You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2017 12:16 AM by  සඳුනි
හිරුයි තරුයි
 200 Replies
Sort:
Page 7 of 11 << < 56789 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2017 02:01 AM
  •  Quote
  •  Reply
සුන්දර විදියට ගලාගෙන යනවා අතරමග කඩාකප්පල් කරන්නනං එපා.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 04:30 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 04:32 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිහතවන කොටස.

අපේ ආදරයට දෙපාර්ශවයෙන්ම ආශිර්වදය නිතැතින් ලැබී තිබු නිසා අපිට කිසිම බාධාවක් නොවීය.

ගගන  දකින්නටවත් නොලැබෙන නිසාත් .. ඔහු ගැන දිනෙන් දින දැන ගන්නට ලැබෙන දේවල් නිසාත් නිරායාසයෙන්ම ඔහු මගේ ජීවිතයෙන් ඈත් වී තිබුණි.. අනුහස් සර්ගේ කාර් එක දැන් වැඩි  පුරම පාවිච්චී කරන්නේ දිනුදු විසින්ය. මම හවසට ගෙදර ඇරලන්න.. නිතර දෙවේලේ දහවල් ආහාරය සදහා එළියට යන්න.. මාව ඔහුගේ අම්මා බලන්න එක්ක යන්න නිතරම ඔහුට කාර් එක අවැසි වි තිබුණි. අනුහස් සර්ගේ අදහස වී තිබුනේ කාර් එකකුත් ගත්තානම් නරකද යනුවෙනී.

 දිනිදුගේ ව්‍යාපාරය දිනෙන් දින දිවුණුව කරා පියමනිමින් තිබේ.. හොද ලාභයක් ඉපයූ ඔහු පහසුවෙන්ම ණය වාරික ගෙව්වේය. මගේ ඉල්ලීම පරිදි ගිණුමක මාසිකව මුදලක් තැම්පත් කිරීමද ඔහු ආසාවෙන් ඉටු කලේය. එය හවුල් ගිනුමක් වීම මට තවත් පුදුමයට හේතුවක් විය. ඔහු මා වෙනුවෙන් හිතන තරම මට ම අදහා ගත නොහැකි තරම්ය.

   එක් විවේකී සෙනසුරාදා දිනයකී.. සෙනසුරාදා දින දිනිදු සිටියේ අපේ නිවසේය. නැතිනම් මම ඔහුගේ නිවසේය. එනිසාම මම සුපුරුදු ලෙස මග බලා වුන්නේමී. කෝ මේ දිනිදු අයියා.. තාම නෑනේ.. දහයටත් කිට්ටුයි... ඉන් සුළු මොහොතකට පසු මග බලා වුන් මගේ නෙත් සනසමින් අනුහස් සර්ගේ කාර් එක නිවස ඉදිරිපිට නතර විය. මම ඔහු අසලට දුවගෙන ගියෙමී.

‘‘මොකද මැට්ටෝ පරක්කු.‘‘ කාර් එකෙන් බැස හරියට හිට ගන්නවත් ඉඩ නොදුන් මම මිට මොලවා ගත් දෑත් ඔහුගේ පපුව මත රදවගෙන නතර වුනෙමී. ඇත්තම සිදුවීම ඔහු පමා වන විට ඔහුට අනතුරක් වීදැයි මගේ සිත තිළ දැවටුන සිතුවිල්ල නිසාය.

‘‘මොකද මැට්ටී.. මූණත් බෙරි කරන්.‘‘ මාව එලෙස ඔහුගේ පපුවට තුරුළු කර ගනිමින් ඔහු විමසුවේය. මද වෙලාවක් ඔහුගේ උණුසුමේම ගුලී වී සිටි මම ‘‘යමු ඇතුළට .‘‘ යැයි පවසා ඔහුගේ අතකින් ඇදගෙන නිවස දෙසට පිය නැගුවෙමි.

‘‘කියන්නකෝ පැටියෝ දුකින් ඉන්නේ ඇයි.‘‘

‘‘ඒක දැන් ඉවරයිනේ මගේ අයියේ.‘‘ මම ඔහු අසලින්ම වාඩී වෙමින් පැවසුවෙමී.

‘‘කියන්න.. මට දැන ගන්න ඕනේ.‘‘

‘‘දැන ගන්නම ඕනෙද?‘‘ මම ඔහුගේ පැත්තට හැරී මුහුණට එබුනෙමී.ඔහු වෙනුවෙන් උපන් ආදරයෙන් හදට සිවුම් වේදනාවක් දැනෙද්දී මම ඔහුගේ දෑත මගේ දෑතට සිර කර අල්ලා ගත්තෙමි.

‘‘ඇයි රත්තරන්... ඔයා අද අමුතු..‘‘ඇස් දෙක හීන් කරලා පුදුමයෙන් ඔහු මා දෙස බැලුවේය.

‘‘අමුතු නෑ.. මගේ අයියේ  .. මට බය හිතුණා ඔයා පරක්කු වෙද්දී..‘‘

‘‘ඒතරම් මට ආදරෙයිද?‘‘ ඔහුගේ දෑත ආදරයෙන් මගේ පපුවට තුරුළු කර ගත් මම නිහඩව අවශ්‍ය පිළිතුර දැනෙන්නට ඉඩ හැරියෙමී.

‘‘මම මැරුනොත්....‘‘

‘‘ස්ස්ස්ස්ස්...‘‘ ක්ෂණිකවම මගේ දබරගිල්ල දිනිදුගේ දෙතොල මත නතර විය.‘‘

‘‘හරි හරි මගේ වස්තූ..‘‘ ඔහු මගේ පිට අත්ල මත උණුසුම් හාදවක් තබා ආදරයෙන් තුරුළු කර ගත්තේය. ඔහුගේ ආදරය විදින්නට කැමති වු මමත් ආසාවෙන් ඔහුගේ පපුවට තුරුළු වුණෙමී.

‘‘අම්මා කෝ සදා.‘‘ දිනිදු මගේ දෙනෙතට එබෙමින් විමසුවේය. ඔහුගේ පපුවෙන් ඉවත් නොවු මම එලෙසින්ම ඔහු දෙස බලා සිනා සුනෙමී.

‘‘මොකද මැට්ටී..‘‘

‘‘ඇදුමක් මහනවා මැට්ටෝ..‘‘ මම ඔහුගේ කොපුලක් ආදරයෙන් පිරිමැද්දෙමී.

‘‘මොකද අද කෙල්ල මට... මේ තරම් ආදරේ.. පෙන්නන්නේ.‘‘ ඔහු මා තවත් තද කර තුරුළු කරගෙන විමුසුවේය.

‘‘ආනේ මෝඩයා... මම තරහයි.. ‘‘ මම ඔහුගේ තුරුලෙන් මිදී නිවසස තුළට දිව ගියෙමී.දිනිදු ආ බව අම්මාට පැවසූ මම කෙලින්ම මුළුතැන් ගෙට පිවිසුනේ මගේ අතින්ම කිරි එකක් ඔහුට සදා දීමේ අරමුනෙණි.

      නොදැනීම මාස හයක් ගත විය.ඒ සතුට සැමරීමට දිනිදුට අවශ්‍ය වූ නිසා අපි දහවල් ආහාරය ගැනීම සදහා පිටතට ගියෙමු.. වරුවක නිවාඩුවක් රැගෙන ගිය මම සැදෑ කාලය ඔහු සමග ගත කෙරුවෙමි.. දවල් ආහාරයෙන් පසු ඔහුගේ අදහස වුවේ මුහුදු වෙරළට යාමටයි.. ඔහුගේ කැමැත්තට එකග වූ මම ඔහු සමග මුහුදු වෙරළට ගියෙමී. මුහුද පෙනෙන මානයේ බැම්මක් මත හිද ගත් අපි හිරු සයුරේ කිමිදෙන තුරු බලා සිටියෙමු.. මගේ බද වටා අතක් යවා ගත් ඔහු නොනවත්වා කියවන්නට විය. මම උන්නේ ඔහුගේ උරතලයේ හිස හොවාගෙන ඔහු කිය දේට හුමිටි තබමින් වෙමී..

‘‘සදා.. පොඩී වැඩක් කරමුද?.‘‘ ඔහු හදිසියේ යමක් සිහි ගැන්වුන අයුරින් විමසුවේය.

‘‘මොකද්ද දිනිදු අයියේ.. ‘‘ මුහුදු සුළග සමග රණ්ඩු කරමින් විසිර යන කෙහෙරැලී සකසමින් මම විමසුවෙමී.

‘‘අපි අද දවස මතක් වෙන්න ලස්සන පොටෝ එකක් අරන් සුද්ද කරමු..‘‘

‘‘නියම වැඩක්..  නියමයි.. ‘‘මම ඊට ඉතා කැමත්තෙන් සතුටින් ඉපිල ගියෙමී.‘‘

‘‘කෝ එන්නකෝ .. ‘‘ ඔහු මා හා ළං වී දුරකථනයෙන් චායාරූප කීපයක්ම ගත්තේය.

‘‘මෙහෙම අරන් හරියන්නේ නෑ.. පොඩ්ඩක් ඉන්නකෝ.. .‘‘ දිනිදු අයියා වලපිට බලමින් පැවසුවේය.

‘‘මොනවද හොයන්නේ..‘‘

‘‘පොඩ්ඩක් ඉන්නකෝ..‘‘ ඔහු මොනවදො සොයන්නට මෙන් හුන් තැනින් නැගිට වට පිට බලයි.

‘‘අයියේ පොඩි උදව්වක් කරනවද?‘‘ අපිට මදක් එහාට වන්නට වන්න තවත් යුවලකට අමතරමින් ඔහු විමසුවේය. ඔහු චායාරූප ගන්නට උදව්වට කෙනෙක් සෙවු බව මට වැටහුණි. දිනිදු අයියට නම් පිස්සු මම සිතුවෙමී.

ඔහුන්ගේ සහය ඇතිව අපි චායා රූප කීපයක්ම අගත්තෙමු.. ඇදිරි වැටෙන තුරුම මුහුදු වෙරළේ දොඩමළු වීසිටි අපි නිවෙස් බලා ඒමට පිටත් වුනෙමු.. අනුහස් සර්ගේ කාර් එක අදත් තිබුණ නිසා ටිකක් අදුර වැටෙන තුරුම ඉන්න මම අකමැත්තක් නොපෑවෙමී. කාර් එකේ ඉදිරි දොර හැර මාට නගින්නට සැලැසූ ඔහු අනෙක් පසින් කාර් එකට නැගුනේය..

‘‘සදා... මගේ කෙල්ලේ..‘‘ ඔහු කාර් එක තුළ වු මද අදුරේ මගෙන් විමසන්න යන්නේ කුමක් දැයි මම නෙත් අයාගෙන බලා වුනෙමී.

‘‘අඩුවක් දැනෙන්නේ නැද්ද?..‘‘

‘‘අඩුවක්.. ඒ මොකද්ද?.. ‘‘ මම උරහිස් හකුළුවමින් සැහිල්ලුවෙන් අඩුවක් නොදැනුන බව ඇගෙව්වෙමී.

‘‘මේක බලන්න..‘‘ ඔහු කාර් එක තුළ තිබූ පුංචී කවරයකට දැමු පාර්සයක් මා අත තැබීය.

‘‘අනේ .. ඔයා හරි නරකයි... මම මොකුත් දුන්නේ නෑනේ..‘‘ මම මුහුණ දුකෙන් පුරවාගෙන පැවසුවෙමි.. අපි අද දිනය සමරන බව ඔහු මට කලින් නොපැවසු නිසාත්.. ඔහුට මේ දිනය මතක ඇති කියා වත් මම නොසිතු නිසාත් ,අද දිනය සදහා මම සුදානමක් නොවුවෙමී.

‘‘ඒකට කමක් නෑ රත්තරං ඕක බලන්නකෝ.. ‘‘ ඔහු මගේ හිස ආදරයෙන් පිරි මදිද්දී මම ඔහුගේ ඇගට වාරු වුනෙමී. ඔහු දුන් පාර්සලය මම හිමින් දිග හැරියෙමී.. රතුපාට පෙට්ටියක් තුළ තිබුනේ රන් මාලයකී.එහී.එස් අකුර සහ ඩී අකුර එකට පැටළු මාල පෙත්තක්ද විය. එහි දම් පැහැ මැණීක් කැට කිහිපයක්ද සිත් ඇද ගන්නා සුළු අයුරින් ඔබ්බවා තිබුණි.

‘‘චේන් එකක්.. මට.. අනේ..‘‘ මම පුදුමයෙන් යුතුව ඔහු දෙස හිස ඔසවා බැලුවෙමී.

‘‘ඇයි ආස නැද්ද ? ‘‘

‘‘මේ තරම් වටින තෑග්ගක්..‘‘ මම නැවත් විමසුවෙමී.

‘‘ ඇයි.... ඔයා තරම් මේ කිසිම දෙයක් මට වටිනේනේ නෑ.. ‘‘ ඉබේටම මගේ දෙනෙතට කදුළු වුනන්න විය..

‘‘ඔයා නිසා තමයි මම අද මෙතන ඉන්නේ රත්තරං.. ඔයා නිසා තමයි මේ හැමදේම.. අද අපේ බිස්නස් එකටත් මාස හයයි.. මම මහන්සියෙන් හම්බකරපු සල්ලී වලින්මයි ... මම මේක ඔයාට හැදුවේ..‘‘

‘‘ලස්සනයි.. මගේ අයියේ.. අනේ ඒත්.. ඔහොම කතා කරන්න එපා.‘‘ දෙනෙතට නැගුණු කදුළු ඔහුගේ කමිසයට උරා ගන්න ඉඩ දුන් මම ඔහුගේ උණුසුම් පපුව මත මුහුණ හොවා ගත්තෙමී. මුල්ම වරට ඔහුගේ හදවත ගැහැන රාවය මම අසා සිටියෙමී. ඔහුගේ ළය මත උණූහුම විදමින් මම සිතුවේ.. මගේ හදවත  ගැහෙන තුරා ඔබගේ නමින්ම ජීවත් වන බවයි.

 

   සෑම සතුටක් පිටුපසම හඹා ආ දුකක් ද විය. එනම් ගගනය.. ගගන ඔයා මට රිද්දද්දී.. මගේ හිත සැනසුවේ දිනිදු අයියා.. ඔයා වෙනස් වෙද්දී.. ඒ දුක මට දරා ගන්න රුකුල් දුන්නේ දිනිදු අයියා... ඔයා මගේ ජිවතෙන් ගිය එක හොදයි.. ඔයාට ගොඩක් පින් මගේ ජීවිතෙන් ගියාට.. ඔයා ගිය නිසා තමා.. මේ තරම් වටිනා හදවතක් මට ලැබුණේ.. මම ඔයාට දුන්න දේවල් වලට වඩා මට ඔයාගෙන් ලැබුණ දේවල් වැඩී මගේ රත්තරං.. දැන් ගගනව මතක් කරලා ඔයාගේ හිත චුට්ටක් වත් රිදෙනවා දකින්න මම ආස නෑ.. එයා නිසා කඩන් වැටුන මගේ ආත්මයම ගොඩ ගත්තේ ඔයා.. ඒ පින හැමදාමත් ඔයාට තියෙයි.. අද මම හිනා වෙන්නේ ඔයා නිසා..  ඔයාට හුගක් පින් මගේ අයියේ.

‘‘මොනාද මගේ කෙල්ල කල්පනා කරන්නේ... හ්හ්හ්ම්ම්.. අපි අද ගෙදර යන්නේ නැද්ද?. මට මෙහෙම තුරුල් වෙලා ඉන්නද කල්පනාව දිගටම.‘‘ ඔහු එසේ පවසද්දී මට පොඩී ලැජ්ජාවක්ද දැනුනී.. එනිසාම මම තවත් මුහුණ හංගාගෙන වුන්නෙමී.

‘‘දිනිදු අයියේ..  ඔයා ඇත්තටම මට අදරෙයි නේද?...‘‘

‘‘ඔව් රත්තරං .. ඇයි එහෙම අහන්නේ.. ඔයාට මාව විශ්වාස නැද්ද?.‘‘ ඔහු මගේ මුහුණ ඔහුගේ දොතට මැදි කර ගෙන දෙදෙතට එබෙමින් විමසුවේය. අවට වූ වීදී ලාම්පුවේ මද ආලෝකයෙන් ඔහුගේ මුහුණ හරිම සුන්දරව දකින්න මට හැකි විය.. මම ආදරයෙන් ඔහු දෙස බලා සිටියෙමී.. මගේ දෙනෙතේම රැදී වුන් ඔහු කුළුදුල් හාදුව මගේ නනල මත තැබුවේය. ඒ උණූසුමත් ලැජ්ජාවත් ගත පුරා විහිද යද්දී, මම නැවතත් ආදරයෙන් ඔහුව වැළද ගත්තෙමී.

‘‘ කෝ රත්තරන්.. අපි යමු දැන්.. ඔයාලගේ අම්මා බය වෙලා ඇති..‘‘

‘‘යමු අයියේ..‘‘ මම ඔහු තිළිණ කළ රන් මාලය මගේ අතේ ගුළි කර ගනිමින් ආසන පටි පැලද ගත්තෙමී.

‘‘හරි නරකයි... පණ.. ඔයා.‘‘

‘‘ඇයි මගේ අයියේ.‘‘ මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමී.

‘‘කෝ චේන් එක කරට දාලා මට පෙන්නන්නේ නෑනේ?.‘‘  පිස්සු කොල්ලෙක් මම එසේ සිතමින් රන් මාලය ගෙලට දා ගන්නට උත්තහ ගත්තෙමී.

‘‘කෝ එන්න මැට්ටී උදවු කරන්න.‘‘ ඔහු මා දෙසට නැඹුරු වී රන් මාලය ගෙළට දමා ගාංචුව තද කලේය.

‘‘ලස්සනයි මැට්ටී....‘‘ ඔහු මා දෙස බලා පවසද්දී මම  සිනාසුනෙමී.කාර් එක පණ ගන්වා නිවෙස් බලා යාමට අපි පිටත් වුනෙමු. වෙනදාට වඩා පරක්කූ වී තිබු නිසා අම්මා පාරය පැමිණ සිටියාය. ඇයද කාර් එකට නංවා ගත් ඔහු අපි දෙදෙනාම නිවස ඉදිරිපිටටම ඇරලවා පිටව ගියේය.

‘‘මොකද දූ පරක්කූ.‘‘ අම්මා නිවස ගොඩ වෙන්නට පෙර විමසන්න වුවාය.

‘‘අම්මා දැක්කද?.‘‘ මම සිනා සෙමින් ගෙල සැරසූ රන් මාලය ඇයට පෙන්නුවෙමී. අම්මා එය අත ගා බැලුවාය.

‘‘කොහෙන්ද දූ.. ඔයා ගත්තද?,‘‘

‘‘නෑ අම්මේ දිනිදු අයියා අරන් දුන්නේ.‘‘ මම තවත් නොසගවා පැවසුවෙමී.. ඇයට මම පමා වූ හේතුව විමසීමද අමතක වී ගියාය. මා තුරුළු කර ගත් ඇය හඩන්නට විය.

‘‘ ඇයි අම්මේ අඩන්නේ.‘‘

‘‘මම කොච්චරවත් හිතුවා මගේ දූගේ කරට ලස්සන චේන් එකක් අරන් දාන්න.. කොහොමද ඉතින්.. මේ සේරම වියදම් ඉවර කළාම අතට කීයක් වත් ඉතුරු වෙන්නේ නෑනේ.‘‘

‘‘අම්මා දුක් වෙන්න එපා.. අම්මේ... මේක ලස්සනයද කියන්නකෝ.‘‘

‘‘ලස්සනයි මගේ දූ... ඔයාගේ මූනත් එක්ක පාට වැටිලා.. මගේ දූට මතකද ඔයාගේ තාත්තා ඔයා ලොකු ළමෙක් වුණ වෙලේ කරේ බැන්ද චේන් පොට. ඒක සින්න වෙලාම ගියා මගේ දූ.. තාත්තා බේර ගන්න සල්ලී හොයා ගන්න මම ඒ සේරම උගස් කලා.‘‘ ඇගේ කදුළු තවත් වේගවත් විය.

‘‘ අනේ අඩන්න එපා අම්මේ.... අම්මා දන්නවද වැඩක්... ‘‘ මම ඇය සැනසීම උත්සහ ගත්තෙමී.

‘‘මොකද්ද රත්තරං..‘‘

‘‘අදට දිනිදු අයියගේ බිස්නස් එක පටන් අරන් මාස හයක් වෙනවා.. ඉතිං ඒ සතුට සමරන්න තමා මට මේ මාලේ අරන් දුන්නේ.. දිනිදු අයියාත් හුගාක් සතුටින් අම්මේ.. එයාගේ මහන්සියෙන් හම්බකරපු සල්ලී වලින් මට මේ තෑග්ග ගත්තේ කියලා හරිම ආඩම්බරෙන් කතා කලේ.‘‘

‘‘දිනිදු පුතාට වරදින්නේ නෑ... මගේ දුගේ වාසනාව තමයි.. ඒ මිනිස්සු හරිම හොදයි.. මගේ දුවව හැමදාම ආදරෙන් බලා ගනීවී.‘‘ ඇය මගේ හිස ආදරයෙන් පිරිමදිමින් පැවසුවාය.
‘‘යමු යමු ගෙට.. බඩ ගිනිත් ඇතින්.. ඇගපත පොඩ්ඩක් හොදන් ඇදුමක් දාන් එන්න..‘‘

‘‘හා අම්මේ..‘‘ පැවසූ මම කාමරයට ගියෙමී.. කැඩපත ඉදිරිපිට නතර වුණ මම දිනිදු දුන් රන් මාලයේ හැඩ බලන්න වුනෙමී.. විදුලි බුබුලේ ආලෝකයෙන් කුඩා මැණික් ගල් දිදුලයි.. රන් මාලය අම්මා කිව් පරිද්දෙන්ම ගෙළට ගෙන දී තිබුනේ අමුතුම සිරියාවකී. හෙට සයුට පිස්සු හැදෙයි මේක දැක්කම..

  රෑ ආහාරයෙන් පසු නිදා ගැනීමට කාමරයට පැමිණි මම දිනිදුට කීප වරක් ඇමතුම් ගත්තෙමි.. දවසේ දින චර්යාවට අනුව නිදා ගැනීමට පෙර ඔහු සමග කතා කිරීම අනිවාර්ය විය. ඒක නිසාමදෝ ඔහුගේ දුරකථනය වැඩ නොකරන විට මට නින්දක් අහලකටවත් නොපැමිණීය.. මම නිකමට මුහුණු පොතට පිවිසුණෙමී. විවෘත වනවාත් සමග දැක ගන්නට ලැබුණේ..දිනිදු අයියා විසින් පල කර තිබු අපේ චායා රූප කීපයකී... ඔහු ඒ චායාරූප ගොනුව ගගනගේ ගිණුමට අමුණා තිබුණි. ගගන එයට අදහස් ද දක්වා තිබුණී.

‘‘එලම මචං.. හැමදාම සතුටින් ඉදහල්ලා.‘‘ මට දුකට වඩා දැනුනේ සතුටකී. හැදාම ඔහු මට රිද්දයි.. හිත කොණක හෝ ඔහුට මා ගැන හැගීමක් ඇත්නම් අද රිදෙන්නට ඇතැයි මම සතුටු වුනෙමී. විදුලි පහණේ ආලෝකයෙන් රන් මාලය හොදින් පෙනෙන සේ චායා රුවක් ගත් මම එය මුහුණු පොතට එක් කෙරුවෙමී.. ‘‘ කොහොමද අපේ ආදරයට මාස හයක් පිරීම නිමිත්තෙන් මගේ රත්තරං මට දුන්න තෑග්ග..‘‘ මම විශේෂයෙන් එය ගගනට ඇමුණුවෙමී.. ගගනගෙන් පලි ගන්නට මට අවශ්‍ය නොවුවත් ,මම දිනිදු සමග සතුටින් සිටින බව ඔහුට ඇගවීමට අවශ්‍ය විය.. සැබවින්ම මම සිටින්නේ දිනිදු අයියා සමග ඉතා සතුටින් වෙමී.. සංසාරයේ පතා ආ මගේ හිමිකරුවා ඔහු බව මට විශ්වාසය.

තව එක වරක් ඇමතුමක් ගෙන බලා නිදා ගන්නට මම  සිතුවේ ඔහුට කලින්ම නින්ද ගොස් ඇතැයි සිතුණු නිසා වෙමී. මම ඇමතුමක් ගත්තෙමී..

‘‘දිනිදු අයියේ... මේ මොකද?..‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
06 Feb 2017 06:01 PM
  •  Quote
  •  Reply
නිවාඩුවක් හම්බ උනු ගමන් 25,26,27 කියවනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
06 Feb 2017 10:12 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 02 Jan 2017 02:26 AM

හිරුයි තරුයි.

පළමු කොටස.

      පරිසරය පුරා පැතිරී තිබුනේ සුවදායක මද පවනකි. හිරු කෙමෙන් අවරට ළං වෙමින් තිබු නිසා හිරු

 රශ්මිය මැකී ගොස් සහන් එළියක් රැදී තිබුණි.

‘‘සදනී.... සදනී... සදනියෝ.... සදෝ...‘‘

     ඒ මගේ හොදම මිතුරා ගගනගේ හඩයි. මම උන්නේ අඹ ගසේ අත්තක් මත හිදගෙන  ඔහු ඈත

 තියාම එනු  මම දුටුවෙමි. අඹ ගසේ වටේට විහිදුණු අතු වට්ටියක් සේ පහළට නැවී තිබු නිසා මම ගස

 මත සිටින බව ඔහුට නොපෙනුනි.

‘‘සදෝ.‘‘

‘‘ආ මේ ගගන ළමයනේ.‘‘

‘‘සෙව්වන්දී ටීචර් කෝ සදනී.‘‘

‘‘ඔය කොහෙ හරි ගහක් උඩ හරි ගලක් උඩ හරි ඇති. දන්නවනේ ඉතින් ඒ ළමයගේ වැඩ ගැන.‘‘

    ඔහු මගේ මෑණියන්ට සෙව්වදී ටීචර් ලෙස අමතනු ලබන්නේ ඇය ගමේ පාසලේ ගුරුවරියක්ව සේවය

 කරන නිසාවෙනී. මමත් ඔහුත් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන් ලැබුවේ ගමේ පාසලේ වෙමු. අපි

 දෙදෙනා පමනක් නොව අපේ මිතුරු සංගමයේ තවත් මිතුරු මිතුරියන් සහදෙනෙකි. අපි දෙදෙනාද

 සමග අට දෙනෙක් වෙමු.

‘‘මම එනගමන් සදනී වත්ත පහළ ඉන්නවද කියලා බලන් ආවේ. සෙව්වන්දී ටිචර් මට මගෑරෙන්න

ඇති. මම ආයි බලන්නම්.‘‘

‘‘ඇයි මේ පුතා හදිස්සියකටද?.‘‘

‘‘අනේ නෑ සෙව්වන්දී ටිචර් මම නිකමට ආවේ.‘‘

‘‘හරි පුතේ එහෙනම් පොඩ්ඩක් බලන්න . මමත් මේ දැන් ටිකකට කලින් ස්කොලේ ඉදන් ආවේ.

 කෙල්ලෝ හිටියට වැඩක් නෑනේ. රිලව් වගේ කැලෑ පයින්න විතරනේ කල්පනාව.‘‘

     අම්මා වට පිට බලමින් මට එලෙස දොස් පැවරුවාය. අම්මාට සිටින්නේ මා පමණය. මීට වසර තුනකට

 ඉහතදී රිය අනතුරකින් අප්පච්චී අන්තරා වුවේය. මාද මරණය අභියසටම ගොස් නැවත පන ලැබුවේ

 දවස් දහයක්ම සිහිසුන්ව සිටීමෙන් පසුවය. ඒ අනතුරින් පසු මම පාරේ පා ගමනින් යාමටද බිය විමි. මන්ද

 තවත් මාස තුනක්ම මම එක් තැන්ව හුන්නේ කකුළක් තුන්පොළකින් බිදි යාම නිසායි. මා එලෙස වේදනා

 විදි කාලයේ අපට සිටි එකම හයිය ගගත් ඔහුගේ නිවසෙහි පිරිසත්ය. අපේ නිවසට තවත් නිවෙස් කීපයක්

 එහායින් පැවතී ගගනගේ නිවැසියන් අපි ළගින්ම ඇසුරු කලෙමු.

    අම්මා ගෙට පිය නැගු පසු ගගන මා සිටි අඹ ගස යටට පැමිණ හොදිසියෙන් අවට පිරිස්සන්නට වුවේය.

ඇත්තට මේ මෝඩයට මම ගහේ ඇති කියලා නිකමටවත් හිතෙන්නේ නැති හැටි. මම සිතින් නොක්කාඩු

 කිව්වෙමි. මම අඹ ගසට නැගුනේ පැසෙමින් තිබු අඹ කෑමට ලුණ ටිකක් කොළයක ඔතා සාක්කුවේ රුවා

 ගෙනය. ඉන් පසු ගසෙන බිමිය නොබට මම, ගසේ අත්තක් මතම හිදගෙන අඹ ගෙඩි කීපයක්ම කෑවේ

 සැහැල්ලුවෙනී. පවුලේ එකම දරුවා වු මම හිතුවක්කාර දගකාර චරිතයක් යැයි මම සිතමි. නිතර සතුටින්

 සිටීමට කැමති මම අන් අයට විහිළු කර අන් අයගේ කේන්ති ඇවිස්සුවෙමි.

‘‘ස්ස්ස්ස්ස්.....ස්ස්ස්ස්.... ස්ස්ස්‘‘

     මම අඹ ගසේ අත්ත මත හිදගෙනම ගගනට අඹ පොතු වලින් ගැසුවෙමි. එවර ඔහු මා සිටිනා තැන

 දුටුවේය.

‘‘සදෝ උබ වැටෙයි යකෝ.‘‘

‘‘පිස්සුද බං මම හැමදාම නගින එකනේ.‘‘

‘‘ඒ වුණාට කකුළක් වත් ලිස්සුවොත් එහෙම.‘‘

‘‘එහෙම වෙන්නේ කොහොමද බන්..‘‘

      ගගන එලෙස බිය වුයේ මම වෙනදාට වඩා ඉහල අත්තකට නැගසිටි නිසාය.

‘‘උබ කොහොමද ඔය ගහට නැග්ගේ. මේ ගහ බදන්නත් බැරි තරම් මහතයිනේ.‘‘

‘‘කොහොම හරි නැග්ගනේ හි හි.‘‘

     මම ආඩම්බරයෙන් සිනා සෙමින් අඹ අත්ත මත හාන්සි විමි.

‘‘සදා වරෙන්කෝ බිමට මම මේ දෙයක් අහන්න ආවේ.‘‘

‘‘බිමට බහින්න හිහි හි.‘‘

‘‘ඔව් ඇයි.‘‘

‘‘උලම වගේ උඩ බලන් ඉද්දී මම කොහොම බහින්නද මේ සායත් ඇදන් හී.‘‘

   එවර ගගනගේ මුවෙත් සිනහවක් ඇදුනේ මම කිවු කතාව වැඩහුන නිසා විය යුතුය.

‘‘බැහැලා එනවා මම යනවා ගෙවල් පැත්තට. මටත් අඹ ගෙඩියක් කඩන් එනවා.‘‘

‘‘ඔහොම ඉන්නවා පොඩ්ඩක්.‘‘

     මම අසල අත්තේ තිබු අඹ පොකුරෙන් පැසුණු ගෙඩියක් කඩා ඔහු දෙසට විසි කලෙමි. අත්තේ ඉදගෙනම

 තවත් ගෙඩි කීපයක්ම කඩා විසි කළ මම බහින්නට සැරසුනෙමි.

‘‘ අපො ඔහෙම ඉන්නවා මට කලන්තේ හැදෙයි. කොල්ලෝ වගේ ගස් නගිනවා මෙතන. එක්කෝ කලිසමක්

 ඇදන් නගින්න ඔනේ. ‘‘

      මම හැද වුන් ළා දුබුරු පැහැයට හුරු අම්මාගේ දිග සායටත්, අත් දිග කළු බැනියමටත් මැසිවිලි නගමින්

 ඔහු නිවස දෙසට පිය නගන්නට වුවේය. අඹ ගසට නැග ගත් ආකාරයෙන්ම අත්ත  අගිස්සට ඉහළ අතු වල

ආදරයෙන් පැමිණි මම  අසල වු පුවක් ගහ දිගේ රූටා බිම බැස්සෙමි.

‘‘ගගනයෝ ඔහෙම හිටපන්කෝ.‘‘

‘‘ඔය ඉක්මණට බැස්සද?.‘‘

    පුදුමයෙන් ඇස් විසල් කර ගත් ඔහු ආපසු ඇරී විමසුවේය.

‘‘හ්ම් හ්ම් වැඩ කාරයට බොරු බෑ කියනවනේ.‘‘

     තවත් නොයෙකුත් දේ දෙඩවමින් මම ඔහුත් සටග නිවස දෙසට ආවේ දගකාර ලෙස ඔහුගේ කේන්ති

 අවුස්සමින්ය. මගේ හැටි හොදන්ම දන්නා ඔහු මට බොරුවට කෑ ගැසුවත් මගේ වැඩ වලින් ඔහුට කේන්ති

 නොගියේය.

‘‘මේ සදා මම ආවේ අර ඇප්ලිකේශන් දාපු ජොබ් එකෙන් ඉන්ටවීව් කෝල් කලාද අහන්න. මට අද ලිව්ම

 ආවා.‘‘

‘‘එහෙමද . මම තේරිලා නැතුව ඇති බං. මම ආවේ නෑ තව. කවද්ද යන්න තියෙන්නේ.‘‘

‘‘සදුදා‘‘

‘‘ඕ තව සතියක් තියේ නේද?‘‘

‘‘ඔව් ඔව්. උබටත් හෙට අනිද්දට එයි. අපි බලමුකෝ.‘‘

‘‘හ්ම්ම්ම්ම්‘‘

     මට තරමක කනස්සලු ගතියක් දැනුනී. උසස් පෙළ අවසන් කර ප්‍රතිපල එනතුරු බලා හුන් මම රැකියාවකට

 ඉල්ලුම් පත් යොමු කළේ අම්මාට තවත් බරක් විය නොහැකි නිසා වෙමි. බරක් පතලක් නොමැති කිරිල්ලියක

 මෙන් සිටීමට උත්සහ කරන මා හට අම්මාගේ වේදනාව හොදින්ම දැනෙයි. මම ඉහළට ඉගෙන ගන්නවා 

දැකීමට ඇය ඉතා කැමති බව මම දනිමි. නමුත් මගේ වියදම් මම ම දරා ගනිමින් තවත් ඉදිරියට ඉගෙන 

ගන්නවා නම් ඉගෙන ගැනීමට මම තීරණය කලෙමි.

‘‘මොකද බස්සියේ.හ්හ්ම්ම්ම් ගාන්නේ. ඕනි ඉතිං මුඩ් ගහ ගත්තා . ලිව්ම හෙට එයි දුක් නොවී ඉන්නවා.‘‘

‘‘හ්ම්ම්ම්ම්‘‘

‘‘ආයි... හ්ම්.. මේ ගස් නගින බව නම් ඉන්ටව්  බොර්ඩ් එකට දැන ගන්න දෙන්න එපා ඈ.‘‘

‘‘ඒ...... ඇයි.‘‘

‘‘ඔයාව පොල් කඩන රස්සාවට තෝර ගනී.‘‘

‘‘අනේ යනවා යන්න.‘‘

     මම ගගන පිටු පස දුවගෙන ගියේ සෙල්ලටයි. මම දුකින් සිටින සෑම විටම මා සනසන්ට ක්‍රමයක් ඔහු 

ළග විය. සහෝදර සහෝදරියන් නැති මා හට එකම සොහොයුරා ඔහු බව මගේ හිතට තදින්ම දැනුන 

කරුණකී. මගේ මෑණියන්ද ගගට සැලකුවේ ඇයගේම දරුවෙකුට මෙන් වුවාය.

‘‘ ළමයෝ මොකද ඔය කරන්නේ.‘‘

   මම ගගනයේ පිටි පසින් දුව ගොස් බැනියමෙන් ඇද අල්ලා ගනිද්දී අම්මා දොර අභියස සිට කෑ ගැසුවාය.

‘‘මේ ළමය නම්  මොන විදියට හැදෙන ළමෙක්ද මන්දා. දැන් ඔයා පුංචී ළමයෙක් නෙමෙයි දුවේ. ගෑණු 

ළමයෙක් වගේ පොඩ්ඩක් තැම්පත් වෙලා ඉන්න පුරුදු වෙන්න.‘‘

‘‘ඒක තමා සෙව්වන්දි ටිචර් මමත් මේ කිව්වේ.‘‘

‘‘මොකද්ද?.‘‘

     මම අත්දෙකෙන්ම නොරිදෙන්නට ගගනගේ පිට මැදට පහර දීගෙන ගියේ සිනා සෙමෙන් විමි.

‘‘දු මෙහෙ එන්න නේද කිව්වේ.‘‘

     මම ගගනට විරිත්තා අම්මා ළගට දිව ආවෙමි. අම්මාගෙන් දඩුවම් ලැබුනේ මටය. කණක් රත් වෙන්නට 

මිරිකු ඇය මට රැව්වාය.  අවුරුදු දහඅට විය පසු කරමින් සිටි මම තවත් අම්මාගේ සුරතලිය විමි.

‘‘හරි හරි සෙව්වන්දී ටිචර් .අපි දෙන්නා විහිළුවට රණ්ඩු වුණේ.‘‘

 ‘‘මම තේ ටිකක් හදන් එන්නම්කෝ දෙන්නටම.‘‘

    අම්මා සිනාසෙමින් ගේ තුලට පිවිසියේ, ඕනෑම අවස්ථාවකදී මාව බේරා ගන්නට ගගන ඉදිරිපත් වන බව 

දන්නා නිදා විය යුතුය.  එවර මම නිවස ඉදිරිපස වු වැරුන්ඩාවේ බැම්ම උඩ වාඩි ගත්තෙමි.  අපට තිබුනේ

 පරම්පරාවෙන් පැවත එන පරණ තාලයේ ඔළු හෙවිළි කළ නිවසකි.

‘‘දූ ඔයාගේ පොන් එක කෑ ගහනවා.‘‘

නැවත හමු වෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

ඔන්න අද ඉදන්  මාත් මේ කතාව කියවන්න ගත්තා...හොඳ නරක පසුවට 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 01:26 AM
  •  Quote
  •  Reply
ෆිල්ම් එකක් බලනවාට වඩා දැනෙනවා මේ කථාව
හරිම ලස්සනයි. කන්නෙ බොන්නෙ නැතුව එක දිගට කොටස් 100 ක් හරි කියවන්න පුලුවන් (දානවනං)
අනිත් කොටසත් වෙලා ගන්නෙ නැතුව දෙන්න..................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 02:39 AM
  •  Quote
  •  Reply
මම කිව්වනේ පඩි සහිත ටයිප් සෙටින් පුළුවන් කෙනෙක් මෙහෙට එවන්න.. දවසට නව කතාව ගානේ දෙන්නම්..

ආත්ම කතාවක් ලියන්න අදහසක් තියේ.. මැරුනු පෙම්වතා දරුවෙක් වෙලා ඉපදෙනවා.. කොහොමද?
හිතලා බලන්නකෝ.. කෝමට තියෙද කියලා.. තාත්තට පාට් දානවා චුටි පුතා පෙර බවය මතක් වෙලා.....හි
දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
07 Feb 2017 04:43 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 07 Feb 2017 02:39 AM
මම කිව්වනේ පඩි සහිත ටයිප් සෙටින් පුළුවන් කෙනෙක් මෙහෙට එවන්න.. දවසට නව කතාව ගානේ දෙන්නම්..

ආත්ම කතාවක් ලියන්න අදහසක් තියේ.. මැරුනු පෙම්වතා දරුවෙක් වෙලා ඉපදෙනවා.. කොහොමද?
හිතලා බලන්නකෝ.. කෝමට තියෙද කියලා.. තාත්තට පාට් දානවා චුටි පුතා පෙර බවය මතක් වෙලා.....හි


එහෙම වෙන්නත් බැරි කමක් නෑ.හා...ද?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 06:26 AM
  •  Quote
  •  Reply
තාත්තට පාට් දානවද තාත්තගෙ පාට් දානවද
කොහොම නමුත් හොදට තියෙයි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 03:31 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 03:33 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිඅටවන කොටස.

‘‘ දිනිදු අයියේ ... මේ මොකද?‘‘ ඔහු කතා කරන ආකාරය වෙනස් වෙද්දී මම පුදුමයටත් බියටත් පත් වුනෙමී.

‘‘මගේ පණ... මට ..ස..මා වෙන්න.. මට.. සමාවෙන්න වස්තූ..‘‘ දිනිදු හඩහී හඩන බවක් ගැබ්ව තිබුණී..

‘‘ ඇයි මගේ අයියේ.. ඔයා ඩින්ග්ස් ගත්තාද?‘‘ මම දුකෙන් විමසුවෙමී. ඔහුගේ කතාවෙන් එලෙස හැගෙද්දී මගේ ආත්මයම ඇවිලි යනවා මෙන් මට හැගුණි.

‘‘මො..නව..ද? දිනූ.. කෙල්..ලෝ ළ..ග පීච..න් වෙන්..නේ.. අත්...තරලා.. දලා වරෙන්.. ය..කෝ මෙ..හෙට..‘‘ ඔහු අසල සිටින්නේ තරූෂ බව මම හඩින් වටහා ගත්තෙමී.. අනුහස් සර් කිව් පරිද්දෙන්ම සියල්ල කණපිට හැරී තිබුණි.. තවත් කතා කරන්නට සවියක් නොවූ මම ඉකිබිදින්න වූවෙමී..

‘‘පලයං බං.. එහාට.. මගේ මැණික අඩවා... පළයං එහාට.‘‘ තරූෂත් දිනිදුත් අනෙක් පස බහින් බස් වන අයුරු මට හොදින්ම ඇසෙන්න විය.

‘‘හරි... හරි.. උබ එහෙනම් මාව කැපුවා.. එහෙනම් මම යනවා.. උබ කෙල්ලෝ හුරතල් කර කර ම හිටපන්.‘‘ එවර තරූෂ මහ හඩින් කුමකට හෝ පහරදී , කේන්තියෙන් පිට වී යනු මට ඇසෙන්න විය.

‘‘මැණික.. මම චුට්ටකින්.. ගන්නම්.. වස්තූ.. තරුවා ..ආන් අරහේ තරහා වෙලා ගනවා.‘‘ ඇමතුම විසන්දී නොකළ ඔහු පොන් එක කොහෙට හෝ විසි කරන හඩ  මට ඇසුණි.ඉන් පසු පුටු මේස වල හැප්පෙමින් ඔහු එතනින් පිටවන හඩද ඇසෙන්නට විය. තවත් මොහොතක් දුරකථනය සවනේ රදවාගෙන සිටි මම එලෙසම ඇදේ වැතිරී හැඩුවෙමී. කදුලක් නිමා වී වැඩි කල් නොගොස්ම් දිනිදු මට කදුලක් ගෙනේවී යැයි මා සිතුවේම නැත.. අද දවසේ අපි දෙන්නා සතුටින් ගත කළ නිමේෂයන් සිහි කරමින් මම තනිවම ඇඩුවෙමී.

   ඇයි දිනිදු අයියේ ඔයා මට මෙහෙම කරන්නේ.. මගේ වැරැද්ද .. ඔව්.. ඔව්.. මගේ වැරැද්ද.. අනුහස් සර් කියන දේ මම පිළිගත්තේ නෑ.. මොකද.. මම දැන් මේකට කරන්නේ.. අනුහස් සර්ට කියන්නද?..  මම මොකද්ද කරන්නේ.. ඇයි දිනිදු අයියේ මට මේ තරම් ආදරේ දීලා මේ විදියට රිදවන්නේ.. මම හඩමින් තවත් ඇමතුම් කීපයක්ම ගත්තෙමී. ඔහු ඒ කිසිවකට පිළීතුරු නොදුන්නේය.. බිස්නස් එක පටන් අරන් මාස හයක් නිසා පාර්ටියක් දාන්න ඇති.. ඒත් මට කිව්වෙත් නෑ.. ආයෙත් මේ විදියට දිගටම පටන් ගනීද?.. තරූෂ අයියව නම් හරි යන්නේ ම නෑ. ඒකට මොකක් හරි කරන්නම ඕනේ.. වරෙක මම සිදුවීම සාධාරණීකරනය කරන්නද උත්සහ ගත්තෙමී. කෙසේ නමුත් එදා රාත්‍රියම කදුළු මැදින්, දුරකථන තිරය මත නෙත යොමාගෙන මම ගත කලෙමී. කොයි මොහොතේ හෝ ඔහු මට ඇමතුමක් ගනීවී යැයි මම විශ්වාස කෙරුවෙමී..

   පසු දින උදා වුනත් ඔහු ඇමතුමක් නොගත්තේය.තවත් ඉවසා සිටිය නොහැකී තැන මම අනුහස් සර්ට ඇමතුමක් ගත්තෙමි. සුළු මොහොතකින් ඇමතුමට පිළිතුරු දුන්නේ අක්කාය.

‘‘අක්කේ..‘‘

‘‘ඇයි .. නංගියෝ මේ උදෙන්ම..‘‘ ඇයගේ හඩ කුතුහලයෙන් පිරී තිබුණාය. ඇය අසල දරුවා හඩන අයුරුදු මට ඇසුණි. ඇයට කරදර කිරීමට මම නොසිතුවෙමී.

‘‘අනුහස් සර් කෝ.. සුදු අක්කේ.‘‘

‘‘අවුලක් නෙමෙයි නේද නංගී...‘‘ ඇය මට නොපැවසුවත් දෙයක් දන්නවා දැයි මට නිකමට මෙන් සිතුනෙමී..

‘‘අනේ නෑ ... සුදු අක්කීයෝ..‘‘ මම අමාරුවෙන් සිහවක් නංවාගෙන පැවසුවෙමී.

‘‘ඉන්න නංගියෝ... මම අනුට දෙන්නම්..‘‘  ටික මොහොතකට පසු අනුහස් සර්ගේ හඩ මට අනෙක් පසින් ඇසෙන්න විය.

‘‘ඇයි සදනී..‘‘

‘‘සර්.. දිනිදු අයියා..‘‘

‘‘මම හිතුවා ඕක කියන්න ගන්න ඇත්තේ කියලා..  පොඩී ආයෙත් වැඩ පටන් ගන්න වගේ.‘‘ ඔහු මා සමගද අමනාපයෙන් කතා කරන බව මට දැනුනී.

‘‘අනේ සර්...‘‘ මම වේදනාවෙන් පැවසුවෙමී.

‘‘තාම ගෙදර ආවේ නෑ.. ඊයේ රෑ ශොප් එකේ ඉන්න ඇත්තේ.‘‘

‘‘සර් මම ටිකක් පරක්කු වෙලා ආවට කමක් නැද්ද?.‘‘ මම ඔහුගේ අලෙවී සැලට ගොස් කතා කිරීමට සිතාගෙන පැවසුවෙමී.

‘‘දැන් කොහොද ඔයා ඉන්නේ.‘‘

‘‘මම තාම ගෙදර සර්.. ‘‘

‘‘හා ..හා ගිහින් බලලා එන්න.. සදනී.. දැන් වත් මම කියන දේ අහලා ඔය තරූෂගෙන් පොඩීව බේර ගන්න.‘‘ ඔහු සැබෑ වේදනාවකින් පැවසුවේය.

‘‘මම මේ ගැන කතා කරන්නම් සර්..‘‘ මම ඉක්මණින් සූදානම් වී වෙනදාටත් කළින් නිවසෙන් පිට වුණෙමී. මම ඉක්මණීන් පිටවීම අම්මාට ගැටලුවක් වී තිබුණී..කාර්යාලයේ අත පසු වූ වැඩ වගයක් ඇති බව මම අම්මාට පැවසුවෙමී. දිනිදුගේ හැසීරීම දැන ගත හොත් ඇය කළබල වන බව මම හොදින්ම දැන වුන්නෙමී.එනිසාම මම නිහඩවම මේ ගැටළුව බේරා ගැනීමට සිතුවෙමී.

    මම අලෙවීසැලට යන්නටත් පෙර අනුහස් සර් එතනට පැමිණ තිබුණේය. ඔහුගේ කාර් එක දැක පුදුමයට පත් වුණ මම අලෙවී සැලට ඇතුල් වුණෙමී.. අනුහස් සර් කේන්තියෙන් පසෙක වාඩී වී සිටියේය. දිනිදුත් තරූෂත් දෙදෙනාම හකුළුගත් මුහුණීන් බිම බලාගෙන වුන්නේය.

‘‘දිනිදු අයියේ.‘‘  මම දිනිදුගේ අසලට ගොස් නැවතුණෙමී. එහෙත් ඔහු හිස උසවා මා දෙස නොබැලුවේය.

‘‘දිනිදු අයියේ.. මොනවද මේ.... වෙන්නේ.. ඇයි දැන් සද්ද නැතුව ඉන්නේ... කතා කරන්න.. මොතව මොනවද වෙන්නේ කියලා කියන්න.‘‘ මම කෝපයෙන් පවසාගෙන ගියෙමී. තරූෂ දකින විට මට දැනුන කෝපය තවත් වැඩි විය.

‘‘තරූෂ අයියේ.. ඔයා ආයි මෙහෙ වැඩට ආවේ නැතුවට කමක් නෑ.. සර් කිව්වා හරි .. ඔයා තමයි මේ සේරටම මුල.‘‘ මම තරූෂටද දොස් නැගුවෙමී.. ඔහු දුකින් එක වරක් හිස උසවා මා දෙස බැලුවා පමණකී. ඔහුගේ මුහුණ දකිව විට මට නැවත අනුකම්පාවක් දැනුණී. ඒ බැල්ම මෙතන සාධාරන හේතුවක් ඇතැයි මට අගවන්නට සමත් විය. මම ඔහුට බැන වැදුනත් ඔහුගේ මුහුණේ තිබුණේ අසරණ බවක් පමණකී.

‘‘අනේ... සදා.. මට ගහන්න..මට.. බයින්න... ‘‘ සෙටියේ වාඩී වී සිටි දිනිදු ඔහු අසට සිටගෙන සිටි මගේ අතක එල්ලී මගේ අත මත නළල තද කරගෙන කියන්න විය. ඔහුගේ සීතල කදුළු බිදු මගේ අත මතට වැඩෙද්දී.. මගේ කේන්තිය අතුරුදන් වීය.. සිත වේදනාවෙන් පිරුණි.

‘‘අනේ... ඇයි දිනිදු අයියේ.‘‘ මගේ නෙතත් කදුළුන් පෙගෙද්දී මම දිනිදු ළගින් වාඩී වුනෙමී. ඔහු හොදටම හඩන බව දුටු මට ඉවසා සිටිය නොහැකි විය. මොකක් නමුත් දෙයක් වී ඇති බව වටහා ගත් මම බලෙන්ම දිනිදුගේ මුහුණට එඹුනෙමී.

‘‘අනේ.. .. සදා ඔයාට පුළුවන් නම්... මට සමාව දෙන්න... අනේ මාව.. තනි කරන්න  එපා...ප්ලීස්.‘‘ ඔහු මගේ නෙතින් ඔහුගේ මුහුණ මගහැර ගන්නට උත්සහ ගත්තේය.

‘‘මොනවද දිනිදු අයියේ.. මේ.. කියන්නේ... කවුද දැන් ඔයාට එහෙම දෙයක් කිව්වේ.. මම ඔයාව දාලා යන්නේ නෑ.. ‘‘ මම බලෙන්ම ඔහුගේ මුහුණ මගේ දෑතට මැදි කර ගත්තෙමී. ඔහුගේ කටින් ලේ බිදු කීපයක් වෑස්සී ඇති බව දකිද්දී.. මගේ මුළු සිරුරම වේදනාවෙන් මිරිකී යන්න විය.

‘‘අනේ දිනිදු අයියේ.. මේ මොනවා වෙලාද?.‘‘ මම පුදුමයෙන් අනුහස් සර් දෙස බැලුවෙමී. ඔහු තවමත් කෝපයෙන් ඉවත බලාගෙන සිටී.. ඉක්මනින් ප්‍රථමාධාර පෙට්ටිය වෙත ගිය මම පුළුන් කැබැල්ලක් ගෙන  ලේ බිදු සිවිම්ව පිස දැමුවෙමී.. ඉදිමුණ කම්බුලත් රත් පැහැ වූ ඇගිලි පහරවලුත් අනුහස් සර් දිනිදුට පහර දී ඇති බව  ස්ථීර කරවීය. අනුහස් සර්ට යමක් කීමටද මට අයිතියක් නැත. තමගේ සහෝදරයා නොමග යාමේදී ඇති වන කෝපය වේදනවා මට  බාධා කළ නොහැකිය. පුපුරා ගිය තොල්පටින් ලේ වෑස්සෙන විට මම නැවත පිස දැමුවෙමී. ඔහු වේදනාවෙන් ඉවතට වුණෙමී.

    ඔහුගේ හැඩුම අවසන් වන තුරු රැදී සිටි අපි  කාර්යාලය වෙත ගියෙමු.. සතුට සැමරීම සදහා පොඩී සාදයක් දැමුවා මිස යලි පරණ ජීවිතයට හුරු නොවන බව ඔහු දිනිදු දිවුරා පවසද්දී මට ඔහු ගැන දැනුනේ දුකකී..එනිසා තවත් කිසිවක් නොපවසාම මම ඔහු කී දේ පිළිගත්තෙමී. යළීත් ඔහුට සමාව දුන්නෙමී..

  මාස කීපයකට පසු  අනුහස් සර් කාර්යාලගේ සියල්ලන්ම එක් තැනකට රැස් කර ගෙන යමක් පවසන්නට සුදානම් වුවේය. දින තුනක සමුළුවක් සදහා අපිට වෙනත් පළාතකට යන්න වන බව පවසද්දී මට ඊට ආසාවක් ඇති නොවිය. එහිදී දින තුනක්  යන ස්ථානයේ නේවාසිකව නැවතී සිටීමට සිදු වන බවද ඔහු පැවසුවේය. මේ සමුළු ඉතා වැදගත් එකක් නිසා සියල්ලන් සහභාගී වීම අවශ්‍ය බවද ස්ථිරවම පැවසුවේය.

  ඒ පණිවිඩ දිනිදුට කියන තුරු මට සහනයක් නොවීය. ඔහු මම මේ ගමන යනවාට කැමතී වේ දැයි මම කීපවරක්ම සිතුවෙමී. ඒ ගමන යාමට මගේද එතරම් ආසාවක් නොවීය. එක් දිනක් වත් නිවසින් පිට නොසිටි මට වෙනත් තැනක රැයක් ගත කිරීම යනු අළුත්ම අත්දැකීමකී. මේ ගමනට අම්මාද කෙසේවත් කැමති නොවන බවද මට විශ්වාසය. එදින විවේකයේ මම දිනිදු හට ඇමතුමකින් සමුළුව ගැන පැවසුවෙමී.

‘‘ඔයා ගිහින් එන්න ඉතින්.. බය වෙන්න දෙයක් නෑනේ.. අපේ ලොකුත් යනවනේ.. සයුමිත් යනවා නේද?.‘‘ ඔහු පැවසුවේ එය එතරම් ගණනකට වත් නොගෙනය.

‘‘ඔව් යයි.. යන්න වෙනවනේ.‘‘

‘‘මොකද ළමයෝ දුකෙන් වගේ... අයියෝ... ඕවා සාමාන්‍ය දේවල් ගිහින් එන්න.‘‘ ඔහුට අකමැති නොවී එක වරම කැමතී වීම මගේ සිතට එතරම් ඇල්ලුවේ නැත.

‘‘ඒත් දිනිදු අයියේ.‘‘

‘‘ඒ පාර ඇයි අම්මා  යන්න දෙන්නේ නැති වෙයි කියලද කියන්න යන්නේ.‘‘ මම පවසන්නට ගියේ එය නොවුවත් මම ‘‘හ්හ්හ්ම්ම් ‘‘කීවෙමී.

‘‘ඒක අපේ ලොකු විසදලා දෙයි.. දුක් වෙන්න එපා සදා.. පරිස්සමින් ගිහින් එන්න.. ලබන සතියේ නේද?.‘‘ මම ඔහුට දින වකවානු නොපැවසුවත් ඔහු දින පවා දැන වුන්නාය.

‘‘දිනිදු අයියේ...‘‘

‘‘හ්හ්ම්ම්ම්ම්.‘‘

‘‘ඔයා හරි අමුතුයී.. ‘‘ මගේ සිත තුල දුකක් පෙරළි කරන්න විය.

‘‘අනේ නෑ... ඇයි මගේ කෙල්ලේ එහෙම කියන්නේ..‘‘

‘‘ඔයා කොහොමද යන දින දන්නේ.. සර් ඔයාට කිව්වද?.‘‘ මම සැකයෙන් විමසුවෙමී.

‘‘ඔව් සදා අයියා මට සේරම විස්තරේ කිව්වා.. ඔයාගේ ඩිප්ලෝමා එකටත් මේ සමුළුවේ දේවල් හුගක් වැදගත් වෙයි කිව්වා.. ඒකයි.. පරිස්සමින් ගිහින් එන්න කියන්නේ... ‘‘ ඔහුගේ පැහැදිළී කිරීම් වලින් පසු මට යම් සහනයක් ලැබුණී.. දිනිදු අයියා පැවසූ අයුරින්ම අනුහස් සර් අපේ නිවසට පැමිණ සමුළුවට යාමට  අම්මාගෙන් අවසරද ගෙන දුන්නේය. ගමනට අවශ්‍ය ඇදුම් පැළදුම් සියල්ලද සූදානම් කර ගත් මම ගමනට සූදානමින් සිටියෙමී.

    සමුළුවට පිටත් වන දිනය යෙදී තිබුණේ සදුදා දිනයකී. ඉරිදා දින මම පංති යාම සදහා උදෙන්ම සූදානම් වුනෙමී. වැසි බර හිමිදිරියක් නිසාවෙන් මම සිටියේ මදක් අලස බවකිනී. පරිසරය පුරා පැතිරුණ තෙත් සීත බව තව තවත් සුව සේ නිදා ගන්නට මග කියයි.. විභාගයක්ද කිට්ටු වී තිබු නිසා මම අපහසුවෙන් මෙන් නිවසින් පිට වීමට සැරසුනෙමී. තවමත් විටින් විට වැටෙන වැහි බිදු නිසා මම මිදුළට බහින්නට පෙරාතුව කුඩය ඉහලා ගත්තෙමී... වෙනදා මේ වන විට මුළු පරිසය ළා හිරු රැස්වලට උරුම කම් කීවත්.. අද අහස් කුස පැතිරිණු වැසි වළාවන් නිසා අදුරන් මිදෙන්නට තවමත් පරිසරය අසමත් වී තිබුණි.

‘‘ අම්මේ කවුද එනවා.‘‘ මිදුළට පා තබනවාත් සමගම නිවසට හැරවු කාර් එක දුටු විගස මම  අම්මාට ඇමතුවෙමී. එය අනුහස් සර්ගේ කාර් එක නොවේය. අළුත්ම රතු පැහැ නවීන පන්නයේ කාර් එකකි.

‘‘කවුද දූ... මේ..‘‘ අම්මා මා අසලට පැමිණ නතරවුණේ පුමයෙන් නෙත් දල්වාගෙන වුවාය. නිවස ඉදිරිපිට නතර වූ කාර් එක කිහිප වරක් හෝන් එක නාද කලා මිස කිසිවෙකු වාහනයෙන් බැස එළියට ආවේ නැත.

‘‘කවුද අම්මේ... බහින්නෙත් නෑ... වැස්ස නිසා වෙන්න ඇත්.‘‘ මම ඉහලා ගත් කුඩය පියස්සෙන් වෑස්සෙන සිහින් ජල රේඛාවන්ට අල්ලා නැවත ගෙට ගොඩ වුනෙමී.

‘‘වෙන්න ඇති දූ... අදුරන්නැති කෙනෙක් කෙලින්ම ගෙදරට එන්නේ නෑනේ.. ටිකක් ගිහින් බලන්න.‘‘ අම්මා පැවසුවාය. මම කුඩය ඉහළාගෙන කාර් එක අසලට ගියෙමී.. එවිට ඉදිරි පස දොර හැරගෙන පිටතට පැමිණියේ දිනිදු විය . මට අදහා ගත නොහැකිව ඔහු දෙස බලා සිටියෙමී.

‘‘දිනිදු අයියේ ඔයා.‘‘

‘‘මැට්ටී මම තෙමෙනවා... ඔය කුඩය හරියට අල්ලනවා.‘‘ ඔහු කුඩය යටට රිංගා ගනිමින් පැවසුවේය.

‘‘දිනිදු අයියේ...‘‘

‘‘මොකද මැට්ටී... අපේ තමයි .. ලස්සනද?.‘‘ ඔහු මා සමග පියවර නගමින් පැවසුවේය.

‘‘ ඇත්තමද?.. හරිම ලස්සනයි.‘‘ මම අපසු හැරී කාර් එක දෙස බැලුවෙමී.. අහසින් වැටෙන කුඩා ජල බිදු රතු පැහැයෙන් දිදුලන කාර් එක මත වැටී අමුතු සුන්දරත්වයක් එක්කර තිබුණි...

‘‘මේක දැන් අපේ මැට්ටී... මේ හැමදේම ඔයා නිසා... ‘‘

‘‘හ්ම්ම්ම්... ආදරෙයිද?..‘‘ හිතට නැගුණ ආදරණීය බව වචන කරන්නට මට අවශ්‍ය විය.

‘‘මොකද මැට්ටී හැම තිස්සෙම ඔහොම අහන්නේ... ආදරෙයි වස්තූ... ඒකේ වෙනසක් නෑ.‘‘ කුඩය යට තනි වුණ අපි ආදරයෙන් බැදී වුන්නෙමු.

‘‘මාත් ආදරෙයි මගේ අයියේ..‘‘ හිරිකඩ වැදී සීතල වු ඇගිලි තුඩු ඔහුගේ කොපුල මත දවටමින් මම පැවසුවෙමී...

‘‘අහ්.. සීතලයි මැට්ටී...‘‘ ඔහු මගේ අත අල්ලා තද කර ගත්තේය. ඔහුගේ අතින් බලෙන්ම අත මුදා ගත් මම වැටෙන වැසි බිදු මතට පෑවෙමී. අත්ලට එක් වූ දිය බිදු කිහිපයක් ඔහුගේ මුණුණට ඉසිනු ලැබුවේ ඔහු නොසිතු මොහොතකය..

‘‘මැට්ටී.. මම වැස්සෙන් බේරී බේරී ආවා... තෙමුවා නේද මාව.‘‘ මුහුනෙත් ඔහු හැද වුන් ලා නිල් පැහි බැනියම මතත් වැටී තිබූ දිය බිදු පිස දමමින් ඔහු පැවසුවේය.

‘‘ක්ලාස් යන්න නිසා බේරුනා කියලා හිතා ගන්නවා මැට්ටී... ‘‘ ඔහු මගේ කණකුත් රිදෙන්නට මිරකමින් පැවසුවෙමී.දගකාර කම් මැද ගෙවුණු සුළු මොහොත තුළ අම්මා ස්තෝප්පුවේ සිටින බවද අපට අමතක වී තිබුණී. අම්මා සිටිනවා දැයි අපි දෙදෙනාම හැරී බැලුවෙමු.. ඇය එතන නොසිටියා.. නැවතත් නිවසට ගොඩ වැදුණු අපි නතර වුනේ මුළුතැන් ගෙය තුළය. පරිසරයේ සීත බව නිසාම අම්මා සාදා දුන් කෝපී අපි දෙදෙනා පානය කළෙමූ. අළුතින් ඊයේ මිළදී ගෙන තිබු කාර් එක පිළබදව ඇය උදම් අනද්දී.. දිනිදුගේ මුහුණේ ඇදුන සතුට මම ආසාවෙන් විද ගත්තෙමී. කාර් එකේ යන විට ගමන ඉක්මන් නිසා නිවසෙහී මද වෙලාවක් රැදී සිටි අපි අම්මාගේ දෙපා නැමද නිවසින් පිට වුනෙමූ.

    පසුදින සමුළුවට යාම සදහා පාන්දරින් නිවසින් පිට වීමට අවශ්‍ය වී තිබුණි.එතරම් පාන්දර දූව තනියේන් යවන්නේ කොහොමද යැයි අම්මා කණගාටු වෙද්දී.. දිනිදු මාව ආයතනයට ඇරලවන්නට අම්මාට පොරොන්දූ විය. කිව් පරිද්දෙන්ම ඔහු එන තුරු මම සූදානමින් මග බලන්නට වුණෙමී. පැවසූ මොහොත වන විට නිවසට ගොඩ වැදුනේ අනුහස් සර්ය.. දවස් කීපයකට පිට වන්නට හදන ගමට කලින් දිනිදු දැන ගැනීමේ ආසාවෙන් මග බලා වුන් මට ඒ අවශ්ථාව මග හැරීම ගැන දුකද්ද දැනුනී. අනුහස් සර්ගේ පැමිණීම අම්මාට සහනයක් වූ නිසා මම සිත සනසාගෙන සර් සමග පිටත් වුනෙමී.

   ආයතනය මගින් සූදානම් කර තිබූ වෑන් එකක ගොඩ වුන සයුමිත් මමත් එක අසුනෙක වාඩී ගත්තෙමු. පැය ගණනාවක ගමනකින් පසු අපි සමුළුව සංවිධානය කර තිබූ සුපිරි අවන්හලක් ඉදිරි පිටින් බැස ගත්තෙමු.

‘‘ෂා පට්ට ලස්සනයි නේ බං.‘‘ සයුමී අසාවෙන් උඩ පනින්නට විය. මම ගත් ඇමතුම් සදහා දිනිදු අයියා පිළිතුරු නොදුන් නිසා මම වුන්නේ තරමක සිත් තැවුලකිනී. එනිසා මගේ සිත තිබුනේ දුරකථනය මතය. එනිසා අවට අලංකාරය ගැන මට හැගීමක් නොවීය.

‘‘ඒ සදා අර බලපංකෝ වැඩක්.‘‘ සයුමි පෙන්නු දෙයින් මට ඇස් අදහා ගත නොහැකී විය. එම නිසාම මෙය සිහිනයක් දැයි කිහිප වරක්ම දෑස් පිස දමමින් බැලුවෙමී.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 09:50 PM
  •  Quote
  •  Reply
දිනිදුත් ගමනට ඇවිත් වගේ මට හිතෙන්නේ. ඔහොම යං
ලස්සනයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
08 Feb 2017 04:42 AM
  •  Quote
  •  Reply
ඉරිදා වේලාවක ඔක්කෝම කතා ටික බලන්න ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Feb 2017 01:10 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Feb 2017 01:13 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

විසිනමවන කොටස.

‘‘ඒ බං උබ මටවත් කිව්වේ නෑ නේ... අම්මේ උබලගේ හොර වැඩ‘‘සයුමී මාගේ අත කොනිත්තන්න වුවාය. හරි හරි මම මේ දකින්නේ හීනයක් නෙමේ... දිනිදු අයියේ ඔයා නම්... මේවා සේරම මේ අයියාගෙයි මල්ලීගෙයි පෑලැන්, මම තවම සිනහා වෙමින් සිතුවෙමී.

‘‘දැන් ඉතින් අපි ඕනේ වෙන එකක් නෑනේ.. හ්හ්ම්ම්ම අපි යන්නම් එහෙනම්.. ‘‘ සයුමි අනෙකුත් යහළුවන් හට එක් වුවාය.

‘‘මේක තමයි නේ... උඩින්ම මම මෙහෙ එනවට කැමති වුනේ.‘‘ දිනිදු මා අසලටම පැමිණ නවතින විට මම හොරැහින් බැලුවෙමී.

‘‘නරකද ... දැන් මම ආව එක.. ‘‘

‘‘නරකම නෑ...‘‘ මම ඉවත බලාගෙන පැවසුවේ සිනහා වලකා ගන්නට අපහසු නිසා වෙනී.

‘‘ඒ මැට්ටී.... මොකද්ද ඒ කතාව..‘‘

‘‘මොකුත් නෑ..‘‘ මම අවන්හල වෙතට ගමන් ඇරබුවෙමී. උදේ ආහාර වේලෙන් පසු.. දිගටම පැවතියේ දේශනයන්ය. ඒ අවස්ථාවල මම හිස එහෙ මෙහෙ හරවමින් දිනිදුව හෙව්වත් ඔහු පෙනෙන්නට නොවී. අවන්හලට ආ මොහොතේ සිට අනුහස් සර්ද දකින්නට නොමැති විය.

‘‘මොනවද ජීරාප් කෙනෙක් වගේ බෙල්ල කරකව කරකව හොයන්නේ..‘‘ දේශන අතරතුර සයුමී මට උරහිසෙන් අනිමින් විමසුවාය.

‘‘මොනවා හොයන්නද?.‘‘ මම ඇයට දෙස රවා අහක බලා ගත්තෙමී.

‘‘අනන්ගයා කොහේ හරි ඇති, කුමාරිකාව එනකන් මග බලාගෙන.. මෙතන ඉදන් හිටියට හිතනම් මෙතන නෑ වගේ..‘‘

‘‘පලයං බං යන්න..‘‘ දේශන වලින් නිදහස් වු සැදෑ වරුව කාර්යාලයේ සියලු දෙනා එළිමහනේ තැනක වට වි ගත කෙරුවෙමු.. සැදෑව සතුටින් ගත කරන්නට කලින්ම සැලසුම් කරගෙන වුන් පිරිස වාදන භාණ්ඩ කිපයක්ද අවස්ථාවට එක් කරගෙන තිබුණී.. චාරුක ගිටාරය රිද්මයට වයමින් ගී ගයන්නන්ට සහය වන්න වුවේය. ඔහු එතරම් සංයමයෙන් ගිටාරය වයද්දී.. ආයතනය තුළ වුන් කටකාර , හදිස්සිකාරී පුද්ගලයා දැයි මට ම සිතුනෙමී. තවමත් නෙත දිනිදුගේ රුව සෙයමින් ළතවෙන නිසා ගායනයට හවුල් නොවු මම ඕනිවට එපාවට අත්පුඩි ගැසුවෙමී.

    අවට පරිසරය පුරා නෙත් යවන මට දැක ගන්නට ලැබුනේ අනුහස් සර්රුත් දිනිදුත් ගැටුමක් ඇති කර ගන්නා අයුරකී. දිනිදු අයියා සර්ට හොරෙන්වත්ද මේ ගමන ඇවිත් තියෙන්නේ .. මම හිතුවේ දෙන්නගේ පෑලැන් එකක් කියාලා.. එදා වගේ ගහයිද දන්නෙත් නෑ..  හිතට දැනුන බිය නිසාම මම ඉක්මන් ගමණින් ඔවුන් වෙත ගියෙමී.

‘‘සොරී.. සොරී .. ලොකු.. මට දාලා එන්න බැරි වුණා.‘‘ දිනිදු සමාදාන වෙන්න උත්සහ ගනිද්දී අනුහස් සර් තවත් කෝපයට පත් වූ බව මම දුටුවෙමී.

‘‘පොඩී... මම උබට ආයි කියන්නේ.. නෑ.. ඔය බුරුවාගෙන් ඈත් වෙයං.. අපිට හිතේ සැනසීමේ ජීවත් වෙන්න දීහං.‘‘

‘‘හරි.. ලොකූ.. මම ඉක්මනට ....

‘‘ඉක්මණට... ඉක්මණට නේද?... උබ කීපාරක් මට දැන් ඔහොම කිව්වද... කියහංකෝ.‘‘ එවර අනුහස් සර්ගේ අත නතර වුනේ දිනිදුගේ කම්බුල මතය. පරහක් දෙකක් වදිද්දී මම දෙන්නා අතට පැන්නෙමී. ඔවුන් දෙදෙනා ගැටුම ඇති කර ගත් කාරනය නම් මට පැහැදිලී නැත. නමුත් දිනිදුට පහර දෙන තුරු බලා සිටීමට මට අපහසු විය.

‘‘ඇයි .. සර් මේ... ඕක නවත්තන්නකෝ... ඇයි මේ..‘‘ මම දිනිදු අයියා මුවා කරගෙන අනුහස් සර්ගේ පැත්තට හැරුනෙමී. ඔහු තවමත් කේන්තියෙන් වෙව්ලයි. ඉහළට එසවුන වේව්ලන අත ටික මොහොතකට පසු ඉබේටම පහළට වැටුණා. ඉන් පසු මුහුණ දුකෙන් පුරව ගත් ඔහු.. අපි වෙතින් ඉවත්ව යන්නට සැරසුණේය..

‘‘සර්... සර්... ‘‘මම ඔහුගේ පිටුපසින්ම ගියෙමී. ඔහු වරක් නැවතී මා දෙස බැලුවේය..‘‘

‘‘ඇයි සර්... සර් දුකෙන්. ඇයි... මට කියන්න දිනිදු අයියා කරපු දේ...‘‘ මම ඇසුවේ වේදනාවෙනී.. මම නොදන්න මොක්ම හෝ රහසක් ඇතැයි මට සිතුණු වාර අනන්තය.. පසුව සියල්ල හොද අයුරින් සිදු වෙද්දී..නමුත් ඒ මට හිතෙන හැටි වෙන්න ඇති යනුවෙන් සිතා සිත සනසා ගත්තෙමී.

‘‘ඔය ඉන්නේ.. එයාගෙන්ම අහ ගන්න.‘‘ ඔහු දෙනෙතින් දිනිදුව පෙන්නුවේය. මම හැරී දිනිදු දෙස බැලුනෙමී. ඔහු සිටියේද මුහුණ බිමට බර කරගෙනය. කුමක් නමුත් අනුහස් සර් කෝප වන්නට දෙයක් දිනිදු කර ඇතැයි මට ස්ථිරවම දැනුනී.

‘‘මොකද්ද දිනිදු අයියේ වුනේ.. ‘‘ සර් පිටව ගිය පසු මම දිනිදු අයියා වෙතට ගියෙමී.

‘‘අයියාට කේන්ති ගිහින් මම තරූෂව එක්ක ආවා කියලා.‘‘ ඔහු ඉවත බලාගෙන පැවසුවේය.

‘‘ඇයි සර් තරූෂ අයියාට ඔය තරම් අකමැතී.. ‘‘සිතට නැගුන ගැටළුව මම දෙවරක්ම නොසිතා වචන කෙරුවෙමි.

‘‘ඉස්සර අපි දෙන්නම එකට බිව්වා.. නයිට් ක්ලබ් ගියා.. හැම තැනම ඇවිදන්න ගියා.. ඌ නිසා මට පාතාල යාළුවෝ පිට් වුණා . ඒවා අයියා දන්නවා ඒකයි.. අයියා බයයි මම ආයි එහෙම වෙයි කියලා.‘‘ ඔහු එක හුස්මට පවසාගෙන ගියේ කටපාඩම් කරගෙන සිටියා මෙනි.

‘‘ ඇයි ඔයාට බැරි තරූෂ අයියාගෙන් ඈත් වෙන්න... ඔයාට සර් කොච්චර ආදරේද?... ඔයා දන්නේ නෑ.. ආන්ටී ඔයා නිසා මොනතරම් දුක් වෙනවද කියලා..‘‘

‘‘මම ඒ.. සේරම දන්නවා සදා... මාවත් පොඩ්ඩක් තේරුම් ගන්න.. තරූ දැන් ඉස්සර හිටපු තරූ නෙමෙයි.. ඌ දැන් කිසිම වැරදී වැඩක් කරන්නේ නෑ... පව් අහිංසකයා.. ඌට අම්මයි තාත්තායිත් නෑ.. බෝඩිමක ඉන්නේ...‘‘ මම තවත් තරූෂ ගැන විස්තර දිනිදුගෙන් දැන ගත්තෙමී. ඔහු පවසන අයුරින් තරූෂ පව් යැයි මටත් සිතුණි. නමුත් සර්ගේත්, ආන්ටිගේත් සිත නොරිදෙන ලෙස වැඩ කරන ලෙස මම දිනිදුගෙන් ඉල්ලුවෙමී.

    හොදටම අදුරේ ගිලී තිබු පරිසරයේ ගිණිමැලයක් වට රොක් වුන කාර්යාලයේ පිරිස ජයටම සාජ්ජය පවත්වයි. අපි දෙදෙනාද එතනට එක් වුණෙමු... මගේ නෙත් වැඩී පුරම රැදී තිබුණේ චාරුක දෙසය.. ඊට හේතුව ඔහුගේ වාදනය ඉතා සිත් පැහැර ගන්නා සුළු වීමයි. අනෙක් මිතුරු මිතුරියන් සමග එක් වී සිනාසෙමින් කවට කතා කියමින් අපි සතුටින් පැය කීපයක් ගෙවා ගත්තෙමී.. මගේ ඉල්ලීම මත තරූෂවද එතනට එක් කර ගැනීමට අනුහස් සර ඉඩ දි තිබුණී.. නමුත් අනුහස් සර්ගේ රවා ගත් ඇස් නිතරම තරූෂ වෙත එල්ල වී තිබුණී.. ඒ අතර තුර තවත් අමුතු දෙයක් සිදුවෙමින් පැවතුනී. එනම්.. දිනිදු මා අසල වාඩී වු මොහොතේ සිට හේතුවක් නැතුවම චාරුක නිතර අපි දෙස බැලීමයි. මම ඔහු දෙස බැලු නිසා වැරදියට හිතුවා වත් දැයි මම වරක සිතුවෙමී. නමුත් මම බලන හැම වරකම ඔහු අමුතු පෙනුමකින් අපි දෙස බලා සිටී.

   දේශන, සාද, ක්‍රිඩා, සාජ්ජ.. මේ සියල්ලම මැද දවස් තුන නොදැනීම ගෙවී ගියේය. ආපසු නිවෙස් බලා එන්න සූදානම් වෙද්දී.. දිනිදු සමග කාර් එකේ යාමට මම ආසාවෙන් සිටියෙමී. යන්නට සූදානම් වී ඔහු සෙව්වත් ඔවුන් පෙනෙන්නට නොවීය. එකිනෙකා වෑන් වලට ගොඩ වෙද්දී. මම දිනිදුට ඇමතුමක් ගත්තේ ඔහු සිටින තැන දැන ගැනීමට විය. මගේ පැතුම සිණුවිසුනු කරමින් ඔහු පැවසුවේ.. කලින්දා රාත්‍රියේම ඔවුන් පිට වුයේ.. අලෙවී සැල සදහා ලැබුණු හදිසි.. ඇනවුමක් සූදානම් කරන්න ඇති නිසා බවයි.. දැන් ඉතින් මොනවා කරන්නද ආපු විදියටම යනවා.. මම වෑන් රියට නැග ගත්තෙමී.

     දිනිදු හිතා මතාම මා මග හැර ගියා දැයි මට කීපවරක්ම සිතුණි.. වෑන් එක තුළද උපරිම සතුට භුක්තී විදි අනෙක් පිරිස කාර්යාලය අසලින් බසින තුරුම එක දිගට ගී ගැයුහ. ඉදිරි පස  ආසනයේ හිද ගෙන ගිටාරයද අතින් ගෙව වයමින් සිටි චාරුක වරින් වර මා දෙස බලනු මම දුටුවෙමී.. මුල් දින දිනිදු මා අසල සිටිනු දුටු මොහොතේ සිටම ඔහු මා දෙස අමුතු විදිහකට බලන බව මට හොදින්වැටහී තිබුණි. සයුමී කීපවරක්ම මොකද බං උබ අපි දිහා කන්න වගේ බලන්නේ යනුවෙන් විමසුවත්.. මොකුත් නෑ... පැවසු ඔහු නෙත වෙනතක යොමා ගත්තේය. වෙනදා කට කැඩුණු කතා කියා අනිත් අයගේ සිත් රිදවන ඔහු නිහඩ වීම මට ලොකු ගැටළුවක් වී ඇත.

   සියල්ලන් කාර්යාලය අසලින් බැස නිවෙස් බලා යන්නට පිටත් විය. සමහරු මගින්ම බැස ගත්තාය. ගමනාන්තය තෙක් පැමිණියේ මමත් චාරුකත් තවත් කිහිප දෙනෙකුත් පමනකී.වෑන් එකෙන් බැස බෑග් මළු ඔසවාගෙන එන්නට සැරසෙද්දී. අනුහස් සර් මා ඉදිරියට පැමිණ නිවසනටම ඇරලන්නම් මදක් සිටින ලෙස පැවසීය. ඒ නිසාම මම ආයතය ඉදිරියේ  එළිමහනේ බංකුවක වාඩී වුනෙමී.. එහෙ මෙහෙ ඇවිදිමින් චාරුක හොර ගල් ඇහිදින බවද මම දුටුවෙමී.. ටික මොහොතකට පසු ඔහු මා සිටින දෙසට එනු දැක මගේ සිත බියෙන් ගල් ගැසුනී.. කෙලින්ම ඔහු මා දෙසට එද්දී මම ඉබේටම බංකුවෙන් නැගිට්ටෙමී..බෑග් එතන තිබෙද්දී මම දුවන්න සැරසුනෙමී.. වෙනදා ඔහු සමග මම බය නැතුව කියවාගෙන ගියත්.. මේ දවස් ටිකේම ඔහුගේ නෙත් මා දෙස රැදී තිබූ නිසා මට බියක් දැනී තිබුණි.

‘‘මිස්.. සදනී.. ඔහොම ඉන්න..‘‘ ඔහු ගමන නවතා අතින් මට බිය නොවන ලෙස ඇගෙව්වේය. මමත් එතනම සිටගෙන බලා වුන්නෙමී.

‘‘මට මිස් සදනිට වැදගත් දෙයක් කියන්න තියෙයි.‘‘ ඔහු දුර සිටම පැවසුවේය.

‘‘මොකද්ද?.‘‘ මගේ සිතේ තිබූ බිය තවමත් පහව ගොස් නැත.. ඔහු ළගට ආවොත් දුවන්නට සූදානමින් මම බලා වුන්නෙමී.

‘‘මිස් සදනී .. ඒක හුගක් වැදගත් දෙයක්... මොකද බය වෙලා.. මෙහෙම.. කියන්න පුළුවන්ද?.‘‘

‘‘කමක් නෑ කියන්න.‘‘

‘‘මෙහෙම හයියෙන්.. ඔයාට මයි හොද නැත්තේ.‘‘ එවිටම දිනිදුගේ කාර් එක ආයතනය ඉදිරිපිට නතර විය. කිසිත් නොසිතු මම ඔහු අසලට දුවගෙන ගියෙමී. හොදටම බිය වී සිටි මම නතර වුනේ දිනිදුගේ පපුවේ මුහුණ හොවාගෙන වෙමී. මට ඔහු ගැන දැනුනේද ලොකු තරහකී.. මාව දාලා ආවනේ.. ඔයාම මාව ඔයාගේ කාර් එකේ එක්ක ආවා නම් මේ කරදර නෑ. මම සිතින් නොක්කාඩු කීවෙමී.

‘‘සදා... මගේ කෙල්ලේ.. ඇයි බය වෙලා.. කෝ. කියන්න.‘‘ ඔහු මා උරහිසින් අල්ලා මුහුණට එබෙන්න උත්සහ කරමින් පැවසුවේය.

‘‘අර.. අර...‘‘ මම චාරුක සිටි දිසාව පෙන්නුවත් එහි කිසිවෙක් නොවීය. ඔහු එතනින් අතුරුදහන් වී තිබුණී.

‘‘කවුද ළමයෝ.. මේ මහ දවල් හොල්මනකයවත් බව වුණාද?..‘‘ දිනිදු සිනහා වන්නට විය.

‘‘හොල්මනක් නෙමෙයි.. චාරුක..‘‘

‘‘චාරුක.... කවුද චාරුක කියන්නේ.‘‘ ඔහු පුදුමයෙන් පැවසුවේය.

‘‘අපේ ඔපිස් එකේ ළමෙක්.‘‘

‘‘අර... හොටෙල් එකේදී නිතරම අපි දිහා බලන් හිටිය කොල්ලද?.‘‘ ඔහු පැවසුවේ.. මොනවාද කල්පනා කරමින් වුවාය.

‘‘ඔව්... ඔයත් ඒක දැක්කද?.‘‘ චාරුක බලන් සිටි බව මම ඔහුට නොපැවසු නිසාත්.. ඔහු එවැනී දෙයක් නොවිසූ නිසාත් මම පුදුමයෙන් විමසුවෙමී.

‘‘ඔව් මමත් පොර දිහා බලන් තමා හිටියේ.. මම බුවා ගැන ටිකක් දන්නවා.. පරිස්සම් වෙන්න.. වැඩිය ළංකර ගන්න එපා.‘‘ ඔහු එලෙස පවසද්දී මගේ බිය තවත් වැඩී විය.

‘‘නරක කෙනෙක්ද?.‘‘ මම තවත් තොරතුරු දැන ගැනීමේ අටියෙන් විමසුවෙමී.

‘‘හ්ම්ම්ම්.. මහ එපා කරපු එකෙක්.. අපි යමු..‘‘ වට පිට  බලමින් බෑග් ටික අසලට ගිය මම ඒවා රැගෙන විත දිනිදුගේ කාර් එකට නැගුනෙමී.

‘‘ ආ....දිනිදු අයියේ.. සර් එනකන් මම හිටියේ.. අපි කියලා යං නේද?.‘‘ මම හදිසියේම සිහිපත් වී විමසුවෙමී.

‘‘ඒක.. අවුලක් නෑ.. කෝල් එකක් දෙමු.. ‘‘ඔහු අනුහස් සර්ට ඇමතුමක් දී.. මාව නිවසට ඇරලන බව දැන්වීය..

  චාරුකගේ කරදර එතනින් නිමා නොවීය.. ආයතනය තුළදීද.. කීපවරක්ම ඔහු යමක් මට කීමට උත්සහ ගත්තේය. දිනිදු  ඔහු නරක අයෙකු ලෙස පැවසු නිසාත් ඔහු මා තනියෙන් සිටන විටදී පමණක් ළං වීමට උත්සහ කරන නිසාත් මගේ බිය තවත් වැඩී තිබුණි. එනිසාම ඔහු පවසන්නට යන දේ දැන ගැනීමට මට විදියක් නෙවීය. නිතරම ඔහු මා දෙස බලන් සිටින අයුරුදු මම දැක ඇත්තෙමී.. ඒ හේතුවෙන් තනිව ගමක් යාමට දැනුන බව නිසාම කිපවරක්ම දිනිදු සමග ඔහු ගැන පැවසුවෙමී. දිනක් අනුහස් සර්ද චාරුක ගැන මගෙන් විමසුවේය. දිනිදු සර් හට චාරුක ගැන පවසා තිබුණි.

  දිනක චාරුක හට අනුහස් සර් ඇමතුවෙය..ඉන් පසු සිදු වුයේ අමුතු දෙයකී.. සර්ගේ කාමරයෙන් පිටතට පැමිණි ඔහු කෝපයෙන් තම බෑගයද රැගෙන කාර්යාලයෙන් පැටතට ගියේය. ඊට විනාඩී කීපයකට පසු මා අසල වූ දුරකථනය නද දෙන්න විය. සිදු වු දෙය කල්පනා කරමින් සිටි මම ඇමතුමට සවන් දුන්නෙමී.. පිළිගැනීමේ නිළධාරිනිය පවසා සිටියේ මා හමුවන්නට අයෙක් පැමිණ සිටිය බවයි. දිනිදු වන්නට ඇතැයි සිතු මම ඉක්මණින් පිළිගැනීමේ අංශය දෙසට පිය නැගුවෙමී.. සෙටියේ කිසිවෙක් නැත.මම පුදුමයෙන් පිළිගැනීමේ නිළධාරිනිය දෙස බැලුවෙමී.

‘‘එයා එළියෙන් ඉන්නවා කිව්වා මිස්.‘‘

‘‘ඕකේ..‘‘ මම කාර්යාලයෙන් පිටතට ගියෙමී.. මම වට පිට බලමින් බංකුව අසලටම ගියෙමී. කිසිවෙක් පේන්නට නැත. බංකුව අසලටම ගිය මම .. ආපු කෙනා යන්න ගිහින්ද කොහොද?. මා හම්බෙන්න නම් ආවේ ඇයි මීට් නොවී ගියේ. මම ආපසු එන්නට හැරුනෙමී. ඒ සමගම කවුරුන් හෝ මා වැරෙන් අල්ලා ගත්තේය. කෑ ගසන්නට ඉඩ නොදී කටද තද කර අල්ලා ගත් ඔහු කතා කරද්දී චාරුක බව මම වටහා ගත්තෙමී.. මම ඔහුගෙන් ගැලවෙන්නට උත්සහ ගත්තෙමී.

‘‘මිස් සදනී... දගලන්නේ නැතුව ඉන්නවා.. තමුසෙට කරදරයක් කරන්න මට ඕනේ නෑ. වැදගත් දෙයක් කියන්නයි මේ දගලන්නේ.. තමුසේ සූදානම් නෑනේ මම කියන දේ අහන් ඉන්න..‘‘ඔහුගේ කතා අසා සිටීමට තියා ඔහු දකින්නවත් බිය වුණ මම ඔහුලෙන් ගැලවී පැන ගැනිමට වෙර දැරුවෙමී.

‘‘මිස් දන්නවද? අද මිස් නිසා  අද මගේ ජොබ් එකකත් නැති වුණා කියලා.‘‘ එවර මම දැගලීම නතර කර ඔහු දෙසය හැරෙන්න උත්සහ කළෙමී. මං හිංදා චාරුකගේ රස්සාව නැතු වුණා.. දෙයියනේ.. ඒක මොන පවු වැඩක්ද?.

‘‘ඒකට කමක් නෑ.. සදනී.. ප්ලීස් කළබල නොකර මම කියන දේ අහන් ඉන්න..මොකද මම දන්න දේ හංගන් ඉදලා කවුරු වුණත් කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාශ වෙනවා දකින්න මම ආස නෑ.. ‘‘ ඔහු මාව අත හරිමින් පැවසුවේය. මම ඔහ්ගෙන් ටිකක් ඈතට පැන නැවතුණෙමි.

‘‘චාරුක .. මම උඹට කිව්වා නේද.. සදනී එක්ක කිසි කතාවක් තියා ගන්න ඕනේ නෑ කියලා.‘‘ අනුහස් සර් ඈත සිට කියනු මට ඇසුණේය. මම ආපසු හරී ඔහු දෙස බැලුවෙමී.

‘‘මිස්.. මේ අහන්න.. මම මෙහෙම කියන්නේ ඔයාගෙන් කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.. සර්ගේ මල්ලීට ඔයාගේ ජීවිතේට ළං වෙන්න දෙන්න එපා..‘‘

මම ඔහු දෙස බැලුවේ තරමක් කෝපයකිනි. මොන විකාර කතා වක්ද ඒක. මූට නම් පිස්සු වත් හැදීගෙන එනවද මන්දා..‘‘ඒ මොකද එහෙම කියන්නේ.. මගේ ජීවිතේ තීරන ගන්නේ මම.. ඔයා මොකද ඒවට ඇගිලි ගහන්නේ.‘‘

‘‘හරි.. හරි.. මම මිස්ගේ ජීවිතේට ඇගිලි ගහන්න එන්නේ නෑ.. දිනිදු කියන්නේ.. ඒ තරම් හොද චරිතයක් තියෙන කෙනෙක් නෙමෙයි.. මම ඌ ගැන හොදටම දන්න නිසයි කියන්නේත‘‘

‘‘මොනවද දන්නේ..‘‘

‘‘මෙහේ එනවා යන්න.‘‘ ගේට්ටුව මුර කරමින් සිටි මුරකරුවන් දෙදෙනා බලෙන්ම චාරුකව ඇදගෙන ගොස් ගේට්ටුවෙන් පිටතට දැමුවේය. ඔහු ඒ ඇදන් යද්දීත් මා දෙස බලාගෙන පැවසුවේ.. ප්ලීස්.. මම කිව්ව දේ ගැන හිතන්න.. මම කියනවට ඒ ගැන හොයලා බලන්න.. විහින් අමාරුවේ වැටෙන්න එපා යනුවෙනී. ඒ වන විට අනුහස් සර් මා අසලට පැමිණ සිටියේය.

‘‘මොනවද සදනී ඌ ඔය කියන්නේ.‘‘

‘‘දිනිදු අයියා නරක කෙනෙක්ලු .. මට හොයලා බලන්නලු... විහින් අමාරුවේ වැටෙන්න එපාලු.‘‘ මම තවමත් කිසිත් සිතා ගත නොහැකිව බලා සිටිමී.

‘‘සදනී මොකද එළියට ආවේ.‘‘ මම සර් දෙස පුදුමයෙන් බැලුවෙමී. ඔහු සිතා මතාම මේ ප්‍රශ්නය මගහරිවා දැයි මට මුල්ම වතාවට සිතුණි. චාරූක කියන එකේ ඇත්තක් තියෙද දන්නේ නෑ.. මට තේරුම් ගන්න බෑ මේ දේවල්.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
09 Feb 2017 01:55 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 03 Jan 2017 05:08 PM

හිරුයි තරුයි.

තුන්වන කොටස.

‘‘එකෙන්ම. ඒ පැටී ඔය මායම් හැට හතරෙන් දෙක තුනක් දාලා පොඩ්ඩක් මේ පැත්තට ගෙන්න 

ගනිංකෝ.‘‘

‘‘පිස්සුද උබලට මට බෑ.‘‘

‘‘අපො බං පොඩ්ඩ්ක් ඔය මායම් වලින් ප්‍රයොජනයක් ගනින්කෝ.‘‘

‘‘ඒක තමා රෝසියෝ. ඔබත් පොඩ්ඩ්ක් ලයින් එකක් දාපන්.‘‘

‘‘ලයින් දාන්න දෙයක් නෑ බන්. පට්ට ඇඹලයෝ සෙට් එකක් වගේ බලපන්කෝ බන් ඉන්න හැටි. 

කන්න වගේ.‘‘

‘‘ඒක තමා .  මෙතන කොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා කියලත් මුන්ට ගානක් නැති හැටි . ‘‘

‘‘මේ... මේ... උබල නම් ඒ පැත්ත බලලා වැඩේ බකල් කරන්න එපා ඈ. හරිද‘‘

‘‘අප්පද බොල බලකෝ බතලිගේ කතාව.‘‘

      අනිත් මිතුරු මිතුරියන් එළිමහනේ සකසා තිබු කබානා එක වටා වාඩී වී සිටි පිරමි ළමයි හතර 

දෙනෙකුගේ කණ්ඩායම දෙස බලමින් කියවන්න විය. කතාව මුලිනම පටන් ගත මම දැන නිහඩව මුණිවත

 රකිමී. මන්ද ගගන අපි සමග සිටින නිසාය. සහෝදරයෙකුට වඩා මට ළග ඔහු ඉදිරියේ  එලෙස විසේකාර 

චරිතයක් වීමට නොතේරෙන බියක් මට දැනිනි.

‘‘ ඒ බන් සදා මොකද උබ මොකද සද්ද නැත්තේ. බලපන්කෝ අරුන් දිහා. පොඩි සපොට් එකක් දීපන්කෝ

 අරුව පොඩ්ඩක් නටවන්න. වෙනදට උබනේ ඔය වැඩ වල මුල් තැන ගන්නේ. ගගනයා හිටියට කමක් නෑ. 

විහිළුවටනේ බන් නේද සහෝ.‘‘

     ගගනගේ අතට අත දෙමින් බට්ටා කියවන්න වුවේය.  ගගනත් වුන්නේ සිනා සෙමිණි.

‘‘නෑ නෑ බං මම මේ කල්පනා කළේ මොකද්ද කරන්නේ කියලා.‘‘

‘‘ඒක මිසක්  අපි මේ හිතුවා අනාගත හස්බන්ට බයේ කියලා.‘‘

‘‘අනේ බලයන් බට්ටා කට වහන්.‘‘

‘‘හිටපන්කෝ අපි දෙන්නා ඒ පැත්තේ රවුමක් දාලා එන්න.‘‘

 

      එවැනි වැඩවලට එතරම් අකමැති පැටී මගේ ළග ඉතිරි වෙද්දී රොසිත් ,බතලීත් හුන් තැනින් නැගිට

 නිදහස් තණනිල්ල පුරා ඇවිද යන්න විය. මොහොතකට පසු ඔවුන් ආවේ සිනා සෙමින් දගකාරලෙසය.

‘‘වැඩේ හරි බං.‘‘

‘‘ඇයි මොකද වුනේ.‘‘

‘‘මේ බලපන්.‘‘

     උණ්ඩිකළ කොළ කැබැල්ලක කටු අකුරින් ලියු දුරකථන අංකයක් සහ නමය. හතරදෙනාගෙන් 

කාගේදෝ කියා නොදන්නා මුත් ලියා තිබු නම තරූෂ විය.

‘‘කොකද දන්නේ නෑ නේ බන් තරූෂ.‘‘

‘‘මම හිතන්නේ අර නිල් ඉරි බැනියමක් ඇදන් ඉන්න බොයි. ඌ ළග ඉන්න අනිත් එකා මේක දෙද්දී ඌ කන්න 

වගේ බන් බලන් හිටියේ.‘‘

‘‘මේ මට හොද අයිඩියා එකක් ආවා. අපි ඔය නම්බර් එකට මිස් එකක් දීලා බලමු කොකද බලා ගන්න.‘‘

‘‘අන්න  නිගමයි කෝ දීපන්කෝ පොන් එක.‘‘

‘‘මගේ පොන් එක. මොකටද උබේ එකෙන් ගනින්.‘‘

‘‘බෑ බෑ බන් මට ගෙදරින් කේස්. උබ දන්නවනේ අපේ අම්මාගේ හැටි සේරම චෙක් කරනවා.‘‘

‘‘එහෙනම් අපි මේ තුන්දෙනාගෙන් එකකින් ගමු.‘‘

‘‘බෑ බෑ බං. උබට කිව්වම තේරෙන් නෑනේ. යකෝ මුන්ගේ එවයි ගත්තම කොල්ලෙක්ගේ එකකින් ගත් 

බව අහු වෙනවා.‘‘

‘‘ඒ කොහොමද?.‘‘

‘‘ යකෝ ඉමෝ , වයිබ වලින් අහු වෙනවා නම්බරේ සේව කර ගත්තේත් . ඔබ ඉතින් ඕවා දන්නවෑ උබේ ඔය

 ඇබිත්තං පොන් එකෙන් ඒව කරන්න පුළුවන් ඈ. දීපන් දීපන් පණ්ඩිත කම් නැතුව. පස්සේ නම්බර් එක

 බ්ලොග් කරලා දාමු.‘‘

     මම කිසිවක් නොකියාම රෝසී අත පොන් එක තැබුවේ ගගන දෙස හොරහින් බලමිනි. ඔහුගේ මුහුණේද 

එතරම් අකමැත්තක් නොවු නිසා මගේ සිතට සහනයක් දැනිනි.

‘‘අපො බන් මේ වයසේ කෙල්ලෙක් පාවිච්චී කරන පොන් එකද්ද මේක. අම්මට පොඩ්ඩක් කෙදිරි ගාලා ගනිංකෝ 

හොද පොන් එකක්.‘‘

     රෝසී අංකය මගේ කුඩා දුරකථනයට ඇතුල් කරමින් කියවන්නට විය. ඇගේ ඒ වදන් වලට මගේ හදවත 

තදින් රිදුම් දෙන්න විය.

‘‘මට ඕක හොදයි බන්. මට අම්මට ඔය හැටි කරදර කරන්න බෑ, මම හම්බකරන කාලෙක ගන්නවා. පව් බන්

 අම්මා. මේ කෝර්ස් එක කරන්න ගත් නිසා මට අළුතින් ලැප් එක අරන් දුන්නෙත් ගෙවන්න.‘‘

‘‘අනේ සොරි බන් මම කටට ආවට කිව්වා මිසක්. ඕවා හිතුවේ නෑ . උබ ගනන් ගන්න එපා. උබ දන්නවනේ මගෙ

 කටට බෙරේක් නෑ කියලා.‘‘

‘‘හරි බන් හරි... ඒකට අවුලක් නෑ.‘‘

‘‘අනේ බං සොරි කෙල්ලේ. හිනා වෙයන්කෝ. උබ ඔහොම මුඩ් ගහලා ඉද්දි මම කොහොමද අර කොල්ලට 

ලයින් දාන්නේ.‘‘

     රෝසිගේ ඒ කතාවට අපි සියල්ලන්ටම සිනා නැගුණි.

‘‘ඒ සදා බලපන් මොකාද පෝන් එක බලන්නේ කියලා.‘‘

     රෝසී ඇමතුමක් ගෙන දුරකථකය සවනත තබා ගනිමින් කිව්වේ මම සිටින්නේ ඒ පිරිමි ළමුනට මුහුණ ළා 

නිසාය.

‘‘උබ කිව්වා හරි අර නිල් ඉරි කොල්ලගේ තමා.‘‘

‘‘අනේ කෙල්ලනේ තොපිනම්. පව් යකෝ වුන්. තොපි කෙල්ලොද අපි අපි කෙල්ලොද හිතනෙවා මේවා 

දකිද්දී.‘‘

    බැලැකියා එලෙසින් කිව්වේ අතකුත් කම්බුලේ ගසාගෙනය.

‘‘පව් බං අපි.‘‘

   ඒ ගගනගේ හඩයි. ඒ පිරිමි ළමයි නුත් අපිව විහිළුවට ගෙන ඇතැයි මම සිතුවෙමි. ඔවුන් තරමක් දුරින් හුන් 

නිසා ඔවුන් කතා කරන දේ  අපට නෑසුනත් සිනා සෙමින් කතා කරන අයුරින් එය වැටහුනි. ඒ හතරදෙනා අතර 

එක් නිහඩ චරිතයක් විය. සුදු පැහැයට හුරු කමිසයක් හැද වුන් ඔහු පසුවන්නේ කෝපයෙන් බව මුහුණේ ඉරියව් 

වලින් පෙනුණි.

‘‘ ඒ බං කොල් එකක් එනවා.‘‘

‘‘අර කොල්ලගෙන්ද උස්සලා බලපන්.‘‘

     බතලී රොසිත් සමග එක් වී පිටතට ඇසෙන පරිදි සද්දය වැඩි කර ඇමතුමට සවන් දෙන්න විය. මම හොදින්ම 

දුටු දෙය නම් අනෙක් පසින් දුරනථකය සවනත තබාගෙන වුන්නේ නිල් ඉරි බැනියම හැද ගත් පිරිමි ළමයා බවය.

‘‘හෙලෝව්.‘‘


‘‘හෙලෝව්.‘‘

‘‘මොකද්ද මේ නංගිගේ නම්.‘‘

‘‘නංගි කියන්නේ උපැන්නේ බැලුවද අයියා.‘‘

   සියල්ලන් බක බක ගා සිනාසෙමින් සංවාදයට සවන් දුන්නේමු. පිරිමි ළමුන් කණ්ඩායමෙනුත් ඇසුනේ සිනා

 හඩකි. දැන් නම් කිසි සැකයක් නැත අපි මෙන්න ඔව්නුත් හදන්නේ අපි විහිළුවට ගන්නටය.

‘‘නංගිත් මගේ උපැන්නේ බලලා වගේ මට අයියේ කිව්වේ.‘‘

‘‘ආ... මේ මේ.... අයියා මට නංගි කිව් නිසානේ කිව්වේ.‘‘

     රෝසි කිව්වේ වැඩේ අවුල් ගිය නිසා දිවත් හපාගෙන නළලේ අත ගසාගෙනය.

‘‘හරි හරි අක්කා වුනත් නංගි වුනත් කමක් නෑ නම කියන්නකෝ.‘‘

‘‘මගේ නමද?‘‘

‘‘ඔව් ඔව්.‘‘

‘‘ඒ සකුන්තලා කියපන් සකුන්තලා කියපන්.‘‘

       බට්ටා රහසින් කියන්න විය.

‘‘ මම සකුන්තලා.‘‘

‘‘ශා පට්ට නමක්නේ. ගම කොහෙද දන්නේ නෑ.‘‘

‘‘දඹානේ.‘‘

‘‘අනේ වැදි කෙල්ලෙක්ද?.‘‘

     සංවාදය දිගැස්සුනේ දෙපිරිසම අතර සිනහව රජ කරවමිණි. දැන් මුහුණට මුහුණ බලාගෙන දුරකථනයෙක්

 කතා කරමින් සිටි. එවිටම සබ්ධ විකාශන යන්ත්‍රයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සහතික පත්

 හා කුසලාන බෙදා දීමට වේදීකාව ඇති ශාලාවට පැමිණෙන ලෙසයි. අපි සියලු දෙනාම ශාලාව තුළට ඇතුල්

 වුනෙමු. සහතික ප්‍රධානය ආරම්භ විය. විශාල පිරිසක් සිටි නිසා එක් එක් නෙකාට සහතික ලබා දීම අපහුසු

 නිසා එක් එක් පංන්තියට අදාල ආචාරය තුමා හට සහතික පත් කට්ටලය බාර කෙරුණි. සහතික පත් බෙදන

 අතර තුර විවිධ නැටුම් ගැයුම් විශේෂාංග පැවැත්වුණි. ඒවා එවෙලෙහි ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන

 විශේෂාංගය. එක වරම බලන විට වේදිකාව මත හුන්නේ නිල් ඉරි බැනියම හැද ගත් තරුණයාය. පසුබිමින්

 වැයුණු සංගීත නාදයට ඔහු අලංකාරව හඩ එක් කරන්න විය.

‘‘ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි.....‘‘

‘‘ඒ බලපන්කෝ ඌ හෙන වැඩකාරයනේ . ලැජ්ජයි බන් අපේ සෙට් එකෙන් එකෙක් යන්නම ඕනේ. නැත්තම්

 වස ලැජ්ජාව.

‘‘ඒ සදා පලයන්කෝ. ‘‘

‘‘මට බෑ බං තනියෙම යන්න.‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

සඳා ට සෙට් වෙයි වගේ අන්තිමට මේ කොල්ලව ..ඉක්මනට කියවන්න ඕනේ 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Feb 2017 02:18 AM
  •  Quote
  •  Reply
පැණි බෝතලේ බලාගෙන ගියාම බෝම්බයක්වත්ද
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
09 Feb 2017 03:09 AM
  •  Quote
  •  Reply
කොටස් 15 ක් කියවල ඉවරයි....
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Feb 2017 01:21 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Feb 2017 01:26 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

තිස්වන කොටස.

‘‘මම දන්නේ නෑ සර්.. එළියේ හිටියේ චාරුක බව. මාව හම්බෙන්න කෙනෙක් ඉන්නවා කිව් නිසා ආවේ.‘‘

‘‘මේකා නම්  මහ පුදුම එකෙක්නේ...‘‘ අනුහස් සර් පසු වුයේ චාරුක සමග කෝපයෙනී.

‘‘ඇයි සර් චාරුකව ජොබ් එකෙන් අයින් කලේ..‘‘

‘‘මම ළගදී තමා චාරුක ගැන හරියටම දැන ගත්තේ.. ඒ හාදයා මෙතනට ගැලපෙන එකෙක් නෙමේ..‘‘ ඔහු කීවේ වෙනතක බලාගෙනය. මොනවද මේ.. මේ තරම්ම චාරුක ගැන ලැබිලා තියෙන ආරංචී. චාරුක කියනවා දිනිදු හොද නෑ කියලා.. සර්රුයි දිනිදු අයියයි කියනවා  චාරුක නරකයිලු.. මොකක්ම හරි අවුලක් තියෙනවා.. චාරුක ඇයි දිනිදු අයියා හොද නෑ කියන්නේ..

‘‘මොනවද සර් චාරුක ගැන හම්බුන තොරතුරු... ඇයි එයා දිනිදු අයියා හොද නෑ කියන්නේ.‘‘ එක වරම ඔහුගේ මුහුණ වෙනස් වුවේය.

‘‘ඇයි සර්.‘‘

‘‘ඒ අපේ මල්ලී අර තරූෂ එක්ක එකතු වෙලා ඉස්සර ආශ්‍රය කරපු යාළුවෝ ගැන චාරුක දන්නවා.. ළගදී මට දැන ගන්න ලැබුණා චාරුකත් ඒ සෙට් එකට සම්බන්දයි කියලා.. මම ඒ ගැන ටිකක් හොයලා බැලුවා.. චාරුක හිතන් ඉන්නේ පොඩී තාමත් ඉස්සර වගේ කියලා.‘‘ ඔහු මා දෙස බලා යන්තම් සිනහවක් නැගුවේය. මටත් ඔහු පවසන දේ විශ්වාස නොකර ඉන්නට හේතුවක් නැත. අනුහස් සර් කියන්නේ.. සාධාරනයට වැඩ කරන හරිම නීති ගරුක පුද්ගලයෙකි. එයා දිනිදුගේ වැරදී වලදී මොන තරම් තදින් ඉන්නවද කියලා මම හොදටම දැන වුන්නෙමී.. ඒක නිසා මම එතනින් එහාට තව කල්පනා කළේ නැත..

    තවත් කීපවරයක් චාරුක මාත් එක්ක පාරෙදී කතා කරන්නට උත්සහ ගත්තේය. ඒ සෑම අවස්ථාවකම මම ඔහුව මගහැර ගියෙමී. ඔහු පිළිබද දිනිදුට සමග පැවසු පසු ඔහු පැවසුවේ චාරුකගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙද කියෙද කොහෙද නැත්තම් ඇයි ඔය තරම් පස්සෙන් පන්නන්නේ...යනුවෙනී. ඔහුගේ කතාවට මට ද එකග නොවී සිටිය නොහැකිය. මම සේවයට පැමිණි මුල් කාලයේමද කීප වරක්ම මම අනුහස් සර් ළගින් ආශ්‍රය කරනවාට ඔහු අකමැති වූ බව මට මතකය. ඒ නිසාම ඔහු මුණගැසීම මම හැකිතාක් මගහැරියෙමී. මම තනිවම ගමන් බිමන් යනවාට බිය වු දිනිදු නිතරම මා කාර්යාලයට එක්ක යන්නත් නිවසට ඇරලන්නත් පැමිණියේය. ඔහු බැරි සෑම විටම මා ඇරලන ලෙස ඔහු අනුහස් සර්ට පවරා තිබුණි.. පියෙක් නැත් මා ආදරෙයින් ආරක්ෂා කරද්දී.. අම්මා එන්න එන්නම දිනිදු ගැන සිත පහදා ගත්තේය. ඔහු ද මාගේ සිත රිදවන දෙයක් නොකිරීමට පරිස්සම් වු නිසා අපි අතර කිසිම දුකක් වේදනාවක් නොවීය. දවසින් දවස අපි තවත් ළං වුනේය. ඔහු නිතරම් මා සමගම සිටියේය.

    ගගන දැන් මගේ ජීවිතයෙන් ඈතටම විසි වී තිබුණි. ඔහු දැන් වෛද්‍ය විද්‍යාලයේ තෙවෙනී අවුරුද්දේ අධ්‍යාපනය ලබයි.. මේ අවුරුද්දේ ඔහුගේ පෙම්වන්තිය වූ සුදු නංගීද ඔහු යන විශ්ව විද්‍යාලයට යාමටම වරම් ලබා ඇති බව ඔහුගේ මුහුණු පොත් ගිණුම හරහා මට දැන ගන්නට ලැබුණි. ඔවුන්ගේ ජීවතත් අපේ ජීවිත මෙන්ම සතුටුදායි අයුරින් ගලා යනු දැන මම සැබවින්ම සතුටු වුනෙමී.

     මගේ අධ්‍යාපන කටයුතු දැන් අවසන් වීමට ආසන්නය. අවසන් විභාගයද අත ළගට පැමිණ තිබුණි..ආයතනය පැත්තෙන් මගේ අධ්‍යාපනය වෙනුවෙන් පූර්ණ සහයෝගක් ලැබුණි.. අනුහස් සර් නිසාදෝ.. මගේ අධ්‍යාපන තත්වය උසස් වෙද්දී ආයතයේ මගේ රැකියා තත්වයද නිරායාසයෙන්ම ඉහළට නැංවී තිබුණි. දැන් කාර්යාලයේ මට වෙන් වුන කාමරයක් ඇත. අනුහස් සර්ගේ යටතේ වැඩ කල මම, දැන් මගේ යටතේ කාර්ය මණ්ඩලයක් වැඩ කරන තරමට උසස් වී තිබුණි.

    ඒ වසර තුන තුළ දිනිදුගේ ජීවිතයද හුගක්ම හොද පැත්තට පැමිණ තිබුණී. ඔහුගේ පරිඝනක අලෙවී ආයතනය දැන් ඒ ප්‍රදේශයේම ප්‍රසිද්ද හොද නමක් දිනා ගත් ආයතනයක් විය. මුලින් තරූෂත් ඔහු පමනක් සියලු වැඩකටයුතු කරමින් ආරම්භ වු ආයතනය.. අද වන විට සේවක සේවිකාවන් විස්සකට ආසන්න පිරිසක් දක්වා දිවුණු වී තිබුණි. අනුහස් සර්ගේ උදව් ඇතිව අප ආයතනයේ තාක්ෂණක උපාංග සැමයිම හා අළුත් වැඩියා කිරීම සේවය දිනුදු ඔහුගේ ආයතනයෙන් සැලසීමට අවස්ථාව උදාකරගෙන තිබුණි.

    අපේ ආදරයටද දැන් වසර තුන ඉක්මවා තිබුණි. කිසිදු බාධාවක් නොතිබු ආදර කතාව සැහැල්ලුවෙන් ඇදි යයි.

   දිනිදුගේ අම්මා මදක් අසනීප වී සිටි නිසා මමත් අම්මත් ඇය බැලීමට දිනිදුගේ නිවසට ගියෙමු. එය අපිට නුපුරුදු තැනක් නොවීය. දිනිදුලාගේ නිවසේ පැවතී සෑම විශේෂ අවස්ථාවකටම අම්මාත් මාත් සහබාගී විය. අපිට සිටි හොදම නෑදෑයා, හිතමිත්‍රයා ලෙස ඔවුන් ළං වි තිබුණි.

‘‘චූචි.. නන්දී.. අවිල්ලා... චුචී නන්දී අවිල්ලා.‘‘ අපි දොර අභියසට පැමිනෙන විටම අවුරුදු හතරක් වයසැත අනුහස් සර්ගේ පුතු අපි වටා කැරකෙමින් සතුටික් කෑ ගසන්නට විය. මම එහි එනවාට ඔහු හුගක්ම කැමති වුවේය. ගිය මොහොතේ සිටම ඔහු සමග සෙල්ලමට අල්ලා ගන්නා මාව, ඔහු මට ළගින් සෙලවෙන්නවත් ඉඩ නොදෙයි. මමත් ආසාවෙන් ඔහුගේ සුරතල් වැඩ බලාගෙන සිටියෙමි.

‘‘බලන්නකෝ නංගී ආවම මෙයාට තියෙන සතුට.‘‘ අපි ඉදිරියට පැමිණි සුදු අක්කා සිනහාමුසු මුහුණින් අපිව පිළිගනිමින් පැවසුවාය.

‘‘හා.. හා... අම්මී බබාට.. දොයියන්න කූලා නේද? තාත්ති කූවේ.‘‘ ඔහු සුරතලයට අක්කා දෙස බලාගෙන පැවසුවේය.

‘‘ඒ මොකද පැංචෝ.‘‘ නිවස තුළට පිවිස සෙටියේ වාඩී වෙමින් මම විමසුවෙමී.

‘‘නංගී බබාට දොයියන්න ඕන හංදා.‘‘

‘‘කෝ නංගී බබෙක්..‘‘

‘‘ඉන්නවා. අම්මගේ බංඩියේ.‘‘ඔහු ඔලුව කසමින් පැවසුවේය. දෙවෙනී දරුවා ලබන්නට ආසන්ව සිටි සුදු අක්කා සෙටියට බර වෙමින් පුංචි පුතාගේ පණිඩිත කතා වලට සිනහා වුවාය.

‘‘අනේ ඔයා හරි පණ්ඩිත පැංචෙක්නේ.‘‘ මගේ අසල බිම වාඩී වී සෙල්ලම් කාර් එකක් එහෙට මෙහෙට පදවමින් සිටි පුංචී පුතාගේ කොපුලක් ආදරයෙන් මිරිකමින් මම පැවසුවෙමී.

‘‘මම නෙමේනේ පංදිත.. ඔයානේ.‘‘

‘‘මම ‘‘

‘‘ඔව් චූචී නදිදී පංදිත‘‘ මම ඔහු සමග එහි තනි වෙද්දී අම්මා ආන්ටී සිටි කාමරය දෙසට ගියාය. පුංචී පුතාගේ සුතරතල් කම් මැද කාලය ගෙවි යනු මට නොදැනුනී. ගෙදර වැඩට සිට අයෙක් ගෙන දුන් කිරි එකද පානය කල මම තවමත් පුංචී පුතා ළගය.

‘‘පැංවෝ.. යමුද මම්මා බලන්න.‘‘

‘‘ම්මමට උණ.. තාත්තී කූවා මම්මට කලදල කලන්න අපා කූලා.‘‘ ඔහු ඇස් විසල් කරමින් පැවසුවේය.

‘‘තාත්තී ඇහුවොත් කියන්න.. චූටී නැන්දී එක්කන් ගියේ කියලා ..එහෙම හොදයි නේද?.‘‘

‘‘නං..‘‘කියන පරක්කුවට පුංචී පුතා මගේ අතින් ඇදගෙන ආන්ටිගේ කාමරය දෙසට යන්න වුවේය.අපි දැකීම නිසා මුහුණ නංවා ගත් සිණහවෙන් ආන්ටී අපිව පිළිගත්තාය.

‘‘මොනවද අපේ සීයා කියන්නේ.‘‘ පුංචී පුතා ඇදට නැග ආන්ටිගේ තුරලටම ගොස් නතරවිය.

‘‘මම්මට කරදර කරන්න එපා කිව්වා කියන්නේ තාත්ති..‘‘

‘‘ඇත්තද චූටී පුතේ.‘‘ ඇය පුංචී පුතාව තුරුළු කරගෙන සිප ගනිමින් කීවාය.

‘‘මම මේ අම්මට කිව්වේ.. දූව දැන් අපිට දෙන්න කාලේ හරි කියලා.‘‘අම්මාද කතාවට හවුල් වෙමින් සිනාසුනාය. දිනිදු සමග විවහා වීමට මගේ නම් කිසිම අකමැත්තක් නැත. නමුත් අම්මා මගේ ළග තියා ගන්න ලැබේවිද කියන බය මට තදින්ම තිබුණි. කෙසේ වෙතත්. දිනිදුගේ අම්මා පැවසු දෙයින් රතු වුණ මුහුණ බිමට බර කරගෙන මම තනිවම සිනාසුනෙමී.

‘‘දූගේ අකමැත්තක් නෑ.. නේද?.. දැන් අන්තිම විභාගෙත් ළගදිම ඉවර වෙනවනේ.. ‘‘ මම අම්මා දෙස බැලුවෙමී.

‘‘මොකට අකමැති වෙනවද අක්කේ.. අපි හොද වෙලාවක් බලමු..‘‘ අම්මා පැවසුවේය.

‘‘අපි දිනිදු අයියගෙනුත් අහලා ඉමු නේද ආන්ටී.‘‘

‘‘එයා මොකට අකමැති වෙන්නද?.. මේක ඇහුවම හුගාක් සතුටු වෙයි‘‘

‘‘මම්මේ.. චුචි නන්දී අපේ ගෙදල නවතින්න එනවද?.‘‘ අපේ කතාවට සවන් දීගෙන සිටි පුංචී පුතා විමසන්නට වුවේය.

‘‘ඔව් මගේ රත්තරං.. චුටී මාමාට කියන්න ඉක්මණටම චුටී නැන්දිව එක්කන් එන්න කියලා....‘‘

‘‘චූචී නන්දී.. ඔයා එවද මාව මොන්ති සොලි එක්ක යන්න. මම කවීෂටත් කූවා නන්දී ගැන.‘‘ ඔහු පෙර පාසලේ පුංචී යාළුවන් ගැන කියවන්න විය. ඔහු පවසන යාළුවන් මම දන්නෙත් නැත. එහෙත් ඔහුගේ සුරතල් කතා වලට ආසවුණ මම, දන්නවා මෙන් අසා සිටියෙමී.

    කාර්යාලීය සේවය අවසන් වී මම එළියට පැමිණෙනවාත් සමගම මට ඇමතුමක් එන බව ඇසුනී. එය දිනිදුගෙන් විය.‘‘ඇයි දිනිදු අයියේ.‘‘

‘‘මම ඔයාව ගන් එනවා පොඩ්ඩක් ඉන්නවද?.‘‘

‘‘හරි හරි අයියේ.‘‘ මම ඔහු එන තුරු මග බලා සිටියෙමී. මා  සමග විශේෂ දෙයක් කතා කරන්නට ඇති බව පැවසූ ඔහු මා කුඩා අවන්හලකට රැගෙන ගියේය.මම වට කුරු කුඩා මේසයක් අසල වාඩී වෙද්දී. ඔහු කේක් සහ පළතුරු යුෂ වීදුරු දෙකද්ද රැගෙන මේසය වෙත පැමිනියේය.

‘‘මොකද්ද අයියේ විශේෂ දේ.‘‘ මම විමසුවෙමී.

‘‘අපේ වෙඩින් එක ගැන තමා... අම්මා මට කිව්වා.. ළගදිම නැකත් හදනවා කියලා.‘‘ ඔහු මා දෙස බලා අමුතුම සිනහවක් මැව්වේය.

‘‘ඉතිං හොද නැද්ද?.‘‘

‘‘කව්ද මැට්ටී හොද නෑ කිව්වේ.‘‘ ඔහු මේසය මත තිබුණු  මගේ අත මෘදුව අල්ලා ගත්තේය. මොහොතකට අපේ නෙත් එකට හමු විය..

‘‘ඔයා කැමතී නේද මගේ වෙන්න.‘‘

‘‘හ්ම්ම්ම්.....‘‘

‘‘මට නම් හදිස්සී නෑ... ඔයාට තව ඉගෙන ගන්න ඕනේ නම් කල් ගන්න.‘‘ මොකද්ද ඒ කිව්ව කතාව .. දැන් මාව ඇති වෙලාද? මම අදුරු කර ගත් මුහුනින් ඔහු දෙස බැලුවෙමී.

‘‘ඒ මැට්ටී විහිළුවක් කලේ සීරියස් ගත්තද?.‘‘ ඔහු සිනා සෙන්නට විය.. සිතට දැනුන දුක නිසාම නෙත් දෙකද යාන්තමට තෙත් වී තිබුණි. ඒ නිසාම අසුනින් නැගිට ගත් මම අවන්හලේ කොණක තිබු කවුළුව අසලට ගොස් නතර වුනෙමී.

‘‘ඒ ඇත්තටම තරහා ගියාද?.‘‘ ඔහු මගේ පිටුපසින්ම පැමිණියේය. මා ඔහුගේ පැත්තට හරවා ගන්නට ඔහු උත්සහ ගත්තත් මම මුරණේඩු ලෙස කවුළුවෙන් පිටත බලාගෙන වුන්නෙමි.

‘‘අයියෝ ළමයෝ... ඔයා බෑ කිව්වත් මම දැන්නම් ඔයාව බලෙන්ම හරි උස්සන් යනවා.. නැත්තම් මට හැරමිටියත් අරන් තමා අච්චිව හොයන් ඒන්න වෙන්නේ.‘‘ ඔහු මාව පිටුපසින් වැළද ගනිමින් පැවසුවේය..

     අවසාන විභාගයෙන් පසු විවාහය සදහා නැකැත් බැලීම දිනිදුගේ අම්මාත් අපේ අම්මාත් එක් වී කර තිබුණී. දෙපාර්ශවයම හදහන් ගැන එතරම් විශ්වස නොකරන නිසා ඒ ගැන වැඩි තැකීමක් කර නොතිබුණී.

තව මාස තුනකින් විවාහ මංගල්‍ය සදහා  හොද නැකතක් යෙදී ඇති බව අම්මා සතුටින් පවසද්දී මම ඇයට තුරළු වුනෙමී.

‘‘අද තාත්තා හිටයා නම්.. මගේ දු ගැන හුගක් සතුටු වෙයි.‘‘ සෑම දුකදීම සතුටකදීම තාත්තා සිහි කිරීම ඇයගේ පුරුද්ද විය. හදිසි අනතුර නිසා තාත්තා අපෙන් ඈත් වීම සිහනයක් බදු විය. ඔහු එතරම් ඉක්මනින් අපි හැර යාවී කියා කෙසේ වත් නොසිතුවෙමු. තාත්තා නැති වුණ පසු අපිට සහයට වුන්නේ ගගන විය. ඔහුත් නොසිතු විලසින් අපෙන් දුරස් වී ගියේය. ඒ කාලයත් අද කාලයත් ගෙන බලන විට අපේ ජීවිත වල ඇති වී ඇති වෙනස සිතා ගන්නට අපහසුය..

‘‘දූ අපි ආච්චී අම්මා බලන්න ගිහින් එමු නේද?.‘‘ ඇය කිව්වේ දෙනෙතේ වෑහුන කදුළු බිදු හැට්ටයේ අත මත තවරමිනී.

‘‘හා අම්මේ අපි සිකුරාදා දවසක යමු ඉරිදා ආපහු එන්න.. දිනිදු අයියත් එයි.‘‘ ඔහු සමග ගම පුරා ඇවිදින අයුරු.. සැදෑවට වැව් බැම්මේ ඉදගෙන සීත සුළං රැලි විදින අයුරු.. වැවේ බන්ට් එක දිගේ දුවගෙන ගිහින් ආච්චී අම්මලිගේ ගෙදරට යන අයුරු.. බට්ටි අක්කයි.. සුසී නංගී මට විහිළුකරන අයුරු ඉබේටම මගේ සිත පුරා ඇදුනාය.

‘‘ඒක නම් හොද වැඩක් නෙමෙයි දූ... ආච්චී අම්මා ඒකට කැමති වෙන එකක් නෑ.. අපි වගේ නෙමෙයි.. එයාලා හිතන හැටි හරිම වෙනස්නේ දූ..‘‘ මම අම්මගේ කීම අනුමත කෙරුවෙමී. මට මතකයි පුංචී කාලේ මම ආච්චී අම්මලාගේ ගෙදර ගියහම.. ඇය මට පනවන නීතී.. කොන්ඩේ කඩාගෙන හැම තැනම දුවන්න එපා.. ගෑනු ළමිස්සියක් නේද?.. ඔහොම කොල්ලෙක් වගේ ගස් බඩ ගානවද?..ඔය ගස් වල නැගලා කර ගන්නවකෝ මොනවා හරි .. දීග ගිය දාක අපිට ලැජ්ජා වෙන්න.. ඇයගේ මෙවැනී නීති කෝටියකී... ගෙදරට වැඩිහිටි පිරිමියෙකු පැමිණි විට අපිට එළියට යාමද තහනම්ය.. නොදැනුවත්වම හෝ එළියට පැමිණියහොත්... රවා බලන ඇය කුමක් හො වැඩක් පවරා කුස්සිය වෙතට යවයි.. ගෑනු ළමිස්සියෝ හැදෙන්න  ඕනේ අම්මා එක්ක.. කොල්ලෝ වගේ හදලා බෑ... ගෑනු දරුවෙක්ගේ හැදියාව හදන්න අපේ කෙල්ලනට තේරෙන එකක් වෑ... අපිව ගෙට යවන ආච්චී අම්මා නිවසට පැමින සිටින පුද්ගලා සමග පවයි.. මේ දෙවල් ගැන හිතලා බලද්දී.. බදින්න කලින් දිනිදු අයියා මෙහේ එනවා කියලා දන්නවා නම්.. මොනවා කියයිද දන්නේ නෑ. මම තනිවම සිතුවෙමී.

සති කීපයකට පසු  විවාහා මංගල්‍ය ගැන  දැනුම් දීමේ අරමුණද ඇතිව අපි ගමට ගියෙමු.අම්මා දිනිදුගේ පවුල ගැන විස්තර කියද්දී.. ආච්චී අම්මා හරි විමසිල්ලෙන් අසා සිටියාය.

‘‘අනේ මන්දා ලොක්කීයේ..මම නම් ඒ මිනිස්සු දැකලත් නෑනේ. ඔබ හිතනවද අපේ පොඩී එකීට  ඒ මිනිස්සු පෑහෙනවා කියලා.‘‘ ආච්චී අම්මා අවසානයේ විමසුවේය.

‘‘අනේ ඔව් අම්මේ... ඒ පුතාගේ අම්මා... හැමෝටම වඩා හොදයි.. ඒ පුතාට ඉන්නේ එකම සහෝදරයයි.. ඒ පුතා ගාව තමයි අපේ දූ වැඩ කරන්නෙත්..‘‘

‘‘එහෙනම්.. දැන් දිනත් නියම වෙලානේ... මම එන්නම්කෝ සති කීපයකට කලින්.‘‘ වාඩී වී සිටි පුටුවෙන් නැගිට සිටි ආච්චී අම්මා ගෙට ඇතුල් වුවාය.

‘‘අම්මේ... ආච්චී අම්මා.. දිනිදු අයියට කැමති නෑ වගේද?...‘‘

‘‘එහෙම එකක් නෑ දූ.. ඔය ඉතිං ආච්චී අම්මාගේ හැටිනේ..‘‘

     කිසිම බාධාවකින් තොරව විවාහා මංගල්ලයේ කටයුතු සිදු වෙමින් තිබුණි. දිනිදු අයියාගේ යෝජනවාකට අනුව පළමු දින අවන්හලක ගැනීමට තීරණය කළ නිසා අපිට මහන්සී වී කිරිමට දෙයක් නොවීය... මංගල්‍යට අවශ්‍ය අවශ්‍ය සියලු ඇදුපැළදුම්, සැලසුම් අනුහස් සර්ගේ අතින් සිදු විය.. ඔහු දිනිදුගේ අයියාද නැති නම් මගේ අයියාද මට  වරෙක සිතෙයි.

‘‘අම්මේ... අම්මේ..‘‘

‘‘ආ... මේ දිනිදු පුතානේ..‘‘මමත් අම්මිත් නිවස ඉදිරියට ආවේ දිනිදුගේ හඩිනී...

‘‘කෝ තාම ලැහැත්තී නෑද්ද?..‘‘ ඔහු පුදුමයෙන් මා දෙස බලා විමසුවේය.

‘‘කොහො යන්නද දිනිදු අයියේ.‘‘

‘‘ඇයි ළමයෝ.. සැලෝන් යන්න.. මම ඊයේ කොල් කරලා කිව්වේ.. ඔයාගේ ජැකට් මහලලු.‘‘

‘‘අයියෝ මට අමතකම වුණා.‘‘ මම නලලේ අත තබා ගනිමින් පැවසුවෙමී.

‘‘පේනවා නේද අම්මේ දූගේ මතකය.‘‘ අම්මාත් දිනිදුත් කතා කරමින් සිටියෙදී මම දිනිදු සමග රූපලාවණ්‍යාගාරයට යාමට සැරසුනෙමී.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 7 of 11 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below