෙන් පවසද්දී මම මුව අයාගෙන බලා වුන්නෙමී. ‘‘මගේ දූට සිහි ආවද?.. අඩන්න එපා වස්තු.. මේකප් එකත් සව්ත්තු වෙලා.. කෝ.. නවත්තන්න. මම මුලින්ම කිව්වනේ.. ඔය දේවල් මට බලන්න ඕනේ නෑ කියලා.. අපි දන්නවා ඔයා හොද ළමෙක් බව.‘‘ දිනිදු සිටි තැනම වාඩී වූ දිනිදුගේ අම්මා.. මා තුරුළු කර ගනිමින් පැවසුවාය. මම අම්මා දෙස බැලුවෙමී.. ඇය අමාරුවෙන් කදුළු අතරින් සිනා සෙන්නට වුවාය.. මට ඇය ගැන දැනුනේ දරා ගත නොහැකී වේදනාවකි. රැයක් දවාලක් නැතිව පියෙකුත් නැතිව මා ආරක්ෂා කළ ඇයට දුක් දෙන්න වීම ගැන මම දුක් වුනෙමී. ‘‘යමු.. ඔන්න ආයි ඔය ගැන හිතන්නවත් ඕන නෑ.‘‘ ආදරයෙන් මගේ අතින් අල්ලා ගත් දිනිදුගේ අම්මා මාව රතු පැහැ මංගල රථය වෙතටම රැගෙන ආවේය. දිනිදු දැන් හැසිරෙන්නේ මුළු අතීතයම අමතන වු යෙකු මෙනී. මට කාර්රථයට නගින්නට දොර විවර කර දුන් ඔහු. අනෙක් පසින් කාර් එකට නගුණේය. කාර් රථයේ රියදුරු සමග සිනහා වෙමින් කතාකරමින් සිටි ඔහු, මගේ ගෙල වට අතක් යවා මා ඔහුගේ ළගට වාරු කරගත්තේය. රියදුරා ඉදිරිපිට කිසිත් කියන්නය අපහසු වුණ මම නිහඩවම සිටියෙමි. නමුත් මගේ සිතට දැනුනේ දැඩී පිළිතුල් සහගත හැගීමකී. දෙවෙනී දවස සූදානම් කර තිබුනේ දිනිදුලාගේ නිවසේය. අපි එන තුරු මග බලා සිටි අනුහස් සර්රුත්, සුදු අක්කාත් අපිව ආදරෙන් වැළද ගත්තේය. ‘‘ඔන් එහෙනම් සදනී අපේ ගෙදර නවතින්නම ආවා.‘‘ අනුහස් සර් පැවසුවේ, දිනිදුගේ උරහිසට අතින් තට්ටුවක් දමමින් වුවේය. ‘‘චුචී.. නන්දී.. මත උම්මා එකක්.‘‘ මගේ අසලට දුවගෙන පැමිණි අනුහස් සර්ගේ පුංචී පුතු සුරතලයට පැවසුවෙය. ඔහුගේ අව්‍යාජ සිනහව දකින කළ මගේ දුක් සංකා ඉබේටම අතුරුදහන් විය. ඔහු වෙතට නැඹුරු වූ මම ඔහුව ආදරයෙන් සිප ගත්තෙමී. සාදය සාමාන්‍ය විදියටම පැවතුණි.. දිනිදුගේ හැසිරීමද සාමාන්‍ය වි තිබුණි. සියල්ලන් ඉදිරියේ අත්පටලාගෙන මා සමග ආදරෙන් පියවර තැබු ඔහු මෙලොව හොදම ස්වාමී පුරුෂයගේ චරිතයට පණ පොවන්න විය. හොදම පෙම්වතාගේ චරිතයට පණ පොවන්න විය. අපිට තෘප්තිමත් මධු සමයක් තිබූ බව අගවන්නට විය. පිටතින් හිනා වුන මම හදවතින් හඩා වැටුවෙමී. මගේ කදුළු කාටවත් නොපෙනෙයි. මම සිත සමග ලොකු අරගලයක වුන්නෙමි. දිනිදු ඔහුගේ යහළුවන් සමග එක්වී බොමින් සතුට සමරනු මම දුටුවෙමි. ඔහු මේ සමරන්නේ මට අපහාස කිරීමේ සතුටද?. මම මේක කාටම හරි කියන්න ඕනේ නැත්තම් මගේ හිතට කිසිම නිදහසක් නෑ. මම අනුහස් සර් දෙසට ගියෙමී. මම කොහොමද අනුහස් සර් එක්ක මේක කියන්නේ.. මම ඈත සිට ඔහු දෙස බලාගෙන කල්පනා කලෙමී. එවිට මම දුටුවේ අනුහස් සර් ඔහුගේ අම්මා සමග මොනවාදෝ කියවන බවයි. මම රහසින්ම ඔවුන් වෙතට කිට්ටු වුනෙමී. ‘‘මොනවද අම්මේ ඔය විකාර අදහස්.. ඕවා මහ හන මිටි අදහස්නේ.. මම අම්මලට මගෙයි සුදුගෙය ඕවා බලන්න වත් දුන්නද?. නෑනේ..‘‘ ‘‘හරි හරි පුතේ.. මම මේ නිකමට කිව්වේ.. අපිටත් ඕවා වැඩක් නෑ.. අපේ පොඩි එකා මෙනවා හිතනවද දන්නේ නෑ.. ඒකයි.‘‘ අනුහස් සර්ගේ අම්මා වට පිට බලමින් පැවසුවාය. ‘‘ඔය ඉන්නේ දෙන්නා හොදට හිනා වෙවී.. අපි නොදන්නවා වුණා.. දෙන්නගේ කලින් මොනවා හරි තිබුනද දන්නවද?. අර එක සැරයක් අපි දවස් ගානක් හොටෙල්ස් වලත් නැවතිලා හිටියේ. අපේ පොඩිත් හිටියේ එහෙනේ ඒ දවස් ටිකේ..‘‘ තවත් ඔහුට ඇත්ත පැවසීමෙන් පලක් නැති බව මම තේරුම් ගත්තෙමී. ඔහු සිතන්නේ මමත් දිනිදුත් සමග හොද සම්බන්දධයත් ඇති බවයි. ඔවුන්ගේ ඇස ගැටෙන්නට ඉඩ නොදී මම එතනින් ඉවත් වුණෙමී. සුදු අක්කාට කියන්න සිතුවෙමී. ඇය දරුවෙතක් ලබන්නට සිටින අයෙකී. හිත අවුල්වන දෙයක් කෙලෙස කියන්නද. අනෙක මම පවසන කිසිත් කිසිවෙකු පිළිනොගන්නා බව මම දැන වුන්නෙමී. අම්මාට පැවසීමෙන්ද වන්නේ ඇගේ සිත තුළ සැමදා මා වෙනුවෙන් ගිනි දැල් ඇවිලීමක් පමනකී. දිනිදු අයියාගේ අම්මා එක්ක කියන්නද? බෑ.. කොයි අම්මට පුතා අතෑරලා ලේලිගේ පැත්ත ගන්නේ. දිනිදුට අවශ්‍ය අන් අය ඉදිරියේ මා සමග සතුටින් ජීවත් වන බව පෙන්වන්නයි. ඔහු එය මට ඊයේ රාත්‍රියේම ඒ ගැන ඉගි කලේය. එනිසා මට මේ පැටලවිල්ලෙන් ගැලවීමක් නැත. සිදු වන දෙය බලා සිටීම හැර වෙන විකල්පයක් නැත. දිනිදු අද ගගනටයි අර කෙල්ලටයිත් ඉන්වයිට් කලා කිව්වා කෝ නෑනේ.. මහ ජරා මනුස්සයෙක් ඕකා තමා මේ සේරටම මුල.මම සිතින් දොස් පැවරුවෙමී ‘‘මගේ කෙල්ලේ.... මම චුට්ටක් බිව්වා .. කමක් නෑනේ.‘‘ වැනි වැනී පැමණි දිනදු මත්පැන් පිරවු වීදුරුවක්ද අතතැතිව මගේ කර වටා අතක් දමා ගත්තේය. ‘‘මොකද සුදෝ.. මගේ ලග අරක්කු ගදයිද?... අද විතරයි වස්තු.. මේ සතුට මම සමරන්ම ඕනේ.‘‘ සියල්ලන් සිනහා වෙද්දී. ඔහු මගේ මුහුණ සිප ගත්තේය. මට දැනුනේ අප්‍රසාදයක් පමනකි. ‘‘ අපි නටමුද රත්තරං.. ‘‘ඔහු මාව බිමතින් නටන පිරිස අතරට රැගෙන ගියේය. නටන්නට සිතක් නොවුනත්.. අන් සියලු දෙනාගේ නෙත් මා දෙස රැදී තිබු නිසා මට නටන්නට සිදු විය. අම්මාගේ මුහුණේ ඇදී තිබූ සතුට මම තවත් දිරි මත් කලාය. සතුටු සිනා මැද සාදය හමාර වෙද්දී, කදුළු අතරින් මට සමු දුන් අම්මාත්, අච්චි අම්මාත් ,ගමෙන් පැමිණ සිටි නෑදෑයනුත් නිවෙස් බලා පිටත් විය. සියල්ලන් නික්ම ගිය පසු නිවස තුළ අමු සොහොන් පිටියක මෙන් මූසල බවක් මට දැනේන විය. ජීවිතේ දෙවෙනී වතාවට දිනිදුගේ කාමරයට ඇතුළු වු මම ඔහුගේ යහන මත හිදගෙන වට පිට බැලුවෙමී. මම මුලින් ඔහුගේ කාමරයට පැමිණි දවසේ මෙන්න එය ඉතා පිළවෙලට හා පිරිසිදුවට තිබුණි. පරිඝණක පාඨමාලාවේ සමුහ චායා රූපට තවමත් ඔහුගේ පොත් මේසය මත ඇත. මගේ එක් පසකින් සිටගෙන සිටින දිනිදුත්, අනෙක් පසින් සිටගෙන සිටින ගගත් දෙදෙනාම මට ගෙන දුන්නේ වේදනාවන් පමණකි. මම ඔවුන් දෙදෙනාට වෛර කරමි. අපි එන්නටත් ප්‍රථම පළමු දිනයේ මංගල චායා රූපයද පොත් රාක්කය මතට එක් වි තිබුණි. දැක විද සතුටු වන්නට තිබු සොදුරු මතක සටහන් දැක.. අද මට උරුම වි ඇත්තේ හූල්ලන්න පමණකී. ඇග දොවගෙන සැහැල්ලු රෑ ඇදුමකුත් ඇග ළාගෙන මම කාමරය තුළට පැමිණියෙමී. ඒ වන විට දිනිදු ඇද මත වැතිර සිටියේය. ඔහුට කතා නොකළ මම මගේ පාඩුවේ නිදා ගැනීමට සූදානම් වුණෙමී. ‘‘මගේ.. පණ ඔයා.. තනියම නිදා ගන්නද හදන්නේ.‘‘ ඔහු හොදටම මත් පැන් පානය කර ඇත. ඔහුට කතා කර ගැනීමටද අපහසුය. මම කිසිවක් නොපැවසුවෙමී. පොරවන යට ගුළි වුණ මම අනෙක් පසට හැරී නිදා ගන්නට සැරසුනෙමී. ‘‘ඕ... වස්තූ.. අපි අදවත් හනිමුන් යමු නේද?.‘‘ ඔහු සමච්චලයට මෙන් පවසන්න විය. එවිට මගේ කෝපය ඇවිස්සුනි. නිවස තුළ කළබල ඇති කිරීමට අකමැති වු මම නෑසුනා මෙන් වුන්නෙමී. ‘‘එන්නකො වස්තු...‘‘ ඔහු මගේ ඇග මතට පාදයක් දැමුවේය. ‘‘වද නොදී පාඩුවේ නිදා ගන්නවා.. තමුසෙට ඕනේ.. තමසෙලගේ අම්මා සතුටු කරන්න කසාදයක්නේ.. ගෑනියක් ඕනේ නෑනේ.‘‘ මම ඔහුව ඉවතට තල්ලු කර දැමුවෙමී. එහෙත් ඔහු මාව දැඩිව අල්ලා ගෙන සිටී. මා බලෙන්ම ඔහුගේ තුරුලට ගන්නට ඔහු සමත් විය. ‘‘වද දෙන්න එපා... ඊයේ වගේ නිදා ගන්නවා.‘‘ ‘‘ඇයි වස්තු එහෙම කියන්නේ.. මං ළග ගදදයිද?.. ඉන්න.. ඉන්න.. මට වෙරි නෑ... මම වොස් එකක් දාන් එන්නම්.‘‘ ඉන් පසු ඔහු ඇද මේස පුටු වල හැප්පෙමින් නාන කාමරයට වැදුනේය. ඔහු ආපසු පැමිනෙන විට මම සිටියේ නින්දත් නොනින්දත් අතර විය. නෑම නිසා සිතල වු ඔහුගේ දෑත් නිරුවත් උඩු කය සීතලට මගේ සිරුරේ ස්පර්ශ වනු මට දැනුනි.. උණුසුම් රාත්‍රියේ ආසාවෙන් විද ගන්නට තිබු ඔහුගේ පහස අද මට ගෙන එන්නේ වේදනාවත්, පිළිකුලත් පමණකී.මම ඔහුගෙන් ඈත් වුනෙමි. ඔහු එන්න එන්නම මගේ තුරුළට එයි. ‘‘ මාව අර සේරම ඉස්සරහා ලැජ්ජා කරලා දැන් මොකටද ඔය දේවල්.‘‘ මම කෝපයෙන් යහන මත වාඩී වුනෙමී. ‘‘අනේ... එන්නකෝ..‘‘ ඔහුට මගේ කෝපය ගැන කිසිදු තැකීමක් නැත .ඔහු පිස්සෙකු මෙන් මා වෙතට ඇදී එයි. ‘‘ ඇත්තට පිස්සද තමුසෙට.‘‘ ‘‘ඔව් මට පිස්සු.. මෙහෙ එනවා.. ඔහු එවර මා නැවත ඇද මත හාන්සි කරවීය. මම නැත නැගිට්ටෙමී. ‘‘ඊයේ බැරි දේවල් අද මොකටද?. මම ගගන එක්ක ගිය නරක ගෑනියක්නේ.. දැන් මොකටද මගේ ළගට එන්නේ.‘‘ ‘‘මට ඕනේ හිංදා..‘‘ ‘‘දැන් මට එපා..‘‘ මම ඇද මතින් නැගිට්ටෙමී. ‘‘උබ මගේ... කසාද ගෑනී.. මට ඕනේ විදියට තමා සේරම වෙන්න ඕනේ.. ‘‘ එවර ඔහුගේ ග්රහනයෙන් මිදෙන්නට මට නොහැකී විය. ජීවිතයේ මුල්ම වතාවට විද ගන්නට තිබූ ආශ්වාදය වෙනුවට මට උරුම වුයේ වේදනාවක් පමණකී. නිරුවත් වු සිරුර පොරවණයෙන් වසා ගත් මම ඉකි බින්දෙමී.. කදුළු සමගම නින්දට වැටුණු මම උදෑසන ඉබේටම අවදි වුනෙමි. අමාරුවෙන් ඇදෙන් බැස ගත් මම වෙන ඇදුමක් දමාගෙන මුළුතැන්ගෙට යන්නට සිතුවෙමී. මෙහි සිදුවක කිසිවත් නොදන්න ඔවුන් උදෙන්ම මුළුතැන් ගෙට මගේ පැමිණීම බලා පොරොත්තු වන බව මම සිතුවෙමී. තවමත් නින්දේ පසු වුන දිනිදුට එසේ ඉන්න හැර මම ඇදෙන් බැස්සෙමී. එවිට මට දැක ගන්නට ලැබුනේ සියල්ලන් ඉදිරියේ මම අපහසුතාවයට ලක් වු, සියල්ලන් මගේන් බලාපොරොත්තු වු ඒ සලකුණයි. මම එතන වාඩී වි හැඩුවෙමි.. මම හඩන්නේ ඇයි දැයි මම ම නොදනමි. මම දිනිදු ළග දන ගසා ගත්තෙමී. ‘‘දිනිදු අයියේ... දිනිදු අයියේ...‘‘ මම ඔහුගේ උරහිසින් අල්ලා සෙලෙව්වෙමී. ‘‘ ඇයි ඔයා මට මෙහෙම කලේ.. ඇයි.... බලන්න.. ඇයි .. මා ඔයාගේ අම්මලා ඉදිරියේ නරක කෙල්ලෙක් කලේ.‘‘ ඔහු යන්තම් ඇස් හැර බලද්දී.. මම හඩමින් පැවසුවෙමී. ‘‘අඩන්න එපා රත්තරං‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 13 Feb 2017 03:53 AM chamaramindMost Senior MemberPosts:13471 12 Feb 2017 05:48 PM හොදම හරිය ඊළගට වෙන්න ඕන සඳුනිVeteran MemberPosts:2462 12 Feb 2017 04:23 AM හිරුයි තරුයි. තිස්දෙකවන කොටස. ‘‘රත්තරං... ‘‘ චායාරූපයක් සදහා මගේ තුරුළුට හුගක්ම ළං වී සිටි ඔහු විමසුවේය. ‘‘ම්ම්ම්ම්ම්.... ඇයි දිනිදු අයියේ..‘‘ ‘‘අද ඉදන් ඔයා මගේ.. මගේ විතරමයි..‘‘ ඔහුගේ වදන් වල ගැබ් වී තිබූ ආදරණීය බව මා හදවතට සිව්ම් වේදනාවක් ඇති කලේය. ඔහුගේ පපුවට බර වුණ මම ‘‘මං ඔයාගේ විතරමයි.. ‘‘ පැවසුවෙමි.. ‘‘එහෙනම්... බොහොම ස්තුතියි.... එහෙනම්.. මම මෙතනින් නවතිනවා..‘‘ එලෙස අපිට පැවසු චායාරූප ශිල්පියා පිටව යද්දි මමත් දිනිදුත් නැවත කාර් එකට නැගුනෙමු.. අපි චායා රූප ගැනීමටට නතර වුණ මොහොතේ අප පිටු පසින් පැමිණි වෑන් එක ,අපි රාත්‍රිය ගත කරන අවන්හල වෙත නොනැවතී ගොස් තිබුණි. අපි දෙදෙනාත් අවන්හලට යාමට ගමන් ඇරඹුවෙමු.. ‘‘සදා... වස්තු...කෝ... අපි දැන් බහින්න ඕනේ.‘‘ මගේ උරහිසකින් අලවා සොලවමින් ඔහු පවසන්න වුවේය.අවන්හල ලගා වන විට මට දිනිදුගේ තුරුලේ හොදටම නිද්ද ගොස් තිබුණි.ඔහුගේ හඩින් පිබිදුණු මම මගේ දිගු ගවුම කෙටි කර අල්ලා ගනිමින් ඔහු සමග පියවර නැගුවෙමී. මේ සුන්දර රාත්‍රිය වෙනුවෙන් අපිටම වෙන් කර තිබු කාමරය අපිට උරුම කර දුන්.. අප දෙමාපියන් යන්නට සූදානම් විය. ‘‘සදා කෙල්ලේ මෙහෙ වරෙන්.. ‘‘ මොහොතකට පිරිසෙන් මා වෙන් කර ගත් මගේ ආච්චී අම්මා දෙයක් පවසන්නට සූදානම් විය. ‘‘ඇයි ආච්චී අම්මේ..‘‘ ‘‘සනුහරේ.. නම රැක ගනිං තේරුනාද .‘‘ ඇය එහෙම කියද්දී .. මගේ සිත ලැජ්ජාවෙන් බර විය. තවත් මොකුත් නොපැවසු මම ලැජ්ජාවෙන් ඇය දෙස බැලුවෙමී. මගේ සිනහවටම හවුල් වුණ ඇය මගේ හිස අත ගා නළල සිපගත්තාය. සියල්ලන් පිටව ගිය පසු කාමර තුළ ඉතිරිව සිටියේ ඔහුත් මාත් පමණකී.. මම කාමරය පුරා නෙත් යවා බැලුවෙමී. ‘‘ලස්සනද?‘‘ දිනිදුගේ කටහඩ මට ඇසුණේ රහසින් මෙනී. ඔහු සිටියේ පිටුපසින් මා වැළදගෙන උරතලය මත හිස හොවාගෙනය. ‘‘හ්ම්ම්.. හරිම ලස්සනයි.‘‘ මම එක් අතක් ඔහුගේ කොපුල මත රදවා සිවුම පිරි මදිමින් පැවසුවෙමී. කාමර පුරා තැනින් තැන දැල් වුන කුඩා විදිලි බුබුලු.. සුන්දර මද ආලෝකයක් කාමරය පුරා පතුරවා තිබුණි.. ඒ අදුරේ ගිලුණු අපි ආදරෙන් වෙලී සිටියෙමු.කාමරය සරසන්නට යොදා ගෙන තිබූ නැවුම් මල් නිසා.. අමුතුම සුගන්දයක්ද ඒ මොහොතට එක්ව තිබුණි.. තවත් කොනක අපි වෙනුවෙන් සුදානම් කර තිබු ආකර්ෂණිය කෑම මේසයකී. ‘‘මම කෑම මෙහෙට ගේන්න කිව්වා.. කමක් නෑනේ.. ‘‘ මම කෑම මේසය දෙස බලන බව දැනුන නිදාදො ඔහු නැවතත් හඩ අවදී කලේය. මගේ නෙත ඉන් පසු අපි වෙනුවෙන් පිළිවෙල වූ යහන වෙතට යොමු විය. ඒ මත පොරුව මතදී ලබා දුන්.. සුදු ඇතිරිල්ල අතුරා තිබුණි. එය දකින මට දැනුනේ අපහසුවකී. ලජ්ජාවෙන් හිත පුරවා ගත් මම ඔහු දෙසට හැරුවෙමි. ‘‘මොකද හදිස්සිද?... මුව සිප ගන්නට සැසුණු ඔහු විමසද්දී ,මම මුව ඉතට ගත්තේමී.. ‘‘මොකෝ...‘‘ ‘‘මොකුත් නෑ දිනිදු අයියේ..‘‘ මම බිමට බර කර ගත් මුහුණින් පවසද්දී ,මට දැනුන ලැජ්ජාශීලී බාවය ඔහුට දැනෙන්ට ඇත.. ‘‘පිස්සු කෙල්ල මම වොශ් දාන් එන්නම්.. ‘‘ පවසා ඔහු නානකාමරය වෙතට ඇදුනේය.. යහන මත හිද ගත් මම කොන්ඩ සැරසිල්ල ලිහිල් කරන්නට වූවෙමී.දිනිදු නානකාමරයෙන් පිටතට එන විට මම සුදු පැහැ තුවයක් ඇග දවටාගෙන කවුළුව අසල රැදී වුන්නෙමී.. සීතග වුන ඔහුගේ දෑත් මගේ නිරුවත් වූ උරතලය මත දැවටෙද්දී මම දෙනෙත ඉබේටම පියා ගත්තෙමී. ‘‘හඩු කෙල්ල යනවා... යනවා..‘‘ නිහඩවම සුළු මොහෙතක් මා තුරළේ තබා ගත් ඔහු මට විහිළු කරන්නට වුවේය. මුහුණ පුරා විදිදුණු හාදූ වැස්සකට පසු මම නාන කරමය තුළට වැදුනෙමී. නාන කාමරයේ කැඩපත ඉදිරියේදී, මගේ රුව දකින මට ඒ කුළුදුල් හැගීම් අමුතුවට දැනෙන්න විය. මදක් උණු ජල බිදු සිරුර පුරා විහිදී යද්දී, මට දැනුනේ සුවදායි බවකී..උදේ සිට ඇද පැළද සිටි ඇදුම් නිසාත්, ගමන් මහන්සිය නිසාත් දැනුන වෙහෙසකර බව ඉන් පහ විය. සුදු පැහැ කෙටි තුවායක් ළය වාටා දවටා ගත් මම නානකාමරයෙන් ඉවතට පැමිණියෙමී.. ඒ වන විට දිනිදු කෑම මේසය අසල වාඩී වී සිටියේය. නාන කාමරයෙන් පිටතට එන මම බලාපොරොත්තු වුයේ මීට වඩා වෙනස් පිළිගැනීමකී.. මා පැමිණ බව දුටුවත් ඔහු සිනාසී මා දෙස බැලුවා පමණකී. ඔහු අසුනින් නැගිට්ටේ ද නැත. බඩ ගිනි හැදිලා වගේ.. සුසුමක් පිට කළ මම දුහුල් රාත්‍රී ඇදුමකින් සැරසී.. ඔහු ඉදිරිපිට අනෙක් අසුනේ වාඩී වුනෙමී. ‘‘දිනිදු අයියේ.. බඩගිනි වෙලාද?.‘‘ මම එලෙස විමසද්දී ඔහු තිගැස්සී මා දෙස බැලුවේය. ‘‘ඇයි අයියේ.. මොකක් හරි අවුලක්ද?.‘‘ ‘‘නෑ .. නෑ,. බඩගිනී පණ.. කවන්නකෝ..‘‘ ඔහු පැවසුවේය.. ඔහු පවසන පරක්කුවට මම අසුණ ඔහු වෙත ළං කර ගත්තෙමී. ‘‘එහෙනම් දොයියමු නේද?.‘‘ රාත්‍රී ආහාරයෙන් පසු මද වෙලාවක් කතා කරමින් සිටි ඔහු නෙත් ඉගි කර යහන පෙන්වමින් කීවේය. ‘‘මොකද ලැජ්ජා හිතිලද?... දොයියමු කිව්වට ... දොයියන්න නම් වෙන්නේ නෑ..‘‘ ඔහු මා තුරුළට ගෙන යහන දෙසට පියවර තබමින් කීවේය. එක් නිමේෂයකින් යහන මත වු ඇතිරලි සියල්ල අවුල් කර තිබුණි.. තවත් ඔහුගේ නෙත් දෙස බලන්නට අපහසු මම නෙත් පියාගෙන වුන්නෙමී. ‘‘ෂිට්.. මේ පොන් එක රිං වෙනවනේ ...මේ වෙලාවෙම.‘‘ ඔහු ඇද අසල මේසය මත වු දුරකථනය අතට ගනිමින් පැවසුවේය. ‘‘මේ මගුල ඕප් කරලා දාන්න ඕනේ.. ඔහු පවසද්දී.. මට ඉබේටම සිනහා නැගුණි. දුරකථන තිරය මත මද වේලාවක් නෙත් රදවගෙන සිටි ඔහුගේ මුහුණ අදුරු විය. ‘‘ඇයි අයියේ...‘‘ ‘‘මොකුත් නෑ..‘‘ ඒ සමගම දුරකථනය නැවත නද දෙන්න විය. ‘‘ඕක ආනසර් කරන්නකෝ අයියේ..‘‘ මම පැවසුවේ ඔහු අමුතු විදියට දුරකථනය දෙස බලා සිටි නිසා වෙමී. ‘‘පොඩි වෙලාවක් දෙන්න පණ..‘‘ ඔහු දුරකථනය සවනේ තබාගෙන කාමරයෙන් පිට විය. යහන මත තනි වුණ මම ඔහු එන තුරු බලා සිටියෙමී.. මොහොතින් මොහොත සොදුරු නිමේෂයන් සිහි ගන්වමින් මම බලා වුන්නෙමී. පැය භාගයකට පමණ පසු ඔහු නැවත කාමරයට ඇතුල් විය.. අනෙක් පසට හැරුණු මම නිද බවක් අගවන්නට උත්සහ ගත්තෙමී.සැබවින්ම මට නින්ද ගොස් ඇති බව සිතාදෝ ඔහුත් ඇද මත වාඩී කල්පනාවකට බර වි සිටියේය. මද වෙලාවකට පසු මම ඔහු දෙසට හැරුනෙමි.. ඒ මෙහොතේ දුටු දෙයින් මම කළබලයට පත් වුනෙමී. විදිල්ල වගේ ඇදෙන් පැණ ඔහු අසල හිද ගත් මම ඔහුගේ දෑසට එඹුනෙමී. ‘‘ ඇයි දිනිදු අයියේ මේ.. අනේ.. කියන්නකෝ... මොකද්ද වෙලා තියෙන්නේ.‘‘ විදුලි බල්බවල ආලෝකයෙන් දිදුලමින් ඔහුගේ කදුළු බිදු කීපයක් මුහුණ දිගේ වෑස්සෙමින් තිබුණි. ‘‘කියන්නකෝ අයියේ..‘‘ ‘‘අහකට වෙලා ඉන්නවා..‘‘ ඔහුගේ රළු වචනයත් සමග මගේ සිත කීරී ගැසුණි.. ඔහු එලෙස කිසිදා මට නපුරු අයුරින් කතා කර නැත. එනිසාම මගේ දෙනෙතට ඉබේටම කදුලක් උනන්න විය. මම ඇද කොණක වාඩී ගෙන දණ හිස මත මුහුණ හොවාගෙන ඉකි බින්දෙමී. දිනිදු අයියට මක් වුණාද.. මගේ අතින් වරදක් වුනේ නෑනේ.. කවුද දන්නේ නෑ කොල් කලේ.. මම මොහොතකට පසු ඇදෙන් බැස ඔහුගේ දුරකථනය අතට ගත්තේ කවුද ඇමතා ඇත්තේ දැන ගැනීමටය. දිනිදු අයියා තවමත් මොනවාදෝ කල්පනා කරමින් හඩයි. කුමක් හෝ ලොකු දෙයක් සිදු වී ඇති බව මට සිතුණි. ‘‘දෙනවා මෙහාට.. පටන් ගත්තද අද ඉදන්නම හොර අල්ලන්න.‘‘ ඔහු මගේ අතේ තිබු දුරකථනය උදුරමින් පැසුවේය. ‘‘ඔයා කියන්නෙත් නෑනේ.. කෝ දෙන්න දිනිදු අයියේ.. කවුද කතා කලේ.. මොකද්ද වෙලා තියෙන්නේ කියලා මටත් දැන ගන්න.‘‘ ‘‘තමුසෙට වැඩක් නෑ ඒවා.. තමුසේ තමා.. මේ සේරටම මුල.. ‘‘ දුරකථනය මගෙන් උදුරා ගත් ඔහු මා පසෙකට තල්ලු කර දැමුවේය. විසිවි ගිය මම බිම ඇද වැටුණි. ‘‘අ...නේ.. දිනිදු... අයි...යේ.. ම..ට .කි....යන්න.. මම ඔයාට ක..රපු වරද?..‘‘බිම ඇද වැටුණ විදියටම සිටි මම අඩමින් විමසුවෙමි. ඇදෙන් නැගිටගත් ඔහු මා දෙස බැලුවේ නපුරු බැල්මකිනී. ඔහුගේ නෙත් කෝපයෙන් දැල්වෙමින් තිබුනේය. ‘‘වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි.. තමුසේ නිසා මගේ ජීවිතේ ඉවරෙටම ඉවරයි.‘‘ මම කළ වරදක් නැත . නමුත් කෝපයෙන් පසු වුණ ඔහු මට බැන වදී.. මම නිහඩ වුණෙමී.. පිටු පසට රූටා ගිය මම බිත්තියට හේත්තූ වුනෙමි. ‘‘කෝ තමුසෙගේ .. මහ ලොකු ගගනයා.. වෙඩින් එකටවත් ආවද?.‘‘ ටික වෙලාවක නිහඩ බවකින් පසු ඔහු ගගන ගැන විමසද්දී, මම පුදුමයට පත් වුණෙමී. ගගන කොහොමද මේකට සම්බන්ද වෙන්නේ.. ගගනද මෙයාට කේන්ති යන්න හේතුව. ‘‘ගගන ..‘‘ ‘‘ඔව් ගගන... නම කියද්දිත්.. බය වෙනවා නේද?... ඔහු මා දෙසට නැඹුරු වෙමින් පැවසුවේයේ කෝපයෙණි. ‘‘දිනිදු අයියේ.. මොකද්ද ගගනගේ කතාව.‘‘ ‘‘මම දන්නේ නෑ.. කියලද උඹ හිතන් ඉන්නේ.. මම සේරම දන්නවා උබේ කෙරුවාවල්.‘‘ ‘‘මොනවද?.. ‘‘ එවර මටද කේන්තියක් ඇති වුනෙමී. ගගනත් සමග මට ආදර සම්බන්ධයක් වත් තිබී නැත. එනිසා මට දිනිදු සමග ඇති වුනේ කෝපයකී. මම හුන් තැනින් නැගිට ඔහු ළගට ගියෙමී. ‘‘ඔයා හිතන්නේ.. ගගනයි මායි අතර නරක සම්බන්ධයක් තිබුණා කියලද?.. හරි.. එහෙම දෙයක් තිබුණා නම්.. අද ඔයාට දැන ගන්න පුළුවන්නේ.. දැන් කවුද ඔයාට ඔය බොරුව කිව්වේ.‘‘ ‘‘ගගනයම තමා.‘‘ ‘‘ගගන.‘‘ මම පුදුමයෙන් විවිර වු මුඛය අත්ලෙන් වසා ගත්තෙමි. ගගන මගෙන් පළිගන්නවද?.. මේ තරම් බොරුවක්. දෙවියනේ.. මේ ගගන මොන ජාතියේ මිනිහෙක්ද?. ‘‘මොකද අඩන්නේ.. කට උත්තර නැද්ද?.‘‘ දිනිදු මා වෙත කඩා පැන්නේය. කිසිවක් සිතා ගන්නට නොහැකිව සිටි මම හැඩුවෙමී. ‘‘අනේ.. දිනිදු අයියේ... ඔයාත් මාව සැක කරනවද?.. දෙයියනේ... මට ඔයාට බොරු කරන්න ඕනේ නෑ.. ගගනයි මගෙයි අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.. අනේ.. අනේ... මේ අහන්න.. ඔයාට මාව විශ්වාස නැද්ද?.‘‘ මම ඔහුගේ මුහුණ මා දෙසට හරවා ගන්නට උත්සහ ගත්තෙමී. ‘‘පලයං යන්න බැල්ලී.. එන්න එපා මගේ ළගටම. පලයං ගගන ළගටම.‘‘ මා ඇද මතට තල්ලු කර දැනු ඔහු කාමරේ දොරත් මහ හඩ නැගෙන්නට වසා දමා පිටව ගියේය. මොකද්ද ගගන ඔයා මේ.. මගේ ජීවිතේට කෙරුවේ.. දවසක් හරි මම ඔයාට ආදරේ කරපු එකටද ඔයා මට මෙහෙම කෙරුවේ.. ඔයා මගේන් ආදරේ ඉල්ලද්දී මම ආදරේ දුන්නේ නැති නිසදෙ?. ඔයා මට ළං වෙන්න හදද්දී.. මම ඔයාගෙන් ඈත් වුන නිසාද?. ඒකට මේ තරම් ලොකු දඩුවමක්.. දිනිදු අයියේ.. මෙච්චර කල් මම ඔයා ළගම හිටියා... ඔයාට වත් මාව විශ්වාස නැද්ද?. ඔයාට ගගන කියන දේ විශ්වාස කරන්න පුළුවන්.. මොහොතක්.. එක මොහොතක්... බිංදුවක්.. මාව විශ්වාස කරන්න බැරිදි. හෙට ඔයාගේ අම්මලා ආපුවම මම කොහොද ඒ මිනිස්සුන්ට මුණ දෙන්නේ.. මොනවද මම ඒ මිනිස්සුට කියන්නේ.. මොනවද මම පෙන්නන්නේ.. මගේ පිරිසිදුභාවය බලන්නෙත් නැතුව කොහොම ඔයා මම නරක ගෑනියෙක් කියන්නේ.. මම පාන්දර වෙන තුරුම හැඩුවෙමී. එළිවෙන්නට ආසන්න වී හෝටල් සේවකයෙකුගේ වාරුවෙන් කාමරයට පැමිණි ඔහු.. යහන මතට කඩා වැඩී හොදටම නිදා ගත්තේය. ළගින් ආ තද මත්පැන් ගද නිසා.. ඔහු බීමතින් බව මම හදුනා ගත්තෙමී. ‘‘මට සමාවෙයං බං... මට සමාවෙයං... මම උබ කිව්ව මොකවත්ම විශ්වාස කලේ නෑ.. මට සමා වෙයින්.‘‘ ඔහු නින්දෙන් එලෙස දොඩවන්න විය. තවත් මොහොතක් හඩමින් ඔහු දෙස බලා වුන මම ඔහුගේ දුරකථනය පිරික්ෂුවෙමී. ඔහු කී දේ සැබෑවකී.. අවසන් ඇමතුම පැමිණ තිබුණේ ගගනගෙන්ය. මම කවදාවත් නැතුව ගගන ගැන දැනුනේ දැඩි කෝපයකී. හිතට ආ.. ආවේගයත් සමග මම ඔහුට ඇමතුමක් ගත්තෙමී. ගන්න තුරු බලා සිටි අයුරින්ම ඔහු ඇමතුම ගන්න පරක්කුවට පිළිතුරු දුන්නේය. ‘‘හෙලෝ.. මචං.. මොකද මේ මහ පාන්දර.‘‘ ‘‘මචං.. තමුසෙට දැන් හරි සතුටු ඇති නේද?... සුදු නංගිද කවුද කියලා බැල්ලියෙක් අල්ලගෙන නටනවා මදිවට මගේ ජීවිතෙත් විනාස කරලා දැම්මා බල්ලා.‘‘ මම කේන්තියෙන් වෙව්ලන්න විය. මට ඔහුගේ හඩ ඇසෙන විට මට දැනුනේ කෝපයකී. ‘‘සදා.. ඔයා... මොනවද මේ කියන්නේ.‘‘ ඔහු දැන් කිසිවක් නොදන්න අයුරින් කතා කරයි.. මට දැනුනේ එවෙලේ ඔහු සොයා ගොස් මරා දමන්නට තරම් කෝපයකී. ‘‘මොනවද කියන්නේ... හ්හ්.. මොනවද කියන්නේ.. තමුසේ මොනවද කිව්වේ.. මගේ ජීවිතේම කෑවා කාලකණ්ණියා.‘‘ ‘‘සදා.. මක් වෙලාද?.. මොනවද එයා මේ කියන්නේ. මට කියන්න මොකද්ද වුණේ.‘‘ ‘‘තව බබා වෙන්න හදනවා.. මම මොනවා කියන්නද?.. තමුසේ ලස්සනට කියලා තිබුනේ.‘‘ තවත් කිසිත් පවසන්ට ඉඩ නොදුන් මම ඇමතුම විසන්දී කර දැමුවෙමි. ඉන් පසු එක දිගටම ගගන මට ඇමතුම් ගත්තේය. කරදරය ඉවරයක් නැති තැන මම දුරකතනය ක්‍රියාවිරහිත කර දැමුවෙමී. ‘‘පට්ට වේ... නැගිටපිය.. තොට ලැජ්ජා නැද්ද යකෝ.‘‘ පසු දින මම අවදී වුනේ.. දිනිදු මගේ අතකින් අදිමින් බැන වදිද්දීය. ‘‘මොකද?.‘‘ මම අඩ නින්දෙන් මෙන් විමසුවෙමී. ඒ සමගම මගේ කම්බුල හරහා පහරක් වැදුණී. ඒ පාරේ දරුණු බව සමග මම විසිවී.. ඇද මතටම වැටුනෙමී. ‘‘අහන ලස්සන.. පට්ට.. බැල්ලි.. තෝ.. බය නැතුව මගේ පොන් එකෙන්ම අරූට කතා කරලා නේද?.‘‘ සිදුව තිබිනේ මම නොසිතු පැත්තකී. හිතට ආ ආවේගය සමග මම ඇමතුම ගත්තත් මෙලෙස සිදු විය හැකි බව මොහොතකට වත් සිතුනේ නැත. ඔහුට කරුණු පැහැදිළි කර පලක් නැත. ඔහු සිටින්නේ තද කෝපයෙනී. මම ඉකි බින්දෙමී. ‘‘මොකද? අඩන්නේ.. ඌ එක්ක කතා කරන මගුලක් උබේ පොන් එකෙන්ම කතා කරන්න තිබුණනේ.. මට රිද්දන්න වෙන්න ඇති මගේ එකෙන්ම ගත්තේ.‘‘ ‘‘අනේ... දිනිදු.. අයියේ.‘‘ මම ඉකිබිදුම් මැද කීවෙමී. ‘‘දිනිදු අයියේ..තව මොනවද උබට මට කියන්න ඉතුරුවෙලා තියෙන්නේ.. තෝ ආයි ඔය කටින් මට දිනිදු අයියේ... කියන්න එපා .. තේරුණාද?. තෝ නිසා.. මගේ අම්මලා අයියලා දුක් වෙනවට මම ආස නෑ.. ඒක නිසා.. ඔය විදියටම සද්ද නැතුව.. මං කියන විදියට හිටපං.. නැත්තම් මං තෝව පට්ට ගහනවා.‘‘ ඔහු පවසාගෙන ගියේය. කවුරු සතුටු වෙන්නත් මම දැන් පෙන්නන්නේ මොනවද? මම තවත් හැඩුවෙමී. එය ඔහුගෙන් විමසන්නට මට ශක්තියක් නැත. තවත් පැය කීපයක් මම ඇද මතට වී ඇඩුවෙමී. ඔහු කාමරේ නොසිටි නිසා විසිරි ගිය කාමරය පිළිවෙල කළ මම වෙනත් ඇදුම්ක ඇද ගත්තෙමී. යහන මත ඇතුරුවත් කිසි ඵලයක් නොවු සුදු පිරුවටයද නවා මම ඇද කොනක තැබුවෙ කදුළු ඉවසා ගත නොහැකි තැනය. කාලය ගෙවී දෙවෙනී ගමනට සූදානම් වන වේලාවද ළගා වෙමින් තිබුණි. කලින්ම පැමිණී.. වත්සලා අක්කා කාමරයට ඇතුළු විය. ‘‘ඕ.. ඩාලිං.. කොහොමද ප්‍රස්ට් නයිට් එක.. කෙල්ලට හෙන මහන්සී පාටයි.‘‘ මගේ මුහුණට එඹුනු ඇය පවසද්දී.. මගේ ආත්මය ඇවිලී ගියාය. මධු සමය කියලා එකක් මට තිබ්බේ නෑ කියලා මම ඔයාලට කියන්නේ කොහොමද?.. මට මහන්සී අඩලා කියලා මම ඔයාලට කියන්නේ කොහොමද?. තව ටිකකින් අම්මලා එයි. එයාලා අර රෙද්ද බැලුවම.. මම මොනවද දෙන උත්තර.. අනේ දිනිදු අයියේ... ඔයා මොකද්ද මේ මට කලේ.. ඇයි දෙයියනේ.. මගේ අම්මා ඉස්සරහා මම නරක ගෑනියෙක් කරන්න එයා උත්සහ ගන්නේ.. ඇයි.. මගෙන් මෙහෙම පළි ගන්නේ. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 12 Feb 2017 04:20 AM සඳුනිVeteran MemberPosts:2462 11 Feb 2017 05:26 PM හ්ම්ම්.. කදුළු අත ළග... සදාගේ.... sha733Super Senior MemberPosts:7332 11 Feb 2017 01:21 AM කියවගෙන ගියාට මොකෝ හෙන දෙගිඩියාවක් තියෙන්නෙ. චාරැක මොනවද කියන්නෙ යන්න කියල සඳුනිVeteran MemberPosts:2462 10 Feb 2017 02:42 PM හිරුයි තරුයි. තිස්එක්වන කොටස. ‘‘යමුද?... අම්මේ අපි ගිහින් එන්නම් එහෙනම්.‘‘ අම්මාගේ දෙපා නැමද මම නිවසින් පිට වුනෙමී. කාර් එකට නැගුණ අපි නගරය කර ගමන් කරන්න විය. ‘‘කෙල්ල හරි සතුටින් නේද?.‘‘ දිනිදු සැරින් සැරේ මගේ දිහා බලමින් කිව්වේය.. මම එයට සිනහවකින්ම උත්තර දුන්නෙමී. අවුරුදු ගානක් ආදරේ කරලා එක වහලක් යටට වෙන්න හදද්දී සතුටු නැද්ද?. ආදරේ කරන හැමෝම ප්‍රාර්ථානා කරන්නේ හැමදාම තමන් ආදරේ කරන කෙනාගේ ළගටම වෙලා ඉන්න.. දිනිදු මට දුන්න ආදරෙත් එක්ක මට එයා ගැන ලොකු විශ්වාසයක් තිබුණි. දිනිදු මම වෙනුවෙන් හුගක් දේවල් වෙනස් කර ගත්තේය.. කලින් වැරදී කරන්න ඇති ඒත් එයා යහපත් කෙනෙක් විය.. වුණ පුංචී පුංචී සිදුවීම් එක්ක දිනිදුත් මාව රවට්ටනවා ඇද්ද කියලා මට හිතුනත් ඒ අවස්ථා වලදී මම මගේ හිතටම තරවටු කර ගත්තේ ඔයා කොහොමද දිනිදු ගැන ඒ විදියට හිතන්නේ වත් කියලා සිතමින් විය. ගගන වෙනස් වුණාට හැම පිරිමියම එක වගේ නෑ කියලත් මම නිතරම හිතට දොස් පැවරුවෙමී. ‘‘මොනවද කෙල්ල හිතන්නේ.‘‘ එවර දිනිදු මගේ දිහා බැලුවේ ඉදිරිපස කණ්ණාඩියෙන්ය.. මාත් හොරෙන්ම ඒ හරහාම ඔහු දෙස බැලුවෙමී. ‘‘මම මේ හිතුවේ... අපරාදේ මම ලොකු අමාරුවක වැටෙන්න යනවා නේද කියලා.‘‘ මම දිනිදු දිහා හොරෙන් බලගෙන් කියද්දී ඔහුගේ මුහුනේ නොවැටහුන බවක් පෙනුනී. ‘‘ඒ කිව්වේ.‘‘ ‘‘ඔයාව බැදගෙන මම අමාරුවේ වැටෙන්න යනවා කිව්වේ.‘‘ මම හයියෙන් සිනාහා වෙමින් පැවසුවෙමී. ‘‘මොන රටේද මැට්ටී.. කසාද බැන්දම ගෑනු අමාරුවේ වැටෙන්නේ... බැද ගත්තම අහිංසක අපි තමා අමාරුවේ වැටෙන්නේ.‘‘ ‘‘ ආ... එහෙමද?... ඉතින් නොබැද ඉන්න බැරියා..‘‘ මම බොරු තරහක් මුහුණට ගෙන ගස්සා අහක බලා ගත්තෙමි. ‘‘පේනවා නේද? බදින්න කලින් දාන ගෑස්.. බැන්දම කොහොම තියෙද?.‘‘ ‘‘ඔයා හරි නරකයි දිනිදු අයියේ.‘‘ මම ඔහුගේ උරහිස රිදෙන්නම කෙනිත්තුවෙමී. ‘‘ආයී.. ආයී... මැට්ටී.. මේ වාහනේ කැලේ යයි ඈ...‘‘ ඔහු සිහහා වෙමින් පැවසුවේ මගෙන් බේරෙන්න එහාට වෙන ගමන් වුවේය. ‘‘කමක් නෑ.. හ්ම්ම්.‘‘ රවාගෙන ඔහු දෙස බැලුවත් මට සිනහව සගවා ගැනිමට නොහැකි විය.. ‘‘..ඒ..ඔන්න කැකිරි දතක් පේනවා..‘‘එවිට මගේ හිනාව එපියට පැන්නේය ‘‘ අපෝ මැට්ටී.. රවන්නවත් දන්නේ කෑ..‘‘ ‘‘ඔයා දන්නවනේ.. ‘‘මම දන්නවා තමා..‘‘ ඔහු එවර රවා ගත්තේය. ‘‘ඇති ඇති ඉතින්.. ඔය රගපෑවා දැක්කම බය හිතෙනවා.. ෂික් මුනේ කැත.‘‘ ‘‘වෙඩින් එකෙන් පස්සෙම මූනේ කැත බැලුවා නම් ඉවරනේ.‘‘ ඔහුත් මගේ සිනහවටම එක් වෙමින් කීවෙමී. ‘‘මේ ඒක නෙමෙයි.. ගගනට වෙඩින් එක කිව්වද?.‘‘ දිනිදු එක පාරටම එහෙම කියද්දී.. මගේ මූණ නිකම්ම වෙනස් විය. ‘‘හ්ම්ම්ම.. අම්මා ගගනලාගේ ගෙදරට කිව්වා. ගගනටත් කාඩ් එකක් පොස්ට් කලා.‘‘ ‘‘එයිද?.‘‘ මොකද දිනිදු අයියා ගගන ගැන මේ හැටි අහන්නේ.. තාමත් ගගන ගැන හිතේ තියෙයි කියලා හිතනවා වත්ද?. මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමී. ‘‘මොකද ළමයෝ ඔහොම බලන්නේ.‘‘ ‘‘දිනිදු අයියේ... ඔයා තාමත් හිතනවද මම ගගන ගැන හිතනවා කියලා.‘‘ මම ඒක ඇහුවේ ඇත්තටම දුකෙන්මි. මම ගගනට ආදරෙන් සිටි බව ඇත්තය.. නමුත් මම දැන් ආදරේ කරන්නේ දිනිදුට පමණකී. ‘‘ඒ මැට්ටී.. මම නිකන් ඇහුවේ..ගගනයා මගෙත් යාළුවනේ.. ඔයා දන්නවද ගගන අර ග්ර්ල් එක්ක එන්ගේජ් වෙලා. මම හෝම්කමින් එකට දෙන්නටම ඉන්වයිට් කලා..‘‘ දිනිදු හරිම සැහැල්ලුවෙන් කියන් ගියේය. අනේ හොදයි.. ගගයි ඒ ගෑනු ළමයයි ආදරෙන් ඉන්නවා නම් මොන තරම් දෙයක්ද?.. ඇත්තටම ගගන හොද කෙනෙක්.. එයාට සුදු නංගී ගැන මට හංගන්න හේතුවක් තියෙන්න ඇති. කොහොම හරි.. සේරම හොදින් සිද්ද වෙනවනේ . මම සුසුමක් හෙලා සිත සැහැල්ලු කර ගත්තෙමී. සැලුන් එකට ගොඩවැදුන අපිව එහි හිමිකාරිය වු.. වත්සලා අක්කා ආරයෙන් පිළිගත්තාය. කීපසැරයක් මෙහි පැමිණි නිසා ඇයට අපිව හොදින්ම මතක තිබුණි.. ‘‘එහෙනම් දිනිදු මල්ලී මෙතන ඉන්න.. අපි මුලින්ම නංගිට ජැකට් පිට් කරලා බලන්නම්කෝ..‘‘ ඇය දිනිදුට සෙටිය පෙන්වමින් කීවාය. ‘හරි වත්සලා අක්කේ.‘‘ ‘‘දැම්ම නම් කොල්ලට බලන්න ලැබෙන්නේ නෑ.. අර රෑටම තමා ජැකට් පිට් වෙලාද බලන්න වෙන්නේ... ‘‘ ඇය කිව් දෙය වැටහුනු දිනිදු ලැජ්ජාශීලී සිනහවක් නැගුවෙය. ඇයටත් කලින් මම සැලුන් එකේ ඇතුල් කාමරයකට පිවිසුනේ දැනුන ලැජ්ජාව නිසා වෙමී. ඇයෙ සාරි හැට්ටය ලස්සනට නිමවා තිබුණි.. රන් පැහැයට හුරු ලේස් රෙද්දකින් අත් දිගට සහ වැඩි පුර පිට නිරාවරනය වන අයුරින් මසා තිබුනී... සාරි හැට්ටය පුරා දිළිසෙන මුතු පබළු අලවා තිබුණි.. ඒ විලාසිතාව අපි ගත් සාරියට හොදින්ම ගැලපී ඇත. දෙවෙනී දවස සදහා.. රතු පැහැ ඉන්දියන් ක්‍රමයට සාරියක් සූදානම් කරන ලෙස අපි ඇයිට දන්නා තිබුණි. පළමු දින හවස අවන්හලට පිට වීමට පෙර අදින්නට දම් පැහැ අත් නැති දිග ගව්මක් මසා තිබුනේ.. දිනිදුගේ ඉල්ලීම මතය. මගේ ඇගට හොදටම කැපෙන පාට දම් ලෙස ඔහු පැවසු නිසා.. ඉනෙන් උඩ කොටස හොදට ඇගට තද වන අයුරින් එම ගවුම මසා තිබුණි.. ‘‘ෂා ... දිනිදු මල්ලි කිව්වා හරියට හරි.. අනිත් සේරටම වඩා.. මේ ගවුමට ඔයා.. හරියටම මැචිං..‘‘ මගෙන් මදක් ඈත් වු වත්සලා අක්කා ඉහේ සිට දෙපයටම බලන්න වුවාය. මට දැන්නේ ලැජ්ජාවකී.. මම ඇය සමග අපහසුවෙන් හිනා වෙද්දී.‘‘ ඔහොම ලැජ්ජ වෙලා නම් බෑ.. මල්ලී ලැජ්ජා ඇරලා ගන්නේ නැතෑ නේද?‘‘ ඇය මා අසලට පැමිණ ගවුම සකසන්න වුවාය. ‘‘ඔන්න කොල්ලේ කොස්ටියුම් ටික නම් හරි.. බොකේ එක ප්‍රේෂ් මල්වලින්නේ ඕනේ කිව්වේ.. ඒවා වෙඩින් එකට කලින් දා හදන්න වෙන්නේ.. කෝ දෙවෙනී මණමාලියෝ, පවර් ගල්ස්ලා.. මම මල්ලිට කිව්වනේ එයාලවත් එක්ක එන්න කියලා.. තව එයාලටත් පේෂල් කරන්න තියෙයි.‘‘ ඇය කියවාගෙන ගියාය. ‘‘දිනිදු අයියට අමතක වෙලා වගේ.. අපි කියමු එක්ක එන්න කියලා.‘‘ මම පිටතට යන්න සැරසුනෙමී... ‘‘හේ... ඩාලිං කොහෙද යන්නේ.‘‘ මම යන්නට සැරසෙද්දී ඇය විමසුවාය. ‘‘දිනිදු අයියට කියන්න.. ‘‘ ‘‘ඔය ඩ්‍රස් එකත් ඇදන්.. ඕ.. ඩාලිං ඔය ඇදුම දැන්නම දිනිදු මල්ලියට දකින්න දෙන්න එපා.. මම කියන්නම් ඔයා චේන්ජ් කරන් පේශ්ල් එකට රෙඩි වෙන්නකෝ.‘‘ ඇගේ කතාවට සිනහා වුණ මම ඇදුම් පරිස්සම ගලවා තැබුවෙමී. ‘‘ ඕ.. හරි නේද?... හරියප් එන්න චෙයා එකට.. මල්ලි ගියා .‘‘ ඇය මා අසුනට අඩ ගසා ගත්තාය.දිනිදු අයියා නැවත පැමිණෙන විට මට මාවම අදුර ගන්න බැරි තරමට වෙනස් වි තිබුණි. ඇහිබැමි සැකසීම් නිසා මදක් මුහුණ තඩිස්සී වි තිබුණි. ‘‘ෂා.. බලහල්ලකෝ මෙයාගේ ලස්සන..‘‘ සයුමී.. මාගේ මුහුණට එබෙමින් නතර විය. මල් කුමාරියට ගෙන තිබුණේද සයුමිගේ අක්කාගේ දුවෙකී.. මම ඇය සමග සිනහා වු විට ඇය ලැජ්ජාවෙන් ඇඹරුණාය. ‘‘දූගේ අම්මා එක්ක ආවේ නැද්ද?.‘‘ මම විමසුවෙමී. ‘‘අම්මා මොකට නේද බබා.. පුංචි ඉද්දී.‘‘ සයුමීත් ඇගේ කර වටා අතක් යවා ගනිමින් පැවසුවේය. ‘‘ඕ මෙයා ඔයාගේ අක්කගේ ඩොටර්ද?.. වත්සලා අක්කා ඇගේ භාෂාවෙන්ම විමසුනේය. ‘‘අනේ ඔව් වස්සලා අක්කේ.‘‘ ‘‘ඒක හොදයි.. නැත්තම්.. පවර් ගල්ව පොටොස් වලට තියා ගන්න හරි අමාරුයි විශේෂයෙන් මෙච්චර චූටී බබෙක්.‘‘ ඇය කුඩා දියණියගේ හිස අත ගාමින් පැවසුවාය.. සියලු කටයුතු වලින් පසු අපි පිට වීමට සැරසුනෙමු... ‘‘ මතක ඇතිව මම කිවු පිළිවෙලට මූණට ටීට්මන්ට් ටික කරන්න.. අනිවාරෙන් නෙස්ට් වීක් එකෙත් එන්න.. මේ බේබිව නම් එක්ක එන්න ඕනේ නැ.‘‘ ඇය තවත් තරුණයක් ආසනයට නංවා ගනිමින් පැවසුවාය. ‘‘මොකද සදා මුණත් එක්ක වෙනස් වෙලා.‘‘ ‘‘වෙනස් වෙලා නෙමෙයි.. ඉදිමිලා.. ‘‘ සියුමි සිනහා සෙමින් පවසන්න වුවාය. ‘‘ ඇත්තම තමා.. රිදුනද සදා..‘‘ ‘‘ඔන්න දීපංකෝ උත්තර...‘‘ සයුමී.. බක බක ගා සිනහා වෙයි.. මම මොකුත් නොකියාම කාර් එකට නැගුනෙමී. සයුමිව නිවසටම ඇරලු අපි නිවෙස් බලා ගියෙමු. විවාහයෙන් පසු රැකියාවක් කරනවාට දිනිදු පොඩ්ඩක් වත් කැමැති නොවිය. දිනිදු පවසන්නේ.. පේනවනේ.. සුදු අක්කා.. එයත් වැඩට යන්නේ නෑ.. ඔයා ඉගෙන ගත්තා වුණාට මහන්සි වෙන්න ඕනේ නෑ.. ඔයාව ආදරෙන් බලා ගන්න දැන් මට කොහොමත් පුළුවන් යනුවෙනී. ඒ නිසාම මම විවාහයට සතියක් තිබියදී ආයතනයෙන් ඉල්ලා අස් වුනෙමී. අනුහස් සර්ද පැවසුවේ.. බොරුවට ජොබ් කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ යනුවෙනී. මගේ අස් වීමෙන් වැඩියෙන්ම දුක් වුණේ. සයුමිය.. ආයතනය තුළ ඇයට සිටි හොදම යෙහෙළිය මම නිසාදෝ.. ඇය පැවසුවේ.. උබ කරන්නේ උබේ ස්වාධීනත්වය නැති කර ගන්න එක.. මම නම් කියන්නේ.. කොහොම හරි දිනිදු කැමති කරන් උබ දිගටම වැඩට වරෙන් යනුවෙනී. කෙසේ නමුත් මම ආයතනයෙන් ඉවත් වුනෙමී.. විවාහ මංගල්‍ය පැවැත්වෙන සුභ දිනය උදා විය.. පාන්දරින්ම උත්සවය සූදානම් කර තිබූ අවන්හලේ කාමරයක් තුළ වත්සලා අක්කා අතින් මා මනාලියක් ලෙස හැඩ ගැන්විය. ‘‘ඒ පට්ට බං.. අද දිනිදු අයියට නම් පිස්සු හැදෙයි..‘‘ සයුමී කටකාර ලෙස කියන්න විය. ‘‘ඒ මොකද?‘‘ ‘‘සුරංගනාවිගේ ලස්සන දැකලා. පොරුවේ නැග නැග ඉන්න බෑ කියලා උත්සන් යයිද දන්නෑ..‘‘ ඒ කතාවට වත්සලා අක්කත් හිනා වෙන්න විය. ‘‘කෝ බලන්න.. මගේ දූ.. අම්මාත් ආච්චී අම්මාත් කාමරයට ඇතුල් වෙනතුරු කිසිවෙක් දුටුවේ නැත. මගේ උරහිසින් අල්ලාගෙන ටික මොහොතක් බලා සිටි ඇය කදුළු පුරවා ගත් දෑසින් යුතුව මා වැළද ගත්තාය. ‘‘අනේ ලස්සනයි මගේ දූ.. දුගේ තාත්තට ඔයාව මණමලියෙක් වෙනවා දකින්න බැරිව ගියානේ.. අපි දෙන්න මොන තරම් සිහින මැව්වද දූ මනාමලියෙක් වෙන දවස ගැන.‘‘ ‘‘ඕ.. සදනී.. ඩාලිං... අඩන්න නම්.. එපා.. මේකප් සේරම අවුල් යයි.‘‘ මගේ මුහුණ අදුරු වෙද්දී.. වත්සලා අක්කා පවසන්න වුවාය. ‘‘අනේ... ඔව්.. මගේ කෙල්ල ලස්සනට ඉන්න ඕනේ ...අඩන්න එපා.. මාත් අඩන්නේ නෑ.. අම්මා ඇගේ කදුළු පිස ගනිමින් සිනහා වුණාය. ‘‘ඕ ඩාලිං.. ඔන්න.. කුමාරයා ආවා.. ෂා.. නියම උඩරට නිළමේ කෙනෙක් වගේ.. තරූෂ මල්ලී.. අර චූටි පුතයි එයි බුකේ දෙන්න.. ඔන්න.. ‘‘ඇය කාමරය පුරා.. නෙත් යවා බලමින් පැසුවාය.. කාමරයට පැමිණී.. තරූෂත් අනුහස් සර්ගේ චුටී පුතත් .. චායා රූප ශිල්පියා කියන අයුරින් සියල්ල ඉටු කලාය.. පුංචී වුණාට නිළෙමේ ඇදුමකුත් ඇදගෙන පුංචී පුතා දග නැතිව සිටිද්දී මට පුදුම සිතුනී. ‘‘පැංචෝ.‘‘ ‘‘චූචි නන්දී... අද අපේ ගෙදර නවතින්න එනවා නේද?.. අම්මී කූවා.. අද නන්දිට කලදල නොකර දග නොකල ඉන්න කියලා.‘‘ ‘‘හොද පුතා..‘‘ මට ඔහුට තවත් ආදරේ සිතුනී. ඉන් පසු.. පොරුවේ චාරිත්‍ර .. මුදු මාරු කිරීම්.. කේක් කැපීම්.. පහන් දැල්වීම් .. ඒ සියල්ලම.. පැමිණ සිටි අයගේ සතුටු සිනා මැද සිදු විය. අවන්හලේ අලංකාර පරපරය පුරා අපිව කැදවගෙන ගිය චායාරූප ශිල්පියා.. සුන්දර මතක සටහන් රැසක් අපිට උරුම කිරීමට වෑයම් කලේය. අන් කවරදාටත් වඩා.. දිනිදු අද සතුටින් ඇති බව ඔහුගේ මුහුණෙන්ම පැවසිය හැකිය. ඒ සතුට දකිද්දී.. මගේ සතුට සැනසීම තවත් වැඩි විය.. කාලය ගෙවී ගොස් උතසවය හමාර වන්නට කාලය ලගා විය.. ‘‘එහෙනම්.. සදනී.. කොස්ටියුම් චේජ් කරමු නේද?.. දැන් පොටෝ වලට ඉදලම දෙන්නට මහන්සී ඇති.‘‘ අපි අසලට පැමිණි වත්සලා අක්කා විමසුවාය. මම ඇය සමග යන්න සැරසුනෙමී. මගේ අතින් අල්ලගෙන සිටි දිනිදු අයියා මට යාමට අත අත් නොහැරියේය. මම අත ගන්නට උත්සහ ගනිද්දී ඔහු තව තවත් මගේ අත තදින් අල්ල ගත්තේ ලස්සන සිනහවකුත් සමගය. ‘‘දැන්මම කෙල්ලව අල්ල ගෙන.. හරි හරි අපි තියා ගන්නේ නෑ.. ලස්සනට සරසලා එවන්නම්කෝ..‘‘ කිසිත් නොපැවසු.. දිනිදු.. තව වරක් සිනාසී අත අත් හැරියේය. දිනිදුගේ හැසිරිමට සියල්ලන්ගේම මුහුණු වල ඇදුනේ.. සතුටකි.. මම ද තනිව සිනා වෙමින් වත්සලා අක්කා සමග ගියෙමී. දම් පැහැ දිග ගවුමෙන් සැසුණ මට දම් සුදු මල් මිශ්‍ර.. කුඩා මල් පොකුරක්ද අතට ලැබුණී.. ඉතා උස පාවහන් යුවලක් පැලද වුන් මම දිගු ගවුම දෙකොනින් අල්ලා කෙටි කරගෙන පඩියෙන් පඩිය බැස ආවෙමී. සියල්ලන් කාර් එක අසලට රොක්ව සිටියේය. දොර අභියස රැදී වුන්.. දිනිදුගේ නෙත් ආලෝකමත් ව දිදුලමින් මා වෙතටම යොමු වි තිබුණි. ළගට යන විටම මට අත පෑ ඔහු මගේ අත සිනිදුවට අල්ලා ගත්තේය. පිටත් වීමේ නැකතද උදා වී තිබු නිසා අපි දෙදෙනා අවන්හලෙන් පිට විමට පියවර නැගුවෙමු. ‘‘ ලස්සනයි.... ගිලින්න හිතෙනවා...‘‘ ඔහු මගේ කණට කර පැවසුවේය. එය මම ඔහුට ආදරෙයි කිව් දවසේ අනුහස් සර් කිව් වචනයයි.. මට ඒ වචන ඇසෙනවාත් සමග සිනහවක් නැගුනී. යමක් පුපුරණ හඩකුත් සමග දිළිසෙන කොළ කැබලි වැස්සක් අපගේ ඇග පුරා විසුරුණි.. අපි දෙදෙනා ඒවා පිස දමමින්..සුදු මල් දැමු වතුර වීදුරුවක් අතට ගත් අම්මා වෙත ළං වුනෙමු. ඇය පෙව් වතුර බිදි කිහිපය ගිලින්ට මට නොහැකි විය.. නොසිතු විලසින් ඇගෙන් වෙන් වී යාම ගැන මට ලොකු වේදනාවක් දැනෙන්න විය. මේ වන තුරුම මම වුන්නේ.. ඇගේ සෙවනේය. දිනිදු ළගින් සිටින බව දන්නවා වුණත් ඇගෙන් ඈත් විමට මට නොහැකි විය. මම ඇය වැළදගෙන ඇඩුවෙමී. ඉන්පසු සියල්ලට වැද ආශිර්වාද ලබා ගෙන මම දිනිදු සමග කාර් එකට නැගුනේ ද අඩමිණි.. මට කාර් එකට නගින්නට දොර හැර දුන් දිනිදු අනෙක් පසින් කාර් එකට නැගුණේය. තවමත් කාර් එකේ කව්ල්වෙන් අම්මාගේ අතක් අල්ලා ගත් මම හඩමී.. ‘‘අඩන්න එපා රත්තරං.. දිනිදු පුතා ඉන්නවනේ ඔයා එක්ක.. මගේ පුතේ මගේ දූව හොදට බලා ගන්න.‘‘ අම්මා කාර් එක තුළට එබෙමින් පැවසුවාය. කදුළුලින් තෙත් කර ගත් මුහුණින් දිනිදු අයියාගේ අම්මාත් අප සිපගෙන සමු දුන්නාය.. ළගටවත් නොපැමිණි.. අනුහස් සර්.. පසකට වී... නිසොල්මනේ බලා වුන්ණේය. අපේ කාර් එකට පිටු පසින්.. අපි මධුසමය ගත කරන අවන්හලට ඇරලවන්න යන පිරිස පැමිණෙයි. තවමත් ඉකි බිදුම් නවතා ගැනිමට නොහැකි වු මම දිනිදුගේ පපුවේ මුහුණ හොවාගෙන ඉකි බිදින්න වුනෙමී. ‘‘අඩන්න එපා රත්තරං.. ‘‘ දිනිදු මගේ උරහිස වටා අතක් යවා තුරුල් කර ගනිමින් පැවසුවේය. ටික දුරක් යන විට ඉකිබිදුම් මදින් මද අඩුවි ගියේය. අතර මගදී මුහුදු වෙරලක් අසල නතර වුණ අපි.. තවත් චායා රූප රැසක් ගත්තෙමී.. අවරගිරින හිරු සැගවෙමින් තිබු ඒ මොහොත මොන තරම් අපේ ජීවිතයට සුන්දරත්වයක් ගෙන දුන්නේ දැයි මට සිතුණි.. චායාරූප ශිල්පියෙක් ඉදිරිපිට සිටින බවද අමතක වන තරම ඒ මොහොත ආදරණිය විය. මගේ නෙත් දිනිදුගේ නෙත මතම රැදී තිබුණි. තද රත් පැහැ ගැන්වුණ හිරුගෙන් ගලා ආ රන් පැහැ හිරු කිරණ අපේ ආදාර දැහැන තවත් ආලෝක මත් කලේය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 10 Feb 2017 02:39 PM සඳුනිVeteran MemberPosts:2462 09 Feb 2017 01:26 PM හිරුයි තරුයි. තිස්වන කොටස. ‘‘මම දන්නේ නෑ සර්.. එළියේ හිටියේ චාරුක බව. මාව හම්බෙන්න කෙනෙක් ඉන්නවා කිව් නිසා ආවේ.‘‘ ‘‘මේකා නම් මහ පුදුම එකෙක්නේ...‘‘ අනුහස් සර් පසු වුයේ චාරුක සමග කෝපයෙනී. ‘‘ඇයි සර් චාරුකව ජොබ් එකෙන් අයින් කලේ..‘‘ ‘‘මම ළගදී තමා චාරුක ගැන හරියටම දැන ගත්තේ.. ඒ හාදයා මෙතනට ගැලපෙන එකෙක් නෙමේ..‘‘ ඔහු කීවේ වෙනතක බලාගෙනය. මොනවද මේ.. මේ තරම්ම චාරුක ගැන ලැබිලා තියෙන ආරංචී. චාරුක කියනවා දිනිදු හොද නෑ කියලා.. සර්රුයි දිනිදු අයියයි කියනවා චාරුක නරකයිලු.. මොකක්ම හරි අවුලක් තියෙනවා.. චාරුක ඇයි දිනිදු අයියා හොද නෑ කියන්නේ.. ‘‘මොනවද සර් චාරුක ගැන හම්බුන තොරතුරු... ඇයි එයා දිනිදු අයියා හොද නෑ කියන්නේ.‘‘ එක වරම ඔහුගේ මුහුණ වෙනස් වුවේය. ‘‘ඇයි සර්.‘‘ ‘‘ඒ අපේ මල්ලී අර තරූෂ එක්ක එකතු වෙලා ඉස්සර ආශ්‍රය කරපු යාළුවෝ ගැන චාරුක දන්නවා.. ළගදී මට දැන ගන්න ලැබුණා චාරුකත් ඒ සෙට් එකට සම්බන්දයි කියලා.. මම ඒ ගැන ටිකක් හොයලා බැලුවා.. චාරුක හිතන් ඉන්නේ පොඩී තාමත් ඉස්සර වගේ කියලා.‘‘ ඔහු මා දෙස බලා යන්තම් සිනහවක් නැගුවේය. මටත් ඔහු පවසන දේ විශ්වාස නොකර ඉන්නට හේතුවක් නැත. අනුහස් සර් කියන්නේ.. සාධාරනයට වැඩ කරන හරිම නීති ගරුක පුද්ගලයෙකි. එයා දිනිදුගේ වැරදී වලදී මොන තරම් තදින් ඉන්නවද කියලා මම හොදටම දැන වුන්නෙමී.. ඒක නිසා මම එතනින් එහාට තව කල්පනා කළේ නැත.. තවත් කීපවරයක් චාරුක මාත් එක්ක පාරෙදී කතා කරන්නට උත්සහ ගත්තේය. ඒ සෑම අවස්ථාවකම මම ඔහුව මගහැර ගියෙමී. ඔහු පිළිබද දිනිදුට සමග පැවසු පසු ඔහු පැවසුවේ චාරුකගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙද කියෙද කොහෙද නැත්තම් ඇයි ඔය තරම් පස්සෙන් පන්නන්නේ...යනුවෙනී. ඔහුගේ කතාවට මට ද එකග නොවී සිටිය නොහැකිය. මම සේවයට පැමිණි මුල් කාලයේමද කීප වරක්ම මම අනුහස් සර් ළගින් ආශ්‍රය කරනවාට ඔහු අකමැති වූ බව මට මතකය. ඒ නිසාම ඔහු මුණගැසීම මම හැකිතාක් මගහැරියෙමී. මම තනිවම ගමන් බිමන් යනවාට බිය වු දිනිදු නිතරම මා කාර්යාලයට එක්ක යන්නත් නිවසට ඇරලන්නත් පැමිණියේය. ඔහු බැරි සෑම විටම මා ඇරලන ලෙස ඔහු අනුහස් සර්ට පවරා තිබුණි.. පියෙක් නැත් මා ආදරෙයින් ආරක්ෂා කරද්දී.. අම්මා එන්න එන්නම දිනිදු ගැන සිත පහදා ගත්තේය. ඔහු ද මාගේ සිත රිදවන දෙයක් නොකිරීමට පරිස්සම් වු නිසා අපි අතර කිසිම දුකක් වේදනාවක් නොවීය. දවසින් දවස අපි තවත් ළං වුනේය. ඔහු නිතරම් මා සමගම සිටියේය. ගගන දැන් මගේ ජීවිතයෙන් ඈතටම විසි වී තිබුණි. ඔහු දැන් වෛද්‍ය විද්‍යාලයේ තෙවෙනී අවුරුද්දේ අධ්‍යාපනය ලබයි.. මේ අවුරුද්දේ ඔහුගේ පෙම්වන්තිය වූ සුදු නංගීද ඔහු යන විශ්ව විද්‍යාලයට යාමටම වරම් ලබා ඇති බව ඔහුගේ මුහුණු පොත් ගිණුම හරහා මට දැන ගන්නට ලැබුණි. ඔවුන්ගේ ජීවතත් අපේ ජීවිත මෙන්ම සතුටුදායි අයුරින් ගලා යනු දැන මම සැබවින්ම සතුටු වුනෙමී. මගේ අධ්‍යාපන කටයුතු දැන් අවසන් වීමට ආසන්නය. අවසන් විභාගයද අත ළගට පැමිණ තිබුණි..ආයතනය පැත්තෙන් මගේ අධ්‍යාපනය වෙනුවෙන් පූර්ණ සහයෝගක් ලැබුණි.. අනුහස් සර් නිසාදෝ.. මගේ අධ්‍යාපන තත්වය උසස් වෙද්දී ආයතයේ මගේ රැකියා තත්වයද නිරායාසයෙන්ම ඉහළට නැංවී තිබුණි. දැන් කාර්යාලයේ මට වෙන් වුන කාමරයක් ඇත. අනුහස් සර්ගේ යටතේ වැඩ කල මම, දැන් මගේ යටතේ කාර්ය මණ්ඩලයක් වැඩ කරන තරමට උසස් වී තිබුණි. ඒ වසර තුන තුළ දිනිදුගේ ජීවිතයද හුගක්ම හොද පැත්තට පැමිණ තිබුණී. ඔහුගේ පරිඝනක අලෙවී ආයතනය දැන් ඒ ප්‍රදේශයේම ප්‍රසිද්ද හොද නමක් දිනා ගත් ආයතනයක් විය. මුලින් තරූෂත් ඔහු පමනක් සියලු වැඩකටයුතු කරමින් ආරම්භ වු ආයතනය.. අද වන විට සේවක සේවිකාවන් විස්සකට ආසන්න පිරිසක් දක්වා දිවුණු වී තිබුණි. අනුහස් සර්ගේ උදව් ඇතිව අප ආයතනයේ තාක්ෂණක උපාංග සැමයිම හා අළුත් වැඩියා කිරීම සේවය දිනුදු ඔහුගේ ආයතනයෙන් සැලසීමට අවස්ථාව උදාකරගෙන තිබුණි. අපේ ආදරයටද දැන් වසර තුන ඉක්මවා තිබුණි. කිසිදු බාධාවක් නොතිබු ආදර කතාව සැහැල්ලුවෙන් ඇදි යයි. දිනිදුගේ අම්මා මදක් අසනීප වී සිටි නිසා මමත් අම්මත් ඇය බැලීමට දිනිදුගේ නිවසට ගියෙමු. එය අපිට නුපුරුදු තැනක් නොවීය. දිනිදුලාගේ නිවසේ පැවතී සෑම විශේෂ අවස්ථාවකටම අම්මාත් මාත් සහබාගී විය. අපිට සිටි හොදම නෑදෑයා, හිතමිත්‍රයා ලෙස ඔවුන් ළං වි තිබුණි. ‘‘චූචි.. නන්දී.. අවිල්ලා... චුචී නන්දී අවිල්ලා.‘‘ අපි දොර අභියසට පැමිනෙන විටම අවුරුදු හතරක් වයසැත අනුහස් සර්ගේ පුතු අපි වටා කැරකෙමින් සතුටික් කෑ ගසන්නට විය. මම එහි එනවාට ඔහු හුගක්ම කැමති වුවේය. ගිය මොහොතේ සිටම ඔහු සමග සෙල්ලමට අල්ලා ගන්නා මාව, ඔහු මට ළගින් සෙලවෙන්නවත් ඉඩ නොදෙයි. මමත් ආසාවෙන් ඔහුගේ සුරතල් වැඩ බලාගෙන සිටියෙමි. ‘‘බලන්නකෝ නංගී ආවම මෙයාට තියෙන සතුට.‘‘ අපි ඉදිරියට පැමිණි සුදු අක්කා සිනහාමුසු මුහුණින් අපිව පිළිගනිමින් පැවසුවාය. ‘‘හා.. හා... අම්මී බබාට.. දොයියන්න කූලා නේද? තාත්ති කූවේ.‘‘ ඔහු සුරතලයට අක්කා දෙස බලාගෙන පැවසුවේය. ‘‘ඒ මොකද පැංචෝ.‘‘ නිවස තුළට පිවිස සෙටියේ වාඩී වෙමින් මම විමසුවෙමී. ‘‘නංගී බබාට දොයියන්න ඕන හංදා.‘‘ ‘‘කෝ නංගී බබෙක්..‘‘ ‘‘ඉන්නවා. අම්මගේ බංඩියේ.‘‘ඔහු ඔලුව කසමින් පැවසුවේය. දෙවෙනී දරුවා ලබන්නට ආසන්ව සිටි සුදු අක්කා සෙටියට බර වෙමින් පුංචි පුතාගේ පණිඩිත කතා වලට සිනහා වුවාය. ‘‘අනේ ඔයා හරි පණ්ඩිත පැංචෙක්නේ.‘‘ මගේ අසල බිම වාඩී වී සෙල්ලම් කාර් එකක් එහෙට මෙහෙට පදවමින් සිටි පුංචී පුතාගේ කොපුලක් ආදරයෙන් මිරිකමින් මම පැවසුවෙමී. ‘‘මම නෙමේනේ පංදිත.. ඔයානේ.‘‘ ‘‘මම ‘‘ ‘‘ඔව් චූචී නදිදී පංදිත‘‘ මම ඔහු සමග එහි තනි වෙද්දී අම්මා ආන්ටී සිටි කාමරය දෙසට ගියාය. පුංචී පුතාගේ සුතරතල් කම් මැද කාලය ගෙවි යනු මට නොදැනුනී. ගෙදර වැඩට සිට අයෙක් ගෙන දුන් කිරි එකද පානය කල මම තවමත් පුංචී පුතා ළගය. ‘‘පැංවෝ.. යමුද මම්මා බලන්න.‘‘ ‘‘ම්මමට උණ.. තාත්තී කූවා මම්මට කලදල කලන්න අපා කූලා.‘‘ ඔහු ඇස් විසල් කරමින් පැවසුවේය. ‘‘තාත්තී ඇහුවොත් කියන්න.. චූටී නැන්දී එක්කන් ගියේ කියලා ..එහෙම හොදයි නේද?.‘‘ ‘‘නං..‘‘කියන පරක්කුවට පුංචී පුතා මගේ අතින් ඇදගෙන ආන්ටිගේ කාමරය දෙසට යන්න වුවේය.අපි දැකීම නිසා මුහුණ නංවා ගත් සිණහවෙන් ආන්ටී අපිව පිළිගත්තාය. ‘‘මොනවද අපේ සීයා කියන්නේ.‘‘ පුංචී පුතා ඇදට නැග ආන්ටිගේ තුරලටම ගොස් නතරවිය. ‘‘මම්මට කරදර කරන්න එපා කිව්වා කියන්නේ තාත්ති..‘‘ ‘‘ඇත්තද චූටී පුතේ.‘‘ ඇය පුංචී පුතාව තුරුළු කරගෙන සිප ගනිමින් කීවාය. ‘‘මම මේ අම්මට කිව්වේ.. දූව දැන් අපිට දෙන්න කාලේ හරි කියලා.‘‘අම්මාද කතාවට හවුල් වෙමින් සිනාසුනාය. දිනිදු සමග විවහා වීමට මගේ නම් කිසිම අකමැත්තක් නැත. නමුත් අම්මා මගේ ළග තියා ගන්න ලැබේවිද කියන බය මට තදින්ම තිබුණි. කෙසේ වෙතත්. දිනිදුගේ අම්මා පැවසු දෙයින් රතු වුණ මුහුණ බිමට බර කරගෙන මම තනිවම සිනාසුනෙමී. ‘‘දූගේ අකමැත්තක් නෑ.. නේද?.. දැන් අන්තිම විභාගෙත් ළගදිම ඉවර වෙනවනේ.. ‘‘ මම අම්මා දෙස බැලුවෙමී. ‘‘මොකට අකමැති වෙනවද අක්කේ.. අපි හොද වෙලාවක් බලමු..‘‘ අම්මා පැවසුවේය. ‘‘අපි දිනිදු අයියගෙනුත් අහලා ඉමු නේද ආන්ටී.‘‘ ‘‘එයා මොකට අකමැති වෙන්නද?.. මේක ඇහුවම හුගාක් සතුටු වෙයි‘‘ ‘‘මම්මේ.. චුචි නන්දී අපේ ගෙදල නවතින්න එනවද?.‘‘ අපේ කතාවට සවන් දීගෙන සිටි පුංචී පුතා විමසන්නට වුවේය. ‘‘ඔව් මගේ රත්තරං.. චුටී මාමාට කියන්න ඉක්මණටම චුටී නැන්දිව එක්කන් එන්න කියලා....‘‘ ‘‘චූචී නන්දී.. ඔයා එවද මාව මොන්ති සොලි එක්ක යන්න. මම කවීෂටත් කූවා නන්දී ගැන.‘‘ ඔහු පෙර පාසලේ පුංචී යාළුවන් ගැන කියවන්න විය. ඔහු පවසන යාළුවන් මම දන්නෙත් නැත. එහෙත් ඔහුගේ සුරතල් කතා වලට ආසවුණ මම, දන්නවා මෙන් අසා සිටියෙමී. කාර්යාලීය සේවය අවසන් වී මම එළියට පැමිණෙනවාත් සමගම මට ඇමතුමක් එන බව ඇසුනී. එය දිනිදුගෙන් විය.‘‘ඇයි දිනිදු අයියේ.‘‘ ‘‘මම ඔයාව ගන් එනවා පොඩ්ඩක් ඉන්නවද?.‘‘ ‘‘හරි හරි අයියේ.‘‘ මම ඔහු එන තුරු මග බලා සිටියෙමී. මා සමග විශේෂ දෙයක් කතා කරන්නට ඇති බව පැවසූ ඔහු මා කුඩා අවන්හලකට රැගෙන ගියේය.මම වට කුරු කුඩා මේසයක් අසල වාඩී වෙද්දී. ඔහු කේක් සහ පළතුරු යුෂ වීදුරු දෙකද්ද රැගෙන මේසය වෙත පැමිනියේය. ‘‘මොකද්ද අයියේ විශේෂ දේ.‘‘ මම විමසුවෙමී. ‘‘අපේ වෙඩින් එක ගැන තමා... අම්මා මට කිව්වා.. ළගදිම නැකත් හදනවා කියලා.‘‘ ඔහු මා දෙස බලා අමුතුම සිනහවක් මැව්වේය. ‘‘ඉතිං හොද නැද්ද?.‘‘ ‘‘කව්ද මැට්ටී හොද නෑ කිව්වේ.‘‘ ඔහු මේසය මත තිබුණු මගේ අත මෘදුව අල්ලා ගත්තේය. මොහොතකට අපේ නෙත් එකට හමු විය.. ‘‘ඔයා කැමතී නේද මගේ වෙන්න.‘‘ ‘‘හ්ම්ම්ම්.....‘‘ ‘‘මට නම් හදිස්සී නෑ... ඔයාට තව ඉගෙන ගන්න ඕනේ නම් කල් ගන්න.‘‘ මොකද්ද ඒ කිව්ව කතාව .. දැන් මාව ඇති වෙලාද? මම අදුරු කර ගත් මුහුනින් ඔහු දෙස බැලුවෙමී. ‘‘ඒ මැට්ටී විහිළුවක් කලේ සීරියස් ගත්තද?.‘‘ ඔහු සිනා සෙන්නට විය.. සිතට දැනුන දුක නිසාම නෙත් දෙකද යාන්තමට තෙත් වී තිබුණි. ඒ නිසාම අසුනින් නැගිට ගත් මම අවන්හලේ කොණක තිබු කවුළුව අසලට ගොස් නතර වුනෙමී. ‘‘ඒ ඇත්තටම තරහා ගියාද?.‘‘ ඔහු මගේ පිටුපසින්ම පැමිණියේය. මා ඔහුගේ පැත්තට හරවා ගන්නට ඔහු උත්සහ ගත්තත් මම මුරණේඩු ලෙස කවුළුවෙන් පිටත බලාගෙන වුන්නෙමි. ‘‘අයියෝ ළමයෝ... ඔයා බෑ කිව්වත් මම දැන්නම් ඔයාව බලෙන්ම හරි උස්සන් යනවා.. නැත්තම් මට හැරමිටියත් අරන් තමා අච්චිව හොයන් ඒන්න වෙන්නේ.‘‘ ඔහු මාව පිටුපසින් වැළද ගනිමින් පැවසුවේය.. අවසාන විභාගයෙන් පසු විවාහය සදහා නැකැත් බැලීම දිනිදුගේ අම්මාත් අපේ අම්මාත් එක් වී කර තිබුණී. දෙපාර්ශවයම හදහන් ගැන එතරම් විශ්වස නොකරන නිසා ඒ ගැන වැඩි තැකීමක් කර නොතිබුණී. තව මාස තුනකින් විවාහ මංගල්‍ය සදහා හොද නැකතක් යෙදී ඇති බව අම්මා සතුටින් පවසද්දී මම ඇයට තුරළු වුනෙමී. ‘‘අද තාත්තා හිටයා නම්.. මගේ දු ගැන හුගක් සතුටු වෙයි.‘‘ සෑම දුකදීම සතුටකදීම තාත්තා සිහි කිරීම ඇයගේ පුරුද්ද විය. හදිසි අනතුර නිසා තාත්තා අපෙන් ඈත් වීම සිහනයක් බදු විය. ඔහු එතරම් ඉක්මනින් අපි හැර යාවී කියා කෙසේ වත් නොසිතුවෙමු. තාත්තා නැති වුණ පසු අපිට සහයට වුන්නේ ගගන විය. ඔහුත් නොසිතු විලසින් අපෙන් දුරස් වී ගියේය. ඒ කාලයත් අද කාලයත් ගෙන බලන විට අපේ ජීවිත වල ඇති වී ඇති වෙනස සිතා ගන්නට අපහසුය.. ‘‘දූ අපි ආච්චී අම්මා බලන්න ගිහින් එමු නේද?.‘‘ ඇය කිව්වේ දෙනෙතේ වෑහුන කදුළු බිදු හැට්ටයේ අත මත තවරමිනී. ‘‘හා අම්මේ අපි සිකුරාදා දවසක යමු ඉරිදා ආපහු එන්න.. දිනිදු අයියත් එයි.‘‘ ඔහු සමග ගම පුරා ඇවිදින අයුරු.. සැදෑවට වැව් බැම්මේ ඉදගෙන සීත සුළං රැලි විදින අයුරු.. වැවේ බන්ට් එක දිගේ දුවගෙන ගිහින් ආච්චී අම්මලිගේ ගෙදරට යන අයුරු.. බට්ටි අක්කයි.. සුසී නංගී මට විහිළුකරන අයුරු ඉබේටම මගේ සිත පුරා ඇදුනාය. ‘‘ඒක නම් හොද වැඩක් නෙමෙයි දූ... ආච්චී අම්මා ඒකට කැමති වෙන එකක් නෑ.. අපි වගේ නෙමෙයි.. එයාලා හිතන හැටි හරිම වෙනස්නේ දූ..‘‘ මම අම්මගේ කීම අනුමත කෙරුවෙමී. මට මතකයි පුංචී කාලේ මම ආච්චී අම්මලාගේ ගෙදර ගියහම.. ඇය මට පනවන නීතී.. කොන්ඩේ කඩාගෙන හැම තැනම දුවන්න එපා.. ගෑනු ළමිස්සියක් නේද?.. ඔහොම කොල්ලෙක් වගේ ගස් බඩ ගානවද?..ඔය ගස් වල නැගලා කර ගන්නවකෝ මොනවා හරි .. දීග ගිය දාක අපිට ලැජ්ජා වෙන්න.. ඇයගේ මෙවැනී නීති කෝටියකී... ගෙදරට වැඩිහිටි පිරිමියෙකු පැමිණි විට අපිට එළියට යාමද තහනම්ය.. නොදැනුවත්වම හෝ එළියට පැමිණියහොත්... රවා බලන ඇය කුමක් හො වැඩක් පවරා කුස්සිය වෙතට යවයි.. ගෑනු ළමිස්සියෝ හැදෙන්න ඕනේ අම්මා එක්ක.. කොල්ලෝ වගේ හදලා බෑ... ගෑනු දරුවෙක්ගේ හැදියාව හදන්න අපේ කෙල්ලනට තේරෙන එකක් වෑ... අපිව ගෙට යවන ආච්චී අම්මා නිවසට පැමින සිටින පුද්ගලා සමග පවයි.. මේ දෙවල් ගැන හිතලා බලද්දී.. බදින්න කලින් දිනිදු අයියා මෙහේ එනවා කියලා දන්නවා නම්.. මොනවා කියයිද දන්නේ නෑ. මම තනිවම සිතුවෙමී. සති කීපයකට පසු විවාහා මංගල්‍ය ගැන දැනුම් දීමේ අරමුණද ඇතිව අපි ගමට ගියෙමු.අම්මා දිනිදුගේ පවුල ගැන විස්තර කියද්දී.. ආච්චී අම්මා හරි විමසිල්ලෙන් අසා සිටියාය. ‘‘අනේ මන්දා ලොක්කීයේ..මම නම් ඒ මිනිස්සු දැකලත් නෑනේ. ඔබ හිතනවද අපේ පොඩී එකීට ඒ මිනිස්සු පෑහෙනවා කියලා.‘‘ ආච්චී අම්මා අවසානයේ විමසුවේය. ‘‘අනේ ඔව් අම්මේ... ඒ පුතාගේ අම්මා... හැමෝටම වඩා හොදයි.. ඒ පුතාට ඉන්නේ එකම සහෝදරයයි.. ඒ පුතා ගාව තමයි අපේ දූ වැඩ කරන්නෙත්..‘‘ ‘‘එහෙනම්.. දැන් දිනත් නියම වෙලානේ... මම එන්නම්කෝ සති කීපයකට කලින්.‘‘ වාඩී වී සිටි පුටුවෙන් නැගිට සිටි ආච්චී අම්මා ගෙට ඇතුල් වුවාය. ‘‘අම්මේ... ආච්චී අම්මා.. දිනිදු අයියට කැමති නෑ වගේද?...‘‘ ‘‘එහෙම එකක් නෑ දූ.. ඔය ඉතිං ආච්චී අම්මාගේ හැටිනේ..‘‘ කිසිම බාධාවකින් තොරව විවාහා මංගල්ලයේ කටයුතු සිදු වෙමින් තිබුණි. දිනිදු අයියාගේ යෝජනවාකට අනුව පළමු දින අවන්හලක ගැනීමට තීරණය කළ නිසා අපිට මහන්සී වී කිරිමට දෙයක් නොවීය... මංගල්‍යට අවශ්‍ය අවශ්‍ය සියලු ඇදුපැළදුම්, සැලසුම් අනුහස් සර්ගේ අතින් සිදු විය.. ඔහු දිනිදුගේ අයියාද නැති නම් මගේ අයියාද මට වරෙක සිතෙයි. ‘‘අම්මේ... අම්මේ..‘‘ ‘‘ආ... මේ දිනිදු පුතානේ..‘‘මමත් අම්මිත් නිවස ඉදිරියට ආවේ දිනිදුගේ හඩිනී... ‘‘කෝ තාම ලැහැත්තී නෑද්ද?..‘‘ ඔහු පුදුමයෙන් මා දෙස බලා විමසුවේය. ‘‘කොහො යන්නද දිනිදු අයියේ.‘‘ ‘‘ඇයි ළමයෝ.. සැලෝන් යන්න.. මම ඊයේ කොල් කරලා කිව්වේ.. ඔයාගේ ජැකට් මහලලු.‘‘ ‘‘අයියෝ මට අමතකම වුණා.‘‘ මම නලලේ අත තබා ගනිමින් පැවසුවෙමී. ‘‘පේනවා නේද අම්මේ දූගේ මතකය.‘‘ අම්මාත් දිනිදුත් කතා කරමින් සිටියෙදී මම දිනිදු සමග රූපලාවණ්‍යාගාරයට යාමට සැරසුනෙමී. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 09 Feb 2017 01:21 PM kingDVeteran MemberPosts:3405 09 Feb 2017 03:09 AM කොටස් 15 ක් කියවල ඉවරයි.... sha733Super Senior MemberPosts:7332 09 Feb 2017 02:18 AM පැණි බෝතලේ බලාගෙන ගියාම බෝම්බයක්වත්ද kingDVeteran MemberPosts:3405 09 Feb 2017 01:55 AM Posted By සඳුනි on 03 Jan 2017 05:08 PM හිරුයි තරුයි. තුන්වන කොටස. ‘‘එකෙන්ම. ඒ පැටී ඔය මායම් හැට හතරෙන් දෙක තුනක් දාලා පොඩ්ඩක් මේ පැත්තට ගෙන්න ගනිංකෝ.‘‘ ‘‘පිස්සුද උබලට මට බෑ.‘‘ ‘‘අපො බං පොඩ්ඩ්ක් ඔය මායම් වලින් ප්‍රයොජනයක් ගනින්කෝ.‘‘ ‘‘ඒක තමා රෝසියෝ. ඔබත් පොඩ්ඩ්ක් ලයින් එකක් දාපන්.‘‘ ‘‘ලයින් දාන්න දෙයක් නෑ බන්. පට්ට ඇඹලයෝ සෙට් එකක් වගේ බලපන්කෝ බන් ඉන්න හැටි. කන්න වගේ.‘‘ ‘‘ඒක තමා . මෙතන කොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා කියලත් මුන්ට ගානක් නැති හැටි . ‘‘ ‘‘මේ... මේ... උබල නම් ඒ පැත්ත බලලා වැඩේ බකල් කරන්න එපා ඈ. හරිද‘‘ ‘‘අප්පද බොල බලකෝ බතලිගේ කතාව.‘‘ අනිත් මිතුරු මිතුරියන් එළිමහනේ සකසා තිබු කබානා එක වටා වාඩී වී සිටි පිරමි ළමයි හතර දෙනෙකුගේ කණ්ඩායම දෙස බලමින් කියවන්න විය. කතාව මුලිනම පටන් ගත මම දැන නිහඩව මුණිවත රකිමී. මන්ද ගගන අපි සමග සිටින නිසාය. සහෝදරයෙකුට වඩා මට ළග ඔහු ඉදිරියේ එලෙස විසේකාර චරිතයක් වීමට නොතේරෙන බියක් මට දැනිනි. ‘‘ ඒ බන් සදා මොකද උබ මොකද සද්ද නැත්තේ. බලපන්කෝ අරුන් දිහා. පොඩි සපොට් එකක් දීපන්කෝ අරුව පොඩ්ඩක් නටවන්න. වෙනදට උබනේ ඔය වැඩ වල මුල් තැන ගන්නේ. ගගනයා හිටියට කමක් නෑ. විහිළුවටනේ බන් නේද සහෝ.‘‘ ගගනගේ අතට අත දෙමින් බට්ටා කියවන්න වුවේය. ගගනත් වුන්නේ සිනා සෙමිණි. ‘‘නෑ නෑ බං මම මේ කල්පනා කළේ මොකද්ද කරන්නේ කියලා.‘‘ ‘‘ඒක මිසක් අපි මේ හිතුවා අනාගත හස්බන්ට බයේ කියලා.‘‘ ‘‘අනේ බලයන් බට්ටා කට වහන්.‘‘ ‘‘හිටපන්කෝ අපි දෙන්නා ඒ පැත්තේ රවුමක් දාලා එන්න.‘‘ එවැනි වැඩවලට එතරම් අකමැති පැටී මගේ ළග ඉතිරි වෙද්දී රොසිත් ,බතලීත් හුන් තැනින් නැගිට නිදහස් තණනිල්ල පුරා ඇවිද යන්න විය. මොහොතකට පසු ඔවුන් ආවේ සිනා සෙමින් දගකාරලෙසය. ‘‘වැඩේ හරි බං.‘‘ ‘‘ඇයි මොකද වුනේ.‘‘ ‘‘මේ බලපන්.‘‘ උණ්ඩිකළ කොළ කැබැල්ලක කටු අකුරින් ලියු දුරකථන අංකයක් සහ නමය. හතරදෙනාගෙන් කාගේදෝ කියා නොදන්නා මුත් ලියා තිබු නම තරූෂ විය. ‘‘කොකද දන්නේ නෑ නේ බන් තරූෂ.‘‘ ‘‘මම හිතන්නේ අර නිල් ඉරි බැනියමක් ඇදන් ඉන්න බොයි. ඌ ළග ඉන්න අනිත් එකා මේක දෙද්දී ඌ කන්න වගේ බන් බලන් හිටියේ.‘‘ ‘‘මේ මට හොද අයිඩියා එකක් ආවා. අපි ඔය නම්බර් එකට මිස් එකක් දීලා බලමු කොකද බලා ගන්න.‘‘ ‘‘අන්න නිගමයි කෝ දීපන්කෝ පොන් එක.‘‘ ‘‘මගේ පොන් එක. මොකටද උබේ එකෙන් ගනින්.‘‘ ‘‘බෑ බෑ බන් මට ගෙදරින් කේස්. උබ දන්නවනේ අපේ අම්මාගේ හැටි සේරම චෙක් කරනවා.‘‘ ‘‘එහෙනම් අපි මේ තුන්දෙනාගෙන් එකකින් ගමු.‘‘ ‘‘බෑ බෑ බං. උබට කිව්වම තේරෙන් නෑනේ. යකෝ මුන්ගේ එවයි ගත්තම කොල්ලෙක්ගේ එකකින් ගත් බව අහු වෙනවා.‘‘ ‘‘ඒ කොහොමද?.‘‘ ‘‘ යකෝ ඉමෝ , වයිබ වලින් අහු වෙනවා නම්බරේ සේව කර ගත්තේත් . ඔබ ඉතින් ඕවා දන්නවෑ උබේ ඔය ඇබිත්තං පොන් එකෙන් ඒව කරන්න පුළුවන් ඈ. දීපන් දීපන් පණ්ඩිත කම් නැතුව. පස්සේ නම්බර් එක බ්ලොග් කරලා දාමු.‘‘ මම කිසිවක් නොකියාම රෝසී අත පොන් එක තැබුවේ ගගන දෙස හොරහින් බලමිනි. ඔහුගේ මුහුණේද එතරම් අකමැත්තක් නොවු නිසා මගේ සිතට සහනයක් දැනිනි. ‘‘අපො බන් මේ වයසේ කෙල්ලෙක් පාවිච්චී කරන පොන් එකද්ද මේක. අම්මට පොඩ්ඩක් කෙදිරි ගාලා ගනිංකෝ හොද පොන් එකක්.‘‘ රෝසී අංකය මගේ කුඩා දුරකථනයට ඇතුල් කරමින් කියවන්නට විය. ඇගේ ඒ වදන් වලට මගේ හදවත තදින් රිදුම් දෙන්න විය. ‘‘මට ඕක හොදයි බන්. මට අම්මට ඔය හැටි කරදර කරන්න බෑ, මම හම්බකරන කාලෙක ගන්නවා. පව් බන් අම්මා. මේ කෝර්ස් එක කරන්න ගත් නිසා මට අළුතින් ලැප් එක අරන් දුන්නෙත් ගෙවන්න.‘‘ ‘‘අනේ සොරි බන් මම කටට ආවට කිව්වා මිසක්. ඕවා හිතුවේ නෑ . උබ ගනන් ගන්න එපා. උබ දන්නවනේ මගෙ කටට බෙරේක් නෑ කියලා.‘‘ ‘‘හරි බන් හරි... ඒකට අවුලක් නෑ.‘‘ ‘‘අනේ බං සොරි කෙල්ලේ. හිනා වෙයන්කෝ. උබ ඔහොම මුඩ් ගහලා ඉද්දි මම කොහොමද අර කොල්ලට ලයින් දාන්නේ.‘‘ රෝසිගේ ඒ කතාවට අපි සියල්ලන්ටම සිනා නැගුණි. ‘‘ඒ සදා බලපන් මොකාද පෝන් එක බලන්නේ කියලා.‘‘ රෝසී ඇමතුමක් ගෙන දුරකථකය සවනත තබා ගනිමින් කිව්වේ මම සිටින්නේ ඒ පිරිමි ළමුනට මුහුණ ළා නිසාය. ‘‘උබ කිව්වා හරි අර නිල් ඉරි කොල්ලගේ තමා.‘‘ ‘‘අනේ කෙල්ලනේ තොපිනම්. පව් යකෝ වුන්. තොපි කෙල්ලොද අපි අපි කෙල්ලොද හිතනෙවා මේවා දකිද්දී.‘‘ බැලැකියා එලෙසින් කිව්වේ අතකුත් කම්බුලේ ගසාගෙනය. ‘‘පව් බං අපි.‘‘ ඒ ගගනගේ හඩයි. ඒ පිරිමි ළමයි නුත් අපිව විහිළුවට ගෙන ඇතැයි මම සිතුවෙමි. ඔවුන් තරමක් දුරින් හුන් නිසා ඔවුන් කතා කරන දේ අපට නෑසුනත් සිනා සෙමින් කතා කරන අයුරින් එය වැටහුනි. ඒ හතරදෙනා අතර එක් නිහඩ චරිතයක් විය. සුදු පැහැයට හුරු කමිසයක් හැද වුන් ඔහු පසුවන්නේ කෝපයෙන් බව මුහුණේ ඉරියව් වලින් පෙනුණි. ‘‘ ඒ බං කොල් එකක් එනවා.‘‘ ‘‘අර කොල්ලගෙන්ද උස්සලා බලපන්.‘‘ බතලී රොසිත් සමග එක් වී පිටතට ඇසෙන පරිදි සද්දය වැඩි කර ඇමතුමට සවන් දෙන්න විය. මම හොදින්ම දුටු දෙය නම් අනෙක් පසින් දුරනථකය සවනත තබාගෙන වුන්නේ නිල් ඉරි බැනියම හැද ගත් පිරිමි ළමයා බවය. ‘‘හෙලෝව්.‘‘ ‘‘හෙලෝව්.‘‘ ‘‘මොකද්ද මේ නංගිගේ නම්.‘‘ ‘‘නංගි කියන්නේ උපැන්නේ බැලුවද අයියා.‘‘ සියල්ලන් බක බක ගා සිනාසෙමින් සංවාදයට සවන් දුන්නේමු. පිරිමි ළමුන් කණ්ඩායමෙනුත් ඇසුනේ සිනා හඩකි. දැන් නම් කිසි සැකයක් නැත අපි මෙන්න ඔව්නුත් හදන්නේ අපි විහිළුවට ගන්නටය. ‘‘නංගිත් මගේ උපැන්නේ බලලා වගේ මට අයියේ කිව්වේ.‘‘ ‘‘ආ... මේ මේ.... අයියා මට නංගි කිව් නිසානේ කිව්වේ.‘‘ රෝසි කිව්වේ වැඩේ අවුල් ගිය නිසා දිවත් හපාගෙන නළලේ අත ගසාගෙනය. ‘‘හරි හරි අක්කා වුනත් නංගි වුනත් කමක් නෑ නම කියන්නකෝ.‘‘ ‘‘මගේ නමද?‘‘ ‘‘ඔව් ඔව්.‘‘ ‘‘ඒ සකුන්තලා කියපන් සකුන්තලා කියපන්.‘‘ බට්ටා රහසින් කියන්න විය. ‘‘ මම සකුන්තලා.‘‘ ‘‘ශා පට්ට නමක්නේ. ගම කොහෙද දන්නේ නෑ.‘‘ ‘‘දඹානේ.‘‘ ‘‘අනේ වැදි කෙල්ලෙක්ද?.‘‘ සංවාදය දිගැස්සුනේ දෙපිරිසම අතර සිනහව රජ කරවමිණි. දැන් මුහුණට මුහුණ බලාගෙන දුරකථනයෙක් කතා කරමින් සිටි. එවිටම සබ්ධ විකාශන යන්ත්‍රයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සහතික පත් හා කුසලාන බෙදා දීමට වේදීකාව ඇති ශාලාවට පැමිණෙන ලෙසයි. අපි සියලු දෙනාම ශාලාව තුළට ඇතුල් වුනෙමු. සහතික ප්‍රධානය ආරම්භ විය. විශාල පිරිසක් සිටි නිසා එක් එක් නෙකාට සහතික ලබා දීම අපහුසු නිසා එක් එක් පංන්තියට අදාල ආචාරය තුමා හට සහතික පත් කට්ටලය බාර කෙරුණි. සහතික පත් බෙදන අතර තුර විවිධ නැටුම් ගැයුම් විශේෂාංග පැවැත්වුණි. ඒවා එවෙලෙහි ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන විශේෂාංගය. එක වරම බලන විට වේදිකාව මත හුන්නේ නිල් ඉරි බැනියම හැද ගත් තරුණයාය. පසුබිමින් වැයුණු සංගීත නාදයට ඔහු අලංකාරව හඩ එක් කරන්න විය. ‘‘ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි.....‘‘ ‘‘ඒ බලපන්කෝ ඌ හෙන වැඩකාරයනේ . ලැජ්ජයි බන් අපේ සෙට් එකෙන් එකෙක් යන්නම ඕනේ. නැත්තම් වස ලැජ්ජාව. ‘‘ඒ සදා පලයන්කෝ. ‘‘ ‘‘මට බෑ බං තනියෙම යන්න.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳා ට සෙට් වෙයි වගේ අන්තිමට මේ කොල්ලව ..ඉක්මනට කියවන්න ඕනේ සඳුනිVeteran MemberPosts:2462 09 Feb 2017 01:13 AM හිරුයි තරුයි. විසිනමවන කොටස. ‘‘ඒ බං උබ මටවත් කිව්වේ නෑ නේ... අම්මේ උබලගේ හොර වැඩ‘‘සයුමී මාගේ අත කොනිත්තන්න වුවාය. හරි හරි මම මේ දකින්නේ හීනයක් නෙමේ... දිනිදු අයියේ ඔයා නම්... මේවා සේරම මේ අයියාගෙයි මල්ලීගෙයි පෑලැන්, මම තවම සිනහා වෙමින් සිතුවෙමී. ‘‘දැන් ඉතින් අපි ඕනේ වෙන එකක් නෑනේ.. හ්හ්ම්ම්ම අපි යන්නම් එහෙනම්.. ‘‘ සයුමි අනෙකුත් යහළුවන් හට එක් වුවාය. ‘‘මේක තමයි නේ... උඩින්ම මම මෙහෙ එනවට කැමති වුනේ.‘‘ දිනිදු මා අසලටම පැමිණ නවතින විට මම හොරැහින් බැලුවෙමී. ‘‘නරකද ... දැන් මම ආව එක.. ‘‘ ‘‘නරකම නෑ...‘‘ මම ඉවත බලාගෙන පැවසුවේ සිනහා වලකා ගන්නට අපහසු නිසා වෙනී. ‘‘ඒ මැට්ටී.... මොකද්ද ඒ කතාව..‘‘ ‘‘මොකුත් නෑ..‘‘ මම අවන්හල වෙතට ගමන් ඇරබුවෙමී. උදේ ආහාර වේලෙන් පසු.. දිගටම පැවතියේ දේශනයන්ය. ඒ අවස්ථාවල මම හිස එහෙ මෙහෙ හරවමින් දිනිදුව හෙව්වත් ඔහු පෙනෙන්නට නොවී. අවන්හලට ආ මොහොතේ සිට අනුහස් සර්ද දකින්නට නොමැති විය. ‘‘මොනවද ජීරාප් කෙනෙක් වගේ බෙල්ල කරකව කරකව හොයන්නේ..‘‘ දේශන අතරතුර සයුමී මට උරහිසෙන් අනිමින් විමසුවාය. ‘‘මොනවා හොයන්නද?.‘‘ මම ඇයට දෙස රවා අහක බලා ගත්තෙමී. ‘‘අනන්ගයා කොහේ හරි ඇති, කුමාරිකාව එනකන් මග බලාගෙන.. මෙතන ඉදන් හිටියට හිතනම් මෙතන නෑ වගේ..‘‘ ‘‘පලයං බං යන්න..‘‘ දේශන වලින් නිදහස් වු සැදෑ වරුව කාර්යාලයේ සියලු දෙනා එළිමහනේ තැනක වට වි ගත කෙරුවෙමු.. සැදෑව සතුටින් ගත කරන්නට කලින්ම සැලසුම් කරගෙන වුන් පිරිස වාදන භාණ්ඩ කිපයක්ද අවස්ථාවට එක් කරගෙන තිබුණී.. චාරුක ගිටාරය රිද්මයට වයමින් ගී ගයන්නන්ට සහය වන්න වුවේය. ඔහු එතරම් සංයමයෙන් ගිටාරය වයද්දී.. ආයතනය තුළ වුන් කටකාර , හදිස්සිකාරී පුද්ගලයා දැයි මට ම සිතුනෙමී. තවමත් නෙත දිනිදුගේ රුව සෙයමින් ළතවෙන නිසා ගායනයට හවුල් නොවු මම ඕනිවට එපාවට අත්පුඩි ගැසුවෙමී. අවට පරිසරය පුරා නෙත් යවන මට දැක ගන්නට ලැබුනේ අනුහස් සර්රුත් දිනිදුත් ගැටුමක් ඇති කර ගන්නා අයුරකී. දිනිදු අයියා සර්ට හොරෙන්වත්ද මේ ගමන ඇවිත් තියෙන්නේ .. මම හිතුවේ දෙන්නගේ පෑලැන් එකක් කියාලා.. එදා වගේ ගහයිද දන්නෙත් නෑ.. හිතට දැනුන බිය නිසාම මම ඉක්මන් ගමණින් ඔවුන් වෙත ගියෙමී. ‘‘සොරී.. සොරී .. ලොකු.. මට දාලා එන්න බැරි වුණා.‘‘ දිනිදු සමාදාන වෙන්න උත්සහ ගනිද්දී අනුහස් සර් තවත් කෝපයට පත් වූ බව මම දුටුවෙමී. ‘‘පොඩී... මම උබට ආයි කියන්නේ.. නෑ.. ඔය බුරුවාගෙන් ඈත් වෙයං.. අපිට හිතේ සැනසීමේ ජීවත් වෙන්න දීහං.‘‘ ‘‘හරි.. ලොකූ.. මම ඉක්මනට .... ‘‘ඉක්මණට... ඉක්මණට නේද?... උබ කීපාරක් මට දැන් ඔහොම කිව්වද... කියහංකෝ.‘‘ එවර අනුහස් සර්ගේ අත නතර වුනේ දිනිදුගේ කම්බුල මතය. පරහක් දෙකක් වදිද්දී මම දෙන්නා අතට පැන්නෙමී. ඔවුන් දෙදෙනා ගැටුම ඇති කර ගත් කාරනය නම් මට පැහැදිලී නැත. නමුත් දිනිදුට පහර දෙන තුරු බලා සිටීමට මට අපහසු විය. ‘‘ඇයි .. සර් මේ... ඕක නවත්තන්නකෝ... ඇයි මේ..‘‘ මම දිනිදු අයියා මුවා කරගෙන අනුහස් සර්ගේ පැත්තට හැරුනෙමී. ඔහු තවමත් කේන්තියෙන් වෙව්ලයි. ඉහළට එසවුන වේව්ලන අත ටික මොහොතකට පසු ඉබේටම පහළට වැටුණා. ඉන් පසු මුහුණ දුකෙන් පුරව ගත් ඔහු.. අපි වෙතින් ඉවත්ව යන්නට සැරසුණේය.. ‘‘සර්... සර්... ‘‘මම ඔහුගේ පිටුපසින්ම ගියෙමී. ඔහු වරක් නැවතී මා දෙස බැලුවේය..‘‘ ‘‘ඇයි සර්... සර් දුකෙන්. ඇයි... මට කියන්න දිනිදු අයියා කරපු දේ...‘‘ මම ඇසුවේ වේදනාවෙනී.. මම නොදන්න මොක්ම හෝ රහසක් ඇතැයි මට සිතුණු වාර අනන්තය.. පසුව සියල්ල හොද අයුරින් සිදු වෙද්දී..නමුත් ඒ මට හිතෙන හැටි වෙන්න ඇති යනුවෙන් සිතා සිත සනසා ගත්තෙමී. ‘‘ඔය ඉන්නේ.. එයාගෙන්ම අහ ගන්න.‘‘ ඔහු දෙනෙතින් දිනිදුව පෙන්නුවේය. මම හැරී දිනිදු දෙස බැලුනෙමී. ඔහු සිටියේද මුහුණ බිමට බර කරගෙනය. කුමක් නමුත් අනුහස් සර් කෝප වන්නට දෙයක් දිනිදු කර ඇතැයි මට ස්ථිරවම දැනුනී. ‘‘මොකද්ද දිනිදු අයියේ වුනේ.. ‘‘ සර් පිටව ගිය පසු මම දිනිදු අයියා වෙතට ගියෙමී. ‘‘අයියාට කේන්ති ගිහින් මම තරූෂව එක්ක ආවා කියලා.‘‘ ඔහු ඉවත බලාගෙන පැවසුවේය. ‘‘ඇයි සර් තරූෂ අයියාට ඔය තරම් අකමැතී.. ‘‘සිතට නැගුන ගැටළුව මම දෙවරක්ම නොසිතා වචන කෙරුවෙමි. ‘‘ඉස්සර අපි දෙන්නම එකට බිව්වා.. නයිට් ක්ලබ් ගියා.. හැම තැනම ඇවිදන්න ගියා.. ඌ නිසා මට පාතාල යාළුවෝ පිට් වුණා . ඒවා අයියා දන්නවා ඒකයි.. අයියා බයයි මම ආයි එහෙම වෙයි කියලා.‘‘ ඔහු එක හුස්මට පවසාගෙන ගියේ කටපාඩම් කරගෙන සිටියා මෙනි. ‘‘ ඇයි ඔයාට බැරි තරූෂ අයියාගෙන් ඈත් වෙන්න... ඔයාට සර් කොච්චර ආදරේද?... ඔයා දන්නේ නෑ.. ආන්ටී ඔයා නිසා මොනතරම් දුක් වෙනවද කියලා..‘‘ ‘‘මම ඒ.. සේරම දන්නවා සදා... මාවත් පොඩ්ඩක් තේරුම් ගන්න.. තරූ දැන් ඉස්සර හිටපු තරූ නෙමෙයි.. ඌ දැන් කිසිම වැරදී වැඩක් කරන්නේ නෑ... පව් අහිංසකයා.. ඌට අම්මයි තාත්තායිත් නෑ.. බෝඩිමක ඉන්නේ...‘‘ මම තවත් තරූෂ ගැන විස්තර දිනිදුගෙන් දැන ගත්තෙමී. ඔහු පවසන අයුරින් තරූෂ පව් යැයි මටත් සිතුණි. නමුත් සර්ගේත්, ආන්ටිගේත් සිත නොරිදෙන ලෙස වැඩ කරන ලෙස මම දිනිදුගෙන් ඉල්ලුවෙමී. හොදටම අදුරේ ගිලී තිබු පරිසරයේ ගිණිමැලයක් වට රොක් වුන කාර්යාලයේ පිරිස ජයටම සාජ්ජය පවත්වයි. අපි දෙදෙනාද එතනට එක් වුණෙමු... මගේ නෙත් වැඩී පුරම රැදී තිබුණේ චාරුක දෙසය.. ඊට හේතුව ඔහුගේ වාදනය ඉතා සිත් පැහැර ගන්නා සුළු වීමයි. අනෙක් මිතුරු මිතුරියන් සමග එක් වී සිනාසෙමින් කවට කතා කියමින් අපි සතුටින් පැය කීපයක් ගෙවා ගත්තෙමී.. මගේ ඉල්ලීම මත තරූෂවද එතනට එක් කර ගැනීමට අනුහස් සර ඉඩ දි තිබුණී.. නමුත් අනුහස් සර්ගේ රවා ගත් ඇස් නිතරම තරූෂ වෙත එල්ල වී තිබුණී.. ඒ අතර තුර තවත් අමුතු දෙයක් සිදුවෙමින් පැවතුනී. එනම්.. දිනිදු මා අසල වාඩී වු මොහොතේ සිට හේතුවක් නැතුවම චාරුක නිතර අපි දෙස බැලීමයි. මම ඔහු දෙස බැලු නිසා වැරදියට හිතුවා වත් දැයි මම වරක සිතුවෙමී. නමුත් මම බලන හැම වරකම ඔහු අමුතු පෙනුමකින් අපි දෙස බලා සිටී. දේශන, සාද, ක්‍රිඩා, සාජ්ජ.. මේ සියල්ලම මැද දවස් තුන නොදැනීම ගෙවී ගියේය. ආපසු නිවෙස් බලා එන්න සූදානම් වෙද්දී.. දිනිදු සමග කාර් එකේ යාමට මම ආසාවෙන් සිටියෙමී. යන්නට සූදානම් වී ඔහු සෙව්වත් ඔවුන් පෙනෙන්නට නොවීය. එකිනෙකා වෑන් වලට ගොඩ වෙද්දී. මම දිනිදුට ඇමතුමක් ගත්තේ ඔහු සිටින තැන දැන ගැනීමට විය. මගේ පැතුම සිණුවිසුනු කරමින් ඔහු පැවසුවේ.. කලින්දා රාත්‍රියේම ඔවුන් පිට වුයේ.. අලෙවී සැල සදහා ලැබුණු හදිසි.. ඇනවුමක් සූදානම් කරන්න ඇති නිසා බවයි.. දැන් ඉතින් මොනවා කරන්නද ආපු විදියටම යනවා.. මම වෑන් රියට නැග ගත්තෙමී. දිනිදු හිතා මතාම මා මග හැර ගියා දැයි මට කීපවරක්ම සිතුණි.. වෑන් එක තුළද උපරිම සතුට භුක්තී විදි අනෙක් පිරිස කාර්යාලය අසලින් බසින තුරුම එක දිගට ගී ගැයුහ. ඉදිරි පස ආසනයේ හිද ගෙන ගිටාරයද අතින් ගෙව වයමින් සිටි චාරුක වරින් වර මා දෙස බලනු මම දුටුවෙමී.. මුල් දින දිනිදු මා අසල සිටිනු දුටු මොහොතේ සිටම ඔහු මා දෙස අමුතු විදිහකට බලන බව මට හොදින්වැටහී තිබුණි. සයුමී කීපවරක්ම මොකද බං උබ අපි දිහා කන්න වගේ බලන්නේ යනුවෙන් විමසුවත්.. මොකුත් නෑ... පැවසු ඔහු නෙත වෙනතක යොමා ගත්තේය. වෙනදා කට කැඩුණු කතා කියා අනිත් අයගේ සිත් රිදවන ඔහු නිහඩ වීම මට ලොකු ගැටළුවක් වී ඇත. සියල්ලන් කාර්යාලය අසලින් බැස නිවෙස් බලා යන්නට පිටත් විය. සමහරු මගින්ම බැස ගත්තාය. ගමනාන්තය තෙක් පැමිණියේ මමත් චාරුකත් තවත් කිහිප දෙනෙකුත් පමනකී.වෑන් එකෙන් බැස බෑග් මළු ඔසවාගෙන එන්නට සැරසෙද්දී. අනුහස් සර් මා ඉදිරියට පැමිණ නිවසනටම ඇරලන්නම් මදක් සිටින ලෙස පැවසීය. ඒ නිසාම මම ආයතය ඉදිරියේ එළිමහනේ බංකුවක වාඩී වුනෙමී.. එහෙ මෙහෙ ඇවිදිමින් චාරුක හොර ගල් ඇහිදින බවද මම දුටුවෙමී.. ටික මොහොතකට පසු ඔහු මා සිටින දෙසට එනු දැක මගේ සිත බියෙන් ගල් ගැසුනී.. කෙලින්ම ඔහු මා දෙසට එද්දී මම ඉබේටම බංකුවෙන් නැගිට්ටෙමී..බෑග් එතන තිබෙද්දී මම දුවන්න සැරසුනෙමී.. වෙනදා ඔහු සමග මම බය නැතුව කියවාගෙන ගියත්.. මේ දවස් ටිකේම ඔහුගේ නෙත් මා දෙස රැදී තිබූ නිසා මට බියක් දැනී තිබුණි. ‘‘මිස්.. සදනී.. ඔහොම ඉන්න..‘‘ ඔහු ගමන නවතා අතින් මට බිය නොවන ලෙස ඇගෙව්වේය. මමත් එතනම සිටගෙන බලා වුන්නෙමී. ‘‘මට මිස් සදනිට වැදගත් දෙයක් කියන්න තියෙයි.‘‘ ඔහු දුර සිටම පැවසුවේය. ‘‘මොකද්ද?.‘‘ මගේ සිතේ තිබූ බිය තවමත් පහව ගොස් නැත.. ඔහු ළගට ආවොත් දුවන්නට සූදානමින් මම බලා වුන්නෙමී. ‘‘මිස් සදනී .. ඒක හුගක් වැදගත් දෙයක්... මොකද බය වෙලා.. මෙහෙම.. කියන්න පුළුවන්ද?.‘‘ ‘‘කමක් නෑ කියන්න.‘‘ ‘‘මෙහෙම හයියෙන්.. ඔයාට මයි හොද නැත්තේ.‘‘ එවිටම දිනිදුගේ කාර් එක ආයතනය ඉදිරිපිට නතර විය. කිසිත් නොසිතු මම ඔහු අසලට දුවගෙන ගියෙමී. හොදටම බිය වී සිටි මම නතර වුනේ දිනිදුගේ පපුවේ මුහුණ හොවාගෙන වෙමී. මට ඔහු ගැන දැනුනේද ලොකු තරහකී.. මාව දාලා ආවනේ.. ඔයාම මාව ඔයාගේ කාර් එකේ එක්ක ආවා නම් මේ කරදර නෑ. මම සිතින් නොක්කාඩු කීවෙමී. ‘‘සදා... මගේ කෙල්ලේ.. ඇයි බය වෙලා.. කෝ. කියන්න.‘‘ ඔහු මා උරහිසින් අල්ලා මුහුණට එබෙන්න උත්සහ කරමින් පැවසුවේය. ‘‘අර.. අර...‘‘ මම චාරුක සිටි දිසාව පෙන්නුවත් එහි කිසිවෙක් නොවීය. ඔහු එතනින් අතුරුදහන් වී තිබුණී. ‘‘කවුද ළමයෝ.. මේ මහ දවල් හොල්මනකයවත් බව වුණාද?..‘‘ දිනිදු සිනහා වන්නට විය. ‘‘හොල්මනක් නෙමෙයි.. චාරුක..‘‘ ‘‘චාරුක.... කවුද චාරුක කියන්නේ.‘‘ ඔහු පුදුමයෙන් පැවසුවේය. ‘‘අපේ ඔපිස් එකේ ළමෙක්.‘‘ ‘‘අර... හොටෙල් එකේදී නිතරම අපි දිහා බලන් හිටිය කොල්ලද?.‘‘ ඔහු පැවසුවේ.. මොනවාද කල්පනා කරමින් වුවාය. ‘‘ඔව්... ඔයත් ඒක දැක්කද?.‘‘ චාරුක බලන් සිටි බව මම ඔහුට නොපැවසු නිසාත්.. ඔහු එවැනී දෙයක් නොවිසූ නිසාත් මම පුදුමයෙන් විමසුවෙමී. ‘‘ඔව් මමත් පොර දිහා බලන් තමා හිටියේ.. මම බුවා ගැන ටිකක් දන්නවා.. පරිස්සම් වෙන්න.. වැඩිය ළංකර ගන්න එපා.‘‘ ඔහු එලෙස පවසද්දී මගේ බිය තවත් වැඩී විය. ‘‘නරක කෙනෙක්ද?.‘‘ මම තවත් තොරතුරු දැන ගැනීමේ අටියෙන් විමසුවෙමී. ‘‘හ්ම්ම්ම්.. මහ එපා කරපු එකෙක්.. අපි යමු..‘‘ වට පිට බලමින් බෑග් ටික අසලට ගිය මම ඒවා රැගෙන විත දිනිදුගේ කාර් එකට නැගුනෙමී. ‘‘ ආ....දිනිදු අයියේ.. සර් එනකන් මම හිටියේ.. අපි කියලා යං නේද?.‘‘ මම හදිසියේම සිහිපත් වී විමසුවෙමී. ‘‘ඒක.. අවුලක් නෑ.. කෝල් එකක් දෙමු.. ‘‘ඔහු අනුහස් සර්ට ඇමතුමක් දී.. මාව නිවසට ඇරලන බව දැන්වීය.. චාරුකගේ කරදර එතනින් නිමා නොවීය.. ආයතනය තුළදීද.. කීපවරක්ම ඔහු යමක් මට කීමට උත්සහ ගත්තේය. දිනිදු ඔහු නරක අයෙකු ලෙස පැවසු නිසාත් ඔහු මා තනියෙන් සිටන විටදී පමණක් ළං වීමට උත්සහ කරන නිසාත් මගේ බිය තවත් වැඩී තිබුණි. එනිසාම ඔහු පවසන්නට යන දේ දැන ගැනීමට මට විදියක් නෙවීය. නිතරම ඔහු මා දෙස බලන් සිටින අයුරුදු මම දැක ඇත්තෙමී.. ඒ හේතුවෙන් තනිව ගමක් යාමට දැනුන බව නිසාම කිපවරක්ම දිනිදු සමග ඔහු ගැන පැවසුවෙමී. දිනක් අනුහස් සර්ද චාරුක ගැන මගෙන් විමසුවේය. දිනිදු සර් හට චාරුක ගැන පවසා තිබුණි. දිනක චාරුක හට අනුහස් සර් ඇමතුවෙය..ඉන් පසු සිදු වුයේ අමුතු දෙයකී.. සර්ගේ කාමරයෙන් පිටතට පැමිණි ඔහු කෝපයෙන් තම බෑගයද රැගෙන කාර්යාලයෙන් පැටතට ගියේය. ඊට විනාඩී කීපයකට පසු මා අසල වූ දුරකථනය නද දෙන්න විය. සිදු වු දෙය කල්පනා කරමින් සිටි මම ඇමතුමට සවන් දුන්නෙමී.. පිළිගැනීමේ නිළධාරිනිය පවසා සිටියේ මා හමුවන්නට අයෙක් පැමිණ සිටිය බවයි. දිනිදු වන්නට ඇතැයි සිතු මම ඉක්මණින් පිළිගැනීමේ අංශය දෙසට පිය නැගුවෙමී.. සෙටියේ කිසිවෙක් නැත.මම පුදුමයෙන් පිළිගැනීමේ නිළධාරිනිය දෙස බැලුවෙමී. ‘‘එයා එළියෙන් ඉන්නවා කිව්වා මිස්.‘‘ ‘‘ඕකේ..‘‘ මම කාර්යාලයෙන් පිටතට ගියෙමී.. මම වට පිට බලමින් බංකුව අසලටම ගියෙමී. කිසිවෙක් පේන්නට නැත. බංකුව අසලටම ගිය මම .. ආපු කෙනා යන්න ගිහින්ද කොහොද?. මා හම්බෙන්න නම් ආවේ ඇයි මීට් නොවී ගියේ. මම ආපසු එන්නට හැරුනෙමී. ඒ සමගම කවුරුන් හෝ මා වැරෙන් අල්ලා ගත්තේය. කෑ ගසන්නට ඉඩ නොදී කටද තද කර අල්ලා ගත් ඔහු කතා කරද්දී චාරුක බව මම වටහා ගත්තෙමී.. මම ඔහුගෙන් ගැලවෙන්නට උත්සහ ගත්තෙමී. ‘‘මිස් සදනී... දගලන්නේ නැතුව ඉන්නවා.. තමුසෙට කරදරයක් කරන්න මට ඕනේ නෑ. වැදගත් දෙයක් කියන්නයි මේ දගලන්නේ.. තමුසේ සූදානම් නෑනේ මම කියන දේ අහන් ඉන්න..‘‘ඔහුගේ කතා අසා සිටීමට තියා ඔහු දකින්නවත් බිය වුණ මම ඔහුලෙන් ගැලවී පැන ගැනිමට වෙර දැරුවෙමී. ‘‘මිස් දන්නවද? අද මිස් නිසා අද මගේ ජොබ් එකකත් නැති වුණා කියලා.‘‘ එවර මම දැගලීම නතර කර ඔහු දෙසය හැරෙන්න උත්සහ කළෙමී. මං හිංදා චාරුකගේ රස්සාව නැතු වුණා.. දෙයියනේ.. ඒක මොන පවු වැඩක්ද?. ‘‘ඒකට කමක් නෑ.. සදනී.. ප්ලීස් කළබල නොකර මම කියන දේ අහන් ඉන්න..මොකද මම දන්න දේ හංගන් ඉදලා කවුරු වුණත් කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාශ වෙනවා දකින්න මම ආස නෑ.. ‘‘ ඔහු මාව අත හරිමින් පැවසුවේය. මම ඔහ්ගෙන් ටිකක් ඈතට පැන නැවතුණෙමි. ‘‘චාරුක .. මම උඹට කිව්වා නේද.. සදනී එක්ක කිසි කතාවක් තියා ගන්න ඕනේ නෑ කියලා.‘‘ අනුහස් සර් ඈත සිට කියනු මට ඇසුණේය. මම ආපසු හරී ඔහු දෙස බැලුවෙමී. ‘‘මිස්.. මේ අහන්න.. මම මෙහෙම කියන්නේ ඔයාගෙන් කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.. සර්ගේ මල්ලීට ඔයාගේ ජීවිතේට ළං වෙන්න දෙන්න එපා..‘‘ මම ඔහු දෙස බැලුවේ තරමක් කෝපයකිනි. මොන විකාර කතා වක්ද ඒක. මූට නම් පිස්සු වත් හැදීගෙන එනවද මන්දා..‘‘ඒ මොකද එහෙම කියන්නේ.. මගේ ජීවිතේ තීරන ගන්නේ මම.. ඔයා මොකද ඒවට ඇගිලි ගහන්නේ.‘‘ ‘‘හරි.. හරි.. මම මිස්ගේ ජීවිතේට ඇගිලි ගහන්න එන්නේ නෑ.. දිනිදු කියන්නේ.. ඒ තරම් හොද චරිතයක් තියෙන කෙනෙක් නෙමෙයි.. මම ඌ ගැන හොදටම දන්න නිසයි කියන්නේත‘‘ ‘‘මොනවද දන්නේ..‘‘ ‘‘මෙහේ එනවා යන්න.‘‘ ගේට්ටුව මුර කරමින් සිටි මුරකරුවන් දෙදෙනා බලෙන්ම චාරුකව ඇදගෙන ගොස් ගේට්ටුවෙන් පිටතට දැමුවේය. ඔහු ඒ ඇදන් යද්දීත් මා දෙස බලාගෙන පැවසුවේ.. ප්ලීස්.. මම කිව්ව දේ ගැන හිතන්න.. මම කියනවට ඒ ගැන හොයලා බලන්න.. විහින් අමාරුවේ වැටෙන්න එපා යනුවෙනී. ඒ වන විට අනුහස් සර් මා අසලට පැමිණ සිටියේය. ‘‘මොනවද සදනී ඌ ඔය කියන්නේ.‘‘ ‘‘දිනිදු අයියා නරක කෙනෙක්ලු .. මට හොයලා බලන්නලු... විහින් අමාරුවේ වැටෙන්න එපාලු.‘‘ මම තවමත් කිසිත් සිතා ගත නොහැකිව බලා සිටිමී. ‘‘සදනී මොකද එළියට ආවේ.‘‘ මම සර් දෙස පුදුමයෙන් බැලුවෙමී. ඔහු සිතා මතාම මේ ප්රශ්නය මගහරිවා දැයි මට මුල්ම වතාවට සිතුණි. චාරූක කියන එකේ ඇත්තක් තියෙද දන්නේ නෑ.. මට තේරුම් ගන්න බෑ මේ දේවල්. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු සඳුනිVeteran MemberPosts:2462 09 Feb 2017 01:10 AM chamaramindMost Senior MemberPosts:13471 08 Feb 2017 04:42 AM ඉරිදා වේලාවක ඔක්කෝම කතා ටික බලන්න ඕන sha733Super Senior MemberPosts:7332 07 Feb 2017 09:50 PM දිනිදුත් ගමනට ඇවිත් වගේ මට හිතෙන්නේ. ඔහොම යං ලස්සනයි. සඳුනිVeteran MemberPosts:2462 07 Feb 2017 03:33 PM හිරුයි තරුයි. විසිඅටවන කොටස. ‘‘ දිනිදු අයියේ ... මේ මොකද?‘‘ ඔහු කතා කරන ආකාරය වෙනස් වෙද්දී මම පුදුමයටත් බියටත් පත් වුනෙමී. ‘‘මගේ පණ... මට ..ස..මා වෙන්න.. මට.. සමාවෙන්න වස්තූ..‘‘ දිනිදු හඩහී හඩන බවක් ගැබ්ව තිබුණී.. ‘‘ ඇයි මගේ අයියේ.. ඔයා ඩින්ග්ස් ගත්තාද?‘‘ මම දුකෙන් විමසුවෙමී. ඔහුගේ කතාවෙන් එලෙස හැගෙද්දී මගේ ආත්මයම ඇවිලි යනවා මෙන් මට හැගුණි. ‘‘මො..නව..ද? දිනූ.. කෙල්..ලෝ ළ..ග පීච..න් වෙන්..නේ.. අත්...තරලා.. දලා වරෙන්.. ය..කෝ මෙ..හෙට..‘‘ ඔහු අසල සිටින්නේ තරූෂ බව මම හඩින් වටහා ගත්තෙමී.. අනුහස් සර් කිව් පරිද්දෙන්ම සියල්ල කණපිට හැරී තිබුණි.. තවත් කතා කරන්නට සවියක් නොවූ මම ඉකිබිදින්න වූවෙමී.. ‘‘පලයං බං.. එහාට.. මගේ මැණික අඩවා... පළයං එහාට.‘‘ තරූෂත් දිනිදුත් අනෙක් පස බහින් බස් වන අයුරු මට හොදින්ම ඇසෙන්න විය. ‘‘හරි... හරි.. උබ එහෙනම් මාව කැපුවා.. එහෙනම් මම යනවා.. උබ කෙල්ලෝ හුරතල් කර කර ම හිටපන්.‘‘ එවර තරූෂ මහ හඩින් කුමකට හෝ පහරදී , කේන්තියෙන් පිට වී යනු මට ඇසෙන්න විය. ‘‘මැණික.. මම චුට්ටකින්.. ගන්නම්.. වස්තූ.. තරුවා ..ආන් අරහේ තරහා වෙලා ගනවා.‘‘ ඇමතුම විසන්දී නොකළ ඔහු පොන් එක කොහෙට හෝ විසි කරන හඩ මට ඇසුණි.ඉන් පසු පුටු මේස වල හැප්පෙමින් ඔහු එතනින් පිටවන හඩද ඇසෙන්නට විය. තවත් මොහොතක් දුරකථනය සවනේ රදවාගෙන සිටි මම එලෙසම ඇදේ වැතිරී හැඩුවෙමී. කදුලක් නිමා වී වැඩි කල් නොගොස්ම් දිනිදු මට කදුලක් ගෙනේවී යැයි මා සිතුවේම නැත.. අද දවසේ අපි දෙන්නා සතුටින් ගත කළ නිමේෂයන් සිහි කරමින් මම තනිවම ඇඩුවෙමී. ඇයි දිනිදු අයියේ ඔයා මට මෙහෙම කරන්නේ.. මගේ වැරැද්ද .. ඔව්.. ඔව්.. මගේ වැරැද්ද.. අනුහස් සර් කියන දේ මම පිළිගත්තේ නෑ.. මොකද.. මම දැන් මේකට කරන්නේ.. අනුහස් සර්ට කියන්නද?.. මම මොකද්ද කරන්නේ.. ඇයි දිනිදු අයියේ මට මේ තරම් ආදරේ දීලා මේ විදියට රිදවන්නේ.. මම හඩමින් තවත් ඇමතුම් කීපයක්ම ගත්තෙමී. ඔහු ඒ කිසිවකට පිළීතුරු නොදුන්නේය.. බිස්නස් එක පටන් අරන් මාස හයක් නිසා පාර්ටියක් දාන්න ඇති.. ඒත් මට කිව්වෙත් නෑ.. ආයෙත් මේ විදියට දිගටම පටන් ගනීද?.. තරූෂ අයියව නම් හරි යන්නේ ම නෑ. ඒකට මොකක් හරි කරන්නම ඕනේ.. වරෙක මම සිදුවීම සාධාරණීකරනය කරන්නද උත්සහ ගත්තෙමී. කෙසේ නමුත් එදා රාත්‍රියම කදුළු මැදින්, දුරකථන තිරය මත නෙත යොමාගෙන මම ගත කලෙමී. කොයි මොහොතේ හෝ ඔහු මට ඇමතුමක් ගනීවී යැයි මම විශ්වාස කෙරුවෙමී.. පසු දින උදා වුනත් ඔහු ඇමතුමක් නොගත්තේය.තවත් ඉවසා සිටිය නොහැකී තැන මම අනුහස් සර්ට ඇමතුමක් ගත්තෙමි. සුළු මොහොතකින් ඇමතුමට පිළිතුරු දුන්නේ අක්කාය. ‘‘අක්කේ..‘‘ ‘‘ඇයි .. නංගියෝ මේ උදෙන්ම..‘‘ ඇයගේ හඩ කුතුහලයෙන් පිරී තිබුණාය. ඇය අසල දරුවා හඩන අයුරුදු මට ඇසුණි. ඇයට කරදර කිරීමට මම නොසිතුවෙමී. ‘‘අනුහස් සර් කෝ.. සුදු අක්කේ.‘‘ ‘‘අවුලක් නෙමෙයි නේද නංගී...‘‘ ඇය මට නොපැවසුවත් දෙයක් දන්නවා දැයි මට නිකමට මෙන් සිතුනෙමී.. ‘‘අනේ නෑ ... සුදු අක්කීයෝ..‘‘ මම අමාරුවෙන් සිහවක් නංවාගෙන පැවසුවෙමී. ‘‘ඉන්න නංගියෝ... මම අනුට දෙන්නම්..‘‘ ටික මොහොතකට පසු අනුහස් සර්ගේ හඩ මට අනෙක් පසින් ඇසෙන්න විය. ‘‘ඇයි සදනී..‘‘ ‘‘සර්.. දිනිදු අයියා..‘‘ ‘‘මම හිතුවා ඕක කියන්න ගන්න ඇත්තේ කියලා.. පොඩී ආයෙත් වැඩ පටන් ගන්න වගේ.‘‘ ඔහු මා සමගද අමනාපයෙන් කතා කරන බව මට දැනුනී. ‘‘අනේ සර්...‘‘ මම වේදනාවෙන් පැවසුවෙමී. ‘‘තාම ගෙදර ආවේ නෑ.. ඊයේ රෑ ශොප් එකේ ඉන්න ඇත්තේ.‘‘ ‘‘සර් මම ටිකක් පරක්කු වෙලා ආවට කමක් නැද්ද?.‘‘ මම ඔහුගේ අලෙවී සැලට ගොස් කතා කිරීමට සිතාගෙන පැවසුවෙමී. ‘‘දැන් කොහොද ඔයා ඉන්නේ.‘‘ ‘‘මම තාම ගෙදර සර්.. ‘‘ ‘‘හා ..හා ගිහින් බලලා එන්න.. සදනී.. දැන් වත් මම කියන දේ අහලා ඔය තරූෂගෙන් පොඩීව බේර ගන්න.‘‘ ඔහු සැබෑ වේදනාවකින් පැවසුවේය. ‘‘මම මේ ගැන කතා කරන්නම් සර්..‘‘ මම ඉක්මණින් සූදානම් වී වෙනදාටත් කළින් නිවසෙන් පිට වුණෙමී. මම ඉක්මණීන් පිටවීම අම්මාට ගැටලුවක් වී තිබුණී..කාර්යාලයේ අත පසු වූ වැඩ වගයක් ඇති බව මම අම්මාට පැවසුවෙමී. දිනිදුගේ හැසීරීම දැන ගත හොත් ඇය කළබල වන බව මම හොදින්ම දැන වුන්නෙමී.එනිසාම මම නිහඩවම මේ ගැටළුව බේරා ගැනීමට සිතුවෙමී. මම අලෙවීසැලට යන්නටත් පෙර අනුහස් සර් එතනට පැමිණ තිබුණේය. ඔහුගේ කාර් එක දැක පුදුමයට පත් වුණ මම අලෙවී සැලට ඇතුල් වුණෙමී.. අනුහස් සර් කේන්තියෙන් පසෙක වාඩී වී සිටියේය. දිනිදුත් තරූෂත් දෙදෙනාම හකුළුගත් මුහුණීන් බිම බලාගෙන වුන්නේය. ‘‘දිනිදු අයියේ.‘‘ මම දිනිදුගේ අසලට ගොස් නැවතුණෙමී. එහෙත් ඔහු හිස උසවා මා දෙස නොබැලුවේය. ‘‘දිනිදු අයියේ.. මොනවද මේ.... වෙන්නේ.. ඇයි දැන් සද්ද නැතුව ඉන්නේ... කතා කරන්න.. මොතව මොනවද වෙන්නේ කියලා කියන්න.‘‘ මම කෝපයෙන් පවසාගෙන ගියෙමී. තරූෂ දකින විට මට දැනුන කෝපය තවත් වැඩි විය. ‘‘තරූෂ අයියේ.. ඔයා ආයි මෙහෙ වැඩට ආවේ නැතුවට කමක් නෑ.. සර් කිව්වා හරි .. ඔයා තමයි මේ සේරටම මුල.‘‘ මම තරූෂටද දොස් නැගුවෙමී.. ඔහු දුකින් එක වරක් හිස උසවා මා දෙස බැලුවා පමණකී. ඔහුගේ මුහුණ දකිව විට මට නැවත අනුකම්පාවක් දැනුණී. ඒ බැල්ම මෙතන සාධාරන හේතුවක් ඇතැයි මට අගවන්නට සමත් විය. මම ඔහුට බැන වැදුනත් ඔහුගේ මුහුණේ තිබුණේ අසරණ බවක් පමණකී. ‘‘අනේ... සදා.. මට ගහන්න..මට.. බයින්න... ‘‘ සෙටියේ වාඩී වී සිටි දිනිදු ඔහු අසට සිටගෙන සිටි මගේ අතක එල්ලී මගේ අත මත නළල තද කරගෙන කියන්න විය. ඔහුගේ සීතල කදුළු බිදු මගේ අත මතට වැඩෙද්දී.. මගේ කේන්තිය අතුරුදන් වීය.. සිත වේදනාවෙන් පිරුණි. ‘‘අනේ... ඇයි දිනිදු අයියේ.‘‘ මගේ නෙතත් කදුළුන් පෙගෙද්දී මම දිනිදු ළගින් වාඩී වුනෙමී. ඔහු හොදටම හඩන බව දුටු මට ඉවසා සිටිය නොහැකි විය. මොකක් නමුත් දෙයක් වී ඇති බව වටහා ගත් මම බලෙන්ම දිනිදුගේ මුහුණට එඹුනෙමී. ‘‘අනේ.. .. සදා ඔයාට පුළුවන් නම්... මට සමාව දෙන්න... අනේ මාව.. තනි කරන්න එපා...ප්ලීස්.‘‘ ඔහු මගේ නෙතින් ඔහුගේ මුහුණ මගහැර ගන්නට උත්සහ ගත්තේය. ‘‘මොනවද දිනිදු අයියේ.. මේ.. කියන්නේ... කවුද දැන් ඔයාට එහෙම දෙයක් කිව්වේ.. මම ඔයාව දාලා යන්නේ නෑ.. ‘‘ මම බලෙන්ම ඔහුගේ මුහුණ මගේ දෑතට මැදි කර ගත්තෙමී. ඔහුගේ කටින් ලේ බිදු කීපයක් වෑස්සී ඇති බව දකිද්දී.. මගේ මුළු සිරුරම වේදනාවෙන් මිරිකී යන්න විය. ‘‘අනේ දිනිදු අයියේ.. මේ මොනවා වෙලාද?.‘‘ මම පුදුමයෙන් අනුහස් සර් දෙස බැලුවෙමී. ඔහු තවමත් කෝපයෙන් ඉවත බලාගෙන සිටී.. ඉක්මනින් ප්‍රථමාධාර පෙට්ටිය වෙත ගිය මම පුළුන් කැබැල්ලක් ගෙන ලේ බිදු සිවිම්ව පිස දැමුවෙමී.. ඉදිමුණ කම්බුලත් රත් පැහැ වූ ඇගිලි පහරවලුත් අනුහස් සර් දිනිදුට පහර දී ඇති බව ස්ථීර කරවීය. අනුහස් සර්ට යමක් කීමටද මට අයිතියක් නැත. තමගේ සහෝදරයා නොමග යාමේදී ඇති වන කෝපය වේදනවා මට බාධා කළ නොහැකිය. පුපුරා ගිය තොල්පටින් ලේ වෑස්සෙන විට මම නැවත පිස දැමුවෙමී. ඔහු වේදනාවෙන් ඉවතට වුණෙමී. ඔහුගේ හැඩුම අවසන් වන තුරු රැදී සිටි අපි කාර්යාලය වෙත ගියෙමු.. සතුට සැමරීම සදහා පොඩී සාදයක් දැමුවා මිස යලි පරණ ජීවිතයට හුරු නොවන බව ඔහු දිනිදු දිවුරා පවසද්දී මට ඔහු ගැන දැනුනේ දුකකී..එනිසා තවත් කිසිවක් නොපවසාම මම ඔහු කී දේ පිළිගත්තෙමී. යළීත් ඔහුට සමාව දුන්නෙමී.. මාස කීපයකට පසු අනුහස් සර් කාර්යාලගේ සියල්ලන්ම එක් තැනකට රැස් කර ගෙන යමක් පවසන්නට සුදානම් වුවේය. දින තුනක සමුළුවක් සදහා අපිට වෙනත් පළාතකට යන්න වන බව පවසද්දී මට ඊට ආසාවක් ඇති නොවිය. එහිදී දින තුනක් යන ස්ථානයේ නේවාසිකව නැවතී සිටීමට සිදු වන බවද ඔහු පැවසුවේය. මේ සමුළු ඉතා වැදගත් එකක් නිසා සියල්ලන් සහභාගී වීම අවශ්‍ය බවද ස්ථිරවම පැවසුවේය. ඒ පණිවිඩ දිනිදුට කියන තුරු මට සහනයක් නොවීය. ඔහු මම මේ ගමන යනවාට කැමතී වේ දැයි මම කීපවරක්ම සිතුවෙමී. ඒ ගමන යාමට මගේද එතරම් ආසාවක් නොවීය. එක් දිනක් වත් නිවසින් පිට නොසිටි මට වෙනත් තැනක රැයක් ගත කිරීම යනු අළුත්ම අත්දැකීමකී. මේ ගමනට අම්මාද කෙසේවත් කැමති නොවන බවද මට විශ්වාසය. එදින විවේකයේ මම දිනිදු හට ඇමතුමකින් සමුළුව ගැන පැවසුවෙමී. ‘‘ඔයා ගිහින් එන්න ඉතින්.. බය වෙන්න දෙයක් නෑනේ.. අපේ ලොකුත් යනවනේ.. සයුමිත් යනවා නේද?.‘‘ ඔහු පැවසුවේ එය එතරම් ගණනකට වත් නොගෙනය. ‘‘ඔව් යයි.. යන්න වෙනවනේ.‘‘ ‘‘මොකද ළමයෝ දුකෙන් වගේ... අයියෝ... ඕවා සාමාන්‍ය දේවල් ගිහින් එන්න.‘‘ ඔහුට අකමැති නොවී එක වරම කැමතී වීම මගේ සිතට එතරම් ඇල්ලුවේ නැත. ‘‘ඒත් දිනිදු අයියේ.‘‘ ‘‘ඒ පාර ඇයි අම්මා යන්න දෙන්නේ නැති වෙයි කියලද කියන්න යන්නේ.‘‘ මම පවසන්නට ගියේ එය නොවුවත් මම ‘‘හ්හ්හ්ම්ම් ‘‘කීවෙමී. ‘‘ඒක අපේ ලොකු විසදලා දෙයි.. දුක් වෙන්න එපා සදා.. පරිස්සමින් ගිහින් එන්න.. ලබන සතියේ නේද?.‘‘ මම ඔහුට දින වකවානු නොපැවසුවත් ඔහු දින පවා දැන වුන්නාය. ‘‘දිනිදු අයියේ...‘‘ ‘‘හ්හ්ම්ම්ම්ම්.‘‘ ‘‘ඔයා හරි අමුතුයී.. ‘‘ මගේ සිත තුල දුකක් පෙරළි කරන්න විය. ‘‘අනේ නෑ... ඇයි මගේ කෙල්ලේ එහෙම කියන්නේ..‘‘ ‘‘ඔයා කොහොමද යන දින දන්නේ.. සර් ඔයාට කිව්වද?.‘‘ මම සැකයෙන් විමසුවෙමී. ‘‘ඔව් සදා අයියා මට සේරම විස්තරේ කිව්වා.. ඔයාගේ ඩිප්ලෝමා එකටත් මේ සමුළුවේ දේවල් හුගක් වැදගත් වෙයි කිව්වා.. ඒකයි.. පරිස්සමින් ගිහින් එන්න කියන්නේ... ‘‘ ඔහුගේ පැහැදිළී කිරීම් වලින් පසු මට යම් සහනයක් ලැබුණී.. දිනිදු අයියා පැවසූ අයුරින්ම අනුහස් සර් අපේ නිවසට පැමිණ සමුළුවට යාමට අම්මාගෙන් අවසරද ගෙන දුන්නේය. ගමනට අවශ්‍ය ඇදුම් පැළදුම් සියල්ලද සූදානම් කර ගත් මම ගමනට සූදානමින් සිටියෙමී. සමුළුවට පිටත් වන දිනය යෙදී තිබුණේ සදුදා දිනයකී. ඉරිදා දින මම පංති යාම සදහා උදෙන්ම සූදානම් වුනෙමී. වැසි බර හිමිදිරියක් නිසාවෙන් මම සිටියේ මදක් අලස බවකිනී. පරිසරය පුරා පැතිරුණ තෙත් සීත බව තව තවත් සුව සේ නිදා ගන්නට මග කියයි.. විභාගයක්ද කිට්ටු වී තිබු නිසා මම අපහසුවෙන් මෙන් නිවසින් පිට වීමට සැරසුනෙමී. තවමත් විටින් විට වැටෙන වැහි බිදු නිසා මම මිදුළට බහින්නට පෙරාතුව කුඩය ඉහලා ගත්තෙමී... වෙනදා මේ වන විට මුළු පරිසය ළා හිරු රැස්වලට උරුම කම් කීවත්.. අද අහස් කුස පැතිරිණු වැසි වළාවන් නිසා අදුරන් මිදෙන්නට තවමත් පරිසරය අසමත් වී තිබුණි. ‘‘ අම්මේ කවුද එනවා.‘‘ මිදුළට පා තබනවාත් සමගම නිවසට හැරවු කාර් එක දුටු විගස මම අම්මාට ඇමතුවෙමී. එය අනුහස් සර්ගේ කාර් එක නොවේය. අළුත්ම රතු පැහැ නවීන පන්නයේ කාර් එකකි. ‘‘කවුද දූ... මේ..‘‘ අම්මා මා අසලට පැමිණ නතරවුණේ පුමයෙන් නෙත් දල්වාගෙන වුවාය. නිවස ඉදිරිපිට නතර වූ කාර් එක කිහිප වරක් හෝන් එක නාද කලා මිස කිසිවෙකු වාහනයෙන් බැස එළියට ආවේ නැත. ‘‘කවුද අම්මේ... බහින්නෙත් නෑ... වැස්ස නිසා වෙන්න ඇත්.‘‘ මම ඉහලා ගත් කුඩය පියස්සෙන් වෑස්සෙන සිහින් ජල රේඛාවන්ට අල්ලා නැවත ගෙට ගොඩ වුනෙමී. ‘‘වෙන්න ඇති දූ... අදුරන්නැති කෙනෙක් කෙලින්ම ගෙදරට එන්නේ නෑනේ.. ටිකක් ගිහින් බලන්න.‘‘ අම්මා පැවසුවාය. මම කුඩය ඉහළාගෙන කාර් එක අසලට ගියෙමී.. එවිට ඉදිරි පස දොර හැරගෙන පිටතට පැමිණියේ දිනිදු විය . මට අදහා ගත නොහැකිව ඔහු දෙස බලා සිටියෙමී. ‘‘දිනිදු අයියේ ඔයා.‘‘ ‘‘මැට්ටී මම තෙමෙනවා... ඔය කුඩය හරියට අල්ලනවා.‘‘ ඔහු කුඩය යටට රිංගා ගනිමින් පැවසුවේය. ‘‘දිනිදු අයියේ...‘‘ ‘‘මොකද මැට්ටී... අපේ තමයි .. ලස්සනද?.‘‘ ඔහු මා සමග පියවර නගමින් පැවසුවේය. ‘‘ ඇත්තමද?.. හරිම ලස්සනයි.‘‘ මම අපසු හැරී කාර් එක දෙස බැලුවෙමී.. අහසින් වැටෙන කුඩා ජල බිදු රතු පැහැයෙන් දිදුලන කාර් එක මත වැටී අමුතු සුන්දරත්වයක් එක්කර තිබුණි... ‘‘මේක දැන් අපේ මැට්ටී... මේ හැමදේම ඔයා නිසා... ‘‘ ‘‘හ්ම්ම්ම්... ආදරෙයිද?..‘‘ හිතට නැගුණ ආදරණීය බව වචන කරන්නට මට අවශ්‍ය විය. ‘‘මොකද මැට්ටී හැම තිස්සෙම ඔහොම අහන්නේ... ආදරෙයි වස්තූ... ඒකේ වෙනසක් නෑ.‘‘ කුඩය යට තනි වුණ අපි ආදරයෙන් බැදී වුන්නෙමු. ‘‘මාත් ආදරෙයි මගේ අයියේ..‘‘ හිරිකඩ වැදී සීතල වු ඇගිලි තුඩු ඔහුගේ කොපුල මත දවටමින් මම පැවසුවෙමී... ‘‘අහ්.. සීතලයි මැට්ටී...‘‘ ඔහු මගේ අත අල්ලා තද කර ගත්තේය. ඔහුගේ අතින් බලෙන්ම අත මුදා ගත් මම වැටෙන වැසි බිදු මතට පෑවෙමී. අත්ලට එක් වූ දිය බිදු කිහිපයක් ඔහුගේ මුණුණට ඉසිනු ලැබුවේ ඔහු නොසිතු මොහොතකය.. ‘‘මැට්ටී.. මම වැස්සෙන් බේරී බේරී ආවා... තෙමුවා නේද මාව.‘‘ මුහුනෙත් ඔහු හැද වුන් ලා නිල් පැහි බැනියම මතත් වැටී තිබූ දිය බිදු පිස දමමින් ඔහු පැවසුවේය. ‘‘ක්ලාස් යන්න නිසා බේරුනා කියලා හිතා ගන්නවා මැට්ටී... ‘‘ ඔහු මගේ කණකුත් රිදෙන්නට මිරකමින් පැවසුවෙමී.දගකාර කම් මැද ගෙවුණු සුළු මොහොත තුළ අම්මා ස්තෝප්පුවේ සිටින බවද අපට අමතක වී තිබුණී. අම්මා සිටිනවා දැයි අපි දෙදෙනාම හැරී බැලුවෙමු.. ඇය එතන නොසිටියා.. නැවතත් නිවසට ගොඩ වැදුණු අපි නතර වුනේ මුළුතැන් ගෙය තුළය. පරිසරයේ සීත බව නිසාම අම්මා සාදා දුන් කෝපී අපි දෙදෙනා පානය කළෙමූ. අළුතින් ඊයේ මිළදී ගෙන තිබු කාර් එක පිළබදව ඇය උදම් අනද්දී.. දිනිදුගේ මුහුණේ ඇදුන සතුට මම ආසාවෙන් විද ගත්තෙමී. කාර් එකේ යන විට ගමන ඉක්මන් නිසා නිවසෙහී මද වෙලාවක් රැදී සිටි අපි අම්මාගේ දෙපා නැමද නිවසින් පිට වුනෙමූ. පසුදින සමුළුවට යාම සදහා පාන්දරින් නිවසින් පිට වීමට අවශ්‍ය වී තිබුණි.එතරම් පාන්දර දූව තනියේන් යවන්නේ කොහොමද යැයි අම්මා කණගාටු වෙද්දී.. දිනිදු මාව ආයතනයට ඇරලවන්නට අම්මාට පොරොන්දූ විය. කිව් පරිද්දෙන්ම ඔහු එන තුරු මම සූදානමින් මග බලන්නට වුණෙමී. පැවසූ මොහොත වන විට නිවසට ගොඩ වැදුනේ අනුහස් සර්ය.. දවස් කීපයකට පිට වන්නට හදන ගමට කලින් දිනිදු දැන ගැනීමේ ආසාවෙන් මග බලා වුන් මට ඒ අවශ්ථාව මග හැරීම ගැන දුකද්ද දැනුනී. අනුහස් සර්ගේ පැමිණීම අම්මාට සහනයක් වූ නිසා මම සිත සනසාගෙන සර් සමග පිටත් වුනෙමී. ආයතනය මගින් සූදානම් කර තිබූ වෑන් එකක ගොඩ වුන සයුමිත් මමත් එක අසුනෙක වාඩී ගත්තෙමු. පැය ගණනාවක ගමනකින් පසු අපි සමුළුව සංවිධානය කර තිබූ සුපිරි අවන්හලක් ඉදිරි පිටින් බැස ගත්තෙමු. ‘‘ෂා පට්ට ලස්සනයි නේ බං.‘‘ සයුමී අසාවෙන් උඩ පනින්නට විය. මම ගත් ඇමතුම් සදහා දිනිදු අයියා පිළිතුරු නොදුන් නිසා මම වුන්නේ තරමක සිත් තැවුලකිනී. එනිසා මගේ සිත තිබුනේ දුරකථනය මතය. එනිසා අවට අලංකාරය ගැන මට හැගීමක් නොවීය. ‘‘ඒ සදා අර බලපංකෝ වැඩක්.‘‘ සයුමි පෙන්නු දෙයින් මට ඇස් අදහා ගත නොහැකී විය. එම නිසාම මෙය සිහිනයක් දැයි කිහිප වරක්ම දෑස් පිස දමමින් බැලුවෙමී. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 07 Feb 2017 03:31 PM sha733Super Senior MemberPosts:7332 07 Feb 2017 06:26 AM තාත්තට පාට් දානවද තාත්තගෙ පාට් දානවද කොහොම නමුත් හොදට තියෙයි chamaramindMost Senior MemberPosts:13471 07 Feb 2017 04:43 AM Posted By සඳුනි on 07 Feb 2017 02:39 AM මම කිව්වනේ පඩි සහිත ටයිප් සෙටින් පුළුවන් කෙනෙක් මෙහෙට එවන්න.. දවසට නව කතාව ගානේ දෙන්නම්.. ආත්ම කතාවක් ලියන්න අදහසක් තියේ.. මැරුනු පෙම්වතා දරුවෙක් වෙලා ඉපදෙනවා.. කොහොමද? හිතලා බලන්නකෝ.. කෝමට තියෙද කියලා.. තාත්තට පාට් දානවා චුටි පුතා පෙර බවය මතක් වෙලා.....හි එහෙම වෙන්නත් බැරි කමක් නෑ.හා...ද? සඳුනිVeteran MemberPosts:2462 07 Feb 2017 02:39 AM මම කිව්වනේ පඩි සහිත ටයිප් සෙටින් පුළුවන් කෙනෙක් මෙහෙට එවන්න.. දවසට නව කතාව ගානේ දෙන්නම්.. ආත්ම කතාවක් ලියන්න අදහසක් තියේ.. මැරුනු පෙම්වතා දරුවෙක් වෙලා ඉපදෙනවා.. කොහොමද? හිතලා බලන්නකෝ.. කෝමට තියෙද කියලා.. තාත්තට පාට් දානවා චුටි පුතා පෙර බවය මතක් වෙලා.....හි sha733Super Senior MemberPosts:7332 07 Feb 2017 01:26 AM ෆිල්ම් එකක් බලනවාට වඩා දැනෙනවා මේ කථාව හරිම ලස්සනයි. කන්නෙ බොන්නෙ නැතුව එක දිගට කොටස් 100 ක් හරි කියවන්න පුලුවන් (දානවනං) අනිත් කොටසත් වෙලා ගන්නෙ නැතුව දෙන්න.................. kingDVeteran MemberPosts:3405 06 Feb 2017 10:12 PM Posted By සඳුනි on 02 Jan 2017 02:26 AM හිරුයි තරුයි. පළමු කොටස. පරිසරය පුරා පැතිරී තිබුනේ සුවදායක මද පවනකි. හිරු කෙමෙන් අවරට ළං වෙමින් තිබු නිසා හිරු රශ්මිය මැකී ගොස් සහන් එළියක් රැදී තිබුණි. ‘‘සදනී.... සදනී... සදනියෝ.... සදෝ...‘‘ ඒ මගේ හොදම මිතුරා ගගනගේ හඩයි. මම උන්නේ අඹ ගසේ අත්තක් මත හිදගෙන ඔහු ඈත තියාම එනු මම දුටුවෙමි. අඹ ගසේ වටේට විහිදුණු අතු වට්ටියක් සේ පහළට නැවී තිබු නිසා මම ගස මත සිටින බව ඔහුට නොපෙනුනි. ‘‘සදෝ.‘‘ ‘‘ආ මේ ගගන ළමයනේ.‘‘ ‘‘සෙව්වන්දී ටීචර් කෝ සදනී.‘‘ ‘‘ඔය කොහෙ හරි ගහක් උඩ හරි ගලක් උඩ හරි ඇති. දන්නවනේ ඉතින් ඒ ළමයගේ වැඩ ගැන.‘‘ ඔහු මගේ මෑණියන්ට සෙව්වදී ටීචර් ලෙස අමතනු ලබන්නේ ඇය ගමේ පාසලේ ගුරුවරියක්ව සේවය කරන නිසාවෙනී. මමත් ඔහුත් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන් ලැබුවේ ගමේ පාසලේ වෙමු. අපි දෙදෙනා පමනක් නොව අපේ මිතුරු සංගමයේ තවත් මිතුරු මිතුරියන් සහදෙනෙකි. අපි දෙදෙනාද සමග අට දෙනෙක් වෙමු. ‘‘මම එනගමන් සදනී වත්ත පහළ ඉන්නවද කියලා බලන් ආවේ. සෙව්වන්දී ටිචර් මට මගෑරෙන්න ඇති. මම ආයි බලන්නම්.‘‘ ‘‘ඇයි මේ පුතා හදිස්සියකටද?.‘‘ ‘‘අනේ නෑ සෙව්වන්දී ටිචර් මම නිකමට ආවේ.‘‘ ‘‘හරි පුතේ එහෙනම් පොඩ්ඩක් බලන්න . මමත් මේ දැන් ටිකකට කලින් ස්කොලේ ඉදන් ආවේ. කෙල්ලෝ හිටියට වැඩක් නෑනේ. රිලව් වගේ කැලෑ පයින්න විතරනේ කල්පනාව.‘‘ අම්මා වට පිට බලමින් මට එලෙස දොස් පැවරුවාය. අම්මාට සිටින්නේ මා පමණය. මීට වසර තුනකට ඉහතදී රිය අනතුරකින් අප්පච්චී අන්තරා වුවේය. මාද මරණය අභියසටම ගොස් නැවත පන ලැබුවේ දවස් දහයක්ම සිහිසුන්ව සිටීමෙන් පසුවය. ඒ අනතුරින් පසු මම පාරේ පා ගමනින් යාමටද බිය විමි. මන්ද තවත් මාස තුනක්ම මම එක් තැන්ව හුන්නේ කකුළක් තුන්පොළකින් බිදි යාම නිසායි. මා එලෙස වේදනා විදි කාලයේ අපට සිටි එකම හයිය ගගත් ඔහුගේ නිවසෙහි පිරිසත්ය. අපේ නිවසට තවත් නිවෙස් කීපයක් එහායින් පැවතී ගගනගේ නිවැසියන් අපි ළගින්ම ඇසුරු කලෙමු. අම්මා ගෙට පිය නැගු පසු ගගන මා සිටි අඹ ගස යටට පැමිණ හොදිසියෙන් අවට පිරිස්සන්නට වුවේය. ඇත්තට මේ මෝඩයට මම ගහේ ඇති කියලා නිකමටවත් හිතෙන්නේ නැති හැටි. මම සිතින් නොක්කාඩු කිව්වෙමි. මම අඹ ගසට නැගුනේ පැසෙමින් තිබු අඹ කෑමට ලුණ ටිකක් කොළයක ඔතා සාක්කුවේ රුවා ගෙනය. ඉන් පසු ගසෙන බිමිය නොබට මම, ගසේ අත්තක් මතම හිදගෙන අඹ ගෙඩි කීපයක්ම කෑවේ සැහැල්ලුවෙනී. පවුලේ එකම දරුවා වු මම හිතුවක්කාර දගකාර චරිතයක් යැයි මම සිතමි. නිතර සතුටින් සිටීමට කැමති මම අන් අයට විහිළු කර අන් අයගේ කේන්ති ඇවිස්සුවෙමි. ‘‘ස්ස්ස්ස්ස්.....ස්ස්ස්ස්.... ස්ස්ස්‘‘ මම අඹ ගසේ අත්ත මත හිදගෙනම ගගනට අඹ පොතු වලින් ගැසුවෙමි. එවර ඔහු මා සිටිනා තැන දුටුවේය. ‘‘සදෝ උබ වැටෙයි යකෝ.‘‘ ‘‘පිස්සුද බං මම හැමදාම නගින එකනේ.‘‘ ‘‘ඒ වුණාට කකුළක් වත් ලිස්සුවොත් එහෙම.‘‘ ‘‘එහෙම වෙන්නේ කොහොමද බන්..‘‘ ගගන එලෙස බිය වුයේ මම වෙනදාට වඩා ඉහල අත්තකට නැගසිටි නිසාය. ‘‘උබ කොහොමද ඔය ගහට නැග්ගේ. මේ ගහ බදන්නත් බැරි තරම් මහතයිනේ.‘‘ ‘‘කොහොම හරි නැග්ගනේ හි හි.‘‘ මම ආඩම්බරයෙන් සිනා සෙමින් අඹ අත්ත මත හාන්සි විමි. ‘‘සදා වරෙන්කෝ බිමට මම මේ දෙයක් අහන්න ආවේ.‘‘ ‘‘බිමට බහින්න හිහි හි.‘‘ ‘‘ඔව් ඇයි.‘‘ ‘‘උලම වගේ උඩ බලන් ඉද්දී මම කොහොම බහින්නද මේ සායත් ඇදන් හී.‘‘ එවර ගගනගේ මුවෙත් සිනහවක් ඇදුනේ මම කිවු කතාව වැඩහුන නිසා විය යුතුය. ‘‘බැහැලා එනවා මම යනවා ගෙවල් පැත්තට. මටත් අඹ ගෙඩියක් කඩන් එනවා.‘‘ ‘‘ඔහොම ඉන්නවා පොඩ්ඩක්.‘‘ මම අසල අත්තේ තිබු අඹ පොකුරෙන් පැසුණු ගෙඩියක් කඩා ඔහු දෙසට විසි කලෙමි. අත්තේ ඉදගෙනම තවත් ගෙඩි කීපයක්ම කඩා විසි කළ මම බහින්නට සැරසුනෙමි. ‘‘ අපො ඔහෙම ඉන්නවා මට කලන්තේ හැදෙයි. කොල්ලෝ වගේ ගස් නගිනවා මෙතන. එක්කෝ කලිසමක් ඇදන් නගින්න ඔනේ. ‘‘ මම හැද වුන් ළා දුබුරු පැහැයට හුරු අම්මාගේ දිග සායටත්, අත් දිග කළු බැනියමටත් මැසිවිලි නගමින් ඔහු නිවස දෙසට පිය නගන්නට වුවේය. අඹ ගසට නැග ගත් ආකාරයෙන්ම අත්ත අගිස්සට ඉහළ අතු වල ආදරයෙන් පැමිණි මම අසල වු පුවක් ගහ දිගේ රූටා බිම බැස්සෙමි. ‘‘ගගනයෝ ඔහෙම හිටපන්කෝ.‘‘ ‘‘ඔය ඉක්මණට බැස්සද?.‘‘ පුදුමයෙන් ඇස් විසල් කර ගත් ඔහු ආපසු ඇරී විමසුවේය. ‘‘හ්ම් හ්ම් වැඩ කාරයට බොරු බෑ කියනවනේ.‘‘ තවත් නොයෙකුත් දේ දෙඩවමින් මම ඔහුත් සටග නිවස දෙසට ආවේ දගකාර ලෙස ඔහුගේ කේන්ති අවුස්සමින්ය. මගේ හැටි හොදන්ම දන්නා ඔහු මට බොරුවට කෑ ගැසුවත් මගේ වැඩ වලින් ඔහුට කේන්ති නොගියේය. ‘‘මේ සදා මම ආවේ අර ඇප්ලිකේශන් දාපු ජොබ් එකෙන් ඉන්ටවීව් කෝල් කලාද අහන්න. මට අද ලිව්ම ආවා.‘‘ ‘‘එහෙමද . මම තේරිලා නැතුව ඇති බං. මම ආවේ නෑ තව. කවද්ද යන්න තියෙන්නේ.‘‘ ‘‘සදුදා‘‘ ‘‘ඕ තව සතියක් තියේ නේද?‘‘ ‘‘ඔව් ඔව්. උබටත් හෙට අනිද්දට එයි. අපි බලමුකෝ.‘‘ ‘‘හ්ම්ම්ම්ම්‘‘ මට තරමක කනස්සලු ගතියක් දැනුනී. උසස් පෙළ අවසන් කර ප්‍රතිපල එනතුරු බලා හුන් මම රැකියාවකට ඉල්ලුම් පත් යොමු කළේ අම්මාට තවත් බරක් විය නොහැකි නිසා වෙමි. බරක් පතලක් නොමැති කිරිල්ලියක මෙන් සිටීමට උත්සහ කරන මා හට අම්මාගේ වේදනාව හොදින්ම දැනෙයි. මම ඉහළට ඉගෙන ගන්නවා දැකීමට ඇය ඉතා කැමති බව මම දනිමි. නමුත් මගේ වියදම් මම ම දරා ගනිමින් තවත් ඉදිරියට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගැනීමට මම තීරණය කලෙමි. ‘‘මොකද බස්සියේ.හ්හ්ම්ම්ම් ගාන්නේ. ඕනි ඉතිං මුඩ් ගහ ගත්තා . ලිව්ම හෙට එයි දුක් නොවී ඉන්නවා.‘‘ ‘‘හ්ම්ම්ම්ම්‘‘ ‘‘ආයි... හ්ම්.. මේ ගස් නගින බව නම් ඉන්ටව් බොර්ඩ් එකට දැන ගන්න දෙන්න එපා ඈ.‘‘ ‘‘ඒ...... ඇයි.‘‘ ‘‘ඔයාව පොල් කඩන රස්සාවට තෝර ගනී.‘‘ ‘‘අනේ යනවා යන්න.‘‘ මම ගගන පිටු පස දුවගෙන ගියේ සෙල්ලටයි. මම දුකින් සිටින සෑම විටම මා සනසන්ට ක්‍රමයක් ඔහු ළග විය. සහෝදර සහෝදරියන් නැති මා හට එකම සොහොයුරා ඔහු බව මගේ හිතට තදින්ම දැනුන කරුණකී. මගේ මෑණියන්ද ගගට සැලකුවේ ඇයගේම දරුවෙකුට මෙන් වුවාය. ‘‘ ළමයෝ මොකද ඔය කරන්නේ.‘‘ මම ගගනයේ පිටි පසින් දුව ගොස් බැනියමෙන් ඇද අල්ලා ගනිද්දී අම්මා දොර අභියස සිට කෑ ගැසුවාය. ‘‘මේ ළමය නම් මොන විදියට හැදෙන ළමෙක්ද මන්දා. දැන් ඔයා පුංචී ළමයෙක් නෙමෙයි දුවේ. ගෑණු ළමයෙක් වගේ පොඩ්ඩක් තැම්පත් වෙලා ඉන්න පුරුදු වෙන්න.‘‘ ‘‘ඒක තමා සෙව්වන්දි ටිචර් මමත් මේ කිව්වේ.‘‘ ‘‘මොකද්ද?.‘‘ මම අත්දෙකෙන්ම නොරිදෙන්නට ගගනගේ පිට මැදට පහර දීගෙන ගියේ සිනා සෙමෙන් විමි. ‘‘දු මෙහෙ එන්න නේද කිව්වේ.‘‘ මම ගගනට විරිත්තා අම්මා ළගට දිව ආවෙමි. අම්මාගෙන් දඩුවම් ලැබුනේ මටය. කණක් රත් වෙන්නට මිරිකු ඇය මට රැව්වාය. අවුරුදු දහඅට විය පසු කරමින් සිටි මම තවත් අම්මාගේ සුරතලිය විමි. ‘‘හරි හරි සෙව්වන්දී ටිචර් .අපි දෙන්නා විහිළුවට රණ්ඩු වුණේ.‘‘ ‘‘මම තේ ටිකක් හදන් එන්නම්කෝ දෙන්නටම.‘‘ අම්මා සිනාසෙමින් ගේ තුලට පිවිසියේ, ඕනෑම අවස්ථාවකදී මාව බේරා ගන්නට ගගන ඉදිරිපත් වන බව දන්නා නිදා විය යුතුය. එවර මම නිවස ඉදිරිපස වු වැරුන්ඩාවේ බැම්ම උඩ වාඩි ගත්තෙමි. අපට තිබුනේ පරම්පරාවෙන් පැවත එන පරණ තාලයේ ඔළු හෙවිළි කළ නිවසකි. ‘‘දූ ඔයාගේ පොන් එක කෑ ගහනවා.‘‘ නැවත හමු වෙමු. සිතුවිලි ගැලපුම සඳු. ඔන්න අද ඉදන් මාත් මේ කතාව කියවන්න ගත්තා...හොඳ නරක පසුවට chamaramindMost Senior MemberPosts:13471 06 Feb 2017 06:01 PM නිවාඩුවක් හම්බ උනු ගමන් 25,26,27 කියවනවා සඳුනිVeteran MemberPosts:2462 06 Feb 2017 04:32 PM හිරුයි තරුයි. විසිහතවන කොටස. අපේ ආදරයට දෙපාර්ශවයෙන්ම ආශිර්වදය නිතැතින් ලැබී තිබු නිසා අපිට කිසිම බාධාවක් නොවීය. ගගන දකින්නටවත් නොලැබෙන නිසාත් .. ඔහු ගැන දිනෙන් දින දැන ගන්නට ලැබෙන දේවල් නිසාත් නිරායාසයෙන්ම ඔහු මගේ ජීවිතයෙන් ඈත් වී තිබුණි.. අනුහස් සර්ගේ කාර් එක දැන් වැඩි පුරම පාවිච්චී කරන්නේ දිනුදු විසින්ය. මම හවසට ගෙදර ඇරලන්න.. නිතර දෙවේලේ දහවල් ආහාරය සදහා එළියට යන්න.. මාව ඔහුගේ අම්මා බලන්න එක්ක යන්න නිතරම ඔහුට කාර් එක අවැසි වි තිබුණි. අනුහස් සර්ගේ අදහස වී තිබුනේ කාර් එකකුත් ගත්තානම් නරකද යනුවෙනී. දිනිදුගේ ව්‍යාපාරය දිනෙන් දින දිවුණුව කරා පියමනිමින් තිබේ.. හොද ලාභයක් ඉපයූ ඔහු පහසුවෙන්ම ණය වාරික ගෙව්වේය. මගේ ඉල්ලීම පරිදි ගිණුමක මාසිකව මුදලක් තැම්පත් කිරීමද ඔහු ආසාවෙන් ඉටු කලේය. එය හවුල් ගිනුමක් වීම මට තවත් පුදුමයට හේතුවක් විය. ඔහු මා වෙනුවෙන් හිතන තරම මට ම අදහා ගත නොහැකි තරම්ය. එක් විවේකී සෙනසුරාදා දිනයකී.. සෙනසුරාදා දින දිනිදු සිටියේ අපේ නිවසේය. නැතිනම් මම ඔහුගේ නිවසේය. එනිසාම මම සුපුරුදු ලෙස මග බලා වුන්නේමී. කෝ මේ දිනිදු අයියා.. තාම නෑනේ.. දහයටත් කිට්ටුයි... ඉන් සුළු මොහොතකට පසු මග බලා වුන් මගේ නෙත් සනසමින් අනුහස් සර්ගේ කාර් එක නිවස ඉදිරිපිට නතර විය. මම ඔහු අසලට දුවගෙන ගියෙමී. ‘‘මොකද මැට්ටෝ පරක්කු.‘‘ කාර් එකෙන් බැස හරියට හිට ගන්නවත් ඉඩ නොදුන් මම මිට මොලවා ගත් දෑත් ඔහුගේ පපුව මත රදවගෙන නතර වුනෙමී. ඇත්තම සිදුවීම ඔහු පමා වන විට ඔහුට අනතුරක් වීදැයි මගේ සිත තිළ දැවටුන සිතුවිල්ල නිසාය. ‘‘මොකද මැට්ටී.. මූණත් බෙරි කරන්.‘‘ මාව එලෙස ඔහුගේ පපුවට තුරුළු කර ගනිමින් ඔහු විමසුවේය. මද වෙලාවක් ඔහුගේ උණුසුමේම ගුලී වී සිටි මම ‘‘යමු ඇතුළට .‘‘ යැයි පවසා ඔහුගේ අතකින් ඇදගෙන නිවස දෙසට පිය නැගුවෙමි. ‘‘කියන්නකෝ පැටියෝ දුකින් ඉන්නේ ඇයි.‘‘ ‘‘ඒක දැන් ඉවරයිනේ මගේ අයියේ.‘‘ මම ඔහු අසලින්ම වාඩී වෙමින් පැවසුවෙමී. ‘‘කියන්න.. මට දැන ගන්න ඕනේ.‘‘ ‘‘දැන ගන්නම ඕනෙද?‘‘ මම ඔහුගේ පැත්තට හැරී මුහුණට එබුනෙමී.ඔහු වෙනුවෙන් උපන් ආදරයෙන් හදට සිවුම් වේදනාවක් දැනෙද්දී මම ඔහුගේ දෑත මගේ දෑතට සිර කර අල්ලා ගත්තෙමි. ‘‘ඇයි රත්තරන්... ඔයා අද අමුතු..‘‘ඇස් දෙක හීන් කරලා පුදුමයෙන් ඔහු මා දෙස බැලුවේය. ‘‘අමුතු නෑ.. මගේ අයියේ .. මට බය හිතුණා ඔයා පරක්කු වෙද්දී..‘‘ ‘‘ඒතරම් මට ආදරෙයිද?‘‘ ඔහුගේ දෑත ආදරයෙන් මගේ පපුවට තුරුළු කර ගත් මම නිහඩව අවශ්‍ය පිළිතුර දැනෙන්නට ඉඩ හැරියෙමී. ‘‘මම මැරුනොත්....‘‘ ‘‘ස්ස්ස්ස්ස්...‘‘ ක්ෂණිකවම මගේ දබරගිල්ල දිනිදුගේ දෙතොල මත නතර විය.‘‘ ‘‘හරි හරි මගේ වස්තූ..‘‘ ඔහු මගේ පිට අත්ල මත උණුසුම් හාදවක් තබා ආදරයෙන් තුරුළු කර ගත්තේය. ඔහුගේ ආදරය විදින්නට කැමති වු මමත් ආසාවෙන් ඔහුගේ පපුවට තුරුළු වුණෙමී. ‘‘අම්මා කෝ සදා.‘‘ දිනිදු මගේ දෙනෙතට එබෙමින් විමසුවේය. ඔහුගේ පපුවෙන් ඉවත් නොවු මම එලෙසින්ම ඔහු දෙස බලා සිනා සුනෙමී. ‘‘මොකද මැට්ටී..‘‘ ‘‘ඇදුමක් මහනවා මැට්ටෝ..‘‘ මම ඔහුගේ කොපුලක් ආදරයෙන් පිරිමැද්දෙමී. ‘‘මොකද අද කෙල්ල මට... මේ තරම් ආදරේ.. පෙන්නන්නේ.‘‘ ඔහු මා තවත් තද කර තුරුළු කරගෙන විමුසුවේය. ‘‘ආනේ මෝඩයා... මම තරහයි.. ‘‘ මම ඔහුගේ තුරුලෙන් මිදී නිවසස තුළට දිව ගියෙමී.දිනිදු ආ බව අම්මාට පැවසූ මම කෙලින්ම මුළුතැන් ගෙට පිවිසුනේ මගේ අතින්ම කිරි එකක් ඔහුට සදා දීමේ අරමුනෙණි. නොදැනීම මාස හයක් ගත විය.ඒ සතුට සැමරීමට දිනිදුට අවශ්‍ය වූ නිසා අපි දහවල් ආහාරය ගැනීම සදහා පිටතට ගියෙමු.. වරුවක නිවාඩුවක් රැගෙන ගිය මම සැදෑ කාලය ඔහු සමග ගත කෙරුවෙමි.. දවල් ආහාරයෙන් පසු ඔහුගේ අදහස වුවේ මුහුදු වෙරළට යාමටයි.. ඔහුගේ කැමැත්තට එකග වූ මම ඔහු සමග මුහුදු වෙරළට ගියෙමී. මුහුද පෙනෙන මානයේ බැම්මක් මත හිද ගත් අපි හිරු සයුරේ කිමිදෙන තුරු බලා සිටියෙමු.. මගේ බද වටා අතක් යවා ගත් ඔහු නොනවත්වා කියවන්නට විය. මම උන්නේ ඔහුගේ උරතලයේ හිස හොවාගෙන ඔහු කිය දේට හුමිටි තබමින් වෙමී.. ‘‘සදා.. පොඩී වැඩක් කරමුද?.‘‘ ඔහු හදිසියේ යමක් සිහි ගැන්වුන අයුරින් විමසුවේය. ‘‘මොකද්ද දිනිදු අයියේ.. ‘‘ මුහුදු සුළග සමග රණ්ඩු කරමින් විසිර යන කෙහෙරැලී සකසමින් මම විමසුවෙමී. ‘‘අපි අද දවස මතක් වෙන්න ලස්සන පොටෝ එකක් අරන් සුද්ද කරමු..‘‘ ‘‘නියම වැඩක්.. නියමයි.. ‘‘මම ඊට ඉතා කැමත්තෙන් සතුටින් ඉපිල ගියෙමී.‘‘ ‘‘කෝ එන්නකෝ .. ‘‘ ඔහු මා හා ළං වී දුරකථනයෙන් චායාරූප කීපයක්ම ගත්තේය. ‘‘මෙහෙම අරන් හරියන්නේ නෑ.. පොඩ්ඩක් ඉන්නකෝ.. .‘‘ දිනිදු අයියා වලපිට බලමින් පැවසුවේය. ‘‘මොනවද හොයන්නේ..‘‘ ‘‘පොඩ්ඩක් ඉන්නකෝ..‘‘ ඔහු මොනවදො සොයන්නට මෙන් හුන් තැනින් නැගිට වට පිට බලයි. ‘‘අයියේ පොඩි උදව්වක් කරනවද?‘‘ අපිට මදක් එහාට වන්නට වන්න තවත් යුවලකට අමතරමින් ඔහු විමසුවේය. ඔහු චායාරූප ගන්නට උදව්වට කෙනෙක් සෙවු බව මට වැටහුණි. දිනිදු අයියට නම් පිස්සු මම සිතුවෙමී. ඔහුන්ගේ සහය ඇතිව අපි චායා රූප කීපයක්ම අගත්තෙමු.. ඇදිරි වැටෙන තුරුම මුහුදු වෙරළේ දොඩමළු වීසිටි අපි නිවෙස් බලා ඒමට පිටත් වුනෙමු.. අනුහස් සර්ගේ කාර් එක අදත් තිබුණ නිසා ටිකක් අදුර වැටෙන තුරුම ඉන්න මම අකමැත්තක් නොපෑවෙමී. කාර් එකේ ඉදිරි දොර හැර මාට නගින්නට සැලැසූ ඔහු අනෙක් පසින් කාර් එකට නැගුනේය.. ‘‘සදා... මගේ කෙල්ලේ..‘‘ ඔහු කාර් එක තුළ වු මද අදුරේ මගෙන් විමසන්න යන්නේ කුමක් දැයි මම නෙත් අයාගෙන බලා වුනෙමී. ‘‘අඩුවක් දැනෙන්නේ නැද්ද?..‘‘ ‘‘අඩුවක්.. ඒ මොකද්ද?.. ‘‘ මම උරහිස් හකුළුවමින් සැහිල්ලුවෙන් අඩුවක් නොදැනුන බව ඇගෙව්වෙමී. ‘‘මේක බලන්න..‘‘ ඔහු කාර් එක තුළ තිබූ පුංචී කවරයකට දැමු පාර්සයක් මා අත තැබීය. ‘‘අනේ .. ඔයා හරි නරකයි... මම මොකුත් දුන්නේ නෑනේ..‘‘ මම මුහුණ දුකෙන් පුරවාගෙන පැවසුවෙමි.. අපි අද දිනය සමරන බව ඔහු මට කලින් නොපැවසු නිසාත්.. ඔහුට මේ දිනය මතක ඇති කියා වත් මම නොසිතු නිසාත් ,අද දිනය සදහා මම සුදානමක් නොවුවෙමී. ‘‘ඒකට කමක් නෑ රත්තරං ඕක බලන්නකෝ.. ‘‘ ඔහු මගේ හිස ආදරයෙන් පිරි මදිද්දී මම ඔහුගේ ඇගට වාරු වුනෙමී. ඔහු දුන් පාර්සලය මම හිමින් දිග හැරියෙමී.. රතුපාට පෙට්ටියක් තුළ තිබුනේ රන් මාලයකී.එහී.එස් අකුර සහ ඩී අකුර එකට පැටළු මාල පෙත්තක්ද විය. එහි දම් පැහැ මැණීක් කැට කිහිපයක්ද සිත් ඇද ගන්නා සුළු අයුරින් ඔබ්බවා තිබුණි. ‘‘චේන් එකක්.. මට.. අනේ..‘‘ මම පුදුමයෙන් යුතුව ඔහු දෙස හිස ඔසවා බැලුවෙමී. ‘‘ඇයි ආස නැද්ද ? ‘‘ ‘‘මේ තරම් වටින තෑග්ගක්..‘‘ මම නැවත් විමසුවෙමී. ‘‘ ඇයි.... ඔයා තරම් මේ කිසිම දෙයක් මට වටිනේනේ නෑ.. ‘‘ ඉබේටම මගේ දෙනෙතට කදුළු වුනන්න විය.. ‘‘ඔයා නිසා තමයි මම අද මෙතන ඉන්නේ රත්තරං.. ඔයා නිසා තමයි මේ හැමදේම.. අද අපේ බිස්නස් එකටත් මාස හයයි.. මම මහන්සියෙන් හම්බකරපු සල්ලී වලින්මයි ... මම මේක ඔයාට හැදුවේ..‘‘ ‘‘ලස්සනයි.. මගේ අයියේ.. අනේ ඒත්.. ඔහොම කතා කරන්න එපා.‘‘ දෙනෙතට නැගුණු කදුළු ඔහුගේ කමිසයට උරා ගන්න ඉඩ දුන් මම ඔහුගේ උණුසුම් පපුව මත මුහුණ හොවා ගත්තෙමී. මුල්ම වරට ඔහුගේ හදවත ගැහැන රාවය මම අසා සිටියෙමී. ඔහුගේ ළය මත උණූහුම විදමින් මම සිතුවේ.. මගේ හදවත ගැහෙන තුරා ඔබගේ නමින්ම ජීවත් වන බවයි. සෑම සතුටක් පිටුපසම හඹා ආ දුකක් ද විය. එනම් ගගනය.. ගගන ඔයා මට රිද්දද්දී.. මගේ හිත සැනසුවේ දිනිදු අයියා.. ඔයා වෙනස් වෙද්දී.. ඒ දුක මට දරා ගන්න රුකුල් දුන්නේ දිනිදු අයියා... ඔයා මගේ ජිවතෙන් ගිය එක හොදයි.. ඔයාට ගොඩක් පින් මගේ ජීවිතෙන් ගියාට.. ඔයා ගිය නිසා තමා.. මේ තරම් වටිනා හදවතක් මට ලැබුණේ.. මම ඔයාට දුන්න දේවල් වලට වඩා මට ඔයාගෙන් ලැබුණ දේවල් වැඩී මගේ රත්තරං.. දැන් ගගනව මතක් කරලා ඔයාගේ හිත චුට්ටක් වත් රිදෙනවා දකින්න මම ආස නෑ.. එයා නිසා කඩන් වැටුන මගේ ආත්මයම ගොඩ ගත්තේ ඔයා.. ඒ පින හැමදාමත් ඔයාට තියෙයි.. අද මම හිනා වෙන්නේ ඔයා නිසා.. ඔයාට හුගක් පින් මගේ අයියේ. ‘‘මොනාද මගේ කෙල්ල කල්පනා කරන්නේ... හ්හ්හ්ම්ම්.. අපි අද ගෙදර යන්නේ නැද්ද?. මට මෙහෙම තුරුල් වෙලා ඉන්නද කල්පනාව දිගටම.‘‘ ඔහු එසේ පවසද්දී මට පොඩී ලැජ්ජාවක්ද දැනුනී.. එනිසාම මම තවත් මුහුණ හංගාගෙන වුන්නෙමී. ‘‘දිනිදු අයියේ.. ඔයා ඇත්තටම මට අදරෙයි නේද?...‘‘ ‘‘ඔව් රත්තරං .. ඇයි එහෙම අහන්නේ.. ඔයාට මාව විශ්වාස නැද්ද?.‘‘ ඔහු මගේ මුහුණ ඔහුගේ දොතට මැදි කර ගෙන දෙදෙතට එබෙමින් විමසුවේය. අවට වූ වීදී ලාම්පුවේ මද ආලෝකයෙන් ඔහුගේ මුහුණ හරිම සුන්දරව දකින්න මට හැකි විය.. මම ආදරයෙන් ඔහු දෙස බලා සිටියෙමී.. මගේ දෙනෙතේම රැදී වුන් ඔහු කුළුදුල් හාදුව මගේ නනල මත තැබුවේය. ඒ උණූසුමත් ලැජ්ජාවත් ගත පුරා විහිද යද්දී, මම නැවතත් ආදරයෙන් ඔහුව වැළද ගත්තෙමී. ‘‘ කෝ රත්තරන්.. අපි යමු දැන්.. ඔයාලගේ අම්මා බය වෙලා ඇති..‘‘ ‘‘යමු අයියේ..‘‘ මම ඔහු තිළිණ කළ රන් මාලය මගේ අතේ ගුළි කර ගනිමින් ආසන පටි පැලද ගත්තෙමී. ‘‘හරි නරකයි... පණ.. ඔයා.‘‘ ‘‘ඇයි මගේ අයියේ.‘‘ මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමී. ‘‘කෝ චේන් එක කරට දාලා මට පෙන්නන්නේ නෑනේ?.‘‘ පිස්සු කොල්ලෙක් මම එසේ සිතමින් රන් මාලය ගෙලට දා ගන්නට උත්තහ ගත්තෙමී. ‘‘කෝ එන්න මැට්ටී උදවු කරන්න.‘‘ ඔහු මා දෙසට නැඹුරු වී රන් මාලය ගෙළට දමා ගාංචුව තද කලේය. ‘‘ලස්සනයි මැට්ටී....‘‘ ඔහු මා දෙස බලා පවසද්දී මම සිනාසුනෙමී.කාර් එක පණ ගන්වා නිවෙස් බලා යාමට අපි පිටත් වුනෙමු. වෙනදාට වඩා පරක්කූ වී තිබු නිසා අම්මා පාරය පැමිණ සිටියාය. ඇයද කාර් එකට නංවා ගත් ඔහු අපි දෙදෙනාම නිවස ඉදිරිපිටටම ඇරලවා පිටව ගියේය. ‘‘මොකද දූ පරක්කූ.‘‘ අම්මා නිවස ගොඩ වෙන්නට පෙර විමසන්න වුවාය. ‘‘අම්මා දැක්කද?.‘‘ මම සිනා සෙමින් ගෙල සැරසූ රන් මාලය ඇයට පෙන්නුවෙමී. අම්මා එය අත ගා බැලුවාය. ‘‘කොහෙන්ද දූ.. ඔයා ගත්තද?,‘‘ ‘‘නෑ අම්මේ දිනිදු අයියා අරන් දුන්නේ.‘‘ මම තවත් නොසගවා පැවසුවෙමී.. ඇයට මම පමා වූ හේතුව විමසීමද අමතක වී ගියාය. මා තුරුළු කර ගත් ඇය හඩන්නට විය. ‘‘ ඇයි අම්මේ අඩන්නේ.‘‘ ‘‘මම කොච්චරවත් හිතුවා මගේ දූගේ කරට ලස්සන චේන් එකක් අරන් දාන්න.. කොහොමද ඉතින්.. මේ සේරම වියදම් ඉවර කළාම අතට කීයක් වත් ඉතුරු වෙන්නේ නෑනේ.‘‘ ‘‘අම්මා දුක් වෙන්න එපා.. අම්මේ... මේක ලස්සනයද කියන්නකෝ.‘‘ ‘‘ලස්සනයි මගේ දූ... ඔයාගේ මූනත් එක්ක පාට වැටිලා.. මගේ දූට මතකද ඔයාගේ තාත්තා ඔයා ලොකු ළමෙක් වුණ වෙලේ කරේ බැන්ද චේන් පොට. ඒක සින්න වෙලාම ගියා මගේ දූ.. තාත්තා බේර ගන්න සල්ලී හොයා ගන්න මම ඒ සේරම උගස් කලා.‘‘ ඇගේ කදුළු තවත් වේගවත් විය. ‘‘ අනේ අඩන්න එපා අම්මේ.... අම්මා දන්නවද වැඩක්... ‘‘ මම ඇය සැනසීම උත්සහ ගත්තෙමී. ‘‘මොකද්ද රත්තරං..‘‘ ‘‘අදට දිනිදු අයියගේ බිස්නස් එක පටන් අරන් මාස හයක් වෙනවා.. ඉතිං ඒ සතුට සමරන්න තමා මට මේ මාලේ අරන් දුන්නේ.. දිනිදු අයියාත් හුගාක් සතුටින් අම්මේ.. එයාගේ මහන්සියෙන් හම්බකරපු සල්ලී වලින් මට මේ තෑග්ග ගත්තේ කියලා හරිම ආඩම්බරෙන් කතා කලේ.‘‘ ‘‘දිනිදු පුතාට වරදින්නේ නෑ... මගේ දුගේ වාසනාව තමයි.. ඒ මිනිස්සු හරිම හොදයි.. මගේ දුවව හැමදාම ආදරෙන් බලා ගනීවී.‘‘ ඇය මගේ හිස ආදරයෙන් පිරිමදිමින් පැවසුවාය. ‘‘යමු යමු ගෙට.. බඩ ගිනිත් ඇතින්.. ඇගපත පොඩ්ඩක් හොදන් ඇදුමක් දාන් එන්න..‘‘ ‘‘හා අම්මේ..‘‘ පැවසූ මම කාමරයට ගියෙමී.. කැඩපත ඉදිරිපිට නතර වුණ මම දිනිදු දුන් රන් මාලයේ හැඩ බලන්න වුනෙමී.. විදුලි බුබුලේ ආලෝකයෙන් කුඩා මැණික් ගල් දිදුලයි.. රන් මාලය අම්මා කිව් පරිද්දෙන්ම ගෙළට ගෙන දී තිබුනේ අමුතුම සිරියාවකී. හෙට සයුට පිස්සු හැදෙයි මේක දැක්කම.. රෑ ආහාරයෙන් පසු නිදා ගැනීමට කාමරයට පැමිණි මම දිනිදුට කීප වරක් ඇමතුම් ගත්තෙමි.. දවසේ දින චර්යාවට අනුව නිදා ගැනීමට පෙර ඔහු සමග කතා කිරීම අනිවාර්ය විය. ඒක නිසාමදෝ ඔහුගේ දුරකථනය වැඩ නොකරන විට මට නින්දක් අහලකටවත් නොපැමිණීය.. මම නිකමට මුහුණු පොතට පිවිසුණෙමී. විවෘත වනවාත් සමග දැක ගන්නට ලැබුණේ..දිනිදු අයියා විසින් පල කර තිබු අපේ චායා රූප කීපයකී... ඔහු ඒ චායාරූප ගොනුව ගගනගේ ගිණුමට අමුණා තිබුණි. ගගන එයට අදහස් ද දක්වා තිබුණී. ‘‘එලම මචං.. හැමදාම සතුටින් ඉදහල්ලා.‘‘ මට දුකට වඩා දැනුනේ සතුටකී. හැදාම ඔහු මට රිද්දයි.. හිත කොණක හෝ ඔහුට මා ගැන හැගීමක් ඇත්නම් අද රිදෙන්නට ඇතැයි මම සතුටු වුනෙමී. විදුලි පහණේ ආලෝකයෙන් රන් මාලය හොදින් පෙනෙන සේ චායා රුවක් ගත් මම එය මුහුණු පොතට එක් කෙරුවෙමී.. ‘‘ කොහොමද අපේ ආදරයට මාස හයක් පිරීම නිමිත්තෙන් මගේ රත්තරං මට දුන්න තෑග්ග..‘‘ මම විශේෂයෙන් එය ගගනට ඇමුණුවෙමී.. ගගනගෙන් පලි ගන්නට මට අවශ්‍ය නොවුවත් ,මම දිනිදු සමග සතුටින් සිටින බව ඔහුට ඇගවීමට අවශ්‍ය විය.. සැබවින්ම මම සිටින්නේ දිනිදු අයියා සමග ඉතා සතුටින් වෙමී.. සංසාරයේ පතා ආ මගේ හිමිකරුවා ඔහු බව මට විශ්වාසය. තව එක වරක් ඇමතුමක් ගෙන බලා නිදා ගන්නට මම සිතුවේ ඔහුට කලින්ම නින්ද ගොස් ඇතැයි සිතුණු නිසා වෙමී. මම ඇමතුමක් ගත්තෙමී.. ‘‘දිනිදු අයියේ... මේ මොකද?..‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 06 Feb 2017 04:30 PM sha733Super Senior MemberPosts:7332 05 Feb 2017 02:01 AM සුන්දර විදියට ගලාගෙන යනවා අතරමග කඩාකප්පල් කරන්නනං එපා. chamaramindMost Senior MemberPosts:13471 04 Feb 2017 09:21 PM තාම බදින දවස ඇවිල්ල නැද්ද මන්දා.මෙයාලා පොඩි අයනේ සඳුනිVeteran MemberPosts:2462 04 Feb 2017 01:22 PM Posted By sha733 on 04 Feb 2017 06:42 AM 25 ත් කියෙව්වා වෙලාවකට හිතෙනවා අනුහස් දිනිදු දෙන්නා ගේමක් ගහල ගගනය පැත්තකට කලාවත්ද කියල සෑහෙන්න දුර හිතනවා නේද?... බලමුකෝ කොයි පිටට පෙරලෙයිද මන්දා.. සඳුනිVeteran MemberPosts:2462 04 Feb 2017 01:16 PM හිරුයි තරුයි. විසිහයවන කොටස. ‘‘ඔයාට දැන ගන්නම ඕනෙද?‘‘ ‘‘හ්ම්ම්ම් .. ඔව්.. ‘‘තව පංති යාමට සූදානම් වන්න වෙලා ඉතිරි වී තිබුණී. මම ඇදේ වියලට හේත්තූ වී කොට්ටයක් උකුල මතට ගෙන ඔහු පවසන්න යන දේ හොදන් අසා සිටීමට සැරසුණෙමී. ‘‘තරහා වෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න.‘‘ ‘‘හරි.. හරි.. දිනිදු අයියේ.. මම තරහා වෙන්නේ නෑ.‘‘ ‘‘මේක මම කරපු වැඩක් නෙමෙයි අනේ... අපේ ලොකුගේ වැඩක්.‘‘ ‘‘මොකද්ද?‘‘ මම පුදුමයෙන් විමසුවෙමී. ‘‘ඔයා දන්නවනේ.. අපේ ලොකු හිතන්නේ අපි අතර එෆේයා එකක් තියෙයි කියලා.‘‘ එවර මම නිහඩව වුන්නෙමී. අපි දෙදෙනා අතරම ඇතිවුනේ සුළු මොහොතක නිහඩ බවකී. ‘‘හෙලෝව්.. හොලෝව්.. සදා..‘‘ ‘‘කි...යන්න..‘‘ මට සිදුව ඇති දේ ඉවෙන් මෙන් දැනුනත් මම ඔහුගෙන්ම අසා ගැනීමට සිතුවෙමී. ‘‘ඔය ඉතින්... මූඩ් ගැහුවනේ. අපි ඒ කතාව අතාරිමු.‘‘ ‘‘නෑ.. නෑ කියන්න. මට ඒක දැන ගන්න ඕනේ.‘‘ ඔහු ලොකු සුසුමක් හෙලනු මට ඇසුණී. ‘‘ඒක අපේ ලොකු... අපේ අම්මට කියලා.‘‘ ‘‘ඒ කියන්නේ ආන්ටිත් හිතන්නේ අපි යාළුයි කියලද?‘‘ මම කතාවට හරස් වුනෙමී. ‘‘ඔව්.. මම නෑ කිව්වට කවුරුත් පිළි ගන්නේ නෑ... එදා ඔයාලගේ ගෙදර ආපු වෙලේ අපේ අම්මා ඔයාලගේ අම්මා එක්ක සේරම කියලා.‘‘ ‘‘මොනවා.. අපේ අම්මත් හිතන්නේ ඔයයි මමයි..‘‘ ‘‘ඔව්.. ඔව්... එයා කැමතීලු අපි දෙන්නා එකතු වෙනවට.. ඒත් ඔයාම එයාට කියනකන්... එයා සද්ද නැතුව ඉන්නවා කිව්වලු.. අපේ අම්මටත් සද්ද නැතුව ඉන්න කිව්වලු.‘‘ මම හිතුවා හරි මටත් හොරෙන් කට්ටිය කසාදේ තීන්දුත් කරලා. මම හිතුවේ මෙහෙම දේකදී අම්මා හුගක් කළබල වෙයි කියලනේ.. පුදුමයි.. අම්මා දිනිදු අයියට කැමතී වෙලා. ‘‘සදා.. ඇයි සද්ද නැත්තේ .. තරහද .. මම කරපු දෙයක් නෙමෙයි පැටියෝ.‘‘ ඔහු කණගාටුවෙන් පවසද්දී මටත් දුකක් දැනුනී. ‘‘තරහා නෑ දිනිදු අයියේ. ඒත්..‘‘ ‘‘හරි හරි මැට්ටී.. මම දන්නවා. ඔයාලගේ අම්මත් කිව්වලු දැන්ම මේ දෙවල් කතා වුණාට ඔයා ඉගෙන ගෙන ඉවර වෙනකන් ඉන්න ඕනේ කියලා.. මටත් කිසිම හදිස්සියක් නෑ.. ඔයා හෙමින් හිත හදා ගන්නකෝ.. මම කරදර කරන්නේ නෑ ප්‍රොමිස්..‘‘ සැබවින්ම ඔහු මොන තරම් මා ගැන සිතනවා දැයි මම කල්පනා කෙරුවෙමී. අම්මා මා ගැන වැරදියට සිතනවා ඇත්දැයි මට වරෙක සිතුණි. ජීවිතේට වෙන්න තියෙන දේවල් තමා මේ වෙනවා ඇතිතේ මම හිත සනසා ගන්නට උත්සහ ගත්තෙමී. ‘‘හරි හරි දිනිදු අයියේ මට ක්ලාස් යන්න පරක්කු වෙනවා මම තියන්නද?.‘‘ ‘‘හරි මැට්ටී.. එක දෙයක් කියනවද තියන්න කලින්.‘‘ ‘‘මොකද්ද දිනිදු අයියේ..‘‘ මම පුදුමයෙන් විමසුවෙමී. ‘‘ඔයා මගේ වෙන්න අකමැති නෑ නේද පැටියෝ.‘‘ ‘‘මට කල් දෙන්න දිනිදු අයියේ.‘‘ ‘‘හරි.. බුදු සරණයි. පරිස්සමින් යන්න.. හවසට මම එනවා ඔයාව ගන්න.‘‘ මම එපා කියන්නට සැරසුණත් ඔහු ඇමතුම විසන්දී කර තිබුණි. උදේ මුළුතැන් ගෙට ගිය වෙලේ සිටම මම අම්මා දෙස බැලුවේ හොරැහිනී. මට ඇයට මුහුණ දීමට අපහසු බවක් දැනුනේ ඇය සියල්ල දන්නා බව මම දන්නා නිසා වෙමී. ‘‘අම්මේ මම ගිහින් එන්නම්.‘‘ මම අම්මාගේ දෙපා නැමද කීවෙමී. ‘‘තුණුරුවන්ගේ සරණයි මගේ දූට.. මම හවසට පාරට එන්නම්.‘‘ ඇය මා ගැන වෙහෙසීම ගැන දුකක් දැනුන නිසා දිනිදු අයියා එන බව මම පැවසුවෙමී. ඇය මට හොරෙන් හිනා වෙන අයුරු දැක මටත් පොඩී සතුටක් දැනුනී. මම බස් නැවතුමට පැමිණෙන තුරම දිනිදු අයියා ගැන කල්පනා කෙරුවෙමී. ඇත්තටම දිනිදු අයියා හොද කෙනෙක්.. ආන්ටීත් පුදුම ආදරෙයි මට.. අනුහස් සර්, අක්කා. ඒ අයටත් මම හුගක් කැමතී. එයාලා එක්ක මට සතුටින් ඉන්න පුළුවන්. දිනිදු අයියා අම්මටත් ආදරෙයි. කවදා හරි අම්මව මගේ ළග තියා ගන්න වුණත් එයා කැමති වෙයි. පුදුමම දේ.. මටත් හොරෙන් අම්මා දිනිදු අයියට කැමති වුණ එක. මම බස් නැවතුමට පැමිණෙන තුරු ඔහු ගැන කල්පනා කලෙමි. බස් නැවත්ම දකින් සෑම විටම එදා ගගන කළ දෙය මට සිහි වෙයි. ගගනව සිහිවෙයි.. ඔයා මා එක්ක හිටියා නම් අම්මා ඔයාට කැමති වෙයි දිනිදු අයියටත් වඩා. මට ඔයාව නැති වුනේ කොහොමද? ගගනත් දිනිදුත් අතර මගේ සිත දොළනය වෙමින් කාලය ඉගිල යයි. ආත්මයටම කාවැදුනු ගගන මට මගේ ජීවිතයෙන් දුරස් කළ නොහැකිය. ඔහුට නම් දැන් මාව හොදටම අමතකය. දවසින් දවස ඔහුගේත් සුදු නංගිගේත් ආදර කතාව මුහුණු පොත හරහා මට දැන ගන්න ලැබෙයි.ඔහු දමන සියලු චායාරූප මගේ ගිණුම සමග අමුණා දමා ඔහු නිතර මගේ සිත පෑරුවේය. ඒ දමන එක චායා රුවක් වත් එක් දිනකට වඩා මුහුණු පොත තුළ නොතබා ඉවත් කරන නිසා ඔහු මට රිද්දන්නටම එවැනී දේ කරන බව මට වැටහී තිබුණි.. නිතර ඔහුගේ මතකයන්ගෙන් ඈත් වීමට මම වෙහෙසුනෙමී. දිනිදුගේ පරිඝණක අලෙවී ආයතනය විවෘත කරන දිනය උදා විය.. උදෙන් අවදී වුණ අම්මත් මමත් කැවිලිද භාජන වල අසුරාගෙන යාමට සුදානම් වුනෙමූ. අපි පාරට ගොස් බස් එකක යන්න හිතුවත් තිබුණු බෑග් මළු නිසා ඒ ගමන අසිරූ බව මම සිතුවෙමි. ‘‘අම්මේ ත්‍රීවිල් එකක් අරන් යමුද? මේ සරිත් ඇදන් බඩුත් උස්සන් යනන් බෑනේ.‘‘ මම සාරියේ සැරි සදමින් අම්මාට යෝජනා කලෙමී. ‘‘ඔයාට ඇත්තටම ලස්සනයි දු ඒ සාරිය.. මගේ දු මනමාලියක් වුණ දවසට මොන තරම් ලස්සනට ඉදීද? ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.‘‘ අම්මා මාව ආදරයෙන් තුරුල් කර ගනිමින් පැවාය. පිටතින් ඇසුනු වාහන හඩත් සමග අපි ස්තෝප්පුවට ආවෙමු. සිනා සෙමින් අපි වෙතට ආවේ අනුහස් සර්ය. ඔහු අපි එක්කාගෙන යාමට පැමිණ තිබුණී. ‘‘දෙන්නා ලැස්ති නේද?. කෝ දෙන්න ඔය කවර ටික.‘‘ අනුහස් සර් ස්තෝප්පුවේ පුටුව මත වූ කවර ටික අතට ගනිමින් පැවසුවේය. ‘‘සෑහෙන්න කෑම හදලා වගේ ..සෑහෙන්න බරයි..‘‘ ‘‘නැතුව නැතුව මදි නොකියන්න හැදුවා.. ‘‘අම්මා අනුහස් සර්ගේ සිනහවට හවුල් වුවාය. ‘‘එහෙනම් අපට බරටම කදමළු හම්බෙයි.. ඒකත් නරකම නෑ‘‘ අනුහස් සර් එලෙස පවසමින් මා දෙස හොරෙන් බැලුවේය. ‘‘ෂා සදනිගේ ලස්සන.. අද අපේ එකා ගීලී. ‘‘අනුහස් සර්ට අම්මා එතන සිටින බවද අමතක වි තිබුණී. එය නෑසුණ ගානට අම්මා ගෙට ඇතුල් වෙද්දී මම ලැජ්ජිවෙන් ඉවත බලා ගත්තෙමී. අනුහස් සර් එතරම් කටකාරයෙක් බව මම දැන නොසිටියෙමී. මම ඔහු දැක තිබුනේ තැම්පත් නීති ගරුක චරිතයක් ලෙසය. කියපු දේ වැරදී බව වැටහුණ නිසාදෝ අනුහස් සර් මළු ටිකද රැගෙන කාර් එක දෙසට ගියේය. සිතුවටත් වඩා ජයට උත්සවය සංවිධානය කර ඇත. අලංකාර ලෙස මුළු ගොඩනැගිල්ලම සරසා තිබුණී. ගොඩනැගිල්ලේ නිදහස් ස්ථානයක තබා තිබූ මේසය මත අපි නැවිලි තබා පිළියෙල කලෙමු. තවත් තැනක විශාල පිත්තල කුකුළා පහනක් පිළියෙල කර තිබුණී. අළුතින්ම ගෙන විත් තිබුණ සෙටියේ වාඩී වුණ මම කුකුළ පහනේ එල්ලීමට සුදු මල් වැලක් ඇමුණුවෙමී. මා අසලිනම වාඩී වු අක්කා දරුවා සුරතල් කරමින් මා සමග කතා කලාය. අනුහස් සර්ගේ අම්මාට අපේ අම්මා නැතුවම බැරි වී තිබුණී . ආපු වෙලාවේ සිට ඔවුන් දෙදෙනාගේ කතාවේ නිමක් නොවීය. දිනිදු සිටින්නේ මා ළගට එන්නට ක්‍රමයක් නැතිව බව මට දැනුන නිසාම,මම අක්කා ළගටම වී සිටියෙමී. මා දෙසම බලා සිටි ඔහු කීපවරක්ම මට එන්නට යැයි ඉගි කළේය. මම නොදැක්කා මෙන් සිටියෙමී. මල් වැල අමුණා අවසන් කළ මම පෙති කැඩුණු මල් ටික විසි කිරීමට කුණු කූඩය වෙත ගියෙමී. ‘‘මෙහේ එනවා මැට්ටී.‘‘ දිනිදු මගේ ළගට පැමිණ අතින් අදින් තුරුම ඔහු ආ බව මට නොදැනුනී.‘‘ ‘‘මොකද මැට්ටෝ..‘‘ ඔහුගේ සවිමත් දෑතට මගේ දෙයත් තද වෙද්දී මම ඔහු දෙසම බලා විමසුවෙමී. ‘‘ඔයා අද හරිම ලස්සනයි.. මේ ළා දම්පාට ඔයාට හොදට ගැළපෙනවා.. මම ඔයා සාරියක් ඇදන් ඉන්නවා දැක්කමයිනේ .. ඇත්තටම ලස්සනයි.‘‘ඔහු මට ඔහුගේ දෑස් මගාරින්නට ඉඩ නොදුන්නේය. ‘‘තව..‘‘ ‘‘තව ...තියේ දැම්ම කියන්න බෑ.. ..‘‘ ‘‘ඇයි...‘‘ ‘‘ඔයා මාත් එක්ක තරහා වෙයි.‘‘ ඔහුගේ දෙනෙත් තුළින් මාවම දකින්න මට හැකි විය. මද වෙලාවක නිහඩ බවකින් පසු මම ඔහු දෙස බැලුවෙමී. ‘‘ගිලින්න හිතුණද?.‘‘ මට ඒ වචනය ඉබේටම කියවුණි. ‘‘මොකක්... මොනවද මැට්ටී කියන්නේ..‘‘ එවිට පැවසූ වචන වැරදී බව සිහිපත් වී මට අපහසුතාවයක් දැනෙන්න විය. ‘‘අනුහස්.. සර්... තමා කි..ව්වේ.. අපේ.. පොඩී...ට ගිලි..න්න හිතෙයි කියලා... ‘‘ මම වරද නිවැරදී කර ගැනීමට උත්සහ ගත්තෙමී. ‘‘හ්ම්ම්ම්..ගිලින්න හිතෙනවා තමා...‘‘ ‘‘කවුරු හරි දකී... මට යන්න දෙන්නකෝ.‘‘ මම ඔහුව තල්ලු කරගෙන යන්නට සැරසුණෙමී. ‘‘සදනී අද නම් එක දෙයක් කියනකන්... ඔයාට යන්න දෙන්නෙම නෑ..‘‘ ‘‘මොකද්ද?‘‘ මම ඔහුගේ දෙනෙත් මගාරිමින් විමසුවෙමී. ඒ වන විට මගේ හදවතේ ගැස්මද වේගත් වි තිබුණී. ‘‘කෝ මගේ ඇස් දෙක දිහා බලන්න.‘‘ ඔහු මගේ නිකටින් අල්ලා ඔහු දෙසට මුහුණ හරවා ගත්තේය. ‘‘එකම එක පාරක් ආදරෙයි කියන්න.... ප්ලීස්... කල් ඕනේකියලා නම් කියන්න එපා...‘‘ ‘‘අනේ දිනිදු අයියේ නැකත පහු වෙයි.‘‘මම එතනින් ඉවත් වීමට උත්සහ ගත්තේ දැනුන ලැජ්ජාව නිසා වෙනී. ‘‘මේ... තව වෙලා තියෙයි... ..ඔහු මට අතේ බැද තිබු ඔරලෝසුව පෙන්නුවේය. ‘‘ඇත්තටම ඔයාට මං ගැන හැගීමක් නැද්ද සදා...‘‘ ‘‘මම ඔයාට කැමතී දිනිදු අයියේ..‘‘ මම බිම බලාගෙන පැවසුවෙමී. ‘‘ආයි කියන්න .. ඒ කිව්වේ.. ‘‘ ‘‘ආදරෙයි මැට්ටෝ....‘‘ ඔහු සිතන්නටත් කලින් මම ඔහුව තල්ලු කරගෙන පැන ගත්තෙමී. අනතුරුව මම සෙටියේ වාඩී වී ඔහු දෙස බැලුවෙමී. ඒ වන විට තරූෂත් ඔහු අසලට පැමිණ සිටියේය. දිනිදුගේ නෙත් තවමත් මා දෙසම රැදී තිබුණී .. ‘‘දැන් නැකත ළගයි අපි ලෑස්ති වෙමු නේද?.‘‘ සියළු දෙනාම පහණ වටා එක් විය. සුභ මොහොතින් පහන දැල් වුවේ මම විසිණී.. මම පහන් සිල දල්වන අතර තුර දිනිදු දෙස බැලුවෙමී. ඔහු දෙනෙත් දල්වා මා දෙස බලා වුන්නේය. සූදානම් කර තිබූ කෑම මේසයෙන් පිගානකට කිරිබත් සහ ලුණු මිරිස් දමා ගත් දිනිදු නොසිතු අයුරින් මා අසලට පැමිණියේය. මුල්ම කිරිබත් කෑල්ල ඔහු මට කැවීය.. එය ප්‍රතික්ෂේප කරන්නට මට ලෝභ සිතුණි. සියල්ලන් දන්න රහස තවත් සැගවීමට මට අවශ්‍ය නොවීය. මම සියල්ලන් ඉදිරියේ ඔහු හට මට ළං වන්නට ඉඩ සැලැස්සුවෙමී ‘‘අම්මටත් දෙන්න දිනිදු අයියේ.‘‘ ඔහු නෙතු නොසලා මා දෙස බලා ඉදිද්දී අතින් අල්ලා මම ඔහුගේ අම්මාටත් අනුහස් සර්ටත් ,අක්කාටත් කිරි බත් කැව්වෙමී.කිරි බතුත් කැවිලිත් රස බැලු අපි සතුටින් එම අවස්ථාව සැමරුවෙමු. මුල්ම මිළදී ගැනීමද මටම කරන ලෙස සියල්ලන් ඉල්ලා සිටි නිසා මම එයද සිදු කළෙමී. දිනුදු මොන තරම් සතුටින් සිටී දැයි ඔහුගේ මුහුණෙන්ම මම වටහා ගත හැකී විය. මගෙ ළගින්ම සිටි ඔහු, මා හොරෙන්ම ඔහුගේ කරගෙන තිබුණී. ‘‘සදා....‘‘ සියල්ලන් එහෙ මෙහෙ වෙනකන් සිටි දිනිදු මට ළං වුවේයෙ. ‘‘හ්ම්ම්ම්ම්..‘‘ ‘‘ඇත්තටමයි නේද කිව්වේ.‘‘ ‘‘මොනවද?‘‘ ඔහු තවත් මට ළං වී වාඩි වෙද්දි මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමී. ‘‘ආදරෙයි...‘‘ ‘‘ඇත්තමයි.‘‘‘ ‘‘සත්තයි.‘‘ ‘‘සත්තයි.‘‘ මම එතනින් නැගිට යමින් ආපසු බලා පැවසුවෙමී. ‘‘ඔහොම ඉන්නවා හොර කෙල්ල.‘‘ ඔහු මා පසු පස දුවගෙන ආවේය. දුවගෙන ගිය මම අම්මාගේ උරහිස මත මුහුණ රදවාගෙන තුරුළුව වෙමින් නතර වුනෙමී. අම්මා සිටියේ ඔහුගේ අම්මා සමග ලොකු කතාවක වුවාය. ‘‘මොකද පොඩි ළමයි දෙන්නෙක් වගේ ඔට්ටු තියනවද?‘‘ අපි දෙදෙනාම දුවන් ආ බව දුටු දිනිදුගේ අම්මා පැවසුවාය. ‘‘අපි තාම පොඩී තමයි අම්මියෝ. ‘‘දිනිදුත් අම්මා ළග නතර වී මා දෙස බැලුවේය. මගේ ජීවතේ වෙනස්ම පැත්තකට පෙරලු දවස නිමා වෙද්දී අම්මාත් මමත් නිවෙස් බලා ගියෙමූ. අම්මාද වුනනේ අද දිනය ගැන ලොකු තෘප්තිමත් බවකින් වුවාය. කලින්ම යහනට වැටනු මට සිතන්නට , සිතින් විද ගන්නට, විශාල සිදුවිම් රැසක් එක් වී තිබුණි. මොහොතක් වත් නෙතු පියන්න ඉඩ නොදුන් සොදුරු සිදුවීම් සිහි ගන්වමින් මම තනිව සිනා වුනෙමි. හිතේ කොනක දුකක් වී තවමත් ගගනගේ මතකයන්, ළමා කාලයේ සොදුරු ඉසව් රැදී තිබේ. ඉන් මිදිමට මට නොහැකිය. නමුත් මම වෙනුවෙන් පෙරුම් පුරන දිනිදුගේ සතුට මගේ කර ගැනීමට මම තීරණය කර හමාරය. ගගන ඉස්සරටත් වඩා සතුටින් බව මම දනිමි. එය මගේ සිතට ලොකු සහනයකි. මට වැඩි වෙලා සිහින දකින්නට දිනිදු ඉඩ නොදෙයි. පැයකට වැඩි කාලයක් ඔහු මගෙන් ඈත් වි නොසිටී. නිතර ඇමතුම් ගන්නටත්, කෙටි පණීවිඩ එවන්නටත් ඔහු හුරු වී සිටියේය. ඔහු නිතර මා සතුටුන් තබන්නට වුත්සහ ගත්තේය. තවත් මාස තුනක් ගත වී තිබුණී. දැන් දිනිදුගෙත් මගේත් ආදරයට මාස තුනකී.. අපි දෙදෙනා වෙන් කරන්නට බැරි තරමටම ළං වී සිටියෙමු. ආදරෙන් බැදී සිටියෙමු.. වරෙක ගගන මගේ ජීවිතෙන් ඈත් වීම ධෛවයට අනුව සිදු වු දෙයක් ලෙස දැන් මට සිතෙයි.. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 04 Feb 2017 01:13 PM sha733Super Senior MemberPosts:7332 04 Feb 2017 06:42 AM 25 ත් කියෙව්වා වෙලාවකට හිතෙනවා අනුහස් දිනිදු දෙන්නා ගේමක් ගහල ගගනය පැත්තකට කලාවත්ද කියල සඳුනිVeteran MemberPosts:2462 04 Feb 2017 12:17 AM හිරුයි තරුයි. විසිපස්වන කොටස. ‘‘සොරී සදා පොඩ්ඩක් ඉන්න..‘‘ ඔහුගේ දුරකථනය නැවතත් අපේ කතාවට බාදාවක් විය. ඔහුට පැමිණී ඇමතුමට සවන් දුන් ඔහු, මා එතන සිටින බවද අමතක කර දමා තිබුනේය. ‘‘හරි හරි බබා මම මේ එන ගමන්.. බලන්නකෝ යාළුවෙක් ඉන්නවා මෙතන.‘‘ එසේ කියමින් ගගන දුරකථනය මා වෙත පෑවේය. මට කර කියා ගන්නට දෙයක් නොමැති විය .. නිකමට පාර දෙස බලන් විය දුටුවේ මම යන බස් රිය එන බවයි. ‘‘සොරි ගගන මට ලේට් වෙනවා.. මම යනවා ‘‘ මම ඔහුට ඇතින් එක බස් රථය පෙන්වමින් බස්නැවතුමෙන් පිටතට පැමිණියෙමී. ‘‘ හරි හරි පරිස්සමින් යන්න බුදු සරණයි සදා.‘‘ගගනගේ හඩ සමග පරණ මතකයන් සිහිපත් වෙද්දී මම ආපසු හැරී බැලුවෙමී. ඔහු වුන්නේ වෙනතක බලාගෙනය. හිතා ගන්නටවත් බැරි තරම් දුකක් හිත තුළ තෙරපෙද්දී මම බස් රථයේ සෙනග අතරට රිංගා ගත්තෙමී. අමාරුවෙන් නොපෙනී යන තුරුම මම ඔහු දෙස බලා හිටියත් ඔහුට මගේ සමුගැනීම ගැන හැගීම්ක් නොවීය. ඔහු සිනා සෙමින් දුරකථන ඇමතුමට සවන් දෙමින් වුන්නේය. දැන්නම් හොදටම සුවර් ගගන වෙනස් වෙලා කියලා. ඒත් මේක වෙන්න පුළුවන් දෙයක්ද? මම නැවතත් සිතුවෙමි. කාර්යාලයට පිවිසුන මම සයුමිවත් අඩ ගසාගෙන ආපනශාලාවට පැමිණියේ සියල්ල ඇය සමග පැවසීමට අවශ්‍ය නිසා වෙමී. ඇයි මට දොස් නගන බව මම හොදාකාරවම දනිමී. නමුත් මගේ සිතේ ඇති දුක කිමට ඇත්තේ ඇය පමණකී. ‘‘ ඔබට මම දෙයක් කියන්නද?‘‘ කතාව අසාගෙන සිටි සයුමී මා දෙක කෙලින් බලා විමසුවාය. ‘‘අහපන්..‘‘ ‘‘උබට මොළය කියලා කලදක් නැද්ද?. උගේ මත්තෙම නැහෙන්නේ.‘‘ සයුමිගේ හඩ තරමක් රළු වුවාය. මම ආපනශාලාවෙන් මිළදී ගත් ඉදි ආප්ප ටික දෙස බලාගෙන සිටියේ ඇයට මුහුණ දීමට අපහසු නිසා වෙමී. ‘‘ගගන උබට රිද්දන්න ඔය දේවල් කරන්නේ.. උබට ඒක තේරෙන්නේ නැද්ද?.. අනික බලපන් දිනිදු අයියා උබ ගැන මොනතරම් හොයලා බලනවද?.. උබට ඒ අහිංසකයගේ ආරේ පේන්නේ නෑ.‘‘ ‘‘මම දන්නේ නෑ සයුමී.. ඔයා දන්නේ නෑ ගගනගෙයි මගෙයි අතරේ එෆෙයාර් එකක් නොතිබුණාට අපි දෙන්නා මොන තරම් ළං වෙලා හිටියද කියලා. ‘‘ ‘‘ඉතිං‘‘ සයුමීගේ බැල්ම තවත් කෝපාන්විත විය. ‘‘එහෙම හිටපු ගගන දැන් මාත් එක්ක කතා කරන්නේ වත් නෑ.. මිනිසුන්ට එහෙම වෙනස් වෙන්න පුළුවන්ද?. ‘‘මම ඉදිආප්ප මුල ඇකුළුවෙමී. ‘‘පුළුවන් නිසානේ වෙනස් වෙලා ඉන්නේ.. මම දන්නවා මේ ටිකේම උබ කෑවේ නෑ නේද? කාපන් ඕක .‘‘ ඇය මා ගැන ඇති වු අනුකම්පාවෙන් පැවසුවේය. ‘‘මට කන්න බෑ බං.‘‘ ‘‘හිටපන්කෝ මම සර්ට කියන්නම් ..‘‘ ඇය අසුනින් නැගිට ගියාය. මම අතගාමින් සිටි ඉදිආප්ප මුල විසිකර අත සෝදාගෙන කාර්යාලයට ඇතුල් වුණෙමි. මම කාර්යාලයට ගිය අවස්ථාවක අනුහස් සර් දවහවල් කෑම විවේකයේ මට ගමනක් යන්නට සූදානම් වන ලෙස පැවසුවේය. නිතර ඔහු සමග ගමන් බිමන් ගොස් පුරුදු නිසා මම මොකුත් නොවිමසාම කැමැත්ත පල කලෙමි. දිනිදුගේ අලුත් ගොඩනැගිල්ලට යන්නට වෙන්න ඇතැයි මම අනුමාන කළෙමී. කෑම විවේකට එළඹෙන්නට පෙර ගේට්ටු අවස පතක් ලබාගත් මම රථ ගාල දෙසට ගියෙමී. අනුහස් සර්ගේ කාර් එක ළග සිටගෙන සිටියේ දිනිදු විය. ‘‘දිනිදු අයියා ඔයත් ආවද?.‘‘ මම ඔහු ළගට ගියෙමී. ‘‘ඇයි තව කවුද එනවා කිව්වේ.‘‘ ඔහු පුදුමයෙන් වටපිට බලන්න විය ‘‘එතකොට මේක ඔයාගේ පෑලැන් එකද්ද?.‘‘ ‘‘ඔව් ... ඇයි අකමැතිද මාත් එක්ක ලන්ච් එකවත් ගන්න.‘‘ ඔහු සැහැලුවෙන් කාර් එකට වාරූවී විමසුවේය.ඔහු දවල් ආහාරය ගැනිම සදහා මා හොටෙල් සංකීර්ණයක එළිමහන් ස්ථානයක රැගෙන ගියේය. ස්භාව සෞදර්යෙන් හෙබී වට පිටාවේ කබානා එකක් යට වාඩී වු මට පුදුම සැහැල්ලුවක් දැනුනී. දිනිදුගෙන් බේරෙන්නට බැරි නිසා ගෙන්වන ලද සියලු ආහාර මට ආහාරයට ගැනීමට සිදු විය. ‘‘අනේ දිනිදු අයියේ දැන් ඇති.. මම ආයි ඔපිස් එකට යන්න ඕනෙනේ‘‘ ‘‘බෑ බෑ.. තව ඩෙසට් ගන්නත් ඕනේ.‘‘ඔහු සිනා සෙමින් පවසන්න විය. ‘‘මෙහෙම ගියොත් නම් ඔපිස් නෙමේ හොස්පිටල් තමා යන්න වෙන්නේ‘‘ ඔහු මහ හඩින් සිනා වෙන්නට වුයේය. කෑම ගැනීමෙන් අනතුරුව අපි සුළු වෙලාවක් අවන්හල තුල රැදි සිටියෙමු. ‘‘හැමදාම ඔය විදියට හිනා වෙලා ඉන්න සදා...නී.‘‘ ඔහුට නම වරදින්නට ගිය නිසා මට සිනහා නැගුණි. ‘‘කමක් නෑ සදා කියන්න.‘‘ ‘‘බෑ... බෑ.. ඒ නමට ඔයා කැමතී නෑ.‘‘ ඔහු මද සිනහවකින් මා දෙස බැලුවේය. ‘‘ නෑ.. එදා කිව්ව එක දැන් අමතක කරන්න. ඔයා මට සදා කියන්න.‘‘ ‘‘හ්ම්ම්ම්.‘‘ ‘‘මොකද හ්ම්ම්ම් බකමූණෙද්ද?මම ඔහුගේ මුහුණට සිනහවක් ගෙනෙන්නට උත්සහ ගත්තෙමී. හදිසියේ දෙයක් මතක් වූ කළක මෙන් දිනිදු මගේ අත සියුම්ව අල්ලා ගත්තේය. ‘‘සදා දැන් වත් තීරණයක් ගන්න.‘‘ ‘‘මොන තීරණයක්ද අයියේ.‘‘ මම ඔහු පවසන දේ නොවැටහුන ලෙස විමසුවෙමී. ඔහු ඉල්ලන්නේ ආදරය බව මම හොදින්ම දැන සිටියෙමී. ‘‘මට ඔයාගේ ජීවිතේට ළං වෙන්න ඉඩ දෙන්න.‘‘ දෙඅතින්ම මගේ අත අල්ලා ඔහුට ළං කර ගත් ඔහු , මගේ දෙනෙත් දෙසම බලා විමසුවේය. ‘‘අපි ඉක්මන් වැඩී නේද?.. මට හිත හදා ගන්න ටික කාලයක් දෙන්න අයියේ.‘‘ මම ඔහුගේ නෙතින් නෙත් ඉවතට ගනිමින් පැවසුවෙමී. ‘‘හරි ඕනේ තරම් කල් ගන්න සදා.. හැබැයි මම ඔයාට මටත් වඩා ආදරේ බව අමතක කරන්න එපා. මම ඔයා වෙනුවෙන් ජීවත කාලෙම වුණත් බලන් ඉන්නම්.‘‘ මගේ හදවතේ ගැස්ම පිටතට ඇහෙන්නට තරම් වේගවත් වෙද්දී මම වේදනාවෙන් ඔහු දෙස බැලුවෙමී. මට ඒක නොතේරෙනවා නෙමෙයි දිනිදු අයියේ.. මගේ හිත තාමත් තව කෙනෙක් ගැන හිතන්න සූදානම් නෑ. ගගනත් මම වෙනුවෙන් මොන තරම් දේවල් කලාද? දැන් එයාට මාව පේන්නවත් බෑ.. එයා වෙනස් වුණා. ඔයාව අදුරගෙන තව මාස කියද ?මම ඔයාව කොහොම විශ්වාස කරන්නද?. මම ආයෙත් ආදරෙන් රැවටෙන්න බයිය දිනිදු අයියේ. ‘‘මොනවද මැට්ටියේ මූණත් ඇද කරන් කල්පනා කරන්නේ.‘‘ කල්පනා ලොවින් මා මුදා ගනිමින් ඔහු පැවසුවේය. ‘‘මොකුත් නෑ දිනිදු අයියේ.‘‘ ‘‘හ්ම්ම් කල්පනා කරන්න එපා.. ඔයා අකමැති නම් හැමදාම මෙහෙම හොද යාළුවෝ වගේ ඉමු.. මම ආස නෑ ඔයා කල්පනා කර කර දුකින් ඉන්නවට.‘‘ දිනිදු තේරුම් ගන්නට බැරි චරිතයක් බව මට කිහිප විටකම සිතී තිබේ. ඇත්තට ඔහුව තේරුම් ගැනීම අපහසුය. දින කෙමෙන් ගෙවී ගොස් දිනිදුගේ නව අලෙවීසැල විවෘත කරන දිනය ළගා වෙමින් තිබුණී. තව ඇත්තේ හරියටම සතියකී. සෙනසුරාදා දින දහවලේ මම අම්මා සමග සූදානම් වුයේ අළුත් ගොඩ නැගිල්ල පිළිවෙලකට අස් කිරීම සදහා පැමිණෙන ලෙස දිනිදුගෙන් ලද ඉල්ලීම නිසාවෙමී. අම්මාද අනුහස් සර්ගේ පවුල බොහොම ලැදී වි සිටි නිසා ඒ ගමට කැමැත්තෙන්ම එක් විය. ආරම්භ කිරීමේ උත්සවය සදහා අම්මා මේ වන විට ආස්මී සෑදීම ආරම්භ කර තිබුණි. මුල්වරට බැද ගත් ආස්මී දැන් සුරක්ෂීතව අරන් තබා ඇත. ‘‘යමු නේද එහෙනම් දූ.‘‘ අම්මා දිග සායකත් සැහැල්ලු හැට්ටයකුත් ඇදගෙන මගේ කාමරයට හිස පොවමින් විමසුවාය. දොර ජනෙල් වසා දමා අම්මාත් මමත් පයින්ම බස් නැවතුමට පියවර නැගුවෙමූ. ‘‘දූ මොකද්ද එදාට අදන්නේ.‘‘ අම්මා ටික දුරක් පැමිණී පසු විමසුවාය. ‘‘ආනේ මන්දා අම්මේ.. මට ඒක කල්පනා වුනේම නෑ.. මොකක් ඇන්දොත්ද හොද?.‘‘ ‘‘සාරියක් අදිමු.. ඔයානේ ඕපන් කරන්නත් ඉන්නේ.‘‘ අම්මගේ මුහුණේ තිබුණේ දැඩී සතුටකී. ‘‘මට සාරි නෑනේ අම්මේ.. දහම්පාසලේ සුදු සාරිය විතරනේ තියෙන්නේ.‘‘ මම බෑගයෙන් එලියට ඇද ගත් කුඩය දිගහැර ගන්නට උත්සහ ගත්තෙමී. ‘‘දම්පාට එක අදිමු.‘‘ ‘‘අර අම්මට ළගදී තෑගී හම්බුණ එක.‘‘ මම ඒ සාරිය ආසා බව ඇය දැන හුන්නාය. නම්ත් ඒ සාරිය මේ උත්සවයට අලංකාර වැඩි යැයි මට සිතුණෙමී. ‘‘දූ ඒ සාරියට ආස බව මම දන්නවා.‘‘ ‘‘ඒත් ඒකට ජැකට් එකක් නෑනේ.දැන් මහන්න දෙන්න වෙලාවකුත් නෑ‘‘ මට හදිසියේම සිහිපත් විය. ‘‘අද මහන්න දෙමු.. මම අරන් ආවේ.. මම ආසයි මගේ දු එදාට ලස්සනට ඉන්නවා දකින්න.‘‘ පව් මම නොහිතන මොනතරම් දේවල් අම්මා මං ගැන හිතනවද?. පුදුමයි දිනිදු අයියාට මම මේ තරම් විශේෂ ඇයි කියලා අම්මා අහන්නේ නැත්තේ කියලා.. සමහර විට එයාලගේ අම්මා කියන්න ඇති දිනිදු අයියා ඉස්සර හැසිරුණ හැටි.. කොහොමත් අම්මා ආසයි කොයි ළමයත් හොද අය වෙනවා දකින්න. මම නිසා දිනිදු අයියා එයාගේ නරක ජීවිතේ අත්ඇරිය බව දැන ගත්තම එයාට සතුටු ඇති. අම්මාත් මමත් අපි වෙනදා ඇදුම් මස්සන තැනට ගොස් සාරියට හැට්ටයක් මසන්නට බාර දුන්නෙමු. ඉන් පසු බස් රථයට නැගුණ අපි නගරයෙන් බැස්සෙමු. ‘‘දූ දන්නවද දිනිදු පුතාගේ ශොප් එක තියෙන තැන.‘‘ ‘‘ඔව් අම්මේ .‘‘ මම නගරයෙන් මදක් එහාට වන්නට නිදහස් තැනක පිහිටි අලුත් ගොඩනැගිල්ල දෙසට අම්මා සමග ගියෙමී. දැන් සම්පුර්ණයෙන්ම එහි වැඩ අවසන්ය. අනුහස් සර්ගේ මාර්ගයෙන් ලබා ගත් ණය මුදලක ආදාරයෙන් මේ සියල්ල සිදු කළ බව මම දනිමී.ආයතනයේ ආදායමින් ඒ ණය ගෙවන්නට දිනිදුට පැවරී තිබුණි. අනුහස් සර් පවසන්නේ, මොනවා වුනත් නිකන් ලැබුණම කිසි අගයක් නෑ.. තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්නට ඉඩ දිය යුතු බවයි. ‘‘මොකටද බං එන්න කිව්වේ.‘‘ අපි ගොඩනැගිල්ල වෙතට ඇතුල්වන විට තරූෂ දිනිදුට පවසනු මට ඇසුනී. ගගනත් දිනිදුත් ගොඩනැගිල්ල පුරා විසිරි තිබූ උපාංග රාක්ක වල අසුරමින් සිටියා. ‘‘මොකද්ද අවුල තරූෂ අයියේ.‘‘ ඔවුන් අසලටම ගොස් මම විමසුවෙමී. මම දැක්ක විගස දිනිදු අප අසලට පැමිණ නැවතුණේය. ‘‘ආනේ ආන්ටිත් ඇවිල්ලා.. අපි මේ පුළුවන් විදියට අහුරන්න හැදුවේ.‘‘ අම්මා ඔහු සමග මද වෙලාවක් කතා කරමින් සිට වැඩ පටන් ගත්තාය. ඊට සුළු මොහොතකට පසු අනුහස් සර් එතනට එක් වුවේය. ‘‘සදනී නම් ඉක්මණටම ඇවිත් නේද ආන්ටී.‘‘ අම්මත් අනුහස් සර්ගේ කතාවට සිනහා වෙමින් එක් විය. ‘‘දැන් ඉතින් සදනිට ඔපිස් යන්න ඕනේ නෑ.. නේද ආන්ටී.‘‘ අනුහස් සර්ගේ කතා වලට අම්මාත් සිනා සෙන එක මට පුදුමයක් විය. ‘‘මොකද්ද අම්මේ මේ කතාව ..‘‘අම්මා එයටත් සිනහා වුවාය.මට පෙන්නේ මට නොදන්නවා වුණාට අම්මත් එක්ක අනුහස් සර් මොනවා හරි කියලා වගේ .. ඒ කියන්නේ අම්මත් දිනිදුට කැමතිද? අනේ මන්දා. මම මේක දැන ගන්නේ කොහොමද?.දිනිදු අයියාත් මොකක් හරි දන්නවා.. ‘‘දිනු.. පොඩ්ඩක් මෙහෙට වරෙන්.‘‘ තරූෂ දිනිදුව අඩගහගෙන මොනවාද කියවනු මට පෙනුනී. මොකක් හරි නරක දෙයකට අරඅදිනවාවත්ද කියලා මට සිතුණී. මම හිමින් ඔවුන් සිටින පැත්තට ඇදුනෙමී. ‘‘මොනවද බං මේ වෙන්නේ.. උබ මාව හලන්නද හදන්නේ.‘‘ මට යාන්තමට වගේ ඇසුනී. ‘‘මොකද්ද දිනිදු අයියේ ප්‍රශ්නේ.‘‘ ‘‘මොකුත් නෑ අනේ.. ඔයත් මෙහෙ වැඩට එයි කියලා මූ බය වෙලා.. ඔයා ආවම ඌගේ ජොබ් එකට කෙල වෙනවලු. දන්නවනේ අපේ අයියා.. මම තරූව ආශ්‍රය කරනවට එයා ආස නෑ.ඉතිං මුගේ හිතේ මූ පන්නන්න අපේ අයියා පෑලෑන් ගහනවා කියලා.‘‘ මට ඉබේටම සිනහා නැගුණී. ‘‘ඕකද අවුල.. අයියෝ මම එන්නේ නෑ තරූෂ අයියේ .. බය වෙන්න එපා.‘‘ මම ඔහු සමග සිනහා වෙමින් පැවසුවේය. තරූෂ රස්තියාදු ගහන නරක අයෙක් විය හැකිය. නමුත් සෑම අයෙකුටම හැදෙන්න අවස්ථාවක් දිය යුතුය. තරූෂත් හොද වේවී යැයි මම සිතුවෙමී. ‘‘මොකද තුන්දෙනා එක්ක කයිය අද ගෙදර යන්න කල්පනාවක් නැද්ද?.‘‘ බඩු පෙට්ටියක් උසවාගෙන ආ අනුහස් සර් අපි පසු කර යමින් විමසුවේය. මම හිතුවටත් වඩා අනුහස් සර් යනු සරල ජීවිතයකට කැමතී අයෙකී. කවුරුන් හෝ කුලියට ගෙන මේ වැඩ කිරිමට ඔහුට පුළුවන් කම තිබුණත් තමන්ගේ දේ තමා කර ගත යුතුයි යැයි සිතුවේය. ‘‘දැන් සදනිලා ගියදෙන් නේද ලොකු.. අපි ඉතුරු ටික අහුර ගමු.‘‘ දිනිදු යෝජනාකරන්න විය. ‘‘දෙන්නා එක්ක අද රෑත් රස්තියාදුවේ යන්න පොටක්ද පාද ගන්න හදන්නේ. නෑ.. නෑ.. සදනී අම්මායි අපි ගෙදරට ඇරලමු. ඉක්මණට වැඩ ටික ඉවර කරන්න.‘‘ අනුහස් සර් දිනිදු රෑට නිවසින් පිට සිටිනවාට අකමැති බව මම වටහා ගත්තෙමී. ඉක්මනි වැඩ නිම කළ අපි රාත්‍රී හතට පමණ නිවෙස් බලා යාමට පිට වුණෙමු. මුලින්ම තරූෂව නිවස අසලින් දැමූ අනුහස් සර් අපිවත් නිවසටම ඇරලුවේය. මහන්සිය නිසාම ඉක්මණීන්ම නින්දන වැටනු මට දිනිදුට රෑ ඇමතුමක් ගැනීමද අතපසු විය. මම සිතා සිටියේ අම්මත් අනුහස් සරුත් වහෙන් ඔරෝ පවසන දෙයි ඇත්ත නැත්ත ඔහු දන්නවාද අසන්නටය. පාන්දරින් අවදී වූ මම නිකමට මෙන් දිනිදුට ඇමතුමක් ගත්තෙමී. පුදුමයකී මම ගන්න සැනින්ම ඔහු පිළිතුරු දුන්නේ මග බලා වුන් අයුරිණි. ‘‘සදා.. සොරි පැටියෝ මට නින්ද ගියා.. මම මේ බයේ හිටියේ රෑ කෝල් කළේ නැතුවට ඔයා තරහා වෙලා ඇති කියලා.‘‘ ඔහුගේ හඩ රහසින් මෙන් මට ඇසුනී. පොරවනය ගුළී වුන මම තනියෙම සිනහා වෙමින් ඔහු කියන දේ අසා වුන්නෙමී. ‘‘මොකද මැට්ටී හිනා වෙන්නේ.‘‘ ‘‘මොකුත් නෑ.. මටද පැටියා කිව්වේ.‘‘ ‘‘ඇයි නරකද?‘‘ ඔහුගේ හඩ මදක් විහිළුවට බර වුවේය. ‘‘මොන පැටියෙක්ද දන්නෑ.‘‘ ‘‘මගේ පැටියා..‘‘ ඔහුගේ කතා වලට මම ආසා කලෙමී. උදේම ඔහුට දුකක් දෙන්නට නොසිතු මම කතාව වෙනතකට හැරෙව්වෙමී. ‘‘මේ දිනිදු අයියේ මොකද්ද අර සර්ගෙයි අපේ අම්මාගෙයි රහස් කතාව.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 04 Feb 2017 12:12 AM sha733Super Senior MemberPosts:7332 03 Feb 2017 07:17 AM ඔන්න රසිකයා මේ කොටසක් කියෙව්වා පට්ට හොදේ chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2017 06:23 PM මමත් කියවන ගමන් සඳුනිVeteran MemberPosts:2462 02 Feb 2017 05:40 PM හිරුයි තරුයි. විසිහතරවන කොටස. ‘‘ඔව් ඔව්... වස්තු මගේ යාළුවෙක් හම්බුණා එයා එක්ක කතා කළා පොඩ්ඩක්.‘‘ ‘‘හරි වස්තු පරිස්සමින් ඉන්න. ගෙදර ගිය ගමන් ගන්නම්.‘‘ ‘‘හා.. ‘‘ ‘‘ලව් යු ටු.‘‘ ‘‘උම්ම්මා මගේ සුයිට් ඒන්ජල්‘‘ ‘‘හරි වස්තු අනිද්ද මම එනවා.‘‘ දෙබස් සේරම මම අසා වුන්නෙමි. මගේ නෙත් දෙකින් කදුළු පණින්නට ඔන්න මෙන්න විය. නමුත් මගේ කදුළු ගගන දකිනවාට මම අකමැති විය. මට ආදරෙයි කිව්ව ඔයාට මං ඉස්සරහම තව කෙනෙක්ට ආදරෙයි කියන්න පුළුවන්ද ගගන. මම අපසු හැරි දුවන්න සැරසෙද්දි දිනිදු එක වරම මගේ අතින් අල්ලා ගත්තේය. ‘‘එහෙනම් සහෝ මම යනවා.‘‘ මා දෙසවත් නොබැලු ගගන පිටව ගියේය. තවත් කදුළු සගවා ගන්නට මට නොහැකි විය. දිනිදු මා ඇද ඔහුගේ ඉදිරියට ගත්තේය. ‘‘මොකද මැට්ටියේ අඩන්නේ.. ඔයාට ආදරේ නැති අය වෙනුවෙන් අඩන්න එපා.‘‘ ඔහු පැවසුවේ මගේ දෙවුරෙන් අල්ලා ගෙනය. ‘‘ඒ...ත් දිනිදු .. අයි...යේ..‘‘ ‘‘මම දන්නවා ඔයා ආදරේ බව එයාට.. ඒත් ඔයාගේ අසරණ බව එයාට පෙන්නන් එපා. එයාට ඕනේ ඔයා දුක් වෙනවා දකින්න. නැත්තම් ඔයා ඉස්සරහම ඒ විදියට කතා කරයිද?.‘‘ ‘‘අ..නේ මම දන්..නේ නෑ දි..නිදු අ..යියේ.. මට ය..න්න දෙන්..න.‘‘ මම ආයෙන් නිවස තුළට යාමට උත්සහ ගත්තෙමී. ගගන දැන් නොපෙනෙන දුරට ගොස් තිබුණී. ඔහු එක වරක් වත් ආපසු නොබැලීම මගේ දුක තවත් වැඩි වීමට හේතු විය. ‘‘එපා ඔහොම ඉන්න.. ඔයා දැන් අඩ අඩා කාමරේ ඉද්දී අපේ අම්මා ඔයා හෙව්වොත්.‘‘ ඔහු පවස දෙයිද ඇත්තක් ඇතැයි මට වැටහුනෙමී. ‘‘කෝ.. කදුළු ටික පිහදගෙන යමු අර පැත්තට. දැන් අම්මාලා අපිව හොයයි.‘‘ ඔහු පැවසුවේ මගේ කොපුළ දිගේ වෑස්සෙමින් තිබූ කදුළු බිදු ඇගිලි තුඩින් සිවුම්ව පිසදමින්ය. මම කදුළු නවත්වා ගන්නත් කලින් මගේ අතකින් අල්ල ගත්තු දිනිදු නිවස දෙසට පිය නැගුවේය. ඔහු අනුගමනය කරමින් මමද නිවස දෙසට ගියෙමී. ‘‘ඔන්න අම්මලා ඉන්නවා කදුළු පිහ ගන්න.‘‘ ස්තොප්පුවට කිට්ටු වෙනවාත් සමග මගේ අත අතහැරි ඔහු හොරැහින් මගේ දිහා බලා පැවසුවේය. වචනක් වත් කතා නොකරපු මම අමාරුවෙන් කදුළු ඉවසාගෙන සිටියෙමී. ‘‘සදනී දූ අපි ආවේ ඇයි දන්නවද?.‘‘ මගේ උරහිස මත අතක් තබා ගත් අනුහස් සර් අම්මා විමසන්න වූවාය. හේතුව දැන ගැනීමට අවශ්‍ය වුණත් මම කතා කරන්නට අකමැති වුණෙමී. මම යාන්තම හිනා වුනේ ඇයි ආන්ටී අහන්න වගේ. ‘‘පුතා එහෙනම් ..‘‘ එවර ඇය දිනුදුට මා පෙන් වන්න විය. මොකද්ද මේ වෙන්නේ. දිනිදු අයියා කිව්වේ මාව ඉල්ලන ආවා කියලා.. ඒක ඇත්තක්වත්ද?. දෙයියනේ මට කියන්නෙත් නැතුව එහෙම දෙයක් වත් කතා වෙලාද? අනුහස් සර්ගේ අතේ තිබුණු සුදු පැහැ විශාල ලිවුම් කවරයක් අතට ගත් දිනිදු එය මා අත තැබුවේය. ‘‘මොක..ද්ද දිනිදු අයි..යේ..‘‘ මම අමාරුවෙන් වචන ගලපා ගත්තෙමී. ‘‘ඔයාම බලන්නකෝ ඉතින්.‘‘ ඔහු සිනා සෙමින් පවසද්දී මම ලිවුම් කවරය විවෘත කර බැලුවෙමී. එහි වුයේ රන් පැහැ පත්රිකාවකී. එය ඉවතට ගෙන බලන විට වැටහුනේ දිනිදුගේ පරඝණක අලෙවී ආයතනයේ විවෘත කිරීමේ දිනයේ පැවත්වෙන උත්සවයේ ආරාධනා පත්‍රය බවයි. ‘‘අනේ දිනිදු අයියේ ලස්සනයි.‘‘ මගේ මුහුණට ඉබේටම සිනහවක් නැගුණි. අවට සිටින්නන්ද අමතක වූ මම ඔහු දෙසට හැරුණෙමී. ‘‘ පළවෙනී කාඩ් එක ඔයාට.. ඕපන් කරන්නත් ඕනේ ඔයා.‘‘ ‘‘අනේ දිනිදු අයියේ.‘‘ ‘‘අනේ කියන්නේ. එනවා නේද?.‘‘ ඔහු මගේ පැමිණීම දැඩිව බලා පොරොත්තු වුවේය. මම එන්නම් කියන්නට සිනහා වෙමින් හිස සැලුවෙමි. ‘‘එහෙනම් අම්මත් එක්කම එන්න දූ.. අම්මා කැවිලි වගයක් හදන්නත් පොරොන්දු වුණා.‘‘ ‘‘හරි ආන්ටී.‘‘ මම යන්නට සැරසුණු අනුහස් සර්ගේ අම්මාගේ දෙපා නැමදුවෙමී. ‘‘තෙරුවන් සරණයි මගේ දූට.. වෙලාවක අම්මත් එක්ක අපේ ගෙවල් පැත්තේ ඇවිත් යන්න එන්න. ඇය මගේ නළලතද සිපගෙන ස්තෝප්පුවෙන් මිදුලට බැස්සාය. යන්නට සැරසුනු දිනිදු අන්තිම වරට මා දෙස බලා දෙනතින් ඉගි කර කාර් එකට නැගුනේය. ‘‘හරිම හොද මිනිස්සු දූ..‘‘ ඔවුන් අම්මාගේ හිතට හොදින්ම අල්ලා තිබුණී. මම හිත යටින් ගගන ගැන දුක් වෙද්දී, අම්මා අනුහස් සර්ලා ගැන කතා කරන්න විය. ‘‘අම්මේ....‘‘ කුස්සියේ බංකුවක වාඩී වෙලා අම්මා කඩමින් සිටි බෝංචී කරක් අතට ගෙන එහෙට මෙහෙට නමනින්, පොඩි කරමින් මම වුන්නේ වෙනම කල්පනාවක වෙමී. ‘‘මොනවද ළමයෝ ඔය හැටි කල්පනා කරන්නේ.‘‘කඩා නිම කළ බෝංචී ටික වතුර කොරහට දමමින් අම්මා මා දෙස බලා විමසුවාය. ‘‘ගගන ආවා අම්මේ.‘‘ ‘‘ගගන පුතා.. කොයි වෙලේද?.‘‘ අම්මා හොදමින් සිටි බෝචී කැබලි ටික මතම අත රදවාගෙන පුදුමයෙන් විමසුවාය. ‘‘හවස අම්මේ.. මගෙත් එක්ක කතා කලේ නෑ.‘‘ ‘‘ඕවා ඔහොම තමයි දු .. ඔයාලා දැන් පුංචි ළමයි නෙමෙයිනේ.‘‘ කවදාවත් නැතිව අම්මාට මම ලොකු ළමයෙක් වී තිබුණි. හැමදාම ඕනෙම දෙයක් කරන්න ගිය විට මම පොඩි ළමයෙක් වු ඇයට අද මම ලොකු ළමයෙක් වී තිබුණි. ‘‘ඒ...ත් අම්මේ.. ගගන.. මගේ යාළුවා.‘‘ ‘‘හරි ළමයෝ.. .. ඒත් ඉතින් අපිට කාව වත් බලෙන් යාළුවෝ කරලා තියා ගන්න බෑනේ. එයාට දැන් ඔයා එක්ක යාළුකමක් පවත්වන්න ඕනේ නැත්තම් ඔයා පාඩුවේ ඉන්න.‘‘ මම අම්මට කොහොම කියන්නද? ගගන මගේ යාළුවෙක් විතරයි නෙමෙයි කියලා.. අම්මට තේරෙන්නේ නෑ ගගන මගෙන් ඈත් වෙද්දී මට මොන තරම් රිදෙනවද කියලා. ‘‘මම නම් කවදාවත් හිතුවේ නෑ ගගන පුතා ඔය තරම් ඉක්මණට වෙනස් වෙයි කියලා. ඉගෙන ගත්තු ළමයි නේද ?ඔහොම හැසිරෙනවද? ‘‘ අම්මා ගගනට දොස් නගන විට මගේ දුක තවත් වැඩි වන්නට විය.අම්මා පැවසූ දේවල් වලට සවන් දීගෙන සිටි මම හෙට සහභාගී වන පන්තියේ වැඩ වගයක් ඇති බව පවසා කාමරයට පැමිණියෙමී. මම කාමරයට ඇතුල් වෙනවාත් සමග දිනිදුගෙන් ඇමතුමක් පැමිනියේය. ‘‘හෙලෝව් මැට්ටි.. අඩන්නේ නෑ නේද?.‘‘ අනේ ඔයා මම ගැන මොන තරම් හිතනවද? දැන් මම තනි වුණේ අඩන්න බව දැනගෙනම වගේ මට කෝල් එකක් අරන්. මට නම් ඔයාව තේරුම් ගන්න බෑ දිනිදු අයියෝ. ‘‘ඉව තියෙද දිනිදු අයියේ.‘‘ ‘‘ඔව් මට හැමදේම දැනෙනවා.. මැට්ටී තාම මූණ බෙරි කරන් නේද?... කෝ... කෝ.. හිනා වෙන්න. කෝ ඉතින්. ඔය ඇස්වල කදුළු පුරවන්.‘‘ ඔහු මා දෙස බලා ඉන්නා අයුරින් පවසන්න විය. ඔහු මට අඩන්නට ඉඩ නොදුන්නේය. ඔහුගේ සිත සැනසවීමත් සමග උදෙන්ම අවධී වු මම බාහිර උපාදී පංති සදහා යාමට පිටත් වුණෙමී. ඔහු නොසිටින්නට මම පසු දින පංති යන්නේ නැත. ගගන පැමිණි නිසා ගෙදර නවතින්ට සිත බෙහෙවින් ඉල්ලීමි කළ නිසා නිවසේ සිටීමට මට අවශ්‍ය වී තිබුණි.පසු දින මම පංති සදහා සහභාගී වුණෙමි. නමුත් වරින් වර මට සිහිපත් වුයේ අද ගගන යයිද? මම හිතලම එයාව මගෑරියා කියලා හිතයිද? යනුවෙනී. පංතිය අවසන් වී මම නගරය දෙසට ගමන් කරමින් සිටියෙමී. මගේ අළුත් යෙහෙළියන් නිමක් නැතිව කතා කරමින් පැමිණියත් මම හිටියේ වෙමම කල්පනාවකයි. එක වරම කාර් එකක් පැමින අපි අසල නතර කරනු යන්මින් මතකය. කාර් එක දෙසට නැවුන මගේ යෙහෙළියන් ඇතුලත වුන් අයට උසුළු විසුළු කරන්නට විය. ‘‘මේ සදා උබව දන්නවා කියන්නේ.‘‘ මගේ යෙහෙළියක් මගේ අතේ එල්ලෙමින් පවසද්දී මම ඒ දෙස බැලුවෙමී. ‘‘දිනිදු අයියා ඔයා මෙහේ.‘‘ මම පුදුමයෙන් විමසුවෙමී. පහත් කර ගත් පැති කණ්ණිඩිය මත වැළමිට තබාගෙන පිටත හිස පොවාගෙන වුන් ඔහු සිනාසුනේය. ‘‘ඔයාව එක්ක යන්න ආවේ.‘‘ ‘‘බලපන්කෝ බං අපට නොකිව්වට මෙයාට ලිප්ට් දෙන්න කට්ටියත් ඉන්නවනේ.‘‘ ‘‘ඒක තමා බං සද්ද නැතුව ඉදිදී මම හිතුවා තාම සමනලයෙක් නෑ කියලා.‘‘ මගේ යෙහෙලියන් හඩ නගා සිනහා වෙමින් තවත් විහිළු කරන්නට විය. ‘‘එන්න යමු සදනී.. මම ඔයාව ගන්න මයි ආවේ.‘‘ මම තවත් කිසිත් නොකියා කාර් එකට නැගුනේ යෙහෙළියන්ට සමු දෙමිනී. මම ඔහුගේ පැමිණිම ගැන පුදුම වී සිටියෙමී. එනිසාම මම ඒ ගැන විමසුවෙමී. ඔහු පැවසුවේ අම්මාගේ බල කිරීම නිසා කැවිලී සෑදීමට අවශ්‍ය අමුද්ය වගයක් අපේ නිවසට රැගෙන යන ගමන් බවයි. කාර් එක නිවස ඉදිරිපිට නතර වෙන තුරුම අපි නොයෙක් දේ කතා කෙරුවෙමු. ‘‘ඔන්න ගෙදරටම ආවා. බහින්න සදනී.‘‘ ඔහු එලෙස පවසන විට අපි නිවසට පැමිණ ඇති බව මම දුටුවෙමී. කාර් එකෙන් බැස ගත් මම දිනිදු පිටුපස ඇර ගෙනා මළු කිහිපය පිටතට ගන්නා තුරු මම බලා වුන්නෙමී. අතකින් මල්ලකුත් අනෙක් අතින් පොත් කීපයකුත් ලයට තුරුළු කර ගත් මම දිනිදු සමග සිනා සෙමින් ස්තොප්පුවට ගොඩවැදුණෙමී. ‘‘දෙන්නා ශොපින් ගිහින් වගේ.‘‘ අවට පිළිබද අවදානයක් නොවීම ගැන මම මටම දොස් පවරා ගත්තෙමී. මම නැතත් දිනිදු සමග සතුටින් සිටින බව ඔහුට පෙන්වා තිබුනෙමි. මේ සිදු වීම් වලින් එය ඔප්පු වෙන බව මම දනිමී. එය සැබෑවක් නොවේ. මගේ සිත යම් තරමිකින් සැහැල්ලු කරන්න දිනිදු සමත් බව හැබෑය. නමුත් ගගනගේ දුරස් වී තවමත් මගේ හිතට ලොකු පීඩාවකි. තව කිසිවක් කීමෙන් පලක් නැත. ඔහුගේ නෙත් ඉදිරිපිටම සියල්ල සිදු වන්නේ ඒ අයුරිණි. ‘‘මචං ගගනයා.. අපි දැක්කෙත් නෑ බං උබ ඉන්නවා.‘‘ දිනිදු ගගන අසලින් වාඩී වෙමින් පැවසුවේය. බොදවුණ නෙත් වලින් මොහොතක් ගගන දෙස බලා වුන් මම නිවසට ඇතුල් වුණෙමි.. ‘‘අම්මේ... ගගන කොයි වෙලේද ආවේ.‘‘ මම අත තිබී මල්ල කුස්සියේ මේසය මත තබමින් මම විමසුවෙමී. ‘‘දැන් පොඩ්ඩක් වෙලා දූ..‘‘ ‘‘අම්මා කතා කලේ නැද්ද?,‘‘ අම්මා තේ එකක් හදමින් මා දෙස බැලුවේය. ‘‘ඒ මොකද දු .. ඒ. මම මේ තේ ටික වක්කරන් යන්න ආවේ. දූ කොහොමද අද කලින් ආවේ. මොනවද මේ කවරේ.‘‘ අම්මා මම රැගෙන ආ මල්ල දෙස බලමින් විමසුවාය. අම්මා ගගන සමග කතා කර ඇති බව නම් මට වැටහුණී. ගගන මොනවා කිව්වද දන්නේ නෑ.. මට අම්මගෙන් අහන්නත් බෑනේ. ‘‘දූ.. මොනවද කවරේ.‘‘ ‘‘දිනිදු අයියා ආවා අම්මේ.. දිනිදු අයියලාගේ අම්මා කැවිලි හදන්න කියලා බඩු එවලා.‘‘ මම පොත් ටික උකුළ මත තබා ගනිමින් මුළුතැන් ගෙයි තිබූ ලී පුටුව මත වාඩී වුණෙමී. ‘‘ඉතිං ඔයා මොකද කුස්සියේ ඉදගෙන .මාස ගානකින්නේ ගගන පුතා ගෙදර ආවේ. මගෙන් ඔයා ගැන හුගක් දේවල් ඇහුවා.. ඒ දරුවාගේ හිතේ තරහක් නෑ. ඔය පොත් ටික කාමරෙන් තියලා ගිහින් කතා කරන්න දු.‘‘ අම්මා මා දෙස නොබලාම තේ මඩියට තවත් කේතලයෙන් උණූ වතුර ටිකක් වක්කලාය. මම නිහඩව බලා වුන්නා පමනකී. ‘‘මොකද ළමයෝ ඔහෙම ඉන්නේ.. මම දිනිදු පුතාටත් තේ එකක් හදානම එන්නම්. ඔයා එළියට යන්න.‘‘පොත් ටික අතට ගත් මම කාමරයට පිය නැගුවෙමී.මට දිනිදුගේත් ගගනගේත් අතරට යා නොහැකිය. ගගන සමග කතා කරන්නට දේ තිබුණත් ඔහු ඒවා අසා සිටීවි යැයි මට විශ්වාසයක් නොවීය. මම බොහො පමා වී ස්තොප්පුවට ගියෙමී. අම්මා දෙදෙනාටම තේ පිළිගන්වා තිබුණි ‘‘දූ තේ එක නිමිලත් ඇති.‘‘ මම දොර අභියසට යන විටම අම්මා මට පුංචී මේසය මත තබා තිබූ තේ කෝප්පය පෙන්නුවාය. එවර ගගනත් දිනිදුත් දෙදෙනාම එක වර මා දෙස බැලීය. මට වටහා ගන්නට නොහැකී හැගීමකින් මද වෙලාවක් බලා වුන ගගන ඉවත බලා ගත්තේය. මගේ නෙත් ගගන දෙස යොමුව ඇති බව දැනුන නිසාදෝ දිනිදුද ගගන දෙස බැලුවේය. ඒ වන විට ගගන දුරකථනයේ යමක් සටහන් කරමින් සිටියේය. වචනයක් වත් හුවමාරු නොවුණත් වචන වලින් කිව නොහැකි හුගක් දේ ඒ හැසිරීම් වලින් නිරූපනය විය. ලොකු සුසුමක් පිට කළ මම තේ කෝප්පයද රැගෙන කවිච්චියේ අම්මා අසලම වාඩී වුණෙමි. ‘‘ගගන පුතා කවදද යන්නේ.‘‘ ‘‘හෙට වුදේ යනවා සෙව්වන්දී ටීචර්.‘‘ ගගන දුරකථනයෙන් ඉවතට නෙත් නොගත්තේය. අම්මාත් දිනිදුත් අසන දේවලට පිළිතුරු දුන්නත් ඔහුගේ සිත ඇත්තේ මෙතන නොවේ යැයි මට සිතුනෙමී. දැන් නම් මොහොතක් වත් සුදු නංගී නැතුව ඉන්න බෑ වගේ. දිනිදුයි මම සතුටින් ඉන්නවා වගේ දැක්ක එකම තමා හොද. මම සිත යටින් පැවස්වෙමී. මාස ගානකට පසු නිවසට පැමිණියත් මා ගැන තැකීමක් ඔහුට නොවීය. තේ එක අතට ගත්තත් මම උගුරක් වත් පානය නොකලෙමී. නිමෙන තුරු කොප්පය දෙස බලාගෙන කල්පනා කලා පමණකී. ‘‘සෙව්වන්දී ටීචර් මම ගිහින් එන්නමි එහෙනම්... සදා.. මම යන්නවා එහෙනම්.‘‘ මා සමග මද සිනහවක් නැගූ ඔහු යන්නට අසුනින් නැගිට්ටේය. ‘‘එහෙනම් මචං මම ගිහිං එන්නම්. ඕල්ද බෙස්ට් මචං... මට එන්න විදියක් නෑ... ඕපනිං එකට.‘‘ ගගන දිනිදුගේ උරහිසට අතක් දමා ගනිමින් පැවසුවේය. ‘‘කමක් නෑ බං.. ඔබේ වචනෙම මදෑ... ඊළග නිවාඩුවට ආවම අනිවා.. සෙට් වෙමූ.‘‘ ‘‘එළ මචං.. එහෙනම් මම කැපුණා.. නද දෙන්න වු දුරකථනය දෙස නෙත රදවා ගත් ගගන ස්තොප්පුවෙන් මිදුළට බැස පිටව ගියේය. අදුරු වැටෙමින් තිබු නිසා ඉන් සුළු මොහොතකට පසු දිනිදුද පිටව ගියේය.බුදු පහන තැබූ මම රූපවාහිනිය ඉදිරි පිට වාඩී වුණෙමී.රූපවාහිනියේ මොනවා විකාශනය වුනත් මම වුන්නේ ගගන ගැන සිතමනි. ඔහු කෙතරම් මට රිද්දුවත් ඔහු වෙනස් වූ බව මට පිළි ගැනීමට නොහැකී වී තිබුණි. පසු දින මම සුපුරුදු පරිදි රැකියාවට යාම සදහා බස් නැවතුමට පැමිණියෙමී. මම නොසිතු ලෙස බස් නැවතුම තුළ හිද ගෙන වුන්නේ ගගන විය. බස් නැවතුමට ඇතුල් නොවු මම පාර අභියස නතර වුණෙමි. ඔහු ළග තිබූ බෑග් කීපය නිසා ඔහු නැන්දලාගේ නිවෙස් බලා යන ගමන් බව මම වටහා ගත්තෙමී. ‘‘ ගගන....‘‘ මම ඉබේටම ගගන අසලට ගොස් සිටියෙමී. ‘‘ඇයි සදා.‘‘ ‘‘ඔයා යන්නද?‘‘ එකවර විමසන්නට දෙයක් සිතට නොපැමිණි නිසා මම විමසුවෙමී. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 02 Feb 2017 05:37 PM සඳුනිVeteran MemberPosts:2462 02 Feb 2017 08:24 AM මගේ රසිකයෙක් අඩු වෙලාලු හිටියේ... හී sha733Super Senior MemberPosts:7332 02 Feb 2017 04:37 AM ඇ කවුද මොකක්ද මේ අඩුව සඳුනිVeteran MemberPosts:2462 02 Feb 2017 04:06 AM යන්තම් අඩුව ඇවිත්... ස්තූතියි ශා අයියේ. sha733Super Senior MemberPosts:7332 02 Feb 2017 03:46 AM කථාවේ රස හරිය මග ඇරිලනේ. ඉතින් එක හුස්මට කියෙව්ව වෙලා ගියා දැනුනෙවත් නැහැ හරිම ලස්සනයි Ind007kaMost Senior MemberPosts:12931 01 Feb 2017 07:19 PM අය්යො එහෙම කියන්න එපා ඉල්ලුම තියෙන්නෙ හොද නිසයි ....සැපයුම වැඩි කරන්න සඳුනිVeteran MemberPosts:2462 01 Feb 2017 07:13 PM ඉල්ලුමට සැපයුම දී ගන්න බැරුව ඉන්නේ.... Ind007kaMost Senior MemberPosts:12931 01 Feb 2017 07:00 PM සදුනි ඉතාම ඉක්මනින්ම කොටස් එලි දක්වනවා වගෙ සඳුනිVeteran MemberPosts:2462 01 Feb 2017 06:57 PM හිරුයි තරුයි. විසිතුන්වන කොටස. ‘‘තරූෂ.. ආ.. ඔව් මම එයාව දන්නවා.‘‘ එදා පාර්ටියෙදී දිනිදුගේ ළගින් සිටි යහළුවා බව මම දැන වුන්නෙමී. ‘‘ඔයත් දන්නවද ඒකව .‘‘ අනුහස් සර් පුදුමයෙන් විමසුවේය. ‘‘ඔව් .. එදා පාර්ටී එකට ආවා..‘‘ මම සිනහා වෙමින් පැවසුවෙමි. නමුත් අනුහස් සර්ගේ මුහුණේ නම් තිබුනේ අකමැත්තකී. මොකද සර් තරූෂට අකමැති වගේ. ‘‘මට නම් පේන්න බෑ ඒ හාදයව.. ඒ කොල්ලා තමා අපේ පොඩීවත් නරක් කරන්නේ.‘‘ ‘‘ඉතිං සර් කියන්න එපෑ දිනිදු අයියට එයාව හවුල් කර ගන්න එපා කියලා..‘‘ මම පුදුයෙන් විමසුවෙමී. ‘‘මම කිව්වා අහන්නේ නෑ.. ඔයාවත් කියලා බලන්න සදනී.. ඔය කොල්ල ළං කර ගත්තොත් අපේ පොඩීට කවදාවත් දිවුණුවක් නෑ.‘‘ ඔහුගේ මුහුණින් කනස්සලු බවක් දිස් වුයේය. තරූෂ කියන්නේ නරක කෙනෙක්ද? පෙනුමෙන් නම් එහෙම නෑ. කෝකටත් දිනිදු සමග මේ පිළිබද කතා කිරීමට මම තීරණය කලෙමි. එදින විවේකයේදී මම දිනිදුට දුරකථනයෙන් ඇමතුවෙමී. ඔහු පැවසුවේ ඔහුගේ උදව්වට කෙනෙකු අවශ්‍ය බවයි. තරූෂ ආශ්‍රය කරත් පරන පුරුදු නැවත පටන් නොගන්නා බව ඔහු මට පොරොන්දු වූවේය. දිනිදුගේ පොරොන්දුව ගැන මම අනුහස් සර් සමග පැවසුවත් ඔහුගේ විරුද්ධත්වයේ වෙනසක් නොවීය. ඊටත් වඩා දිනිදුට බලපෑම් කිරීමට මට නොහැකි නිසා මම නිහඩ වුනෙමී. හදන්ට පටන් ගෙන තිබූ ගොඩනැගිල්ල සදා නිම වෙන්නට ආසන්න වී පැවතුණි. අනුහස් සර් සමග මම කීප දවසක්ම හවස රැකියාවෙන් පසු එම ස්ථානයට ගියෙමී. ඒ සෑම අවස්ථාවකම තරූෂද දිනිදු සමග විය. සුහදව සදනී නංගී ලෙස මා ඇමතු ඔහු ඉක්මණින්ම මා සමග කුළුපග වුවේය. අනුහස් සර්ද ඔහු සමග වෙනදාට වඩා හොදින් කතා කරන නිසා ඔහු දිනිදුව ආශ්‍රය කිරීම ගැන මම එතරම් තැකීමක් නොකෙරුවෙමී. ඒ සෑම දිනකම අනුහස් සර් මා නිවසට ඇරලුවේය. එලෙස නිවස ගොඩවැදුණු දින වල කෙසේ හෝ තේ ටිකක් දී සංග්‍රහ කරන්නට අම්මා සමත් වුවාය. එනිසාම එන්න එන්නම අපගේත් අනුහස් සර්ගේත් අතර තිබූ සුහදභාවය වැඩි විය. ගගන වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනිමට ගොස් මාස තුනක් සපිරී තිබුණි. ඒ කාලය තුළ ඔහු දකින්නට ලැබුණේ මුහුණු පොත තුළින් පමණි. දවසින් දවස ඔහු මිතුරු මිතුරියන් සමග ගත් චායා රූප මුහුණු පොතට එක් කරන්න විය. ඒ අතරට ඔහුගේත් සුදු නංගිගේත් චායා රූප රැසක්ම එක්ව තිබුණි. තව දුරටත් ගගන ගැන සිතීම මට වදයක් වී තිබුණි. මම ඔහුව මගේ ජීවිතයෙන් ඈත් කරන්නද උත්සහ ගත්තද තව දුරටත් මට එය කළ නොහැකි විය. ගගන නම් මා ඔහුගේ ජීවිතයෙන් ඈතටම විසි කර දමා තිබුණි. සදා කියා අයෙක් ඔහුගේ ජීවිතයේ සිටි තරමටවත් ඔහුට මතක නැති තරම් යැයි මම සිතුවෙමි. තවත් සෙනසුරාදා දිනකී. මම තවත් මග බලන්නේ නෑ යැයි සිත නැගෙන සිතුවිලි තදින්ම යටපත් කර ගත්තෙමි. නමුත් මගේ හිත මටත් හොරෙන් ගගන එනවා දැයි උදේ සිටම මග බලන්නට විය.. ගගනත් මාත් අතර තිබු යාළුකමද දැන් නැති බව අම්මාද දැන වුන්නාය. ගගනට පෙම්වතියක සිටින බවද මම අපහසුවෙන් අම්මාට පැවසුවේය. ඇයට නම් එහි දුකක් නැත. මා ගගනට දෙන්නට ඇයගේ සිතේ කොණකවත් තිබෙන්නට නැතුව ඇතැයි මම සිතුවමී. සුදු නංගී ගැන දැන ගත් පසු අම්මා පැවසුවේ.‘‘ ඒක තමයි එහෙනම් ගෙදර එන්නත් අමතක වෙලා තියෙන්නේ. ගගන ළමයා ගෑනු ළමයි ආශ්‍රය කරනවට යාළු ගෑනු ළමයා අකමැති ඇති දූ... ඒකයි ඔයා එක්ක වැඩි කතාවක් නැතුව ඇත්තේ.. ‘‘මම‘‘ හ්ම්ම්ම්‘‘ .. කීවා පමණක්මී. රන් පැහැ හිරු රැස් තුළ අවට පරිසරය ගිල්වමින් හිරු අවරට යාමට සුදානානම් වෙයි. තවත් බලා සිටීමෙන් පල නොවන බව සිතූ මම බුදු පහන තියන්නට මල් කඩන්නට සූදානම් වුනෙමි. සුදු පැහැ විදුරු පීරිසිය අතට ගත් මම මිදුළු කොනක වු කැලෑ ඉද්ද ගහේ පිපී තිබු සුදු මල් නෙලා පීරිසියේ අහුරන්න වුණෙමි. ඉද්දමල් වලට මම වඩා ප්‍රිය කෙරුවෙමී. ඉන් හමන සුගන්දයට මම බොහෝ ප්‍රිය කෙරුවෙමී. අම්මාගේ රොස පාත්තියෙන් තද රෝප පැහැ රෝස මල් දෙකක්ද නෙලා මල් පීරිසියේ ඉහළින්ම රැදවූ මම කෝටන් ගස් වැට අසල සදා තිබූ ජල කරාමගෙන් දිය බිදු කිහිපයක් ගෙන මල් දෝවනය කලෙමී. කරාමයෙන් මෑත් වෙනවා සමගම නැගුන වාහාන හඩ නිසා මම ඉබේටම පාර දෙස බැලුවෙමී. එවිට අප නිවස දෙසට ඇදී ආවේ අනුහස් සර්ගේ කාර් රථයයි. මේ වෙලාවේ ඇයි. මට පුදුම සිතුණි. කාර් එක මිදුළේ නවතිනවාත් සමගම මම අනුහස් සර් අසලට ගියෙමී. ‘‘සර් හදිස්සියක්ද?‘‘ මම විමසුවෙමී ඔහු සිනාසුණා පමණකී. අනෙක් පසින් දිනිදුද කාර් එකෙන් බැස්සේය. කාර් එකේ ඉදිරි පසින් මා සිටින පැත්තට දුවගෙන ආ ඔහු කාර් එකේ පිටු පස දොර විවෘත කලේය. ඉන් පිටතට පැමනීයේ අනුහස් සර්ගේ අම්මාය. ‘‘ආන්ටී .. ‘‘ මම ඇය අසලට ගියෙමී. මම අනුහස් සර්ගේ නිවසට ගොස් ඇති බව අම්මා සමග පවසා නැත. දැන් මොනවා වෙයිද? මම එහේ ආපු බව කියයි. ඔහුන්ගේ පැමිණිමෙන් සිතට නැගුණ සතුට ඉන් මැකී යන්න විය. ‘‘දුව බුදුන් වදින්න වගේ.‘‘ ඇය මගේ වැලමිට ලගින් අල්ලාගෙන ආදරයෙන් පැවසුවේය. ඇය හමු වූ මුල් දිනයේ සිටම මට බෙහෙවින් ආදරය කරුණාව පෑවාය. දිගු කලක සිටි මා අදුරන අයෙකු ලෙස මට සැලකුවාය. මම ඇගේ ලෙංගතුකමට ආදරේ කලෙමී. ‘‘අනේ ඔව් ආන්ටී.. යමු ගෙට ..‘‘ මම ඇයව අතකින් අල්ලාගෙන නිවස දෙසට පිය නැගුවෙමී. ඒවන විට අම්මාද ස්තෝප්පුවට පැමිණ සිටියාය. සිනා මුසු මුහුණින් ඔවුන් පිළිගත් ඇය‘‘ මේ මහත්තගේ අම්මා වෙන්නැති‘‘ පවසා ඇයට නිවසට ඇතුල් වෙන්නට අතින් ඉගි කලාය. ‘‘අනේ නංගියේ ටිකක් මෙහෙන් ඉමු.. අපේ අර තාප්ප හතරෙන් වට වුන ගේ අස්සෙම ඉදලා මට ඇති වෙලා ‘‘ එලෙස පැවසූ ඇය අවට පරිසරය දෙස නෙත් යොමා බැලුවේ ආසාවෙනී. ගම්බද බව තවමත් සුරැකී තිබුණු අපේ ගමට, පැමිනෙන්නන් බොහෙවින් කැමති විය. ස්තෝප්පුවේ වූ පුටුවකට බර වුණ ඇයි නිවසේ වහලය වට පිටාව සියලු දේ හොදින් නිරික්ෂණය කරන්න විය. අම්මාට ඔවුන් සමග කතා කරන්නට ඉඩ හැරී මම මල් පීරීසියද අතේ ඇතිව දොර උළුඅස්සට වාරූ වී සිටියෙමී.දිනිදු වරින් වර මා දෙස බලනවා මම නොදැක්කා නොවේ. මම නොදැක්කා මෙන් සිටියෙමී. ‘‘ අනුහස් සර්.. කෝ අක්කා.‘‘ දිනිදු මට අතින් යමක් කියන්නට උත්සහ ගනිද්දී මම විමසුවේ.. දිනිදුගේ විකාර වැඩ අම්මා දැක්කොත් තව ගැටළුවක් ඇති වේවි කියා සිතූ නිසාවෙනි. ‘‘අක්කත් එන්න ආසාවේ හිටියේ සදනී. එයා ටික දවසකට අම්මලාගේ ගෙදර නවතින්න ගිහින්.‘‘ ‘‘සර් ගියේ නැද්ද?‘‘ ඒ අතරත් දිනිදු පිටුපසට වී මට යමක් ඉගි කරයි. මට තේරුම් ගැනිමට අපහසු විය. ‘‘මම ගිහින් ඇරලලා ආවේ.. ඒත් ඉතින් මට වැඩනේ .. මට කොහෙන්ද ගෙවල්වලට වෙලා ඉන්න විවේකයක්. හෙට අනිද්දා ගිහින් එක්කන් එනවා.‘‘ අනුහස් සර් සිනාසෙමින් පවසද්දී මටද සිනහා නැගුණි. ඒ ඔහු කිව් දෙය නිසා නොවේ දිනිදු මට නිවසින් පිටතට එන ලෙස පවසන බව වැටහුණ නිසයි. ‘‘පිස්සු ද? ‘‘ මම සද්ද නොනැගෙන්නට කීවෙමී. ‘‘ එන්නකෝ.‘‘ අනෙක් පසින් දිනිදු පවසයි. ‘‘මට බෑ.‘‘ මම නෙතින් අම්මා පෙන්නුවෙමි. ‘‘මොකද්ද සදනී.‘‘ අපේ රහස් කතාව අනුහස් සර්ගේද නෙත ගැටී තිබුණි. ඔහුගේ මුහුණේ තිබු සිනහව නිසා මගේ ලැජ්ජාව වැඩි වන්න විය. ‘‘අම්මේ මම පහන තියලා එන්නමී.‘‘ බිමට නැඹුරු කර ගත් නෙත ඉවතට නොගෙනම මම නිවස තුළට පිවිසියෙමී. ‘‘දූ වතුර ටිකක් ලිපේ තියන්න.‘‘ මම නිවස තුළට ගමන් කළ පසු අම්මා පැවසුවාය. ‘‘හරි අම්මේ. ‘‘ මල් පිරිසිය බුදු පහන අසලින් තැබු මම මුළුතැන් ගෙට ගොස් ලිප ඇවිලුවා වතුර කේතලයක් ලිප තැබුවෙමී. දිනිදු ඇයි දන්නේ නෑ මට එන්න කිව්වේ. මොකක් හරි කියන්න ඇති . අනුහස් සර්ලා එක පාරටම මෙහෙ ආවේ ඇයි දන්නේ නෑ. අපරාදේ මම එතන ඉන්නේ නැතුව මෙහෙට ආවේ. මොනවා කියයිද දන්නේ නෑ මම සිතුවෙමි. කේතය උණු වෙන්නට තබා මම සිත සන්සුන් කරගෙන බුදු පහන තබන්නට උත්සහ ගත්තෙමී. නමුත් මගේ සිත සන්සුන් නොවීය. අනුහස් සර්ගේ අම්මා මොනවා කියනවද දන්නේ නෑ. එයාලා ආවේ ඇයි දන්නෑ යනුවෙන් සිත කියවන්නට විය. එවර කැබිනට් එක මත තබා තිබු දුරකථනයද නාද විය. එය කොටි පණිවිඩයක් බව මම හඩින් වටහා ගත්තේමි. කවුද දන්නේ නෑ එව්වේ. මට එය බලනතුරු ඉවසිමක් නොවිය. ඉකමණින් පන්සිල් ගෙන අවසන් කළ මම දුරකථනය අතට ගත්තෙමී. කෙටි පණිවිටය දිනිදුගෙනී. මේ මැට්ට නම් පිස්සු මම කෙටි පණිවිඩය බැලුවෙමි. ‘‘මැට්ටී මම තරහයි. බඩ්ඩක් කියන්න අඩ ගැහුවේ ..ආවේ නෑනේ. මම යනවා .‘‘ අයියෝ මේ මැට්ටා ඇත්තටම යන්න ගිහින්වත්ද? මම ඉක්මන් ගමනින් ස්තෝප්පුවට පැමිණියෙමී. සැබවින්ම දිනිදු ස්තොප්පුවේ නැත. මට අනුහස් සර් ගෙන්ද ඔහු කෝ යැයි විමසිය නොහැකිය. මම වට පිට බැලුවෙමි. ඔහු පෙනෙන්නට නැත. මාර පිස්සෙක් තමා මොකේද ගියේ. පයින්ද දන්නෑ ගියේ. ‘‘දූ වතුර උණු වෙලාද?.‘‘ ‘‘ආ... ඔව් .. අම්මේ උණු වෙලා ඇති. ‘‘ අම්මාගේ හඩින් තිගැස්සුණු මම අමාරුවෙන් වචන ගලපා ගත්තෙමී. ‘‘එහෙනම් අක්කේ මම තේ ටිකක් හදන් එන්නම් .‘‘ අම්මා ගෙට යන්න සුදානම් වෙමින් පැවසුවාය. ‘‘යමු නංගියේ මමත් එන්නම්. මට තව හුගක් දේවල් තියේ නංගී එක්ක කතා කරන්න.‘‘ අනුහස් සර්ගේ අම්මාද අම්මා සමග නිවසට ඇතුල් විය.අම්මලා මද දුරක් ගිය පසු මමත් මුළුතැන්ගෙට යන්න සැරසුනෙමී. ‘‘සදනී...‘‘ ඒ දිනිදුගේ හඩය මම එදෙස බැලුවෙමී. මද අදුරන් වැසී ගිය මුදුලේ කෝර්ටන් ගස් වැට අසල සිට ඔහු බලා සිටි. මැට්ටා ගිහින් නෑ. මට ඉබේටම සිනහා නැගුනී. දෙයිනේ අනුහස් සර්රුත් මෙතන ඉන්නවා නේද? ඉබේටම මම ඔහු දෙස බැලුවෙමී. මා දෙස සිනහා වෙමින් බලා සිටි ඔහු මා දුටු විගස අහක බලා ගත්තේය. ‘‘එන්නකෝ සදනී.‘‘ දිනිදුගේ කෑ ගැහිල්ල අම්මාටත් ඇසෙයි කියා දැනුන බිය නිසාම මම ඔහු අසලට ගියෙමී. ‘‘මොකද මැට්ටියේ එක පාරක් එන්න කිව්වම එන්න බැරි.‘‘ ඔහු මගේ කණක් අල්ලා ගන්නට උත්සහ ගනිමින් පැවසුවේය. මම ඔහුගෙන් මිදී ඉවතට පැන්නෙමී. ‘‘ඔයා මෙතන විකාර කරනවා. අනුහස් සර්රුත් දැක්කා අම්මා එහෙම දැක්කා නම්.‘‘ ‘‘අම්මා දැක්කා නම් හොදයිනේ.‘‘ ‘‘මොකද්ද හොදේ.‘‘ මම අත් දෙක උකුලේ ගසාගෙන මවා ගත් කේන්තියකින් විමසුවෙමී ‘‘හොදේද..‘‘ ‘‘හ්ම්ම්ම්.‘‘ ‘‘අනේ මගේ...‘‘ ‘‘කවුද මගේ.‘‘ මට කියන්නට යන දේ ඉවෙන් මෙන් දැනුන නිසා සිනහවක් නැගුනී. ඔහුගේ විහිළුවට බර වචන වලට මම ආස කළෙමි. ‘‘අනේ මගේ බෑනෝ... රහසින් කතා කරන්න ඒනේ නෑ... දුවත් එක්ක එලියට ගිහින් කතා කරන්න කියයි.‘‘ ‘‘අප්පේ ඔව් මෙන් කියලා කියයි.‘‘ මම හයියෙන් සිනා සුනෙමි. ‘‘ඇයි මම මේ අද මගේ නැන්දම්මගෙන් දුව දෙනවද අහන්න ආවේ.‘‘ ‘‘නැන්දම්මගෙන් අහලා හරියනවද?‘‘ මම ඔහු පවසන සියල්ලම විහිළුවට ගෙන සිටියෙමී. ඔහුගේ මුහුණේ රැදී තිබු සිනහවද ඒවා ඇත්තට පවසන දේවල් නොවේ යැයි සිතීමට මට හේතු විය. ‘‘දුවගෙන් ඇහුවා.. හ්හ්හ්ම්ම්ම් කිසිම පිළිතුරක් නෑ.‘‘ ‘‘එහෙම තමා හැදුණ දුවලා වුණාම.‘‘ මම කෝර්ටන් ගස් වලින් මායිම් වු වැට අසලට ගොස් වත්ත පහල දෙස නෙත් යොමා ගත්තෙමි. අහසේ රත් පැහැයට හුරු වළාකැරළි හැරෙන්නට හිරු පෙනෙන්නටවත් නොවී. හිරු ඈතින් පෙනන කදු වැටියට මුවා වි තිබුණි. ‘‘සදනී ඔයා එනවා නේද?.‘‘ දිනිදුගේ හඩ පිටු පසින් ඇසෙද්දී මම පිටුපස නොබැලුවේ ඔහු මගේ ආසන්නයටම පැමින ඇති බව දැනුන නිසාවෙනි. මට වඩා තරමක් උස ඔහුගේ සුසුම් මගේ ගෙලෙහී වදිනු මට දැනූනි. ඔහු එක වරම මට එතරම් ළං වන විට, මට බියක්ද දැනුනි. ‘‘කොහෙද දිනුදු අයියේ.‘‘ මට ඔහු වෙතින් ඉවත් වීමට අවශ්‍ය වුවත් ඊට ඉඩක් නොවීය. ‘‘ ඕපනින් එකට.‘‘.. ‘‘ එනවා ‘‘ මම ඔහු දෙසට හැරෙන්න උත්සහ ගනිද්දී මගේ උරහිස ඔහුගේ පපුවේ වැදුණි. ‘‘අම්මෝ... ගැහුවා . පපුවටම ගැහුවා. ඔහු බොරුවට දෙකට නැමී පපුව අල්ලාගෙන කෑ ගසන්න විය.‘‘ ‘‘අනේ මැට්ටෝ කෑ ගහන්න එපා.‘‘ ‘‘ගහනකන් ඉවසන්නද කියන්නේ.‘‘ ඔහු දිග හැරී පපුව මත රැදුන අත ඉවතට නොගෙනම පැවසුවේය. ‘‘මොකද වෙලා තියෙන්නේ කියලා බලමුද?.‘‘ මම ඔහු දෙස බලා සිනා සුනෙමින් විමසුවෙමී. ‘‘මගේ හදවතටද?‘‘ ‘‘ඔව්.‘‘ ‘‘ආ බලන්න මම අහක බලා ගන්නම්.‘‘ ඔහු අත් දෙක ඉවතට ගෙන මුහුණ පැත්තකට හරවාගෙන දෙනතද පියා ගත්තේය. ‘‘පිස්සු කෝලමක්.‘‘ මම ඔහුගේ පපුවට දෙඅතින්ම සෙමින් පහර දී දිව යන්නට සැරසුනෙමී. ‘‘ආ දිනු.. කොහොමද සහෝ.‘‘ ඒ හඩ සමගම මගේ අතක් ඉබේටම දිනිදුගේ පපුව මත නතර විය. ඒ මට සුපුරුදු හඩයි. මගේ ආත්මයටම කා වැදුනු හඩයි. ඒ ගගන විය. මෙය සිහිනයක් දැයි මම දෑස් විදහා බැලුවෙමි. ‘‘එලම තමා ගගනයා .... එන ගමන්ද?.‘‘ ‘‘ඔව් බං.. මාස ගානකට පස්සේ ගෙදර ආවේ.‘‘ ගගන වැටෙන් එහා පැත්තේ පාරේ සිට බෑග් මළු කිපයක්ම උස්සාගෙන කතා කරන්න වුවේය. මම ඉක්මනින් දිනිදුගෙන් ඈත් වුනෙමී. මදක් එහාට වී මම ගල් ගැසී බලා වුන්නෙමි. ‘‘සදා කොහොමද ඉතින්.‘‘ ඔහු ගානක් වත් නැතිව මා සමග සිනා සි විමසුවේය. මට අවශ්‍ය වුයේ දුවගෙන ගොස් ගගනට තුරුළු වී අඩන්නයි. ඇයි ගගන ඔයා මාව බලන්න ආවේ නැත්තේ.. අනේ ගගන ඇයි ඔයා මගෙන් ඇත් වුනේ අහන්නයි. දැන් මට එසේ විමසන්න නොහැකිය. දිනිදුත් මාත් අතර වැරදී දෙයක් නොවුවත් දිනිදු වුන්නේ මට හුගක් ළං වීය. එය දකින අය සිතන්නේ වෙනස් අයුරකිනී. ඇයි මම දිනිදු අයියාට මේ තරම් මට ළං වෙන්න දුන්නේ .මට මා සමගම ආවේ තරහකී. අනේ අපි අතර මොකුත් සම්බන්ධයක් නෑ ගගන. ඇත්තමයි. අනේ මම තාම වෙනස් වෙලා නෑ. අනේ මාව තනි කරන්න එපා ගගන. මට ඔයාව ඕනේ.. කියා ඔහුගේ උරහිසේ හිස හොවාගෙන හඩන්නට මට අවශ්‍ය විය. එවර ගගනගේ දුරකථනය නද දෙන්න විය. ‘‘අනේ සොරි බං හෙන මහන්සී.. මම යන්නම් හෙට හවස් වෙලා මේ පැත්තේ වරෙන්කෝ මමත් එන්නම්.‘‘ ඔහු ඇමතුමට පිළිතුරු දීමට දුරකථනය කණේ තබා ගනිමින් පැවසුවේය. කිසිවක් පැවසිම ශක්තියක් නොවු මම නිහඩව බලා වුන්නෙමී. ‘‘හෙලෝව් පන.. දැන් තමයි බස් එකෙන් බැස්සේ වස්තු. තව චුට්ට දුරයි ගෙදරට.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 01 Feb 2017 06:55 PM සඳුනිVeteran MemberPosts:2462 01 Feb 2017 06:54 PM ගොඩක් ස්තුතියි මාධව අයියේ.. madhawasAdvanced MemberPosts:973 31 Jan 2017 08:38 PM සඳුනි එක දිගට කොටස් කිහිපයක්ම පල කරල තියෙන නිසා එක හුස්මට කියවන්න පුළුවන්. ඔයාට දිගටම රසබර නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. සඳුනිVeteran MemberPosts:2462 31 Jan 2017 08:33 PM මොකද අනේ එහෙම කිව්වේ chamaramindMost Senior MemberPosts:13471 31 Jan 2017 07:24 PM දැන් නම් කියවන්න පුලුවන් ඉතුරු කතා ටික හිමිහිට සඳුනිVeteran MemberPosts:2462 29 Jan 2017 02:47 PM හිරුයි තරුයි. විසිදෙවන කොටස. ‘‘ඔව් මිස්ගේ නම සදනී නේද?.‘‘ ඔහු පුදුමයෙව් විමසන්න වුවේය. ‘‘හරි හරි අංකල්.. මම වෙන කල්පනාවක හිටියේ. ‘‘ මම සමාව අයදින්නට මෙන් පැවසිවෙමී. මම ඒ නැගිට්ට පයින්ම අනුහස් සර්ගේ කාමරයට ගියෙමී. ‘‘සදනිව මම අල්ල ගන්න හිටියේ .. මම දැනන් හිටියේ නැහැනේ.‘‘ මම වීදුරු දොරෙන් ඇතුල් වෙනවාත් සමග ඔහු පැවසුවේය. ‘‘මොකද්ද සර්.. වැරද්දක් වත් වෙලාද?.‘‘ ‘‘ඔව් ලොකු වැරැද්දක්.‘‘ ඔහු බෑරැරුම් මුහුණක් මවාගෙන සුව පහසු කැරකෙන පුටුවේ ඇන්දව වාරු වී එහෙට මෙහෙට කැරකෙන්න විය. මුහුණේ බිදක් වත් සිනහව නොතිබූ නිසාම මට බියක් දැනෙන්න විය. ඔහු ඉදිරි පිට හිටගෙන වුන් මම ගල් වී බලා වුන්නෙමී. ‘‘වාඩී වෙන්න සදනී ඇයි හිටගෙන.‘‘ එවර ඔහුගේ මුහුණේ සිනහවක් ඇදුණේය. මට විහිළුවක්ද කරලා තියෙන්නේ. මල්ලී වගේම අයියාත් හොද විහිළුකාරයෙක් වගේ. මම ඉදිරිපස අසුනට බර වී ඊළගට වන්නේ කුමකු දැයි බලා වනුනෙමී. ‘‘ආ මේක හොදයිද බලන්න.‘‘ ඔහු මා අත තැබුවේ වටිණා ජංගම දුරකථනයකී. මම ආසාවෙන් එය අතට ගෙන පිරික්ෂුවෙමී. එයා ඉතා අලංකාරය සිත් ඇද ගන්නා සුළු විය. ‘‘අනේ ලස්සනයි සර්.. සර් අළුතින් ගත්තද?.‘‘ මම ඔහු දෙස නොබලාම විමසුවෙමී. ‘‘ඔව් හැබැයි මට නෙමෙයි.‘‘ ‘‘සර්ට නෙමෙයිත එහෙනම් කාටද ?. දිනිදු අයියටද?‘‘ මට ඉබේටම කියවුණි. මම වැඩිය දිනිදු පිළිබද සර් සමග ඍජුව කතා නොකෙරුවෙමී. එනිසා මට අපහසුවක් දැනෙන්න විය. ‘‘පොඩී තමා අරන් දුන්නේ... ඔයාට.‘‘ ‘‘මට‘‘ මම ඇස් පුදුමයෙන් දල්වාගෙන ඔහු දෙස බැලුවෙමී. පුදුම කොල්ලෙක් තමා. ඒත් මට මේක ගන්න බෑ. දුක හිතෙයි මම ගන්න බෑ කිව්වා කිව්වම. ඒත් ... ඇයි මොයා මේක සර් අතේ එව්වේ. ‘‘ඔව් ඔයාට තමා.. මොනවද කල්පනා කරන්නේ.‘‘ අනුහස් සර් මදක් මා දෙසට නැඹුරු විය. මම දුරකථනය මේසය මත තබා මගේ තීරණය කීමට සැරසුණෙමී. ‘‘ඔය බෑ කියන්න නේද යන්නේ. අපේ පොඩී කිව්වා හරියටම හරි.‘‘ අනුහස් සර් මා දෙසම බලාගෙන සිනහා වෙයි. ‘‘දිනිදු අයියා මොකද්ද කිව්වේ.‘‘ ‘‘මම ඇත්තම සිද්දිය කියන්නම්කෝ.‘‘ ඔහු නැවතත් පුටු ඇන්දට බර වුවේය. මමත් ඇස් දල්වාගෙන කතාව අහන්නට සූදානම් වුණෙමී. ‘‘පොඩ්ඩා මට මේක දුන්නේ ඔපිස් එක ගානේ දෙනවා වගේ දෙන්න කියලා. එයා දැනන් හිටියා එයා දුන්නේ කිව්වම ඔයා ගන්නේ නෑ කියලත්. ඒත් ඉතින් මම ඇත්ත කිව්වේ හේතු කීපයක් නිසා.‘‘ ‘‘ඒ මොනවද සර් හේතු.‘‘ මට සියල්ල දැන ගැනීමට අවශ්‍ය විය. ‘‘ඔපිස් එක ගානේ ඔයාට පෝන් එකක් දුන්නා කියලා දැන ගත්තම මුළු ස්ටාප් එකම එයි මගෙන් පොන් ඉල්ල ගෙන.‘‘ ඔහු සද්ද පිට වෙන්නම සිනා වෙන්න විය. ඔහු මෙතරම් සැහැල්ලුවෙන් සතුටෙන් සිටිනවා මම දැක්කාමය. මම තවත් ඔහුට කතා කරන්නට ඉඩ දී බලා වුන්නෙමි. ‘‘අනික ඉතින් මට බොරු කියලා පුරුද්දක් නෑ.‘‘ ඒකට නම් මටත් හිනා නැගුණී. එදා බොරු කියන්න බැරි එක්කෙනා අගේට අම්මට බොරු කිව්වේ. ‘‘ඒ පාර සදනී හිනා වෙන්නේ ඇයි.‘‘ ‘‘නෑ .. නෑ මොකුත් නෑ සර් . ඒත් මට මේක බාර ගන්න බෑ.‘‘ මම සිනහව අතරින්ම කීවෙමී. ‘‘ඒ ඇයි.. මම දුන්නා කියලා හිතන් ගන්න. ඔයා අපේ පොඩ්ඩව හොද කෙනෙක් කරපු නිසා මම දුන්නා කියලා හිතා ගන්න. ‘‘ එවර අනුහස් සර්ගේ දෙනෙත මදක් බොදවි තිබෙනු මම හොදින්ම දුටුවෙමී. ඒ හේතුව නිසාම මට තවත් එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය. ‘‘ඒත් ඒවා කළේ මම නෙමේනේ සර්.‘‘ ‘‘නෑ.. නෑ.. අපේ පොඩි වෙනස් වුනේ ඔයා නිසා. දැන් ඇවිදින්න යන්නේ නෑ. වැඩි යාළුවෝ ආශ්‍රයකුත් නෑ . සදනී දන්නවද පොඩී මට ඊයේ කිව්වා එයාට ජොබ් එකකුත් කරන්න ඕනේ කියලා. ‘‘කියන වචන සමගම ඔහුගේ සහෝදරයා වෙනුවෙන් ඇති වුණ හැගීම් ඔහුගේ නෙත්වල ලියවි තිබුනේය. හරිට ම ඇස් දෙක සතුටින් දිලිසෙනවා වැනිය. මම මේ දේවල් හිතලා නොකෙරුවත් මම නිසා තව කිහිප දෙනෙක්ගේ හිත් වලට සහනයක් ලැබුණානේ කියලා මම චුට්ටක් ආඩම්බර වුවෙමී. මම ඔහුගේ කතාවට බාදා නොකරම බලන් හිටියේ හිතේ තිබුණ සතුට වචන කරන්න ඉඩ හැරීමටයි. ‘‘සදනී... ඔයාට ගොඩක් පිං.‘‘ දීර්ඝ වර්ණනාවකට පස්සේ මගේ දිහා කෙලින්ම බලපු අනුහස් සර් පැවසුවේය. ඒ වෙන කොට ඔහුගේ සතුට දැක මගේ දෙනෙතත් යාන්තමට තෙත් වෙලා තිබුණී. ‘‘ඇයි සර් දිනිදු අයියාට මට මේක දෙන්න බැරි වුණේ.. සර් අතේ එව්වේ.‘‘ මම ආයාසයෙන් කදුළු සගවා ගනිමින් විමසුවා. ‘‘ඒකද දැන් ප්‍රශ්නේ. ඔයා එයාට හම්බෙන්න එන්න එපා කිව්වලු. ඒක හිංදා දෙන්න විදියක් නෑලු. අනික එයා දුන්නම ඔයා කොහොමවත් ගන්නේ නෑලු.‘‘ එහෙම කියලා අනුහස් සර් මගේ දිහා බලද්දී අමුතුම ලැජ්ජාවක් දැනෙන්න විය. ඒ නිසාම මම අහක බලා ගත්තෙමි. ‘‘එහෙනම් මම කියන්නම්කෝ .. එයාගේ අතින්ම දුන්නොත් විතරයි ගන්නේ කිව්වා කියලා...‘‘ අනුහස් සර් ඒ වචන ටික පවසන විට අතරින් පතරට සිනහව එකතු විය. ‘‘හරි හරි මම ගත්තා කියන්න එහෙනම්. ‘‘ හිරි වැටිලා ගිය හිතත් වත්තම් කරගෙන තෑගී දුන්න ජංගම දුරකථනය අතට අරන් මම පිට වන්නට සැරසුනෙමි. ‘‘සදනී.. බොක්ෂ් එක මෙහේ ..මතක ඇතුව හවස ඕප් උනහම අරන් යන්න එන්න. ‘‘ ඔහු දුරකථනයේ අනිකුත් උපාංග සහිත පෙට්ටිය මා දෙසට පාමින් පැවසුවේය. අපසු හැරී බැලු මම‘‘ හරි සර් ..‘‘ යයි පවසා මගේ අසුනට පැමිණියෙමී. දිනිදු අයියට නම් ඇත්තටම පිස්සු මං ගැන මොන තරම් හිතනවද?. මම එන්න එපා කිව්වා කියලා ඒකත් මතක තියන් ඉන්නවා. ඇත්තටම පිස්සෙක්. ‘‘මොකද බං.. ඇතුළට ගියේ හොල්මනක් දැක්කා වගේ බය වෙලා .. දැන් මෙතන තනියම හිනා වෙනවා.‘‘ පුටුවේ වාඩී වී මගේ මේසය අල්ලාගෙන මා වෙතට ළං වුන සයුමි රහසින් පැවසුවේය. මට මේ වන දේවල් කීමට අයෙක් අවැසි විය. එහෙත් දැන් කියන්නට විශ්වාසවන්ත අයෙක් නැත. මම සයුමිට සියල්ල පැවසීමට සිතුවෙමි. සයුමී ගගන ගැන නම් තරමක් දුරට දනී. සිදු වුණ අළුත් දේවල් නොදන්නවා වුණාට දිනිදු ගැනත් ඇය තරමක් දනී. සීනා සි ඈ දෙස බැලු මම.. යමංකෝ ටීටයිම් එකේදී කියන්නම්... මට උඹට බඩ්ඩක් කියන්න තියෙනවා.‘‘ යැයි පැවසුවෙමී. ‘‘කෙල්ලටත් සිකුරා ලබලා වගේ‘‘ සයුමිගේ දගකාර ඇස් දුටු විට මගේ සිත තවත් ලැජ්ජාවට පත් විය. ‘‘ පලයං බං යන්න. ‘‘ මම තනිව සිනා සෙමින් පැවරී තිබු වැඩකටයුතු වල නියැලෙන්නට වුණෙමි. සිද්දිය හොදින්ම දන්න සයුමිගේ මුණ රතු වෙන විහිළු තහලු මැද තවත් සතියක් නිමා විය. ගගන තවමත් මගේ සිතින් බිදක් වත් දුරස් කිරීමට මට නොහැකි විය. දුරකථනය අතට ගත් මම සැම විටම සිතුවේ. මම ගගනට කොල් එකක් ගන්නවද? .. කේන්තියකින් හිටිය හින්දද මට අර විදියට කියන්න ඇත්තේ... අනේ ගගන ඔයාට මෙහෙම වෙනස් වෙන්න බෑ යනුවෙනි. ඔහු ගැන සිතමින් වැඩී වෙලා දුක් වන්නට දිනිදු ඉඩ නොදෙයි. මගේ හිතට දුකක් දැනීගෙන එන හැම මොහොතකම පාහේ මට ඔහුගේන් සහනයක් ලැබුණි. දිනපතාම වගේ මුහුණු පොතට පිවිසුණු මම ගගන මා මිතුරෙකු කරගෙන දැයි බැලුවෙමී. ඔහුගේ ගිණුම පුරා මම සැරි සැරුවෙමී. ඔහු මා වෙනුවෙන් දමා තිබූ සියලු පින්තූර වදන් සියල්ලම මකා දමා තිබුණි. ඒ වෙනුවට නිපුණි රත්නසේකර නම් අයෙකුගේ ගිණුමකට අමුණා ආදර වදින් රැසක් දමා තිබුණි. මම බලන බව දැනගෙන මට රිද්දනවා වත්ද වරෙක මම සිතුවෙමී. ඒත් මම බලන බව එයා දැන ගන්න විදියක් නෑ. මම එෆ් බී ඉන්නවද කියලාවත් එයා දන්නේ නෑ. නිපුණි කියන්නේ මට එදා කතා කරපු ගගනගේ සුදු නංගි වෙන්න ඇති. මම මගේ හිත රවට්ට ගන්න හැදුවට ඒ සම්බන්දේ හුගක් පරණයි වගේ. නිතරම මම සිතුවෙමි. පසු දින සෙනසුරාදා දිනයකි මම ස්තොප්පුවේ පුටුවක වාඩි වී පාර දෙසම බලා වුන්නෙමී. අදවත් ගගන ගෙදර එයිද? මට විමසන්නට කෙනෙක් නොවීය. සයුමිට වත් දුක නීමට මට ඉඩක් නැත . ඇය පවසන්නේද? ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ බං.. මොකක් හරි හුට පටයක් ඇති අර කෙල්ල එක්ක. නැත්තම් ඒකී බය නැතුව උබ එක්ක ඔහොම කතා කරයිද? මම නම් හිතන්නේ ගගනලාගේ නැන්දත් ඔය හුට පටේ දන්නවා. .. යනුවෙනී. සිදුවන සියල්ලම ගගන වෙනස් වූ බව ඔප්පු කළත් මට ගගන වෙනස් වූ බව තවමත් සිහිනයක් මෙනී. හැබැහින් සිදුවූවක් බව පිළිගත නොහැකිය. දෑස රිදෙන තුරුම පාර දෙස බලා සිටියෙමි ගගන එන බවක් නැත. අම්මාත් කිහිප වරක්ම ස්තෝප්පුවට විත් මා දෙස බලා ගියාය. ආයතනයේ වැඩක් කරණ බව පෙන්විමට පරිඝණක තිරයට නෙත් යොමා ගෙන් සිටි මම අම්මාව මග හැරියෙමී. මගේ සිතුම් පැතුමි හොදින් හදුන අම්මා මා මේ බලා සිටින්නේ ගගන එන තුරු බව හොදින්ම දනී. එනිසාම ඇයද වරින් වර පාර දෙස විමසිල්ලෙන් නෙත් යැව්වාය. ‘‘දූ පොන් එක රිං වෙනවා නේද?.‘‘ ඇගේ වචනයෙන් තිගැස්සුණු මම දුරකථනය අතට ගත්තෙමී. ගගනගෙන් යැයි අම්මා සිතන්නට ඇත . මට කතා කරන්නට ඉඩ හරිමින් ඇය නිවස තුළට වැදුනාය. ‘‘ඇයි දිනිදු අයියේ.‘‘ ‘‘සදනි ඔයා දැක්කද පොටෝ වගයක් .. ඔයා මට කිව්වේ නෑනේ ගගනට ග්ර්ල් ප්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා.‘‘ ‘‘ආ... ඔව්.. අයියේ මට කියන්න.. බැරි වුණානේ... කෙල්ලෙක් ඉන්නවා.‘‘ මම අමාරුවෙන් පැවසුවෙමී. ‘‘ලස්සන කෙල්ල හැබැයි.‘‘ එවර දිනිදුද ඇයව වර්ණනා කරන්න විය. ඔයාටත් බැරියෑ ලස්සන කෙල්ලක් අල්ල ගන්න .. කීමට සිත ආ ආවේගය බල කළත් මම නිහඩ වුණෙමී. ‘‘සදනී..‘‘ ‘‘ආ.. ඔව්.. දිනිදු අයියේ කියන්න.‘‘ ‘‘මොකද අවුලින් වගේ.‘‘ ඔහුට මගේ කට හඩේ වු ව්‍යාකූලත්වය තේරුම් ගොස් තිබුණේය. ‘‘එහෙම එකක් නෑ අයියේ.. අම්මා මට වැඩකට අඩ ගහනවා මම ටිකකින් ගන්නම්.‘‘ පැවසු මම ඔහුට තවත් කිසිවක් කියන්නට ඉඩ නොතබා ඇමතුම විසන්දී කෙරුවෙමී. ඉක්මණින් මුහුණු පොතට පිවිසුණු මට දිනිදු කිව් දෙය එපරිද්දෙන්ම දැක ගැනීමට හැකි විය. දෙවියනේ ගගන ඔයාට මට රිද්දන්නද ඕනේ.. මට ඇඩුම් ආවෙමී. ගිය සතියේ ගිය බව පැවසූ චාරීකාවේ පොටෝ විය යුතුය. මුහුදු වෙරළක ගත් චායාරූප රැසකී. ඒ සියලු චායා රූපවල ගගන අසලින් වුන්නේ සිහින් උස.. දිනිදු පැවසු අයුරින්ම ලස්සන ගැහැණු ළමෙකී. මම සියලු චායා රූප එකින් එක බැලුවෙමී. ඒ අතර ගගනගේත් ඇගේත් යුග චායා රූප කීපයක්ද විය. ඇය ඔහුට ළංවී සිටින අයුරු දකින විට මෙය තවත් නම් බොරුවක් නොවන බව මට පසක් විය. කාමරයට දුවගෙන ගිය මම දොර අගුළුදාගෙන වරුවක් පමණ ඇඩුවෙමී. ගගන ඔයාට මාව එපා වුණේ ඇයි.. මම ගොඩේ කෙල්ලෙක් නිසාද?ඔයාගේ සුදු නංගිට තරම් සල්ලී නැති නිසාද?. නෑ නෑ.. ඔයා වෙනස් වුණේ නෑ. ඔයා මාව රැවැට්ටුවා. ඒ කෙල්ල කියපු විදියට ඔයාලගේ සම්බන්දෙට දැන් අවුරුදු දෙකක් කිව්වනේ. ආයි නම් මම ඔයාව දකින්නවත් කැමති නෑ ගගන. මම මේ ලොකේ වැඩියෙන්ම විශ්වාස කලේ ඔයාව. මේ ලොකේ වැඩියෙන්ම මාව රවට්ටලා තියෙන්නේත් ඔයා. මොනවද මේ වෙන්නේ. මට තේරුම් ගන්න බෑ. අම්මා කිහිපවරක්ම පැමිණ මා හට ඇමතුවත් මම දොර නොහැරියෙමී. සිත සනසා ගන්නට කිසිම මගක් නොවු නිසා මම දිනිදුට ඇමතුමක් ගත්තෙමී. නමුත් මම හැඩු බවත් තවමත් හඩන බවත් ඔහුගෙන් වසන් කරන්නට මට නොහැකි විය. මම එයාගේ ආදරය පිළි ගන්නේ නැති හේතුව එයා තේරුම් ගනී..මගේ හිතේ තියෙන වේදනාව එයා තේරුම් ගනී. යැයි විශ්වාසය මත මම සියලුම දේ දිනිදු හට පැවසුවෙමී. ‘‘මම කලින්ම හිතුවා සදනී.. ඔයාගෙයි ගගනයි අතර එෆයාර් එකක් ඇති කියලා. ඒත් ඔයා නෑම කිව්වනේ.‘‘ ‘‘නෑ අපි දෙන්නා ආදරේ ගැන කතා කරලා තිබුණේ නෑ දිනිදු අයියේ. ඒත් අපි දෙන්නගෙම හිත් වල තිබුණා.‘‘ මම කදුළු අතරින් පැවසුවෙමී. ‘‘ඇයි ළමයෝ එහෙනම් ඒ බව ගගනයට කිව්වේ නැත්තේ.‘‘ දිනිදු කතා කලේ ඔහු මගෙන් ආදරය බලාපොරොත්තු වන අයෙකු ලෙසින් නොවේය. මා වෙනුවෙන් ඇති වු සැබෑ වේදනාවකිනී. ඇත්තටම මේ දිනිදු අයියා නම් පුදුම කෙනෙක්. තමන් ආදරේ කරන කෙල්ල වෙන කොල්ලෙක් නැති වුණා කියලා අඩද්දී හිත හදනවා. මනුස්සයෙක් නම් නෙමෙයිද කොහෙද?. වේදනවා අතර වුව මට දිනිදු ගැන එලෙස සිතුණි. ‘‘ඔයා ඔය කියන විදියට නම්. ගගන ඔය ගෑනු ළමයා එක්ක යාළු වෙන්න ඇත්තේ මේ ළගදී. මම ගගනයා එක්ක මේක කතා කරන්නද?.‘‘ ‘‘අනේ එපා දිනිදු අයියේ... මට තවත් එයා එපා... ප්ලීස් මට හිත හදා ගන්න උදව් කරන්න.‘‘මම ඔහුගෙන් අයැද සිටියෙමී. ‘‘හරි ළමයෝ මම ඉන්නවා ඔයා එක්ක. ඕනෙම දේකට. ඔයා දුකෙන් ඉන්නවට මම පොඩ්ඩක් වත් ආස නෑ.. ඔයා කියනවා නම් .. මම කොහොම හරි ගගනයා එක්ක මේක කතා කරලා විසදන්නම්.‘‘ මම දැන් අඩන්නේ ගගන නිසාද දිනිදු නිසාද? මගේ කදුළු කා වෙනුවෙන් දැයි මටම නොහැගේ. මම සිතුවටත් වඩා දිනිදු හොද අයෙකී. මම මේ කරන්නේ ගගන ගැන කිය කිය දිනිදුට රිද්දන එක නේද? මට දිනිදු ගැනද විශාල අනුකම්පාවක් ඇති විය. ‘‘නෑ... නෑ .. දිනිදු අයියේ. මට ගගනව එපා.. මට එයාව අමතක කරන්න උදව් කරන්න.‘‘ එම සිදුවීමෙන් දවස් කීපයකට පසු මම මුහුණු පොතට පිවිසියේ යළි අර චායාරූප පෙළ බලන්නට අවශ්‍ය වූ නිසාවෙනී. නමුත් එය මුහුණ පොතින් ඉවත් කර තිබුණී. එහි අරුත කුමක් දැයි මට වැටහෙන්නේ නැත.නමුත් ගගන මා මිතුරෙක් කරගෙන තිබුණි. ගගන නැන්දලාගේ නිවසට ගොස් මාසයක්ම ගත වී ඇත. ඒ කාලය තුළ එක වතාවක් වත් ඔහු ගෙදර පැමිණීයේ නැත. අම්මා කිපවරක්ම මගෙන් ගගන ගැන විමසුවත් මම පැවසුවේ ගගන නිතර මා සමග කතා කරන බවයි. අම්මා කිව් පරිද්දෙන් ගගනගේ අම්මයි තාත්තයි කීපවරක්ම ගගන බැලීමට නැන්දලාගේ ගෙදර ගොස් තිබුණී. ඒ බව ආරංචී වුණාම මගේ හිත කිව්වෙම ගගනලාගේ අම්මලත් ගගනගෙයි සුදු නංගීගෙයි සම්බන්දය දන්නා බවයි. ගගන මා සමග කතා බහ නොකලාට මගේ මුහුණු පොත ගිණුමට අමුණා චායා රූප මුහුණු පොතට එක් කරයි. ඉන් ඔහු බලාපොරොත්තු වනවා ඇත්තේ ඔහු මම නැතත් හුගක් සතුටින් සිටින බව ඇගවීමට විය යුතුය. මට ගගන අමතක නොවන නිසාම මම කීපවරක්ම ඔහුට ඇමතුම් ගත්තෙමී. ඒ එකකට වත් ඔහු මට පිළිතුරු නොදුන්නේය. නැති නම් මම ගත් ඇමතුම් වලට පිළතුරු දුන්නේ ගගන සුදු නංගී ලෙස හදුන්වක ඔහුගේ පෙම්වතියයි. ඉතා ආඩම්බරයෙන් ඇද පැද කතා කළ ඇය මගේ සිත හොදටම පාරවයි. ඒ නිසාම මම ගගනට ඇමතුම් ගැනීම නවතා දැමීමට සිතුවෙමි. දිනිදු ජිවිතය අළුතින් පටන් ගෙන තිබුණි. පවුලේ සියල්ලනගේම සිත් සතුටු කරමින් දිනිදු ඔහුගේම කියා පරිඝනක හා අමතරකොටස් විකුණන ආයතනයක් පටන් ගන්නා බව ඔහු මට පැවසුවේය. ඔහුගේ ජිවිතය යහපත් වීම ගැන මම ලැබුවේ ඉමහත් සතුටටකී. මම ඔහුට හදවතින්ම සුභ පැතුවෙමී.ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ එම ආයතනය මගේ අතින් විවෘත වනවා දැකීමයි. ඒ වෙනුවෙන් පොඩි උත්සවයක් සූදානම් කරන බවද ඔහු මා හට පැවසුවේය. නමුත් මගේ මතය වුයේ එතරම් වැදගත් වැඩකට මම සුදුසු නැති බවයි. මම එයට දිගින් දිගටම අකමැති වෙද්දී අනුහස් සර් දිනක් මා සමග ඒ ගැන කතා කරන්න විය. ‘‘සදනී. මට උදව්වක් කරන්න පුළුවන්ද?.‘‘ කාර්යාලීය වැඩකට අත්සන් වගයක් ගන්න පැමිණ මම ආපසු යන්න සැරසෙත්ම අනුහස් සර් විමසුවේය. ‘‘මොකද්ද සර්... අර ඕපනිං එකද?.‘‘ ‘‘ඔව් ඒකට ඔයා තමා සුදුසුම. මොකද අපේ එකා මනුස්සයෙක් වුණේ ඔයා හින්දා.‘‘ ‘‘ඒත් සර් විශේෂ වැදගත් කෙනෙක් ගෙන්නුවා නම් නේද හොද?‘‘ මම ඔහුගේ කීමට එකග නොවුවෙමී. ‘‘එයාගේ ජීවිතේ වැදගත් කෙනා තමා ඔයා.‘‘ එවර මම නිහඩ වුණෙමී. ගගනගේ වෙනස් වීමත් සමග කාටවත් ළං වන්නට මම බිය වුණෙමී. දිනිදු මගෙන් ආදරය ගැන විමසන්නේද නැත. ඔහු තවමත් ඉවසීමෙන් බලා ඉන්නවා විය හැකිය. එනිසාම තවමත් අපි අතර ඇත්තේ හොද යාළුකමක් පමණකි. නමුත් ගගන ගැන කිසිත් නොදන්න අනුහස් සර් හිතන්නේ මමත් දිනිදුත් අතර සම්බන්ධයක් ඇති බවයි. ඒ බව අනුහස් සර්ගේ වදන් වලින් මට හොදින් ඒතුගැන්වී තිබුණත් මම නිහඩ වුයේ දිනිදුගෙන් මට කිසිදු බලපෑමක් නොමැති නිසායි. ‘‘හරි සර් ඔච්චරම කියනවා නම් මම එන්නම්කෝ.‘‘ ‘‘ඒක හොදයි. ඒත් ඒක නෙමෙයි උදව්ව.‘‘ ‘‘මොකද්ද සර්..‘‘ කුමක් නමුත් බැරෑරුම් දෙයක් ලෙස වැටහුණ නිසා මම ආපසු අසුණට බර වුණෙමි. ‘‘අපේ පොඩී.... බිස්නස් එක පටන් ගන්න යන්නේ .. ඔයා දන්නවද දන්නෑ තරූෂ කියලා හාදයෙක් එක්ක.‘‘ නැවත හමුවෙමු. <!--[if !supportLineBreakNewLine]--> <!--[endif]--> සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 29 Jan 2017 02:45 PM සඳුනිVeteran MemberPosts:2462 28 Jan 2017 12:08 PM හිරුයි තරුයි. විසිඑක්වන කොටස. ‘‘හොදයි හොදයි.‘‘ ‘‘දැන් අඩුයි වගේ උණ. අම්මා කෝ සදා... නෑ.. නෑ.. සදනී.‘‘ මට සිනහා නැගුනේ ඔහුට වරදින්න ගිය නම් නිවැරදී කර ගන්නට දැරූ උත්සහය නිසාවෙනි. අනේ දිනිදු අයියා තාමත් ඒක මතක තියන් ඉන්නවද?. මම එයාට කිව්වනේ මට සදා කියන්න එපා කියලා. ‘‘ඒ කෙල්ල කෝ අම්මා.‘‘ ඔහුගේ හඩින් කල්පනාවෙන් මිදුණු මම ඔහු සමග සිනා සුනෙමී. ‘‘කෝ අම්මා නැද්ද එළියට වත් එන්නේ නැත්තේ.‘‘ ‘‘අම්මා ස්කෝලේ ගිහින්.‘‘ ‘‘ස්කෝලේ ගිහින්.... ඒකත් නරකම නෑ.. දූ ගෙදර අම්මා ස්කොලේ යනවා.‘‘ ඔහු හයියෙන් හිනා වෙමින් ස්තොප්පුවේ වු පුටුවක වාඩී වුවාය. ‘‘විහිළු නෙමෙයි. අම්මා ස්කෝලේ ගිහින්.‘‘ ‘‘ඒ කියන්නේ අම්මා ටීචර් කෙනෙක්ද?.‘‘ ඔහු සිනහව නවතා විමසුවේය. ‘‘ඔව්.‘‘ ‘‘ ඒක මිසක්. එහෙනම් මම මෙහෙ ඉන්න එක හරි නෑ.. මම හවස් වෙලා එන්නම්.‘‘ ඔහු නැවත පුටුවෙන් නැගී සිටියේය. ‘‘ඔය යන්නද?.‘‘ ‘‘ඔව්‘‘ ඔහු ස්තොප්පුවෙන් මිදුළට බසිමින් පැවසුවේය. ‘‘එතකොට ආවේ ඇයි.‘‘ මම ස්තෝප්පුවේ තිබුණු රවුම් ආදාර කනුවට වාරු වුණෙමී. ‘‘අයියා කිව්වේ ඔයාට ගෙදර ඉදන් වැඩ කර....‘‘ ‘‘ඒකද? ඉතින් යන්න ඕනේ නෑ ඉන්න.‘‘ මම ඔහුගේ කතාවට හරස් වෙමින් පැවසුවෙමී. මිදුලට වී මද වෙලාවක් කල්පනා කරපු ඔහු නැවතත් මා දෙස බැලුවේය. ‘‘අම්මා එන්න තව හුගක් වෙලා තියෙද?‘‘ ‘‘නෑ තව චුට්ටෙන් එයි.‘‘ ප්‍රශ්ණ වැලක්ම ඇසූ ඔහු ස්තොප්පුවේ පුටුවකට බර වී මම ගෙනත් දුන් පරිගනකයේ වැඩ පටන් ගත්තේය. ඇගට එතරම් අපහසුවක් නොදැනුන නිසා මම ඔහුට පාඩුවේ වැඩ කරන්නට හැර මුළුතැන් ගෙට ගොත් වතුර කේතලය ලිප තබා අමාරුවෙන් ගිප ඇවිලුවෙමී. කෝප්පයක් පීරිසියක් සූදානම් කළ මම වතුර උණු වන තුරු වීදුරු බොතලයේ තිබූ බිස්කට් ටිකක් පීරිසියකට දමාගෙන ස්තොප්පුවට පැමිණියෙමී. ‘‘මොකද වැඩේ හරිද?.‘‘ මම ඔහුට බිස්කට් පීරිසිය පෑවෙමී. ‘‘තේ හදනවා වගේ.. තියන්නකෝ මෙතනින් තව පොඩ්ඩෙන් වැඩේ හරි ‘‘ ඔහු පරඝණක තිරය මත නෙත රදවාගෙනම කීවේය. බිස්කට් පීරිසිය ලී වලින් සදා තිබූ කුඩා රව්ම් මේසය මත තබා ඔහු වෙතට ළං කරන්නට උත්සහ ගනිද්දී ඔහු හිස ඔසවා සිනා සෙමින් මා දෙස බැලුවේය. ‘‘ඔහොම තියන්න මම ඔතනට එන්නම්.‘‘ ඔහු පැවසුවේ නැගිට එතනට එන ගමන්ය. පරිගඝනකය කුඩා මේසය මත තබා ගත් ඔහු කවිච්චියේ වාඩී වුවේය. ‘‘මේ ගේ පරම්පරාවෙන් පැවත එන ගෙයක් වගේ නේද?‘‘ කවිච්චියේ හරි බරි ගැසී වාඩී වුණ දිනිදු වටපිටව දෙස නෙත් යවා බැලුවේය. පෙනුමෙන්ම අපේ නිවස පැරණි බව කිව හැකිය. තාත්තාගේ මහ ගේ වූ මෙම නිවස අපට උරුම වුයේ තාත්තා නිසාය. ඔහුට බලා තීරණය කිරීමට ඉඩ හල මම නිහඩව බලා වුන්නෙමී. ‘‘සදනී පොඩ්ඩක් එන්නකෝ වැඩේ හරි වගේ.‘‘ ඔහු පරඝණක තිරයට දෑස් යොමාගෙන පැවසුවේය. මම ද ඔහුට සහය වීමට කවිච්චිය කොණක වාඩී වුණෙමී. අවශ්‍ය සියලු වැඩ නිම කළ ඔහු ලොකු සුසුමක් හෙළ මා දෙස බැලුවේ සිනා සෙමිණි. ‘‘ඔන්නන වැඩේ හරි.‘‘ ‘‘මේ තරම් ඉක්මණට හැදුවද? ‘‘ මම පරිඝණකය පිරික්ෂමින් ඇසුවෙමී.. ඔහු සිනා සෙමින් මා කරණා දෙවල් බලා වුන්නේය. ‘‘අයියෝ ෂිට් වතුර ටික හිදිලා ඇති දැන්.‘‘ හදිසියේම ලිපේ තැබූ කේතලය සිහිපත් වූ මම නිවස තුළට දුවගෙන ගියෙමී. සිතු පරිදිම වතුර හොදට උතුරයි . බාගයක්ම සිදි ගොස්ය. මම තේ දෙකක් සදාගෙන නැවතත් ස්තොප්පුවට පැමිණියෙමී.උණු තේ එක අතට ගත් ඔහු ‘‘ අම්මෝ මේකේ රස්නේ.‘‘ පවසමින් තේ එක කඩි නමින් කුඩා මේසය මත තබා අද ගසා දමන්නට විය. ‘‘ඒ තරම් රස්නෙයිද? මම කොප්පය අල්ලා බැලුවෙමී මගේ අත ක්ෂ්ණිකව ඉවතට විසි වුණි. මම සිතුවාට වඩා කොප්පය උණුසුම් වී තිබුණි. ‘‘මාර වැඩ තමා මෙයා කරන්නේ.‘‘ රස්ණය නිසා රත් පැහැ ගැන්වුණු සිය ඇගිලි බිත්තර පිරි මදිමින් දිනිදු පැවසුවේය. ‘‘සොරි දිනිදු අයියෝ.‘‘ ‘‘හරි හරි ළමයෝ. හිතලා කලේ නෑනේ .. අනික පිච්චුනෙත් නෑ.‘‘ ඔහු මා සනදන්නට උත්සහ කරමින් පැවසුවේය. ‘‘මේ අයියා මේල් වගයක් එවලා බලන්න.‘‘ මම ඔහු අසලින් වාඩී වී එවා පිරික්ෂා බැලුවෙමී. මට සාදන්නට තිබු ගිණුම් වාර්ථාවලට අදාල දත්ත ඒ තුළ විය. මම එකින් එක විවෘත කර බලන විට දින්දු තේ එක පානය කරමින් මේක මෙහෙම නේද කරන්න. අරක අර විදියට කලා නම් හරි යනුවෙන් සියලු දේවල් ගැන විස්තර කළාය. ඔහු පැවසූ සියල්ලම නිවැරදීය. ඔහු මටත් වඩා මේ පිළබද දන්නා බව ඔහුගේ වදන් වලින් මට පසක් විය. ‘‘දිනුදු අයියේ .. ඔයා ඇයි ජොබ් එකක් කරන්නේ නැත්තේ.‘‘ මම ඔහු දෙස කෙලින් බැලුවෙමි. ‘‘ඇයි එක පාරටම එහෙම ඇසුවේ.‘‘ ‘‘ඔයාට මටත් වඩා එකවුන්ට් ගැන දැනුමක් තියෙනවනේ .. හොද ජොබ් එකක් කරන්න පුළුවන්නේ.‘‘ මම පුදුමයෙන් පවසද්දී ඔහු සිනා සෙයි. මට මදක් කේන්ති ඇති විය. ‘‘මොකද දැන් හිනා වෙන්න. ‘‘ මම රවා ඔහු දෙස බැලුවෙමි. ‘‘ජොබ් එකක් කරන්නත් ඕනේ . අයියා කිව්වා ඔයාලගේ ඔපිස් එකේ වේකන්සි එකක් තියේ කියලා. දන්නැද්ද ඉතිං කොල්ලෙක් වුණාම පොඩ්ඩක් පන් එකේ ඉන්න එපෑ.‘‘ ඔහු හිස් තේ කෝප්පය කුඩා මේසය මත තැබුවේය. ‘‘හොද පොඩි පන් එක.. දැන් වයස කීයද?.‘‘ මම තරවටු ස්වරයෙන් කතා කෙරුවෙමි. අපි මුණ ගැසුණු අවස්තා අල්ප වුවද, සිත් තුල විශාල විශ්වාසයක් පැහැදිමක් ඇති වී තිබුණි. මම ඔහු ළගදි හැසිරුනේ පුංචි කළ සිට දන්නා කෙනෙකු ළග මෙන් විය. ‘‘ඇයි මම නකී කියලද හිතන්නේ. අපි තාම පොඩි කොල්ලෝ හරිද?‘‘ අපි දෙදෙනා අතර ඇති වු කතා බහ හරිම විනෝද ජනක විය. අහම්බෙන් හෝ ඔහු සමග ගත කළ හැම මොහොතක්ම මගේ සිතට සහනයක් ගෙන දුන් බව මම සිහිපත් කෙරුවෙමී. විහිළුවට බර ඔහුගේ වදන් මගේ සිත සැහැල්ලු කරන්නට සමත් විය. ‘‘සදනී පේස් බුක් ඉන්නවද ඔයා.‘‘ දිනිදු පරඝණකය හසුරුවමින් විමසුවේය. ‘‘මම නම් නෑ ගගන නම් ඉන්නවා.‘‘ මම ඉබේටම එලෙස කියවුනෙමි. නමුත් ඒ සමගම මගේ සිතට දුකක් ඇතුල් විය. ඉස්සර මම මේ පුටුවේ මේ විදියටම හිනා වෙවී ගගන එක්ක සතුටින් හිටියා. අද ගගන නෑ. ගගන ඔයා කොහොමද මගෙන් මේ විදියට ඈත් වුණේ. සිත් තුළ සැගවි තිබුණ වේදනාව නැවත ඉස්මතු විය. ‘‘මොකට මූණ ඇද කර ගත්තේ.. ගගනයා කිව්වද? කෙල්ලට එෆ් බි යන්න එපා කියලා.‘‘ ‘‘ නෑ මගේ පොන් එකෙන් පුළුවන්ද ඕවා කරන්න මේ..‘‘ මම අත තිබු කුඩා ජංගම දුරකථනය දිනිදුට පෙන්නුවෙමි. එවර ඔහු බඩ අල්ලාගෙන සිනා සෙන්නට විය. ‘‘මොකද මැට්ටෝ හිනා වෙන්නේ.‘‘ ‘‘අනේ මැට්ටියේ.. ඉගෙන ගත්තට මොකෝ තාම ඉන්නේ ආච්චිලාගේ කාලේ. ජොබ් එකකුත් කරනවා නේද? ගන්නකෝ හොද පොන් එකක්.‘‘ ඔහු කියවාගෙන ගියේය . මම සිනා සුනා මිස මොකුත් නොකිව්වෙමී. ‘‘සදනී.. දුක හිතුණද?. මම හිතලා නෙමේ කිව්වේ ළමයෝ.‘‘ මම කුඩා මේසයේ මුණ සගවා ගත්තෙමී. ඔහු මාව උරහිසින් අල්ලා නැගිට්ටන්නට උත්සහ ගත්තත් මම නොසෙල්වී සිටියෙමී. ‘‘ඒ මැට්ටී අඩනවද?. නැකිටිනවකෝ හලෝ. ඔයාගේ අම්මා එහෙම ආවොත් මං ගැන මොනවා හිතයිද?‘‘ ‘‘මොනවා හිතන්නද? ..‘‘ මම සිනා සෙමින් ඔහුගෙන් මදක් ඈතට පැන්නෙමී. එවිට මා කළේ බොරුවක් බව තේරුම් ගත් ඔහු මා පසු පස දුවගෙන ආවේය. කළෙකට පසු දග වැඩක් කළ මම එහෙන් මෙහෙන් පැන බෙරි ගෙට රිංගා දොර වසා ගත්තෙමි. ‘‘මෙහෙමත් මැට්ටියක් නම්.‘‘ ‘‘හු.. හු. දැන් අල්ලයි මාව.‘‘ මම දොරට පිට දිගෙන හති අරිමින් පැවසුවෙමී. ‘‘හා දැන් ඉතින් ඇති ඔය සෙල්ලම. එන්නකෝ එළියට.‘‘ ‘‘මට බෑ ඔයා මාව අල්ල ගන්න ඔහොම කියන්නේ.‘‘ ‘‘අනේ මැට්ටී.. මට ඔයාව බලෙන් අල්ල ගන්න ඕනේ නෑ.‘‘ ඔහුගේ කතාව විහිළුවක් නොවන බව තේරුම් ගත් මම දොර ඇරගෙන එළියට පැමිණියෙමී.දිනිදු ඒ නොකියා කිව්වේ මට ආදරේ කරන නමුත් බලෙන් මගේ ආදරේ ලබා ගැනීමට ඔහුට අවශ්‍ය නැති බවයි. සැබෑවකී. මම ආදරය ගැන කතා කරන්නට අකමැති බව ඔහුට පැවසු පසු ඔහු ඒ ගැන වචනයක් වත් මගෙන් විමසුවේ නැත. ඔහුට මම සදා කියන්නට එපා කිව් පසු ඔහු මට සදා කීමද නවතා දැමුවේය. ඔහු සැබවින්ම මා ගැන සිතන බව මට දැන් ටිකෙන් ටික ඒතුගැන්වෙමින් තිබේ. මගේ සිත තුළ ඔහුට ආදරයක් තිබේද නැද්ද යන්න මම නොදනිමී. නමුද දැන් ඔහු ගැන මගේ සිතේ ලොකු පැහැදිමක් ඇති බව නම් විශ්වාසය. ‘‘ ඔයා පේස් බුක් ඉන්නවද?.‘‘ මම දිනිදුගේ කතාව වෙනතකට හරවන්නට සිතාගෙන පැවසුවෙමී. මේ මොහොත ආදරය ගැන කතා කරන්න වෙලාවක් නොවන බව සිත පවසද්දී. මට එයින් පැන යාමට අවශ්‍ය විය. ‘‘මම ඉන්නවා.. දැන් ලැප් එකෙන් යන්න පුළුවන්නේ එකවුන්ට් එකක් හදමුද?.‘‘ ‘‘අනේ මන්දා. මම නම් ඕවා දන්නේ නෑ.‘‘ මම ඔහුට තීරණයක් ගැනීමට ඉඩ සැලැස්සුවෙමී. ‘‘අයියෝ ලේසී. එන්නකෝ මම කියලා දෙන්න.‘‘ ඔහු මට සියල්ල පැහිදිලි කරන්නට විය. මුහුණ පොත පරිහරණය ගැන සියල්ලම ඔහු මට පැවසුවේය. ඉන් මිතුරන් ඇසුරු කිරීමේදී ප්‍රවේශම් විය යුතු අයුරු ඔහු මගේම සහෝදරයෙක් මෙන් ආදරයෙන් මට පැවසුවේය. ‘‘සදනී තාමත් ඔයාගේ අම්මා නෑනේ. මට දැන් යන්න විදියකුත් නෑ.‘‘ ඔහු ඉස්සී ඉස්සී පාර දෙස බලමින් පැවසුවේය. ‘‘ඇයි යන්න බැරි.‘‘ ඔහු පැවසූ දෙයි අර්ථය මට නොවැහැටුණ නිසා මම විමසුවෙමී. ‘‘දැන් මම ගියොත් ඔයාට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.‘‘ ‘‘මොකද්ද?.‘‘ ‘‘දැන් කාර් එක අහල පහළ මිනිස්සු දැක්කනේ.‘‘ ‘‘ඉතිං.‘‘ ‘‘අම්මා නැති වෙලාවට කොල්ලෙක් ගෙදරට ආවා කියලා මිනිස්සු කියයි.‘‘ එවර මට සිනහා නැගුනී. ‘‘මොකද මැට්ටියේ හිනා වෙන්නේ.‘‘ නොසිතු ලෙසින් ඔහු මගේ කණක් රිදෙන්නම ඇල්ලුවේය. ‘‘ආයි.. ආයි.. අතාරිනවකෝ මැට්ටා.‘‘ මම ඔහුගේ අත කණෙන් ඉවත් කර ගන්නට උත්සහ ගනිමින් කෑගැසුවෙමී. ‘‘ගෑණු ළමෙක් නේද? ඒ වගේ දේවල් වලට හිනා වෙලා හරි යනවද?.‘‘ ඔහු මට තරවටු කරමින් කණ අත හැරියේය. ‘‘හරි හරි අම්මා එනකන් ඉන්නකෝ. දැන් එයි. ‘‘ ස්තෝප්පුනේ අසුන් දෙකකට බර වූ අප දෙදෙනා අම්මා එන තුරු පෙර මග බලා සිටියෙමූ. ‘‘අන්න අම්මා එනවා. ‘‘ මම කොර්ටන් ගස් වලින් අලංකාර කර තිබූ නිවසේ සිට පාරට තිබුණ පාර දිගේ පොඩි එකියක මෙන් දිව ගියෙමී. ‘‘දැන් නම් උණ හොදයි වගේ. ඔය හැදිලා තියෙන්නේ දාන්ගලේ.‘‘ මම අම්මාගේ අතේ එල්ලීගෙන නිවස දෙසට පා නැගුවෙමි. දිනිදුව ඈත තියාම දුටු අම්මා දිනුදු සමග සුහදව සිනාසුනාය. පුදුමයි මං හිතුවා මටත් එක්ක බනි කියලා. මම අම්මාගේ මුහුණ දෙස හොරුහින් බලමින් සිනාසුනෙමී. <!--[if !supportLineBreakNewLine]--> <!--[endif]--> ‘‘ආ....මේ අනුහස් මහත්තයගේ මල්ලී නේද?.‘‘ ‘‘ඔව් ආන්ටී. ‘‘ දිනිදු පුටුවෙන් නැගී සිටිමින් පැවසුවේය. ‘‘මේ...මහත්තයා ඇවිත් හුගක් වෙලාද?‘‘ අම්මාත් දිනිදුත් අතර ලොකු සංවාදයක් ඇති විය. අවසානයේ දිනිදු මහත්තයා දිනිදු පුතා බවට පත් වී තිබුණි. දිනිදු පිටව ගිය පසුවත් අම්මා දිනිදු පිළබද පැහැදීමෙන් කතා කළාය. ගගනගේ ඈත් විම මට මේ තරම් පහසුවෙන් දරා ගන්නට හැකි වුයේ දිනිදු නිසාවෙනී. ඔහු මට කල්පනා කරන්නට වෙලාවක් ඉතුරු නොකෙලේය. හැම මොහොතේම මා ගැන සොයා බැලුවේය. ගගන වෛද්‍ය විද්‍යාලයට යන්නට නැන්දලාගේ ගෙදර නවතින්නට ගොස් සතියක් නිම වි තිබුණි. ගගන මට එදා දොස් නැගුවත් සති අන්ත නිවාඩුවට හෝ ගෙදර ඒවී කියා මම සිතුවෙමී. එනිසා මම මග බලා වුන්නෙමී. එසේ පැමිණහොත් මේ සිදුවන දෙයි ඇත්ත දැන ගැනිමට හැකි වෙතැයි මම විශ්වාස කළෙමී. තවමත් මගේ සිත කීවේම අර නැට්ටිච්චී ගගනව ව වෙනස් කරා යනු වෙනී. ගගනගේ සති අන්තයේ නොපැමිණිම මට වගේම අම්මාටද ලොකු ගැටළුවක් වී තිබුණී. ඒ නිසාම අම්මා මටත් හොරා ගගනලාගේ අම්මාගෙන් ඒ ගැන විමසා තිබුණි. සෙනසුරාදා රාත්‍රියේ අම්මා ඉතා සන්සුන්ව පැවසුවේ. ‘‘දු ගගන නැන්දලා එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලු ඒකයි මේ සතියේ ඇවිත් නැත්තේ ‘‘යනුවෙනී. එහෙනම් අර නැට්ටිච්චි දැන් කරේම එල්ලිලා ඇති. මට පොඩි ඊර්ෂියාවක්ද දැනුණි. මම ගැන බිංදුවක් වත් නොහිත කෙනෙක් ගැන මම මොකට හිතනවද . මම තවමත් ගගනව මගේ ජීවිතයෙන් ඈත් කරන්නට උත්සහ කරමී. කොපමණ ඔහු අමතක කරන්න ගියත් මම ගැවසෙන සෑම තැනකම තිබුණේ ඔහුගේ මතකයන්ය. එනිසාවෙන් ඒ සොදුරු අතීතය ඔහුව නිතරම සිහි ගන්වන්න විය. ගගනගේ මුහුණ පොත ගිණුමේ මිතුරෙකු වීමට මම උත්සහ ගත්තත් එය ඉටු නොවීය. එනිසා මම එයද අත හැර දැමුවෙමී. ඔහු මට ඇමතුම් ගැනීමට එපා යැයි මුහුනටම පැවසු නිසා මම ඇමතුම් ගැනීමටද නවතා දැමුවෙමී. එක සතියක් තුළ ,දවස් හතක් තුළ මගේ ජිවිතය මම නොසිතු පැත්තකට ඇද දමා තිබුණි. දැන් මට සිටින එකම සහනය දිනිදු පමණකි. සැම විටම මා සමගස සිටි ඔහු නිතර මගේ සිත සැනසුවේය. ඉරිදා දින දහම්පාසලේ ඉගැන්වීමට යාම මට අත හැරීමට සිදු වී තිබුණී. මුළු ඉරදා දිනම බාහිර උපාදී සදහා වු පාඨමාලා සදහා වෙන් කිරීමට සිදු විය. මුළු දවසම අවිවේකී වු නිසා ඉරිදා දින ගගන නැති පාළුව මග හැරුණී. මුළු දවසම අළුතින් හමු වු යහළුවන් සමග ගත කළ මම නිවසට පැමිණෙන විට බොහො ඇදිරි වැටී තිබුණි. වෙනදාට මා ආරක්ෂා කරන්නට පාරට පැමිණෙන ගගන අද නැත . ඒ වෙනුවට විදුලි පන්දමක් අතින් ගත් අම්මා බස් නැවතුමට වි මග බලා සිටිණු දැක මට දුකක් ඇති විය. ‘‘ඇයි අම්මා පාරට ආවේ. තාම ඒ තරම් රෑ වෙලා නෑනේ මම එනවනේ . ගෙදර ඉන්න එපෑ.‘‘ මම අම්මා සමග පියවර නගමින් පැවසුවෙමී. ‘‘මේ වෙලාවට තමා දු ගගන පුතා නැති පාඩුව ලොකුවට දැනෙන්නේ. ඒ ළමයා හිටියා නම් මම බයක් සැකක් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නවනේ.‘‘ ‘‘අනේ අම්මේ.‘‘ මම අම්මගේ කතාවට එකග නොවුවෙමී. ගගනව අමතක කරවන්නට සිතු මම පංතියේදී හමු වු අළුත් යහළුවන් ගැන අම්මා සමග මම පැවසුවෙමි. කතාවෙන් කතාව අපි දෙදෙනා නිවසටම පැමිණ තිබුනෙමු. සදුදා දින සුපුරුදු පරිදු මම සේවයට වාර්ථා කලෙමී. අසනීප ගතිය නිසා ලද දීර්ඝ නිවාඩුව සමග කාර්යාලය මට අළුත් තැනක් ලෙස දැනේන වී තිබුණි. සයුමී සමග කතා කරමින් උදේ ආහාරය ගත් පසු ඒ ගතිය පහව ගියහ. මගේ අසුනෙහී වාඩී වුණ මම මට පැවරී තිබු වැඩ ආරම්භ කළෙමී. හුග දවසකට පසු නිසා මට වැඩ කරන්නට අලස බවක් දැනෙන්න විය. මද නිදි මත ගතියක්ද දැනෙන්න විය. ‘‘මිස් ... මිස්ට අනුහස් සර් එන්න කියන්න කිව්වා.‘‘ මා අසලට පැමිණ ආයතයේ පියන් කෙනෙකු පවසන විට මම එක පාරටම අසුනින් නැගිට්ටෙමී. ‘‘මට?‘‘ නැවත හමුවෙමු. <!--[if !supportLineBreakNewLine]--> <!--[endif]--> සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 28 Jan 2017 12:06 PM සඳුනිVeteran MemberPosts:2462 27 Jan 2017 12:02 PM හිරුයි තරුයි. විසිවන කොටස. ‘‘අම්මට බයේ නේද?‘‘ මම හිනාව තද කරගෙන පැවසුවෙමී. ‘‘අම්මෝ ඔයාලගේ අම්මා හරි වසයිනේ.‘‘ ‘‘ඇයි බයද?‘‘ එවර මට සිනහව නවතා ගැනීමට නොහැකි විය. ‘‘ඔයාට නම් හිනා නේද?. මම හිතුවේ එදා මම ඉවරයි කියලා.‘‘ ඔලුවේ දැනුන බර ගතිය නිසාම මම ඇදේ හාන්සි විය. නොදැනීම කාලය ගෙවී ගොසින් තිබුණි. ඔහු සමග ඇති වූ කතාවත් සමග මගේ දුකත් නොදැනිම තුරන් වී තිබුණි. ‘‘සදනී මම දැන් තියන්නද?.‘‘ ඔහු එසේ අසන විට මට එපා කියන්නට සිතුණි. නමුත් හිත පාලනය කර ගත් මම ‘‘හ්හ්ම්ම්ම් ‘‘ කීවෙමී. ‘‘ඇයි පාළුද?මාත් ආසයි දිගටම ඔයා එක්ක කතා කර කර ඉන්න. ඒත් චාර්ච් එකට දාන්න වෙලා පොන් එක.‘‘ ඔහුගේ හඩ තුළද කතාව නැවැත්වීමට තිබූ අකමැත්ත හොදින්ම ගැබ් වි තිබුණි. ‘‘කම්ක් නෑ දිනිදු අයියේ.‘‘ ‘‘හ්ම් මම ආයි රෑ වෙලා ගන්නම්. ඔයා දන්නවද අපි දෙන්නා පැයකටත් වඩා කතා කරලා.‘‘ ‘‘ඇත්තටම... මට දැනුනෙවත් නෑ.‘‘ සැබවින්ම මට පුදුමයක් දැනුනේ වේලාව ගත වනු මට නොදැනුන නිසයි. දිනිදු ඇමතුම විසන්දී කලත් මගේ සිත තුළ සක්මන් කලේ ඔහුගේ විහිළු කතා පමනකී. ඔහු නම් සැබෑවට සිත් සනසන්නට සැබෑ දක්ෂයෙකී. මම තනිවම සිතුවෙමී.සැනසලීදායි බවත් සමග මට පැය කීපයක් නින්ද ගොස් තිබුණි. මගේ දුරකථනයේ වැයුනු සංගීත රාවයෙන් මගේ නින්ද කැඩුනී. දිනුදු වෙන්න ඇති . මම දුරකථනය අතට ගත්තෙමී. කාගෙද මේ නම්බර් එක . මම ඇමතුමට සවන් දුන්නෙමී. ‘‘සදා ප්ලීස්... මම කියනදේ අන්න... ප්ලීස් ප්ලීස් අන්තිම පාරට.‘‘ අමාරුවෙන් සැහැල්ලු කර ගත් සිත නැවත පෑරුණී. මට ඔහුගේ හඩවත් අහන්නට උවමනාවක් නොතිබුණි. මම ඇමතුම විසන්දී කලෙමී. නමුත් එක දිගටම ඇමතුම් සහ කෙටි පණිවිඩ ගලා එන්නට විය. මොන කරදරයක්ද මේක. මට හංගලා තවත් කියන්න බොරු තියෙද මේ මනුස්සයට. මම වුන්නේ හැබෑ කේන්තියකින් වෙමී.මේක අහලා ඉවරයක් කර ගත්තා නම් ඉවරයි. මම ඇමතුමට සවන් දුන්නෙමී. ‘‘හා කියන්න... තව කියන්න බොරු තියෙද?.‘‘ ‘‘අනේ සදා මම කියන දේ අහන්න. මම ඔයාව රැවැට්ටුවේ නෑ. ‘‘ඔහු විශ්වාසයෙන් පැවසුවේය. ‘‘කවුද අර ගෑනු ළමයා.‘‘ ‘‘කවුද?.‘‘ ඔහු පුදුමයෙන් විමසුවේය. ‘‘ගගන තවත් රගපාන්න එපා. මට හොදටම ඇහුනා එදා උදේ ඔයා ලග හුරතල් වුණ ගෑනු ළමයගේ කට හඩ.‘‘ මම කේන්තියෙන් කියාගෙන ගියෙමී. ‘‘ඕ ඒකද අවුල.‘‘ ඔහුගේ හඩේ සිනහව ගැබ් වි තිබුනේය. ‘‘ඒකද අහන්නේ. ‘‘ ‘‘ඒ අපේ සුදු නංගිනේ.‘‘ ‘‘මොන නංගි වුණත් ඔයා ඒක මගෙන් හැංගුවා. ඒ එතන රහසක් තියෙන නිසානේ . මාව රැවැට්ටුවා.‘‘ ‘‘අනේ නෑ සදා.. මම රැවැට්ටුවේ නෑ. ඒ නැන්දගේ දුව.‘‘ ‘‘ඔයා මට කවදාවත් කියලා නෑ නැන්දට දුවෙක් ඉන්න බව.‘‘ මම දුකට හේතුව පැවසුවෙමී. ‘‘මමත් එයාව දැක්කේ චුටී කලේ දැක්කට පස්සේ එදා.‘‘ ඔහු කතා කලේ සැහැල්ලුවෙනි. ඔහුගේ සැහැල්ලු බව මගේ හිත තුළ දුක වැඩී කිරීමට හේතු විය. මට පුළුවන්ද තවත් ගගන කියන ඒවා විශ්වාස කරන්න. එයා ඇත්තමද කියනවා ඇත්තේ. ‘‘සදා ඇයි සද්ද නැත්තේ‘‘ ‘‘සුදු අයියා ඔයා මොකද කරන්නේ කාමරයට වෙලා ගෑනු ළමයා වගේ. අනේ එන්නකෝ.‘‘ ගගන කියන දේ සිත පිළිගන්නට උත්සහ කරමින් සිටින විට නැවත් පෙර වු දෙයම නැවත සිදු වෙයි. මම කොහොමද දෙයියනේ මෙහෙම වෙද්දී ගගන කියන දේවල් විශ්වාස කරන්නේ. ‘‘හරි සුදු නංගි මම තව ටිකෙන් එනම්.‘‘ ඔහු උස් හඩින් කියනු මට ඇසුණි. ‘‘අනේ පිස්සු කෝච්චිය මෙහෙ එන්නකෝ. කා එක්කද මල් කඩන්නේ මෙහෙ දෙන්න.‘‘ ‘‘කෝ ..ඔය පොන් එක මෙහෙ දෙන්න ළමයෝ.‘‘ ඔවුන්ගේ කතා බහෙන් ගගනගේ දුරකථනය ඒ ගෑනු ළමයා උදුර ගත් බව වැටහුණි. ‘‘බෑ යමු යමු පණ ..ටීවී බලන්න.‘‘ ‘‘කිව්වම අහලා පොන් එක දෙන්නකෝ නංගා.‘‘ ගගනගේ හඩ බැගෑපත් විය. ‘‘අයියෝ කෝල් එක කට් වෙලා සුදු අයියා. පස්සේ කතා කරන්න බැරියා . යමු.‘‘ ‘‘හා හා එහෙනම් යමු. ඔයා නම් හරිම කෝළමක්.‘‘ ‘‘ඔයා හරි නරකයි සුදු අයියා.‘‘ ගගනත් සමග ඇය කතා කරමින් යනු මට හොදින්ම ඇසුනී. ඇමතුම විසන්දී වි ඇති බව ඇය පැවසුවත් සියලු කතා මම අසා සිටියෙමී. ඇත්තටම ඒ කෙල්ලට ඕනේ වුනේ එයාලගේ කතාව මට අහන්න දෙන්නද?. මට පේන්නේ ඒකි ගගනගේ කරේ එල්ලෙන්න යන්නේ. ඒත් ගගත් මට ඒ කෙල්ල ගැන හැංගුවනේ කාව විශ්වාස කරන්නද මන්දා. ‘‘දු ඔයාට අඩුයිද දැන්.‘‘ අම්මා කාමරයේ දොර අසලටම පැමිණම විමසන තුරු ඇය ආ බවක් මට නොදැනුණි. ‘‘දැන් නම් ටිකක් අඩුයි වගේ අම්මේ.‘ ‘‘යමුද එහෙනම් ටිකක් සාලෙට දවසම කාමරේනේ.‘‘ අම්මා මා අසලින් වාඩී වෙමින් විමසුවාය. ‘‘යමු.‘‘ ‘‘දු මට දෙයක් අහන්න තියෙනවා.‘‘ මගේ හිස ආදරෙන් පිරිමදිමින් ඇය විමසද්දී මට බියක් දැනෙන්න විය. දිනිදු ගැන වත්ද අහන්න යන්නේ . අම්මට දිනිදු ගැන සැක ඇති . කියන්න අම්මේ කියන්න වගේ මම ඇය දෙස බැලුවෙමි. ‘‘දු දුකකින්ද ඉන්නේ.‘‘ ‘‘අනේ නෑ අම්මේ ඇයි.‘‘ මම පුදුමයෙන් විමසුවෙමී. අම්මා කොහොමද මේවා දැන ගත්තේ. ‘‘ගගන පුතා කතා කලාද?.‘‘ ‘‘ඔව් මේ දැනුත් ගත්තා.‘‘ මම අම්මාට දුරකථනයෙන් ඔහුගෙන් පැමිණී ඇමතුම පෙන්නුවෙමී. ‘‘මට ඇත්ත කියන්න දූ.. .‘‘ ‘‘ඇත්ත තමා අම්මේ. ඇයි අම්මා මම කියන්නේ බොරු කියලා හිතන්නේ.‘‘ මම ඇගේ මුහුණ දෙස අමාරුවෙන් බැලුවෙමී. මම පවසන්නේ බොරු බව මගේ හිත හොදින්ම දනි. එය තවත් මගේ සිතට වදයකී. මම අම්මාගේ නෙත් මගෑරියෙමී. ‘‘ඩොක්ටර් අනුහස් සර්ට කියලා තිබුණා ඔයා මොකක් හරි මානසික ආතිතයකින් ඉන්නේ කියලා‘‘ ‘‘ආ.. ඒකද? එහෙම දුකක් නෑ අම්මේ.‘‘ ‘‘ඇත්තමයි නේද? එහෙනම් කමක් නෑ. එන්න යමු .‘‘ අම්මා ඇදෙන් නැගිට යන්නට සැරසෙන ගමන් කීව්වාය.. දැන් මගේ අසනිපය නම් දැන් හොද අතට හැරී තිබුනි. නමුත් කෑම අරුචිය තවම පැවතින නිසා, අම්මා අතින්ම කැවු බත් කටවල් කීපයක් කෑවේ අපහසුවෙනී. රාත්‍රී බෙහෙත් වේලත් අමාරුවෙන් බීපු මම නිදා ගන්නා තුරුම අම්මා මා ළගට වී සිටියාය. හුග කාලයකට පස්සේ අම්මා මගේ ළගට වෙලා ඉන්න විට මේ වුණ හැම දෙයක්ම වුනේ හොදට කියා මම සිතුවෙමී.ඇදේ කොණක වාඩී වී සිටි අම්මාව තුරුළු කරගෙන් ඇය පවසන දේවල් මම අසා සිටියෙමී. කිසිත් සිතීමට වෙලාවක් නොතිබුණු මට ඉබේටම නින්ද ගොස් තිබුණි. ‘‘මම ගිහින් එන්නම් දු. බෙහෙත් ටික බොන්න. අද මම නොගිහින්ම බැරි නිසා යන්නේ. කෝ බලන්න.‘‘ අම්මා මගේ නළල මත අත තබා බැලුවෙමී. ‘‘දැන් නම් ඇග රස්නේ නෑ.. ‘‘ ඇගේ මුහුණට සිනහවක් එක් වී තිබුණි. ‘‘අද මට වැඩට යන්නත් තිබුණා අපරාදේ.‘‘ මම කනගාටුවෙන් මූණ අකුලාගෙන පැවසුවෙමී. ‘‘අනේ මේ දු.. පණ්ඩිතකම් නොකර ඉන්න. ‘‘ මම සිණා සුනෙමී. ‘‘මම යනවා එහෙනම්. කෑම වතුර සේරම මෙතන ගෙනත් තියලා තියෙන්නේ. මම එන්න කලින් ආයි බඩිගිණි වුණොත් කුස්සිට ගිහින් තමා කන්න වෙන්නේ. දැන් වැඩිය අමාරුවක් නෑනේ.‘‘ ‘‘හරි අම්මේ.‘‘ අම්මා නික්ම ගිය පසු මම ටික වෙලාවක් ඔහේ බලා වුනනෙමී. ඒ අතරතුර මට ඉබේටම ගගනව සිහි විය. තව එක පාරක් මම ගගනව විශ්වාස කරලා බලනවාද?. මෙච්චර මගේ ළගින් හිටිය ගගන එක පාරට මෙහෙම වෙනස් වුණා වෙන්න බෑ. මම ඉන්නේ වැරදී වැටහිමක වෙන්න ඇති. කෝකටත් ආයි කතා කරලා බලනවා. මම ඇමතුමක් ගත්තෙමී. ‘‘හෙලොව්... කවුද මේ..‘‘ අනෙක් පසින් ඇසුණු ගැහැණු කට හඩ සමග මම නිහඩ වූවෙමී. ‘‘හෙලෝව්... කවුද මේ.. මගේ සුදු අයියට කරදර කරන සදා.. කෝ... කතා කරන්නකෝ ඉතින්.‘‘ ‘‘හෙ...ලො..ව්...‘‘ මම අමාරුවෙන් අකුරු ගලපා ගත්තේ මෙහි ඇත්ත නැත්ත දැන ගන්නට සිතාගෙන වෙමී. ‘‘අනේ... කාගෙද මේ සුයිට් වොයිස් එක.. නම නම් සදා කියලා ආවේ.‘‘ අනෙක් පසින් කතා කළ ගැහැණු ළමයා ඇද පැද කතා කළාය. ‘‘ඔයා ක...වුද?.‘‘ ‘‘අයිසෝ... ඔයා මගේ පණගේ පොන් එකට කෝල් ගන්නේ මාව දන්නේ නැතිද?.‘‘ ඇය පුදුමයෙන් විමසුවාය. ‘‘නෑ... කවුද?.‘‘ ‘‘ඔයා කවුද කියන්නකෝ.‘‘ ‘‘මම සදනී. ගගනගේ ස්කෝලේ යාළුවෙක්.‘‘ ‘‘ඕ ඔයා ස්කූල් ප්රෙරන්ඩ් කෙනෙක්ද?. පුදුමයි මං ගැන දන්නේ නෑ කීව්වම.‘‘ ඇගේ හඩ ආඩම්බරකාරී විය. එනිසාම මගේ වේදනවා එන්න එන්නම වැඩි විය. ‘‘කවුද ඔයා.‘‘ මම නොවිසිල්ලෙන් විමසුවෙමී. ‘‘මම මගේ පණගේ සුයිට් එන්ජල් මෙයා.‘‘ ‘‘අයියෝ ගගන මට කිව්වේ නෑනේ.‘‘ මම දුක සගවාගෙන විමසුවේ ගිරවියක මෙන් කියවන ඇගෙන් සියල්ල අසා ගත හැකි යැයි හැගුන නිසාවෙනී. ‘‘හානේ ඩාලිං.. එහෙමද අපි දෙන්නගේ එෆෙයාර් එකට දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි.‘‘ මට තවත් කතා කිරීමට නොහැකී විය. මම ඇමතුම විසන්දී කළෙමී. අමාරුවෙන් වියලා ගත් මගේ කදුළු නැවතත් අළුත් වන්නට විය. මම යහනේ පෙරලී පුළුවන් තරම් හැඩුවෙමී. මේවයේ ඇත්ත නැත්ත ගගනගේ කටින්ම දැන ගන්නට මට ලොකු අවශ්‍යතාවයක් තිබුණී. ඒ නිසාම මම නැවතත් ගගනට ඇමතුවෙමී. ‘‘හෙලෝව් ගගන.‘‘ ‘‘ආ... ඇයි සදා කියන්න.‘‘ ඔහුගේ කතාකරන විලාසය පවා වෙනස් වී තිබුණි. මේ ගගනට මක් වෙලාද. මේ තරම් කල් ගගන මාව රැවැට්ටුවද?. මාව උදේ හවස බලන්න ආවේ. මගෙන් ආදරේ ඉල්ලුවේ ඒ බොරුවටද?. ‘‘හෙලොව්.. කියන්න.‘‘ ‘‘ගගන උදේ මට...‘‘ ‘‘හරි හරි... මට සුදු කිව්වා.. .‘‘ඔහු සියල්ල දන්නා අයුරින් පැවසුවේය. ‘‘ඒ කතාව ඇත්තද?.‘‘ ‘‘ඔව්.. ඒකේ අවුලක් තියෙද?.‘‘ ඔහුගේ වදන් මට පිහියෙන් අනිනවා මෙන් විය. අනේ ගගන මීට වඩා හොදයි ඔයා මාව මැරුවා නම්. ඔයා මේ කරන්නේ ටික ටික මාව මරණ එක. මගෙන් වෙනස් වෙන්නේ නෑ නේද අහපු ඔයාමද මේ. ‘‘ඇයි ම..ට නො..කිව්වේ.‘‘ මට ඉකි බිදුම් වලක්වා ගත නොහැකි විය. ‘‘දැන් කිව්වනේ..‘‘ ‘‘එතකොට.. ඔයා මගෙන්..‘‘ ‘‘අහ්... ඒවා අමතක කරන්න.. ඔයා මට ආදරේ කරේ නැහැනේ කවදාවත්. ආයි මට කතා නොකර ඉන්නවා නම් හොදයි. පුළුවන් නම් මගෙයි සුදුගෙයි අතරට එන්න එපා.‘‘ ඔහුගේ හඩ ආවේග සීලී විය. ‘‘ගගන ඔයා මාව රැවැට්ටුද?.‘‘ ‘‘දැන් ඒවා කතා කරලා වැඩක් නෑ මට පාඩුවේ ඉන්න දෙන්න. බායි.‘‘ තවත් කිසිවක් විමසන්නට ඉඩ නොදුන් ඔහු ඇමතුම විසන්දි කලේය. මොනවද දෙවියනේ මේ වෙන්නේ. ඊයේ වෙනකන් හොදට කතා කර කර හිටිය ගගනට මේ මොකද වුනේ. මට පේන්නේ අර නැට්ටුක්කාරී ගගනව අල්ලගෙන. දැන් මගේද වරද?... මම එයාගේ ආදරේ පිළිගන්න ඉක්මන් නොවුණ එකද වරද?. මොන දේ වෙන්නෙත් හොදටලු. ඔය තරම් ඉක්මණට වෙනස් වෙන්න පුළුවන් කෙනෙකුට ආදරේ කරනවට වඩා හොදයි තනියම ඉන්න එක. බලන් ගියාම කටුස්සෙක් වගේනේ. නොයෙකුත් දේ සිතමින් කදුළු නවත්වා ගැනීමට උත්සහ ගත්තත් එය අසීරු විය. උදේ ආහාරයවත් නොගත් මම යහනේ ඒ මේ අත පෙරලෙමින් ඇති වන තුරු ඇඩුවෙමී. මේ තමා මගේ ජීවිතේ එපාම කරපු දවස් ටික. මම දස දහස් වාරයක් සිතුවෙමි. අම්මා වත් ඉක්මනට ගෙදර එනවා නම්. මට ලොකු තනි කමක් දැනෙන්න විය. එවර කවුරුන් හෝ ඉදිරිපස දොරට තට්ටු කරනු මට ඇසෙන්න විය. කවුද මේ වෙලාවට. අම්මා වත් කලින් ඇවිද්ද?. ඉක්මනින් සැහැල්ලු ඇදුමක් ඇග ළා ගත් මම දොර අභියසට ගොස් නැවතුනෙමී. ‘‘කවුද...?‘‘ ‘‘මම සදනී.‘‘ ඒ දිනිදුගේ කට හඩ විය. මට දැනුනේ පුදුමයකි. මම කිසිත් නොසිතාම දොර ඇරියෙමී. ‘‘දුනිදු අයියේ ඔයා.‘‘ ‘‘ඔව් මම.. ඇයි හොද නැද්ද?.‘‘ ඔහු ඇස් සිහින් කර මාදෙස බලා විමසුවේය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 27 Jan 2017 11:59 AM සඳුනිVeteran MemberPosts:2462 27 Jan 2017 11:56 AM හිරුයි තරුයි. දහනමවන කොටස. " ඒත් මට මේ මහත්තයාව දැකලා පුරුදුයි වගේ" අම්මා ඇස් හීන් කරලා දිනිදු දිහා බලමින් පැවසුවාය. ආයාසයෙන් සිනාසුණු දිනිදු ස්තෝප්පුවේ අසුනකට බර විය. අම්මා දිනිදුව දැකලා පුරුදුයි කියන හේතුව මම දනිමී. පරිඝනක පාඨමාලාවේ සමූහ චායා රූපයේ මගේ ළගම ඉන්න කෙනා අම්මට මතක නොහිටින්නට විදියක් නොමැත.පුටු ඇන්දට හේත්තු වුන මම රස්නයත්, කදුළුත් පිටවන දෑස් වලින් ඔවුන් දෙස බලා සිටියෙමි. දිනිදුගේ නෙත් මා දෙසම රැදී තිබුණී. තවමත් හිරු රශ්මිය නොලද පරසරය පුරා තැවරී තිබු සිහිල් සුළං රැලි නිසාදෝ දැනුන සීතල දරා ගැනීමට මා හට අපහසු විය. දෙඅත පපුවට තද කර ගත් මම සිරුර පුරා පිපුණු හිරි ගඩු සමග වෙව්ලන්න විය. "ආන්ටී සදනී වෙව්ලනවා එයාට හුගක් අමාරුයි වගේ." ඔහුගේ ඒ වදන් වල ගැබ්ව ඇත්තේ ආදරයක්ද? අනුකම්පාවක්ද? මම ඔහු දෙස හොරැහින් බලමින් කල්පනා කරන්න වුණෙමි. "අනේ ඔව් ම තමා. දූ ...මගේ රත්තරං ඔයා හුගක් අමාරයිද? අපි බෙහෙත් ගන්න යමු." අම්මා වේදනාවෙන් මා ළගට පැමින හිස අතගාමින් පැවසුවාය. මට දැනුනේ ලොකු අසරණ කමකි. මගේ අම්මා මට මේ තරම් ආදරේ කරද්දි මම අර වංචාකාරයෙක් හින්දා මුළු රෑම අඩලා ලෙඩ හදා ගත්තා. මට සමාවෙන්න මගේ අම්මේ. මම ආයි කාව වත් විශ්වාස කරන්නේ නෑ. අම්මා කියනවා හරි අම්මේ. මිනිස්සු කියන්නේ මහ පුදුම ජාතියක්. විශ්වාස කරන්නම බෑ. කදුළු බිදු කීපයක් කොපුල මත රූරා වැටෙන්න විය. මම හොරහින් දිනිදු දෙස බැලුවෙමී. ඔහුගේ මුහුණද හොදටම අදුරූ වී තිබුණී. "ආන්ටි අපි සදනීව හොස්පිටල් එකට එක්කගෙන යමු නේද?." "අනේ ඔව් සදනීලාගේ අම්මේ. ඉක්මනට ලෑස්ති කර ගන්නකෝ."අනුහස් සර්ද කතාවට හවුල් වුවේය. නොතේරෙන වයසේ ඉදන් මගේ ළග හිටිය ගගන. ඔයා වෙනස් වුණා එහෙනම්. ඒ අතින් බලද්දී අනුහස් සර් ...දනිදු අයියා... මොන තරම් හොද මනුස්සකම් දන්න මිනිස්සුද මම සිතුටවමී. "දු කෝ එන්න ඇදුමක් දා ගමු ඉක්මනට. " අම්ම් මගේ බද වටා අතක් යවා ඇගේ ඇගෙට වාරූ කර පුටුවෙන් නැගිට වීමට උත්සහ ගනිමින් කීවාය. "එහෙනම් මහත්තයෝ වෙනදාක එන්නකෝ තේ ටිකක් එහෙම බීලා යන්න. මේ දරුවා දැක්කම මට තවත් පරක්කු වෙන්න බයයි ." "ආහ්... ඒක නම් මොකද්ද? .ඉක්මනට ලෑස්ති වෙලා එන්නකෝ කාර් එකෙම යන්න පුළුවන්. "අනුහස් සර් පැවසුවේය. "අනේ ඒකට කමක් නෑ. ඔපිස් යන්නත් පරක්කු වෙනවනේ. මහත්තයලා යන්න." "අනේ එහෙම නෑ ආන්ටී. අපි මෙහෙමයි ආවේ. " දිනිදු කතාවට හරස් වෙමින් පැවසුවේය. ඔහුගේ ඉක්මන් වීම අම්මාට සැක උපදවන සුළු වන්නට ඇත. මා වාරූ කරගෙන නිවසට ඇතුල් වෙමින් සිටි අම්මාගේ මුහුණ වෙනස් වනු මම හොදින්ම දුටුවෙමී. "මේ මහත්තයත් දුලගේ ඔපිස් එකේද වැඩ කරන්නේ." අම්මා පෙරලා විමසුවාය. දැන් දිනිදුට කට උත්තර නොමැත. අමාරුව මැදින් වුව මගේ මුහුනට සිනහවක් නැගුණී. "ආ.. ඔව් ඔව්. සදනීලාගේ අම්මේ. මෙයා අපේ සදනී එක්මයි වැඩ කරන්නේ. අනුහස් සර් පොළව පැලෙන බොරුවක් පැවසුවේය. දැන් නම් මට සිනහා නවතා ගත නොහැකිය. මම අපහසුවෙන් සිනහා නවතා ගත්තෙමී. "එහෙමද?" අම්මා අනුහස් සර් පැවසූ දෙය විශ්වාස කලා විය නොහැකිය. අම්මලාට දරුවන් ගැන ඉව තිටයනවලුනේ. දිනිදුගේ හැසිරීම අම්මාය එතරම් රුස්සන්නේ නැති බව මට හැගුණී. ‘‘ඉක්මන් කරමු නේද සදනීලගේ අම්මේ‘‘ අනුහස් සර් නැවත විමසුවේය. අම්මාගේ උදවු ඇතුව මම මුහුණ සොදා ඇදුමක් ඇද ගත් මම අනුහසු සර්ගේ කාර් එකට නැගුනෙමි. කාර් එකට නැගුන මොහොතේ සිට දිනිදු ඉදිරිපස කණ්නාඩියෙන් මා දෙසත් අම්මා දෙසත් බැලුවේය. ඔහුගේ හොර බැල්ම අම්මා දකී කියා තිබූ බිය නිසාදො ඔහු වැඩි පුරම බැලුවේ අම්මා දෙසයි. අමාරුව මැදින් වුව ඔහුගේ හැසිරිම මට සිනහ උපදවන දෙයක් විය. ‘‘මහත්තයෝ මේ පාරේ හොස්පිටල් එක තියෙන්නේ.‘‘ අම්මා පසු වුණ පාරක් පෙන්වමින් කියන්න වුවාය. ‘‘හරි සදනීලාගේ අම්මේ මම දන්නවා. අපි ප්‍රරයිවට් එකකට යමු. මොකට ඕවයේ රස්තියාදු වෙනවද?‘‘ අනුහස් සර් ඉදිරිපස කණ්ණාඩියෙන් අම්මා දෙස බලා පැවසුවේය. ‘‘ඒත්....‘‘ ‘‘හරි හරි .. ඒ ගැන හිතන්න එපා. චාර්ජස් සේරම ඔපිස් එක ගානේ. අනික සදනිටයි අම්මටයි ඉන්ෂුවරන්ස් තියෙනවනේ කම්පැනියෙන්.‘‘ එවිට අම්මා ලොකු සුසුමක් හෙලා හිත නිසහස් කර ගත්තා විය හැකිය. ඉන් පසු වාහනය නතර වුනේ නගරයේ ප්‍ර ධාන පෙළේ පුද්ගලික රෝහලක් ඉදිරිපිටය. මම කාර් එකෙන් බසිනු ලැබුවේ අම්මාගේ වාරුවෙනී. කාර් එකේ දොර ඇරෙනවාත් සමගම රෝද පුටුවක් තල්ලු කර ගත් ළා නිල් පැහැති නිළ ඇදුමකින් සැරසුනු රෝහල් සේවකයෙක් එතනට පැමිණ සිටියේය. ‘‘ඔය මිස්ව මේකෙන් වාඩී කරන්න.‘‘ ‘‘අනේ අම්මේ මට ඇවිදන් යන්න පුළුවන්.‘‘ කිසි දිනක රෝද පුටුවක වාඩී වී නැති මට එය දකින විට බයක් දැනුනි. සිරුර කිසි ප්රාවණයක් නැති බව නම් හැබෑවකී නමුත් උණ කියන්නේ ඇවිදින්න බැරි වෙන ලෙඩක් නෙමෙයිනේ. මට තරමක කේන්තියක් දැනුනී. රෝහලට ඇතුල් වුණ මොහොතේම මාව පරීක්ෂා කිරීමට වෛද්‍ය වරයෙක් පැමිණෙයේය. මා පරික්ෂා කර බැලු වෛද්යෙවරයා අනුහස් සර් දෙස සිනා සී බැලුවේය. ‘‘බය වෙන්න දෙයක් නෑ. ලොකු අසනිපයක් නෑ. පොඩි උණක් විතරයි.‘‘ඔහු පැවසුවේ සැහැල්ලුවෙන් වුවේය. මම කලින්ම දැන වුන් කරුන නම් වෛද්ය්වරයා එලෙස පවසන බවයි. උණ හදා ගත්තේ විහින් බව මම හොදින්ම දනිමි. ‘‘මේ මිස්ටර් අහුහස්ගේ කවුද? මීට කලින් අපි ළගට එක්ක ඇවිත් නැහැනේ. කමක් නෑ.. පොඩ්ඩක් එන්නකෝ රූම් එකට.‘‘ අපි දෙස නොබලාම පැවසු වෛද්ය්වරයා බෙහෙත් වර්ග සටහන් කළ කොළය අම්මා අත තැබීය. ‘‘එහෙනම් බය වෙන්න දෙයක් නෑ.. දවසක් දෙකක් රෙස්ට් කරන්න.‘‘ වෛද්යෙවරයා මට සුහද සිනහාවක් පාමින් පැවසුවේය. අපි බෙහෙත්ද රැගෙන කාර් එක දෙසට යන විට අනුහස් සර් එදෙසට පැමිණියේය. ‘‘එහෙනම් මහත්තයෝ බොහොම ස්තූතියි මේ කරපු උපකාරයට. අපි වීල් එකක් හයර් කරන් යන්නම්. දැන් මේ මහත්තයලට පරක්කුත් ඇතිනේ.‘‘ ‘‘නෑ නෑ අම්මේ කාර් එකට නග්ගන්න සදනීව. මට අම්මා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.‘‘ අනුහස් සර් ස්තීරව පවසද්දී අම්මාගේ මුහුණ වෙනස් විය. ‘‘ඇයි මහත්තයෝ .. මොකක් හරි....‘‘ ‘‘නෑ නෑ.. පොඩ්ඩක් මෙහාට එන්නකෝ කළබල වෙන්න දෙයක් නෑ.‘‘ ඔහු සිනහවක් සමග පැවසුවේය. මාව කාර් එක තුළ වාඩි කර වූ අම්මා අනුහස් සර් සිටින දෙසට පිය නැගුවාය. ඉන් පසු ඔවුන් කතා කළ කිසිවක් මට ඇසුනේ නැත. සමහර විට ඩොක්ටර් අනුහස් සර්ට මොනවා හරි කියන්න ඇති. මම එසේ සිතමින් කාර් එකේ සුව පහසු අසුනේ මම හාන්සි වුනෙමී. ‘‘සදනී ...‘‘ දිනිදුගේ හඩින් මම ඇස් ඇර බැලුවෙමී. ඔහු ඉදිරිපස අසුනේ වාඩී වී මා සිටින පැත්තට නැඹුරු වී සිටියේය. ‘‘ඇ..යි... දිනිදු අයියේ.‘‘ මම හිස ඔසවන්නේ නැතුවම විමසුවෙමී. ‘‘දැන් අඩුයිද?.‘‘ ‘‘හ්ම්ම්.....‘‘ මම දෙඅත් පපුවට තුරුල් කර ගත්තෙමී. ‘‘සීතලයි නේද? ඉන්න මේ ඒසී එකත් දාලනේ. ‘‘ ඔහු කළබලයෙන් පැවසුවේය. ‘‘දැන් හරි‘‘ පිටු පසට අත දික් කළ ඔහු පැති වීදුරුවද ආවරණය කර දැමුවේය. මට එවෙලෙහී දිනුදු පව් යැයි සිතෙන්න විය. දවසක් දෙකක් තුනක් දැක්ක මං ගැන දිනිදු අයියා මොන තරම් හිතනවද?. ඒ හේතුවෙන් මට නැවතත් ගගනව මතකයට නැගුනී. ‘‘ඔන්න ආයි මූණ ඇඹුල් කර ගත්තා.‘‘ මගේ මුහුණ දෙසම බලා සිටි දිනිදු පැවසුවේය. මම මද සිනහක් පෑවා පමණකි. ‘‘මට ඇත්ත කියන්න ඔයා ඊයේ රෑ ඇඩුවා වේද?... ඒකනේ උණ ගැනුනේ. මුණෙන්ම ඒක කියන්න පුළුවන්.‘‘ ඔහු මට ප්රනශ්ණයෙන් පැන යාමට ඉඩ නොදී මගේ නෙත් දෙක දෙසම බලා වුන්නේය. ‘‘අනේ කරදර දෙන්න එපා දිනිදු අයියේ.‘‘ මම නොරිස්සුමෙන් කාර් එකේ කළු විදුරුව අතරන් පිටත බලා ගනිමින් පැවසුවෙමී. තවත් ඔහුට මගෙන් විමසන්නට කාලයක් නොවීය. අනෙක් පස දොර විවර කරගෙන අම්මා පිටුපස අසුණට බර විය. ඉන් පසු කිසිවෙක් අතර වචන හුවමාරූ නොවීය. නිවෙස් කිට්ටු වන විට අහුහස් සර් හඩ අවදි කලේය. ‘‘සදනී හොදටම අඩු වෙනකන් වැඩට එන්න ඕනේ නෑ.. මම ලිව් පෑන් එක දාලා දෙන්නම්.‘‘ ‘‘ඒත් සර් මට ගෙදර ඉන්න කම්මැලීනේ.. දැනුත් මට ලොකු අමාරුවක් නෑ . ‘‘ මම පෙරලා පැවසුවෙමී. ‘‘පේනවා නේද මහත්තයෝ තියෙන මුරණ්ඩුකම.‘‘ අම්මා මා දෙස රවා බලමින් පැවසුවාය. දිනිදු සිටියේද අමනාපයෙන් විය යුතුය . අම්මා සිටින නිසා කිසිත් පැවසීමට නොහැකිව සිටි ඔහු මට නෙත් වලින් තරවටු කලේය. ‘‘එහෙනම් සදනී ගෙදර ඉදන් වැඩ කරලා මේල් කරන්න. බස් වල ගිහින් ඇග තලා ගන්න ඕනේ නෑනේ.‘‘ ඒ අනුහස් සර්ගේ ඊ ළග යොජනාව විය. ‘‘ඒත් සර් කොහොමද? ලැප් එක තිබුණට මම එකෙන් නෙට් යන්නේ නෑනේ. ‘‘ මම ඉදිරිපස කණ්ණාඩියෙන් මා දෙස බලා වුන් සර් දෙස බැලුවෙමී. ‘‘ඒකට මම හෙට කෙනෙක් එවන්නම්. සදනීට ඊට පස්සේ මිස්වෙන වැඩ ගෙදරිදී හරි කර ගන්න පුළුවන්නේ.‘‘ ‘‘අනේ මන්දා සර්.‘‘ මම ඊට එතරම් කැමති නොවුවෙමී. අම්මා ගිය පසු නිවස තුළ ඉතිරි වන්නේ මා පමණකි. එනිසා නිවසේ සිටීමෙන් මට තවත් කල්පනා කරන්නට අවස්ථාව වැඩී වේවි. නිවස පුරා ඇත්තේ ගගනගේ මතක සටහන්ය. ඒවා දකිය වාරයක් පාසා ඔහුගේ වෙනස් වීම මට රිදවාවී මම සිතුවෙමී. අපි නිවසට ඇරලවූ ඔවුන් ආපිටටම පිටව ගියහ. දිනිදුට නම් යන්න කල්පනාවක් නොවීය. අම්මාට තිබූ බය නිසාම ඔහු අකැමැත්තෙන් වුව පිටව ගියේය. අම්මාගේ පෙරැත්තය නිසාම මම සුදු අප්පයක් කා තේ ටිකක් පානය කල මම බෙහෙත් වේල බිව්වෙමී. සුදු අප්ප මම ආසම කෑමකි. උණ නිසා කිසිම කෑමක් පිරිය නොවීය.එනිසා වෙනදා ආසාවෙන් කන කෑම අද කෑවේ වහ කන ලෙසිනී. මට ටිකක් නිදා ගන්න යැයි පවසා අම්මා නික්මුණ පසු මම නැවතත් දුරකථනය අතට ගත්තෙමී. එහි ගගනගෙන් ඇමතුම් රැසකී. මම ගානකට වත් නොගත්තෙමී. එවර දිනිදුගෙන්ද ඇමතුමක් ආවේය. මම එයට සවන් දුන්නෙමී. ‘‘සදනී... සොරි .. මට ඔයාට යන්නම් වත් කියන්න බැරි වුණා.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 27 Jan 2017 11:55 AM DushanVeteran MemberPosts:2536 26 Jan 2017 03:56 AM අලුත් කතාවක් පටන්ගෙන තියෙන්නේ ඔන්න මාත් එකතු වෙනවා කියවන්න එහෙනම් sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 03:36 AM මේ ගගනයා උල තියන්න ඕනේ Ind007kaMost Senior MemberPosts:12931 26 Jan 2017 03:11 AM අනේ පව් මෙයා සඳුනිVeteran MemberPosts:2462 26 Jan 2017 02:27 AM හැදීගෙන එනවා sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 01:24 AM අප්පට සිරි කෙල්ලට පිස්සුත් හැදුනද සඳුනිVeteran MemberPosts:2462 25 Jan 2017 12:23 PM හිරුයි තරුයි. දහඅටවන කොටස. ඇමතුම දිනිදුගෙන් බව සිතු මම එතරම් තෑකීමක් නොකර පමා වී දුරකථන තිරය දෙස බැලුවෙමී. එහි නම ගගන ලෙස සනිටුහන් වී තිබුණි. ගගන ඔයාට මාව අමතක් වුණා එහෙනම්. මම සතුටින් හදවත පිරී යද්දී ඇමතුමට සවන් දුන්නෙමී. ‘‘සොරි සදා.. මම දැනුයි පොන් එක බැලුවේ.‘‘ ඔහු වරදෙන් බේරෙන්නට ඉක්මන් වුවේය. ‘‘ඒත් ගගන මාව ඔය ඉක්මණට ඈත් කරන්න පුළුවන්ද ඔයාට.‘‘ මෙතරම් වෙලා ඉවසාගෙන සිටි වේදනාව ඉකිබිදුම් සමග වචන බවට පත් විය. ‘‘අනේ නෑ සදා ඔයා අඩනවද?.‘‘ ‘‘එක දවසට ඔයා මේ තරම් වෙනස් වෙද්දී සතුටු වෙන්නද මට කියන්නේ.‘‘ මම තරමක් කෝපයෙන් විමසුවෙමී. ‘‘අනේ සදා සොරි ආයි මෙහෙම වෙන්නේ නෑ.. හරි හරි දැන් නාඩා ඉන්න.‘‘ ඔහුගේ ආදරණිය වදන් මැද කදුළු ඉබේටම වියලී ගියේය. ‘‘ආයි මෙහෙම වෙන එකක් නෑ නේද?.‘‘ ‘‘නෑ නෑ ප්‍රොමිස්.. මේ මම කන් දෙක අල්ලගෙන උඩ පයිනෝ.‘‘ එවර මට හඩ නැගෙන්නටම සිනහා නැගුණි. ‘‘ඇයි හිනා වෙන්නේ පිස්සු කෙල්ල.‘‘ ‘‘කන් දෙකම අල්ලන් උඩ පයිනවා නම් පොන් එක අල්ලන් ඉන්නේ මොකෙන්ද?‘‘ ‘‘අහුවුණා නේද හොරේ... හරි හරි කෙල්ලේ ඔය වගේ හිනා වෙලා ඉන්න. මම ආයි අද වගේ වෙන්න දෙන්නේ නෑ.‘‘ ඔහු පොරොන්දු දුන්නේය.මම දවසම බලා හිදත් විනාඩී කීපයකට වඩා කතා නොකිරිණි. ‘‘සදා මම තියන්නද? හෙට උදේම ඇහැරෙන්නත් ඕනෙනේ.‘‘ ගගන ඇත්තටම වෙනස් වෙලා. ඉස්සර ඔහොම නෑනේ. අනේ මන්දා මට හිතෙන විදිය වෙන්න ඇති.මම අවස්ථාව සාධාරණිකරණය කිරීමට උත්සහ ගත්තෙමී.කෙසේ හෝ අවසානයේ ගගන මට ඇමතුමක් ගත්තත් ඉන් මට සැනසීමක් නොවීය.ඔහු පාන්දර ඇහැරෙන්නට අවශ්‍ය බව පැවසී වේලාවට පෙර අවධි වූ මම ඔහුට ඇමතුමක් ගත්තේ අවධි කරන්නට සිතාගෙන වෙමි. කිහිපවරක්ම ගත්තත් ඇහැරෙන බවක් නොහැගිනී. කම්මැලියා හොදටම නිදි ඇති මම තනිවම සිතුවෙමී. ‘‘හෙලොව්... ඇයි අනේ නිදා ගන්න දෙන්නකෝ...‘‘ ගගන පවසන්නේ අඩ නින්දෙන් බව මට හොදින්ම වැටහුණි. මම තනිව සිණාසෙමින් අසාගෙන උන්නෙමී. ඔහු නිදිමතෙන් දොඩවන්න විය. මොහොතකට පසු ඇසුණී දෙය මගේ හදවත බියෙනුත් පුදුමයෙනුත් පුරවන්නට සමත් විය. ‘‘සුදු අයියා තාම දොයිද? පරක්කු වෙනවා පණ.‘‘ඈතින් වගේ මගේ සවනත වැදුනේ ගැහැනු කට හඩකී. ‘‘ස්ස්ස්ස්... කෑ ගහන්න එපා..‘‘ ගගන රහසින් කියනු මට හොදින්ම ඇසුනී. කියන්නට අවශ්‍ය කිසිත් වචන කර ගැණීමට නොහැකී වු මම ගොළු වී හොදින් සවන් දීගෙන වුන්නෙමී. ‘‘කව්ද සුදු අයියා උදේ පාන්දරම මගේ පණට වද දෙන්නේ... කෝ කෝ නැගිටින්න.. ‘‘ ‘‘සදා මම පස්.......‘‘ ඒ වන විට මම ඇමතුම විසන්දී කර හමාරයි. කව්ද ඒ කෙල්ල. නැන්දගේ දුව වත්ද?. ඒත් මේ උදේ පාන්දර පිරිමි ළමෙක්ගේ කාමරේට එන්න ඒ ළමයට ලැජ්ජා නැද්ද?. කතා කරන විදිය. අනික ගගන මට ගෑනු ළමෙක් ඉන්න බවක් නිකමටවත් කිව්වේ නෑනේ. මෙහෙන් ගිහින් එක දවසට මේ තරම්ම වෙනස් වෙන්න පුළුවන්ද? ඒක තමයි මට කොල් ගන්නත් වෙලා නැතුව යන්න ඇත්තේ.ගගන ඔයා... මෙහෙම කරයි කියලා මම කොහොම විශ්වාස කරන්නද? මට ඇහුනේ හැබැ දෙයක්ද?. විනාඩී කීපයකට පසු ගගනගෙන් ඇමතුම් එක දිගට එන්න විය. කේන්තිය නිසාම මම එම ඇමතුම් වලට පිළිතුරු නොදුන්නෙමී. ගගන එක දිගට කෙටි පණිවිඩ එවන්න විය. ‘‘අනේ පොඩ්ඩක් ආනසර් කරන්නකෝ මට ඇත්ත කියන්න දෙන්නකෝ.‘‘ ‘‘අනේ අහන්නකෝ සදා මම කියන දේ.‘‘ ‘‘මට ඔයාව විතරයි ඕනේ.‘‘ එවැනි පණිවිඩ රැසක්ම ආවත් ඔහුව විශ්වාෂ කිරීමට මට සිත් නොවීය. දුරකථනය ක්‍රියා විරහිත කර කොට්ටය මත මුහුණ හොවාගෙන දුක නිවෙන තුරුම හැඩුවෙමි. ඇස් දැවිල්ල වන තුරු, රතු වි ඉදිමෙන තුරු ඇඩුවෙමී. ‘‘දූ .. වැඩට යන්නේ නැද්ද?...‘‘ අම්මා මට රැකියාවට යාමට අවධි කරනව විට මට හොදටම නින්න ගොස් තිබුණි. කදුළු නිසාම කොට්ටය තෙත් වී සිතල වී තිබුණි. තවත් පොරවනය ගෙන මුහුණ ආවරණය කර ගත් මම අනෙක් පසට හැරුනෙමී. ‘‘දු වැඩට යන්නේ නැද්ද?. එවර අම්මා මගේ උෙහිසින් අල්ලා සොලවන්නට වුවාය. ‘‘බෑ .. අම්..මේ.. ම..ගේ. ඔ..ලුව රි..දෙනවා.‘‘මගේ නාසයද බර වී තිබුණී. කළබලයට පත් වු අම්මා ඇදේ කොණක ඉදගෙන මගේ නළලතත් බෙල්ලෙත් අත තබා බැලුවාය. ‘‘දෙවියනේ හොදටම ඇග රත් වෙලා.. ඊයේ රෑ වෙලා නෑවා නේද මම එපා කියද්දි.. නහයත් හොමටම බර වෙලා.. ‘‘ අම්මා කනස්සල්ලෙන් පවසන්න වුවාය. ‘‘උගු...රත් රි..දෙන..වා අම්..මේ.‘‘ අම්මා සිනිදුවට මගේ හිසකේ අතර ඇගිලි තුඩු යවමින් පිරිමදිද්දී මම පැවසුවෙමී. ‘‘අද වැඩට යන්න එපා...ඔපිස් එකට කතා කරලා නිවාඩුවක් ඉල්ලන්න.. මම ස්කෝලෙට ගිහින් නිවාඩුවක් දාලාඑන්නම්.. දූට ඉන්න පුළුවන් නේද?.‘‘ මම හිස වැනුවා පමණකී. ‘‘ඉන්නකෝ මම සමහන් එකක් අරන් හදන් එන්න. මගේ බෑග් එකේ එකක් තිබුණා. ‘‘ අම්මා ඇද මතින් නැගිටිමින් කීවාය. ‘‘පැනඩොල් දෙකකුත් බොන්න දූ.. ඔලුව රිදෙන එක අඩු වෙයි. මම ආපු ගමන් බෙහෙත් ගෙන්න යමු.‘‘ මම නිහඩවම ඇගේ වදන් වලට හිස වැනුවා පමණකී. අම්මා නික්ම ගිය පසු දුරකථනය ගෙන අනුහස් සර්ට ඇමතුමක් ගත්තෙමි. අසනීප නිසා අද රැකීයාවට නොපැමිණෙන බව පැවසු මම තවත් කිසිවක් අසන්නට පෙර ඇමතුම විසන්දී කලෙමි. මට කා සමගවත් කතා කරන්නට අවශ්‍ය නොවීය. මට අවශ්‍ය වුයේ තනිවී සිටීමටයි. ගගනට කියන්න ඇති ඇත්ත දැන ගැනීමට කුඩා අවශ්‍යතාවක් තිබුණත් මගේ මුරණ්ඩු සිත ඊට ඉඩ නොදෙන්න විය. දැන්ද ඇත්ත කියන්න හදන්නේ. කලින් නිකමටවත් කිව්වේ නෑ නැන්දලාගේ ගෙදර කෙල්ලෙක් ඉන්නවා කියලා. නැන්දගේ දුවම කියමුකෝ. ඒත් මට කියන්න තිබ්බනේ ඒ ගැන. නිකමටත් කිව්වේ නෑ. ඒක මගෙන් හංගන්න ඕනේ හින්දනේ. නෑ නෑ.. මට ආයි එයාගේ බොරු අහන්න ඕනේ නෑ... එක පාරක් මොකද්ද වුණේ කියලා අහුමු.. බෑ.. එයා මට හැංගුවා.. ඒ එතන රහසක් තියෙන නිසා.. මම සිත සමග පොර බදමින් තව ඇඩුවෙමී. අම්මාගේ පා ගැටෙන හඩ ඇසෙන විට මම ඉක්මණින් කදුළු පිසදා ගත්තෙමී. ‘‘ ආ.. දු රස්නේ පිටින්ම මේක බෙන්න.‘‘ මගේ ඇද අසලම පැවති පොත් මේසය මත කොප්පය තැබූ ඇය නැවතත් මගේ නලල මත අත තබා බැලුවාය. ‘‘දු මම ගිහින් එන්නම් .ටග් ගාලා එනවා. පුළුවන් නම් ලෑස්ති වෙලා ඉන්න.‘‘ ‘‘හරි අම්මේ .‘‘ ‘‘අමාරුනම් නිදාගෙනම ඉන්න .. මම ඉන්නම් විජහට.‘‘ ඇය නැවතත් ආදරයෙන් මගේ හිස අත ගා පිටව ගියාය. සමහන් එකෙන් අමාරුවෙන් උගුරු කීපයක් පානය කල මම ඉන් භාගයකටත් වඩා ඉතුරු කළෙමී. දිගටම හැඩු නිසා සෑදී තිබූ උගුරේ දැවිල්ල සමහන් පානයෙන් තවත් වැඩී වූ නිසා මට ඉවසන්නට අපහසු විය. මම කෙදිරි ගාමින් පුළුවන් තරම් පොරවණයට ගුලි වුණෙමි. පැය කීපයකට පසු මම අවධී වුයේ කවුරුන් හේ දොරට ගසන හඩ ඇසුණු නිසාවෙනී.. ‘‘ක..ව්...ද?...‘‘ මම ඇදේ සිටම විමසුවෙමී. පිටත සිටින පුද්ගලයාට ඇසෙන්නට නැතුව ඇත. එනිසාම වරින් වර දොරට තට්ටු කරන්නට විය. අමාරුවෙන් ඇදෙන් බැස ගත් මම අම්මාගේ දිග සායකුත් මගේ බැනියමකුත් රැ අදුමට උඩින් ඇද ගත්තෙමි. වට පියාවේ තිබූ බිත්තී උළුවහු , පුටු, මේස වලට වාරු වෙමින් මම දොර අසලට පැමිණ දොර හැරියෙමී. ‘‘ස...ර්.. ඔයා.‘‘ දොර අභියස වුන්නේ අනුහස් සර් විය. හේතුවක් නොදන්නවා වුණත් ඉබේටම දෙනතට කදුළු නැගුණි. ‘‘වාඩී.. වෙ..න්න සර්..‘‘ ස්තොප්පුවේ තිබු පුටුවක් පෙන්වමින් මම පැවසුවෙමි.ඉදිරි පස දොරට වාරු වි සිටිය මම එය අත හැර පියවර කීපයක් තබන්න විට ගතේ සවිය ගිලිහි වැටෙන්නට ගියෙමී. ‘‘ඔය වැටෙයි සදනී.‘‘ වැටෙන්න ගිය මාව වාරු කරගෙන ඔහු ට පෙන්වු පුටුවෙහී මාව වාඩි කරවීය. ‘‘සදා ඔයාට හුගක් අමාරුයි වගේ මුණත් එක්ක ඉදිමිලා...‘‘ අනුහස් සර්ගේ කළබලකාරී හඩ නිසාදෝ බියට පත් වී තිබු දනිදු නිවස ඉදිරි පිට වූ කාර් රථයෙන් බැස ස්තෝප්පවට ඇතුල් විය. ‘‘දිනි..දු අයි..යේ.. සොරී.. ම..ට සමා වෙ..න්න.‘‘ මම දිනිදු දෙස බලා පැවසුවෙමි. ‘‘ඒ මොකටද සදා..‘‘ ‘‘සදා... සදා... ඔය නම මට ඇරෙන්න වත් කියන්න එපා.. මම මගේ නම වෙනස් කර ගන්නවා..‘‘ මෙතරම් කල් ලොව ආදරණීයම ආමන්ත්‍රණය වු සදා.. අද මම ඒ නමට වෛර කරමි. ආදරය සහ වෛරයි අතර ඇත්තේ කෙස් ගසක වෙනසකි. ඒ හැබෑවකි.ඔව් මම මොඩියෙක්.. මම එක පාරක් වත් ගගන කියන්න ගිය ඇත්ත ඇහුවේ නෑ.. මට බෑ තවත් රැවටෙන්න. එයා මාව රැවැට්ටුවා මම රැවටුණා.. ඒ කෙල්ල කතා කරපු හැටි.. මගේ පණ.. හ්හ් පණ.. එතන සම්බන්දයක් නැද්ද මගේ පණ වුනේ කොහොමද?. මට තව මොකුත්ම අහන් ඕනේ නෑ.. මම මගේ කනින්ම අහ ගත්තානේ.. ගගන පණ වෙච්ච කෙල්ලෙක් ඉන්නවා. මම මොකටද?.. අනාගතේ ඩොක්ටර් ගගනට මේ දුප්පත් සදාව ගැළපෙන්නේ නෑ .ඔයා හරි ගගන. පුටුවේ ඇල වුන මම මා ළග තවත් අය සිටින බවද අමතක කර පිස්සුවෙන් මෙන් හැදුවෙමී. ‘‘මොකද සදනී අඩන්නේ.. ඔයාට උණද නැත්තම් ප්‍රශ්ණයක්ද?.‘‘ දිනිදු මා අසලට පැමිණෙමින් විමසුවේය. ‘‘එන්න එපා මගේ ළගට.. ඔව් මට පිස්සු මගේ ළගට එන්න එපා.‘‘ මම දිනිදුට කෑ ගැසුවෙමී. ‘‘ඒත්.. ‘‘ අනුහස් සර් දිනිදු නවත්වනු මම දුටුවෙමී. ඉන් මොහොතකට පසු අම්මා නිවසට ගොඩ වැදුණාය. ‘‘කවුද දූ මේ.‘‘ අම්මා අනුහස් සර් දෙස බලා මද සිණහවක් පානු මට බොද වී පෙනුනී. ‘‘මම අනුහස්.. සදනී වැඩ කරන්නේ අපේ ඔපිස් එකේ. මේ.... සදනිගේ අම්මා වෙන්න ඇති.‘‘ ‘‘අනේ ඔව් මහත්තයෝ.. මහත්තයා කොහොමද ගේ හොයා ගත්තේ.. තාම හිටගෙනනනේ වාඩි වෙන්නකෝ‘‘ අම්මා ඔවුන්ව වාඩී කරවීය. ‘‘ඇඩ්රස් එක නම් ඔපිස් එකේ තිබුණනේ .. හොයාගෙන හොයාගෙන ආවා.‘‘ අනුහස් සර් සුහදශීලීව පාවසා මා දෙස බැලුවේය. මම අඩවන් වු දෙනෙත් හරින්නට උත්සහ ගනිමින් ඔවුන් දෙස බලා වුන්නෙමි. ‘‘මේ මහත්තයා ගැන නම් අපේ දූ නිතරම කියනවා... එතකොට මේ මහත්තයා.. මට දැකලා හුරුවකුත් තියෙයි වගේ.‘‘ අම්මා දිනිදු දෙස බලා පවසන්න වුවාය. ‘‘මේ මගේ මල්ලි දිනිදු.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 25 Jan 2017 12:20 PM සඳුනිVeteran MemberPosts:2462 25 Jan 2017 06:48 AM ශා අයියට කිව්වේ sha733Super Senior MemberPosts:7332 25 Jan 2017 02:19 AM Posted By සඳුනි on 24 Jan 2017 09:14 AM අනේ බොරු නොකියා හිටු ඔන්න බලන්න රෝසි අක්කේ ඔයාට කියන කථා sha733Super Senior MemberPosts:7332 25 Jan 2017 02:04 AM Posted By සඳුනි on 24 Jan 2017 09:14 AM අනේ බොරු නොකියා හිටු ඔන්න බලන්න රෝසි අක්කේ ඔයාට කියන කථා සඳුනිVeteran MemberPosts:2462 24 Jan 2017 04:39 PM හිරුයි තරුයි. දාහත්වන කොටස. සුළු මොහොතකින් ඔහුගෙන් මිදුණු මම ආපසු හැරී නිවස වෙතට දිව්වෙමී.හිතට දැනුන දුක නිසාම මම ඇදට වැටී කොට්ටයේ මුහුණ හොවාගෙන හැඩුවෙමී. ඉන් පසු මම නැවත අවධි වුණේ අම්මාගේ ඇමතීමත් සමගය.එදින මම කාර්යාලයට යනු ලැබුවේ වේදනාවෙනී. වෙනදා බොහෝ දින වලට ගගන උදෑසන මම නිවසින් පිටතට එන විට පාර ළග බලා හිදී. මා සමග බස් නැවතුමටම යන ඔහු මා බස් රථයට නගින තුරුම මා ළගට වි සිටි. තනියෙම ගුරු පාර දිගේ ඇවිද යන විට ඔහු නැති පාළුව මට තදින්ම දැනෙන්න විය.කාර්යාලයට ඇතුල් වුනත් කිසිවෙක් සමග කතා කරන්නට සිත් නොවු මම නිහඩවම දවසේ වැඩ පටන් ගත්තෙමි. කීපවරක්ම සයුමී මගෙන් දුකෙන් ඉන්න හේතුව විමසුවාය. මම ඇයට කිසිවක් නොපැසුවෙමී. දුක අමතක කිරීමට එකම මග වැඩ වැඩි කර ගැනීම බව සිතු මම දිගටම වැඩකලෙමී.දහවල් කෑම විවේකයට ආසන්න වී තිබෙද්දී මා අසල වු දුරකථනය නද දෙන්න විය.මම හනික ඇමතුමට සවන් දුන්නෙමී. පෙර දින මෙන්න මා හමුවීමට කෙනෙකු පැමිණ ඇති බව පිළිගැනීමේ අංශයේ නිළධාරිනිය ප්‍රකාශ කලාය. අදත් පැමිණ ඇත්තේ දිනිදු බව මට විශ්වාසය. මම ටිකක් ප්‍රමාධ වී ඔහු වෙතට ගියෙමී. ‘‘සදා මොකද පොන් එක වැඩ නැත්තේ.‘‘ ‘‘ඒක වැඩ. මම බැලුවේ නෑ අනේ.‘‘ මම ඕනෙවාට එපාවට පවසා ඔහු අසල වාඩි වුනෙමී. ‘‘මුණත් එක්ක මොකද්ද වෙලා. ඔයා අවුලින්ද?.‘‘ ‘‘නෑ නෑ.. ‘‘ මම සුසුමක් පිට කර ඔහු සමග සිනා සෙන්නට උත්සහ ගනිමින් කීවෙමී. ‘‘ඔයාට දුකද ගගන ගිය එකට.‘‘ ‘‘ඔව්. අපි දෙන්නා හැමදාම එකටමයි හිටියේ. මට පුදුම තනිකමක් දැනෙන්නේ.‘‘ මම හිතට නැගුණු සිතුවිල්ල එසේම පවසා දැමුවෙමී. ‘‘තනී වෙලා. මේ මම ඔයා ළග ඉන්නේ. ඔයා ඉඩ දෙනවා නම් මම එයාටත් වඩා ඔයාගේ ළගින්ම ඉන්නම්.‘‘ දිනිදු මගේ අත මත සිය අත තබමින් පැවසුවේය. කළබලයට පත් වු මම ඉක්මණින් අත ඉවතට ගත්තෙමී. මම හිතන්නේ මම ඔහු දෙස රවා බැලුවෙමී. ‘‘සොරි සදා.. සොරි...‘‘ ‘‘හරි හරි දැන් අවේ ඇයි දිනිදු අයියේ.‘‘ මම එය යටපත් කරමින් විමසුවෙමී. ‘‘ඔයාගේ පොන් එක වැඩ නැතුවහම බය හිතිලා ආවේ.‘‘ ‘‘මම පොන් එක බැලුවේ නෑ දිනිදු අයියේ උදේ ඉදන්. ‘‘ මම ඔහු දෙස යන්නතමට බලා කිවෙමී. ‘‘මම පොඩි වැඩක් කියන්නද?.‘‘ හදිස්සියේම දෙයක් මතක් වූ කලක මෙන් ඔහු සතුටින් ඉපලෙන දෑස් දල්වා මා දෙස බැලුවේය. ‘‘ඒ මොකද්ද?.‘‘ ‘‘ඔයාගේ දුක පාළුව නැති වෙන්නත් එක්ක අපි දෙන්නා ලන්ච් ගන්න එළියට යමු.‘‘ ‘‘මට බෑ.‘‘ මම එක වරම අසුනින් නැගිට කාර්යාලය තුළට යන්න සැරසුනෙමී. ‘‘ඔය යනවාද? ‘‘ ‘‘ඔව්.‘‘ මම කිසිම හිතක් පපුවක් නැති අයෙක් මෙන් එලෙස පවසා කාර්යාලයට ආවෙමී. ඔහු ගියාද නැද්ද කියා වත් මම සොයා නොබැලුවෙමි.නිවසින් බැද දුන් බත් පාර්ශලයද අත ගාමින් සිටි මම එය කුණු කූඩය විසි කර අත සොදා ගත්තෙමී. සයුමිට මගේ හැසිරීම ලොකු පෙහේළිකාවක් වී තිබුණි. ඇය මගෙන් විමසු කිසිවකටත් මම පිළිතුරු නොදුන්නෙමී. ‘‘මේකිට මොන මළ යකෙක් වැහිලද?‘‘ පැවසු ඇයි මට ගස්සාගෙන දහවල් කෑම විවේකය ඉවර වන්නටත් මත්තෙන් කාර්යාලයට ඇතුල් විය. එය ගානකටවත් නොගත් මම ආපනශාලාවේ පුටුවකට බර වී කල්පනා කලෙමී. දැන් මට ඇති ගැටළුව ගගන තවමත් කෙටි පණිවිඩයක් හෝ නොඑවීමයි. මම කිහිපවරක්ම ඇමතුමක් ගන්න සිතා දුරකථනය අතට ගත්තත් ඔහුට තවමත් නිදහසක් නැතුව ඇතැයි සිතා, ඒ හැගීම යටපත් කර ගත්තෙමී. දහවල් කෑම විවේකය අවසන් වීමට විනාඩි කිපයක් තිබියදී මම ඔහුට ඇමතුමක් ගත්තෙමි. අනෙක් පසින් හුගක් පමා වී ඇමතුමට ප්‍රතිචාර දැක්වීය. ‘‘හෙලෝව් සදා.‘‘ ‘‘ඔයා තාම කැම්පස් එකේද ගගන.‘‘ මම එකවරම විමසුවෙමී. මට අවශ්‍ය වී තිබුණේ ඔහු මෙතරම් ඇමතුමක් ගැනීමට පමා වූ හේතුවයි. වැටෙන්නට ඔන්න මෙන්න වු කදුළු කැට දෙකක් සිර කර ගත් දෑස් බිමට නැඹුරු කරගෙන ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් වුන්නෙමි. ‘‘ අපි අද කලින්ම ආවා සදා. මම දැන් නැන්දලාගේ ගෙදර. නැන්දා එක්ක කයියට අහු වුණා. දන්නේ නැද්ද ඉතින් කාලෙකින්නේ.‘‘ ඔහුගේ වචන තුළ සතුටක් ගැබ්ව තිබිණි. වචන අතර වරන් වර එක් වූ සිනා හඩ එය කියා පෑවේය. ‘‘හරි හරි කමක් නෑ . කොහොමද? ඉතින්. හොද යාළුවෙක් එහෙම සෙට් වුණේ නැද්ද?.‘‘ මා නැතිව ඔහුට පාළු නැතැයි සිත මට නැවත නැවත කියද්දී මම එය අමතක කර දමන්නට උත්සහ ගත්තෙමී. මේ මට හිතෙන විදිය වෙන්න ඇති. අද ගගනට විශේෂ දවසක්නේ. කොහොම හරි එයා හිනා වෙලා ඉන්නවනේ ඒ ඇති. ‘‘යාළුවෝ නම් ගොඩයි සදා. නියම බොක්කවල් ටිකක් හම්බුණා.‘‘ ‘‘හ්ම්ම් .. ඔයා කෑවද? අපේ නම් ලන්ච් බේරේක් එක දැන් ඉවර වෙන්න එන්නේ.‘‘ ‘‘තාම නෑ නැන්දා තාම උයනවා.‘‘ ‘‘බඩගිනීද?‘‘ අමාරුවෙන් උගුරෙන් පල්ලට දා ගත් බත් කටවල් කීපයද අපරාදයක් යැයි මට සිතුනි. ‘‘සදා මම පස්සේ ගන්නම්.‘‘ කිව් ඔහු එක වරම ඇමතුම විසන්ධි කලේය. කුමක් වූවා දැයි සිතා ගැනීමට නොහැකී වු මම මද වෙලාවක් දුරකථනය දෙස බලා සිටියෙමී. නැද්දා වත් කතා කරන්න ඇති. මටම පවසා ගත් මම කාර්යාලය තුළට ඇතුල් වුනෙමී. දිවා වීවේකයට වඩා වැඩි කාලයක් මම එළයේ හිද ඇති බව මට වැටහුණේ සියල්ලම් තම කාර්යයන් වල නිරතව සිටිනු දැකීමෙනී. මගේ අසුණට නොගිය මම අනුහස් සර් හමුවට ගියෙමී. එක වරම සිතට නැගුණ ආකල්පය ක්‍රියාවට නංවන්නට අවශ්‍යම බව හැගුණු නිසා මම එලෙස කලෙමී. ‘‘සර්.‘‘ ‘‘ආ... සදනී.. එන්න එන්න... ඇයි.‘‘ ‘‘මට සර්ගෙන් ඉල්ලීමක් කරන්න තියෙයි.‘‘ මම මදක් කේන්තියෙන් බව තේරුම් ගත් නිසාමදෝ මුහුණට බැරෑරුම් බවක් ආරූඩ කර ගත් ඔහු මා දෙසම බලා වුන්නේය. ‘‘සර් .. සර්ගේ මල්ලීට කියනවද? ආයෙත් මාව හම්බෙන්න මෙහෙට එන්න එපා කියලා.‘‘ ‘‘ඇයි සදනී කේන්තියෙන්. එයා අදත් ආවද?.‘‘ ‘‘ඔව් සර්. මම කැමති නෑ එයාව හම්බෙන්න.‘‘ එලෙස පැවසු මම අනුහස් සර්ගේ කාමරයේ වීදුරු දොර තල්ලු කරගෙන පිටතට ආවෙමී. හවස් වන විට මට දැනුනේ මා ගැනම ලැජ්ජාවකී. මොකද්ද මම ඒ කරපු වැඩේ. ගගන නැති එක දවසට එයාගේ ඈත් වීම ඉවස ගන්න බැරි නිසා තමා මේ සේරම. ඒ මදිවට ගගනට මක් වෙලාද? මෙච්චර දවසම බලන් ඉදලා කෝල් එකක් ගත්තම බුදු සරණයි කිව්වෙත් නෑ දඩස් ගාලා තිබ්බා. නැන්දා කතා කලාම කියමුකෝ . එහෙම පැනලා යන්න ඕනෙද?. මට ආදරෙයි කියනවා මහලොකුවට. මම එයාගේ යාළුවෙක් කියලාවත් එයාලට කියන්න බැයිද? මම සිතින් දොස් පැවරුවෙමී. නමුත් මට විසදුමක් වත් සහනයක් වත් හමු නොවීය. මම නැවතත් අනුහස් සර් හමුවට ගොස් කලින් සිදු වූ දෙයට සමාව ඉල්ලුවෙමී. ‘‘හරි හරි සදනී. ඔයා මොකක් හරි ලොකු ශොක් එකක ඉන්නේ බව මට පේනවා.‘‘ වැඩි පුර කතා කිරීමට අකමැති වූ මම ඔහුගේ විමසිම් වලින් මිදි ආවෙමී. වැඩ අවසන් වි නිවසට ගියත් මට කිසිමි සහනයක් නොවීය. බස් එකෙන් බැස ගත් මොහොතේ සිටම ගගන නැති අඩුව තදින් දැනෙන්න විය. වෙනදාට ගගන සමග සැන්දෑ අදුර මැදින් මේ ගුරු පාර දිගේ ගමන් කරන අයුරු මට සිහි පත් විය. ආයි අපිට එහෙම කාලයක් එන එකක් නැද්ද ගගන. ‘‘දු ගගන පුතා කොල් කලාද?‘‘ අම්මා විමසන විට මගේ වේදනවා තවත් විසල් විය. වැඩ නිම වූ මොහොතේ සිටම මම ඔහුට ඇමතුම් ගණනාවක් ගත්තෙමි .ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ‘‘දවල් කතා කලා අම්මේ .‘‘ මම ස්තොප්පුවේ වු පුටුවකට බර වෙමින් කීවෙමී. ‘‘සේරම හොදින්ද?.‘‘ ‘‘ඔව් අම්මේ ගගන සතුටින් ඉන්නේ. පිට තැනක නෙමෙයිනේ නැන්දලාගේ ගෙදරණේ.‘‘ මම අම්මා දෙස නෙබලාම, වෙනතක නෙත රදවාගෙන පැවසුවෙමී. ‘‘දු ඔයා දුකින් නේද . දුක් වෙන්න එපා ළමයෝ. ගගන පුතාටත් අනාගතයක් තියෙන්න ඕනෙනේ එයාට තනි රැකලම හරි යනවාද?.‘‘ අම්මා සිණාසෙමින් පැවසුනේ මා හිනැස්සවීමට බව මම දනිමී. මට එය විහිළුවක් ලෙස නොදැනුනී. ‘‘ඒත් අම්මේ....‘‘ ‘‘හරි හරි දූ... ටික දවසක් යනකන් සාංකාව තියෙයි. ගගන පුතත් නොකිව්වට පාළුවෙන් ඇත්තේ. පුංචී කාලේ ඉදන්ම ඔයාලා දෙන්නා එකටමනේ හිටියේ.‘‘ ඇයිත් මා අසලම වු පුටුවට බර වෙමින් කීවෙමී. ස්තෝප්පුවේ වු පිටු දෙකක වාඩි වුණ අපි දෙදෙනාම අදුර දෙස නෙත් යොමාගෙන වුනනෙමු. පරිසරය පුරාම වුයේ කළු පැහැ සෙවනැලි ගොඩක් පමණකි. ඒ අතරතුර අම්මා මමත් ගගනත් නොතේරෙන වයසේදී කල කි දෑ මා සමග පවසන්න විය. ඉන් මගේ සිත තව තවත් රිදුන් දුනී. දුරකථනයේම නෙත රදවාගෙන වුන් මම ඔහුගෙන් ඇමතුමක් බලාපොරොත්තුවෙන් වුන්නෙමී. නමුත් ඔහුගෙන් ඇමතුමක් නොවීය. මම ගන්නා ඇමතුම් වලටද පිළිතුරු නොවීය. අම්මාගේ වදෙන් පොරෙන් බේරෙන්නට බත් කටල් කිපයක් කෑ මම නිදි මත බව පවසා කාමරයට වැදුනෙමී. දුරකථනයට නෙත යොමාගෙන මම බලා වුන්නේ ගගනට කොයි මොහොතේ හො මා සිහිපත් වේවී කියන බලාපොරොත්තුවෙනී. එහෙත් ඔහුට අද මා ගැන මතකයක් නැතැයි මගේ සිත වැළපෙන්න විය. ඒ වේදනාව කදුළු බවට පත් වී රෝස මල් පොකුරක් ගෙත්තම් කර තිබී රෝස පැහැ කොට්ටා උරය තෙත් කරන්න විය. හවස් වු මොහොතේ සිටම දිනිදු මට දිගින් දිගටම ඇමතුම් ගත්තේය. කෙටි පණිවිඩ එව්වේය. ඒ සෑම පණිවිඩයකම මගෙන් සමාව ඇයැද තිබුණි.මම අකමැති බව දන්නවා නම් ඔහු මා බලන්නට කාර්යාලයට නොඑන බව පවසා තිබුනී. නමුත් මට ඔහු පිළබද අනුකම්පාවක් වත් ඇති නොවීය. මම ඔහුට පිළිතුරු නොදුන්නෙමී. ගගන මට පිළතුරු නොදුන්නේය. වෙන දෙයක් වෙයි .. මම කොහොම හරි නිදා ගන්නවා. මම පොරවනය හිසේ සිට පොරවාගෙන නිදා ගන්නට උත්සහ ගත්තෙමි. නමුත් නින්ද නොයයි. මම ඔයාට ආරෙයි කිව්වේ නැති නිසාද ගගන ඔයා මට මෙහෙම කරන්නේ. මම ඔයාට ආදරෙයි කියලා තිබුණා නම් අද මට මීටත් වැඩිය දුක හිතෙයි නේද කියා මම සිහි කලෙමී. එවර දුරකථනයේ ආලෝකය වරින් වර දැල්වෙමීන් ඇමතුමක් එන බව දිස් වන්න විය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 24 Jan 2017 04:37 PM සඳුනිVeteran MemberPosts:2462 24 Jan 2017 01:47 PM බිසි නැති කාලයක් නැ කියන්න හි හි DanuLiyanageVeteran MemberPosts:3457 24 Jan 2017 12:35 PM kathaa nam mokuth kiyewwe ntho mama busy me kaalaye සඳුනිVeteran MemberPosts:2462 24 Jan 2017 09:14 AM අනේ බොරු නොකියා හිටු sha733Super Senior MemberPosts:7332 24 Jan 2017 06:53 AM හරිම ලස්සනයි අවසන් දෙබස් ටිකටං මටත් නිකං ඇඩෙන්න වගේ ආව RosiSuper Senior MemberPosts:5335 23 Jan 2017 04:42 PM ස්තුති නංගියේ අපි ට කියවන්න රසවත් කතාවක් දෙනවට දිගටම . සඳුනිVeteran MemberPosts:2462 23 Jan 2017 11:49 AM හිරුයි තරුයි. දාසයවන කොටස. ‘‘ඉන්නවෝ ඉන්නවෝ.‘‘ මම දුවගෙන ඉදිරිපසට ආවෙමී. ‘‘සදා වැඩකද හිටියේ.‘‘ ‘‘නෑ නෑ කම්මැලි කමේ හිටියේ. ඔයා ආපු එක හොදයි.‘‘ මම නිවසේ ඉදිරිපිට පඩි කීපය බැස මිදුළට එමින් කීවෙමී. ‘‘ටිකක් අරහෙට යමු‘‘ ඔහු වත්ත පහළ පෙන්වමින් කීවේය. අපි පුංචී කාලේ සිට දුව පැන සෙල්ලම් කළ පොල්, අඹ , කොස් වැනී ගසුත් තවත් පළතුරු ගස් සහ තවත් වටිනා රූස්ස ගස් වලිනුත් පිරි ඒ පෙදෙස පුරා අපේ මතක සැමරුම් කැටි වී ඇත. මම රැකීයාවට යාමත් සමග ඒ පෙදසට යන්නට කාලයක් අපට හිමි නොවීය. ඒ හේතුව නිසා මගේ සිත පැවසුවේ අපි මොනතරම් නම් දුරස් වී ඇත්ත, අපේ ජීවිත මොන තරම් වෙනස් වි ඇත්දැයි යන්නයි. අනේ අපි ලොකු නොවි හැමදාම පුංචී ළමයි වෙලා හිටියා නම් මම ලොකු සුසුමක් හෙළුවෙමී. හිස සලා ගගනගේ කීමට කැමති වුන මම ඔහු සමග වත්ත පහළට ඇදෙන්නට වුනෙමී. ‘‘සදා ඔයා දන්නවද හෙට මම කැම්පස් යනවා.‘‘ ‘‘අනේ ශෝක්නේ ඇත්තමද?‘‘ ‘‘ඔව්.‘‘ ඔහු කිව්වේ දුකින් මුහුණ බිමට නැඹුරු කර ගනිමින් වූවේය. ‘‘ඇයි ගගන දුකින්.‘‘ ‘‘ඔයාට දුක නැද්ද? හෙටින් පස්සේ අපිට මෙහෙම හමබවෙන්න වෙන්නේ නෑ. ඔයා දකින්නත් වෙන්නේ නෑ.‘‘ ඔහු කියන දෙයි වේදනාව මටත් නොහැගෙනවා නොවෙයි. නමුත් මම ඔහුගේ සිත සැදීමට උත්සහ ගත්තෙමී. ‘‘දුකයි දුකයි ගගන. ඒත් මේ අපේ ජීවිත වල හැටිනේ. ඔයා ඩොක්ටර් කෙනෙක් වෙලා එන්නකෝ.‘‘ මම ගගනගේ උරහිස මත අත තබා ගමන නතර කරමින් කීවෙමී. ‘‘ඔයා වෙනස් වෙන්නේ නෑ නේද?‘‘ ගගන එවර මගේ දෙවුරෙන් අල්ලාගෙන මගේ දෙනතට එබිකම් කලේය. ඒ ඇස් වල දහසකුත් දේ ලියවී තිබුණී. ඒ හැම හැගීමක්ම මට හොදින්ම වැටණී. මමත් මොහොතකට ගමන නතර කර ඔහු දෙස බලා වුන්නෙමී. ‘‘නෑ ගගන .‘‘ ‘‘මම හෙට යනවනේ කෙල්ලේ. ඔයාට තවමත් බැයිද? ඔයාගේ ඔය ඇස් වල ලියවිලා තියෙන ආදරේ පිළිගන්න.‘‘ ‘‘මගේ ඇස් වල‘‘ මම ඔහුට නෙත් කොනින් ඉගි කර පහළට දුවගෙන ගියෙමී. මම ආපසු හරී බලන විට ඔහු එතනම නතරවී මා දෙස බලා සිනාසෙමින් සිටියේය. දුවගෙන ගොස් වත්ත පාමුල පිහිටි ගල මත හිට ගනිමින් නතර වුනේමි. ගලෙන් පහළ ඇත්තේ අපි රවුමෙන් එන විට හමු වන ගුරු පාරයි. ගලෙන් එහා පැත්තට ඇත්තේ ලොකු හෙලකී. එතනින් පහළට කෙනෙක් වැටුණ හොත් ජීවිතය පවා නැති වීමට ඉඩ ඇත . ඒ තරම් උසක් ඒ ගලත් ගුරු පාරත් අතර ඇත. මම පරිස්සමට ගල මැද්දට වෙන්න හිටගෙන ගගනට අත වැනුවෙමී. ‘‘සදා බලාගෙන . කකුලක් හරි ලිස්සුවොත්.‘‘ මා දෙසට එමින් ගගන පැවසුවේය. ගුරු පාරේ කිසිවෙක් නැත. අප ජීවත් වුයේ ගමක් තුළ නිසා ඒ පාරවල් වල නිතර සෙනග නොමැත. එනිසා දැන් පෙනෙන තෙක්මානයටම ඇත්තේ අපි දෙදෙනා පමණකී. මම ගල මත පැළවී තිබූ අක්කපාන ගස් කීපයක් උදුරා දමා තැනක් සකසාගෙන එතන වාඩි වුනෙමී. ගල මතට නැගුණු ගගනද මා අසලින්ම වාඩි වුනේය. ‘‘ඔයාට මතකද සදා ඉස්සර අපි මේ ගලේ සෙල්ලම් ගෙවල් දානවා. සෙව්වන්දී ටීචර් එන්න එපා කියද්දී අපි හොරෙන් මෙතෙන්ට එනවා.‘‘ ඔහු ගුරු පාර දෙස නෙත් යොමාගෙන අතීතය සිහි කරන්න විය. ‘‘අපේ මහත්තයා බබාට හොදටම උණ බෙහෙත් ගෙන්න යන්න වෙයි.‘‘ එසේ පැවසූ මම හයියෙන් සිනාසුනෙමී. මා පැවසුවේ කුඩා කළ අපි සෙල්ලම් ගෙදරක පුංචි බෝනික්කාගේ අම්මා සහ තාත්තා වී ඇති කර ගත් දෙබසකී. ඒ සිදු වීම අපේ ජීවිත වලට බොහෝ ළගය. අද ඊයේ සිදු වුණා වැනීය. මගේ දගකාර කතාව සමග සිනා සුණ ගගන මා වෙතට මදක් ලං විය. ‘‘ඔයාගේ හිතේ හීනයක් නැද්ද කෙල්ලේ ඒ කතාව ඇත්ත කතාවක් වෙනවා දකින්න.‘‘ මම එවර ගොළු වුනෙමී. කුඩා කළ සිටම මට එවැනී සිහිනයක් නොතිබුණා යැයි කිව නොහැකිය. නමුත් මට එවැනී සිහිනයක් ඇත්දැයි පැහැදිළි වැටහීමක් නැත. ‘‘සදා.. කියන්නකෝ.‘‘ ඔහු මගේ අතකින් අල්ලා ගත්තේය. ඔහුගේ අතැගිලිවල උණුසුමත් සමග මගේ හද ගැස්ම වේගවත් විය. ‘‘හ්ම්ම්ම්.‘‘ ‘‘හ්ම් ගාන්නේ බස්සියක් වගේ.‘‘ ඔහු තවත් නොසිතාම මා ළගටම කිට්ටු වී වාඩී වීය. අනතුරුව මා ඔහුගේ ඇගට වාරු කර ගත්තේය. ඒ මොහොතෙහි මගේ හිතේ තිබු හැගීම තේරුම් ගැනීම අපහසුය. මගේ හිතේ තිබෙන හැගීම් මටම දැන් වෙන් කර හදුනා ගත නොහැකිය. නොහැකිමත් නොවේ ,මම වෙන් කර හදුනා ගැනීමට හිත වෙහෙසීමට අකමැතිය. මම නිහඩවම ඔහුගේ උර තලය මත හිස හොවාගෙන වුන්නෙමී. ‘‘ඔයා හැමදාමත් මගේ ළග මෙහෙම ඉන්න. ඔයා වචනෙන් නොකිව්වට ඔයාගේ හැගීම් මට දැනෙනවා සදා.‘‘ මම තවත් ඔහුගේ සිත නොපෑරුවෙමී. මතු දිනකද ඔහුගේ සිත පෑරීමට මගේ බලාපොරොත්තුවක් නොමැත. නමුත් මම දෙලොවක් අතර වෙමී. දිනිදු... ඔහු හමු වී ටික කාලයකී. නමුත් දුටු මුල් දිනයේ සිටම මගේ සිතට අමුතු හැගිමක් ඇතුල් වී ඇත. ඔහු අතහැරීමට මගේ සිත කොහෙත්ම අකමැතිය. ඔහුගෙන් දුරස්වන වාරයක් පාසා ගගනගේ සතුට ගැන සිතා මම සතුටු වුනත්. ඔහුගේ දුරස් වීම යටි හිතට තද වේදනා ගෙන දුනි. ‘‘ඔයා හෙට උදෙන්ම ඇහැරල මාව පිටත් කරන්න එනවා නේද?‘‘ ගගන මගේ අතක් සිනිදුවට පිරිමදිමින් විමසද්දී මම කල්පනාවෙන් මිදුනෙමී. ‘‘කියටද යන්න තියෙන්නේ.‘‘ පැය භාගයකට වැඩි කාලයක් එතන කතා කරමින් සිටි අපි සැදෑ අදුරත් සමග නිවස දෙසට පිය නැගුවෙමු. අදන් පසු සුළු කාලයකට ගගන අපෙන් දුරස් වන නිසා අම්මාද වුන්නේ වේදනාවෙනී. එනිසාම අද රෑ ආහාරය ගෙන යන ලෙස ඇය ගගනට යෝජනා කලාය. රාත්‍රී අට වන තුරු රෑපවාහිණිය ඉදිරිපිට රැදී සිටි අපි ඉන් පසු රාත්‍රී ආහාරය ගත්තෙමු. ‘‘සෙව්වන්දී ටීචර් එහෙනම් මම යන්නම්. හෙට උදෙන්ම ඇහැරෙන්නත් ඕනෙනේ.‘‘ ගගන යන්නට සුදානම් වෙමින් විමසුවේය. ‘‘හරි ගගන පුතා. පුතා දැන් කොහෙද බෝඩ් වෙන්නේ. ඒ සේරම දේවල් ලෑස්තිද?.‘‘ ‘‘බෝඩ් වෙන්න ඕනේ නෑ සෙව්වන්දී ටීචර්. අපේ නැන්දලාගේ ගෙදර ඉදන් මට යන්න පුළුවන්.‘‘ ‘‘ආ.. ඒ කියන්නේ නැන්දලාගේ ගෙදරද නවතින්නේ .. අනේ එහෙනම් හොදයි. බෝඩිං කාමර වල කෑමත් හරියකට නෑනේ. පිට තැනක් නෙමේනේ නැන්දා නම්.‘‘ අම්මා සතුටින් පැවසුවාය. ‘‘ඔව් සෙව්වන්දී ටීචර්. මම කාලෙකින් එහෙ ගියෙත් නෑ. අම්මා කෝල් කරලා කියලා මම හෙට එහෙ එනවා කියලා.‘‘ ‘‘හොදයි හොදයි .. හොදට ඉගෙන ගන්න. දවසක ගගන පුතා ඩොක්ටර් කෙනෙක් වෙලා ඉන්නවා දකින එක තමා අපේ එකම ආසාව.‘‘ අම්මාගේ දෙපා නැමද ආශිර්වාද ගත් ගගන වේදනාව පිරි දෑස් වලින් මා දෙස බැලුවාය. ‘‘දුක් වෙන්න එපා ගගන වීකෙන්ඩ් වල ඔයාට එන්න පුළුවන් වෙයි නේ. අනික කෝල් කරන්න පුළුවන්නේ.‘‘ ඔව් කියන්නට මෙන් හිස සැලු ගගන අවසන් වරටත් මා දෙස බලා පිටව ගියේය. ඔහුගේ සිත සනසන්නට අවශ්‍ය නිසා නිහඩව වුන්නත් සිත තුළ ලොකු වේදනාවක් සිරවි තිබුණි. මම අම්මාට නිදි මත බව පවසා කාමරයට වැදුනෙමී. යහනේ ඒ මේ ඇත පෙරළෙමින් මම නිදා ගැනීමට උත්සහ ගත්තත් මට නින්දක් නොවිය. වරින් වර ගගනව සිහිපත් විය. මධ්‍යම රාත්‍රියත් උදාවන්නට ආසන්න වන විට මම හවස් වරුවම දුරකතනය බැලුවේ නෑනේද යනුවෙන් සිහි ගැන්වින. මම තවමත් මගේ ළග තිබු කුඩා දුරකථනය ගෙන පිරික්ෂුවෙමී.එහි දිනිදුගෙන් කෙටි පණිවිඩ සහ ඇමතුම් රැසකී. ඒ අතර ගගනගෙන්ද කෙටි පණිවිඩ කීපයක් විය. මම මුලින්ම ගගනගේ කෙටි පණිවඩ බැලුවෙමී. මට වගේම ගගනටත් අද නින්ද නොයන බව මම දැන වුන්නෙමී. ‘‘ ගගන ඔයා තාම නිදි නැද්ද?.‘‘ ‘‘ඔයත් තාම ඇහැරලද මම හිතුවා නිදි ඇති කියලා.‘‘ ඒ ගගනගේ පිළිතුරයි. ගගනත් මමත් මද වෙලාවක් කෙටි පණිවිඩ මගින් දුක තුනි කර ගැනීමට උත්සහ ගත්තෙමු. ඒ අතර තුර මම දිනිදුට පණිවිඩයක් යැව්වේ සමාව අයදිමිණි. ‘‘සොරි දිනිදු අයියේ. හෙට ගගන කැම්පස් යනවා. ඒක නිසා එයා අද හුගක් වෙලා මෙහෙ හිටියා. ඒ දුක නිසා මට පොන් එක බලන්නත් අමතක වුණා. ගී. එන් බී.එස්.‘‘ මම පණිවිඩය යවන පරක්කුවට ඔහුගෙන්ද මට පණිවිඩක් ලැබුණී. ‘‘මම දන්නවා රෑ කියටම හරි ඔයාට මාව මතක් වෙන බව. ගගන මටත් කිව්වා එයා හෙට යන බව.‘‘ දෙවියනේ මම නිසා මේ කොල්ලෝ දෙන්නම නිදි නෑ. මගේ සිතේ වු වේදනවා තව වැඩි විය. දෙදෙනාගේම පණිවිඩ මැද ඒක අයෙකුට වත් පණිවිඩ යවන්නට මට සිත් නොවීය. නින්ද නොආවත් මම නිහඩ වුණෙමි. නිදා ගැනීමට කෙතරම් රෑ බෝ වුණත් මම පාන්දර අවදී වී මුහුණ කට සෝදා රෑ අරදුමට උඩින් තවත් අත් දිග බැනියමක් ඇද ගෙන ස්තෝප්පුවට ගියෙමි. අම්මා උදෙන්ම අවදී වී මුළුතැන ගෙය තුළ උදේ ආහාරය පිළයෙල කරයි. මම ගගන එන තුරු මග බලා වුන්නෙමී. මොහොතකට පසු හිමිදිරි අදුර මැදින් කටහඩවල් කීපයක් සමග විදුලි පන්දම් එළි කීපයක් දකින්නට හැකී විය. ගග ඔහුගේ පියාත් සමග ගුරු පාර දිගේ එනු දැකීමෙන් මම මිදුලට බැස පාර අයිනට ගියෙමී. වෙනදාට අදුරේ එළියට බහින්නට බයේ අම්මාට කරදර කරන මම අද තනියෙම නිවසින් මදක් ඈත් වූ පාර අයිනට පැමිණ සිටිමී. ‘‘සදනී.. ඔයා තනියමද ආවේ. තාත්තා සිටි නිසාදෝ ගගන මට සදා නොකිව්වේය. නමුත් දුරස් වන මොහොතේ ඔහු මට සුපුරුදු ලෙස කතා නොකිරීම මගේ දුක තවත් වැඩි කිරිමට හේතු විය. ‘‘ඔව් තනියෙම ආවේ ගගන. අම්මා උයනවා.‘‘ ‘‘සෙව්වන්දී ටීචර්ට කියන්න මම ගියා කියලා.‘‘ ඔහු එලෙස පවසා පිට වන්නට උත්සහ ගත්තේය. මා පසු කර පියවර කීපයක් තබන විට මට තවත් ඉවසා සිටිය නොහැකි විය.හිමිදිරි සීතලත් සමග හිරි වැටී තිබු කොපුල් මත උණුසුම් කදුළු බිදු රූරා යන්න විය. ගගනගේ තාත්තා සිටින බවද අමතක කළ මම දුවගෙන ගොස් ගගනගේ අතක එල්ලුනෙමී. ‘‘ගගන ඔයා වීකෙන්ඩ් වල එනවා නේද?.‘‘ මම විමසුවෙමි.ඔහු මගේ අතින් ඔහුගේ අත මුදා ගැනීම උත්සහ ගනිමින් ‘‘ ඔව් ඔව් මම හැම සතියෙම කොහොම හරි ගෙදර එනවා‘‘ යි පැවසුවේය. ඔහු එලෙස කරන්නේ ඔහුගේ පියා සිටින නිසා බව මම දනිමී. සිත තුළ වු වේදනාව අවට මුළු ලෝකයම අමතක කරන්නට සමත් විය. මම තවත් තදීන් ඔහුගේ අත අල්ලා ගත්තෙමි. ‘‘අපිට බස් එක අල්ල ගන්න බැරි වෙයි සදනි. අපි යන්නම්.‘‘ ඔහුගේ සිතේ වු දුක හොදින්ම ඒ වචන වල ගැබ්ව තිබුනී. එමෙන්ම තවත් ඔහුට මා සමග කීමට දහසකුත් දේ සිතේ ඇති බවද මට වැටහුනි. ‘‘අනේ ගගන ඉක්මණට ආපහු එන්න.‘‘ දෙවරක් නොසිතු මම ඔහුගේ ගෙළ වටා දෙඅත් යවා වැළෙද ගත්තෙමී. ගගන ඉන් බොහො කළබල වන්නට ඇත. ඔහු මා ගෙන ඉවත් වීමට උත්සහ ගත්තේය. එහෙත් මම කදුළු සලමින් ඔහුගේ තුරලට තවත් ගුලි වුනෙමී. අවසානයේ ඔහු අසහනකාරී හැගීම අත හැර මා වැළදගෙන.‘‘ දැන් පරිස්සමට ගෙදර යන්න සදා.. මම ඉක්මණටම එනවා‘‘ යැයි පැවසුවේය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 23 Jan 2017 11:47 AM සඳුනිVeteran MemberPosts:2462 22 Jan 2017 03:05 PM හිරුයි තරුයි. පහළොස් වන කොටස. ‘‘එහෙනම් අපි යනවා දිනිදූ . හෙට උසාවියෙදි ඔයාට ඇප ලැබෙයි.‘‘ මම සැහැල්ලුවෙන් එසේ පවසා පිට වෙන්නට සැරසුවෙමි. ‘‘මාව මගාරින්න එපා සදා..‘‘ ඒ හඩ සමග මගේ සිතට අමුතුම හැගීමක් දැනෙන්න විය. සදා ඒ ගගන මා අමතන නමයි. ඒ නම ඇසෙනවත් සමග මට ගගන සිහිපත් වී දැනුනේ බියකි. ඈත් විමට උත්සහ කළත් නැවත නැවත හමු වී අපේ මතකන් අලුත් කරන මේ සිදුවීම මගේ ජීවිතයට යහපතක්ද නැතිද කියන්නට මට නොහැගෙයි. තවත් කිසිත් නොපැවසු මම නැවත අවසන් වරට ඔහු දෙස බලා පිටව ආවෙමී. ඒ පිළිබද කිසිත් නොපැවසු සයුමී මේ සිදුවන්නේ මොනවාදැයි තේරුම් ගැනීමට නොහැකිව බලා වුන්නාය. කාර්යාලයට ඇතුල් වූ පසු සයුමී මගෙන් දිනිදු ගැන විමසුවාය. ලොකු සම්බන්ධයක් නැතත් මීට ප්‍රථම අහම්බෙන් ඔහු මුණ ගැසී ඇති බව මම පැවසුවෙමී. ඊට සයුමිගේ ප්‍රතිචාරය වුයේ මට නම් හිතේන්නේ දිනිදූ ඔයාට ආදරේ කරනවා යන්නයි. එය එසේ බව මම දනිමී. නමුත් මට එලෙස විය නොහැකිය. කාර්යාලයට පැමිණ පැයකට පමණ පසු මම කාර්යාලිය වැඩක් සදහා අනුහස් සර්ගේ කාමරයට ඇතුල් වුනෙමී. ‘‘සදනී ඔයා පොළිසියට යන්න ආව ඒක හුගක් හොදයි.‘‘ ඔහු වේදනවා පිරි මුහුණින් යුතුව පැවසුවේය. ‘‘ඇයි සර්‘‘ ඔහුගේ හැගීමේ අසාධාරණත්වය නිසාම මම පුදුමයෙන් විමසුවෙමී. ‘‘ඔයා ආපු නිසා අපේ පොඩීට හොදටම ලැජ්ජා හිතුණා. දැන් එයාට තේරෙන්න ඇති තමන් කැමති අය ළගදි දැනෙන අපහසුව වරදක් කළාම.‘‘ ‘‘මන්දා සර්.‘‘ මම ලොකු සුසුමක් හෙළුවෙමී. මේ ගමන යාමට කැමති වීම මගේ ජීවිතයේ ගත් වැරදිම තීරණයක් දැයි වරක මට සිතුනෙමි. ‘‘සදනී.‘‘ ‘‘ඇයි සර්.‘‘ ‘‘ඔයා ආයි මට කිසිම උදවුවක් කරන්න ඕනේ නෑ. පොඩී කවදාවත් හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මම කැමතී නෑ එයා නිසා ඔයාගේ අනාගතේ විනාශ වෙනවාට.‘‘ මට ඔහුගේ කතාව හරිද වැරදිදැයි නොතේරෙයි. එනිසාම මම නිහඩ වුණෙමි. විසිරුණු සිතකුත් සමග මම සුපුරුදු පරිදි බස් නැවතුම අසලින් බැස ගුරු පාර දිගේ ඉදිරියට ඇදුණෙමි. ‘‘සදා‘‘ මම තිගැස්සී ආපසු බැලුවෙමී. ඒ ගගනගේ හඩයි. දැන් මා හට දිනිදුත් අමතන්නේ සදා ලෙසය. ගගනත් අමතන්නේ සදා ලෙසය. හඩවල් දෙකක් අතර සිරවුණ මගේ සිත බියෙන් බරිත වී ඇත. ඉදිරියට මොන විදියේ දෙක් වේදැයි සිතීමට වත් මම අකමැති වුනෙමී. ‘‘මොකද මූණ ඇද කරන්. දිනිදුට ඇප දුන්නද?.‘‘ මා පිටු පසින් දුවගෙන විත් මා අසල නැවතී මා සමග පියවර නගමින් ගගන විමසුවේය.මම දිනිදුගේ ගැටලුව පිළිබද කෙටියෙන් කීවෙමී. දිනිදු යන නම ගගන සමග පැවසීමටද මට දැනුණේ බියකී, අපහසුතාවයකී. පැවසූ පරිදිම පසු දින දිනිදුට ඇප ලැබී තිබිණි. තුවාල ලැබ රෝහල් ගත කර තිබු අනිත් කෙනාට සුවයක් තිබු නිසා ඔහුට ඇප ගැනීම පහසු වී තිබුණේය. අනුහස් සර් දිනිදුගේ නිදහස් වීමත් සමග මා සමග ඒ බව පැවසුවේ අලුත් පනක් ලද කලක මෙනි. දින කීපයක් ගෙවී ගියත් දිනිදුගෙන් මට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. අනුහස් සර් වුව දිනිදු පිළිබද කතා නොකලේය. දිනිදුට මා මගහැරී තිබීම මට සතුටක් ලෙස දැනුනේ ගගන නිසාවෙනී. මම හොදින්ම දන්නා කරුණ දිනිදුට ළං වීම ගගනට වේදනාවක් වන බවයි. මමත් සිත සැහැල්ලු කරගෙන ගගන සමග පෙර පරිදිම සුහදව වුන්නේමී. ඒ අතර කාලය තුළ ගගනට වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට වරම් හිමි වී තිබුණි. එය මටත් ඔහුටත් ඔහුගේ පවුලේ සියල්ලන්ටත් ලොකුම සතුටක් වී තිබුණි. මා ලබා තිබු සමාර්ථත් සමග මට සරසවි වරම් ලැබී තිබුණේ දුෂ්කර පාලාතකටය. අම්මා තනිව දමා එහි නේවාසිකව ඉගෙනීමට මා හට සිත් නොවීය. ඇගේ තනි නොතනිය, දුකට සතුටට සියල්ලටම සිටිනනේ මා පමණකී. එනිසාම මම සරසවි වරම් අත්හරින්නට තීරනය. මා එතරම් දුරකට යැවීමට අම්මාද අකමැති විය. එනිසාම සරසවී යනවා වෙනුවට රෑකියාව කරන ගමන්ම බාහිර උපාධි සදහා අයෙදුම් කළෙමී. අම්මාගේ අදහස වුවේ නම් නැවත වරක් උසස් පෙළ ලියන ලෙසයි නමුත් මම එයට අකමැති වුනෙමී. ගගන වෛද්‍ය විද්‍යාලයට යාමට සුදානම් වෙමින් සිටීයේය. මමත් දැන් රැකියාවක් කරන අයෙකු නිසා ඔහුට අවශ්‍ය දේවල් රැගෙන දීමට උත්සහ ගත්තෙමී. නමුත් ඔහු ඊට අකමැති විය. ඔහුටත් නේවාසිකව නැවතී ඉගෙනීමට සිදු වි තිබු නිසා මම බලෙන් මෙන් ඔහුට ඇදුම් කිපයක් රැගෙන දුන්නෙමී. මෙතරම් කල් එකටම පැමිණි ගගනගෙත් මගේත් ජිවිත වෙනස්ම මාර්ග වලට යොමු වෙමින් පවතී. ඔහුගෙන් මෙලෙස දුරස් වීම මට වේදනාවකි. නමුත් ඔහු දිනක වෛද්‍යවරයෙකු වනු දැකිම මගේද එකම සිහිනය වී තිබුණි. දිනදුගේ සිදුවීමෙන් මසක් පමණ ගත විය. ඔහු ගැන කිසිදු ආරංචියක් නොමැත. මම අනුහසු සර්ගෙන් වීමසීමටද නොසිතුවෙමි. දිනක් දහවල් ආහාරයෙන් පසු මම මගේ කාරියාලීය රාජකාරීවලට යොමු වී සිටියෙමි. මම මෙම ආයතනයේ රැකියාවට එක් වී මාස හයකට වැඩි වු නිසා මගේ සේවට ස්ථිර කර තිබිණී. මම තව දුරටත් ණුපුහුණු සේවිකාවක නොවීමි. එනිසා මට දැන් පැවරී ඇති වගකීම පෙරට වඩා වැඩි වී තිබුණි. මම ලහි ලහියේ මගහරුණු කාර්යයක නියැලී වුන්නෙමි. ‘‘මිස් සදනී .ඔයාව හම්බෙන්න විසිටර් කෙනෙක් ඉන්නවා.‘‘ පිළිගැනීම් අංශයෙන් පැමිණි ඇමතුමෙන් මම පුදුමයට පත් වුණෙමී. කිසි දා මා හමුවට කිවෙක් ආයතනයට පැමිණ නැත. මම කඩිනමින් දුරකථනය පිරික්ෂුවෙමී. මගේ පොන් ඕප් වෙලාවද්ද? හදිස්සියක් නිසා ගගනවත් ඇවිද්ද? ‘‘හරි මිස් මම එන්නම් පොඩ්ඩක් ඉන්න කියන්න.‘‘ ‘‘ඕකේ‘‘ අනෙක් පසින් ඇමතුම විසන්දී විය.කරමින් සිටි කාර්ය නවතා දැමු මම පිළිගැනිම් අංශය වෙත පැමිණයේ චකිතයෙන් වෙමී. ‘‘කවුද මිස් මාව හම්බෙන්න ආවා කිව්වේ.‘‘ මම පිළගැනීමේ නිළධාරිනයගෙන් විමසුවෙමී. ‘‘අර ඉන්නේ වාඩී වෙලා.‘‘ සුව පහසු සෙටියේ සගරාවකට මුහුණ යොමාගෙන වුන් පුද්ගලයා පෙන්වමින් ඇය කිවේය. ඔහු දුටු සැනින් මට සැගවෙන්නට උවමනා විය. නමුත් සිත ඔහු හමුවීම බලාපොරොත්තු විය. යටි හිත තුළ තැම්පත් වු දෙයක් නැවත් ඉස්මතු වීදෝ මම ඔහු වෙතට ගියෙමී. ‘‘සදා....‘‘ ඔහු මගේ සිත හිරවට්ටමින් මා දෙස බලා විමසිය. මොහෙතකට අප නෙත් එකට ගැටුණි. ඒ දැහැන බිද දැමු මම ඔහු ඉදිරි පස වු අසුනේ වාඩි වුණෙමී. ‘‘සදා ඇයි ඔයා මාව මගාරින්නේ‘‘ ඔහු වේදනාවෙන් මගේ දෙස බලා විමසුවේය. ඔයා මොකද මාව හොයාන ආවේ නැත්තේ.. පුදුමයකී මගේ සිතට විමසන්නට අවශ්‍ය වී තිබුණේ එලෙසිනී. මම පිළිගන්නට අකමැති වුවත් මගේ සිත ඔහු බලාපොරොත්තුවෙන් සිට ඇත බව නම් හොදටම පැහැදිලි විය.නමුත් මම තව දුරටත් නිහඩ වුවෙමී. ‘‘සදනී මම වැරදි දෙයක්ද ඇහුවේ.‘‘ඔහු මදක් මා දෙසට නැඹුරු විය. ‘‘ඔයාව මගාරින්න තරම් සම්බන්දයක් අපි අතර නෑනේ.‘‘ ‘‘ඇයි ඔයා එහෙම කියන්නේ. ඔයා එදා පොළිස් ඉස්ටේසන් එකට ආපු දවසේ ඉදන් මම අයියා අතේ මොන තරම් ඔයාට පණිවට එව්වද?‘‘ ‘‘මට පිස්සුද?.‘‘ මට ඉබේටම කියවුණෙමී. ‘‘ඔව් ඔයාට. අයියා කිව්වේ ඔයා මගේ යාළුවෙක් වෙන්නවත් කැමතී නෑ කිව්වා කියලා.‘‘ සිදු වී ඇති දෙය දැන් මට පැහැදිළිය. එදා පොළිසියට ගොස් පැමිණී වෙලාවේ අනුහස් සර් මා පැවසුවේ මගේ අනාගතය ගැන සිතා දිනිදුට ළං නොවන ලෙසය. එනිසා දිනිදුගේ පණිවිඩ ඔහු මට පවසන්නට නැතිව ඇත. ‘‘මට මොකුත්ම කිව්වේ නෑ සර්.‘‘ මම ලොකු සුසුමක් හෙළමින් කීවෙමි. ‘‘මොනවා. එතකොට ලොකු මට හැමදාම බොරුද කිව්වේ. මටත් හිතුණා. කොහොමත් ඔයා ඒ තරම් ගල් හිතක් තියෙන කෙනෙක් නෙමෙයි කියලා මම දැනන් හිටියා.‘‘ ඔහු මා දෙසම බලාගෙන කියවාගෙන යද්දී මම ඈතක නෙත රදවගෙන වුන්නෙමී. ‘‘ඇයි සදා. ඔයා කැමති නැද්ද මට. නැත්තම් වෙන බොයි කෙනෙක් ඉන්නවද ඔයාට.‘‘ ඔහු කෙළින්ම විමසුවේය. වැඩී වාර ගණනක් හමු වී නොතිබුණත් හමු වූ වාර කීපය තුළ ඔහු මගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය බව මම දැන වුන්නෙමි. නමුත් මට ඔහුට කැමති විය නොහැකිය. නිහඩ බව හුගක් දේවලට පිළිතුරු දෙන බව මම දනිමී. එනිසා මම නිසඩව වුන්නෙමී. ‘‘සදා මට කියන්න. එදා පාටී එකේදී ඔයා ළග හිටිය බොයි ඔයාගේ බොයි ප්රෙන්ඩ් ද?. මට ඇත්ත කියන්න. ඔයා අකමැති නම් මම ආයි ඔයාට කරදර කරන්නේ නෑ.‘‘ ඔහු තවත් මා දෙසට නැඹුරු විය. ‘‘නෑ මගේ ස්කෝලේ කාලේ ඉදන්ම යාළුවා, මගේ එක කුස උපන් සහෝදරයා වගේ.‘‘ ඔහුද මගේ ආදරය බලාපොරොත්තු වන බව කීමට මට සිත් නොවීය. ‘‘එහෙනම් ඇයි ඔයා මට අකමැති.‘‘ ‘‘අපි අදුරන්නෙත් නෑ. අනික මගේ හිතේ ඔයා බලාපොරොත්තු වෙන විදියේ හැගිමක් නෑ දිනිදු‘‘ මම ඔහු දෙස බලා කීවෙමි. ‘‘හරි ඉතින් අපි අදුර ගමුකෝ. අඩුම ගානේ අපි හොදම යාළුවෝ වත් වෙමු.‘‘ ඔහු ආයාචනාත්මකව පවසද්දී තවත් ඔහු මගහැරීමට මට නොහැකි විය. කතාව අවසානයේ නැවතත් මගේ දුරකථන අංකය ඔහුට ලබා දුන්නෙමී. ඔහු පිටව යාමෙන් පසු මම කෙලින්ම අනුහස් සර්ගේ කාමරයට පිවිසුනෙමි. ඔහු සිටියේ වෙනත් කාර්යයක නිරතව පරඝනක තිරය දෙසට නෙත යොමාගෙනය. දොර විවර වන හඩත් සමගම මා දෙස නෙත් කොනින් බැලු ඔහු‘‘ එන්න සදනී. මොකක් හරි ප්‍රශ්නයක්ද?‘‘ විමසුවේය. ‘‘සර් මම හම්බෙන්න දිනිදු ආවා‘‘ මම අසුනට බර වෙමින් කීවෙමී. ‘‘පොඩී මෙහෙ ආවා.‘‘ ඔහු පුදුමයෙන් මා දෙස බලා පැවසුවේය. ‘‘ඔව්.‘‘ ‘‘මොනවද කිව්වේ.‘‘ කරමින් සිටි කාර්ය නවතා දැමු ඔහු මගෙන් විමසන්නට විය. මම සිදු වු සියල්ල පැවසුවෙමී. ‘‘ ඔයාගේ කැමැත්තක් සදනී. මේ මාසෙම පොඩී හොදට හැසිරුණා. වැඩිය ඇවිදින්න ගියෙත් නෑ. ඔහොම හිටිය ආයෙත් වෙසන් වෙයි කියලා හිතුණ නිසයි මම ඔයාට ඒ ගැන කියන්නේ නැතුව පොඩීට බොරු කිව්වේ.‘‘ දිනිදු නැවතත් මා සමග කතා කරන්න පටන් ගත්තේය. කලිනුත් රෝසී ලෙස කතා කරනු ලැබුවේ මම බව මම ඔහුට පැවසුවෙමි. දිනෙන් දින අපේ ඇසුර වැඩි දිවුණු වුනත් ආදර ගැන ඔහු නිතර කතා නොකල නිසා මට තවත් ඔහු ගැන පැහැදුනෙමී. මෙවර මම දිනිදු මිතුරෙකු වග ගගනගෙන් වසන් නොකලෙමී. මමයි ගගනයි මෙන්ම ගගනයි දිනිදුයිද මිතුරන් බවට පත් වන්නට තරම් මේ ඇසුර බලවත් විය. ඒ කාල සීමාව තුළ මම දිනිදුව හදුනා ගත් අයුරින් අනුහස් සර් පවසන තරම්ම මුරණ්ඩුකාරයෙක් නොවන බව වටහා ගත්තෙමී. ‘‘ සදා .. සදා .. ඔයා ඉන්නවද?‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 22 Jan 2017 03:03 PM සඳුනිVeteran MemberPosts:2462 20 Jan 2017 11:40 AM හිරුයි තරුයි. දාහතර වන කොටස. ‘‘මොනවද දන්නේ චාරුක.‘‘ මම ඔහු දෙස කෙලින් බැලුවෙමී. ‘‘මම කියන්න ඕනේ නෑනේ. උබ දන්නවනේ මම කියන දේ.‘‘ ඔහුගේ මුහුණේ තිබුණේ පිලිකුල් සහගත පෙනුමකී. ‘‘මෙච්චර ළගින් ඉන්න උබ මං ගැන මෙහෙම හිතනවා නම්. අනිත් අය මොනවා හිතුවම මොකද? මම යනවා.‘‘ මම මේසය පුරා දිගහැර දමා තිබු ලිපි ගොනු ටික පයිල් කවරය තුළට දමාගෙන අනුහස් සර්ගේ කාමරය දෙසට ඇදුනෙමී. ‘‘මිස් සදනී බලන්නකෝ වෙලා තියෙන දේ.‘‘ වීදුරු දොර හැගෙන මම කාමරයට ඇතුල් වෙනවාත් සමගම ඔහු පැවසුවේ වේදනාව පිරි හඩකින් වූවේය. ‘‘ඇයි සර්.‘‘ ‘‘පොඩී‘‘ ‘‘දිනිදුට මොකද සර්‘‘ මම ඉක්මණින් පුටුව ඇද වාඩි වුයේ සිදු වි ඇති දේ දැන ගැනීමටය. මම අනුහස් සර් දෙස චකිතයෙන් බලා හුන්නෙමි. ‘‘පොඩිව ඇරෙස්ට කරලලු.‘‘ ‘‘ඒ මොකද සර්‘‘ පුදුමයෙන් ඇස් විසල් වෙද්දි මම විමසුවෙමී. ‘‘බීලා බීලා කට්ටියක් එක්ක ගහගෙනලු. අනිත් පැත්තේ එකෙක්ගේ ඔලුවක් පැලිලා වු ස්පිරිතාලෙලු.‘‘ ඔහු මේසයට නැඹුරු වී නළල අත ගාමින් කල්පනා කරන්න වුවේය. ‘‘දැන් අපි මොකද කරන්නේ සර්.‘‘ කවුරු වුණත් මනුස්සයෙක්නේ. ගගන මේ තරම්ම මුරණ්ඩු වෙන්න මොකක්ම හරි හේතුවක් ඇති. මම අනුහස් සර්ගෙන් ඉදිරියට විය යුතු දේ දැන ගන්න බලාපොරොත්තු වුණත් ඔහු කිසිවක් පැවසුවේ නැත. ‘‘සර් පොළිසියට ගියාද?.‘‘ ‘‘නෑ.. මම ඕ.අයි.සී ව අදුරණවා. මම කොල් කරලා බැලුවා. ඇප ගන්නත් බැරි වෙයිලු. අර ඔලුව පැලුන ළමයා ඩිෂ්චාජ් කරනකන්..‘‘ ‘‘මාර වැඩේනේ සර්. එතකොට.‘‘ ‘‘ඒක තමයි සදනී. මම දැන් යනවා පොළිසියට.‘‘ ඔහු අසුනින් නැගිටිමින් පැවසුවේය. ‘‘ඉන්න සර් මමත් එන්නම්.‘‘ දෙවරක් නොසිතු මමත් ගමනට හවුල් වීමට සිතුවෙමී. කාර්යාලයේ අනික් අය කියු කතා මට සිහිපත් වුණේ යන්නට කැමැත්ත පැවසු පසුවය. මම දැන් ඔපිස් එකෙන් එළියට යනවා කියන්නේ, අරුන්ගේ සැකේ තවත් වැඩි වෙනවා. මේ වෙලාවේ සර්ට වුණ දේ කියන්නති බෑ .සර්රුත් ප්‍රශ්න ගොඩක නේ ඉන්නේ. ‘‘සර් මම සයුමි එක්ක ආවට කමක් නැද්ද? යන්නට දොර අසලටම පැමිණ සිටි මම නැවතත් සර්ගෙන් විමසුවෙමී. හිස ඔසව මා දෙස බැලු ඔහු මා දෙස ටික මොහොතක් බලා හුන්නේය. ‘‘හා.. හා.. කමක් නෑ සදනී. හැබැයි ඔපිස් එකේ අනිත් එයට දැන ගන්න තියන්න එපා. ‘‘ මම ලක්වන අපහසුතාවය වටහා ගත් නිසාදෝ ඔහු එයට කැමති වුවේය. ‘‘හරි සර්.‘‘ මගේ මේසය අසලට ගිය මම ලහි ලහියේ කබඩ් එක ඇද බෑගය ඉවතට ගත්තෙමී. සයුමී මා දෙස හොරෙන් බලනු මම කීපවරක්ම දුටුවෙමී . නමුත් ඇය මගේ විමසන තුරුම මම එතන කල් ඇරියෙමී. ‘‘උබ කොහේ හරි යන්නද?.‘‘ ‘‘ඔව්. උබට මොකද ඉතිං.‘‘ මම ඇය දෙස නොබලාම කීවෙමී. ‘‘කොහෙද බං.‘‘ ‘‘දැන් උබලා මං යන එන තැන් ,කරන කියන හැමදේම දන්නවා කිව්වා නේද? ඒවා හොයා ගන්න තාලෙටම මේකත් හොයා ගනින්.‘‘ මම අසුනින් නැගී සිටියේ චාරුකට රවමින් වෙමී. චාරුකත් කුමක් වන්නේදැයි කට අයාගෙන බලා වුන්නේය. ‘‘මම එහෙම කිව්වේ නෑනේ බං ඉතිං. සොරි...‘‘ ‘‘එහෙනම් වරෙන් බෑග් එකත් අරන් මාත් එක්ක යන්න. පොඩි හදිස්සියක්. මම ගේට් පාස් දෙකක් අරන් එන්නම්.‘‘ ‘‘මොකද්ද අවුල කියපන්කෝ.‘‘ මම ඇය පසුකර යද්දී දහසක් ගැටළු සිර වු හඩින් ඇය විමසුවාය. ‘‘බෑග් එක අරන් වරෙන්කෝ මම යන ගමන් කියන්නම්. හදිස්සී බං. ‘‘ තවත් කිසිවක් නොවිමසු ඇය බෑගයද රැගෙන මා පසු පස ඇදුණාය. මම රථ ගාල දෙසට යන ගමන් ඇය සමග සියල්ල පැවසුවෙමී. දිනිදු ගැනත් අනුහස් සර් ගැනත් දුක් වුණ ඇය කිපවරක්ම මගෙන් කලින් වු බහින් බස් වීමට සමාව අයැද සිටියාය. අනුහස් සර් කිව් පරිදිම ඔහුගේ කාර් එකට පැමිණ සිටියේය. කිසිත් කතා බහක් නොමැතිව මමත් සයුමිත් පිටුපස අසුනට නැගුනෙමු. පොළිසියට යන තුරුම අපි වචවයකුදු කතා නොකෙරුවෙමු. පොළිසය ඉදිරිපිට වාහනය නවතා ඉදිරිපස කණ්ණාඩියෙන් අනුහස් සර් අපි දෙස බලන විට බහින්නට අවශ්‍ය බව වටහා ගත අපි වාහනයෙන් බැස ගත්තෙමු. අපි පොළිසිය ඉදිරිපිට රැදී සිටිද්දි අනුහස් සර් කාර් එක කොණක වු රථ ගාලට දමා අපි වෙත පැමිණයේය. ‘‘සර් අපි තුන්දෙනාටම යන්න දෙන එකක් නෑ නේද?. මෙතරම් වෙලා නිහඩව වුන් සයුමි විමසුවාය. ‘‘ඔව් ඔයා දෙන්න ඉන්න. මම මුලින් ගිහින් බලලා එන්නම්.‘‘ එසේ පැවසු ඔහු පොළිසියට ඇතුල් වෙද්දී අපි නිදහස් තැනකට වී බලා වුන්නා. ගගන මට ඔයාට තවත් බොරු කියන්න හේතු හදා ගන්න බෑ. හදිසියේම ගගන සිහි වි කනස්සලු ඇති වූ නිසා මම ගගනට ඇමතුමක් ගත්තෙමි. ගෙන ඔහු සමගි මා සිටිනා තැනත් සිදු වි ඇති දෙයත් පැවසුවෙමි. ආයතයේ අප භාර ප්‍රධානියාගේ මල්ලී එදා අපිට අහම්බෙන් හම්බුන ගගන බවද මම පැවසුවෙමි. ඔහුගේ වචන වල නම් වැඩ වෙනසක් නොවීය.‘‘‘ පරිස්සමට... සර් එක්ක නේද ආවේ‘‘ යැයි විමසුවා පමණකි. ‘‘මිස් සදනී , එන්න එන්න දෙන්නම.‘‘ අනුහස් සර්ගේ ඇරයුමත් සමග අපි දෙදෙනාම පොළිසිය ඇතුළට ඇතුළු වුණෙමු. අපි තිදෙනාම සිර කුටිය ඉදිරි පිටට ගියත් ඉදිරියෙන් ගියේ අනුහස් සර් නිසා ඔහු දුටු විගස ඇතුල බංකුවක හිද කනස්සල්ලෙන් සිටි දිනිදු ඔහු අසලට දුවගෙන ආවේය. ‘‘අනේ ලොකු මාව බේර ගන්න. මම එවෙලේ සිහියෙන් නෙමෙයි හිටියේ. ඔහු හඩනවාට සමාන හඩකින් පැවසුවේ සිර කුටුවේ යකඩ කුරු දෙක එල්ලීගෙනය. ‘‘පොඩී. තමුසෙව බේර ගන්න වටින්නේ නෑ. මේ අන්තිම පාර තේරුනාද?. ආයි එහෙම මේවගේ දේවල් වලදි මේ ලොකු නෑ තේරුනාද?.‘‘ ‘‘අනේ ... හා හා..ආයි මෙහෙම වෙන්නේ නෑ. අනේ ලොකු ඉක්මණට මාව එලියට ගන්න මට මේකේ ඇතුළේ ඉන්න බෑ.‘‘ ඔහු අකමැත්ත ප්‍රකාශ කරන්නට වුවේය. ‘‘ ඕන්නැති වැඩ කරා නම් ඉවසපන්. අර උබෙන් ගුටි කාපු ළමයා හොස්පිටල් එකේ. උසාවී දාලා මිසක් උබව එලියට ගන්න බෑ.‘‘ අනුහස් සර් එතරම් කේන්තියෙන් සිටුනු මා දුටුවාමය. පහත් හඩින් කතා කළත් ඔහුගේ දෑස් කේන්තියෙන් දිදුලුවේය. ‘‘අනේ ලොකු... මම නෙමේ ඌට ගැහුවේ.‘‘ ‘‘ඒත් උබනේ අහු වෙලා තියෙන්නේ. මටත් එක්ක ලැජ්ජාවේ බෑ.‘‘ ‘‘ඔ... යා... ස..දනී... ඔයා.. මෙහේ..‘‘ මෙතරම් වෙලා එතන සිටින කිසිවෙක් ගැන තැකීමක් නොතිබු ඔහු හදිසියේම මා දැකීමෙන් පුදුමයට පත්ව සිටියේය. මා දැකීමත් සමග ලැජ්ජාවකුත් ඔහුට ඇති වන්නට ඇත. එතනින් එහා කිසිවක්ම කතා නොකල ඔහු සිර කුටිය තුළ වූ බංකුව මත බිම බලාගෙන හිත ගත්තා. කීමට කිසිත් සිතට නොනැගුන නිසාම මමත් නිහඩවම ටික මොහොතක් බලා සිටියොමි. ‘‘අපි යමු මිස් සදනී. යමු මිස් සයුමී.‘‘ අපි දෙදෙනාව පෙරටු කර ගත් අනුහස් සර් එන්නට සැරසුනේය. ‘‘සදනී... පොඩ්ඩක් ඉන්නකෝ.‘‘ අපි පියවර කීපයක් තෑබු පසු ඇසුණු හඩත් සමග මම ඉබේටම නැවතුණෙමී. දිනිදු සිර මැදුරේ යකඩ කූරූ අල්ලාගෙන බලා හුන් ආකාරය දුටු විට මට සැබවින්ම දුකක් දැනෙන්නට විය. මා සිතන්නටත් පෙර මගේ දෙපා මම ඔහු ළගට ගෙන ගොස් තිබුණි. ‘‘සදනී.. මම ඒ කොල්ලට ගැහුවේ නෑ. සත්තයි ඔයා මාව විශ්වාස කරනවා නේද?‘‘ ගැහුවේ නැත්තම් ඔයා කොහොමට මේක ඇතුළට ආවේ අහන්නට මට උවමණා වුණත් මුහුනේ තිබු අසරණ බැල්මත් , පසුතැවෙන බවත් නිසා මම නිහඩ වුණෙමී. ඔහු වැරදිකරුද නිවැරදීකරුද කියන්නට මම නොදනිමි. නමුත් මගේ සිත නම් තදින්ම ඔහු නිවැරදිකරු ලෙස පිළිගෙන තිබුණී. මට ඔහු ගැන අනුකම්පාවක් දැනෙන්නට වී ඇත. ‘‘සදනී... ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්ද? අනේ අපේ අයියට කියන්න මාව බේර ගන්න කියලා.‘‘ ඔහු අයාචනාත්මක ස්වරයෙන් මා දෙස බලාගෙන පැවසුවේය. ‘‘ඒක අනුහස් සර්ට කරන්න විදිහක් නෑ දිනිදු. ඔයාට උසාවී දානකන් මෙහෙ ඉන්න වෙනවා.‘‘ මම මුල්ම වරට ඔහු සමග කතා කළෙමී. මම පිළිගන්නට අකමැති වුවත් මගේ සිත හෙල්ලි ඇතැයි මට දැනෙයි. මට ඔහු ගැන දැනුනේ වෙනකා වෙනුවෙන් වත් නොදැනෙන වේදනාවකී. ‘‘හරි ඒකට කමක් නෑ.මට එක දෙයක් කියන්න. මම ඔයාගේ යාළුවට කෝල් කරලා මැසේජ් යැව්වා එයා මාව බ්ලොක් කරලා දාලා. මම උත්සහ කළේ ඔයාගේ නම්බර් එක හොයා ගන්න.‘‘ ඒ අස්සේ ඔහු ඒ ගැනත් කියවන්න විය. ඒ කියන්නේ දිනිදු එදා පාටියෙදී බලන් ඉදලා තියෙන්නෙත් මගේ දිහා. මම හිතුවේ රෝසී දිහා කියලනේ. ‘‘මගේ යාළුවට.‘‘ මට අවශ්‍ය වුණේ ඔහු මට ඇමතුවේ රෝසී කියා සිතාගෙන නම් ඇයි මගේ අංකය ඉල්ලුවේ නැත්තේ කියා දැන ගැනිමටයි. ‘‘ඔව් ඔයාගේ යාළුවා. මොකද්ද නම... මේ.. රෝසී.. එදා පාටියෙදී මට සකුන්තලා කියලා කෝල් කලේ.‘‘ ‘‘ඔයා රෝසිගෙන් නම්බර් එක ඉල්ලුවද?.‘‘ රෝසි ලෙස ඇමතුවෙත් මම නිසා සියල්ලම ඔහුගේ කටින් අල්ලා ගැනීමට මට අවශ්‍ය විය. ‘‘මම එක පාරට ඉල්ලුවේ නෑ. බැරි වෙලාවත් රෝසිගේ හිතතෙත් මං ගැන තිබුණොත් . ඔයා ගැන අහද්දී කේන්ති ගිහින් කතා කරන එකත් නවත්තලා දායි කියලා හිතුණා.‘‘ ‘‘ඉතිං‘‘ මම ඉබේම මුහුණට නැගෙන්න ආ සිනහව තද කර ගන්නට උත්සහ ගනිමින් විමසුවෙමි. ‘‘දවස් දෙක තුනකින් බලද්දි හේතුවක් නැතුවම එයා මාව බ්ලොග් කරලා දාලා.‘‘ ‘‘මේ තරම් වෙලා දෙන්න බෑ රිමාන්ඩ් එකේ ඉන්න අය එක්ක කතා කරන්න. ඔය මිස් යන්න දැන්.‘‘ මා දෙස රවා බැලු පොළිස් නිළධාරියෙකු මට එතනින් පිට විමට නියෝග කළේය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 20 Jan 2017 11:38 AM sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 09:21 PM හී ලස්නනයි ඔන්න මම කියෙව්වා සඳුනිVeteran MemberPosts:2462 19 Jan 2017 05:56 PM හිරුයි තරුයි. දහතුන් වන කොටස. චකිතයෙන් යුතුව මම සුදු පැහැ කඩදාසී කවරය විවෘත කර බැලුවෙමි.එහි වුයේ චායා රූප රැසකී. මම ඉන් එකිනෙක බැලුවෙමී. එදා පැවති සාදයේදී මට හොරෙන් ගෙන ඇති මගේ චායාරූප දකින විට මට බයයක් වගේම දුකක් දැනේන විය. ‘‘මේ.. මමනේ. කොයි වෙලේද මේවා ගත්තේ.‘‘ මම චායාරූප දෙස නැවත නැවත බලමින් ඇසුවෙමී. ‘‘ඔව් ඔයා තමා සදනී. ඒකයි මම කිව්වේ අපේ පොඩීගේ වෙනසට හේතුව ඔයා කියලා.‘‘ ‘‘අනේ ඒත් මේක අසාධාරණ වැඩක්, වැරදී වැඩක්.‘‘ ‘‘ඔව්. අපි ඒක දන්නවා. ‘‘එපමණක් පැවසු ඔහු නිහඩ වුයේය. මම තවත් ඔහු දෙස බලන් වුන්නේ තවත් ඉදිරියට දෙයක් කියාවී කියන බලාපොරොත්තුවෙනී. නමුත් ඔහුට තව කීමට යමක් නොවීය. ‘‘සර් මම දැන් ...‘‘ ‘‘මම මොකතුම කියන්නේ නෑ සදිනී. මම ඔයාට දෙයක් කිව්වොත් ඒක අසාධරණයි. මොකද මම ඒ දේ කියන්නේ අපේ මල්ලි ගැන හිතලා. ඔයා තාම ඉගෙන ගන්න ළමෙක්. ඔයා කැමති තීරණයක් ගන්න.‘‘ ඔහු අමුතුම විදියකට පැටළුම් සහගතවන ලෙස පැවසු දෙය මට වැටහුණී. ඔහු මේ නොකියා කියන්නේ තම සොහොයුරගේ අරුතක් නැති ජීවිතය අරුත් ගන්වන ලෙස බව මම හොදින් වටහා ගත්තෙමි. නමුත් එය අසාධාරණ ඉල්ලීමකී. ඒ කියන්නේ එදා රෝසී එක්ක කතා කරත් දිනිදුගේ ඇස් තිබිලා තියෙන්නේ මගේ ළග. දැන් එතකොට මාත් එක්ක පොන් එකෙන් කතා කලේ, මම කවුරු කියලා හිතාගෙනද දන්නේ නෑ. ‘‘සදනී නංගී‘‘ මෙතරම් වෙලා නිහඩව වුන් ඇය හඩ අවදි කලාය. ‘‘ඇයි අක්කී.‘‘ ‘‘අපි ඔයාට කියන්නේ එයාට ආදරේ කරන්න නෙමෙයි. හොද යාළුවෙක් වෙන්න. මම හිතනවා ඔයා කියන දෙයක් එයා අහයි. ඔයා දන්නවද එයා ගෑනු ළමයින්ට ආසම නෑ. ‘‘ ඇය මගේ අතකින් අල්ල ගත්තාය. ‘‘ස්කෝලේ යන කාලෙත් හැමදාම රණ්ඩු තමා. කවදාවත් කෙල්ලෙක් එක්ක එෆයාර් එකක් තිබුණ බවක් අපිට ආරංචි වෙලා නෑ. ඇත්තම කිව්වොත් අපේ පොඩීට විශේෂ වුණ එකම ගෑනු ළමයා ඔයා.‘‘ අනුහස් සර් කතාව සම්පුර්ණ කලේය. අනුහස් සර් බොරු කියනවා වෙන්න බෑ. මම වගේ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් මොකට බොරු කියන්නද?. දිනිදුට මානසික ප්‍රශ්ණයක් වත් තියෙද? මම තනිවම සිතුවෙමි. ‘‘ අපි යමු නේද සදනී. පැය භාගයක් විතර පරක්කු වෙලත් එක්ක.‘‘ ඔහු නැගිටින්නට උත්සහ කරමින් කීවෙමී. ‘‘යමු සර්.‘‘ මමත් නැවත කාර්යාලයට යාමට සුදානම් වුයෙමී. නිවසේ සිට කාර්යාලයට පැමිණෙන තෙක්ම අනුහස් සර් ඉවරක් නැතිව දිනිදු පිළබද විස්තර කීවේය. පිටින් පෙන්නට සිට දිනිදුට වඩා, ඇත්ත දිනිදු හැබෑම දඩබ්බරයෙක් මම වටහා ගත්තෙමී. ඒ දඩබ්බර කම් නිසා ඔවුන් විශාල ගැටළුවලට මුහුණ පාන බවද මම දැන ගත්තෙමී. මම ඒ සිදු වීම අමතක කර සිටීමට සිතා ගත්තෙමි. ඔහු නිසා ගගන දුක් වනු දැකීමට මම අකමැති වුයෙමු. මට පුළුවන් වෑ රටේ ලෝකේ ඉන්න උන් සේරම හදන්න. යැයි සිතා විසිරුණ සිත එක්තැන් කර ගත් මම තේ විවේකයේදී ගගනට ඇමතුමක් ගෙන නගරයට එන ලෙස පැවසුවෙමී. කිපවරක්ම හේතුව ඇහුවත් මම නොකිව් නිසා ඔහු එන්නට පොරොන්දු වුවේය. හවස පැයක් කලින් ආයතනයෙන් එළයට පැමිණි මම මුලින්ම ගියේ බැංකුවේ ස්වංක්‍රීය මුදල් කවුන්ටර් එක වෙතටයි. හාහාපුරා මට ලැබුණ වැටුපෙන් කොටසක් මම අතට ගත්තෙමී. මේ මම ජොබ් එකක් කරලා හම්බකරපු සල්ලී. මට දැනුන හැගීම විස්තර කිරීමට අපහසුය. ඉන් පසු මම ගගනට නැවතත් ඇමතුමක් ගත්තේ ඔහු ඇවිද්දැයි දැන ගැනීමට වෙමී. ‘‘කාටද මැට්ටියේ කෝල් කරන්නේ.‘‘ මගේ ළගන්ම ඇහුණ ගගනගේ කට හඩත් සමග මම සිනාසී ඔහු දෙස බලා කීවෙමී. ‘‘ඔයාට තමයි. කොහොමද මම මෙතන බව දැන ගත්තේ.‘‘ ‘‘ඉවෙන්.‘‘ ‘‘ඉවෙන්.‘‘ මම පුදුමයෙන් විමසුවෙමි. ‘‘ඔව්. ඉවෙන්... මගේ කෙල්ල කොහෙද කියලා මට දැනෙනවා.‘‘ ගගනගේ දිලිසෙන ඇස් මගේ දෑස් මතම රැදී තිබුණේය. සැබවින්ම මට ඔහුට ආදරේ සිතුණි. මුල්ම වැටුප ලැබුණ සතුටත් සමගම මම ගගනව වැළද ගත්තෙමී. ඇයි මම එසේ කලේ කියා මට වත් පැහැදිළි හේතුවත් නොතේරෙයි. නමුත් මට ඔහු සමග සියලු ඇත්ත කියන්න බැරි වීම ගැන ලොකු දුකක් හිත තුල තිබුණී . ඒ නිසා ඇති වුන වේදනවා වැළදගැනීමට මුලික හේතුවක් වන්න ඇත. ‘‘සදා....‘‘ ‘‘හ්ම්ම්ම්‘‘ ‘‘ඇයි මේ.‘‘ මගේ උරහිස් දෙකෙන් හිමින් අල්ල ගත් ඔහු විමසුවේය. ‘‘අද විශේෂ දවසක් මට .‘‘ මම ඔහුගෙන් මිදෙන්නේ නැතුවම කීවෙමී. ‘‘ඒත් කෙල්ලේ මේ ටවුන් එකනේ. අපිව දකිය අය මොනවා හිතයිද?‘‘ ‘‘ඔහේ ඕනේ එකක් හිතපුදෙන්.‘‘ මම මුහුණ ඔහුගේ උරහිසේ හොවා ගනිමින් කිව්වේමී. මම ඔහුට මෙතරම් ළං වු මුල්ම අවස්ථාව මෙය වුයෙමී. ඔහුගේ උණුහුමේ ලැබුණ ආරක්ෂාකාරී සෙනහස සමග මගේ සිත මම කරන වැරිදී වැඩ මතක් කර මා ඇඩෙව්වෙමි. ‘‘සදා .. මගේ කෙල්ල අඩනවද?. මොකද කෙල්ලේ. ඔයා ප්‍රශ්ණයකද ඉන්නේ. කවදාවත් නැතුව මට ටවුන් එකටත් එන්න කිව්වා. ඇයි මේ.‘‘ ‘‘ප්‍රශ්ණයක් නෑ ගගන මේ..... මට පඩි ලැබුණා.‘‘ මම දෙකට නමා අතේ ගුලිකර තිබු දාහේ මුදල් නෝට්ටු කීපය ගගනට පෙන්නුවෙමී. ‘‘මගේ පිස්සී ඕකටද අඩන්නේ.‘‘ ‘‘හ්ම්ම්‘‘ නෑ මට මේ තරම් ආදරෙ කරන ඔයාට ඇත්ත කියන්න බැරි වෙන එකට අඩන්නේ, කියන්න හිතට ඕනේ වුණත් මම නිහඩ වුනෙමි. ‘‘දැන් අපි යමු.‘‘ ගගන මගේ අතින් අල්ලගෙන බස්නැවතුම දෙසය යන්න සැරසුණා. ‘‘ඔය කොහෙද යන්නේ. එන්න අම්මට මොනවා හරි ගන්න ඕනේ ගෙදරටත් මොනවා හරි ගන්න ඔනේ. තව කෙනෙක්ටත් ගන්න තියේ.‘‘ අන්තිම වචන ටික කිව්වේ ගගන දිහා හොරෙන් බලමින්ය. ඔහුගේ මුහුණේ ලොකු වෙනසක් නොවීය . සමහර විට මා පැවසු දෙය ඔහුට වැටෙහෙන්නට නැති වන්නට ඇත. නිවසට අවශ්‍ය බඩු බාහිරාදියද රැගෙන අපි දෙදෙන් නිවස කරා එන විට වෙනදට වඩා පමා වී තිබුණි. ගෙනා මලු කීපය ආලින්දයේ තැබු ගගන ආපයින්ම යන්නට සුදානම් වුණේය. ‘‘මොකද දු මේ බඩු මලු ගොඩක් උස්සන්. කොහෙන්ද සල්ලි.‘‘ අපි ඉදිරියට පැමණී අම්මා විමසුවාය. ‘‘අද මට පඩි අම්මේ.‘‘ මම යන්නට සැරසෙන ගගන දෙස බලාගෙන කීවෙමී. ‘‘අනේ. එහෙමද දු.. ඒත් ඇයි ඔයා මේ බඩු ගෙනාවේ. ගෙදර කිසි අඩුපාඩුවක් නෑනේ. ඔයාට ඒ සල්ලී තියෙන්න අරින්න තිබුණේ පණ්ඩිත කෙල්ල.‘‘ අම්මා ආදරයෙන් මා දෙස බලමින් කිව්වාය. නමුත් ඇගේ මුණින් පිළිබිඹු වුණ හැගීම නම් ආඩම්බරයක් කියා මම හොදින්ම වටහා ගත්තෙමි. ‘‘ගගන පුතා යන්නද?ඉන්නකෝ තේ ටිකක් බීලා යන්න.‘‘ ‘‘එයා මාත් එක්ක තරහා වෙලා අම්මේ. ‘‘ මම ගගන දෙස හොරෙන් බලමින් කීවෙමී. ‘‘ඔය බොරු සෙව්වන්දී ටීචර්. මම මේ මහන්සි නිසා යන්න හැදුවේ.‘‘ ඔහු මදක් නැවතෙමින් කීවේය. ඇත්තටම ගගන අමනාපව ඇති හේතුව මම දනිමී. ඔහු වෙනුවෙන් ගත් තෑග්ග මම ගනු ලැබුවේ ආයතනයේ යාළුවෙකුට බව පවසමින් වීමයි. මම ඔහුට ගන්නා බව කිව්වොත් ඔහු කීයටවත් ගන්නට නොදෙන බව මම දනිමී. ඒ නිසාත් ඔහුගේ කේන්ති ඇවිස්සීමට ආස නිසාත් මම එසේ කෙරුවෙමී. ‘‘අනේ ඉතින් තේ බොන්නනනේ පුතා ඉන්න කියන්නේ .බර වැඩ කරන්න වෑ.‘‘ ගගන සිනා වුණා පමණකි. ‘‘ගගන පොඩ්ඩක් ඉන්නකෝ මට දෙයක් දෙන්න තියෙනවා ඔයාට.‘‘ ‘‘මොනවද?‘‘ ගගන අමණාපය යටකරගෙන විමසුවේය. ‘‘අම්මේ මේ සර්ට් එක කොහොමද බලන්න.‘‘ මම ගගනට කියාම තෝරා ගත් කමිසය අම්මගේ අතේ තබා ගගන දෙස හොරැහින් බැලුවෙමි. ‘‘අනේ ඒක ලස්සනයි දු. මේක හුගක් වටිනවා වගේ.‘‘ බැලු බැලුමටම අම්මට එහි වටිනාකම වැටහුනාය. ‘‘ගගන ම්ම්ම්ම්‘‘ මම කමිසය ගගන වෙත පෑවෙමී. ලස්සන සිනහවක් සමග මොකුත්ම නොපැවසු ඔහු එය දෑතට ගත්තේය. ගගනට මම කළ දෙය දැන් තේරුම් ගොස් බව ඔහුගේ සිනහවෙන් වටහා ගත්තෙමී. ‘‘මේක අම්මට.‘‘ මම අම්මාගේ අතේ ඇයට ගෙනා තෑග්ග තැබුවෙමී. ‘‘මටත් ගෙනාවද?‘‘ ‘‘මගේ අම්මට නොදී වෙන කාට දෙන්නද?. මට මගේ කියලා ඉන්නේ ඔය දෙන්නා විතරයි.‘‘ අම්මා මාව ආදරෙන් තුරුළු කර ගද්දී ගගන දිළිසෙන ඇස් දල්වාගෙන මා දෙස බලා වුන්නේය. කාලය දින සති මාස වී ගෙවී යන්න විය. ඒ කාලය අතරතුර විශ්යවිද්යාල සදහා අයදුම් පත් යැවීමද අපි සිදු කලෙමු. අනුහස් සර් ඉන් පසු කිසි විටක දිනිදු ගැන කතා නොකලේය. ඒ නිසාම මමත් ඒ ගැන එතරම් නොසිතුවෙමී. දිනිදුට උදව් කරන්නට උත්සහ ගත හොත් ගගනට වේදනා ඇති වන බව මම දනිමී. ඒ නිසාම මම සියල්ලෙන්ම ඈත් වී සිටින්නට උත්සහ ගත්තෙමී. ‘‘සදා..‘‘ ‘‘ඇයි බං.‘‘ මම සයුමි දෙස බැලුවෙමී. ‘‘ආන් උබට සර් එන්නලු.‘‘ ඇය එය කිව්වේ අකමැත්තෙන් මෙන් වුවාය. ‘‘ඇයි දන්නේ නෑ බං.‘‘ ‘‘මම දන්නවද ගිහිං බලපන්. උබට සර් එක්ක මාර කතා ගොඩක්නෙ නේද තියෙන්නේ‘‘ ඇය මට ගස්සාගෙය ඇගේ අසුණේ වාඩි වුණාය. ‘‘ඇයි බං ඔහොම හැසිරෙන්නේ. අර බලපං සේරම මගේ දිහා බලං ඉන්නවා.‘‘ මම සයුමිට ළං වී රහසින් මෙන් විමසුවෙමි. ‘‘අපි නම් දන්නවා ඔය වෙන්නේ මොනවද කියලා.‘‘ චාරුක සමච්චලයට මෙන් පැවසුවේය. මේ මොකද්ද මේ කතාව. ඇයි මෙයාල මෙහෙම කියන්නේ. මට දැනුනේ කණගාටුවකි. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 19 Jan 2017 05:54 PM sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 12:52 AM අප්පද බොල ඔය කැරකිලා තියෙන්නෙ බෝලෙ සඳුනිVeteran MemberPosts:2462 18 Jan 2017 04:33 PM හිරුයි තරුයි. දොළොස්වන කොටස. ‘‘බය වෙන්න දෙයක් නෑ. තව වැඩය තේරෙන්නේ නෑනේ. ඕනේ කෙනෙක් ළගට යනවා අඩන්නේ නෑ.‘‘ ඔහු පුංචී දරුවා මා දෙසට පාද්දී මම නිරායාසයෙන්ම ඔහු ගැනීමට දෑත් පෑවේමි. ‘‘ ආ... බෙල්ල ලගින් අතක් තියා ගන්න. තාම තනියෙම ඔළුව උස්සන් බන්න බෑ අපේ සං ට.‘‘ මම පරිස්මින් අනුහස් සර්ගේ චූටි පුතාව අතට ගත් පසු අම්මා තාත්තා වත් තවම අදුරන්නේ නෑති පුංචී දරුවා හරියට මම අදුරනවා වගේ කට පැත්තට කරලා හිනා වුණේය. සයුමි කිව්වා හරි හරිම හුරතල් බබෙක්. ඒත් මට සයුමිගෙන් අහන්න බැරි වුණානේ කොහොමද මේ බබාව දැක්කේ කියලා. සමහර විට මෙහෙ එන්න ඇති බබා බලන්න. පුංචී දරුවගේ හුරතල් බල බල නොදැනිම කාලය ගෙවි යද්දී මට ආපු කාර්යද අමතක වී තිබුණි. මා අසලම වාඩී වී සිටි අනුහස් සර්ගේ අම්මා චුටී බබාව හුරතල් කරද්දී චුටී බබා තව තවත් දගලන්න ගත්තේය. ‘‘සදනී නංගීයෝ කෑම ටිකක් කලා ඉමු නේද?.‘‘ මම මොකුත් නොකියා සිනා වී, නැවත දරුවා දෙස බැලුවෙමී. ‘‘එයා එක්ක ඉන්න ගියොත් නම් අද නංගිට ගෙදර යන්න ලැබෙන්නෙත් නෑ. කෝ දෙන්න. කෝ මෙහේ එන්න මගේ සං‘‘ අනුහස් සර්ගේ බිරිද චුටී බබාව හරි පරිස්සමට වඩාගෙන තුරුළු කර ගත්තාය. ‘‘යමු සදනී කෑම කන්න. අම්මේ පොඩී නෑ නේද?‘‘ අසුනින් නැගිටින ගමන් අනුහස් සර් විමසුවේය. සර්ට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවද? මම දැනන් හිටියේ නෑනේ. මම හිතින් සිතමින් බිත්ති මත එල්ලා තිබුණ චායා රූප දෙස නෙත් යවලා බලන්න වුවෙමි. ‘‘ඔය ගියේ යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා. එයාට වෙන රාජකාරියක් නෑනේ.‘‘ අනුහස් සර්ගේ අම්මා ලොකු සුසුමක් හෙළා කනස්සල්ලෙන් මෙන් පැවසුවාය. ‘‘යමු දුවේ.‘‘ ‘‘හා යමු.‘‘ මම ඇයවත් ඉස්සර කරගෙන වටේ තියෙන චායාරූප දෙස හොදට බැලුවෙමි. ඔවුන්ගේ කුඩා කල ගත් චායාරූප කීපයක්ම ආලින්දගේ එල්ලා තිබුණි. ඉන් පැහැදිලි වුයේ සර්ට ඉන්නේ තවත් සහෝදරයෙක් බවයි. තව අනුහස් සර්ගේ මංගල චායා රූප, අනුහස් සර්ගේ අම්මාගේ කියලා හිතන්න පුළුවන් පැරණී තවත් මංගල චායා රූපක්. තවත් පසෙකින් සදු මල්මාලාවක් දැමු. අනුහස් සර්ගේ පියා විය හැකි චායා රුවක් විය. මම සියල්ල සිතින් අනුමාන කරමින් ඉදිරියට ඇදුනෙමී. කෑම කාමරය දෙසට හැරනවාත් සමගම මගේ නෙත ගැටුණු චායාරුවින් මම එක තැන ගල් වුනෙමී. ‘‘ තරූෂ... නෑ ... නෑ .. දිනිදු.. ‘‘මට ඉබේටම කියැවුණි.‘‘ ‘‘දු මෙයාව දන්නවද?..‘‘ මේ මගේ පොඩි පුතා. අනුහස් සර්ගේ මල්ලී.‘‘ ‘‘ඔව් එක දවසක් අපිට හම්බෙලා තියෙයි අහම්බෙන්.‘‘ මම කළබලේට කියන් ගියේ මේ ඒ දිනිදුමද කියලා දැන ගන්න අවශ්‍ය වු නිසාවෙනී. ‘‘කොහෙදිද දූ.‘‘ ‘‘අපි කරපු කම්පියුටර් කොර්ස් එකේ, අවසන් පාටී එකේදී.‘‘ මම එහෙම කියලා අනුහස් සර් දිහා බලද්දී සර්ගේ මුහුණේ තිබුණේ ඇහුණේ අලුත් දෙයක් නෙමෙයි කියනවා වගේ හැගීමකි. ‘‘ඔව් අම්මේ මෙයා තමයි අපේ පොඩීගේ ගෘප් පොටෝ එකේ ඉන්නේ. ඒකයි අම්මා දැකලා තියෙයි වගේ දැනුනේ.‘‘ මම පුදුමයෙන් අනුහස් සර් දෙස බැලුවෙමී. ‘‘ආනේ ඇත්තනේ නේන් නම්.‘‘ ‘‘ඒ පොටෝ හම්බුණාද?.‘‘ ‘‘ඔව් ඊයේ ගෙනාවේ. අර බලන්න.‘‘ අනුහස් සර් ඊට ටිකක් එහාට වන්නට පිහිටා තිබූ කාමරයේ දොර රෙද්ද මෑත් කර පොත් මේසය මත තිබු චායා රුව පෙන්නුවේය.‘‘ මම නිරායාසයෙන්ම කාමරය තුළට ඇදුනෙමී. පිට ගෙයක් නේද මේ කියන එක පවා අමතක විය. මම ගගනටත් දිනිදුටත් මැදිව සමුහ චායා රුවේ රූපනය වී තිබුනී. මම එදා සිතු අයුරින්ම හොද මතක සටහනක් වී තිබුණා මෙන්ම නැවතත් අහඹු හමු වීමක්ද සිදුව ඇත. මේවා නම් පුදුම සහගත හමු වීම්ය. ‘‘හරි හරි යමු කාලා ඉන්න.‘‘ මම එන ගමනින් නිකමට දිනිදුගේ කාමරය පුරා බැලුවෙමි. එය හරිම පිළිවෙලට තිබුණී. ගෑනු ළමයෙකු වූ මටත් වඩා පිළිවලය. පොත් මේසය වුව දකින්න විට ප්‍රියමනාප බවක් උපදන සුළුය. දහසකුත් ගැටළු සිත තුළ තෙරපෙද්දී මම අමාරැවෙන් කෑම ටිකක් කෑවෙමී. කෑමෙන් පසු අතුරුපසද ගත් අපි ආලින්දයට පැමිණයෙමු. ‘‘අම්මේ සුදු නෝනට පොඩ්ඩක් එන්න කියනවද?.‘‘ ඔහු ආලින්දය මැද හිටගෙනම කිවේය. ‘‘හා ලොකු පුතේ . මම යනවා බෙහෙත් ටික බීලා පොඩ්ඩක් ඇල වෙන්න. ‘‘ එසේ පැවසු ඇයි යන්න සැරසෙද්දීම මම දෙපා නැමදුවෙමී. ‘‘තුණුරුවන්ගේ සරණයි. ආයිත් දවසක එන්නකෝ. දැන් ඉතිං ඔයාගේ යාළුවෙකුත් මෙහේ ඉන්නවනේ. ඇය මගේ හිස අත ගා උරහිසින් අල්ලා නැගිටවමින් කීවාය. දැන් මේ යන්න තමයි සුදානම බව සිතු මම බෑගයද කරේ දමාගෙන යාමට සූදානම් වුවෙමි. ‘‘ඇයි අනූ‘‘ සුළු මොහොතකට පසු අනුහස් සර්ගේ බිරිද සාලයට පැමිණෙමින් ඇසුවාය. ‘‘පුතා නිදිද සුදු.‘‘ ‘‘ඔව්.‘‘ ‘‘එන්නකෝ පොඩ්ඩක් එළියට යන්න. අර ටිකත් අරන් එන්න.‘‘ ‘‘හරි අනු ඔයාලා යමු.‘‘ එසේ පැවසු ඇය දිනිදුගේ කාමරයට පිවිසුනාය. ‘‘එන්න අපි යමු එළියට‘‘ කුමක්ද මේ වන්නට යන්නේ සිතා ගන්නට අපහසු වූ මම නිහඩවම ඔහු පිටු පස ඇදුනෙමී. තාප්ප වලින් වට වූ ඉඩම තුළ මිදුළ ලෙස ඔවුන්ට ඉතුරුව තිබුණේ සුළු ප්‍රමාණයකී. ඒ මිදුළ පුරා සිහින් රට තණ කොළ වර්ගයක් වාව අලංකාර කර තිබුණී. මිදුල පුරා තැනින් තැන තිබුණේ රතු පැහැ පාම් පදුරු කීපයකී. මුළු වත්තටම තිබුණේ එක රඹුටන් ගසකී. එයටත් බට් ගසක් විය යුතුය. ඒ හැරෙන්නට වෙනත් කිසිම ගහක් නොවීය. සිටවන්ටද ඉඩක් නොවිය. ‘‘අපි අතනට යමුද.‘‘ වත්තේ කොනක ස්ථාවරම සිමෙන්තියෙන් සාදා වහලයක් පවා සෙවිලි කර තිබූ කබානා එකක් පෙන්වමින් ඔහු පැවසුවේය. බැලු බැල්මට එතන හැරිම නිදහස් තැනකී. අපි එතනට ගොස් සිමෙනති අසුන් මත හිද ගත්තෙමු. මම නැවතත් නිවස දෙසත් මිදුල දෙසත් බැලුවෙමී. ‘‘ලස්සනයිද අපේ ගේ සදනී.‘‘ මම ගේ දෙස බලනවා දුටු නිසාදො අනුහස් සර් මගෙන් විමසුවේය. ‘‘හරිම ලස්සනයි සර් . ගෙයක් නෙමෙයි මාලිගාවක් වගේ.‘‘ මම නිවස දෙස ආසාවෙන් බලාගෙනම කීවෙමී. ‘‘සදනිටත් පුළුවන් මේ වගේ ලස්සන ගෙයක් හදා ගන්න. හැබැයි තව හොදට ඉගෙන ගන්නකෝ.‘‘ ‘‘ඔව් සර්.‘‘ ‘‘අපි ඉස්සර පොසත් අය නෙමෙයි සදනී. මම තමා මේ ගේ හැදුවේ. අපි හිටියෙත් ගමක පුංචී ගෙදරක‘‘ ඔහු ඈතක දෑස් රදවගෙන කීවේය. ‘‘ ආ.. අනූ.‘‘ සුදු පැහැ කවරයක දැමු යමක් අනුහස් සර් අතට දෙමින් ඔහුගේ බිරිදී කීය. ‘‘ඔයත් මෙතනින් වාඩි වෙන්නකෝ සුදු‘‘ ඇයත් මොකුත් නොකියාම එතන වාඩී වුවාය. ‘‘සදනී මෙන්න මේකයි මට ඔයාට කියන්න ඕනේ වුණේ.‘‘ ‘‘කියන්න සර්. ඒ මොකද්ද?.‘‘ ‘‘එක දිනිදු කියන්නේ මගේ මල්ලී බව.‘‘ ‘‘සර් ඊයේ නම් අර පොටෝ එක දැක්කේ. කොහෙමද මම දිනිද ව අදුරන බව දන්නේ.‘‘ ‘‘අන්න ඒක කියන්න තමයි මේ එන්න කිව්වේ. ‘‘ ඔහු එහෙම අවධාරනයෙන් කියද්දී මට බයකුත් දැනෙන්න විය. ‘‘ අපේ මල්ලී ගැන මුලින් කියන්නම්. එයා ඇතිතටම පිස්සෙක් වගේ. හොදටම යාළුවෝ එක්ක ඇවිදින එක තමයි වැඩේ. අම්මා එයාගේ හිතුවක්කාර කම් නිසා තමයි අසනීපෙන් ඉන්නේ.‘‘ ‘‘ඒත් ඇයි .. සර්. සර්ට බැරිද එයාට ඒක තේරුම් කරන්න .‘‘ ‘‘පුළුවන් ඒත් කියන දෙයක් අහන මනුස්සයෙකුට එපෑ දෙයක් කියන්න.‘‘ ‘‘ඉතිං සර්.‘‘ ‘‘දැන් ඔයා කල්පනා කරනවා ඇති ඇයි දැන් මට ඕවා කියන්නේ කියලා.‘‘ ‘‘අනේ එහෙම නෑ සර්‘‘ ‘‘මම මේක ඔයාට කියන්න මේ තරම් කල් ගත්තෙත් ඒක තමා. මම සිය දහස් පාරක් හිතුවා මේක සදනිට කියන එක හරිද කියලා.‘‘ ‘‘මොනවා ගැනද සර් මේ කියන්නේ. මම පුදුමයොන් ඔහු දෙස බලමින් විමසුවෙමී. ‘‘ අපේ මල්ලීට දැන් අවුරුදු විසි තුනයි. ජොබ් එකක් ගැන හිතන්න වත් ආස නෑ. වයස නැති වුණත් මැරි කලොත් රස්තියාදුවේ යන එක නවත්වයි කියලා හිතලා අපි එයාට මනමාලියෝ හෙව්වා. ‘‘ ‘‘ඉතිං සර් . දැන් මොකද අවුල.‘‘ ‘‘ඒ එකකට වත් මෙයා කැමති වුණේ නෑ. ගැණු ළමෙක් ගැන කිව්වත් එයා අම්මා එක්ක රණඩුවට යනවා. ඒත්. ‘‘ ‘‘ඇයි සර් ඒත් කිව්වේ.‘‘ ‘‘එදා පාරටී එකට ගිහින් ආපු වෙලේ ඉදන් මෙයා හරිම වෙනස්. සති දෙකක් විතර හිටියා ගෙදරන් හෙල්ලුණේවත් නෑ. අම්මා එක්කත් හරිම හොදින් හිටියා. ඒත දැන් ආයි පුරුදු විදියමයි.‘‘ ඔහු පැවසුවේ සුසුමකින් සිත සැහැල්ලු කර ගනිමින්.‘‘ ‘‘එතකොට සර් හිතන්නේ දිනිදුගේ ඒ වෙනසට හේතුව මම කියලද?‘‘ ‘‘ඔව් .. ඔයා කියලා මට හිතෙනවා. මේ ටික බලන්නකෝ.‘‘ සුදු පැහැ කවරය මා වෙත පාමින් ඔහු කීවේය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 18 Jan 2017 04:28 PM සඳුනිVeteran MemberPosts:2462 18 Jan 2017 01:22 PM හා හා හිමින් කියවන්නකෝ chamaramindMost Senior MemberPosts:13471 18 Jan 2017 05:14 AM මට මේ ටිකේ කතාව කියන්නත් බැරි වුණා.ෆී වේලාවක් ආවම කියනවා සඳුනිVeteran MemberPosts:2462 18 Jan 2017 04:34 AM ඉව ඉව නේ බලු කුක්කෙක් වගේ හිහිහිහිහි sha733Super Senior MemberPosts:7332 18 Jan 2017 02:39 AM මිනිහ කිවුව වගේම හොදයි වගේ. හැබැයි දෙතුන් දෙනා එකතු වෙලා මොනව හරි කරන්න යනවද මන්ද සඳුනිVeteran MemberPosts:2462 18 Jan 2017 02:26 AM හිරුයි තරුයි. එකළොස්වන කොටස. මම රැකියාවට ගොස් නොදැනීම මාසයක් ගෙවී ගොස් ඇත්තෙමි. මගේ ජීවිතයේ මම ලැබු මුල්ම වැටුප මගේ ගිණුමට බැරව ඇති බව සදහන් පත්‍රිකාව අනුහස් සර් මා අත තබද්දී මට දැනුනේ ඉපිලී යන සතුටකී. ‘‘ගොඩක් සතුටුයි වගේ මිස් සදනිට.‘‘ ඔහු පැවසුවේ සුව පහසු අසුනේ ඇද්දට හේතුවී මා දෙස බලාගෙනය. ‘‘ඔව් සර්. මට ගොඩක් සතුටුයි.‘‘ වේතන විස්තරය දෙස නෙත් යවා පරික්ෂා කරමින් මම කීවෙමී. ‘‘දැන් මිස් සදනි මුල් සැලරි එකෙන් මොකද කරන්නේ.‘‘ මම සිනා සී ඔහු දෙස බැලුවා පමණකී. ‘‘ අකමැති නම් කියන්න ඕනේ නෑ.‘‘ ඔහු සිනා සෙමින් වීදුරු මේසට මත දෙඅත් තබා ඉදිරියට නැඹුරු විය. ‘‘ අකමැත්තක් නෑ සර්. අම්මට වටින දෙයක් අරන් දෙන්න තමයි මගේ මුල්ම ආසාව. තව ගගනට ත් ගන්න ඕනේ.‘‘ ‘‘කවුද ගගන කියනනේ... ‘‘ඔහු ඇසක් සිහන් කර කල්පනා කරමින් මගෙන් විමසුවේය. ‘‘ ඇයි සර් මම නිතරම කියන්නේ. මගේ මොන්ටී සොරී කාලේ ඉදන් යාළුවා. මගේ සහොදරයා වගේ කියලා.‘‘ ‘‘ආ.... මිස් සදනිගේ හිනාවෙන් නම් පේන්නේ ඊට වඩා දුර ගිය බැදීමක් තියේ වගේ.‘‘ ‘‘අනේ නෑ සර් . එයා මගේ හොදම යාළුවා.. එච්චරයි. ‘‘මම සිනහා වෙමින් පැවසුවෙමී. ‘‘ඕ... මට හංගන්න ඕනේ නෑ. ඔය වයෙසේ ගෑනු ළමෙක්ට බොයි ප්රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියන එක වරදක් නෙමෙයි. අනික් ඔයා වගේ ලස්සන කෙනෙක්ට.‘ ‘ඔහු උර හිස් හකුළමින් සැහැල්ලුවෙන් පැවසුවේය. ‘‘අපෝ සර්. එහෙම සම්බන්ධයක් නෑ. ‘‘ ලැජ්ජාවේ රතු වුණ මුහුණ මම බිමට නැඹුරු කර ගත්තෙමි.‘‘ ‘‘ඇත්තටම බොයි කෙනෙක් නැද්ද ඔයාට.‘‘ ‘‘ඇත්තට නෑ සර්.‘‘ ‘‘හ්හ්ම්. ‘‘ලොකු සුසුමක් හෙලු ඔහු අසුනින් නැගිට වීදුරු කවුළුව අසලට ගියේය. ‘‘මිස් සදනී ඔයාට මතකද? මට දෙයක් කියන්න තියෙයි කිව්වා.‘‘ ‘‘ඔව් සර් මතකයි. සර්ට අමතක වෙලා කියලා මම හිතුවේ.‘‘ මම ඔහු දෙස බලමින් කීවෙමී. ‘‘දැන් මිස් සදනී බය නෑ නේද මාව එළියෙදී මීට් වෙන්න.‘‘ මා දෙසට හැරුණු ඔහු මා දෙස කෙලින් බලා විමසුවේය. ‘‘මම එන්නම් සර්.‘‘ ‘‘හොදයි අද ලන්ච් එකේදී කා පර්ක් එක ගාවට එන්න.‘‘ ‘‘හරි සර්.‘‘ මම ඔහු කිව් දෙයට කැමති විය. කුමක් නමුත් වැදගත් දෙයක් කියන්නට යන බවනම් මට ඉවෙන් මෙන් දැනෙන්නට විය. දහවල් කෑම විවේකයේදී පොඩි වැඩකට එළියට යන බව පැවසු මම බෑගයද රැගෙන ගේට්ටු අවසර පතක්ද රැගෙන රථ ගාල දෙසට ගමන් කළෙමී. මට පැවසු අයුරින්ම මටත් කලින් ඔහු රථ ගාලට පැමිණ සිටියේය. ‘‘එන්න මිස් සදනී.‘‘ සුහදසීලී ආරාධනය මැද මම නිහඩවම ඔහු අසලට ගොස් හැර දුන් දොරෙන් ඔහුගේ නවීන කාර් රථයට නැගුනෙමී. මම මීට පෙර කාර් රථයක ගොස් නොතිබුණි. එනිසාම මට දැනුනේ අපහසු බවකී. අනෙක් පසින් කාර් එකට නැගුනු ඔහු මට ආසන පටි පැලැද ගන්නට කීවේය. ඒත් ඒ පිළිබද මට දැනුමක් නොවීය. ‘‘ඉන්න මම උදව් කරන්නම්.‘‘ යැයි පැවසු ඔහු මා සිටින පැත්තට නැඹුරු වී අසන පටිය ඇද ලොග් එක දැමුවේය. පැය කාලකට පමණ පසු අපි නතර වුණේ නිවසටත් වඩා උස ගේට්ටුවක් ඉදිරි පිටය. ගේට්ටු මුරකරු පැමිණ ඔහුට ආචාර කර ගේට්ටුව හරින විට ඔහු කර් එක නිවසක් ඉදිරිපිට නැවැත්වීය. එය නිවසද්ද , මන්දිරයක්ද සිතිය නොහැකිය. ‘‘මේ කොහෙද සර් මේ.‘‘ ඔහුගේ මුහුණේ තිබුණේ ලෙංගතු සිනහවකී. ‘‘බැහැලම බලන්නකෝ.‘‘ මම ආසන පටිය ගලවා ගන්නට උත්සහ දැරුවෙමී .එයින් සිදුවුනේ මම තව තවත් ආසනයට තද වීම පණකී. ‘‘ඔහොම ඉන්න මිස් සදනී.‘‘ ආසන පටිය නිදහස් කර, කාර් එකේ දොරද ඔහු හැර දුන්නේ මම ලක් වන අපහසුතාවය වටහා ගත් නිසා විය යුතුය. නමුත් මට දැනුන අපහසුතාවයේ අඩුවක් නොවීය. ලැජ්ජාව නිසාම මම ඔහු සමග කතා නොකෙලෙමි. තවත් ප්‍රශ්ණ නොකෙලෙමී. අලංකාර සුවිසල් නිවසකී. නවීන පන්නයේ නිවස සිත් ඇද ගැනීමට සමත්ය. සුදු පාටින් සායම් කර තිබූ මුළු නිසම තැනින් තැන තිබී උළුහව් ,ජනෙල් , දොර පියන් වල තද දුඹුරු පැහැය ඒ සුදු පැහැය නසා වෙනස්ම ආලෝයක් නිවසට එක් කර තිබුනී. මේ සියලු නිමැවුම් ඉතා වටිනා ඒවා බව බැලු බැල්මටම කිව හැකිය. තනි මහලට සදා තිබුණත් එහි කාමර සංඛ්‍යාව මට වටහා ගත නොහැකිය. ඒ තරමටම එය විශාල නිවසකී. ඉදිරිපස දොර වසා දමා ඇත . තැනින් තැන ජනෙල් කවුළු කීපයක් නම් හැර තිබුණි. නිවස තුළ කිසිදු සද්දයක් බද්දයක් නොඇසෙයි. අනුහස් සර් අනුගමණය කරමින් මම වැරැනුඩාව යටට පැමිනියෙමී. දිලිසෙන සුදු මාබල් ඇල්ලු බිම පා තැබීමට ලෝභ සිතෙන තරම්ය. වැරැන්ඩාවේ වහලයද සිවිලි ආවරණ යොදා තිබිණි. මෙතරම් අංග සම්පුර්ණ නිවසක්, නෙත පෙනෙන මානයක වත් අසම්පූර්ණ යමක් දකින්නට නැත. මිදුළ වුව හොදින් පවත්වාගෙන යන්නකී. වල්පැලෑටියක් වත් දකින්නට නැත. ‘‘එන්න යමු ඇතුළට‘‘ මා දෙස ආපසු හැරී බැලු අනුහස් සර් පැවසුවේය. මේ ගෙදර කවුරුත් නැද්ද?. දොරත් වහලා. මගේ හිතට ලොකු බයක් එකතු විය. ඇත්තටම මාව මේ කෙහෙටද එක්ක ආවේ. ‘‘පොඩ්ඩක් ඉන්න.‘‘ කිව් ඔහු විදුලි සීනුව නාද කරන්නට විය. අම්මේ ඒ කියන්නේ මේ ගෙදර තව කවුරු හරි ඉන්නවා. ඒත් ඒ කවුද?. ‘‘ආ... ලොකු සර්නේ. මැඩම් බබා නිදි කරනවා . මම ලොකු සර් ආපු බව කියන්නම්.‘‘ දොර මදක් හැර බැලු මැදි වයසේ කාන්තාවක් පැවසුවාය.ඒ කියන්නේ මේ සර්ගේ ගෙදර වෙන්න ඕනේ. දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ. මම ලොකු සුසුමක් පිට කර දොර අභියස වුන් කාන්තාව සමග මද සිනහවක් පෑවෙමී. ‘‘එපා එපා.. කුමාරී ..එයා පුතා නිදි කරලා ආපුදෙන්. ඉස්සරලාම මේ මිස්ට බොන්න මොනවා හරි ගේන්න . අපිට දවල් කෑම රෙඩී නේද?.‘‘ අනුහස් සර් නිවසට ඇතුල් වෙමින් විමසුවේය. ‘‘ඔව් සර් ,සුදු නෝනා කිව්වා ලොකු සර් කවුද යාළුවෙක් එක්ක කෑමට එනවා කියලා විශේෂ කෑමක් හදන්න කියලා. ඇය කිව්වේ මදක් ඈතින් හිටගෙන ආචාර සම්පන්නව වුවාය. ‘‘හ්ම් ඒ මිස් තමා මේ.‘‘ ‘‘කවුද කුමාරී ඇවිත් ඉන්නේ.‘‘ එසේ පවසමින් අප සිටින තැනට පැමිණියේ අවුරුදු පණහක හැටක පෙනුමක් ඇති තවත් ස්ත්‍රියෙකි. ඇය අනුහස් සර්ගේ අම්මා විය හැකි යැයි මම තනිවම නිගමනය කලෙමී. ‘‘ආ මේ ලොකු පුතාණේ. කවුද පුතේ මේ දැරිවී. මට හොද..ට දැකලා පුරුදු මූණක්.‘‘ මගේ හිසේ සිට දෙපතුළ දක්වා කීපවරක්ම බැලු ඇය විමසුවේය. මම දැනුණ අපහසුවත් ලැජ්ජාවත් නිසාම බිම බලා ගත්තෙමී. ‘‘මේ ඔපිස් එකේ ළමෙක් අම්මේ. මිස් සදනී.‘‘ ඔහු මා දෙස බලා සිනාසෙමින් කීවේය. ‘‘සදනී ‘‘ මට ඒ නමත් පුරුදුයියන් පුතේ. කොහොම වුණත් සීදේවී කෙලි පොඩ්ඩ.‘‘ මගේ ළගට පැමිණ හිස අත ගෑ ඇය මා සමගම සෙටියේ විශාල පුටුවෙහි වාඩී විය. ‘‘අනු ඔයා ආවද?. මම හිතුවේ නෑ කිව්වට එයි කියලා.‘‘ සුරතල් දරුවෙකුද වත්තම් කරගෙන පැමිනි ඇය විමසුවාය. ‘‘මම කවද්ද බොරු කිව්වේ සුදු ... කෝ පුතා නිදි නැද්ද?‘‘ ‘‘නෑ. එයාට තාත්ති ආ බව තේරිලාද කොහෙද දොයියනම බෑලු. නේද මගේ සං.‘‘ ඇය කුඩා දරුවාගේ මුහුණට එබී කට හදමින් සුරතල් බසින් කීවාය. අතේ වුන් පුංචී දරුවාද අත් දෙක ඇගේ මුහුණ දෙසට දික් කරමින් හැග්.. හැග් .. ගා මොනවදෝ කීමට උත්සහ ගත්තේය. ‘‘කෝ එන්න බලන්න මගේ සං.‘‘ දෑතම පෑව අනුහස් සර් කුඩා දරවා සෙනෙහසින් දෑතට ගත්තේය. පුංචි දරුවගේ සතුට තවත් වැඩීවි තවත් දගලන්නනට විය. ඒ අනුහස් සර් නිතර පවසන සුරතල් පුතු වාය යුතුය. ඔහු කිය අයරින්ම පුතා සුරතල් වගේම දග විය හැකිය. ‘‘ආ.. මේ... සුදු .. මේ ඉන්නේ මිස් සදනී.‘‘ ඇගේ දෑස කෙළින්ම මා වෙත යොමු වෙද්දී මම ඉබේටම අසුනෙන් නැගිට්ටෙමී. ‘‘ආනේ. අයියෝ වාඩි වෙන්න සදනී නංගී. කොහොමද ඉතින්.‘‘ ඇයට මා අමුත්තියක් නොවීය. මා දන්නා හදුනනා අයෙකු මෙන් මට ඇමතුවාය. ‘‘හොදින් මිස්.‘‘ මම අසුන් නොගෙනම කීවෙමි. ‘‘අයියෝ මේ ඔපිස් එක නෙමෙයි සදනී.‘‘ ‘‘ඒනේ මට අක්කේ කියන්න. ඔය මිස් කෑලී එපා. මෙයා සර් වුණාට මම මිස් කෙනෙක් නෙමෙයි. ‘‘ඇය අනුහස් සර් දෙස බලා ඇසක් සිහින් කර ඉගි මරමින් කිවාය. ‘‘සුදු නෝනත් මෙයාව දන්නවද?‘‘ ඒ විමසුම මා අසල වාඩී වී සිටි අනුහස් සර්ගේ මෑණියන්ගෙනී. මම දැන් පිරිසක් මැද අතරමන් වී ඇතැයි මට හැගෙන්නට වී ඇත. මේ මිනිස්සු මාව මේ තරම් දන්නේ කොහොමද?. සර් නිතර ගෙදර ඇවිත් මං ගැන කියනවා ඇති සමහර විට. මට මොනවද කියන්න තියෙනවා කියලනේ එක්ක ආවේ . මොකද්ද පවුලේ අය එක්ක එකතු වෙලා මට කියන්න තියෙන දේ.‘‘ ‘‘ගන්න මිස්.‘‘ නැවතත් මා අසට පැමිණ සිටි කුමාරී පවසද්දී මම බිම වීදුරුවක් අතට ගත්තෙමී. ‘‘ආ... ඔව් අම්මේ මේ..‘‘ ‘‘මම නිතර කියන නිසා මතක ඇති අම්මේ.‘‘ අනුහස් සර් තම බිරිදට කියන්න එපා යැයි ඉගි කරන් අයුරු මම හොදින්ම දුටුවෙමි. මම ගැන ඔවුන් දන්නා දේ මම දැන ගන්නවාට ඔවුන් අකමැති මා හට හොදින්ම වැටහුණි. ‘‘සදනීට පුතා ඕනෙද පොඩ්ඩක්.‘‘ ඔහු පහසුවෙන්ම කතාව වෙත් පැත්තකට හැරෙව්වේය. ‘‘අනේ සර්.. බබා හුගක් චූටීනේ මට බයයි එයාව ගන්න.‘‘ මම ආදරයෙන් පුංචි දරුවා දෙස බලා කීවෙමී. අනුහස් සර්ගේ අතේ හුන් පුංචී දරුවාද චූටි බෝල ඇස් වරකවා මා දෙස බලා සුරතල් සිනාවක් නැගිවේය. රෝසම රෝස පැහැ ඔහුගේ සියුමැලි කොපුල් පිම්බුණි. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 18 Jan 2017 02:21 AM sha733Super Senior MemberPosts:7332 16 Jan 2017 09:50 PM ඒ උනාට තරහයි වගේ සඳුනිVeteran MemberPosts:2462 16 Jan 2017 04:13 AM ඒකද හේතුව.. හා හා මම නම් තරහා නෑ. sha733Super Senior MemberPosts:7332 15 Jan 2017 10:10 PM Posted By සඳුනි on 15 Jan 2017 11:38 AM මම තරහිය තමා කවුද දන්නේ නෑ අපිව අතෑරියේ මුලින්ම. දැන් මාව මතකවත් නෑනේ නේද? හී කට්ටියගේ ලොකු ලයින්නේ චැට් කරන්න එපා අරය මෙයා මගෙ එකට ලොග් වෙනව කියපුවාම තව මොනව කියල අපි කියන්නද ටිකක් කථා බහ කරල ඉන්නවට ඒ ඉතින් මට තියෙන අකමැත්තනේ පෙන්නුවේ කමක් නැහැ ඔහොමම දිගටම ඉන්න sha733Super Senior MemberPosts:7332 15 Jan 2017 10:04 PM අපිටත් ඔය නුවන පහල උනානං කල් තියා සඳුනිVeteran MemberPosts:2462 15 Jan 2017 01:27 PM හිරුයි තරුයි. දසවන කොටස. ‘‘සදා ගුඩ් මොර්නිං.‘‘ මගේ පියවර සමගම පියවර තැබු ඔහු පවසන්නට වුයේය. මම පොඩ්ඩක් ආඩම්බර වීමට සිතුවෙමී. ‘‘ සදා තරහා වෙලාද?‘‘ ගගන එවර මගේ වැලමිට ළගින් අල්ලා ඔහුගේ පැත්තට හරවා ගත්තේය. මුහුණේ නැගුණ සිනහව වළකා ගැනීමට මට නොහැකී විය. ‘‘හොර කෙල්ල.. හොරෙන් හිනා වෙනවා නේද?.‘‘ ‘‘ගගන සොරි..‘‘ මම ඔහුගෙන් සමාව අයදිමින් ඉදිරියට පා නැගුවෙමි.‘‘ ‘‘මමනේ සොරි කියන්න ඕනේ. ඇත්ත දන්නේ නැතුව ඔයා එක්ක තරහා වුණා. වෙරි සොරි සදා.‘‘ ඔහුගේ මුහුණින් සිනහව අතුරුදහන් වී තිබුණි. ‘‘දැන් ඔය කතාව ඇති ගගන. අපි වෙනවා හරි කතා කරමු.‘‘ මම සුසුමක් හෙළමින් එලෙස පැවසුවෙමී. අපි නොයෙකුත් දේ කතා කරමින් බස් නැවතුම වෙත පැමිණියෙමු. වෙනදා තිබු සුහද බව නැවතත් අපි අතර ගොඩනැගී තිබුණී. නිසල්මනේ දවස් කීපයක් ගෙවී ගියහ. ගගනත් මමත් පෙරටත් වඩා ළංවී තිබුණී . උදේ හවා මා බැලීමට පැමීණී ඔහු මා ගැන නිතර වෙනදටත් වඩා සොයා බැලුවේය. සිතා ගත් අයුරින්ම මම අළුත් සිම් පතක්ද ගත්තෙමී. මම සිම්පත මාරු කරන්නේ ඔහු දුක් වන නිසා බව තේරුම් ගත් ඔහු මාරු නොකරන ලෙස මගෙන් ඉලුවේය. අළුත් අංකයකින් හෝ දිනිදු මා සම්බන්ධ කර ගන්න උත්සහ ගනීවී කියා දැනුන නිසා මම ඊට අකමැති විය. මගේ විභාග ප්‍රතිථල සමග අනුහස් සර් තව තවත් සතුටු විය. ඉදිරි ඉගෙන ගැනීම් කටයුතු සදහා සහය වන්නටද ඔහු පොරොන්දු විය. පිටදී හමුවී යමක් පැවසීමට ඇති බව කිව්වත් ඔහු ඒ සදහා දිනයක් යොදා ගත්තේ නැත. ඕක කියන්නම ඕනේ නම් කියන්නේ නැතෑ. මම තනිවම සිතුවෙමී. අනුහස් සර් කාර්යාලයේ අනෙක් සේවකයින් ඉදිරි පිටදී තද ප්‍රතිපත්ති සහත දැඩි පුද්දලයෙකි. නමුත් ඔහු මා ඉදිරිපිට වඩා සුහදසිලී විය. වැඩිකල් නොගොස්ම ඔහුගේ බිරිදත් කුඩා දරුවත් පිළිබද මා සමග පැවසුවේය. මගේ පුද්ගලික තොරතුරුද විමසා බැලු ඔහු, තාත්තා ගැන දැන ගත් විට බොහෝ සෙයින් කණගාටි විය. දිනක බිරිද සමග අපේ නිවසට පැමිණිමට පවා ඔහු පොරොන්දු විය. නිතරම රාජකාරි කටයුතුවලදී ඔහු සමග සිටීමට සිදුවන නිසා මගේ හිතේ තිබු චකිතය මගහැරී දැන් ඔහු මිතුරෙකු ලෙස හැගෙන්නට වී තිබුණි. අවිවේකී දින ගණනාවකට පසු විවේකී ඉරිදා දිනයක් උදා විය. අම්මා අවධි වන්නටත් මත්තෙන් අවදී වු මම නිල් පැහැ බෝඩරය සහිත සුදු සාරිය ගෙන හැදගත්තෙමී. තද මිහිදුම් ගතියක් නොතිබුණ පරිසරය පුරා ළා හිරු කිරණ සමග සෟම්‍ය බවක් ගැබ්ව තිබුණි. මම දහම්පාසලේ ඉගැන්වීම් කටයතු සදහා අවශ්‍ය වන පොත් කීපයකුත් පපුවට තුරුළු කරගෙන මුළුතැන් ගෙට ගියෙමී. ‘‘දු ඔයා උදෙන්ම ලැස්ති වුණාද?‘‘ ‘‘ඔව් අම්මේ.‘‘ මම මද සිනහවක් මුහුණේ රදවාගෙන සීරුවෙන් කුස්සියේ වු ලී පුටුව මත හිද ගත්තේ සුදු සාරියේ කුණු ගැවෙයි කියා සිතුණ නිසාවෙනී. ‘‘ලොකු හාමුදුරුවොත් බලන් ඉන්නේ දු පංසලට එනකන්. ලොකු හාමුදුරුවන්ටත් හරි සතුටුයි ඔයාගෙයි ගගන ළමයගෙයි රිසාල්ට් ඇහුවම.‘‘ ඒ වදන් සමග අඩම්බර හැකිමක් මට දැනෙන්න විය . එය අන්අය පහත් කර සිතීමේ ආඩම්බරයක් නොවෙයි. අපගේ කැපවීම මත ලැබූ ජයග්‍රහනයේ සතුට වෙනුවෙන් සිත තුළ මෝදු වූ අහිංසක සතුටකී. ‘‘ගගන පුතයි ඔයයි හොදටම විභාගේ පාස් වෙයි කියලා කොහොමත් ලොකු හාමුදුරුවෝ ලොකු විශ්වාසෙකින් හිටියේ.‘‘ උදේ ආහාරය පිළියෙල කරමින් සිටි ඇය මා දෙස බලමින් සතුටින් පැවසුවා. ‘‘සදනී... සදනී.‘‘ ‘‘අම්මේ ගගන ඇවිත් මම යන්නද?‘‘ හනික් පුටුවෙන් නැගිට පොත් කීපය ලයට තුරුළු කරගෙන මම විමසුවෙමි. ‘‘කෑවෙත් නෑනේ දූ. ගගන පුතාටත් අඩ ගහන්න. අපි කාලා එහෙම යමු වෙලා තියෙනේ තව. ‘‘ ‘‘සදනී යමුද? ලොකු හාමුදුරුවෝ අද අපි දෙන්නට උදෙන්ම එන්න කිව්වා.‘‘ ගගන නිවස ඉදිරි පිට සිට කියන්නට වුවේය. ‘‘මම කියන්නද අම්මා කෑම එකක් අරන් එන්න. අපි යන්නම්.‘‘ මම අම්මාගේ දෙපා නමදිමින් කීවෙමි. රෑ ඇදුමට උඩින් හැද සිටි චීත්තයේ කොණක දෑත පිස දමා ගත් ඇය‘‘ පරිස්සමින් යන්න එහෙනම් මම එන්නම්‘‘ යැයි පවසා සිටියාය. ‘‘පරිස්සමින් ළමයෝ ඔය සාරි පටලන් දුවන්නේ වැටෙයි.‘‘ මම ආලින්ද හරහා ඉදිරිපසට දුවන් යන අයුරු බලා වුන් අම්මා සෙනෙහසින් පැවසුවේය. මගේ දගකාර කම් වලට ඇය දොස් නැගුවත්, ඒ දේවල් දැක සිත යටින් ඇය සතුටු වන බව මම දනිමී. ඒ නිසාම මම ඇය ඉදිරිපිට ඕනිවටත් වඩා දගකාරවිමි. ‘‘වැටෙයි කෙල්ලේ.‘‘ පාපිස්සේ පය පැටලී වැටෙන්ග ගිය මා ඔහුගේ අත් දෙකට වාරු කර ගනිමින් ගගන කීවේය. මොහොතකට ඔහුගේත් මගේ දෑස් එක තැන නැවතුණී. වැටෙන්නට ගිය ඉරියව්වෙන්ම මම ගගනගේ සවිමත් බාහුවේ එල්ලී සිටිමි. ඔහුගේ කතා කරන දිලිසෙන ඇස් වල වු බැල්ම මට සිටිනා තැන අමතක වන්නට තරම් ප්‍රබල විය. මට නොතේරෙන අමුතුම හැගීමක් සමග මට හුස්ම ගැනීම පවා අමතක වී තිබුණි. ‘‘මොකද දු වැටුණද?‘‘ නිවස තුළින් ළග ළගම අම්මාගේ කට හඩ ඇසෙන විට‘‘අම්මා එනවා කෙල්ලේ.‘‘ යැයි පැවසු ගගණ මට ඇසක් ඉගිමරා සිනාසුනේය. විදුලියක් මෙන් ඔහුගේ දෙනෙතින් මිදුණු මම රූකඩයක් මෙන් සිට ගත්තෙමී. ‘‘වැටුණද?.‘‘ ‘‘නෑ නෑ සෙව්න්දී ටීචර්. හැබැයි වැටෙන්න ගියා. ‘‘ ගගනත් මාත් අම්මා ඉදිරිපිට සිටගෙන වුන්නේ විදුහල්පති තුමා ඉදිරිපිට වරදක් කර සිටගෙන ඉන්න සිසුන් දෙදෙනෙකු මෙනී. ‘‘මේ ළමයගේ දාංගලේ. අතක් පයක් කඩා ගත්තම් තේරෙයි.‘‘ මට දොස් නැගු අම්මා නැවත ගෙතුළට යන්නට හැරුණාය.‘‘ අපි දෙදෙනා අතර ඇති වුණේ දැඩි නිහඩ බවකී. සුදු සරමක් සහ සුදු කමිසයක් හැද සිටි ගගන දෙස මම හොරැහින් බැලුවෙමී. ඔහුගේ පෙනුමෙන්ම හැගෙන්නේ කඩවසම්, තැම්පත් වැදගත් බවකී. කෙසේ නමුත් ඔහුගේ ඇවතුම් පැවතුම හැබැවටම එසේම විය. මම සැමදා ඔහුගේ ස්භාවයට ආසා කළෙමි. අද මට වෙනදටත් වඩා ඔහු ගැන අමුතු කැමත්තක් සිතට දැනෙන්න වි තිබුණි. එනිසාම මම ඔහුගේ ඉරියව් සියල්ල බලන්නට වුයේ රහසිනී. පන්සල් පාර දෙපස වූ මාන ගස් වලින් මල් කඩා ගත් ඔහු එහි රේණු සූරා සුළගේ පා කර හැරියේය. ඒ අතර තුර ඔහු මා දෙස හොරහින් බලන අයුරු මම දුටුවෙමී. ඒ අවස්තා වල මම ඉක්මනින් බිම බලා ගත්තෙමි. ඔහු තවත් මාන මලක් කඩාලනිමින් එකවරම මා දෙස බැලුවේය. එවර මට ඔහු මගහැර ගන්නට නොහැකි විය. ‘‘සදා ... මොනවද මගේ ඔය තරම් බලන්නේ.‘‘ ‘‘කවුද ඔයා දිහා බැළුවේ.‘‘ බොරු අමනාපයක් සමග සිහයවක් මවා ගත් මම ඉදිරිය බලාගෙන ගමන් කරන්නට වුයෙමී. ‘‘කපටි කෙල්ල. මම දැක්කා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා.‘‘ මළකෙලියයි. මම හිතුවේ දැක්කේ නෑ කියලනේ .මු හොරා වගේ සේරම බලන් ඉදලා. ‘‘මොකද කටර් එක වැහිලද?. අද වචන නැද්ද?.‘‘ ඔහු ඇසුවේ අතේ තිබු මාන මල මගේ මුහුණේ දවටමිනී. ‘‘අයියෝ එපා ගගන. කහන්න ගනී.‘‘ මම ඔහුගේ අත අල්ලා ඉවතට තල්ලු කලෙමි. ‘‘සදා...‘‘ මගේ දෑතම තදින් අල්ලා ගත් ඔහු මගේ දෑසට එබුනේය. පෙනෙන හරියක කිසිවෙක් නොමැති නිසාත් ඔහුගේ බැල්මෙන් මිදෙන්න ඉඩක් නොතිබුණ නිසාත් මම ඔහු දෙසම බලා හුන්නෙමී. අපගේ ගමන දැන් මග නැවතී ඇත. පන්සලට ඇත්තේ තව සුළු දුරකී. ‘‘සදා මට දෙයක් කියන්න තියෙනවා. මගේ නිහඩ බව මැද ඔහු නැවතත් හඩ අවදී කලේය. දැන් ඔහුසේ දෑස් තව තවත් දිදුලයි. ‘‘අහන්න ඕනේ නැද්ද ඒ මොකද්ද කියලා.‘‘ ‘‘මොකද්ද ගගන.‘‘ ‘‘ඔයාට හිතා ගන්න බැරිද?‘‘ මම ඔහුගේ දෑසින් දෑස් ඉවතට ගත්තෙමී. ‘‘කෝ මොහෙ බලන්න කෙල්ලේ. මගේ ඇස් දිහා බලන්න.‘‘ මගේ හදවතට සිවුම් වේදනාවක් දැනෙන්න විය. හද ගැස්ම් පිටතට ඇසෙන තරම් වේගවත් වෙද්දී මට ඔහුගේ ඉල්ලීම අතහරින්න නොහැකී විය . මම ඔහු දෙස බැලුවෙමී. මට ඔයා කියන දේ තේරෙනවා ගගන. ඒත් මට ඒකට දැන්ම උත්තරයක් දෙන්න බෑ. මම තාම ඒකට සුදානම් නෑ. ඒ මම ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි. ඒ මගේ හිත තව සුදානම් නෑ ඔයා කියන දේ පිළියන්න. මගේ සිත යට එවැනී සිතුවිලි දාමයක් ඇදුනත් මම වචනයක් වත් කතා නොකලෙමී. ‘‘කියන්නකෝ .. ඔයාට තේරෙනවා නේද. මගේ ඇස් දෙකෙන් පේනවා නේද?.‘‘ ‘‘මො..නව..ද? මම අපහසුවෙන් මිමුණුවෙමි. ගගනගේ දෙනෙත් එක වරම අදුරු වි ගියේ, මා බලා සිටියදීමය. ලොකු සුසුමක් හෙලු ඔහු මගේ දෑත් අත හැර ඉවත බලා ගත්තේය. ‘‘ ඔයා දන්නවා සදා මම කියන්නේ මොනවද කියලා. මට ඔයාගේ ඇස් දෙකෙනුත් ඒ දේ පේනවා. ඒත් ඔයා ඇයි පිළිගන්න අකමැති.‘‘ ‘‘අපිට තව කල් තියෙයි ගගන.‘‘ තවත් ගගන අපහසුතාවයට පත් නොකර ඒ ගැන කෙලින් කතා කරන්නට සිතු මම සුසුමක් හෙලුවෙමි .ඔහු අසලට ගොස් ඔහු මෙන්ම පාරෙන් පහල වූ මාන අකුළ දෙස නෙත් යොමාගෙන මම ඔහු අසලම සිට ගත්තෙමි. ‘‘හරි මම දන්නවා කල් තියෙන බව.ඔයාට ඕනි තරම් කල් දෙන්නම්. ඒත් ඇයි අපි දෙන්නට ළං වෙලා එකට මේ ගමන යන්න බැරි.‘‘ ‘‘ඔයා දන්නවනේ අපේ අම්මා ආසයි මම ඉහළටම ඉගෙන ගන්නවා දකින්න. ඔයාලගේ අම්මත් ආසයි ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න. ‘‘ ‘‘ඉතින් හරි අපි ඒ දේවල් නවත් වන්නේ නෑනේ.‘‘ මගේ කතාවට බාධා කරමින් ඔහු පැවසුවේය. ‘‘ඒත් මම කියන්නේ අපි මේ හිටිය විදියට අපි තව ඉමු.‘‘ ‘‘අපි දැන් පොඩි ළමයි නෙමෙයිනේ සදා.‘‘ ‘‘ඒත් මෙහෙම දෙයක් අපේ අම්මා දැන ගත්තොත් අපේ යාළු කමත් නැතිවෙනවා.‘‘ ‘‘ඔයාට කියලා දෙන්න මට තේරෙන්නේ නැ කෙල්ලේ. ඔයාගේ කැමැත්තක් .දැන් අපි යමු. ‘‘ ගගන පන්සල දෙසට ඉක්මන් පියවර තබමින් කිව්වේය. උදෑසන නිවසින් පිට වන විට අප සිත් වල වූ සැනසීම දැන් නොවීය. මම පිළිනොගත්තත් මගේ සිතටද ලොකු වේදනාවක් එක් වී තිබුණි. දහම් පාසලේ උදේ රැස්වීමේදී අප දෙදෙනා ආදර්ශයට ගෙන හොදට ඉගෙන ගන්නා ලෙස ලොකු හාමුදුරුවන් අනෙක් දරු දැරියන්ට අනුසාසනා කළහ. අපි දෙදෙනාට වෙනමම කතා කළ උන්වහන්සේ සරසවි වරම් හිමි වේවායි ආසිර්වාද කළේය. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 15 Jan 2017 01:23 PM සඳුනිVeteran MemberPosts:2462 15 Jan 2017 11:38 AM මම තරහිය තමා කවුද දන්නේ නෑ අපිව අතෑරියේ මුලින්ම. දැන් මාව මතකවත් නෑනේ නේද? හී sha733Super Senior MemberPosts:7332 14 Jan 2017 10:17 PM සුපිරියි කථාව කියවනව ඉතින් ලියන අය අපිත් එක්ක තරහ උනත් සඳුනිVeteran MemberPosts:2462 14 Jan 2017 01:22 PM හිරුයි තරුයි. නමවන කොටස. ඔහු සිනා සෙමින් කියද්දී මම පුදුමයෙන් මුහුණ පුරවාගෙන ඔහුගේ මේසය ඉදිරිපිට වූ අසුනේ වාඩී වුනෙමි. දැන් එතකොට මම පරක්කු වුණ හේතුව අහන්න නෙමෙයිද සර් අඩ ගැහුවේ . ‘‘දැන් මම මිස් සදනීගෙන් ඇහුවද ඇයි ලේට් වුණේ කියලා.‘‘ කරමින් සිටි සියළු කාර්ය නවතා දැමු අනුහස් සර් මගේ දිහාම බලන් හිටියේය. ‘‘ඒත් ... මේ.. සර් මම අද පරක්කු වුණානේ.‘‘ ‘‘පරක්කූ වෙන එකනම් නරක පුරුද්දක් තමා. ඒත් මම ඔයාව හෙව්වේ වෙන වැඩකට‘‘ ඔහු කිව්වේ මා දෙසට තරමක් නැඹුරු වුවේය. අද නම් අනුහස් සර් හරි අමුතුයි. පොර මොකටද එන්න යන්නේ. මුණේ තියෙන මනමාල පෙනුම. වයස අවුරුදු විසි හයකට ,විසි පහකට කිට්ටු වු පෙනුමත් සමග ඔහුගේ ඉරියව් මගේ සිතට එතරම් ඇගල්ලුවේ නැත. ‘‘මිස් සදනී.. මොනවද කල්පනා කරන්නේ.‘‘ පිටුපසින් ඇසුණු කටහඩත් සමග තිගැස්සී ගිය මම එක වරම අසුනින් නැගිට සිටියෙමි. ඔහු මගේ පිටු පසින් හිටගෙන ඉදිද්දී, මට අමුත්තක් දැනෙන්න විය ‘‘මොකුත් නැ සර්.‘‘ ‘‘මොකද ඔයා හොදටම කළබලවෙලා . වාඩී වෙන්න ළමයෝ. මම රකුසෙක් වගේද පේන්නේ. ‘‘ ඔහුගේ වදන් තවත් සන්සුන් වී තිබුනී. ‘‘සර් මො..කද්ද කියන්න තියෙනවා.. කිව්ව.විශේෂකාරණය‘‘යාන්තම් වචන කීපයක් අමුණ ගත්තු මම හිමින් සීරූවේ නැවතත් අසුනේ වාඩී වුවෙමී. ලොකු හුස්මක් පිට කරමින් වීදුරු වලින් ආවරණය කර තිබූ ජනෙල් කළුලවක් අසට ගිය ඔහු කවුළුවෙන් පිටත බලා ගත්තේය. ඒ බැල්මෙන් හිතේ මහ දුක් කන්දරාවක් ඇති බව මට වැටහුනෙමී. ‘‘කියන්න නම් හුගක් තියෙනවා මිස් සදනී.‘‘ ‘‘කිය..න්න.. ස..ර්‘‘ මගේ තිබෙන තිගැස්ම තව තවත් වැඩි වෙද්දී වචන පිට නොවීය. ‘‘මෙහෙම කියන්න බෑ මිස් සදනී. ඔයාගේ අකමැත්තක් නැතිනම් අපි පිටදී හම්බෙමුද? ‘‘අනුහස් සර් නැවතත් මගේ දෙසට හැරුණේ අනේ එන්න.. කියන්න වගේ ආයාචනාත්මක බැල්මකුත් සමගයි. ‘‘මා...ව.. පිට..දී.‘‘ මට කෙළ ගිය ගැනීමටත් අපහසු බවක් දැනුනී. නමුත් මගේ බිය ගත් ස්රූපය ඔහුගේ මුහුණු රැදෙව්වේ සිණහවකි. ‘‘මොකද ඔය හැටි බය වෙලා ළමයෝ. මම නරක කෙනෙක් නෙමේ මම ඔයාගෙම අයියා කියලා හිතන්න.‘‘ ‘‘ඒත් සර්.‘‘ ‘‘හරි ඔයා අකමැතිනම් අවුලක් නෑ මිස් සදනී .මම ඔයාව බය කළානම් වෙරී සොරී.‘‘ ‘‘නෑ නෑ සර් ..මම එන්..නම්. ඒත් නි..වාඩු දවස..ක නම් එන්..න බැරි‘‘ වෙයි.‘‘ මෙතරම් ඕනෑ කමින් කියන්නට යන දේ දැන ගැනීමට මට ලොකු අවශ්‍යතාවක් දැනුන නිසා මම කැමැත්ත ප්‍රකාශ කලෙමී. ‘‘නීවාඩු දාට එන්න ඕනේ නෑ ලන්ච් එකකදී යමු. ‘‘ ඔහු නැවතත් ඔහුගේ පුටුවට පැමිණියේ මහ බරක් නිදහස් වුණා මෙන් සතුටින් වූවාය. ‘‘මිස් සදනී එහෙනම් මිස් සයුමිගෙන් අහගෙන වැඩටික කරන් යන්න. මොකක් හරි ගැටළුවක් ආවොත් මෙතනට එන්න. මෙතරම් වෙලා මුහුණේ තිබුණු සුහදසීලී බව පහව නැවතත් දැඩි බවක් ඒ වචන වල පවා ගැබ් වී තිබුනී. මොකුත් නොපවසාම මම ඔහුගේ නවීන කාර්යාල කාමරයෙන් එළියට පැමිණියෙමී. මොකාටද එන්න හදන්නේ. නරක කෙනෙක් වෙන්නත් බෑ මොකක් වුනත් ලොකු දුකක ඉන්නේ. අනේ මන්දා මම මේ කරන්න යන වැඩේ හරිද වැරදිද මන්දා . ඇවිල්ලත් තාම සතියයි . මට මොනවද ඔය හැටි කියන්න තියෙන්නේ. ‘‘ඒ මිස් සදනී . ඔය කොහෙද යන්නේ.‘‘ ‘‘අහ් මේ.. මම වෙන කල්පනාවක ආවේ.‘‘ මම මට අදාල මේසයද පසු කර යන විට චාරුකගේ හඩින් නැවතිණි. දැන් වටේ සිටි සියල්ලනගේම දෑස් මා වෙත යොමු වි ඇත. ‘‘සදා මොකෝ බං අපේ බොසා කියන්නේ.‘‘ ‘‘මම හදපු රිපොට් එකක වරදක්ලු බං. පරක්කු වුණා කියලා හොදටම බැන්නා.‘‘ ඔවුන් සමග ඇත්ත කීමට හිත නොදුන් නිසාම මම බොරුවක් කියමින් මගේ අසුනේ වාඩී වුණේමී. ඇත්ත කියන්න ගියොත් මේ සේරමලා මං ගැන වැරදියට හිතයි. ඇවිල්ලත් වැඩි කාලයක් නෑ. සර් හම්බෙන්න එළියට යනවා කිව්වැහැකිද?. ‘‘ඒ මොනවද බං කල්පනා කරන්නේ . මේ.. සර්කාරයා මනමාළ පාට් එකක් වත් දැම්මද? ඔහුගේ අසුනින් නැගිට මා අසලට පැමිණි චාරුක පහත් හඩින් විමසුවේය. ගැස්සී තිබු මගේ සිත තුළ තව තවත් බිය වැඩි විය. ‘‘අනේ මේ ගෑණු වගේ ඕපදූප හොයන්නේ නැතුව ඉදහන්. අනික අපේ සර් කුකුළෙක් නෙමේ. මම දැන් වැඩට ඇවිත් කොච්චර කල්ද? ‘‘ සයුමී කිව්වේ කාර්යාලයේ කටකාරයා වු චාරුක දෙස රවා බලමිනී. කොහොමත් චාරුක අනුහස් සර් සමග කුමක් හො අමණාපයක් ඇතැයි මට පැමිණි දවසේ සිට වැටහි තිබුණි. ‘‘අනේ උබ දන්න බම්බුව. පලයං යන්න .මම නොදන්න එයාගේ කැරැට්ටුව.‘‘ සයුමිට අත දික්කරමින් දොස් නැගූ චාරුක කෙළින්ම කාර්යාලයෙන් ආපණශාලාව පැත්තට ඇදුනේය. දෙයියනේ මම වැරදී තීරණයක්ද ගත්තේ අනුහස් සර් නරක කෙනෙක්ද? ‘‘ ඇයි බං බය වෙලා වගේ.‘‘ ‘‘ඇත්තටම අනුහස් සර් කොහොම කෙනෙක්ද? මම ඇස් දෙක විසල් කරගෙන සයුමිගෙන් විමසුවෙමී. ‘‘අපෝ බං ඔය චාරුක කියන ඒවා ගණන් ගන්න එපා. අපේ සර් හොද මනුස්සකම් දන්න මනුස්සයෙක්. ඌ කිව්වට, සර් වල් නෑ . මැරි කරලා මාස හයක චූටී පුතෙකුත් ඉන්නවා හරිම හුරතල් බබා.‘‘ සයුමිගේ ඇස් වල කුඩා දරුවා ගැන වු ආදර හැගීම ගැබ්ව තිබුණි . මම නිහඩවම ඇගේ මුහුණේ ඉරියව් පරික්ෂා කරමින් කතාවට සවන් දුන්නේමි. ඇය පැවසූ අයුරින් නම් අනුහස් සර් යනු ඉතා හොද සංවේදී පුද්ගලයෙකී. මම ඒ කතාවත් සමග මම ගත් තීරණය අමාරුවෙන් සාධාරණීකරණය කර ගත්තෙමී. වෙනදා වගේ කරුවල වැටෙන්න ළංවෙද්දී මම සුපුරුදු පරිදී බස් නැවතිම ළගින් බැස ගත්තෙමී. උදේ හවස මම රැකියාවට යන අවස්ථාවල බස් රථ පිරී වුන් සෙනග නිසාම මට දැන් බස් වල යාමද එපා වී ඇත. එහෙට මෙහෙට තෙරපී දැනුන මහන්සිය නිසාම මම හෙමින් ගුරු පාර දිගේ ඉදිරියට ඇදුනෙමී. කෝ අද ගගන නෑ වගේ .වෙනදා නම් මේ වෙලාවට මෙතෙන්ට එනවනේ මාව ගෙදර ඇරලන්න. මට දැනුනේ ලොකු තනිකමකී. මාර්ගයේ ඉදිරි පිට ගොම්මන් අදුර පෙනෙද්දී මට තනියෙම යාමට බයක්ද දැනෙන්න විය. මම කාර්යාලයේ සිටම සිතා වුන්නේ අද සිදු වූ දෙය ගගනට කියන්නේ කොයි මොහොතේද යනුවෙනී. මට තේරෙන්නේ නෑ මම තනි වෙලා. කමක් නෑ සයුමී කිව්වනේ සර් හොදයි කියලා. මම ගිහින් සර් කියන්න යනදේ අහන් එනවා. මම අවසාවයේ තරයේ සිතා ගත්තෙමී. ‘‘ දු කෝ ගගන පුතා‘‘ අම්මා ඇසුවේ පුදුමයෙන් වට පිට බලමින් විය. ‘‘අද ගගන ආවේ නෑනේ අම්මේ. ඇයි දන්නේ නෑ.‘‘ ‘‘අද මම ස්කොලේ ඇරිලා එද්දී මගේ පස්සෙන් දුවන් ඇවිත් කිව්වා . රිසාල්ට් ඇවිත් ඔයාට බලන්න කියන්න කියලා.‘‘ ‘‘රිසාල්ට් ඇවිද්ද?. මම මහසිය නිසාම වාඩී වුණ පුටුවෙන් ඉබේටම නැගිටුනේ අම්මා දුන් ආරංචියත් සමගිනී. ‘‘ඔව්. ඒත් මම ඇහුවා . ඇයි කෝල් එකක් දීලා කියන්නේ නැත්තේ කියලා. පොන් එක වැඩ නෑලු.‘‘ ‘‘අයියෝ ෂිට්.‘‘ ‘‘ ඇයි.‘‘. මම කනස්සල්ලෙන නළලේ අත ගසා ගන්දී අම්මා මාදෙස බලා විමසන්න විය. ‘‘මම අද උදේ පරක්කු වුණ නිසා පොන් එක අමතක වෙලා ගෙදර දාලා ගිහින්නේ.‘‘ ‘‘ ආ .. ඒක වෙන්නැති.‘‘ ‘‘අයියෝ අම්මේ ගගන මාත් එක්ක තරහා වෙලා ඇති. මම කිව්වේ නොසන්සුන්ව ගේ ඇතුළට දුවගෙන ගමින්ය. දුරකථනයේ එක දිගටම කෙටි පණිවිඩ සහ මගහැරුණු ඇමතුම් ගණනාවකී. දෙවියනේ ගගන. මම සියල්ලටම පෙර ගගනට ඇමතුමක් ගත්තෙමී. ‘‘ ෂිට් ආන්සර් කරන්නේ නෑනේ අම්මා.‘‘ මම දුරකථකය හදිස්සියෙන් හසුරුවමින් මා අසලට පැමිණ වුන් අම්මාට පැවසුවෙමි. මම කෙටි පණිවිඩ බැලුවෙමී. ‘‘සදා ඔයාට මගේ කොල් එකක් වත් ආන්සර් කරන්න දැන් වෙලාවක් නෑ නේද? අඩුම ගානේ බිසි කියලා මැසේජ් එකක් දාන්න වත් බැරිද? හරි සදා ඔයා සතුටින් නම් එච්චරයි. ඔයාට මම දැන් වදයක්නේ . මම ආයි ඔයාට වදයක් වෙන්නේ නෑ සදා. ඒත් හැමදාමත් මගේ හිතේ ඔයා ඉදීවී. කමක් නෑ මේ බැදීම මට වටිනවා වුණාට ඔයාට වටින්නේ නැතුව ඇති . බුදු සරණයි. මම නවතින්නම්.‘‘ ඒ ගගනගේ අවසන් කෙටි පණිවිඩයයි. මගේ ඇස්වලට කදුළු නැගෙද්දී, මම අග සිට මුලට කෙටි පණිවිඩ කියවාගෙන ගියෙමී. මගේ විභාග අංකය ඔහුට කට පාඩම්ය. මටත් ඔහුගේ විභාග අංකය කට පාඩම්ය. ඒ නිසාම ඔහු මගේ ප්‍රතිඵලද බලා මට එවා සුභ පතා තිබුනී. ‘‘ඔයාටත් කැම්පස් යන්න පුළුවන් වෙයි කෙල්ලේ.‘‘ ඒ සාමාර්ථයත් බී සාමාර්ථ දෙකටත් පසු සටහන් කර තිබී ඒ වැකිය හදවතට තදින්ම දැනුනී. හදේ දැනුන වේදනාවත් සමග මගේ උගුරේ දැවිල්ල ගතියක් දැනෙන්න විය. මට තවත් කදුළු සිරකරගෙන සිටීමට නොහැකි විය. ‘‘ඇයි දූ අඩන්නේ.‘‘ ‘‘අ..නේ අම්..මේ ගග..න හොදට..ම තරහා වෙ..ලා. .‘‘ මම කදුළු පිරුණු මුහුණ අම්මාගේ උරතළයේ හොවා ගත්තෙමි. ‘‘ නාඩා ඉන්න දු . ගගන පුතා යාළු වෙයි. ඉස්සර ඉදන්න ඔය දෙන්න එකටමනේ හිටියේ . හරියට සහොදරයෝ වගේ. ඔයා ජොබ් එකට යන්න ගත්තම ඒ ළමයට පාළු ඇති. ඉතින්. ඒ..‘‘ ‘‘ඔ..ව් අම්...මේ ග..ගන ප..ව්. මම තව තවත් අම්මාගේ ළගට තුරුළු වෙමින් පොඩි දරුවෙකු මෙන් හඩන්නට වුනෙමී. ඇය මගේ හිස අත ගාමින් සනසන්නට උත්සහ ගත්තාය. මගේ ගගනගේත් ප්‍රතිඵල දැන ගත් පසු මට අම්මා සනසන්නට සිදු විය. මගේ නළල එක දිගටම සිපගෙන සිපගෙන ගිය ඇය, දහසක් සිතේ වු සිතුවිලි ක්‍රියාවෙන් ඉස්මතු කළාය. ‘‘ම...ගේ කෙල්ල මගේ හීනේ හැ...බෑ කලා එහෙනම්. ඔයා ර..ස්සා කර..න්න ඕ..නේ නෑ රත්තරං. මම සේ..රම වියදම් බලා ග..න්නම් කැම්පස් යන්න පුළුවන් වෙයි.‘‘ ඇගේ ආදරණිය පැතුම හමුවේ මම නිහඩවම තව තවත් ඇයට තුරුළු වී උණුසුම විද ගත්තෙමී. කීපවරක්ම ගගනට ගත්තක් ඔහු සම්බන්ධ කර ගැණිමට නොහැකී විය. මම සමාව ඉල්ලා පණිවඩ රැසක්ම යැව්වෙමී. ‘‘අනේ ගගන මට ඔයා නැතුව මොකුත්ම කර ගන්න බෑ. මම බොරු කියන්නේ කියලා හිතෙනවා නම් අම්මාගෙන් අහන්න. මම අද පොන් එක ගෙදර දාලා ගිහින්. අනේ සොරි ගගන. අනේ මට තවත් රිද්දන්න එපා ප්ලිස්.‘‘ මම අවසන් වශයෙන් එසේ සටහන් කලෙමී. අම්මා එහෙ මෙහෙ වන තුරු බලා වුන් මම දිනිදු එවා තිබූ කෙටි පණිවිඩ ටික නොබලාම මකා දැමුවෙමි. ගගනට ඔය තරම් දුක හිතෙන්න හේතුව මෙන්න මු තමා. මම ඔහුගේ අංකයද මකා දමා සියලු අංක අවහිර කර දැමුවෙමී. හෙටම අළුත් සිම් පතක් ගැනිමටද මම තීරණය කළෙමී. පසු දින උදෙන්ම මම ගුරු පාරට පිය නගද්දී ගගන මා ඉදිරියට පැමිණියේ ලස්සන සිනහවක්ද මුව දවටා ගෙනය. කේන්තිකාරයා මාව අඩවලා දැන් හිනා වෙනවා. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 14 Jan 2017 01:16 PM sha733Super Senior MemberPosts:7332 14 Jan 2017 02:03 AM ඔකෙ ඉන්න ඔය උඩැක්කියට තමා සඳුනිVeteran MemberPosts:2462 13 Jan 2017 08:54 AM හී කාටදැයි බනින්නේ. හි හි sha733Super Senior MemberPosts:7332 13 Jan 2017 02:27 AM එකවැර තුනක්ම නටවන්න යන්නේ මේකිනං අම්මපා................ සඳුනිVeteran MemberPosts:2462 12 Jan 2017 11:26 AM හිරුයි තරුයි. අට වන කොටස. ‘‘හෙලෝව්.‘‘ අනෙක් පසින් ඇසුණු කට හඩත් සමග මම තරමක් කලබලවූනෙමී. ‘‘කවුද මේ.‘‘ ‘‘මාව අදුරන්න බැයියද?.‘‘ ‘‘කවුද බෑනේ.‘‘ ‘‘තරූෂ.‘‘ ‘‘ආ... එයාද? ඔයාගේ නම තරුෂ නෙමෙයිනේ.‘‘‘ ‘‘ඔයා කොහොමද එහෙම කියන්නේ.‘‘ ‘‘එදා කප් එක ගන්න යද්දී ඇත්ත නම ඇහුණා අපිට.‘‘ ‘‘ඔයත් සකුන්තලා නෙමේනේ.‘‘ ‘‘කොහොමද එහෙම කියන්නේ.‘‘ ‘‘මට නම් ඔයාගේ නම දැන ගන්න විදියක් නෑ. කමක් නෑ... සකුන්තලා කියන නමට මම ආසයි.‘‘ ‘‘එහෙමද?‘‘ නිවසේ කවුරුත්ම නොසිටී නිසා නොදැනීම අපේ කතාව දිග් ගැස්සුනී. ඔහු සමග කතා කිරීම හරිම විනෝදජනක බව දැනුන නිසා මම ඔහු සමග කතා කරන්නට කැමති වුණෙමී. ‘‘ ඇත්තටම ඔයාගේ නම කියන්න බැරිද?‘‘ ‘‘ඒ මොකටද ?.‘‘ ‘‘දැන ගන්න.‘‘ මට පේන්නේ මෙයා මම රෝසි කියලා හිතාගෙන කතා කරන්නේ. කමක් නෑ පාලුවටත් එක්ක ටිකක් කතා කරනවා රෝසී වගේ. මම තවත් දගකාර වෙමින් ඔහු සමග කතාවට පොළඹුනෙමී. ‘‘මම රෝසී.‘‘ ‘‘ෂා ඒ නමත් හොදයි. තවත් නම් තියෙද කියන්න.‘‘ එවර දෙදෙනාටම සිනහා නැගුණී. ‘‘දු... කා එක්කද ඔය හැටි හිනා වෙවී කතා කරන්නේ.‘‘ ‘‘ආ මේ ඔපිස් එකේ යාළුවෙක් අම්මේ.‘‘ ‘‘අපේ අම්මා එනවා සයුමී. මම තියන්නම්. බුදු සරණයි.‘‘ ‘‘සයුමී.‘‘ ඔහු නැවත ප්‍රශ්ණ නැගුවත් මම නොඇසුණාමෙන් ඇමතුම විසන්දී කලේ අම්මා ආ නිසා දැනුන තැති ගැන්ම නිසාවෙනී. කවදා වත් නැතිව අම්මාට ඇත්ත කිමට මට අපහසුතාවක් දැනුනේ මන්දැයි මම නොදනිමි. නමුත් මීට පෙර මම නාදුනන කිසිවෙක් සමග ඇමතුමකින් වත් මෙසේ කතා කර නොමැත. ඒ නිසාම ඇත්ත කීමට මට බයක් දැනුනා විය හැකිය. නමුත් මට දැනුනේ පසුතැවිමකී. එනිසාම මම නැවත ඔහු සමග කතා නොකිරීමට තීරණය කළෙමී. නිවඩු දවස ගෙවී ගොස් හවස් කාලය උදා විය. කලින් පොරොන්දු වු පරිදිම ගගන මද අදුරත් සමග අප නිවසට ගොඩ වැදුනේය. අපි ටික වෙලාවක් කතා කරමින් සිටින අතරතුර හදිස්සියේම මගේ දුරකථකය නද දෙන්න විය. දුරකථකය අතට ගෙව බලන විට අර නාදුනන අංකය විය. එනම් දිනිදු ගේ අංකය විය. මම නිකමට ගගන දෙස බලන විට ඔහුගේ දෙනෙත් රැදි තිබුණේද ජංගම දුරකථනයේ තිරය මත විය. මගේ කවුදැයි නොවිසු ඔහු මා දෙසත් දුරථනය දෙසත් මාරුවෙන් මාරුවට බලන්න විය. මට දැනුනේ අමුතුම බියකී. එනිසාම මම ඇමතුම විසන්දි කළෙමී. තවත් සුළු මොහොතකින් දුරකථනය නැවත නද දෙන්න විය. ‘‘කවුද සදා.‘‘ එවර ගගන ප්‍රශ්ණ කරමින් නැවතත් දුරකථනය දෙස ඉස්සී ඉස්සී බලන්නට වූවේය. ඔහුගේ මුහුණේ වුයේ සැක සහිත බවකි. තවත් නිහඩව සිටීමේ ඔහුගේ සැකය වැඩිවන නිසා මම ඇමතුමට සවන් දුන්නෙමී. ‘‘හෙලෝව් සකුන්තලා.. ආ... නෑ නෑ.. රෝසී.‘‘ ඒ වදන් පෙළ සමගි මගේ මුහුනේ සිනහවක් ඇදී ගියේ ඉබේටම විය. ‘‘ හෙලෝ සයුමි මොකද හදිස්සියෙම කෝල් කලේ.‘‘ ‘‘සයුමී... අළුත් නමක්ද?.‘‘ ‘‘නෑ නෑ සයුමි මම මේ... . මම අර ඔයාට කිව්වේ.. .මගේ ගෙවල් ළග යාළුවා. එයා එක්ක පොඩි කතාවක.‘‘ මම දෙදෙනාගේම සැකය පහවන අයුරින් කතා කලෙමී. ඒ අතර මම ගගන දෙස හොරැහින් බැලුවෙමී. ඔහු සිටියේ මුහුණත් අදුරු කරගෙන ලොකු කල්පනාවකය. ‘‘ආ හරි හරි මට තේරුනා.හා.. එහෙනම් . රැ වෙලා ගන්න ඕනේ හරිද?,‘‘ ‘‘හරි හරි සයුමී අපි හෙට කතා කරමු.‘‘ මම එලෙස කියන්නටත් පෙර අනෙක් පසින් ඇමතුම විසන්දී කර තිබුණි. ගගන නහඩව සිටියත් ඇමතුම පිළිබද ඇති වු කුකුස ඉවරයටම නැති නැතැයි මට සිතුනෙමි. සිතේ තිබුණ බොරුවක් කළා යන හැගීම නිසා මට දැනුනේ අපහසුතාවයකි. ‘‘සදා එහෙනම් මම යනවා.‘‘ ‘‘ඇයි ගගන මේ තරම් ඉක්මණට.‘‘ ‘‘මම නිසා ඔයාට , ඔයාගේ අළුත් යාළුවෝ එක්ක කතා කරන්නත් නෑනේ. ‘‘ ‘‘අනේ එහෙම නෑ ගගන. සයුමී නිකමට කතා කලේ.‘‘ තවත් ඔයා මට බොරු කියනවා නේද? යනුවෙන් ඔහුගේ දෙනෙතේ සටහන් වි තිබු බැල්ම මගේ හදවත පිච්චා දමන්නට සමත් විය. ‘‘අහ්.. හරි හරි සදා.. මම ගිහින් එන්නම්.‘‘ ඔහු පෑරුණු සිතින් යුතුව පිටවී යද්දී, මම බලා වුන්නේ කීමට යම් දෙයක් සිතට නොදැනුන නිසාය. ගගනත් මාත් කෙතරම් ළගද කියනවා නම් මගේ පොඩි වෙනසත් ඔහුට දැනෙයි. එනිසා මම කිව්වේ බොරු බව ඔහුට දැනෙන්නට ඇතැයි, මගේ සිත ලතවෙන්න විය. රැ ආහාරයවත් නොගෙන කාමරයට වැදුණු මම කලින්ම නිදා ගන්නට සැරසුනෙමී. අම්මා කෑම කන්න කතා කළත් මම නින්ද ගොස් මෙන් සිටියෙමී. මම නිසා ගගන සිත් වේදනාවෙන් බව මම හොදින්ම දනිමි . එනිසාම මට සැනසීමෙන් ඇසි පියා ගැනීමට නොහැකි විය. ‘‘දු.. දු... හොදටම දවල් වෙන්නත්, ඇවිත් ළමයෝ.‘‘ ‘‘අයියෝ අම්මේ... මට හොදටම නින්ද ගිහින්නේ.‘‘ මම ඇදෙන් බැස ගත්තේ පාමා වී ඇතැයි දැනුන බියත් සමග වෙමි. ‘‘ටිකක් පරක්කු වෙලා දු. මටත් නින්ද ගියා අද?.‘‘ ‘‘අනේ අම්මේ අද නම් හතේ බස් එක අල්ල ගන්න වෙන්නෙත් නෑ.‘‘ මම කිව්වේ අඩන්නට සැරසෙමිනි. ‘‘තවත් නහයෙන් අඩ අඩා ඉන්නේ නැතුව . දැන් වත් ලෑස්තිවෙන්න ළමයෝ.‘‘ මම හනිකට රැකියාවට යාමට සුදානම් වී පාරට ගියෙමී. අමාරුවෙන් හතයි තිහට තිබු බස් රියට නැගුණ මම පැය කාලක් පමා වී කාර්යාලයට ගොඩ වැදුනෙමී. ‘‘ සදනී උබ මොකද බං පරක්කු වුණේ.‘‘ මම කාර්යාලයට ඇතුල් වෙනවාත් සමගම සයුමී විමසන්න වුවාය. ‘‘අනේ බස් එක අල්ල ගන්න බැරි වුණා බං. මේ සර් ආවද?‘‘ ‘‘ආවා ආවා උබ කෝ ඇහුවා.‘‘ ‘‘උබ මොකද කිව්වේ. අනේ මට බනීද බං.‘‘ මම මගේ බෑගය කබඩ් එකට දමමින් විමසුවෙමී. මට අවශ්‍ය වී තිබුණේ ඉක්මණින්ම දවසේ කාර්යාලීය කටයුතු ආරම්භ කිරීමටයි. ‘‘ මම මොනවා කියන්නද බං.‘‘ ‘‘ඒ කිව්වේ.‘‘ ‘‘උබට ආව ගමන්. අනුහස් සර්ගේ ඔපිස් එකට එන්න කියන්න කිව්වා.‘‘ ‘‘අනේ මට බනී බං. මට බයයි.‘‘ ‘‘ඒ වුණාට තව පරක්කු කරන්නේ නැතුව පලයං.‘‘ මම කරන්නට පවරා තිබු ලිපි ගොනු කිපයක්ද රැගෙන අනුහස් සර්ගේ කාමරය දෙසට ඇදුනෙමී.අද නම් මම ඉවරයි. ජොබ් එකට ඇවිල්ලත් තව දවස් කීයද?. ෂික් අදම පරක්කු වුණානේ. ඒ මදිවට සර්රුත් කලින් ඇවිත්. මම පයිල් කිහිපයත් පපුවට තුරුළු කරන් කාර්යාලය ඉදිරිපිටට පැමිනියේ මුහුණ බිමට බර කරගනිමිනී. ‘‘ ආ.. මිස් සදනී එන්න ඇතුළට.‘‘ මම ඔහුගේ වීදුරු වලින් තැනු කාර්යාලය ඉදිරිපිට ලතවෙන බව දැක ඔහු ඇමතුවේය. ‘‘සර්.‘‘ ‘‘මොකද මිස් සදනී.‘‘ මම නැවතත් නිහඩව බිම බලා ගත්තෙමී. ‘‘මොකද මිස් සදනී...‘‘ ‘‘සර් බස් එක පරක්කු වුණා.‘‘ එවර මම රැකියාවට පැමිණි දිනයේ සිට දකින්නට නොලැබුණ අනුහස් සර්ගේ සිනහවත් , සුහද බවකුත් දකින්නට ලැබුනී. ‘‘මිස් සදනී වාඩී වෙන්න.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 12 Jan 2017 11:24 AM sha733Super Senior MemberPosts:7332 11 Jan 2017 02:42 AM Posted By සඳුනි on 10 Jan 2017 03:57 AM බලමු කවුද? කියලා... ඇයි තාම බලා ගන්න බැරි උනේ සඳුනිVeteran MemberPosts:2462 10 Jan 2017 03:57 AM බලමු කවුද? කියලා... sha733Super Senior MemberPosts:7332 10 Jan 2017 01:01 AM අනුහස් නේද chamaramindMost Senior MemberPosts:13471 09 Jan 2017 08:08 PM නියම කතාවක් ...මමත් කියවන ගමන් සඳුනිVeteran MemberPosts:2462 09 Jan 2017 11:30 AM හිරුයි තරුයි. හත්වන කොටස. ‘‘අද ඔයා ජොබ් එකට යන පළවෙනි දවසනේ පාරට ඇරලන්න ආවේ. රෝසී කියවා වගේ මම ඔයාගේ මුර භටයනේ.‘‘ ‘‘අනේ රෝසී දුව එහෙමද කියන්නේ. ‘‘ ‘‘ඔව් අම්මේ . ගගන යන ඕනේ තැනක අම්මා මට යන්න දෙන නිසා රෝසී ගගනට විහිළු කරනවා.‘‘ මමත් ගගනත් හිමිරිදි මිදුමත් සීතලත් මැද ගුරු පාර දිගේ ඇදුනේ දෑත් ලය මත පොරවාගෙන විය. බස් නැවතුමට එනතුරුම නිහඩව වුන් ගගන දෙඩමළු වන්න වූවේය. ‘‘සදා ‘‘ ‘‘හ්ම්ම්.‘‘ ‘‘පරිස්සමින්.‘‘ ‘‘ඇයි ගගන එක පාරටම එහෙම කිව්වේ.‘‘ ‘‘ඔයා යන්නේ අළුත් තැනකටනේ ළමයෝ. ඒ කවුරුවත්ම ඔයා අදුරන්නේ නෑ පරිස්සමින් වැඩ කරන්න . අළුත් යාළුවෝ ඇති කර ගන්නේ පරිස්සමින්.‘‘ ‘‘හරි ගගන.‘‘ ‘‘අළුලු යාළුවෝ හම්බුණාම අපිව අමතක වෙයි නේ කෙල්ලට.‘‘ ‘‘අනේ එහෙම නෑ ගගන.‘‘ සැබවින්ම මේ මම ගගන නොමැතිව යන මුල්ම ස්ථානයයි. මෙතුවක් කල් මගේ සෙවනැල්ල වන් ඔහු මා ගිය පෙර පාසලේ සිට, පාසල , අමතර පන්ති, උසස් පෙළට ගිය පාසය ඒ සියල්ලකදී ඔහු මා ළග සිටියේය. උසස් පෙළ සදහා වුණ අමතර පංති පමණක් ඔහුගෙත් මගෙත් වෙනස් වුවේ. ඔහු වෛද්‍යවරයෙක් වීමට සිහින දකින නිසා ජීව විද්‍යාව විෂය හදාරන්නට පටන් ගත් නිසා වෙන් විය. එතරම් ලොකු හීන ආශාවල් මට නොවීය. ලැබු ලකුණුත් සමග මම වාණිජ විෂය හැදෑරූ නිසා මදක් ඈත් වුනත් ඒ ඈත් වීම නොදැනුනේ, එකම පාසලට ගිය නිසාවෙනි. අදින් පසු මම ඉදිරියට යන්නේ තනියෙම වෙමි. ඔහුගෙත් මගේත් මාවත් වෙනස් වී ඇත. ගගනගේ වේදනාබර මුහුණ දකින විට මට දැනුනේ ඊටත් වැඩි වේදනාවකී.අනේ ගගන ඔහොම බලන්න එපා මට ඇඩෙයි. මටත් දුකයි ගගන ඔයා නැතුව මේ යන්න හදන මුල්ම ගමන යන්න. කරන්න දෙයක් නෑ මේ ජීවිත වල හැටි මෙහෙම තමයි. ‘‘යනවනම් ඉක්මණින් නැග ගන්න... හා හා ඉක්මන් කරන්න.‘‘ හිමිදිරී සීතල තදටම ගතට දැනුනේ වේගයෙන් ඇදී ආ බස් රියේ තිරිංග තද කිරීමත් සමග ගත දැවටුන සුළං රොදත් සමග විය. කොට්ට පොල් පැටෙව්වා මෙන් බස් රථය මිනිසුන්ගෙන් පිරී ඇත. පාපොවරුවේ එල්ලීගෙන කෑ ගසන කොන්දොස්තර මහතාගේ හඩත් සමග මම ගගනට සමු දී බස් රථයට නැගුනෙමී. මම අළුතින්ම ආයතනයට පැමිණී දිනය නිසා ඔවුන්ගෙන් මට ලැබුනේ සුහද පිළි ගැනීමකී. ‘‘ගුඩ් මොර්නිං මිස් සදනී. ඔයාට සර් රූම් එකට එන්න කිව්වා.‘‘ මම මානව සම්පත් අංගය ඉදිරි පිට වාඩී වී සිටිද්දී. දණ හිසටත් වඩා කොට හිර සායකට සුදු අත් දිග හැට්ටයක් හැද ගත් සුරූපී ගැහුණු ළමමෙක් පැවසුවේ සිනා සෙමින් ය. ‘‘කොහෙද මිස් සර්ගේ රූම් එක.‘‘ ‘‘මේ පැත්තට දිගටම යන්න තුන්වෙනී රූම් එක.‘‘ ‘‘ඕකේ.‘‘ මම ඇය පෙන්නු අයිරින් දකුණු පසට ඇදෙද්දී ඇය මා දෙස බැලුනේ අමුතුම අයුරකින් වුවාය. ඇගේ ඇදුමත් සමග සසදන විට මම හැද සිටි දෙපතුළටම දිගු කළු කලිසම සහ ලා නිල් හැටිටය එයට හේතු විය හැකිය. මම ගොඩේ තාලෙට හැදිච්ච කෙල්ලෙක් ලෙස ඇය සමච්චලයට සිතන්න ඇතැයි මම සිතුවෙමි. ‘‘ කමින් කමින් වාඩී වෙන්න. ‘‘ ‘‘ගුඩ් මොර්නිනං සර්.‘‘ ‘‘ගුඩ් මොර්නිං. මිස් සදනී. අපි එහෙම කතා කරොත් හොදයි නේද?.‘‘ ‘‘ඕකේ එහෙම හොදයි සර්.‘‘ ‘‘මිස් බෙක්පස්ට් අරං එහෙමද?.‘‘ ඔහු මේසය මත වූ විදුලි සීනුව හඩවමින් කීවේය. ‘‘ඔව් සර්.‘‘ ‘‘ රංජී .අනුහස් සර්ට එන්න කියන්න.‘‘ ‘‘හොදමයි සර්.‘‘ විදුලි සීනුවේ හඩට කාමරයට ඇතුල් වු ඔහු පියන් කෙනෙක් විය යුතුය. ආපිටම පණිවිඩය රැගෙන ඔහු පිටව ගියේය. ‘‘එක්ස්කියුස් මී සර්.‘‘ ‘‘ආ අනුහස් එන්න ඇතුළට. වාඩී වෙන්න.‘‘ මා අසල වු පුටුව පෙන්වමින් ඔහු පවසද්දී කාමරය ඇතුල් වූ අනුහස් සර් නැමැත්තා මා අසලින් වාඩී වුයේ මා සමග මද සිනහවක් පාමින්ය. ‘‘මිස්ටර් අහුහස් මේ තමයි මම අර කිව්ව ට්‍රේනිං ගර්ල්. මෙයාට සේරම වැඩ කියලා දෙන්න.‘‘ ‘‘ඕකේ සර්.‘‘ ‘‘මිස් සදනී. මුල් මාස හය ඔයාට වැඩ කරන්න වෙන්නේ මිස්ටර් අනුහස් එක්ක. මේ හොදම නිළධාරියෙක් අපේ ආයතනයේ. උපරිම විදියට හැමදේම මෙයාගෙන් ගන්න.‘‘ මම හිස වැනුවා පමනකි. අද ඉදන් මට මේ සර් එක්ක ඒ කියන්නේ ඉන්න වෙන්නේ. මම යටි හිතින් කෙදිරි ගෑවෙමී. ‘‘යමු මිස් ඔපිස් එක පැත්තට. මිස් සදනී නේද?.‘‘ ‘‘ඔව්.‘‘ ‘‘මම අනුහස් ජයනෙතු.‘‘ මම ඔහු පිටුපසම ගොස් කූඩු කූඩු මෙන් වට කර වෙන් කර තිබූ ආයතයේ කාර්යාලය වෙතට ඇතුල් විය. ‘‘මෙන්න මිස් සයුමී අළුත් යාළුවෙක් . මිස් සදනී.‘‘ ‘‘හායි මිස් සදනී.‘‘ ‘‘මේ වෙලාවට තමා සර් හිතෙන්නේ. මමත් සර් කෙනෙක් වුණානම් කියලා.‘‘ ‘‘ඒ මොකද චාරුක.‘‘ ‘‘ලස්සන ලස්සන ට්‍රේනිං මිස්ලා එක්ක ඉන්න තිබ්බනේ.‘‘ ‘‘චාරුක මේක ඔපිස් ටයිම් එක. විහිළු මේ වෙලාවෙන් පස්සේ තියා ගන්න.‘‘ පෙනුම නම් නිවුණු තැම්පත් අයෙකී. නමුත් පෙනෙන තරම් ඔහු අහිංසක නැතයි චාරුකට බැන වැදුණු අයුරින්ම සිතා ගන්නට පුළුවන් විය. රැකියාවේ මුල් දවස එතරම් හැලහොලමනක් නැතුව ගෙවී ගියහ. සයුමී අසලම පැනවු පුටුවක් මේසයක් සහ පරිඝනකයක් මට වෙන් වී තිබුණි. එදින වැඩ නිමා වන විට කාර්යාලයේ සිටි හුගක් දෙනෙක් මම හදුනා ගත්තෙමී. ඔවුන් සමග කතා කිරීමෙන් වැටහි ගියේ එහි සිටින සියල්ලන්ම අතර ළා බාලම කෙනා මම බවයි. ‘‘ඔයාගේ වාසනාව හැබැයි, ඒ ලෙවෙල් ඉවර වුන ගමන් මේ රස්සාව ලැබුණේ. මේ සර් හරිම හොදයි ඉගෙන ගන්න ළමයින්ට නිවාඩු දෙනවා, හරියට උදව් කරනවා. ඔයා තව ඉගෙන ගන්න. ඒ ගමන් මේ ජොබ් එක පාට් ටයිම් වුනත් කරන් යන්න පුළුවන්.‘‘ ඒ සයුමිගේ අදහසයි. කාර්යාලයේ මගේ හිත බැදී මුල්ම කෙනා ඇය වුවාය. එලෙස දවස් කීපයක්ම රැකියාවට ගියෙමී. මම නිවෙස් බලායන විට ඇදිරි වැටෙන නිසාත්, තෙට්ටු නිසාත් ගගන මා පාරේ සිට නිවසට ඇරලවන්න පමණක් පැමිණියේය. එතරම් රෑ වෙන තුරු අවධියෙන් නොසිටි මම රෝසී හෝ පැටී සමග කලාතුරකින් මොහොතක් කතා කර නින්දට වැටෙයි. නැවත පාන්දර අවධී වී කාර්යාලයට යයි. මෙලෙස ගෙවුණු වෙහසකාරී සතියකට පසු ඉරිදා දිනය උදා විය. ‘‘සදා.. සදා...‘‘ මම තවමත් නිදි බව මට මතක් වුනේ ගගනගේ හඩත් සමගය විමි. ‘‘අයියෝ ගගන . අම්මා මට ඇරවලා නෑ. මම තාම නිදී.‘‘ ‘‘ආ මම මේ දහම් පාසල් ගිහින් එන ගමන්.‘‘ ‘‘අයියෝ අද දෙකේ පංතිය බැලුවේ කවුද? හොද නෑ ගගන ඔයයි අම්මයි දෙන්නම. මම හරි ආසාවෙන්නේ ඒ බබාලට උගන්වන්නේ. ‘‘ අද එකයි දෙකයි දෙකම බැලුවේ මම.‘‘ ‘‘ අපේ අම්මා කෝ‘‘. මම හැද සිටි කොට කලිසමත් ලොකු අත් දිග බැනියමත් පිටින්ම අවුල් වූ කොන්ඩය සාදමින් එළිපත්තට පැමිණියෙමි. ‘‘සෙව්වන්දී ටී...‘‘ මා දුටු වහා ගගනගේ කතාව එක තැන නැවතුනී. මා දෙස එක වරක් හොදින් බැලු ඔහු අහක බලා ගත්තේය. ‘‘මොකද ගගන.‘‘ ‘‘නෑ නෑ මොකුත් නෑ. සෙව්වන්දී ටීචර් තාම පංසලේ. මම යනවා එහෙනම් සදා හවස් වෙලා එන්නම්කෝ .‘‘ එසේ පැවසු ගගන මා දෙස නැවතත් හොරහින් මෙන් බලා පිටව ගියේය. මුහුණ කට සෝදා අළුත් ඇදුමක් හැද ගත් මම උදේ ආහාරය ගත්තෙමී. කෑම කා සාලයට පැමිනෙනවාත් සමග දුරකථනය නද දෙනු ඇසුණී. ජංගම දුරකථනයේ සදහන් අංකය මම දන්න හදුනන අංකයක් නොවීය. සයුමි වෙන්න ඇති ආයි ගත්තොත් ආන්සර් කරලා බලනවා. සිතමින් මම සුපුරුදු ලෙස කොරිඩෝවේ බැම්ම මත උඩ පැණ වාඩි වුනෙමී. සිතු පරිදින් ඊලග මොහොතේ ඒ අංකයෙන්ම ඇතුමක් එන්නට විය. දෙවරක් නොසිතාම මම ඇමතුමට සවන් දුනිමී. ‘‘හෙලෝව්.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 09 Jan 2017 11:28 AM sha733Super Senior MemberPosts:7332 07 Jan 2017 10:59 PM පොර කොහෙද යන්නේ සඳුනිVeteran MemberPosts:2462 07 Jan 2017 02:51 PM හිරුයි තරුයි. හයවන කොටස. ‘‘දූ.‘‘ ‘‘ ඇයි අම්මේ.‘‘ ‘‘ගගන පුතා එක්ක රණ්ඩු වුණාද?‘‘ ‘‘නෑ අම්මේ . අද ගගන පුතා හරි අමුතුයි . ඊයෙත් ගෙටවත් ආවේ නෑ. මට ඇත්ත කියන්න දූ . ඔයාලා රණ්ඩු වුණාද? ‘‘ අනේ නෑ අම්මේ.‘‘ මගේ සිතේ තෙරපෙමින් තිබූ දුකත් එක්ක තවත් අම්මාගේ පැන වලට පිළිතුරු දෙන්න බෑ කියා සිතුන නිසා අම්මව මගෑරලා මම කාමරයට වැදුනෙමි. ඇත්තටම මට දැනුනේ සියලු දේ එපා වෙලා වගේ හැගීමත් එක්ක , කාටම හරි ගගනගේ අමුතු හැසිරීම ගැන කියන්න ඕනේ වුණා. අන් කවුරුන් තරහා වුණාටත් වඩා ගගනගේ ඈත් වීම මට ඇති කළ වේදනාව දරුණු බව මට වැටහුණී. ඇයි හොදට හිටිය ඔයාට එක පාරටම වුනේ. මටත් දැන් හිතෙනවා ගගන ගැන මගේ හිතේ තියෙන්නේ ආදරයක්ද කියලා. අනේ ගගන මට ඔයා එක්ක තරහා වෙලා ඉන්න බෑ. මටම පුදුමයි මගේ දෙනෙතට කදුළු උණාගෙන එන්නට විය. ඉකි ගැසුම් හඩ පිටට නොඇසෙන්නට මුහුණ කොට්ටයේ හොවා ගත් මම නොයෙකුත් දේ කල්පනා කරන්නට වුනෙමී.ඇත්තටම මම ගගනට ආදරේද? මට තේරෙන්නේ නෑ ගගන අපි දෙන්නගේ බැදීම මොන වගේද කියලා. ඉකි බිදුම් අතර තුර ජංගම දුරකනයට කෙටි පණවිඩයක් පැමිණි හඩ මට ඇසුණි. රෝසි වත්ද දන් නෑ. රෝසී දැන් ඇහැරලා නම් මම මේ හැමදේම එයාට කියනවා. කියලා තිරණයක් ගන්නවා . මම දුරකථනය අතට ගෙන හදිසියෙන් කෙටි පණිවිඩිය බලන්නට විමි. ‘‘ සදා ඔයා නිදිද?.‘‘ කෙටි පණිවිඩය පැමිණ තිබුනේ ගගනගෙන් විය. සියළු සිත්තැවුල් තුරන් වී යද්දී මම ඉක්මණින් කෙටි පණිවිඩයක් සටහන් කරන්ට වු වෙමී. ‘‘නෑ . නින්ද යන්නේ නෑ.‘‘ ‘‘ඒ මොකද සදා.‘‘ ‘‘මොකද අහන්නේ හේතුව දන්නෙම නැද්ද?. ඇයි මට මෙහෙම කරන්නේ.‘‘ ‘‘මටත් අහන්න තියෙන්නේ ඒ ටිකම තමා කෙල්ලේ. ඔයා ඇයි මට මෙහෙම රිද්දන්නේ.‘‘ ‘‘මම මොනවද කළේ ඔයාට රිද්දන්න.‘‘ ‘‘බොරු කියන්න එපා කෙල්ලේ ඔයා හොදටම දන්නවා මම ඇයි දුකින් ඉන්නේ කියලා.‘‘ ‘‘නෑ මම දන්නේ නෑ.‘‘ ‘‘බොරු ඔයා දන්නවා. ඒත් ඔයා පිළිගන්න කැමති නෑ. ‘‘මොනවද?.‘‘ ‘‘මොකුත් නෑ. නිදා ගන්න හෙට ඉන්ටර්වීව් එකට යන්නත් තියෙනේ. ඔයාට නොතේරෙන දේ දවසක තේරෙයි. ඒ දවස වෙනකන් මට ඉවසන්න පුළුවන්.‘‘ ‘‘හ්ම්ම්ම්.‘‘ ‘‘බුදු සරණයි. නිදි මරන්නේ නැතුව නිදා ගන්න.‘‘ ‘‘හා බුදු සරණයි.‘‘ ගගන කියන්නට උත්සහ ගන්නේ එයාගේ හිතේ හිර වුණ ආදරෙ ගැන බව මම හොදින්ම තේරුම් ගත්තෙමි. නමුත් ඒ පිළබද තීරණයක් ගැනීමට සිත සූදානමක් නොවු නිසා නොතේරුනි සේ එය මගෑරියෙමී. නමුත් මගේ හිතත් හෙල්ලී ඇති බව ගගන තේරුම් ගෙන ඇති බව මට වැටහුණී. වෙනදාටත් කලින් මම අවධි වුනෙමි. විශාල පැරණී ගස් වලින් ගහණ වට පිටාවත්, උළු වහළයත් නිසා ඇති වු දැඩී සීතල දරා ගැනීමට නොහැකිව මම ගැහෙන්නට විමි.හිසේ සිටි පොරවණය පොරවා ගත් මම ගෝණිබිල්ලකේ මෙන් මුළුතැන් ගෙට පිවිසුනෙමී. ‘‘දූ මොකද මේ තරම් උදෙන් ඇහැරන් .දහයට නේද යන්න තියෙනවා කිව්වේ.‘‘ පාසල් යන්නට හැද ගත් සාරිය පිටින්ම අම්මා බත් මුලක් බදිමින් සිටියාය. ‘‘ඔව් අම්මේ. ‘‘ ‘‘ඉතින් තව ටිකක් නිදා ගන්න දු. සීතලේ ගැහි ගැහි ඉන්නේ.‘‘ ‘‘නින්ද යන්නේ නැ අම්මේ‘‘ ‘‘කෝ එන්න මෙතෙන්ට . මේ ලිපට අත් දෙක අල්ලලා රත් කර ගන්න දු.‘‘ මම නිහඩවම අම්මාගේ කීමට එකගව ඇවිලෙන ගිණී දැල්වලට දෑත් පා උණුසුම් කර ගත්තෙමී. නිවසේ වැඩත් හමාර කළ අම්මා රැකියාවට යන්න සුදානම් වෙද්දී , මම දෙපා නැමද ආශිර්වාද ලබා ගතිමී. ‘‘සදා හුගක් වෙලාද ඇවිත්.‘‘ ‘‘දැං චුට්ටක් වෙලා.‘‘ ගගන බස් නැවතුමට ගොඩවදිද්දී මම සුපුරුදු සිනහව මුහුණට නගා ගන්නට උත්සහ කරමින් පැවසුවෙමී. නමුත් වෙනදා මෙන් ඔහු ඉදිරියේ හැසිරෙන්නට අපහසු බවක් මට දැනුනී. වචන දෙක තුණකට වඩා කතා නොකළ අපි සම්මුක පරික්ෂණය සූදානම් කර තිබු කාර්යාලය ඉදිරි පිට අසුන් ගෙන සිටිමු. ගගන සම්මුක පරීක්ෂණයට ඇතුල් වූ විට මගේ හද ගැස්ම පිටතට ඇසෙන තරම් වුයේ ඊ ළග වෙලාව වෙන් වී තිබුනේ මට බව දන්නා නිසාවෙනී. ‘‘ එච් . ඒ.සදනී නෙතුශිකා දේවින්දී.‘‘ ගගන පිටතට පැමිණෙනවාත් සමගම කාර්යාලයේ ඉදිරි පස සිටි පුද්ගලයා ලිපි ගොනුවක් පෙරළා බලා මගේ නම පැවසුවාය. මම සිතට ශක්තිය ගෙන කාර්යාලයට ඇතුළු වුණේ ගගන සමග සිනාසෙමිනි. ගගනත් අමාරුවෙන් සුළු සිනහවක් මපා පෑවේය. තවමත් ගගන මා සමග එතරම් සිත හොද නැතැයි මට හැගුණි. ‘‘මොකද වුණේ සදා.‘‘ ‘‘ වැඩේ හරි බං . මම වැඩට ගත්තා. මාස හයක ට්‍රේනිං එකෙන් පස්සේ ස්ථිර කරන්නම් කිව්වා. නියමයි.. නියමයි.. මට දැන් අම්මට උදව් වෙන්න පුළුවන්.‘‘ මම එන තුර ගේට්ටුව අසල රැදී වුන් ගගනව වැළද ගනිමින් මම සතුටින් කෑ ගසන්නට වුනෙමි. එයින් බිරන්ත වු ගගන මම සංසුන් වන තුරු නිහඩව බලා වුන්නේය. ඔහු සම්මක පරීක්ෂණය සමත්ද? අවට සිටින්නේ කවුරුන්ද බලන්නට වත් මා හට ඉස්පාසුවක් නොවීය. රැකියාව ලබා දීමට කැමති බව කණ වැකුණු මොහොතේ සිට මම හැසුරුනේ උම්මත්තකයෙකු ලෙසින් වෙමී. ‘‘ සදා ...මේ.. ගෙදර නෙමෙයි.‘‘ මම විදුලි සැරයක වේගයෙන් ගගනගේ තුරුලෙන් මිදුනෙමී. මට දැනුනේ දරා ගත නොහැකී ලැජ්ජාවකි. ගේට්ටුව අසල වුන් මුරකරුවන් දෙදෙනාද සිනා සෙමින් අපි දෙස බලා සිටී. අපොයි මම මේ මොකද්ද කලේ .ලැජ්ජාවේ බෑ. ‘‘සොරි ගගන.‘‘ පදිකවේදිකාව දිගේ බස් නැවතුම්පළට ඇවිදන් එන ගමන් මම ගගන සමග පැවසුවෙමී. මගේ වදනත් සමග ගගනගේ මුව සැරසුනේ වෙනදාටත් වඩා ලස්සන සිනහවකි. ‘‘ ඒ මොකද කෙල්ලේ . අර සිකුරුටිලා ඔයාට පිස්සු කියලා හිතයි කියලා මම එහෙම කිව්වේ.‘‘ ‘‘ඇත්තටම ආපු සතුටට සේරම අමතක වුනා.‘‘ ‘‘ඔයාට හැමදාම සේරම අමතක වෙලා තිබුණනම් සොක් .‘‘ ‘‘ඒ මොකද?.‘‘ ‘‘ඒ මොකද අහන්නේ.‘‘ ‘‘අනේ පලයං යන්න.‘‘ අප දෙදෙනා අතර තිබූ සිත් රිදවුම දැන් මදක් මගහැරී තිබුණි. මට රැකියාව හිමි වී තිබුණත් ගගනට රැකියාව ගැන නම් තිබුනේ අවිනිශ්චිතාවයකී.ඒ ගගන උසස් පොළ සදහා හැදෑරුවේ විද්‍යා විෂයන් වීමත් , පිරිමි රැකියා ඇබෑර්තු පුරප්පාඩු සපිරී තිබීම නිසාත් විය.අද අපි සහභාගී වූ සම්මුක පරික්ෂණය විගණන ආයතනයක ගිණුම් අංශය සදහා වු පුරප්පාඩු කිහිපයක් සදහාය. ගගනට රැකියාව අහිමී වේ යැයි දැනුන දුකත් , මට රැකියාව ලැබිමේ සතුටත් සිත රදවගෙන අපි නිවස් බලා ඒමට බස් රථයට නැගුණෙමු. දින කීපයකට පසු ගගනට පැමිණී ඇමතුමකින් දැනුම් දී තිබුණේ රැකියාව ලබා දීමට නොහැකි බවයි. ‘‘අපරාදේ මම ආසාවෙන් ඇප්ලයි කලේ ඔයා එක්කම ජොබ් එකට ලැබෙයිනේ කියලා.‘‘ ‘‘කමක් නෑ කෙල්ලේ. මම ජොබ් එකක් කරනවට කොහොමත් ගෙදරින් කැමතී නෑනේ. සෙව්වන්දී ටීචත් කැමති නෑ. ඔයා ඉගෙන ගන්නවා නම් තමා එයත් කැමති. ඒත් කොහෙද ඔයාට රස්සාවක් කරන්නම ඔනෙලුනේ.‘‘ ‘‘අනේ ඔව් ගගන. අම්මට පොඩි හරි උදව්වක් වෙන්න පුළුවන් නම් එච්චරයි.‘‘ ‘‘වැඩට ගියාට කමක් නෑ. කැම්පස් සිලෙට් වුනොත් සේරම නවත්තන්න ඕනේ තේරුණාද?.‘‘ ‘‘හොදමයි සර්.‘‘ මම ගගන ඉදිරයේ හමුදා නිළධාරියෙක් ලෙස ආචාර කර සිටියෙමී. ‘‘මැට්ටී. රස්සා කරන්න කල්පනවා. දැගලිල්ල මොන්ටී සොරී බබෙක්ගේ වගේ.‘‘ ‘‘මොන්ටී සෝලී බබෙක් තමා මම.‘‘ මම ගගනට ඇද කරමින් නිවස ඉදිරි පිට කොරීඩෝව් ඉන තරම් උස බැම්ම මත උඩ පැන වාඩී වෙමින් කිව්වෙමී. නොදැනුවත්වම කාලය ගෙවී ගොස් රැකියාව පැමිණෙන ලෙස දැනුම් දුන් දිනය උදාවිය. ‘‘දූ ඉක්මණට එන්න මෙන්න ගගන පුතත් ඇවිත්.‘‘ ‘‘ගුඩ් මෝනිං ගගන. කොහෙද යන්නේ උදේම.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 07 Jan 2017 02:49 PM sha733Super Senior MemberPosts:7332 07 Jan 2017 12:35 AM නියමයි සඳුනිVeteran MemberPosts:2462 06 Jan 2017 05:45 PM හිරුයි තරුයි. පස්වන කොටස. ‘‘දු කොහොමද රිසාල්ට්.‘‘ මම අම්මා අත ලැබුණ, කුසලානයත් සහතිකපතත් තෑබූ විට අම්මාගේ දෙනෙත සතුටින් දිලිසුනාය. ඇය ආදරයෙන් මා වැළදගෙන සිප ගත්තාය. ‘‘මගේ දූ . පුළුවන් තරම් ඉහළට ඉගෙන ගෙන, හොද රස්සාවක් කරන්න ඕනේ තේරුණාද? අපි ඉගෙන ගන්න එකේ වටිනාකම දැනෙන්නේ ඔයාලා වැඩිහිටියෝ වුණ දාට. තාම ඔයාලට ඉගෙනීමේ වටිනා කමක්නෑ.‘‘ ‘‘මම පුළුවන් තරම් ඉහළට ඉගෙන ගන්නවා අම්මේ. අම්මා දුක් වෙන්න එපා. අම්මා ටීචර් කෙනෙක් වෙන්න ඉගෙන ගත් නිසානේ තාත්තා නැතුවත් මේ තරම් කල් තනියෙම මට ඉගෙන ගන්න සේරම දේවල් කරන්න පුළුවන් වුනේ.‘‘ ‘‘දු ඔය දේවල් හිතන්න ඕනේ නෑ. මට ඉන්නේ දූ විතරනේ. හොදට ඉගෙන ගන්න. මම මේ හැම දේම කරන්නේ ඔයා වෙනුවෙන් තමා.‘‘ අම්මගේ සතුටු කදුළු මැද මම ටික මොහොතක් අම්මාගේ තුරුලේ ගුලි වී සිටියෙමි. ඇග දොවනය කරගත් මා පහසු ඇදුමකුත් ඇදගෙන ඇදේ හාන්සි වුනේ ඇගට දැනුන විඩාව නිසා වෙනි. පැය කීපයකින් මම අවධි වන විට හතරට කිට්ටු වී තිබුනී. විසිරී තිබූ හිසකේ අතින් එක් කර ඉහළට කර කටුවකින් රදවා ගත් මම කුස්සිය දෙසට ගියෙමී. අම්මා රාත්‍රි ආහාරය පිළයෙල කිරීමට සූදානම් වෙමින් සිටියාය. දුන් වැදී කළු පැහැ වූ කුස්සිය තුළ ඉන මට්ටම්ට බැද සදා තිබූ ලිපේ දර කැබලී කිහිපයකට ගින්දර අවුලවා ගන්නට ඇය උත්සහ කරමින් වුන්නාය. ‘‘අම්මේ මමත් උදව් වෙන්නද?.‘‘ ‘‘මොකද මේ කවදාවත් නැතුව. අද ගස් ගල් වල බඩ ගාන්නේ නැද්ද?‘‘ ‘‘අනේ අම්මේ මම හොද ළමෙක් වෙන්න හැදුවමත් .අම්මා මට අරවා මේවා කියනවනේ.‘‘ ‘‘හරි හරි එහෙනම්.ඔය පොල් ටිකක් ගාන්නකෝ. ගෑණු ළමෙක් වුණාම කුස්සියේ වැඩත් පුරුදු වෙන්න එපෑ .‘‘ ‘‘කෝ ඉතින් පොල් බෑය.‘‘ ‘‘අනේ මෙහෙමත් ළමිස්සියෙක් ගෙදර පොල් බෑය තියෙන තැනවත් දන්නේ නෑ‘‘ ‘‘ආ.. මේ තියෙන්නේ. කෝ එතකොට හිරමනේ.‘‘ ‘‘අනේ ඇත්තට මිරිකන්න හිතෙනවා කණ රතු වෙන්න.‘‘ මම එසේ කිව්වේ අම්මා සමග හුරතල් වන්නට උත්සහ කරමින්, පොල් බෑයත් රැගෙන කුස්සිය පුරා දුවන්නට ගොස් නතර වුනේ, මගේ පය හැපී කුස්සිය මැද තිබූ වතුර කොරහා ගෙමැද්ද පුරා විසිරී යද්දීය. ‘‘එක වැඩේ දෙක කරනවා . යන්න යන්න දූ ...මම පොල් ගා ගන්නම්. ‘‘ ‘‘අනේ ඉතිං හිතලා කළේ නෑනේ අම්මේ.‘‘ ‘‘හරි හරි දු. මම මෙතන සුද්ද කර ගන්නම් .ඔයා ගිහින් ඔයගේ වැඩක් කර ගන්න.‘‘ බලෙන්ම වගේ වතුර ටික අතුගා දමා තෙත පොළව මතට ගෝණියක් එලු මම ඒ මතම හිරමනය තියාගෙන පොල් ගෑවෙමි. අම්මා මා දෙස බලා වුන්නේ සිනා සෙමිණී. ‘‘දු පොල් ගාද්දී පැදුරක් එළාගෙන තමා ගන්න වෙන්නේ.‘‘ ‘‘ඒ ඇයි අනේ.‘‘ ‘‘වටේ හැලෙන පොල් එකතු කරන්න.‘‘ ඒ කතාවට මට හොදටම සිනා නැගුණි. ටික වෙලාවකට පසු මම කාමරයට පැමිණියේ රෝසිට ඇමතුමක් ගන්න සිතාගෙන වෙමි. මොකද මගේ පොන් එක සද්දයක් නැත්තේ මම බෑගයේ තිබු ජංගම දුරකථකය ඉවතට ගෙන බැලුවෙමි. එය ක්‍රියා විරහිත වී තිබුනී. ‘‘දූ අද පහන තියන්නේ නැද්ද?.‘‘ ‘‘එනවා අම්මා . පොන් එක ඕෆ් වෙලා චාජ් එකට දාලා එන්නම්.‘‘ ඉන් පසු මම නැවත කාමරයට පැමිණියේ නිදා ගැනීමට සිතා ගෙන වෙමි. එක පිටටම කීප වරක්ම දුරකථනය නද දෙන්න විය. මම අතට ගෙන බැලුවෙමි. කෙටි පණිවිඩ අටකී . මගහැරුණු ඇමතුම් විසි අටකි. දෙවියනේ මේක ඕෆ් වෙලා නිසා අපේ සෙට් එක බය වෙලාද කොහෙද?. මම එකින් එක විවෘත කර බැලුවෙමි. එය නාදුනන අංකයකි . කවුද මේ මම ඇද මත පෙරලී කෙටි පණිවිඩ කියවන්න විමි. ‘‘හායි සකුන්තලා.‘‘ ‘‘මොකද මේ චුට්ට මාව අමතක වෙලාද?.‘‘ ‘‘අයියෝ ඇයි සද්ද නැත්තේ.‘‘ ‘‘කෑවද?.‘‘ ‘‘ගුඩ් නයිට් .‘‘ ‘‘බුදු සරණයි.‘‘ ‘‘මාත් එක්ක කතා කරන්න අකමැතිනම් අවුලක් නෑ.‘‘ මෙලෙස නොයෙකුත් දේ කෙටි පණවිඩ ලෙස එවා තිබුණී. මම සකුන්තලා ලෙස සිතාගෙන මේ කෙටි පණිවිඩ එවා ඇත්තේ දිනිදු බව මට වැටහිනී. පිස්සු කෝච්චියක් වගේ. රෝසිට වහ වැඩිලා වගේ මෙයා. මම තනිව සිනා සෙමින් සතුවෙමි. මම එවෙලේම රෝසට ඇමතුමක් ගෙන සියල්ල පැවසුවෙමි. ‘‘මාර වැඩේ නේ බං .පව් හැබැයි කොල්ලා. ‘‘ ‘‘එහෙනම් උබ ඌව සෙට් කර ගනින් . මම නම්බර් එක දෙන්නම්.‘‘ ‘‘අනේ බං සදා එහෙම කියන්න එපා බං. උබ දන්නවනේ මට ගෙරින් පට්ට අවුල් බං ‘‘ ‘‘ඉතිං උබ මට මොකද්ද කරන්න කියන්නේ.‘‘ ‘‘මං වෙනුවෙන් ටික දවසක්.‘‘ ‘‘මොනවද?‘‘ ‘‘බෑ බෑ උබ බනිනවා.‘‘ ‘‘දැන් ඉතින් කියන්න ගත්තු එක කියපන්.‘‘ ‘‘මන් වගේ මැසේජ් කරපන්.‘‘ ‘‘පිස්සුද උබට ඌ කෝල් කරොත්. ‘‘ ‘‘කතා කරපං පොන් එකෙන් කට හඩ හොයන්න බෑනේ.‘‘ ‘‘මට බෑ බං ඔය විගඩං කරන්න. උබ දැන් ඌට ලව්ද?.‘‘ ‘‘පොඩ්ඩක් සලකලා බලන්න හිතුවා බන්. පට්ට හැන්ඩියා නේ බං.‘‘ ‘‘මට නම් පේන හැන්ඩියක් නෑ.‘‘ ‘‘හා ඒකට කම්ක් නෑ. ටික දවසක් මම වෙනුවට කතා කරපන් ඈ...‘‘ ‘‘මට බෑ උබට පිස්සු. මම ඌව බ්ලොග් කරලා දානවා. ‘‘ ‘‘අනේ අනේ සදා ප්ලීස්...‘‘ ‘‘පලයං පලයං යන්න. මම තියනවා. බුදු සරණයි. .‘‘ මම ඇමතුම විසන්දී කර දාමා නිදා ගන්නට උත්සහ ගත්තෙමී. දහවල් සි වූ සිදුවීම් සිහි කරමින් සිටියදි මම නින්දට වැටී තිබුණී.. ඉරිදා දවස හරිම වේගයෙන් ගෙවිලා යද්දී මම සිටියේ හෙට දින සම්මුඛ පරික්ෂණයට යාමට සුදානම් වෙමින්ය. උදේ සිටම කෙටි පණිවිඩ එවමින් සිටි දිනිදු මගෙන් ප්‍රතිචාරයක් නැති නිසාවෙන් මා සමග අමනාප වන්නට ඇත. අවසාන ලෙස ‘‘හරි මම ආයි ඔයාට කරදර කරන්නේ නෑ‘‘ කියපු දිනිදු ඉන්පසු කිසිම ඇමතුමක් නොගත්තේය. රතු පැහැගැන්වුන අහස් කුසා කුඩා තරු කැට මෝදූ වෙද්දී අවට පරිසරය කළු පැහැ ගැන්වින. ඊයේ සිටම මා සමග අමනාපයෙන් සිටින ගගන හෙට සම්මුඛ පරීක්ෂණයට යාම ගැන විමසීමටවත් අප නිවසට පැමිණයේ නැත. කරුවල වැටෙන්නට පෙර මම ගගනලගේ නිවසට ගියත් ගගන නිවසෙහි නොසිටියේය. මේ තරම්ම ගගන මාත් එක්ක තරහද? පොන් එකවත් ආනසර් කරන්නේ නෑනේ. ‘‘ සෙව්වන්දී ටීචර්.... සෙව්වන්දී ටීචර්.....‘‘ පිටතින් ඇසුනේ ගගනගේ කටහඩ විය. එනිසාවෙන් මම ඉදිර පසට දුවගෙන ගියෙමී. ‘‘ගගන.. මොකද බන් වෙලා තියෙන්නේ මම උදේ ඉදන් උබව සොයන්නේ.‘‘ ‘‘ඇයි මාව හෙව්වේ .‘‘ ‘‘හෙට ඉන්ටවීව් එකට යනවද අහන්න.‘‘ ‘‘යනවා බස් හොල්ඩ් එකට එන්න. මම එන්නම්.‘‘ මා සමග අමනාපයෙන් කතා කළ ගගන යන්නට සැරසුනේය. ‘‘ ආ... මේ ගගන පුතානේ. ඔය යන්නද හදන්නේ.‘‘ ‘‘ඔව් සෙව්වන්දී ටීචර්. මම මේ හෙට ඉනටර්වීව් එකට යන්වද අහන්න ආවේ.‘‘ ‘‘ආ මෙයත් මේ උදේ ඉදන් ලෑස්ති වෙනවා.‘‘ ‘‘හරි සෙව්වන්දී ටීචර් මම හෙට උදෙන්ම එන්නම්. සදනී මම යනවා එහෙනම්.‘‘ අමාරුවෙන් සිනහවක් මුහුණට නගා ගත් ගගන පිට වී ගියේය. එදා රැය මම ගෙවා ගත්තේ අපහසුවෙනී . ගගන එක්ක තරහා වෙලා ඉන්නේ කොහොමද? අපි දෙන්නා චූටී කාලේවත් රණ්ඩූ වෙලා නෑ. මට මතයිනේ. අපි මොන්ටි සොරි යද්දීත් ගගන හැමදාම මාව අනිත් අයගෙන් බේර ගත්තා. හැමදාම මගේ පැත්ත ගත්තේ. ස්කෝලෙදිත් එහෙමයි. හැම දේකදිම එයා මාත් එක්කමයි හිටියේ. ඇයි ගගනට මේ තරම් මාව එපා වෙලා ඇත්තේ. බලමුකෝ හෙට දවසත්. හෙටත් කතා කරන් නැතුව හිටියොත්, මේක කතා කරලා බේර ගන්න වෙනවා. ලොකු සුසුමක් පිටකළ මම ඉදිරිපස දොර වසා දමදින් නිවසට ඇතුල් වුණා. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 06 Jan 2017 05:34 PM chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2017 05:44 AM මම හිටියනම් තේකක් ගහලා යන්නේ එහෙනම් sha733Super Senior MemberPosts:7332 05 Jan 2017 03:10 AM පව් ගගනයා ඉස්සල්ල ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු කරගන්නනේ යන්නේ සඳුනිVeteran MemberPosts:2462 04 Jan 2017 11:09 PM හී indika76Most Senior MemberPosts:10467 04 Jan 2017 06:27 PM ගගනයාට තේ එකක් බීලම යන්න තිබුණා... අපරාදේ අවස්ථාව.. සඳුනිVeteran MemberPosts:2462 04 Jan 2017 04:45 PM හිරුයි තරුයි. හතරවන කොටස. ‘‘පොඩිකාලේ වගේ දෙන්නා දෙන්නා අත් අල්ලන් සිංදු කියන්න යන්නද හදන්නේ. ස්කෝලේ උදේ රැස්වීම නෙමෙයි මේ.‘‘ ‘‘හෙන චා බන් ඒක. බලපන්කෝ අර කොල්ලා තනියෙන් කිව්ව ලස්සන.‘‘ ‘‘උබ පලයංකෝ ඔච්චර කියවන්නේ.‘‘ මම රෝසීට එසේ කිව්වේ කන්කෙදිරිය නිසා ඇති වූ නොරිස්සුම් ගතිය නිසා වෙමි. ‘‘අනේ බං සදා උබට අද හරියට වත් ඩොන් යනවනේ . ඇහැරුන වෙලේ මොකාද දැක්කේ. උබ දන්නවනේ අපට සිංදු කියන්න බැරි බව.‘‘ ‘‘එහෙනම් බැරි මගුල් නොකියා ඉදහං.‘‘ මම රවා අහක බලා ගත්තෙමි. මම දන්නා තරමින් තරූෂ දැන අපේ කණ්ඩායම දෙස බලා හිදින්නේ,කෝ කට්ටියගේ වැඩ අහන්නට මෙනී. ‘‘ඒ ගගනයා මේකිගේ තනියට ස්ටේජ් එකට පලයං. උබගේ රස්සාව ඉතින් මේකිගේ තනි රකින එකනේ.‘‘ ‘‘ඒ බං උබලා දෙන්නා ඩුවට් එකක් කියපල්ලකෝ‘‘ යාළුවන්ගේ කන්කෙදියෙන් බේරෙන්න බැරි තැන මමත් ගගනත් ස්ටේජ් එක දෙසට ඇදුනෙමු. ගගන ගමන් ගත්තේ මා අසලින්මය මා පියවර තබන වේගයටම ඔහුද පියවර තැබුවේය. මම නිකමට ආපසු හැරී බලන විට තරූෂ හොල්මනක් දැක්කා සේ කට ඇරන් බලන් සිටි. දගකාර වැඩ කරන්නට කැමති මම ආඩම්බරයෙන් මුහුණ ගස්සා ඉදිරිය බලා ගගනගේ අතේ එල්ලුනෙමි. මම එලෙස කරනු ලැබුවේ තරූෂගේ මුහුණ ඇදවනු දැකීමට තිබු ආසාව නිසාවෙමි. මගේ දෑත් ගගනගේ අතේ ස්පර්ශ වෙනවාත් සමග ගගන ගැස්සී මා දෙස බැලුවේය. මද සිනහවක් සමග ආඩම්බරයක් මුව දවටා ගත් ඔහු සිතට නැගුණ ජවය සමග වේදිකාව දෙසට ඇදුනි. අපේ යහළුවන් කන්ඩායම යෝජනා කළ පරිදි අපි සංගීත රාවයට ගීය මුමුණන්න විමු. උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉදුනිල් දෙනයන සටහන්වේ මම ගගන මේ තරම් ගීත ගැයීමට දක්ෂයයි මීට පෙර දැන නොසිටියෙමි. මම විසේකාර වුවත් පිරිමි ළමයෙකු වූ ඔහු තැම්පත් ගති ගුණ ඇති නිහඩ ලැජ්ජාසීලී තරුණයෙකි. නොසිතු පරිදි ඔහු මා දෙස වරන් වර බලමින් හැගීම් මුහුනේ ඉරියව්වල සනිටුහන් කරද්දී මට වෙනදා නොදැනුන අමුතුම හැගීමක් දැනෙන්ට විය. ඔහුත් මමත් වේදීකාව තුළ නරඹනන්ට සොදුරු දසුනක් හිමි කර දුන්නේ වෙනනම ලෝකයක අතමන් වෙමිනී. ගීතය අවසන් වුවත් මට වේදිකාවෙන් බැස එන්නට සිත් නොවීය. ගගන මගේ අතින් ඇගගෙන අපි අසුන් ගෙන හුන් තැනට දුව ආවේ ලෝකයක් දිණුවා තරම් සතුටින් වුවේය. අපි වාඩි වන තුරුම දෙපසට විහිදෙන සේ පනවා තිබූ අසුන් වල හිද සිට අනිකුත් සිසුසිසුවින් එබී බලමින් අත්පොළසන් දෙන්නටත් ,විසිල් ගසන්නටත් විය. ‘‘පට්ට ඈ. දෙන්නා නියමෙටම ඇට් කලා.‘‘ ‘‘ඕවා ඇට් නොමේ බන් දෙන්නගේ හැබෑ ලව් පාට්.‘‘ අප මිතුරන් තව නොයෙකුත් දේ කියද්දි ගගන සිනා සුනා පමනකි. කිසිවක් කියන්නට සිත් නොදුන් මම කල්පනාවක පැටළුනෙමි. ඇත්තටම ගගන නිතරම කියනවා වගේ මං ගැන හෝප්ස් තියන් ඉන්නවද? අනේ මන්දා ගගන හොදයි . මගේ ජීවිතේ මට හම්බුණ හොදම යාළුවා, හොදම සහෝදරයි. වෙලාවකට ආරක්ෂකයෙක් තව වෙලාවකට මගේ තාත්තා වගේ. ඒ වගේ කෙනෙක් හැමදාමත් ජීවිතේ තියා ගන්න තියෙනවා නම් මොන තරම් දෙයද්ද? ‘‘ඒ පව් බන් අර පැනියට කට උත්තර නෑ. උබලා දිහා කන්න වගේ බලන් හිටියා. ‘‘ රෝසී එසේ පවසන තුරුම මට තරූෂ අමතක වී තිබුණී. මම ඔවුන් දෙස බැලුවෙමි. තවමත් සිහි කල්පනාවක් නැතිව මෙන් තරූෂ මෙහෙ බලා සිටී. නෑ නෑ ඌ මගේ දිහා නෙමේ බලන්නේ. රෝසී දිහා. ඌ දැක්කනෙ කොහොමත් රෝසී පොන් එකෙන් කතා කලේ කියලා. හිත සමග ඔට්ටු වුණ මම ගගන දෙස බැලුවෙමි. ඔහුද මා දෙස තවමත් බලා හිදී. වෙනදා නොදැනුන ලැජ්ජාවකින් හිත හිරි වැටෙද්දී මම බිම බලා ගත්තෙමි. මේ වන විට උත්සවයේ හොදම ලකුණු ගත් සිසුසිසුනට කුසලාන සහ ත්‍යාග පිරිනෑමීම ආරම්භ වී තිබුණී. ‘‘ මී ළගට කුසලාන ලබා ගන්නේ ගගන රුක්ෂාන් සිරිතිලක‘‘ ගගන නම ඇහෙනවාත් සමග ගැස්සි ගියේය. අසුනින් නැගිට ගත් ඔහු නැවතත් වේදිකාව දෙසට ඇදුනේය. ඔහු වැඩී ලකුණු ලබගත් අය අතර තුන්වැන් ස්ථානය ලබා තිබුණී. වැඩිම ළකුණු වල සිට පිළිවෙලට සිසුසිසුවියන් වේදීකාව රැස් කරන්නට වුයේ චායා රූප ගැනීමට විය යුතුය. අට වන ස්ථානය කියන විට පිරිමි ළමයි සතර දෙනාගෙන් යුත් මිතුරු කණ්ඩායම හු හඩ නගමින් කෑ ගසන්නට විය. දැන් මේ හතර දෙනාගෙන් කවුද දිනිදු රශ්මික ජයතුංග කියන්නේ. මම එලෙස කල්පනා කරමින් එදෙස බලන විට දුටුවේ නිල් ඉරි හැද ගත් තරුණයා වේදිකාව දෙසට පියනගන අයුරුය. ‘‘ඒ වස ලැජ්ජාව බන් අරූගේ නම තරෑෂ නෙමෙයි දිනිදු. ශෙක් අපි වගේ,උනුත් අපි අන්දලා බං.‘‘ ‘‘හොද වැඩේ තොපිට කොල්ලෝ බයිට් කරන්න යනවට.‘‘ රෝසී මුහුණ ඇඹුල් කර ගන්නා අයුරු දැක නෙතට නැගුන සිනහවත් සමග මම කීවෙමි. ‘‘පල පල තෝනේ කිව්වේ කෝල් කරන්න කියලා. මෙතන පත්තු කරලා තියලා දැන් හිනා වෙනවා.‘‘ ‘‘ආ දැන් උබලා මම බෙල්ල කපා ගනින් කිව්වොත්. උබලා කපා ගන්නවද? නෑනේ. පලයව් යකෝ යන්න.‘‘ ‘‘බලපන්කෝ ගගනයා තුන වුණා කියලා මේකිට ගිහින් තියෙන චූන් එක. ‘‘ ‘‘ඔව් ඔව්. කාටද ආඩම්බර ආ....‘‘ මම දගකාර අයුරින් කිව්වෙමි. ගගන නැති තැන මම ඔනිවටත් වඩා දගය . ඔහු සිටින තැන දගවැඩක් කරන්නට මම දෙවරක් සිතුවේ සිත තුළ වු අමුතුම බයත්, ගෟරවාන්විත බවත් නිසා වෙමි. ‘‘ කාටද ඉතින් අනාගත බිරිදට තමා. තනි රකින්න ඇවිත්නේ ඔය කප් ගහන්නේ. ශෙක් අපිට නෑනේ රකින්න කෙල්ලො.‘‘ ‘‘හු හු.. ලැජ්ජයි බැලැකියා ඔය වයසට අපෝ.‘‘ ‘‘ ඒ සදා උබේ නමත් කිව්වා පලයං.‘‘ අපේ සරදම් දගවැඩ මැද නිහඩව වුන් පැටී කියන විට මම විදිල්ල මෙන් වේදීකාව දෙස බැලුවෙමි. දෙවෙනී වරත් මගේ නම කියවෙන විට මම වේදිකාව දෙසට පිය නැගුවෙමි. මම දොළොස් වන ස්ථානය දිනා තිබුනෙමි. කුසලානයත් තෑගි වවුචරයත් අතට ගත් මම කෙලින්ම නැවතුනේ ගගන ළග වෙමි. ‘‘මගේ කෙල්ලත් දිණුවා එහෙනම්‘‘ ගගන මා දෙසට නැබුරු වී ආදරෙන් පවසද්දී මගේ මුහුනේ මද හසරැල්ලක් නැගුනී. ‘‘මගේ කෙල්ල‘‘ එහෙම වුනේ කොහොමද අහන්න මට අවශ්‍ය වුවත් මම නිහඩ වුනෙමි. ‘‘ආ නංගිත් මෙතන නේද? ඔල්ද බෙස්ට්.‘‘ මගෙ ළගින්ම ඇසුණු කට හඩත් සමග මම ආපසු හැරී බැලුවේ නිකමටය. දෙවියනේ තරූෂ ... නෑ නෑ දිනිදු. මගේ ළග සිටගෙන හුන්නේ දිනිදුය. මම දැන් ගගනත් දිනිදුත් අතර මැදිවී සිටිමී. අපි සමුහ චායා රෑපයට පෙනී සිටියේද එලෙසින් වෙමු. අහම්බෙන් හමුවී අපි විහිළුවට අල්ලා ගත් දිනිදු දැන් සදහටම මතකසටහනක් වී හමාරය. ඒ අප ගත් සමුහ චායාරෑපය දකින වාරයක් පාසා ඔහු දකින්නට ලැබෙන බැවිනී. සියළු කෙළිකවට කම් මැද සාදය අවසන් විය. අපි නැවත මෙම අධ්‍යාපන ආයතන භූමියේ හමු නොවන්නෙමු. අපි මිතුරු මිතුරියන්ගෙන් සමු ගත්තේ කදුළු සළමින් වෙමු. සියල්ලන්ගෙන් සමු ගත් ගගනත් මම බස් රථයට නැගී එකම අසුනේ අසුන් ගත්තෙමු. තෑගී ප්‍රධාන උත්සවයෙන් පසු දිනිදු දකින්නට නොලැබුනි. යම් හේතුවක් නිසා ඔවුන් කලින් යන්නට ඇතැයි මම සිතුවෙමි. ‘‘මොනවද? කෙල්ලේ කල්පනා කරන්නේ.‘‘ ‘‘ඔයා අද හරි අමුතුයි ගගන.‘‘ ගගනගේ භාෂාව සම්පුර්ණයෙන්ම වෙනස් වී තිබු නිසා මමත් මගේ මිතුරු භාෂාව වෙනස් කර ගගනගෙන් විමසන්න විමි. ‘‘ඒ ඇයි. මම හැමදාම මෙහෙම තමයිනේ.‘‘ ‘‘නෑ නෑ අද ඔයා වෙනස්. මොකද්ද අර ස්ටේජ් එකේදී කිව්ව කතාවේ තේරුම.‘‘ ‘‘ආ කෙල්ලට ඒකත් මතකයි එහෙනම්.‘‘ ‘‘ මොකද්ද ගගන ඒ කතාවේ තේරුම.‘‘ ‘‘මම ඔහෙ කටට ආවට කිව්වේ කෙල්ලේ. ඇයි එහෙම කියනවට අකමැතිද?‘‘ ‘‘ඔය ඒ පාර කෙල්ලේ කියනවා. මොකද්ද බන් වෙනදා වගේ සදා කියපන්කෝ.‘‘ ‘‘හරි හරි බන් සදා.‘‘ ‘‘අන්න එහෙම වරෙන්.‘‘ ‘‘හිටපන් මම කන්න මොනවා හරි අරන් එන්නම්.‘‘ ගගන බස් රථයෙන් බැස ගියේ සිත තුළ වේදනාවක් සිරකරගෙන බව මම දුටුවෙමි. ගගන මට ආදෙයි වගේ. මම කොහොමද මගේ සහෝදරයෙක් වගේ ඉන්න කොල්ලට ආදරේ වෙන්නේ. බෑ බෑ අපේ අම්මාගේ සිහින බොද කරන්න මට බෑ .අනික ගගනලගේ අම්මා එයාගේ එකම බළාපොරෙත්තුව ගගන ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න. මේ විකාර වැඩ කරන්න ගිහින් ගගන සේරම අනා ගනී. වෙන්න තියෙන දෙයක් ඒ කාලෙට වෙයි. මම මෙහෙන්මම ඉන්නවා. මම එලෙසින් සිතුවේ ගගන ගැන ආදරයට එහා ගිය ලොකු ලෙනගතුකමක් මගේ සිතේ පැළ පදියන් වී තිබු නිසා වෙමි. අපේ නිවෙස් පිහිටා තිබුනේ ටිකක් ගම ඇතුළට වෙන්න නිසාවෙන් බස් රථයෙන් බැස ගත් අපි දෙදෙනා ගුරු පාර දිගේ ගමන් කලෙමු. හවස දෙකට පමණ කිට්ටු වී තිබු නිසා තද අව්වක් නොවු අතර තරමක් බටහිරට වන්නට ගස් අතරින හිරු කිරණ කාන්දු වෙමින් තිබුණී. අපි නිවසට පැමිණෙ විටත් අම්මා පාසලේ රාජකාරි නිම කොට නිවස බලා පැමිණ සිටියාය. ‘‘ ගගන පුතා එන්න තේ ටිකක් බීලා යන්න.‘‘ ‘‘දැන් බෑ සෙව්වන්දී ටිචර් . හරිම මහන්සී. බලන්නකෝ සදනීට කප් එකකුත් ලැබුණා.‘‘ ගෙටවත් ගොඩ නොවුණ ගගන පිට පාරින්ම පියමන් කරන්නට වුනේ මට යන බවද නොපවසමින්ය. ගගන මා සමග අමනාප වී ඇති බව දැන් හොදටම පැහැදිළිය. බස් රථයේ වුණ කතා බහ මෙයට හේතු වන්න ඇතැයි මම සිතුවෙමි. නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 04 Jan 2017 04:41 PM sha733Super Senior MemberPosts:7332 04 Jan 2017 03:56 AM මරැම තමයි කථාව හොදට හිතට ඇල්ලුවා Ind007kaMost Senior MemberPosts:12931 03 Jan 2017 05:13 PM කතාව නැගලම යනවා වගෙයි සඳුනිVeteran MemberPosts:2462 03 Jan 2017 05:08 PM හිරුයි තරුයි. තුන්වන කොටස. ‘‘එකෙන්ම. ඒ පැටී ඔය මායම් හැට හතරෙන් දෙක තුනක් දාලා පොඩ්ඩක් මේ පැත්තට ගෙන්න ගනිංකෝ.‘‘ ‘‘පිස්සුද උබලට මට බෑ.‘‘ ‘‘අපො බං පොඩ්ඩ්ක් ඔය මායම් වලින් ප්‍රයොජනයක් ගනින්කෝ.‘‘ ‘‘ඒක තමා රෝසියෝ. ඔබත් පොඩ්ඩ්ක් ලයින් එකක් දාපන්.‘‘ ‘‘ලයින් දාන්න දෙයක් නෑ බන්. පට්ට ඇඹලයෝ සෙට් එකක් වගේ බලපන්කෝ බන් ඉන්න හැටි. කන්න වගේ.‘‘ ‘‘ඒක තමා . මෙතන කොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා කියලත් මුන්ට ගානක් නැති හැටි . ‘‘ ‘‘මේ... මේ... උබල නම් ඒ පැත්ත බලලා වැඩේ බකල් කරන්න එපා ඈ. හරිද‘‘ ‘‘අප්පද බොල බලකෝ බතලිගේ කතාව.‘‘ අනිත් මිතුරු මිතුරියන් එළිමහනේ සකසා තිබු කබානා එක වටා වාඩී වී සිටි පිරමි ළමයි හතර දෙනෙකුගේ කණ්ඩායම දෙස බලමින් කියවන්න විය. කතාව මුලිනම පටන් ගත මම දැන නිහඩව මුණිවත රකිමී. මන්ද ගගන අපි සමග සිටින නිසාය. සහෝදරයෙකුට වඩා මට ළග ඔහු ඉදිරියේ එලෙස විසේකාර චරිතයක් වීමට නොතේරෙන බියක් මට දැනිනි. ‘‘ ඒ බන් සදා මොකද උබ මොකද සද්ද නැත්තේ. බලපන්කෝ අරුන් දිහා. පොඩි සපොට් එකක් දීපන්කෝ අරුව පොඩ්ඩක් නටවන්න. වෙනදට උබනේ ඔය වැඩ වල මුල් තැන ගන්නේ. ගගනයා හිටියට කමක් නෑ. විහිළුවටනේ බන් නේද සහෝ.‘‘ ගගනගේ අතට අත දෙමින් බට්ටා කියවන්න වුවේය. ගගනත් වුන්නේ සිනා සෙමිණි. ‘‘නෑ නෑ බං මම මේ කල්පනා කළේ මොකද්ද කරන්නේ කියලා.‘‘ ‘‘ඒක මිසක් අපි මේ හිතුවා අනාගත හස්බන්ට බයේ කියලා.‘‘ ‘‘අනේ බලයන් බට්ටා කට වහන්.‘‘ ‘‘හිටපන්කෝ අපි දෙන්නා ඒ පැත්තේ රවුමක් දාලා එන්න.‘‘ එවැනි වැඩවලට එතරම් අකමැති පැටී මගේ ළග ඉතිරි වෙද්දී රොසිත් ,බතලීත් හුන් තැනින් නැගිට නිදහස් තණනිල්ල පුරා ඇවිද යන්න විය. මොහොතකට පසු ඔවුන් ආවේ සිනා සෙමින් දගකාරලෙසය. ‘‘වැඩේ හරි බං.‘‘ ‘‘ඇයි මොකද වුනේ.‘‘ ‘‘මේ බලපන්.‘‘ උණ්ඩිකළ කොළ කැබැල්ලක කටු අකුරින් ලියු දුරකථන අංකයක් සහ නමය. හතරදෙනාගෙන් කාගේදෝ කියා නොදන්නා මුත් ලියා තිබු නම තරූෂ විය. ‘‘කොකද දන්නේ නෑ නේ බන් තරූෂ.‘‘ ‘‘මම හිතන්නේ අර නිල් ඉරි බැනියමක් ඇදන් ඉන්න බොයි. ඌ ළග ඉන්න අනිත් එකා මේක දෙද්දී ඌ කන්න වගේ බන් බලන් හිටියේ.‘‘ ‘‘මේ මට හොද අයිඩියා එකක් ආවා. අපි ඔය නම්බර් එකට මිස් එකක් දීලා බලමු කොකද බලා ගන්න.‘‘ ‘‘අන්න නිගමයි කෝ දීපන්කෝ පොන් එක.‘‘ ‘‘මගේ පොන් එක. මොකටද උබේ එකෙන් ගනින්.‘‘ ‘‘බෑ බෑ බන් මට ගෙදරින් කේස්. උබ දන්නවනේ අපේ අම්මාගේ හැටි සේරම චෙක් කරනවා.‘‘ ‘‘එහෙනම් අපි මේ තුන්දෙනාගෙන් එකකින් ගමු.‘‘ ‘‘බෑ බෑ බං. උබට කිව්වම තේරෙන් නෑනේ. යකෝ මුන්ගේ එවයි ගත්තම කොල්ලෙක්ගේ එකකින් ගත් බව අහු වෙනවා.‘‘ ‘‘ඒ කොහොමද?.‘‘ ‘‘ යකෝ ඉමෝ , වයිබ වලින් අහු වෙනවා නම්බරේ සේව කර ගත්තේත් . ඔබ ඉතින් ඕවා දන්නවෑ උබේ ඔය ඇබිත්තං පොන් එකෙන් ඒව කරන්න පුළුවන් ඈ. දීපන් දීපන් පණ්ඩිත කම් නැතුව. පස්සේ නම්බර් එක බ්ලොග් කරලා දාමු.‘‘ මම කිසිවක් නොකියාම රෝසී අත පොන් එක තැබුවේ ගගන දෙස හොරහින් බලමිනි. ඔහුගේ මුහුණේද එතරම් අකමැත්තක් නොවු නිසා මගේ සිතට සහනයක් දැනිනි. ‘‘අපො බන් මේ වයසේ කෙල්ලෙක් පාවිච්චී කරන පොන් එකද්ද මේක. අම්මට පොඩ්ඩක් කෙදිරි ගාලා ගනිංකෝ හොද පොන් එකක්.‘‘ රෝසී අංකය මගේ කුඩා දුරකථනයට ඇතුල් කරමින් කියවන්නට විය. ඇගේ ඒ වදන් වලට මගේ හදවත තදින් රිදුම් දෙන්න විය. ‘‘මට ඕක හොදයි බන්. මට අම්මට ඔය හැටි කරදර කරන්න බෑ, මම හම්බකරන කාලෙක ගන්නවා. පව් බන් අම්මා. මේ කෝර්ස් එක කරන්න ගත් නිසා මට අළුතින් ලැප් එක අරන් දුන්නෙත් ගෙවන්න.‘‘ ‘‘අනේ සොරි බන් මම කටට ආවට කිව්වා මිසක්. ඕවා හිතුවේ නෑ . උබ ගනන් ගන්න එපා. උබ දන්නවනේ මගෙ කටට බෙරේක් නෑ කියලා.‘‘ ‘‘හරි බන් හරි... ඒකට අවුලක් නෑ.‘‘ ‘‘අනේ බං සොරි කෙල්ලේ. හිනා වෙයන්කෝ. උබ ඔහොම මුඩ් ගහලා ඉද්දි මම කොහොමද අර කොල්ලට ලයින් දාන්නේ.‘‘ රෝසිගේ ඒ කතාවට අපි සියල්ලන්ටම සිනා නැගුණි. ‘‘ඒ සදා බලපන් මොකාද පෝන් එක බලන්නේ කියලා.‘‘ රෝසී ඇමතුමක් ගෙන දුරකථකය සවනත තබා ගනිමින් කිව්වේ මම සිටින්නේ ඒ පිරිමි ළමුනට මුහුණ ළා නිසාය. ‘‘උබ කිව්වා හරි අර නිල් ඉරි කොල්ලගේ තමා.‘‘ ‘‘අනේ කෙල්ලනේ තොපිනම්. පව් යකෝ වුන්. තොපි කෙල්ලොද අපි අපි කෙල්ලොද හිතනෙවා මේවා දකිද්දී.‘‘ බැලැකියා එලෙසින් කිව්වේ අතකුත් කම්බුලේ ගසාගෙනය. ‘‘පව් බං අපි.‘‘ ඒ ගගනගේ හඩයි. ඒ පිරිමි ළමයි නුත් අපිව විහිළුවට ගෙන ඇතැයි මම සිතුවෙමි. ඔවුන් තරමක් දුරින් හුන් නිසා ඔවුන් කතා කරන දේ අපට නෑසුනත් සිනා සෙමින් කතා කරන අයුරින් එය වැටහුනි. ඒ හතරදෙනා අතර එක් නිහඩ චරිතයක් විය. සුදු පැහැයට හුරු කමිසයක් හැද වුන් ඔහු පසුවන්නේ කෝපයෙන් බව මුහුණේ ඉරියව් වලින් පෙනුණි. ‘‘ ඒ බං කොල් එකක් එනවා.‘‘ ‘‘අර කොල්ලගෙන්ද උස්සලා බලපන්.‘‘ බතලී රොසිත් සමග එක් වී පිටතට ඇසෙන පරිදි සද්දය වැඩි කර ඇමතුමට සවන් දෙන්න විය. මම හොදින්ම දුටු දෙය නම් අනෙක් පසින් දුරනථකය සවනත තබාගෙන වුන්නේ නිල් ඉරි බැනියම හැද ගත් පිරිමි ළමයා බවය. ‘‘හෙලෝව්.‘‘ ‘‘හෙලෝව්.‘‘ ‘‘මොකද්ද මේ නංගිගේ නම්.‘‘ ‘‘නංගි කියන්නේ උපැන්නේ බැලුවද අයියා.‘‘ සියල්ලන් බක බක ගා සිනාසෙමින් සංවාදයට සවන් දුන්නේමු. පිරිමි ළමුන් කණ්ඩායමෙනුත් ඇසුනේ සිනා හඩකි. දැන් නම් කිසි සැකයක් නැත අපි මෙන්න ඔව්නුත් හදන්නේ අපි විහිළුවට ගන්නටය. ‘‘නංගිත් මගේ උපැන්නේ බලලා වගේ මට අයියේ කිව්වේ.‘‘ ‘‘ආ... මේ මේ.... අයියා මට නංගි කිව් නිසානේ කිව්වේ.‘‘ රෝසි කිව්වේ වැඩේ අවුල් ගිය නිසා දිවත් හපාගෙන නළලේ අත ගසාගෙනය. ‘‘හරි හරි අක්කා වුනත් නංගි වුනත් කමක් නෑ නම කියන්නකෝ.‘‘ ‘‘මගේ නමද?‘‘ ‘‘ඔව් ඔව්.‘‘ ‘‘ඒ සකුන්තලා කියපන් සකුන්තලා කියපන්.‘‘ බට්ටා රහසින් කියන්න විය. ‘‘ මම සකුන්තලා.‘‘ ‘‘ශා පට්ට නමක්නේ. ගම කොහෙද දන්නේ නෑ.‘‘ ‘‘දඹානේ.‘‘ ‘‘අනේ වැදි කෙල්ලෙක්ද?.‘‘ සංවාදය දිගැස්සුනේ දෙපිරිසම අතර සිනහව රජ කරවමිණි. දැන් මුහුණට මුහුණ බලාගෙන දුරකථනයෙක් කතා කරමින් සිටි. එවිටම සබ්ධ විකාශන යන්ත්‍රයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සහතික පත් හා කුසලාන බෙදා දීමට වේදීකාව ඇති ශාලාවට පැමිණෙන ලෙසයි. අපි සියලු දෙනාම ශාලාව තුළට ඇතුල් වුනෙමු. සහතික ප්‍රධානය ආරම්භ විය. විශාල පිරිසක් සිටි නිසා එක් එක් නෙකාට සහතික ලබා දීම අපහුසු නිසා එක් එක් පංන්තියට අදාල ආචාරය තුමා හට සහතික පත් කට්ටලය බාර කෙරුණි. සහතික පත් බෙදන අතර තුර විවිධ නැටුම් ගැයුම් විශේෂාංග පැවැත්වුණි. ඒවා එවෙලෙහි ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන විශේෂාංගය. එක වරම බලන විට වේදිකාව මත හුන්නේ නිල් ඉරි බැනියම හැද ගත් තරුණයාය. පසුබිමින් වැයුණු සංගීත නාදයට ඔහු අලංකාරව හඩ එක් කරන්න විය. ‘‘ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි.....‘‘ ‘‘ඒ බලපන්කෝ ඌ හෙන වැඩකාරයනේ . ලැජ්ජයි බන් අපේ සෙට් එකෙන් එකෙක් යන්නම ඕනේ. නැත්තම් වස ලැජ්ජාව. ‘‘ඒ සදා පලයන්කෝ. ‘‘ ‘‘මට බෑ බං තනියෙම යන්න.‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 03 Jan 2017 05:03 PM සඳුනිVeteran MemberPosts:2462 03 Jan 2017 04:57 PM හි හි මම දන්නෙ නෑ sha733Super Senior MemberPosts:7332 03 Jan 2017 02:59 AM කාටද හප්පේ ලයින් දාන්නෙ. ඔය විසේ තියෙන කෙල්ලටද chamaramindMost Senior MemberPosts:13471 02 Jan 2017 04:15 PM දැන් කාටද බයිට් එකක් දෙන්නේ.පව් කොල්ලා සඳුනිVeteran MemberPosts:2462 02 Jan 2017 12:38 PM හිරුයි තරුයි. දෙවන කොටස. ‘‘හරි අම්මා....‘‘ මම බැම්මෙන් බිමට පැන කාමරය දෙසට දිව ගියෙමී. ‘‘ හෙලෝව් රෝසී. මොකද හදිස්සියෙම මාව මතක් වෙලා.‘‘ මම ඇමතුමට සවන් දෙමින් ගගන සිටි තැනට පැමිණියෙමි. මම කතා කරන තුරු නිහඩව බලා වුන් ගගන මා දෙසට නෙත් යොමා බලා වුන්නේ මම විස්තරය කියන තුරුයි. ‘‘රෝසී කතා කලේ.‘‘ ‘‘මොකද කියන්නේ.‘‘ ‘‘කම්පියුටර් කොර්ස් එකේ පාටි එකට එනවද අහනවා.‘‘ ‘‘කවද්ද තියෙන්නේ.‘‘ ‘‘සෙනසුරාදා.‘‘ ‘‘යනවද ඉතින්.‘‘ ‘‘නැතුව අපි යන්නැතුව කෙහොමද?.‘‘ පාසල් කල සිට මිතුන් වී සිටියේ ගගනත් මමත් පමණී. රෝසී, පැටී , බතලී, බට්ටා ,බැලැකී , කුෂා පරිඝණක පාඨමාලාවෙදී මිතුරු වූ මිතුරු මිතුරියන්ය. උසස්පෙළ විභාගයෙන් පසු සහබාගී වු පරිඝණක පාඨමාලාවේ ,අපි අවසන් විභාගක කර ප්රාතිඵල එන තුරු බලා සිටින ගමන්ය. අපි සම වයසේ නොවු නමුත් බොහො සෙයින් ලං වී සිටියෙමු. ‘‘සෙව්වන්දී ටිචර් යන්න දෙයිද?.‘‘ ‘‘ඔයා යන නිසා යන්න දෙයි.‘‘ ‘‘උබට මම ඉන්න නිසා හොදයි නේද?‘‘ ‘‘ඒක තමා රෝසිත් කිව්වේ. ‘‘ ‘‘මොකද්ද කියන්නේ.‘‘ ‘‘උබේ බොයි ප්රෙේන්ඩ් ඉන්නකන් උබට හොදයිලු.‘‘ ගගනගේ මුහුනේ දීප්තිමත් සිනාවක් ඇදී යනු මම දුටුවෙමි. ‘‘එහෙමද?‘‘ ‘‘ඔව් එයාලා හිතන්නේ ඔයා මගේ බොයි ප්රෙ න්ඩ් කියලා. ‘‘ ‘‘ඉතින් එහෙම නෙමෙයිද?‘‘ ඔහුගේ මුහුණේ වුයේ ස්ථාවර වචනයක බලාපොරොත්තුවයි. ‘‘උබට පිස්සුද ගගන. එන්න එපා ඕවට නම්.‘‘ ‘‘හි හි හි හි.‘‘ ගගන සිනාසී කතාව මගහැර දැමුවේය. ඔහුගේ සිතේ මා ගැන හැගීමක් ඇතැයි වෙලාවකට මට සිතෙයි. නමුත් ඔහු ගැන තිබු හැගීම සහෝදර බැදීමකට බොහෝ ළග නිසා මම එලෙස සිතීමට අකමැති විය. ‘‘ සදා.‘‘ ‘‘හ්ම්‘‘ ‘‘මොනවද ළමයෝ ඒ පාර කල්පනා කරන්නේ.‘‘ ‘‘ඔයා කියපු දේ ගැන කල්පනා කළේ.‘‘ ‘‘අපෝ ඒක හිතන්න එපා. මම විහිළුවක් කලේ.‘‘ ඔහු එසේ කිව්වත් මුහුණින් පෙනුනේ කනස්සලු ගතියකි. අම්මා ගෙනත් දුන් තේ සමග අපි හැලප කෑවෙමු. පරිඝණක පාඨමාලවේ සාදයට යාමට අම්මාගෙන් විමසීය. ‘‘ගගන පුතත් යනවා නේද?.‘‘ ‘‘ඔව් සෙව්වන්දි ටිචර්.‘‘ ‘‘එහෙනම් මෙයාවත් පරිස්සම් කරන් ගිහින් එන්න. දන්නවනේ මෙයාගේ හැටි. කෙලි රූපයක් තිබුණට කොළු වැඩනේ තියෙන්නේ.‘‘ ගගන අම්මාගේ වැකියට සිනාසුණා පමණකි. ගගන කිව් අයුරින්ම පසු දින සම්මුක පරික්ෂණයට පැමිණෙන ලෙස ලිපිය මටද පැමිණ තිබුණී. කෙමෙන් දින ගෙවී යන්නට විය. මම සිටියේ සතුටිනි, සාදය ගැන සිහි වෙද්දී මට දැනුනේ ඉවසිලී නැති ගතියකි. මම කලින් ඉදන්ම පාටියට අදින්නට ඇදුමක් පවා සුදානම් කර මග බලා උන්නෙමී. අළුත් ඇදුමක් ගැනීමට ආසාවක් තිබුණත් අම්මාට කරදර කිරීමට මම අකමැති විමි. අම්මා පාසලේ ඉගැන්වීමට ගිය පසු මම නිවස තුළ සිටියේ තනියෙන් නිසා මම යාළුවන් සමග දුරකථනයෙන් කතා කරමින් සහ රූපවාහිනිය නරඹමින් දවස ගෙවා දැමුවේ අලසකමිනි. උදේ වරුවම අපේ නිවෙස් පැත්තටවත් නොපැමිණි ගගන අම්මා පැමිණි පසු හවස් වරුවේ සැමදාම අප නිවට ගොඩවැදුනේය. ‘‘සදා දැන් ලැහැත්තිද හෙට යන්න.‘‘ ‘‘නැතුව නැතුව බන්. මම මේ හෙට එළිවෙන්නේ කොයි වෙලේද කියලා ඉන්නේ.‘‘ ‘‘මම හෙට දෙරට එන්නද?. සදා පාරට එනවද?‘‘ ‘‘ඔනේ නෑ බන්. මම නමය වෙද්දී බස් හෝල්ඩ් එකට එන්නම්.‘‘ පසු දින උදෙන්ම අවදී වු මම මුණ කට දොවාගෙන සුදානම් කර තිබූ ඇදුම හැද ගත්තෙමි. එය සුදු පැහැ තුන් කාල කලිසමක් සහ රතු පැහැ බැනියමකි. එය හැදගෙන මම කැඩපත ඉදිරියේ හැඩ වුණේ තනියෙම සිනාසෙමිණී. ‘‘දූ... මොකද තනියෙම හිනා වෙන්නේ.‘‘ ‘‘මේ ඇදුම ලස්සනද අම්මේ.‘‘ ‘‘හොදයි හොදයි දූ. මෙහෙ වගේ දග වැඩ එහෙම කරනනේ නෑ ඔන්න .පරිස්සමින් ගිහින් එන්න ඕනේ හරිද?.‘‘ ‘‘හරි හරි අම්මේ. මම පරිස්සම් වෙන්නම්කෝ.‘‘ මම අම්මාගේ දෙපා නැමද කොපුල සිප ගනිද්දී , අම්මා මගේ නනළ මත හාදුක් තැබුවේ ආදරයෙන් මගේ හිස පිරි මැද නැවතත් පිරිමදිමිණි.. ‘‘පරස්සමින් දු.‘‘ ‘‘හරි අම්මේ. අම්මා බය නොවී ඉන්නකෝ ගගනත් ඉන්නවනේ.‘‘ මම නිවසින් පිට වි පාර දිගේ පිය මැන බස් නැවතුමට ගොඩ වුනෙමී. ‘‘ අද මෙයාගේ ලස්සන.‘‘ ගගන මා අසලට පැමිණ මගේ හිසේ සිට දෙපතුළ දක්වා බලනවිට මට දැනුනේ ලැජ්ජාවකී. ‘‘මොකද අනේ ඔහොම බලන්නේ.‘‘ ‘‘ඔයාගේ යාළුවෝ කියන කතාව ඇත්ත කර ගන්න තිබුණා නම් කියලා හිතුණා.‘‘ ‘‘අනේ පළයං බන් යන්න .මාව බයිට් එකට ගන්නේ නැතුව.‘‘ ඉන් පසු අපි අතර ඇති වුනේ දැඩි නිහඩ බවකී. ගගන මම ගැන හිතවාවත්දෝ කියා මගේ සිත විමසද්දී මම ඒ හැගීම යටපත් කර ගැනීමට උත්සහ දැරුවෙමී. ටික වෙලාවකට පසු පැමිණි බස් රියට නැගුණු අපි පරිඝණක පාඨමාලාව පැවැත්වුණ පෞද්ගලික අධ්යාරපන ආයතනය ඉදිරි පිටින් බැස ගත්තෙමු. ‘‘අම්මට සිරි අද මේකිගේ ලස්සන.‘‘ අපි බස් එකෙන් බහිද්දිම පෙරමග බලා හුන් අපි බතලි ලෙස සරදම් කරන වරුණි පැවසුවාය. ‘‘මොකද බතලී.‘‘ ‘‘මේ ගගනයෝ කන්න එපා මගෙන්.‘‘ ‘‘අපෝ ඔයාගේ කෑම එපා . අපිට මේ පාටියට එන්න කියලා තියෙන්නේ කන්න දෙන්න තමා.‘‘ ‘‘ගගනයෝ. දෙනවා උබට.‘‘ ‘‘අම්මෝ ගගන මෙයාගෙන් පාරක් කෑවොත් නම් ඔයාව ගලවන්න වෙන්නේ ආප්ප හැන්දෙන් තමා ..‘‘ ‘‘අම්මට සිරි මුන් දෙන්නාගේ ලව් එක. ඒ ගගනයා වැඩේ සෙට්ද?.‘‘ ‘‘ ඔව් ඔව් ඇයි මොකද උබට ඊර්ෂියද?‘‘ මම අපි අතරට එක් වූ බට්ටාගේ පැණයට පිළිතුරු දුනිමී. වැඩි වෙලා යන්නට මත්තෙන් සියලු මිතුරු මිතුරියන් සාදයට එක් විය. එක මේසයක් වටා හිද ගත් අපි සංග්රුහ භුත්තී විදිමින් කතා බහේ යෙදුනෙමු. ඒ සාදයට පැමිණ සිටියේ අපි පාඨමාලව හැදෑරු ආයතනයේ පන්තියේ ළමුන් පමණක් නොවීය. ඒ ආයතනයට අනුබද්ද ,වෙනත් පලාත් වල පැවති ආයතන වල සිසු සිසුවියන් විශාල පිරිසක් සාදයට පැමින සිටි. ඒ අතර සිටි නාදුනන පිරිමි ළමයෙක් අපි වාඩි වී සිටි මේසය දෙස බලමින් ඔහුගේ යාළුවන් සමග මොනවද කියනු මගේ ඇස ගැටී තිබුණි. ‘‘ ඒ බන් අර නිල් ඉරි ටීසර්ට් එකක් ඇදන් ඉන්න කොල්ලා මෙහෙ බලනවා වැඩී.‘‘ ‘‘එහෙමත් එකද්ද?.‘‘ රෝසී හොරෙන් ඒ දෙස බැලුවාය. ‘‘ ඇත්ත බන් මම මේ බැලුවේ ඌ කාටද ලයින් දාන්නේ කියලා.‘‘ ‘‘ඒක තමා බට්ටා . අපිත් පොඩි බයිට් එකක් දෙමුද? ‘‘ නැවත හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 02 Jan 2017 12:35 PM සඳුනිVeteran MemberPosts:2462 02 Jan 2017 10:54 AM මග නවතින්නේ නෑ. මම මේක හිතලා ලියන්නේ. ඉතින් නවතින්නේ කොහොමද? sha733Super Senior MemberPosts:7332 02 Jan 2017 03:47 AM හෙලෝ................................. ඒකත් ලස්සනයි වගේ මග නතර කරන්නෙ නැහැ කියල පොරොන්දු වෙන්න. කියවන්න කලින් සඳුනිVeteran MemberPosts:2462 02 Jan 2017 02:26 AM හිරුයි තරුයි. පළමු කොටස. පරිසරය පුරා පැතිරී තිබුනේ සුවදායක මද පවනකි. හිරු කෙමෙන් අවරට ළං වෙමින් තිබු නිසා හිරු රශ්මිය මැකී ගොස් සහන් එළියක් රැදී තිබුණි. ‘‘සදනී.... සදනී... සදනියෝ.... සදෝ...‘‘ ඒ මගේ හොදම මිතුරා ගගනගේ හඩයි. මම උන්නේ අඹ ගසේ අත්තක් මත හිදගෙන ඔහු ඈත තියාම එනු මම දුටුවෙමි. අඹ ගසේ වටේට විහිදුණු අතු වට්ටියක් සේ පහළට නැවී තිබු නිසා මම ගස මත සිටින බව ඔහුට නොපෙනුනි. ‘‘සදෝ.‘‘ ‘‘ආ මේ ගගන ළමයනේ.‘‘ ‘‘සෙව්වන්දී ටීචර් කෝ සදනී.‘‘ ‘‘ඔය කොහෙ හරි ගහක් උඩ හරි ගලක් උඩ හරි ඇති. දන්නවනේ ඉතින් ඒ ළමයගේ වැඩ ගැන.‘‘ ඔහු මගේ මෑණියන්ට සෙව්වදී ටීචර් ලෙස අමතනු ලබන්නේ ඇය ගමේ පාසලේ ගුරුවරියක්ව සේවය කරන නිසාවෙනී. මමත් ඔහුත් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන් ලැබුවේ ගමේ පාසලේ වෙමු. අපි දෙදෙනා පමනක් නොව අපේ මිතුරු සංගමයේ තවත් මිතුරු මිතුරියන් සහදෙනෙකි. අපි දෙදෙනාද සමග අට දෙනෙක් වෙමු. ‘‘මම එනගමන් සදනී වත්ත පහළ ඉන්නවද කියලා බලන් ආවේ. සෙව්වන්දී ටිචර් මට මගෑරෙන්න ඇති. මම ආයි බලන්නම්.‘‘ ‘‘ඇයි මේ පුතා හදිස්සියකටද?.‘‘ ‘‘අනේ නෑ සෙව්වන්දී ටිචර් මම නිකමට ආවේ.‘‘ ‘‘හරි පුතේ එහෙනම් පොඩ්ඩක් බලන්න . මමත් මේ දැන් ටිකකට කලින් ස්කොලේ ඉදන් ආවේ. කෙල්ලෝ හිටියට වැඩක් නෑනේ. රිලව් වගේ කැලෑ පයින්න විතරනේ කල්පනාව.‘‘ අම්මා වට පිට බලමින් මට එලෙස දොස් පැවරුවාය. අම්මාට සිටින්නේ මා පමණය. මීට වසර තුනකට ඉහතදී රිය අනතුරකින් අප්පච්චී අන්තරා වුවේය. මාද මරණය අභියසටම ගොස් නැවත පන ලැබුවේ දවස් දහයක්ම සිහිසුන්ව සිටීමෙන් පසුවය. ඒ අනතුරින් පසු මම පාරේ පා ගමනින් යාමටද බිය විමි. මන්ද තවත් මාස තුනක්ම මම එක් තැන්ව හුන්නේ කකුළක් තුන්පොළකින් බිදි යාම නිසායි. මා එලෙස වේදනා විදි කාලයේ අපට සිටි එකම හයිය ගගත් ඔහුගේ නිවසෙහි පිරිසත්ය. අපේ නිවසට තවත් නිවෙස් කීපයක් එහායින් පැවතී ගගනගේ නිවැසියන් අපි ළගින්ම ඇසුරු කලෙමු. අම්මා ගෙට පිය නැගු පසු ගගන මා සිටි අඹ ගස යටට පැමිණ හොදිසියෙන් අවට පිරිස්සන්නට වුවේය. ඇත්තට මේ මෝඩයට මම ගහේ ඇති කියලා නිකමටවත් හිතෙන්නේ නැති හැටි. මම සිතින් නොක්කාඩු කිව්වෙමි. මම අඹ ගසට නැගුනේ පැසෙමින් තිබු අඹ කෑමට ලුණ ටිකක් කොළයක ඔතා සාක්කුවේ රුවා ගෙනය. ඉන් පසු ගසෙන බිමිය නොබට මම, ගසේ අත්තක් මතම හිදගෙන අඹ ගෙඩි කීපයක්ම කෑවේ සැහැල්ලුවෙනී. පවුලේ එකම දරුවා වු මම හිතුවක්කාර දගකාර චරිතයක් යැයි මම සිතමි. නිතර සතුටින් සිටීමට කැමති මම අන් අයට විහිළු කර අන් අයගේ කේන්ති ඇවිස්සුවෙමි. ‘‘ස්ස්ස්ස්ස්.....ස්ස්ස්ස්.... ස්ස්ස්‘‘ මම අඹ ගසේ අත්ත මත හිදගෙනම ගගනට අඹ පොතු වලින් ගැසුවෙමි. එවර ඔහු මා සිටිනා තැන දුටුවේය. ‘‘සදෝ උබ වැටෙයි යකෝ.‘‘ ‘‘පිස්සුද බං මම හැමදාම නගින එකනේ.‘‘ ‘‘ඒ වුණාට කකුළක් වත් ලිස්සුවොත් එහෙම.‘‘ ‘‘එහෙම වෙන්නේ කොහොමද බන්..‘‘ ගගන එලෙස බිය වුයේ මම වෙනදාට වඩා ඉහල අත්තකට නැගසිටි නිසාය. ‘‘උබ කොහොමද ඔය ගහට නැග්ගේ. මේ ගහ බදන්නත් බැරි තරම් මහතයිනේ.‘‘ ‘‘කොහොම හරි නැග්ගනේ හි හි.‘‘ මම ආඩම්බරයෙන් සිනා සෙමින් අඹ අත්ත මත හාන්සි විමි. ‘‘සදා වරෙන්කෝ බිමට මම මේ දෙයක් අහන්න ආවේ.‘‘ ‘‘බිමට බහින්න හිහි හි.‘‘ ‘‘ඔව් ඇයි.‘‘ ‘‘උලම වගේ උඩ බලන් ඉද්දී මම කොහොම බහින්නද මේ සායත් ඇදන් හී.‘‘ එවර ගගනගේ මුවෙත් සිනහවක් ඇදුනේ මම කිවු කතාව වැඩහුන නිසා විය යුතුය. ‘‘බැහැලා එනවා මම යනවා ගෙවල් පැත්තට. මටත් අඹ ගෙඩියක් කඩන් එනවා.‘‘ ‘‘ඔහොම ඉන්නවා පොඩ්ඩක්.‘‘ මම අසල අත්තේ තිබු අඹ පොකුරෙන් පැසුණු ගෙඩියක් කඩා ඔහු දෙසට විසි කලෙමි. අත්තේ ඉදගෙනම තවත් ගෙඩි කීපයක්ම කඩා විසි කළ මම බහින්නට සැරසුනෙමි. ‘‘ අපො ඔහෙම ඉන්නවා මට කලන්තේ හැදෙයි. කොල්ලෝ වගේ ගස් නගිනවා මෙතන. එක්කෝ කලිසමක් ඇදන් නගින්න ඔනේ. ‘‘ මම හැද වුන් ළා දුබුරු පැහැයට හුරු අම්මාගේ දිග සායටත්, අත් දිග කළු බැනියමටත් මැසිවිලි නගමින් ඔහු නිවස දෙසට පිය නගන්නට වුවේය. අඹ ගසට නැග ගත් ආකාරයෙන්ම අත්ත අගිස්සට ඉහළ අතු වල ආදරයෙන් පැමිණි මම අසල වු පුවක් ගහ දිගේ රූටා බිම බැස්සෙමි. ‘‘ගගනයෝ ඔහෙම හිටපන්කෝ.‘‘ ‘‘ඔය ඉක්මණට බැස්සද?.‘‘ පුදුමයෙන් ඇස් විසල් කර ගත් ඔහු ආපසු ඇරී විමසුවේය. ‘‘හ්ම් හ්ම් වැඩ කාරයට බොරු බෑ කියනවනේ.‘‘ තවත් නොයෙකුත් දේ දෙඩවමින් මම ඔහුත් සටග නිවස දෙසට ආවේ දගකාර ලෙස ඔහුගේ කේන්ති අවුස්සමින්ය. මගේ හැටි හොදන්ම දන්නා ඔහු මට බොරුවට කෑ ගැසුවත් මගේ වැඩ වලින් ඔහුට කේන්ති නොගියේය. ‘‘මේ සදා මම ආවේ අර ඇප්ලිකේශන් දාපු ජොබ් එකෙන් ඉන්ටවීව් කෝල් කලාද අහන්න. මට අද ලිව්ම ආවා.‘‘ ‘‘එහෙමද . මම තේරිලා නැතුව ඇති බං. මම ආවේ නෑ තව. කවද්ද යන්න තියෙන්නේ.‘‘ ‘‘සදුදා‘‘ ‘‘ඕ තව සතියක් තියේ නේද?‘‘ ‘‘ඔව් ඔව්. උබටත් හෙට අනිද්දට එයි. අපි බලමුකෝ.‘‘ ‘‘හ්ම්ම්ම්ම්‘‘ මට තරමක කනස්සලු ගතියක් දැනුනී. උසස් පෙළ අවසන් කර ප්‍රතිපල එනතුරු බලා හුන් මම රැකියාවකට ඉල්ලුම් පත් යොමු කළේ අම්මාට තවත් බරක් විය නොහැකි නිසා වෙමි. බරක් පතලක් නොමැති කිරිල්ලියක මෙන් සිටීමට උත්සහ කරන මා හට අම්මාගේ වේදනාව හොදින්ම දැනෙයි. මම ඉහළට ඉගෙන ගන්නවා දැකීමට ඇය ඉතා කැමති බව මම දනිමි. නමුත් මගේ වියදම් මම ම දරා ගනිමින් තවත් ඉදිරියට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගැනීමට මම තීරණය කලෙමි. ‘‘මොකද බස්සියේ.හ්හ්ම්ම්ම් ගාන්නේ. ඕනි ඉතිං මුඩ් ගහ ගත්තා . ලිව්ම හෙට එයි දුක් නොවී ඉන්නවා.‘‘ ‘‘හ්ම්ම්ම්ම්‘‘ ‘‘ආයි... හ්ම්.. මේ ගස් නගින බව නම් ඉන්ටව් බොර්ඩ් එකට දැන ගන්න දෙන්න එපා ඈ.‘‘ ‘‘ඒ...... ඇයි.‘‘ ‘‘ඔයාව පොල් කඩන රස්සාවට තෝර ගනී.‘‘ ‘‘අනේ යනවා යන්න.‘‘ මම ගගන පිටු පස දුවගෙන ගියේ සෙල්ලටයි. මම දුකින් සිටින සෑම විටම මා සනසන්ට ක්‍රමයක් ඔහු ළග විය. සහෝදර සහෝදරියන් නැති මා හට එකම සොහොයුරා ඔහු බව මගේ හිතට තදින්ම දැනුන කරුණකී. මගේ මෑණියන්ද ගගට සැලකුවේ ඇයගේම දරුවෙකුට මෙන් වුවාය. ‘‘ ළමයෝ මොකද ඔය කරන්නේ.‘‘ මම ගගනයේ පිටි පසින් දුව ගොස් බැනියමෙන් ඇද අල්ලා ගනිද්දී අම්මා දොර අභියස සිට කෑ ගැසුවාය. ‘‘මේ ළමය නම් මොන විදියට හැදෙන ළමෙක්ද මන්දා. දැන් ඔයා පුංචී ළමයෙක් නෙමෙයි දුවේ. ගෑණු ළමයෙක් වගේ පොඩ්ඩක් තැම්පත් වෙලා ඉන්න පුරුදු වෙන්න.‘‘ ‘‘ඒක තමා සෙව්වන්දි ටිචර් මමත් මේ කිව්වේ.‘‘ ‘‘මොකද්ද?.‘‘ මම අත්දෙකෙන්ම නොරිදෙන්නට ගගනගේ පිට මැදට පහර දීගෙන ගියේ සිනා සෙමෙන් විමි. ‘‘දු මෙහෙ එන්න නේද කිව්වේ.‘‘ මම ගගනට විරිත්තා අම්මා ළගට දිව ආවෙමි. අම්මාගෙන් දඩුවම් ලැබුනේ මටය. කණක් රත් වෙන්නට මිරිකු ඇය මට රැව්වාය. අවුරුදු දහඅට විය පසු කරමින් සිටි මම තවත් අම්මාගේ සුරතලිය විමි. ‘‘හරි හරි සෙව්වන්දී ටිචර් .අපි දෙන්නා විහිළුවට රණ්ඩු වුණේ.‘‘ ‘‘මම තේ ටිකක් හදන් එන්නම්කෝ දෙන්නටම.‘‘ අම්මා සිනාසෙමින් ගේ තුලට පිවිසියේ, ඕනෑම අවස්ථාවකදී මාව බේරා ගන්නට ගගන ඉදිරිපත් වන බව දන්නා නිදා විය යුතුය. එවර මම නිවස ඉදිරිපස වු වැරුන්ඩාවේ බැම්ම උඩ වාඩි ගත්තෙමි. අපට තිබුනේ පරම්පරාවෙන් පැවත එන පරණ තාලයේ ඔළු හෙවිළි කළ නිවසකි. ‘‘දූ ඔයාගේ පොන් එක කෑ ගහනවා.‘‘ නැවත හමු වෙමු. සිතුවිලි ගැලපුම සඳු. සඳුනිVeteran MemberPosts:2462 02 Jan 2017 02:22 AM indika76Most Senior MemberPosts:10467 01 Jan 2017 11:06 PM කතාව කණ්ඩායම් දෙකක් තියෙනවා කියන්නේ කඩු ෆයිට් සහිත ත්‍රාසජනක සටන් තියෙනවා වගේ... samanthaMost Senior MemberPosts:13196 01 Jan 2017 08:57 PM නව වසරට අළුත් කථාවක්.. chamaramindMost Senior MemberPosts:13471 01 Jan 2017 03:55 AM පට්ටනේ... sha733Super Senior MemberPosts:7332 31 Dec 2016 11:06 PM පටන් ගැන්මම ලස්සනයි සඳුනිVeteran MemberPosts:2462 31 Dec 2016 05:28 PM හිරුයි තරුයි. මෙන්න නව වසරේ මගෙන් ඔයාලට ලබෙන තෑග්ග. සදනී නෙතුෂිකා දේවින්දී. මම සදනී ලස්සන්යිද මගේ නම්.සුභ නව වසරක්. එළකිරි වසරක් ඈ. ඉතින් අද ඉදන් මම ඔයාල එක්ක මගේ දුක සැප බෙදා ගන්න එන්න හදන්නේ. මම මේ උසස් පෙළ කරලා රිසාල්ට් එකන් බලන් ඉන්නවා අනේ. මම යාළුවෙක් කරන් බලන්නකෝ. මම හොදටම දගයි හොදේ. මගේ එකම යාළුවා,සහෝදරයා, මගේ ඇනේ කවුද දන්නවද? ගගන. අපි දෙන්නා එකම ස්කෝලේ ට ගියේ. ගගනයා ඉන්නේ අල්ලපු වැටේ මට බොක්ක ඉතින්. කියලා වැඩක් නෑ. කෙල්ලන්ටත් වඩා පිට්. ගගන රුක්ෂාන් සිරිතිලක. හායි මම ගගන .කෙහොමද ඔයාලට. ඔව් ඔව් සදා මගේත් බොක්ක තමා. රහසක් කියන්නද?. එයා ඔය බොක්ක කිව්වට මට නම් එයා මගේ හදවත. කියා ගන්න බැරුව ඉන්නේ. අළුත් අවුරුද්දේ සෙට් කරලා දෙන්නකෝ. හිනා වෙවී බලන් ඉන්නේ. මොකෙක් හරි හාදයෙක් අපි දෙන්නා මැද්දට ආවොත්...... සොරි සොරි අද පළවෙනිදා නේ. සුභ අළුත් අවුරුද්දක් වේවා. ඉක්මටම ඔයාලගේ ආදරේ ඔයාළට ලැබෙන්න කියලා පතනවා. මම වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරන්න. දිනිදු රශ්මික ජයතුංග. අපිව හදුන්වා ලා දෙන්න අය නෑ ඉතින්. අපිට තාම හදවත වුන කෙල්ලෝ නෑනේ. ඒත් කොල්ලෙක් නම් ඉන්නවා. මගේ පණ ...පටට් ප්‍රෙඩා තරූ. මම කතාවට එන්න ටික දවසක් යාවී. සුභ නව වසරක් වස්තුලා. උම්මා. බුදු සරණයි. තරූෂ නිර්මාල් මම තමයි දිනා ගේ පට්ට ප්‍රෙඩා. ආදරෙයි අහස තරම්..... නෑ නෑ... පොළව තරම්.... හ්හ්ම්ම්ම් ඒ දෙකම තරම්. මමත් කතාවට සෙට් වෙන්නම් දිනා එක්කම. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක්. ඔන්න යාළුවනේ මම නම් සදුනී හොදේ. අළුත් කතාවේ ප්‍රධාන චරිත ටික අදුර ගත්තනේ.. තව ඉන්නවා සදනීගෙයි ගගනගෙයි පංතියේ යාළුවො සෙට් එක කුෂා, බට්ටී, බතලී, පැටී, රෝසී, බැලැකී. එහෙන්ම් අළුත් කතාවත් එක්ක සෙට් වෙන්න මේ සෙට් එකත් එක්ක සෙටි වෙන්න කැමති නම්. සතුට සැනසීම හා නිරෝගී සුවය පිරි සුභ නව වසරකට ආසිරි. බුදු සරණයි. සිතුවිලි ගැළපුම සදු. සඳුනිVeteran MemberPosts:2462 31 Dec 2016 05:19 PM සඳුනිVeteran MemberPosts:2462 31 Dec 2016 05:18 PM හිරුයි තරුයි. ‘‘හිරු සදුට අහිමි නම් එක අහස තරුනක් දිලිහුනේ කෙලෙසින්ද දවල් කල...‘‘